Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 83 of 137 << < 8182838485 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 03 Jan 2018 05:01 PM සංගීත චිකිත්සාවෙන් ඔටිසම් දරුවන්ගේ හැකියාව ඉහළට සංගීත චිකිත්සාව මගින් ඔටිසම් දරුවන්ගේ කුසලතා වර්ධනය කරන ආකාරය ගැන ඔබ දැනුවත්ද? සමහර විටෙක ඔබ දැනුවත් ඇතැයි සිතමි. තවත් විටෙක ඔබ මේ ගැන දැනුවත් නැතැයි සිතමි. එසේ නම් මෙම ලිපිය දැනුවත් ඇති සහ නැති දෙපාර්ශ්වයටම වැදගත් වේ යෑයි සිතමි * සංගීත චිකිත්සාව මගින් ඔටිසම් දරුවන්ගේ කුසලතා වර්ධනය වැඩි දියුණු කරන්නේ කෙසේද? "දල චානක කුසලතාවය. ඒ කියන්නේ ලොකු මාංශ පේෂි උපයෝගී කරගෙන දරුවන්ගේ කුසලතාවන් වැඩි දියුණු කිරිම. ඒ වගේම දරුවන්ට සංගීතය දාලා වක්‍රාකාරයෙන් දරුවාව ව්‍යායාම සඳහා යොදවා ගන්නවා. එතකොට නොදැනීම රිද්මයකට දරුවන්ගේ දිවීම, පැනීම, කකුල් දිග ඇරීම සංගීතය ප්‍රගුණ වෙනවා. අපි සංගීතය දානකොට දරුවා ටික ටික ඒකට හැඩ ගැසෙනවා. අර ඈලි මෑලි ගතියෙන් ඉන්න දරුවා සංගීතය ඇහෙන කොට ඇඟ නැමෙන ඒවා, ඇස්වලින් හැරිලා බලන ඒවා, අතපය සොලවන ඒවා කරනවා. "ඒ වගේම මේ ඔටිසම් තියන දරුවන් සංගීතයට අනුව ඉවුම් පිවුම් වැනි ක්‍රියාකාරකම් කරන කොට මේ දරුවන්ගේ භාෂාව හා කථනය කියන දේ දියුණු වෙනවා." * මෙවැනි දරුවන්ට ඔබලා ලබාදෙන තවත් ක්‍රියාකාරකම් මොනවාද? "විශේෂයෙන්ම අපි මේ වගේ දරුවන්ගේ දෛනික ක්‍රියාකාරකම් වැඩි දියුණු කරනවා. උදාහරණ වශයෙන් ගත්තොත් පලතුරු සෝදන්න දෙනවා. පලතුරු කපන්න දෙනවා. සේදීම, දැමීම වැනි කාර්යයන් කරන්න පුරුදු කරනවා. ඒ වගේම ඇපල් වැනි රූපයක් ඇඳලා එය ලස්සනට කපලා අලවන්න පුරුදු පුහුණු කරනවා. මේ ඔටිසම් දරුවන්ගේ හිත එක තැනක තියා ගන්න අපහසුයි. නමුත් මම මේ දරුවන්ගේ හිත එක තැනකට ගේනවා. ඒ අයට අවශ්‍ය ආදරය සහ කරුණාව පමණයි. මේ තුළින් මේ දරුවන්ගේ දෛනික ක්‍රියාකාරකම් දියුණු වෙනවා. * තව විශේෂ අවධානයක් යොමු කරන ක්‍රියාකාරකම් මොනවාද? විශේෂ අවධානයක් යොමු කරන්නේ සිංදු මගින් මේ දරුවන්ගේ භාෂාව හා කථන වර්ධනය වැඩි දියුණු කිරීමයි. ඒ වගේම ගණිත සංකල්ප වැඩි දියුණු කරන්නත් අවධානය යොමු කරන්නත් බලාපොරොත්තු වෙනවා. "ඒ වගේම මුහුද ලස්සනයි", " මුහුද හරි ලොකුයි", "ඔයයි මමයි", " ලොකු ගහ යටදී", "පොඩි ගහ යටදී" වැනි ලොකු පොඩි සංකල්ප ගැන මේ දරුවන්ට කියා දෙනවා. ඒ වගේම මේ දරුවන්ට ඇඳුම් මාරු කිරීම, පරිසරයේ කොටස් කියාදීම වැනි දේවල් කියා දෙනවා. ඒ වගේම වචන ලිවීමේ ක්‍රියාකාරකම්ද සිදු කරනවා. ඒ තුළින් ගුරුවරයා ඔටිසම් දරුවා මෙහෙයවන තැනකට ගේන්න පුළුවන්. * සංගීත චිකිත්සාව ඔටිසම් දරුවකුට කොයි තරම් වේලාවක් සුදුසුද? විශේෂයෙන්ම සංගීත චිකිත්සාව ඔටිසම් දරුවකුට යෝග්‍ය වෙන්නේaa උදේ වරුවේදීය. විශේෂයෙන්ම විනාඩි 45 ක කාලයක් තමයි යෝග්‍ය වෙන්නේ. ඊට වඩා කාලයක් එවැනි දරුවකුට සංගීත චිකිත්සාව යෝග්‍ය නැහැ. ඒ වගේම ගුරුවරයා මාරු වෙන්න ඕනෑ. ක්‍රියාකාරකම් මාරු කරන්න ඕනෑ. හැම වෙලාවෙම අපි දරුවාගේ මට්ටමට වැටෙන්න ඕනෑ. විශේෂයෙන්ම දරුවා කැමැති දේ මොනවද? අකැමැති මොනවාද? කියන එක හඳුනාගෙන කටයුතු කරන්න ඕනෑ. * ඔටිසම් දරුවන්ගේ කුසලතා වර්ධනය කරන්න තව මොනවගේ දේවල්ද කළ හැක්කේද? දරුවන් සමඟ හැම තිස්සෙම සෙල්ලම් කළ යුතුයි. සෙල්ලම් ගෙවල් දැමීම, තාත්තා වගේ රඟපෑම් කළ යුතුයි. අම්මා වගේ රඟපෑම, කළ යුතුයි. ඒ වගේම කෙටියෙන් සරල වචන දරුවාට කතා කිරීමේදී දරුවා ඒවා පුරුදු වෙනවා. මත්තේගොඩ ආශා විශේෂ අධ්‍යාපන උපකාරක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා සහ විශේෂ අධ්‍යාපන චිකිත්සක සහ මනෝ උපදේශිකා ආශා දිල්රුක්ෂි පෙරේරා මහත්මිය සමඟ කළ සාකච්ඡාව සකස් කළේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 03 Jan 2018 05:54 PM ඒ අතින් අපි කොතරම් වාසනාවන්තද කියා සිතෙනවා.... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Jan 2018 06:13 PM මෙයාලා නම් පව් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 04:56 PM මාස තුනෙන් පෙනහළු පිළිකා නසන විශ්මිත ස්වාභාවික පානය ළය පිළිකා හා තවත් ලෙඩ රෝග කිහිපයකට ගුණ දායක විශ්මිත පානයක් ගැනයි මේ. මෙය මුලින්ම හොයා ගෙන ඇත්තේ චීනයේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින්. මේ පානය හදන්න යොදා ගන්නේ එළවලු ජාති දෙකක් හා එක් පලතුරු ජාතියක් පමණයි. ඒ වගේම මේ ජාති තුනම පහසුවෙන්ම හොයා ගන්නත් පුළුවන් ඇපල්, කැරට් හා බීට්රූට් තුන තමයි අපි හොයා ගන්න ඕනේ. මේ පානය සැදීමේදී එක් එක් ජාතියෙන් යෙදිය යුතුයැයි නිශ්චිත ග්‍රෑම් ප්‍රමාණයක් නෑ. එය ඔබේ රස අනුව එක් එක් ජාතියෙන් වෙනස් ප්‍රමාණයන් යොදා හදා ගන්නත් පුළුවන්. පුළුවන් තරම් හැම ජතියෙන්ම සාමාන ප්‍රමාණයන් යොදා ගෙන හැදුවොත් වඩා හොදයි. ඒ වගේම ඔබට මෙයට සිනි ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. දෙහි යුෂ ටිකක් යොදා ගත්තොත් සිනි නැතුව උනත් මේ පානය රස විඳින්න පුළුවන්. මේ පානය හදන්න අපි යොදා ගන්න ආහාර ජාති තුනම මිනිස් සෞඛ්‍යට ඉතාමත් ගුණ දායක ඒ වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන දේවල්. ඇපල් වල විටමින් A , B1 , B2 , B6 , C , E හා K ප්‍රබල ලෙස අඩංගු වෙනවා. ඒ වගේම ෆොලේට් , සින්ක් , මැග්නීසියම් , පොටෑසියම් , පොස්පරස් , කැල්සියම් , සෝඩියම් හා යකඩ කියන පෝෂණ සංගටක ඇපල් වල යහමින් තියෙනවා. කැරට් ගත්තම විටමින් A , B1 , B2 , B6 , C , E හා K සමග කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් . සෙලේනියම් කියන පෝෂණ සංගටක බොහොම උසස් අයුරින් අඩංගු වෙනවා. කැරට් පිස ආහාරයට ගැනීමට වඩා යුෂ පානයක් ලෙස ශරීරයට එක් කර ගැනීම මගින් එහි ඇති සියලු පෝෂණ පදාර්ථ හොඳින් සිරුරට අවශෝෂණය වීම සිදු වෙනවා. බීට්රූට් කියන්නේ Cardiovascular Disease වැනි හදවත හා සම්බන්ධ රෝගවලට ඉතාමත් ගුණදායක එළවලුවක්. බීට්රූට් තුළ විටමින් A, C, සංකීර්ණ විටමින් B , යකඩ , කොපර් , මැග්නීසියම් , පොටෑසියම් හා වයසට යෑම පමා කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා. අපි දැන් බලමු මේ දේවල් ත්‍රිත්වය යොදා ගෙන බලගතු පානයක් සකස් කර ගන්නේ කොහොමද කියලා මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි. පොතු හැර ගත් ඇපල් හා සුද්ද කර ගත්තු කැරට්, බීට්රූට් සමාන ප්‍රමාණයන් අරගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. ඊට පස්සේ දිනපතා පානය කරන්න තමයි තියෙන්නේ. හොඳ ප්‍රතිපල ගැනීමට නම් මේ පානය මාස තුනක් පාවිච්චි කළ යුතුයි. උදේ හිස් බඩ එකපාරක් හා හවස 5 ට පමණ හෝ ඊට පෙර ලෙස දිනකට දෙවරක් පානය කිරීම සුදුසුයි. උදේ පානය ගෙන පැයක් යනතුරු උදේ ආහාරය ගන්න එපා. ළය පිළිකා හා අනෙකුත් පිළිකා සෛල වර්ධනය වීම වළක්වමින් පිළිකා සුව කිරීමේ විශ්මිත ගුණයක් මේ පානයට තියෙනවා. ඒ වගේම හදවත හා පෙනහළු වැනි ශරිර අවයවවල නිරෝගී පැවැත්ම සදහා ඉතාමත් ගුණ දායක පෝෂණ සංඝටක සපයනවා. කොලෙස්ටරෝල් අඩු කරනවා. අධි රුධිර පීඩනය වගේ ලෙඩ රෝගත් මේ මගින් වලක්වා ගන්න පුළුවන් හැමෝම ආසයිනේ ලස්සන සමක් තියාගන්න. ඉතින් ඔබ නියමිත පරිදි මේ පානය දිගටම බිව්වොත් රන්වන් පාට ශරීරයක් ඔබට හිමි වෙනවා. සම නිරෝගී වෙනවා. ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවනවා. මතක ශක්තිය වැඩි කරමින් මොළයේ හොඳින් ක්‍රියා කරවනවා. මේ පානය ඇස්වලට හුඟක් හොඳයි. පරිගණකය ඉදිරිපිට පැය ගණනාවක් වැඩ කරන අයගේ ඇස් වල වියලි ගතිය හා මහන්සිය නැති කරනවා. ශරීරයේ ප්‍රතිශක්ති ගුණය වැඩි කරනවා. අක්මාව තුළ තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කර අක්මාව පිරිසුදු කරනවා. රතු රුධිරානු නිෂ්පාදනය ඉහළ දැමීම තුළින් ලේ පිරිසිදු කරනවා. කාන්තාවන්ගේ ඔසප් වේදනාව අඩු කරනවා කෙට්ටු වෙන්න උත්සාහ කරන අයටත් මේක ගොඩක් හොද පානයක්. එකට හේතුව තමයි අඩු කැලරි ප්‍රමාණයක් මෙහි අඩංගු වීම. හැබැයි කැලරි අඩු වුණාට මෙහි පෝෂණ ගුණය හා ඖෂධීය ගුණය ඉතා උසස් මට්ටමින් පවතිනවා. විශ්ම ලෝකය ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:02 PM ලොකු පොඩි කාගෙත් පිත්තාශයේ ගල් ! තේජන විජේරත්න විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කළුබෝවිල ශික්ෂණ රෝහල ජේෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිත්තාශයේ ගල් ඇති වීම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද? පිත්තාශය යනු මිනිස් ශරීරයේ අක්මාව ආශ්‍රිතව පිත වැඩිපුර ගබඩා කර ඇති ස්ථානය වේ. එහි පවතින පිත ඝන වීම මගින් ගල් ඇති වේ. පිත්තාශයේ ගල් ඇති වීමේ තත්ත්වය ළමා, වැඩිහිටි ඕනෑම වයස් කාණ්ඩයක සිටින පුද්ගලයෙකුට ඇති විය හැකි ය. පිත්තාශය තුළ ගල් ඇති වීමේ තත්ත්වයක් වන අතර ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ විට වැඩිහිටි ජනගහනයෙන් 7%, හෝ 8% කට කුඩා හෝ පිත්තාශයේ ගලක් පවතින්නට පුළුවන. පිත්තාශයේ ගල් තිබීම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කළ හොත් අනිවාර්යයෙන්ම පිත්තාශය ඉවත් කළ යුතු ය. නමුත් පිත්තාශයේ ගල් තිබුණ ද රෝග ලක්ෂණ නොමැති නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවේ. මුත්‍රාශයේ ගල් ඇති වීම සහ පිත්තාශයේ ගල් ඇති වීම අතර වෙනස කුමක් ද? මුත්‍රාශයේ ගල් ඇති වන්නේ මුත්රාවල සංඝටකවල තිබෙන වෙනස්කම්, පානය කරන ජලයේ තිබෙන වෙනස්කම්, සහ ශරීරයේ ලවනවල තිබෙන වෙනස්කම් හේතුවෙනි. පිත්තාශයේ ගල් ඇති වී රෝග ලක්ෂණ ඇති වුවහොත් පමණක් වෛද්‍ය උපදෙස් ගෙන ශෛල්‍යකර්මයක් සිදු කර පිත්තාශය ඉවත් කිරීම කළ යුතු ය. මෞත්‍රලිංගික පද්ධතිය සකස් වී තිබෙන්නේ මුත්‍රාශය, මුත්‍රා නාල සහ වකුගඩු මඟිනි. මුත්‍රා පද්ධතියේ ගල් තිබෙන විට වකුගඩු හෝ මුත්‍රා නාල ඉවත් නොකර ගල් පමණක් ඉවත් කිරීම සිදු කරනු ලබයි. පිත්තාශයේ ගල් නිසා රෝග ලක්ෂණ ඇති වනවා නම් ගල් සමඟ පිත්තාශය ඉවත් කළ යුතු ය. මුත්‍රාශයේ ගල් ඇති වීමේ දී සහ පිත්තාශයේ ගල් ඇති වීමේ දී දැක ගත හැකි ලක්ෂණ වෙන වෙන ම හඳුන්වන්න. මුත්‍රා පද්ධතියේ ගල් ඇති වී තිබෙන විට බඩේ යට කොටසේ මුත්‍රා කිරීමේ දී ඇතිවන වේදනාව, මුත්‍රා සමඟ ලේ පිට වීම,මුත්‍රා අඩස්සිය,බඩේ යට කොටසේ වේදනාව පිට කොන්දේ යට කොටසට විහි දී යාම, වැනි රෝග ලක්ෂණ දැක ගත හැකි වේ. පිත්තාශයේ ගල් තිබීමෙන් බොහෝ විට රෝග ලක්ෂණ ඇති වන්නේ නැත.පිත්තාශයේ කර්තව්‍යයන්ට යම් අවහිරතාවන් සිදු වුවහොත් පමණක් රෝග ලක්ෂණ මතු වේ.මුල් අවදියේ දී ගැස්ට්‍රයිටිස් රෝගයේ දි ඇතිවන වන බඩේ පිපුම, බඩේ දැවිල්ල, උගුරට ඒමේ ස්වභාවය,බඩ පිම්බීම වැනි ලක්ෂණ ඇති වේ.ගල්වල පිහිටීම සහ ගල් තිබෙන තැන අනුව සෙසු රෝග ලක්ෂණ ඇති වේ. පිත්තාශයේ ගල්වල රෝග ලක්ෂණ විවිධාකාර තත්ත්වයන්වල දී වෙනස් වනවා නේද ? අක්මාවේ පිත මිලි ලීටර් 800-1000 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි.වැඩිපුර පිත ප්‍රමාණය පිත නාලවලින් කුඩා බඩවැලට රැගෙන යයි.වැඩිපුර තිබෙන පිත ප්‍රමාණය පිත්තාශයේ ගලඩා කරනු ලබයි.වැඩිපුර තෙල් සහිත ආහාරයක් කුඩා බඩවැලට පැමිණියහොත් පමණක් පිත්තාශය සංකෝචනය වී වැඩිපුර පිත , පිත නාලවයට නිකුත් කරයි. පිත්තාශ නාලයේ ගෙල කුඩා ය.පිත්තාශ නාලයේ ගලක් හිර වුණහොත් එය පැසවීමට ලක් විය හැක. ඉන් පසු විෂබීජ පැතිර යෑමට පුළුවන.මෙය අධික වේදනාත්මක තත්ත්වයක් වන අතර හදිසි ශෛල්‍ය කර්මයකින් පිත්තාශය ඉවත් කිරිම හෝ ප්‍රතිජීවක ඖෂධ දින කිහිපයක් ලබා දීමෙන් පසුව පිත්තාශය ඉවත් කිරීමට සිදු වේ.පිත්තාශය සංකෝචනය වීමෙන් ඇතිවන මිරිකා අතහරිනවා වැනි වේදනාව Billiary Colick ලෙස හදුන්වනු ලබයි.එමෙන් ම මෙහි දී වමනය යෑම, උදරයේ උඩ කොටසේ වේදනාව කොන්ද දිගේ පැතිර යාම, වැනි ලක්ෂණ දැක ගත හැක. පිත්තාශයේ ගලක් පිත නාලය දිගේ පහළට පැමිණ අවහිර වු විට අක්මාවේ හැදෙන පිත බඩවැල්වලට ගෙන යාමට නොහැකි වේ. එවිට පිතෙහි සංඝටක ලේ වලට මුසු වීමෙන් රෝගියා කහ පැහැති ස්වභාවය ඇතිවීම, සහ වේදනාවන් ඇති වීමට පුවවන. පිත නාල අවහිර වීමෙන් විෂබීජ .පැතිර යාම බරපතල තත්ත්වයක් වන අතර නිසි ප්‍රතිකර නොකළහොත් ජීවිත අවධානමකට ලක් විය හැකි ය. අග්න්‍යාස නාලය සහ පිත නාලය යන නාල දෙකම කුඩා බඩවැලේ දෙවැනි කොටසට විවිර වන්නේ පොදු විවිරයක් තුළිනි. පිත නාලය දිගේ පහතට පැහිමිණෙන ගලක් මෙම පොදු විවිරයේ දී අග්න්‍යාස නාලය අවහිර කළහොත් අග්න්‍යාස ප්‍රදාහය ඇති විය හැකි ය.මෙම අග්න්‍යාස ප්‍රදාහය ද බරපතළ රෝග තතත්ත්වයක් වන අතර ඇතැම් විට එය ද ජීවිත අවධානමක් ඇතිකරන මට්ටමට වැඩි විය හැක. අග්න්‍යාශ ප්‍රදාහයට හේතු වන්නේ මේ ආකාරයෙන් පිත්තාශයේ සාදන ගල් හෝ වැලි පිත නාලය දිගේ අග්න්‍යාස නාලය අවහිර කිරීමෙන් ය. අනෙක් සුලභ හේතුව වන්නේ වැඩිපුර මධ්‍යසාර භාවිත කිරීම ය. එහි මුලික රෝග ලක්ෂණ ලෙස ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණ වන බඩ පිපීම, උගුරට ඒම, බඩේ දැවිල්ල,බඩ පුරෝදාන ස්වභාවය,වැනි තත්ත්වයන් හට ගනී.එවිට වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි අධි ධ්වනි ශබ්ද තරංග පරීක්ෂණය ( Ultra sound scan ) සිදු කළ යුතු ය.එමගින් 95% ක් පමණ නිවැරදිතාවයෙන් යුක්තව පිත්තාශයේ ගල් තිබෙන බව නිශ්චිත වශයෙන් හදුනා ගැනීමට පුළුවන. පිත්තාශයේ අනෙකුත් රෝග ලක්ෂණ සහ පිත නාලවල ගල් හදුනා ගැනීමට නම් සී.ටී ස්කෑන් වැනි ඉහළ මට්ටමේ පරීක්ෂණ සිදු කළ හැකි ය. පිත්තාශයේ ගල් වැඩියෙන් ම ඇති වන්නේ කාන්තා පක්ෂයට ද? පුරුෂ පක්ෂයට ද?ඒ සඳහා වයස බලපානවා ද? පිත්තාශයේ ගල් ඕනෑම වයසේ කෙනෙකුට ඇති වීමට පුළුවන.එසේ වුවත් සුලභවම මෙම තත්ත්වය ඇති වන්නේ තරමක් තරබාරු,වයස අවුරුදු 40 වැඩි ( මධ්‍ය වයස) දරුවන් ලබා තිබෙන කාන්තාවන්ට ය. පිත්තාශයේ ගල් ඇති වීම කිහිප වරක් සිදු විය හැකි ද? පිත්තාශයේ ගල් කිහිපවරක් ඇති වීමට පුළුවන.පිත්තාශයේ ක්රියාකාරීත්වයේ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබීමෙන් ගල් ඇති වේ. රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් ඇති වී තිබුණහොත් අනිවාර්යයෙන් ම පිත්තාශය ඉවත් කළ යුතු ය. එවිට නැවත නැවත පිත්තාශයේ ගල් හට ගැනීම සිදු වන්නේ නැත. එසේ නොමැතිව පිත්තාශයේ ක්රියාකාරීත්වයේ වෙනස්කම් නිරන්තරයෙන් සිදු වීමෙන් පිත්තාශයේ ගල් ඇති වේ. පිත්තාශයේ ගල් ඇති වීමට බලපාන හේතු මොනවා ද? පිතෙහි ප්‍රධාන සංඝටක වශයෙන් cholesterol,lecithin,bile salt ද්‍රවයන් පිතෙහි තැන්පත් වී තිබේ.මෙම සංඝටක නියමිත ප්‍රමාණයන් ප්‍රතිශතයන් ලෙස පිතෙහි ද්‍රවයන් ලෙස පිහිටා ඇත. cholesterol වැඩි වීම හිතකර වන්නේ නැත. lecithin සහ bile salt අඩු විම ද හිතකර වන්නේ නැත.පිතෙහි පවතින ද්රවයන්ගේ සංයුතියේ යම් වෙනස්කම් සිදු වු විට ද්‍රවයන් වශයෙන් පවතින දෑ ගණ වීමට පටන් ගනී.එවිට පිත්තාශයේ ගල් ඇති වේ.උදාහරණ වශයෙන් කොලෙස්ට්රෙරෝල් වැඩි වුණවිට කොලෙස්ට්රෙරෝල් ගල් , ලෙසිතීන් වැඩි වු විට ලෙසිතීන් ගල් ඇති වේ. සාමාන්‍යෙයන් මිනිසුන්ගේ ජීවන පුරුදු හේතුවෙන් පිත්තාශයේ ගල් ඇති වීම සිදු නොවේ.එසේ වුවත් තරබාරුකම එසේත් නැත්නම් අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ශරීරයේ තැන්පත් වී තිබීම හේතුවෙන් පිත්තාශයේ ගල් ඇති වේ. තැලිමීසියා වැනි රතු රුධිරාණු වැඩිපුරු විනාශ වන රෝගී ත්ත්තවයන්ගේ දී රතු රුධිරාණු කැඩීමෙන් ඇතිවන සංඝටක පිත්තාශයේ එකතුවීමෙන් මෙවැනි රෝගීන්ට පිත්තාශයේ ගල් ඇති වීමේ අවදානම වැඩි ය. අධික මේදය පවතින ආහාර ගැනීමෙන් වැළකී ස්ථුලතාවයට පත් නොවීමට වග බලා ගැනීමෙන් පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීමට පුළුවන. වර්තමානයේ දී පිත්තාශයේ ගල් ඉවත් කිරීම සඳහා භාවිතා කරන නවීන ප්‍රතිකාර විධි මොනවා ද? ලැපරස් කොපි කැමරා ක්‍රමය මඟින් වර්තමානයේ සුලභ වශයෙන් ගල් නිසා රෝගී පිත්තාශය ඉවත් කිරීම සිදු කරනු ලබයි.කැමරා භාවිත කර කුඩා සිදුරු කිරීම් කිහිපයක් මඟින් රූපවාහිනී යන්ත්‍රය දෙස බලා හීනි දිග උපකරණ කිහිපයක් උපයෝගී කර ගනිමින් මෙම ලැපරස් කොපි කැමරා ක්‍රමයට සිදු කරන ශෛල්‍යකර්ම සිදු කරනු ලබයි.උදර බිත්තියේ සිදු කරන ඉතා කුඩා කැපුම් හරහා මෙවැනි ශෛල්‍යකර්ම සිදු කරන නිසා ශෛල්‍ය කර්මකින් පසුව ඇතිවන වේදනාව ඉතා අවම ය. මේ නිසා ලැපරස් කොපි ක්‍රමයට පිත්තාශය ඉවත්කර පැය 12 ක් ඇතුළත ද රෝගියාව නිවසට පිටත් කර හැරීම බොහෝ විට සිදු කෙරේ.පිත්තාශය කිහිපවරක් පැස වීමට ලක් වී ඇලිම් සහගත ස්වභාවය තිබුණහොත් මෙම ශෛල්‍යකර්මය සංකීර්ණ විය හැකි අතර විවෘත ශෛල්‍යකර්මයක් මඟින් පිත්තාශය ඉවත්කළ හැකි ය. පිත්තාශයේ ගල් තිබෙන බව දැනගත් විට ප්‍රථමයෙන් කළ යුත්තේ මොනවා ද? පිත්තාශයේ ගල් තිබෙන බව දැනගත් විට ප්‍රථමයෙන්ම ශෛල්‍ය වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගත යුතු ය.අවුරුදු 16 ට වඩා අඩු දරුවෙකුට පිත්තාශයේ ගල් ඇති වි තිබුණහොත් රෝග ලක්ෂණ නොමැතිව වුව ද පිත්තාශය ඉවත් කළ යුතු ය. දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් තිබීමෙන් පිත්තාශයේ පිළිකා ඇති වීමට පුළුවන. සෙන්ටිමීටර් 1.5 ට වඩා වැඩි ප්‍රමාණයේ ගල් තිබීමෙන් පිළිකා ඇතිවීමේ අවධානම වැඩි වේ. පිත්තාශයේ ගල් පිළිබඳව සමාජයේ පවතින මිත්‍යාවන් මොනවා ද? බොහෝ මිනිසුන් පිත්තාශය යනු මොළය තරම් වටිනා ඉන්ද්‍රියක් ලෙස සිටී. එසේ වුවත් පිත්තාශය නොමැති වුවත් කිසිදු ගැටලුවක් නොමැතිව පුද්ගලයෙකුට ජීවත් වීමට පුළුවන. පිත්තාශය ඉවත් කළ විට ආහාර ගැනීමේ රුචිය අඩු වනවා යැයි මතයක් පවතී . එය අසත්‍ය කරුණකි.පිත්තාශයෙන් සිදු කරන්නේ වැඩිපුර පිත ගබඩා කර තැබීම පමණි. කිසි විටක ආහාර ගැනීමට එය බාධාවක් වන්නේ නැත. පිත්තාශයේ ගල් තිබෙන බව දැන දැනත් ඒ සඳහා කිසිදු ප්‍රතිකර්මයක් නොකර සිටීමෙන් ඇති විය හැකි ගැටලු මොනවා ද? රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම මුල් කාලයේ දීම පිත්තාශය ඉවත් කිරීම කළ යුතු ය.ප්‍රමිතියකින් තොර ප්‍රතිකාර සහ විවිධ අත් බෙහෙත් වර්ග ආදිය භාවිත කරමින් ශෛල්‍යකර්මයක් සිදු නොකර සිටිමෙන් එය ඉතා සංකූල තත්ත්වයක් දක්වා වර්ධනය වී ජීවිත අවධානමට ලක් වීම දක්වා වර්ධනය විය හැකි ය. පිත්තාශයේ ගල් තිබීම මඟින් ඇති වන වෙනත් රෝගාබාධ මොනවා ද? පිත්තාශයේ ගල් තිබීම මඟින් පිත්තාශය පැස වීම, අග්න්‍යාශ ප්‍රදාහයට පත් වීම,පිත්තාශයේ තිබෙන ගලක් පිත නාලය දිගේ පහළට පැමිණ අවහිර වීම මඟින් අක්මාවේ හැදෙන පිත බඩවැල්වලට ගෙන යාමට නොහැකි වීම යන තත්ත්වයන් ඇති විය හැක. පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා මිනිසුන් පිළිපැඳිය යුතු වෛද්‍ය උපදෙස් මොනවා ද? පිත්තාශයේ ගල් ඇති වීමෙන් බෙහෝ විට ගැටලුවක් ඇති වන්නේ නැත. එහෙත් රෝග ලක්ෂණ මතුවී විවිධ වේදනාකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වුවහොත් අනිවාර්යයෙන්ම පිත්තාශය ඉවත් කළ යුතු ය. රෝග ලක්ෂණ නොමැති නම් පිත්තාශයේ ගල් තබා ගනිමින් මුළු ජීවිත කාලය පුරාම ගැටුවක් නොමැතිව වුව ද ජීවත් වීමට පුළුවන. පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා පුද්ගලයෙකු පරිභෝජනය කළ යුතු ආහාරපාන කෙසේ විය යුතු ද? පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනිම සඳහා ආහාර රටාවෙන් විශාල බලපෑමක් සිදු නොවුණත් අධික මේදය සහිත ආහාර ගැනීමේ දී තරමක් පරිස්සම් විය යුතු ය.එමෙන් ම ස්ථුලතාවය මඟහරවා ගැනීමට සුදුසු ආහාර රටාවකට පුරුදු විය යුතු ය. පිත්තාශයේ ගල් ඇති වීමේ තත්ත්වය මාරාන්තික තත්ත්වයක් ලෙස හැඳින්වීමට පුළුවන් ද? ඔව් , පිත්තාශයේ ගල් ඇති වීමේ තත්ත්වය මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පුළුවන.පිත්තාශයේ ගෙලෙහි ගලක් සිරවී තිබීම, පිත නාලයකට ගලක් වැටීම මඟින් අවහිර වීම, සහ එම නිසා විෂබීජ පැතිර යාම, සහ පිත නාලයට වැටෙන ගලක් අගන්‍යාශයේ නාලය අවහිර කිරිම හෙවත් අගන්‍යාශ ප්‍රදාහය යන රෝගී ත්ත්ත්යවන් නිසි ප්‍රතිකාර ක්ෂණිකව නොකළහොත් රෝගියෙකුගේ මරණය එමගින් සිදු විය හැකි ය. පිත්තාශයේ ගල් ඇති වී තිබෙන පුද්ගලයින්ට ඔබ දෙන උපදෙස් මොනවා ද? බොහෝ දෙනා පිත්තාශයේ ගල් ඉවත්කිරීමේ දී සිදු කළ යුතු ශෛල්‍යකර්මය කිරිමට බිය වී සිටී. රෝග ලක්ෂණ හදුනාගෙන විවිධ නොසුදුසු ප්‍රතිකර්ම සිදු කර ඇතැම් මිනිසුන් අවාසනාවන්ත අයුරින් මිය ගොස් තිබේ.විශේෂයෙන් ම දියවැඩියා රෝගීයෙකුට රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් තිබෙන බව දැනගත හොත් වෛද්‍ය උපදෙස් ගෙන සුදුසු ප්රතිකර්මයන් හැකි ඉක්මනින් කළ යුතු ය. රෝග ලක්ෂණ පෙන්නුම් කළ පසු පිත්තාශය ඉවත් කිරිම පමා කර වෙනත් සම්ප්‍රදායන්වල ප්‍රතිකර්ම සහ පිළියම් කිරිම අනුවණකමකි. මදාරා මුදලිගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:08 PM නිර්මාංශ ආහාරය සතුට වඩයි ආයු වඩයි ලෝකයේ සුප්‍රකට සෞඛ්‍ය සඟරාවක් වන “World Journal of Gastroenterology“මගින් පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා උපයෝගී වන්නා වු යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳව Medical News Today වෙබ් අඩවිය ඹස්සේ දක්වා ඇත.ස්ථුලතාවය මඟහරවා ගෙන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පිළිපැදීම මඟින් පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා පිළිපැඳිය යුතු උපදෙස් මෙසේ ය. ආහාරපානවලින් පරිස්සම් සහගත වීම ප්‍රෝටීන බහුල නිර්මාංශමය ආහාර,කෝපි.විටමින් c බහුල එළවළු සහ පළතුරු , ඔමේගා 3 සංඝටකය අඩංගු ආහාර තම ආහාර වේල්වලින් එකකට හෝ එක් කර ගැනීම මඟින් පිත්තාශයේ ගල් ඇති වීම හැකි තාක් දුරට වළක්වා ගැනීමට පුළුවන.කැල්සියම් අඩංගු ආහාර පාන වලින් ද පිත්තාශයේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගැනීමට හැකි බව බටහිර වෛද්‍යවරුන් තම පර්යේෂණවලින් පැහැදිලි කර තිබේ.විශේෂයෙන් ම අධික තෙල් අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් අනිවාර්යයෙන් ම වැළකී සිටිය යුතු ය.තව ද ඹලිව් තෙල් ආහාරපාන පිසීමේ දී එක් කර ගැනීම මෙවැනි තත්ත්වයේ පුද්ගලයින්ට වඩාත් හිතකර වේ. ස්ථුලතාවය අවම කර ගැනීම පිතෙහි අඩංගු වී තිබෙන සංඝටකවල පවතින වෙනස්කම් සිදු වීම නිසා පිතෙහි පවතින ද්‍රවණය ඝන වීමෙන් පිත්තාශයේ ගල් ඇති වේ. බොහෝ විට පුද්ගලයෙකු අධික මේදය සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් කොලෙස්ටරෝල් ගල් ඇති වීමේ අවදානම වැඩි වේ. එම නිසා හැකි තාක් සමබර ආහාර වේලක් ගැනීම වඩාත් වැදගත් වේ. විශේෂයෙන් ම තන්තු බහුල එළවළු, පළතුරු සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමට මතක තබා ගත යුතු වේ. පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා නිර්මාංශ ආහාරවලට යොමු වීම ඉතාමත් යහපත් වේ. තන්තු බහුල නිර්මාංශ ආහාරවලට යොමු වීමෙන් ස්ථුලතාවය ද මඟ හැර ගැනීමට හැකි වේ. මධ්‍යසාර සහ දුම්වැටි භාවිතා කිරීමෙන් වැළකීම අග්න්‍යාශ ප්‍රදාහය සහ පිත්තාශ ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන් සඳහා මත්පැන් පානය කිරීම යහපත් නොවේ. එමඟින් පිත්තාශයේ ගල් ඇතිවීමෙන් මරණයට පත් වන පුද්ලයින් ප්‍රමාණය ද වැඩි වීමට පුළුවන. එම නිසා මත්පැන් පානය කරන පුද්ගලයින් ස්වඅවබෝධයෙන් යුක්තව මත්පැන් පානය කිරීමෙන් වැළකිය යුතු ය. දුම්වැටි භාවිතා කරන්නන්ට ද පිත්තාශයේ ගල් ඇති වී අවාසනාවන්ත ලෙස ජීවිත අවධානමට ලක් වන බව බටහිර විශේෂඥ වෛද්‍යවරු තම පරීක්ෂණවලින් පෙන්වා දී දෙති. අන්තර්ජාලය ඇසුරිණි. මදාරා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:17 PM ලාවුළු ශක්තිජනක අාහාරය ලාවුළු අප රටේ පහසුවෙන් ලබාගත හැකි පළතුරක් වුවත්, ලාවුළු කෑමට එතරම් ප්‍රියතාවයක් බොහෝ දෙනා නොදක්වයි. නමුත් ඔවුන් නොදන්නා කාරණය නම් ලාවුළු ශක්තිජනක අාහාරයක් බවයි. ශක්තිය ලබා ගැනීමට කෘත්‍රීම ආහාර පසුපස යන්නන්ට මෙය කදිම අාහාරයකි.ප්‍රභේද 2ක් පවතී. ලාවුළු 100g ක අඩංගු පෝෂණ ගුණය ප්‍රෝටීන් 0.6g, මේදය 0.4g, කැල්සියම් 14mg, යකඩ 1.3mg, 74 Cal, විටමින් C මෙය විටමින් A බහුල (2000iu) අහාරයකි. එබැවින් පැහැපත් වීමට උත්සහා කරන සැමටම හොඳ පළතුරකි. කාන්තාවන්ට වැළදෙන ස්වේත ප්‍රදර (සුද යාම) රෝගයට ගුණදායකය. ඇස් පෙනීම දියුණුකරන අතර, දත් ශක්තිමත් කරයි. ඉහළ කෙඳිති ප්‍රමාණයක් සහිත පළතුරක් බැවින් මළබද්ධයෙන් පෙළෙන අයට ඉතාමත් ගුණය. ලවුළු ඇට පෙති වලට කපා, රාත්‍රියේ වතුරේ දමා, උදයට සීනි මිශ්‍රකර බීමෙන්, ශුක්‍ර වර්දනය වන බව ආයුර්වේද මතයයි. ශරීර ශක්තිය ලබාදෙයි, හෘදය ශක්තිමත් කරන මහඟු ඔසුවක් වන අතර නිතර ආහාරයට ගැනීමෙන් නීරෝගී බව රැක ගන්නට ද හැකිය. ලාවළු පලතුරක් ලෙස පමණක් නොව, පොල් සමඟ මිශ්‍ර කර රොටී වශයෙන්, සකසා ආහාරයට ගත හැක. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:22 PM විභාග උමතුව විභාගය ආතතියක් වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ සිසුන් ගැන නිතර අසන්නට ලැබේ. මුළු ජීවිතයම විභාගය නොවන බව දරුවන්ට අවබෝධ කළ නොහැකි වන්නේ දෙමාපියන් සහ ගුරුවරු නිසාවෙනි. මනා පෞරුෂයක් දරුවා තුළ ගොඩනැගිය හැක්කේ විභාගයන් සමත් කරවීමෙන් ම නොව ජීවන කුසලතා දරුවන්ගේ ජීවිතයට එකතු කිරීමෙනි. නමුත් රට තුළ ඇත්තේ විභාග උමතුවකි. දෙමාපිය ගුරුවරුන්ට වැළඳෙන මේ උමතුව කරන විනාශය සුළුපටු නොවේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ O/L සහ A/L විභාග ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ඔවුන්ගේ අනාගතය තීරණය කරන්නේ මෙහි ප්‍රතිඵලය මගිනි. මෑතක සිට මෙම විභාගයන්ට මුහුණදෙන දරුවන් බොහෝ දෙනෙකු විභාගයන් අසමත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. උදාහරණයක් විදිහට ගතහොත් 2008 O/L විභාගයේ ගණිතය විෂය 49%ක ප්‍රමාණයක් අසමත් වී ඇත. මෙවැනි ඛේදවාචකයන්ට දරුවා පත් වෙන්නේ ඇයි? අපි මනෝ විද්‍යාත්මකව ඒ ගැන සිතමු. පළමුවෙන්ම අපි දැනගත යුතු කරුණ වන්නේ O/L සහ A/L විභාගයන්ට මුහුණ දෙන දරුවාගේ වයස් සීමාවයි. ඔවුහු මේ අවස්ථාව වනවිට ගැටවර වියේ පසුවන්නෝය. නූතන මනෝ විද්‍යාත්මක සොයා ගැනීම් අනුව ගැටවර වියේ දරුවාගේ මොළයේ වර්ධනය වීම විවිධය. ඒ අනුව ගැටවර වියේ මොළය තුළ හැඟීම් පාලන මධ්‍යස්ථානය හෙවත් ඇමිග්ඩලා (Amygdale) කොටස වර්ධිතව පවත්නේය. එහෙත් එකී වයස් කාණ්ඩයේ දරුවාගේ මොළයේ ඉදිරිපස ඇති ෆී පොන්ටල් (Pre-Frontal) කොටස තවමත් වර්ධනය වන අවධියේ පසුවේ. Pre-Frontal යනු පුද්ගලයෙකුගේ සංවිධාන ශක්තිය, සැලසුම් සහගත බව, නිවැරදි තීරණ ගැනීමේ ශක්තිය ආදිය සිදුකරනු ලබන කොටසය. ෆ්‍රී පොන්ටල් මධ්‍යස්ථානය වර්ධන අවධියේ පැවැතීම හේතුකොටගෙන ගැටවරවියේ දරුවාගේ හැඟීම් පාලනයට ප්රබලව හේතු වන්නේ ඇමිග්ඩෙලා කොටසයි. ඒ නිසා මෙවැනි වයස් කාණ්ඩයේ දරුවා නිතරම සිය තීරණ ගැනීම සිදු කරන්නේ බුද්ධියට වඩා හැඟීමට වැඩි නැඹුරුතාවක් දක්වමිනි. මේ තත්ත්වය නිසා මෙවැනි වයස් කාණ්ඩවල දරුවෝ මානසික පීඩන සහ අවුල්සහගත තත්ත්වයන්ට ඉතා පහසුවෙන් ගොදුරු වේ. වාසනා නදීශානි O/L විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යාවකි. ඇය ගම්පොළ ප්‍රදේශයේ කුඩා පාසලක අධ්‍යාපන ලබන්නීය. සිය පවුලේ වැඩිමහල් දරුවා වන වාසනාගේ එකම බලාපොරොත්තුව O/L විභාගය ඉහළින්ම සමත් වීමයි. මේ නිසාම ඇය ඉතා වෙහෙස මහන්සි වී පාඩම් කළාය. එහෙත් මෑතකදී සිට වාසනා පාඩම් කිරීමට පටන් ගත් මොහොතේ සිට ඇගේ මනසට හෝ ගතට කිසිඳු සැහැල්ලු බවක් නොමැත. ඒ වගේම තමයි වාසනාට පාඩම් කරන දේවල් වෙනදා මෙන් මතකයේ නොරැඳෙයි. මේ හේතූන් නිසා වාසනාට නිතරම සිය දෙමාපියන්ගෙන් බැණුම් ඇසීමට සිදුවෙයි. විශේෂයෙන් වාසනාගේ මව ඇයට නිතර කියන්නේ විභාගයෙන් අසමත් වුවහොත් ජීවිතයම විනාශවන බවයි. මෙවැනි අවස්ථාවන්වලදී වාසනාට පාලනය කරගත නොහැකි තරහවක් ඇති වේ. ඇය සිය මව සමඟ නිතර රණ්ඩු වේ. මේ නිසා වාසනා පසුවන්නේ කනස්සල්ලෙනි. මේ අනුව වාසනාට පවතින රෝග ලක්ෂණ කිහිපයකි. නිතර නිතර පවතින ඇඟ පණ නැතිවීම කරුණු අමතක වීම තරහායාම මව, පියා සමඟ නුරුස්සන ගතිය වාසනාගේ රෝග ලක්ෂණ අනුව ඇය මානසික ආතතියට පත්ව ඇත. මානසික ආතතිය යම් තරමකට අප හට ප්‍රයෝජනවත් වේ. එහෙත් එය උපරිමයට පත්වීම තුළින් හැකියාවන් සියල්ල යටපත් වේ. වාසනාගේ කතාව අනුව වාසනාගේ දෙමව්පියන් ඇය පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් සිටිති. ඔවුහු නිතර සිතන්නේ වාසනාගේ අනාගතය රැඳී ඇත්තේ විභාගයන් පදනම්ව කියාය. වාසනා ද සිතන්නේ එයමය. වාසනා ඇය සතු අනෙක් හැකියාවන් පිළිබඳ කිසිත් නොසිතයි. ඇගේ දෙමාපියෝ ද වාසනා සතු අනෙක් හැකියාවන් පිළිබඳ නොසිතති. ඒවා අගය නොකරති. මේ අනුව වාසනා විභාගය තුළ අතරමං කරන්නේ දෙමාපියන්ය. ගුරුවරු ද ඇගේ අනෙකුත් හැකියාවන් හඳුනාගෙන නොමැති නිසා ඒ වරද ඔවුන් අතින් ද සිදුවේ. අපේ රටේ තරුණ සිසු දරුවන් මුහුණ පා සිටින්නේ මේ අභාග්යයටය. මේ සඳහා වගකිව යුත්තේ දෙමාපිය, ගුරු දෙගුරු දෙකොටස පමණක්ද? නැත. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික රටාව තුළ පාසල් හැර යන දරුවාට සුදුසු රැකියාවක් දීමට රජයට හැකියාවක් නොමැත. රැකියාවක් සැපයීමේ ඇති අවිධිමත් බව මේ තරැණ අසහනකාරී තත්ත්වයට පසුබිම් වේ. ශ්‍රී ලංකාවේ 2005 වසරේ කළ සමීක්ෂණයකට අනුව තරැණ පාසල් සිසුන්ට ඇති ප්‍රධානතම ආතතිය විභාග ආතතියයි. උතුරැ නැගෙනහිර ප්‍රදේශයන්හි වෙසෙන දරැවන් පමණක් කියා සිටින්නේ තමාට ඇති ප්‍රධානතම ප්රශ්නය ආර්ථිකය කියාය. මේ නිසා රටේ ප්‍රතිපත්ති සකසන්නන්ගේ මොළය අවදි වියයුතුය. එවිට විභාග අසමත් වීම, විභාගය තුළින් ඌණ සාමාර්ථ ගැනීම ආදියට නිසි විසඳුම් ලැබේවි. තාරුණ්‍යයේ සිටින දරුවාට සමීප වීම ගැන දෙමව්පියන්ට ගැටලු පවතී. කුඩා කාලයේ තම දරුවා සමඟ සමීප සබඳතාවක් දක්වන දෙමාපියෝ ගැටවර වියට පා තබනවිට ඔවුන්ගෙන් ඈත් වෙති. මේ නිසා ගැටවර වියේ සිටින බොහෝ දරුවන් මානසික මෙන්ම සිතුවිලිවලින් ද හුදකලා වෙති. තාරැණ්‍යයට පිවිසෙන ඔබේ දරුවා ගැටලුවලින් බේරාගැනීම ඔහු/ ඇයගේ හොඳම මිතුරා වීම ඉතා වැදගත් කරුණකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:24 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:24 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:27 PM අකල් මරණ වළක්වන විස්මිත එළවළුව වම්බටු පෝෂ්‍ය ගුණවලින් අනූන එළවළුවකි. පෝෂණවේදීන්ට අනුව වම්බටු දිනපතාම ආහාරයට ගත යුතු තරම් පෝෂණීය ආහාරයකි. එහි විටමින්, ඛනිජ, ලවණ, එසේම තන්තු, ඇමයිනෝ අම්ල අඩංගුය. මෙම එළවළු ඔබේ සමස්ත ශරීර සෞඛ්‍ය වර්ධනය කරන අතර හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු කරයි. දියවැඩියාව, අධික තරබාරු බව හා අකල් මරණ සම්භාවිතාව අඩු කරයි. ඔබේ ආහාර වේලට වම්බටු එක් කර ගැනීමට වටිනා හේතු 8ක් මෙන්න. 01. එහි අඩංගු විටමින් k හා බයෝ ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා දිනපතා වම්බටු ආහාරයට ගැනීම මගින් ලේ කැටි ඇති වීම වළකයි. 02. නිසියාකාරව පිළියෙළ කළහොත් වම්බටුවලට ඔබේ නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම අවම කළ හැක. ඔබ කෙදිනකවත් වම්බටු බැද ආහාරයට නොගත යුතුය. පිසීම කළ යුතුය. 03. වම්බටුවල ඇති තන්තු නිසා එය ඔබේ ජීර්ණ පද්ධතිය සුරක්ෂිත කර ජීර්ණය පහසු කරයි. 04. දිනපතා වම්බටු ආහාරයට ගැනීමෙන් ඔබගේ රුධිර සංසරණය වර්ධනය වන අතර එහි අඩංගු, ශාක පෝෂණ ද්‍රව්‍ය මගින් ඔබගේ මොළයට පෝෂණය සපයයි. 05. වම්බටු ඔබගේ රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත් කරන අතර අඩු කාබන් හා වැඩි තන්තු අන්තර්ගතය නිසා දියවැඩියාව පාලනය කරයි. 06. අධික ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා ඔබගේ රුධිර පීඩනය ක්‍රමවත් කළහැක. 07. ශරීරයට අවශ්‍යම ප්‍රමාණවලින් යකඩ, කැල්සියම් හා අනෙකුත් ඛනිජ වර්ග වම්බටුවල අඩංගුය. 08. කැලරි නොමැති නිසා සිරුරේ බර අඩු කිරීමට සිතන අයට වම්බටු සුදුසුය. එසේම එහි මේද නොමැතිකම හා තන්තුවලින් අනූන බව එය බර අඩු කිරීමට සුදුසුම ආහාරයක් බවට පත් කරයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2018 05:47 PM ඇඟ ඇතුළේ වතුර පිරෙන ලෙඩේ Edema ඔබේ පාදවල පතුල්, වළලුකර, පාද, දෑත් සහ බාහු වැනි ප්‍රදේශ නිතරම ඉදිමුණු ස්වරූපයක් ගන්නවාද? මේ දේ සිදුවන්නේ ශරීරයේ ඇති පටකවල අනවශ්‍ය ලෙස ජලය රැඳෙන “edema” යනුවෙන් හඳුන්වන සෞඛ්‍ය ගැටලුව නිසයි. (වෙනත් සෞඛ්‍ය ගැටලු නිසාත් ශරීරය ඉදිමෙන බව කරැණාවෙන් සලකන්න) මේ තත්ත්වය ඇතිවන්නට බලපාන ප්‍රධානතම හේතුවන්නේ ගර්භනී වීම, එකතැන වාඩි වී හෝ සිටගෙන සිටීම, ශාරීරිකව ක්‍රියාශීලී නොවීම, ඔසප් වීම, ව්‍යායාම නොකිරීම සහ විවිධ ඖෂධ වර්ග ලබාගැනීම වැනි විවිධ හේතු නිසයි. මේ “edema” තත්ත්වය කිසිම භයානක තත්ත්වයක් නොවන අතර ඇතැම් අවස්ථාවලදී මේ නිසා හදවත් ගැටලු සහ වකුගඩුවල ගැටලු වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. මෙම නිසා මේ සෞඛ්‍ය ගැටලුව ඇතිවූ සැණින් ප්‍රතිකාර ක්‍රමයකට එළැඹීම තමයි ඉතාමත් වැදගත් වන්නේ. “edema” තත්ත්වය ඇතිවන්නට බලපාන හේතු 6 ක් සහ ශරීරයේ ඉදිමීම සහ ශරීරයේ රැඳුණු ජලය ඉවත්කරගන්නට ඵලදායීම ක්‍රම කිහිපයක් දැන් අපි ඔබට කියලා දෙන්නම්. 01. අධික ලෙස සෝඩියම් ශරීරයට ලබාගැනීම ඔබ සෝඩියම් බහුල ආහාර රටාවකට හුරුවී සිටිනවා නම්, ඒ වගේම අඩුවෙන් ජලය පානය කරනවා නම් ශරීරය විසින් එහි අවශ්‍යතා සඳහා තැන්පත්ව ඇති ජලය භාවිතා කරනවා. එහි අතුරැ ඵලයක් වන්නේ ශරීරය සිය පැවැත්ම සඳහා ජලය තැන්පත් කරගැනීමයි. මේ නිසා ඔබ විසින් සිදුකළ යුත්තේ සෝඩියම් අඩංගු වන ආහාර වර්ග මොනවාද කියා සොයාබලා ඒවායින් ඈත් වී සිටීමයි. ලුණුවලට අමතර සෝඩියම් අඩංගු වන වෙනත් ආහාර වන්නේ ටින් කළ එළවළු වර්ග, විවිධ රසකාරක කුඩු වර්ග, සැකසූ මස් සහ වෙනත් සැකසූ ආහාර වර්ගයි. 02. මැග්නීසියම් ඌනතාවය මැග්නීසියම් ඌනතාවය නිසාත් “edema” සෞඛ්‍ය ගැටලුව ඇතිවනවා. මේ ඛනිජ වර්ගය ශරීරයේ විවිධ ජෛවක්රියාවන් සඳහා අවශ්‍ය වන ඛනිජයක්. එම නිසා මැග්නීසියම් ඌනතාවය ඇතිවීමෙන් ශරීරය තුළ ජලය රඳවාගැනීම ඇතුළුව ශරීරයේ ක්රියාකාරීත්වයන් අකර්මණ්‍ය කරනු ලබනවා. මේ සෞඛ්‍ය ගැටලුවෙන් පසුවන ඔසප් වීමට ආසන්න කාන්තාවන්ට දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 200 ක් පමණ ලබාගැනීම මගින් සුවයක් ලබාගත හැකි බව එක්තරා අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා. ඔබත් මෙම සෞඛ්‍ය ගැටලුවෙන් පීඩා විඳිනවා නම් මැග්නීසියම් බහුල ආහාර පරිභෝජනය කරන්න, නැත්නම් මැග්නීසියම් අතිරේකයන් ලබාගන්න. (වෛද්‍ය උපදෙස් මත) මැග්නීසියම් බහුල ආහාර ලෙස ඔබට මේවා පරිභෝජනය කරන්නට පුළුවන්. වියළි පළතුරු නිවිති තද කොළ පැහැති එළවළු අඳුරු පැහැ චොකලට් ඇට වර්ග අලිගැටපේර පෙයාස් සියලුම ධානය වර්ග 03. විටමින් B6 ඌනතාවය විටමින් B6, ශරීරයේ ජලය සමතුලිතතාවයට බලපෑම් ඇතිකරන නිසා එහි ඌනතාව මගින් “edema” සෞඛ්‍ය ගැටලුව ඇතිවෙනවා. “Journal of Caring Sciences” සඟරාවේ සඳහන් වන්නේ ජලය තැන්පත් වීමේ සෞඛ්‍ය ගැටලුවෙන් පීඩාවිඳි පුද්ගලයන් දිනපතා විටමින් B6 ලබාගැනීමෙන් පසු ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ බවයි. මේ විටමින් වර්ගය ජලයේ දියවන නිසා නිසි ක්‍රියාකාරීත්වය නියමාකාරයෙන් පවත්වාගැනීම සඳහා එයට තවත් සාධක අවශ්‍ය වෙනවා. විටමින් B6 අන්තර්ගත වන ආහාර වශයෙන් ලෙල්ල සමඟ අර්තාපල්, කුකුළු මස්, හරක් මස්, කළුකුම් මස්, බලමාළු, වියළි පළතුරු, කෙසෙල්, සූරියකාන්ත මල්ඇට හඳුන්වන්නට පුළුවනි. 04. පොටෑසියම් ඌනතාවය පොටෑසියම් ඛනිජය මගින් ශරීරයේ සෛල, පටක සහ අවයවවල නිසි ක්‍රියාකාරීත්වය රැකදෙනවා. ඒ වගේම, එමගින් ශරීරයේ සාමාන්‍ය ජලය මට්ටමද පාලනය කරනු ලබනවා. ශරීරයේ පොටෑසියම් ඌනතාවය ඇතිවන්නේ පොටෑසියම් සරු ආහාර ලබානොගැනීමත්, ලුණු අධික ආහාර ලබාගැනීමත් යන කරුණු මතයි. මේ තත්ත්වය නිසා “edema” තත්ත්වයත් ශරීරයේ බර ඉහළ යාමත්, මාංශපේශී ඉරීම සහ පෙරළීම වැනි සෞඛ්‍ය ගැටලුත් ඇතිවෙනවා. පොටෑසියම් මගින් ශරීරයේ සෝඩියම් මට්ටම පහළ දමන නිසා ලෙහෙසියෙන්ම මේ “edema” රෝගී තත්ත්වයට සුවය ලබාගන්නට පුළුවන්. කොමඩු, පැණි කොමඩු සහ “rockmelon” ඇතුළු පළතුරැ සියල්ලගේම වාගේ පොටෑසියම් අන්තර්ගත වෙනවා. 05. විජලනය ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකරන අවස්ථාවලදී විජලනය ඇතිවෙනවා. විජලනය ඇතිවූ විට ශරීරය විසින් පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ජලය ශරීරය තුළ තැන්පත් කරගැනීමක් සිදුවෙනවා. එමනිසා අත් සහ පාද ඇතුළුව ශරීරයේ විවිධ ස්ථාන ඉදිමීමක් ඇතිවෙනවා. මේ තත්ත්වය මඟහැරවීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය සහ පොටෑසියම් බහුල යුෂ වර්ග පානය කරන්න. ඒ වගේම, ඔබ සෝඩා වර්ග සහ කෝපි වැනි පානයන් පානය කිරීමෙන් වළකින්න. 06. සැකසූ ආහාර අධිකව පරිභෝජනය කිරීම අපි කලින් සඳහන් කළ ආකාරයට සෝඩියම් සහ සීනි මගින් මේ සෞඛ්‍ය ගැටලුව ඇතිවෙනවා. ඉතින් මේ දේවල් සැකසූ ආහාරවල බහුල වන නිසා මේ සෞඛ්‍ය ගැටලුව ඇතිවන්නට මුල්වන තවත් එක් කරැණක් ලෙස සැකසූ ආහාර හඳුන්වා දෙන්නට පුළුවන්. අප කවදත් සඳහන් කරන ආකාරයට මෙවන් ක්ෂණික ආහාර වර්ගවල අඩංගු වන සීනි සහ කෘත්‍රිම රසකාරක මගින් ශරීරයේ ඉනිසියුලින් මට්ටම අඩුකර රුධිරයේ සීනි මට්ටම වැඩිකරනු ලබනවා. ඒ වගේම වකුගඩු, අක්මාව වැනි ශරීරය කොටස්වලටද මේවායේ අඩංගු විවිධ විස සහිත රසායන ද්‍රව්‍ය (රසායනික, වර්ණ කාරක, කල්තබාගැනීමේ ද්‍රව්‍ය) දැඩි හානියක් කරනවා. ප්‍රතිකාර: පාදවල සිදුවන ඉදිමීම්වලදී සුවය ලබාගත හැකි ප්‍රතිකාර කිහිපයක් මේ. පාද සම්බාහනය මගින් ඉදිමුම ඉවත් කරගත හැකියි. ඉදිමුම ඇති ස්ථානවල මඳ උණුසුම් තල තෙල් හෝ ඔලිව් තෙල් ආලේප කර උඩු අතට සෙමින් අතගෑම කළ යුතුයි. මෙයද රුධිර ගමනය පහසු කර සුවය ලබාදෙන්නකි. එප්සම්සෝල්ට් ඉදිමුම් බස්සවන සහ වේදනාව නසන ඉක්මන්, හොඳම ප්‍රතිකාරයකි. උණුසුම් ජලයට එප්සම් කෝප්ප බාගයක් පමණ දමා සාදාගන්නා වතුර බේසමක විනාඩි 15-20 ක් පමණ පාද බහා සිටින්න. එමනිසා ඔබට හැකි පරිදි සැකසූ ක්ෂණික ආහාරවලින් ඈත් වී සිටින්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Jan 2018 06:29 PM අම්මො බයෙ බැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 06 Jan 2018 07:52 AM කාලෙත් එක්ක පුදුම ලෙඩනෙ මින්ස්සුන්ට එන්නෙ.මේවා හැදිලා වද විදිනවට වඩා හොදයි මැරෙන එක. 0 You are not authorized to post a reply. Page 83 of 137 << < 8182838485 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner