Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 84 of 137 << < 8283848586 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 05:49 PM ඔබේ සායන (ක්ලිනික්&zwnj සහභාගිත්වය නිවැරදිද? මෙන්න හරි ක්‍රමය දියවැඩියාව වළකන මග 04 දියවැඩියාව යනු නිට්ටාවට සුව කළ නොහැකි එහෙත් ඉතා හොඳින් පාලනය කර ගත යුතු රෝගයක් බව අපි දැන් දනිමු. වෛද්‍යවරුන් විසින් යමකු දියවැඩියා රෝගියෙක් යෑයි තීරණය කළ පමණින් ඖෂධ ප්‍රතිකාර පටන් ගන්නේ නැත. රුධිර සීනි මට්ටම ඉතාම වැඩි නැති නම් සහ ක්ෂණික සීනි පාලනයක් අවශ්‍ය වෙනත් රෝගයකින් රෝගියා පෙළෙන්නේ නැති නම් නිසි ආහාර පාලනය, නිසි ව්‍යායාම, මනස සතුටින් තබාගැනීම ආදියෙන් පමණක් දියවැඩියාව පාලනය කර ගත හැකිය. ඒ ඒ රෝගියාට අදාළව ආරම්භක රුධිර සීනි මට්ටම සලකා බලා බොහෝ වෛද්‍යවරු බෙහෙත් පටන්ගැනීමෙන් තොරව දියවැඩියාව පාලනය කරගැනීමට රෝගියාට අවස්ථාව ලබාදෙයි. නමුත් රෝගියාගේ තත්ත්වයන් සලකා බලා වෛද්‍යවරයා දියවැඩියාව සඳහා ඖෂධ නියම කළහොත් එම ඖෂධ වෛද්‍ය උපදෙස්වලට අනුව නියම කළ ආකාරයටම ගැනීම රෝගියා සතු යුතුකම සහ වගකීම වේ. වෛද්‍යවරයා නියම කරන ආකාරයට බෙහෙත් නොගන්නා තමන්ගේ හිතුමනාපයට බෙහෙත් ගන්නා කිසිම දියවැඩියා රෝගියකුට හොඳ දියවැඩියා පාලනයක් ඇතිකර ගත නොහැකිය. බොහෝ රෝගීන් වෛද්‍යවරයා නියම කරන ආකාරයට බෙහෙත් නොගන්නා බව දියවැඩියා රෝගීන් රාශියක් සමග සාකච්ඡා කිරීමෙන් අපට හෙළිකර ගැනීමට හැකිවිය. නමුත් වෛද්‍යවරයා සිතාගෙන සිටින්නේ තම රෝගියා තමා නියම කරන ආකාරයෙන් බෙහෙත් ගන්නා බවයි. මෙහිදී ඇතිවන පරස්පරතාවය දියවැඩියා පාලනය සම්පූර්ණයෙන්ම අහිමිකර දැමීමට හේතු වෙයි. මෙම පරස්පරතාවය නිසා පැනනගින අර්බුදයක් මෙසේ අපට දැක්විය හැකිය. රෝගියා තුළ බෙහෙත් පිළිබඳ තිබෙන වැරදි අවබෝධය නිසා වකුගඩු නරක්වෙනවා ආදී වැරදි ආකල්ප නිසා වෛද්‍යවරයා නියම කළ බෙහෙත් රෝගියා නියමිත පරිදි නොගනියි. ලේ වල සීනි මට්ටම බෙහෙත් නොබොන නිසා ඉහළ යයි. ඊළඟ වතාවට රෝගියා වෛද්‍යවරයා හමුවට ගියවිට ලේ වල සීනි වැඩි වී ඇති නිසා වෛද්‍යවරයා විසින් තවදුරටත් බෙහෙත් වැඩි කරයි. වෛද්‍යවරයා එසේ බෙහෙත් වැඩි කරන්නේ රෝගියා නිසි පරිදි බෙහෙත් බොන්නේ නැති බව නොදන්නා නිසාය. දොස් ඇසීමට සිදුවීම ආදී කාරණා නිසා රෝගියා කිසිවිටක එය වෛද්‍යවරයාට නොකියන බැවින් එහිදී වෛද්‍යවරයා සිතන්නේ බෙහෙත් මාත්‍රාව මදි නිසා සීනි පාලනය මදි යෑයි කියාය. දියවැඩියා බෙහෙත් ගැනීමේ අගුණයක් නැති බවත් නිසි පරිදි බෙහෙත් ගත යුතු බවත් රෝගියා වෙනත් මාර්ගයකින් අවබෝධ කරගත් විට රෝගියා වැඩිකරන ලද බෙහෙත් මාත්‍රාවන් ගන්නට පටන් ගනී. එම තත්ත්වයේ ප්‍රතිඵලය වන්නේ දින කිහිපයක් යන විට රෝගියාගේ ලේවල සීනි උවමනාවටත් වඩා අඩු වී රෝගියාට රෝහල් ගත වන්නට සිදුවීමයි. මෙවැනි අවස්ථා රාශියක් අපට අත්දකින්නට ලැබී ඇත. මෙවැනි අමිහිරි අත්දැකීම් නිසා රෝගියාට බෙහෙත් පිළිබඳ තිබෙන වැරදි ආකල්ප තව දුරටත් තීව්ර වේ. ඇත්ත වශයෙන්ම නිසි අවබෝධයෙන් වැරදි ආකල්ප වලින් බැහැර වී නිසි වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් ගන්නවානම් දැනට සායන වලින් නිකුත් කරන බෙහෙත් ප්‍රමාණයෙන් භාගයකටත් අඩු ප්‍රමාණයකින් ඉතාම හොඳ éයවැඩියා පාලනයක් ඇති කළ හැකි බව අප කියන්නේ අත්දැකීමෙනි. ඇතැම් බෙහෙත් වර්ගවල රෝගියා ප්‍රිය නොකරන අතුරු ප්‍රතිඵල තිබිය හැකිය. නිදසුනක් ලෙස මෙට්ෆොමින් (පැඑදෙරපසබ) වලට ආහාර අරුචිය ඇතිවීම දැක්විය හැකිය. නමුත් ඒ බව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කොට අෙන්‍යාන්‍ය අවබෝධයෙන් බෙහෙත් සංශෝධනය කරවා ගත යුතුය. එසේ නොමැතිව රෝගියාට යම් අපහසුතාවයක් දැනුණු පමණින් බෙහෙත් නවතා දැමුවහොත් හෝ බෙහෙත් ගන්නා අකාරය හිතුමතේට හෝ ගොඩ වෙදුන්ගේ උපදෙස් අනුව වෙනස් කලහොත් ඇතිවන්නේ මහත් විනාශයක්මය. වෛද්‍යවරුන් විසින් නියම කරන ලද බෙහෙත් නොගැනීමට ''මෙට්ෆොමින් බිව්වහම වකුගඩු නරක්වෙනවා'' ආදී සමාජයේ පතුරුවා ඇති වැරදි මතද හේතුවන අතර ඒවා අපි වැරදි ආකල්ප වලින් මි"ම යටතේ පසුව තවදුරටත් සාකච්ඡා කරමු. නිසි වෛද්‍ය උපදෙස්වලට අනුව නිසි පරිදි බෙහෙත් ගැනීමට සහ දියවැඩියාව හොඳින් පාලනයට අදාළ අනෙකුත් ක්‍රමවේදයන් නිසි පරිදි පිළිපැදීම සඳහා නිසි පරිදි අඛණ්ඩව සායනවලට පැමිණීමද ඉතාම වැදගත් වේ. එය රජයේ රෝහලේ සායනය ඔබේ විශේෂඥ වෛද්‍යවරයාගේ සායනය හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ සායනය විය හැකිය. වරක් දෙවරක් සායනවලට පැමිණ ඉන්පසු දිගටම ඒ නියම කර ඇති බෙහෙත් ෆාමසියකින් මිලදී ගෙන පානය කිරීමට බොහෝ දෙනා පුරුදු වී ඇති අතර එය ඉතාම භයානක ප්‍රතිඵල අත්කර දෙන්නක් විය හැකිය. එහිදී සංකූලතාවන් වළක්වාගැනීම තබා දියවැඩියාව පාලනය කර ගැනීමවත් කළ නොහැකි බව දියවැඩියා රෝගීන් හොඳින් අවබෝධ කර ගත යුතුමය. මේ සඳහා දෙස් දෙන කදිම නිදසුනක් මීට සතියකට පමණ පෙර නිට්ටඹුව, කලල්පිටිය ධාතුකන්ද විහාරස්ථානයේ අප ආරම්භ කළ ශාඛා වැඩසටහනකදී අපට හමු විය. මගේ සියලු දැනුවත් කිරීම් සහ ව්‍යායාම වැඩසටහන අවසානයේ මා වෙත පැමිණි දියවැඩියාවෙන් පෙළෙන මැදිවියේ පසුවන තරබාරු කාන්තාවක් මෙසේ ප්‍රශ්න කළේය. ''දියවැඩියාවට ක්ලිනික් යන්න ඕන් නෑ නේද?" මා පිළිතුරක් දෙන්නටත් කලින් අප පෙර කී ෆාමසියෙන් ගෙන බෙහෙත් බොන වැරදි චර්යාව හෙළිකරමින් ඈ ඊට අදාළ දෙවැනි ප්‍රශ්නයත් මවෙත යොමු කළේය. ඇගේ දෙවැනි ප්රශ්නය වූයේ ''ෆාමසියෙන් මෙට්ෆොමින් පෙත්ත අරගෙන බිව්වහම ඇති නේද?'' යන්නයි. ඇය ජිවිතයත් සමග කරන සෙල්ලමේ භයානක කම ද පෙන්වා දෙමින් ඇය විසින් ඉදිරියේදී කළ යුතු දෙය මම පෙන්වා දුනිමි. අනෙක් අතට බෙහෙත් නියම නොකළ දියවැඩියා රෝගීන් කල්පනා කරන්නේ බෙහෙත් නොදෙන නිසා තමා යළි සායනයට යා යුතු නැති බවයි. ටික දිනක් යනවිට තමා දියවැඩියාවෙන් පෙළෙණ බව පවා ඔවුන් අමතක කරයි. සායන පොත සහ අදාළ වාර්තා සියල්ලත් නැතිකර දමයි. එවැනි අවස්ථාවලදී සිදුවන්නේ තමාටත් හොරෙන් දියවැඩියාව උත්සන්න වී ඉතාම කනගාටුදායක හෘදයාබාධ, ආඝාතය වැනි සංකූලතාවයන්ට රෝගියා ගොදුරු වී ජීවිතය පවා ඔහුට අකාලයේ අහිමි විමයි. දියවැඩියාව ගණන් නොගැනීම ජිවිතයත් සමග කරන සෙල්ලමක් බව අප පවසන්නේ එබැවිනි. ඉහත විස්තර කිරීමට අනුව නිසි වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් ගැනීම හොඳ දියවැඩියා පාලනයක් සඳහා අත්‍යවශ්‍ය වුවත් දියවැඩියාව හොඳින් පාලනය කිරීමේදී රෝගියාගේ පැත්තෙන් විය යුතු පළමු දෙය බෙහෙත් ගැනීම නොවන බව ඔබට අවබෝධ විය යුතුය. ආහාර පාලනය සහ නිසි ව්‍යායාම ලබාගැනීම පිළිබඳ වගකීම ඇත්තේ තනිකරම රෝගියාට වන නිසාත් බොහෝ රෝගීන්ට බෙහෙත් වලින් තොරව පවා නිසි දියවැඩියා පාලනයක් ඇතිකර ගත හැකි නිසාත් වඩාත් වැදගත් වන්නේ නිසි ආහාර පාලනය සහ නිසි ව්‍යායාම ලබාගැනීමය. එහෙත් අප ඖෂධ නිසි පරිදි ගැනීම හා සායනවලට නිසි පරිදි සහභාගී වීම පළමු කොටස ලෙස විස්තර කළේ වෛද්‍යවරයා විසින් මෙම කොටසෙන් සමස්ත ක්‍රියාවලියම මෙහෙයවන නිසාය. මෙම කොටසෙන් වෛද්‍යවරයා විසින් තවදුරටත් රෝගියාට කළ යුතු දේවල් පිළිබඳව නිතර සිහි කැඳවන නිසාය. එසේම යම් සංකූලතාවයක් ඇති වන බවට ලක්ෂණ පහල වුව හොත් එය වළක්වාගැනීම සඳහා ඉක්මන් පියවර ගැනීමටද සායනවලට නිසි පරිදි නිතිපතා සහභාගී වීම වැදගත් වේ. දියවැඩියාව වේවා වෙනත් ඕනෑම රෝගයක් වේවා ඊට ප්‍රතිකාර කිරීම යනු බෙහෙත් ගැනීම පමණක් නොවන බව අවබෝධ කර ගැනීමට කාලය එළඹ ඇත. බෙහෙත් ගැනීම යනු ප්‍රතිකාර වල එක් ක්‍රමවේදයක් පමණි. අවාසනාවට අප රටේ ජනතාව පුරුදු වී ඇත්තේ රෝගයක් සැදුණු විට ප්‍රතිකාර ගැනීමට නොව බෙහෙත් ගැනීමටය. රෝහලකට හෝ පුද්ගලික වෛද්‍ය සායනයකට යන කෙනෙක් ගෙන් අතරමගදී කොහෙද යන්නේ ? කියා ඇසුවොත් එකෙනෙහිම දෙන පිළිතුර වන්නේ බෙහෙත් ගන්න යනවා යන්නයි. ලබන සතියට වෛද්‍ය පාලිත සමන් ජයකොඩි, සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන වෛද්‍ය නිලධාරි, මූලික රෝහල - වතුපිටිවල. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 06:05 PM පිළිකා රෝග කුඩා දරුවන්ටත් මේ වන විට ලොව පුරා බොහෝ දෙනකු පීඩා විඳින රෝගී ස්වභාවය වන්නේ පිළිකා රෝගයන්ය. පිළිකා රෝග ඇතිවීම වැඩිවයසේදී සිදුවන බවට මුලදී විශ්වාස කළද, මේ වනවිට එම මත වාදයන් බිඳ දමමින් පිළිකා රෝග කුඩා දරුවනට ඇතිවන තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙම පිළිකා රෝග අතරින් ලියුකේමියාව, ලිම්පෝමා, මොළයේ පිළිකා, අක්මාව ආශ්රිත පිළිකා, හා මාංශපේශී ආශ්රිත පිළිකා ප්‍රධාන වෙයි. මෙයට අමතරව අස්ථි ආශ්රිත පිළිකා රෝගද ඇතිවේ. දෘෂ්ටිවිතානය ආශ්රිත පිළිකා තත්ත්වද තවත් සුලභ ආකාරයක්ය. වකුගඩු ආශ්රිත පිළිකා තත්ත්වද, ලැන්ගර්හැන් සෛල පිළිකා ද තවත් සුලභ ආකාරයක්ය. වෛද්‍ය පර්යේෂණ වාර්තා පෙන්වාදෙන අන්දමට වයස අවුරුදු 15 පමණ වන දරුවන්ගෙන් සෑම 650 දෙනකුගෙන්ම එක් අයකුම පිළිකාවලට ගොදුරු වෙයි. මීට අමතරව දරුවන් මිලියනයකට දරුවන් 120-140 අතර ප්‍රමාණයක් අලුතින් පිළිකා වලට ගොදුරු වෙති. සියලුම වයස් කාණ්ඩවල දරුවනට ලියුකේමියාව රෝගය වැළඳිය හැකිය. ස්නායු පද්ධතිය සහ අක්මාව ආශ්රිත පිළිකා රෝග පළමු වසර 05 ඇතුළත සුලභය. නූතන වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් සමඟ පිළිකා රෝගවලට ගොදුරුව මියයන කුඩා ළමුන්ගේ සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. කෙසේ වුවත් කුඩා දරුවන්ගේ මරණවලට තවමත් වැඩි වශයෙන්ම වගකිව යුතු රෝග අතර දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ පිළිකා රෝගයන්ය. කුඩා ළමුන් අතර පිළිකා රෝග ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතු මේ දක්වා අනාවරණය කරගෙන නැත. කෙසේ වුවත් විවිධ පාරිසරික සාධක, විකිරණවලට ඉලක්ක වීම වෛරස් රෝගවලට ඉලක්ක වීම ආදිය ද විශේෂයෙන් සැළකිය යුතුය. ඇතැම් කුඩා දරුවන් ජාන පදනමින්ම පිළිකා රෝගවලට නතුවීමට වැඩි අවස්ථාවක් දරයි. බොහෝ පිළිකා රෝග ඇතිවන්නේ පාරිසරික හේතු සාධක මත ජාන පදනම වෙනස් වීම නිසාය. කුඩා ළමුන්ට බලපාන පිළිකා රෝග අතර පළමු ස්ථානයේ පසුවන්නේ ලියුකේමියා රෝගයයි. එහි දෙවැනි ස්ථානය මොළය ආශ්රිත පිළිකාවලට හිමිවෙයි. ප්‍රවේණික වශයෙන් කුඩා දරුවනට උරුම වන පිළිකා රෝග තත්ත්වයන්ද පවතියි. අස්ථි වල දෘෂ්ටිවිතානය ආශ්රිත Retinoblastoma රෝගය මෙයට නිදසුනකි. මෙය ඇතිවන්නේ 13 වැනි වර්ණ දේහයේ වන ජාන පදනම මැකීයාම නිසාය. මීට අමතරව සමහර සංලක්ෂණ වලින් පෙළෙන දරුවන් පිළිකාවලට ගොදුරුවීමට වැඩි අවදානමක් දරති. ඩවුන්ස් සහ ලක්ෂණයෙන් පෙළෙන දරුවන් ලියුකේමියා රෝගයට ගොදුරුවීම මෙයට නිදසුනකි. පිළිකාවලින් පෙළෙන දරුවකු ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් පෙන්වයි. (1) යම් ස්ථානයක සීමාවූ ගෙඩියක් වැනි යමක් හමුවීම. (2) රෝගය ව්‍යාප්තිය සමඟ අස්ථිවලට ව්‍යාප්තිය සිදුවෙයි. (3) දේහය පුරා අප්‍රාණික ස්වරූපයක් පෙන්වයි. (4) පිළිකා රෝගය ව්‍යාප්ත වීම සමඟ ශ්වසන පද්ධතියට වන අවහිරතාව නිසා ශ්වසනය අවහිරවීම සිදු වෙයි. රෝගී තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා මූලික රුධිර පරීක්ෂාවන්ද, පාරවනි පරීක්ෂණ සහ සීටී ස්කෑන් පරීක්ෂණද උපකාරී වෙයි. මෙයට අමතරව සමහර රසායන ද්‍රව්‍ය මට්ටමද නිරීක්ෂණය කළ හැකිය. රෝගී තත්ත්වය තීරණය කරගත් වහාම මේ සම්බන්ධව දෙමාපියන් සහ ඥාතීන් දැනුවත් කිරීම ඉතා වැදගත්ය. ඉන් අනතුරුව රෝගය පවතින අවධිය (staging) තීරණයක් අනුව වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළ යුතුය. පිළිකා රෝගවලින් පෙළෙන කුඩා දරුවනට වෛද්‍ය ප්‍රතිකාර සිදු කිරීම සඳහා විශේෂ වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවිය යුතුව ඇත. මෙහිදී වෛද්‍යවරුන් මෙන්ම අනෙක් සෞඛ්‍ය සේවකයන්ගේ සහාය ද මේ සඳහා ලබාගත යුතුව ඇත. විශේෂ වෛද්‍ය විද්‍යාත්මක ප්රතිකර්මවලට අමතරව විශේෂ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ද මෙම ප්‍රතිකාර මාලාවන්ට එකතු කරගත යුතුව ඇත. තවම පිළිකාවකින් පෙළෙන විට දැනගත් වහාම කුඩා දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද විශාල වශයෙන් මානසිකව ඇද වැටීම මෙයට හේතුවයි. පිළිකා රෝග වලින් පෙළෙන දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීම ආකාර කිහිපයකට සිදුකළ හැකිය. (1) විශේෂ ඖෂධීය වෛද්‍ය ප්‍රතිකාර (chemotheraphy) (2) ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර (surgery) (3) විකිරණ ප්‍රතිකාර (Radiotheraphy) මේ අතර ප්‍රධානය. ප්‍රාථමික අවස්ථාවේ පවතින පිළිකා රෝග සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබාදිය හැකිය. මීට අමතරව ශල්‍යකර්ම සහ විකිරණ ප්‍රතිකාර ලබාදෙන අතරතුර ඖෂධීය ප්‍රතිකාර ලබාදීම කළ හැකිය. පිළිකාව පැතිර යැම අවම කිරීමටද ඖෂධීය ප්‍රතිකාර වැදගත්ය. පිළිකා සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබාදීමේ අවාසිසහගත තත්ත්වද පවතියි. නීරක්තිය, රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම, භක්ෂක සෛල ප්‍රමාණය අඩුවීම මේ අතර ප්‍රධානය. මෙහි ප්‍රතිඵලය ලෙස රෝග ආසාදනවලට ලක්වීම ඉහළ යයි. කෑම අරුචිය, වමනය, ඔක්කාරය, හිසකෙස් ගැලවීයාම, ආහාර මාර්ගයේ අපිච්ඡේදවලට හානිවීම නිසා මන්දපෝෂණ තත්ත්ව පෙන්වයි. පිළිකා රෝග කුඩා දරුවන්ටත් ලියුකේමියා රෝගය කුඩා දරුවන්ට බලපාන පිළිකා රෝගී තත්ත්ව අතර, ලියුකේමියාව (Leukemia) ට ප්රමුඛස්ථානයක් හිමිවෙයි. මෙය ප්‍රධාන ආකාර කිහිපයකට පවතියි. ඒවා නම් (1) Aoute Lymphonleste Leukemia - ALL. (2) AmL (3) CmL ඇට මිදුළු සෛලම පිළිකා සෛල ආක්‍රමණය සමඟ කුඩා ළමුන් තුළින් රෝග ලක්ෂණ ඉස්මතුවීමට පටන් ගනියි. මෙහිදී පහත සඳහන් මූලික ලක්ෂණ දැකිය හැකිය. (1) කෑම අරුචිය (2) රෝග ආසාදන (3) ඇඟපත පණ නැති ස්වභාවය (4) ශරීරයේ ලප පැල්ලම් මතුවීම. (5) අක්මාව සහ ප්ලීහාව විශාල වීම. (6) වසා ග්‍රන්ථි ඉදිමීම. (7) අස්ථිවල වේදනාව මේ අතර ප්‍රධාන වෙයි. සමහර කුඩා ළමුන්ගේ මෙම රෝග ලක්ෂණ මන්දගාමීව ඇතිවන අතර, තවත් සමහර කුඩා ළමුන්ගේ මෙම රෝග ලක්ෂණ ඉතා කෙටි කාලසීමාවකදී ඇතිවී බරපතළ රෝග ලක්ෂණ ඉස්මතු වෙයි. මෙවැනි දරුවන්ගේ රුධිර පරීක්ෂණ වලදී සුදු රුධිර සෛල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යාමත්, හිමොග්ලොබින් මට්ටම අසාමාන්‍ය ලෙස පහත වැටීමක් දැකිය හැකිය. රුධිර පට්ටිකා ප්‍රමාණයද අඩු අගයක් ගනියි. රෝගය තහවුරු කරගැනීම සඳහා ඇටමිදුළු පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ලියුකේමියා සෛල ඇට මිදුළු ආක්‍රමණය නිසා නීරක්තිය ඇතිවෙයි. මේ නිසා ශරීරය සුදුමැලි වෙයි. ශරීරයට ශක්තිය නොමැති තත්ත්වයක් ඇතිවෙයි. හක්ෂක සෛල ප්‍රමාණය අඩු වීම රෝග ආසාදනයට අතවනයි. රුධිරගත පට්ටිකා ප්‍රමාණය අඩුවීම ශරීරයේ ලප පැල්ලම් ඇතිවීමට හේතුවෙයි. අස්ථිවලට රෝගී ස්වභාවය විහිදීයාම අස්ථිවල වේදනාවක් ඇති කරයි. අක්මාව සහ ප්ලීහාව ආශ්‍රිතව රෝගය පැතිර යැම අක්මාව සහ ප්ලීහාව විශාල වීමටත්, වසා ගැටිති විශාල වීමටත් හේතුවෙයි. වසා ගැටිති ඉදිමීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්වසනය පවා අපහසු විය හැකිය. ඔබට ස්නායු පද්ධතියට රෝගය පැතිර යැම නිසා අධික හිසරදය, වමනය, සිහි විකල්වීම, ස්නායු අඩපණවීම සිදුවෙයි. වෘෂණ වෙතට රෝගය පැතිර යැම නිසා වෘෂණ කෝෂ ඉදිමීම සිදුවෙයි. රෝගයට ගොදුරුවන ළමුන්ගෙන් සුවය ලැබීම කරුණු කිහිපයක් මත රඳා පවතියි. ඉහළ සුදු රුධිර සෛල ප්‍රතිශතය, වයස අවුරුද්දට අඩු වීම හෝ වයස අවුරුදු දහයට වැඩිවීම හිතකර සාධක නොවෙයි. ලියුකේමියා රෝගයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීම පියවර කිහිපයක් යටතේ ළමා රෝග හා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතු තත්ත්වයකි. කුඩා දරුවනට බලපාන අනෙක් පිළිකා රෝග අවස්ථාවක් ලෙස ලිම්පෝමා (Lymphoma) හඳුන්වාදිය හැකිය. මෙම ලිම්පෝමා රෝගය ප්‍රධාන ආකාර දෙකකට පවතියි. (1) Hodgkin’s disease (2) Non - Hodgkins diseose ලෙසිනි. ලිම්පෝමා ලෙස හඳුන්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව වසා ගැටිතිවල සෛලවල ඇතිවන පිළිකා රෝග අවස්ථාවයි. ලියුකේමියා රෝගය හා මෙම රෝගයේ රෝග ලක්ෂණ බොහෝ දුරට එක හා සමානව සිදුවන අවස්ථා ඇත. මෙහිදී වසා ගැටිති ඉදිමීම සිදුවෙයි. බොහෝ විට පපුවේ මධ්‍ය ප්‍රදේශයේ විශාල ලෙස වසා ග්‍රන්ථි ඉදිමීම (mediestanal mass) සිදුවෙයි. මේ නිසා ශ්වසනය අපහසු වෙයි. මෙයට අමතරව කිහිලි, ඉකිලි හා උදරයේ වසා ග්‍රන්ථි ඉදිමීම සිදුවෙයි. උදරයේ වසා ග්‍රන්ථි ඉදිමීම උදරයේ වේදනාවක් ගෙඩියක් ආකාරයට ඉදිරිපත් විය හැකිය. පාරවනි හෝ CT / MRI පරීක්ෂණ රෝගය තහවුරු කර ගැනීමට උපකාරී වෙයි. හොඩ්ජිකින් රෝගී අවස්ථාව ඉහත විස්තර කළ හොඩ්ජිකින් නොවන (NHL) අවස්ථාවට වඩා දුලභ රෝගයකි. ගෙල ප්‍රදේශයේ ඇතිවන වේදනාවෙන් තොර වසා ගැටිති ඉදිමුමක් ලෙස මෙය ඇතිවෙයි. අධික ලෙස දහඩිය දැමීම, උණ, ශරීරයේ බර අඩුවීම, ශරීරය කසන ස්වරූපක් ඇතිවීම සිදුවෙයි. වසා ගැටිති ආශ්රිත පටක පරීක්ෂණයක් මගින් රෝගී අවස්ථාව නිරීක්ෂණය කර විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළ හැකිය. හොඩ්ජිකින් ලිම්පෝමා රෝගයට ගොදුරුවන දරුවන්ගෙන් 80% ක ප්‍රමාණයකට සුවය ලබාගත හැකිය. මෙහිදී ඖෂධීය ප්‍රතිකාර ලබාදීම සිදුකරයි. (කුඩා ළමුනට බලපාන පිළිකා රෝග) කුඩා ළමුනට බලපාන පිළිකා රෝග අතර මොළය ආශ්රිත පිළිකා රෝගවලට වැදගත් ස්ථානයක් හිමිවෙයි. මොළය තුළ පවතින පිළිකාවේ ප්‍රමාණය විශාලවත්ම එහි අභ්‍යන්තර පීඩනය ඉහළයන නිසා පහත රෝග ලක්ෂණ ඉස්මතු වෙයි. හිසරදය වමනය ඇසේ අභ්‍යන්තර ඉදිමුම හදිසියේ ඇතිවන වමනය ඇසේ කළු ඉංගිරියාව ගැස්මක් ඇතිවීම. කෙළින් ඇවිදීම අපහසුවීම, ඇවිදින විට ඇතිවන සමතුලිතතාවය නොමැතිබව (ataxia) පුද්ගල චර්යාවල වෙනස්කම්. මෙවැනි රෝග ලක්ෂණ පවතින විට වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වෙයි. කල්මරමින් කාලය ගත කිරීම හෝ නොයෙක් අත්බෙහෙත් කරමින් කාලය පසු කිරීම කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නොවෙයි. Cඔ හා ඵRෂ පරීක්ෂණ මගින් රෝගී අවස්ථාව තහවුරු කරගත හැකිය. මොළය තුළ පීඩනය ඉහළ ගොස් පවතින අවස්ථාවක කශේරුකාව හරහා විද සුෂුම්නා තරලය පරීක්ෂාව නොකළ යුතුය. කෙසේ වුවත් මොළය තුළ පවතින පිළිකාව මොළයේ පවතින ස්ථානය අනුව අමතර රෝග ලක්ෂණ ඇතිවීම හෝ සුවය ලැබීමේ අවස්ථාවන් වෙනස් වෙයි. පිළිකා ගෙඩියේ ප්‍රමාණය ශල්‍ය කර්මයේ අතුරු ප්‍රතිඵලයක්, විකිරණ ප්‍රතිකාර වලට ලක්වීම ආදිය මත දරුවාගේ ස්නායු සහ හෝර්මෝන ක්‍රියා වෙනස් වෙයි. පිළිකාවෙන් සුවය ලැබුවද පසුකාලීනව ඇතිවන අපස්මාරය, ස්නායු දුර්වලතා, අධ්‍යාපන ගැටලු, කායික ආබාධ ආදිය දිගටම පැවතිය හැකිය. කුඩා ළමුනට බලපාන අනෙක් වැදගත් පිළිකා රෝගී අවස්ථාවක් ලෙස නියුරොබ්ලාස්ටෝමා භැමරදඉක්sඑදප් හඳුන්වාදිය හැකිය. අධිවෘක්ක ග්‍රන්ථිය හා ඉ-ජානුගත ස්නායු පද්ධතියට අයත් ස්නායු සෛල ආශ්‍රිතව මෙම පිළිකා තත්ත්වය නිර්මාණය වෙයි. වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් රෝගී තත්ත්වයට පහසුවෙන් ගොදුරු වෙති. සුලභ රෝග ලක්ෂණය වන්නේ උදරයේ පවතින ගෙඩියක ස්වරූපයයි. ස්නායු පද්ධතිය ආශ්‍රිතව රෝගය පැතිරයැම සිදුවෙයි. කශේරුකාවලට රෝගය ගමන් කිරීම නිසා අස්ථිවල වේදනාව, බර අඩුවීම, ශරීරය කහ වීම සිදුවෙයි. රෝගී තත්ත්වය හඳුනා ගැනීමට විශේෂ වෛද්‍ය පරීක්ෂණ පවතියි. මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ රෝගී ස්වභාවය හඳුනාගන්නා විට, එය වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවකළ හැකි සීමාව ඉක්මවා ගොස් තිබීමයි. කෙසේ වුවත් රෝගය පැතිර ගොස් නොමැති අවස්ථාවකදී ශල්‍යකර්මයක් මගින් සුවකළ හැකිය. වකුගඩු ආශ්‍රිතව ඇතිවන Wilmis Tumour හෙවත් NEUROBLASTOMA අනෙක් වැදගත් පිළිකා වර්ගයයි. මේ තත්ත්වයට බොහෝ විට ගොදුරුවන්නේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ය. උදරය පුරා පැතිරුන විශාල ගෙඩියක් ලෙස මෙය පළමුව දිස්වෙයි. බර අඩුවීම, ආහාර අරුචිය, උදරයේ වේදනාව, අධිරුධිර පීඩනය, මුත්‍රා සමඟ රුධිරය පිටවීම ආදිය ද රෝග ලක්ෂණ ලෙස ඇතිවෙයි. CT පරීක්ෂණ මගින් රෝගී ස්වභාවය හඳුනාගත හැකිය. ශල්‍යකර්මයක් මගින් අදාළ වකුගඩුව ඉවත් කිරීමට සිදුවෙයි. රෝගය පැතිර පවතින අවස්ථාවලදී විකිරණ ප්රතිකාරද ලබාදෙයි. රෝගයට ගොදුරුවන දරුවන්ගෙන් 80% ප්‍රමාණයකට සුවය අපේක්ෂා කළ හැකිය. රෝගය පැතිර පවතින දරුවන්ගෙන්ද 15% කට ප්‍රමාණයකට සුවය ලබාගත හැකිය. කල්තියා රෝගය හඳුනා ගැනීම සුවය ලබාගත හැකිය. කල්තියා රෝගය හඳුනා ගැනීම සුවය ලැබීමේ ප්‍රතිශතය ඉක්මන් කරයි. කුඩා ළමුනට බලපාන පිළිකා රෝග අතර අස්ථි වල ඇතිවන පිළිකා තත්ත්වද වැදගත් ස්ථානයක් හිමිකර ගනියි. මෙම පිළිකා රෝග තත්ත්ව පිරිමි ළමුන් අතර වඩා සුලභ වෙයි. පිළිකාව පවතින ප්‍රදේශයේ ඇතිවන අධික අස්ථි වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස පවතියි. රෝගය නිර්ණය කරන විට පෙනහලු ආදියට පැතිර පැවතිය හැකිය. ශල්‍යකර්ම සහ ඖෂධීය ප්‍රතිකාර මගින් රෝගය සුවපත් කළ හැකිය. මෙයට විකිරණ ප්රතිකාරද භාවිත කළ හැකිය. දෘෂ්ටියට බාධා වන ලෙස ඇතිවන Retinoblastama අනෙක් රෝගී අවස්ථාවයි. මෙය එක ඇසකට හෝ ඇස් දෙකටම හෝ බලපෑ හැකිය. රෝග ලක්ෂණ පළමුව ඇතිවෙයි. දහතුන් වැනි වර්ණ දේහයේ වෙනස්කම් රෝගය ඇතිවීමට හේතු වෙයි. රෝගය පැතිර පවතින විට ඇස ඉවත් කිරීමට සිදුවෙයි. අක්මාව ආශ්රිත පිළිකාද කුඩා ළමුනට වැළඳෙයි. මෙහිදී Hepatoblestoma iy Hepatocellular carcinoma තත්ත්ව වඩා අනතුරුදායක වෙයි. උදරයේ වේදනාව සහ විශාල ගෙඩියක ස්වරූපය රෝග ලක්ෂණ ලෙස ඇතිවෙයි. මේ අනුව කුඩා ළමයිනට ඇතිවන පිළිකා රෝගී තත්ත්ව කෙරෙහි දෙමාපියන්ගේ විශාල අවධානයක් යොමු කළ යුතු අතර රෝගී තත්ත්ව කල්තියා හඳුනා ගැනීම රෝගයට ප්‍රතිකාර සිදු කිරීම පහසු කරයි. වෛද්‍ය ජී. ජී. චමල් සංජීව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 06:11 PM මොකක්ද මේ ඉරිටබල් බවල් සින්ෙඩ්‍රාම් ? ප්රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළේ Ulcerative Collitis හෙවත් අන්ත්‍ර ප්‍රදාහය ගැනයි. මෙය සරල ලෙස හඳුන්වන්නේ බඩවැලේ තුවාල ලෙසයි. අන්ත්‍ර ප්‍රදාහය, මහාන්ත්‍රය හෙවත් මහ බඩවැලේ ඇති වන රෝගී තත්ත්වයක්. මෙහි රෝග ලක්ෂණ ලෙස රුධිරය සහිත පාචන තත්ත්වය, උදරයේ වේදනාව, විඩාව, ශරීරයේ බර අඩුවීම, සන්ධි ඉදිමීම, ආහාර අරුචිය, මහබඩවැල ඉදිමීම, රක්තහීනතාව හට ගැනීම, නිතර මළ පහ කිරීමට අවශ්‍ය වීම, මුඛය තුළ සහ සම මත තුවාල හටගැනීම, කුෂ්ඨ රෝග තත්ත්වයක් ඇතිවීම දැක්විය හැකි බව ඔබ පැහැදිලි කර දුන්නා. මෙය ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - ගුද විද්‍රදිය වැනි ඉතාම නරක රෝග තත්ත්වයකුත් ආයුර්වේදය මගින් සුව කළ හැකි නම් Ulcerative Collitis වැනි රෝගයක් සුව කිරීම කිසිදු ප්‍රශ්නයක් නොවෙයි. Irritable bowl syndrome කියන්නේ බඩවැල ආශ්‍රිතව ඇති විය හැකි මීටත් වඩා නරක තත්ත්වයක්. එය පවා සුව කරන්නට ආයුර්වේදයට පුළුවන්. ප්රශ්නය - ඒ රෝගය ගැන අපට විස්තර කරන්න. විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - IBS හෙවත් ඉරිටබල් බවල් සින්ෙඩ්‍රාම් රෝගය සිංහලෙන් හඳුන්වන්නේ ග්‍රහණි රෝග නමිනි. මොකක්ද මේ ඉරිටබල් මෙහි ඇති ඉතාම ප්‍රකට රෝග ලක්ෂණය තමයි ආහාරයක් ගත් සැනින් මළ පහ කිරීමට සිදුවීම. මෙහිදී ආහාර ජීර්ණ පද්ධතියේ සහ ගුද මාර්ගයේ ක්‍රියා කලාපය ගැන පැහැදිලි කළ යුතුයි. ආහාර ජීර්ණයේ අවසන් කොටස තමයි මළ පහකිරීම. මෙහිදී ඝන වශයෙන්, අර්ධ ඝන ද්‍රව්‍යයක් වශයෙන්, දියරමය තත්ත්වයෙන් මළ පහවෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේදී දිරවන ද්‍රව්‍ය ගුදය වෙත පැමිණීමෙන් පසුවයි මළපහ වන්නේ. මනුෂ්‍යයන් සාමාන්‍ය වශයෙන් දිනකට කිහිපවතාවක් දිනකට වතාවක්, සතියකට කිහිප වතාවක් යනාදී වශයෙන් මළ පහ කරනවා. මහාන්ත්‍රයේ තිබෙන මාංශපේෂි මගින් දිරවන ද්‍රව්‍ය පහකට තල්ලු කරන අතර එවිට එම ද්‍රව්‍ය ගුදයට ළඟා වෙනවා. මේ ආකාරයෙන් ම නොදිරවූ ආහාරත් ගුද මාර්ගය කරා ළඟා වන අවස්ථා තිබෙනවා. ඒ නොදිරවූ ආහාර කොටස් මහබඩවැලේ තිබෙන මාංශ පේෂි මගින් පහතට තල්ලු කිරීම නිසයි. ග්‍රහණි රෝගය හෙවත් ඉරිටබල් බවල් සින්ෙඩ්‍රාaමය ලෙස හඳුන්වන්නේ බඩේ මහාන්ත්‍රයේ මාංශ පේෂීන් නොකල්හි ක්‍රියාත්මක වී නොදිරවූ ආහාර ගුද මාර්ගයට තල්ලු කර දැමීමයි. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මූලික රෝග ලක්ෂණ තමයි ආහාරයක් ගත් සැනින් බඩ රිදෙන්නට පටන් ගෙන කුස තුළ පෙරළියක් හටගන්නවාක් වැනි තත්ත්වයක් නිර්මාණය වීම. සමහරුන්ට මේ රෝගය තිබෙන විට බඩ පිපුම හට ගන්නවා. මේ රෝගය බරපතළ ලෙස තිබෙන අයට කාංසාමය තත්ත්වයක් ඇති වෙනවා. IBS රෝගය තිබෙන පිරිමින් හා ගැහැනුන්ගෙන් තුනෙන් එකකට ලිංගික දුර්වලතා ඇතිවන බව සොයාගෙන තිබෙනවා. ප්රශ්නය - මේ රෝගය හට ගැනීමට හේතුව මොකක්ද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය මගින් නිකුත් කරන සංඥවලට අනුවයි. මෙය අප හඳුන්වන්නේ Gut brain axis යනුවෙන්. ආහාර උගුරෙන් පහළට යන විටම මොළයෙන් සංඥවක් ආවොත් ආහාර මහාන්ත්‍රය දිගේ පහළට තල්ලු කර මළ මාර්ගයට යවන්න කියලා. එය එසේම සිදු වෙනවා. (ලබන සතියේ මේ පිළිබඳ ආයුර්වේද මතය සහ ප්‍රතිකාර) සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 06 Jan 2018 06:17 PM Irritable bowl syndrome රෝගයේ නම කියවන්නත් අමාරුයි... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 06:19 PM විදග්ධ වූ පිත හදන ලෙඩේ * වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් රෝගාබාධවලින් පෙළෙති. මේ අතරිනුත් කුඩා දරුවන්ගේ සිට මහලු පුද්ගලයන් දක්වා වැඩි පිරිසක් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳිති. මොකක්ද මේ ගැස්ට්‍රයිටීස් කියන්නේ මේ රෝගය ඇති වන්නේ කොහොමද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - වර්තමාන සමාජයේ බොහෝ දෙනකුගේ ශරීර අධික උෂ්ණාධික තත්ත්වයෙන් පවතී. විශේෂයෙන්ම මේ සඳහා දෛනික ජීවන රටාවන් සහ ආහාරපාන ප්‍රධාන වෙනවා. ඒ අනුව අධික උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙන් ඇති වන උෂ්ණ ගතිය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා එම නිසි පරිදි ජීර්ණය නොවූ ආහාර කොටස් විෂක් ලෙස රුධිරයට එක්වීම සිදුවන අතර මෙන්න මේ ක්‍රියාවලි නිසා සිරුරේ ඇති වන රෝගයක් ලෙස ගැස්ට්‍රයිටීස් හඳුන්වා දිය හැකියි. * මෙම ගැස්ට්‍රයිටීස් තත්ත්වය සිරුරට ඇති කරන බලපෑම් මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආහාර ජීර්ණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා සිරුරේ සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම සිදුවීම ඇරඹේ. මෙම ක්‍රියාවලිය සිරුරේ ආම රසය වැඩිවීම තුළින් තව තවත් තීව්ර වීම සිදුවේ. ඒ අනුව මෙම ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා සිරුරේ සාන්ද්‍රව සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම නිසා විවිධ ආබාධ ඇතිවීම ඇරඹේ. ඒ අනුව එම විෂ කොටස් වැඩිවීම තුළින් එම විෂ කොටස් තෝරාගත් පද්ධති හා අවයව ආක්‍රමණය කළ විට ඒවායෙන් විවිධ රෝගාබාධ ඇතිවීම සිදුවේ. ඒ අනුව එම විෂ මුත්‍රා පද්ධතිය ආක්‍රමණය කළේ නම් වකුගඩු, මුත්‍රා රෝග, සිරුරේ අධෝභාගය නම් මළ පිටවීම අක්‍රමවත් වීම අර්ශස් තත්ත්ව ලෙස ඒ ඒ පද්ධති ආශ්‍රිතව විවිධ රෝග ඇතිවිය හැකියි. * මෙම රෝගය වැළඳුණු අයෙක් ඒ බව දැනගන්නේ කෙසේද? මෙහි රෝග ලක්ෂණ මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - රෝග ලක්ෂණ අධිකයි. විවිධාකාරයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒවා වෙනස් විය ද හැකියි. ඒ අතරිනුත් බඩ පපුව දැවිල්ල, උගුරට ඒම, කැරකිල්ල, වමන ගතිය, ක්ලාන්තය, දහදිය දැමීම, ඇඟපත අමාරුව, හන්දි වේදනාව, හිස කැක්කුම, කොන්ද කැක්කුම, පපු පෙදෙසේ ඇති වන විදග්ධ වූ වේදනාව, උදරයේ හිස් බවක් දැනීම, අලස බව, අධිකව කේන්ති යැම, නිදිමත ගතිය, මළ පිට වීමේ අක්‍රමවත් බව ආදී ලෙස රෝග ලක්ෂණ රැසක්ම ඇතිවිය හැකියි. විශේෂයෙන්ම කිව යුත්තේ සිරුරේ ඇතිවන ආම රසය රක්ත ධාතුව හරහා කුමන හෝ ඉන්ද්රිය පද්ධතියකට ඇතුළු වූයේද එම පද්ධතිය ආශ්‍රිතව කුමක් හෝ රෝග ලක්ෂණයක් පහළ වීම සිදුවේ. * මෙම රෝගීන් වැළකිය යුතු ආහාර හෝ වෙන යම් දේවල් තිබෙනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ නියමිත පරිදි ආහාර වේල් නිසි පරිදි ගත යුතු වීමයි. අධික වේලාවක් කුසගින්නේ නොසිටිය යුතු අතර හැකි තරම් විෂ සහිත ආහාරවලින් (ක්ෂණික) වැළකිය යුතුයි. එළවළු, පලතුරු වැඩි වැඩියෙන් ආහාර සඳහා එකතු කර ගත යුතු අතර මස් මාංශ වැඩිපුර ගැනීමෙන් ද වැළකිය යුතුයි. උෂ්ණාධික ආහාර වර්ගවලින් හැකි සෑම විටම ඈත්ව සිටිය යුතු අතර දුම්පානය, මත්පැන් පානය ද මෙම රෝගීන්ට බොහෝ අකැපය. * ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ රෝගය සුව කළ හැකිද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - නිසි ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගොස් ඔවුන් ලබාදෙන ඖෂධ නිවැරැදි ලෙස පාවිච්චි කළොත් මේ රෝගය නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා සැකසූ සුදුසුම ප්‍රතිකාර විදි ආයුර්වේදය සතුව තිබෙනවා. නිවැරැදි ලෙස රෝග ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීම තුළින් ගැස්ට්‍රයිටීස් සුවකර ඒ නිසාම ඇති වූ අනිකුත් රෝගාබාධයන්ද සුවකර ගත හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 06:23 PM දරුවාට ඔටිසම් හැදිලාද බලන්නේ කොහොමද? ප්රශ්නය - පසුගිය සති ගණනාව පුරාම අප ඔබ සමඟ සාකච්ඡා කළේ ඔටිසම් රෝගය සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනයි. අද අප මේ සාකච්ඡාව තවදුරටත් පුළුල් කරමින් ඔටිසම් දරුවකු සම්බන්ධයෙන් දෙමාපියන් පැවැතිය යුතු ආකාරය ගැන විග්‍රහයක් කරන ලෙස ඉල්ලනවා. වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඔටිසම් රෝගී දරුවා සුව කර ගැනීම පටන් ගත යුත්තේ වෛද්‍යවරයා නොව දෙමාපියනුයි. මොකද දරුවා ගැන වඩාත්ම හොඳින් දන්නේ දෙමාපියන්. දරුවාගේ හැසිරීම් ගැන ඉතාම හොඳින් දන්නේ අම්මා සහ තාත්තා දෙන්නා විතරයි. තවත් වෙන කෙනෙක් එක් එක් දරුවා ගැන පුද්ගලික දැනුමක් වෛද්‍යවරයාට නැහැ. ඔහු ඔටිසම් වැළඳුණු දරුවකු වෙනුවෙන් වැය කරන්නේ පැය භාගයක විතර කාලයක් පමණයි. ඒ නිසා තම දරුවාට ඔටිසම් රෝග තර්ජනයක් තිබෙනවාද නැද්ද කියන කාරණය ගැන දැන ගැනීම සඳහා පහත සඳහන් සුපරීක්ෂාකාරී පියවර අනුගමනය කළ යුතුයි. 1. ඔබේ දරුවාගේ කායික සහ මානසික සංවර්ධනය ගැන නිරන්තරයෙන් උනන්දු වන්න. ඔබේ දරුවා යම් යම් දේ හඳුනා ගැනීමට අන් දරුවන්ට වඩා කල් ගන්නවා නම්, වර්ණ හඳුනා ගැනීමේදී අන් දරුවනට වඩා පසුපසින් සිටිනවා නම්, ඒ දරුවා ඔටිසම් අවදානම සහිත දරුවෙක් විය හැකියි. 2. මෙවැනි ලක්ෂණ ඔබේ දරුවා පහළ කරනවා නම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න. හැබැයි මේ කාරණය ගැනත් සැලකිලිමත් විය යුතුයි. සමහර ළමයින් කතා කිරීමට පටන් ගන්නේ ටිකක් පහුවෙලා. තවත් සමහර ළමයින් ඇවිදින්නේ පරක්කු වෙලා. ඒ වගේ හේතු පැත්තකින් තියන්න. ඔබ උනන්දු විය යුත්තේ වර්ණ හඳුනා ගැනීමට දරුවාට බැරිවීම, දරුවා එකම දේ කෙළවරක් නැතිව දිගින් දිගටම කිරීම, දරුවා අනවශ්‍ය ලෙස තිගැස්සීම වැනි කාරණා ගැනයි. 3. ඔටිසම් දරුවකු හඳුනා ගත්තාම සමහරු උපදෙස් දෙනවා ටිකක් ඉවසලා බලමු. තව ටිකක් බැලුවොත් නරකද කියලා. එහෙත් ටිකක් ඉන්න එක තමයි නරකම කාරණය. මන්ද කියනවානම් කාලය ඒ ටිකත් බලන කාලය තුළ විපර්යාස බොහොමයක් වෙන්නට පුළුවන්. පහත සඳහන් කෙටි පරීක්ෂණ කිරීමෙන් ඔබේ දරුවාට ඔටිසම් අවදානමත් තිබෙනවාද කියා බලාගන්න පුළුවන්. 1. ඔබ දරුවාට කෑම කවන විට, එහෙමත් නැත්නම් ඔබ දරුවා දෙස කෙළින් බලන විට, ඔබේ දරුවා ඒ ගැන ගණන් ගන්නේ නැතිව වෙන පැත්තක් බලනවා නම් ඔහුට ඔටිසම් අවදානමක් තිබෙනවා. (ලබන සතියේ තව කොටසක්&zwnj නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5708567 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 06:28 PM ආත්රයිටිස් රෝගයට ගුණ දෙන තව කසායක් ප්රශ්නය - ආත්රයිටිස් රෝගයට ප්රත්යක්ෂ ගුණ දෙන පාරම්පරික ඖෂධ වට්ටෝරු විශාල ප්‍රමාණයක් ඔබ පසුගිය සති ගණනාව තුළ අපට ලබා දුන්නා. අදත් අප ඔබෙන් එවැන්නක් බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය වසන්ත උදයජීව - කලාඳුරු අල, බිංකොහොඹ, සේපාලිකා කොළ, ඉරිවේරිය, සුදුහඳුන්, පාවට්ටා මුල්, කළුදුරු, අමු ඉඟුරු, කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා 1 කෝප්පයකට සිඳ සීනි, මීපැණි දමා දින 12 ක් උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. ප්රශ්නය - සාමාන්‍යයෙන් කසායක් දෙන විට එයට සීනි මී පැණි වැනි අනුපාන හෝ සහිඳ ලුණු යොදන ලෙස ඔබ උපදෙස් දෙනවා. මේ කසායට එවැන්නක් නොදමන්නේ ඇයි? වෛද්‍ය වසන්ත උදයජීව - මෙය වැදගත් ප්‍රශ්නයක්. කසාය ගත් විට වහා ශරීරයට උරා ගැනීම සිදු විය යුතුයි. ඒ සඳහා කසාය තුළ කිසියම් ප්‍රමාණයක ග්ලූකෝස් සංයුතියක් තිබීම වැදගත්. මීපැණි හා සීනි ක්‍රියා කරන්නේ අන්න ඒ ග්ලූකෝස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටයි. සහිඳ ලුණු දමන්නේ වෙනත් කාරණයකට. සමහර රෝගීනට කසාය පානය කළාම මළ බද්ධ තත්ත්වයක් හට ගන්නවා. එය නැති කරන්නට සහිඳ ලුණු අවශ්‍යයි. ඒත් මා අද ඔබට දී ඇති කසාය මගින් මළ බද්ධය හටගන්නේ නැහැ. ඒ නිසා ඔබට මෙය සහිඳ ලුණු නැතිව පානය කරන්න පුළුවන්. ඒ වගේම සීනි හෝ මී පැණි නැතිව මේ කසාය ශරීරයට උරා ගන්නවා. ඒ එක්කම තව කාරණයක් කිව යුතුයි. මේ කසායට අයත් සියලුම ඖෂධ මගින් ශරීරය තුළ කුපිත වූ වාත දොaෂය, පිත් දොaෂය, සහ කඵ දොaෂය සමහන් වෙනවා. ඒ ආත්රයිටිස් රෝගය සුවපත් වීම පටන් ගන්නේ එතැනින්. පාකින්සන් සුව කරන අබිරහස් ශාක පත්‍රයක් ප්රශ්නය - පාකින්සන් රෝගය ඈත අතීතයේදී තිබුණේ නැද්ද? මහාචාර්ය වෛද්‍ය සුජාතා - මා මෙයට පෙරත් ඔබට කිවූ පරිදි මෙය වසර දහස් ගණනක් පැරැණි රෝගයක්. ආයුර්වේදය මෙයට කිවවේ කම්පවාත කියලා. ඒ කියන්නේ කුපිත වූ වාතය. අපේ පැරැණි ජනයා වයසට යද්දී අතපය වෙවුලනවා කිව්වෙත් මේ රෝගයට. ඊට පස්සේ සිහි කල්පනාව නැති වෙනවා කිව්වේ ඩිමෙන්ෂියා රෝගයට. වෙනත් වෛද්‍ය ක්‍රම මගින් කරන්නේ මේ රෝගය කළමනාකරණය කිරීම විතරයි. ආයුර්වේදයේදී මෙය කළමනාකරණය කරනවා විතරක් නෙවෙයි සුවපත් කිරීමත් සිදු වනවා. ප්රශ්නය - පාකින්සන් රෝග නිවාරණය සඳහා අලුතින් කෙරෙමින් තිබෙන පර්යේෂණ මොනවද? මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - එක්තරා පත්‍ර වර්ගයක් මගින් පාකින්සන් රෝගයට ප්‍රතිකාර කරන ක්‍රමයක් ගැන පර්යේෂණ පවත්වා තිබෙනවා. රෝගීන්ගේ ආරක්ෂාව පතා මේ පත්‍ර වර්ගයේ නම අප සඳහන් කරන්නේ නැහැ. මේ පත්‍ර වර්ගය අඹරා රොටියක් මත තබා රෝගියාට කන්නට දුන් විට විනාඩි 45 ක් තුළ ඔහුගේ ශරීරයේ වෙවුලන ස්වභාවය නැතිව යනවා. මෙය අහඹු සොයා ගැනීමක්. ප්‍රසිද්ධ වේදනා නාශකයක් වශයෙන් සැලකෙන මේ පත්‍ර වර්ගය රෝගියාට ලබා දුන්නේ ඔහුගේ ශරීරයේ හට ගන්නා වේදනාව නැති කිරීමටයි. මේ පත්‍ර වර්ගය තුළ විෂ නාශක ගුණය සහ ප්‍රදාහ නාශක ගුණය තිබෙනවා. ඒ අතරම ස්නායු ආරක්ෂා කිරීමේ හැකියාවකුත් මේ පත්‍රයේ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, හානියට පත් වූ සහ 'මහලු' වූ නියුරෝන ප්‍රතිසංස්කරණය කරන්නටත් මේ පත්‍ර වර්ගයට පුළුවන්. පාකින්සන් රෝගයට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මොළයේ නියුරෝනවල එකතුවන විෂ සහිත ස්වභාවය. මෙය ආපස්සට ගැනීමට ඉහත සඳහන් පත්‍ර වර්ගයට පුළුවන්. ප්රශ්නය - පාකින්සන් රෝගය සඳහා යෝග්‍ය තවත් ඖෂධ තිබෙනවාද? මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - පොල්තෙල් සහ තැඹිලි තෙල් ඉතාම ගුණවත් ඖෂධ බව හඳුනාගෙන තිබෙනවා. මොළයේ සෛලවලට අත්‍යවශ්‍ය ආහාරයක් වන Ketone නමැති ද්‍රව්‍යය මේ තෙල් වර්ග දෙක තුළ තිබෙනවා. මොළයේ හානියට පත් ස්නායු ජාලය ආශ්රිත කොටස් ප්‍රතිසංස්කරණය කරන ලිපිඩ වර්ග මේ තෙල් වර්ගවල තිබෙනවා. පාකින්සන්, අල්ෂයිමර්, අපස්මාරය, ඔටිසම් යන රෝග සඳහාත් පොල්තෙල් අත්දුටු ප්‍රතිකාරයක්. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ඇදුම හා හතියට ප්‍රතිකාර මෙන්න ප්රශ්නය - පසුගිය සතිවල අප ඔබ සමඟ කතා කළේ ඇදුම සහ පපුවේ හතිය යන ශ්වසන පද්ධතියට සම්බන්ධ රෝග ගැනයි. ඔබ මෙයට ප්‍රතිකාර කරන්නේ දේශීය වෙදකමින්. ආයුර්වේද වෙදකම සහ දේශීය හෙවත් සිංහල වෙදකම අතර සම්බන්ධයක් නැති බව සමහරු කියනවා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - බැලූ බැල්මට වෙදකම් දෙකටම ගන්නා ඖෂධ වර්ග එක සමානයි. ආයුර්වේදයට ගන්නෙත් ගහේ පස් පංගුව. සිංහල වෙදකමට ගන්නෙත් ගහේ පස්පංගුව. ආයුර්වේදයේ අරිෂ්ට තිබෙනවා. අපේ පාරම්පරික වෙදකමේ අරිෂ්ට නැහැ. වෙදකම් දෙකේම ක්වාථ වර්ග තිබෙනවා. කල්ක තිබෙනවා. ගුලි, කල්ක, පත්තු, මැල්ලුම් තිබෙනවා. ඒ වගේම වෙදකම් දෙක රෝග සඳහා දක්වන ප්‍රවේශ එක සමාන නැහැ. ප්රශ්නය - ඇදුම රෝගයට සිංහල ක්‍රමයට ප්‍රතිකාර කරන විට සිදුවන්නේ කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඇදුම සහ පපුවේ මහන්සිය යන රෝගවලට ප්‍රතිකාර කරන විට පොදු ප්‍රතිකාර ක්‍රමයකට යැම සිංහල වෙදකම තුළ සිදුවන්නේ නැහැ. ඒනිසා ප්‍රතිකාරය එක් එක් අයට වෙනස් වෙනවා. පොදුවේ කරන ප්‍රතිකාරය තමයි ශරීරයේ වාත දෝෂය සහ කඵ දොaෂය නිශ්ක්‍රීය කර දැමීම. ඒ සඳහා ශරීරය අභ්‍යන්තරව ශෝධනය කිරීම සිදු වෙනවා. ආයුර්වේදයේදී මේ සඳහා පංච කර්ම ප්‍රතිකාර සිදු කළත් සිංහල ප්‍රතිකාර ක්‍රමය තුළ කසාය මගින්ම ශරීර අභ්‍යන්තර ශෝධනය සිදුවනවා. ඊළඟට රෝගය නිසා හානියට පත් වූ ඉන්ද්රියයන් සහ පටක සරු තත්ත්වයට පත් කිරීමට ඖෂධ ලබා දෙනවා. ප්රශ්නය - ඇදුම රෝගයට ප්රත්යක්ෂ සිංහල බෙහෙත කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අන්තමුල නමින් ඖෂධ පැළයක් තිබෙනවා. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Tylophora asthmetica බව සඳහන් වෙනවා. මේ පැළය හැදෙන්නේ ඉන්දියාවේ. අතීතයේ පටන්ම සිංහල බෙහෙත් සෑදීම සඳහා ඉන්දියාවෙන් ඖෂධ පැළ ගෙන්වනු ලැබුවා. ඉහත සඳහන් ගසේ පත්‍රය ශ්වසන රෝග සඳහා ඉතාම වටිනා ඖෂධයක්. ඇදුම, පපුවේ මහන්සිය, සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වාසනාලිකා ප්‍රදාහය හෙවත් බ්රොන්කයිටිස්, රූමැටික උණ යන රෝගවලට මේ මගින් පාරම්පරික ඖෂධයක් අපි හදනවා. මෙය සායනිකව පර්යේෂණයට ලක් කරපු බෙහෙතක්. මේ ඖෂධ අරගෙන නිසි ලෙස පාවිච්චි වුණොත් ඉතා කෙටි කලකින් ඇදුම සුව කළ හැකියි. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 06:36 PM කොඳු ඇට දිරාපත් වුණොත් සුවකර ගන්නේ කොහොමද? ඔහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්වා ගියේය. මුල සිටම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි නැඹුරු වී සිටි මගේ මිතුරා ඉන් පළ නොලැබ අවසානයේදී විකලාංග චිකිත්සකයකු මගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවිය. "මෙතැනදී කරන්න තියෙන්නේ Open Suygery එකක් කරලා කොඳු ඇට පෙළට PIN ගහන එක." ශල්‍ය වෛද්‍යවරයා අපේ මිතුරාට කීවේය. "හැබැයි ලක්ෂ 30 ක් විතර යාවි..." ඊළඟට මිතුරා කළේ aSecond Opnion ලෙස හැඳින්වෙන 'විකල්ප අදහසක්' ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීමය. "ඕකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙලින් කළාම පින් කැඩෙන අවස්ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක් ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා." අපේ මිතුරගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්වා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක් දැක්වින. ඇදවුන කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛද්‍යවරයා ගැන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අප මිතුරාගේ වචනයෙන් මෙසේය. "මේ වෛද්‍යවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක් නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක් ගාලා සම්බාහනය කරනවා. මදනායක වෛද්‍යවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහුදෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විස්මිත හැකියාව සියෑසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡා පෙළක් ඔබ වෙත ගෙන එමු. ප්රශ්නය - අද අප ඔබ සමඟ කතා කරන්නේ කොඳු ඇට පෙළ දිරායැම සම්බන්ධයෙනුයි. අපට හැඟෙන පරිදි මෙය ඉතාම භයානක තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් ඔබට ඉදිරිපත් කළ හැකි සිද්ධි අධ්‍යයනයක් තිබෙනවාද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මේ සම්බන්ධයෙන් මා ඔබට ඉදිරිපත් කරනවා දෙමසකට පෙර ඇතිවූ සිද්ධියක්. ඒ කියන කාලයේදී වයස අවුරුදු 40 ක පමණ කාන්තාවක් ඔවුන්ගේ භාරකරුවන් විසින් මා වෙත ගෙනෙනු ලැබුවා. ඔවුන් ඇය ගෙනාවේ ඔසවාගෙනයි. ඇයට ඇවිදගන්නට බැහැ. ඇගේ කොන්ද අල්ලන විටත් ඇය මහ හඬින් විලාප තැබුවා. ඇගේ භාරකරුවන් කීවේ ඇගේ කොඳු ඇට පෙළ දිරා ගොස් ඇති බවයි. මා ඇගේ එක්ස් කිරණ වාර්තා පරීක්ෂා කර බැලුවා. එය එතරම් පැහැදිලි තත්ත්වයක තිබුණේ නැහැ. පසුව මා ඇගේ පිටකොන්දේ ගෙල අසල සිට පහතට අතගාගෙන ආවා. එවිට මට තේරුම් ගියා කොඳු ඇට පෙළ දිරා ගොස් ඇති බව. සාමාන්‍යයෙන් වෙන අයගේ කොඳු ඇට පෙළක දිරාගිය තත්ත්වයන් මතුවන්නේ තැනින් තැන. එවිට එය සුව කිරීම එතරම් අපහසු නැහැ. එහෙත් සම්පූර්ණ වශයෙන් කොන්ද දිරාගිය කෙනකු සුවපත් කිරීම දුෂ්කරයි. එහෙත් එය කළ හැකියි. මේ නිසා ඇය සුව කිරීමේ අභියෝගය මා භාර ගත්තා. ප්රශ්නය - කොඳු ඇට පෙළ දිරා යන්නේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - හේතු කිහිපයක්ම තිබෙනවා. එක් හේතුවක් තමයි කොඳු ඇට අතර හටගන්නා තෙරපුමට නිසි ප්‍රතිකාර නොකර දිගු කාලයක් නිකරුනේ සිටීම. කොඳු ඇට අතර තෙරපුම හටගන්නට ප්‍රධාන වන හේතු කිහිපයක් තිබෙනවා. පළමුවැන්න තමයි කොඳු ඇට පෙළේ හටගන්නා රෝගී තත්ත්වයන්. ඊළඟට හදිසි අනතුරකින්, වැටීමකින්, රිය අනතුරකින් හෝ පහර දීමකින් කොඳු ඇට පෙළ තුවාල වෙනවා. තුන්වෙනුව දිගු කාලයක් වැරදි විදියට ඉඳගෙන සිටීම හේතු වනවා. ඉන් පසු ශරීරයේ බර වැඩිවීම, ව්‍යායාම නැතිවීම, පෝෂ්‍යදායක ආහාර නොගැනීම, කැල්සියම් ඌනතාව, ශරීරයට දැරීමට බැරි බරක් එසවීම සහ ඔසවා කර තබා ගැනීම, එවැනි බර දිනපතාම වාගේ එසවීම වැනි කාරණා බලපානවා. ප්රශ්නය - ඔබ වෙත ගෙනා කාන්තාවගේ කොඳු ඇට පෙළ දිරා ගොස් තිබුණේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - ඇය කුඩා කාලයේ ඇදවැටී කොන්ද බිම ඇනී තිබුණා. මා මුලින්ම ඇසුවා හදිසි අනතුරක් වුණාද කියලා. ඒත් ඒ බවක් ඇයට මතක තිබුණේ නැහැ. ඉන් පසු මම ඇගේ කොඳු ඇට පෙළේ පුරුකෙන් පුරක අතින් තෙරපා බැලුවා. එවිට මගේ අතට හසුවුණා තැන් දෙකක තිබූ පිපිරුම් දෙකක්. ඇයට මේ අනතුර සිදුවෙලා තිබුණේ අවුරුදු 10 දී. ඒ වෙලාවෙදි ඇගේ වැඩිහිටියන් කොන්දට තෙල් ගා වේදනා නාශකයන් දීලා වැඩේ කෙළවර කර තිබුණා. ඒත් ඇඟේ ඇතුළතින් ආබාධය කෙළවර කෙරුණේ නැහැ. පිපිරූ තැන් දිරන්නට පටන් ගත්තා. දතක් දිරන්නට පටන් ගත්තාම නොසලකා හැරියොත් එය සම්පූර්ණයෙන්ම දිරා ගිහින් යාබදව තිබෙන නිරෝගී දතත් දිරන්නට පටන් ගන්නවා. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවද? වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳු ඇට දිරා යැම වට කිහිපයකින් සමන්විත නිසා රෝග ලක්ෂණ හට ගන්නෙත් වට කිහිපයකට. මුලදී කොන්දේ වේදනා හට ගන්නවා. මෙය ටික කලක් පවතිනවා. ඊළඟට කොඳු ඇටවල තිබෙන නම්‍යශීලී ගතිය ක්‍රමයෙන් අඩුවෙලා ඉස්සරහට නැමෙන්නට බැරිව යනවා. එවිට කොන්ද වේදනා දෙන්නට පටන් ගන්නවා. එය පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයක් දෙන්නම්. හිස්කබල හා ශරීරය එකට එකතුවන තැන ඉතා හොඳින් නමන්නට සහ හරවන්නට පුළුවන්. මේ නැමියාව නිසා ගෙල වටා තිබෙන මාංශ පේෂීන්ට කරදරයක් ඇතිවන්නේ නැහැ. එහෙත් නම්‍යශීලී බව නැති වුණොත් හිසේ කැක්කුම්, ඉරුවාරදය, බෙල්ලේ වේදනා, උරහිස්වල තද ගතියත් දැනෙනවා. කොන්ද සම්බන්ධ තත්ත්වයත් මෙයමයි. කොඳු ඇට වල එක තැනක් දිරා ගියොත් එය අක්රියකාරී වනවා. එතකොට ඒ කොඳු ඇටයේ තැන ගන්නවා. එනම් ඒ කොඳු ඇටයට ඇඟෙන් ලැබෙන තෙරපුම දරා ගන්නට සෙසු කොඳු ඇටවලට සිදුවෙනවා. මෙවිට කොඳු ඇට පෙළ ඉතා තදින් විඩාවට පත් වෙනවා. (ලබන සතියේ කාන්තාව සුව කළ හැටි) නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 11:08 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jan 2018 11:09 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DushanVeteran MemberPosts:2536 07 Jan 2018 05:30 AM බොහොම වැදගත් ලිපියක් 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jan 2018 06:56 AM ඔබේ නිවසෙත් පොල් ගෙඩිය බිඳලා පොල් වතුර ටික විසිකරනවද..? – මේ කතාව කියෙව්වොත් ඔබ කවදාවත් ඒ දේ කරන එකක් නැහැ ඕනම නිවසක ආහාර පිළියෙල කරන්න ගන්න දෙයක් තමයි පොල්. පොල් ගෙඩිය බිඳලා හැමෝම වගේ කරන්නේ පොල් වතුර ටික විසිකරන එක. ඒත් පොල් වතුරවල මොන තරම්නම් ඖෂධීය වටිනාකමක් තියෙනවද කියලා ඔබ දන්නවද..? එහෙමනම් මෙන්න මේ කරුණු ටික කියවලා බැලුවොත් ඔබ කවදාවත් පොල් වතුර ටික විසිකරන එකක් නැහැ. 1. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි. 2. පොල් වතුර වකුගඩු වල ගල් ඇති වීමේ රෝගය සඳහා සුවය ගෙන දෙනවා. 3. පොල් වතුර මඟින් හිසකෙස් පෝෂණය කරනවා. 4. පොල් වතුර ආහාර ජීර්ණය සඳහා තියෙන හොඳම පිළියමක් වෙනවා. 5. පොල් වතුර ඉතා ඉහල ශක්තිජනක පානයක්. 6. පොල් වතුර මුත්‍රා ආසාදන වලට හොඳ ප්‍රතිකාරයක්. දිනකට පොල් වතුර වීදුරු දෙකක් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම මුත්‍රා ආසාදන සුව කිරීමේ හැකියාව තියෙනවා. 7. පොල් වතුරේ Lauric අම්ලය අඩංගු වන අතර එමගින් ආහාර වල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කරයි. 8. පොල් වතුර පානය මඟින් සම ගැඹුරට ගොස් පෝෂණය කරන අතර සම වියළි ස්වභාවය අවම කරවනවා. 9. රාත්‍රී නින්දට පෙර පොල් වතුර ස්වල්පයක් ගෙන මුහුණේ ඇති ලප කැළැල් වල අලේප කර උදෑසන සෝදා ඉවත් කරන්න. 10. පොල් වතුර පානය වියළි ස්වභාවයෙන් යුතු හිසකෙස් වලට හොඳ ඖෂධයක්. 11. පොල් වතුර පානය මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන්. 12. ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් 13. වතුර වල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්. 14. මස්පිඬු ශක්තිමත් කිරීමටත් අස්ථි වල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර කරයි. 15. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jan 2018 05:09 PM තට්ටය පෑදීමට පිළියමක් හිස කෙස් වර්ධනය කළ හැකි සම් පටකය නිපද වූ පර්යේෂකයින්ට අනුව එම පටකය මත මීයන්ගේ සම මතුපිට වර්ධනය වන ආකාරයෙන්ම ස්වාභාවික හිස කෙස් වර්ධනය වේ. මෙම සම් පටකය බෙහෙත් වර්ග අත්හදා බැලීමේ දී සුපිරි මොඩලයක් වනවා මෙන්ම සමෙහි පිළිකා ඇති වන ආකාරය නිරීක්ෂණය කළ හැකි මාධ්‍යයක් ලෙසද යොදා ගත හැකි බව මහාචාර්ය කොයෙලර්ගේ මතයයි හිස කෙස් හැලී යැම නිසා හිසෙහි තට්ටය පෑදීම පිරිමින් තුළ වැඩි වශයෙනුත්, කාන්තාවන් තුළ සුළු වශයෙනුත් දැකිය හැකි තත්ත්වයකි. මෙම තත්ත්වය තරුණ මෙන්ම වැඩිහිටි පිරිමින් අතර සුලබව දක්නට ලැබෙන අතර මෙය බොහෝ දෙනා හට මානසික වදයක් ගෙන දෙන තත්ත්වයක් බවට පත්ව ඇති බව නොරහසකි. මෙසේ තට්ටය පෑදුනු අයට සහනයක් ගෙන දීම සඳහා හිස කෙස් වර්ධනය වන සමක් (හෙයාරි ස්කින්) විද්‍යාගාරයක් තුළ නිපදවීමට ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා පොලිස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සමත්ව තිබේ. මෙහිදී පර්යේෂකයින් විසින් හිස කෙස් වර්ධනය වන ආකාරයේ උඩු හා යටි තට්ටු වශයෙන් සම් පටකයක් නිර්මාණය කර ඇත්තේ මීයන්ගේ ප්‍රාථමික (ස්ටෙම්) සෛල භාවිත කරමිනි. මෙසේ විද්‍යාගාරය තුළ මාධ්‍යයක් තුළ නිපදවා ඇති හිසකේ වර්ධක සම් පටකය ස්වභාවික හිස කෙස්වලට සමීප සබඳතාවක් පෙන්නුම් කිරීම නිසා දැනට තට්ටය පෑදීම සම්බන්ධව ප්‍රතිකාර කිරීම සඳහා සිදු කෙරෙන බෙහෙත් ප්‍රතිකාරවලදී අත්හදා බැලීම් සඳහා යොදා ගත හැකි බව එම පර්යේෂකයෝ කියා සිටිති. වසර ගණනාවක් පවතින හිස කෙස් හැලී ගොස් තට්ටය පෑදීමේ තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා සොයා ගෙන ඇති ඉතාමත් ඵලදායී අනාගත ප්‍රතිකාරයක් ලෙස ප්‍රාථමික (ස්ටේම්) සෛල ප්‍රතිකාරය හැඳින්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. මේ වනවිට හිස කෙස් වර්ධනය කිරීමේ අරමුණින් සම් පටකයක් නිර්මාණය කිරීමේ ක්රමයන් රැසක් අත්හදා බලා ඇතත් එම කිසිදු ක්‍රමයකට ස්වාභාවිකව හිස කෙස්a වර්ධනය කිරීමේ හැකියාවක් නොමැති බව අනාවරණය වී තිබේ. සාමාන්‍යයෙන් සම සෛල වර්ග 20 ක් හෝ එයට වැඩි ප්‍රමාණයකින් සමන්විත වන අතර මෙතෙක් නිපදවා ඇති සම් පටකවල අඩංගුව ඇත්තේ එම සෛල වර්ග පහක් හෝ හයකි. ප්‍රාථමික (ස්ටේම්) සෛල භාවිතයෙන් සැබෑ ඉන්ද්රියවයන් (ඕගනොයිඩ්ස්&zwnj කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කිරීමට මුලින්ම පෙළඹී ඇත්තේ මහාචාර්ය කාල් කොයෙලර්ය. මහාචාර්ය කොයෙලර් සම් පටක නිපදවීමට යොදා ගන්නා ස්ටේම් න්‍යායාත්මක වශයෙන් කුමන හෝ ඉන්ද්‍රියයක් බවට පත් කිරීමේ හැකියාවක් ඇති තත්ත්වයේ ඒවාය. ඔහු කුඩා ප්‍රමාණයන්ගෙන් අභ්‍යන්තර කතක් නිර්මාණය කර ඒ හරහා බිහිරි බවට ප්‍රතිකාරයක් සොයා ගැනීමටද සැලසුම් කර ඇත. හිස කෙස් වර්ධනය කළ හැකි සම් පටකය නිපද වූ පර්යේෂකයින්ට අනුව එම පටකය මත මීයන්ගේ සම මතුපිට වර්ධනය වන ආකාරයෙන්ම ස්වාභාවික හිස කෙස් වර්ධනය වේ. මෙම සම් පටකය බෙහෙත් වර්ග අත්හදා බැලීමේ දී සුපිරි මොඩලයක් වනවා මෙන්ම සමෙහි පිළිකා ඇති වන ආකාරය නිරීක්ෂණය කළ හැකි මාධ්‍යයක් ලෙසද යොදා ගත හැකි බව මහාචාර්ය කොයෙලර්ගේ මතයයි. ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jan 2018 05:16 PM කහ ලේ පිළිකාවක් සුවකරයි දේශීය ශාක හා කුළුබඩු වර්ග මිනිසාගේ ශරීරයට වැළඳෙන ඇතැම් ප්‍රධාන පෙළේ රෝගයන් සුවපත් කිරීමේ ගුණයකින් යුතු බව පෙරදිග රටවල ප්‍රචලිතව ඇත්තේ අනාදිමත් කාලයක සිටය. මෙම තත්ත්වය නිසාම වර්තමානයේ බොහෝ රූපලාවණ්‍ය ආලේපන වර්ග හා ශැම්පු වර්ග පවා නිපදවනුයේ ඒවා ශාකසාර ඇසුරින් නිපදවූ බවට ප්‍රචාරය කරමිනි. ඒ තරමට ශාක සාර නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවතී. පෙරදිග රටවල ශාක හා කුළුබඩු වර්ග රෝග සුවපත් කිරීමේ ගුණයන්ගෙන් සපිරි බව පිළිගැනුනද බටහිර රටවල වෛද්‍යවරු බොහොමයක් තවමත් ඒ බව පිළිගැනීමට මැළිකමක් දක්වති. එහෙත් පසුගියදා එම තත්ත්වය වෙනස් කරලමින් එක්සත් රජධානියේ වෛද්‍යවරුන් විසින් එරට පළ වන ''ඩේලිමේල්'' පුවත්පතට පවසා ඇත්තේ එරට දිගු කාලයක් තිස්සේ ලේ පිළිකාවක් වන "මයිඑලෝමා" නමැති රෝගයෙන් පෙළෙමින් සිටි 67 හැවිරිදි කාන්තාවක් ඇයට එතෙක් සිදු කරමින් තිබූ සියලු ප්‍රතිකාරයන් නවතා දමා කහ ශාකයේ අඩංගු ප්‍රධානතම සංයෝගයක් වන "කර්කියුමින්" (Curcumin) දිනපතා ගැනීමෙන් රෝග තත්ත්වය සුවපත් කර ගත් බවයි. එම වෛද්‍යවරුන්ට අනුව සාමාන්‍යයෙන් සිදු කරනු ලබන පිළිකා වෛද්‍ය ප්‍රතිකාරයන් නවතා දමා කුළුබඩු ද්‍රව්‍යයක අඩංගු සංයෝගයක් හරහා සිය පිළිකා රෝග තත්ත්වය සුවපත් කරගත් බවට වාර්තා වී ඇති ප්‍රථම රෝගියා 67 හැවිරිදි විශ්‍රාමික කාන්තාවක වන ඩියෙනකේ ෆර්ගසන්ය. ඇය මේ වන විට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවද එකී වෛද්‍යවරු අවධාරණය කර තිබේ. ඩියෙනකේගේ පිළිකාව සඳහා ප්‍රතිකාර කළ ලන්ඩනයේ බාර්ට්ස් හෙල්ත් පදනමෙහි වෛද්‍යවරුන් විසින් මෙම අපූරු පිළිකා ප්‍රතිකාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවලටද ලිපියක් ලියා ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ මෙය සාම්ප්‍රදායික පිළිකා ප්‍රතිකාරයන් වෙනුවට "කුර්කුමින්" සංයෝගය පිළිකා තත්ත්වයක් මැඬලීමට සාර්ථක අයුරින් දායක වූ බවට වාර්තා වී ඇති ප්‍රථම අවස්ථාව බවයි. ඩියෙනකේට ලේ පිළිකාවක් වැළඳි ඇති බවට වෛද්‍යවරුන් හඳුනාගන්නා ලද්දේ වසර 2007 දීය. එතැන් සිට ඇයට කීමෝතෙරපි ප්‍රතිකාරය වට තුනක් ලබා දී ඇති අතර ප්‍රාථමික සෛල (ස්ටෙම් සෙල්ස්&zwnj බද්ධ කිරීම් හතරක් සිදු කර ඇතත් රෝග තත්ත්වයෙහි වර්ධනයක් මිස අඩු වීමක් සිදුව නොමැති බව එම වෛද්‍යවරු කියා සිටිති. මයිඑලෝමා ලේ පිළිකා තත්ත්වයෙන් පෙළෙන රෝගීන් ජීවත් වන කාල සීමාව වසර පහක් පමණ වන අතර එම රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා විට ඩියෙනකේට තදබල කොන්ද ආබාධයක්ද හටගෙන තිබේ. මෙම තත්ත්වය මත වෙනත් මාධ්‍යයක් හරහා දැනගත් "කුර්කුමින්" සංයෝගයෙන් නිපදවූ බෙහෙත් ප්‍රතිකාරයක් අත්හදා බැලීමට ඩියෙනකේ පෙළඹී ඇත්තේ ඇය පිළිකාවෙන් වසර ගණනාවක් දැඩි සේ පීඩාවට ලක්ව සිටි නිසාය. මෙහිදී "කුර්කුමින්" සංයෝගයෙන් ග්‍රෑම් 8 ක් දිනකට ගත යුතු වුවද අප ආහාර පිසීමේදී භාවිත කරන කහ කුඩුවල අඩංගුව ඇත්තේ එම සංයෝගයෙන් සියයට 2 ක ප්‍රමාණයක් නිසා කහ කුඩු ආහාරයට එක් කරගෙන එම සංයෝගය අවශ්‍ය පමණ දිනපතා ශරීරයට ලබා ගැනීමට අපහසු බව ඩියෙනකේ දැන සිටියාය. මේ අනුව පවුම් 5 ක් පමණ මිලැති ග්‍රෑම් 8 ක "කුර්කුමින්" පෙත්තක් දිනපතා ලබා ගැනීමට අසීරුතා මධ්‍යයේ හෝ ඇය පියවර ගෙන තිබිණි. එහෙත් සිදු කරමින් පැවැති සියලුම පිළිකා ප්‍රතිකාරයන් නවතා දමමින් ඇය "කුර්කුමින්" සංයෝග පෙති ලබා ගෙන ඇති අතර කාලයක් ලබා ගත් පසු පරීක්ෂා කළ විට ඩියෙනකේගේ පිළිකා සෛල ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වී තිබෙනු දක්නට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය අබ්බාස් සයිඩ් පවසනුයේ "මයිඑලෝමා" නමැති ලේ පිළිකාවෙන් පෙළෙන ඇතැම් රෝගීන් පෝෂණ ආදේශකය සමඟම පිළිකා ප්‍රතිකාරය කරගෙන යන අතුර කිසිවෙකු ඩියෙනකේ මෙන් පිළිකා ප්‍රතිකාරයන් වෙනුවට පෝෂණ ආදේශකයක් භාවිත කර තත්ත්වය අත්හදා බලා නැති බවයි. මෙම"කුර්කුමින්" ප්‍රතිකාරය ලබා ගත් ඩියෙනකේ පසුගිය වසර පහ පුරාම රෝගය සුවපත් වී නිරෝගී දිවියක් ගත කරන බව ඔහු සඳහන් කර සිටී. කහ කුඩුවල ඇති "කුර්කුමින්" සංයෝගය පිළිබඳව වසර ගණනාවක් පුරා අධ්‍යානයන් 50 කට වඩා සිදු කර ඇති අතර ඒවායින් අනාවරණය වී ඇත්තේ එම සංයෝගය ඇතුළු කහ කුඩු පිළිකා වර්ග ගණනාවක් මෙන්ම ඇල්ෂයිමර් රෝගයෙන් මිනිසා ආරක්ෂා කිරීමට සමත්කමක් දක්වන බවයි. මේ අතර එක්සත් රාජධානියේ මහාචාර්යවරියක වන ඡේමි කැවෙනාග් පවසනුයේ ඇයගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් දැනටමත් සිය රෝගී තත්ත්වයේ විවිධ අදියරයන්ගේ සිට "කුර්කුමින්" ප්‍රතිකාරය ලබා ගන්නා බවත් තමා එයට විරුද්ධ නොවන බවත්ය. මෙම"කුර්කුමින්" ප්‍රතිකාරය ලබා ගත් ඩියොනකේ පසුගිය වසර පහ පුරාම රෝගය සුවපත් වී නිරෝගී දිවියක් ගත කරන බව ඔහු සඳහන් කර සිටී ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jan 2018 05:22 PM නියපොතු දිලීර ආසාදනයට ගොදුරු වන අය අප්‍රසන්න වූ නියපොතු දකින අයට පිළිකුලක් බව අමුතුවෙන් කිව යුතු නැත. සෞඛ්‍යසම්පන්නව සිටීමට නිරෝගී සම, නිරෝගී හිසකෙස් මෙන්ම නිරෝගී නිය පොතුද ඉතා වැදගත් වේ. අපිරිසිදු හෝ රෝගී වූ නිය අප්රසන්නතාව මෙන්ම මානසික ආතතියක්ද ඇති කරනු ඇත. නියපොතු ප්‍රසන්නව ලස්සනට තබා ගැනීම නිරෝගී බව පෙන්නුම් කිරීමේ ලක්ෂණයක් ලෙසට බාහිරින් හඳුනා ගැනීමේ හැකියාව ඇත. අප්‍රසන්න වූ නියපොතු දකින අයට පිළිකුලක් බව අමුතුවෙන් කිව යුතු නැත. සෞඛ්‍යසම්පන්නව සිටීමට නිරෝගී සම, නිරෝගී හිසකෙස් මෙන්ම නිරෝගී නිය පොතුද ඉතා වැදගත් වේ. අපිරිසිදු හෝ රෝගී වූ නිය අප්රසන්නතාව මෙන්ම මානසික ආතතියක්ද ඇති කරනු ඇත. නියපොතු ගැන නොසැලකිලිමත් වීම තුළ දිලීර ආසාදන ඇති වී නියපොතු දුර්වර්ණ වීම, කහපැහැ වීම, ලෙහෙසියෙන් කැසීමට ලක්වීම හා ඝනකම වීම බහුලය. මෙම තත්ත්වයන් බොහෝ විට වේදනාකාරී නොවන නමුත් අවලස්සනට හේතුවක් වනු ඇත. මෙම තත්ත්වය සඳහා ප්‍රතිකාර ඇති මුත් බොහෝ දෙනා මෙය සාමාන්‍ය තත්ත්වයක් යෑයි සලකා ප්‍රතිකාර නොගෙන සිටිති. තවත් පිරිසක් නිවැරදි ආකාරයට ප්‍රතිකාර ලබා නොගනිති. නියපොතුවල රෝග ලක්ෂණ සඳහා බොහෝ හේතු තිබෙන අතර ප්‍රධාන හේතුව ලෙසින් දිලීර ආසාදනය පෙන්වා දීමට පුළුවන. දිලීර ආසාදනයකදී නියපොතුවල ඇතිවන දිලීර ආසාදනවලදී නියපොත්තේ පැහැය වෙනස්වීම හෝ ඝනවීම විය හැක. කිසිදු අපහසුතාවයක් ඇති නොවේ. ඇතැම් විට නියපොත්ත සම්පූර්ණයෙන්ම ගැළවී යැමේ හැකියාව තිබේ. නියපොත්තේ ඇඟිල්ලට සම්බන්ධ කෙළවරේ හම මහත් වී ඝන වීමටද පුළුවන. ඇඟිලිවලට සෞඛ්‍ය සම්පන්න නොවන පෙනුමක් ඇතිවේ. මෙම තත්ත්වයට බහුලව ගොදුරු වන්නේ කවුද? මැදි වයසේ අයට බහුලව වැළදේ. කකුලේ නියපොතු, අතේ ඇති නියපොතුවලට වඩා බහුලව මෙම තත්ත්වයට ගොදුරු වේ. කකුලේ නියපොතුවල ආබාධය අතේ නියපොතුවලට පැතිරී යැමට පුළුවන. එය සිදුවන්න් පාදයේ නියපොතු ඇල්ලීම සහ කැසීම නිසා වෙනි. දෑත් නිතරම තෙත්ව තබා ගන්නා අයගේ ඇඟිලිවලට මෙම ආබාධය වැළඳීමේ අවදානම වැඩිය. එයට හේතුව තෙත්ව පවතින සම සහ නියපොතු පහසුවෙන් දිලීර ආසාදනවලට ලක් වීමයි. එසේම වෙනත් හේතුවක් නිසා නියපොත්ත තුවාල වූ විට එම තුවාල වූ හෝ කඩතොලු වූ නියපොත්ත දිලීර ආසාදනවලට ලක් වීමේ ප්‍රවණතාව වැඩිය. උදාහරණයක් ලෙස පොතුකබර වැනි රෝගී අවස්ථාවන්හි නියපොත්ත කඩතොලු වේ. එවැනි අයට බහුලව නියපොතු ආසාදන ඇතිවේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇති අය ද පහසුවෙන් නියපොතු ආසාදනවලට ගොදුරු වේ. එමෙන්ම දුම්පානය කරන්නන්ගේ මෙම තත්ත්වය වැඩි බව සොයාගෙන ඇත. ඇතැම් විටෙක කිසිම අවදානම් තත්ත්වයක් නැතිව ද මෙම තත්ත්වය ඇතිවිය හැක. ප්‍රතිකාර * නියපොතු කපන විට මෙම නිය පොතු කැපීමට වෙනම නියපොතු කටරයක් තබා ගන්න. එය අනෙක් අත සමඟ හවුලේ භාවිත නොකරන්න. * අතේ නියපොතුවල රෝග ඇති අය වතුරින් අත් ප්‍රවේශම් කර ගන්න. * කකුල්වල ආබාධය ඇති අය ඉදිරියෙන් පළල් සපත්තු පළඳින්න. * සෑම විටම නියපොතු පිරිසිදුව සහ වියළීව තබා ගන්න. * ආලේපන ප්‍රතිකාර ඇත. වෛද්‍ය නිර්දේශය අනුව එම කාලය පුරාවට ආලේපය භාවිත කළ යුතුය. * මුඛ මාර්ගයෙන් ගන්නා දිලීර ඖෂධ ඇත. ප්රතිකාරවලින් සිදුවන්නේ වැවෙන නියපොත්ත නිසි ආකාරව වැවීමයි. එසේ නොමැතිව දුර්වර්ණ වූ නියපොතු යථා තත්ත්වයට පත් වීමක් සිදු නොවේ. කථිකාචාර්ය චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Jan 2018 05:30 PM අපො නියපොතු ජර වුන අය එමටයි .. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jan 2018 11:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jan 2018 11:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jan 2018 11:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jan 2018 11:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 84 of 137 << < 8283848586 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner