You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 85 of 137 << < 8384858687 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2018 11:30 PM

ළමා විය විෂාදයෙන් ඔබේ දරුවා බේරගන්න

http://www.rivira.lk/epaper/diyaniya/2018/01/10/files/assets/common/page-substrates/page0039.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2018 11:33 PM

ළමා විය විෂාදයෙන් ඔබේ දරුවා බේරගන්න

http://www.rivira.lk/epaper/diyaniya/2018/01/10/files/assets/common/page-substrates/page0039.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jan 2018 06:11 PM
ඉතාමත් වැදගත් ලිපියක්..
අද කාලයේ ගොඩක් දරුවන්ට මෙවැනි රෝග තියෙනවා යැයි සිතෙනවා..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jan 2018 05:08 PM

දියවැඩියාව ලෙසට ප්‍රකට රෝග තත්ත්වය ආයුර්වේදයේ විග්‍රහයට අනුව ප්‍රමේහ රෝග විස්‌සට අයත් මධුමේහ රෝග තත්ත්වය ලෙසට පැහැදිලි කළ හැක. මෙම රෝගය ද ආයුර්වේදයට අනුව වාත, පිත්ත, කප ආදී ලෙසට වූ දොaෂ තත්ත්වය ප්‍රකට කර පැනනගී. චිකිත්සාවේදී (ප්‍රතිකාරයේදී) එම භේදය වටහා ගැනීම ඉතාම වටී.
 
 දියවැඩියා රෝග තත්ත්වය ආගන්තුක හේතූන් ඇසුරු කර එනම් ආහාර පාන රටාව, අවිධිමත් ඖෂධ භාවිතය, රසකාරක හා රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර පාන පරිභෝජනය, පැණි රස සහ පිෂ්ටය අධික ආහාර පාන භාවිතය සහ අධික මාත්‍රාවෙන් මත්පැන්වලට භාජනය වීම, ව්‍යායාමයෙන් තොර වීම, දිවා කාලයේ නිදා ගැනීම, මානසික ආතතිය යන කාරණා ආගන්තුක හේතු ලෙසින් ප්‍රධාන වේ.
 
 මෙහිදී රෝගය සුව කිරීම ස`දහා ඖෂධ ප්‍රතිකාර චිකිත්සාව වැදගත් වන තරමටම ඉහත ස`දහන් ආහාර පාන රටා, ඇවතුම්, පැවතුම් ආදිය පාලනය කිරීම ද වැදගත් වේ.
 
 ප්‍රවේණිගත දියවැඩියා රෝග තත්ත්වය (පරම්පරාවෙන් පරම්පරාවට) ඉහත සඳහන් කළ තත්ත්වයට වඩා තරමක්‌ වෙනස්‌ වූවකි. ඇතැම් හෘද රෝග, ආමවාත, අධි රුධිර පීඩනය ආදී ලෙසටම ජානමය හේතූන් නිසා පරම්පරාවෙන් පැවැත එන දියවැඩියා තත්ත්වය ඇති වීමේ හැකියාව ඇත.
 
 කුමන හේතූන් නිසා හට ගත්ත ද මෙම රෝගයේදී ඇති කරන උපද්‍රව එක හා සමානය. මෙහි ඇති භයානකත්වය නම් රෝගය නිසි ලෙස සුවපත් කර හෝ පාලනය නොකළ විට ඇති කරන උපද්‍රව ශරීරයේ බහුවිධ ඉන්ද්‍රියයන් විනාශ කර දැමීමට තරම් ප්‍රබල වීමයි.
 
 එහිදී රෝගය නිසා ඇති කළ යම් යම් වූ උපද්‍රව මාරාන්තික උපද්‍රව බවට ද ස`දහන් කළ හැක. උදාහරණයක්‌ ලෙසට හදවත, මොළය, වකුගඩුවලටයි. ආයුර්වේද විග්‍රහයට අනුව මෙම රෝග තත්ත්වයේදී සිදුවන ප්‍රධානම තත්ත්වය ශරීරරගත ජීව ධාතු ශරීරයෙන් ගිලිහී යැමයි. එසේ වූ කල අදාළ ඉන්ද්‍රියයන් සහ පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරයි. එනිසාම මෙම රෝග තත්ත්වය කෙතරම් භයානකදැයි අවබෝධ කර ගත හැක.
 
 දියවැඩියා රෝගයේදී ශාරීරිකව ඇති කරන වෙනස්‌කම් කිහිපයක්‌ මෙලෙස දැක්‌විය හැක. එනම් ශරීරරයේ අප්‍රාණික බව, නිදිමත ගතිය, අලස බව, අධික පිපාසය, වැඩි වාර ගණනක්‌ මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය, ශරීරය අසාමාන්‍ය ලෙස වැහැරීම යන ප්‍රධාන ලක්‌ෂණ ප්‍රකට ය.
 
 එහෙත් ඇතැම් රෝගීන් තුළින් මේ කිසිදු ලක්‌ෂණයක්‌ විද්‍යමාන නොවීමටට ද පුළුවන. එබැවින් කළ යුතු හො`දම දෙය රෝගයට අදාළ වන රුධිර වාර්තාවක්‌ වසරකට වරක්‌ හෝ පරීක්‌ෂාවකට ලක්‌කර ගැනීමයි. (FඊS)
 
 අතීතයේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ දී මේ ආකාරයට මධුමේහ එනම් දියෑඩියාව තත්ත්වය පරීක්‌ෂා කර බැලීමට උපයෝගී කොට ගත් පරීක්‌ෂණ ක්‍රම කිහිපයක්‌ම පැවැතිණි. ඉන් ප්‍රධාන පරීක්‌ෂණ ක්‍රමයක්‌ ලෙසට යම් කිසි රෝගියකුගෙන් ලබා ගත් මුත්‍ර සාම්පලයක්‌ සුදුසු ස්‌ථානයක තබා ඒ කෙරෙහි ඇදෙන කුහුඹුවන් වැනි සතුන් පරීක්‌ෂණයෙන් ද, මුත්‍රවල පවතින පෙණ ස්‌වභාවය හා ගන්ධය මගින් ද යන ආදී ලෙසට රස, දර්ශන, ගන්ධ ආදී ලෙසට රෝග නිර්ණය කර ගැනීමේ ක්‍රම කිහිපයක්‌ පැවැතිණි. නූතන පරීක්‌ෂණ රටාවලදී රසායනාගාර මුත්‍ර පරීක්‌ෂණවලින් දියවැඩියාව නිර්ණය කිරීමේදී මුත්‍ර සමග පිටවන සීනි සංයුතිය ප්‍රකටව දැකිය හැකි වන්නේ රුධිරයේ සීනි මට්‌ටම 160 ද ඉක්‌ම වූ පසුව ය. එනිසා නවීන පරීක්‌ෂණ ක්‍රම උපයෝගී කර ගන්නා විට පළමුව වඩාත් වැදගත් වන්නේ රුධිරයේ සීනි මට්‌ටම ගණනය කර ගැනීමයි. දෙවනුව මුත්‍රාවල සීනි ප්‍රමාණය බලනු ලැබේ.
 
 අතීතයේ ආයුර්වේද ක්‍රමය තුළ මුත්‍රා පරීක්‌ෂා කර බැලීමේදී රස, ගන්ධ, දර්ශන යන තුනම උපයෝගී කර ගැනීමේදී ඊට ආවේණික රෝගය නිර්ණය කර ශාරීරික ලක්‌ෂණ පරීක්‌ෂා කර බැලීමේදී රෝගය මුලින් හ`දුනා ගනු ලැබූහ. එවිට උග්‍ර ලක්‌ෂණ දක්‌වා රෝගය ඈතට දිව යැමක්‌ නැත.
 
 රෝගය උග්‍ර වූ විට හදවතට ඇති කරන බලපෑම, වකුගඩුවලට බලපෑම, මොළයේ සෛල සහ පර්යන්ත ස්‌නායුවලට ඇති කරන බලපෑම ඇස චර්මය ආදි ඉන්ද්‍රියන්ට ඇති කරන බලපෑම සුළුපටු නොවේ. යහපත් රුධිර සංසරණයක්‌ එනම් ඔක්‌සිජන් වායුව සහිත රුධිර සංසරණයක්‌ නො වීම නිසා සහ ස්‌නායු දුර්වලතාවයට පත් කරන නිසා ඇතැම් තුවාල ආදිය සුව නොවී කොටස්‌ ඉවතක්‌ කිරීමට පවා සිදුවේ. ඉබේ තුවාල ඇති වන තත්ත්වයට පත් වේ.
 
 මධුමේහ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී පළමුව කළ යුතු වන්නේ ශරීරයේ රස සහ රක්‌ත ධාතුව පවිත්‍රතාවයට ඇවැසි උපක්‍රම අනුගමනය කිරීමයි.
 
 එහිදී බලයට සාපේක්‌ෂ මාත්‍රාවෙන් ශෝධන චිකිත්සාවන් එකක්‌ හෝ කිහිපයක්‌ උපයෝගී කරගැනීම වඩාත් යෝග්‍ය ය. නැතිනම් ප්‍රතිකාරය අපවිත්‍ර වූ රෙදි කඩකට සායම් දැමීමේදී ඵලක්‌ නොවන්නා සේ ය.
 
 ඉන්පසු අග්න්‍යාශය ශක්‌තිමත් කිරීමේ වැඩපිළිවෙළට යොමු විය යුතු ය. අග්න්‍යාශගත ඉන්සියුලින් නිෂ්පාදනය කරන බීටා සෛල අකර්මණ්‍ය වූ විට රුධිර ගත සීනි පාලනය කිරීමේ හැකියාව ගිලිහී යයි. දියවැඩියාව වූ කලී එම තත්ත්වයයි. එබැවින් අග්න්‍යාශයේ ඇති එම සෛලවල ශක්‌තිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ස`දහා ගනු ලබන චිකිත්සා උපක්‍රම රෝගය සුව කිරීමේ ප්‍රධානතම කාර්යයයි. ඉන්පසු ක්‍රියාකාරී අග්න්‍යාශයික ශක්‌තිය නො ගිලිහී පවත්වාගෙන යැමට අවශ්‍ය ප්‍රතිකර්ම අනුගමනය කළ යුතු ය.
 
 ස්‌නායු මණ්‌ඩලය සහ උපද්‍රවවලට බ`දුන් වූ ඉන්ද්‍රියයන් කෙරෙහි අවධානය යොමු කර එම උපද්‍රව ස`දහා ද ප්‍රතිකාර ලබාදීම ඊළ`ග කාර්යයයි.
 
 දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාරවලට අනුව දියවැඩියාව නොහොත් මධුමේහ රෝගයේදී කරනු ලබන ප්‍රතිකාර පද්ධතියක්‌ පවතින බව දැන් ඔබට අවබෝධයක්‌ ඇත.
 
 මේ මගින් රෝගයට හේතු වූ කරුණු කාරණා මුලිනුපුටා දැමීම සහ රෝගය නිසා ඇති වූ ශාරීරික දුබලතා යථා තත්ත්වයට පත් කර ගැනීම පුරාණ දේශීය වෛද්‍ය ග්‍රන්ථවල මෙන්ම ආයුර්වේදයේ ග්‍රන්ථවල සටහන්ව ඇති චිකිත්සාවන් සැබැවින්ම විශ්මයජනක බව සැබෑ වනු ඇත.
 
 මෙම රෝග තත්ත්වයට පුරාණ ඖෂධ වට්‌ටෝරු මගින් සාර්ථක ප්‍රතිඵල ඖෂධ ආරම්භ කළ අවස්‌ථාවේ පටන් දැන ගත හැකි වන්නේ නිදිමත, අප්‍රාණික බව, අලස බව ආදී වූ බොහෝ ශාරීරික අපහසුතා මග හැරී යන බව දැනෙන නිසාවෙනි. එතැන් පටන් පියවරින් පියවර රෝගය මැඩ පවත්වමින් ස්‌ථිර සුවය ලබාගැනීමේ හැකියාව ඇත.
 
 රෝගය වෙනුවෙන් ජීවිත කාලය පුරා ඖෂධ ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක්‌ නැත. නමුත් පරිස්‌සම් විය යුතු ය. රෝගියාගේ රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර ගත යුතු කාල සීමාව වෙනස්‌ වනු ඇත. නූතනයේ කාර්ය බහුල ජීවන තත්ත්වය නිසාවෙන් නිපද වූ ඖෂධ භාවිතයට තිබීම සැබැවින්ම රෝගීන්ට පහසුවක්‌ වී තිබේ.
 
 අතීතයේ පොත්පත්වල ඒ පිළිබ`ද සටහන් වී තිබීමෙන් පෙනෙන්නේ පුරාණ සෘෂිවරුන් සෑම කාරණාවක්‌ පිළිබ`දව සිත් යොමු කර ඇති බවකි.
 
 රෝගය පිළිබ`ද, රෝග ලක්‌ෂණ පිළිබ`ද නොමිලේ විස්‌තර දැනගැනීමට අවශ්‍ය නම් 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.

weda4

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jan 2018 05:23 PM

weda1අරළු, බුළු සහ නෙල්ලි යනු ආයුර්වේදයේ ඇති මහා අනර්ඝ ඖෂධ වර්ග තුනකි.
 
 මෙම ඖෂධ වර්ග තුනෙහි ඇති ඖෂධීය ගුණය මගින් ශරීරයේ මතුවන බොහෝ රෝග පීඩා නැති කරයි.
 
 අරළු -
 
 බඩ පිපුම, මළ පහවීම ප්‍රමාදය නැති කරයි. ගුද ඉන්ද්‍රිය ප්‍රාණවත් කරයි.
 
 බුළු -
 
 මුඛයේ වීදුරු මස්‌වල මතුවන රෝග පීඩා දුරු කරයි.
 
 ඇස්‌ කන්වල හටගන්නා දෝෂ වළකාලයි.
 
 සම පැහැපත්ව තබා ගැනීමට උපකාරී වේ.
 
 නෙල්ලි -
 
 රුධිරය පිරිසිදු කරයි. ලිංගික ඉන්ද්‍රියයන් ප්‍රාණවත් කරයි. ශරීරයේ මතුවන විෂ දෝෂ නැති කරයි. සෙම් පිත් රෝග දුරු කරයි.
 
 ආයුර්වේද වෙද පොත ඇසුරිනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jan 2018 05:38 PM

weda2මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගල් සහ පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් වර්තමානයේ බහුලව දක්‌නට ලැබේ. මෙවැනි රෝග හමුවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ඇති ප්‍රතිකාර මොනවාද කියා විමසා බලමු.
 
 වෛද්‍යතුමනි මුත්‍රා පද්ධතිය සහ පිත්තාශය ආශ්‍රිතව ගල් හට ගැනීමට බලපාන හේතුව කුමක්‌ද?
 
 ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙම ගල් ඇතිවීම හඳුන්වන්නේ ආශ්වරී ලෙසිනි.
 
 මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගල් මුත්‍රා ආශ්වරී ලෙසත්, පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් පිත්ත ආශ්වරී ලෙසත් හඳුන්වනවා. මීට අමතරව ශුක්‍රාණු ඝනවීම නිසාත්, ශුක්‍ර ආශ්වරී ලෙස ගල් මතුවෙනවා.
 
 මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගල්
 
 මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් ඇතිවීමට බලපාන හේතු අතර අධිකව මස්‌ මාංශ ආහාරයට ගැනීම ප්‍රධාන හේතුවක්‌ වී තිබෙනවා. මෙහිදී හරක්‌ මස්‌ ආහාරයට ගැනීම විශේෂ හේතුවක්‌ බවට පත්ව තිබෙනවා.
 
 තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම. දිනකට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ප්‍රමාණය පානය නොකිරීම මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වූ විට එය සිදු නොකර සිරකරගෙන සිටීම (මුත්‍රා ධාරණය) වැනි හේතූන් මේ සඳහා බලපානවා.
 
 ශුක්‍රාණු නිසි ලෙස පිට නොවීමේ ගැටලු මතුවූ විට ශුකාණු ඝනවීමක්‌ සිදුවිය හැකිය.
 
 පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල්
 
 ආහාර ජීර්ණයේදී ඇතිවන විෂමතාවන් සහ වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට, ප්‍රධාන වශයෙන් බලපානවා. වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලය ලෙසින් හටගන්නා ඔක්‌සලේටි පදාර්ථ ද මීට හේතුවේ. උදාහරණයක්‌ ලෙස තක්‌කාලි සමඟ හාල්මැස්‌සන් ආහාරයට ගැනීම නිසා ඔක්‌සලේටි පදාර්ථය ඇතිවේ.
 
 පිත්තාශය ගල් ඇතිවීම බහුලව දක්‌නට ලැබෙන්නේ කාන්තාවන් අතරය.
 
 මුත්‍රා ගල් ඇතිවූ විට රෝගියා මුහුණ දෙන අපහසුතා
 
 මුත්‍රා ගල් ඇතිවූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකිය. තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිළි ප්‍රදේශ දක්‌වා ගමන් කරන වේදනාවක්‌ හටගත හැකියි. විශේෂයෙන් මුත්‍රා ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇත්තේ පිරිමි පාර්ශ්වයටයි.
 
 පිරිමි අයට මුත්‍රා ගල් ඇතිවූ විට අණ්‌ඩ කෝෂ එල්ලා වැටීම, තුනටිය ප්‍රදේශයේ එක්‌ පැත්තකට වන්නට තදබල කැක්‌කුමක්‌ ඇතිවීම ද සිදුවේ.
 
 මෙවැනි අපහසුතාවලට අමතරව බඩ දැවිල්ල, උගුරට එන ස්‌වභාවය, කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්‌වා හිරිවැටෙන ස්‌වභාවයක්‌ ඇතිවීම බොහෝවිට දැකිය හැකිය.
 
 මෙවැනි ලක්‌ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවන් ලෙස හඳුන්වා දියහැකියි.
 
 පිටවන මුත්‍රාවල පැහැය තද කහ පැහැතිය.
 
 මුත්‍රා සමඟ රුධිරය පිටවීමද දැකිය හැකිය.
 
 මෙවැනි රෝග ලක්‌ෂණ මතුවන රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාවය ශරීරය වෙව්ලන ස්‌වභාවයක්‌ ඇතිවීම දැකගත හැකිය.
 
 ශුක්‍ර නාළ අවහිරවීම නිසා විවිධ පීඩාවන් ඇතිවේ. මෙහිදී ශුක්‍රාණු ඝනවීම නිසා ඇතිවන ස්‌ඵටික ශුක්‍ර නාළවල සිරවී ශුක්‍රාණු පිටකිරීමේ අපහසුතා ඇතිවී මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරයි. ඇතැම් රෝගීන්ගේ මෙම ස්‌ඵටික මුත්‍රා මාර්ගය ඔස්‌සේ පිටවන අවස්‌ථා දැකිය හැකිය.
 
 මුත්‍රා මාර්ගය ඔස්‌සේ මෙවැනි ස්‌ඵටික සහ මුත්‍රාගල් පිටවීමේදී පිටවන ගල්වල සහ ස්‌ඵටිකවල තියුණු ස්‌වභාවය මත මුත්‍රා මාර්ගය සීරීමකට ලක්‌විය හැකිය. මෙවැනි අවස්‌ථාවලදී මුත්‍රා සමඟ රුධිර පිටවේ. ඊට අමතරව ලිංගය ආශ්‍රිතව දැඩි වේදනාවක්‌ හට ගැනීම මුත්‍රා මාර්ගය ඉදිමීම වැනි ලකෂණද මතුවේ.
 
 ඇතැම් අයට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිංදු කිහිපයක්‌ පිටවේ. මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවුවත් මුත්‍රා පිටනොවීම හෝ ස්‌වල්ප ලෙස මුත්‍රා පිටවීමද බොහෝ දුරට දැක ගත හැකිය.
 
 පිත්තාශයේ ගල් ඇතිවූ විට උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්‌වා විහිදී යයි. මෙවැනි රෝගීන් තුනටිය ආශ්‍රිතව කැක්‌කුම් ඇති නොවේ.
 
 ඇතැම් විට පිත්තාශය තුළ ඇතිවන මෙම ගල් පිත්ත නාළය ඔස්‌සේ පහළ බඩවැල දක්‌වා ගමන් කරයි. එසේ පැමිණෙන ගල් නිසා පිත්ත නාළය අවහිර වුවහොත් ශරීරය සීතලවීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම වැනි අපහසුතා මතුවේ.
 
 මුත්‍රා පද්ධතියේ සහ පිත්තාශයේ ගල් සඳහා ඇති ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
 
 ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව මෙවැනි ගල් ඇතිවීමට බලපාන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන විෂමතාවයන් සහ වැරදි ආහාර ක්‍රම බැවින් ඒවාට නිසි පිළියම් යෙදීමෙන් නැවත මෙම ගල් ඇති නොවන අයුරින් නිට්‌ටාවටම සුව කළ හැකිය.
 
 අතුරු ආබාධ ඇතිවීම සිදු නොවේ. වකුගඩු මගින් ඉතා හොඳින් මුත්‍රා පෙරීම කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මිකතාද දුරුවී යයි.
 
 මේ සඳහා රන්පත වෙද පරපුරෙහි සුවිශේෂී ප්‍රතිකාර වට්‌ටෝරුවලට අනුව සකස්‌ කළ ඖෂධ නිසි මාත්‍රාව අනුව ලබාගැනීමේ පහසුකම් සලසා තිබෙනවා. එනිසා රෝගීන්ට ආයුර්වේද බෙහෙත් අලෙවිසල් ගානේ ගොස්‌ රස්‌තියාදු වීමටද අවශ්‍ය නැහැ.
 
 මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0713009088 හෝ 0713007000 වෙත අමතන්න.

weda3

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jan 2018 08:29 PM
මාර ලෙඩනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Jan 2018 12:09 AM
හේතු සාධක වන ගන්නට ලැබීම වැදගත්. බොහොම ස්තූතියි .තොරතුරු වලට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:19 PM

මොළේට බෙහෙත් දෙන කුකුළු නින්ද

කුකුළු නින්ද හෙවත් දිවා කාලයේ කෙටි නින්දක් ලැබීම කාලය කා දැමීමක් නොවෙයි. ඇත්ත වශයෙන්ම කෙටි නින්ද අපගේ මොළය යළි පුබුදුවාලීමක් සිදු කරනවා. කෙටි නින්ද පිළිබඳව විද්‍යාත්මකව ඔප්පු වූ කරුණු කිහිපයකි මේ.

නින්ද පිළිබඳව පර් යේෂණ සිදුකරන විශේෂඥයන් පවසන්නේ විනාඩි 10–20ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගැනීම මගින් ශරීරයට මිල කළ නොහැකි වාසි අත්වන බවයි. නමුත් ඔබ කෙටි නින්දකින් ශරීරය වෙත ලබාගැනීමට අපේක්‍ෂා කරන කාරණය අනුව මෙය වෙනස් වනවා. උදාහරණයක් ලෙස එමගින් ඔබේ සුපරීක්ෂාකාරී බව වැඩිවනවා. විනාඩි 10–20ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගෙන අවදි වීමෙන් ආවේගයකින් යුතුව හොඳ ජවයකින් කාර්යයන් සිදුකළ හැකි බව විශේෂඥයන් පවසනවා.

විනාඩි 60ක පමණ කෙටි නින්දකින් මතක ශක්තිය යළි පිබිදෙන බව සොයාගන තිබෙනවා. මෙවන් නින්දකින් ඔබට ඔබේ මතකයේ ගැඹුරේ තිබෙන විවිධ කරුණු, විවිධ ස්ථාන සහ මිනිසුන්ගේ මුහුණුවර නැවතත් අලුත් කරගන්න පුළුවනි. මෙහි අවාසිය වන්නේ අවදිවීමේදී හිස කරකැවිල්ල සහ කම්මැලි ස්වභාවයක් ඇතිවීමයි.

විනාඩි 90ක කෙටි නින්දක් දිගු වෙලාවක සම්පූර්ණ නිදි  චක්‍රයකට සමාන වනවා. මෙවන් නින්දක් ලබා අවදිවීමෙන් පසුව නිර්මාණාත්මක, මනෝභාවාත්මක මතක ශක්තියක් වර්ධනය වී නිර්මාණාත්මක ක්‍රියාවන්වල නිරත වන්නට හැකිවන බව වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා.

“PubMed” සඟරාවේ පල වූ කෙටි නින්ද පිළිබඳව කළ අධ්‍යයන වාර්තාවකට අනුව දිවාකාලය තුළ විනාඩි 5-10ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගන්නා පුද්ගලයින්ට එවන් නින්දක් ලබා නොගන්නා පුද්ගලයින්ට වඩා වැඩි පරීක්ෂාකාරී බවක් සහ ඥානයක් වර්ධනය වන බව සඳහන් වනවා. ඒ වගේම, විනාඩි 10–20ත් අතර කෙටි නින්ද මගින් ශරීරය නැවත ප්‍රාණවත් වන අතර විනාඩි 60–90ත් අතර තරමක් දිගු නින්දකින් සම්පූර්ණ වශයෙන්ම ශරීරය පුබුදුවාලීම සිදු කරගන්නට පුළුවන්.
ඔබ මේ කෙටි නින්ද ලබාගැනීමේදී බෙල්ල සුවපහසු ආකාරයකට තබාගෙන යම්කිසි ආසනයක වාඩිවී කෙටි නින්ද ලබාගන්න. එයින් ඔබට දිගු නින්දක් ලැබීම වළක්වනවා. ඒ, දිවාකාලයේදී වඩාත් දිගු නින්දක් ලැබීමෙන් මොළයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන නිසයි.

ජපානයේ විවිධ ආයතනවල සේවකයින්ගේ ඵලදායීතාවය වර්ධනය කරගන්නට සේවා කාලය තුළ කෙටි නින්දක් ලබා ගැනීමට අවසර දෙන බව ඔබ අසා ඇති. ඔබත් දිවා කාලය තුළ මේ ආකාරයේ කෙටි නින්දක් ලබාගන්න. ඔබ සේවය කරන අයෙක් නම් ඔබේ සේවා ස්ථානයේ ප්‍රධානියා ඒ බව ඔබෙන් ප්‍රශ්න කළ විට විද්‍යාව විසින් ඒ බව තහවුරු කර ඇති බව ඔහුට පහදා දෙන්න බැරිකමක් නෑ.

Sleep Science

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:26 PM

පිරිමිකම රැකෙන කෑම බීම

පිරිමිකම රැකදෙන හෝර්මෝනය හැටියට හැඳින්වෙන්නේ ටෙස්ටෝස්ටෙරෝන් හෝර්මෝනයයි. එය පිරිමි පුද්ගලයෙකුගේ ලිංගික හැකියාව වර්ධනය කිරීමට, මනෝභාවයට බලපෑම් ඇති කිරීමට සහ මාංශ පේශි වර්ධනය සඳහාත් අතිශය වැදගත් වන හෝමෝනයක්. ශරීරයේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වර්ධනය වන තරමට එම පුද්ගලයාගේ මාංශ පේශී වර්ධනය වීමත් සිදුවනවා. වයස්ගත වීමත් සමගම ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝන මට්ටම අඩුවීම සාමාන්‍ය කරුණක්. මෙම නිසයි වයස්ගත වීමත් සමඟ විවිධ මනෝභාවත්මක වෙනස්කම් පවා ඇති වන්නේ.

මේ නිසා ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වර්ධනය කර ගැනීමට සිදු කළ හැකි ස්වභාවික පිළියම් කිහිපයක් දේශය පාඨක ඔබ වෙත ගෙන එමටයි අද අපි සූදානම් වන්නේ.

වැඩිපුර මත්පැන් පානය කිරීමෙන් වළකින්න

ඇල්කොහොල් ඔබට අවශ්‍යම නම් කලාතුරකින් පානය කිරීම මෙම හෝමෝනයට දැඩි බලපෑමක් එල්ල නොකෙරුවත් වැඩි වශයෙන් ඇල්කොහොල් පානයට ඇබ්බැහි වීමෙන් ශරීරය තුල ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය කඩා වැටීමක් සිදු වනවා. මෙය අධ්‍යයනයන් මගිනුත් තහවුරු කර ඇති කරුණක්. අධික ලෙස ඇල්කොහොල් පානය කරන අයෙකුගේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය 25% ප්‍රතිශතයකින් පමණ කඩාවැටීමක් සිදුවනවා.

ඇල්කොහොල් සතුව විශාල කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා උදරයේ මේදය වැඩි ලෙස තැම්පත් වී උදරය ඉදිරියට නෙරා ඒමත් ඇති වනවා.

ශරීරයේ මේදය අඩු අගයකට පත් කර ගන්න

ශරීරයේ මේද ප්‍රතිශතය වැඩිවීම නිසා ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝන මට්ටම අඩුවන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. ශරීරයේ මේදය නිසි අගයකට පත්කර ගැනීම සඳහා පහසුවෙන්ම අනුගමනය කළ හැකි ක්‍රියාවන් වන්නේ ආහාර පාලනයක් සිදුකිරීම (ආහාර වේල් හිතා මතා මගහැරීම නොවෙයි) සහ ව්‍යායාමවල නිරතවීමයි. ප්‍රෝටීන් වලින් පොහොසත්, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට අඩංගු සහ අසම්තෘප්ත මේදය සහිත ආහාර පරිභෝජනය කරන්න.

ප්‍රෝටීන් අඩංගු ආහාර කිහිපයක්: හරක් මස්, සම රහිත කුකුළු මස්, මාළු, බිත්තර සහ බල මාළු.

කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර කිහිපයක්: ඔට්මීල්, රතු සහල්, අර්තාපල්, බතල, සුදු පාන් සහ සියලුම එළවළු සහ පළතුරු වර්ග.

අසංතෘප්ත මේදය සහිත ආහාර කිහිපයක්: අලිගැටපේර, මත්ස්‍ය තෙල්, ඔලිව් තෙල්, කජු සහ කොට්ටං

සෞඛ්‍යය සම්පන්න මේදය නිසි ලෙස ආහාරයට ගන්න

අප පරිභෝජනය කරනු ලබන ආහාර මගින් ශරීරයට හිතකර වන මේදය සහ අහිතකර වන මේදය යන දෙකම ශරීරයට ලැබෙනවා. මේ අතරින් අප තෝරා බේරා ආහාරයට ගත යුත්තේ සෞඛ්‍යය සම්පන්න මේදය පමණයි.

සෞඛ්‍යය සම්පන්න මේදය: අසංතෘප්ත මේදය, “mono saturated” මේදය යන මේද සෞඛ්‍යය සම්පන්න වන අතර මේවා අලිගැටපේර, මත්ස්‍ය තෙල්, කජු සහ කොට්ටං යන ආහාරවල අන්තර්ගත වනවා.

සෞඛ්‍යයට අහිතකර වන මේදය: “Trans” මේදය හයිඩ්‍රජනීකෘත මේදය සෞඛ්‍යයට අහිතකර මේදය වන අතර මේවා ඩෝනට්ස්, සැකසූ ආහාර, බිස්කට් වර්ග සහ වෙනත් රසකාරක යෙදු ආහාරවල බහුලව අන්තර්ගත වනවා.

ඔබ පරිභෝජනයට ගනු ලබන ආහාර වල සෞඛ්‍යයට අහිතකර වන මේදය අඩංගු වනවා දැයි හොඳින් නිරීක්ෂණය කර ආහාර ලබාගන්න. සෞඛ්‍යයට හිතකර වන මේදය ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වර්ධනය කර ගැනීමට අත්‍යාවශ්‍ය අංගයක් වනවා.

ප්‍රමාණවත් පරිදි ආහාර ලබාගන්න

ඔබ කුසගින්නේ සිටිනා විටත් සිදුවන්නේත් ඔබේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය මට්ටම පහළ වැටීමයි. ඔබ මාංශ පේශී වර්ධනයක් බලාපොරොත්තු වනවා නම් නිසිලෙස ප්‍රමාණවත් පරිදි ආහාර ලබාගෙන කුස පුරවා ගත යුතු වනවා. එමගින් ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය නිසි ලෙස වර්ධනය කර ගන්නට පුළුවන්. මාංශ පේශීවල ඉක්මන් වර්ධනයක් අපේක්‍ෂා කරන පුද්ගලයෙක් දිනකට කුඩා ප්‍රමාණයේ ආහාර වේල් 5-6 ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීම වඩාත් ඵලදායී වනවා. නමුත් ඔබ ප්‍රධාන ආහාර වේල් තුනකට හුරැවී සිටින අයෙක් නම් එය දිගටම අනුගමනය කරන්න.

ව්‍යායාම

සෑම ව්‍යායාමයක්ම සිදු කිරීම මගින් ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වර්ධනය නොවුනත් ඔබ දිවීම, හයියෙන් ඇවිදීම, පිහිනීම, පැයට සැතපුම් 10ක් බයිසිකල් පැදීම වැනි “vigorous” ව්‍යායාම සිදුකරනවා නම් ඔබේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වර්ධනය කර ගන්නට පුළුවන්. දිගැදීම් ව්‍යායාම සහ බර එසවීමේ ව්‍යායාම වැනි විවිධ ව්‍යායාම සතියකට වාර දෙක තුනක් විනාඩි 45ක් පමණ සිදුකිරීම මගින් මස් පිඬු වර්ධනය කරගත්තත් ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වර්ධනය සඳහා වැදගත් වන්නේ ඇවිදීම, දිවීම, පිහිනීම, පාපැදි පැදීම, බරක් සමඟ කඳු නැගීම වැනි “vigorous cardio” ව්‍යායාම විනාඩි 15-20 ත් අතර සිදු කිරීම ප්‍රමාණවත් වනවා.

මානසික ආතතිය දුරු කර ගන්න

ඕනෑම වර්ගයේ ආතතීමය ස්වභාවයක් නිසා “cortisol” හෝමෝනය වර්ධනය වීමක් සිදුවනවා. මෙම හෝමෝනය මගින් මාංශ පේශී පටක දිය කිරීමක් සිදුකරන අතර මේදය තැම්පත්වීම වැඩිකර ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනයට සෘණාත්මක බලපෑමක් ඇති කරනු ලබනවා.

මෙනිසා ඔබ ප්‍රමාණවත් පරිදි නිදාගන්න, පොත් කියවන්න, විනෝදාත්මක කාරණාවක යෙදෙන්න, එමෙන්ම භාවනා ආදිය සිදු කරමින් මානසික ආතතිය කෙසේ හෝ දුරු කර ගන්න.

උද්වේගාත්මක තරග රසිකත්වය

සෑමවිටම පිරිමි පුද්ගලයින් තරඟකාරී ක්‍රීඩාවලදී දැඩි ජවයක් පෙන්නුම් කරනු ලබනවා. එම නිසයි තරඟකාරී ක්‍රීඩා අප සෑමවිටම කම්මැලිකමකින් තොරව රස විඳින්නේ. මෙවන් ක්‍රීඩාවක් සිදුකරන පුද්ගලයින්ට අමතරව මෙවන් ක්‍රීඩාවකට දැඩි රසිකත්වයක් දක්වන රසිකයින්ගේ පවා ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වර්ධනය වන බව නවතම අධ්‍යයනයන් මගින් සොයාගෙන තිබෙනවා.

උදාහරණයක් ලෙස ඔබ ප්‍රියකරන ක්‍රිකට් තරඟයක් ගමු. ඔබ තරඟය මුලසිටම යම් කණ්ඩායමක් වෙත සහාය දක්වමින් තරඟයට දැඩි ඇල්මක් දක්වමින් නරඹා එම තරඟය ඔබ ප්‍රියකරන කණ්ඩායම ජයගත් අවස්ථාව වනවිට ඔබ දන්නෙම නැතිව ඔබේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වැඩි අගයක් ගනු ලබන බව සොයාගෙන තිබෙනවා. ඒ හා සමගම පරාජිත කණ්ඩායමේ රසිකයින්ගේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය පහළ අගයකට පත් වනවා. මේ නිසයි ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය වර්ධනය කර ගැනීම සඳහා උද්වේගාත්මක තරඟවලට දක්වන උනන්දුව ඉහළ දමාගත යුත්තේ. 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:35 PM

වීඩියෝවට, රූපවාහිනියට ඇබ්බැහිකම රෝගයක්?

රූපවාහිනිය සහ වීඩියෝ ගේම්ස් වැඩිපුර භාවිතය නිසා දරුවාගේ මොළයට හානිවන බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. තවද මෙමඟින් දරුවාගේ නිර්මාණශීලී හැකියාව මොට්ටවීම හෝ මානසික අවපීඩන තත්ත්වයට දරුවා ගොදුරු වීමද සිදුවිය හැකිය.

බිනරට වයස අවුරුදු 13 යි. ඔහු කුඩා කාලයේ දී ඉගෙනීමට දක්ෂයෙක්. ඒ වගේම තමයි ක්‍රීඩාවටත් දක්ෂයෙක්. බිනරගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයක. ඒ දෙන්නා වැඩ ඇරිලා ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. බිනර පාසල් ගොස් පැමිණි පසු කරන්නේ ටී.වී. බලන එක තමයි. දැන් වසරක පමණ කාලයක සිට බිනරට අලුත් පුරුද්දක් ඇතිවෙලා තියෙනවා. ඒ තමයි වීඩියෝ ගේම්ස් සෙල්ලම් කිරීම. බිනර මේ වැඩේ වෙනුවෙන් දවසකට පැය තුනක් හෝ හතරක් වෙන් කරලා තියෙනවා. දැන් බිනරට ප්‍රශ්න රැසකට මුහුණදෙන්න වෙලා තියෙනවා. ඒවා තමයි...

එකතැන වැඩි වේලාවක් රැඳී සිටිය නොහැකි වීම

නිතර තරහා යාම

අමතක වීම

කල්පනා ශක්තිය අඩු වීම

නිතර සිහිනෙන් බිය වීම

වෛද්‍ය නිගමනයන්ට අනුව බිනර විශාදය එහෙම නැත්නම් මානසික අවපීඩනය කියන තත්ත්වයට පත්වෙලා තියෙනවා. බිනරට මෙවැනි දෙයකට මුහුණදෙන්න සිද්ධ වූයේ නිතර නිතර ටී.වී. බැලීමත් වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වීමත් නිසා යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත.

අපි දැනටමත් දන්නවා දරුවාගේ මොළයේ වර්ධනයට බලපාන ප්‍රධාන සාධකය බාහිර සමාජයෙන් ලබාදෙන උත්තේජ බව. දරුවකුගේ මොළයේ වර්ධනයට රූපවාහිනිය උදව් වෙනවා කියලා අප සමාජයේ හැඟීමක් තියෙනවා. ඔව්. රූපවාහිනිය තුළින් දරුවකුට එක්තරා මට්ටමකට උපකාරයක් තිබෙනවා තමයි. විශේෂයෙන්ම දරුවාට විද්‍යාත්මක දැනුම ලබාගැනුමට හා භාෂා දැනුම දියුණු කර ගැනීමට රෑපවාහිනිය උපකාර වෙනවා. එහෙත් රූපවාහිනියට ඇබ්බැහි වීම තුළින් දරුවාට සිදුවන හානිය බොහෝය. ඒ බව අද වන විට විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබෙනවා.

1. දිනකට පැය හතරකට වඩා එකදිගට ටී.වී. බලන දරැවන් තරබාරු වීමේ ප්‍රවණතාව වැඩියි.

2. වැඩිපුර රූපවාහිනිය නරඹන දරැවාගේ කියවීමේ හැකියාව අඩුයි. මීට හේතු වශයෙන් වෛද්‍යවරු පවසන්නේ රෑපවාහිනී තිරයේ දිස්වන දර්ශන මගින් වම්පස මොළයේ භාෂාවට අදාළ කොටසේ වර්ධනය හීනවන බවයි.

3. වේගවත් ලෙස වෙනස් වන රෑප සහ දර්ශන, තද වර්ණ, වේගවත් රෑප චලන, ක්ෂණිකව ඇතිවන ඝෝෂාකාරී ශබ්දයන් තුළින් දරුවාගේ අවධානය අඩු වේ. එනිසා දරැවා තුළ ඉගෙනීමේ දුබලතාවක් හටගත හැකිය. රූපවාහිනිය තුළ දක්නට ලැබෙන ඇතැම් දේවල් තුළින් දරුවාගේ මනස විකෘති වීමක් ද සිදුවිය හැකි වෙනවා. විශේෂයෙන් දුම්පානය, ඇතැම් ආහාර පිළිබඳ දැන්වීම් තුළින් මෙවැනි විකෘති වීමක් සිදුවිය හැකි වෙනවා. දරුවාගේ ලෝකය තුළ සිටින වීරයන් (නළු නිළියන්, ගායක ගායිකාවන්) දැන්වීම්වල පෙනී සිටීමෙන් ඔවුන්ගේ මනසට වැරදි වැටහීම් රැසක් ඇතුළු වෙනවා.

මෙවැනි තත්ත්වයන්ගෙන් දරුවා මුදවාගැනීමට නම් දරුවා රූපවාහිනිය නරඹන අවස්ථාවේ දී ඔබත් දරුවා සමඟ වාඩි වී ඒ ඒ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම දරුවන්ට රූපවාහිනිය සමඟ ගැවසීම දිනකට පැයකට පමණ සීමා කළ යුතු වෙනවා. ඔබේ දරුවා දැනටමත් අවධානය පිළිබඳව ගැටලුවකින් පෙළෙන්නේ නම් සම්පූර්ණයෙන්ම රූපවාහිනිය නතර කළ යුතුය.

ඒ වගේම තමයි වීඩියෝ ගේම්ස් තුළින් මවන සිහින ලෝකය තුළත් දරුවා අතරමං වෙනවා. යථාර්ථ ලෝකයක් මායා ලෝකයක් තුළ රැඳෙන දරුවාගේ හැඟීම් පාලනය බොහෝ දුරට පහළ තත්ත්වයට වැටෙනවා. ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියා අඩංගු වීඩියෝ නිසා එහි චරිතවලට දරුවා ඇතුළු වෙනවා. උදාහරණ වශයෙන් වෙඩි තියන පුද්ගලයන් දැකගත හැකිය.

මේ අනුව ඔබත් ඔබේ දරුවාගේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩාව පැයකට සීමා කරන්න. ඌණ අවධානය සහිත දරුවන්, අධික්‍රියාකාරී දරුවන් නම් සම්පූර්ණයෙන්ම ඔහු හෝ ඇය වීඩියෝ ගේම්ස් තුළින් වහාම ඈත් කළ යුතු වෙනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:40 PM

පිළිකාව ජය ගන්නට ගිලනුනට සහය වෙමු

ශ්‍රී ජයවර්ධනපුර ජාතික හෙද විදුහලේ හෙද ආචාරිනී, කේ.එච්.ආර්. සන්ධ්‍යානි ද සිල්වා

 පිළිකාව, බෝ නොවන රෝග අතරින් ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතින ප්‍රධානත ම රෝගයකි. පිළිකාව යනු පාලනයකින් තොරව අසාමාන්‍ය හා අවිධිමත් ලෙස සෛල බෙදීම නිසා ඇති වන තත්වයකි. මෙම රෝගය වැලඳීමට හේතුවන සාධක අතරින් අයහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රධාන තැනක් ගනී. පිළිකාවන්ගෙන් 1/3 ක් නිරෝගී ජීවන රටාවකින් අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකිය. නිදසුන් වශයෙන් යහපත් ජීවන රටාවක් අනුගමනය කිරීමට පුරුදුවීම, හොඳ ආහාර පුරුදු ඇති කර ගැනීම, ව්‍යායාම්වල ‍නිරත වීම, මත්පැන්, දුම්කොළ හා දුම්වැටි භාවිතයෙන් වැළකීම වැදගත් තැනක් ගනී.

පිළිකාව ජාති, ආගම්, කුල භේදයකින් තොරව ඕනෑම වයස් මට්ටමක පසුවන පුද්ගලයෙකුට වැලඳිය හැකිය. රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවී මුල් අවස්ථාවේදීම ප්‍රතිකාරවලට යොමුවීමෙන් පිළිකා රෝගය සුවර ගැනීමේ හැකියාව වැඩිවේ.

මෙය, බෝ නොවන රෝගයකි. එම නිසා අසරණ පිළිකා ‍රෝගීන් හට සත්කාර, උපකාර කිරීමට සැක උපදවා ගත යුතු නැත. රෝගයට ප්‍රතිකාර කිරී‍මේදී මෙම රෝගීන් විඳින වේදනාවන් හා අනෙකුත් ශාරීරික, මානසික අපහසුතාවන් මඟ හරවා ගැනීමට වෛද්‍ය උපදෙස් මත රෝගියාට සහය වීම පවුලේ මෙන් ම ප්‍රජාවගේ ද වගකීමකි. පිළිකාවට ගොදුරු වීමෙන් මානසික කම්පනයටත්, ශාරීරික අපහසුතාවයටත්, තමන්ගේ හා පවුලේ හෙට දවස ගැන සැකයටත්, ළතැවුලටත් පත් අසරණ රෝගීන් හට උපරිම සෞඛ්‍ය හා උපදේශන සේවා දැන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී, ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ගේ සිතැඟි වලට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කිරීමට සහය ලබාදීමෙන් ඔවුන්ගේ මානසික මට්ටම යහපත් හා ධනාත්මක ලෙස ඉහළ මට්ටමකට ළඟ‍ා කර ගත හැකිය.

රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරතුරදී

රෝගියා කොන් ‍නොකිරීම

රෝගියාට මුල් තැනක් දී කටයුතු කිරීම,

පව‍ුලේ සාමාන්‍ය කටයුතුවලට ඔහුව / ඇයව සහභාගි කර ගැනීම තුළින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම,

ජීවත්වන වටපිටාව සුන්දර, සැහැල්ලු බවක් ඇතිකරලීමට කටයුතු කිරීම,

ජනමාධ්‍ය භාවිතා කිරීමට (ගුවන් විදුලියට සවන්දීම, රූපවාහිනිය නැරඹීම, පුවත්පත්, සඟරා, පොත්පත් කියවීම) උපකාර කිරීම,

ආගමික වතාවත්වල යෙදීමට සුදුසු පරිසරයක් සකස් කර දීම,

පෝෂණ ගැටලු අවම වන පරිදි රුචිකත්වයට ගැළපෙන අයුරින් ආහාර සපයා දීම ඉතාම වැදගත් වේ.

ප්‍රතිකාර කිරීම ඇරඹීමත් සමඟ ම රෝගියාට මුහුණ දීමට සිදුවන ශාරීරික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කිරීම අප සැමගේම වගකීමකි.

රෝගියාගේ ශාරීරික ගැටලු සමනය කර ගැනීම සඳහා

වේදනාව සමනය කර ගැනීමට වෛද්‍ය උපදෙස් පරිදි වේදනා නාශක ලබාදීම.

නිසි පෝෂණය හා ආහාර මාර්ගයේ ඇතිවන සංකූලතා (ඔක්කාරය, වමනය වැනි) මග හැරවීමට උදව් කිරීම.

ප්‍රතිශක්තිකරණය අවම වීමෙන් ඇතිවන සංකූලතා මග හැරීමට කටයුතු කිරීම.

තුවාල වලට නිසි පරිදි සැරහුම් යෙදීම.

රෝගියාගේ මානසික සුවය හා ගැටලු සමනය කර ගැනීම සඳහා

 සවන්දීම.

සුහදව කතාබහේ යෙදීම.

ආගමික කටයුතු සංවිධානය හා සහභාගිත්වයට උපකාර කිරීම.

අවශ්‍ය විට වෛද්‍ය හා උපදේශන සේවාවන් ලබා ගැනීමට ආධාර ලබාදීම.

පවුලේ කටයුතු වලදී

දරුවන්ගේ රැකවරණය, අධ්‍යාපනය පිළිබඳව විමසිලිමත්ව සොයා බැලීම හා

අඹුසැමි සබඳතා රැක ගැනීම සඳහා අවශ්‍ය උපදේශන ලබා දීම.

රැකියාව හා ආර්ථික තත්ත්වය

රෝගියාගේ රැකියාව සම්බන්ධව පැන නැගිය හැකි ගැටලු, ආදායම් තත්වය සහ වියදම් සම්බන්ධව ඇතිවන ගැටලු වලට උදව් ලබාදීමට අවශ්‍ය නම් අදාළ ආයතනවල සහය ලබාදීමට කටයුතු සලස්වා දීම.

උපදේශන සේවා ලබාගත හැකි රාජ්‍ය ආයතන

අපේක්ෂා රෝහල - ජාතික පිළිකා ආයතනය - මහරගම

පළාත්, දිස්ත්‍රික් මහ රෝහල් ආශ්‍රිතව පිළිකා මර්දන ප්‍රතිකාර ඒකක

පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය - නා‍රාහේන්පිට. මීට අමතරව සහන සේවා සපයන ස්වෙච්ඡා ආයතනවලට යොමු කිරීමෙන් උපදේශන හා ආධාර ලබාගත හැකිය.

පිළිකාවෙන් පීඩාවට පත් අසරණ රෝගීන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා අයදුම්පතක්, නිවැරදිව සම්පූර්ණ කරන ලද වෛද්‍ය සහතික හා ග්‍රාම සේවා සහතික සමඟ ලබා දීමෙන් ආධාර ලබා ගත හැක.

මීට අමතරව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින්, ග්‍රාම නිලධාරි හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි මඟින් උපදෙස් හා උපකාර සේවාවන් රෝගියාට ලබා ගත හැක.

බෝ නොවන රෝග අතරින් ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතින පිළිකාව ජය ගැනීමට සුවහසක් රෝගී දනන් හට උපකාර, සත්කාර කිරීමට කිසිවි‍ටෙක දෙවරක් නොසිතන්න.

සටහන - සුජීව තේවහෙට්ටිගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:50 PM

පිරිමින්ට කරදර ‍දෙන පුරස්ථ ග්‍රන්ථයේ ඉදිමීම

ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයෙන් පිරිමින්ට අනන්‍ය වූ ඉන්ද්‍රියක් වන පුරස්ථ ග්‍රන්ථිය (Prostate) පෞරුෂ ග්‍රන්ථිය ලෙසින් ද ආයුර්වේදයේ හැඳින්වේ. මෙම ග්‍රන්ථිය ඇතුළතින් පිරිමින්ගේ බාහිර මුත්‍රා මාර්ගය පිහිටා ඇත.

පිරිමි ක්‍රියාකාරකම් හා සම්බන්ධ බොහෝ හෝර්මෝන වර්ග මෙම ග්‍රන්ථිය ආශ්‍රිතව නිපදවේ. ශුක්‍රාණු නිකුත් කිරීම මෙන්ම ලිංගික ක්‍රියාවලියේ දී මෙම පෞරැෂ ග්‍රන්ථියට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි.

පිරිමි දරුවකුගේ ළමා කාලයේ දී මෙම ග්‍රන්ථිය ඉතා කුඩාවට පිහිටයි. නමුත් ගැහැනු දරුවකු වැඩිවියට පත්වනවා සේම පිරිමි දරුවා ද නිසි වයසේ දී වැඩිවියට පැමිණෙයි. බොහෝ විට ඔහුට වයස අවුරුදු දාහතරක් පමණ පසුවන විට ද්විතීක ලක්ෂණ මතු වේ.

ද්විතික ලක්ෂණ මතුවෙද්දී පිරිමි දරුවන්ගේ පෞරුෂ ග්‍රන්ථිය ද ක්‍රමයෙන් විශාල වේ. එය සාමාන්‍ය තත්ත්වයකි. යම් කාලසීමාවක දී මෙම ග්‍රන්ථිය විශාල වීම නතරව සාමාන්‍ය ප්‍රමාණයට පත් වේ. හෝර්මෝන වර්ග පරිවර්තනය වීම, හෝර්මෝන වර්ග වෙනස් වීම ආදිය මේ කාලයේ දී සිදු වේ.

සාමාන්‍යයෙන් ඇතැම් පිරිමින්ගේ වයස අවුරුදු හතළිස් පහ, පනහ පසුවෙද්දී මේ තත්ත්වය නැවතත් වෙනස් වේ. එනම් හෝර්මෝනවල යම් යම් වෙනස්කම් හේතුවෙන් මෙම ග්‍රන්ථිය නැවතත් විශාල වීමට පටන් ගනී. එය ඇතැම් විට අක්‍රමවත්ව සිදු වේ. අවසානයේ දී කාලයක් යද්දී මෙය රෝගයක් දක්වා දුරදිග යයි.

එමෙන්ම ඇතුළතින් පිටතට එනු ලබන මුත්‍රා තදවීමක් ද සිදු වේ. ඇතැම් විට මේ තත්ත්වය තවත් දරුණු වීම නිසා මුත්‍රා පිටකිරීමට අපහසු වේ.

රෝග ලක්ෂණ

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ මුත්‍රා පිටකිරීමේ දී ඇතිවන අපහසුතාවයි.

මුත්‍රා කිරීමට අවශ්‍ය වුවද මුත්‍රා කිරීමේ දී මුත්‍රා පිටනොවීම.

සාමාන්‍ය පිරිමියකුගේ මුත්‍රා ඈතට විහිදේ. නමුත් මෙම රෝගීන්ගේ මුත්‍රා එසේ ඈතට පිටවීමක් සිදුනොවේ.

නිතර නිතර මුත්‍රා පිටකිරීමට සිදු වේ.

මුත්‍රා අවසන් කිරීමේ දී කඩින්කඩ නතර වේ. 

මුත්‍රා දැවිල්ල

රුධිරය සමඟ මුත්‍රා පිටවීම.

මේ තත්ත්වය වැඩි වූ විට මුත්‍රා පිටවීමක් සිදුනොවේ.

මේ තත්ත්වය අවසානයේ දී ඉතා අපහසු තැනකට එයි. එවිට බාහිරව මුත්‍රා මාර්ගය තුළින් මුත්‍රා බට යොදා මුත්‍රා එළියට පිටකිරීමට සිදු වේ. මේ හේතුව නිසා මුත්‍රා ආසාදනයක් ඇතිවීමට ද පුළුවන. එමෙන්ම වෙනත් ඉන්ද්‍රියන්වලට හානි සිදුවීමට ද මේ තත්ත්වය හේතු වේ. විශේෂයෙන් වකුගඩුවලට හානි සිදුවිය හැකිය.

මෙය සැබැවින්ම සැලකිලිමත් විය යුතු රෝගයකි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය හඳුන්වනු ලබන්නේ Prostate Enlargement නමිනි. නමුත් පෙර සඳහන් කළ පෞරුෂ ග්‍රන්ථිය විශාල වීමේ රෝග තත්ත්වය ඉතා දරුණු වූ විට එය පිළිකාමය තත්ත්වයක් බවට ද පත්විය හැක. පිරිමින්ගේ පිළිකාවක් සෑදිය හැකි ප්‍රධාන ඉන්ද්‍රියක් ලෙසින් මෙම ඉන්ද්‍රිය හැඳින්විය හැක. මෙම පිළිකාමය තත්ත්වයක් ඇති වූ විට එය තරමක් බරපතළ වේ. එවිට ඇතැම් විට මෙම ඉන්ද්‍රිය සැත්කම් මගින් ඉවත් කිරීමට සිදු වේ.

පෞරුෂ ග්‍රන්ථිය විශාල වූ විට ඇතැම් රෝගීන්ට මුත්‍රා බට යොදා මුත්‍රා පිටකිරීමට බෑගයක් එල්ලීමට ද සිදු වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝග තත්ත්වයේ දී කරනු ලබන ප්‍රතිකාරවලින් සියයට සියයක්ම රෝගය සුවකරගත හැකි ප්‍රතිකාරයක් නොමැත. මේ නිසා බොහෝවිට කරනු ලබන්නේ ශල්‍යකර්මයි. එයින් මුත්‍රා මාර්ගය තුළට උපකරණයක් යවා එම විශාල වූ කොටස සීරීමක් සිදුකරයි. එයින් මුත්‍රා පිටවීමේ මාර්ගය විශාල වේ. නමුත් කල්යද්දී ඇතැම් විට නැවතත් රෝගය ඇතිවීමට පුළුවනි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ සඳහා ඉතාමත් විශේෂ ප්‍රතිකාර තිබේ. මේ ප්‍රතිකාර බොහොමයකින් විශාල කළ ග්‍රන්ථීන් කුඩා කිරීමක් සිදු වේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ප්‍රතිකාර මත නිට්ඨාවටම සුවකරගත හැක. වෛද්‍යවරුන් විසින් මුත්‍රාශය තුළට ඖෂධ යවා ප්‍රතිකාර සිදුකරයි. එය උත්තර වස්ථි කිරීම ලෙස හැඳින්වේ. මෙහි ගුණය වකුගඩු දක්වා ව්‍යාප්ත වේ. එමෙන්ම සුදුසු තෙලක් යොදා රෝගියාගේ උදර කොටසේ සහ මුත්‍රා අවට කොටසේ ආලේප කර ස්වේද කිරීම සිදුකරයි. මෙයට ආයුර්වේදයේ නාඩි ස්වේද කිරීම ලෙසින් හැඳින්වේ. ඒ සඳහා ආයුර්වේදයේ විශේෂිත උපකරණ සමන්විත වේ.

ඊට අමතරව රෝගියාට ඖෂධ බීමට ලබාදෙයි. මේ රෝගයට කරනු ලබන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. රෝගියාගේ දෝෂ තත්ත්වය, රෝගියාට ඇති වෙනත් රෝගී තත්ත්වයන් අනුව කරනු ලබන ප්‍රතිකාර වෙනස් වේ. නමුත් ආයුර්වේදයේ මේ රෝගයට සාර්ථක ප්‍රතිකාර ඇත.

ආයුර්වේද ප්‍රතිකාර අනුව විශාල වූ පෞරුෂ ග්‍රන්ථි නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරගත හැකිය. පෞරුෂ ග්‍රන්ථිය විශාල වීමේ තත්ත්වය රෝග ලක්ෂණවලින් මෙන්ම විශේෂඥ ආයුර්වේද වෛද්‍ය දැනුමෙන් ද හඳුනාගත හැක. එමෙන්ම ස්කෑන් ක්‍රමයක් මගින් ද, රුධිර පරීක්ෂාවෙන් ද මෙය පරීක්ෂා කරගත හැක. සැර, ඌෂ්ණ, ආහාරපාන ආදියෙන් ද, සිගරැට්, මත්පැන් ආදියෙන් ද මෙම රෝග තත්ත්වය වැඩි විය හැකි අතර එවැනි රෝගීන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

ආචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරැණාතිලක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය 
දේශීය වෛද්‍ය ආයතනය 
කොළඹ විශ්වවිද්‍යාලය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:58 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 05:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 06:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jan 2018 06:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 85 of 137 << < 8384858687 > >>