Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 86 of 137 << < 8485868788 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 12 Jan 2018 06:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jan 2018 06:05 PM විටමින් D අඩු වුණොත් දරුවා මිටි වේවි කොළඔ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුමුදු නිමාලි සෙනෙවිරත්න දරුවකුගේ උස අඩු බව යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? දරුවාගේ වර්ධක සටහනේ දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය හා වයසට අදාළව උස පරාසය -2 sd වඩා පහළ මට්ටමක සීටී නම් එම ළමයා මිටි ලෙස සැළකිය හැකි ය. ළමා වියේ දී උස වර්ධනය වන්නේ කෙසේ ද? දරුවකුගේ වර්ධනය උපරිම වශයෙන් සිදු වන්නේ උපතේ සිට මුල් අවුරුදු 02 සම්පුර්ණ වන අවස්ථාවේ දී ය. මෙම කාලයේ දී උස වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පෝෂණ තත්ත්වය වේ. ඉන් පසු අවුරුදු 03 සිට අවුරුදු 09, 10 දක්වා අතර කාල පරාසවලදී දරුවන්ගේ උස ක්‍රමයෙන් වර්ධනය වේ. අවුරුද්දකට සෙන්ටිමීටර 5 - සෙන්ටිමීටර 7 පමණ උස වර්ධනය වීම සිදු වේ. ඉන් පසු වැඩිවියට පත් වන අවධියේ දී මෙම දරුවන් නැවත සීග්‍රයෙන් උස යයි. වැඩිවියට පත් වන ගැහැණු දරුවන්ගේ උස යාම සාමාන්‍යයෙන් පිරිමි දරුවන්ට වඩා කළින් සිදු වේ. නමුත් පිරිමි දරුවන් මෙම අවධියේ දී ගැහැණු දරුවන්ට වඩා වැඩි ප්‍රමාණයක් හා වඩා දිගු කාලයක් උස යයි. එම නිසා වැඩිහිටියන් වශයෙන් ස්ත්රීන්ට වඩා පුරුෂයින් උස වැඩි ය. පුද්ගලයෙකුගේ උසට බලපාන හේතු මොනවා ද? කෙනෙකුගේ උසට බලපාන සාධක වෙනස් කළ හැකි සාධක හා වෙනස් කළ නොහැකි සාධක ලෙස වෙන් කළ හැකි ය. වෙනස් නොකළ හැකි සාධක ලෙස දෙමව්පියන්ගෙන් ලැබුණූ උස නිර්ණය කරන , ජාන වර්ග, ස්ත්‍රී පුරුෂ භාවය,සඳහන් කළ හැකි ය. වෙනස් කළ හැකි සාධක ලෙස පෝෂණ තත්ත්වය,දීර්ඝ කාලීන රෝග සහ හෝමෝන ඌනතා දැක්විය හැකි ය. දරුවකුගේ ශරීර උස අඩු වීමට බලපාන හේතු සාධක මොනවා ද? මේ සඳහා බලපාන හේතු බොහොමයක් ඇත. අප මිටි යැයි සඳහන් කළ දරුවන් බොහොමයකට ඇත්තේ රෝගයක් නිසා හටගත් මිටි බවක් නොවේ. බොහෝ විට මව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම මිටි වීම නිසා ඇතිවන ජානමය බලපෑම හෝ දරුවකු වැඩිවිය පත්වීම ප්‍රමාද වීම නිසා ඇති වන මිටි බව වශයෙන් මෙම මිටි බව හැඳින්විය හැකි ය. මව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම මිටි වීම නිසා ඇතිවන ජානමය බලපෑම සහ දරුවකු වැඩිවිය පත්වීම ප්‍රමාද වීම නිසා ඇතිවන මිටි බව සඳහා විශේෂ ප්‍රතිකර්ම අවශ්‍ය නැත. නමුත් දරුවන්ගේ උස මාස 06 කට වරක් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ළමයා අවශ්‍ය පරිදි වර්ධනය වේ යැයි නිර්ණය කිරීම බොහෝ විට සෑහේ. නමුත් විවිධාකාර රෝගී තත්ත්ව නිසා ද දරුවකු මිටිභාවයට පත්විය හැකි ය. සමහර අවස්ථාවලදී එය එම රෝගයේ පළමු රෝග ලක්ෂණය විය හැක. එම නිසා දරුවකු සැළකිය යුතු ප්‍රමාණයක් මිටි නම් හෝමෝන ස්රාවයන්( තයිරොක්සින් හෝමෝනය,වර්ධක හෝමෝනය), නිදන්ගත රෝගී තත්ත්ව ( වකුගඩු රෝග, හෘදයාබාධ ) සින්ඩ්‍රෝම තත්ත්වයන් ( Turner Syndrome ) ද තව ද මන්දපෝෂණ තත්ත්වය නිසා ද බරින් මෙන් ම උසින් ද අඩු විය හැකි ය. මිටි බව හේතුවෙන් දරුවා සමාජයේ දී විවිධ ගැටලුවලට මුහුණපානවා නේද? බොහෝ අවස්ථාවලදී දරුවන්ගෙන් විමසු විට මිටිබව හේතුවෙන් විවිධ විහිළු තහළුවලට ලක් වී තිබෙන බව හෙළිදරව් වී තිබේ. තව ද පන්තියේ අනෙක් දරුවන්ට සාපේක්ෂව කුඩා නිසා ඔවුන් වයසින් අඩු දරුවන් මෙන් සළකනු ලබයි. මේ හේතූන් දෙකම දරුවකුගේ පෞරුෂ වර්ධනයට අහිතකර ලෙස බලපාන අවස්ථා බොහෝ ය. සමහර විට දරුවන් පාසැල් යාමට අදිමදි කරන තරමට ම මෙම ගැටලුව උග්‍ර වී තිබේ. ඒ නිසා එම දරුවන්ට සමාජයෙන් කොන් වීමට සිදුවේ. කුඩා කාලයේ පවතින උස අඩුබව දීර්ඝකාලීනව තිබිය හැකි ද? එසේත් නැත්නම් එය යථා තත්ත්වයට පත් කළ හැකි ද? එය යථා තත්ත්වයට පත් කළ හැකි ද යන්න නිර්ණය කිරීම සඳහා කරුණු රාශියක් බලපානු ලබයි. මේ සඳහා ප්‍රථමයෙන් ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. දෙමව්පියන් මිටි නම් බොහෝ විට එම දරුවා ද වැඩිහිටි වියේ දී මිටි වීමට ඉඩකඩ ඇත. නමුත් වැඩිවිය පත් වීම ප්‍රමාද වු දරුවන් නම් ඉදිරියේ දී අනෙක් ළමුන් හා සමානව වැඩිහිටි උසකට පත් වනු ඇත. හෝමෝන ඌනතාවලින් පෙළෙන දරුවන් නම් හෝමෝන ලබා දීම මඟින් එම දරුවන්ගේ උස වර්ධනය කළ හැකි ය. මිටි බව වෙනත් රෝගී තත්ත්වයක සළකුණක් නම් එම නිදන්ගත රෝගය අනුව මෙය නිර්ණය වේ. දරුවාගේ උස අඩු බව අවම කිරීම සඳහා පිළිපැඳිය යුතු උපදෙස් මොනවා ද? නිසි පෝෂණ මට්ටමක් කුඩා කාලයේ සිට ම පවත්වාගෙන යා යුතු ය. විශේෂයෙන් ම ළදරුවියේ දී ඇතිවන මුත්‍රා අසාදන කල් ඇතුව හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ගැනීම,( වකුගඩු රෝග වළක්වා ගැනීම) සහ දරුවකු වර්ධනය වෙද්දී උස වර්ධක සටහනේ නියමිත ආකාරයට උස වැඩි නොවේ නම් කල් ඇතුව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය. මිටිබව වළක්වා ගනිමින් නිසි වයසේ දී නිසි උසක් පවත්වා ගැනීම සඳහා දරුවා කළ යුතු ශාරීරික ක්‍රියාකාරකම් මොනවා ද? දරුවකුගේ උස දෙමව්පියන්ගෙන් ලැබුණු ජාන වර්ගය සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව නිර්ණය කළ හැකි ය. ශරීරික ක්‍රියාකාරකම් දරුවකුගේ උස වැඩිකළ නොහැක. නමුත් ශාරීරික ක්‍රියාකාරකම් මඟින් දරුවකුගේ අස්ථි ශක්තිමත් වේ. එම නිසා මිටි දරුවෙකුට වුව ද අනෙක් දරුවන් මෙන් ශාරීරික ක්‍රියාකාරකම් හිතකර වේ. දරුවකුගේ උස අඩු වීම සඳහා ශරීරයට අත්‍යවශ්‍ය විවිධ පෝෂණ සංඝටක හිඟ වීම බලපානවා නේද? දරුවාගේ වර්ධනය සිදු වීම සඳහා නිසි පෝෂණයක් අවශ්‍ය ය.එම නිසා දරුවකු දීර්ඝ කාලයක් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නම් දරුවාගේ උස අඩපණ විය හැකි ය. තව ද විටමින් D ඌනතාවය නිසා ද දරුවකුගේ අස්ථි ශක්තිමත්භාවයෙන් අඩු වීම ( Rickets ) තත්ත්වය නිසා ද මිටි විය හැකි ය. දරුවාගේ උස අඩුබව නිසා පසුකාලීනව( වැඩිහිටි අවධිය) වන විට ඇති වන සංකූලතා මොනවා ද? "මිටි බව " රෝගී තත්ත්වයක් නොවේ. එම නිසා වැඩිහිටියෙකු මිටි වීම නිසා විශේෂ වෛද්‍ය සංකූලතා ඇති නොවේ. කාන්තාවක් ගැබිණි සමයේ මිටි නම් දරු උපතේ දී ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැක. නමුත් ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මඟ හරවා ගැනීමට පුළුවන. මිටිබව නිසා ඇතිවන ප්‍රධානතම සංකූලතාවය වන්නේ අහිතකර සමාජීය බලපෑම ය.නමුත් මිටි දරුවන් තමන්ගේ ස්වකීය පෞරුෂත්වය නිසි ලෙස සකස් කර ගැනීම සහ මිටිබව නිසා දරුවා මානසිකව පීඩාවට පත් ව ඇත්නම් එම දරුවාට නිසි වෛද්‍ය හෝ මනෝ විද්‍යාත්මක උපදෙස් ලබා ගැනීම වැදගත් විය හැකි ය. උස වැඩි කිරීමට ප්‍රතිකර්ම තිබේ ද?ඒවා භාවිතා කිරීම සුදුසු ද? දරුවන්ගේ උස වැඩි කිරීම සඳහා වර්ධක හොමෝන එන්නත විශේෂ අවස්ථාවලදී භාවිතා කරනු ලබයි. මෙය සුදුසු වන්නේ වර්ධක හෝමෝන ඌනතාවයක් ඇති දරුවන්ට සහ Turner Syndrome වැනි විශේෂ ආබාධිත තත්ත්ව ඇති දරුවන් සඳහා ය. මේ සඳහා විශේෂිත පර්යේෂණ සහ විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිතා කළ යුතු ය. සමාජයේ ඇතැම් විට දී අගුටුමිටි පුද්ගලයින් ( Achondroplasia) සිටිනවා. එසේ වීමට හේතුව කුමක් ද? "Achondroplasia " තත්ත්වය ජානවල ගැටලුවක් නිසා හට ගන්නා තත්ත්වයකි.එහිදී එම පුද්ගලයින් මිටි වන්නේ ඔවුන්ගේ අස්ථි වර්ධනයේ ගැටලුවක් නිසා ය. ඔවුන්ගේ වර්ධක හෝමෝනය සාමාන්‍ය මට්ටමින් පවතී. එම නිසා ඔවුන්ගේ උස වැඩි කිරීමට දැනට නිශ්චිත ප්‍රතිකර්ම නැත. නමුත් මේ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් යනු ලබයි. මදාරා මුදලිගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Jan 2018 06:21 PM මාර සීන් එකනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 05:22 PM කොන්ද දිරූ අය ඇවිද්දවන ගොඩපර තෙල ප්රශ්නය - පසුගිය සතියේ අප ඔබ සමඟ කළ සාකච්ඡාව නැවත මතක් කර දීමක් කරනවා. ඒ අනුව ඔබ වෙත ගෙන එනවා ඇවිද ගන්න බැරි ශරීරයේ සාමාන්‍ය චලනයක් සිදු කරන්න බැරි කාන්තාවක්. ඇගේ වයස අවුරුදු 40 ඉක්ම ගිහින්. ඇගේ කොඳු ඇට පෙළ පරීක්ෂා කිරීමේදී ඔබට වැටහෙනවා ඒවායේ තැන් තැන්වල පිපුරුම් තිබෙන බවත්, ඒ නිසා කොඳු ඇට පුරුක් අතර හටගෙන තිබෙන තෙරපීමක් හටගෙන සුෂුම්නාව පීඩනයට පත් වී ඇයට ඇවිද ගන්න බැරිව තිබෙන බවත් ඔබ අවබෝධ කර ගන්නවා. වෛද්‍ය එච්. ඒ. මදනායක - ඔව්. මා ළඟට ඇය ගෙන එන විට නිදා සිටින තැනින් නැගිටලා කෙලින් ඉඳගන්නවත් ඇයට බැහැ. ඒ නිසා ඇය ඇවිද්දවීමේ අභියෝගයට වඩා ඇය නැගිට්ටවීමේ අභියෝගය තමයි මුලින්ම අප ඉදිරිපිට තිබුණේ. කෙනෙක් ඇඳක නිදා සිටින විට හෝ හාන්සි පුටුවක වැතිර සිටින විට හෝ නැගිටින්නේ ශරීරයේ උඩුකය මගින් යොදන ආයාසයෙන්. ඒ ආයාසය පිළිබඳ පණිවුඩය සුෂුම්නාව මගින් කොඳුඇට දිගේ පහළට යන්න ඕනෑ. හැබැයි සුෂුම්නාව තෙරැපිලා තිබෙනවා නම් ඒ සංඥාව යන්නේ නැහැ. සුෂුම්නාව බෙල්ල කිට්ටුවෙන් තෙරපිලා නම් සංඥාව යන්නේ ඒ ටික දුර විතරයි. එතකොට ඔළුව හොළවන්න පුළුවන්. ඇඟේ ඉතිරි හරිය හොලවන්න, මා වෙත ගෙනාව. රෝගී කාන්තාවගේ බෙල්ලට ටිකක් පහළින් කොඳු ඇටයේ පිපිරුමක් තිබුණා. පිට මැදට වෙන්නට තව පිපිරුමක් තිබුණා. ඊළඟට ඉනට සමාන්තරව තුන්වැනි පිපිරුම. මේ පිපිරුම් සියල්ල සිදු වෙලා තිබුණේ කුඩා කාලයේදී ඇය ඇද වැටීම නිසයි. වැඩිහිටියන් කොන්දේ තෙල්ගෑවා මිසක ඒ කාලයේදී මේ ගැන සැලකිලිමත් වුණේ නැහැ. පසුව පිපිරුම වර්ධනය වෙලා ඇට පුරුක් අතර තිබෙන කාටිලේජවලට හානි වුණා. ඇයට ගෙලෙන් පහළ සොලවා ගන්නට බැරි වූයේ ඒ නිසයි. ප්රශ්නය - මේ කාන්තාව සුවකිරීම ඔබට අභියෝගයක් වුණාද? වෛද්‍ය එම්. ඒ. මදනායක - හැම වෛද්‍යවරයකුටම තමා ඉදිරිපිට ඉන්න රෝගියා අභියෝගයක්. රෝගියෙක් වෛද්‍යවරයා ඉදිරියට එන්නේ සනීප වෙලා නොවෙයි. රෝගියකු විදියටයි. ඔහු හෝ ඇය සුවපත් කිරීම තමයි වෛද්‍යවරයාගේ අභියෝගය. කොඳු ඇට පෙළේ ආබාධ නිසා ඇවිද ගන්න බැරි කාන්තාවක් මා මීට පෙරත් සුවපත් කර තිබුණා. එහෙත් මේ කාන්තාවගේ එක්ස් කිරණ වාර්තා සහ රෝගී නිශ්චය පත් පරීක්ෂා කරනවිට මට තේරුම් ගියා කාරණය ටිකක් අමාරු බව. මා මුලින්ම අවධානය යොමු කළේ ඇය ඇවිද්දවීම නොව සයනය මත හිඳවීම ගැනයි. ප්රශ්නය - මේ සඳහා ඔබ දීපු ඖෂධවල අඩංගු මොනවාද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මා මෙයට පෙරත් ඔබට කියා තිබෙනවා අපේ පරම්පරාවේ බෙහෙත් සංකීර්ණ නැහැ. කසායකට තිබෙන්නේ බෙහෙත් ජාති තුන හතරයි. අපි බෙහෙතේ ගුණාගුණ හදාගන්නේ එයට යොදන ඖෂධවල බර වෙනස් කිරීමෙන් ඒ කියන්නේ කසායකට ඖෂධ හතරක් තිබෙනවා කියලා හිතමු. මෙයින් පළමුවැනි ඖෂධය කළඳක් ගන්නකොට දෙවැනි ඖෂධය කලං එකහමාරක් හෝ කලං 5 ක් විය හැකියි. තුන්වන ඖෂධය කලං භාගයක් විය හැකියි. ඉතින් පෙර කී රෝගී කාන්තාවට මා මුලින්ම තෙලක් ගෑවා. එය ගොඩපර මුල්කරගත් ඖෂධයක් Dillenia retusa ලෙස හඳුන්වන ගොඩපර ශාකය උණ, ස්නායු පද්ධතියේ ආබාධ, මුඛ රෝග, ඇඟ කෙට්ටුවීම, නොසංසිඳුන පිපාසය, කැස්ස, පපුවේ සහ බඩේ දැවිල්ලට ප්රත්යක්ෂ ඖෂධයක්. හෘදය සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමටත් හිසකෙස් වර්ධනය කිරීමටත් ගොඩපර ඉස්මවලට පුළුවන්. මේ හැමටම වඩා දිරාගිය අස්ථි වර්ධනය කිරීමටත් කාටිලේජ වර්ධනය කිරීමටත් ගොඩපරවලට හැකියාව තිබෙනවා. මේ අවසන් කාරණය පාරම්පරික වෛද්‍යවරුන් අත්දැකීමෙන් දැන සිටි දෙයක්. ඒ නිසා පෙර කී කාන්තාවගේ තත්ත්වය වැන්නකදී අප මුලින්ම කරන්නේ ඉතා සියුම් ලෙස ශරීරය තුළට කි¹ බසින තෙල් වර්ගයක් ආලේප කිරීමයි. එයින් සිදුකරන්නේ ඖෂධ අවශෝෂණය සඳහා ශරීරය සූදානම් වීමයි. මේ ආකාරයට බෙහෙත් කළ පසු පළමුවන දෙසතියෙන් අනතුරුව ඇය නැගී සිටියා. එතැන් සිට ඇය ඇවිද්දවීම ඒ තරම් දෙයක් නෙමෙයි. මේ වන විට ඇය සෑහෙන තරම් ඇවිද යනවා. නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 05:35 PM දියවැඩියාව පාලනයට ශාකසාර යොදාගැනීම 1 කොටස දියවැඩියාව යනු ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන සංක්‍රාමික නොවන රෝගවලට ඇතුළත් වන එක් රෝග අවස්ථාවක්. වැඩිහිටි අවධියේදී ආරම්භ වන වෘද්ධ කාලීන දියවැඩියාව හෙවත් දෙවැනි වර්ගයේ දියවැඩියාව ලෝකයේ සෑම රටකම බහුල වශයෙන් දැකිය හැකිය. මෙම රෝග තත්ත්වයට ගොදුරු වූ පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 40ට වඩා වැඩි අය වන අතර වයස අවුරුදු 20-40 ත් අතර සිටින අය රෝගයට ගොදුරු වීමේ ප්රවනතාව ද ඉහළ ගොස් ඇත. එසේම වයස අවුරුදු 20ට අඩු වැඩිවියට පැමිණීමට ආසන්න දරුවන් රෝගයට ගොදුරු වීමේ අවදානම ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ලෝකයේ දියුණු රටවල මෙන්ම සහ දියුණු වෙමින් පවතින රටවල ජීවත් වන ජනගහනයෙන් වැඩි පිරිසක් මේ වන විට මෙම රෝග තත්ත්වයට ගොදුරු වී සිටීම නිසා එය සෑම රටකම ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති අතර ඒ හේතු කොට ගෙන සිදුවන අකල් මරණ සහ පූර්ණ ආබාධිත තත්ත්වයට ගොදුරු වීම ද සීඝ්රයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් පෙන්වයිs. දියවැඩියාව ඇති වීම සඳහා අහිතකර ආහාර පුරුදු, අයහපත් ජීවන චර්යාවන් සහ මානසික අසමතුලිතතාව ප්රමුඛව හේතු වන අතර ජානමය හේතු ද මේ තත්ත්වය ඇතිවීම කෙරෙහි හේතු විය හැක. අප ගන්නා ආහාර අතර අධික කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වන ආහාර පාන එනම් පිෂ්ඨය බහුල ආහාර, මේදය බහුල මාංශමය සහ නිර්මාංශමය ආහාර සහ විවිධ සීනි වර්ග අඩංගු පැණි රසැති ආහාර පාන අධික ලෙස දීර්ඝ කාලයක් පරිභෝජනය කරමින් ප්‍රමාණවත් පරිදි ශාරීරික ව්‍යායාම වල නොයෙදීම දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති කිරීමට හේතු වන පාරිසරික සාධක අතර මුල් තැනක් ගනී. විවිධ කෘත්‍රිම රසකාරක සහ වර්ණකාරක යෙදූ ආහාර, ස්වාභාවික තත්ත්වයන් ඉක්මවා සකස් කරන ලද ක්ෂණිකව පරිභෝජනයට ගත හැකි ආහාර වර්ග අධික ලෙස නිරතුරුව පරිභෝජනය කිරීම ද, නිතර නිතර මත්පැන් පානය කිරීම, අධිසුඛෝපභෝගී ජීවන රටාව, අයහපත් ආහාර පුරුදු සහ ජීවන රටාව හා සම්බන්ධ ඇතැම් සමාජමය සහ සංස්කෘතික විෂමතා, පුද්ගලානුබද්ධ විෂම ආකල්ප, මානසික පීඩනය ද මෙම පාරිසරික සාධකවලට ඇතුළත්ය. ඉහත සඳහන් හේතු කාරණා වෙන් වෙන් වශයෙන් ද සාමූහිකව ද ක්‍රියාත්මක වීම නිසා ශාරීරික පරිවෘත්තීය ක්‍රියාවලියන් විකෘති වීමෙන් ශරීර ගත වන පෝෂණ පදාර්ථ විවිධ ජෛව රසායනික සංඝටක ලෙස ශාරීරික පටක තුළ සංචිත වේ. විශේෂයෙන් දියවැඩියාව ඇතිවීමට පෙරාතුව සිටම ශාරීරික පටක තුළ මේදස් සංචිතය වර්ධනය වී අධික තරබාරු බව ඇති වේ. කාලයත් සමඟ සිදු වන මෙම පරිවෘත්තීය විෂමතා නිසා ඉන්සියුලින් මගින් ඉටු කිරීමට නියමිත ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිරෝධීතාවන් ඇති වී සෛලයක පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබා ගන්නා ප්‍රධානතම මාධ්‍ය වන ග්ලූකෝස් සෛලය තුළට නිසි පරිදි ඇතුල්වීමට බාධා ඇති වේ. මේ නිසා රුධිරයේ පවතින ග්ලූකෝස් වැය වීම අඩු වී රුධිරයෙහි එක්රැස් වේ. රුධිරගත ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ඉහළ යන අතර කිසියම් සීමාවක් ඉක්ම වූ පසු ග්ලූකෝස් මූත්‍ර සමඟ පිටවීම සිදුවේ. රුධිරගත ග්ලූකෝස් මට්ටමේ ඉහළ ගොස් ඇති ප්‍රමාණය අනුව සහ එමගින් ඇති කරන ඵල විපාක අනුව දියවැඩියා රෝගයේ විවිධ අවස්ථාවන් වෛද්‍යවිද්‍යාත්මක ව හඳුනාගෙන ඇත. නූතන වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු තත්ත්වයක පැවතුනත් ඉතා දියුණු තාක්ෂණික වෛද්‍ය උපක්‍රම පැවතුනත් දියවැඩියා රෝගයට ගොදුරුවීමේ සහ රෝගය හේතුකොට ගෙන නොයෙක් මාරාන්තික උපද්‍රවවලට ගොදුරු වීමේ නම් අඩුවක් පෙනෙන්නට නැත. නොයෙක් මාදිලියේ ඖෂධ වර්ග රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කිරීම සඳහා භාවිත කළත් දිනෙන් දින රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට පත්වීම සහ නොයෙක් අතුරු උපද්‍රවවලට ගොදුරුවීම මෙන්ම බොහෝ කායික මෙන්ම මානසික වේදනාවන්ගෙන් පීඩිතව අවාසනාවන්ත ලෙස මරණයට පත්වීම දැන් දැන් සාමාන්‍ය කරුණක් බවට පත්වෙමින් පවතින බව පෙනෙන්නට ඇත. මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවට විශාල අභියෝගයක් වී ඇත. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කිරීම සඳහා පමණක් අවධානය යොමුකර රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන ඖෂධ භාවිතයෙන් පමණක් මෙම රෝග තත්ත්වය සාර්ථකව සුව කළ නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම පිටුපසින් ක්‍රියාත්මක වන සංකීර්ණ ජෛව-රසායනික යාන්ත්රනයන්ගේ සිදුව ඇති විකෘතිතා නිවැරදි කිරීම සඳහා සහ ඊට හේතු වන විවිධ කරුණු නිසි පරිදි පාලනය කිරීම සඳහා අවධානය යොමු කිරීමෙන් මෙම තත්ත්වය වඩාත් සාර්ථකව සුව කිරීම සහ පාලනය කිරීම සිදු කළ හැකි බව ප්‍රතිකාර අත්දැකීම් තුළින් මෙන් ම විද්‍යාත්මක අධ්‍යයන තුළින් ද තහවුරු වී ඇත. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීම පිටුපසින් ක්‍රියාත්මක වන සංකීර්ණ ජෛව-රසායනික යාන්ත්රනයන්ගේ සිදුව ඇති විකෘතිතා නිවැරදි කිරීම සඳහා කෘත්‍රීම රසායනික ඖෂධවලට වඩා ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රම වල භාවිත කර ඇති ස්වභාවික ශාක සාර ඖෂධ වට්ටෝරු පෙන්වා ඇති සුවිශේෂී සාර්ථකත්වය රෝග තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමටත් වැළඳී ඇති රෝග තත්ත්වය සුවකර ගැනීමටත් රෝගයෙන් ඇතිවිය හැකි හෘදයාබාධ වකුගඩු ආබාධ දෘෂ්ඨි ආබාධ සහ දියවැඩියාව නිසා ඇති වන ඔඩු වන තුවාල වැනි උපද්‍රව ඇති වීම පාලනය කිරීමටත් එකසේ දායක වන බව විද්‍යාත්මක පර්යේෂණ තුළින් ද පාරම්පරික චිකිත්සා අත්දැකීම් තුළින් ද තහවුරු වී තිබීම දියවැඩියාවෙන් පීඩිතව දුක් විඳින රෝගීන් සඳහා ඉමහත් අස්වැසිල්ලක් සහනයක් වනු ඇත. වෛද්‍ය, ඩබ්. ඒ. එල්. චන්ද්‍රසිරි වැලිවිට (DSAMS, MD Ayur, PhD) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (කායචිකිත්සා) චිකිත්සා අධ්‍යයනාංශය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, කැලණිය විශ්වවිද්‍යාලය, යක්කල මේ පිළිබද විස්තර සඳහා 011-5883255 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 05:41 PM රුධිර නාළ අවහිර කරන කොලෙස්ටරෝල් නසන හෙළඔසු කොලෙස්ටරෝල් වැඩිවීම නිසා සිරුරේ රුධිර පීඩනය වැඩිවීම සිදුවන්නේ කෙසේද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවල මෙම කොලෙස්ටරෝල් තැන්පත් වීම සිදුවේ. එවිට එම නාළවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවේ. එම සිහින් වූ නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක් දැරීමට සිදුවේ. සිරුරේ රුධිර නාළ කිහිපයක මෙලෙස කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක් දැරීමට සිදුවේ. එවිට මෙම වැඩි පීඩනය දැරීම නිසා හෘදයට දරුණු බලපෑම් ඇතිවිය හැකිය. Ö මෙලෙස රුධිර නාළ අවහිර වීමෙන් ශරීරයට ඇතිවන බලපෑම් මොනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- කාලයක් තිස්සේ මෙලෙස රුධිර නාළවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කුටි හටගැනීම සිදුවේ. එවිට රුධිර නාළ අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා යැම ඇනහිටීම සිදුවේ. එවිට එම නාළ හරහා රුධිරය ගලායන හෘදයේ සෛල කොටස්වලට නිසි පරිදි රුධිරය නොලැබීමෙන් එම සෛල මැරී යා හැකිය. එවිට පපුවේ වේදනාවක් හටගන්නා අතර ඒ තත්ත්වය තීව්ර වීමෙන් හෘදය ඇනහිටී මරණය පවා ළඟවීමේ අවදානමක් පවතී. Ö මේ තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- විශේෂයෙන්ම කළ යුත්තේ තම ශරීර සෞඛ්‍ය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්වීමය. ඒ අනුව අවුරුදු 35 -40 ඉක්මවන හැමෝම ආහාර පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. ව්‍යායාම කිරීම, වෙහෙස වී වැඩකටයුතුවල යෙදීම ඉතා හොඳයි. අධික ලෙස සත්ත්ව තෙල් අඩංගු ආහාර වර්ග පාලනයක් කරවා ගැනීම, බිත්තර කහ මද, මස් වර්ග පාලනයකින් යුතුව ආහාරයට එක්කර ගත යුතුය. ආහාර ජීර්ණයේදී ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා කොලෙස්ටරෝල් හටගැනීම සිදුවේ. මේද කොටස් අක්‍රමවත් ලෙස හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයකට ලක්වීම හේතුවක් ලෙස කොලෙස්ටරෝල් ඉහළ යැමට හැකිය. මෙම කොලෙස්ටරෝල් හිතකර සහ අහිතකර ලෙස සිරුරට බලපායි. නිවැරදි ලෙස මේදය ජීර්ණය වුණේ නම් ඒවා ශක්තිය ලෙස එක් වේ. Ö ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම කොලෙස්ටරෝල් විනාශ කිරීම සඳහා ප්‍රතිකර්ම තිබෙනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා (- ආයුර්වේදයේ මෙම කොලෙස්ටරෝල් හඳුන්වන්නේ පිත්තස්නේහ ලෙසය. එනම් නිවැරදි ලෙස නොදිරවූ මේද කොටස්ය. ඒවා ආම රසය ලෙස ද හඳුන්වනු ලැබේ. ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර ශරීරයේ කොලෙස්ටරෝල් හටගන්නා ක්‍රමවේද ද නිසිලෙස වටහාගෙන ප්‍රතිකාර ඇරඹිය යුතුය. ආම පාමක නම් ඖෂධ මගින් රුධිර නාළ හෝ වෙනත් තැනක ඇති අහිතකර කොලෙස්ටරෝල් නැවත ජීර්ණය කරවීම සිදුවේ. මෘදු විරේඛන ඖෂධ මගින් එම අහිතකර පදාර්ථ මළ, මුත්‍ර හා දහදිය මාර්ගවලින් පිට කිරීම සිදුකරයි. ඒ හා සමඟම ලබාදෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතෙන් එක්වන මේද කොටස් නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්තිය ලෙස නැවත ශරීරයට ලබාදීම සිදුකරයි. මෙලෙස ප්‍රතිකාර කිරීම තුළින් ඉතා කෙටි කලකින්ම කොලෙස්ටරෝල් රෝගයට ගොදුරුව සිටින රෝගීන්ට සුවය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 05:57 PM භගන්දර රෝගය සුව කරන බෙහෙත් හදන්නේ මෙහෙමයි ප්රශ්නය - භගන්දර රෝග සැත්කම් මගින් සුවපත් කරන්නට බැරි බවත්, සුවපත් කළ හැකි එකම ක්‍රමය ආයුර්වේදය බවත් ඔබ පෙන්වා දුන්නා. අද සාකච්ඡා කරන්නේ මෙය සුව කිරීම සඳහා ආයුර්වේදය මගින් යොදා ගන්නා ඖෂධ මොනවාද කියන එකයි. වෛද්‍ය පුෂ්පකුමාර මහතා - භගන්දර රෝගය සම්බන්ධයෙන් අප කළ ආයුර්වේද පර්යේෂණ ගණනාවක් තිබෙන බව මෙහිදී කිව යුතුයි. කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකතුවෙලත් අප පර්යේෂණ කරලා තිබෙනවා. මේ පර්යේෂණවලට අදාළ පත්‍රිකා ඇමරිකාවේත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සමීක්ෂා සඟරාවේත් පළකර තිබෙනවා. මේ අතර මේ රෝගයට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන තිබෙන ක්ෂාර සූත්‍ර නමැති බෙහෙත් නූල් ප්‍රතිකාර ක්‍රමයයි. ක්ෂාර කියන්නේ ALKALINE. සූත්‍ර කියන්නේ නූල. අප නූලක් ගෙන වසර දහස් ගණනක් පැරැණි විද්‍යාත්මක ක්‍රමයකට අනුව එයට මුලින්ම ක්ෂාර වර්ගයකුත් ඊළඟට දලුක් කිරිත් ඊළඟට කහ චූර්ණයත් ආලේප කරනවා. ප්රශ්නය - ක්ෂාර හැටියට ඔබ ගන්නේ කුමක්ද? වෛද්‍ය පුෂ්පකුමාර මහතා - අපාමාර්ග නමැති ශාකයේ අළු තමයි අප ගන්නේ. අපාමාර්ග ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Achyranthus Aspera මේ ශාකය තුළ ඖෂධීය වටිනාකමක් ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක් තිබෙනවා. අතීතයේ සිටි ඉන්දියානුවන් මෙය ඖෂධ සෑදීමට යොදා ගත්තා. ආතතිය සහ කාංසාව සඳහා ප්‍රතිකාර කිරීමේදීත් මෙය ඖෂධයක් හැටියට පාවිච්චි කරනවා. අපාමාර්ග ගසට සිංහලෙන් කියන නම තමයි ගස්කරල් හැබ. එහෙමත් නැතිනම් කරල් සැබ. ඊළඟට අප ගන්නවා දලුක් ගහේ කිරි, Euphorbia antiquoram නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පතොක් වර්ගයේ ශාකයක් තමයි, දලුක් කියන්නේ. වසර දහස් ගණනක සිට විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට දලුක් ශාකය යොදාගෙන තිබෙනවා. ශාරීරික වේදනාව, මළබද්ධය, ඇඟේ හටගන්නා ඉදිමුම, චර්ම රෝග, කන් කැක්කුම, ස්නායු පද්ධතියේ රෝග, බෙලහීනතාව, උදර රෝග, අක්මාවේ රෝග, රුමැටික් ආතරයිටීස්, කැස්ස, ඇදුම, දියවැඩියාව අර්ශස් රෝගය යනාදිය මේ ශාකය යොදාගෙන සුවපත් කළ හැකියි. මෙහි අතුවලින් එන කිරිත්, මුල්වල පොතුත් ඖෂධ සෑදීමට යොදා ගන්නවා. එහෙත් අප මෙහිදී දලුක් කිරි යොදා ගන්නේ ගම් එකක් හැටියටයි. අපාමාර්ග හෙවත් කරල්සැබ ක්ෂාරයත්, දලුක් කිරිත් කහ චූර්ණයත් කවන ලද නූල භගන්දර නලය දිගේ ඇතුළට යවා නිශ්චිත කලක් තබනවා. විටින් විට නූල මාරු කරනවා. භගන්දර නලය තුළ ඇති නරක් වූ පටක සහ රෝගී පටක ඉවත් කිරීමටත්, අලුත් නිරෝගී පටක වර්ධනය කිරීමටත් මේ ක්‍රියාවලියට පුළුවන්. ඊට පසු ක්‍රමයෙන් තුවාලය තුළ මස් වර්ධනය වී භගන්දරය සුවපත් වෙනවා. සාමාන්‍යයෙන් සතියකට සෙන්ටිමීටරයක් විතර තමයි සුවපත් කරගන්න පුළුවන් වන්නේ. සති කිහිපයක් තුළ රෝගියා සෞඛ්‍ය සම්පන්න නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. මෙය තමයි භගන්දර රෝගයට තිබෙන විශිෂ්ටතම ප්‍රතිකාරය. එක කැපුම් පහරක් නැතිව රෝගය සුව කරන්නට හැකි ක්‍රමය මෙයයි. මෙම ලිපිය පාඨකයන් සිය ගණනකගේ ඉල්ලීම පරිදි නැවත පළකරන ලද්දකි. සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 06:01 PM පවතින කාලගුණික වෙනසින් ආත්රයිටිස් රෝගීන් ගැලවෙන්නේ කොහොමද? ප්රශ්නය - රටේ කාලගුණ තත්ත්වය අප නොසිතූ පරිදි ඉතා වේගයෙන් සිසිල් වෙමින් පවතිනවා. පසුගිය දවසක නුවරඑළියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2 දක්වාත්, මාරපන ප්‍රදේශයේ උෂ්ණත්වය අංශක 4 දක්වාත් පහළ බැස්සා. මේ තත්ත්වය තුළ ආත්රයිටිස් රෝගීන්ගේ තත්ත්වය කෙසේ විය හැකිද? වෛද්‍ය වසන්ත උදය ජීව - ලංකාව ඝර්මකලාපික රටක්. මෙවැනි රටක පරිසරය හිටි හැටියේම දරන්නට බැරි තරම් සීතල වීම ආත්රයිටිස් රෝගයට පමණක් නොව වෙනත් කොයි රෝගයකටවත් සුදුසු නැහැ. ඒ වගේම අධික සීතල පරිසරයක් හිටි හැටියේම ඝර්ම කලාපයක් වුණත් එයත් සුදුසු නැහැ. කාලගුණික වෙනස්වීම ආත්‍රයිටීස් රෝගීන්ට ඉතා තදින් බලපාන්නට පුළුවන්. මේ කාලයේදී ආත්රයිටිස් රෝගීන් කටයුතු කළ යුත්තේ කොහොමද? වෛද්‍ය වසන්ත උදයජීව - වැස්සා, පෑව්වා කියා එක තැනකට ගුලිවෙලා ඉන්න කියලා මම මගේ රෝගීන්ට කවදාවත් කියන්නේ නැහැ. ඔවුන් රෝගයට ප්‍රතිකාර වශයෙන් බෙහෙත් පානය කරනවා නම් අඩුම ගණනේ තමන්ගේ වැඩ කිරීම සඳහාවත් ශක්තිවන්තව සිටිය යුතුයි. මා ප්‍රතිකාර කරන්නේ ඒ ශක්තිය රෝගීන්ට ලබා දෙන අතරයි. කොහොම වුණත් මේ වගේ කාලයකදී සන්ධි ඉදිමීම සහ ඉන් වේදනාව හට ගැනීම දැඩිව සිදු වෙනවා නම් සුදුසුම ප්‍රතිකාරයක් තමයි කහ සහ කෝමාරිකා. වියළි කහ කැබැල්ලක් ගෙන එය කෝමාරිකා ඉස්මෙන් තුනීයට අඹරා ගත යුතුයි. ඉන්පසු ආසාදිත සන්ධි මත එය ගෑමෙන් ඉදිමුම සහ වේදනාව අඩු වෙනවා. මෙම සුවය ඇතිවන්නේ කොහොමද? කහවල අන්තර්ගතවෙලා තිබෙනවා ප්‍රබල වේදනා සහ ප්‍රදාහ නාශක රසායනික ද්‍රව්‍ය දෙකක්. එකක් curcumin අනෙක curcuminoids. මේ වගේමයි ඉඟුරු - එහිත් තිබෙනවා ප්‍රදාහ නාශක රසායනික ද්‍රව්‍ය. මේ සමගම කුරුඳු කුඩුවලින් සාදන ලද තේ පානය කිරීමත් වේදනාව සහ ඉදිමුම නැති කරගත හැකි මගක්. ප්‍රදාහ නාශක ගුණය පවතින්නේ කුරුඳු පොත්තේ බව අප මතක තබා ගත යුතුයි. එහෙත් කුරුඳු ප්‍රමාණය ඉක්මවා ගත යුතු නැහැ. විශේෂයෙන් කුරුඳුවලින් ගැබිනි කාන්තාවන්ගේ සොඛ්‍යයට තර්ජන ඇති විය හැකියි. අප ඔබට යෝජනා කරන කවර ප්‍රතිකර්මයක් වුවත් ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 06:05 PM අශ්වගන්ධය, ධන්වන්තරිය පාකින්සන් සුවයට මග පාදනවා ප්රශ්නය - පාකින්සන් රෝගීන්ට කළ හැකි හොඳම බාහිර ප්‍රතිකාරය ලෙස සැලකෙන්නේ සම්බාහනයයි. මේ සඳහා ඖෂධ වශයෙන් පරිහරණය කරන්නේ මොනවාද? මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - ප්‍රධාන වශයෙන් තෛල වර්ග තමයි යොදා ගන්නේ. මහානාරායන තෛලය, ක්ෂාර බල තෛලය, සහචරාදී තෛලය, ධන්වන්තර තෛලය, බල තෛලය, අශ්වගන්ධ තෛලය යනාදිය බහුල වශයෙන් යොදාගන්නවා. හැබැයි මෙහි නියම නිෂ්පාදනයන්ම යොදා ගත යුතුයි. ප්රශ්නය - පාකින්සන් ප්‍රතිකාරයේදී සර්වාංග ස්වේද කියා ප්රතිකාරයකුත් තිබෙනවා. මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - අප Steam bath යනුවෙන් හඳුන්වන්නේ සර්වාංග ස්වේදයයි. ඒ සඳහා ඖෂධීය කොළ වර්ග තම්බනවිට එන වාෂ්ප තමයි යොදා ගන්නේ. මීට අමතරව මාත්‍රා වස්ති යනුවෙන් වස්ති ක්‍රමයක් තිබෙනවා. සච්චරාදී තෛලය සහිඳ ලුණු සහ සතපුෂ්ප යන තුන් වර්ගය ඒ සඳහා යොදාගන්නවා. මේ වස්තිය දින 15-21 දක්වා කාලයක් කළ යුතුයි. ඊළඟට එනවා නස්‍යකර්ම කියලා ප්‍රතිකාරයක්. එළඟිතෙල්, නාරායන තෛලය, ක්ෂීරබල තෛලය යනාදිය යොදාගෙන දින 7 ක් පුරා මෙය කරනවා. ඊළඟ පියවර තමයි ශිරෝ වස්තිය. මේ සඳහාත් ක්ෂීර බල තෛලය, මහානාරායන තෛලය, මහාමාෂා තෛලය, බ්‍රාහ්මි තෛලය යනාදිය යොදා ගන්නවා. එහි කාලයත් දින 7 යි. ඊළඟට රෝගියාව යොමු කරනවා. ශිරෝධාර ප්‍රතිකාරයට. කිරි, වතුර, ක්ෂිර බාල තෛලය, මහාමාෂ තෛලය, මහා නාරායන තෛලය, බ්‍රාහ්මි තෛලය යොදාගෙන දිනපතා විනාඩි 45 ක් බැගින් දින 7 ක් ක්ෂිරෝධාර ප්‍රතිකාරය කරනවා. ඊළඟ පියවර තමයි රෝගියාට බෙහෙත් කිරීම. අශ්වගන්ධ හෙවත් අමුක්කරා පැළෑටිය සහ තවත් පැළෑටි වර්ග කිහිපයක් යොදාගෙන ඊළඟට ප්‍රතිකාර කරනවා. ඊළඟට දශමුල ක්වාථ, බ්‍රහ්මි වටී, සිළුහඬ ගුග්ගුලු, වතාරි ගුග්ගුලු, බ්‍රහ්ම රසායනය, බලාරිශ්ටය, අශ්වගන්ධ අරිෂ්ටය, ක්ෂිරබල තෛලය, මහාමාෂා තෛලය, මහානාරායන තෛලය, සච්ඡරාදි තෛලය, බ්‍රාහ්මි තෛලය, ධන්වන්තර තෛලය, චතුර්බුජ රස යන ඖෂධ එකක් හෝ කිහිපයක් යොදාගෙන ප්‍රතිකාර කිරීම සිදුවනවා. මේ හැම ප්‍රතිකාරයක්ම කළ යුත්තේ ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ බව මතක තබා ගත යුතුයි. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ඇදුමට ක්ෂණික සහනය දෙන අබ-ඉඟුරු ආලේපය මෙන්න ප්රශ්නය - ඇදුම හෝ හතියට ප්‍රතිකාර කිරීම සඳහා ශාකසාර ඖෂධ වඩාත් සුදුසු බව ඔබේ අදහසයි. ඔබ දේශීය වෛද්‍ය ක්‍රමය ව්‍යවහාර කරන කෙනෙක්. මේ සඳහා යොදන බටහිර ඖෂධ ගැන ඔබේ හැඟීම කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එවැනි ඖෂධ මගින් ඇතිවන පසු බලපෑම තමයි ලොකුම අර්බුදය. පෙති වශයෙන් එන steroid hormone prednisone වලින් ඇදුම සහ හතිය ඒ වෙලාවට පාලනය වනවා විය හැකියි. එහෙත් ඒ අනෙක් අතට නරක පල විපාක ලැබෙනවා. ඒවායින් කිහිපයක් මේ ලෙස හඳුන්වන්නට පුළුවන්. අස්ථි ක්ෂය වීම, උදර කුහරයේ ඉදිමුම් හට ගැනීම, ඇසේ සුද මතුවීම, වලිප්පුව හෝ අපස්මාරය, දියවැඩියාව, සිරුරේ තැන තැන දියර වර්ග එකතු වීම, අස්ථිවල පිපුරුම් හට ගැනීම, ග්ලුකෝමාව, ළමයින්ගේ නම් ශරීර වර්ධනය බාලවීම, අධික රුධිර පීඩනය. නොඉවසිල්ල, විකාර සිහින පෙනීම (මෙය මානසික ව්‍යාකූලත්වයේ අතුරු ඵලයකි.) බඩවැල් තුළ ගෙඩි හටගැනීම, ශරීරය ඇතුළත ලුණු එකතුවීම, ශරීරය දුර්වල වීම, ශරීරයට අවශ්‍ය පොටෑසියම් නැතිව යැම, ඊට අමතරව හිසේ බරගතිය, හිසේ වේදනාව, ආහාර නොදිරවීම, නින්ද නොයැම, මාංශ පේෂි දුර්වල වීම, ශරීරයේ සම තුනී වීම, ශරීරය මහත් වීම, අධික ලෙස දහදිය ගැලීම, හිසකෙස් ඉතා ඉක්මනින් වැවීම යනාදියත් ඇතිවෙනවා. මේ කිසිදු අතුරු ආබාධයක් නැතිව සති 2 ත් මාසයත් අතර කාලය තුළ ඇදුම හා හතිය සුව කරන්නට සිංහල බෙහෙතට පුළුවන්. ප්රශ්නය - ඒ කොහොමද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙයට ටිකක් දීර්ඝ පිළිතුරක් අපි ගම්මු. ලෝකයේ නවීන වෛද්‍ය ක්‍රම ඉතාම දියුණු රටක් වන ඇමරිකාව. ඒ රටේ ජීවත් වන පුද්ගලයන් සෑම 13 දෙනකුටම 1 අයෙක් ඇදුම රෝගියෙක්. ඇමරිකාවේ ඉන්නවා ඇදුම රෝගීන් දෙකෝටි හැත්තෑ ලක්ෂයක්. එය අපේ රටේ සිටින මුළු ගණන වන දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවට තවත් පනස් ලක්ෂයක් එකතු කිරීමක්. මෙයින් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක්ම වැඩිහිටියන්. හැට තුන් ලක්ෂයක්ම බාල වයස්කාර දරුවන්. වසර 2011 සිට ඇමරිකාවේ ඇදුම රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නට පටන් ගත්තා. මේ රෝගය පාලනය කරන්නට අවුරුද්දකට ඩොලර් බිලියන 56 ක් වැය කරන්නට ඇමරිකාවට සිදුව තිබෙනවා. ඒ රෝගය පාලනය කරන්නට මිස සුව කරන්නට නොවන බව මා අවධාරණය කරනවා. මේ මුදලින් ලක්ෂයෙන් එකක් වාර්ෂිකව වැය කරලා මුළු ලංකාවේම ඇදුම සුව කරන්නට සිංහල වෛද්‍යවරුන්ට පුළුවන්. ඇදුමට සුළු සහනයේ සිට ස්ථිර සුවය දක්වා ඖෂධ සිංහල වෙදකමේ තිබෙනවා. මම හැදූ බෙහෙතක් තියෙනවා. ඇදුම හැදීගෙන එනවිට අබ හෝ ඉඟුරු උණු වතුරෙන් තුනී ලෙස අඹරා රෝගියාගේ පපුවේ ගාන්න. පපුවේ තද ගතිය වහාම අඩු වෙලා යනවා. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 06:10 PM ඔටිසම් ලක්ෂණ ගැන තවදුරටත්... ප්රශ්නය - පසුගිය සතියේදී ඔබ අපට කියා දුන්නා දරුවන්ට ඔටිසම් අවදානමක් තිබෙනවා නම් එය හඳුනා ගත හැකි ක්‍රමය...... වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඔබේ දරුවාට පුරුදු හඬක් හෝ ඔබේ කටහඬ ඇහුණාම ඔහු ඒ ගැන තැකීමක් නැතිව සිටිනවා නම් එයින් හැඟෙන්නේ ඔහුට ඔටිසම් අවදානමක් තිබෙන බවයි. * ඔබ පැහැදිලිව යමක් පෙන්වූ විටත් ඒ කෙරෙහි තැකීමක් නැතිව සිටිනවා නම්, * ඔබ අතින් සංඥ කරන විට සහ සන්නිවේදනය කිරීමට තැත් කරන විට එය ගණන් නොගෙන සිටිනවා නම්, * හඬක් මගින් හෝ කුඩා වචන මගින් ඔබේ අවධානය දිනා ගැනීමට උත්සාහ නොකරනවා නම්, * ඔබ දරුවා සුරතල් කරන විට කිසිදු ආකාරයක ප්‍රතික්‍රියාවක් නොදක්වනවා නම් * ඔබේ මුහුණේ ඇතිවන ඉරියව් ගැන අවධානයක් පළ නොකරනවා නම්, * අනෙක් අය සමග සෙල්ලම් කිරීමෙන් වැළකී හුදකලාව සිටිනවා නම්, * ඔහු අපහසුවෙන් සිටින විට ඒ බව නොදැනේ නම්, ඒ දරුවන්ට ඔටිසම් අවදානමක් තිබිය හැකියි. දරුවා පහත සඳහන් වයස් වලදී පහත සඳහන් ලක්ෂණ පහල කරනවා නම් දෙමාපියන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. එනම්, 1. දරුවා මාස 06 දී සිනහවක් හෝ කිසිදු ඉරියවුවක් නැතිව සිටිනවා නම්, 2. දරුවා මාස 9 වනවිටත් කිසිදු ශබ්දයකට ප්‍රතික්‍රියාවක් කොදක්වනවා නම්, 3. වයස මාස 12 වනවිට නම කියා ආමන්ත්‍රණය කරද්දී කිසිදු ප්‍රතික්‍රියාවක් නොදක්වන්නේ නම්, 4. වයස මාස 12 දී යම් යම් හඬවල් නොනගන්නේ නම්, 5. වයස මාස 12 දීත් ස්වතන්ත්‍ර ලෙස යම් යම් දේ පෙන්වීම, යම් යම් දේ දෙසට ඇඟිල්ල දිගු කිරීම නොකරන්නේ නම්, 6. වයස මාස 16 දීත් කිසිදු වචනයක් නොකියන්නේ නම්, 7. වයස මාස 24 දීත් තේරුමක් ගෙන දෙන කිසිදු වචනයක් නොතෙපලන්නේ නම්, ඒ දරුවා ඔටිසම් අවදානම ඇති දරුවකු විය හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 09:28 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2018 09:34 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 14 Jan 2018 04:14 AM බුදු සරණෙන් දැනට මෙවැනි රෝග නම් නැහැ... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Jan 2018 04:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Jan 2018 04:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Jan 2018 05:01 PM මැග්නීසියම් ආලේපනය අධිරුධිර පීඩනය පාලනය කරයි මැග්නීසියම් ආලේපනය (ක්‍රීම්) අධි රුධිර පීඩනය (හයිබල්ඩ් ප්‍රෙෂර්) පාලනය කිරීම සඳහා බෙහෙත්වලට ආදේශකයන් ලෙස හෝ බෙහෙත්වලට අමතරව භාවිත කළ හැකි බව නවතම බටහිර අධ්‍යයනයකදී හෙළි ව තිබේ. මෙම අධ්‍යයනය මෙහෙයවු හර්ට්ෆෙඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින්ට අනුව සාමාන්‍ය රුධිර පීඩනයට වඩා ඉහළ මට්ටමක අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නන් ශරීරයේ රුධිරය ගලාගෙන යාම පාලනය කිරීමට උපකාරී වන මැග්නීසියම් ලවණයේ හිඟයකින් පෙළෙන බව අනුමාන කළ හැකිය. මෙම අධ්‍යයනයේදී මැග්නීසියම් ආලේපනය සම මත ආලේප කිරීමෙන් එය ශරීරයට උරාගෙන රුධිරයෙහි අන්තර්ගත මැග්නීසියම් ලවණ ප්‍රමාණය ඉහළ නැංවීමට උපකාර වන බව හෙළි වී තිබේ. මෙම අධ්‍යයනය මෙහෙයවූ දියවැඩියාව, අධිරුධිර පීඩනය හා ස්ථුලභාවය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමට අනුව මෙම මැග්නීසියම් ආලේපනය හරහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මෙන්ම හෘදය වස්තුවේ සෞඛ්‍යමත් බව වර්ධනය කෙරෙන අතර රෝගාබාධයන් ඇති වීමේ අවදානම අඩු කරලයි. මැග්නීසියම් ශරීරයට ලබා ගත හැකි ආහාර වර්ග අතර කොළ පැහැති පලා වර්ග, ධාන්‍ය වර්ග, දුඹුරු පැහැති සහල්, පාන් (පූර්ණ ධාන්‍ය පාන්), මාළු, කිරි ආහාර ප්‍රධාන වේ. දිනකට මිනිස් සිරුරට අවශ්‍ය කරන මැග්නීසියම් ප්‍රමාණයන් වනුයේ වයස අවුරුදු 19-64 අතර වයස් කාණ්ඩයේ පිරිමින්ට දිනකට මිලිග්‍රෑම් 300 ක් හා වයස අවුරුදු 19-64 වයස් කාණ්ඩයේ කාන්තාවන්ට දිනකට මිලි ග්‍රෑම් 270 කි. ඔබට මෙම දෛනික මැග්නීසියම් ප්‍රමාණය දිනපතා ලබා ගන්නා ආහාර හරහා ලබා ගත හැකි බව වෛද්‍ය මතයයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Jan 2018 05:13 PM පැහැපත් සම නොව නිරෝගීමත් සම ගැන සිතන්න සම පැහැපත්ව තබා ගැනීම සෑම යුවතියකගේම මෙන්ම සෑම කාන්තාවකගේම සිහිනය වී තිබේ. සමේ පැහැපත් කමට මූලික අවධානයක් යොමු කළද සමේ නිරෝගීබව ගැන අවධානය යොමු කරන පිරිස අඩුවීම හමුවේ බොහෝ කාන්තාවන් සම අවලස්සන කර ගන්නා තත්ත්වයක් තිබේ. අප අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණාව වන්නේ පැහැපත් සම යන කාරණාව නොව නිරෝගීමත් සම යන කාරණාවටයි. නිරෝගීමත් සම ලස්සනට බලපාන බව මතක තබා ගැනීම තුළ සැමදා රුවැති සිරුරකට හිමිකම ලබා ගැනීමේ හැකියාව තිබේ. නිරෝගීමත් කම පිළිබඳව කතා කිරීමේදී වියළි සම බොහෝ දෙනෙකුට ඇති ප්රශ්නයකි. වියළි සම රුව අවලස්සන කරනු ඇත. වියළි සමක් ඇති වන්නේ කුමන හේතුවක් මතද යන කාරණාව සමඟ එයින් වැළකෙන්නේ කෙසේද කියා බලමු. සම වියළෙන්නේ ඇයි? වියළි සම බොහෝ දෙනෙකුට ඇති ප්රශ්නයකි. එය ජීවිතයේ කුමන කලකදී වුව මතුවිය හැක. මෙය රෝගයක්ම නොවුවත් සමහරක් දෙනා එයින් මානසික පීඩාවට පත්වේ. එමෙන්ම අධිකව සම වියළීම නිසා නිරෝගී සමක පෙනුම නැතිවී අවලස්සන පෙනුමක් ඇතිවේ. සම කොරළ ස්වභාවයක් ගනී. සම මතුපිට ඉරි වැනි ස්වභාවයක් ඇතිවිය හැක. රුව අවලස්සන වීමට මෙය ප්‍රධාන එක් හේතුවක් ලෙසින් නම් කිරීමේ හැකියාව තිබේ. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව වියළි සම නිරෝගී සමක පෙනුම නැති කරනු ඇත. වියළි සම ඇතිවෙන්නේ ඇයි? 1. ජාන මගින් (උපතින්ම ඇතිවන වියළි සම) මෙයට හේතු සාධක වන්නේ සමහරක් අයට ජාන මගින් වියළි සම ඇති වීමයි. මෙම තත්ත්වය විවිධ මට්ටමින් මතුවිය හැක. ඉතා තදබල ලෙස රෝගය ඇති අයට ළදරු අවදියේම රෝගය ඉස්මතුවේ. නමුත් සමහර අයට අවුරුදු 6-10 අතර වයසේදී මුලින්ම රෝගය ඇතිවේ. මෙහිදී ප්‍රධාන වශයෙන් අත්වල සහ කකුල්වල සම කොරළ වශයෙන් ගැළවී යැම සිදුවේ. සමහර විට බෙල්ලේ සහ ඇඟේ සම ද මෙම තත්ත්වයට ගොදුරු වේ. සමහරුන්ගේ ඉතා සුළු වශයෙන් පොතු ගැළවීම සිදුවන අතර සමහරුන්ගේ පොතු ගැළවීම පීඩාකාරී වේ. 2. විවිධ සර්වාංග රෝගී තත්ත්වයන් නිසා ඇතිවන වියළි සම ශරීරයේ ඇති විවිධ රෝග නිසා වියළි සම ඇතිවිය හැක. 1. තයිරොයිඩ් හෝර්මෝනයේ අඩු හෝ වැඩි බව 2. අක්මාවේ රෝගී තත්ත්වයන් 3. වකුගඩු රෝගී තත්ත්වයන් 4. විටමින් ඌනතා 5. autoimmunc diseases මෙම ශාරීරික රෝග නිසා ඇතිවන වියළි සම බොහෝ විට මුළු ශරීරයට ම බලපායි. එහිදී ශාරීරික රෝගයේ රෝග ලක්ෂණද ඒ සමඟ බොහෝ විට දක්නට ලැබේ. 3. සමහරක් ඖෂධ ශරීරයේ මේදය අඩු කරන ඖෂධ 4 වයස් ගතවන විට මහලු වයසේදී බොහෝ විට වියළි සම දක්නට ලැබේ. මෙය වයසත් සමඟ ඇතිවන තත්ත්වයකි. නමුත් ඉතා තදබල ලෙස, ප්රතිකාරවලින් සුවපත් කළ නොහැකි හා ඉතා ඉක්මනින් වර්ධනය වූ වියළි සම සඳහා රුධිර පරීක්ෂාවන් සිදු කිරීමට සිදුවේ. 5 මන්ද පෝෂණය/ විටමින් ඌනතා නිරෝගී පැහැපත් සමකට විටමින් සහ විවිධ ඛනිජලවණ (ඔර්ජැ eසැපැබඑ) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන්ම විටමිනA A සහ විටමින් C ඌනතාවය නිසා අවපැහැ වියළි සමක් ඇතිවේ. මීට අමතරව ශරීරයට අවශ්‍ය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සහ ඛනිජලවණ ද නිරෝගී පැහැපත් සමකට ඉතා වැදගත් වේ. 5 . පරිසර හේතූන් සමහර කාලගුණ තත්ත්ව විශේෂයෙන්ම වියළි තද සුළං පවතින සීතල කාලගුණයේදී සම ඉක්මනින් වියළි යන අතර ඉරි තැලීම් සිදුවේ. (නුවරඑළියේදී) ප්‍රතිකාර වියළි සම සඳහා තිබෙන ප්‍රතිකාර බොහොමයක් තිබෙන්නේ ඒ ඒ අවස්ථාවට අසීරුතාව මගහරවා ගැනීම සඳහාය. ශාරීරික රෝගයක් (උදාහරණ ලෙස තයිරොයිඩ් ආබාධයක්&zwnj හඳුනාගතහොත්, ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් වියළි සම නැතිකර ගත හැක. එසේ නොමැති අවස්ථාවල ප්‍රධාන වශයෙන් සිදුවන්නේ, වියළි සමට මොයිස්චරයිසර් ක්‍රීම් භාවිතා කිරීමයි. මෙම රෝගීන් සබන් වෙනුවට Aqueous Cream වැනි ක්‍රීම් වර්ගයක් භාවිත කළ යුතුය. (මෙම ක්‍රීම් ඕනෑම ෆාමසියකින් ලබාගත හැක) මීට හේතුව බොහෝ සබන්වලින් සමේ ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි ස්රාවයන් සෝදා හරින අතර එයින් සම ක්ෂණිකව වියළි තත්ත්වයට පත්වේ. ඒ හැරුණු විට සමේ ඇති වියළි ස්වභාවය සහ කොරළ ස්වභාවය මත විවිධ ආලේපන ඇත. අධික වශයෙන් වියළි සමක් පවතින අයට විශේෂ ක්‍රීම් වර්ග වෛද්‍ය උපදේශනයකින් පසුව නිර්දේශ කෙරේ. මෙම ක්‍රීම් මිල අධික නොවන අතර නිතර නිතර භාවිත කළ යුතුය. එසේම මෙම ක්‍රීම් ගැල්වීමේදී ශරීරයේ රෝම වර්ධනය වන පැත්තට පමණක් ආලේප කළ යුතුය. උදාහරණ වශයෙන් කකුලේ උඩ සිට පහළට පමණක් පිරිමැදිය යුතුය. එසේ නොමැති වූ විට සමේ ආසාදන (Follic ulitis) ඇති විය හැක. මෙම ක්‍රීම් වර්ගවලින් තමන්ට හොඳින්ම ගැළපෙන ක්‍රීම් වර්ගය දිගු කාලීනව භාවිත කළ යුතුය. එමෙන්ම යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සම සේදීමෙන් පසුව පිසදමා වහාම ක්‍රීම් ආලේප කළ යුතුය. මෙම ක්‍රීම් වර්ග ආලේප කළ පසු තාවකාලිකව සමේ වියළි බව නැතිවේ. එම නිසා එම ක්‍රීම් වර්ග නැවත නැවත දිගු කාලයක් භාවිත කළ යුතුය. කතිකාචාර්ය සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා වෛද්‍ය පීඨය පේරාදෙණිය - විශ්වවිද්‍යාලය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Jan 2018 05:21 PM හෝටල් බේකරි සේවකයන්ට උණසන්නිපාත එන්නත අනිවාර්යයි උණ සන්නිපාතයේ රෝග ලක්ෂණ නිවසේ පිසූ ආහාර තරම් සෞඛ්‍යයට හිතකර ආහාර වෙළඳපොලේ නැත. රසය හා ගුණය ආරක්ෂා වන ලෙස නිවසේදී පිසගන්නා ආහාරය කිසිම විටෙක මිලට ගන්නා ආහාර පාර්සලය සමග සන්සන්දනය කළ නොහැකිය. ඒ කෙසේ වෙතත් වර්තමානයේදී කාර්ය බහුලතා හෝ අනෙක් කරුණක් නිසා ආහාර මිලදී ගන්නා බොහෝ පිsරිස් දකින්නට හැකි වෙයි. උණසන්නිපාතය හා ආහාර සෞඛ්‍යය උණසන්නිපාතය නම් රෝගය වැළඳුණු අයෙකු කිසිම විටෙක ආහාර සකසන හෝ පිළිගන්වන ස්ථානයක සේවයේ යොදවා ගැනීම සපුරා තහනම්ය. උණ සන්නිපාතය වැළැක්වීමේ එන්නත වසර තුනකට වරක් හෝ සිය ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයට උණ සන්නිපාතය වැළැක්වීමේ එන්නත ලබාදීම ආහාර සකස් කරන, විකුණන ආයතන හිමිකරුගේ වගකීමකි. උණ සන්නිපාතය සහිත පුද්ගලයෙකු සකස් කරන, පිළිගන්වන ආහාර අනුභවයෙන් විශාල පිරිසකට රෝගය පැතිර යා හැකිය. එබැවින් මෙම රෝගය පැතිර යාමේ අවදානම අඩු කිරීම සඳහා වසර තුනකට වරක්වත් මෙම එන්නත ලබා ගැනීම ආහාර සකස් කරන, අලෙවි කරන, පිළිගන්වන කාර්ය මණ්ඩලයේද වගකීමකි. 2017 වසරේදීත් මෙම එන්නත ලබා ගත් පිරිස ආසන්න වශයෙන් විසිපන්දහසක් පමණ වෙති. ඊට පෙර වසර එනම් 2016 වසර තුළ එම එන්නත විසිදහසක් පමණ දෙනා ලබා ගෙන ඇත. ආහාර පරිභෝජන ආයතනයක හිමිකරුට හෝ කාර්ය මණ්ඩලයට මහජන සෞඛ්‍ය පරීéකවරයා හමුවී නොමිලයේ ලබාදෙන මෙම එන්නත ලබා ගත හැකිය. මේ අනුව පිසූ ආහාර මිලදී ගන්නා, බේකරි ආහාර වෙළෙඳපොළෙන් ලබාගන්නා ජනතාවට උණසන්නිපාත අවදානම යම් තරමකට ඉහළ මට්ටමක ඇති බව පෙනේ. එබැවින් 2018 වසරේදී ද සිය වෙළෙඳ ආයතනයේ කාර්ය මණ්ඩලයට උණ සන්නිපාතය වළක්වන එන්නත ලබාදීමට කටයුතු කිරීම හිමිකරුගේද වගකීමකි. ජානක සුනෙත් බණ්ඩාර තාක්ෂණික උපදෙස් ජිනසෝම කහඳවආරච්චි මහජන සෞඛ්‍ය පරීක්ෂක වසංගත රෝග විද්‍යා අංශය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Jan 2018 05:28 PM මෙවා හරියට ක්‍රියාත්මක වුනොත් හොදා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 14 Jan 2018 07:21 PM කෑම හදන හැටි ගිහිල්ල බැලුවොත් නම් කන්න හිතෙන්නේ නෑ... 0 You are not authorized to post a reply. Page 86 of 137 << < 8485868788 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner