You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 87 of 137 << < 8586878889 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
15 Jan 2018 12:17 AM
මේ කියන විදිහට වෙනවා නම් ලොකු දෙයක්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jan 2018 02:11 AM

හෝර්මෝන අසමානතාවය පෙන්නුම් කරන ලක්ෂණ

ලිව්වේ  විදුමිණි
      මිනිස් ශරීරයේ වැඩීම සහ වර්ධනය තීරණය කරන මූලිකම සාධකය හෝර්මෝන ක්‍රියාකාරීත්වයයි. මේ පුංචි අණු තමයි ඔබේ හැසිරීමට, හැඟීම්වලට වගේම ඔබේ බාහිර පෙනුමටත් වගකිවයුතු වන්නේ.

 

අද අපි කතා කරන්න යන්නේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍යතාවය හඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් ගැනයි. මේ ලක්ෂණ ඔබටත් තිබෙන බවට සැක කරනවා නම් වෛද්‍යවරයකු වෙත යෑම වඩාත් සුදුසුයි.

කුරුලෑ

කුරුලෑවලින් පිරුණු මුහුණ ඇත්තටම අවලස්සනයි. එයට හේතු සම ගැන නිවැරැදි සොයා බැලීමක් නොමැති වීම, සමබර නොවූ ආහාර වේල හෝ අක්‍රමවත් ඔසප් චක්‍රය වෙන්නත් පුළුවන්.

මේ දේවල් කෙසේ වෙතත් කුරුලෑ හැමදාම වගේ ඇතිවෙනවා නම් එය ඔබේ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍ය තත්ත්වයේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්.

අධික තරබාරුව

සමහරුන් තමන්ගේ ජීවිත කාලය පුරාම තමන්ගේ ශරීරයේ අධික බර අඩු කරගන්න කෑම පාලනය කරමින් ව්‍යායාම කරමින් මහන්සි වෙනවා.

තවත් සමහරු කිසිම මහන්සියක් නැතුවම කෙට්ටු වෙනවා. මෙයත් හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇතිවන්නක්.

අධික තෙහෙට්ටුව

සෑහෙන කාලයක් පුරාවට පවතින මේ වෙහෙස බව එහෙමත් නැත්නම් තෙහෙට්ටුව ඔබේ හෝර්මෝන අසමතුලිත බවේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. පැය 8 ක සුව නින්දක් ලැබීමකින් පසුවත් කෙනෙක්ට තෙහෙට්ටුව දැනෙන්නට පුළුවන්. ඉහළ ප්‍රොජෙස්ටරෝන් මට්ටම මෙයට මූලික වේ. සාමාන්‍ය රුධිර පරීක්ෂාවකින් පුළුවන් ඔබේ රුධිරගගත ප්‍රොජෙස්ටරෝන් ප්‍රමාණය මැනගන්න.

දහදිය දැමීම

අධික ලෙස දහදිය පිටවීම සෑම විටම වාගේ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය සමඟ සම්බන්ධය. කෙසේ වෙතත් ඔබට අධික ලෙස දහදිය දමනවා නම් ඔබේ හෝර්මෝන මට්ටම පරීක්ෂා කරගැනීම නුවණට හුරුය.

ඇස් යට කළුවීම

ඔබ නිදාගන්නේ දවසට පැය තුනක් පමණ නම් මොනම ෆවුන්ඩේෂන් එකකටවත් බෑ ඔබේ ඇස් යට කළු වීම වසා දමන්න. කාලාන්තරයක් තිස්සේ මෙසේ නින්ද නොයෑම හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අසමතුලිතභාවය නිසාම ඇති වෙන්න පුළුවන්. මෙයට මූලිකම හේතුවක් ලෙස කාන්තාවන් තුළ පවතින ප්‍රොජෙස්ටරෝන් සහ පිරිමින් තුළ පවතින ටෙස්ටෙස්ටරෝන් හි මඳකම දක්වන්න පුළුවන්.

විෂාදය

හෝර්මෝන අසමතුලිතතාවයේ තවත් එක් ලක්ෂණයක් ලෙස විෂාදය හඳුන්වන්න පුළුවන්. සාංකාව සහ විෂාදය කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් කරන්න බොහෝ සෙයින් බලපාන්න පුළුවන්. ඔබටත් එම තත්ත්වය නිතර නිතර ඇති වෙනවා නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

පියයුරුවල වෙනස්කම්

ඔබේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම ඔබේ පියයුරුවල මාංශ පේශීන්ගේ ඝණත්වය වෙනස් කරන්නට බලපානවා. අධික ඊස්ට්‍රජන් මට්ටම පියයුරුවල විසප්පු ගෙඩි හෝ ඉදිමුම් ඇතිවීමට බලපානවා. ඔබටත් ඔබේ පියයුරුවල මේ වෙනස්කම් දැනෙනවා නම් වෛද්‍යවරයකු හමුවන්න.

කොණ්ඩය ගැලවී යාම

අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැල වී යාම හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අසමතුලිත බව නිසා ඇතිවන පොදු ලක්ෂණයක්. ඔබ උසස්ම වර්ගයේ ෂැම්පු එකක් භාවිත කරත් මේ තත්ත්වය මඟහරවා ගන්නට බෑ. ඒ සඳහා සුදුසු ප්‍රතිකාරවලට යොමු විය යුතුයි.

අනවශ්‍ය රෝම

සමහරු ගැල වී යන කොණ්ඩය නවත්වාගන්න උත්සාහ දරද්දී තවත් සමහරු අනවශ්‍ය ලෙස වැවෙන රෝමවලට පිළියම් සොයනවා. සාමාන්‍යයෙන් රෝම වැවෙන්නේ නැති පියයුරුවල, මුහුණේ, අත්වල හෝ වෙනත් අවයවයන්වල තද කළු පැහැ රෝම ඇති වී තිබෙනවා නම් එය ඉතාමත් බරපතළ හෝර්මෝන අසමතුලිතතාවයක්.

හෝර්මෝන අසමතුලිතතාවය වළක්වා ගන්නේ කෙසේද?

මිනිස් ශරීරයේ හෝර්මෝන අසමතුලිතතාවය කියන්නේ ඉතාමත් පරිස්සමට සහ ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්. හෝර්මෝන අසමතුලිතතාවය ස්වභාවිකවම ඇති වන්නේ ශරීරයේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස් වෙද්දී. බොහෝ අවස්ථාවල එසේ සිදුවන්නේ ශරීර අභ්‍යන්තරයේ පවතින ශිරා සහ අන්තරාසර්ග පද්ධතීන්ගේ තත්ත්වයන්ගේ ප්‍රශ්න නිසා. මේ සම්බන්ධව සිටින විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ඔබේ හෝර්මෝන ගැටලුවලට නිසි ප්‍රතිකාර ලබාගන්න.

 උපදෙස් - ලලිත් ප්‍රසන්න හලබආරච්චි

අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කැලණිය

-http://tharunie.lk-

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jan 2018 02:54 AM
වැදගත් ලිපි පෙළක්...............
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jan 2018 04:48 PM

suwa6 1ආහාරවලට යොදාගනු ලබන සැර කුළුබඩු විශේෂයක්‌ වන කළු ගම්මිරිස්‌ ශරීරයේ තරබාරු බව අඩු කර රුධිරගත සීනි මට්‌ටම අඩු කරලීමට උපකාරී වන බව ඉන්දීය පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
 
 කළු ගම්මිරිස්‌ වල අඩංගු "පිපරොනාල්" නමැති සංයෝගය අධික තෙල් සහිත ආහාර වේලක්‌ ගැනීමෙන් ඇතිවන හානිකර බලපෑම් අඩු කරලන බව ඉන්දියාවේ ç වෙන්කටේෂ්වර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් තරබාරු මීයන් පිරිසක්‌ යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකදී අනාවරණය කරගෙන ඇත.
 
 මෙම පර්යේෂණයේදී කළු ගම්මිරිස්‌ ඇටවල අන්තර්ගත "පිපරොනාල්" සංයෝගය වෙන්කර එය අධික තෙල් සහිත ආහාර වේලක්‌ ලබා ගත් තරබාරු මීයන් පිරිසකට සති හයක කාලයක්‌ ලබාදී ඇති අතර එම කාලය නිමවූ පසු ඔවුනගේ ශරීර ගත මේද ප්‍රමාණය හා රුධිරගත සීනි ප්‍රමාණය අඩු වී තිබී ඇති බව හෙළි වී තිබේ.
 
 පර්යේෂකයින්ට අනුව දින 42 ක කාලයක්‌ තුළදී ශරීර බර කිලෝග්‍රෑමයකට "පිපරොනාල්" මිලිග්‍රෑම් 40 ක ප්‍රමාණයක්‌ ලබාදුන් විටදි තරුබාරු බව අඩුවීම උපරිමයෙන් සිදුවන බව හෙළිවී ඇත.
 
 මෙම පරීéණයෙහි ප්‍රතිඵලයට අනුව තරබාරු බව කෙරෙහි බලපානු ලබන ඇතැම් ජාන පාලනය කිරීමටද "පිපරොනාල්" සංයෝගය උපයෝගි කරගත හැකි වන බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.
 
 පෝෂණය පිළිබඳ සඟරාවකට සිය පර්යේෂණය පිළිබඳව ලියා ඇති පර්යේෂකයින් පිරිස කියා සිටිනුයේ 1975 වසරෙන් පසුව ලොව පුරා තෙගුණයකින් වැඩිවී ඇති තරබාරු බවට ප්‍රතිකාරයක්‌ නිපදවීමට මෙම නව සොයා ගැනීම හේතුවනු ඇති බවයි.
 
 ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jan 2018 04:54 PM

suwa7 2පිළිකා යනු ඉතා භයානක රෝග සමූහයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැම් පිළිකා හඳුනා ගැනෙනුයේ ඉතා ප්‍රමාද වී බැවිනුත්, තවත් සමහරක්‌ පිළිකා කල්තබා හඳුනා ගත්තද එම පිළිකාවල ඉතා දරුණු ස්‌වභාවය නිසාමද සුවකර ගැනීම ඉතා අපහසු බවක්‌ පෙන්නුම් කිරීමද රහසක්‌ නොවේ. මෙවැනි පසුබිමක්‌ මත පිළිකා රෝගීනුත්, ඔවුන්ගේ පවුල්වල අයත් තම අසරණතාව නිසාම පිළිකා සුවකර ගැනීම සඳහා කිසියම් හෝ පිළිසරණක්‌ හඹායැම පුදුමයට කරුණක්‌ නොවේ.
 
 පිළිකා සුව කිරීමට හෝ යම් කාලයකට පාලනය කර තබා ගැනීමට කරනු ලබන සම්මත ප්‍රතිකාරයන් වන ශල්‍ය කර්ම, විකිරණ ප්‍රතිකාර, පිළිකා නාශක ඖෂධ සහ හෝමෝන ප්‍රතිකාර ලබාදීමේදී යම් අතුරු ආබාධ ඇතිවිය හැකි නමුත් ඒවා අවමයක්‌ කරගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත. කෙසේ නමුත් බොහෝ පිළිකා රෝගීන් සාර්ථකත්වය ඔප්පු කර නොමැති වෛකල්පිත පිළිකා ප්‍රතිකාර වෙත ඇදී යනුයේ ඒවායින් විශ්මිත ප්‍රතිඵල අපේක්‍ෂාවෙනි.
 
 මඤ්ෙÆක්‌කා ආහාරයට ගැනීමෙන් පිළිකා සුවකළ හැකි බවට මතයක්‌ ලංකාව තුළ මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වන්නට පටන් ගත්තේ 2010 වර්ෂයේදීය. වසර 7 කට කලින් සිදුවූ දෙයක්‌ ගැන අද දිනයේ විමර්ශනයක්‌ කිරීමට හේතුව කුමක්‌දැයි කුතුහලයක්‌ පාඨක ඔබ තුළ මතුවන්නට පුළුවන. සම්මත ප්‍රතිකාරවලට යොමු නොවී මඤ්ෙÆක්‌කා ප්‍රතිකාරයට යොමුවීම නිසා අමාරුවේ වැටුනු පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක්‌ අපි දැක ඇත්තෙමු. මීට ප්‍රධානම හේතුව අනවබෝධය සහ අසරණකම බව පැහැදිලිය. එබැවින් දැනුවත් කිරීම ඉතා වැදගත්ය.
 
 මඤ්ෙÆක්‌කා ආහාරයක්‌ ලෙස සියවස්‌ ගණනාවක්‌ම පරිභෝජනය කර ඇත. ලංකාවේ එක්‌ විශේෂඥ වෛද්‍යවරයකු පළකරන ලද වාර්තාවක සඳහන් වන පරිදි පෘතුගීසින් විසින් එය අප්‍රිකාවට හඳුන්වා දී තිබිණි. ආහාරයක්‌ ලෙස මඤ්ෙÆක්‌කා අල (මුල්) සහ දලු ඉතා රසවත්ය. පිළිකා නැසීමට තරම් හැකියාවක්‌ මෙම ආහාරය තුළ තිබේද? ඉන්දියාව හෝ ලංකාව තුළ පාරම්පරික වෙදකම තුළ පවා පිළිකා නැසීමට මඤ්ෙÆක්‌කා යොදාගත් බවට සඳහනක්‌ නැත.
 
 මඤ්ෙÆක්‌කා පිළිකා සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස හඳුන්වා දී තිබුණේ කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියකින් තොරවය. වසර 7 කට ප්‍රථම තමාට ෙමෘත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව වැළඳී තිබූ පිළිකාවක්‌ (Transitional cell carcinoma) නිසා එක්‌ වකුගඩුවක්‌ද, ඒ පැත්තේම මුත්‍ර නාලියද, මුත්‍රාශයේ කොටසක්‌ද ශල්‍ය කර්මයක්‌ මගින් ඉවත් කර ගැනීමට එක්‌ විශ්‍රාමලත් විශේෂඥ වෛද්‍යවරියකට සිදුවිය. ඉන් අනතුරුව ඉතා නිවැරැදි ලෙස විකිරණ ප්‍රතිකාරයද ඇය ලබා ගත්තාය. සම්මත ප්‍රතිකාරයේ සාර්ථකත්වය පෙන්නුම් කරමින් වසර 7 ක කාලයක්‌ පිළිකාව නැවත මතු නොවී තිබිණි. ඇයට කරන ලද ශල්‍ය කර්මයේ ස්‌වභාවය බැලූ කළ තරමක්‌ පැතිරී තිබූ පිළිකාවක්‌ බවට අනුමාන කළ හැකිය. එසේ පැතිරී තිබූ පිළිකාවක්‌ වසර 7 ක කාලයකට නැවත මතු නොවීමට කරගනු ලැබූ ප්‍රතිකාරය ඉතා සාර්ථක එකක්‌ විය යුතුමය. නමුත් අවාසනාවකට වසර 7 කට පසුව නැවතත් ඇයගේ මුත්‍රාශය තුළ පිළිකාව මතුවී ඇති බවට සොයා ගැණුනි. මෙය කලින් පැවති පිළිකාවේ ද්විතීයික අවස්‌ථාවක්‌ හෝ එසේ නොමැතිව අලුතින්ම මුත්‍රාශය තුළ මතුවූ පිළිකාවක්‌ වීමටද ඉඩ ඇති නමුත් ඒ ගැන ස්‌ථිරවම පැවසීම ඉතා අපහසුය. කෙසේ නමුත් සිරුරේ කිසියම් අවයව පද්ධතියක කොටසක පිළිකාවක්‌ ඇතිවීමට බලපාන කාරණාව එම පද්ධතියේ අනෙක්‌ කොටස්‌වලටද බලපාන බැවින් මේ ආකාරයට අලුතින් පිළිකාවක්‌ ඇතිවීමේ හැකියාවද ඇත. එය ,field cancerization, ලෙස හඳුන්වනු ලබයි. මෙවැනි පිළිකා රෝගීන් බොහෝමයක්‌ සායනයන් තුළ අපි දැක ඇත්තෙමු. ඒ කෙසේ වෙතත් දෙවැනියට මුත්‍රාශය තුළ මතුවූ පිළිකාවටද ඇය සාර්ථකව ශල්‍ය කර්මය කරගන්නා අතර එහිදී පිළිකාව මුත්‍රාශයේ මාංශපේශි දක්‌වා පැතිරී තිබුණේද? එසේ නොමැතිව
 
 මතුපිට ස්‌ථරයේ පමණක්‌ අපිච්ඡදයට සීමා වූ පිළිකාවක්‌ ලෙස තිබුණේ දැයි පැහැදිලිව සඳහන් කර නොතිබිණි. එම පිළිකාව අපිච්ඡදයට පමණක්‌ සීමාවූ ඉතා හොඳින් ප්‍රභේදනය වූ පිළිකාවක්‌ නම්, එම ශල්‍යකර්මයෙන්ම වසර ගණනාවකට නැවත මතු නොවී පාලනය කර ගැනීමට ඉතා හොඳ අවස්‌ථාවක්‌ තිබේ.
 
 කෙසේ නමුත් මේ අවස්‌ථාවේදී අනෙක්‌ ඕනෑම පිළිකා රෝගියකු කරන්නා සේ ඇය ද පිළිකා සුව කිරීම සඳහා ඇති අනෙකුත් ප්‍රතිකාර ගැන සොයා බලන්නට විය. එහිදී අන්තර්ජාලයේ වූ එක්‌ වෘත්තීමය නොවන වෙබ් අඩවියකින් පිළිකා සඳහා කිරීමට යෝජනා කරනු ලැබූ මCඳ්ෙC¹ක්‌කා ප්‍රතිකාරය ගැන ඇය දැනුවත් විය. එම ප්‍රතිකාරය මසක්‌ කර තම පිළිකාව එමගින් සුව වූවාය යන නිගමනයට ඇය පැමිණියේ පර්යේෂණයක්‌ සිදුකර නිගමනයක්‌ ලබා ගැනීමට සිදුකළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදයේ සියලුම පියවරවල් උල්ලංඝනය කරමිනි.
 
 ඉහත වෙබ් අඩවියේ සඳහන් කළ මCඳ්ෙC¹ක්‌කා ප්‍රතිකාර සඳහා මූලික වූ ඉතිහාස කරුණ ඊළඟට විමසා බලමු. දශක ගණනාවකට පෙර ඇෆ්ගනිස්‌ථානයේ සේවය කළ බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකුගේ නිරීක්‍ෂණයක්‌ මීට මුල් වී තිබිණි. ඔහුගේ නිරීක්‍ෂණය වූයේ ඇප්රිකොට්‌ නම් ගසේ ගෙඩි ආහාරයට ගන්නා නිසා එම ඇෆ්ගනිස්‌ථාන වැසියන් තුළ පිළිකා ඇතිවීම ඉතා අඩු බවය. ඇතැම් විට එම වෛද්‍යවරයා බ්‍රිතාන්‍යයේ මිනිසුන් අතර පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවත් ඇෆ්ගනිස්‌ථාන වැසියන් අතර පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවත් සංසන්ධනය කළා විය හැකිය. දශක ගණනාවකට පෙර පිළිකා පිළිබඳ දැනුම වෛද්‍යවරුන් අතර පවා ඉතා අඩු වූ බැවින් එම බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාගේ නිගමනයට සමාව දිය හැකිය. පිළිකා පිළිබඳ හොඳ දැනුමක්‌ ඇති ඕනෑම කෙනෙකු දන්නා කරුණක්‌ වනුයේ මිනිසුන් ජීවත් වන ආයු කාලය වැඩිවත්ම පිළිකා ඇතිවීමේ හැකියාව වැඩිවන බවය. සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ඉතා අඩු ඇෆ්ගනිස්‌ථානයේදී ඉහත සඳහන් කළ කාල වකවානුවේදී මිනිසුන්ගේ උපතේදී ආයු අපේක්‍ෂාව වසර 30 ත් 40 ත් අතර ඉතා අඩු අගයක පැවතුනි. එබැවින් එම මිනිසුන් බොහෝ විට පිළිකාවක්‌ සෑදීමට තරම් කාලයක්‌ ජීවත්වන්නේ නැත. බොහෝ දෙනෙක්‌ ඉතා අඩු වයසකදී ආසාදන නිසා මියගොස්‌ තිබිණි.නමුත් මහා බ්‍රිතාන්‍යයේ මේ වනවිට සෞඛ්‍ය පහසුකම් ඉතා හොඳින් දියුණුව පැවැති නිසා ආසාදන නිසා මිය යැම ඉතා අඩු මට්‌ටමක පැවතුනු බැවින් මිනිසුන් වැඩි කාලයක්‌ ජීවත් විය. එවිට පිළිකා සෑදීමේ අවස්‌ථාව වැඩි වූ බැවින් බ්‍රිතාන්‍යයේ පිළිකා රෝගීන් ඇෆ්ගනිස්‌ථානයට වඩා ඉතා බහුලව හමුවිය. එබැවින් ඇෆ්ගනිස්‌ථානයේ මිනිසුන් අතර පිළිකා බහුල නොවීමට හේතුව ආහාරයට ගන්නා ඇප්රිකොට්‌ නොව ඔවුන් පිළිකා සෑදීමට ප්‍රථම අඩු වයසින් මියයැම බව පාඨක ඔබට හොඳින් පැහැදිලි වනවා ඇත. කෙනෙක්‌ වයසට යන විට පිළිකා ඇතිවීමේ හැකියාව වැඩිවන බවට හොඳම නිදසුන ලංකාවේ පිළිකා මර්දන ව්‍යාපාරය මගින් මුද්‍රණය කළ ප්‍රකාශ කර ඇති වසර 2010 ලංකාවේ පිළිකා දත්ත පොතය. එහි එක්‌ එක්‌ වයස්‌ කාණ්‌ඩවල අයගේ පිළිකා ඇතිවී තිබෙන ප්‍රමාණයන් දක්‌වා ඇති ස්‌ථම්බ ප්‍රස්‌ථාරය නිරීක්‍ෂණය කළ විට පැහැදිලි වන්නේ වසර 40 ට පෙර පිළිකා ඇති වූ රෝගීන් ප්‍රමාණය ඉතා අඩු බවත් වයස 40 ට පසු ශීඝ්‍රයෙන් පිළිකා රෝගීන් ගණන වැඩි වන බවත් ය.
 
 කෙසේ වෙතත් ශාක වලින් පිළිකා නාශක ඖෂධ වෙන්කර ගත් අවස්‌ථා ඕනෑ තරම් ලෝක ඉතිහාසයේ ඇත. එබැවින් මCඳ්ෙC¹ක්‌කා වල පිළිකා නාශක හැකියාවක්‌ ඇත්නම් මේ වන විට එය ඖෂධයක්‌ බවට පත්කර වෙළෙඳපොළට ඇවිත් ඇතුවාට කිසිම සැකයක්‌ නැත. පැක්‌ලිටැක්‌සේන් පිළිකා නාශක ඖෂධය වෙන්කර ගත්තේ ශාකයකිනි. නමුත් එක්‌ මාත්‍රාවක්‌ සාදා ගැනීමට නම් ශාකයේ කි. ග්‍රෑ. 6 ක්‌ වත් ඒ සඳහා යොදා ගත යුතු විය. එය ශාකයේ ඇති ස්‌වභාවයෙන්ම ශරීරගත කළ නොහැකිය.
 
 එබැවින් මCඳ්ෙC¹ක්‌කා පමණක්‌ නොව පිළිකා සුව කිරීමට කියා පොලොස්‌, දෙළුම් ආදී දේ ආහාරයට ගන්නා අයට ද කිව යුත්තේ මෙයමය. කෙසේ වෙතත් මේවා ආහාර ලෙස ලබා ගන්නා දේවල් බැවින් ශරීරයට විෂ නොවන නිසාත්, පිළිකා රෝගීන් ඒවා පරිභෝජනය කළාට වරදක්‌ නැත. නමුත් සම්මත ප්‍රතිකාරයෙන් ඉවත් වී පිළිකා ප්‍රතිකාරයක්‌ ලෙස ඒවා යොදා ගැනීම මුලාවකි. කෙසේ වෙතත් සම්මත ප්‍රතිකාරය නිසා සුවවන හෝ යටපත් වන පිළිකාවල ප්‍රතිකාරයේ සාර්ථකත්වයේ ආරෝපණය මCඳ්ෙC¹ක්‌කා හෝ පොළොස්‌වලට ලබා දීම ඉතා අසාධාරණය.
 
suwa7 1 පාම ගුණතිලක
 පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:31 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:31 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:32 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:32 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:32 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:32 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:33 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:33 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:36 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jan 2018 01:46 AM

උගුරේ අමාරුවට ලුණු වතුර

https://i.imgsafe.org/dc/dc796deafb.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Jan 2018 03:15 AM
පොඩි කාලෙ උගුරෙ අමාරුවට ලුනු වතුර බිව්වා මතකයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Jan 2018 03:55 AM
උගුරේ අමාරුව තියෙන වෙලාවට උණුවතුරට ලුණු ටිකක් දාලා උගුර හෝදන කොට දැනෙන සනීපය කියන්න වචන නැහැ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jan 2018 04:31 PM

weda5කොඳු ඇට පෙළෙහි වේදනාවක්‌ ඇති වූ විට බොහෝ තැනකදී රෝගියා විසින්ම රෝගය තීරණය කරන අයුරක්‌ දක්‌නට ලැබේ. එහෙත් එය එසේ නොකළ යුතු වන්නේ කොඳු ඇට පෙළෙහි ආබාධයන් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම අවශ්‍ය කටයුත්කක්‌ වන නිසාවෙනි. ආයුර්වේදයේදී කොඳු ඇට පෙළෙහි ආබාධයක්‌ නිසා වන වේදනාව වාත රෝග යටතට ගැනේ.
 
 කොඳු ඇට පෙළ ගැන කතාබහ කිරීමේදී කොඳු ඇට පෙළ කොටස්‌ තුනකට බෙදා වෙන් වේ.
 
 එනම් ගී්‍රවය අස්‌ථි (බෙල්ල), උරස්‌ කශේරු අස්‌ථි යන කටී කශේරුකා අස්‌ථිය. ගී්‍රවය සහ කටී කශේරුකා අස්‌ථිවල හැරවුම් සහ නම්‍යශිලිතාවය වැඩිය. උරස්‌ කශේරුකාවල නම්‍යශිලිතාවය ඉතා අඩුය. එයට හේතුව පර්ශු හා බැඳී තිබීමය. එබැවින් කශේරුකා අතර මඩල ඉතා තුනිවීම මත නම්‍යශිsලිතාවය අඩු වී ඇත. ගී්‍රව හා කටී ප්‍රදේශවල නම්‍යශිලිතාවය වැඩි වීමට හේතුව කශේරුකා මඩල තරමක්‌ ඝනකම්ව පිහිටිමය. අන්තර් කශේරුකා මඩලින් වෙන්නේ ඝට්‌ඨනය (ගැටීම) නැති කර කොඳු ඇට පෙළ පැවැත්මට, ක්‍රියාකාරීත්වයට සහයෝගය ලබා දීමයි.
 
 ඒ නිසා වැඩිපුරම කොඳු ඇට පෙළ ආබාධවලදී එනම් හදිසි අනතුරු හැර බොහෝ විට පීඩාවට පත්වන්නේ ගී්‍රව සහ කටී ප්‍රදේශයේ ඇති අස්‌ථින් සහ අන්තර් කශේරුකා මඩලය.
 
 මෙහිදී කොඳු ඇට පෙළ හරහා ගමන් කරන සුෂුqම්නා ස්‌නායු යුගල 12 ක්‌ තිබේ. මේවායින් ශරීරයේ පාලන, විධාන යන ක්‍රියා ක්‍රමවත්ව සිදු කරනු ලැබේ.
 
 සාමාන්‍යයෙන් බොහෝ දෙනාට කොන්දේ කැක්‌කුම ඇති වන්නේ කොඳු ඇට පෙළ ආබාධයකදීය. නැති නම් සයිටිකා තත්ත්වයේදීය. බෙල්ලේ සිදු වන ආබාධයකදී බෙල්ලේ කැක්‌කුමක්‌ ඇති වන අවස්‌ථා ඇත. සයිටිකාවලදී වේදනාව කොන්දේ සිට පාදය දිගේ යන අතර බෙල්ලේ කැක්‌කුම අවස්‌ථාවේදී අත දිගේ එන කැක්‌කුමක්‌ දැනෙනු ඇත. එපමණක්‌ නොව පීඩාවට පත් වන ස්‌නායුවේ ස්‌වාභාවය අනුව මළ මුත්‍රා එනම් බහිස්‍රාවිය ක්‍රියාවන්, අන්තර් පේශින්ගේ ක්‍රියාවන් ආදිය පවා අඩාල කරන වෙනස්‌ කරන තත්ත්වය ඇතිවීමේ හැකියාව ඇත. ආබාධයේ ස්‌වභාවය අනුව වේදනාව සහ එයින් ඇති වන අතුරු ආබාධ තීරණය වනු ඇත.
 
 කොඳු ඇට පෙළෙහි බහුලවම දැකිය හැකි රෝග අවස්‌ථාව ලෙසට කශේරුකා අතර මඩල ලිස්‌සා යැම, කශේරුකා අතර පිහිටි දුර වඩාත් ළංවීම හෝ වඩාත් ඈත්වීම, කශේරුකා වක්‍ර වීම සහ ගැටීම මෙන්ම ඊටත් අමතරව එස්‌ අකුරේ හැඩය හෝ සී අකුරේ හැඩයට කුදු ගැසීම (පැති කුදය) යන තත්ත්වයන් ඇති විය හැක.
 
 මේවා ඇති වන හේතුන් ගැන කතා කිරීමේදී ධාතු ක්‍ෂීණාභාවය නිසා ශරීරය දුබල වීම (අධික කෘෂ බව), අධික ස්‌ථුලතාවය (අධික මහත නිසා බර දරා ගන්නට කොඳු ඇට පෙළට වෙහෙසක්‌ දැරීමට සිදුවීම), ගර්භනී අවධියේ ඇති වන විවිධ සංකූලතා (කලාතුරකින් සිදු වන ත්ත්වයකි. ගර්භය වැරදි පිහිටීම), උපතේදී වන ආබාධ එනම් අඩු භාවිතය වැනි, ඉපදුනු පසු ළදරුවා වඩා ගන්නා වැරදි ඉරියව් මෙන් ම වැඩුණු පුද්ගලයන් අධික බර ඉසිලීම, වැරදි ඉරියව්වල පිහිටා කටයුතු කිරීම වැනි කරුණුය. හදිසි අනතුරු ආමවාත, වාතරක්‌ත ආදී රෝග කාරණ ද කොඳු ඇට පෙළ ආබාධවලට හේතු සපයනවා ඇත.
 
 ස්‌නායුවේ කශේරුකා ගැටීම හෝ තෙරපීම මත වේදනාව ඇති වන නිසාවෙන් මෙවැනි රෝග වාත රෝගයක්‌ ලෙසින් හඳුන්වනු ලැබේ.
 
 සුෂුම්නා ස්‌නායුව කොඳු ඇට පෙළ දිගේ ගමන් ගන්නා විට එහි ආරක්‌ෂාවට තරලයක්‌ තිබේ. එය ස්‌නායු ආවරණ තරලය ලෙසින් නම් වේ. යම් හේතුවකින් මෙම තරලය වියළි යැමත්, යම් දුරකට එම ස්‌නායු සංවේදිතාවයට හානි පමුණුවා කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇති විය හැකිය. මොළය ප්‍රදාහය වැනි එනම් මෙනින්ජයිටීස්‌ වැනි තත්ත්වයන් මේ සඳහා හේතු විය හැක. හදිසි අනතුරුවලින් කශේරුකා පිපිරීමට ලක්‌ වූ වැනි අවස්‌ථා ද මේ සඳහා හේතු විය හැක.
 
 කොඳු ඇට පෙළ වැදගත් වන්නේ සිරුර සෘජුව, ශරීර හැඩයට නම්‍යශිලිත්වය සඳහා යන ප්‍රධාන කාරණාවලටය. ඒ නිසා එය වැදගත් කාර්ය භාරයක්‌ ඉටු කරනු ඇත.
 
 ඉහත හේතුවකින් කොදු ඇට පෙළ ආශ්‍රිත ආබාධයක්‌ වේ නම් එය ඉතා අපහසු සහ අසහනකාරී තත්ත්වයට පත් වනු ඇත. ශරීර ක්‍රියාවන් අඩපණ වන්නේය.
 
 කොඳු ඇට පෙළ ආබාධවලදී බහුලව දක්‌නට ලැබෙන වේදනාව එනම් කොන්දේ හෝ බෙල්ලේ ස්‌පර්ශයෙන් එය විනිශ්චය කර දැන රෝගය හඳුනා ගැනීමේ හැකියාව ඇත. එයට අමතරව යම් පාර්ශ්වයක අතක හෝ කකුලක ඇති කරන වේදනාව (ගුදුයි හෝ අවබාහුක වැනි) ඇති වීමට පුළුවන.
 
 මෙම තත්ත්වය මුලදී වේදනාව පමණි. පසුව හිරිය දක්‌වා වර්ධනය වී එතැනින් එහාට සංඥ දැනෙන්නේ නැතිව යනු ඇත. එනම් අත හෝ පාදය පණ නැතිව යන්නේය.
 
 එය සුෂුම්නා ස්‌නායුවට ඇති කරන පීඩාව අනුව වෙනස්‌ වන තත්ත්වයක්‌ තිබේ. මෙය අංශභාග රෝගය නොවේ. කැඩුම් බිදුම් තත්ත්වය ද නොවේ. ඒ නිසා ම ප්‍රතිකාරය මෙයටම අන්‍යන්‍ය ප්‍රතිකාරයක්‌ විය යුතුය. මැල්ලුම්, පත්තු බැඳිමේදී හැඩය වෙනස්‌ නම් සුව වන්නේ තිබෙන ආකාරයටමය. ඒ නිසා බොහෝ විට සිදු වන මෙම වැරදි ක්‍රමය හේතුවෙන් බොහෝ රෝගීන් පීඩා විඳින අයුරක්‌ පෙනේ.
 
 ප්‍රතිකාර කළ යුතු වන්නේ වෙනස්‌ වූ හෝ ඇද වූ හෝ ඈත් වූ හෝ වඩාත් ළං වූ කොඳු ඇට පෙළ පුරුක්‌ නිශ්චිත ස්‌වරූපයට යළි සකසා ගැනීමයි. ඒ සඳහා කො» ඇට පෙළ යම් වූ මොළොක්‌ කිරීමකට බදුන් කළ යුතුය. මෙහිදී මොළොක්‌ කරන්නේ කශේරුකා අස්‌ථි නොවේ. කො» ඇට පෙළ පුරුක්‌ය. මොළොක්‌ කළ පසු නිශ්චිත හැඩයට ගෙන සකස්‌ කර ගත යුතුය. ඒ සඳහා විශේෂිත තෙල් වර්ග තිබේ. පාරම්පරික ඉතා අතීතයේ සිට භාවිත වූ ඖෂධ වට්‌ටෝරුවලින් එය සාර්ථකව කර ගැනීමේ හැකියාව ඇත.
 
 එම ක්‍රමයේදී ආබාධිත ස්‌ථානයේ සකසා ගත් ආවාට තුළ තෙල් පුරවා නිශ්චිත කාලයක්‌ තබා මොළොක්‌ කර ගනී. (කටී වස්‌ති, ගී්‍රවය වස්‌ති) ඉන්පසුව එම තෙලම යොදා ගනිමින් සැකසීම සිදු කරනු ලැබේ. මෙය දිනකින් දෙකකින් කළ හැකි දෙයක්‌ නොවේ. ආබාධයේ ස්‌වභාව අනුව කාලයක්‌ ගත වේ. ඉන්පසු නැවත කොඳු ඇට පෙළ ශක්‌තිමත් කරනු ලැබේ. ඒ සඳහා වෙනම ම තෙල් පත්තු මැල්ලුම් ලේප අවස්‌ථනෝචිතව යොදා ගනු ලැබේ.
 
 ඒ නිසාම වෙහෙසකර දේ, වැරදි ඉරියව්වලින් ඈත් විය යුතුය. වෛද්‍ය උපදෙස්‌ මත කොන්දට නම් මෙට්‌ටය, බෙල්ලට නම් කොට්‌ටය සකස්‌ කර ගත යුතුය. දුරගමන්, බර ඉසිලීම වැනි වෙහෙසර කර ක්‍රියා නැවැත්විය යුතුය. බිමට නැමී ගමන් ගැනීම නුසුදුසුය. අංශක 90 ට වැඩි විය යුතුය. එනම් ප්‍රවේශම වැදගත්ය.
 
 වාත රෝග ගණයේ නිසා පත්‍ය අපත්‍ය අනුගමනය කළ යුතුය. ඇල් දිය භාවිතය, ශීතල ආහාර, අධික ව්‍යායාම ආදී වාතය කෝප කරවන ආහාර විහරණගෙන් වැළකී සිටිය යුතුය.
 
 යම් පුද්ගලයකුට කොන්දේ හෝ බෙල්ලේ වේදනාවක්‌ ඇති වී නම් වහාම නිසි වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීමට යොමු විය යුතුය. ñ කිරණ පරීක්‌ෂණ වැනි පරීක්‌ෂණ මගින් රෝගය වඩාත් නිර්ණය කර ගතත හැක.
 
 කොන්දේa වේදනාව කොඳු ඇට පෙළ ආබාධයක්‌ම නොවන තැන් තිබේ. ගර්භාෂ, වකුගඩු, අක්‌මා, අන්ත්‍රගත රෝග හා උදරය ඇසුරු කළා වූ පිළිකාවලදීද ඇතැම් විට උග්‍ර අම්ල පිත්ත අවස්‌ථාවලදීද කොන්ද ආශ්‍රිත වේදනාවන් ඇති වන්නේය. එහෙත් මේවායේ වේදනාවන් වෙනස්‌ වන නිසා එය හඳුනා ගැනීම අපහසු නැත.
 
 ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙවන් වූ කොඳු ඇට පෙළ ආබාධ කිසිදු සැත්කමකින් තොරව අතුරු ආබාධ රහිතව සුව කිරීමේ හැකියාව තිබීම සැබැවින්ම විටෙක ආශ්චර්යයක්‌ බව පෙනේ.
 
 රෝගය පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් අමතා නොමිලේ විස්‌තර දැනගැනීමට හැකියාව තිබේ.

weda3

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jan 2018 04:42 PM

weda4ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අපට ලෙඩ රෝග ඇති වීමට බලපාන හේතු තුනක්‌ ඇත. එනම් වාත, පිත සහ කඵ යන තුන් දොaෂයන්ය. මෙම තුන් දොaෂ කෝප වීමෙන් අපට බොහෝ ලෙඩ රෝග මතු වේ.

සෙම් රෝග, උදරාබාධ, හන්දිපත් රෝග ආදිය ප්‍රධාන වශයෙන් අපට මෙහිදී මතු වන රෝගාබාධයන්aය.

ඒ නිසා මෙම තුන් දොaෂ කෝaප නොවන ආහාර පාන ගැනීමට අප හැකි සෑම අවස්‌ථාවකම කටයුතු කළ යුතුය.

වාතය කෝප නොවන ආහාර

පලතුරු

අලිගැට පේර, කෙසෙල්, චෙරි, රටඉඳි, ගස්‌ලබු, අන්නාසි, දොඩම්, අඹ

එළවළු

පිසින ලද කැරට්‌, රතු අල, පිපිඤ්Æ, දඹල, ලීක්‌ස්‌, බණ්‌aඩක්‌කා

ධාන්‍ය

හාල් වර්ග, තිරිඟු පිටි, පිසින ලද ඕටිස්‌, තම්පල

රනිල කුලයේ ධාන්‍ය

කරල් බෝග (රතු) මුං, සෝයා කිරි, සෝයා චීස්‌, සෝයා, සොසේජස්‌

කිරි ආහාර

බටර්, චීස්‌, එළකිරි, ගිතෙල්, එළු කිරි, අයිස්‌ක්‍රී්‍රම්

සත්ත්ව ආහාර

ගව මස්‌, කුකුළු මස්‌, බිත්තර, තාරා මස්‌, මුහුදු මාළු, මුහුදු ආහාර, කූනිස්‌සෝ

කුළු බඩු

කළු ගම්මිරිස්‌, අඹ චට්‌නි, කොත්තමල්ලි කොළ, දෙහි, ලෙමන්, අබ, ලූනු, තාක්‌කාලිවලින් සෑදු සෝස්‌ වර්ග

තෙල් වර්ග

ගිතෙල්, ඔලිව් තෙල්, තල තෙල්

බිම වර්ග

ආමන් කිරි, කෝමාරිකා යුෂ, කැරට්‌ යුෂ, මිදි යුෂ, අඹ යුෂ, චෙරි යුෂ

මෙම ආහාර වර්ග ගැනීමෙන් වාතය කෝපවීම නිසා මතු වන රෝගවලින් වැළකිය හැකිය.

වාතය කෝප වන පුද්ගලයන් මෙම ආහාර ගැනීමේදී නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස්‌ මත ඒවා ගැනීම වඩාත් සුදුසුය.

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

ලබන සතියේ පිතට හිතකර ආහාර

සංස්‌කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jan 2018 04:48 PM

weda1අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්‌ට්‍රයිටිස්‌ (Gastritis) රෝගයට ගොදුරු වන පිරිස්‌ දිනෙන් දින වැඩිවීමක්‌ දක්‌නට ලැබේ.
 
 ළමා, තරුණ, මහලු කියා වයස්‌ භේදයකින් තොරව මෙම රෝගයට ගොදුරුවීමට බලපා ඇති හේතුව කුමක්‌දැයි කියා අපි විමසා බලමු.
 
 ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අම්ල පිත්ත ලෙසත් අනෙකුත් වෛද්‍ය ක්‍රමවලට අනුව ගැස්‌ට්‍රයිටිස්‌ ලෙසත් හඳුන්වන මෙය ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයකි.
 
 ආමාශය, ගලනාලය, ග්‍රහණිය ආදී ඉන්ද්‍රියයන් මෙම රෝගය නිසා පීඩාවට පත්වේ.
 
 එසේ පීඩාවට පත්වන්නේ ආහාර ජීර්ණයට අදාළ හයිෙඩ්‍රාක්‌ලොරික්‌ (HCL) අම්ලය ශ්‍රාවයේ ඇතිවන වෙනස්‌කම් හේතුවෙනි. එවිට ආමාශයේ ඇතුළත බිත්තිවලට (Mucous
 Membrane) හානි සිදුවීමෙන් ආසාදන හටගනී. මෙය අම්ල පිත්ත රෝගයේ එක්‌ අවස්‌ථාවක්‌ ලෙස සරලව හැඳින්විය හැකිය.
 
 අප ගන්නා ආහාර ගලනාලයෙන් ආමාශයට ඇතුළුවන තැන කපාටයක්‌ පවතී. එමගින් ආමාශය තුළ තිබෙන ආහාර ගලනාලයට පැමිණීම වළක්‌වාලනු ලබයි.
 
 මෙම කපාටය ක්‍රියාකාරිත්වයේ ඇතිවන යම් යම් අසාමාන්‍යතා නිසා ආමාශය තුළ තිබෙන අම්ලය ගලනාලයට අසාමාන්‍ය ලෙස ගලායැමක්‌ ද සිදුවේ. මෙහිදී ගලනාලයේ ඇතුළත බිත්තිවලට හානි සිදුවීමෙන් ගලනාලය ආසාදනය වීම, උගුර දැවිල්ල, ඔක්‌කාරය, වමනය ආදිය ඇති වේ. මෙලෙස අසාමාන්‍ය ලෙස අම්ල ශ්‍රාවය නිසා ග්‍රහණියේ ඇතුළත බිත්ති හානිවීම හා ආසාදනයට ලක්‌වීම ද සිදු වේ. මෙය ද අම්ල පිත්ත රෝගයේ එක්‌ අවස්‌ථාවකි.
 
 අම්ල පිත්ත රෝගය ඇතිවීමට බලපාන හේතු
 
 අම්ල පිත්ත රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානුයේ නියමිත වේලාවට ආහාර නොගැනීමය. මෙය දීර්ඝකාලීනව පැවතීමෙන් ඉහත සඳහන් කළ ආසාදන හටගනී.
 
 අපට කුසගිනි දැනෙන්නේ ආමාශයේ අම්ල ශ්‍රාවී සෛල මගින් හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලය (HCL) ශ්‍රාවය වන විටදීය. එවිට ආප ආහාර ලබාගත යුතු බව මොළය මගින් දැනුම් දෙන්නේ කුසගිනි ඇති කරමිනි. එම අවස්‌ථාවේදී අප ආහාර නොගත්ත ද ආමාශය තුළ දිගින් දිගටම අම්ල ශ්‍රාවය වේ. මෙසේ ආහාර නොමැති හිස්‌ ආමාශය තුළට දිගින් දිගට අම්ල ශ්‍රාවය වීම මගින් ආමාශයේ ඇතුළත ශ්ලේෂ්මල පටලය තුවාල වේ.
 
 නියමිත වේලාවට ආහාර නොගැනීමට අමතරව ස්‌ටෙරොයිඩ් වැනි ඖෂධ වර්ග දිගු කාලයක්‌ ගැනීම (ශ්වසන රෝග සඳහා ගනු ලබන ඖෂධ) නිසා ද අම්ල ශ්‍රාවය උත්තේජනය වීමෙන් අම්ල පිත්තය හටගැනීමට බලපායි.
 
 ඊට අමතරව නිතර තෙල් මිරිස්‌ අධික ආහාර ගැනීම නිසා ද අම්ල ශ්‍රාවී සෛල උත්තේජනයට ලක්‌වේ.
 
 බැක්‌ටීරියා ආසාදනය (Helicobacter pylori) මානසික ආතතිය, මද්‍යසාර භාවිතය නිසා ද අම්ල පිත්තය ඇතිවීමට බලපාන තවත් හේතු ලෙස දැක්‌විය හැකිය.
 
 අම්ල පිත්තය දැනුම් දෙන රෝග ලක්‍ෂණ
 
 අම්ල පිත්තය ඇති පුද්ගලයන්ට බහුලව මතුවනුයේ ආහාර ගැනීමෙන් පසු බඩ පුරවා දැමීම, කටට තිත්ත හෝ ඇඹුල් රස දැනීම, උදරයේ ඉහළින් හෝ වම්පස මැදට වන්නට වේදනාව හටගැනීම, බඩ පුරවා දැමීම, වමනය, ඔක්‌කාරය, ආහාර දිරවීමේ අපහසුතා, මළබද්ධය ආදියයි.
 
 මෙවැනි අවස්‌ථාවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී රෝගය තවදුරටත් වර්ධනය වුවහොත් ආමාශ බිත්තියේ සියුම් ලේ ගැලීම් හටගැනීම, තුවාල හටගැනීම (Gastric ulcer) දක්‌වා රෝගය උත්සන්න වේ. අවසානයේදී ශරීරයට අවශ්‍ය පෝෂක කොටස්‌ ආහාර මගින් උරාගැනීමට නොහැකි මට්‌ටමට පත්වීම හා රුධිර වහනය වීම නිසා රක්‌ත හීනතාවට (Anemia) පත්විය හැකිය.
 
 අම්ල පිත්තය සුවකර ගැනීම
 
 යම් පුද්ගලයකු අම්ල පිත්ත රෝගයට ගොදුරුවීමේ පසුබිමක පසුවේ නම් එවැනි පුද්ගලයන් වහාම ඉන් මිදීමට අවශ්‍ය පියවර ගත යුතුය. නිසි වේලාවට ආහාරපාන ගැනීම අධික තෙල් මිරිස්‌ සහිත ආහාර ගැනීම සීමා කිරීම, මද්‍යසාර භාවිතය වැළැක්‌වීම, මානසික ආතතිය පාලනය කරගැනීමට පියවර ගත යුතුය. අම්ල පිත්ත රෝගය ඇතිවීමේදී මතුවන මුල්ම රෝග ලක්‍ෂණ හඳුනාගත් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. අම්ල පිත්ත රෝගය ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර මගින් සාර්ථකව පාලනය කරගත හැකිය.
 
 weda2ආයුර්වේද වෛද්‍ය කුමුදුනී ද සිල්වා
 සෙත්සුව ආයුර්වේද රෝහල, බටලන්ද

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 87 of 137 << < 8586878889 > >>