Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 89 of 137 << < 8788899091 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 20 Jan 2018 06:04 PM ආත්රයිටිස් සුවයට කාලයට ගැලපෙන කසායක් ප්රශ්නය - ආත්රයිටිස් රෝගීන් වෙනුවෙන් අද ඔබ දෙන කසාය කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - ඉතාම පැරැණි ආයුර්වේද කසායක් මා පාඨකයන්ට දෙනවා. තොටිල මුල්, දියමිත්ත, කොහොඹ පොතු, පාවට්ටා මුල්, අරළු, බුලු, නෙල්ලි, කටුකරෝසන, ඇහැල පොතු, බෝදි ඇට, මුරුවා මුල්, රසකිඳ යනාදිය කලං 1 බැගින් ගෙන වතුර කෝප්ප 8 ට දමා ළිප තබා 1 කෝප්පයට සිඳ සීනි මී පැණි යොදා පානය කරන්න. මෙය දින 12 ක් උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. ප්රශ්නය - මේ කසායේ විශේෂත්වය කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයේ හැම කසායක්ම එකකට එකක් වෙනස්. සුදුසු පුද්ගලයාට සුදුසු කසාය වගේම සුදුසු කාලයට සුදුසු කසාය යනුවෙන් සංකල්පයකුත් ආයුර්වේදයේ තිබෙනවා. මා පසුගිය මාස කිහිපය තුළ දුන් කසාය සියල්ලම කාලයට ගැළපෙන විදියට තමයි දුන්නේ. මේ දිනවල ඉතාම වියළි සිසිල් කාලගුණයක් පවතිනවා. යුරෝපයේ වඩාත්ම දරුණු සීත කාලයක් මෑතකදී ආවා නම් ඒ තමයි මේ සීත කාලය. ශීත කාලයක් කියන්නේ අස්ථි සම්බන්ධ රෝග තිබෙන කෙනෙකුට ඉතාම නරක කාලයක්. ඒ නිසා මේ කාලයේදී අප දෙන්නේ කාලයට අනුරූප කසාය. එම කසාය මගින් ආත්රයිටිස් රෝගය විතරක් නෙවෙයි ශීත කාලයට වැළඳෙන සෙසු රෝග පවා සුව වෙනවා. ඉහත සඳහන් කසායේ අඩංගු ඖෂධ වර්ග ශරීරයේ සම සීතෝෂ්ණ ගුණය සමාන්තරව පවත්වා ගෙන යනවා. ඒ විතරක් නෙවෙයි ශරීර අභ්‍යන්තරය ශෝධනය කිරීමත් මේ ඖෂධ මගින් සිදුවෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jan 2018 06:12 PM Dopamine හරිගස්සාගත්තොත් පාකින්සන් සුව වෙනවා ප්රශ්නය - නවීන විද්‍යාව අනුගමනය කරන පර්යේෂකයන් පාකින්සන් රෝගය ගැන කතා කරන හැම විටකම Dopamine ගැන කතා කරනවා. මොනවද මේ Dopamineරෑ මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - ආයුර්වේදයේ පාකින්සන් රෝගය හඳුන්වන්නේ කම්පවාත කියලයි. ඒ කියන්නේ කම්පා වූ වාතය. ශරිරයේ වාත දොaෂය කුපිත වීමෙන් හටගන්නා කම්පවාතය නිසා ස්නායු පද්ධතිය අබල දුබල වෙලා, ශරීරයේ අවයව වෙත ස්නායු මගින් සංඥා ගෙන යැම කඩාකප්පල් වෙනවා. එවිට අතපය වෙවුලනවා. අතපය හරියාකාරව වැඩ කරන්නෙ නැහැ. අතපය තමන්ට අවනත නැහැ. Dopamine කියන ද්‍රව්‍යය තමයි ශරීරයේ අවයව සහ ස්නායු පද්ධතිය සම්බන්ධීකරණය කරන රසායනික ද්‍රවය. මතකයේ පැවැත්ම තිබෙන්නෙත් මේ Dopamine මත. එය සංඥ ගෙනයන අනුවක්. මෙය නිෂ්පාදනය වන්නේ මොළයේ සෛල තුළ. ඒත් හැම සෛලයක්ම Dopamine නිෂ්පාදනය කරන්නේ නැහැ. සුවිශේෂ සෛල පද්ධතියක් මගින් විතරයි එය සිදුවෙන්නේ. කම්පවාතය වැළඳුනාම මොළයේ සෛලවල Dopamine නිෂ්පාදනය නවතිනවා කියලා නවීන විද්‍යාඥයන් තර්ක කරන්නට පුළුවන්. එය සත්‍යයක් විය හැකියි. මොකද නවීන වෛද්‍ය පර්යේෂකයන් කියන විදියට Dopamine කියන්නේ නියුරොට්රාන්ස්මීටරයක්. ප්රශ්නය - ශරීරයේ අවයව චලනයට Dopamine ප්‍රයෝජනවත් වන ආකාරය තවදුරටත් විස්තර කරන්න. මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - ඔබට ඔබේ පාදය චලනය කරන්නට අවශ්‍ය යෑයි සිතමු. මේ සිතුවිල්ල ක්‍රියාවට නැංවීම සඳහා කැපවුණ විශේෂ කොටස් මොළයේ තිබෙනවා. එය හඳුන්වන්නේ Motor Cortex කියන නමින්. එය පිහිටා තිබෙන්නේ හිස් මුදුනට වෙන්නටයි. මේ කොටස තුළ ශරීරයේ ඒ ඒ තැන් ක්‍රියාත්මක වීම සඳහා වෙන් වූ කලාප තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔබේ ශරීරයේ පාද ක්‍රියාත්මක කිරීමට වුවමනා සංඥා නිකුත් කරන්නේ Motor Cortex ප්‍රදේශයේ ඉහළම කොටසින්. එහෙමත් නැත්නම් මධ්‍යයෙන්. මුඛය සහ දිව ක්‍රියාත්මක වන්නේ නලල දෙපසට ආසන්න කොටසින්. මේ සියලු කොටස් Basal ganglia යන නමින් හැඳින්වෙනවා. මොළයේ Motor Cortex කොටස්වලින් Basal ganglia හෙවත් මූලස්ථි ගණ්ඩුකය නමැති කොටස විවිධ සංඥා එවනවා. එම කොටස එම සංඥා නියමානුකූල කර සුෂුම්නාවට යවනවා. සුෂුම්නාව ඒවා ශරීරයේ අවශ්‍ය තැන්වලට යවනවා. ආයුර්වේද ඖෂධවලින් සිදුකරන්නේ මේ සියලු ආබාධ යථා තත්ත්වයට පත් කිරීමයි. (එහෙම කරන හැටි ලබන සතියේ කියවමු.) සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jan 2018 06:18 PM ගෙල ඇටය දිරා ගියොත් සුව කරන්නේ කොහොමද? ප්රශ්නය - ඔබ පසුගිය සතිවල අපට කියා දුන්නා කොඳු ඇට පෙළ දිරාගිය කාන්තාවක සුව කළ ආකාරය ගැන. මේ ලිපි පෙළ කියවූ කිහිපදෙනෙක්ම අපෙන් විමසා සිටියා ග්රීව අස්ථිය නොහොත් Neck Bone නමැති අස්ථි කොටස දිරා ගිය පසු ප්‍රතිකාර කරන්න බැරිද කියලා.... වෛද්‍ය එම්. ඒ. මදනායක - මේ අස්ථිය සුව කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් රාශියක් අපට තිබෙනවා. ඊට කලින් ග්රීව අස්ථිය හෙවත් Neck Bone කියන්නෙ කුමක්ද කියන කාරණය පැහැදිලි කර දිය යුතුයි. ගෙල ආශ්‍රිතව තිබෙන අස්ථි ශරීරයට ඉතා වැදගත්. මොළය, සංවේදන ඉන්ද්‍රීන්, ස්නායු, හිසට රුධිරය ප්‍රවාහනය කරන නාල යනාදිය හානි වීම වළක්වන්නේ මේ හිස සහ ගෙල තුළ තිබෙන අස්ථි සමූහයයි. ඒ වගේම හිස චලනය කිරීම, මුහුණේ ඉරියව්, මුඛය චලනය කිරීම සහ ආහාර ගැනීම, කථනය යන කාරණා සමූහයට කෙළින්ම සම්බන්ධ වන්නේ මේ කියන අස්ථි සමූහයයි. හිස් කබලේ තිබෙනවා කපාල අස්ථි සහ මුහුණට සම්බන්ධ අස්ථê 22 ක්. හිස් කබලේ චලනය කළ හැකි එකම අස්ථිය තමයි යටි හක්ක. එය හැරුණු විට සෙසු සියලුම අස්ථි මාංශ පේෂීන් සහ චර්මයෙන් එකට බැඳිලා තිබෙනවා. මේ අතරින් වැදගත්ම අස්ථියක් තමයි කොඳු ඇට පෙළට අයත් 7 වැනි ග්රීව අස්ථිය. මෙය දිරා යැමට ලක් වුණොත් විශාල හානියක් සිදු වෙනවා. මේ සියල්ලටම වඩා වැදගත් වන දෙයක් තිබෙනවා. අපේ ශරීරයේ වැදගත්ම ඉන්ද්රිය වන සුෂුම්නාව ගමන් කරන්නේ අපේ කොඳු ඇට පෙළ මැද්දෙනි. ඒ නිසා සුෂුම්නාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ග්රීව අස්ථියටත් සෑහෙන වගකීමක් තිබෙනවා. ග්රීව අස්ථිය ආශ්රිත ආත්රයිටිස් රෝගය හටගන්නා අවස්ථා තිබෙනවා. එයට අප කියන්නේ Cerrical Spondylosis කියලයි. ප්රශ්නය - මෙවැනි රෝගියකු ගැන අත්දැකීමක් අපට කියන්න. වෛද්‍ය එම්. ඒ. මදනායක - මීට මාස 6 කට විතර ඉස්සර කොළඹ කාර්යාලයක වැඩ කරන අවුරුදු 40 ක විතර කාන්තාවක් මා වෙත ආවා. ඇගේ අත් හොල්ලන්නවත් බැහැ. ගෙල ප්‍රදේශයෙන් අධික වේදනාවක් දැනෙන බව ඇය කිව්වා. මම ඇය පරීක්ෂා කර බැලුවා. එතැනදී මට වැටහුණා ඇගේ Neck Bone හෙවත් ග්රීව අස්ථිය දිරා ගොස් ඇති බව. මේ නිසා ඇයට වරින්වර උණ ගත්තා. වෛද්‍යවරුන් කියා තිබුණා ඇයට සැත්කමක් කළ යුතුයි කියලා. එහෙත් ඊට පෙර මේ රෝගය හේතුවෙන් ම සැත්කමකට ලක් වූ කාන්තාවකගේ දැත සහ වම් කකුල පණ නැතිව ගොස් තිබුණා. සාමාන්‍ය පිළිගැනීම වුණේ සැත්කම වැරදිලා ඇගේ අත්පාවලට හානි වූ බවයි. එය එහෙම වුණාද නැද්ද කියන එක ගැන අපට හරියට කියන්න බැහැ. හේතුව එකී දෙවන රෝගියා පිළිබඳ වෛද්‍ය වාර්තා අප සතුව නැතිකමයි. ප්රශ්නය - ඉතින් ඔබ ඇයට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔව් රෝගියා ඉතාම කනගාටුවෙන් සිටියේ දැත් පණ නැති වීම ගැනයි. හේතුව ඇය දිගු කාලයක් වෘත්තීය මට්ටමින් පරිගණකයෙන් වැඩ කරපු කෙනෙක්. මේ රෝග තත්ත්වය නිසා ඇයට තවදුරටත් පරිගණකයෙන් වැඩ කරගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා. ( ඇගේ රෝගය සුව කළ හැටි ලබන සතියේ කියවන්න.) නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 Jan 2018 06:32 PM ඇදුම රෝගයෙන් මිදෙමු ඇදුම ශ්‍රී ලංකාවේ ජනතාව අතර වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගයකි. මෙය කාර්මීකරණය වන රටවල කාලීන රෝගයක් බවට පත් වී ඇත. කර්මාන්තශාලා බිහිවීමත් සමඟ පරිසරය දූෂණය වීමත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වීමත් අපේ රටේ මෙම රෝගය වර්ධනය වීමට හේතු වී ඇත. කාර්මීකරණය වන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන සෞඛ්‍ය ප්රශ්නයකි ඇදුම රෝගය. ඇදුම යනු ශ්වසනය ව්යqහාව ආශ්‍රය කරගෙන හටගන්නා රෝගයකි. නාස් කුහරයෙන් ආරම්භ වී පෙනහලුවල දී ශාඛා වලට බෙදී වායු කෝෂවලින් කෙළවර වන ගමන් මාර්ගය ශ්වසන ව්යqහාවට අයත් වේ. හුස්ම පිට කිරීමට අපහසු වීම මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණය පෙන්නුම් කරන තවත් රෝග කිහිපයක් ම තිබේ. එබැවින් එම රෝග වලින් වෙන් කර හඳුනා ගැනීම වැදගත් වේ. ඇදුම බෝවන රෝගයක් නොවේ. එනමුත් එය රෝගියා ඉක්මනින් පීඩාවට පත් කරන දුක්ඛදායක රෝගයකි. මේ නිසා ඔබ හුස්ම පිටකිරීම (ප්‍රශ්වාස) අපහසුවෙන් පෙළේ නම් වෛද්‍යවරයකු හමු වී උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය ය. ඇදුම රෝගය හඳුන්වන විවිධ නම්, ඇදීම, ඊලේ, මුහ රෝගය, ඉලප්පුව, ශ්වාසය, හතිය. ඇදුම රෝගය ඇතිවීමට බලපාන හේතු ඇදුම රෝගය ඇතිවීමට බලපාන හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් එයට බලපාන හේතු පොදුවේ මෙසේ දැක්විය හැකිය. ආහාර විහරණ ඖෂධ පාරිසරික මානසික සහජ - පරම්පරාවෙන් එන ලක්ෂණ ආහාර හේතු Ö අධික ශීතල ආහාර ගැනීම (බණ්ඩක්කා, නිවිති, මෑකරල්) Ö බර ආහාර ගැනීම (මී කිරි, උඳු) Ö රළු ආහාර ගැනීම (කුරහන්, කඩල වැනි ධාන්‍ය) Ö ශීත කරන ලද බීම වර්ග හා ශීත කරන ලද ජලය පානය කිරීම. ඖෂධ හේතු ලබන සතියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2018 05:35 AM දියවැඩියා අවධානම අඩුයි මාස 6ක් හෝ ඊට වැඩි මාස ගණනක් නොකඩවා කිරි දෙන කාන්තාවන්ට දියවැඩියාව හටගැනීමේ අවධානම50%කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව ඇමරිකානු වෛද්‍ය සංගමයට අයත් සඟරාවක පළකොට ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. වසර 30කට වැඩි කාලයක් ඇමරිකානු සහ අප්‍රිකානු කාන්තාවන් 1,200ක් යෙදා ගනිමින් අධ්‍යයනය සිදු කර ඇති බව වාර්තා වේ. “කිරිදෙන කාලසීමාවේදි දියවැඩියාව හටගැනීමේ අවධානම, කිරි නොදෙන කාන්තාවන් සමඟ සංසන්දනය කිරීමේදි 50%කින් අඩුවන බවත් අවධානම් සහිත තත්ත්වයන් සමතුලනය කිරීමට අවශ්‍ය සාධක අපි සොයාගත්තා.’’ යනුවෙන් ජේෂ්ඨ පරියේෂණ විශේෂඥ, කයිසර් පර්මන්ටේන්ටි සහ ඇමරිකානු වෛද්‍ය සඟරාවේ ප්‍රධාන කතුවරිය, එරිකා ගන්ඩර්සන් ප්‍රකාශ කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. මාස 6ක් හෝ ඊට අඩු මාස ගණනක් කිරිදුන් කාන්තාවන්, කිරි නොදුන් කාන්තාවන් සමඟ සංසන්දනය කිරීමේදි දියවැඩියාව හටගැනීමේ අවධානම 25%කින් අඩු වන බව අධ්‍යනයෙන් සොයාගෙන ඇත. ජානක ප්‍රියදර්ශන ජයතිලක (ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2018 04:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2018 04:03 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2018 04:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2018 04:34 PM තේ පානය කිරීමෙන් පුද්ගලයන් නිර්මාණශීලී කරවයි - ඉරියව් යහපත් කරයි තේ කෝප්පයක් පානය කිරීම පුද්ගලයින් වඩාත් නිර්මාණශීලී කරවන බවත් පුද්ගලයින්ගේ මතක ශක්තිය වර්ධනය කර යහපත් ඉරියව් පවත්වා ගැනීමට උපකාරී වන බවත් චීන විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනය සඳහා ශිෂ්‍යයන් 50 දෙනකු යොදාගෙන ඇති අතර මෙහිදී ඔවුන්ගෙන් හරි අඩකට කළු පැහැති තේ කොළවලින් තැනූ තේ කෝප්පයක් බැගින් පානය කිරීමට ලබාදී අනෙක් පිරිසට ජලය වීදුරු භාගයක් බැගින් පානය කිරීමට ලබාදී ඇත. අධ්‍යයනය මෙහෙයවූ පීකින් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙම ශිෂ්‍ය කණ්ඩායම් දෙකට "බිල්ඩිං බ්ලොක්ස්" නමින් හැඳින්වෙන සෙල්ලම් කැට ලබාදී ආකර්ෂණීය හා නිර්මාණශීලී නිර්මාණයක් තනන ලෙස පවසා තිබේ. දෙවැනි පරීක්ෂණයේදී එම ශිෂ්‍ය කණ්ඩායම්වලට අලුතින් තනන ලද ''නූඩ්ල්ස්'' තානායමකට ලබාදිය හැකි පහසු නමක් නිර්මාණය කරන ලෙස ප්‍රකාශ කර තිබේ. මෙම පරීක්ෂණවලදී ශිෂ්‍ය කණ්ඩායම්වල නිර්මාණශීලී බව හා සැලසුම් සහගත බව විමසීම එම අධ්‍යයනයට සහභාගී නොවූ ශිෂ්‍ය පිරිසකට භාරදීමට විද්‍යාඥයින් විසින් ක්‍රියා කළ බව අධ්‍යයනය මෙහෙය වූ යෑන් හුඈන්ග් ප්‍රකාශ කරයි. මෙහිදී "බිල්ඩිං බ්ලොක්ස්" යොදාගෙන කරන ලද නිර්මාණයේදී තේ පානය කිරීමට සැලැස්වූ ශිෂ්‍යයන්ට ලකුණු 6.54 ක් ලැබී තිබූ අතර ජල වීදුරු භාගයක් පානය කළ සිසුනට එහිදී හිමි වූයේ ලකුණු 6.03 කි. අලුතින් තැනූ ''නූඩ්ල්ස්'' තානායමට නමක් නිර්මාණය කිරීමේ පරීක්ෂණයේදී තේ පානය කළ සිසුන්ට ලකුණු 4.11 ක් ද ජලය පානය කළ සිසුන්ට ලකුණු 3.78 ක් ද ලැබී තිබිණි. මෙම පරීක්ෂණවල ප්‍රතිඵලවලින් පෙනී යනුයේ කුමක් හෝ තේමාවක් යටතේ නිර්මාණයක් කිරීමේදී තේ පානය කරන අයට නව අදහස් මත එය කිරීමට හැකිවන බව යෑයි විද්‍යාඥයෝ කියා සිටිති. මෙම අධ්‍යයන වාර්තාවට අනුව මෙම පරීක්ෂණවලින් නිර්මාණශීලීභාවය ඇති කිරීම කෙරෙහි තේවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි අතර මනුෂ්‍යයින්ගේ ජීවිතය වර්ධනය කිරීම හා ආහාරපාන භාවිතය අතර ඇති සබඳතාව විමර්ශනය කිරීමේ නව මඟක් උදාකර දී ඇතැයි පර්යේෂකයෝ පවසති. තේවල අඩංගු කැෆේන් හා "තියනයින්" යන සංයෝගයන් අවධානය ඇති කිරීම් කෙරෙහි වාසිදායක අයුරින් ක්‍රියාකරන බව ඔවුහු කියා සිටිති. තේ පිළිබඳව මෙයට පෙර සිදුකරන ලද අධ්‍යයනවලදී දිනපතා තේ පානය කිරීමෙන් වැඩිහිටියන්ගේ මතක හා සිතීමේ හැකියාව අඩුවීමේ තත්ත්වය සියයට 50 කින් පමණ අඩුකරලන බව අනාවරණය වී තිබිණි. එමෙන්ම ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමේ ජානමය වශයෙන් අවදානමක් ඇති අය දිනකට තේ කෝප්පයක් පානය කිරීමෙන් එම රෝගයට ගොදුරු වීමේ අවදානම සියයට 86 කින් අඩු කරලන බවත් තේ පානය කිරීමෙන් දෙවැනි ඝනයේ දියවැඩියාව වැළඳීම් වැළැක්වීමට උපකාර වන බවත් අධ්‍යයනවලදී හෙළි වී තිබේ. එමෙන්ම තේ පානය කිරී මෙන් පැණි රස කෑම හරහා රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය ඉහළ යැම පාලනය කිරීමට ද උපකාරී වන බව අනාවරණය වී තිබේ. ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2018 04:41 PM වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම හෘදයාබාධ වළකයි මෙම තත්ත්වය මත මාරාන්තික රෝග රැසකට මඟපාදනු ලබන අධික ශරීර බර අඩු කර ගැනීමටත්, අනවශ්‍ය ලෙස එකතු වී ඇති තෙල් දහනය කිරීමට හා ප්‍රදාහයන් අවම කර ගැනීම සඳහා ගත හැකි වඩාත්ම සුදුසුතම ක්‍රියාමාර්ගය දෛනිකව කායික ව්‍යායාමයේ නිරතවීම බව විද්‍යාඥයින් විසින් මෙම අධ්‍යයනය හරහා තහවුරු කර තිබේ. දිනපතා වේගයෙන් ඇවිදීමෙහි නිරත වීමෙන් හා පාපැදි පැදීමෙන් හෘදයාබාධයන්, ආඝාතය හෙවත් "ස්ට්‍රොaක්" රෝගය, පිළිකාවන් මෙන්ම තරබාරු බව හා අධිබර තත්වයන් වළක්වන බව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම යන තත්ත්වයන් හා රෝග අතර සම්බන්ධතාවය පිළිබඳව සිදු කෙරුණු ප්‍රථම අධ්‍යයනය ලෙස සැළකෙන මෙහිදී දුර්වල ශරීර සෞඛ්‍යය ශරීරයේ ඉණ ප්‍රමාණයෙන් වැඩිවීම හා ශරීරය තුළ නොයෙකුත් ප්‍රදාහයන් හට ගැනීම වැඩිවීම කෙරෙහි බලපාන බව හෙළි වී ඇත. ප්‍රදාහයන් ප්‍රධාන පෙළේ මාරාන්තික රෝගයන් වන පිළිකා හා ඩිමෙන්ෂියා ඇතුළු රෝග වැළඳීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන අතර උදරය ප්‍රදේශයේ අධිකව තෙල් තැන්පත් වීම හෘදය වස්තුවෙහි අකර්මණ්‍යතාවය (හාට් ෙµaලියර්) හා දෙවැනි ගණයේ දියවැඩියාව වැනි රෝග ඇති වීම කෙරෙහි බලපාන බව වෛද්‍ය මතයයි. මෙම තත්ත්වය මත මාරාන්තික රෝග රැසකට මඟගපාදනු ලබන අධික ශරීර බර අඩු කර ගැනීමටත්, අනවශ්‍ය ලෙස එකතු වී අති තෙල් දහනය කිරීමට හා ප්‍රදාහයන් අවම කර ගැනීම සඳහා ගත හැකි වඩාත්ම සුදුසුතම ක්‍රියාමාර්ගය දෛනිකව කායික ව්‍යායාමයේ නිරතවීම බව විද්‍යාඥයින් විසින් මෙම අධ්‍යයනය හරහා තහවුරු කර තිබේ. මෙම අධ්‍යයනයේදී කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් 2007 2008 වසරවල සිදුකරන ලද ඩෙන්මාර්කයේ ජාතික සෞඛ්‍ය පරීක්ෂණ සමීක්ෂණයට සහභාගි වූ වයස අවුරුදු 18 ක් හෝ එයට වැඩි වූ කාන්තාවන් හා පිරිමින් 10,976 දෙනකුගේ එකතු කරගත් දත්ත විශ්ළේෂණය කර තිබේ. මෙම සමීක්ෂණයේදී සහභාගි වූවන්ගේ ඉණ ප්‍රමාණයන් මැන බැලීම හා ඔවුන්ගේ ශරීරගත "සී රිඇක්ටිව් ප්‍රොaටීන්" (සීආර්පි) ප්‍රමාණය මැන බැලීම සඳහා රුධිර සාම්පල ලබා ගැනීම සිදු කර ඇත. සහභාගි වූවන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීම සඳහා "වීඕ 2 මැක්ස්" යනුවෙන් හැඳින්වෙන උපරිම ඔක්සිජන් පරිභෝජන තත්ත්වය මැනීම සඳහා "අර්ගෝමීටර්" නමැති උපාංගය භාවිත කර ඇති අතර ඒ හරහා හෘදය වස්තුවේ හා පෙනහලුවල ක්‍රියාකාරිත්වය ගණනය කර තිබේ. මෙහිදී සහභාගි වූවන්ගේ වයස, දුම්පානය කිරීමේ ඉතිහාසය, අධ්‍යාපනය හා ශරීර ස්කන්ධ දර්ශක අගයද (බී එම් අයි අගය) සලකා බලා තිබේ. මෙහි ප්‍රතිඵලයට අනුව පෙනී ගොස් ඇත්තේ ශරීර ස්කන්ධ දර්ශකය කුමන අගයක් ගත්තද උදරය අවට තැන්පත්ව ඇති අධික තෙල් ප්‍රමාණය අඩු කිරීමට මෙන්ම ප්‍රදාහයන් ඇති වීම අඩු කිරීමට බලපානු ලබන ප්‍රධානතම සාධකය ඉහළ ශාරීරික යේග්‍යතා මට්ටම බවයි. මේ අතර එක්සත් රාජධානියේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් අනාවරණය කරගෙන ඇත්තේ එරට වාර්ෂිකව සිදුවන මරණ හය ලක්ෂ හැත්තෑහයදහසකට (676,000) හේතුවී ඇත්තේ ක්‍රියාශීලී නොවන ජිවන රටාව බවයි. තවත් වාර්ෂික මරණ තුන් ලක්ෂ තිස්හත්දහසකට (337,000) අධික බර ඔසවාගෙන යාම හේතු වී තිබේ. මේ අනුව දිනකට සෑම පුද්ගලයෙකුම විනාඩි 20 ක කාලයක් වත් අධික වේගයෙන් ඇවිදීමෙන් යහපත් සෞඛ්‍ය ප්රතිලභායන් අත්පත් කර ගත හැකි බව විද්‍යාඥයෝ ප්‍රකාශ කර සිටිති. මෙම අධ්‍යයනයට එක්වු වෛද්‍ය වීඩෙල් නීර්ගාට් විසින් zzප්ලොස් වන්" සඟරාවේ පළ කර ඇති අධ්‍යයනයෙහි වාර්තාවෙන් තරබාරු බවෙන් පෙළෙන අයගෙන් සියයට 30 ක් දක්වා ප්‍රතිශතයක් නිරෝගී බව පෙන්නුම් කර තිබේ. කෙසේ වුවද තරබාරු බවින් පෙළෙන පුද්ගලයින් දරුණු රෝගාබාධවලට ගොදුරු වීමෙන් මිය යාමේ අවදානම වැඩි බව විද්‍යාඥයෝ පවසති. ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2018 04:48 PM වැඩි වේලාවක් හිඳගෙන සිටීමෙන් දියවැඩියා හා හෘද රෝග අවදානමක් මෙසේ පිටතට නොපෙනෙන උදරය හා අභ්‍යන්තර ඉන්ද්රියයන් වටා තැන්පත්වී ඇති තෙල් හේතුවෙන් පිළිකා, ආඝාතය (ස්ට්‍රොaක්&zwnj හා හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩිවන බව පෙර අධ්යයනවලදීද හෙළිවී තිබේ දවසේ වැඩි වේලාවක් හිඳගෙන සිටින අයගේ ශරීරයේ ඉන්ද්රියයන් වටා තෙල් තැන්පත්වී දෙවැනි ඝනයේ දියවැඩියාව හා හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි කරවන බව එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙසේ වැඩි වේලාවක් හිඳගෙන සිටින අයගේ ඉන්ද්රියයන් වටා හා උදරය වටා තෙල් තැන්පත් වීම ඉතා ඉහළ මට්ටමක පවතින බව මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ. විශේෂයෙන්ම අක්මාව අග්න්‍යාශය හා වකුගඩු වටා තැන්පත් වන තෙල් ප්‍රමාණය පිටතට දිස් නොවූවත් ලෙඩ රෝග සෑදීමට තරම් භයානක බව හෙළිවී තිබේ. මෙසේ ඉන්ද්රියයන් වටා අධිකව තෙල් තැන්පත් වීම හරහා ඉන්සියුලින් ප්‍රතිරෝධ තත්ත්වයක් හට ගැනීමෙන් දෙවැනි ඝනයේ දියවැඩියා රෝගයට එය මඟ පාදන බව පර්යේෂකයින්ගේ මතයයි. දිගු වේලාවක් හිඳගෙන සිටින අයගෙන් වඩාත් හානිකර වූ බලපෑමකට ලක් වනුයේ සිය විවේක කාලය තුළදී කිසිදු කාර්යයක් නොකර සිටින අය බවද අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනය මෙහෙයවූ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ජෝ හෙන්සන්ට අනුව බොහෝ දෙනාට ඉන්ද්රියයන් ආශ්‍රීත රෝගා බාධයන් වැළඳීමට මෙම ඉන්ද්රියයන් වටා තැන්පත් වන තෙල් මඟ හදයි. ඔහුට අනුව ඉතා කෙට්ටු ශරීරයන් සහිත අයගේ අභ්‍යන්තර ඉන්ද්රියයන් වටාද මෙසේ අති භයානක අයුරින් තෙල් තැන්පත් වී තිබිය හැකිය. මෙසේ පිටතට නොපෙනෙන උදරය හා අභ්‍යන්තර ඉන්ද්රියයන් වටා තැන්පත්වී ඇති තෙල් හේතුවෙන් පිළිකා, ආඝාතය (ස්ට්‍රොaක්&zwnj හා හෘද රෝග ඇතිවීමේ අව¯නම වැඩිවන බව පෙර අධ්යයනවලදීද හෙළිවී තිබේ. මෙහිදී වෙෙද්‍ය හෙන්සන් හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම දෙවැනි ඝනයේ දියවැඩියාව වැළඳීමේ අවදානමක් ඇති පුද්ගලයින් 124 දෙනෙකු එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රය හරහා ස්කෑන් පරීක්ෂාවට ලක්ව තිබේ. තවද ඇක්සෙලරෝ මීටර් නමැති උපාංගය ඔවුන්ගේ ඉණ ප්‍රදේශයට සවිකර සතියකට කොපමණ කාලයක් හිඳගෙන සිටින්නේ දැයි මැන බැලීමට ලක්කර තිබේ. මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙසේ අභ්‍යන්තර ඉන්ද්රියයන් ආශ්‍රීතව තැන්පත් වන තෙල් හා හිඳගෙන සිටීම අතර ශක්තිමත් සබඳතාවයක් පවතින බවයි. මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලවලට අනුව දිගු වේලාවක් හිඳගෙන සිටීමෙන් ඇතිවන බෝනෝවන රෝගාබාධයන් වළක්වා ගැනීමට සතියකට විනාඩි 150 ක් පමණ කායික ව්‍යායාමවල යෙදීම මහෝපකාරී වේ. මෙම අධ්‍යයනයේ වාර්තාව ''ස්ථූලභාවය'' පිළිබඳ සඟරාවෙහි පළකර තිබේ. ඒමන්ති මාරඹේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2018 04:54 PM පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය ලෙස පියයුරු වර්ධනයවීම පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනයට වීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. එක් හේතුවක් වන්නේ ශරීරයේ නිපදවනු ලබන පිරිමි හෝමෝනය වන ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිසි ලෙස නිපදවීම සිදු නොවීමයි. තවත් හේතුවක් නම් පියයුරු වර්ධනයට බලපාන ප්‍රොලැක්ටික් නමැති හෝමෝනය ශරීරය තුළ නිපදවීම ඉහළ යැමය. වර්තමානයේ බොහෝ දරුවන් තුළ දක්නට ලැබෙන ගැටලුවක් බවට පත්වී ඇත්තේ අධිපෝෂණයයි. මෙම අධිපෝෂණය නිසා දරුවන් තුළ නොයෙකුත් රෝගාබාධ හට ගැනීමට ඇති අවස්ථාවද ඉහළ මට්ටමක පවතී. දියවැඩියාව, අධි රුධිර පීඩනය මේ අතර ප්‍රධාන තැනක් ගන්නා රෝග බවට පත්ව තිබේ. ඊට අමතරව මෙවැනි දරුවන්ගේ ශරීරයේ පවතින තරබාරුව නිසා ඔවුන්ගේ ශරීරයේ ඉන්ද්‍රීය වර්ධනයේද වෙනස්කම් මතුවන බවට වෛද්‍යවරු හඳුනාගෙන ඇත. විශේෂයෙන් තරබාරු පිරිමි දරුවන්ගේ පියයුරුවල හටගන්නා අසාමාන්‍ය වර්ධනය ඉන් එක් අවස්ථාවකි. වෛද්‍යතුමනි, පිරිමි දරුවන්ගේ ඇතිවන අසාමාන්‍ය පියයුරු වර්ධනයට හේතුව කුමක්ද? පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනයට වීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. එක් හේතුවක් වන්නේ ශරීරයේ නිපදවනු ලබන පිරිමි හෝමෝනය වන ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිසි ලෙස නිපදවීම සිදු නොවීමයි. තවත් හේතුවක් නම් පියයුරු වර්ධනයට බලපාන ප්‍රොලැක්ටික් නමැති හෝමෝනය ශරීරය තුළ නිපදවීම ඉහළ යැමය. ඊට අමතරව දරුවන්ගේ තයිරොක්සින් හෝමෝනය නිපදවීම අඩුවී යාමත් මෙයට හේතුවිය හැකිය. මීට අමතරව මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ දරුන්ගේ අධික ස්ථුල භාවයයි. ශරීරය අධික ලෙස මහත්වීම නිසා ඔවුන්ගේ ශරීරයේ මේද පටක තැන්පත්වීම බහුලවීම නිසා ටෙස්ටොස්ටරොන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා. ටෙස්ටොස්ටරොන් මේද පටක තුළදී ඊස්ට්‍රජන් බවට පරිවර්තනයකුත් සිදුවෙනවා. මෙම හේතුවට අමතරව තව පිරිසකට උපතින්ම පියයුරු අසාමාන්‍ය වර්ධනයක් පවතිනවා. මෙලෙස පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීම ගයිනොකොමැස්ටියා (Gynaecomastia) ලෙසින් හඳුන්වනවා පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය පියයුරු වර්ධනයට හේතුව වෛද්‍ය පරීක්ෂාවක් තුළින් නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින්a මෙය සම්පූර්ණයෙන් යථා තත්ත්වය පත්කර ගත හැකිය. පිරිමි දරුවකුගේ මෙලෙස අසාමාන්‍ය පියයුරු වර්ධනයක් ඇත්නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඊට හේතුව තමයි දරුවාගේ වර්ධනයත් සමඟ මේ ත්තත්වයන් වර්ධනය වෙනවා. මුල් අවස්ථාවේදීම අදාළ හේතුව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් පහසුවෙන් එය සුවපත්කර ගත හැකියි. වයස අවුරුදු 16 - 18 වැනි වියේදී පමණ මේ සඳහා ප්‍රතිකාරවලට යොමුවනවිට ඇතැම්විට ප්ලාස්ටික් සැත්කම්වලට පවා ලක්කිරීමට සිදුවෙනවා. වෛද්‍යතුමනි, මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද? හෝමෝනවල වෙනස්කමක් නම් ඒ සඳහා හෝමෝන ප්‍රතිකාර ලබාදීම කළ හැකියි. අධික තරබාරුව නිසා ඇතිවූ මේද පටක තැන්පත් වීමක් නම් ආහාර පාලනය මගින් මෙය සුවපත් කළ හැකියි. උපතින්ම ඇතිවූ තත්ත්වයක් නම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරු සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකියි. මෙම ප්‍රතිකාරවලට යොමුවීමේ ඇති අනෙක් වැදගත්කම තමයි මෙම අධික තරබාරුව සහ අසාමාන්‍ය හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය නොකළහොත් මෙම දරුවන්ගේ ලිංගේන්ද්‍රය වර්ධනයේ දුර්වලතා ද හටගන්නවා. මොකද අධික තරබාරුවට පත්වන පිරිමි දරුවන්ගේ ටෙස්ටෙස්ටරොන් හෝමෝනය නිපදවීම අඩුවී ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම වැඩිවීමක් බොහෝවිට දක්නට ලැබෙනවා. එවිට ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය වර්ධනය අඩාලවීම සිදුවිය හැකියි. එසේම හෝමෝන අසාමාන්‍යතාවයක් නැති දරුවන්ගේ වුව අධික තරබාරුව නිසා ඔවුන්ගේ ඉකිලි ප්‍රදේශය අධික ලෙස මේද පඨක තැන්පත් වී තිබීම නිසා ලිංගේන්ද්‍රිය ශරීරය දෙසට ගිලී ගොස් ඇති බවක් දක්නට ලැබෙනවා. එවිට ඔවුන්ගේ ශරීරයෙන් පිටතට දක්නට ලැබෙන ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය අඩුයි. මේ සියල්ල නිසි ප්‍රතිකාර මගින් යථා තත්ත්වය පත්කරගත හැකියි. වෛද්‍යතුමනි, මෙය පිරිමි දරුවන්ගේ ලිංගික විපර්යාසයකට බලපා හැකිද? නැහැ. මෙය ලිංගික විපර්යාසයකට ලක්වීමක් නොමෙයි. එය වෙනම රෝග තත්ත්වයක්. බොහෝවිට දෙමාපියන් බියවන්නේ අධික තරබාරුව හෝ හෝමෝන අසමතුලිතතාව නිසා ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිවීමෙන් පිරිමි දරුවාගේ කටහඬ වෙනස්වීම සහ ශරීරය ගැහැනු දරුවකුගේ මෙන් දක්නට ලැබීම රෝම කුප වර්ධනය අඩුවීම නිසයි. එහි හෝමෝන සමතුලිත කිරීම තුළින් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකියි. එනිසා ප්‍රමාද නොවී වයස අවුරුදු 9 - 10 දීම දරුවාගේ මෙම අසාමාන්‍ය වර්ධනයට ප්‍රතිකාර ලාබ ගැනීමෙන් මේ සියලු ගැටලුවලට විසඳුම් ලබාගත හැකියි. එසේ නැත්නම් මෙවැනි දරුවන් සමාජයේදී අන් අයගේ උසුළු විසුළුවලට ලක්වෙනවා. එය එම දරුවන්ට මානසික පීඩනයක් බවටත් පත්වනෙවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Jan 2018 05:24 PM මාරයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 22 Jan 2018 06:10 PM මට මතකයි අපේ පන්තියෙත් හිටියා මෙවැනි ළමයෙක්.. ඔහුත් ගොඩක් අපහාස වින්දා... 0 sha733Super Senior MemberPosts:7332 23 Jan 2018 02:21 AM වටිනා ලිපියක් . මගේ මල්ලි කෙනෙක් මේ තත්වයෙන් ඉන්නවා උපදෙස් ටික දෙන්න ඕනෙ 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jan 2018 05:25 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jan 2018 05:26 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jan 2018 05:27 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jan 2018 05:34 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jan 2018 05:43 AM පිළිකා මර්දක ඉඟුරු තේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 89 of 137 << < 8788899091 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner