Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 137 << < 7891011 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 06 May 2017 08:40 AM බෙහෙත් කඩේ බෙහෙත්වලින්ම ආත්රයිටිස් රෝගයට බෙහෙතක් ප්රශ්නය - ආත්රයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් කසාය වර්ග සිය ගණනක් ඔබ සතුව තිබෙන බව අප දන්නවා. ඒවා ඔබ සොයාගත් දේ ද? එහෙමත් නැත්නම් වට්ටෝරු පොත් වලින් ලබාගත් දේ ද? වෛද්‍ය වසන්ත උදයජීව - මම වෙද පරම්පරාවකට අයත් කෙනෙක්. ඒ නිසා මම මුලින්ම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ පරම්පරාවෙන් ආපු වට්ටෝරුවලින්. දෙවනුව මම යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් වෙදකම හදාරපු කෙනෙක්. ඒ නිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ලත් දැනුම මට තිබෙනවා. තුන්වෙනුව මම ආයුර්වේදය වගේම මගේ පරම්පරාවේ වෙදකමත් මිශ්‍ර කරලා ප්‍රතිකාර කිරීමෙන් පර්යේෂණ කරන කෙනෙක්. ඒ නිසා මමම හදපු අලුත් වට්ටෝරුත් මා ළඟ තිබෙනවා. ප්රශ්නය - ඔබට හැකිද මේ ක්‍රම තුනටම අදාළව වෙන වෙනම කසාය වර්ග තුනක් අපට දෙන්න. වෛද්‍ය වසන්ත උදයජීව - එහෙනම් මම මුලින්ම ඔබට දෙන්නම් ආත්රයිටිස් රෝගය සඳහා වසර දහසකට වැඩි කලක් තිස්සේ පාවිච්චි කෙරෙන ආයුර්වේද කසායක්. ආමයට තිත්ත රස යෝග්‍ය නිසා ආත්රයිටිස් රෝගයට මේ කසාය ඉතාම හොඳ බවයි ආයුර්වේදයේ කියෑවෙන්නේ. මේ සඳහා පහත සඳහන් ඖෂධ වර්ග අවශ්‍යයි. එනම්, සුදු හඳුන්, ඉරිවේරිය, අමු ඉඟුරු, කලාඳුරු අල, දුම්මැල්ල. කොහොඹ පොතු, බිංකොහොඹ. පාවට්ටා මුල්, කටුවැල්බටු, මේ සියල්ල කලං 1 මංචාඩි 6 බැගින් අරගෙන වතුර කෝප්ප 8 ක් සමඟ මිශ්‍ර කරලා අනුපාන වශයෙන් සීනි සහ මී පැණි මිශ්‍ර කර උදේට කෝප්ප භාගයකුත්, සවසට කෝප්ප භාගයකුත් පානය කළ යුතුයි. මෙසේ එක දිගට දින 6 ක් පානය කළ විට (එනම් කසාය හැලි 6 ක්&zwnj ආත්රයිටිස් වේදනාව සහ ඉදිමුම මඟ හැරී යනවා. අපි මීළඟට බලමු මේ සඳහා යොදා ගෙන තිබෙන ඖෂධවල ගුණාගුණ මොනවද කියලා. 1. සුදු හඳුන් - Santalum album යනුවෙන් හැඳින්වෙන සුදු හඳුන් ගස වසර 100 කට වැඩි ආයු කාලයක් තිබෙන ශාකයක්. ලක්ෂමී දේව මාතාවගේ වාස භවනය ලෙස ඉන්දියානුවන් සුදු හඳුන් ගස හඳුන්වන අතර එම නිසා එය වන්දනීය ශාකයක් බවට පත් වෙනවා. සුදුහඳුන් යනු ශරීරය සිසිල් කරන ද්‍රව්‍යයක් ලෙස තමයි ආයුර්වේදයේ හඳුන්වන්නේ. විශේෂයෙන් අත් පා වල දැවිල්ලක් තිබේ නම් ඇල්වතුරෙන් ගලගා ගත් සුදු හඳුන් එම තැන්වල ආලේප කරන ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. මෙය වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ රූපලංකරණ ඖෂධයක් ලෙසයි. රුධිරය පිරිපහදු කිරීමේ ගුණය, වාජීකරණ ගුණය, ලේ වහනය වීමේ තත්ත්වයක් පාලනය කිරීමේ හැකියාව, පණුවන් ගැසු තුවාල පිරිසිදු කිරීමේ බලය, විඩාව දුරලීමේ ගුණය, විජලනය නැති කිරීමේ බලය යනාදිය සුදු හඳුන් සතුව තිබෙනවා. ඉරිවේරිය - Plectranthus Zelenicus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඉරිවේරිය සිසිල් ගුණයෙන් යුත් කුසගිනි වඩන ශාකයක්. පාචනය, අතීසාරය වැනි රෝගවලදී ඉරිවේරිය කොටාගත් ඉස්ම බඳුනක දමා එතුළට ගිනියම් කළ යකඩ කැබැල්ලක් දමා යුෂ පැසී තිබුණු පසු මී පැණි සමඟ මිශ්‍ර කර රෝගියාට පානය කිරීමට දෙනවා. කලාඳුරු - CYPERUS Rotundas යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කලාඳුරු පාරම්පරික සිංහල වෙදකම තුළ ඉතා වැදගත් ශාකයක්. වෛද්‍ය උපදෙස් මත කලාඳුරු ආහාරයට ගැනීමෙන් ආමාශයෙහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වනවා. ක්‍රිමි රෝග සඳහා හොඳ ඖෂධයක් ලෙසත් මෙය පිළිගන්නවා. දුම්මැල්ල - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නෙ Trichosan thes cucumerina යන්නයි. කහඋණ, නියුමෝනියාව, රක්තහීනතාව, පීනස, ක්‍රිමි රෝග, ඉදිමුම්, දද සහ කුෂ්ට, සොරයිසිස් හෙවත් පොතු කබර, දියවැඩියාව, අක්මා රෝග, වමනය, ඇතුළු රෝග 25 කට ප්‍රතිකාර කිරීමට දුම්මැල්ල යොදා ගන්නවා. බිං කොහොඹ - Andrographis paniculata හෙවත් බිං කොහොඹ ශාක ලෝකයේ සියලු තිත්ත ශාකයන් අතර අගරජු වශයෙන් සැලකෙනවා. වෛරස් නාශක, සිසිල් ගුණය සහිත මේ පැලෑටිය ආයුර්වේදයේ සහ පැරැණි චීන වෛද්‍ය ක්‍රමවල ප්‍රධානතම අමුද්‍රව්‍යයක්. එනම් සෙම්ප්‍රතිශ්‍යාව සුවපත් කිරීමේ හැකියාව බිං කොහොඹ යුෂ වලට තිබෙනවා. චිකුන් ගුන්යා, සූකර උණ, උණසන්නිපාතය යන රෝග සුවපත් කිරීම සඳහා සිද්ධ වෛද්‍ය ක්‍රමය තුළ පරිහරණය කරන ප්‍රධානතම අමුද්‍රව්‍ය මෙයයි. පාවට්ටා - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Adhathoda Vasica යන්නයි. තිත්ත රසය සහිත ලඝූ/ රූක්ෂ ගුණ දෙන ශීත වීර්යය ඇති තරමක බෙහෙත් පැලෑටියක් ලෙස මෙය ප්රකටයි. මෙහි පස් පංගුවම ප්‍රයෝජනයට ගන්නවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2017 08:40 AM ඉරුවා රදේ හැදෙන්නේ මෙහෙමයි ප්රශ්නය - උගුර කන නාසය හෙවත් ENT රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේදයේ තිබෙන බව පසුගිය සතියේ ඔබ අපට පැහැදිලි කළා. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ පීතෘවරයා වන සුශ්‍රැත ආචාර්යතුමා විග්රහ කරන පරිදි උගුර කන නාසය යන තැන් ආශ්‍රිතව අක්ෂි රෝග 76 ක්, මුඛ රෝග 65 ක් කර්ණ රෝග 23 ක් නිසා රෝග 31 ක් ම සහ ශිරෝ රෝග 11 ක් තිබෙන බව ඔබ සමඟ පවත්වන ලද සංවාදයේදී හෙළි වුණා. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ ඉරුවාරදය නමැති රෝග තත්ත්වය ගැනයි. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - සුශ්‍රැත ආචාර්යතුමාගේ අර්ථකථනය අනුව ශිරෝ රෝග 11 ක් තිබෙනවානේ. ඉරුවාරදය කියන්නේ ඒ රෝග අතුරින් වැඩිම හිරිහැරයක් ඇති කරන රෝගයයි. මෙය ඉතා බහුලව පවතින රෝගයක්. මෙය වාත පිත්ත කප යන තුනම සම්බන්ධ වෙන අවස්ථාවක්. මේ තුනෙනුත් පිත්ත දොaෂය වැඩියෙන්ම මෙම රෝගය සමඟ සම්බන්ධ වෙනවා. ඉරුවාරදයට ආයුර්වේදයේ කියන නියම නම තමයි සූර්යාවර්තය කියන එක. නමේ විදියට අපි මෙය සංසන්දනය කරන්නේ කෝටරක ප්රදාහයටයි. සූර්යාවර්තය, ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තය කියන රෝගය හටගන්නේ ඉර නැගෙගෙන ඇවිත් මුදුන් වෙලා ක්රමයෙන්බැස යන ආකාරයටයි. මේ රෝගයට පිත සම්බන්ධයි කියන්නේ ඇයි?. පිතේ ස්වභාවයයි ඉරේ ස්වභාවයයි අතර තිබෙනවා සමාන ලක්ෂණ. පිතේ තිබෙනවා උෂ්ණ ගුණය සහ ශීත ගුණය. මේ අනුව ඉරුවාරද රෝගියාට උදේ කාලයේ තියෙන සෙම් ගතිය දවල් වනවිට අඩු වෙලා පිත් ගතිය ඉහළට එනවා. සවස් වන විට ක්‍රමයෙන් පිත් ගතිය අඩුවෙලා වාත ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තනයත් එක්ක මේ රෝගය ටිකෙන් ටික මතුවන බවයි. ඉර මුදුන් වන විට රෝග තත්ත්වය හොඳටම වැඩිවෙලා සවස් වන විට අඩුවෙලා යනවා. ප්රශ්නය - ඔබ කියන්නේ සූර්යෝදගමනයත් එක්ක මේ රෝග තත්ත්වය වැඩිවන ආකාරයයි. අපට පැහැදිලි කර දෙන්න පුළුවන් ද සූර්යයා ක්‍රමයෙන් නැගෙන විට ශරීරය තුළ හට ගන්නා ක්‍රියාවලිය කුමක්ද කියලා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපේ හිස් කබල සහ පිටත සම අතර හිස් අවකාශ කිහිපයක් තිබෙනවා. අප ඒවාට කියන්නේ කෝටරක කියලා. නවීන විද්‍යාවේදී කියනවා හිසේ සමබරතාව පවත්වාගෙන යන්නට මේ කෝටරක උපකාරී වෙනවා කියලා. මේ හිස් අවකාශය තුළ තිබෙනවා සෙම.... ප්රශ්නය - මේ හිස් අවකාශවලින් ශරීරයට තිබෙන ප්‍රයෝජනය කුමක්ද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපේ හිස්කබල සහ සම අතර කිසිදු හිස් අවකාශයක් නැතිව සම හිස්කබලටම ඇලිලා තිබෙනවා නම් අපට කතා කරගන්න පවා බැරි වෙනවා. හිස් කබලේ දෙදරීම් ඇති වෙනවා. ඒ වගේම මේ අවකාශ නිසා හිස් කබල සහ එහි සම ආශ්‍රිතව Ventilation (වාතය ගමන් කිරීම) නිසි ආකාරයට සිදු වෙනවා. අපේ හිසට තිබෙන එකම දොරටුව තමයි නාසය. කට කියන්නේ ගෙලින් පහළට තිබෙන විවරයක්. අනෙක කට හිස්කබල සමඟ සම්බන්ධ වන්නේත් නාසය හරහායි. ප්රශ්නය - ඒ අනුව ඔබ කියන්නේ නාසයෙන් මොළයට ප්‍රවේශ විය හැකි ගමන් මාර්ගයකුත් තිබෙනවාද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ඔව්· අප නශ්‍ය කර්මයක් එනම් නස්නයක් කරනවා කියලා හිතන්න. නශ්‍ය කර්මවලදී පැහැදිලිව කියනවා ශීර්ශයට තිබෙන ද්වාරය නාසය කියලා. අපි ඉරුවාරදය හැදුනාම නස්න කරනවා. නාසය තුළට තෙල් බින්දු කිහිපයක් හෝ කිසියම් ඖෂධීය සාරයක් දමනවා. එවිට එම වායුව නාසය ඔස්සේ අර කලින් කියාපු කෝටරක තුළට ගමන්කරලා එහි තිබෙන ආසාදිත තත්ත්වයන් නැති කරනවා. සෙම නිසා විවිධ ආසාදනයක් හට ගන්නට පුළුවන්. සමහර රෝගීන් අපට ඇවිත් කියනවා මට ඔලුව උස්සන්න බැහැ, එහෙමත් නැත්නම් පහත් කරන්න බැහැ බරයි කියලා. එතකොට අපි නාසයට උරන්න දුමක් දෙනවා. නාසය හරහා මේ ඖෂධීය දුම කෝටරකවලට ගමන් කරනවා. ඉන් පස්සේ ආසාදන නැති කරනවා. අනෙක මේ කෝටරක ඇතුලේ තිබෙනවා ශ්ලේශ්මල කලාපයන් හෙවත් Mucous Membrane එකක්. මෙහි තිබෙනවා පොඩි තෙත් ගතියක්. පිතේ බලපෑම වැඩිවුණාම මේ තෙත් කලාපය වියෑලෙනවා. එතකොට කෝටරක හරහා ගමන් කරන්න වාතයට බැරි වෙනවා. ඔලුව රිදෙන්න පටන් ගන්නේ එවිටයි. නොමිලේ විස්තර 011-5289248/077 7620948 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2017 08:41 AM වකුගඩු රෝග සුව කරන නීරමුල්ලිය-නෙරෙංචි බෙහෙත ප්රශ්නය - වකුගඩුවල ක්‍රියාකාරීත්වය සහ වකුගඩු රෝග ගැන අප පසුගිය සතිවලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ශරීරයේ තිබෙන වැදගත්ම ඉJද්රීන් තුනෙන් එකක් හැටියට ආයුර්වේදය තුළ වකුගඩු අර්ථකථනය වන බවත් ඔබ සඳහන් කළා. වකුගඩු රෝගය සඳහා සුදුසු ශාකසාර ඖෂධ තිබෙනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වකුගඩු රෝගය සඳහා ආයුර්වේදය මගින් ශාකසාරමය ඖෂධ සහ රස බෙහෙත් රැසක් හඳුන්වා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනක් පැරැණි දේශීය ප්‍රතිකාර ක්‍රමය මගිනුත් ශාකසාර ඖෂධ නිර්දේශ කරනවා. මෙවැනි ශාක වර්ග දෙකක් තමයි නීරමුල්ලිය සහ නෙරෙංචි කියන ශාක දෙක. මේවා අපේ පිsටිසර ගම්වල තවමත් තිබෙනවා. ගමෙන් හොයාගන්න බැරිනම් ඕනෑම සිංහල බෙහෙත් බඩු කඩයකින් මේ ඖෂධ දෙක ලබා ගන්න පුළුවන්. වකුගඩු රෝගය සමනය කරන ඉතා හොඳ කසායක් මෙයින් හදා ගන්නේ මෙහෙමයි. නීරමුල්ලිය මිටක් සහ නෙරෙංචි මිටක් බැගින් අරගන්න. මෙය අමුවෙන් ගන්න හැකිනම් හොඳයි. එහෙම බැරිනම් බෙහෙත් කඩෙන් ලබා ගත්තත් කමක් නැහැ. මෙය වතුර කෝප්ප 4 කට දාලා එක කෝප්පයකට හින්දලා කෝප්ප භාගය බැගින් උදේ හවස සතියට දින 3 බැගින් මාස 2 ක් පානය කළ යුතුයි. ඒ කියන්නේ රෝගියා මාස 2 ක් තුළ කසාය හැලි 12 ක් පානය කළ යුතුයි. ප්රශ්නය - මේ ඖෂධීය පැළවල ඖෂධීය ගුණය ගැන විග්‍රහයක් කළ හැකිද? චාන්දනී වික්‍රමාරච්චි - මුලින්ම අපි නෙරෙංචි පැළය ගනිමු. Tribulus Terrestris යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නෙරෙංචි, පස් පංගුවම බෙහෙතට ගත හැකි පැළයක්. ගොකටු කියලත් මේ පැළෑටියට කියනවා. මෙය annual Plant හෙවත් අවුරුද්දක ආයු කාලය ඇති පැළයක්. ඒ කියන්නේ පැළය පොළොවෙන් ඉහළට මතු වීමේ සිට මල්පල දී මියයැම දක්වා කටයුතු අවුරුද්දක් තුළ සිදුවී නිම වෙනවා. වියළි කාලගුණයක් ඇති හැම රටකම පාහේ නෙරෙංචි පැළය දැක ගන්නට පුළුවන්. ලතින් ඇමරිකානු රටවල මෙය ඉතා බහුලයි. දකුණු ඉන්දියාවේ තිබෙන සිද්ධ නමැති පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයේදී මුත්රවාහිනියේ ආසාදන ඇතුළු මුත්‍ර රෝග 5 කට මෙයින් ප්‍රතිකාර කරනවා. ආයුර්වේදයේදී මෙය වකුගඩු සහ මුත්‍ර මාර්ගයේ රෝගවලට ප්‍රතිකාර කිරීමට අමතරව ශුක්‍ර ධාතු වර්ධකයක් හැටියටත් යොදා ගන්නවා. මෙය ධාතු වර්ධකයක් වුණාට වාජිකරණයක් නොවෙයි. යුනානි නමැති අරාබි වෙදකමේදීත් මෙය ආයුර්වේදයේ හා සමානව පරිහරණය කරනවා. කාශ්මීරයේදී නෙරෙංචි යොදා තනන තේ වැනි පානයක් සියලු උණ රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් දෙනවා. එහෙත් පමණ ඉක්මවා මේ පැළයේ සාරය ශරීරගත වුණොත් අක්මාව විනාශ වන බව සඳහන් කළ යුතුයි. ඒ නිසා නිතරම සුදුසු වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පිහිටා තමයි කටයුතු කළ යුත්තේ. දැන් අපි ඊළඟට බලමු මොනවද මේ නීරමුල්ලිය කියන්නේ කියලා. Asterakantha longifolia නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නීරමුල්ලිය ශරීරයේ හටගන්නා සියලුම ආකාරයේ ඉදිමුම් සමනය කිරීමට යෝග්‍ය බවට පිළිගැනීමක් තිබෙනවා. මෙය ශරීරයේ අභ්‍යන්තර සහ බාහිර ඉJද්රියන්ගේ ඉදිමුම, මුත්‍රා දැවිල්ල යන තත්ත්වයන් සඳහා ඉතාම යෝග්‍ය බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. වියළි නීරමුල්ලිය මුල් ග්‍රෑම් 60 ක් ගෙන කුඩා කැබලිවලට කපා වතුර මිලි ලීටර් 1920 ක් දමා එය වතුර මිලි ලීටර් 240 ට හිඳෙන තුරු සිට දිනකට දෙවරක් වරකට මිලි ලීටර් 120 බැගින් සතියක් පානය කළ යුතු බවට නිර්දේශයක් තිබෙනවා. එවිට ඉදිමුම සහ මුත්‍ර මාර්ගයේ ආසාදන අඩුවන බව චිකිත්සාගාර පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. ප්රශ්නය - වකුගඩු අමාරුවට හා මුත්‍රා අමාරුවට පොල්පලා ගුණදායක බවට මතයක් තිබෙනවා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පොල්පලා කියන්නේ පමණ ඉක්මවා පානය කළොත් ලෙඩා අමාරුවේ වැටෙන ශාකයක්. අනෙක පොල්පලා වර්ග දෙකක් තිබෙනවා, ලංකාවේ පොල්පලා සහ ඉන්දියාවේ පොල්පලා කියලා. ලංකාවේ පොල්පලා හරිම සැරයි. ඉන්දියානු පොල්පලා ටිකක් වත් සැර නැහැ. අප දන්නෙ නැහැ වෙළෙඳපොළේ තිබෙන්නේ කොයි පොල්පලා වර්ගය ද කියලා. ඒ අනුව වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම තමයි හොඳම දේ. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2017 08:42 AM මොකක්ද මේ ගුද පිළිකාව? ප්රශ්නය - ගුදවිද්රදියක් ලෙස සැක කරන අවස්ථාවක රෝග විනිශ්චය සිදුවිය යුත්තේ කොයි ආකාරයටද? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - බාහිර ගුදවිද්රදියක් නම් ඇසට පෙනෙනවා. එහෙත් අභ්‍යන්තර ගුදවිද්රදියක් නම් එහෙම නැහැ. බොහෝවිට අභ්‍යන්තර ගුද්‍රදියක් සහ අර්ශස් ගෙඩි පටලවා ගන්නා අවස්ථා එනවා. එවැනි විටක අර්ශස්වලට බෙහෙත් කරන්නට ගියොත් විශාල අවුලක් හට ගන්නවා. සමහර විට අර්ශස් ගෙඩියක, එහෙමත් නැත්නම් විද්රදියක පෙනුම තිබෙන ගුදගත පිළිකාවක් හටගන්න පුළුවන්. එය අර්ශස් ගෙඩියක් හැටියට හඳුනා ගත්තොත් මොකද වෙන්නේ? රෝග විනිශ්චය හරියට කරගත් විට ප්‍රතිකාර කිරීම එතරම් සංකීර්ණ කාරණයක් වෙන්නේ නැහැ. ගුද විද්‍රදිය සහ අර්ශස් රෝගය පටලවාගෙන අවුරුද්දක් ප්‍රතිකාර ලබාගත් රෝගියෙක් මට හමු වුණා. අර්ශස් රෝගය සඳහා දෙන ඇතැම් ආලේප වර්ග සහ ඖෂධ ගුද විද්රදියට සුදුසු නැහැ. විශේෂයෙන්ම මෙහිදී අප සැළකිල්ලට ගත යුතු කාරණයක් තිබෙනවා. ගුද විද්‍රදිය හෝ අර්ශස් ගෙඩි තිබෙන්නේ රෝගියාට පෙනෙන තැනක නොවෙයි. ප්රශ්නය - ගුද පිළිකාවක් කියන්නේ මොකක්ද? වෛද්‍ය පුෂ්පකුමාර - ආහාර ජීර්ණ පද්ධතියේ අවසන් කොන වන ගුද විවරයෙහි හටගන්නා පිළිකාවක් ලෙස ගුද පිළිකාව හැඳින්විය හැකියි. මෙය Malignant හෙවත් උග්‍ර එහෙමත් නැත්නම් මාරක පිළිකා තත්ත්වයක්. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද? වෛද්‍ය පුෂ්පකුමාර - ගුදය තුළ වේදනාවක් හට ගැනීම, මළ පිට කිරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් හට ගැනීම, ගුදය ආශ්‍රිතව ගෙඩියක් හට ගැනීම, එය කැසීම හෝ එතැනින් ස්‍රාවයක් නිකුත් වීම හෝ එම කාරණා දෙකම සිදු වීම, ඇතැම් විට රුධිරය වහනය වීම යනාදිය මෙහි රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි. අර්ශස් රෝගය වැළඳුනාමත් ගුද පිළිකාවට ආවේණික සමහර ලක්ෂණ පහළ වෙනවා. උදාහරණයක් ලෙස මළ මාර්ගයෙන් රුධිරය පිටවීම දක්වන්නට පුළුවන්. මෙහිදි එම පිළිකාව, අර්ශස් රෝගය හැටියට වරදවා වටහාගෙන බෙහෙත් කළොත් මොකද වෙන්නේ? රෝගය බරපතළ වී රෝගියා විශාල අමාරුවකට පත්වීම නේද සිදුවන්නේ? ප්රශ්නය - මේ ලක්ෂණ සහිත ගුද පිළිකාවක් අර්ශස් රෝගයෙන් වෙන් කරගෙන ඔබ හඳුනා ගන්නේ කොහොමද? වෛද්‍ය පුෂ්පකුමාර - මේ සඳහා ගුදගත පරීක්ෂාවක්a කළ යුතුයි. ගුද ගත පිළිකාවක හැඩය අක්‍රමවත්, ඒ වගේම එය ස්පර්ශ කරන විට ඝන ස්වභාවයකින් තමයි හසුවන්නේ. හරියටම ගල් මලක් වගේ. ඒත් අර්ශස් ගෙඩි එහෙම නැහැ. ඒවා රවුම්. ඝන ස්වභාවයත් එහි නැහැ. ප්රශ්නය - එවිට ඔබ බයෝප්සි පරීක්ෂණයක් කරනවද? වෛද්‍ය පුෂ්පකුමාර - මූලික අවස්ථාවේදී නැහැ. එහෙත් අප තුළ කිසියම් සැකයක් හට ගන්නවා නම් බයෝප්සි පරීක්ෂණයක් කරනවා. ඊට අමතරව තවත් පරීක්ෂණ කිහිපයක් කළ යුතුයි. මෙහිදී වැදගත් වන කාණයක තමයි ගුදගත පිළිකාව හරිහැටි හඳුනා ගැනීම. http://www.divaina.com/2017/05/07/feature16.html ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 06 May 2017 09:56 AM හොද දැනුවත් කිරීම් ගොඩක් ,,බොහොම ස්තුති 0 smt90Veteran MemberPosts:1736 06 May 2017 05:56 PM වැදගත් ලිපියක් 0 samanthaMost Senior MemberPosts:13190 06 May 2017 08:49 PM බොහෝම වැදගත් ලිපියක්.. ස්තූතියි මේ තුලින් අපිව දැනුවත් කලාට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2017 05:42 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2017 05:43 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2017 05:44 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2017 05:45 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2017 05:46 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 May 2017 05:47 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 07 May 2017 08:22 AM අපේ වත්තෙ නම් තියෙනවා ගස් කීපයක්ම. ඇග නිවන පලතුරක්. 0 RosiSuper Senior MemberPosts:5335 07 May 2017 05:40 PM වැඩිය වියදම් නොකරම මේ දේවලින් අපිට නිරෝගිව ඉන්න පුළුවන් ...බොහොම ස්තුති 0 samanthaMost Senior MemberPosts:13190 07 May 2017 11:55 PM බොහොමත්ම ස්තූතියි මේ වැදගත් තොරතුරු සහ ප්‍රතිකාර වලට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 08 May 2017 02:26 AM ඉතා වටිනා ලිපියක් 0 isurusamSuper Senior MemberPosts:7342 09 May 2017 01:02 AM ගොඩක් වැදගත් ලිපියක් .............. 0 chamaramindMost Senior MemberPosts:13471 09 May 2017 06:59 PM රසවත් ගුණවත් කෝප්ප කොළ කෝප්ප කොළ පිළිබඳ ඇතැම් දේශපාලකයින් උපහාසාත්මකව කතා කරයි. නමුත් එහි ඇති ගුණාත්මක භාවය සමහරු නොදනිති. මෙම පැළෑටියේ උද්භිද විද්‍යාත්මක නාමය ඡදකහිජස්s Fරමඑසජදිa යනුවෙනි. එම ගස Aර්කස්ජැae යන උද්භිද කුලයට අයත් වූවකි. මෙය මුත්‍රා රෝග සමානය කරන බැව් පැරැණි පරම්පරාගත වෛද්‍යවරු පවසති. මෙම කොළය කෝපයකට සාමාන්‍ය තද ඝන ගතියක් තිබේ. ජලය පානය කරන කෝපයක ස්වරූපයක් ගනු ලැබේ. මෙය ඉතා රසවත් මැල්ලුමක් ලෙසත් සම්බෝලයක් ලෙසත් සාදාගත හැකිය. බොහෝ කෙඳි සහිත පත්‍ර මැල්ලුම රස විඳීමට වර්තමාන දරුවනට අහිමිව තිබේ. එම නිසා මෙම ශාකය අලංකාර පත්‍ර සහිත බැවින් අගනා පැළෑටියක් ලෙස ගෙවත්තේ වගා කළ යුතුව ඇත. මෙම කොළ මැල්ලුම සාදා ගැනීමට අපහසු නැත. නමුත් රසය ලබා ගැනීමට ඉතා සිහින්ව කැබලිවලට ලියාගත යුතුය. හොඳින් මේරූ කොළ සිහින්ව ලියා පොල් මිරිස් (ගම්මිරිස් ඉතා හොඳ) රතු ලූනු, උම්බලකඩ ආදී මැල්ලුමකට අවශ්‍ය සියල්ල දමා මඳගින්නේ මලවා ගත යුතුය. මැල්ලුම නිවුන පසු දෙහි ඇඹුල් යොදන්න. මැල්ලුම කර වුවහොත් රසය අඩුය. සම්බෝලයට ගත යුත්තේ ලපටි කොළය (නමුත් එය දල්ල නොවේ) මෙයද ඉතා සිහින්ව ලියා පොල් හෝ පොල්කිරි මිශ්‍රකර හොඳින් පොඩිකර දෙහි ඇඹුල් දමා වසා තබා ආහාරයට ගත යුත්තේද සම්බෝලයට ඇඹුල් දැමූ විගසමය. පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය කිරිඇල්ලේ ඥනවිමල ස්වාමීන් වහන්සේ රචිත වෙද පොත ඇසුරිනි. සකස් කළේ කො.ආ. ගුණසේකර ඇහැලියගොඩ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 May 2017 07:01 PM මහා සංඝරත්නය වෙත පෝෂ්‍යදායි දන්වේලක් පිළිගන්වන අයුරු අධිරුධිර පීඩනය. හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග සඳහා ගොදුරුවන පිරිස දිනෙන් දින ඉහළ යන්නට පටන් ගෙන ඇත. තෙල්, ලුණු, සහ අධික ලෙස සීනි සහිත ආහාර මෙන්ම පිටි සහිත ආහාරපාන සීමාව ඉක්මවා ආහාරයට ගැනීම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවේ. මෙම රෝග පීඩාවන්ට භික්ෂූන් වහන්සේලාද ගොදුරුවීමේ යම් ප්‍රවණතාවයක් පවතී. ඒ සඳහා හේතුවී ඇත්තේ උන්වහන්සේලාට දාන ලෙස පිළිගන්වනු ලබන ආහාරපානයන්ය. භික්ෂූන් වහන්සේලා, උදෑසන හීල් දානය සහ දහවල් දානය පමණක් වළඳන බැවින් බොහෝ දායකයෝ ඉතා රසවත්ව අධිශක්තිජනක තෙල්, සීනි හා ලුණු වැඩිපුර යොදා ආහාරපාන පිළියෙල කර පිළිගන්වනු ලබති. මෙවැනි ආහාරපාන වැළඳීම උන්වහන්සේලාගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී ඇත. මෙම තර්ජනය නිසා වර්තමානයේ තරුණ භික්ෂූන් වහන්සේලාද දියවැඩියාව, හෘද රෝග හා අධි රුධිර පීඩනයට ගොදුරුව සිටිති. එබැවින් භික්ෂූන් වහන්සේලා පිළිගන්වනු ලබන ආහාරපාන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායී ආහාරවේලක් ලෙස පිළියෙල කර ගැනීමට අවධානය යොමු කළ යුතුය. විවිධත්වයෙන් යුතු ආහාර පිළිගැන්වීම භික්ෂූන් වහන්සේ සඳහා සකස් කරන ආහාරවේල පෝෂණයෙන් සපිරි ආහාර වේලක් ලෙස සකස් කිරීමේදී විවිධත්වයෙන් යුත් ආහාරපාන යොදාගත හැකිය. එහිදී පිෂ්ටය. විටමින්, ප්‍රොaටීන්, මේදය සහ කැල්සියම් අඩංගු ආහාර එක් ආහාර වේලක තිබිය යුතුය. පිෂ්ටය සහිත ආහාර බත්, පාන්, කුරක්කන්, බඩ ඉරිඟු, මෙනේරි වැනි ධාන්‍ය වර්ග සහ එම ධාන්‍ය වර්ග යොදා සකස් කළ ආහාර වර්ග වන පිට්ටු, ආප්ප, ඉඳිආප්ප, අලවර්ග, බතල, කොස් දෙල්. විටමින් සහිත ආහාර එළවළු හා පලාවර්ග, පලතුරු ප්‍රොaටීන් සහිත ආහාර සෝයා, කඩල, කවුපි, මුංඇට, උඳු, පරිප්පු, කොල්ලු, මාළු, බිත්තර, හාල්මැස්සන් කරවල, කිරි, කිරි ආශ්රිත නිෂ්පාදන. මේදය සහිත ආහාර කජු, රටකජු, පොල්, තල කැල්සියම් සහිත ආහාර කිරි, හාල්මැස්සන් පෝෂ්‍ය ගුණයෙන් සපිරි සහල් තෝරා ගැනීම දන් පිළියෙල කිරීමේදී පිෂ්ටය සහිත ආහාරයක් ලෙස සහල් තෝරා ගන්නේ නම් නිවුඩු සහිත සහල් හෝ තම්බාපු සහල් යන වර්ග දෙක පෝෂ්‍ය ගුණයෙන් ඉහළය. මෙම සහල්හි තන්තු, ප්‍රතිඔක්සිකාරක හා සංකීර්ණ, කාබෝහයිඩේ්රට අඩංගුය. එබැවින් මෙවැනි සහල් වර්ගයකින් සකස් කළ බතක රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව ඇත. පලතුරු වර්ග තෝරා ගැනීම පලතුරුවල ශරීරය නිරෝගීව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය විටමින්, බනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක හා තන්තුද බහුලව අඩංගුය. අධිකව ඇති තන්තු මගින් මලබද්ධය වලකන අතර කොලෙස්ටරෝල්, සීනි සහ අහිතකර ද්‍රව්‍ය වැඩිපුර ශරීරයට උරාගැනීම අඩු කරයි. දිනපතා පලතුරු නිසි ලෙස භාවිතය මගින් හෘද රෝග, පිළිකා, අධි රුධිර පිඩනය හා අංශභාගය වැනි බොහෝ රෝග රැසක් වැළඳීමේ අවදානම අඩු කරයි. පලතුරු ආහාරයට ගැනීමේදී යුෂ පානයට වඩා කැබලි ලෙස ආහාරයට ගැනීම වඩා හිතකරය. පලතුරු යුෂ වශයෙන් පිළි ගැන්වීමේදී සීනි නොදමා එය සකස් කිsරීම සුදුසුය. අවම වශයෙන් දිනකට පලතුරු වර්ග දෙකක්වත් වැළඳීම සුදුසුය. එළවළු හා පලාවර්ග එළවළු සහ පලාවර්ගවල ශරීරයේ නිරෝගීව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය විටමින් වර්ග, ඛනිජ ලවණ ප්‍රතිඔක්සිකාරක සහ තන්තු බහුලව අඩංගුය. එළවළු සහ පලා වර්ග අවම වශයෙන් තුන්වර්ගයක්වත් දිනකට වැළඳීම සුදුසුය. එබැවින් බෝ නොවෙන රෝග වැළඳීමේ අවස්ථාව අඩුකරයි. ධාන්‍ය වර්ග තෝරා ගැනීම බොහෝ භික්ෂූන් වහන්සේලා නිර්මාංශ ආහාර වේලක් වැළඳීමට කැමැත්තක් දක්වති. එවැනි භික්ෂූන් වහන්සේලා සඳහා කඩල, කවුපි, මුංඇට, පරිප්පු, සෝයා, කොල්ලු වැනි ධාන්‍ය වර්ග පිළිගැන්වීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රොaටීන් සහ යකඩ ප්‍රමාණය ලබාගත හැකිය. ප්‍රොaටීන් බහුල මෙම ධාන්‍ය වර්ග කුඩා හිමිවරුන්ටත් පෝෂණ ඌනතා සහිත ගිලන්වූ හිමිවරුන් සඳහාත් සුදුසුය. කුඩා හිමිවරුන් තවමත් කායවර්ධන අවධියේ පසුවන බැවින් එම හිමිවරුන්ගේ ප්‍රොaටීන අවශ්‍යතාවය තරමක් ඉහළය. එබැවින් එවැනි හිමිවරුන් ප්‍රොaටීන් අඩංගු ආහාර අවම වශයෙන් දෙකක් හෝ තුනක් ආහාරයට ගැනීම සුදුසුය. නැවුම් කිරි හා කිරි ආහාර ශක්තිය ලබාදෙන කාබෝහයිඩේ්‍රට්, මේදය ද ශරීර වර්ධනය හා පවත්වා ගැනීමට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ද අඩංගු කිරි පෝෂ්‍යදායී සම්පූර්ණ ආහාරයකි. දත් හා අස්ථි වර්ධනයට මෙන්ම ඒවා නිරෝගීව පවත්වාගෙන යැමට අවශ්‍ය කැල්සියම් හා පොස්පරස් ද කිරිවල බහුලය අඩංගුය. එබැවින් භික්ෂූන් වහන්සේලාට කිරි හෝ කිරි ආහාර වන මුදවපු කිරි, යෝගට් වැනි ආහාරයක් දිනපතා උදේ සවස දානය සඳහා පිළිගැන්වීම සුදුසුය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් සකස් කරන ලද පූජනීය භික්ෂු මහා සංඝරත්නය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ග්‍රන්ථය ඇසුරිනි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 9 of 137 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner