Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 90 of 137 << < 8889909192 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 23 Jan 2018 04:50 PM ලස්සන වඩන ගස්‌ලබු ගස්‌ලබු නැත්නම් පැපොල් කියන්නේ ගොඩක් රසවත් පළතුරක් කියල අපි දන්නවනේ. රස විතරක් නෙමේ. ඔයාලා දන්නවද මේ ගස්‌ලබු අපිට නිරෝගීව ඉන්න වගේම ලස්‌සනට ඉන්න හොඳ පෝෂණයක් ලබා දෙනවා. ලංකාවේ අපිට මේ පළතුරු හොයා ගන්නත් එච්චර අමාරු නෑනේ. පොඩ්ඩක් කියවලම බලන්න. පැපොල්වලට මොන තරම් දේවල් කරන්න පුළුවන් ද කියල. 1. ගස්‌ලබුවල විටමින් A සහ පැපේන් තිබෙන නිසා, සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමට එය උපකාරී වෙනවා. 2. සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. 3. ගස්‌ලබු මුහුණේ ආලේප කිරීමෙන් (විනාඩි 25 ක් පමණ), මුහුණේ ඇති කුරුලෑ කැළැල් අවම ගන්න පුළුවන්. 4. සිනිදු සහ මෘදු සමක් ලබා ගැනීමට ගස්‌ලබු ඉවහල් වෙනව. 5. සමේ දීප්තිය ඇති කරනව. 6. යටි පතුල් පැලී ඇත්නම්, ගස්‌ලබු සූරා පැලුණු යටිපතුල්වල ආලේප කිරීමෙන්, ඒ තත්වයන් අවම කර ගන්න පුළුවන්. 7. සමේ අවපැහැය ඉවත් කර ගැනීමට ගස්‌ලබු ආලේපනය ගොඩක් හොඳයි. 8. ඔබේ මුහුණේ සම වයසට යැම අඩු කරනව. 9. හිසකෙස් හොඳින් ශක්‌තිමත්ව වැවීමට උපකාරී වෙනව. 10. හිස්‌හොරි මර්දනයට උපකාරී වෙනව. 11. හිසකෙස් සිහින් වීම වළක්‌වනවා. 12. ගස්‌ලබුවල ඛනිජ හා විටමින් තිනෙ නිසා, හිසකෙස්‌වල තියෙන කුණු, තෙල් සහ රසායනික දෑ බවත් කරනව. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jan 2018 04:51 PM පිළිකාව කලින් කියන රුධිර පරීක්‍ෂණයක් බ්‍රිතාන්‍ය සරසවියකින් ; ලෙව විස්‌මිත සොයා ගැනීමක් කීර්ති වර්ණකුලසූරිය පිළිකා රෝගය කල්තියා හඳුනා ගතහැකි රුධිර පරීක්‌ෂණ ක්‍රමයක් සොයාගත් බව බ්‍රිතාන්‍යයේ ජෝන් හොµaකින් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් හෙළිකර ඇත. මෙය වෛද්‍ය විද්‍යාවේ අද්විතීය ජයග්‍රහණයක් බවද වාර්තා වී තිබේ. මේ නවතම සොයාගැනීම 'කැන්සර්සීSන්' නමින් හඳුන්වනු ලබයි. පිළිකා රෝගයෙන් මතුවන ජාන 16 ක විකෘතිවීම් සහ පිළිකා මගින් නිරතුරුවම මුදාහරින ප්‍රොaටීන් අටක් මෙම නවතම පරීක්‌ෂණයේදී විමර්ශනය කෙරේ. ජෝන් හොµaකින්ස් සරසවියේ වෛද්‍ය ක්‍රිස්‌ටියන් මොටයෙව්ටි පැවසුවේ මේ නවතම සොයාගැනීම අතිශයින්ම විශ්මය දනවන්නක් බවයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jan 2018 05:00 PM දරුවන්ගේ මතක ශක්‌තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි දෙමාපියන් දරුවන්ට උගන්වන්නට වර්තමානයේ වෙහෙසෙන්නේ නිසි අවබෝධයකින් තොරව බව මුලින්ම කිව යුතුයි. බොහෝ දෙමාපියන් සිතන්නේ දරුවා අමතර පංති කීපයකට යෑවූ විට දක්‍ෂ ගුරුවරුන් ලවා දරුවාට අධ්‍යාපනය ලබා දුන් විට දරුවාගේ බුද්ධිය වර්ධනය වේ යෑයි කියාය. දරුවා ඉගෙන ගන්නා විෂයයන් හොඳින් ධාරණය කරගන්න මතක ශක්‌තිය වැඩි කරගන්න. ඒවා නැවත ආවර්ජනය කරන්න ගතයුතු පියවර පිළිබඳව මහා සෘෂිවරුන් වහන්සේලා නාඩි වාක්‍ය මගින් පවසා තිබෙනවා. හරිහර ශ්‍රී සරස්‌වතී නමඃ වාමකෝ දේවාය මහා සෘෂි උත්තම භාගා වඡ්ජිමාරත්තෙ පූර්ණ භාගා ශාස්‌ත්‍රාධිපති ශිල්පාධිපති නමාය මින් පවසා ඇත්තේ වාමකෝ නමැති මහා සෘෂිතුමන් විසින් තම ශිල්ප දැනුම පොතපතේ දැනුම පරිපූර්ණව ලබාගත්තේ සරස්‌වතී දේවිය නමැදීමෙන් බවය. සරස්‌වතී දේවිය යනු සෑම ශිල්පයක් සඳහා ම අගතැන්පත් පවිත්‍ර වූ දේවියකි. බොහෝ දෙනා සිතා සිටින්නේ සරස්‌වතී දේවිය යනු කලාවට අධිපති පමණක් යෑයි කියාය. නමුත් පොතා පත දැනුම වැඩිකර ගැනීමට මතක ශක්‌තිය වර්ධනය කර ගැනීමට සරස්‌වතී දේවියගෙන් ලැබෙන ආශිර්වාදය ඉතා බලවත් බව අතීතයේ අප රටේ ජීවත් වූ මහා පඬිවරුන් පවා පවසා තිබෙනවා. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්, මහාචාර්ය ගුණපාල මලලසේකරතුමන්, බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් ඇතුළු බොහෝ විද්වතුන් සරස්‌වතී දේවියගේ ආශිර්වාදය ලබා ගත් බව පවසා තිබෙනවා. වෛද්‍යතුමනි, සරස්‌වතී දේවියගේ ආශීර්වාදය ලබා ගන්නේ කෙසේද? සරස්‌වතී දේවියගේ ආශිර්වාදය ලබා ගැනීමට ඇය වැඩවාසය කරන වේලාවන් අනුව පුද පූජා පැවැත්විය යුතුයි. සෑම දිනකම අලුයම 3.24 ත්, පෙරවරු 7.24 ත් අතර කාලය වෙන්වී ඇත්තේ සරස්‌වතී දේවිය සඳහායි. ඒ නිසා යම් දරුවකු පොත්පත් පාඩම් කරන්නේ නම් විභාගයකට සූදානම් වන්නේ නම් මෙම කාලය තුළ අවදි වී මුහුණ කට සෝදා පිරිසිදුÊවී සරස්‌වතී දේවියට පිරිසිදු පැන් බඳුනක්, මල් ටිකක් තබා හඳුන්කූරක් සහ පහනක් හෝ ඉටි පන්දමක් දල්වා තමා අදහන ආගම දහම සිහිපත් කරන්න. ඉන් පසු පොත් පත් පාඩම් කිරීම ආරම්භ කරන්න. එවිට සිත තුළ යහපත් සිතුවිලි වර්ධනය වන නිසා මතක ශක්‌තිය වර්ධනය වේ. මනස නිරවුල් වීම නිසා සිහි නුවණින් පොත්පත් පාඩම් කිරීමට හැකි වේ. ආවර්ජන ශක්‌තිය වැඩි වේ. මෙසේ පොත් පත් පාඩම් කරන දරුවන්ට දවසේ යම් කාලයකදී අඩුම තරමින් පැය භාගයක් හෝ ක්‍රීඩා කටයුතුවල යෙදීමට ඉඩ ලබා දිය යුතුය. තමා කැමති විනෝදාංශයක නිරතවීමට කාලය වෙන් කර දිය යුතුය. එවිට දරුවාගේ මොළයේ ක්‍රියාකාරීත්වය තව තවත් වර්ධනය වේ. එමගින් දෙමාපියන් බලාපොරොත්තුවන උගත් බුද්ධිමත් දරුවන් සමාජයට දායාද කළ හැකි වේ. වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0776500677 ඇමතිය හැකිය මොරටුව ලියන්වෙල සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල සාකච්ඡා කළේ - උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Jan 2018 05:21 PM වැදගත් ලිප්යක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jan 2018 08:00 PM වැදගත් ලිපියක්.......... 0 indika76Most Senior MemberPosts:10449 23 Jan 2018 09:49 PM මේ වගේ ක්‍රම නම් මම විස්වාස කරන්නේ නෑ.. ඇත්තටම මේවායේ සත්‍යයක් තියෙනවද? 0 sha733Super Senior MemberPosts:7332 24 Jan 2018 01:53 AM Posted By indika76 on 23 Jan 2018 09:49 PM මේ වගේ ක්‍රම නම් මම විස්වාස කරන්නේ නෑ.. ඇත්තටම මේවායේ සත්‍යයක් තියෙනවද? මමත් අයියේ දෙවියන් ඇදහීම නරකයි කියනවා නෙවෙයි නමුත් මේ නියමිත කාල වේලාවන් වලට කිරීම 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jan 2018 05:20 PM නිරෝගී දිවියක් ලබාගන්න ගහකොළ වෙත ළං වෙන්න දියවැඩියා රෝගයට නොහොත් මධුමේහයට ලෝකයේ කොතෙකුත් ප්‍රතිකාර විධි හා ඖෂධ තිබුණ ද තුරුලිය එසේත් නොමැති නම් ගහකොළ, මුල්, මල්, පොතු, ඵල වැනි ශාකමය ඖෂධ මගින් දියවැඩියාවට නොහොත් මධු මේහය නිට්‌ටාවට සුව කිරීමේ හැකියාව තිබේ. දියවැඩියා සුවය සඳහා මීපැණි සහ පිරිසිදු කිතුල් හකුරු යොදා ගැනීමෙන් පෙනෙන්නේ ඒ සඳහා ද ශාක උපයෝගී කර ගන්නා බවකි. දියවැඩියාව නොහොත් මධුමේහය වැළඳීමට ප්‍රධානම හේතුව වනුයේ අප ගන්නා ආහාර සෛලවලට නොගොස් කෙළින්ම ග්ලූකෝස් බවට පරිවර්තනය වී රුධිරයට එකතු වීමයි. මේ ප්‍රධාන රෝග ලක්‍ෂණය වන අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් නමැති ඖෂධය නිසියාකාරව, නිසිකලට, නිසි වේලාවට, නිසි තැනට නොපැමිණීම නිසා ශරීරයේ සෛල තුළට ග්ලූකෝස් නොගොස් ආහාර ගෙන යැම අවහිර වී එම ආහාර සීනි ලෙස නොහොත් ග්ලූකෝස් ලෙස රුධිරයට ඇතුළුවීම ප්‍රතිශයක් වශයෙන් මැන දියවැඩියා රෝගය සඳහා ලේවල සීනි ප්‍රමාණය මැනගත හැකි වේ. එම ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ 110 - 115 අතරට වඩා පවතී නම් දියවැඩියාව වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම රෝගයට ලෝකයේ නොයෙකුත් කෘත්‍රිම ඖෂධ වර්ග නිෂ්පාදනය තුළ ද ලෝකයේ ඇතැම් රටවල ස්‌වාභාවික ඖෂධ මගින් මෙම රෝගය සුව කරනු ලබයි. පුරාණ සෘෂිවරුන් විසින් ග්‍රන්ථාරූඪ කර ඇති පොත්පත් පරිශීලනය කිරීමේදී දියවැඩියා රෝගය ගැන එයින් ගැලවී ජීවත් වීමට අවශ්‍ය උපදෙස ලබාදී තිබෙන්නේ රෝගය මුලසිටම හඳුනාගෙන සිටි බැවින් බව පෙනේ. ලක් පොළොවේ ඕනෑම ස්‌ථානයක, ඕනෑම ශාකයත් ඉතාම පහසුවෙන් රෝපණය වන තත්ත්යක් තිබේ. ඉන්සියුලින් නිෂ්පාදනය නිසි ලෙස සිදුවීමට අවශ්‍ය සියලුම ශාක ශ්‍රී ලංකාවේ වනාන්තරවල ඇළ දොළ වැව්වල, වැවෙන අතර මෙවැනි ඖෂධීය ශාක හඳුනා ගැනීමේ අපහසුකම හෝ ඖෂධීය වටිනාකම හඳුනා නොගන්නා නිසාවෙන් ඇතැමුන් විසින් වටිනා ශාක විනාශකර දමන බවක් පෙනෙන්නට තිබේ මෙවැනි ගහකොළ නූතනයේ බොහෝ පිරිස නොහඳුනන අතර ඖෂධීය ගුණය පැත්තෙන් විශාල ශාක වර්ග ප්‍රමාණයක් විනාශ වී ගොස් අවසන් බවක් පෙනේ. ලෝකයේ බටහිර රටවල දැනට නිෂ්පාදනය කරන පිටගැස්‌ම, පිළිකාව, දියවැඩියාව වැනි රෝගවලට ඖෂධ නිෂ්පාදනය කිරීමේදී අපගේ ගහකොළවල ශාකමය කොටස් ඖෂධ වශයෙන් භාවිත කරන බවට සාක්‍ෂි ඇත. ඒ කෙසේ වෙතත් අපට ආවේණික වූ ගහකොළ හරි හැටි හඳුනාගෙන ඒවා නිසි වේලාවට, නිසි කලට අනුභව කිරීමෙන් මධුමේහය නොහොත් දියවැඩියාව සෑදීමෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීමට පුළුවන. එය මැල්ලුම් වශයෙන්, ශාක කොටස් තම්බා ගන්නා ලද සාරය පානයෙන්, ශාක කොටස් අඹරා සාදා ගන්නා ඖෂධ මගින් ආලේප කිරීමෙන් රෝගය සුවකර ගැනීමේ හැකියාව ඇත. ශාකමය ඖෂධ මගින් නිෂ්පාදනය කරන ඖෂධ මොනම හේතුවක් මත හෝ ශරීරයේ වෙනත් කිසිදු ඉන්ද්‍රියකට හානි නොවන බව තරයේ මතක තබා ගන්න. වෙනත් පටකවලට හානි කරන ආදේශක යෙදුවේ නම් පමණක් එමගින් ශරීරයේ යම් ඉන්ද්‍රියකට සුළු වශයෙන් හානි සිදුවිය හැක. ඒ කෙසේ ද යත් අරිෂ්ඨ නිෂ්පාදනය කර එම අරිෂ්ඨවලට කල්තබා ගැනීම සඳහා සීනි මිහ්‍ර කර එය පල්වීමට ඉඩ හැර ඒ බෝතල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේදීය. මෙවැනි ඖෂධවල ඇල්කොහොල් හා සිරුරට විෂ වර්ග එකතු වන නිසාවෙන් එලෙස සිදුවිය හැක. එහෙත් තතු දන්නා අය එලෙස නොකරන්නේ රෝගීන් රැක ගැනීම වෙනුවෙනි. මධුමේහ රෝගීන්ට සීනි මිශ්‍ර ආහාර අගුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවැනි රෝගීන්ට ඉතාමත්ම රසවත්ව පැණි රසට ප්‍රයෝජනයට ගත හැකි ශාකයක් ශ්‍රී ලංකාව තුල වැඩේ. එය ඔබ මෙතාක් නොදැන සිටියා විය හැක. එය පුරාණ පොත් පත්වල සටහන් කර තිබෙන්නේ එහි ඇති අගය වටහා ගැනීමෙන් බව පෙනේ. මෙම ශාකයට සීනි ගස යන නම මුතුන්මිත්තන් භාවිත කර ඇති අතර මෙම ශාකයෙන් සීනි හෝ පැණි සාදා ආහාරවලට එකතු කිරීමේ හැකියාව තිබේ. අප මෙලොවට බිහිවන විට අප වෙනුවෙන් ආහාර මෙන්ම ඖෂධ ද ලෝකයේ පහළ වී ඇති බව මේ අනුව පැහැදිලි කරුණකි. "මධුමේහය වැළඳීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අපගේ ආහාර රටාවේ විෂමතාවයි. දැනටත් අප අවට ඇති ගහකොළ ගැන අවබෝධයෙන් එය ආහාර පාන සඳහා යොදා ගැනීමෙන් අපගේ ධනය, කාලය, ශ්‍රමය ඉතිරිවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔබ විසින් ඉතාම ලෙහෙසි පහසුවට ක්‍ෂණික හා කෘත්‍රිම ආහාරයට යොමු වී විෂම ජීවන රටාවන් තුළ ඖෂධ නොමැති රෝගවලට භාජනය වී අවසානයේ මතක ශක්‌තිය අඩු වී භයානක රෝගවලට ගොදුරුවිය හැකි බව මොහොතකට හෝ සිතා බැලුවාද? ඔබ ඔබගේ වැඩිහිටියන් හෝ මාපියන් ගැන මොහොතක් සිතා බලන්න. ඔවුන්ගේ රෝගී තත්ත්වයන් හා ඔවුන්ගේ මරණය සිදුවූ ආකාරය හෝ මරණයට හේතු වී ඇති නිමිත්ත ගැන ඔබ මොහොතෙක් සිතා බැලුවේ නැත. ඔබට ඔබගේ සහ දූ දරුවන්ගේ මෙන්ම පවුලේ සියලු දෙනාගේ යහපත වෙනුවෙන් ගහකොළ ආශ්‍රිත ආහාර පාන සහ ඖෂධ වෙත යොමු වන්නේ නිරායාසයෙන්මය. ජීවිතයේ අවසාන මොහොත සතුටින් ගත කිරීමට හැකිතාක් ස්‌වාභාවික පරිසරය සමග බද්ධ වී ගහකොළට මුල්තැන දෙමින් ජීවත් වීමට අදම සිතට ගන්න. මේ පිළිබඳ තවත් වැඩි විස්‌තර දැන ගැනීමට අවශ්‍ය නම් 0719887572 අංකයෙන් නොමිලේ විස්‌තර කතා කර ගැනීමේ හැකියාව තිබේ. වෛද්‍ය - ආනන්ද තිලකරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jan 2018 05:38 PM දරුඵල ලබා ගත හැකි ආයුර්වේද ඔසු වර්තමානයේ අපවෙත පැමිණෙන බොහෝ විවාහක යුවල අතර පුරුෂ පාර්ශ්වයට ශුකාණු ශක්‌තිමත් නොවීමට බලපා ඇති ප්‍රධාන හේතු වී ඇත්තේ අධික තර බාරුව නිසා මතුවූ දියවැඩියාව, මත්පැන් දුම්වැටි පානය නිසා ශුකාණු අඩපන වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රැකියා කිරීම නිසා ශුකාණු විනශ වීම ආදී කරුණුය. දරුවො ඉන්න අම්මලා, තාත්තලා, දරු සුරතල් බලන කොට දරුවො නැති අඹු සැමියන් හදවතින් හඬා වැටෙන අවස්‌ථා බොහෝය. ඉස්‌සරනම් එක පවුලකට දරුවො හත් අට දෙනෙක් හිටියා කියල වැඩිහිටියෝ උජාරුවෙන් කියන කොට අලුත් පරම්පරාවට ඒ හයිය ශක්‌තිය නැතිද කියලා සිතෙනවා. වෛද්‍යතුමියනි, දරුඵල නිසි කලට නොමැතිව මද සරු බවින් පෙළෙන අඹු සැමියන්ට ආයුර්වේදයේ තියෙන ප්‍රතිකාර මොනවාද? වර්තමානයේ බොහෝ කාන්තාවන්ට සහ පිරිමින්ට තියෙන ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ දරුවන් ලැබීම ප්‍රමාදය හෝ ලැබුණු දරුවා ආබාධ සහිත වීමය. අතීතයේදී අපට උරුමව තිබූ පාරම්පරික හෙළ වෙදකමට පිං සිදුවෙන්න මෙවැනි ගැටලු අවම කරගන්න පුළුවන් වුණා. දරු සම්පතක් අහිමි වන්න හෝ ප්‍රමාද වන්න බලපාන හේතු රාශියක් තියෙනවා. ස්‌ත්‍රියකගේ නම් රත්න ස්‍රාවය හෙවන් මාස් ශුද්ධිය දින 28 ක් හෝ 32 ක් අතර කාලයකදී සිදුවිය යුතුයි. මෙය ප්‍රමාද වන විට ඇයගේ මාස් ශුද්ධිය අක්‍රමවත් වෙනවා. එතකොට ඇයගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් පිටවන දිනය නිවැරදිව හඳුනාගන්න බැහැ. මෙයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔවුන්ගේ වාපිත් දොaෂ කිපීමයි. එවිට ඔවුන්ගේ හෝමෝන ක්‍රියාවලිය අසමතුලිත වෙනවා. මෙවැනි ස්‌ත්‍රීන්ට නිතර හිසරදය, ශරීරය පුරා වේදනාව, ඔසප් කාලයේ උදර වේදනාව, වමනය, මළ බද්ධය, පියයුරු වේදනාව, පියයුරුවල ගෙඩි හට ගැනීම, මුහුණේ කුරුලෑ ඇති වීම, යටි බඩ කොරවීම හා වේදනාව, තුනටිය හා කලවා වේදනාව, අධික නිදිමත බව, ඔසප් රුධිරය පිටවන දින ගණන අධික වීම, තරහා යැම, ක්‌ලාන්තය, කරකැවිල්ල, ඇඟ උණු කරවා යැම (ශ්වේත ප්‍රදරය) ආදී අපහසුතා මතුවෙනවා. මෙවැනි රෝග සඳහා නිසි ආයුර්වේද ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු වුවහොත් මතුව ඇති අපහසුතා සුපත් කර දරුඵල ලැබීම සඳහා ඇය සූදානම් කළ හැකියි. වෛද්‍ය තුමියනි, පුරුෂයන් තුළ පවතින දුර්වලතා මොනවාද? ඔවුනට තියෙන ප්‍රධානම දුර්වලතාවය ශුකාණු ශක්‌තිමත් නොවීමයි. ශක්‌තිමත් ශුකාණු නැති විට ස්‌ත්‍රියකගේ ඩිම්බයක් සමඟ එකතුවන්නේ නැහැ. එකතු වුවත් ඉන් නිරෝගී දරුවකු බිහි කරගන්න බැහැ. ඒ නිසා ඔවුන්ගේ ශුකාණු ශක්‌තිමත් නොවීමට බලපා ඇති රෝග හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ශක්‌තිමත් ශුකාණු නිපදවීම ඇතිකර ගත හැකියි. වර්තමානයේ අපවෙත පැමිණෙන බොහෝ විවාහක යුවල අතර පුරුෂ පාර්ශ්වයට ශුකාණු ශක්‌තිමත් නොවීමට බලපා ඇති ප්‍රධාන හේතු වී ඇත්තේ අධික තර බාරුව නිසා මතුවූ දියවැඩියාව, මත්පැන් දුම්වැටි පානය නිසා ශුකාණු අඩපන වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රැකියා කිරීම නිසා ශුකාණු විනශ වීම ආදී කරුණුය. මේවාට ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ඊට නිසි කලට යොමුවීමෙන් ඔවුන්ගේ දුර්වලතා මගහරවා ගත හැකියි. අද බොහෝ විට සිදුව ඇත්තේ ඇතැම් දෙනා සුදුසුකම් නැති වෛද්‍යවරු පසුපස ගොස් තම කාලයත් මුදලුත් විනාශ කරගෙන දරුඵල සිහින බොඳකරගෙන කලකිරීමට ලක් වීමයි. ඒ නිසා සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත යැමට අවධානය යොමු කළ යුතුයි. එසේම බටහිර වෙදකමට වඩා අයුර්වේදයේ දරුඵල වෙනුවෙන් වෙනම ප්‍රතිකාර තිබෙනවා. එය වසර දහස් ගණනක් පැරණි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයි. ඒ නිසා තමයි අපවැනි ආසියානු රටවල පවුල් හි දරුවන් හත් අට දෙනා සිටියෙ. වැඩි විස්‌තර සඳහා දුරකථන අංක 077-0181010 ඇමැතිය හැකිය. ආයුර්වේද වෛද්‍යාචාරිනී ඩී. හේවගේ, හේවගේ බෙහෙත් ශාලාව, පාදුක්‌ක. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 maduranga001Most Senior MemberPosts:14118 24 Jan 2018 06:15 PM දරුඵල ලබා ගත හැකි ආයුර්වේද ඔසුදරුපල ප්‍රමාද වීමට ඔවුන්ගේ රැකියා කරන ස්ථානය වැදගත් බවට පැහැදිළියි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 25 Jan 2018 12:59 AM වැරදි ආහාර රටාවන් මේ සඳහා ගොඩක් බලපානවා ඇති... 0 hasithadSuper Senior MemberPosts:5795 25 Jan 2018 06:55 AM ඔව්....ඉතින් සේරම විනාඩි දෙකේ ටොයිස් කෑමනෙ හදලා ගිලෙන්නෙ. පස්සෙ ඉතින් ලැබෙන ප්‍රතිපලත් එහෙම තමා. 0 gaminiVeteran MemberPosts:4475 25 Jan 2018 09:15 PM දරුඵල ලබා ගත හැකි ආයුර්වේද ඔසු............................... ඔය මොන ඔසු තිබුනත් ඊට වඩා දරුවන් ලබන්නට වාසනාවකුත් එනකොටම රැගෙන ආයුතුයි ........ මගේ අදහසක් පමණයි ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 05:48 PM ඊ-චැනලින් ඔස්සේ ඖෂධ නිවසටම ගෙන්වා ගන්න වෛද්‍යවරුන් චැනල් කිරීම සඳහා ලංකාවේ පවතින විශාලතම සහ පුරෝගාමීම සේවය වන ඊ-චැනලින් සේවය MyMed සමඟ එක්ව රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ නිවසටම ගෙන දීමේ සේවයක් ඇරඹීමට කටයුතු කර තිබේ. දැනට කොළඹ සහ ආසන්න නගර පනහක පමණ ක්‍රියාත්මක මෙම සේවය මගින්, වෛද්‍ය නිර්දේශ මත ලබාගත යුතු ඖෂධ, වෛද්‍ය නිර්දේශය අනවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සැලසෙයි. මෙම සේවයෙහි ක්‍රියාවලිය ඉතා පහසු එකකි. ගනුදෙනුකරු විසින් කළ යුත්තේ වෛද්‍යවරයා විසින් ලබාදෙන තුණ්ඩුවෙහි ඡායාරූපයක් එක්කර අන්තර්ජාලය ඔස්සේ ඇණවුම තහවුරු කිරීමයි. විශ්වසනීයත්වය ඉහළ නැංවීම පිණිස මෙම ඇණවුම් පරික්ෂා කෙරෙන්නේ ලියාපදිංචි ඖෂධහල් මගින් පමණි. මේ සඳහා ගෙවීම අන්තර්ජාලය ඔස්සේ හෝ අදාළ ඇණවුම බාර දෙන අවස්ථාවේදී හෝ කළ හැක. මෙම සේවයේ මූලිකම අරමුණ වන්නේ රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුලේ අයගේ පහසුව සැලසීමයි. ඔබට අදාළ ඇණවුම් සිදු කිරීම https://www.echannelling.com/Echannelling/drug-delivery යන වෙබ් ලිපිනය ඔස්සේ කළ හැක. රෝගයක් සුවවීම සඳහා වෛද්‍ය නිර්දේශ මත අවශ්‍ය ඖෂධ නොවැරදීම ලබා ගැනීම අත්‍යවශ්‍යය. අමතක වීම, අවශ්‍ය ඖෂධ සොයා ගැනීමේ අපහසුව, රථවාහන තදබදය, ඖෂධහලට යාමට කාලය නොමැති වීම යනාදී හේතූන් නිසා ඔබ වෙලාවට ඖෂධ ගැනීම අතපසු කළ යුතු නැත. අන්තර්ජාලය ඔස්සේ ඖෂධ ඇණවුම් කිරීමේ පහසුව මගින් ඒ සියලු ගැටලු සඳහා විසඳුම් ලැබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 05:56 PM පවුලක් අවුල් කළ අඳුරු මතකය ඇතැම් දරුවන්ට විභාගය නම් කඩයිම මානසික පීඩනයක් ගෙනදී ඇති අතර තවත් පිරිසකට මත්පැන් භාවිතය, පෙම් සබඳතා බිඳ වැටීම, අයහපත් පුරුදු හා පවුල් ප‍්‍රශ්න, දරිද්‍රතාවය ආදී බොහෝ දේ ගැටලු බවට පත්වී ඇත. මෙම ගැටලු නිසා පවුල් සංස්ථා දෙදරා ගොස් ඇති අතර ඔවුන් ජීවිතය කළකිරුණු ඉච්ඡාභංගත්වයට පත් චරිත බවට පත් වී ඇත. ඒ නිසාම එක් එක් මානසික අවපීඩන තත්ත්වයන්ට හේතු වූ කරුණු පදනම් කරගත් වෘත්තාන්ත ඊට බලපා ඇති වෛද්‍ය විද්‍යාත්මක සාධකත් සමඟ මෙසේ පෙළගස්වමි. සුමිත් නයනාව විවාහ කරගත්තේ වැඩිහිටි සියලුදෙනාගේ ආශිර්වාදය මැද්දේය. නව යුවළ එකිනෙකාට පණ සේ ආදරය කළහ. ඒ ආදරය මල්ඵල ගන්වමින් පුංචි දුවකුත් පුංචි පුතකුත් මේ පවුලට එකතු වුණා. මේ පුංචි පවුලේ ආදරය ගලාගෙන ගියේ වසර කීපයක් පමණයි. දවසින් දවස නිවෙසේ ප‍්‍රශ්න පැන නැගුණා. සුමිත්ව නයනාට රුස්සන්නේ නැතිවීමත් සුමිත් නයනාව ප‍්‍රතික්ෂේප කිරීමත් නිතරම දක්නට ලැබුණා. මේ ආදරයෙන් හිටි කුරැළු කූඩුවට එක පාරටම සිද්ධවෙන්න යන්නේ කුමක්ද කියලා මහපොළව ගැටලන්න තරම් කල්පනා කළේ ආච්චි අම්මා. දුවේ මොකද උඹලට වෙලා තියෙන්නේ. උඹලගෙ ඔය රණ්ඩු හින්දා විඳවන්නේ මේ අහිංසක පැටව් දෙන්නා. ඒක උඹලට තේරෙන්නේ නැද්ද? ආච්චි අම්මා නයනාට කිවූ වාර අනන්තයි. ඒ හැම අවස්ථාවකම ඇගේ පිළිතුර වූයේ ඕවා අම්මාට තේරෙන්නෑ. අපේ පෞද්ගලික ප‍්‍රශ්න... මේක මං ලබා උපන් හැටි... මගේ කරුමයක් මේ ගෙවන්නේ.... ඇය කීවා. දවසින් දවසම නිවසේ අඩදබර වැඩි වීමත් සමගම සුමිත් මත්පැන් පානයටත් පුරුදු වුණා. ටික ටික දෙදරා යන පවුල ගොඩගන්නේ කොහොමද කියලා හිත හිතා හිටපු ආච්චි අම්මාට මනෝ වෛද්‍යවරයකු හමු වන්නේ ඒ ආකාරයටය. ආච්චි අම්මාගේ ගැටලුවට සවන් යොමු කළ වෛද්‍යතුමා ඒ අඹුසැමි යුවළ සමඟ සාකච්ඡා කිරීමට ඉඩප‍්‍රස්ථා සලසා ගත්තා. වෛද්‍යවරයා මුලින් කතාබහ ඇරඹුවේ සුමිත් සමඟය. ඔහු ඔහුගේ කතාව දිග ඇරියේ මෙසේයි. මට අවුරුදු හතළිහයි. අපි විවාහ අවුරුදු අටක් වෙනවා. මම නයනාට ගොඩක් ආදරය කළා. අපි වෙඩින් එක ලොකු හෝටලයක හැමෝටම කියලා ලොකුවට ගත්තා. අපි ගොඩක් ආදරයෙන් හිටියේ. අපිට දරුවෝ දෙන්නෙකුත් ලැබුණා. දැන් මාස හයක වගේ කාලයක සිට නයනාගේ ලොකු වෙනස් වීමක් දැනෙනවා. ඒක මගේ හිතට ලොකු පීඩනයක්. ඒ නිසා අපි අතර නිතර රණ්ඩු ඇතිවෙනවා. මට ඒ පීඩනය දරාගන්න අමාරු නිසයි මම බීමට පුරුදු වුණෙත්. සුමිත් ඔහුගේ කතාව කියවාගෙන යද්දී ඊළඟට වෛද්‍යතුමා යොමුකර ඇති ප‍්‍රශ්නය වූයේ, නයනාගේ වෙනස කුමක්ද යන්නයි. එහිදී ඔහු පවසා තිබුණේ මෙවැනි දෙයක්. අපි විවාහ වෙලා ගොඩක් සතුටින් හිටියා. අපේ ලිංගික ජීවිතයේ කිසිදු ගැටලුවක් තිබුණේ නෑ. ඒත් දැන් ඇය ආසාවෙන් මා ළඟට ආවත් එකපාරට කෑගහගෙන මාව ඇඳෙන් තල්ලු කර දමනවා. මා දෙස බියෙන් බලාගෙන වෙව්ලනවා. මේක මගේ හිතට මහ වදයක්. එයා මාව ප‍්‍රතික්ෂේප කරන්නේ එයාට වෙන සම්බන්ධයක් තියෙන නිසා ද කියලා මට හිතුණා. ඒ නිසා මම ඒ ගැන හොයා බැලුවා. එයාගේ ෆෝන් එකත් අරන් බැලුවා. ඒත් ඒ වගේ සැක කටයුතු කිසිම දෙයක් නෑ. මට මේක හරි ගැටලුවක් ඩොක්ටර්. ඔහුගේ ගැටලුවට සවන් යොමුකළ වෛද්‍යතුමා ඊළඟට යොමු වූයේ නයනා වෙතට. ඇගෙන් තොරතුරු විමසූ එතුමාට දැනගැනීමට ලැබී ඇත්තේ මෙවැනි පුවතක්. මම මහත්තයට ආදරෙයි. මට එයාගෙන් වෙන් වෙන්න අවශ්‍ය නැහැ. මට වෙන සම්බඳතාවයකුත් නෑ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මට ඕන දරුවෝ දෙන්නත් හදාගෙන හොඳින් ඉන්න. යහපත් ජීවිතයක් ප‍්‍රාර්ථනා කරන ඇය සිය ස්වාමියා ප‍්‍රතික්ෂේප කිරීම ගැටලුවක්. ඒ පිළිබඳ වෛද්‍යතුමා විමසූ විට ඇය ඊට හේතු දක්වා තිබුණේ මෙසේයි. මගේ ජීවිතයේ එක රහසක් තියෙනවා. මගේ තාත්තා ගොවියෙක්. අම්මා ගෙවිලියක්. මගේ ගෙදර නෑදෑ වෙන මාමා කෙනෙක් නැවතී හිටියා. දවසක් අම්මයි තාත්තයි නැති වෙලාවේ මාමා මා ළඟට ඇවිත් මට කරදර කරන්න හැදුවා. මම මාමාට මගේ ගෞරවය නැති කරන්න දුන්නේ නැහැ. එදා ඒ සිදුවීම මට ලොකු කම්පනයක් වුවත් කාලයත් එක්ක එය මට අමතක වෙලා ගියා. ඒත් දැන් මාස කීපයකදී ඉඳලා මගේ මහත්තයා මම ළඟට ළංවෙද්දී මට පේන්නේ මත්තයාව නෙවෙයි. මගේ මාමව. මම බයවෙලා කෑගහලා එයාව තල්ලු කරන්නේ ඒ නිසා. ඒ වෙලාවේ මට මොනවා වෙනවද කියලා මට හිතාගන්නවත් බෑ. මේ සිදුවීම මට මහත්තයාට කියන්න බෑ. මට මේක නැති කරගන්න ඕන. මාව සනීප කරලා දෙන්න ඩොක්ටර්.* ඇගේ පුංචි කල සිදු වූ ඒ අනුවේදනීය සිදුවීම ඇගේ පවුල් ජීවිතයට කළු එළියක් එල්ල කළේ ඒ ආකාරයටයි. මේ රෝගයට ක්ලමතය කියලා කියනවා. මෙය මානසික රෝගයක්. මීට හේතු හතරක් තියෙනවා. එකක් තමයි දරුණු කෝමා එකකට මනස ඇතුළුවෙන්න ඕන. මේක අනතුරක්, බිය ගැන්වීමක් හෝ ලිංගික අපයෝජනයක් විය හැකියි. ඒ වගේ දැඩි පීඩනයක් මනසට ගිහිල්ලා තිබුණොත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දෙවනි කරුණ වන්නේ ෆ්ලෑෂ් බෑක්. ඒ කියන්නේ යම් දවසක සිදුවුන සිදුවීම චිත‍්‍රපටයක සේ ඒ ආකාරයෙන්ම මැවී පෙනීම. සමහර විට එය මායාවක් විදියටත් කෙනෙක්ට පෙනෙන්න පුළුවන්. තුන්වන කාරණය වන්නේ මේ තත්ත්ව එකපාරටම වෙනස් වීම. ඒ කියන්නේ ශරීරයේ තියෙන හෝමෝන වෙනසක්, රසායනික වෙනසක් එකපාරටම සිදුවීම. මෙහි ලක්ෂණ තමයි වේගයෙන් දාඩිය දැමීම, කකුල් ගැහීම, තරහා යාම, ගැස්ම. මේවා අවදිවීමේ ලක්ෂණ ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ස්නායු පද්ධතිය අසාමාන්‍ය ලෙස අවදිවෙනවා. සමහරුන් මේ වගේ සිදුවීම් නිසා ඇතිවන භීතිය හේතුකොට ගෙන පලා යනවා. මෙය තමයි ක්ලමතය කියලා හඳුන්වන්නේ. විශේෂයෙන්ම යුද්ධයට ගොදුරැ වෙච්ච අය, බෝම්බ දැක්ක අය, අපයෝජනවලට ලක් වූ අය මේ තත්ත්වයට පත්වෙන්න පුළුවන්. මේ වගේ මානසික රෝගී තත්ත්වයන්ට පත්වූවන්ට පූජා තියලා, ශාන්තිකර්ම කරලා හරියන්නේ නෑ. මනෝ වෛද්‍ය ඒකකවලට යොමුකරලා ප‍්‍රතිකාරෙ කිරීමයි අවශ්‍ය වෙන්නේ. එහිදී පළමුවෙන්ම ඖෂධ ප‍්‍රතිකාර කිරීමත් ඊළඟට උපදේශනයට යොමු වීමත් කළ යුතුයි. උපදේශනය තුළින් රෝගියාගේ මනසෙහි ඇති වී තිබෙන ආතතික කම්පනය නැති කිරීම ක‍්‍රමානුකූලව සිදු කළ යුතුයි. එහිදී රෝගියා සමඟ කතා කිරීම සහ ඔහුගේ සිතෙහි බර අඩු වීම සඳහා ඇහුම්කන් දීම, ඊළඟට ශරීර සැහැල්ලු කරවීමේ ව්‍යායාම කරවීම වගේ දේවල් තුළින් ඔවුන් ක‍්‍රමානුකූලව සුවපත් කිරීම සිදුකරනවා. මාස පහ හයක් යනවිට ඔහු හෝ ඇය සිතන විදිය ක‍්‍රියාකරන විදිය යහපත් අතට හරවා ගන්න පුළුවන්. මෙය නිවැරදිව ක‍්‍රමානුකූලව විශ්වාසයෙන් කිරීම තුළින් සම්පූර්ණ සුවයක් ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ තත්ත්වයන් නීතියෙන් ශාන්තිකර්ම මගින් මෝහනයෙන් සිදුකළ නොහැකියි. හේතුව, සංවර්ධනය කළ යුත්තේ මනස. එයට ප‍්‍රතිකාර කළ යුත්තේ මනසටය. මනෝ වෛද්‍ය කුමාරනායක මහතා එසේ ෆ්ලෑෂ් බෑක් නම් වූ රෝගී තත්ත්වය සඳහා රෝගයේ ලක්ෂණත් ප‍්‍රතිකාර කළ යුතු ආකාරයත් ගෙනහැර දැක්වූ අතර ඔබට දැනුවත් වන්නට බොහෝ දේ ඇත. මන්දයත්, සමාජය හමුවේ බොහෝ දේ සඟවාගෙන සිතින් පීඩා විඳින බොහෝ දෙනා මිහිපිට සිටින බව අපි දනිමු. දවසින් දවස විඳිවමින් සිට මානසික රෝගියෙකු වනවාට වඩා ඔබේ මානසික ගැටලු නිරාකරණය කරගෙන මනසට සුවයක් ලබාගැනීම තුළ ජීවිත ප‍්‍රීතිදායක වනු ඇත. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 06:05 PM ලෙඩ නැති සුන්දර ජීවිතයකට උපදෙස් නිරෝගී ශක්තිසම්පන්න ජීවිතයක් ගත කිරීම අප කාගේත් අරමුණයි. ඒ සඳහා සමබල ආහාර වේලක් ගැනීමත්, හොඳින් ව්‍යායාම කිරීමත්, ශරීරයට අවශ්‍ය තරම් ජලය පානයත්, හොඳ නින්දක් ලැබීමත් ප්‍රධාන කරුණු හැටියට දක්වා තිබේ. තමන්ගේ උසට සරිලන මහත හෙවත් සෞඛ්‍යසම්පන්න BMI අගයක් පවත්වා ගැනීම මේ සඳහා කළ යුතු හොඳම දෙයයි. තමන්ගේ BMI අගය කෙතරම් විය යුතුද? වයස අනුව රැධිර පීඩනය කොතරම් විය යුතුද? නින්ද කෙතරම් ලැබිය යුතුද? වතුර කොච්චර බොන්න ඕනෑද? මේවාගේ ප්‍රශ්න නිතරම අහන්න ලැබෙනවා. මේ ඉදිරිපත් කර ඇති වගු ඇසුරැ කළොත් ඔබේ වයසට ගැලපෙන අන්දමට ඒ සෞඛ්‍යසම්පන්න පුරැදු පවත්වාගන්නට හැකිවේවි. (මේ වගු කපා ඔබට නිතර පෙනෙන තැනක අලවාගන්න.) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 06:16 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 06:18 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 06:18 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 06:18 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 90 of 137 << < 8889909192 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner