You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 91 of 137 << < 8990919293 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jan 2018 06:19 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jan 2018 06:19 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jan 2018 06:19 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jan 2018 06:19 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jan 2018 06:20 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jan 2018 06:28 PM

මස්පිඬු පෙරළීමට පිළියම් මෙන්න

ලොව පුරා පුද්ගලයින් රැසක්ම නින්දේදී මස්පිඬු පෙරළීම නිසා පීඩා විඳිනවා. මේ තත්ත්වය ඉතා වේදනාකාරී වන අතර නින්දටද බාධා ඇති කරනවා. තප්පර ගණනාවක් හෝ විනාඩි කිහිපයක් දැඩි වේදනාවක් දෙමින් මෙම මස්පිඬු පෙරළීම නිතරම ඇති වන්නේ පාදයේ බත් කෙන්ඩෙයි. 

මෙම සෞඛ්‍යය ගැටලුව වයස අවුරුදු පනහ ඉක්මවූ කාන්තාවන්ට සහ පිරිමි පුද්ගලයින්ට නිරන්තරයෙන් ඇති වනවා. මෙම සෞඛ්‍යය ගැටලුවේ “Nocturnal” ලෙස හඳුන්වන බහුලව   ඇතිවන අපහසු  තත්ත්වය සහ  පාදයේ  වෙහෙස නිසා ඇති වන “restless leg syndrome (RLS)” තත්වය යන දෙකම නිරන්තරයෙන් ඇති වන්නේ නින්දේදී වුවත් මෙම තත්ත්වයන් දෙකෙහි රෝග ලක්‍ෂණ එකිනෙකට බොහෝ වෙනස් වනවා. 

මෙන්න  වෙනස්කම් කිහිපයක්:

“RLS” නිසා වේදනාවක් ඇති නොවන අතර “nocturnal” තත්ත්වය නිසා වේදනාවක් ඇති වනවා.

“RLS” තත්ත්වයේදී පාදය චලනය කිරීම මගින් වේදනාවට සහනයක් සැලසෙන අතර “nocturnal” තත්ත්වයේදී එසේ නොවෙයි.

“RLS” ඇති වූ විට පාදයට දැඩි අපහසුවක් ඇති වනවා.

“RLS” තත්ත්වය යටතේදී පාදය චලනය කිරීමට හැකි වුවත් “nocturnal” තත්වයේදී එසේ කිරීමට අපහසුයි.

මස්පිඬු පෙරළෙන “nocturnal” තත්ත්වය ඇතිවීමට බලපාන කරුණු තවමත් සොයාගෙන නොමැති වුවත් පහත සඳහන් වන කරුණු නිසාත් මස්පිඬු පෙරළීම ඇතිවන්න පුළුවනි.

• වැඩි වේලාවක් කොන්ක්‍රීට් පොළවේ සිටගෙන සිටීම හෝ ඇවිදීම • විජලනය හෙවත් ශරීරයේ ජලය අඩුවීම • පාර්කින්සන් රෝගය •ස්නායු රෝග • වැරුදි ඉරියව්වෙන් වාඩිවී සිටීම • ගර්භණිභාවය • එකම ස්ථානයක වැඩි වේලාවක් වාඩිවී සිටීම • ඇල්කොහොල් සඳහා ඇබ්බැහිවීම • පතුල් පැතලි වීම • දියවැඩියාව

මස්පිඬු පෙරලීමේ “Nocturnal” තත්ත්වය සුවකිරීම සහ වළක්වා ගැනීම සඳහා සිදුකළ හැකි පිළියම්

ඔබේ ශරීරය අනවශ්‍ය ලෙස විජලනය තත්වයට පත් වනවා නම් එය “nocturnal” තත්ත්වයට බලපාන ප්‍රධානතම හේතුව වනවා. ඔබත් නිරන්තරයෙන් රාත්‍රී මස්පිඬු පෙරළීමෙන් පීඩා විඳිනවා නම් දිනකට අවශ්‍ය ජලය නිසි ලෙස පානය කරන්න.

වැළැක්වීම සඳහා පිළියම් 

කකුල ඇඳමත දිග හැර පාදපතුල ඉදිරියට පසුපසට නවන්න. 

පිහිනීම හෝ ජලය තුළට කකුල් දමා ව්‍යායාම සිදු කර මාංශ පේශී වර්ධනය කරගන්න.

කාන්තාවක් නම් අඩි උස පාවහන් පැළඳීමෙන් වළකින්න.

මැග්නීසියම් සහ පොටෑසියම් අතිරේකයන් ලෙස ලබා ගන්න.

නිදාගැනීමට ආසන්නයේ උණු ජලයෙන් පාද තවන්න. උණු ජලය ස්නානය කරන්න.

මස්පිඬු ඝනවීම වළක්වා ගැනීම සඳහා කටු චිකිත්සාවත් යහපත්. මස්පිඬු ඉහිල්කරන යෝගත් වැදගත්.

මස්පිඬු පෙරළුණු විට කුමක් කළ යුතුද?

ඔබ නිතර මස්පිඬු පෙරළීමට මුහුණ දෙන අයෙක් නම් මස්පිඬු පෙරළීම නිසා ඇතිවන අධික වේදනාව සුවකර ගැනීමට නිසි දැනුම ඔබ සතුව තිබිය යුතු වනවා.

එවන් අවස්ථාවකදී ඔබ,

බිම වාඩිවී පාද ඔබ ඉදිරියට දිගහරින්න. ඉන්පසුව මස්පිඬු පෙරළී ඇති පාදයේ පතුල ඔබ දෙසට අදින්න. ඉන්පසුව සෙමින් නැගිට සුළු වේලාවක් ඇවිදින්න. මෙම අවස්ථාවේදී ඔබේ පාද සෙලවීම මගින් රුධිර සංසරණය වේගවත් වන බව මතක තබා ගන්න. එම ස්ථානය වක්‍රාකාරව මෘදුව සම්භාහනය කරන්න.

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 Jan 2018 08:16 PM
මගේ වයිෆ්ගෙත් සමහර වෙලාවට මස් පිඩු පෙරලෙනවා..
ඒ නිසා මේ ලිපිය මට ගොඩක් වැදගත්..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2018 01:17 AM
තාම පෙරලිලා නෑ මගේ
ලිපිය වැදගත්
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jan 2018 02:48 AM
මස්පිඬු පෙරළීම මටත් වෙනවා, මගේ කකුලේ මස්පිඬු පෙරළීමට එහා මසල් ක්‍රැක් එකකුත් වෙලා තියෙනවා, ඊයෙත් අපහසුතාවයට පත් උනා මට නම් ගොඩක් දුර වාහනය පදවන නිසා වෙන්න ඕන, ගෙදර ගිය දවස් වලදී ඔය මොන ලෙඩක් වත් නැහැ
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:50 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:53 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:54 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Jan 2018 03:09 PM
මොලය මියගිය රෝගීන් ගේ කොටස් ගන්නවා අහලා තියෙනවා..
ඒත් මෙතරම් කොටස් ගන්නවා කියලා අහලා නෑ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:05 PM

diabiticeදියවැඩියාව ස්‌නායු රෝග බහුලව දැකිය හැකි බොහෝ දුෂ්කරතා ඇති කරන උපද්‍රවකාරී රෝග තත්ත්වයකි. වැළඳී ඇති දියවැඩියාව කුමන ප්‍රභේදයකට අයත් වුවත් රෝග තත්ත්වය නිසි පරිදි පාලනය නොකර කල්ගත වීමේ දී කෙටි කාලයක්‌ ඇතුළත දී හෝ වසර කීපයක්‌ ගත වීමේ දී මෙම ස්‌නායු ආබාධ ඇතිවිය හැක. සමහරවිට දියවැඩියාව පවතින බව හඳුනා ගන්නේ ද මෙවැනි ආබාධ ඇති වී ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමු වූ විට දී ය. ස්‌නායු පද්ධතිය වනාහි නියුරෝන නැමැති විශේෂිත සෛල මගින් නිර්මිත මොළය, සුෂුම්නාව සහ ශරීරය පුරා විහිදී යන විවිධ ස්‌නායු තන්තු ඇතුළත් සංකීර්ණ පටක සැලැස්‌මක්‌ සහ ක්‍රියාකාරිත්වයක්‌ සහිත ව්‍යqහයකි. එමගින් ශරීරයේ සමස්‌ත ඉච්ඡානුග සහ අනිච්ඡානුග චාලක සහ සංවේදක ක්‍රියාකාරිත්වයන් සමායෝජනය කිරීම සහ පාලනය කිරීම සිදු කරයි. අනෙකුත් සෑම සෛලයක්‌ මෙන්ම මෙම නියුරෝන ද ජීවී බව පවත්වා ගැනීම සඳහා සහ ඊට ආවේනික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශක්‌තිය ලබා ගන්නේ ග්ලුකෝස්‌ දහනය මගිනි. රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය වැඩිවීමේ දී ස්‌නායු සෛල තුළ ග්ලුකෝස්‌ පරිවෘත්තියෙහි විකෘතිතා ඇති වේ. එහි ප්‍රතිඵලය නම් ස්‌නායු සෛල තුළ සෝබිටෝල් සහ පෘක්‌ටෝස්‌ නැමති සංයෝග අධිකව නිපදවීම සිදුවේ. මේ සඳහා ඇඩෝස්‌ රිඩක්‌ටේස්‌ සහ සෝබිටෝල් ඩිහයිෙඩ්‍රාජිනේස්‌ නැමති එන්සයිම හේතු වේ. මේ නිසා ස්‌නායු සෛලය තූළ මයෝඅයිනොසිටෝල් ප්‍රමාණය අඩු වන අතර තවත් විවිධ ජෛව රසායනික රාශියක ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවීම නිසා ස්‌නායු ආවේග සම්ප්‍රේෂණයෙහි බාධා ඇති වේ. එසේම ස්‌නායු සෛලවල නොයෙකුත් ව්‍යqහාත්මක විකෘතිතා ද ඇති වේ. අතිරේක ග්ලුකෝස්‌ අනු වෙනත් ප්‍රොaටීන සහ ලිපිඩ අනු සමඟ සම්බන්ධවී නිපදවෙන අහිත කර ජෛව රසායනික අණු නිසා ද ස්‌නායු සෛලවල ක්‍රියාකාරිත්වයට බාධා ඇති වේ. දියවැඩියාවේ දී රධිර වාහිනී ආශ්‍රිතව ඇති වන විවිධ විකෘතිතා ද ස්‌නායු සෛල වල අබාධ ඇති කිරීමට හේතු වේ. අධික රුධිර පීඩනය වයස්‌ගත විම දීර්ඝ කාලයක්‌ රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය ඉහළ මට්‌ටමක පැවතීම රුධිරගත ලිපිඩ (කොලෙස්‌ට්‍රොaල්) ප්‍රමාණය වැඩි වීම දුම්පානය සහ ඇල්කොහොල් භාවිතය මෙම ස්‌නායු ආබාධ ඇති වීමේ අවධානම වැඩි කිරීමට හේතු වන සාධක අතර ප්‍රධාන තැනක්‌ ගෙන ඇත.

දියවැඩියා රෝගයේ දී ස්‌නායු ආබාධ ඇති වීම ක්‍රම කීපයකට ඇති විය හැක. ස්‌නායු සහ ස්‌නායු කේන්ද්‍රවලට රුධිර සපයන වාහිනී ගත විකෘතිතා නිසා රුධිර සැපයුම අඩාල වීමෙන් ස්‌නායු සෛල දුර්වල වීම හෝ මියයාම නිසා හදිසියේ ඇති වන අංශභාගය වැනි රෝග තත්ත්ව එක්‌ ආකාරයකි. රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය වැඩිවීම නිසා ස්‌නායු සෛල වල ඇති වන විවිධ පරිවෘත්තීය වෙනස්‌කම් නිසා ක්‍රමිකව ඇති වන ස්‌නායු ආබාධ තවත් ආකාරයකි.

දියවැඩියාව රෝගයේ දී ස්‌නායු ආබාධ නිසා ඇති වන රෝග ලක්‌ෂණ පහළ වීම විවිධ ස්‌වරූපයෙන් ඇතිවිය හැක. ඇතැම් විටෙක සංවේදන විකෘතිතා ලෙස ද ඇතැම් විටක චාලක හෙවත් අවයවල ක්‍රියාකාරිත්වයේ විකෘතිතා ලෙස ද පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව සිදු කෙරෙන අනිච්ඡානුග ක්‍රියාකාරිත්වයන්ගේ විකෘතිතා ලෙස ද රෝග ලක්‌ෂණ පහළ විය හැක. බොහෝවිට මෙම රෝග ලක්‌ෂණ රෝගීන් හට විවිධ ආකාරයෙන් අවබෝධ විය හැක. වැඩි දෙනකුට අත් පාවල ඇති වන සංවේදන විකෘතිතා අත් පා වල ඇති වන හිරියක්‌ ලෙස දැනීමට පුළුවන. අත් පා වල දැවිල්ල, සීතල ගතිය හෝ පුපුරු ගැසීම ඉදිකටුවකින් අනින්නාක්‌ වැනි සියුම් වේදනාවක්‌ ලෙස හෝ අත් පාවල තද ගතියක්‌ ලෙස හෝ උණුසුම, සීතල සහ වෙනත් ස්‌පර්ශ සංවේදන සාමාන්‍ය කෙනකුට වඩා වැඩි තීව්‍රතාවකින් රෝගියා හට දැනීමට පුළුවන.

ලබන සතියට

diabitice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:13 PM

neckප්‍රශ්නය පසුගිය සතියේ අප මේ ලිපිය නවත්වන්නේ ඔබ වෙත ගෙනා රෝගී කාන්තාවගේ ගෙල අස්‌ථියේ හෙවත් දිරා යැම පිළිබඳ රෝග විනිශ්චයෙන්. මැදි වයසේ කාන්තාවක වන එම රෝගියා ඔබ ළඟට ගෙන එන විට ඇගේ දැත් පවා නිශ්ක්‍රීය වෙලා තිබුණා.

වෛද්‍ය එම්. කේ. මදනායක - සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුගේ කොඳු ඇට පෙළේ ග්‍රීව අස්‌ථි ලෙස හැඳින්වෙන කොටසේ ජෙල් ස්‌වභාවයේ තැටි 6 ක්‌ තිබෙනවා. කොඳු ඇට පුරුක්‌ එකිනෙක ගැටෙන විට හට ගන්නා ස්‌පර්ෂය සහ පිටස්‌තරයෙන් කොඳු ඇට පෙළට එල්ල විය හැකි ප්‍රතාරයකින් හට ගන්නා කම්පනයන් දරාගන්නේ මෙන්න මේ ජෙල් තැටි 6 ට. එසේම ගෙල හරවන විට Neck Bone හෙවත් ගෙල ඇට කොටස්‌ එකිනෙක ගැටී ගෙවී යැම වළකින්නේ මේ ජෙල් තැටි සමූහය නිසයි. මේ තැටි නිර්මාණය වෙලා තිබෙන්නේ annulus Fibrosus ලෙස හැඳින්වෙන නම්‍යශීලී කාටිලේජ තට්‌ටුවලින් සහ mucoprotein නමැති ද්‍රව්‍යයකින්. කුඩා ළමයකුගේ කොඳු ඇට අතර තිබෙන මේ තැටිවල සංයුතියෙන් 85% ක්‌ ජලය. වයස්‌ ගත වන විට එම ජලය ක්‍රමයෙන් අඩු වෙනවා. එනම් වයස 70 ක වෙන කෙනෙකුගේ කාටිලේජ තැටියක ජල සංයුතිය 70% යි. සමහරුන්ගේ කාටිලේජ තැටිවල ජලය ඊටත් අඩුයි. මා වෙත ගෙනා කාන්තාවගේ ගෙළ ඇටයේ කාටිලේජ දිය වී තිබූ අතර, අස්‌ථිය ඉතා නරක ලෙස දිරාගොස්‌ තිබුණා.

ප්‍රශ්නය - ඔබ ඇය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිකාර ක්‍රමය කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - හොඬපර කියලා ගෙඩි වර්ගයක්‌ තිබෙනවා අපේ ගම් පළාත්වල. එයින් පුළුවන් ගෙල ඇට දිරායැම වළක්‌වන කදිම බෙහෙතක්‌ හදන්න. මේ ඖෂධය ගෙල පිටුපස ආලේප කළ යුතුයි. එවිට විනාශයට පත් වෙමින් පවත්නා කාටිලේජ ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. ඒ අනුව අප මුලින්ම ප්‍රතිකාර කරන්නේ කාටිලේජවලටයි. දෙවනුව තමයි දිරාගිය අස්‌ථියට ප්‍රතිකාර කිරීම පටන් ගන්නේ.

ප්‍රශ්නය - අස්‌ථි ප්‍රතිකාරය පටන් ගන්නේ කොහොමද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අමුක්‌කරා හෙවත් අශ්ව ගන්ධ මගින් ඇට දිරා යැම වැළැක්‌වීමට ඖෂධ හදන්න පුළුවන්. ලිංගික දුර්වලතාව, ආතතිය, මළ බද්ධය, රූමැටික උණ ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කරන්නට අශ්වගන්ධ හෙවත් අමුක්‌කරා යොදා ගන්නවා. අශ්වගන්ධවල තිබෙනවා ශරීරයේ විෂ නාශක ගුණයක්‌. ඊළඟට ගනිමු ගොටුකොළ. ගොටුකොළවලින් පුළුවන් ශරීරයේ දිරාගිය අස්‌ථි කොටස්‌ යථා තත්ත්වයට පත් කරන්නට. ඊළඟට ගනිමු රසකිඳ. රසකිඳවලට පුළුවන් ශරීරයේ ප්‍රතිශක්‌තිකරනය වර්ධනය කරන්නට. ආත්‍රයිටිස්‌ තත්ත්වයන් තුළදී මෙය ඉතාම හොඳ ප්‍රතිකාරයක්‌. තවත් වැදගත් ඖෂධයක්‌ තමයි කොරල්. එමගින් අස්‌ථි වර්ධනය කරන කැලිසියම් ශරීරයට ලබාගන්න පුළුවන්. තව තිබෙනවා අගස්‌ති නැමති කැල්සියම් මූලාශ්‍රය. ඒ එක්‌කම මුතු. මේ සියලුම දේට පුළුවන් දිරාගිය අස්‌ථි ප්‍රතිසංස්‌කරණය කරන්නට.

ප්‍රශ්නය - දැන් මේ කාන්තාවගේ තත්ත්වය කොහොමද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - දැන් ඇයගේ ගෙල ඇටය සුවපත් වී තිබෙන අතර කාටිලේජ වර්ධනය වී තිබෙනවා. ඒ නිසාම ඇගේ දැත් දැන් නැවතත් හරියාකාරව වැඩ කරනවා. එය වෛද්‍යවරයකු ලෙස සතුටු විය හැකි අවස්‌ථාවක්‌.

නොමිලේ විස්‌තර සඳහා

0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

neck1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:22 PM

pinasaබොහෝ පිරිසකගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක්‌ එල්ල කරන රෝගී තත්ත්වයක්‌ තමයි පීනස කියන්නේ. මේ රෝගයේ ලක්‍ෂණ මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - දිනපතා බහුතර රෝගීන් පිරිසක්‌ මෙම රෝගය වැළඳුණු අය අප කරා පැමිණෙනවා. මෙම රෝගයේ ප්‍රධාන ම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැක්‌කේ, නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේන්තිය සහ නිතර කිවිසුම් යැමයි. මීට අමතරව රෝග ලක්‍ෂණ තිබුණෙත් ඉහත රෝග ලක්‍ෂණ ප්‍රධාන ලෙස පෙන්වා දිය හැකියි.

මෙම රෝග ලක්‍ෂණ විශේෂයෙන්ම රෝගියාට ඇතිවන විශේෂ කාලවේලාවක්‌ තිබෙනවාද?

Ö ආයුර්වේද වෛද්‍ය රන්පත් රුවන් රත්නායක මහතා - පීනස රෝගයේ විශේෂ ලක්‍ෂණයක්‌ තමයි අනෙක්‌ රෝගවල මෙන්, මෙම රෝගයේ රෝග ලක්‍ෂණ නිතරම නොපෙන්වීම, ඒ අනුව මෙම රෝගීන්ට රෝග ලක්‍ෂණ පෙන්වනු ලබන්නේ වැඩිපුරම පරිසරයේ සිසිල් ගතිය වැඩිපුර තිබෙන අවස්‌ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදෑසන කාලයේ මෙම ලක්‍ෂණ වැඩිපුරම ඇති කරනු ලබනවා. කිවිසුම් යැම, සොටු දියර ගැලීම බහුලවම එම කාලයේදී සිදුවනු ලබනවා. තවද සවස්‌ කාලය හා රාත්‍රියේ ද මෙම රෝග ලක්‍ෂණ මතුවිය හැකියි. බොහෝ විට දිවා කාලයේදී ඔවුන්ට මෙම රෝග ලක්‍ෂණ කිසිවකින් පීඩාවක්‌ සිදුවන්නේ නැහැ. එයද මේ රෝගයේ විශේෂයක්‌ ලෙස හැඳින්විය හැකියි.

Ö පීනස රෝගීන්ට බලපාන තවත් රෝග තිබෙනවාද? ඒ මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අප කරා පැමිණෙන මෙවැනි රෝගීන් පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ට වැළඳෙන තවත් රෝග රැසක්‌ම අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉන් කීපයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌, අර්ශස්‌ හා සමේ රෝග විශේෂයෙන්ම පෙන්වා දිය හැකයි. බහුතර පීනස්‌ රෝගීන් පිරිසක්‌ ඉහත රෝගාබාධවලින් ද පීඩා විඳිනවා.

Ö ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය නිසි ලෙස සුවකර ගත හැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - නිසි ලෙස නොව නිට්‌ඨාවටම සුව කළ හැකියි. නමුත් බොහෝ දෙනෙක්‌ මෙම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ගැනීමේදී රෝගය තවත් උත්සන්න විය හැකි යෑයි සිතා සිටිනවා. නමුත් අපට ඉතා පැහැදිලිවම කිව හැකියි නිවැරදි ලෙස ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත්තොත් මේ රෝගයෙන් නිට්‌ඨාවටම සුවය ලැබිය හැකියි.

බොහෝ විට සෙම ඉවත් කිරීමෙන් පමණක්‌ මෙම රෝගය සුවකළ නොහැකියි. බොහෝ අය විවිධ නස්‌න ක්‍රම කර, සෙම වියළන ප්‍රතිකාර ලබා ගෙන නමුත් රෝගය සුව නොවී අප කරා එනවා. පීනසට ප්‍රතිකාර කිරීමට පෙර ඔහුට හෝ ඇයට බලපාන වෙනත් රෝග තිබෙනවාද? එසේ නම් ඒ මොනවාද කියා සොයා බලා ශරීරයේ සෙම ඇති වීමට හේතු සොයා බලා ඒ ඒ රෝගියාට වැළදී ඇති රෝගාබාධ වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් තමයි මෙම රෝගය සුවකළ හැක්‌කේ. ඒ අනුව එකම රෝගය වුවත් ප්‍රතිකාර ක්‍රම විවිධ විය හැකියි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:32 PM

nadiප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප Ulecerative Collitis හෙවත් අන්ත්‍ර ප්‍රදාහය. ෂUlecerative Collitis හෙවත් ග්‍රහණි රෝගය, ගුද විද්‍රදිය වැනි ගුදගත රෝග රැසක්‌ ගැන අප සාකච්ඡා කළා. අද අප ඔබෙන් අහන්නට බලාපොරොත්තු වන්නේ Pilonidal Sinus හෙවත් නාඩි ව්‍රණ රෝගය ගැනයි. අප මේ ගැන සාකච්ඡා කිරීමට අදහස්‌ කළේ පාඨකයන් එසේ කරන ලෙස අපෙන් ඉල්ලා සිටි නිසයි.

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - නාඩි ව්‍රණ රෝගය ලෙස ආයුර්වේදයේදී හැඳින්වෙන මේ රෝගය Pilonidal cyst, Pilonida Abscess, sqcrococcygeal fistula යනුවෙනුත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ හැඳින්වෙනවා. මෙය ශරීරයේ කොඳු ඇටපෙළේ අවසන් පුරුකට පහළින් ගුද මාර්ගයට ඉහළින් විද්‍රදියත්, ඉදිමුමක්‌. තුවාලයක්‌ හෝ විසර ගෙඩියක්‌ ලෙස මතු වෙනවා. එය හටගන්නා තැනට කියන්නේ අනුත්‍රිකාස්‌ථික ප්‍රදේශය කියලයි. විශේෂයෙන් මෙය හටගන්නේ වයස අවුරුදු 15 - 35 අතර වයස්‌ කාණ්‌ඩයේ අයටයි.

මෙයට අමතරව ඉකිලිය, පෙකණිය, ලිංගාශ්‍රිත ප්‍රදේශ යනාදියෙහිත් මෙය හටගන්නවා. එහෙත් මෙය බහුල ලෙස හට ගන්නේ මුලින් සඳහන් කළ අනුත්‍රිකාස්‌ථි ප්‍රදේශයේයි.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - 1. ගුදය හෝ එය ආශ්‍රිත ප්‍රදේශයේ හට ගන්නා ඉදිමුමත් සහ විටින් විට හටගෙන නැතිව යන වේදනාවත්.

2. අනුත්‍රිකාස්‌ථිය අවට ප්‍රදේශයේ හට ගන්නා අසාමාන්‍ය තෙතමනයක්‌.

3. හිඳගෙන සිටින විට, බයිසිකල් පදින විට (ශරීරයේ පසුපස කොටස චලනය වන ආකාරයේ ක්‍රියාකාරීත්වයන් වලදී) හටගන්නා අපහසුතාව.

(මේ අතර ඇතැම් පුද්ගලයන්ගේ නාඩි ව්‍රණ තත්ත්වය කිසිදු රෝග ලක්‍ෂයකින් තොරවම වර්ධනය වන අවස්‌ථා තිබෙනවා.)

ප්‍රශ්නය - මෙය හට ගන්නේ කොහොමද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මෙය බොහෝ විට සමට යටින් වර්ධනය වුණ කෙස්‌ ගසක්‌ හෝ කෙස්‌ ගස්‌ කිහිපයක්‌ නිසා ඇතිවන බවට මතයක්‌ තිබෙනවා. කෙනෙකු දීර්ඝකාලීනව හිඳගෙනද සිsටිනවා නම් එසේ හිඳගෙන සිටින - නිතර හිරවන නැවත ශරීරයේ පසුපස කොටසේ යටට යමින් කෝටරයක්‌ වැනි අවකාශයක්‌ ඇතිවී ඒවා තුළ කෙස්‌ වැවෙනවා. ඉන්පසු එතැන ආසාදනය වෙනවා. එම කෙස්‌ ගස්‌ ආගන්තුක ද්‍රව්‍යයන් ලෙස හඳුනා ගන්නා ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ඒවාට පහර දෙන්නට පටන් ගන්නවා. අන්තිමේදී මෙය විශාල ප්‍රමාණයේ විසර ගෙඩියක ස්‌වරූපය ගනිමින් පැසවන්නට, සැරව ගලන්නට පටන් ගන්නවා.

ප්‍රශ්නය - මෙය සුවපත් කරගන්නේ සැත්කමක්‌ මගින්ද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මෙයට හොඳම සහ වඩාත් නොවරදින ප්‍රතිකර්මය තමයි ක්‍ෂාර සූත්‍ර නමැති ඖෂධීය නූල මගින් කරන ප්‍රතිකාරය.

අවුරුදු 4000 කට ඉස්‌සර සුශෘත නමැති ආයුර්වේද ඉසිවරයා විසින් නාඩි වෘණ තත්ත්වය සඳහා ක්‍ෂාර සූත්‍ර ප්‍රතිකාර යෝග්‍ය බව පෙන්වාදී තිබෙනවා. බගන්දරා රෝගයට සුදුසුම ප්‍රතිකාරය තමයි ක්‍ෂාර සූත්‍ර ප්‍රතිකාරය. ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනුත් මේ ප්‍රතිකාරය පිළිගෙන තිබෙනවා.

ප්‍රශ්නය - ක්‍ෂාර සූත්‍ර හොඳම ප්‍රතිකාරය කියලා ඔබ කියන්නේ කොහොමද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - හේතු කිහිපයක්‌ තිබෙනවා. පළමුවෙන්ම මෙතැනදී සැත්කමක්‌ මගින් සිරුර කැපීමක්‌ හෝ කෙටීමක්‌ සිදු වෙන්නෙ නැහැ. ඒ වගේම වේදනාවත් ඉතාම අඩුයි. දිනපතාම බෙහෙත් දැමීමට අවශ්‍යත් නැහැ. පැත්තකට වෙලා විවේක ගනිමින් ලෙඩේ සුව වන තුරු ඉන්න ඕනත් නැහැ. ක්‍ෂාර සූත්‍රයක්‌ දමා තිබියදීම ඔබේ එදිනෙදා වැඩ කරගත හැකියි.

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

nadi1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:42 PM

pakinsanප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළේ Dopamine නමැති රසායනික ද්‍රව්‍ය ශරීරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දායක වන ආකාරය සහ පාකින්සන් රෝගයේදී එහි දායකත්වය ගැන. ශරීරයේ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය කරන විධානයන් ශරීරයේ අවයව කරාගෙන යන රසායනික ද්‍රව්‍යය ලෙස ක්‍රියා කරන Dopamine පාකින්සන් රෝගය නිසා ස්‌නායු අඩපණ වූ විට හෝ නිෂ්ක්‍රීය වූ විට ස්‌නායු දිගේ තවදුරටත් ගමන් කරන්නේ නැති බවත් මේ වන විට අප දන්නවා.

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - බොහෝ දෙනෙක්‌ මානසික ආතතිය ලිහිල් කර ගන්නට අවශ්‍ය වූ විට මත්ද්‍රව්‍ය හෝ මත්පැන් ලබාගන්නවා. මෙවිට මොළයේ නිපදවන Dopamine ප්‍රමාණය ඉහළ යනවා. ඒ සමඟම ඔවුන්ට දැනෙනවා ඔවුන්ගේ ශාරීරික ක්‍රියාකාරිත්වය ඉහළ යන බව. මෙය ව්‍යාජ තත්ත්වයක්‌. එමගින් ඇත්තටම සිදුවන්නේ ශාරීරික ක්‍රියාකාරිත්වය අඩපණ වීමයි. එක්‌ස්‌ටසි කියන මත්ද්‍රව්‍යය ඔබ අහලා ඇති. එය ශරීරගත කර ගත්තාම ඔබට එනවා හරිම ප්‍රාණවත් හැඟීමක්‌. හැබැයි මේ මගින් ඔබේ ලිංගේන්ද්‍රයේ ක්‍රියාකාරීත්වය නැතිව යනවා.

ප්‍රශ්නය - Dopamine ඉහළ නැංවීමට මත්පැන් හා මත්ද්‍රව්‍ය වෙනුවට ආදේශ කළ හැකි ආයුර්වේද ශාකසාර ඖෂධ තිබෙනවාද?

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - Mucuna Pruriens යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකයක්‌ ලංකාවේ තිබෙනවා. එයට සිංහලෙන් කියන්නේ වඳුරු මෑ කියලයි. මෙය ස්‌නායු පද්ධතිය සම්බන්ධයෙන් විශිෂ්ඨ බලපෑමක්‌ කළ හැකි ඖෂධයක්‌. මෙය ඇත්තටම වැල් වර්ගයක්‌. ඉන්දුනීසියාවේ සහ එරටට අයත් ජාවා දූපත්වල වැසියන් මෙකී වඳුරු මෑ ඇට ආහාරයක්‌ වශයෙන් ගන්නවා. අරාබියේ පාරම්පරික වෛද්‍ය ශාස්‌ත්‍රය වන යුනානි වෙදකමේ ප්‍රමුඛ ඖෂධයක්‌ ලෙස වඳුරු මෑ යොදා ගන්නවා. ලිංගේන්ද්‍රීය බෙලහීන භාවයේ සිට ඇඟ පන නැතිවීම දක්‌වා සියලු ශාරීරික අප්‍රාණිකත්වවලට වඳුරු මෑ යොදා ගන්නවා.

ඒ අතර නාග දශ්ටනයන් සහ පොලොං දශ්ටනයන් යනාදියේදී විස බැස්‌සවීම සඳහා වඳුරු මෑ යොදා ගන්නවා. ඉන්දියානු ආයුර්වේදයේ හැටියට පාකින්සන් රෝගය හෙවත් කම්පවාත රෝගයට හරියටම ගැලපෙන ඖෂධයක්‌ තමයි වඳුරු මෑ. පාවට්‌ටා කොලවලින් සුරුට්‌ටු ඔතලා බොනවා වගේම වඳුරු මෑ කොළ වලිනුත් සුරුට්‌ටු ඔතා බොනවා. එවිට ස්‌නායු ප්‍රාණවත් වන බවට මතයක්‌ තිබෙනවා.

ලබන සතියට

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

pakinsan1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 06:56 PM

atharaitiesප්‍රශ්නය - අපේ පාඨකයන් වෙනුවෙන් ඔබ අද ඉදිරිපත් කරන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - මේ කසාය ඕනෑම බෙහෙත් කඩයකින් ඉතා පහසුවෙන් ලබා ගත හැකි කසායක්‌. ඉන්දියානු ආයුර්වේදයේ එන හොඳම කසායක්‌ මෙය. සවිය මුල්, බැබිල මුල්, බෙහෙත් එඬරු මුල්, වියලි කහ, කටුකරඳ මුල්, සිරිතේක්‌කු, සාරණමුල්, අරත්ත අල, දේවදාර, සුදුලූණු, සුවඳ කොට්‌ටං නික පොතු කලං 1 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා කෝප්ප 1 කට සිඳ පෙරා සීනි සහ මී පැණි දමා දිනකට කෝප්ප භාගය බැගින් දින 12 ක්‌ පානය කළ යුතුයි.

ප්‍රශ්නය - මේ කසායේ විශේෂත්වයක්‌ තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - මෙහි තිබෙන විශේෂත්වය තමයි ආත්‍රයිටිස්‌ නිසා ආසාදනය වූ ප්‍රදහ තත්ත්වයට ඉතා ඉක්‌මනින් සහනය ලැබීම සිදු වනවා. උදාහරණයක්‌ ලෙස ගත්තොත් බැබිල මුල් ඉතාම හොඳ වේදනා නාශකයක්‌. ඔබ දන්නවා කොන්දෙ අමාරුවට සහ ඇඟේ පතේ අමාරුවට බැබිල මුල් ඉතා ගුණදායක බව. සාරණ මුල් කියන්නේ ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්‌. සුදුලූනු වේදනා නාශකයක්‌ වගේම ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය වර්ධනය කිරීම අතින් මූලික තැනක්‌ ගන්නවා. නික පොතු විෂබීජ නාශකයක්‌. මේ සියල්ල එකතු වුණාම ආසාදනය වර්දනය කරන, ඉදිමුම නැති කරන ඖෂධයක්‌ නිර්මාණය වෙනවා.

ආයුර්වේද බෙහෙත්වල තිබෙන ප්‍රධානම ලක්‍ෂණය තමයි ඇඟට අගුණයක්‌ නැති වීම, දීර්ඝ කාලයක්‌ පාවිච්චි කළත් කිසිදු අතුරු ආබාධයක්‌ ආයුර්වේද ඖෂධ වැඩි හරියක නැහැ. හැබැයි අප මතක තබා ගත යුතු වැදගත්ම දෙය තමයි ඕනෑම ඖෂධයක්‌ ගන්න විට වෛද්‍ය උපදෙස්‌ ගත යුතු බව. අඩු ගණනේ අපට හෝ දුරකථනයෙන් කතා කර උපදෙස්‌ ගන්න. ඒ සඳහා කිසිදු මුදලක්‌ අප අය කරන්නේ නැහැ. සෑම රෝගයකුටම ප්‍රතිකාර ලැබීමේ මූලික අයිතියක්‌ තිබෙනවා.

ලබන සතියට

atharaities1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 07:05 PM

swethaප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය ගැන පසුගිය සතියේ අප දීර්ඝ වශයෙන් කතා කළා. සුද යැම නමැති තත්ත්වයට සෑම කාන්තාවක්‌ ම ජීවිතයේ එක්‌ අවස්‌ථාවක හෝ මුහුණපාන බවත්, අප එම සාකච්ඡාවේදී පෙන්නා දුන්නා. අද ඔබ අපෙන් විමසන්නේ සුද යැම විශාල වශයෙන් වැඩි නම් ඉන් හැඟවෙන්නේ කුමක්‌ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔබේ ඔසප් චක්‍රය පටන් ගන්නා විට බහුල සහ ඝන වශයෙන් සුද යැමක්‌ ඔසප් අවසන් වන විට නැවත වරක්‌ ඝන වශයෙන් සුද යැමක්‌ සිදුවනවා. එය සාමාන්‍ය තත්ත්වයක්‌ හැටියට ගන්න පුළුවන්. සුද යැම ලිංගේන්ද්‍රිය අවට කැසීමක්‌ සහිතව විශාල වශයෙන් සිදුවනවා නම් එය නරක තත්ත්වයක්‌. ඒ මගින් හැඟෙන්නේ එහි බැක්‌ටීරියා හෝ ඊස්‌ට්‌ ආසාදනයක්‌ තිබෙන බවයි. එම ද්‍රdවණය තුළ බැක්‌ටීරියා වර්ධනය ඉතා හොඳින් සිදුවන බවත්, එම තත්ත්වය දිගටම පවතින බවත්, එය වහාම නවත්වා ගත යුතු තත්ත්වයක්‌. හැකි ඉක්‌මනින් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්‌.

ප්‍රශ්නය ශ්වේත ප්‍රදරය මගින් ශාරීරික වෙනස්‌වීම් වගේම රෝග ලක්‍ෂණත් පෙන්නුම් කරනවා යෑයි කියන කතාව ඇත්තක්‌ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ගැහැනු ළමයකුට ඔසප් ඇරඹීමට එන බවට ලැබෙන ප්‍රමුඛ සංඥව තමයි ශ්වේත ප්‍රදරය හට ගැනීම. එම ශ්‍රාවයෙන් ගඳක්‌ පිට නොවනවා නම් එහි අව පැහැයක්‌ නැතිනම් බයවෙන්න දෙයක්‌ නැහැ.

ඒ එක්‌කම ඔබ ආතතියෙන් පෙළෙනවා නම් එහි අතුරු ඵලයක්‌ ලෙස ශ්වේත ප්‍රදරය හට ගැනීමට පුළුවනි. නූතන සමාජයේ සිටින කාන්තාව ඉතාම කාර්ය බහුලයි. ජීවත්වන විදිය වගේම ජීවත් වෙන්න සල්ලි හොයන විදිය ගැනත් කල්පනා කරන්නට ඇයට සිදුවෙලා තිබෙනවා. ශරීරයේ හෝර්මෝන අසමතුලිතතාවක්‌ හට ගත්තාම අධික ආතතියක්‌ හට ගන්නවා. මේ එක්‌කම ශ්වේත ප්‍රදරය ඇතිවෙනවා.

ප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය ඇතිවන විට අව පැහැයක්‌ සහ දුර්ගන්ධයක්‌ ඇති වනවා නම් එයව පිළිකා තත්ත්වයක්‌ විය හැකි බව සමහරුන් කියනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එය හැම විටම පිළිකා ලක්‍ෂණයක්‌ නොවෙයි. සමහර විටෙක විතරක්‌ එය පිළිකා ලක්‍ෂණයක්‌ විය හැකියි. එම ශ්‍රාමය දිහා බැලුවම අපට කියන්න පුළුවන් එය පිළිකාවක්‌ ද, නැද්ද කියලා. මෙය සති දෙකකින් සුව කළ හැකි තත්ත්වයක්‌.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

swetha1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 91 of 137 << < 8990919293 > >>