You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 92 of 137 << < 9091929394 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Jan 2018 07:43 PM

drugsපසුගිය සතිය හා බැදේ

ඖෂධ හේතු

සමහර ඖෂධ වර්ග ඇතැම් ළමුන්ට අසාත්මික වෙනවා. නැතිනම් විෂ වෙනවා ඔබ දැක ඇත.

මෙවිට

Ö හතිය ඇතිවීම.

Ö ශරීරයේ ඉදිමීම.

Ö ශරීරයේ පලු ඇතිවීම.

Ö කැසීම.

ආදී ලක්‍ෂණ ඇති වේ. මේ ආකාරයට ඖෂධ විෂවීම් හතිය ඇති වීමට මූලික හේතුවකි.

විහරණ හේතු (ඇවතුම් පැවතුම්)

Ö ශීතල ජලය නෑම

Ö අධික ව්‍යායාම කිරීම.

Ö අධික වෙහෙසීම.

Ö අව්වේ සිටීම.

Ö අධික බර ඉසිලීම.

Ö මළ මුත්‍රා වේග නිසි ලෙස පිට නොකිරීම.

මානසික හේතු

Ö බයවීම

Ö ශෝකය

Ö ආදරය, අවධානය ලබාගැනීම වැනි මානසික හේතු ද ඇදුම රෝගය ඇතිවීමට බලපායි.

පාරිසරික හේතු

Ö ශීත පරිසරය.

Ö දුම් හා දූවිලි වැදීම.

drugs1Ö චන්ද්‍රයාගේ බලපෑම (සමහර රෝගීන්ට පොහොය ලබන විට ඇදුම වැඩි වේ.)

Ö වාතය දූෂණය වීම (කර්මාන්තශාලා හා රථ වාහන මගින් පිටවෙන විෂ වායු මගින්)

Ö සතුන් ඇති කිරීම මගින්, බළලුන්, බල්ලන්, ලේනුන්, පරවියන් හා කුකුළන් ආදී සතුන්ගේ මළපහ, සමේ ඇතිවන අපද්‍රව්‍ය හා ලෝම වාතයට එකතු වී ශ්වසන මාර්ගයට ඇතුල්වීම.

Ö මල් පරාග

සහජ හේතු

Ö මව්පිය පරපුරේ අය කෙරෙහි ඇදුම රෝගය පැවැති විට දරුවන්ට ද ඇතිවීම.

ඇදුම රෝගයේදී ඇතිවන ප්‍රධාන ලක්‍ෂණ

Ö කැස්‌ස

Ö හුස්‌ම පිටකිරීමට අපහසු වීම.

Ö ඝන උකු, සුදු කැඩී නොඑන සෙම සුළු ප්‍රමාණයක්‌ පිටවීම.

Ö පපුවේ බරබව.

මේවාට අමතරව වෙනත් රෝග ලක්‍ෂණ කිහිපයක්‌ ද අපට දක්‌නට ලැබේ.

ලබන සතියට

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jan 2018 05:13 PM


 
 suwa1මානසික සෞඛ්‍යය ගැටලු සහිත දරුවන් කුඩා කාලයේම හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් දරුවා එම තත්වයෙන් පහසුවෙන් මුදා ගත හැකිය. ඒ සඳහා මූලිකවම දරුවාව මානසික සෞඛ්‍යය ගැටලුවක්‌ ඇතිද නැතිද කියා දෙමාපියන් වැඩිහිටියන් විසින් හඳුනා ගැනීම වැදගත් වේ.
 
 දරුවකුට මානසික සෞඛ්‍යය ගැටලුවක්‌ තිබේද නැද්ද කියා දරුවා කුඩා කාලයේම දෙමාපිය භාරකරුවන් විසින් හඳුනා ගැනීම වැදගත්ය.එසේ හඳුනා නොගැනීම නිසා මානසික සෞඛ්‍ය ගැටලු සහිත දරුවන් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දෙමාපියන් කටයුතු නොකරන බව දක්‌නට ලැබේ.
 
 මානසික සෞඛ්‍යය ගැටලු සහිත දරුවන් කුඩා කාලයේම හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් දරුවා එම තත්වයෙන් පහසුවෙන් මුදා ගත හැකිය. ඒ සඳහා මූලිකවම දරුවාව මානසික සෞඛ්‍යය ගැටලුවක්‌ ඇතිද නැතිද කියා දෙමාපියන් වැඩිහිටියන් විසින් හඳුනා ගැනීම වැදගත් වේ.
 
 මානසික සෞඛ්‍ය ගැටලු සහිත දරුවන් හඳුනාගන්නේ කෙසේද? මෙවැනි දරුවන් තුළ පුද්ගල අන්තර් සම්බන්ධතා පිළිබඳ ගැටලු දැකිය හැකිය. එනම් දරුවා දෙමාපියන් සමග පවුලේ සහෝදර සහෝදරියන් සමග අසල්වැසියන් සමග දක්‌වන අන්තර් සම්බන්ධතා වල අසාමාන්‍ය ලක්‌ෂණ පෙන්වයි. එසේම මෙවැනි දරුවන් තුළ බුද්ධිමය හැකියාවන් වර්ධනයේ ගැටලු දක්‌නට ලැබේ. එදිනෙදා කටයුතු නිසි ලෙස කර නොගැනීම පාසලේදී සහ නිවසේදී අධ්‍යාපන කටයුතු අවධානයෙන් තොරව කරනු දක්‌නට ලැබේ.
 
 එසේම මෙවැනි දරුවන් තුළ චර්යාවේ ගැටලුද දක්‌නට ලැබේ. සාමාන්‍ය දරුවන්ට වඩා මුරණ්‌ඩුවීම ඉක්‌මනින් තරහ යාම කලහකාරී වීම, වැනි ලක්‍ෂණ මෙවැනි දරුවන් තුළ දක්‌නට ලැබේ.
 
 මානසික සොෘඛ්‍යය ගැටලු සහිත දරුවන්ගේ හැඟීම්වල ගැටලු තිබෙන බවද පෙනේ. මොවුන් සාමාන්‍ය ළමයින් නොසිතන දේවල් කිරීමට පෙළඹෙන අතර සමහර විට කුඩා කාලයේදී දඩබ්බර බවක්‌ද පෙන්නුම් කරයි.
 
 මෙවැනි ගැටලු එකක්‌ හෝ කීපයක්‌ දරුවා තුළ දිගින් දිගටම පවතීනම් උපදේශනය පුහුණුවක්‌ ලැබූ අයකුගේ හෝ මනෝ වෛද්‍යවරයකුගේ උදව් ලබාගෙන එම දරුවා ස්‌ථිර ලෙසම මානසික සෞඛ්‍යය ගැටලුවක්‌ සහිත දරුවකුද එසේ නොවන්නේ දැයි සොයාගත යුතුය.
 
 මෙවැනි මානසික සෞඛ්‍යය ගැටලු සහිත දරුවාට මුල් කාලයේදීම අවශ්‍ය ඖෂධ ලබාදීමෙන් එම තත්ත්වයෙන් දරුවා මුදා ගැනීමට හැකියාව තිබේ. මෙවැනි දරුවන් ප්‍රතිකාර කිරීම ප්‍රමාද කිරීම නිසා මුල් කාලයේ අධ්‍යාපන කටයුතු නිසිලෙස කර ගැනීමට නොහැකි වන නිසා පසුව ප්‍රතිකාර කර සුවය ලබා ගත්තද පහළ පංතිවලදී ලබාගත යුතු අධ්‍යාපනය නැවත ඉහළ පංතිවලද ලබාදීමට නොහැකි වන නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමේ අවදානමක්‌ පවතී.
 
 දරුවාගේ චර්යාවන් නිසා දරුවාට කිසියම් අපහසුතාවක්‌ ඇතිවේනම් දරුවාගේ දෙමාපියනට යම් අපහසුතාවක්‌ ඇතිවීමෙන් දරුවා ජීවත්වන සමාජය තුළ ගැටලු ඇතිකර ගන්නේ නම් සහ පංති කාමරය තුළ ගැටලු මතුවේ නම් එවැනි දරුවන් අනිවාර්යෙන්ම මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය.
 
 ඇතැම් ළමයින් උපතින්ම වැඩි අවධානය අපේක්‍ෂා කරති. ඔවුන් ගෙදරදී මව පියා සමග සමීපවම සිටීමට උත්සාහ කරන අතර කිසියම් කටයුත්තක්‌ කිරීමේදී මවුපියන්ගේ සහය අපේක්‍ෂ කරති. මෙවැනි දරුවකු පෙර පාසල ට ඇතුළත් කළවිට ඔහුට හෝ ඇයට පාසලේදී පෙර පාසලේදී මෙම තත්ත්වය ලබාදීමට නොහැකි වන බැවින් එම දරුවා ආතතියට පත් වේ.
 
 දරුවාගේ මානසික සුවය වර්ධනය කරගත හැක්‌කේ කෙසේද?
 
 දරුවන්ගේ මානසික ලෝකය වැඩි පුරම රදා පවතින්නේ දෙමාපියන් අතය. ඒ නිසා දරුවාගේ මානසික සුවය වර්ධනය කිරීමේ වැඩිම වගකීම පවතින්නේ දෙමාපියන් අතය. දරුවන්ගේ මානසික සුවය ඇති කිරීම පටන් ගත යුත්තේ දරුවා ඉපදීමෙන් පසුව නොවේ. දරුවා ඉපදීමටත් කලින් සිට දරුවාගේ මානසික සුවය ඇති කිරීම පටන් ගත යුතුය. ඒ නිසා මවුවරු සිය දරුවා ඉපදීමට සිටින විට ආත්මාර්තකාමී හැඟීම්වලින් ඈත් විය යුතුයි.
 
 අවුරුදු 16 ක මවකට දරුවාට ලබාදෙන්න පුළුවන් දේට වඩා වැඩි දෙයක්‌ අවුරුදු 25 ක මවකට තම දරුවාට ලබා දිය හැකියි. ඒ අවුරුදු 16 ක මවකට වඩා අවුරුදු 25 ක මවක්‌ ජීවිතය ලබා ඇති අත්දැකීම්, දැනුම, අවබෝධය, ආදිය වඩා වැඩිවන නිසයි.

මවක්‌ දරුවකු ලැබීමට සිටිනවිට ශාරීරික සෞඛ්‍යයට වඩා මානසික සෞඛ්‍යයට මුල්තැන දී කටයුතු කිරීම වැදගත්ය. දරුවා ලබෙන්න සිටියදී මව කේන්ති ගැනීම දැඩි කෝපයට පත්වීම, අරගලවලට මැදහත්වීම නිසා මවගේ මානසික සෞඛ්‍යය පිරිහේ. මේ නිසා දරුවෙකු ලැබීමට සිටින මවක්‌ එවැනි අවස්‌ථා ඇතිකර නොගෙන සිටීම වැදගත්ය.
 
 දේශනයක්‌ ඇසුරින් සකස්‌ කළේ පී. එල්. ජයවර්ධන

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jan 2018 05:14 PM



ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jan 2018 05:14 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jan 2018 05:27 PM

suwa2 2ෆේස්‌බුක්‌, වට්‌ස්‌ඇප් හා ස්‌නැප්චැට්‌ යන සමාජ මාධ්‍ය ජාලාවල දිනකට පැයක්‌ ගත කිරීමෙන් පුද්ගලයෙකුගේ නින්දට දැඩි සේ බාධා පමුණුවන බව කැනේඩියානු පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
 
 ඉහත කී සමාජ මාධ්‍ය ජාලාවල දිනකට පැයක්‌ ගත කරන අයට නින්දයැම සම්බන්ධව ඇතිවන ගැටලු එම මාධ්‍ය ජාලාවල ගත නොකරන අයට වඩා වැඩි බව පර්යේෂකයෝ පන්වා දෙති
 
 වත්මන් සමාජයේ බොහෝ පාසල් සිසුන්, යෞවනයින්, තරුණයින්, මෙන්ම වැඩිහිටියන් ෆේස්‌බුක්‌ වැනි සමාජ මාධ්‍ය ජාලාවල දවසෙන් වැඩි ප්‍රමාණයක්‌ ගත කරන බව අනාවරණය වී ඇති අතර තරුණ පිරිස්‌ වැඩි දෙනෙකුට දිනකට පැය අටක නින්දක්‌ ලබා ගැනීම අසීරු වී ඇත්තේ මෙම තත්ත්වය නිසා බව හෙළි වී තිබේ.
 
 මෙම සමාජ මාධ්‍ය ජාලවල වැඩි කාලයක්‌ රැඳී සිටීමෙන් තරුණයන් නිදා ගන්නා පැය ගණන ද අඩුවන බවත් යෞවන වියෙහි පසුවන ගැහැනු ළමුන් මෙන්ම පිරිමි ළමුන් ද මෙම මාධ්‍ය ජාලාවලට ඇබ්බැහි වීමෙන් නින්ද නොයැමේ ගැටලුවලට මුහුණපාන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
 
 මෙයට පෙර සිදුකරන ලද අධ්‍යයනවලදී හෙළිදරව් වූයේ දුර්වල අධ්‍යාපන කුසලතාවන්, අඩු ව්‍යායාමය හා දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයක්‌ පවතින යෞවනයින් හා තරුණයන් දුර්වල නිදා ගැනීමේ රටාවකට ද හිමිකම් කියන බවයි.
 
 ඇමරිකානු හා කැනේඩියානු මාර්ගෝපදේශන මාලාවන්ට අනුව වයස අවුරුදු 6 සිට 13 දක්‌වා වූ ළමුන් රාත්‍රියේ පැය 9 ත් 11 ත් අතර නින්දක්‌ ලැබිය යුතු අතර වයස අවුරුදු 14 ත් 17 ත් අතර යෞවනයින් රාත්‍රියේ පැය 8 ත් 10 ත් අතර කාල සීමාවක නින්දක්‌ ලැබිය යුතුය. වයස අවුරුදු 18 ට වැඩි අය රාත්‍රියේ පැය 7 ත් 9 ත් අතර නින්දක්‌ ලැබිය යුතු බවට නිර්දේශ වී තිබේ. මෙම කාල සීමාවන්හි නින්දක්‌ ලැබීමෙන් සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වන බව වෛද්‍ය මතයයි. මෙම අධ්‍යයනය මෙහෙය වූ කැනඩාවේ නැඟෙනහිර ඔන්ටේරියෝ පර්යේෂණ මධ්‍යස්‌ථානයට අනුබද්ධ ළමා රෝහලේ වෛද්‍ය ජින් µsලිච චපුට්‌ ට අනුව නින්ද යනු පුද්ගලයකුගේ සෞඛ්‍ය සංවර්ධනය ඇති කිරීමට අවශ්‍ය වූ අත්‍යවශ්‍ය අංගයක්‌ මෙන්ම කායික හා මානසික සෞඛ්‍ය කෙරෙහි ප්‍රබල දායකත්වයක්‌ දක්‌වන්නකි.
 
 පසුගිය දශක කිහිපය තුළදී නව යෞවනයින් අතර ප්‍රමාණවත් නොවන නින්දක්‌ නොලැබීමේ ප්‍රවණතාවක්‌ මතුව තිබෙන බව හෙළි වී තිබේ. මෙම අධ්‍යයනය සඳහා වයස අවුරුදු 11 - 20 අතර කැනේඩියානු ශිෂ්‍යයන් 5,242 දෙනකු යොදාගෙන ඇති අතර ඔන්ටේරියෝ හි ශිෂ්‍යයින්ගේ මත්ද්‍රව්‍ය භාවිතය හා සෞඛ්‍ය සමීක්‍ෂණයට දායක වී ඇති මෙම පිරිසෙන් පිරිමි ළමුන්ගෙන් සියයට 51.4 සිට 59.6 දක්‌වා අඩු නින්දක්‌ ද ගැහැනු ළමුන්ගෙන් සියයට 48.6සිට 67.9 ක්‌ ප්‍රමාණවත් නින්දක්‌ නොලබන බව හෙළි වී තිබේ.
 
 මෙම පිරිසෙන් සියයට 73.4 ක්‌ දිනකට අවම වශයෙන් පැයක කාලයක්‌ සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන බව පවසා ඇත.
 
 ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jan 2018 05:35 PM

suwa7 3ඕනෑම මිනිසකුට තමම ජීවිත කාලයේ ඕනෑම අවධියක පිළිකාවක්‌ සෑදීමේ අවදානමක්‌ ඇත. එබැවින් ගර්භණී කාලයේදී වුවද කාන්තාවකට පිළිකාවක්‌ සෑදීමේ අවකාශ නැතුවා නොවේ. කෙසේ නමුත් ගර්භණී සමයේදී පිළිකාවක්‌ ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදුවන්නක්‌ බව පැවැසිය යුතු ය. ඇස්‌තමේන්තුවලට අනුව මෙසේ පිළිකාවක්‌ ඇතිවීමේ අවස්‌ථාව දළ වශයෙන් ගර්භණී අවස්‌ථා 1000කට එකකි. පසුගිය වසර දශක දෙක තුළ විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල මෙම අගයන් ක්‍රමයෙන් වැඩි වන බවක්‌ පෙන්නුම් කරනුයේ එම රටවල්වල කාන්තාවන් වැඩි පිරිසක්‌ තමන් තරමක්‌ වයසට යනතුරු ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට නැඹුරුතාවක්‌ පෙන්වන බැවිනි. තමන් වයසට යත්ම තම සිරුරේ සෛල තුළ එකතු වන DNA අණු තුළ ජාන විකෘතිතාවන් ක්‍රමයෙන් වැඩි වන බැවින් පිළිකා ඇති වීමේ අවදානම වයසට යන විට වැඩි වන බව සත්‍යයකි.
 
 ගර්භණී කාලයේදී බහුලවම ඇති විය හැකි පිළිකාවන් වනුයේ පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, ලේ පිළිකා සහ මෙලනෝමා ය. මීට අමතරව පෙනහ`ඵ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ආමාශයේ සහ බඩවැලේ පිළිකා, ඩිම්බකෝෂ සහ ගර්භාෂ පිළිකා සහ සාකෝමා වර්ග ද ඇතිවීමේ තරමක අවදානමක්‌ ඇත.
 
 මෙවැනි පිළිකා රෝගියකුට ප්‍රතිකාර කිරීම වෙනත් පිළිකා රෝගියකුට ප්‍රතිකාර කරනවාට වඩා බෙහෙවින් වෙනස්‌ වනුයේ මෙහිදී ප්‍රතිකාරය එක්‌ පුද්ගලයකුට පමණක්‌ නොව මව සහ කලලය යන ජීවිත දෙකටම බලපාන බැවිනි. මෙහිදී රෝග නිර්ණය ස`දහා සහ ප්‍රතිකාරය ස`දහා දැඩි මාර්ග නිර්දේශයන් නොමැති බැවින් ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරයා සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා උත්සාහ දැරිය යුත්තේ මවගේ ජීවිතය බේරා ගැනීමට සුව කළ හැකි පිළිකාවන් ස`දහා ප්‍රතිකාර කිරීමටත්, ඉතා හානිකර විෂ සහිත පිළිකා ප්‍රතිකාරවලින් කලලය ආරක්‌ෂා කර ගැනීමටත්, මවගේ ප්‍රජනන පද්ධතියට හානියක්‌ වීමට ඉඩ නොදී ආරක්‌ෂා කර ගැනීමටත් ය. මෙහිදී ගන්නා ප්‍රතිකාර ස`දහා වන තීරණයන් සියල්ලම ගනු ලබනුයේ වෛද්‍යවරයා, ගර්භණී මව සහ ඇයගේ ස්‌වාමියා අතර සිදුවන පූර්ණ සාකච්ඡාවකට අනතුරුවය.
 
 ගර්භණී කාලයේදී කෙනකුගේ පිළිකාවක්‌ නිර්ණය කිරීම ස`දහා සහ එහි පැතිරීම සොයා බැලීම සදහා කළ හැකි පරීක්‌ෂණයන්ගේ සීමාවක්‌ ඇති අතර මෙහිදී එමගින් ගර්භණී මවට සහ කලලයට සිදුවිය හැකි හානිය අවමයක්‌ හෝ ශුන්‍ය කිරීමට හැකි සෑම උත්සාහයක්‌ ම දරනු ඇත. මෙහිදී විකිරණ ප්‍රතිකාර දීමෙන් සැම විටම වළකින අතර පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර ලබා දීම ද ගර්භණී අවධියේ ප්‍රථම මාස තුනේ දී සිදු නො කරනු ඇත. දෙවන හා තුන් වන මාස ත්‍රිත්වයන්හි දී ආරක්‌ෂාකාරීව ලබා දිය හැකි පිළිකා නාශක ඖෂධයන් පමණක්‌ යොදා ගනිමින් පිළිකා නාශක ප්‍රතිකාරය සිදුකරනු ලැබේ.
 
 ගැබ් ගැනීමේ ඵලයන් තුළ ගර්භණී මවගේ පිළිකාවේ ද්විතියීක අවස්‌ථාවන් තිබූ බවට විශ්වාසවන්ත වසංගත අධ්‍යයන දත්තයන් ඉතා අල්පය. මීට හේතු රැසක්‌ පවතින අතර, එක්‌ හේතුවක්‌ වනුයේ පිළිකාවක්‌ සහිත ගර්භණී මවකගේ දරු ප්‍රසූතියකින් පසු පුරුද්දක්‌ ලෙස සෑමවිට ම වැදැමහ පටක පරීක්‌ෂාවකට ලක්‌ නොකිරීම ය. දෙවැනි කාරණාව වනුයේ මෙලෙස ඉපදුන දරුවන් පිළිකා සම්බන්ධයෙන් නිසි සායනික පසු විපරමකට ලක්‌ නො කිරීම ය. තුන්වන කාරණාව වනුයේ මවගේ පිළිකාව මගින් ස්‌වාභාවික ගබ්සාවක්‌ ප්‍රේරණය කර පිළිකාවේ ද්විතීයික අවස්‌ථා සහිත කලලය ඉවත් කිරීමය. තව ද ගර්භණී මවට සෑදුන පිළිකාව හටගත් ස්‌ථානයෙන් පිටතට තවම නො ගිය ප්‍රාථමික අවස්‌ථාවේ පමණක්‌ පවතින පිළිකාවක්‌ වීමට ද ඉඩ තිබේ. එවිට පිළිකාව කලලය දක්‌වා පැතිරීමට ඉඩක්‌ නොමැත.
 
 පසුගිය දශක කිහිපයක කාලය තුළ, වෛද්‍ය විද්‍යා ප්‍රකාශනයන්හි විද්‍යාත්මක ප්‍රකාශන සමාලෝචන සතරක්‌ මගින් ගර්භණී අවස්‌ථාවේ පිළිකා ඇති වූ රෝගීන් සිය දෙනකු සම්බන්ධයෙන් වාර්තා කර තිබුණි. ඉන් පළමු සමාලෝචනය ප්‍රකාශයට පත් කර තිබුණේ 1970 වසරේ ගර්භණී පිළිකා රෝගීන් 24 දෙනකු සම්බන්ධයෙනි. එය ජෝන් එෆ්.පොටර් සහ මාක්‌ ස්‌කොයිනෙමන් විසින් අධ්‍යයනය කර ප්‍රකාශ කරන ලද්දකි. දෙවැනි වාර්තාව 1989 දී ගර්භණී පිළිකා රෝගීන් 52 ක්‌ සම්බන්ධයෙන් ද ඉතිරි සමාලෝචන දෙකම වර්ෂ 2003 දී ගර්භණී පිළිකා රෝගීන් 62 ක්‌ හා 87 ක්‌ සම්බන්ධයෙන් විය.
 
 ගර්භණී මවකට පිළිකාවක්‌ සෑදුන විට එය ඇයගේ ගර්භාෂයේ රැ`දී වැදැමහ දක්‌වා පැතිරීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක්‌ වනවා සේ ම, එම පිළිකාව ඇගේ කුස සිටින දරුවා දක්‌වා පැතිරීම ඊටත් වඩා කලාතුරකින් සිදුවන දෙයකි. මෙසේ වැදැමහ දක්‌වා වන පිළිකාවේ පැතිරීම් අවස්‌ථා 4කට කුස සිටින දරුවා දක්‌වා පිළිකාව පැතිරී තිබුණේ එක්‌ අවස්‌ථාවක දී පමණි.
 
 ගර්භණී මවකට සැදුණ පිළිකාවක්‌ ද්විතීයික අවස්‌ථා වැදැමහ සහ කුස තුළ සිටින දරුවා දක්‌වා පැතිරීම වැඩිපුරම පෙන්වා තිබුණේ මෙලනෝමා නම් දරුණු පිළිකා තත්ත්වයේදී ය. එය සියයට 30 ක්‌ පමණ ප්‍රමාණයකි. සියයට 15 ක ප්‍රතිශතයක්‌ පෙන්නුම් කර ඇති දෙවැනි අවස්‌ථාවේ සිටිනුයේ ලේ පිළිකා සහ ලිම්පෝමා ය. තුන්වැනියට සියයට 14 ක බහුලතාවකින් පියයුරු පිළිකා ද, සිව්වැනියට සියයට 13 ක්‌ පෙන්වමින් පෙනහ`ඵ පිළිකා ද ඉන් අනතුරුව අස්‌ථි සහ මෘදු පටක සාකෝමා ද, ඩිම්බ කොAෂ සහ ගර්භාෂ පිළිකා ද, ආමාශ පිළිකා ද බහුලතාව අඩුවන පිළිවෙළට වෙයි.
 
 මෙහිදී අනාවරණය වූ තවත් වැදගත් කාරණයක්‌ වෙයි. දරුවන් බිහි කරන කාලයේ කාන්තාවන්ගේ පිළිකා නිසා සිදු වන මරණවලට වැඩිපුරම හේතු වී තිබුණේ මෙලනෝමා නම් දරුණු පිළිකා තත්ත්වයයි. ගර්භණී අවස්‌ථාවේ ඇති වී තිබූ පිළිකාවලින් සියයට 8 ක්‌ම මෙලනෝමා විය.
 
 ගණනය කිරීම්වලට අනුව එය සෑම ගර්භණී අවස්‌ථා 1000කටම 0.1 සිට 2.8 දක්‌වා වූ පිළිකා රෝගීන් ප්‍රමාණයකි. මේ අනුව බලන කල ගර්භණී කාලයේ බහුලම පිළිකාව මෙලනෝමා නොවුව ද, එම ගර්භණීභාවේ ඵලයන් වන වැදැමහ සහ කලලය වෙත පිළිකාවේ ද්විතීයික අවස්‌ථාවන් පැතිරීමේ වැඩිම බහුලතාවක්‌ පෙන්නුම් කර තිබුණේ මෙලනෝමා පිළිකා තත්ත්වයයි.
 
 මේ අනුව බලන විට ගර්භණී අවස්‌ථාවේ මවට ඇති වූ පිළිකාවලින් කලලයට පැතිරී තිබුණු පිළිකා සැලකූ විට ඉන් සියයට 58 ක්‌ ම මෙලනෝමා පිළිකා තත්ත්වය නිසා සිදු වී තිබුණි. තවද ගර්භණී අවස්‌ථාවේ මෙලනෝමා පිළිකාව සෑදුණ මව්වරු 100 දෙනෙක්‌ ගත් විට ඉන් 17 දෙනකුටම එම පිළිකාවේ ද්විතීයික අවස්‌ථා කලලය දක්‌වා පැතිර තිබීමේ අවදානම තිබුණි.
 
 මෙලෙස මෙලනෝමා පිළිකා තත්ත්වය ගර්භණී කාලයේදී සෑදුන විට එය කලලයට පැතිරීමට දැඩි නැඹුරුතාවක්‌ ඇති වීමට හේතු ලෙස නොයෙක්‌ පැහැදිලි කිරීම් විද්වතුන් ඉදිරිපත් කර තිබුණි. සමස්‌තයක්‌ වශයෙන් ගත් කළ මෙම ලිපිය කියවන පාඨක ඔබට පැහැදිලි විය යුත්තේ ගර්භණී කාලයේදී මවකට පිළිකාවක්‌ සෑදීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක්‌ බවත් එම පිළිකාව මවගේ ගර්භාෂයේ ඇති වැදැමහට පැතිරීම ඊට වඩා කලාතුරකින් සිදු වන දෙයක්‌ බවත් කලලයට එම පිළිකාව පැතිරීම ඊටත් වඩා කලාතුරකින් විය හැකි දෙයක්‌ බවය. තවද මෙම සිද්ධිය කිසිසේත්ම සිදු නොවන දෙයක්‌ ලෙසට නොසලකා හැරිය හැකි සිදුවීමක්‌ ද නො වන බව ද ඔබට වැටහෙනවා ඇත.

suwa7 2
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jan 2018 05:42 PM

suwa2 1Cryolipoysis යනු කුමක්‌ද?
 
 මෙම ප්‍රතිකාරයේදී සිදුකරන්නේ අධික සීතලට ලක්‌කිරීම මගින් තෙල් තට්‌ටුව ඉවත් කිරීමයි.
 
 රජයේ රෝහල්වල අවශ්‍ය අවස්‌ථාවලදී මෙම ප්‍රතිකාරය කරනු ලැබේ.
 
 පෞද්ගලික අංශ තුළ මෙම ප්‍රතිකාරය බහුලව සිදුවන බවක්‌ පෙනේ.
 
 ලෝකයේ දියුණු රටවල බොහෝ ජනප්‍රිය ක්‍රමයකි.
 
 ප්‍රතිකාරයේ දී සිදුවන්නේ කුමක්‌ද?
 
 මෙහිදී සමට රික්‌තකයක්‌ සහිත උපකරණයක්‌ සවිකරනු ලැබේ. එහිදී මේදය සහිත සෛල - 4 උෂ්ණත්වයට පත්කරනු ලැබේ. එක්‌ ප්‍රතිකාර වටයක්‌ සඳහා විනාඩි 60 ක කාලයක්‌ ගතවනු ඇත. ප්‍රතිකාරයෙන් පසුව එම ප්‍රදේශය රතුවී ඉදිමුණ ස්‌වභාවයක්‌ ගනු ලැබේ.
 
 ඉන්පසු එම ඉදිමුණ ප්‍රදේශය සම්බාහනය කිරීම මගින් යළි යථා තත්ත්වයට පත්වේ.
 
 එම ප්‍රදේශයේ වේදනාවක්‌ සහ අල්ලන විට රිදීමක්‌ දින කිහිපයේ තිබිය හැකිය.
 
 නමුත් දින කිහිපයකින් එය මඟ හැරී යනු ඇත. එක ප්‍රතිකාරයක්‌ තුළදී 50% ක පමණ මේද තට්‌ටුව අඩුවීමක්‌ සිදුවිය හැක.
 
 කොපමණ කල් එය පවතීද?
 
 එම ඉවත්වූ මේද සෛල නැවත වර්ධනයක්‌ සිදු නොවේ. නමුත් නිවැරදි ආකාරයට ආහාර හා ව්‍යායාම නැති අයගේ බර වැඩිවීම එම ආකාරයටම සිදුවේ.
 
 මෙම ප්‍රතිකාරය ආරක්‍ෂා සහිතද?
 
 මෙය ඉතා ආරක්‍ෂාකාරී ප්‍රතිකාර ක්‍රමයකි.
 
 වේදනාකාරීද?
 
 සම සිසිල් වීමේදී මුලදී සමේ වේදනාවක්‌ ඇතිවුවද ටික වේලාවකින් එය නැතිවී යයි.
 
 ප්‍රතිකාර වට කීයක්‌
 
 අවශ්‍යද?
 
 එක්‌ ප්‍රතිකාර වටයකින්ම සෑහෙන සුවයක්‌ ලැබේ. දෙවන ප්‍රතිකාර වටය මාස 3 කින් පමණ අවශ්‍ය නම් කළ හැක.
 
 Ultrasonic Cavitation & Radio Frequency Ultrasonic Cavitation යනු කුමක්‌ද?
 
 මෙමගින් සිදුකරන්නේ Ultrasound  කිරණ මගින් ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීමයි. මෙමගින් මේද සෛල කැඩීමට ලක්‌කරනු ලැබේ. එම කැඩුණු මේද සෛල ශරීරයේ ඇති වසා පද්ධතිය මගින් ඉවත් කරනු ලැබේ.
 
 Radio Frequency යනු කුමක්‌ද?
 
 මෙහිදී සිදුකරන්නේ Electromagnetic කිරණ මගින් අනවශ්‍ය මේදය ඉවත් කිරීම, සමේ ඇති ඉලාස්‌ටික්‌ තන්තු වැඩිකිරීම, සමේ ඇති රුධිර සංසරණය වැඩි කිරීම ආදියයි. මෙමගින් මුහුණේ ඇති කුඩා රැලි අඩුකිරීම, සමට සහ මුහුණට තරුණ පෙනුමක්‌ ලබාදීම ආදී දේ සිදු කරයි.
 
 මෙම ප්‍රතිකාර ක්‍රමයන්ගේ ඇති වාසි
 
 ශල්‍යකර්ම වලින් තොරව ශරීරයේ ඇති අනවශ්‍ය මේදය අඩු කිරීම ඉතා සුළු අපහසුතාවක්‌ පමණක්‌ ඇතිවීම ආරක්‍ෂාකාරීවීම අතුරු ආබාධ අවම වීම
 
 ශරීරයේ කුමන ස්‌ථාන සඳහා සුදුසුද?
 
 කලවා, උදරය, උකුල, තට්‌ටම් සහ අත්වල ඇති ව්‍යායාම මගින් අඩුනොවන මේදය ඉවත් කිරීම සඳහා සුදුසු වේ.
 
 කා සඳහා සුදුසුද?
 
 වයස අවුරුදු 18 න් ඉහළ කාන්තාවන් සහ පිරිමි සඳහා සුදුසු වේ. නමුත් මෙම ප්‍රතිකාර ශරීරයේ බර අඩුකිරීම සඳහා සුදුසු නොවේ.
 
 ප්‍රතිඵල දැකිය හැකි වන්නේ කොපමණ කලකින්ද?
 
 Radio Frequency සහ Ultrasonic ප්‍රතිකාර වට 6-12 පමණින් පසු ප්‍රතිඵල දැකිය හැකි නමුත් එක්‌ ප්‍රතිකාර වටයකින්ද යම් ප්‍රතිඵල ලැබේ.
 
 කොපමණ කලකට වරක්‌
 
 ප්‍රතිකාර කල යුතුද?
 
 සාමාන්‍යයෙන් සතියකට දෙකකට පමණ සැරයක්‌ ප්‍රතිකාරය සිදුකළ යුතුය.
 
 ප්‍රතිකාරයේ අතුරු ආබාධ
 
 තාවකාලික රතු පැහැය අතුරු ආබාධ ඉතා අවමය.
 
 ප්‍රතිකාරයෙන් උපරිම ප්‍රතිඵල ලබාගත
 
 හැක්‌කේ කෙසේද?
 
 සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ව්‍යායාම වල යෙදීම වතුර ලීටර 2 ක්‌ ප්‍රතිකාරයට පෙර සහ පසු පානය කිරීම ප්‍රතිකාරයෙන් සතියක්‌ යනතුරු ඉතා තද රස්‌නයට නොයාම
 
 මෙම ප්‍රතිකාරය සුදුසු නොවන්නේ කා සඳහාද?
 
 වකුගඩු, අක්‌මාව අකර්මන්‍ය රෝගීන් ගර්භණී සහ කිරිදෙන මවුවරුන් හෘද වස්‌තුවේ රෝග ඇති අය උණ රෝගීන් එම ස්‌ථානයේ ආසාදන ඇති අය රුධිර කැටි ගැසීම වැළැක්‌වීම සඳහා ඖෂධ භාවිත කරන අය අධික රුධිර පීඩනය ඇති අය
 
 මේදය සහිත සෛල - 4 උෂ්ණත්වයට පත්කරනු ලැබේ. එක්‌ ප්‍රතිකාර වටයක්‌ සඳහා විනාඩි 60 ක කාලයක්‌ ගතවනු ඇත. ප්‍රතිකාරයෙන් පසුව එම ප්‍රදේශය රතුවී ඉදිමුණ ස්‌වභාවයක්‌ ගනු ලැබේ. ඉන්පසු එම ඉදිමුණ ප්‍රදේශය සම්බාහනය කිරීම මගින් යළි යථා තත්ත්වයට පත්වේ.

suwa3 1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jan 2018 05:48 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Jan 2018 06:39 PM
ට්‍රිප් එකක් ගිහින් එනවිට කකුල් ඉදිමිිලා ඇග වේලිලා නැත්නම් ගතියක් නෑ වගේ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2018 05:16 AM
ඇයි උගුර බැරැන්ඩි නැත්නම් ඇ ට්‍රිප් එකෙන් වැඩක්ම නැ

ස්තුති මේ ලිපි පෙලට ..හොද කරුණු කාරණා ටිකක් දන ගත්තා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Jan 2018 05:20 PM
අනිවා උගුර නම් යනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jan 2018 04:38 PM
kanda135  
අද නිවෙස්‌වල උදැසනට කැඳ පානය නොකරන තත්ත්වයක්‌ ඇත. නූතනයේ කාන්තාව කැඳ සෑදීමට ගන්නා ශාක වර්ග පිළිබඳ දැන සිටින්නේ දැයි සිතා බැලීමේදී එයට බොහෝ තැනෙකදී නැත යන පිළිතුර ලැබෙන්නේය.
 
 අපේ පුරාතන නිවෙස්‌වල ගෘහණිය උදැසන කැඳ කෝප්පයට මුල්තැනක්‌ දුන්නාය. ඒ නිසාම බොහෝ ලෙඩ රෝගවලින් වැළකීමට එය පිටිවහලක්‌ කර ගත්තාය. කැඳ සෑදීමට ඇය නොයෙක්‌ වර්ගයේ කොළ වර්ග උපයෝගී කර ගත් අතර හීන් බෝවිටියා ඒ අතුරින් ප්‍රධාන තැනක්‌ හිමි කර ගත් බව පෙනේ.
 
 හීන් බෝවිටියා සහ මහ බෝවිටියා යනුවෙන් මෙම ශාකය කොටස්‌ 2 කට බෙදේ. හීන් බෝවිටියා ශාකය පොළොවේ සිට අඩි 1 1/2 - 2 අතර උසට වැඩෙන අතර ඉතාමත්ම දැකුම්කලු රෝස පාටට හුරු දම් පැහැයකින් යුත් මලක්‌ හටගන්නා අතර මෙම ශාකය ශ්‍රී ලංකාවේ හැම පෙදෙසකම වැවේ. විශේෂයෙන්ම ජලාශ්‍රිත හා සෙවණේ වැඩීමට ප්‍රියතාවක්‌ දක්‌වයි.
 
 මෙම ශාකය ප්‍රධාන කොටම අක්‌මාවේ හටගන්නා රෝගවලට ප්‍රාතිහාර්යයක්‌ ලෙස භාවිත කරන අතර සෙංගමාලය, කහඋණ වැනි රෝග කිසිම ඖෂධයකින් තොරව මෙම හීන් බෝවිටියා කැඳ භාවිතයෙන් පමණක්‌ සුව කර ගත හැකි බව ඇසූ විට ඔබ පුදුමයට පත්වනවා ඇත. මෙයට අමතරව දියවැඩියා රෝගීන්ට අග්න්‍යාශයෙන් නිපද වන ඉන්සියුලින් නමැති හෝර්මෝන ඌන වූ විට දියවැඩියා රෝaගය උත්සන්න වී ඇති බව පරීක්‌ෂා කොට තහවුරු කරයි. අග්න්‍යාශයේ ඇති ලැන්ගර්හැන්ස්‌ දීපිකාවල ඇති සෛල නොහොත් බීටා සෛල වර්ධනය කිරීම මෙම ශාකය මගින් සිදු වේ. තවද මෙම ශාකය දියවැඩියා රෝගීන්ට කැඳ වශයෙන් හා තවත් ශාක කොටස්‌ සමඟ එක්‌ කර සාදා ගන්නා ඖෂධවලින් රෝගයට ප්‍රතිකාර කරයි. හීන් බෝවිටියා ශාකය මගින් දියවැඩියාව, සෙංගමාල වැනි රෝග නිට්‌ටාවට සුව කර ගැනීමේ මහා බල ශක්‌තියක්‌ මෙම කුඩා ශාකයට ඇති බව ලෝකයේ රෝග පිළිබඳ පරීක්‌ෂණ පවත්වන විද්‍යාඥයින් විසින් සනාථ කොට තහවුරු කොට ඇත.
 
 තවද රුධිරයේ ඇති රතු රුධිරාණු හෝ සුදු රුධිරාණු ඌනතාවට විශේෂයෙන් ඩෙංගු රෝගීන්ට, පිළිකා රෝගීන්ට මොනරකුඩුම්බිය සමඟ මිශ්‍ර කර කැඳ පානය කිරීමට හෝ නැති නම් සම්බෝලයක්‌, මැල්ලුමක්‌ හෝ වෑංජනයක්‌ ලෙස පිළියෙල කරදීමෙන් මෙය ඉතාමත්ම ශක්‌තිජනක රුධිරය වර්ධනය වන ඖෂධයක්‌ ලෙස දැනටමත් සියලු දෙනා භාවිත කරන බව තහවුරුය. පිළිකා රෝගීන්ට පිළිකා රෝහලේ පවා මෙම කැඳ දීම නිර්දේශ කරන බව අප අසා ඇත.
 
 හීන් බෝවිටියා වෑංජනයක්‌ සාදා ගැනීමට රතු ලූනු ගෙඩි කිහිපයක්‌ සිහින්ව කපා උම්බලකඩ කුඩුවලට මිටි කිරි යොදා හීන්බෝවිටියා කොළ එක්‌ කර ඉතාමත්ව සරලව වෑංජනයක්‌ පිළියෙල කරගත හැක. මෙම වෑංජනය රෝගීන්ට පමණක්‌ නොව නිරෝගි අපටද භාවිතය ඉතාමත්ම ගුණදායකය. කෙසේ වෙතත් දියවැඩියාව වැළඳීමට හැකියාව ඇති සියලු දෙනාටම මෙය භාවිත කිරීම දියවැඩියා වැළඳීම වළක්‌වයි.
 
 දැන් මෙම ශාකය සියලුම සුපිරි වෙළෙඳසැල්වල විකිණීමට ඇති අතර මෙය ඉතාම සීග්‍රයෙන් අලෙවි වන බව දැනගැනීමට තිබේ.
 
 ඕනෑම කැඳ වර්ගයක්‌, මැල්ලුමක්‌, කොළ මිශ්‍ර වෑංජනයක්‌ පිළියෙල කර ගැනීමේදී හීන්බෝවිටියා ස්‌වල්පයක්‌ද එකතු කිරීමෙන් ඉහත ප්‍රතිඵල ලබා ගත හැක.
 
 මෙම ශාකය නාගරික ප්‍රදේශවල පවා වැඩෙන අතර ඔබ මෙම ශාකය හඳුනා ගත්තේ නම් ඔබගේ ගෙවත්තේද වැවී ඇති බව ඔබට දැක ගත හැකිය.
 
 කුඩා ළමුන්ගේ සිට වැඩිහිටි මහලු අය දක්‌වා මෙය එකසේ ගුණ දෙන ශාකයක්‌ බව කිව හැක. මෙම ශාකයෙන් කිසිම අතුරු ආබාධයක්‌, සෙම්, පිත් ගති, බඩ පිපුම, බඩ දැවිල්ල යන මේ කිසිවක්‌ හට නොගන්නා බව කිව හැක. ඕනෑම සෙංගමාල වැළඳුණු රෝගියකුට ප්‍රධාන වශයෙන් ඕනෑම වෛද්‍යවරයෙක්‌ මෙම ශාකයේ කැඳ නිර්දේශ කිරීමෙන් මෙහි ඖෂධීය වටිනාකම මොනවට පැහැදිලි වේ.
 
 දැන් දැන් මෙම ශාකය ස්‌වයං රැකියාවක්‌ ලෙසට වගා කරන අය විශේෂයෙන් ගෙවතුවල වගා කර විකුණන බව කිව හැකි අතර එසේ කිරීමට කැමැත්තක්‌ දක්‌වන්නේ නම් මෙම ශාකය ඔබගේ ගෙවත්තේ සිටුවා ගෙන ඔබට යම් ආදායමක්‌ ලබා ගැනීමට හැකි බව කිව යුතු අතර ඔබ එයට කැමැති නම් අවශ්‍ය පැළ හෝ බීජ නොමිලේ ලබාදීමට හැකි බව කිව යුතුය.
 
 තවද මෙම ඖෂධ ශාකය ඉතාමත්ම අලංකාර ගෙදර මිදුල හැඩ කරන මල් පිපෙන මල් ගසක්‌ හැටියටද භාවිත කළ හැකි අතර ශාකය වගා කිරීම තුළින් ගෙවත්තට අලංකාරය, ඔබට ශරීර සුවය හා ආදායමක්‌ද ගෙන දෙන කප්රුකක්‌ වැනි ශාකයක්‌ බව කිව හැක.
 
 මෙම ශාකය පිළිබඳ කරන ලද රුහුණු විශ්වවිද්‍යාලයේ පරීක්‌ෂණ ගණනාවක්‌ මගින් මෙහි ගුණය පිළිබඳ සනාථ කොට ඇති අතර ඉන්දියාවේ නවදිල්ලි, මිලාන් සරසවියේ මේ පිළිබඳ ඉතා පුළුල් පරීක්‌ෂණ මගින් මෙය තහවුරු කර ඇත. මේ පිළිබඳ නොමිලේ වැඩි විස්‌තර දැන ගැනීමට 0719887572 අංකයෙන් වෛද්‍යතුමන් ඇමැතිය හැක.
 
 වෛද්‍ය
 ආනන්ද තිලකරත්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jan 2018 04:47 PM
  මානසික රෝගියෙක්‌ නිවසක සිටීම පවා පිටතට දැන්වීමට තැනෙකදී කැමැත්තක්‌ නොමැති බව පෙනෙන්නේ මානසික රෝගීන් සඟවා තබා ගැනීමට ගන්නා උත්සාහයක්‌ සමාජය තුළ අදටත් දක්‌නට ලැබෙන නිසා වෙනි. එහෙත් බොහෝ තැනකදී එම තත්ත්වය වෙනස්‌වී මානසික රෝගීන් අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු කිරීම සැබැවින්ම සතුටට කරුණක්‌ වී තිබේ. එසේ නොමැති වීම තුළ මෙවැනි රෝගීහු පවුල් ජීවිත තුළට ඇති කරන බලපෑම් හමුවේ පවුල් අවුල් ඇතිවන පරිසර ඇතිවීමේ හැකියාව තිබේ.
 
 මානසික රෝගියෙක්‌ යනු පුද්ගලයා ස්‌වකීය සමාජයේ නෛතික, සාම්ප්‍රදායික, ආගමික, සහ සංස්‌කෘතික නියමයන්ට අනුගත වී ක්‍රියාකිරීමට නොහැකිවීමේ තත්ත්වයක්‌ වන අතර මෙම තත්ත්වය ඇති වන්නේ එම පුද්ගලයාගේ මොළයේ ඇතිවන මානසික දෝෂයන්ගේ විෂමතාවන් නිසා වන බවත් මෙම විෂමතාව නිසා එම පුද්ගලයාගේ සිතුම් පැතුම්වල, හැඟීම්වල සහ සංවේදනයේ විපර්යාසයක්‌ සිදුවන බවත් ඒ නිසා එම පුද්ගලයාගේ හැසිරීම් රටාවේ වෙනසක්‌ ඇතිවන බවත් මෙම හැසිරීම් රටාවේ ඇතිවන වෙනස්‌වීම් නිසා රෝගියාගේ එදිනෙදා වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වන බවත් විග්‍රහ කර තිබේ.
 
 නිවෙසක මෙවැනි රෝගියෙක්‌ සිටී නම් එම පුද්ගලයාගේ හැසිරීමට එසේ නැතිනම් චර්යාවන්ට මෙම තත්ත්වය කෙබඳු ආකාරයක බලපෑමක්‌ ඇති වන්නේද යන්න විමසා බලමු.
 
 අපි ඇයට සම්මානි යෑයි කියමු. සම්මානි ප්‍රතිකාර සඳහා යොමු වූයේ අධ්‍යාපනය හදාරණ අතරතුරදීය. ඇය කොළඹ උසස්‌ බාලිකාවක ඉතාම දක්‌ෂ ලෙස අධ්‍යාපනය ලබමින් සිටි දැරියකි. වයස අවුරුදු දාසයක පසු වූ ඇය පෙනුමින් ඉතාම ප්‍රසන්න බවක්‌ පෙනේ.
 
 මෑතක සිට ඇය මන්දගාමී තත්ත්වයකට පත්වී තිබේ. එමෙන්ම ඇය බියට පත්වන තත්ත්වයක්‌ ද පවතින බව මවගෙන් ප්‍රකාශ වූවාය. එහෙත් මේ සියලු බාධා මැද ඇය අධ්‍යාපන කටයුතු කර ගැනීමටත් යම් වෙහෙසක්‌ ගෙන තිබිණි.
 
 තවත් කාලයක්‌ ගතවීමේදී ඇය නිතර නිතර අත සෝදන්නට වුණා. ස්‌නානය සඳහා ගන්නා වේලාව බොහෝ වැඩි වෙන්නට වීමේදී නිවෙසේ අයට එය කරදරයක්‌ වෙලා.
 
 පෙරදා මෙන් නොව ඇය කැරපොත්තන්ට අසාමාන්‍ය අයුරින් බියක්‌ දක්‌වන්නට පටන් ගත් අතර කැරපොත්තෙක්‌ දුටු විට ගිරිය යටින් කෑගසනවා. කැරපොත්තෙක්‌ කාමරයේ සිටියේ නම් ඒ අසල තිබෙන ඇඳුමක්‌ ඇඳීමට පවා ඇය දැක්‌වූ අකමැත්ත මත එම ඇඳුම් සියල්ල නැවත සෝදන්නට වෙනවා. කැරපොත්තෙක්‌ මුළුතැන්ගෙය තුළ දුටුවේ නම් ඇය එදිනට ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කරනවා. එයට හේතුව ලෙසින් ඇය පෙන්වා දෙන්නේ කැරපොතු විෂ බීජ මගින් රෝගි විය හැකි බවයි.
 
 මෙම සිතුවිල්ල දිගින් දිගටම යැමේදී කැරපොත්තන් නැති විටත් තම වටපිටාවේ කැරපොත්තන් ඉන්නවා වැනි හැඟීමක්‌ ඇතිවීම නිසා ඇයගේ සමාන්‍ය කටයුතු පවා කරගෙන යැමට නොහැකි වෙලා.
 
 දැන් සම්මානි පාසල් යන්න කැමැතිත් නැහැ. ඒ නිසාම නිවෙසේ ප්‍රශ්නවල අඩුවකුත් නැහැ. සම්මානි දැන් තම කාමරය වසාගෙන සිටීමට පුරුදු වෙලා.
 
 පොතක්‌ ගත් විට එක එක විකාර දේවල් හිතෙනවා. කැරපොත්තො, කැරපොතු විෂබීජ ගැන මතක්‌ වෙනවා. වෙලාවකට මට පොත අල්ලන්නත් බයයි. ඒකට හේතුව කැරපොතු විෂබීජ ඇඟට යයි කියලා, සම්මානි එහෙම කියනවා.
 
 මෙහෙම වෙන්නේ කවුරු හරි මට මොනවද කරලා. එහා ගෙදර ඉන්න මිනිහා ගැන මට හරිම සැකයි. ඒ ගෙදර ළඟදී තොවිලයක්‌ නැටුවාද කොහේද? එදා ඉඳලා මගේ කනට කවුද කොඳුරනවා වගේ. මට දැන් ජීවිතය එපා වෙලා.
 
 සම්මානිගේ කතාවෙන් පෙන්වන්න උත්සාහ කළේ පොදු වශයෙන් ගත් කළ ඕනෑම කෙනකුට මානසික රෝගයක්‌ එම පුද්ගලයා තුළ වර්ධනය වන විවිධ පියවරවල් පහදා දීමටයි.
 
 මෙම මොළයේ ඇතිවන දෝෂ තත්ත්වයන්ගේ විපර්යාස නිසා සහ එම විපර්යාසයන් නිසා පුද්ගලයාගේ සිතුවිලි. හැඟීම් සහ සංවේදනයේ ඇති වන වෙනස්‌ වීම් පිළිබඳ විග්‍රහ කිරීමටයි.
 
 මුලින්ම සම්මානිට බියක්‌ ඇති වුණා. ඒ නිසා විවිධ දේ හිතෙන්න පටන් ගත්තා. කනට ශබ්ද ඇසෙන්නට වුණා. මේ තමයි පළමු පියවර වන්නේ. මේ ඇති වුණු බිය නිසා සිතට හැඟුණු අසාමාන්‍ය සිතුවිලි නිසා සම්මානිගේ කනට ඇසුණු විවිධ ශබ්ද නිසා පාසල් ගමන පවා ප්‍රතික්‍ෂේප වුණා.
 
 දැන් සම්මානි බියෙන් කෑ ගසනවා තාත්තාට, අම්මාට පවා සැර වැර වෙනවා. සම්මානි කියන්නේ මේ තත්ත්වයට පෙර බොහෝම කීකරු අධ්‍යාපනයට දක්‌ෂ දැරියක්‌ වූවත් සම්මානි සම්පූර්ණයෙන් වෙනස්‌ වෙලා.
 
 රෝග තත්ත්වය නිසා ඇයගේ හැසිරීම චර්යාව වෙනස්‌ වෙන්නට පටන් අරගෙන. බොහෝ අවස්‌ථාවල මෙම තත්ත්වය තේරුම් නොගැනීම නිසා නිවෙස්‌ තුළ ඇතිවන ගැටුම් සුළුපටු නැහැ. මෙවැනි අවස්‌ථාවල පරිසර තුළින් සතුට ගිලිහී යැම තුළ දුක, කනගාටුව මතුවන්නේ නිරායාසයෙන්.
 
 මූලික අවස්‌ථාව තේරුම් නොගැනීම මත ඉහත ආකාරයට මානසික රෝගයක්‌, දරුණු මානසික රෝග තත්ත්වයන් දක්‌වා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීම සිදුවන්නේ නිරායාසයෙනි. මෙය යම් කෙනකු තුළ කෙටි කාලයක්‌ තුළත් යම් රෝගීන් සම්බන්ධව දීර්ඝ කාලීනවත් වර්ධනය විය හැකි තත්ත්වයකි.
 
 හැසිරීමේ වෙනස ඇතිවන තත්ත්වයට පා තබන අවස්‌ථාව තමයි මානසික රෝගයක්‌ අනෙක්‌ අයට දැනගැනීමට ලැබෙන අවස්‌ථාව. එම අවස්‌ථාව වන තෙක්‌ ඇතැම් අය තමන්ට හැගෙන දේ, තමන්ට දැනෙන දේ සමාජයෙන් වසන්කරගෙන ඉන්න නැති වුවත් හැසිරීම් රටාවේ වෙනස්‌ වීම් පෙන්වීමට පටන්ගත් අවස්‌ථා වන විටත් එය තමන් තුළින් සමාජයෙන් වසන්කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙනවා.
 
 මේ පිළිබඳ ඔබටත් යම් අත්දැකීමක්‌ ඇති නම් නොමිලේ විස්‌තර කතාකර දැනගැනීමට 0777344141 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධකර ගත හැක
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jan 2018 04:57 PM

bus
 
 ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන
 
 කාන්තාව ලොව එළිය කරන තැනැත්තිය ලෙස සලකන නිසා ඇය නිතරම උපමා කරන්නේ සුන්දර දෙයකටය. මලකට දිය ඇල්ලකට ආදී ලෙසින් කාගේත් සිත් ඇදගන්නා වස්‌තුවකට ඇය සම කරනු ලබයි. ඇයගේ රූප සොභාවද අඟ පසඟ ද අන් අයගේ ආකර්ෂණය දිනා ගන්නා අයුරින් සැකසී ඇත.
 
 තම රූප සොභාව ගැන පිරිමින්ට වඩා වැඩි අවධානයක්‌ යොමුකිරීමට කාන්තාවකට උපතින්ම උරුම වී ඇති ගති ලක්‍ෂණයකි.
 
 එනිසා පිරිමියකුට තම මුහුණේ රූප සොබාව සකසා ගන්නට හිස පීරන පනාවක්‌ පමණක්‌ ප්‍රමාණවත් වුවත් ගැහැනියකට එය ප්‍රමාණවත් නැත. තොල් ආලේපන දෙකම්මුල් හැඩ කරන ආලේපන, මාල, කරාබු ආදී බොහෝ දේ අවශ්‍යය.
 
 ඇතැම් යුවතියන් කොතරම් හැඩ වැඩ වුවත් ඔවුනගේ සම පැහැපත් නැත. සිරුරින් පිටවන්නේ දුර්ගන්ධයකි.
 
 වෛද්‍යතුමනි, ඇතැම් තරුණියන් කෙතරම් සුන්දර වන්නට උත්සාහ ගත්තත් එය ඉටුනොවන්නේ ඇයි?
 
 මහා Rෂිවරුන් වහන්සේලා පවසා ඇති ආකාරයට කාන්තාව යනු ඉතා සෞම්‍ය ශරීර හැඩතල ඇති පවිත්‍ර වූ සත්ත්වයෙකි.
 
 'ස්‌ත්‍රී සුඛ සම්පන්න මධූර්භාගා සහේතුං ජීවිත' ලෙසින් හඳුන්වා ඇත්තේ එබැවිනි.
 
 සෑම කාන්තාවකටම උපතින් උරුම වූ රූප සොබාවක්‌ ඇත. එය වර්ධනය වන්නට පටන් ගන්නේ වයස අවුරුදු 8 න් පසුය. එතැන් සිට වයස අවුරුදු 20 දක්‌වා වූ කාලය තුළ කාන්තාවකට තම දෙමාපිය පරපුරින් උරුම වූ රූප සොබාව වර්ධනය වී අවසන් වේ.
 
 මෙසේ වර්ධනය වූ රූප සොබාව රැක ගැනීමට සෑම කාන්තාවකම වෙහෙසේ. ඒ සඳහා තමුනට හැකි අයුරින් කටයුතු කරයි.
 
 කාන්තාවකට උරුම වූ රූප සොබාවේ ඇති වැදගත්ම අංග දෙකක්‌ වනුයේ ඇයගේ සම සහ ශරීරයෙන් පිටවන දහදියයි.
 
 වර්තමානයේ බොහෝ කාන්තාවෝ සම පැහැපත් කර ගැනීමට නොයකුත් ආලේපන වර්ග ගල්වති. පිටවන දහදිය ගන්ධය නැති කර ගැනීමට සුවඳ විලුවන් වර්ග ගල්වති. මේවායින්ද සෑහීමකට පත් නොවන කාන්තාවෝ සිටිති. එහිදී ඔවුන් නොයෙක්‌ වෛද්‍ය ප්‍රතිකාර සොයා යයි.
 
 කාන්තාවන්ගේ සම පැහැපත් බවට සහ පිටවන දහදිය ගඳ නැතිකර ගැනීම සඳහා මහා Rෂිවරුන් වහන්සේලා මීට වසර දහස්‌ ගණනකට පෙර පැවසූ ඖෂධ වර්ග පිළිබඳව සටහන්ව ඇති පුස්‌කොළ පොත් ඇසුරින් ලබාගත් ඖෂධ වට්‌ටෝරුවක්‌ මෙසේය.
 
 සම පැහැපත් කරන දහදිය ගඳ නැති කරන ඖෂධ ආලේපන
 
 අරලු පිටි, බුලු පිටි, නෙල්ලි පිටි, රසකිඳ පිටි, සැවැන්දරා පිටි අමුක්‌කරා පිටි, සුවඳ කොට්‌ටං පිටි, සුදු හඳුන් පිටි, කඩල පිටි, කුරක්‌කන් පිටි, උඳු පිටි සහ කොත්තමල්ලි පිටි යන වර්ග 12 මේස හැඳි 2 බැගින් ගෙන මිශ්‍ර කර ගන්න. ඉන්පසු ඊට මී පැණි, තල තෙල්, ඔලිව් තෙල්, මේස හැඳි 02 බැගින් යොදා යළි මිශ්‍ර කර ගන්න. මෙම සාදාගත් මිශ්‍රනයට ළිං ජලය ලීටර් 02 හෝ 03 ක්‌ යොදා දියරයක්‌ ලෙස සාදාගෙන හිස සිට දෙපතුළ දක්‌වා ගල්වා විනාඩි 05 ක්‌ පමණ සිට ස්‌නානය කරන්න.
 
 ඉන් පසු මෘදු සබන් වර්ගයක්‌ භාවිතා කර හිස සිට දෙපතුළ දක්‌වා ගල්වා පිරිසිදු කර නැවත ස්‌නානය කරන්න.
 
 මෙම ආලේපනය සඳහා නළ ජලය භාවිතා කරන්නේ නම් පැය 24 කට පෙර ලබාගත් ජලය ලීටර් 02 ක්‌ හෝ 03 ක්‌ භාවිතා කරන්න. එසේ නොවුණ හොත් නළ ජලයේ ඇති ක්‌ලෝරීන් විෂ වීමෙන් ඖෂධ ආලේපනය ප්‍රතිඵල රහිත වේ.
 
 මෙවැනි ආලේපනයක්‌ දිනක්‌ හැර දිනක්‌ සිරුරේ ගල්වා ස්‌නානය කිරීමෙන් හිස කෙස්‌ පැහැපත් වේ. උකුණන් බෝවීම වළකාලයි. සම මෘදුවී දීප්තිමත් පැහැයක්‌ ගෙන දෙයි. දහදිය නිසා හමන දුර්ගන්ධය පහවයයි. දද කුෂ්ඨ ඇතිවීම වළක්‌වාලයි.
 
 මෙම ආලේපනයට අමතරව දිනපතා උදේ සවස පානයට යොදාගත හැකි ඖෂධීය පානයක්‌ ද ඇත.
 
 ඖෂධීය පානයක්‌
 
 රසකිඳ, ගොටුදඬුමුල්, වනගසාල් මුල්, තිප්පිලි මුල්, බැබිල මුල්, හාතාවාරිය මුල් හෝ දඬු සමව ගෙන කෝමාරිකා පත්තක්‌ මිශ්‍ර කර හොඳින් තම්බා පෙරාගෙන ආහාර ගැනීමට පෙර තේ කෝප්ප කාලක්‌ හෝ භාගයක්‌ පානය කළ හැකිය.
 
 මෙමගින් ශරීරයේ දහදිය මගින් පිටවන අධික දුර්ගන්ධය වලක්‌වා ගත හැකි වේ.
 
 මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0776500677 ඇමතිය හැකිය.

bus2
සාකච්ඡා කළේ උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2018 04:30 PM

weda4හිසරදය අපි කොයි කවුරුත් ජීවිතයේ නිතර පීඩාවට පත් වන රෝගයකි. ටිකක්‌ ඔළුව රිදෙනවා. සමහරු හිසරදය ඇති වූ විට පවසති. මෙලෙස ඇති වන හිසරදය පිළිබඳව අපි නිවැරදි අවබෝධයක්‌ ලබා ගනිමු.
 
 වෛද්‍යතුමනි, හැමෝටම වධ දෙන හිසරදයට බලපාන හේතු මොනවාද?
 
 මිනිසාගේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන මොළය පිහිටා තිබෙන්නේ හිස්‌කබල තුළය. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. ඉන් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පද්ධතියට ඇතුළු වේ.
 
 ඉන්පසු කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් සහ අවයව කරා ගොස්‌ ඒවායේ ක්‍රියාකාරීත්වය ඇති කරයි. ඒ නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දොaෂයක්‌ ඇති වුවත් එය මොළයට බලපෑම් ඇති කරනු ලබයි. එම බලපෑම්වලට උච්චතම අවස්‌ථාව ලෙස හිස කැක්‌කුම ඇති වේ.
 
 නමුත් වර්තමානයේ බහුලවම අපට දක්‌නට ලැබෙන්නේ සෙම් කෝප වීම නිසා ඇති වන හිසරදයයි.
 
 වෛද්‍යතුමනි, සෙම් කෝපවීම නිසා ඇති වන හිසරදය හඳුනා ගන්නේ කෙසේද?
 
 සෙම් කෝප වීම ඇති වන හිසරදයේදී නාසයෙන් සෙම් සොටු ගැලීම, කෝටරකවල ඇති වන ප්‍රදාහය නිසා නළල දෙපස ඇති වන කැක්‌කුම හිස බර ගතිය ආදී රෝග ලක්‌ෂණ ද මතු වේ.
 
 සෙම් කෝප වීම ඇති වන අයගේ ශරීරයේ උෂ්ණ අධික බවක්‌ පෙන්වනවා.Êඑම උෂ්ණ අධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයව වෙත බලපෑම් ඇති කළ ද මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් ස්‌නායු සෛල බැවින් ඒවා මෙම උෂ්ණ අධික බව නිසා විනාශ විය හැකියි. මෙම තත්ත්වය වළක්‌වා ගැනීමට ශරීරය විසින්ම හිස පෙදෙසට සෙම ගෙන්වා ස්‌වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක්‌ Auto Cooling System ඇති කරනවා. සියලු ගැටලු මතු වන්නේ ඉන්පසුවයි. මෙසේ වැඩි වැඩියෙන් හිස්‌කබල තුළ සෙම එක්‌ රැසවීමෙන් නාස්‌ කුහරයෙන් බාහිර වාතය සමඟ එකතු වන ක්‍ෂුද්‍ර ජීවින්ගේ බලපෑමෙන් සෙම නරක්‌ වීම (කුපිත වීම/ පැසවීම) සිදු වෙනවා. එසේ රෝගී වන සෙම නිසා හිසේ බර ගතියක්‌ ඇති වෙනවා. මෙම නරක්‌ වූ සෙම මොළ කුහරයෙන් ඉවත්ව යන තුරු හිසේ රෝගාබාධ ඇති වෙනවා. එය හිස කැක්‌කුම ලෙස ශරීරයට බලපෑම් කරනු ලබනවා.
 
 විශේෂයෙන් හිසේ කැක්‌කුම් රෝග අතරින් ප්‍රධානම පීඩාකාරී අවස්‌ථාව ඉරුවාරදයයි. එය වැළඳුන විට එහි ඇති පීඩාකාරී බව නිසා රෝගියාගේ සියලු දෛනික කටයුතු අඩපණ වෙනවා.
 
 මීට අමතරව මළබද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා සහ විවිධ මානසික පීඩන නිසාද හිස කැක්‌කුම ඇති වෙනවා.
 
 ශරීරයේ හටගන්නා බොහෝ රෝගාබාධවල අතුරු රෝගයක්‌ ලෙස හිස කැක්‌කුම ඇතිවේ. එනිසා වර්තමානයේ බොහෝ දෙනා හිසරදය හෙවත් හිස කැක්‌කුම නිසා නිතර පීඩා විඳිති.
 
 වෛද්‍යතුමනි, හිසරදය සුව කිරීමට ඇති ප්‍රතිකාර මොනවාද?
 
 අප වෙත පැමිණෙන බොහෝ රෝගීන්ට හිසරදය සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ සෙම් කෝපවීම සහ මළ බද්ධය හෝ ගැස්‌ට්‍රයිටීස්‌ රෝගයයි.
 
 සෙම් කෝපවීම නිසා ඇතිවන හිසරදයේදී පවතින සෙම ඉවත් කිරීම හෝ සෙම වියලීමට ප්‍රතිකාර කිරීමෙන් නැවතත් මොළය ආශ්‍රිතව පවතින සියුම් ස්‌නායු සෛල විනාශ විය හැකියි. එනිසා මොළය ආශ්‍රිත කලාපයේ සිසිලනය ඇති කළ යුතුයි. ඒ සඳහා මුළු ශරීරයේම පවතින උෂ්ණාධික බව අඩු කිරීම ආයුර්වේදයේ සිදු කළ යුතු නිවැරැදි ප්‍රතිකාරයයි. එම ප්‍රතිකාරය අප ලබාදෙනවා.
 
 මෙලෙස නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් මතුව ඇති හිසරදය නිට්‌ඨාවට සුව කළ හැකියි. හිසරදයට හේතුව සොයා බලා රෝග නිධානයට ප්‍රතිකාර ලබා නොදීම නිසා තමයි කෙතරම් ප්‍රතිකාර කළත් හිසරදය සුව නොවන්නෙ.
 
 වෛද්‍යතුමනි බොහෝ දෙනා ක්‍ෂණික සුවය දෙන ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ආයුර්වේදයේ ප්‍රතිකාර ලෙස ලබාදෙන කෂාය වැනි ඖෂධ නිසි ලෙස සොයා ගැනීමට ඇති අපහසුවත් ඒවා නිසි ලෙස සකස්‌ කර ගැනීමට ඇති දුෂ්කරතාවයත් නිසාය. ඒ සඳහා විසඳුමක්‌ නැතිද?
 
 වර්තමානයේ කාර්ය බහුල ජීවන රටාවක්‌ ගත කරන ජනතාවට ගැලපෙන ලෙසට කාර්යාලයේදී, වැඩ බිමේදී, මගතොටේදී වුණත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි පර්යේෂණාත්මකව දියුණු කළ ඖෂධ ගණනාවක්‌ නිපදවා තිබෙනවා. එම ඖෂධ කාර්යබහුල බොහෝ දෙනකු අතර අතිශය ජනප්‍රියවෙලා තිබෙන බව ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ ප්‍රතිචාර අනුව ඔප්පු වී තිබෙනවා.
 
 ඒ වගේම තමයි මෙවැනි රෝගීන් ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා අතරම තම දින චර්යාව ද නිවැරැදිව සකස්‌ කරගත යුතුයි.
 
 සවස්‌ කාලයේ ඇල්දිය නෑමෙන් වැළකිය යුතුයි. අධික උෂ්ණ ආහාර, මත් ද්‍රව්‍ය, මත් පැන්, දුම් පානය ආදියෙන් වැලකී සිටිය යුතුයි. අධික තෙල් සහිත කෘත්‍රිම ආහාර වර්ග ගැනීමෙන් ද වැලකී සිටිය යුතුයි.
 
 මෙලෙස නිසි ප්‍රතිකාර ලබා ගනිමින් හොඳ සෞඛ්‍ය පුරුදු වල යෙදෙමින් කටයුතු කළද හොත් නිතර නිතර වධ දෙන හිසරද නිට්‌ඨාවට සුවපත් කරගත හැකියි.
 
 රෝගය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0713009088 හෝ 0766727467 ඇමැතිය හැකිය.
 
 weda2ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක
 රන්පත වෙද මැදුර, පෑලියගොඩ

සංස්‌කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියාකාන්ති
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2018 04:45 PM

weda3ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට අනුව ශරීරයට ගුණදෙන ආහාර වර්ග පිළිබඳව සඳහන් කර ඇත්තේ වාත, පිත සහ කඵ යන තුන්දොaෂ මතුනොවන අයුරිනි.
 
 එවැනි ආහාර වර්ග යටතේ අපි වාතයට සහ පිතට ගුණදෙන ආහාර වර්ග පිළිබඳව පසුගිය සති දෙකෙහි ඔබ දැනුවත් කළෙමු. මෙවර කඵට ගුණදෙන ආහාර පිළිබඳව විමසා බලමු.
 
 කඵට ගුණ දෙන ආහාර
 
 පලතුරු
 
 ඇපල්, බෙරි වර්ග, චෙරි, පෙයාර්ස්‌, දෙළුම්
 
 එළවළු
 
 බීට්‌, බ්‍රොකෝලි, දඹල, ගෝවා, ගෝවා මල්, කැරට්‌
 
 ධාන්‍ය වර්ග
 
 බාර්ලි, ඉරිගු, තණහාල්, බාස්‌මතී සහල්
 
 රනිල කුලයේ ධාන්‍ය
 
 කොණ්‌ඩ කඩල, මයිසූර් පරිප්පු, මුං පරිප්පු
 
 කිරි ආහාර
 
 ගිතෙල්, චීස්‌, යෝගට්‌
 
 සත්ත්ව ආහාර
 
 කුකුළුමස්‌, බිත්තර, මාළු, මස්‌, කූනිස්‌සෝ
 
 කුළු බඩු
 
 අබ (විනාකිරි රහිත) මුහුදු පැළෑටිඉ
 
 තෙල් වර්ග
 
 කැනෝලා තෙල්, ආමන්තෙල්, ගිතෙල්
 
 බීම වර්ග
 
 කෝමාරිකා යුෂ, ඇපල් යුෂ, කහට අධික තේ, කැරට්‌ යුෂ, මිදි යුෂ, අඹ යුෂ
 
 ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවය
 සෞඛ්‍ය හා පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2018 05:06 PM

weda1රෝගාබාධය පටන් ගන්නා මොහොත සුළු වේදනාවකින් ආරම්භ වේ. ඉතාම කෙටි කලකින් සුවකර ගැනීමට හැකි මෙම අවස්‌ථාව අතහැරීම නිසා ක්‍රම ක්‍රමයෙන් මෙය උග්‍රවීමෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට, සැත්කම් කිරීම දක්‌වා තත්ත්වය උත්සන්න වීමේ හැකියාව තිබේ.
 
 කොන්දේ අමාරුව බොහෝ අනතුරුදායක තත්ත්වයකි. එහෙත් බොහෝ අය මේ පිළිබඳව නොදන්නා නිසාවෙන් මෙම තත්ත්වය සැලකිල්ලට නොගන්නා තත්ත්වයක්‌ සමාජය හමුවේ දක්‌නට ලැබේ. මෙහි ඇති භයානක තත්ත්වය නම් කකුල් දෙක දක්‌වා අප්‍රාණිකවීමක්‌ විය හැකි වීමයි. සැබැවින්ම එය ජීවිතයකට බරපතල හානියක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.
 
 මොළයේ සිට එන ශරීරය පුරා දිවයන මුළු ස්‌නායු ප්‍රමාණයම කොඳු ඇට පෙළ දිගේ ගමන් කරන අතර මෙම ස්‌නායු පොදිය සුසුම්නාව ලෙසින් හඳුන්වනු ලැබේ. කොඳු ඇට පෙළෙහි සිදුවන වෙනස්‌වීමක්‌ මගින් සුසුම්නාව තදවීමකට ලක්‌වී නම් එය ඉතාමත්ම දරුණු වේදනාකාරී, පීඩාකාරී, ගාත්‍රා අප්‍රාණික වීම දක්‌වා උග්‍රවීමේ හැකියාව තිබෙන තත්ත්වයකි.
 
 රෝගාබාධය පටන් ගන්නා මොහොත සුළු වේදනාවකින් ආරම්භ වේ. ඉතාම කෙටි කලකින් සුවකර ගැනීමට හැකි මෙම අවස්‌ථාව අතහැරීම නිසා ක්‍රම ක්‍රමයෙන් මෙය උග්‍රවීමෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට, සැත්කම් කිරීම දක්‌වා තත්ත්වය උත්සන්න වීමේ හැකියාව තිබේ.
 
 ප්‍රධාන වශයෙන් ස්‌නායු තෙරපීම ගෙළ ආශ්‍රිතව සහ කොඳු ඇට පෙළේ පහළ (කටී ප්‍රදේශයේ) සුලභව ඇතිවිය හැකිය. මෙයට අමතරව කොන්දේ උරහිස්‌ ප්‍රදේශයේ (කොදු ඇට පෙළ මැද ප්‍රදේශයේ) මෙම තත්ත්වය ඇතිවන ඇතැම් විට රෝගීන්ට බොහෝ පීඩා ගෙන දීමේ හැකියාව තිබේ.
 
 මේ අකාරයට කොන්දේ වේදනාකාරී තත්ත්වයක්‌ ඇතිවීමට හේතු වන්නේ කොඳු ඇට පෙළෙහි ඇතිවන ස්‌නායු තෙරපුමකි. ඒ බව ඉහතදී සාකච්ඡා කළෙමු. මෙම ස්‌නායු තෙරපුම කොදු ඇට පෙළේ තිබෙන අන්තර් කශේරුකා මඩලක්‌ වෙනස්‌වීම හෝ කශේරුකා වෙනස්‌ වීම මගින් සිදු විය හැකි අතර මෙම ස්‌නායු තෙරපීම සිදුවූ වහාම ප්‍රතිකාර කිරීමෙන් ඇතැම් විට දින කිහිපයකින් එම තත්ත්වය සුවකර ගැනීමේ ප්‍රතිකාර පුරාණ දේශීය වෙද පොත් පත්වල පැහැදිලිව සටහන් කර තිබීම සතුටට කාරණාවකි. ඇතැම්විට මුලදී ඇතිවන වේදනාව මාංශ පේශිවල සිදුවන වේදනාවක්‌ යෑයි රෝගීන් වරදවා වටහා ගන්නා අවස්‌ථා බහුලවේ. වේදනාව ඇති වන්නේ අදාල ස්‌නායුවලට අනුරූප මාංශපේශිවලය. මාංශපේශිවල වේදනාවක්‌ හටගන්නා අවස්‌ථාවල එය දින කිහිපයකින් සුව වන අතර ස්‌නායු තෙරපුමක්‌ නිසා ඇතිවන මාංශ පේශි වේදනාව වරින් වර දිගටම කලක්‌ තිස්‌සේ පවතිනු ඇත.
 
 කොදු ඇට පෙළ ස්‌නායු තෙරපීමක්‌ ඉබේ සුව වන්නේ නැත. එවැනි තත්ත්වයක්‌ නොසලකා සිටීමෙන් ක්‍රමයෙන් රෝගී තත්ත්වය උත්සන්න වනු ඇත. එසේ වනවා පමණක්‌ නොව කොදු ඇට පෙළෙහි එම ස්‌ථානවල මේදය සහ කැල්සියම් තැන්පත්වීම නිසා තවදුරටත් රෝගය දරුණු අතට හැරීමට ඉඩ ඇත. ක්‍රම ක්‍රමයෙන් මේ මගින් ස්‌නායු තෙරපීමද වැඩි වන්නේය. මුලින් සුළු වේදනාව ක්‍රමයෙන් වැඩිවී, කොන්දේ ඉවසා දරාගත නොහැකි තරමේ දරුණු වේදනාකාරී තත්ත්වයක්‌ ඇති වනු ඇත.
 
 ඉන් පසුව ස්‌නායුවලට හානිවීම් සමග හිරියක්‌ ඇති වන්නේය. මෙම හිරි ගතියද නොසලකා සිටීම මත ගාත්‍රා අප්‍රාණික වීමට ඉඩ ඇත. මෙම තත්ත්වයට ලක්‌වීමේදී කොදු ඇට පෙළ ආශ්‍රිත අදාල ස්‌නායු සම්පූර්ණයෙන් අක්‍රීයවීමට පවා ඉඩ ඇත. එසේ වූවේ නම් කුමන වෛද්‍ය ක්‍රමයක්‌ තුළවත් ස්‌නායු යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාවක්‌ නැත.
 
 මෙම රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු නොමිළේ දැන ගැනීමට අවශ්‍ය නම් 0713494113 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධකර ගැනීමේ හාකියාව ඇත.
 
 fea8 1තලල්ලේ වෙද පරම්පරාවේ
 වෛද්‍ය අශෝක රාමසුන්දර
 දේශීය වෛද්‍ය විද්‍යාලය-කොළඹ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2018 05:51 PM
අපෝ ඔව් කොන්දත් එක්ක ලේසි නැ ,ස්තුති මල්ලි ලිපියට ,හොද කරුණු ටිකක්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2018 07:20 AM
මට මේ ටිකේ අතේ අමාරුවක් හැදිලා. ස්නායු ප්‍රශ්නයක් කියලා කිව්වෙ.හෙට hospital යන්න වෙනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Feb 2018 04:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 92 of 137 << < 9091929394 > >>