Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 93 of 137 << < 9192939495 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:18 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:19 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:54 PM සුදුවෙන්න ගිහින් පිළිකා හදාගන්න එපා අද වෙද්දී වෙළෙඳපොළේ බොහෝ විලවුන් වර්ග මෙන්ම බොහෝ රූපලාවණ්‍ය ආලේපන අලෙවි වෙමින් පවතී. මේවායින් බොහෝමයක් විදෙස් රටවල්වලින් මෙරටට ආනයන වූ ආලේපනයන්ය. විශේෂයෙන් තදාසන්න නගරවල මෙම සුවඳ විලවුන් මෙන්ම රූපලාවණ්‍ය ආලේපන පදික වේදිකාවේද ඉතා අඩු මුදලකට අලෙවි වෙමින් පවතී. මේ අතර හතු පිපෙන්නා සේ රූපලාවණ්‍ය ශිල්පි ශිල්පිනියන් බිහිවීමත් රට පුරා ඉතා සීඝ්රයෙන් රූපලාවණ්යාගාරයන්ද බිහිවිය. අද ඇතැම් කාන්තාවෝ ඉතා ඉක්මණින් තම ශරීරයේ පැහැය වෙනස් කරගැනීමට උත්සාහ ගනිති. මේ සඳහා ඔවුන් මෑත කාලයේදී සොයාගත් අලුත්ම ක්‍රමය වූයේ එන්නත් මඟින් තම ශරීරයේ පැහැය වෙනස් කර ගැනීමයි. මෙයින් සම පැහැපත් වීම වෙනුවට සිදුවන්නේ සම සුදුමැලි වීමය. නමුත් බොහෝ තරුණියෝ එය සම සුදුවීම ලෙසින් සලකා තම හිත සතුටු කරගැනීමට උත්සාහ ගනිති. නමුත් වෛද්‍ය අනුමැතියකින් තොරව ශරීරයට ඇතුළු කරගනු ලබන එන්නත්වල විපාක ඇයට අත්විඳින්නට සිදුවෙද්දී ඇතැම්විට ඇය ප්‍රමාද වූවා වන්නටද ඇත. හේතුව මෙවැනි ප්‍රතිකාර ක්‍රම බොහොමයක පිළිකා කාරක අඩංගුව තිබීමය. ඇතැම් ආලේපනවල ඇත්තේ රසදියයි. එමඟින් පිළිකාමය තත්ත්වයන් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. අප රටේ බොහෝ දෙනෙක් අද වෙද්දී ස්ටීරොයිඩ ගණයේ සංයෝග ඇතුළත් ආලේපන භාවිත කරලා දවසින් දෙකින් සුදුවෙන්න උත්සාහ කරනවා. නමුත් එම ගණයේ සංයෝග ශරීරයට ඉතාම අහිතකරයි. මේ නිසා සම විනාශ වෙලා විකෘතිතා ඇතිවෙනවා. ආසියාතික රටක ජීවත් වෙන අප රටේ ජනතාවගේ සමේ වර්ණකය දුඹුරු පැහැයට හුරුයි. එය වෙනස් කිරීමට උත්සාහ කිරීම ඇත්තටම මෝඩකමක්. මෙසේ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහයි. රටපුරා විසිරී පවතින අනවසර විලවුන්, ආලේපන හා උපකරණ, ඖෂධ පිළිබඳව පරීක්ෂාවට ලක්කොට සොයාබැලීමේ අයිතිය පැවරී තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියටයි. මේ සඳහා අපි කඩිනමින් සොයාබැලීම් සිදුකරනවා. අපි වෙබ් අඩවියක් සකස් කරමින් ඉන්නවා. එයින් අනුමත ඖෂධ සහ අනුමත නොවුණු ඖෂධ සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් පාරිභෝගිකයාට බලාගත හැකියි. එමෙන්ම දේශීය වශයෙන් නිපදවන ආලේපන සහ ඔසු සම්බන්ධවද අපගේ අවධානය යොමුකරනවා. එවන් ලාංකික නිෂ්පාදකයෙක් අපිට තොරතුරු ලබාදුන් විට ඒ අදාළ නිෂ්පාදනාගාරයට ගොස් අදාළ කටයුතු සොයාබලා නියම ප්‍රමිතියට අනුව සිදුවන්නේ නම් එයට අදාළ අනුමැතිය ලබාදෙනවා... යැයි අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ පවසයි. මේ සම්බන්ධව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මෙනවියගෙන්ද අපි විමසීමක් කළෙමු. වෙළෙඳපොළේ නොයෙකුත් ආලේපන වර්ග තියෙනවා. මේ ආලේපන හොඳ සහ නරක යනුවෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආලේපන මිලදී ගැනීමෙන් පසුව එහි අහිතකර බලපෑමක් සිදු වී නම් එයට මුලින්ම වගකිව යුත්තේ පාරිභෝගිකයාමයි. අද සියලු දේ පිළිබඳව සොයා බැලිය හැකි තාක්ෂණය අපට අසලම තියෙනවා. අපි කවුරුත් ලස්සන වෙන්න කැමතියි. ආලේපනවලට ප්‍රිය කරනවා. මිනිසුන් මේ දේවල්වලට සමීප වීමත් සමඟ වෙළෙඳපොළට අලුත් ආලේපනයන් එකතුවීමද වැඩියි... අද බොහෝ ආලේපන වර්ග රූපලාවණ්යගාරවද වෙළෙඳ පොළේද පවතී. මෙම බොහෝ ආලේපනවල කිසිදු ප්‍රමිතියක් නැත. මේ බොහෝ ආලේපනවල බෙදාහැරීම් ආයතනය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, අන්තර්ගත දෑ පිළිබඳව කිසිදු තොරතුරක් නැහැ. මේ ආලේපන වලින් මේ අතුරු ආබාධයන් ඇතිවුණොත් ඒ පිළිබඳව දැනුම් දෙන්නට අදාළ ආයතනයත් සඳහන් කරලා නැහැ. එමෙන්ම වෙළෙඳ පොළේ පවතින ආලේපන අතර තවත් ආලේපන පොඩි කුප්පියක හෝ පොඩි ඇසුරුමක බහා එය වටේ ස්ටිකරයකින් ආවරණය කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට මෙම ස්ටිකරය ගලවන්නට පුළුවන්. එවිට කල් ඉකුත් වූ ආලේපනයක වුවත් අලුත් දිනයක් දමා නැවත ස්ටිකරය ඇලවීමට පුළුවනි. “මේ ආලේපනවල කිසිම ප්‍රමිතියක් නෑ....” යැයි ඇය පැවසුවාය. බොහෝ ආලේපනවල කහ, කෝමාරිකා වැනි ආයුර්වේද ඖෂධ අන්තර්ගතව ඇති බවට සඳහන් නමුත් බොහෝ ආලේපනයන් තුළ සියයට සියයක්ම එම ඖෂධීය ද්‍රව්‍ය අන්තර්ගත නොවේ. ඒ වෙනුවට බොහෝ ආලේපන වර්ගයන් තුළ ඇත්තේ ස්ටීරොයිඩ ගණයේ සංයෝග, රසදිය, බ්ලීචිං වැනි ද්‍රව්‍යයන්ය. මේ වනවිට වෙළෙඳ පොළේ ඇති රූපලාවණ්‍ය ආලේපන නිසා අතුරු ආබාධවලට මුහුණ දුන් පාරිභෝගිකයෝ විශාල සංඛ්‍යාවක් සිටිති. නමුත් ඔවුහු තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව සමාජයට කීමට මැලිකමක් දක්වති. වෙළෙඳ පොළේ පවතින ආලේපනවලට රැවටෙන්න එපා. මුලින්ම නිෂ්පාදනයේ නාමය, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වූ දිනය, අන්තර්ගත දෑ යන සියලුම ප්‍රමිතිය සොයාබලා ආලේපන මිලදී ගැනීමට තීරණය කරන්න. කිසිම ප්‍රමිතියක් නැති නිෂ්පාදන, කවුරු කොහොම කිව්වත් ඔබ ළං කරගන්න එපා....යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මෙනවිය වැඩිදුරටත් කීවාය. ආසියාතික රටවල්වලට තමයි මේ උමතුව වැඩියෙන් තියෙන්නේ. අපිට බොහෝ විට ඇත්තේ දුඹුරු මිශ්‍ර සමක්. සුදුවීම සහ පැහැපත් වීම යනු දෙකකි. නියම ලස්සන සැමවිටම රැඳිලා තියෙන්නේ නිරෝගීමත් පැහැපත් සමකයි. සම බොහෝවිට අපගේ ජානවලින් ලැබුණු දෙයක්. කල්යද්දී පාරිසරික හේතුන්, ශරීරයේ එක් එක් වෙනස් වීම් අනුව අපගේ ශරීරයේ පැහැය අඩුවැඩි වෙනවා. නමුත් අද වෙද්දී බොහෝ තරුණියන් එන්නත් ක්‍රම මඟින් සුදු වන්නට උත්සාහ ග්නනවා. එයින් අපගේ ශරීරයේ ඇති මෙලනින් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. එවිට ශරීරයේ මෙලනින් අඩුවීමෙන් සම සුදුවීමකට ලක්වෙනවා. නමුත් රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට ශරීරයට මෙලනින් එන්නත් කර ගැනීම අවදානම් කියලයි මම කියන්නේ. මේ අනුව ඉදිරියේදී ඖෂධ නියාමන අධිකාරිය මඟින් මෙරටට පැමිණෙන ආනයනික හා මෙරට නිෂ්පාදිත ආලේපන හා විලවුන් ආදිය පරීක්ෂාවට ලක්කොට සුදුසු ආලේපනවලට පමණක් අනුමැතිය ලබාදීමට කටයුතු කරමින් පවතී. ඔබත් වෙළෙඳ පොළේ ඇති ආලේපනවලින් සුදුවන්නට උත්සාහ ගන්නා තරුණියක් නම් ඒ පිළිබඳව තව වරක් සිතා බැලිය යුතුය. ► දිශානි ජයමාලි කරුණාරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:59 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 04:59 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 05:19 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 05:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 05:38 PM නිවැරදි නින්දෙන් සුවවෙන ලෙඩ නිදාගැනීමේදී අපි අනුගමනය කරන ඉරියව්වෙන් රුධිර සංසරණය යහපත් කරගැනීම සහ කෝටර දාහය සුවකරගැනීම වැනි විවිධ සෞඛ්‍ය වාසිත් අත්කරගන්නට පුළුවන් බව ඔබ දැන සිටියාද? ඉතින්, ඔබට අද අපි මේ පෙන්වා දෙන සෞඛ්‍ය ගැටලු කිහිපයෙන් එකක් හෝ තිබෙනවා නම් පහත දක්වා ඇති ඉරියව් භාවිතයෙන් නිදාගෙන එය පහසුවෙන්ම සුවකරගන්නට හැකි වේවි. උරහිසේ වේදනා ඔබත් උරහිසක වේදනාවෙන් පීඩා විඳිනවා නම් එය නිදාගන්නා අතර තුළදීම ලෙහෙසියෙන්ම සුවකරගන්නට පුළුවන්. මේ සඳහා ඔබේ වේදනාව රහිත උරහිස පැත්තට ඇලවී පාද දෙක ඉදිරියට නමා එක් කොට්ටයක් පපුවට යටින් තබා තවත් කොට්ටයක් දණහිස් දෙක මැදට වන්නට තබා නිදාගන්න. කොන්දේ වේදනා කොන්දේ වේදනාවට ඔබ නිදියන ඉරියව්ව දැඩි ලෙස බලපානවා. ඔබ උඩු අතට වන්නට නිදාගෙන එක් කොට්ටයක් ඔබේ දණහිස් යටින් තබාගන්න. ඒ වගේම, රෝල් කරගත් තුවායක් ගෙන එය කොන්දේ නැම්ම යටින් තබාගන්න. මේ ආකාරයට නිදාගැනීම මගින් ඔබේ කොන්දේ වේදනාව සුවකරගන්නට පුළුවන් වේවි. හිසේ කැක්කුම් ඔබට හිසේ කැක්කුමක් ඇත්නම් ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව එය උත්සන්න වීමත් සුවවීමත් යන දෙකෙන් එකක් සිදුවනවා. බොහෝ විට නිදාගැනීමේ දී බෙල්ල ඇඹරීම නිසා තමයි හිසේ කැක්කුම ඇතිවන්නේ. මෙය මඟහරවාගැනීමට ඔබ නිදාගන්නා විට ඔබේ ගෙල දෙපැත්තෙන් කොට්ට දෙකක් තබා ගෙල හැරවීම වළක්වා ගන්න. කෝටරක දාහය හෙවත් සයිනස් නිදාගැනීමේ ඉරියව්ව හිසේ කැක්කුමට බලපාන ආකාරයටම කෝටර දාහයටත් බලපානවා. හාවර්ඩ් සරසවිය විසින් නිර්දේශ කරන ආකාරයට ඔබේ හිස තරමක් ඉහළට එසවෙන ආකාරයට නිදාගැනීම මගින් ඔබට කෝටර දාහය සුවකරගන්නට පුළුවන්. අධිරුධිර පීඩනය අධ්‍යයනයකට අනුව සොයාගෙන තිබෙන කරුණක් තමයි නිදාගැනීමේ ඉරියව්ව සෘජුවම රුධිර පීඩනය කෙරෙහි බලපාන බව. ඒ වගේම, රුධිර සංසරණය පාලනය වන නිදාගැනීමේ ඉරියව්වක් ද ඔවුන් මෙහිදී සොයාගෙන තිබෙනවා. ඔබ මුහුණ යටට වන්නට සිටින සේ නිදාගන්න. එමඟින්, ඔබට පුළුවන් අධිරුධිර පීඩනය පාලනය කරගන්නට. අධිරුධිර පීඩනය සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිම ඖෂධයක් භාවිතා කරන්නට එපා. ඔසප් වීමට ආසන්නව ඇතිවන වේදනා ඔසප් වීමට ආසන්නයේ හටගන්නා විවිධ සෞඛ්‍ය ගැටලුවලට ලක්වී වේදනාවක් විඳිනවා නම් නිදාගන්නා විට ඔබේ දණහිස් යටට වන්නට කොට්ටයක් තබාගෙන නිදාගන්න. එමගින් ඔබේ පිටකොන්ද නැමීම නතර වී වේදනාව සමනය වනවා. බෙල්ලේ වේදනාව ඔබට බෙල්ලේ වේදනාවක් ඇත්නම් ඔබ නිදාගැනීමේ දී තුවායක් රෝල් කර බෙල්ල යටින් තබා නිදාගන්න. මේ තුවාය වෙනුවට ඔබට කොට්ට උරයක් වුවත් භාවිතා කරන්නට හැකිය ආහාර ජීර්ණ ගැටලු වම්පසට හැරී නිදාගන්නවා නම් ඔබට නියමාකාර ආහාර ජීර්ණයක් පවත්වාගන්නට පුළුවන්. උදරය වම්පසට වන්නට පිහිටන නිසා ඔබ වම්පසට හැරී නිදාගැනීමෙන් ගුරුත්වාකර්ෂණ බලපෑම මගින් ආහාර ජීර්ණය වේගවත් කරගන්නට පුළුවන්. පපුවේ දැවිල්ල පපුවේ දැවිල්ල මහත් පීඩාකාරී සෞඛ්‍ය ගැටලුවකි. මේ සෞඛ්‍ය ගැටලුවෙන් පීඩාවිඳිනවා නම් ඔබ වම්පසට හැරී නිදාගන්න. එවිට ඔබට පහසුවෙන්ම පපුවේ දැවිල්ල සුවකරගන්නට හැකියි. මේ නිදාගැනීමේ ඉරියව් අනුගමනය කරන්නට පෙර ඔබේ වෛද්‍යවරයා හමුව වැඩිදුර උපදෙස් ලබාගන්න. එවිට ඔබට පුළුවන් වේවි මෙම සෞඛ්‍ය ගැටලුවලින් ආරක්ෂා වන්න. I සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 05:51 PM නියුමෝනියාව සහ ක්ෂය රෝගය දුරු කරන කජු! කුරුලෑ, දත් කුහර නියුමෝනියාව සහ ක්ෂය රෝගය ඇතිවීමට බලපාන බැක්ටීරියා නැසීම සඳහා කජු තුළ විශේෂිත රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත වනවා. ඒ වගේම, මැන්ගනීස්, මැග්නීසියම්, කොපර්, පොස්පරස් සහ සින්ක්වලින් පොහොසත් වන කජු තුළ අනෙත් ධාන්‍ය වර්ගවලට වඩා අඩු මේද ප්‍රමාණයක් සහිතයි. 82% ක් පමණ අසංතෘප්ත මේද අම්ල අන්තර්ගත වන අතර හදවත් සෞඛ්‍යයට මෙය වඩාත් ප්‍රයෝජනවත්. කජු සතුව ඔලිව් තෙල්වලට සමාන monounsaturated මේදයත් අන්තර්ගත වනවා. බැක්ටීරියාවන් නසා දැමීම කජු සතුව ඇති බැක්ටීරියා නාශක විශේෂ සංයෝගය වන්නේ “anacardic” අම්ලයයි. බැක්ටීරියා මගින් දත් කුහර ඇතිවීම, කුරුලෑ ඇතිවීම ඇතුළුව නියුමෝනියාව සහ ක්ෂය රෝගය පවා සුවකරන්නට මේ රසායණයට හැකියි. (Anacardic) අම්ලය එක කොටසකට ජලය කොටස් 200,000 එක් කිරීම මගින් අතිසාර්ථක ලෙස විනාඩි පහළොවක කාලයක් ඇතුළත බැක්ටීරියාවන් නසාගන්නට පුළුවන් බව සනාථ වී තියෙනවා. කාන්තාවන් 80,000 ක් පමණ යොදාගෙන එක්තරා අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මෙම කාන්තාවන් සතියකට අවම වශයෙන් කජු අවුන්ස එකක් පමණ ආහාරයට ගෙන ඇති අතර මුත්‍රාශයේ පිළිකා ඇතිවීමේ අවදානම මෙම කාන්තාවන්ගේ 25% පමණ පහළ බැස තිබෙනවා. ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම වළක්වා ගැනීම සඳහාත් කජු ඔබේ ආහාර වේලට එක්කර ගැනීම වැදගත්. ඇතැම් පුද්ගලයින් බර වැඩි වේයැයි යන බියෙන් කජු ආහාරයට ගැනීමෙන් වැලකී සිටිනවා. කෙසේ වෙතත් විවිධ අධ්‍යයනයන් මගින් කරුණු දක්වා ඇත්තේ සතියකට වාර දෙකක් පමණ කජු ආහාරයට ගැනීම මගින් තරබාරුවීමේ අවදානමත් අඩුවන බවයි. ♦ Web MD ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2018 06:03 PM පිළිකාව කලින් දැනගත්තොත් මාසෙන් කම්මුතු කළ හැකියි පිළිකාව අද බාල මහලු වයස් භේදයකින් තොරව පැතිර යන මාරකයකි. පිළිකාව කලින් දැනගතහොත් මාස කිහිපයකින් සුවකළ හැකියි. සැම වසරකම පෙබරවාරි 4 ලෝක පිළිකා දිනය ලෙස නම්කර තිබේ. පිළිකා මාරකය ගැන නැවත ඔබ දැනුවත් කරන්නට මේ ලිපිය ඉදිිපත් කරන්නේ එහෙයිනි. පිළිකාවක් යනු කුමක්ද? • ශරීර පාලනයෙන් මිදී හිතුවක්කාර ලෙස වර්ධනය වන අසාමාන්‍ය සෛල ගොන්නකි. • අවට ඇති නිරෝගී පටකද ආක්‍රමණය කරයි. • රුධිර නාල හෝ වසා පටක මඟින් ශරීරයේ දුරස්ථ අවයව කරාද ගමන් කරයි. • ශරීරයේ ඕනෑම පටකයක් තුළ ඇතිවිය හැක. • උපතේ සිට මහලු විය දක්වා ඕනෑම වයසකදී ඇතිවිය හැක. පිළිකාවක් වැළඳුන පසු... • මුල් අවස්ථාවේ හඳුනා ගැනීමත් • නිසි වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදුකිරීමත් තුළින් සාර්ථකව සුවකළ හැක. • ජීවිතය දිගු කරගත හැක. කල් තබා හඳුනාගැනීමෙන් ලැබෙන වාසි • සුවවීමේ හැකියාව වැඩියි. • අවශ්‍ය වන ප්‍රතිකාර ප්‍රමාණය අඩුයි. එම නිසා අතුරු ආබාධ ද අඩුයි. • සෞඛ්‍ය පිරිවැයද බෙහෙවින් අඩුවේ. පියයුරු පිළිකාව උදාහරණයක් ලෙස ගනිමු (පිළිකා වළක්වා ගැනීම හා කල් තබා හඳුනා ගැනීම සඳහා ජාතික පිළිකා මර්ධන ව්‍යාපාරය මඟින් ඔබට තොරතුරු ලබාගත හැක) පිළිකා සඳහා කෙරෙන ප්‍රතිකාර මොනවාද? • ශල්‍යකර්ම • පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරය • විකිරණ ප්‍රතිකාරය ශල්‍යකර්ම Surgery • පිළිකා සෛල සහිත කොටස කපා ඉවත් කරයි • අවශ්‍යතාව අනුව ආශ්රිත වසා ගැටිතිද ඉවත් කරයි. (පැතිරීම වැළැක්වීමට) • විරූපවීම් වැළැක්වීමට ශරීරයේ වෙනත් ස්ථානයකින් ලබාගත් පටක කොටස් බද්ධ කරයි (උදා: පියයුරු සැකසීම, මුඛ පිළිකා ශල්‍යකර්ම) පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරය Chemotherapy • පිළිකා සෛල විනාශ කරන විශේෂිත ප්‍රතිකාරයකි. • පෙති හෝ නික්ෂේපන (Injection) වශයෙන් ඇත. • වේගයෙන් බෙදෙන පිළිකා සෛල විනාශ කරයි. ශරීරයේ වේගයෙන් බෙදෙන සාමාන්‍ය සෛලවලටද බලපෑම් සිදුකළ හැක. • ඒවා අවම කිරීමට හැකි නවීන ඖෂධ වර්ගද අප සතුය. • එක් එක් පිළිකා වර්ග සඳහා මෙම ඖෂධ එකක් හෝ කීපයක් සැලැස්මකට අනුව මාස 5-6ක් පමණ කාලයක් තුළ ලබා දේ. අතුරු ආබාධ • වමනය - මෙය 100%ක් පාලනය කළ හැක. • හිසකෙස් ගැලවීම - මෙය තාවකාලිකයි. සුළු කලෙකින් නැවත වැඩෙයි. • රුධිර සෛල අඩුවීමෙන් ප්‍රතිශක්තිය තාවකාලිකව හීන වේ. • මෙම ඖෂධ වර්ග සෛල නාශක ධූලක වන බැවින් පරිහරණයේදී සැළකිලිමත් විය යුතුයි. • මෙම ඖෂධ වර්ග ඉතා මිල අධිකයි. • පිළිකා සෛල නාශක ඖෂධ සඳහා වාර්ෂිකව රු. දශලක්ෂ හාරසියයක පමණ මුදලක් රජය විසින් වියදම් කරනු ලබයි. විකිරණ ප්‍රතිකාරය Radiotherapy අධිශක්ති කිරණ (එක්ස් කිරණ, ගැමා කිරණ) භාවිතයෙන් පිළිකා සෛල විනාශ කිරීම සඳහා ස්ථානිකව සිදුකෙරෙන ප්‍රතිකාරයකි. • ලයිට් ඇල්ලීම, කරන්ට් ඇල්ලීම වැනි වචන නිවැරදි යෙදීම නොවේ. • මෙහිදී කිසිදු දැනීමක් හෝ පිළිස්සීමක් ඇති නොකරයි. අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත. • විකිරණ ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ශරීරයෙන් පෙරළා විකිරණ පිට නොවේ. නමුත් අයඩින් විකිරණ ප්‍රතිකාරයේදී පමණක් දින කීපයක් විකිරණ පිටවෙන නිසා රෝගියා ආරක්ෂිතව රොහල් ගතකර තබනු ලබයි. • පිළිකා සෛල වර්ගය අනුව ප්‍රතිකාර කාල සීමාව වෙනස් වේ. එය සති 2 සිට සති 7 දක්වා විය හැක. සතියට දින 5ක් නොකඩවා ප්‍රතිකාර කරයි. • සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශිත පාඨමාලාවකට පුහුණු නිලධාරීන් විසින් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ ප්රමිතීන් යටතේ ප්‍රතිකාර ලබාදීම සිදුකරයි. අතුරු ආබාධ විකිරණ ප්‍රතිකාරය ලබාදෙන ශරීර ප්‍රදේශය අනුව වමනය, හිසරදය, කෑම අරුචිය, කටහඬ වෙනස් වීම, හිසකේ රෝම ගැලවී යාම, හම කළුවීම ආදිය ඇතිවිය හැක. මෙම ලක්ෂණ තාවකාලික වන අතර ප්‍රතිකාරය අවසන් වීමෙන් පසු ක්‍රමයෙන් පහව යනු ඇත. උපදේශය • අනිසි බිය දුරුකර ගන්න. • දැනුවත් වන්න. • අවධානයෙන් සිටින්න. • රෝග ලක්ෂණ පිළිබඳ සැකයක් වෙතොත් ළඟම ඇති මහ රෝහල වෙත ගොස් අවශ්‍ය උපදෙස් ලබාගන්න. • ආරම්භ කළ ප්‍රතිකාරය අතරමඟ නවතා නොදමන්න. Cancer News ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 03 Feb 2018 08:34 AM වැදගත් ලිපියික් මල්ලි. ඒ වුනාට පිලිකාව ගැන දැන ගන්නකොට කෝච්චි ගිහින් හමාරයි. 0 maduranga001Most Senior MemberPosts:14118 03 Feb 2018 08:50 AM අවුරුද්දකට සැරයක්වත් මෙඩිකල් චෙකප් එකක් දා ගන්න පුරුද්දක් වත් දා ගන්න පුරුද්දක් තිබ්බ නම් මාරාන්තික ලෙඩවල් හඳුනා ගන්න පහසු වෙන්න තිබ්බ කලින්ම. එහෙම පුරුද්දක් අපේ රටවල් වල තවම නැහැනෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 03 Feb 2018 05:01 PM වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැනීම මෙන්න * පවුලේ කාට හෝ වකුගඩු ගල්, මුත්‍රා ගල් තිබුණා නම් ප්‍රවේසම් වන්න සමන්තී වීරසේකර දරු ප්‍රසූතියකදී මවකට දැනෙන ප්‍රසව වේදනාව, පිරිමියකු ට දැනෙන එකම අවස්ථාව වකුගඩු වේ හෝ මුත්‍රාශයේ ගල් හට ගැනීම සහ එය අවහිර වීමෙන් හටගන්නා වේදනාකාරී අවස්ථාවය. මෙම වේදනාව විඳ දරා ගනිමින් ප්‍රතිකාර කොතෙක් ලබා ගත්ත ද, නිසි ප්‍රතිකාර නොලද හොත් ඇති වන්නේ දරුණු වකුගඩු රෝගියකු ලෙස දිගුකාලීන ප්‍රතිකාර වෙත යොමු වීමට සිදු වීමය. එය ජීවිතය පිළිබඳව අවදානමක් ද වන්නේය. රට තුළ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩි වීමට නිශ්චිත හේතුවක් නොමැති බැවින් ද, රෝගී ප්‍රතිකාර වුවද, සංකීර්ණ වන බැවින්ද, මුත්‍රාශයේ ගල් සහ වකුගඩුවල ගල් නමැති තත්ත්වයෙහි වැඩිවීමක් ද පෙන්නුම් කරන බැවින්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කණ්ඩායමක් එක්ව පර්යේෂණ ආරම්භකොට තිබිණි. එම කණ්ඩායම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජීව හා රසායන විද්‍යා අංශය, භූ ගර්භ විද්‍යා අංශය, විද්‍යා අංශය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා අංශය ආදියෙන් නියෝජනය වූ කණ්ඩායමකින් සමන්විතව සිටියේය. පේරාදෙණිය රෝහලේ මෞත්‍රලිංගික සහ ජන්‍ය මූල්‍ය විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතා ඇතුළු කණ්ඩායම මෙහිදී අනාවරණය කරගෙන තිබූ කරුණු අනුව, වකුගඩුවල හෝ මුත්‍රාශයේ හටගන්නා ගල් , ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදා වෙන්කර දැක්විය හැකි බවය. එම ගල් වර්ග අනුව රෝගින් මුහුණ දෙන රෝග ලක්ෂණ , ප්‍රතිකාරවලදී ඇතිවන අතුරු ආබාධ ද වෙනස් බව මෙම පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතා පැවසුවේ මෙවැන්නකි. "කැල්සියම් ඔක්සලේට් ඩී හයිඩේ්‍රට් , කැල්සියම් ඔක්සලේට් මොනෝ හයිඩේ්‍රට්, බේසික් කැල්සියම් පොස්පේට්, සහ මැග්නීසියම් ඇමෝනියම් ෆොස්පේට් යනු එම ගල් වර්ග අටයි. මෙම ගල් සඳහා වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාර ලබා දුනහොත් ලැබෙන ප්‍රතිඵල සතුටු දායකයි. මන්ද මෙම ගල් දියවීමේ ක්‍රමවේද එකිනෙකට වෙනස් බැවින් ඒ ඒ ගල් සඳහා නිසි ප්‍රතිකාර ලබා දීම අතිශය වැදගත්. ගල් ඇතිවීම මත වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවන බව සාමාන්‍ය දෙයක් වුවත් මෙම තත්ත්වය රෝගින්ගේ මනසට දරුණු කරදරයක්. මොකද ... ගල් ඇතිවන සෑම රෝගියෙකුම පාහේ තමන්ගේ වකුගඩු දෙකට කිසියම් බලපෑමක් ඇති වී ඇතැයි බිය වෙනවා. ඕනෑම රෝගයකට තමන්ගේ සිතෙහි ඇතිවන ආකූල ව්‍යාකුල බව වක්‍රව බලපෑම් ඇතිකරනවා වාගේ මෙයත් සුදුසු නැති තත්ත්වයක්. මේ නිසා රෝගීන් තමන්ගේ මුත්‍රාශයේ හෝ වකුගඩුවේ ගලක් ඇති වීමට ඇති ඉඩ කඩ අහුරා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. සාමාන්‍ය ජනතාවට ඒ වග මුලින්ම දැනුම් දීම අපේ වගකීමක්. ගල් කියන රෝගී තත්ත්වයට රෝගින් ඉතාම බියගුලු බවක් දක්වනවා. විශේෂයෙන්ම අතිශය පීඩාකාරී ලෙස, මෙයින් වේදනාකාරී අත්දැකීමක් ලබන්නේ පිරිමි පාර්ශ්වයයි. ගල් නැති නම්, කැල්සියම් මිශ්‍රව ගලක ස්වරූපයෙන් සැකසෙන මේ කැට මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු දෙකෙහි රැඳීම මත, වේදනාවක් ඇති වෙනවා. එය ස්වභාවිකයි. මේ ගල් අපේ සිරුරේ හැදිලා තිබෙන බවටත් සිරවී ඇති බවටත්, අපට දැනුම් දෙන්නේ රෝග ලක්ෂණ හරහා. වකුගඩුවේ කොනක ගලක් ඇත්නම් අපට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. නමුත් මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු දෙකෙහි ගලක් සිරවී ඇති විටෙක, මුලින්ම ඉළේ කැක්කුමක් ඇති වෙනවා. එය ක්‍රමයෙන් වැඩිවෙමින් දරුණු වේදනාවක් බවට පත් වෙනවා. එය අර පෙර කී පරිදි ප්‍රසව වේදනාවට සමානයි. ගලක් මුත්‍රා මාර්ගයේ පහළට එනවා නම්, මුත්‍ර සමඟ ලේ පිටවීමක් දක්නට පුළුවන්. යටි බඩෙහි වේදනාවක් ද ඇති විය හැකියි. මුත්‍රාශයේ ගලක් ඇති විටක මුත්‍රා අඩස්සිය ඇති වන්නත් පුළුවන්. නිතර නිතර මුත්‍ර ආසාදන ඇති විමේදී වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම තිබෙනවා. ඒ වගේම ගලක් වකුගඩුවේ සිරවීම සහ එයට විෂබීජ යාම මත තද උණ තත්ත්වයක් ඇති වන්නත් ඉඩක් තිබෙනවා. එය වඩාත් බරපතළ වූ විටෙක සෙප්ටසීමියා වැනි රෝග තත්ත්වයක් ඇති වී මිය යැමට වුවද හැකියි. වෛද්‍ය පීඨයේ සිදු කළ පරීක්ෂණ අනුව, මෙම අවස්ථාවන්වලදී පරීක්ෂාවට ලක් කළ ගල්වල කැල්සියම්, ඔක්සලේට්, සහ µsයුරික් ඇසිඩ් යන අයන දක්නට ලැබුණා. ඒ අතරින් වැඩි වශයෙන්ම තිබුණේ කැල්සියම් ඔක්සලේට්ඩ් හයිඩේ්‍රට් කියන වර්ගය. මෙම ගල් වැඩි වශයෙන් ඇතිවන්නේ සිරුරේ ජලය අඩුවීමෙන්. කෙටියෙන්ම කියතොත් වතුර බීම අඩු නම් ගල් ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. මෙහි භයානකකම එම ගල්වල සාන්ද්‍රණය සමඟ විෂබීජ බැක්ටීරියා එකතු වීමෙන් වකුගඩු දෙක රෝගී වීමයි. ගල් ඇති වීමට බලපාන තවත්, කරුණු අතර පවුලේ ජාන වල බලපෑම ඉන් ඇතිවන ආවේණික තත්ත්වයක්, ද තිබිය හැකිය. සියයට පහළොවක් හෝ විස්සක් හෝ ජාන මත ගල් ඇති වුවත් සෙසු සියයට අසූවම තමන්ගේ නොසැලකිල්ල මත ඇති වන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. කැල්සියම් වැඩි ආහාර කිරි චීස් බටර් වැනි ආහාර වැඩියෙන් ගැනීම, තක්කාලි, නිවිති, ආදිය පමණ ඉක්මවා ආහාරයට ගැනීම, යූරික් ඇසිඩ් බහුල රතු මස් එළුමස්, ඌරු මස්, පීකුදු ආදිය ආහාරයට ගැනීම මානසික ආතතිය වැනි කරුණු මත ගල් හැදීමේ ඉඩකඩ වැඩියි. අඩුවෙන් ජලය පානය කිරීම මත, ගල් සෑදීමට අවශ්‍ය කරන අයනවල සාන්ද්‍රණය වැඩි වීමෙන් මුත්‍රාශයේ ඉක්මනින්ම ගල් ඇති වන්න පුළුවන්. රෝග ලක්ෂණ සහිතව වෛද්‍යවරයකු හමුවට යන රෝගියකු මුත්‍රා පරීක්ෂණයකට හෝ ස්කෑන් පරීක්ෂණයකට හෝ එක්ස් කිරණ පරීක්ෂණයකට ලක් කොට රෝගය නිශ්චය කිරීම සිදු කරනවා. නිතර නිතර ගල් ඇති වනවා නම්, පවුලේ අයට ගල් ඇති වී ඇත්නම් හෝ කුඩා දරුවෙක් නම් හෝ ගල් විශාල සංඛ්‍යාවක් ඇත්නම් විශේෂ පරීක්ෂාවකටද ලක් කළ යුතුවනවා. වකුගඩුවේ ගලක් ඇත්නම්, ඉක්මනින් ඉවත් කරන්නට පේරාදෙණිය වෛද්‍ය පීඨය මගින් දැන් නව ප්‍රතිකාර විධි පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා. ඉස්සර වගේ, දැන් සිරුර බාහිර කැපුමකට ලක් නොකොට, ලේසර් මාර්ගයෙන් කුඩු කිරීමට හෝ නැමෙන සුලු ටෙලස්කෝප් භාවිත කරමින් කුඩු හෝ පිටිකර දැමීමට දැන් වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවා. තම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන අවදානය යොමු කරමින් මෙම තත්ත්තවයන් මග හරවා ගැනීමට බාල වැඩිහිටි කොයි කවුරුත් කටයුතු කළ යුතුයි. නැතිනම් වේදනාව තමන්ට තනිව දරා ගන්න සිදුවනවා පමණක් නොව ජීවිත කාලය පුරාම වකුගඩු රෝගියකු ලෙස කනස්සල්ලෙන් ජීවත් වන්නත් සිදුවේවි.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Feb 2018 05:08 PM කොඳු ඇටයේ කාටිලේජ දිය වුණාම සුව කරන්නේ කොහොමද? ප්රශ්නය - කොඳු ඇට පෙළේ ආබාධ ගැන ඔබේ ලිපි පෙළ කියවූ අය අපෙන් විවිධ ප්‍රශ්න අසනවා. පසුගිය සතියේදී අපෙන් වැඩි දෙනෙක් ඇසුවේ කොඳුඇටවල කාටිලේජ දියවීම ගැනයි. මේ පිළිබඳ ඔබට අත්දැකීම් තිබෙනවාද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය ඉතා බහුල වශයෙන් තිබෙන රෝගයක්. ඕනෑම කෙනෙකුගේ ශරීරයේ කිසියම් තැනක කාටිලේජ දිය වීමේ අවදානම ඔහුගේ හෝ ඇයගේ ජීවිතවල එක් අවස්ථාවකදී හෝ මතුවෙනවා. හැබැයි කොඳුඇට පෙළේ කාටිලේජ දියවීම ටිකක් දුර්ලභ රෝගයක්. ඒ විතරක් නොව නරක තත්ත්වයක්. අප වැඩි වශයෙන්ම දන්නේ දණහිස්වල කාටිලේජ දියවීම ගැනයි. එය සුව කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රවේසමෙන් ප්‍රතිකාර කළ විට කොඳුඇටවල කාටිලේජ දිය වීමත් නවත්තගන්න පුළුවන්. එවැනි රෝගීන් ඕනෑ තරම් මා වෙත ඇවිල්ලත් තියෙනවා. මා ඔවුන් සුවපත් කරලත් තිබෙනවා. ප්රශ්නය - කාටිලේජ දියවන්නේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - පළමුවන හේතුව තමයි ශරීරයේ ඇතැම් තැන් ඕනෑවට වඩා ස්ථුල වීම. මෙවිට ඒ තැන් ආශ්රිත කාටිලේජ ගෙවෙන්නට පටන් ගන්නවා. එක උදාහරණයක් තමයි දෙකලවා බෙහෙවින් මහත්වීම. එවිට දණහිස්වල කාටිලේජ දෙකලවාවල බරට ගෙවෙනවා. බටහිර වෛද්‍යවරු මෙයට කියන්නේ Obesity Mechanical කියලයි. ඊළඟට තිබෙනවා Metabolic Syndrome කියලා රෝගයක්. සීනි සහ පිෂ්ටය බහුල ලෙස අනුභව කරන අයට මේ රෝගය වැළඳෙනවා. එවිට ශරීරයේ ඉනෙන් උඩ කොටස ස්ථුල වීමට පටන් ගන්නවා. එහි බරට කාටිලේජ වැහැරෙනවා. හැබැයි කොඳුඇටවල කාටිලේජ වැහැරීමට පටන් ගන්න ප්‍රධාන හේතුව ඉහත සඳහන් හේතු නොවෙයි. කොඳුඇට පෙළට හදිසි අනතුරක් වුණාම එතැන තිබෙන කාටිලේජවලට හානියක් වෙන්න පුළුවන්. එතැන් සිට ඒ කාටිලේජ කොටස දිය වීමට පටන් ගන්නවා. මෙයට බටහිර විද්වතුන් කියනවා Cartilage Break down කියලා. ප්රශ්නය - මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් රෝගියකු ගැන සිද්ධි අධ්‍යයනයක් විස්තර කරන්න ඔබට පුළුවන්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය වයස 30 පමණ තරුණයකු පිළිබඳ කතාවක්. ඔහු වෛද්‍යවරයෙක්. දිනක් ඔහු වාහනය එලවාගෙන යමින් සිටියදී අධික වේගයෙන් පිටුපසින් පැමිණි වාහනයක් ඔහුගේ රථයේ පිටුපස කොටසේ ගැටුණා. ඒ සමගම ඇතිවූ ගැස්මෙන් ඔහුගේ කොඳුඇට පුරුක් කිහිපයක් තුවාල වෙනවා. කොඳුඇටවලට තුවාල වුණාම කාටිලේජ වලටත් තුවාලවීම අනිවාර්යයි. ඉතින් ටිකෙන් ටික ඔහුගේ කාටිලේජ දියවීමට පටන් ගත්තා. මේ දියවීම කොතරම් දරුණු වුණාද කියනවා නම් අවුරුදු දෙකක් ගත වන විට ඔහුගේ කොන්ද නවන්න බැරි වුණා. කොන්ද නවන්න උත්සාහ කළාම විශාල වේදනාවක් හට ගත්තා. ක්‍රමයෙන් ඔහුගේ කොඳු ඇට පුරුක් එකිනෙක ඇතිල්ලෙන්න පටන් ගත්තා. ඒ නිසා සුෂුම්නාවේ ක්‍රියාවලියට බාධා පැමිණුනා. එක් අවස්ථාවක් වන විට ඔහුගේ පිට මැද කොටසත්, පහළ අවවවලට සුෂුම්නාව මගින් සංඥා ගෙනයැම සම්පූර්ණයෙන්ම නැවතුණා. ඒ නිසා ඔහුගේ ඉනෙන් පහළ කොටස පණ නැතිව ගියා. ඒත් දැත් වැඩ කළා. එයට හේතුව සුෂුම්නාව හිරවෙලා තිබුණේ දැත් වලට සංඥා ගෙන යන කොටසට ඉහළින්. ප්රශ්නය - මේ රෝගියා සුව කරන්නට ඔබ පටන් ගත්තේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - බටහිර වෛද්‍යවරුන් නම් මෙවැනි අවස්ථාවලදී සැත්කම්වලට යනවා. එහෙත් අප මෙවැනි විටකදී කරන්නේ පිටතින් ආලේප කරන තෙල් සහ පානය කිරීමට දෙන කසාය මගින් ප්‍රතිකාර කිරීමයි. (ලබන සතියේ ඒ කළ ප්‍රතිකාරය සහ කාටිලේජ වර්ධනය කිරීමට බණ්ඩක්කාවලට තිබෙන හැකියාව.) නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 93 of 137 << < 9192939495 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner