You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 94 of 137 << < 9293949596 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2018 05:22 PM

n1 12පැහැපත් සමක්‌ ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්‌ බවට වර්තමානයේ පත්ව ඇත. අද සමාජයේ බොහෝ දෙනා සම පැහැපත් කර ගැනීම සඳහා විවිධ වූ ක්‍රමවේද අනුගමනය කරනු දක්‌නට ලැබේ. මෙවැනි විශ්ව ක්‍රම අනුගමනය කිරීම තුළින් සම නොයෙක්‌ ආකාරයෙන් විවිධ ආසාධන තත්ත්වයන්ටද පත් කර ගත් අය බොහෝය. එසේම සම තුළ ඇතිවන විවිධ රෝගාබාධයන් ගැනද අප අසා ඇත. එම නිසා සමේ රෝග පිළිබඳ නැකත පාඨකයින් දැනුවත් කිරීම සඳහා මෙවර අප ආයුර්වේද වෛද්‍ය රත්පත රුවන් රත්නායක මහතා සමඟ සාකච්ඡා කළෙමු. මේ පළවන්නේ එහිදී අප හා පැවැසූ අදහස්‌වල සාරාංශයකි.
 
 සමෙන් ඉටුවන කාර්යයන් මොනවාද?
 
 * සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රයන් ආරක්‌ෂා කිරීම.
 
 * සිරුරේ ඇතැම් ස්‌ථානවලට හැඩයක්‌ ලබා දීම.
 
 * සිරුරෙහි උණුසුම නියත මට්‌ටමක තබා ගැනීමට දායකවීම.
 
 * ශරීරයට එකතු වූ විෂ, අපද්‍රව්‍ය බහිස්‍රාවී ක්‍රියාව මගින් බැහැර කිරීම.
 
 නමුත් විවිධ හේතූන් මත පැන නැගෙන ගැටලුකාරී තත්ත්වයන් ගණනාවකින් සම රෝගවලට ගොදුරු වේ. එය ශරීරයට බාහිරින් පැමිණෙන ක්‍ෂුද්‍ර ජීවී ආසාදනයක්‌ විය හැක. එවැනි බෝවන රෝග තත්ත්වයන් ස්‌පර්ෂයෙන්, ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසිදුකමින් සම්ප්‍රේෂණය වේ. එවන් අවස්‌ථාවකදී වත්මනෙහි ඇති දියුණු තාක්‍ෂණික ක්‍රම මගින් නිපදවන ලද ක්‍ෂුද්‍ර ජීවී නාශක ඖෂධ වඩාත් යෝග්‍ය වුවද එසේ පිටතින් පැමිණෙන විෂබීජ මගින් සමෙහි ආසාදනයන් ඇති වන්නේ කුමක්‌ නිසාදැයි සලකා බැලිය යුතුය.
 
 සැබැවින්ම ඊට හේතු වනුයේ ක්‍ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් වැඩිවීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් (උෂ්ණත්වය හා තෙතමනයන්) එම පුද්ගලයන්ගේ කායික අභයන්තර හේතුන් මගින් ඇතිවන බැවිනි. එවැනි අවස්‌ථාවලදී පිටතින් පැමිණෙන විෂබීජයන්ගේ ආසාදනයන් විකර්ෂණය කළ හැකි ඒවාට ඔරොත්තු දෙන ඉහළ ප්‍රතිශක්‌තීන් ගොඩනගා ගැනීමට දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඇසුරු කිරීම යෝග්‍ය වේ.
 
 ක්‍ෂුද්‍රජීවී ආසාදනයන්ගෙන් තොරව එනම් බෝ නොවන තත්ත්වයන් යටතේ සමේ ස්‌වභාවික තත්ත්වයට හානි පමුණුවමින් හටගන්නා විවිධ සමේ රෝග නිට්‌ටාවටම සුව කර ගත හැකි ක්‍රමයන් තිබේදැයි සොයා බැලිය යුතුය.
 
 මෙවැනි අවස්‌ථාවලදී මිහිමත ඇති සියලු වෛද්‍ය ක්‍රම අභිබවමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෙරමුණේ සිටී.
 
 ඉහත කී බෝ නොවන සමේ රෝග ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ විවිධ හේතූන් නිසා රක්‌තය දූෂණයට ලක්‌වීමයි.
 
 රක්‌තය දූෂණය වන හේතු මොනවාද?
 
 * ශරීර ප්‍රකෘතිය උපතේ සිටම පුද්ගලයකුට උරුම වන "වා" "පිත්" "සෙම්" දොaෂයන් අතුරින් පිත් දොaෂයය අධික වූ උෂ්ණාධික ශරීර තත්ත්වයන් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර එයට "වා" "සෙම්" දොaෂ වල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ආදී ලක්‌ෂණ මතුවේ.
 
 * ආහාර විහරණයන් පරිභෝජනය කරන ආහාරවල ආම්ලික ප්‍රභවයන් බිලිං, ගොරකා, සියඹලා, තක්‌කාලි අන්නාසි ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාරවල ඇති ඇස්‌කොබික්‌ ඇසිඩ්, සිට්‌රික්‌ ඇසිඩ් බහුලත්වය හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර (දෙල්, කිරි අල, ඉස්‌සෝ, දැල්ලෝ, බලමාළු, කකුළුවෝ) අධිකව පරිභෝජනය නිසා කෙලින්ම රක්‌ත දොaෂ ඇති වේ.
 
 ඊට අමතරව රාත්‍රි නිදි වැරීම, දහවල නිදාගැනීම, තද අව්වේ ගමන් බිමන් යැම, කෑ පිට කෑම, විරුද්ධ ආහාර භෝජනය මත්පැන් භාවිතය ආදී අහිතකර විහරණයන් (ක්‍රියාවන්) නිසා රක්‌ත දොaෂ හට ගනී.
 
 * ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවන් ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජීර්ණයේ පවතින දුර්වලතාවන් නිසා ගන්නා ආහාර ශරීරයට ගත හැකි අවසාන ඵල දක්‌වා භේදනය නොවී අවශෝෂණය වී (මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ආමරසය හෙවත් අමු ආහාර රසය ලෙස දැක්‌වේ.) රක්‌තයට එකතු වීමෙන් නිරන්තරයෙන් රක්‌තය දූෂණය වේ.
 
 * මානසික හේතු මත - නිතර ඇතිකර ගන්නා වෛර ක්‍රෝධ සිතුවිලි, කනස්‌සල්ල, නිතර කේන්ති ගැනීම්, කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික පීඩනය ආදී හේතූන් නිසා රක්‌ත දොaෂ හට ගනී.
 
 * දිගු කලක්‌ දියවැඩියාව පැවතීම - දැයවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගේ රුධිරයට නිරතුරුවම විෂ කොටස්‌ එකතුවන්නේ එයද ආහාර ජීර්ණයේ විකෘතියක්‌ වන බැවිනි. දීර්ඝකාලීනව දියවැඩියාවට ඉවක්‌ බවක්‌ නැතිව පෙති ගිලින්නන් එමගින් සමේ රෝග වැනි අතුරු ආබාධ ඇති වන්නේ යෑයි නිතර මැසිවිලි නගති. "දියවැඩියා රෝගීන් පෙළෙන අතුරු ආබාධ සුවකළ හැකියි" යන මාතෘකාව යටතේ ඉදිරියේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.
 
 ඉහත හේතු නිසා හට ගන්නා වර්තමානයේ බහුල බෝ නොවන සමේ රෝග මොනවාද?
 
 * සමේ පලු දැමීම - ඇතැම් අයට විවිධ දැ ස්‌පර්ශ වීම (ශාක වල බූව, දළඹුවන් ආදී) නිසා විෂම වූ ආහාර වර්ග හෝ කෘමි දෂ්ඨන (මදුරුවන්. මකුණන්...) නිසා සිරුර පුරා පලු දැමීම සහ අසාත්මිකතාවලින් ආරම්භ වී ඇතැම් විට දරුණු පීඩාවන් ඇති කරවන අවස්‌ථා තිබේ.
 
 ඇතැම් අයට කැසීම් නිසා හෝ සවස්‌ කාලයේ දිය නෑම, ඇඟපත සේදීම වැනි අවස්‌ථා වල පලු දැමීම ඇති වේ. (කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලය.)
 
 * මදුරුවන් දෂ්ඨ කළ විට හෝ ඉබේටම තැන් තැන් වල ඇති වන කුඩා බිබිලි විශේෂයන් කැසීම නිසා ඇතමුන්ගේ තුවාල හට ගනී. ක්‍රමයෙන් වේගවත්ව මේවා පැතිරී යයි. ඇතැම් විට තෙත් වු දියර වගුරයි. මෙවැනි පැතිරෙන සුළු තුවාල ශරීරයේ ඕනෑම තැනක හට ගත හැකිය.
 
 * ඊටත් වඩා ප්‍රබලව රක්‌ත දොaෂ ඇති අයට දෙපා වල දණහිසින් පහළ ප්‍රදේශවල සම පුපුරා තෙත දියර ගලන අධික කැසීම් සහිත වාතරක්‌ත අවස්‌ථාවන් මතුවේ. ඇතැම් විට මේවා පාද හෝ ඇඟිලි කරු ආශ්‍රිතව සන්දිවල කැසීම්වලින් ආරම්භ වේ.
 
 * සමේ රෝගවල දරුණුතම අවස්‌ථාව වනුයේ විවිධාකාරයෙන් හට ගන්නා කුෂ්ඨ රෝගයන් ය. මේවා බොහෝ විට පෙර භව වලදී කරන ලද අකුසල කර්මමයන්ගේ බලපෑම් මගින් ඇති වන පීඩාකාරී අවස්‌ථාවන් වේ.
 
 ඒ ඒ පුද්ගලයන්ට ආවේණික වූ කර්මානුරූප හේතුන් අනුව එවැනි කුෂ්ඨ රෝගවල ව්‍යාප්තිය සිදුවී ස්‌ථානගත වන බැවින් ඖෂධ ප්‍රතිකාරයන්ට සමගාමීවම මෛත්‍රී සහගතව සිදුකළ හැකි අධ්‍යාත්මික පුණ්‍ය ක්‍රියාවන්ට යොමු වීම මෙවැනි අවස්‌ථාවලදී සිදු කළ යුතුවේ.
 
 සමේ රෝග ඇතිවන බොහෝ අවස්‌ථාවලදී එම රෝගවලට සමගාමීව ඇති වන විවිධ වූ වෙනත් කායික රෝග ද හටගනී. ඇදුම, පීනස, අර්ශස්‌, බඩ පුරවා දැමීම, මළබද්ධය, බඩගින්න අඩුවීම හෝ අධික බඩගින්න ආශ්‍රිත ජීර්ණ පද්ධතියේ දොaෂ, (ගැස්‌ට්‍රයිටිස්‌ මේ අතුරින් ප්‍රධානත්වයක්‌ ගනී.) හිසේ කැක්‌කුම, නින්ද නොයාම, අධික නිදිමත, අධික ලෙස කේන්තියාම, ඇස්‌ කන් කැසීම, උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්‌සීම්, ආදී බොහෝ රෝග හා රෝග ලක්‍ෂණ අවස්‌ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්‍රමුඛ වේ.
 
 විමර්ශනශීලීව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියෑළෙන්නට එක විට එක රෝග තත්ත්වයක්‌ හෝ ලක්‌ෂණයක්‌ පිළිබඳව පමණක්‌ සලකා බැලීමකින් තොරව ඉහත සියලු ලක්‌ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම් සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්‌ටාවවටම සුවකර ගත හැකිය.
 
 වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව තිරසාර විශ්වාසයක්‌ ගොඩනගාගෙන තිබුණද මෙම වෛද්‍ය කර්මයන් හිදී අමුද්‍රව්‍ය සොයා, කපා කොටා සකස්‌කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිලියෙළ කරගැනීම් නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසුවීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ.
 
 නමුත් ඉපැරණි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙළ වෙදකමෙහි සශ්‍රීක මූලාශ්‍රයයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්‌මිත වෙදකම් නිර්මාණශීලීව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්‌ටාවටම සුවපත් කර ගැනීමට නව මඟක්‌ විවර කරමිනි.
 
 ඕනෑම කාර්යබහුල අවස්‌ථාවන්හිදී රැකියාවන් කරන අතර තුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල කළ කෂාය වර්ග, පෙති ලෙස සකස්‌ කළ කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙළෙන සුවහසකගේ රෝග පහසුවෙන් නිට්‌ටාවටම සුවපත් කිරීම උදෙසාමය.

n1 10

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2018 05:28 PM
n1 6ප්‍රශ්නය - පාකින්සන් කියන්නේ දිගු කලක්‌ තිස්‌සේ මනුෂ්‍ය සමාජයේ තිබූ රෝගයක්‌ බව පසුගිය කාලයේදී ඔබ කළ විග්‍රහ මගින් පැහැදිලි වුණා. මෙය ස්‌නායු පද්ධතිය මුල් කරගත් රෝගයක්‌ බවත් ආයුර්වේද විග්‍රහයට අනුව ශරීරයේ වාත දොaෂය කිපීම නිසා හටගන්නා බවත් මේ වන විට ඔබ අපට තේරුම් කර දී තිබෙනවා. මේ ලිපි කියවන ඇතැම් අය අපෙන් ප්‍රශ්න කරනවා ආයුර්වේදය මගින් මේතරම් බරපතළ රෝගයක්‌ සුව කරන්න පුළුවන්ද කියලා. ඔවුන්ගේ වැටහීම වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව මගින් පමණක්‌ මෙය සුව කළ හැකි බවයි.
 
 වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - බටහිර විද්‍යාවට අනුව අදටත් පාකින්සන් කියන්නේ රෝගයක්‌ නොව රෝගී ශාරීරික තත්ත්වයක්‌. බටහිර විද්‍යාව මගින් දියවැඩියාව අර්ථකථනය කරන්නේ රෝගයක්‌ නොව රෝගී තත්ත්වයක්‌ හැටියටයි. එහෙත් ආයුර්වේදය මගින් මේ දෙකම රෝග හැටියට හඳුනා ගන්නවා. බටහිර විද්‍යාවේ ලෙඩකට ප්‍රතිකාර හැටියට තිබෙන්නේ මොනවද? ප්‍රතිජීවක ඖෂධ, අසාත්මිකතාව නැති කරන ඖෂධ, වේදනා නාශක, රුධිරය කැටි ගැසීම පාලනය කරන ඖෂධ වැනි දේවල්. ආයුර්වේදය තුළත් මේවා තිබෙනවා. හැබැයි ආයුර්වේදය තුළ මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ ස්‌වභාවික ද්‍රව්‍ය වලින්. විශේෂයෙන් ශාක සාරවලින්. මේ බෙහෙත්වලින් ශරීරය විනාශ වන්නේ නැහැ. බටහිර විද්‍යාවට අනුව දියවැඩියා රෝගියකුට ඉන්සියුලින් එන්නත් කරනවා. ආයුර්වේදය තුළ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිපදවන අග්න්‍යාසය පන ගන්වනවා. මේ දෙකෙන් කෝකද හොඳ? හැමදාම දවසකට වරක්‌ හෝ දෙවරක්‌ කටුවකින් ඇඟට ඇනලා ඉන්සියුලින් දෙන එකද, එහෙමත් නැත්නම් කසාය, ගුලි, කල්ක මගින් අග්න්‍යාසය පණ ගන්වන එකද? පාකින්සන් හෙවත් කම්පවාතය කියන්නේ වයස අවුරුදු හැත්තෑවට වැඩි අයගෙන් 1% කට සෑදෙන රෝගයක්‌ කියා පිළිගැනීමක්‌ තිබෙනවා. ඒත් අද වන විට ඒ තත්ත්වය වර්ධනය වෙලා. දැනට වයස 70 ට වැඩි අයගෙන් 10 - 15% අතර ප්‍රමාණයක්‌ තුළ අතපය වෙව්ලීම, තමන්ට අවශ්‍ය පරිදි අත්පා එහා මෙහා කරගන්නට බැරි වීම මූලික කම්පවාත ලක්‍ෂණ තිබෙනවා. තව අවුරුදු 25 කදී මේ ගණන 100% ක්‌ වීමටත් ඉඩ තිබෙනවා. අප නම් ස්‌ථිරවම විශ්වාස කරන්නේ මේ රෝගය නැති කර ගැනීම සඳහා සුදුසුම ක්‍රමය ආයුර්වේදය බවයි.
 
 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2018 05:41 PM

n1 9ප්‍රශ්නය - පසුගිය සතියේදී අවස්‌ථාවක අප ඔබ සමඟ සාකච්ඡා කළෙ Aඉජිess වෙත් විද්‍රදි නමැති ගුදගත රෝග තත්ත්වය ගැනයි. සතියක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ පවතින මේ රෝග තත්ත්වය Fසිඑමක්‌ තත්ත්වයට පරිවර්තනය නොවීමට අප වගබලා ගත යුතු බව ඔබ පැහැදිලි කළා. මේ වගේ රෝගයක්‌ හටගන්නේ කොහොමද?
 
 වෛද්‍ය පුෂ්පකුමාර - ආයුර්වේදයේ හැටියට මේ රෝගය හටගන්නේ ලේ අපිරිසිදු වීම නිසයි. එනම් රක්‌ත දූෂණය නිසයි. ලේ අපිරිසිදු වීමට එනම් දූෂ්‍ය වීමට ප්‍රධාන හේතුව තමයි ආහාර. ආහාරවල තිබෙන විවිධ දෝෂ සහ විෂ සහගත තත්ත්වයන් නිසා ලේ අපිරිසිදු වෙනවා. උදාහරණයක්‌ වශයෙන් ඉස්‌සො, දැල්ලෝ, බලමාළු, අච්චාරු වැනි දේවල් ශරීරයට ගත්තම රක්‌ත දූෂණය විය හැකිය. ඒවා අප හඳුන්වන්නේ දූෂ්‍ය ආහාර හැටියටයි. උෂ්ණ කියන එකේ තේරුම අධි ප්‍රොaටීන සාන්ද්‍රණයක්‌ මේ ආහාරවල ඇතුළත් වීමයි. උෂ්ණ ආහාර සමහරුන්ට ගැළපුණත් තව සමහරුන්ට හරියන්නෙ නැහැ. එමගින් ඔවුන්ගේ ලේ දූෂණය වෙනවා. මෙන්න මෙතැනදී අපි රක්‌ත ශෝධනය කියන ක්‍රියාවලියට යොමු වෙනවා. ඊට ප්‍රථම අපි රෝගීන්ට කියනවා කොළ, එළවළු වැඩිපුර ආහාරයට ගන්නා ලෙසත්, උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටින ලෙසත්. මල බද්ධය පවතින විටත් ශරීරය අභ්‍යන්තරය අපිරිසිදු වන බව කිව යුතුයි. ඒ කියන්නේ ශරීරයෙන් බැහැර කළ යුතු දේවල් ශරීරය තුළ එක්‌රැස්‌ වෙමින් තිබෙන විට විෂ සහිත තත්ත්වයක්‌ හටගන්නවා.
 
 ලබන සතියට
 
 n1 11සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
 
 නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055





n1 1ප්‍රශ්නය - වියළි සමය සහ විෂම කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින නිසා අද අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ තත්ත්වයට ගැලපෙන කසායක්‌.
 
 වෛද්‍ය වසන්ත උදයජීව - මේ කාලයට ගැලපෙන, ඉතා ඉක්‌මණින් පල ලබාදෙන කසායක්‌ මා අද ඔබට දෙනවා. මෙය ඉන්දියානු ආයුර්වේදය තුළ ඉතාම බහුල ලෙස ජනප්‍රිය කසායක්‌. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ එය රෝගීන්ට දී උසස්‌ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිව තිබෙනවා.
 
 කසාය
 
 බෙහෙත් එඬරු මුල්, පාවට්‌ටා මුල්, ගොකටු දඬු, රසකිඳ, බැබිල මුල්, නීරමුල්ලිය, සුදුපෑනු, අමුක්‌කරා අල, අතිවිඩයම්, මුඩමහන මුල් යනාදිය කලං එකයි මංචාඩි හතර බැගින් ගෙන වතුර කෝප්ප 8 ක්‌ මැටි හැලියකට දමා මේ බෙහෙත් වර්ග සියල්ල දමා ලිප තබා වතුර කෝප්ප 1 කට සිඳ සීනි, මී පැණි දමා දින 12 ක්‌ දිනකට, කසාය කෝප්ප භාගයක්‌ උදේටත්, ඉතිරි භාගය හවසටත් යනාදී වශයෙන් පානය කළ යුතුයි. මේ අනුව බෙහෙත් කඩෙන් කසාය මුල් 12 ක්‌ ලබා ගත යුතු වෙනවා.
 
 n1 5වාතය, පිත, කප යන තුන් දොසටම හරියන ඖෂධ මෙහි තිබෙනවා. මෙවැනි වියලි කාලයක ඉහත සඳහන් තුන්දොස්‌ කිපෙන බව අප හැමෝම දන්නවා. ඒ තුන්දොස්‌ සමතුලනය කිරීම තමයි කසාය මගින් කළ යුත්තේ. එය තමයි මූලික පියවර. ඒ සමඟම ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය වර්ධනය වීමට පටන් ගෙන රෝගය පාලනය වනවා. බලන්න මෙහි තිබෙන පාවට්‌ටා මුල්, එය සෙමට ඉතාම යෝග්‍යයි. බැබිල මුල් මගින් වේදනාව නැසෙනවා. සුදුලූනුත් එහෙමයි. අමුක්‌කරා මගින් කාය ශක්‌තිය වර්ධනය කරනවා. මේ කසායේ ගුණ ගැන එය පරිහරණය කළ අය දන්නවා.














n1 3ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප ශ්වේත ප්‍රදරය හෙවත් සුදයැම ගැන කතා කරනවා. පසුගිය දිනක වෛද්‍ය සාකච්ඡාවකදී නියෑවුණා ශ්වේත ප්‍රදරයට වර්ණ තිබෙනවා කියලා. මොකද්ද මේ ප්‍රකාශය.
 
 වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ශ්වේත ප්‍රදරය වර්ග කිහිපයක්‌ ම තිබෙනවා. ඒවා වර්ගීකරණය කරන්නේ ඒවායේ වර්ණය සහ එය තුළ අඩංගු දේ, එනම් සංයුතිය අනුවයි. සමහර ශ්වේත ප්‍රදර තත්ත්වයන් ඉතාම සාමාන්‍ය බවත්, හානිකර නොවන බවත් පසුගිය සාකච්ඡාවලදී මා ඔබට පැහැදිලි කර දී තිබෙනවා. තවත් සමහර ශ්වේත ප්‍රදර තත්ත්වයන් ඉතාම නරකයි. තවත් සමහර විට සුද යන විට දුගඳක්‌ හට ගන්නවා. ඉතා පැහැදිලි, අවර්ණ ජලය හා සමාන සංයුතියක්‌ ඇති ශ්වේත ප්‍රදරය ඉතාම සාමාන්‍ය දෙයක්‌. මෙය මාසයේ ඕනෑම දිනයක ඇතිවිය හැකියි. ඔසප් අවස්‌ථාවලදී මෙය වර්ධනය වීමට පුළුවන්.
n1 2ඒ වගේම ශ්වේත ප්‍රදරය පිටවන්නේ පැහැදිලි සහ අතේ ඇලෙන සුළු, සෙම වැනි ස්‌වභාවයකින් නම් එයට හේතුව ඩිම්බනීහරණය විය හැකියි. මේ තත්ත්වයත් ඉතාම සාමාන්‍යයි. ඒ ගැන බිය විය යුතු නැහැ. ශ්වේද ප්‍රදර දියරය දුඹුරු හෝ කුණු ලේ පාට, ලේ පාට ස්‌වභාවයක්‌ ගන්නවා නම්, එය සිදුවන්නේ ඔසප් කාලය තුළදී නම් එයත් සාමාන්‍යයි. එයට හේතුව ඔසප් රුධිරයෙන් කොටසක්‌ ශ්වේත ප්‍රදර දියරය සමඟ එකතු වීමයි. එහෙත් මෙය දිගටම තිබෙනවානම් සහ ශ්වේත ප්‍රදර දියරයෙන් දුර්ගන්ධයක්‌ හට ගන්නවා නම් ඔබ වහාම වෛද්‍යවරයකු හමු විය යුතුයි. එයට හේතුව සමහර වෙලාවට ඔබේ ගැබ තුළ ගබ්සාවක්‌ හටගැනීම විය හැකියි. සමහර විට ගර්භාෂය තුළ පිළිකා තත්ත්වයක්‌ හට ගෙන තිබෙනවා නම් එවිටත් මෙවැනි තත්ත්වයක්‌ ඇති වෙනවා. මේඅතර සමහර කාන්තාවන්ගේ ප්‍රදරය කහ පාටයි. එය ඝනකම්, ඇලෙන සුළු, දුගඳ දෙයක්‌ නම්, වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. හේතුව එය සංසර්ගය නිසා බෝවන ලිංගාශ්‍රිත රෝගයක්‌ විය හැකියි. මෙය ගොනෝරියා රෝගයේ ලක්‍ෂණයක්‌.
 
 තව සමහර කෙනෙකුගේ ප්‍රදරය කොළ පාටයි. නැත්නම් කහපාටට හුරු කොල පාටයි. මෙයත් ලිංගාශ්‍රිත රෝගයක්‌ වන ඔරසජයදපබස්‌sසි රෝගයේ ලක්‍ෂණයක්‌.පළමුවන සති දෙක තුළ දෙන කසාය මගින් ශ්වේත ප්‍රදරය සුව කරන්නට දේශීය වෛද්‍ය ක්‍රමයට පුළුවන්. එවැනි කසාය වර්ග ගැන විස්‌තර ලබන සතියේ සාකච්ඡා කරමු.
 
 නොමිලේ විස්‌තර සඳහා
 0713464276/ 0759061771
 අංකයට කතා කරන්න
 සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2018 05:59 PM
n1 8ළමයිගේ ඇදුමට අදාළ වෙනත් රෝග ලක්‍ෂණ
 
 * ප්‍රතිශ්‍යාව.
 
 * පපුවේ ගුරු ගුරු ශබ්දය.
 
 * කෙටි හුස්‌ම අපහසුවෙන් ගැනීම.
 
 * හුස්‌ම පිටකිරීම සඳහා දීර්ඝ වේලාවක්‌ ගතවීම.
 
 * අධික පිපාසය.
 
 * රෝගියාට තමාගේ කටයුතු කර ගැනීමට නොහැකි වීම.
 
 * සෙම පිට වූ විට මද සුවයක්‌ දැනීම.
 
 * උගුර කැසීම.
 
 * කථාව අපහසුවීම.
 
 * නින්ද නොයැම.
 
 * ඇස්‌ ඉදිමීම
 
 * නලලට දහදිය දැමීම.
 
 * තොලකට වියළීම.
 
 * වරින් වර පිඹින්නාක්‌ මෙන් හුස්‌ම ගැනීම.
 
 * හතිය නිසා සිරුර ගැස්‌සීම.
 
 රෝගය ඇතිවීම වළක්‌වා ගැනීමට ඔබ පිළිපැදිය යුතු කරුණු.
 
 රෝගය ඇතිවීමට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ බැවින් කලක්‌ යන විට තමාට බලපාන හේතුව තේරුම් ගැනීමට හැම රෝගියකුටම හැකි වේ. ඒ හේතුව තමාට වළක්‌වා ගත හැකි එකක්‌ නම් එයින් ඈත් වීමෙන් රෝගය බොහෝ දුරට වළක්‌වා ගැනීමට ඔබටම හැකියාව ලැබෙනු ඇත. මේ අනුව,
 
 * අහිතකර ආහාරපාන ගැනීමෙන් වැළකීම.
 
 * දුම් හා දූවිලි වැදීමෙන් වැළකීම, ගෙවල් දොරවල් අතුපතු ගෑම කරනවා නම් නාසය හා මුඛය ආවරණය කරගෙන සිදුකිරීම.
 
 * ශීතල දැ පරිහරණයෙන් වැළකීම (වායු සමනය කරන ලද කාමරවල සිටීම හා එවැනි රථවාහනවල ගමන් කිරීමෙන් වැළකීම)
 
 * ශීතල සුළං වැදීමෙන් වැළකීම.
 
 * ආවේලාවේ නෑමෙන් වැළකීම (විශේෂයෙන්ම සවස්‌ කාලයේ හා රාත්‍රි කාලයේ ශීතල ජලය නෑමෙන් වැළකීම.)
 
 * නිදි වැරීමෙන් වැළකීම.
 
 * පිනිබෑමෙන් වැළකීම.
 
 * අධිකව වෙහෙසීමෙන් වැළකීම.
 
 * අධිකව ව්‍යායාම කිරීමෙන් වැළකීම.
 
 * මළ මුත්‍ර වේග දැරීමෙන් වැළකීම.
 
 * මානසික පීඩාවලින් වැළකීම.
 
 * උදේට පැය භාගයක්‌ පමණ හොඳ පිරිසිදු වාතය ඇති ස්‌ථානයක ආනාපානසති භාවනාව වැඩීම.
 
 * ගැඹුරට හුස්‌ම ගැනීම හා පිටකිරීමට පුරුදු වීම ආදිය මගින් රෝගය නැවත ඇතිවීම බොහෝ දුරට ඔබටම වළක්‌වා ගත හැකිවේ.
 
 රෝග තත්ත්වය පාලනය කිරීම.
 
 * අහිතකර පරිසරයකට යනවා නම් අවශ්‍ය ඖෂධ ළඟÊතබාගෙන වෛද්‍ය උපදෙස්‌ අනුව ගැනීම.
 
 * රෝගය වැළඳීගෙන එන විට උණුසුම් වතුර පානය කිරීම.
 
 * උණුවතුර හුමාලය නාසයට ඇල්ලීම.
 
 * ඉඟුරු කොත්තමල්ලි තම්බා උණුසුම්ව පානය කිරීම.
 
 * රෝගය ඇති විට හැකි පමණ විවේක ගැනීම.
 
 * සිත පිරිසිදුව ප්‍රබෝධමත්ව තබා ගැනීම.
 
 * රාත්‍රි කාලයට සැහැල්ලු ආහාරයක්‌ ගැනීම සුදුසුය.
 
 * නිදා ගන්නට පැය භාගයකටවත් පෙර රෝගියාගේ ඇඳේ ඇතිරිලි ආදිය වෙනත් අයකු විසින් ගසා පිරිසිදු කර සකස්‌ කර තැබීම.
 
 නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567
  n1 13
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2018 06:11 PM

diabiticeදියවැඩියාව රෝගයේ දී ස්‌නායු ආබාධ නිසා ඇති වන රෝග ලක්‌ෂණ පහළ වීම විවිධ ස්‌වරූපයෙන් ඇතිවිය හැක. ඇතැම් විටෙක සංවේදන විකෘතිතා ලෙස ද ඇතැම් විටක චාලක හෙවත් අවයවල ක්‍රියාකාරිත්වයේ විකෘතිතා ලෙස ද පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව සිදු කෙරෙන අනිච්ඡානුග ක්‍රියාකාරිත්වයන්ගේ විකෘතිතා ලෙස ද රෝග ලක්‌ෂණ පහළ විය හැක. බොහෝවිට මෙම රෝග ලක්‌ෂණ රෝගීන් හට විවිධ ආකාරයෙන් අවබෝධ විය හැක. වැඩි දෙනකුට අත් පාවල ඇති වන සංවේදන විකෘතිතා අත් පා වල ඇති වන හිරියක්‌ ලෙස දැනීමට පුළුවන. අත් පා වල දැවිල්ල, සීතල ගතිය හෝ පුපුරු ගැසීම ඉදිකටුවකින් අනින්නාක්‌ වැනි සියුම් වේදනාවක්‌ ලෙස හෝ අත් පාවල තද ගතියක්‌ ලෙස හෝ උණුසුම, සීතල සහ වෙනත් ස්‌පර්ශ සංවේදන සාමාන්‍ය කෙනකුට වඩා වැඩි තීව්‍රතාවකින් රෝගියා හට දැනීමට පුළුවන.

ඇතැමි කෙනකුට අතුල් පතුල් වල යමක්‌ ඇල වී ඇත්තාක්‌ සේ දැනීමක්‌ හැඟීමක්‌ ඇතිවිය හැක.

තවත් සමහරෙකුට ඇතැමි සංවේදන නොදැනීම, උණුසුම සීතල නොදැනීම හෝ සමහරවිටෙක යමක ගැටීමේ දී ඇති වන සාමාන්‍ය වේදනාවන් නොදැනීම, පැළඳ සිටින සෙරෙප්පු, පාවහන් වැනි දේ තමා නොදැනුවත්වම ගැලවී යැම ආදී විවිධ සංවේදන දුර්වලතා රෝගීනට ඇතිවිය හැක. මෙවැනි තත්ත්වයන් සමඟ ඇතැමි විට ඇවිදීමේ දී හෝ හිටගෙන සිටින විට දී සමබරතාව පවත්වා ගැනීමේ අපහසුව නිසා විසි වීම, වැටීම, ඇවිදීමේ දී අවට ඇති මේස පුටු ආදියේ හැප්පීම, පොළවේ ඇති ගල් වල ගොඩැලි ආදියේ ගැටීම, ඇතැම් විට මෙවැනි ගැටීම් නිසා පාද වල තුවාල වීම සහ තුවාලයක්‌ ඇති වූ බව රෝගියාහට නොදැනීම වැනි තත්ත්වයන් ඇති විය හැක.

සංවේදන විකෘතිතාවලට අමතරව අත් පා වල චාලක විකෘතිතා ඇති විය හැක. අත් වල මාංශ පේශි වල ඇති වන අප්‍රාණිකත්වය නිසා අත් වලින් සිදු කරන සියුම් ක්‍රියාකාරකම් නිසි පරිදි කිරීමට අපහසු විය හැක. එදිනෙදා පරිහරණය කරන විවිධ උපකරණ එනම් පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු යතුරු පෑන පැන්සල වැනි උපකරණ නිසි පරිදි හැසිරවීමේ අපහසුතාවන් අත්වල හට ගන්නා චාලක නියුරෝන විකෘතිතා වල මූලික අවස්‌ථාවේ දී ඇති වී රෝග තත්ත්වය වර්ධනය වීමත් සමඟ බර එසවීමේ අපහසුව, ඇඟිලි චලනය කිරීමේ අපහසුව, උරහිස මට්‌ටමෙන් ඉහළට අත් එසවීමේ අපහසුව සහ අත් වල සම්පූර්ණ අප්‍රාණිකත්වය ආදී නොයෙකුත් ආකාරයේ දුෂ්කරතා ඇතිවීමට පුළුවන. පාද වල හට ගන්නා චාලක නියුරෝන විකෘතිතා වලදී මුල් අවස්‌ථාවේ දී පාදයේ මහපටැඟිල්ලේ අප්‍රාණිකත්වය, වළලුකර සන්ධිය නිසි පරිදී ක්‍රියා නොකිරීම, පාද තල නිසි පරිදි එසවීමේ අපහසුව ඒ නිසා ඇවිදීමේ දී ඇතැම් විට පා ඇඟිලි බිම දිගේ ඇදී යැම පියගැට පෙළ නැඟීමේ බැසීමේ අපහසුව සමබරතාව පවත්වා ගැනීමේ අපහසුව වාඩි වී සිටින අසුනින් නැගිටීමේ අපහසුව දණහිස සන්ධියෙන් බර උසුලා ගැනීමට නොහැකි ව, දණහිස්‌ සන්ධි වලංගු නොමැතිව ඇද වැටීම, දෙපා කලවා උකුල අප්‍රාණිකව එකතැන් වීම සහ දෙඅත් දෙපා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් අප්‍රාණික වීම වැනි තත්ත්වයන් ඇතිවිය හැක.

ඉහත සඳහන් සංවේදක සහ චාලක නියුරෝනවල ඇති වන විකෘතිතාවලට අමතර ව පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන ස්‌වයංසාධක ස්‌නායු පද්ධතියේ ඇති වන විකෘතිතා ද දියවැඩියා රෝගීන් හට ඇති වීමට පුළුවන. ස්‌වයංසාධක ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අනුව පාලනය වන ව්‍යqහයන් වන හෘදය රුධිර වාහිනී ආමාශයාන්ත්‍රික ව්‍යqහය සහ මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිත විකෘතිතා ඇති විය හැක. එහිදී හෘදයේ සංකෝචන ප්‍රසාරණ ක්‍රියාකාරිත්වයේ රිද්මීය විකෘතිතා, රුධිර පීඩනයේ වෙනස්‌ කම් සහ ලිංගික අප්‍රාණිකත්වය වැනි තත්ත්වයන් ඇති විය හැකි අතර තවත් විවිධ රෝග ලක්‌ෂණ පහළ වීමට පුළුවන. සමහර විටෙක රෝගියාට තම හෘදයේ ගැස්‌ම දැනෙන්නට පටන් ගනී. රුධිර පීඩනයේ වෙනස්‌කම් නිසා ක්‌ලාන්තය, කරකැවිල්ල, හිසරදය, අවධානය යොමුකිරීමේ අපහසුව, කැළඹිලිකාරී මානසික ස්‌වභාවය, ඇඟපත අප්‍රාණික බව, කම්මැලි ස්‌වභාවය, නිතර ඇති වන හිස බර බව සහ නිදිමත ගතිය වැනි අපහසුතා ද වමනය ඔක්‌කාරය වැනි තත්ත්වයන් ද, ගිලීමේ අපහසුතාව, මළ බද්ධය හෝ අතීසාරය වැනි තත්ත්වයන් ද ඇති වීමට පුළුවන. ඉහත සඳහන් රෝග ලක්‌ෂණවලට අමතරව පීඩාවට පත් වන ස්‌නායුව සහ එමගින් පාලනය කරන අවයවය හෝ ඉන්ද්‍රිය අනුව විවිධ වෙනත් රෝග ලක්‌ෂණ සහ අපහසුතා ද ඇති විය හැක. මෙම රෝග ලක්‌ෂණ වෙනත් රෝග පීඩා වලදී ද ඇති විය හැකි බැවින් රෝග තත්ත්වය නිවැරදිව හඳුනාගත හැක්‌කේ මනා වෛද්‍ය පරීක්‌ෂණයකින් පමණක්‌ බව අවබෝධ කර ගත යුතුය. මෙවැනි තත්ත්වයන් නොසලකා හැරීම නිසා හෝ නිසි පරිදි හඳුනාගෙන ඊට සුදුසු ප්‍රතිකර්ම නොගැනීම නිසා බොහෝ දරුණු උපද්‍රවකාරී තත්ත්වයන්ට රෝගියා ගොදුරු විය හැක. මෙවැනි ස්‌නායු පීඩා ඇති වීම වැළැක්‌වීමටත්, වඩාත් සාර්ථක ලෙස පාලනය කිරීමට හෝ සුවපත් කිරීමටත් ආයුර්වේද ප්‍රතිකාර මහත් සේ උපකාරී වන බව අවබෝධ කර ගත යුතු ය.

diabitice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Feb 2018 04:12 PM

phoneස්‌මාර්ට්‌ ජංගම දුරකථන (Smart Mobile Phone) නවීන තාක්‌ෂණික පහසුකම් භාවිත කරන වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය උපකරණයක්‌ බවට පත්ව ඇත.

පුද්ගල සන්නිවේදන කටයුතු සඳහා සමාජ ජාලය ඔස්‌සේ තොරතුරු ලබා ගැනීමට දැනුම වැඩිකර ගැනීම සඳහා පහසුකම් සපයා ගැනීමට ගමන් මාර්ග තොරතුරු දැන ගැනීමට දින පොතක්‌ ලෙස භාවිතා කිරීමට වේලාව දැනුම් දෙන උපකරණයක්‌ ලෙස භාවිත කිරීමට (Alarm) තමා ප්‍රියකරන ගීත ගබඩා කරගෙන අවශ්‍ය මොහොතක රසවිඳීමට ආදී කටයුතු රැසක්‌ ක්‍ෂණිකව සිදුකර ගත හැකි නිසා ස්‌මාර්ට්‌ ජංගම දුරකථනය තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගෙන තිබේ.

එය කොතෙක්‌ද යත් ශ්‍රී ලංකාවේද භාවිත වන ජංගම දුරකථන සංඛ්‍යාව ජනගහණයට වඩා දෙගුණයකි.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ වයස අවුරුදු 11 ත් 15 ත් අතර නව යොවුන් වියේ පසුවන දැරියන් අතර ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිතය පිළිබඳව සිදුකළ සමීක්‍ෂණයකට අනුව ඔවුන් ජංගම දුරකථනයක්‌ දිනකට පැය 3 - 4 ක්‌ එක දිගට භාවිත කරන බවත් දිනකට දුරකථන පණිවුඩ 50 ක්‌ පමණ හුවමාරු කරගන්නා බවත් අනාවරණය වී ඇත.

මේ අනුව ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයත් තරුණ පරපුරත් අතර සමීප සම්බන්ධතාවක්‌ ඇති බව වටහාගත හැකිය.

එලෙස මෙම දුරකථන සමීප සම්බන්ධතාවය නිසාම එය ඔවුනගේ ශරීර සෞඛ්‍යයට ද බලපෑම් එල්ල වන්නට පටන් ගෙන ඇත.

වෛද්‍යතුමනි, ස්‌මාර්ට්‌ ජංගම දුරකථනය අපගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව යම් පුද්ගලයකු නිරෝගී සෞඛ්‍යසම්පන්නව ජීවත්වන බව තීරණය කරනුයේ ශාරීරික, මානසික සහ සමාජයීය නිරෝගීතාවය අනුවය.

ඒ අනුව යම් පුද්ගලයකු ශාරීරිකව යම් රෝගයකට ලක්‌ව සිටී ද එම තැනැත්තා නිරෝගී සෞඛ්‍ය සම්පන්න නැත. එසේම මානසික සහ සමාජීය වශයෙන් රෝගීව සිටීද එවැනි පුද්ගලයන්ද නිරෝගී සෞඛ්‍ය සම්පන්න නැත.

ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයට අසීමිතව භාවිත කරන විට ඊට ඇබ්බැහි වීමක්‌ සිදුවේ. එය හොඳින් වැටහෙන්නේ ජංගම දුරකථනය අසීමිතව භාවිත කරන පුද්ගලයකුගෙන් එම දුරකථනය පැය කිහිපයකට හෝ අහිමි වූ විටදීය. එවිට එම තැනැත්තා දැඩි කනස්‌සල්ලට පත්වේ. ඇතැම් විට මානසික පීඩාවට ද ලක්‌වේ.

phone1ඊට අමතරව ස්‌මාර්ට්‌ ජංගම දුරකථන දිනපතා දිගු වේලාවක්‌ විවිධ ඉරියව් යටතේ භාවිත කිරීමේදී කායික ගැටලුවලටද ලක්‌වේ.

බෙල්ලේ කැක්‌කුම, හන්දි සහ මාංශ පේෂිවල වේදනාව, ස්‌නායු වේදනාව, නිතර ආසාදන රෝගවලට ගොදුරුවීම ඇස්‌වල ආබාධ ඇතිවීම නින්දට බාධා ඇතිවීම, ශරීරයේ බර වැඩිවීම, මාර්ග අනතුරුවලට ලක්‌වීම වැනි කායික රෝග රැසක්‌ ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහිවීම නිසා ඇතිවේ.

වර්තමානයේ බෙල්ලේ වේදනාව, අත්වල ඇඟිලි හිරිවැටීම සහ වේදනාව වැනි රෝගාබාධ ඇති බවට පවසමින් ප්‍රතිකාර සඳහා එන තරුණ තරුණියන් බහුතරයට එම රෝග හට ගෙන ඇත්තේ ස්‌මාර්ට්‌ ජංගම දුරකථන අසීමිත ලෙස දිනපතා භාවිත කිරීම නිසා බව ඔවුන්ගේ රෝග නිධාන පිළිබඳව සොයා බලනවිට හෙළිවී ඇත.

ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිතය නිසා ඇතිවන කායික රෝග සහ ඊට ප්‍රතිකාර ලබන සතියේ විමසා බලමු.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Feb 2018 04:21 PM

milkදැනට දශක ගණනාවක සිටම වෛද්‍ය මතය වී පැවතිනුයේ සම්පූර්ණ යොදය සහිත කිරි (ෆුල් ෆැට්‌ මිල්ක්&zwnj සංතෘප්ත මේදය (සැටුරේටඩ් ෆැට්‌ස්&zwnj අන්තර්ගත වීම හේතුවෙන් හෘදය වස්‌තුවට හිතකර නොවන බව හා ඒ හරහා බෝ නොවන රෝගවලට අත වැනීමක්‌ සිදුවන බවයි. මේ නිසාම එම සංතෘප්ත මේදය හරහා ශරීරයේ බර වැඩිවීම සිදුවන බවට විශ්වාස කිරීම හේතුවෙන් බොහෝ දෙනකු දැනටත් යොදය රහිත (නන්ෆැට්&zwnj හෝ යොදය අඩු (ලෝ ෆැට්&zwnj කිරි හා කිරිපිටි පානයට හුරු වී සිටිති. එහෙත් සම්පූර්ණ යොදය සහිත කිරි හෘදය වස්‌තුවට හිතකර බව නොබෝදා ඩෙන්මාර්කයේ, කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදුකරන ලද පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ.

මෙම පර්යේෂණයට අනුව රුධිරගත හොඳ කොලෙස්‌ටරෝල් හෙවත් "එච්. ඩී. එල්" (ගුඩ් හයි ඩෙන්සටි ලිපෝප්‍රොaටීන්යි. කොලෙස්‌ටරෝල්) මට්‌ටම වර්ධනය කර හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කරලීමට සම්පූර්ණ යොදය සහිත කිරි පානය මහෝපකාරී වන බව අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණයට සහභාගි වූ නිරෝගී වැඩිහිටි ස්‌වෙච්ඡා සේවකයින් 18 දෙනෙකුට දිනකට සම්පූර්ණ යොදය සහිත කිරි හෝ මේදය ඉවත් කළ කිරි මිලි ලීටර් 500 බැගින් දිනපතා සති තුනක කාලයක්‌ පානය කිරීමට සලස්‌වා තිබේ.

අනතුරුව අනිකුත් වර්ගවල කිරි ඒ අයුරින් ම දිනපතා ඔවුන්ට පානය කිරීමට ලබාදී ඔවුන්ව පරීක්‍ෂාවට ලක්‌කර තිබේ.

මෙහිදී පරීක්‍ෂණයට සහභාගි වූවන්ගේ රුධිරගත මේදය ප්‍රමාණයන්ට විශේෂයෙන් ම හොඳ කොලෙස්‌ටරෝල් (එච්. ඩී. එල්) හා නරක කොලෙස්‌ටරෝල් (එල්. ඩී. එල්) මට්‌ටම සඳහා විවිධ වර්ගයේ කිරි වර්ග බලපානු ලබන අයුරු පරීක්‍ෂා කර තිබේ.

මෙම පරීක්‍ෂණයේදී දිනපතා සම්පූර්ණ යොදය සහිත කිරි පානය කිරීම හා හෘද රෝග වැළඳීම අතර සම්බන්ධතාවක්‌ නොමැති බව පෙනී ගොස්‌ ඇති අතර දෙවැනි සතියේ දියවැඩියාව වැළඳීමට ද එම කිරි පානය කිරීමේ සම්බන්ධතාවක්‌ නැති බව තහවුරු වූ බව පර්යේෂකයෝ පවසති.

මෙයට පෙර මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ සම්පූර්ණ යොදය සහිත කිරි පානය දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරලන බවයි.

නවතම පර්යේෂණයන්ට අනුව ඩෙන්මාර්ක්‌ පර්යේෂකයින් විසින් පෙන්වා දෙනුයේ හෘදය වස්‌තුවේ ධමනිවල තැන්පත් වන නරක කොලෙස්‌ටරෝල් අක්‌මාව වෙත රැගෙන ගොස්‌ එය කුඩා අංශුවලට කඩා ශරීරයෙන් බැහැර කිරීමට හේතු වන හොඳ කොලෙස්‌ටරෝල් ප්‍රවර්ධනය කිරීමට සම්පූර්ණ යොදය සහිත කිරිවලට හැකි බවයි.

2016 වසරේදී පර්යේෂකයින් විසින් මෙම මතය බිඳලමින් කියා සිටියේ මෙතෙක්‌ විශ්වාස කළ පරිදි අඩු මේදය සහිත චීස්‌ ආහාරයට ගැනීමෙන් කොලෙස්‌ටරෝල් මට්‌ටම, අධි රුධිර පීඩනය හෝ ඉණෙහි ප්‍රමාණය අඩු නොකරන බවයි.

මාස තුනක කාලයක්‌ ස්‌වෙච්ඡා සේවකයන් පිරිසකට සාමාන්‍ය යොදය සහිත චීස්‌ හා අඩු මේදය සහිත චීස්‌ අනුභව කිරීමට සැලැස්‌වුවද එම කාලය අවසානයේ පෙනී ගොස්‌ ඇත්තේ එම චීස්‌ දෙවර්ගයම අනුභව කළ අයගේ හෘද රෝග වැළඳීමේ අවදානමෙහි වෙනසක්‌ නොමැති බවයි.

මෙම පර්යේෂණ පත්‍රිකාව 'යුරෝපියන් ජ(ර්)නල් ඔෆ් ක්‌ලිනිකල් නියුටි්‍රෂන්' හි පළකර තිබේ.

ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Feb 2018 04:34 PM

cancerවරක්‌ එන්නත් කිරීමෙන් ශරීරය පුරාම පැතිර ඇති පිළිකා සෛල විනාශ කරලන අතුරු ආබාධ අවම හෝ කිසිදු අතුරු ආබාධයක්‌ ඇති නොවන පිළිකා නාශක එන්නතක්‌ නිපදවීමට ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌ටැන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ සමත්ව තිබේ.

දැනට පිළිකාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා පුළුල් වශයෙන් භාවිත වන 'කීමෝතෙරපි' ඇතුළු පිළිකා නාශක ප්‍රතිකාරයන් නිපදවා ඇති පර්යේෂකයින් කණ්‌ඩායම මෙම නව එන්නත ද නිපදවා තිබේ.

මෙම එන්නත මීයන් සම්බන්ධව සිදු කරන ලද අත්හදා බැලීමකදී එක්‌ එන්නතක්‌ පිළිකා සෛලයකට එන්නත් කිරීමෙන් සිරුර පුරා පැතිර යා හැකි පිළිකා සෛල විනාශ කර මුළු සිරුරටම පිළිකාවෙන් ආරක්‍ෂාව ලබා දෙන බව තහවුරු වී ඇතැයි පර්යේෂකයින් උපුටා දක්‌වන එක්‌සත් රාජධානියේ පළවන 'ඩේලි මේල්' පුවත්පත පවසයි.

මෙම එන්නත පිළිකාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා සිරුරෙහි ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ක්‍රියාකරවන සංයෝගයන් දෙකකින් සමන්විත වන අතර මීයන් සම්බන්ධයෙන් සිදු කරන ලද අත්හදා බැලීම්වලදී ලැබී ඇති සාර්ථක ප්‍රතිඵල හේතුවෙන් එන්නත වසා පද්ධතිය ආශ්‍රිත පිළිකාවන්ගෙන් පෙළෙන රෝගීන් 15 දෙනකුට සායනික මට්‌ටමින් අත්හදා බැලීමට පර්යේෂකයෝ තීරණය කර තිබේ. මීයන් සම්බන්ධයෙන් සිදු කරන ලද අත්හදා බැලීමේදී මීයන්ගේ ශරීරය පුරාම පැතිර තිබූ පිළිකා සෛල විනාශ කරලීමට මෙම එන්නත සමත් වූ බව ස්‌ටෑන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රොනල්ඩ් ලෙවි පවසයි.

මහාචාර්ය ලෙව්ට අනුව මෙම පිළිකා නාශක එන්නත විවිධ වර්ගයේ පිළිකාවන් සඳහා සාර්ථකව යොදා ගැනීමේ හැකියාව පවතී. "එහෙත් මෙම ප්‍රතිකාරවල අතුරු ආබාධයන් බොහොමයක්‌ පවතී."

අප විසින් නිපදවා ඇති පිළිකා නාශක එන්නතෙහි ඇති විශේෂත්වය නම් සංයෝගයන් දෙකක්‌ සුළු වශයෙන් යොදා ගෙන පිළිකා සෛලය ඉලක්‌ක කරගෙන භාවිත කිරිමයි, මෙම එන්නත වරක්‌ දුන් විට මීයන්ගේ ශරිරය පුරා තිබූ පිළිකා සෛලයන් විනාශ කර ශරීරයෙන් තුරන් වූ අයුරු දැක ගත්තා" යෑයි මහාචාර්ය ලෙවි සඳහන් කර තිබේ. මිනිසා සම්බන්ධයෙන් මෙම එන්නත අත්හදා බැලීමේදී අඩුම මට්‌ටමින් වසා සෛල පිළිකාවන් පැතිර ඇති රෝගීන් 15 දෙනෙකු ඒ සඳහා යොදා ගැනීමට මහාචාර්ය ලෙවි ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම කටයුතු යොදා ඇති අතර මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් එය මිනිසාගේ විවිධ පිළිකා සෛලවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

සංස්‌කරණය - ඒමන්ති මාරඹේ, උපාලි ද සේරම්, වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Feb 2018 04:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Feb 2018 06:45 PM
වැදගත් ලිපියක්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Feb 2018 06:50 PM
කුඩා දරුවන් සමග ගමන් යාම නම් ඉතා අසීරු කාරණයක්...
මෙහිදී මුහුණ දෙන ප්‍රධාන ගැටළුව වන්නේ ආහාර ලබාදිම තමයි...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 08:41 PM
වටිනා ලිපි පෙලක්
එකින් එකට වෙනස් වූ කාරනා රාශියක්. බොහොම ස්තූතියි මල්ලි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Feb 2018 08:00 AM
මට නං ඉතින් ඔය කාලෙ ඉතින් ලොකු ගැටලුවක් උනේ නෑ.මොකද හාමිනේ ඔය දේවල් ගැන හොද අවබෝදයක් තියෙන කෙනෙක් හින්දා.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Feb 2018 08:08 AM
ඉදිරියේදී වැදගත් වන ලිපියක් මේක .. ස්තූතිය චාමර මල්ලී පෝස්ට් කලාට .😜
Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2018 03:24 AM

O/L පන්තියේදී දිගට හරහට තරුණයන් රැසක් ලිංගිකව ඇසුරු කළ වනමලී

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලිකා පාසලක ලබන වසරේ අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින වනමලීගේ භාරකරුවන්ට වහාම පැමිණ තමන් හමුවන මෙන් විදුහල්පතිනිය දන්වා යවා තිබිණ. ඒ අනුව ඇය හමුවීම පිණිස වනමලීගේ මිත්තණිය පාසලට ගියාය. 
“කෝ දරුවාගේ අම්මා තාත්තා නැද්ද ?” විදුහල්පතිනිය වනමලීගේ මිත්තණියගෙන් ඇසුවාය. 
“මෙයාට වයස අවුරුදු හයේදී මෙයාගේ අම්මා. ඒ කියන්නේ මගේ දුව රට ගියා. ඊට පස්සේ මෙයාගේ තාත්තා වෙන ගෑනු කෙනෙක් එක්ක ගියා. ඒ හින්දා පවු‍ලේ ආදායම හොඳටම පහළ බැහැපු හින්දා මගේ දුවට දිගින් දිගටම රට ඉන්න සිද්ධ වුණා. දැන් අවුරුදු දොළහක් තිස්සෙම මගේ දුව ඉන්නේ රට. ඒ හින්දා වනමලීගේ මේ ළමයා දැන් හැදෙන්නේ මගේ ළඟ.” වනමලීගේ මිත්තණිය විදුහල්පතිනිය හමුවේ කියා සිටියාය. 
“මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. ඔය ළමයා අතිශය බරපතළ වැරදි රාශියක් කරලා තියෙනවා. ඒවායේ බරපතළ කමේ හැටියට ඒ ළමයගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්නත් සිද්ධ වෙනවා” විදුහල්පතිනිය පවසනු වනමලීගේ මිත්තණිය අසා සිටියේ විස්මයෙන් යුතුවය. 
“ඇයි මේ ළමයා පන්තියේ වැඩවලට එච්චරම දුර්වලද මැඩම්” ඒ සමගම වනමලීගේ මිත්තණිය විදුහල්පතිනියගෙන් අසා සිටියේ කිසිවක් අදහාගත නොහැකි ලෙසිනි. 
“අධ්‍යාපනයට දුර්වලවීම වෙනම කාරණාවක්. ඒත් මෙතැන සිද්ධවෙලා තියෙන්නේ ඊට වඩා බොහොම බරපතළ දෙයක්. ඔය ළමයා දැන් අවුරුදු දෙක තුනක ඉඳලා බොහොම නරක විදිහට පිරිමි ළමයි ආශ්‍රය කරනවා. ඒක කරන්නේ සාමාන්‍ය ගෑනු ළමයෙක් පිරිමි ළමයි ආශ්‍රය කරන විදිහටත් ‍නෙවෙයි. ඔය ළමයා පිරිමි ළමයි කීප දෙනෙක් එක්ක මාරුවෙන් මාරුවට කාමර වලට  ගිහින් තියනවලු” විදුහල්පතිනිය එසේ පවසත්ම වනමලීගේ මිත්තණිය තුළ ඇතිවූයේ දරාගත නොහැකි කම්පනයක් සහ කලබලයකි.” අනේ මැඩම් ඒක නම් කීයටවත් වෙන්න බැහැ. අපේ ළමයා එහෙම නරක කෙනෙක් ‍නෙවෙයි. එහෙම නම් සේරටම කලින් අපි දැන ගන්න ඕනේ” ඇය ඒ කලබලය අතරින්ම කීවාය. 
“කලබල වෙන්න එපා. ඒ ළමයා මුලින්ම එයා යාළුවෙලා ඉන්න පිරිමි ළමයි ගැන යන එන තැන් ගැන කරන කියන දේවල් ගැන එයාගේ හොඳම යාළුවෝ කීප දෙනෙක් එක්ක කියලා තියනවා. පස්සේ ඒක එයාලගේ පන්ති භාර ගුරුතුමියට ආරංචිවෙලා ගුරුතුමිය ඒ ළමයාගෙන් උපායශීලීව ඒ කාරණේ අහලා තියනවා. බලනකොට එයා කියල, තියෙන්නේ සම්පූර්ණ ඇත්ත.” විදුහල්පතිනිය එසේ පවසත්ම වනමලීගේ මිත්තණිය එක්වරම හඬා වැටෙන්නට වූයේ එසේ නම් ඒ සඳහා කුමක් හෝ විසඳුමක් පතමිනි. 
“පළමුවෙනි කාරණේ මේ සිද්ධිය මුල් කරගෙන දරුවට ගහන්න බණින්න සැරපරුෂ විදිහට සලකන්න යන්න එපා; එතකොට දරුවා තමන්ගේ ජීවිතයට අනතුරක් කර ගන්නත් ඉඩ තියනවා. අපි පහුගිය දවසක මේ ළමයා ශිෂ්‍ය උපදේශනය භාර ගුරුතුමිය වෙතටත් යොමු කළා. ඒ ගුරුතුමිය කියන්නේ දරුවා මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්ක ගියොත් හොඳයි කියලා. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට ඒ දේ කරන්න. එතකොට දරුවා මොකක් හරි මානසික ප්‍රශ්නයක් උඩ මේ වගේ දේකට පෙළඹුණා නම් මීට වඩා සහනශීලී විදිහට හිතන්න අපිට පුළුවන්” විදුහල්පතිනිය කී අතර වනමලීගේ මිත්තණිය කීයේ එවන් කටයුත්තක් සම්බන්ධ දැනුමක් තමන්ට නොමැති බවකි. එබැවින් වනමලී මනෝ වෛද්‍ය වරයකු වෙත කැඳවාගෙන යන ගමනට එක්වීමට එම පාස‍ලේ උපදේශනය භාර ගුරුතුමිය ද එකඟ වූවාය. 
මෙහිදී එම දැරිය ඇගේ මිත්තණිය සහ උපදේශනය භාර ගුරුතුමිය වෙතින් කරුණු විමසා සිටි මනෝ වෛද්‍යවරයා මෙම වනමලී තුළ හටගෙන ඇති මායිම් පෞරුෂ අර්බුදය (Boderline Personality disorder) බව මූලිකව හඳුනා ගත්තාය. ඒ හැරුණු කොට මොළයේ ඇතිවන ෙජෙව රසායනික වෙනස්වීම් මත හටගන්නා මානසික රෝග නිසාද මෙලෙස ශිෂ්ටාචාරය පිළිබඳ හැඟීම් යටපත්ව කාමාශාව වැනි ආවේග ඉස්මතු විය හැකි පෙන්වා දුන් වෛද්‍යවරයා මෙය එවන් තත්ත්වයක් නොවන බවද පහදා දුන්නාය. 
දරුවකු වැඩෙන විට ඒ දරුවාගේ මොළයේ ඉදිරිපස ඇති ලලාට පිණ්ඩිකය (frontal lobe) නම් කොටස තුළට ලැජ්ජා, බය, හැඳියාව වැනි දේවල් පිවිසුවිය යුත්තේ වැඩිහිටියන් විසිනි. එවිට  ඊට අදාළ සංස්කෘතික පසුබිමට අදාළ හැඳියාවක් දරුවා තුළින් පිළිබිඹු වෙයි. එහෙත් කුඩා කාලයේම දෙමාපියන් දුරස් වූ වනමලී හට ඒ අවස්ථාව අහිමි වූයේ ඇය කුඩා කාලයේ දීම තම දෙමාපියන් දෙපසකට වෙන් වූ බැවිනි. 
එමෙන්ම නව යෞවනය යන ඕනෑම දරුවකුගේ හෝ දැරියකගේ ශරීරය ශීඝ්‍රයෙන් ජෛවමය පිබිදුමකට ලක් වන අවදියකි. එහිදී එම දරුවන් තුළ ලිංගික හැඟීම් ආවේග පැන නැගීම ස්වභාවික මුත් එය පාලනය වූයේ වැඩිහිටි සමාජයේ බලපෑම් සහ මොළයේ ලලාට පිණ්ඩිකයේ ව්‍යුහගත වී ඇති ලැජ්ජා බය සහ හැඳියාව වැනි කරුණු මුල්කරගෙනය. 
එහෙත් වනමලී හට ඒ සඳහා පැහැදිලි අවකාශයක් නොලැබිම මත ඇය තම ස්වභාවික හැඟීම් ආවේගයන් තරුණයන් වෙතින් සපුරාගෙන තිබේ. එහිදී තරුණයන් උපායශීලී ලෙස ඇය ඒ සඳහා යොමු කොට ඇති බවද පැහැදිලි විය. එමෙන්ම ජීවිතයට නිසි මාර්ගෝපදේශනයක් හිමිවිය යුතු මෙම අවදියේ එම මෙහෙවර වැඩිහිටියන්ගෙන් සිදු නොවීම මත ඒ අඩුව සපුරා ගැනීම පිණිස මෙබඳු නොවිධිමත් උපාය මාර්ග ගැනීමට යෞවනියන් පෙළැඹිය හැකි බවද මනෝ වෛද්‍යවරයා විසින් පහදා දෙන ලදි. 
කෙසේ හෝ පසුව වනමලීගේ මෙම මානසික අර්බුදය සඳහා ඖෂධීය සහ ඥානක චර්යාත්මක චිකිත්සක ප්‍රතිකාර නියම කෙරුණු අතර ඇයට මනෝ විද්‍යා උපදේශනය ලබාදීම පිණිස පාස‍ලේ උපදේශන භාර ගුරුතුමිය වෙත පවරන ලද්දේ වනමලීගේ මිත්තණියට ඒ සඳහා ඇති අවකාශය මඳ බැවිනි. එසේම ගතවූ කාලය තුළ ඇගේ චර්යාවන් පිළිබඳව සැලකිල්ලට ගත් මනෝ වෛද්‍ය වරයා ඇය ලිංගික සම්ප්‍රේෂණ රෝග සායනය වෙත ද යොමු කරන ලද්දේ වනමලී තුළ එවන් රෝගී තත්ත්වයක් ද ඇතිවීමේ අවකාශය සලකා බලමිනි. 
නමුදු ඇය කෙරෙන් එබඳු රෝගී තත්ත්වයක් දක්නට නොලැබුණු බැවින් සාමාන්‍ය දිවි පවෛතකට එළැඹීමට වනමලීට හැකියාව ලැබුණි. ඒ අතර මේ වන විට එම මානසික අර්බුදය මුළුමනින් සුව වී සිටින ඇය සාර්ථක දිවි පවෛතකට මුලපුරා තිබේ. 
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන දමයන්ති ගමගේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2018 03:24 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2018 03:24 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2018 03:24 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2018 03:25 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2018 03:25 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 94 of 137 << < 9293949596 > >>