Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 95 of 137 << < 9394959697 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:54 PM නිවැරැදිව ඔසු කැඳ හදමු තමන්ට අයත් භූමියක මුළු ජීවිත කාලය පුරාවටම වඩාත් වැදගත් වන පැළෑටි වගා කිරීමට හැකි නම් එය වාසනාවකි. විශේෂයෙන්ම සෞඛ්‍යමවත් ජීවිතයක් ළඟා කර ගැනීමට ඉවහල් වන ඖෂධ පැළෑටි වගා කිරීම යහපත් දෙයකි. තමන්ට පවතින බිම් අඟලක කෝ හැකි පරිදි ඖෂධ පැළෑටියක් සිටුවා ගැනීමට පුරුදු වීම දේහීය ආහාරවලට ප්‍රමුඛස්ථානය දෙන්නන් ලෙස අප සියලුදෙනාගේම යුතුකම වන්නේ ය. උදෑසන තමන් සිටුවා ගත් ඖෂධ පෑළෑටි එකක් හෝ කිහිපයක් ගෙන පිරිසුදු ගුණාත්මක බවින් වැඩි කැඳ කෝප්පයක් පානය කිරීමට ප්‍රිය කරන්නන් සඳහා පහත දැක්වෙන්නේ ඖෂධීය කොළ කැඳ සාදා ගැනීමට සුදුසු ඖෂධ පැළෑටි කිපිපයක් සහ එම පැළෑටිවල ගුණදායක බව පිළිබඳව කරුණු කිහිපයකි. *හාතාවාරිය- දාහ නාශකයකි. සරුබව වඩවාලයි,ඇස්වලට හිතකර ය,ශරීර පුෂ්ඨිකාරකයකි. *ගොටුකොළ- බුද්ධි වර්ධකයකි, මතක ශක්තිය වඩවාලයි, සම පැහැපත් කරනු ලැබේ. *මොණරකුඩුම්බිය- ආහාර රුචිය වඩවාලයි, ප්‍රතිශක්ති වර්ධකයකි, සම පැහැපත් කරනු ලබයි. *උඳුපියලිය- අක්මාව ශක්තිමත් කරනු ලබයි,විෂ නාශකයකි,ඇස්වලට හිතකර ය. *ඉරමුසු - දාහ නාශකයකි,කාන්තා රෝග නාශකයකි, ලේ පිරිසුදු කරනු ලබයි. *හීන් බෝවිටියා - අක්මා රෝග නාශකයකි, ආහාර රුචිය වඩවාලයි, ලේ පිරිසිදු කරනු ලබයි. *ගොනිකා කොළ- අස්ථි ශක්තිමත් කරනු ලබයි, වේදනා සමනය කරනු ලබයි,ආහාර රුචි කාරකයකි. *වැල් පෙනෙල - ධාතු පෝෂකයකි, ඇස්වලට හිතකර ය,දාහ නාශකයකි. *තොටිල පොතු- වාත වේදනා සමනය කරනු ලබයි, බල කාරකයකි,අනවශ්‍ය මේදය ඉවත් කරනු ලබයි. *මුගුණුවැන්න- ඇස්වලට හිතකර ය, දාහ නාශකයකි,ලේ ධාතු වඩවා ලේ පිරිසිදු කරනු ලබයි. *එළබටු කොළ- කැස්සට දිව ඔසුවකි, පෙනහළු ශක්තිමත් කරනු ලබයි, ආහාර රුචිකාරකයකි. *කරපිංචා- විෂ නාශකයකි, ආහාර රුචිකාරකයකි, අනවශ්‍ය මේද ඉවත් කරනු ලබයි. නිවැරදිව කැඳක් පිළියෙළ කර ගන්නා ආකාරය පළමුව රතු සුනු සහල්/ දලව කුඩු කරගත් රතු සහල් මිටක් පමණ මැටි මුට්ටියකට ගෙන වතුර අඩු කෝප්පයක් පමණ දමා ලිප තැබිය යුතු ය. එයට තලා ගත් ඉඟුරු , සුදු ලුණු , ගම්බිරිස් ඇට,කීපයක් දමා හොඳින් පිසූ පසු පොල් කිරි අඩු කෝප්පයක් පමණ දමා උතුරුවා ගත යුතු ය. තෝරාගත් ඖෂධීය කොළ හොඳින් සෝදා, කොටා, මඳ උණුසුම් ජලය ස්වල්පයක් මිශ්‍රකර මිරිකා ගත් කොළ යුෂ අඩු කෝප්ප 2 ක් පමණ දමා මද ගින්නේ විනාඩි 5 ක් පිස ගත යුතු ය. ඉන්පසු සිහින්ව කපා ගත් රතුලුණු මිටක් පමණ දමා මිශ්‍රකර ලිපෙන් බා වසා තැබිය යුතු ය. රස අනුව ලුනු එකතු කර මද උණුසුමින් රස බැලිය හැකි ය. ඖෂධීය ශාක වර්ග කීපයක් යොදා සාදාගත් කොළ කැඳ ඖෂධීය ගුණවලටත් වඩා යහපත් ආහාරයක ගුණ ශරීරයට ලබා දේ. (උපදෙස්- සබරගමු පළාත් ආයුර්වේදදෙපාර්තමෙන්තුව රත්නපුර) මදාරා මුදලිගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:56 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:56 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 05:25 PM ඇසට සිසිල ගෙනෙන පිපිඤ්ඤා ප්‍රතිකාරය නිශානි හේරත් බන්නැහැක කාන්තාවකට ලස්සන දෑසක් අත්‍යවශ්‍යය. දෑසක අලංකාරත්වයෙන් උදෙසා විවිධ ආලේප වර්ග පරිහරණය කළත් ඇතැම් ආලේප පරිහරණය කිරීම අවධානම්ය. මේ නිසා අද බොහෝදෙනා නිවසේදී සාදාගන්නා ස්වාභාවික ආලේප පාවිච්චි කිරීමට හුරුවී සිටිති. මේ පිළිබඳ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ෂෙරීන් ප්‍රනාන්දු මහත්මියගෙන් අදහස් විමසුවෙමි. අද බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇස් වටේ කළුවීම. ඒ සඳහා නිවසේදී භාවිතා කළහැකි ස්වාභාවික ප්‍රතිකාර මොනවාද? ස්වාභාවික ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ ප්‍රතිකාරය ඔබ නිස්කලංකව ඉන්න මොහොතක කළ හැකිය. මේ සඳහා ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඇස් පියාගෙන ඒ මත හීනියට කැපූ අල පෙති දෙකක් තබාගෙන සිටීමයි. මේ ආකාරයට විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් තැබීමෙන් පසු සෝදා ඉවත් කරන්න. මේ ආකාරයට පිපිඤ්ඤා පෙති සිහිනිටයට කපා දෙනෙත් මත තබා ඉවත් කර ගත හැකිය. අල පෙති හෝ පිපිඤ්ඤා පෙති ඇස් මත තැබීමට පෙර ශීතකරණයේ තබන්නේ නම් ප්‍රතිඵල සාර්ථක කරගත හැකිය. දෙනෙත්වලට සිසිල ලැබෙන වෙනත් ප්‍රතිකාර තියෙනවාද? ඇත්තටම දෙනෙත්වලට සිසිල ගෙන තවත් ප්‍රතිකාර තියෙනවා. ඒ තේ කුඩු සත්කාරය. මෙහිදී පාවිච්චි කළ තේ බෑග් එකක් රැගෙන එය ශීතකරණය තබා හොඳින් සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසු ඇස් දෙක වසා ඇස් මත සිසිල් කර ගත් තේ කුඩු තබා විනාඩි දහයකින් පසු සෝදා හරින්න. ඇස් ඉතාමත් සංවේදි නිසා ඇස් වටා සෑම ආලේපයක්ම ගෑම එතරම් සුදුසු නැහැ. මේ නිසා ඉතාමත් කල්පනාවෙන් ඇස්වලට කරන ප්‍රතිකාරය කළ යුතුයි. මේ පිළිබඳ සුදුසු තවත් ප්‍රතිකාර තියෙනවාද? පිපිඤ්ඤා පෙති මිරිකා හෝ බ්ලෙන්ඩර් කර පුළුන් කැබැල්ලකින් ඇස් වටේ ගා විනාඩි දහයකින් පසු සෝදා හරින්න. එක එක ජාති අපේ හිතුමතේට ඇස් වටේ ගාන්න හොඳ නැහැ.එසේ ගෑමෙන් ඇස් වටේ ඉදිමෙන්න බලපානවා. අපේ ගෙවත්තේ ඇති පැළෑටිවලින් ඇස්වලට ප්‍රතිකාර ලබා ගන්න හැකියාවක් නැද්ද? ඇයි නැත්තේ. ඒත් හැම පැළෑටියක්ම යොදා ගන්න බැහැ. අපට වඩාත් විශ්වාසවන්තම ප්‍රතිකාරයක් තමයි කෝමාරිකා ප්‍රතිකාරය. මේ ප්‍රතිකාරයේ දී අපට කෝමාරිකාවල මැද තියෙන ජෙල් කොටස යොදා ගන්න පුළුවන්. මේ කොටස රැඟෙන ඊට අයිස් වතුර එකතු කර දියාරු මිශ්‍රණයක් සාදා ගන්න. මේ මිශ්‍රණය පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ඇස් වටේ ගාන්න. මේ ආකාරයට විනාඩි දහයක් තැබීමෙන් පසු සෝදා හරින්න. ඇස් වටේ කළු වීමට හේතුවක් තියෙනවාද? වැඩිපුර පරිගණක පාවිච්චිය කළහොත්, අව්වේ වැඩි වෙලාවක් සිටියොත්, ඇස් යට කළු වෙන්න පටන් ගන්නවා. මේ තත්ත්වේ වළක්වා ගන්න නම් විශ්වාසවන්ත ප්‍රතිකාර කළ යුතුයි. නැතිනම් තිබුණ තිබෙන තත්ත්වයෙන් තවත් පහළට වැටෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 05:36 PM පියයුරු පිළිකා ප්රතිකාරවලින් හදවත් රෝග අවදානමක් ඒමන්ති මාරඹේ පියයුරු පිළිකාවට ප්‍රතිකාර කිරීම ස`දහා ලොව පුරා දැනට භාවිත වන ඇතැම් ප්‍රතිකාර ක්‍රම හරහා හෘද ස්පන්දන රටාවේ වෙනස්වීම්වල සිට හෘදය වස්තුව අකර්මණ්‍ය වීම (හාට් ෆේලියර්) දක්වා වූ දරුණු රෝග තත්ත්වයන් හට ගත හැකි බවට ඇමෙරිකානු හෘද සංගමය අනතුරු අ`ගවයි. දැනට පියයුරු පිළිකාවන්ට ප්‍රතිකාර කිරීම ස`දහා භාවිත වන කීමෝතෙරපි, විකිරණ ප්‍රතිකාරය හා ඉලක්ක කර ගත් ප්‍රතිකාරය ඇතු`ඵ ඇතැම් පිළිකා ප්‍රතිකාරයන් අවසන් කර දිගු කලක් ගත වන තෙක් මෙවැනි හෘදය වස්තුව ආශ්රිත රෝග තත්ත්ව ලක්ෂණ මතු නොවීම නිසා ඒ පිළිබ`දව වෛද්‍යවරුන් මෙන්ම රෝගීන් ද දැඩි අවධානයකින් පසුවිය යුතු බව හෘද සංගමයේ මතය වී තිබේ. ඇතැම් විට ප්‍රතිකාර මගින් පියයුරු පිළිකාවෙන් මිදුණු අයකුට එම ප්‍රතිකාර හේතුවෙන් හට ගන්නා හෘද රෝග ලක්ෂණ මතුවීමට දිගු කලක් ගත විය හැකි අතර ඒ නිසාම පිළිකා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ හෘදය වස්තුවේ තත්ත්වය ගැන රෝගියා සම`ග නිරතුරුව සාකච්ඡා කළ යුතු බව ද සංගමය පවසයි. මෙසේ ඇතැම් පියයුරු පිළිකා ප්‍රතිකාර හේතුවෙන් හෘද ස්පන්දන රටාවේ වෙනස්වීම්, හෘදය වස්තුවේ කපාටවල හා රුධිර නාලවල ගැටලු හා හෘදය වස්තුව අකර්මණ්‍ය වීමේ තත්ත්වයක් හට ගත හැකි බව ඇමෙරිකානු හෘද සංගමය විසින් ප්‍රකාශ කර තිබේ. වයස අවුරුදු 65 ක් පමණ වන පියයුරු පිළිකාවෙන් ප්‍රතිකාර හරහා මිදුණු කාන්තාවන් මෙසේ හෘද රෝගවලට ලක්ව මියයාමේ අවදානම වැඩි බව අනාවරණය වී තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 05:49 PM ජීවිතය බිලිගන්නා අමතක වන ලෙඩේ අද කතා කරන්න අදහස් කළේ සමාජයේ නිසි අවධානයට යොමුව නැති ලෙඩක් ගැනයි. ඒ තමා අමතක වීම හෙවත් ඩිමෙන්ෂියා. ඩිමෙන්ෂියා කියන්නේ ඉතා සරලව කිව්වොත් අමතක වීමයි. නමුත් මේ අමතක වීම සාමාන්‍ය අමතක වීමක් නොවේ. ඩිමෙන්ෂියාව හුඟාක් වයසත් එක්ක එන්න පුළුවන් ලෙඩක්. අවුරුදු 60 පහු වුණාට පස්සේ පුද්ගලයන් 20 දෙනකුගෙන් එක්කෙනෙකුට ඩිමෙන්ෂියාව රෝගයට ගොදුරු වීමේ ප්‍රතිශතයක් තිබේ. මෙම රෝගයට ඇල්ෂයිමර් රෝගය කියලත් කියනවා. නන්දනීගේ කතාව ඇයගේ නම නන්දනී. ඇය නොතාරිස්වරියක් ලෙස කඹුරුපිටිය ග්‍රාමයේ සාර්ථක ලෙස රැකියාවක් කළ තැනැත්තියකි. ඇයගේ වයස අවුරුදු 63ක් වූ අතර විවාහ වී අවුරුදු 25ක් වයසැති දුවෙක් සිටියාය. දවසක් ඇය උදේ තමාගේ දත් බුරුසුව සොයා සෑම තැනක්ම පරික්ෂා කළාය. අවසානයේ ඇය එය සොයා ගත්තේ ශීතකරණය තුළ තිබියදීය. කවුද මගේ දත් බුරුසුව ශීතකරණයේ තිබ්බේ යැයි දුව සමඟ රණ්ඩු කළාය. ක්‍රමයෙන් ඇයට හොඳින් දන්නා දුරකථන අංක ද අමතක විය. මෙසේ කල් යත්ම ඇයට ගෙදර ආහාර පිළියෙල කිරීමට ද අපහසු විය. එයට හේතු වූයේ ආහාරවලට වැඩියෙන් ලුණු දැමීමයි. තවද ලිපේ තැබූ මාළුව නිසි වේලාවට ගැනීමට ද ඇයට අමතක විය. මේ නිසා දිනක් ලිපේ තැබූ මාළුවක් ගිනි ගෙන ලොකු විපත්තියක් ද සිදු වූයේය. ඇයගේ රුකියාවේ කටයුතු ද ක්‍රමයෙන් අවුල් විය. ඇය ලියන ඔප්පුවලට ද වැරදි අංක යෙදීම නිසා ඇයට උසාවි යෑමට ද සිදු විය. මේ හේතුව නිසා ඇය ළඟට ඔප්පු සකස් කරගැනීමට ද එන සංඛ්‍යාව අඩු විය. මෙසේ වර්ෂයක් ගතවිය. ඇයගේ රැකියාව ද කර ගැනීමට නොහැකි විය. ඇයට නිතර තරහා යෑම සහ සැකය ද තදබල ලෙස ඇති විය. තමාගේ බඩු බාහිරාදිය ද අනෙක් අය විසින් සොරකම් කරනවායැයි ඇය සැක කළේය. මේ නිසා නිතරම ගෙදර රණ්ඩු දබර ද ඇති විය. දිනක් අපූරු දෙයක් සිදුවිය. ඇය එක ගවුමක් උඩින් තවත් ගවුමක් ඇඳ තිබුණාය. ඒ ගැන ඇගේ දුව විමසූවිට ඇය නොයෙකුත් විදිහට නොයකුත් පිළිතුරු දුන්නාය. ඉතින් ඔයාට මොකද මම මොනවා ඇන්දත් කියා ඇසීය. ක්‍රමක්‍රමයෙන් ඇයගේ සෞඛ්‍ය කටයුතු ද පිරිහී ගියේය. දත් මැදීමද, නෑමද, ඇඳුම් සේදීමද ඇයට අතපසු විය. ඇය නිතරම තමාගේ රාජකාරි කටයුතුවලට කිලෝමීටර් 1ක් පමණ ඈතින් තිබූ කඹුරුපිටිය නගරයට යෑමට පුරැදුව සිටියාය. ඇය එසේ ගියේ ඇගේ පරණ මයිනර් කාරයෙනි. මෙසේ ගිය ඇයට නැවත තම නිවසට පැමිණෙන පාර ද අමතක විය. සමහර දිනවල ඇයට ගෙදර එන්න පැය 4-5 පමණ ගතවිය. නන්දනීට ඇයගේ අමතක වීම නොතේරුණි. ඇය මේ පිළිබඳව පැවසුවේ මම පොඩි ගමනක් ගිය නිසා පරක්කු වුණා කියායි. තමා ළඟට ඔප්පු ලිවීමට එන අයගේ නම් ද ඇයට අමතක විය. අවුරුදු 3ක් පමණ ගියවිට ක්‍රමක්‍රමයෙන් ඇයට ගෙදර අයගේ නම් ද අමතක විය. තම දුවගේ නම් ඇසූවිට ඇය ඇයි මගේ දුවගේ නම ඔයාට මොකටද කියා අසන්නට විය. මේ සියලු වෙනස්කම් දුටු දුව මේ වෙනස්කම් ආරම්භ වී අවුරුදු 3කට පමණ පසු වෛද්‍යවරයකු වෙත නන්දනීව රැගෙන ගියාය. ඇයට අධි රුධිර පීඩනය සහ දියවැඩියාව ද නොතිබුණි. මනෝ වෛද්‍යවරයා ඇයව පරික්ෂා කර බලා ඇය ඇල්ෂයිමර් හෙවත් ඩිමෙන්ෂියා නැමති රෝගයට ගොදුරු වී ඇති බව පැවසීය. මෙහිදී ව්‍යෛවරයා ඇයගේ මොළයේ CT Scan පරීක්ෂණයක් ද කර ඇයට එම රෝගය ඇති බව තහවුරැ කර ගත්තාය. කෙටිකාලීන මතකයන් අමතක වීම ඩිමෙන්ෂියා රෝගයයි. ඩිමෙන්ෂියා රෝගියකු තුළ මුල් අවධියේ දක්නට ලැබෙන ලක්ෂණ ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරැ වනවිට මුල් කාලයේ ලිංගික ආශාව වැඩි වේ. හිටි හැටියේ ඇඬීම සහ තරහා යෑම. ඒ රෝගියාගේ අතීතයේ තිබුණ පෞරැෂ දුර්වලතා ඉස්මතු වීමට පටන් ගනී. උදා - රෝගියා තරහ යන කෙනෙක් නම් ඔහුගේ හෝ ඇයගේ තරහ යෑම වැඩිවේ. ඩිමෙන්ෂියා රෝගියකු තුළ බහුලව දක්නට ලැබෙන ලක්ෂණ කොහේ හරි ගියාම ගෙදර එන පාර අමතක වීම. තමා නිතර ආශ්‍රය කරන අයගේ නම් අමතක වීම. තීරණ ගැනීමේ කුසලතා සහ බුද්ධිමය කුසලතා පිරිහීමට පත් වේ. ඔවුන්ට කතා කරන්න අවශ්‍ය වචන සොයා ගැනීමේ අපහසුතාවයන් පැන නැගීම. උදා - මේ මොකද්ද, එයට උත්තර දුන්නම මට මොකද, මට වැඩක් නෑනේ කියනවා. ක්‍රමානුකූලව තමාගේ සෞඛ්‍ය පිළිබඳව ඇති අවධානය අඩු වීම. ඩිමෙන්ෂියා රෝගීන්ට බොහෝවිට සැක මතු වේ. සැකය එන්නේ අමතක වීමත් එක්ක. සැකයත් සමඟ ලොකු ගැටලු ඇතිවන්න පුළුවන්. උදා - මගේ රත්තරන් බඩු ටික හොරු අරගෙන කියලා ප්‍රශ්න ඇතිවීම. සමහර අවස්ථාවලට ගෙදර අයටත් එපා වෙන්න පුළුවන්. තරහා යෑම. හැඟීම් පාලනය කර ගැනීමට අපහසු වීම. තේරුමක් නැතිව ඒ මේ අත ඇවිදීම. යම් භාණ්ඩයක් තිබිය යුතු ස්ථානයේ නොතබා වෙනත් තැන්වල තැබීම. උදා - දත් බුරුසුව ශීතකරණයේ දැමීම. ඩිමෙන්ෂියා රෝගීන් හට කෙටි කාලීන මතකයන් අමතක වුවත් දිගු කාලීන මතකයන් බොහෝවිට රැඳී පවතී. ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් 20% පමණ මානසික අවපීඩනයට ගොදුරු වේ. දිවි නසා ගැනීමට පවා යොමු විය හැකිය. එම නිසා ඩිමෙන්ෂියා රෝගීන්ගේ අවපීඩන ලක්ෂණ සොයා බැලීම ද ඉතා වැදගත්ය. මේ රෝග ලක්ෂණ පහලවන මුල් අවධියේම වෛද්‍ය උපකාර සොයා යාම ඉතාමත් වැදගත් බව මතක තබාගත යුතුයි. කිරිබත්ගොඩ මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 06:00 PM ලිංගික පහස අතහැරීමත් ලෙඩ ගොඩකට හේතුවක් ලිංගික ආශාව ඇතිවීම මෙන්ම නිවැරදි සංසර්ගය නිරෝගි බවේ ලකුණක්. නමුත් දිගින් දිගටම සම්බන්ධතා නොපැවැත්වීම රෝග රැසකට මගපෑදිය හැකියි. මෙන්න ඉන් කිහිපයක්. ස්ත්‍රි ප්‍රජනන මාර්ගයේ තරමක තද ගතියක් ඇතිවිය හැකිය ඔබ කාන්තාවක් නම් ලිංගික පහස නොලබා දිගු කලක් සිටින විට ඔබේ යෝනි මාර්ගයේ මාංශ පේශී තරමක් තද ස්වරූපයක් ගනු ලබනවා. මේ සිද්ධිය සිදුවන්නේ සංසර්ගයේ නොයෙදෙන නිසා යෝනි මාර්ගයේ ඇති මාංශ පේශීහට ලිහිල් වීමේ ක්‍රියාවලිය සිදුවීමට අවස්ථාවක් නොලැබෙන නිසයි. මේ නිසා ඔබට සුළු වේදනාවක්ද ඇති වන්නට පුළුවන්. නමුත් ඔබ නැවතත් ලිංගික පහස ලබන්න සුදානම් වූ විට ඉතා ඉක්මනින් මේ මාංශ පේශී ලිහිල් වන්න පටන්ගන්නවා. පිරිමි පුද්ගලයින්හට ප්‍රාණවත් නොවීමේ ගැටලු ඇති විය හැකිය දිනපතා ලිංගික සංසර්ගයේ නොයෙදෙන පිරිමි පුද්ගලයින්හට දිනපතා ලිංගිකව එක්වන පිරිමි පුද්ගලයින්ට වඩා ශිෂ්ණය ප්‍රාණවත් නොවීමේ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. පිරිමි පුද්ගලයෙක් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදෙනවා නම් ශිෂ්ණයේ මාංශ පේශී ප්‍රාණවත් වී දිගු කලක් ශිෂ්ණය ප්‍රාණවත්ව තබාගන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කඩා වැටේ ලිංගික ක්‍රියාකාරිත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කරන බව විවිධ අධ්‍යයන මගින් තහවුරු කර තිබේ. ලිංගිකව එක් නොවුනත් ස්වයංවින්දනයේ නිරත වනවා නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසියාකාරව පවත්වාගෙන නිතර වැළඳෙන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගවලින් ලේසියෙන්ම ආරක්ෂා විය හැකි බව වාර්තා වී ඇත. ලිංගික ආශාව අතුරුදන් වෙයි මෙය විවිධ මතවාදවලට ලක්ව තිබෙන මාතෘකාවක්. ඇතැම් විශේෂඥයන් පවසන්නේ දිනපතා ලිංගිකව එක්වීම මගින් අති මහත් ලිංගික ආශාවක් පවත්වා ගන්නට හැකි වන බවයි. ලිංගිකව එක්නොවී වැඩිකලක් සිටීම මගින් මේ ලිංගික ආශාව තරමක් අඩු වී යන බවටයි විවිධ පුද්ගලයින් කරුණු දක්වන්නේ. නමුත් මෙය එකිනෙකාට වෙන්වුණු පෞද්ගලික කරුණක්. මානසික ආතතිය ඉහළ යයි මානසික ආතතිය දුරුකරගන්නට ඇති හොඳම මගක් තමයි ලිංගික පහස ලැබීම. ඔබත් නිතරම වාගේ ලිංගිකව එක්වනවා නම් මානසික ආතතිය නිසා ඔබට ඇතිවන අධි රැධිර පීඩනය පවා දුරුකරගෙන ආතතියකින් තොරව වඩා සාර්ථකව වැඩ කටයුතු කරගන්නට හැකියාව ලැබෙයි. හදවත් රෝග ඔබ දිනපතා ව්‍යායාම සිදුකරන පුද්ගලයෙක් වුවත් ලිංගිකව එක්වීම එයටත් වඩා ඔබේ ශරීරය මනාව සෞඛ්‍යය සම්පන්න කරනු ලබනවා. ලිංගික පහස ලැබීමෙදී මුලු සිරුරට ලැබෙන ව්‍යායාමය මෙන්ම එහිදි සිදුවන හෝමොන ක්‍රියාකාරිත්වය ඔබේ හදවත් සෞඛ්‍යයත් වර්ධනය කරන නිසා ඒ ආශ්‍රිතව ඇතිවන රෝගවලිනුත් ලෙහෙසියෙන්ම ගැලවෙන්නට පුළුවන්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 06:10 PM 50න් පස්සේ එන ඇට දිරන මාරකේ ඔස්ටියෝපොරෝසිස් යන වචනයේ තේරුම වෙන්නේ අස්ථිවල සිදුරු සහිත වීම නැතහොත් සිදුරු සහිත අස්ථි ඇතිවීම යන්නයි. ඔස්ටියෝපොරෝසිස් කියන්නේ නිහඬ රෝගයකි. ඒ කියන්නේ ඔස්ටියෝපොරෝසිස් වල රෝග ලක්ෂණ පිටින් පෙනෙන්නේ නෑ. තමන්ගේ අස්ථි දුර්වල බව දැනගන්නට ලැබෙන්නේ එක්කෝ තමන් වැටුණු විට අස්ථි කැඩුණු විටයි. ඔස්ටියෝපොරෝසිස් ගැන තිබෙන දුර්මතයක් තමයි ඔස්ටියෝපොරෝසිස් හැදෙන්නේ වයස්ගත කාන්තාවන්ට පමණක් බව. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඔස්ටියෝපොරෝසිස් සම්බන්ධව සිදුකොට ඇති අධ්යනයනවලින් හෙළිවී ඇත්තේ සමහර අයට ඔස්ටියෝපොරෝසිස් රෝගය පාරම්පරිකව උරැමවීමේ අවදානමක් පවතින බවයි. ඒ කියන්නේ මවට හෝ පියාට මේ තත්ත්වය තිබුණා නම් දරුවන්ද ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වීමේ අවධානම දෙගුණයකින් වැඩියි. මව් කුස තුළ දරුවා වැඩෙන අවස්ථාවේදී නිසි පෝෂණයක් නොලැබීමද අස්ථි දුර්වල වීමට බලපානවා. ඒ වගේම තමයි වයස්ගත වීමේදී ඕනෑම කෙනෙකුගේ අස්ථි දුර්වල වෙනවා. එයද ඔස්ටියෝපොරෝසිස් රෝගයට හේතුවක්. ඊට අමතරව හෝමෝන හා සම්බන්ධ ගැටලු, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ ගැටලුද මෙම රෝගයට බලපාන්නට පුළුවන්. පිරිමින්ට වඩා ඔස්ටියෝපොරෝසිස් අවදානම ඇත්තේ කාන්තාවන්ටය. පර්යේෂණ වලින් හෙළි වී ඇති ආකාරයට එය පිරිමින්ට සාපේක්ෂව සිව් ගුණයකින් වැඩිය. එයට මුලිකම හේතුව වන්නේ ආර්තවහරණයත් සමඟ අස්ථි ශක්තිමත් කරන ඊස්ට්‍රජන් හෝර්මෝනය ශරීරය තුළ නිෂ්පාදනය අවම වීමය. සමහර කාන්තාවන්ගේ විවිධ ගැටලු නිසා ඩිම්බ කෝෂ ශරීරයෙන් ඉවත් කරන අවස්ථාද තිබෙනවා. මෙයත් ඔස්ටියෝපොරෝසිස් ඇති වීමට වක්‍රව බලපානවා. ඔබේ අස්ථි දුර්වලවීමට මුලිකවම බලපාන කරුණක් ලෙස විටමින් D උෟනතාවය බලපානවා. මේ තත්වය උග්‍ර වන අවස්ථාවක් තමයි අධික ලෙස ලුණු ආහාරයට ගැනීම. ඔබ දන්නවද අධික ලෙස ලුණු ආහාරයට ගැනිම මඟින් ශරීරයේ ඇති කැල්සියම් මට්ටම අඩු වන බව. මේ නිසාද ඔස්ටියෝපොරෝසිස් ඇතිවෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් දරැවෙකුගේ යොවුන් විය අවසානය වනවිට ඔහුගේ අස්ථි වලින් 90%ක් පමණ වැඩී අවසන්. එම නිසා ඔස්ටියෝපොරෝසිස් සම්බන්ධව සිතිය යුත්තේ දරැවෙකු කුඩා කාලයේ සිටමයි. ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා කැල්සියම් අත්‍යවශ්‍යයි. කිරි, යෝගට්, චීස්, පොඩි මාළු සහ ටින් මාළු (කටු සහිතව) ආහාරයට ගැනීමෙන් එම අවශ්‍යතාව පිරිමසාගන්න පුළුවන්. එමෙන්ම ආමන්ඩ්, ඕට්ස් ධාන්‍ය, තල, සෝයා සහ තද කොළ පැහැයෙන් යුත් එළවළු ආහාරයට එක් කරගැනීමෙන්ද ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකියි. නමුත් ආහාරවලින් ලබාගත් කැල්සියම් ශරීරයට උරාගැනීමට නම් විටමින් D අත්‍යවශ්‍යයි. එය සම තුළ නිපදවෙන්නේ සූර්යාලෝකයට නිරාවරණය වූ විටයි. විටමින් D පෝෂකය බිත්තර කහමදය, මුහුදු මාළු සහ පීකුදු වැනි ආහාරවල බහුලව තිබෙනවා. ඔස්ටියෝපොරෝසිස් වැළඳීමෙන් ආරක්ෂා වීමට නම් ව්‍යායාම් කිරීම අත්‍යවශ්‍යයි. ළමා කාලයේ සිට දිගටම ව්‍යායාම් කිරීමෙන් වයස් ගත වනවිට පවා අස්ථිවල ශක්තිමත් බව රැකගත හැකියි. ඒ සඳහා බර ඉසිලීම වැනි ව්‍යායාම් වඩාත් යෝග්‍ය බව පැවසෙනවා. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Feb 2018 07:08 PM අම්මො බයෙ බැහ්S First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 10 Feb 2018 08:13 AM වයස 50න් පස්සෙ ඉතින් කොහොමත් ලෙඩ වලින් අඩුවක් වෙන්නෙ නෑනෙ. මේකත් ඒ අතරින් තවත් එකක් විතරයි. 0 chamaramindMost Senior MemberPosts:13471 10 Feb 2018 05:22 PM ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයෙන් මතු පරපුර බේරා ගැනීමට නම්..... බෝ නොවන රෝග අතරින් ආමාශගත රෝගයක් ලෙස ප්‍රධාන තැනක් ගනු ලබන ගැස්ට්‍රයිටිස් රෝගය නිසාවෙන් වර්තමාන සමාජයේ බාල වැඩිහිටි වයස් භේදයකින් තොරව පොදුවේ සෑම දෙනෙක්ම දරුණු ලෙස පීඩා විඳින බව පෙනී යන්නකි. අප බොහෝ කාලයක් පුරා ආහාර ගැනීමේදී ඇතිකරගෙන සිටින අයහපත් ආහාර පුරුදු හා ආහාරයේ පමණ නොදැන අනුභව කිරීම මෙම රෝගී තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත. මෙම රෝගයේ යථා ස්වභාවය පරීක්ෂා කර බැලීමේදී පෙනී යන්නේ උදර කුහරය තුළ (ආමාශය) අධික පීඩනයක් පැවතීම නිසාවෙන්, උදර කුහරය තුළ ඇති වාතය දරුණු ලෙස වර්ධනය වී තිබීමය. තවත් බොහෝ දෙනෙකුට ආමාශය තුළ ඉවසිය නොහැකි දැවිල්ලක් ඇති බව පවසයි. මෙම තත්ත්වයට හේතුව වන්නේ, ආමාශයේ ඇතිවී තිබෙන සියුම් තුවාලයි. මෙම තුවාල නිසි ලෙස සුව නොවන තාක්කල් රෝගියා ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළේ. වර්තමානයේ මෙම රෝගී තත්ත්වයට නොයෙක් ප්‍රතිකාර කිරීමෙන් බොහෝවිට ලබාගත හැක්කේ, තාවකාලික සුවයක් පමණකි. නමුත් ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවට සුවකර ගැනීමට පාරම්පරික හෙළ ඔසු බොහොමයක් පවතින අතර එමගින් අත්දුටු හා ප්රත්යක්ෂ රෝග නිවාරණයක් කරා යා හැකි බවද තහවුරු වී ඇති බව කිව යුතුය. හිස කැරකැවිල්ල, වමනය, අතපය දරදඬුවීම ආදී රෝග ලක්ෂණ මෙම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පෙන්නුම් කරයි. මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් Õ නිසි වෙලාවට ආහාර නොගැනීම සහ සමබර ආහාර වේලක් නොගැනීම Õ නොදිරවන සුලු ආහාර, පිටි වර්ග බහුල ආහාර ගැනීම (විශේෂයෙන් ඊට්ස් අඩංගු ආහාර) මෙන්ම අධික තෙල් සහිත කෑම බහුල වශයෙන් ආහාරයට ගැනීම (ෂෝට්ඊස්ට් වර්ග) Õ ක්ෂණික ආහාරවලට ඇබ්බැහිවීම (Junk Foods) Õ මානසික ආතතිය (Stress) Õ මත්පැන් පානය කිරීම Õ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි සිතේ ඇතිවන කිළිටි සහගත සිතුවිලි ආදී ප්‍රධාන හේතු වේ. විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන අයෙක් අවධානය යොමු කළ යුතු කරුණු වන්නේ Õ නිසි වේලාවට සමබර ආහාර වේලක් ලබා ගැනීම. Õ අධික ශීතල මෙන්ම අධික උෂ්ණ ආහාර පානයන්ගෙන් වැළකී සිටීම. Õ රාත්‍රියට පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකීම. Õ ආහාර ජීරණය වීමට ඔබ ගන්නා ආහාර පාන මෙන්ම මානසික සමබරතාවය අත්‍යවශ්‍ය බැවින් සැමවිටම මානසික ආතතියෙන් තොරව මානසික සුවයෙන් කල් ගෙවිය යුතුය. Õ තමන් ගන්නා ආහාර වේලට තන්තු බහුල ආහාර, විශේෂයෙන් ධාන්‍ය වර්ග, එළවළු වර්ග එකතු කර ගැනීමෙන් මෙම රෝගයෙන් ආරක්ෂා විය හැකිවේ. Õ එමෙන්ම යහපත් ජීවන පැවැත්මක් ඇති කර ගැනීම වැදගත්වන බව කිව යුතු වේ. මෙම රෝගය පිළිබඳව වැඩි දුරටත් කථාබහ කිරීමේදී කනගාටුවෙන් වුවද කථා කළ යුත්තේ වන්නේ අද මෙම රෝගී තත්ත්වයට පාසල් දරුවන්ද ගොදුරුවී පැවතීම සම්බන්ධයෙනි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාසල් දරුවන්ගේ ජීවන රටාවට අහිතකර අයුරින් අධ්‍යාපන රටාව පවත්වාගෙන යාම බව කිව යුතුය. ඒ අතර, Õ දරුවන්ට නිසිලෙස වැඩීමට අවශ්‍ය පෝෂණ ගුණයෙන් සපිරි සමබර ආහාර වේලක් නොලැබීම. Õ ඒ වෙනුවට ඔවුන්ට ක්ෂණික ආහාරයක් හෝ පාන්, බනිස් සමඟ ෂෝට්ඊට්ස් වැනි දේ ලබාදීම. Õ දරුවන් කෙළිදෙලෙන් ගතකරන ළමා කාලය ඔවුන්ට අහිමි කරමින් අනවශ්‍ය ලෙස ඔවුන් උපකාරක පන්තිවලට යොමුකිරීම. දරුවා දවසේ වැඩි කොටසක් අසුන්ගෙන සිටීම නිසා දරුවාගේ ආමාශයේ වාතය තදින් තෙරපීමකට භාජන වීම මෙන්ම දරුවාගේ ශාරීරික ක්‍රියාකාරිත්වය අවම වීම. මන්ද ඉහත පැවසූ ආකාරයට නිසි අහරක් කුසට නොලැබෙන දරුවාට මවුවරුන් විසින් කුමන හෝ යමක් කුසට පුරවා උපකාරක පන්ති සඳහා යොමු කිරීම නිසා මෙම රෝගී තත්ත්වය තීව්ර වන බව දෙමව්පියන් වන ඔබ සිතිය යුතුම කරුණකි. ඇළේ දොළේ සිසිල කැටිකර ගනිමින් වෙල් එළියේ දුව පැන නටපු අපේ දුවා දරුවන් වර්තමානයේ නාන කාමරයට සීමාවී ස්නානය කිරීමට සිදුවීමද, එයද නිදහසේ සිදුකර ගැනීමට පවා ඔවුන්ට කාලය හරස්වීම නිසාවෙන් ඔවුන්ගේ ශරීරයේ පවතින උෂ්ණත්වය නිසියාකාරව බැහැර නොවීමද, ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය උග්රවීමට ප්‍රධාන ලෙස බලපායි. දරුවන් දවසේ වැඩි කාලයක් සපත්තු පැළැඳ සිටීම නිසා දරුවන්ගේ පාදවලින් රස්නය පිටව නොයැම නිසා දරුවන්ගේ ශරීර උෂණත්වය හරියාකාරව බැහැර නොවීමද ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය උග්‍ර වීමට සෘජුම හෝ වක්‍රව බලපෑම් සිදු කරයි. එදා මානසික සුවයෙන් කෙළිදෙළෙන් ගත කරනු ලැබූ දරුවන්ට ගහක ඉදුනු පලතුරක් කඩා ගෙන කෑමට ඕනෑ තරම් අවකාශය තිබුණද, අද වන විට ඒ සියල්ලම ඔවුන්ට අහිමිව ගොස් තිබේ. කාබයිට් ගසා ඉදවනු ලැබූ පලතුරු හැර සාමාන්‍ය ලෙස ගහේ ඉදුණ ගුණදායක පලතුරක් අනුභව කිරීමට ලැබෙනුයේ කීයෙන් කීදෙනෙකුටද? මෙය අනාගත පරපුරේ ඉතාම අභාග්‍ය සම්පන්න ඉරණමක් බව පෙන්වා දිය හැකි අතරම, මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් අනාගත පරපුර බේරාගැනීමට අප දියත්කර ඇති මහා කඩුපුල් සංවිධානය මගින් ගමින් ගමට ගොස් අහිංසක අසරණ රෝගීන්ට පිළිසරණ වෙනවාත් සමගම නිරෝගිමත් සමාජයක් අනාගතයට දායාද කිරීමට අපි වෙත එන සියලු දෙනාම දැනුවත් කරමින් ජාතික මට්ටමින් පූර්ණ අනුග්‍රාහකත්වයක් සපයමින් අපේ සංවිධානය මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී. මතු පරපුර රැක ගැනීම මෙන්ම නිරෝගිමත් අනාගත පරපුරක් රටට දායාද කිරීම ඔබේද මගේද වගකීම ලෙස සලකා නොපමාව ක්‍රියාකිරීමට කාලය එළැඹ ඇති බව පසක් කළ යුත්තකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Feb 2018 05:29 PM කොඳු ඇටවල කාටිලේජ දියවුණාම සුව කරන හැටි ප්රශ්නය - පසුගිය සතියේ අප සාකච්ඡා කළේ කොඳුඇට පෙළේ ඇට පුරුක් අතර කාටිලේජ දියවීම නිසා පිට මැදින් පහළට නිශ්ක්‍රීය වූ අයකු ගැන. එම තැනැත්තාගේ කාටිලේජ දිරා යැමට හේතු වූයේ හදිසි අනතුරකින් ඇට පුරුක්වලට හානි වූ නිසයි. අද ඔබ අපට කියන්නට ඕනෑ ඔබ මේ තත්ත්වයට ප්‍රතිකාර කළේ කොහොමද කියන එක. වෛද්‍ය එම්. ඒ. මදනායක - වෛද්‍යවරයකුගෙන් ප්‍රසිද්ධියේ නෑසිය යුතු ප්‍රශ්නයක් තමයි රෝගියාට කළ බෙහෙත කුමක්ද කියන එක. එය දැන ගැනීමේ අයිතිය තිබෙන්නේ රෝගියාටත්, ඔහුගේ හෝ ඇයගේ භාරකරුවන්ටත් විතරයි. ලෙඩකට බෙහෙත් හදන හැටි ප්‍රසිද්ධියේ කීවම කම්මලේ යකඩ තලන අයත්, කුඹුරු කොටන අයත්, ක්ලාක් මහත්තයාත්, කිසිදු දැනුමක් නැතිව හොර වෙදුන් වීමට බලා සිටින අයත් බෙහෙත් හදා ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. එවිට රෝගීන් මැරෙනවා. අඩු ගණනේ ඇඳකට වෙලා අවුරුදු කිහිපයක් විවේකීව ජීවත් වෙන්න පුළුවන් රෝගියා සතියකින් මැරෙනවා. ඒ නිසා අපට බෙහෙත් කිව හැක්කේ එක්කෝ දළ වශයෙන්. නැත්නම් අත් බෙහෙත් විදියට. හැබැයි කොඳු ඇටවල කාටිලේජ දිය වෙනවාට අත්බෙහෙත් නැහැ. මේ වගේ රෝගියකු ගෙනාවම අප මුලින්ම කරන්නේ කසාය මගින් ශරීරයේ විෂ තත්ත්වයන් නැති කරලා රුධිරය පිරිපහදු කිරීමයි. මොකද මේ රුධිරය තමයි ශරීරය පුරාම ගමන් කරමින් ඒ ඒ තැන්වලට ඖෂධීය සාරය ගෙන යන්නේ. මේ සඳහා රෝගියාගේ ශරීරය පොඩි ළමයකුගේ ශරීරය වගේ විෂ රහිත කළ යුතුයි. කසාය වලින් කරන්නේ ඒක. සතියක් තුළ එමගින් විෂ නැති කරන්න පුළුවන්. මේ කසායවල තිබෙනවා විෂ නැති කරන කොහොඹ, බිංකොහොඹ වැනි දේවල්. ඊළඟට තමයි තෙල් ගාලා පිරිමදින්නෙත් තැවීම සිදු කරන්නෙත්. බෙහෙත් වලින්. ඇට පුරුක් අතර කාටිලේජ වර්ධනය වෙනවද නැද්ද කියන එක මට පිට පිරිමදින විට ඇඟිලිවලින් කියන්න පුළුවන්. ප්රශ්නය - ඔබ පසුගිය සතියේදී කීවා කාටිලේජ වර්ධනයට බණ්ඩක්කා සුදුසුයි කියලා. වෛද්‍ය එම්. ඒ. මදනායක - අපේ දේශීය දැනුම එහෙම තමයි. බෙහෙත් කරන අතර බණ්ඩක්කා ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. හැබැයි සෙම බහුල රෝගියකු නම් වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන තමයි එය කළ යුත්තේ. ප්රශ්නය - බණ්ඩක්කාවල ගුණ මොනවද? වෛද්‍ය එම්. ඒ. මදනායක - බණ්ඩක්කාවල 90% ක් ම තියෙන්නේ ජලය. ඉතිරි සියයට දහය තුළ විශාල වශයෙන් පෝෂ්‍ය පදාර්ථ තිබෙනවා. මේ එළවළුව විටමින් A බහුලයි. ඊළඟට B1, B2, B6 කියන විටමින් තිබෙනවා. විටමින් C සහ සින්ක්, කැල්සියම් දෙකත් මෙහි තිබෙනවා. ෆයිබර් තන්තු සහ Folic අම්ලය මෙහි අඩංගුයි. ඊට අමතරව යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම්, K විටමිනය, මෙහි තිබෙනවා. බණ්ඩක්කා ආහාර වේලට යොදා ගත්තාම මළ බද්ධය නැති වෙනවා. කොලෙස්ටරෝල් අඩු වෙනවා. ගුද මාර්ගයේ පිළිකා හට ගැනීම වළකිනවා. ආතතිය නැති වී ශරීරයේ ශක්තිය ඉහළ යනවා. බඩවැලේ හටගන්නා තුවාල, ඉරිටබල්, බවල් සින්ඩ්‍රම් හෙවත් ආහාර ගත් වහාම මළ පිටවීම. පෙනහලුවල හට ගන්නා ප්‍රදාහය යනාදිය මෙයින් වළකිනවා. ප්රශ්නය - කාටිලේජ වර්ධනයට සුදුසු වෙනත් ආහාර මොනවාද? වෛද්‍ය එම්. ඒ. මදනායක - රනිල භෝග ඉතා හොඳයි. දොඩම්, දෙළුම්, දුඹුරු සහලින් පිසූ බත්, කජු, රටකජු, ආමන්ඩ් යනාදියත් ඉතාම සුදුසුයි. ප්රශ්නය - කොඳු ඇට පෙළෙහි කාටිලේජ විනාශ වූ තැන් සහිතව ඔබ වෙත පැමිණි රෝගියාට කළ ප්‍රතිකාරවල තත්ත්වය කුමක්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මා අපගේ සාම්ප්‍රදායික රහස් වෙදකම් සහිත ආහාර ලබා දීමෙන් පසු රෝගියා සුව වුණා. අවුරුදු පහළොවක් විස්සක් තිස්සේ විනාශ වූ කාටිලේජ ප්‍රතිසංස්කරණය කර රෝගියා ඇවිද්දවීමට අපට ගත වුණේ ඉතා සුළු කාලයක් විතරයි. අද මේ රෝගියා සුවපත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Feb 2018 05:36 PM රුධිර නාළ අවහිර කරන කොලෙස්ටරෝල් නසන හෙළඔසු කොලෙස්ටරෝල් වැඩිවීම නිසා සිරුරේ රුධිර පීඩනය වැඩිවීම සිදුවන්නේ කෙසේද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක :- හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවල මෙම කොලෙස්ටරෝල් තැන්පත් වීම සිදුවේ. එවිට එම නාළවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවේ. එම සිහින් වූ නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක් දැරීමට සිදුවේ. සිරුරේ රුධිර නාළ කිහිපයක මෙලෙස කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක් දැරීමට සිදුවේ. එවිට මෙම වැඩි පීඩනය දැරීම නිසා හෘදයට දරුණු බලපෑම් ඇතිවිය හැකිය. Ö මෙලෙස රුධිර නාළ අවහිර වීමෙන් ශරීරයට ඇතිවන බලපෑම් මොනවාද? Ö වෛද්‍ය රන්පත රුවන් රත්නායක :- කාලයක් තිස්සේ මෙලෙස රුධිර නාළවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කුටි හටගැනීම සිදුවේ. එවිට රුධිර නාළ අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා යැම ඇනහිටීම සිදුවේ. එවිට එම නාළ හරහා රුධිරය ගලායන හෘදයේ සෛල කොටස්වලට නිසි පරිදි රුධිරය නොලැබීමෙන් එම සෛල මැරී යා හැකිය. එවිට පපුවේ වේදනාවක් හටගන්නා අතර ඒ තත්ත්වය තීව්ර වීමෙන් හෘදය ඇනහිටී මරණය පවා ළඟවීමේ අවදානමක් පවතී. Ö මේ තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- විශේෂයෙන්ම කළ යුත්තේ තම ශරීර සෞඛ්‍ය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්වීමය. ඒ අනුව අවුරුදු 35 -40 ඉක්මවන හැමෝම ආහාර පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. ව්‍යායාම කිරීම, වෙහෙස වී වැඩකටයුතුවල යෙදීම ඉතා හොඳයි. අධික ලෙස සත්ත්ව තෙල් අඩංගු ආහාර වර්ග පාලනයක් කරවා ගැනීම, බිත්තර කහ මද, මස් වර්ග පාලනයකින් යුතුව ආහාරයට එක්කර ගත යුතුය. ආහාර ජීර්ණයේදී ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා කොලෙස්ටරෝල් හටගැනීම සිදුවේ. මේද කොටස් අක්‍රමවත් ලෙස හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයකට ලක්වීම හේතුවක් ලෙස කොලෙස්ටරෝල් ඉහළ යැමට හැකිය. මෙම කොලෙස්ටරෝල් හිතකර සහ අහිතකර ලෙස සිරුරට බලපායි. නිවැරදි ලෙස මේදය ජීර්ණය වුණේ නම් ඒවා ශක්තිය ලෙස එක් වේ. Ö ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම කොලෙස්ටරෝල් විනාශ කිරීම සඳහා ප්‍රතිකර්ම තිබෙනවාද? Ö ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- ආයුර්වේදයේ මෙම කොලෙස්ටරෝල් හඳුන්වන්නේ පිත්තස්නේහ ලෙසය. එනම් නිවැරදි ලෙස නොදිරවූ මේද කොටස්ය. ඒවා ආම රසය ලෙස ද හඳුන්වනු ලැබේ. ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර ශරීරයේ කොලෙස්ටරෝල් හටගන්නා ක්‍රමවේද ද නිසිලෙස වටහාගෙන ප්‍රතිකාර ඇරඹිය යුතුය. ආම පාමක නම් ඖෂධ මගින් රුධිර නාළ හෝ වෙනත් තැනක ඇති අහිතකර කොලෙස්ටරෝල් නැවත ජීර්ණය කරවීම සිදුවේ. මෘදු විරේඛන ඖෂධ මගින් එම අහිතකර පදාර්ථ මළ, මුත්‍ර හා දහදිය මාර්ගවලින් පිට කිරීම සිදුකරයි. ඒ හා සමඟම ලබාදෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතෙන් එක්වන මේද කොටස් නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්තිය ලෙස නැවත ශරීරයට ලබාදීම සිදුකරයි. මෙලෙස ප්‍රතිකාර කිරීම තුළින් ඉතා කෙටි කලකින්ම කොලෙස්ටරෝල් රෝගයට ගොදුරුව සිටින රෝගීන්ට සුවය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Feb 2018 05:45 PM ගුද විද්‍රදිය සුව කරන හැටි විද්‍රදියක් හට ගැනීමට පාදක වන්නේ මෙන්න මේ කියන තත්ත්වයන් සමූහයයි. විද්‍රදි කියන ගෙඩි විශේෂය සිරුරේ බොහෝ තැන්වල හට ගන්නවා. අක්මාවෙත් හටගන්නවා. එහෙත් වඩාත්ම පීඩාකාරී වූ ප්‍රදේශය තමයි ගුදය ආශ්රිත ප්‍රදේශය. ආයුර්වේදයට පුළුවන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන ලෙස මෙවැනි රෝග සුව කරන්නට. ප්රශ්නය - රක්ත ශෝධනය කරන්නේ කොහොමද? වෛද්‍ය පුෂ්පකුමාර - ශාකසාර ආශ්රයෙන් නිපදවපු විවිධ ඖෂධ සහ කෂාය වර්ගවලින් තමයි රක්ත ශෝධනය හෙවත් රුධිරය පිරිසිදු කිරීම සිදු කරන්නෙ. කරපිංච කියන්නේ රක්ත ශෝධනය ඉතාම හොඳින් සිදු කරන ඖෂධයක්. මෙයින් කැඳ හදල බිව්වම රුධිරයේ තිබෙන කොලෙස්ටරෝල් විතරක් නොවෙයි විෂ සහිත සෙසු අංශු ඉවත් වෙනවා. ප්රශ්නය - විද්‍රදි සඳහා යොදා ගන්නා ඖෂධ ගැන විස්තරයක් කරන්න... වෛද්‍ය පුෂ්පකුමාර - ඒක තීරණය කරන්නේ රෝගියාගේ විද්රදියේ ස්වභාවය අනුවයි. විද්‍රදිය මුල් අවස්ථාවේදී හඳුනා ගත් විට කරන ප්‍රතිකාරය නෙමෙයි එහි සැරව පිරී තිබෙන විට කරන්නෙ. එය Fistula තත්ත්වයට පරිවර්තනය වෙමින් තිබෙනවා නම් කරන්නට සිදුවන ඖෂධය කලින් කී අවස්ථා දෙකටම වඩා වෙනස් වෙනවා. සැරව පිරුණු තත්ත්වයේ පවත්නා විද්‍රදියක් තව දින දෙකකින් පුපුරුවා හල යුතු බව වෛද්‍යවරයාට සිතෙනවා නම් ඔහු පාවිච්චි කරන ඖෂධ වර්ග පෙර කී අවස්ථා තුනටම වඩා වෙනස්. මෙහිදී පාවිච්චි කරන ඖෂධ ගැන කතා කරනවා නම් දළුක් කිරි යොදා ගැනීම සිදු වෙනවා. ක්ෂාර වර්ග යොදනවා. සමහර විට හුනු මී පැණි සමඟ මිශ්‍රකර නොපිපිරූ ගෙඩිය මත ගානවා. රතුලූනු එළඟිතෙල්වලින් අඹරලා උණු අළුපල්ලෙ තම්බලා අඹරලා ගානවා. වැල්පෙනෙල ජලයෙන් අඹරලා ගානවා. ප්රශ්නය - විද්‍රදි වර්ග කීයක් තිබෙනවද? වෛද්‍ය පුෂ්පකුමාර - කිහිපයක්ම තිබෙනවා. ගුද විද්රදිවලදී බාහිර සහ අභ්‍යන්තර කියලා වර්ග දෙකක් තිබෙනවා. අභ්‍යන්තර විද්‍රදිය මහත් වේදනා දෙන දෙයක්. රෝගියා කියන රෝග ලක්ෂණ අනුව ගුද අභ්‍යන්තරය පරීක්ෂා කරලා තමයි අභ්‍යන්තර විද්‍රදියක් සොයා ගන්නේ. සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 95 of 137 << < 9394959697 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner