You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 96 of 137 << < 9495969798 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Feb 2018 05:54 PM

otisumප්‍රශ්නය - පසුගිය දෙසතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළේ දරුවන්ට වැළඳෙන ශ්වසන ආබාධ අතර ප්‍රමුඛ තැනක්‌ ගන්නා ඇදුම රෝගය ගැනයි. ඒ අතර අප සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ වැඩිහිටියන් විශාල පිරිසක්‌ ඉල්ලීමක්‌ කළා ඔටිසම් රෝගය ගැන තවදුරටත් සමාජය දැනුවත් කරන ලෙස. අපට කතා කළ අය අතරින් විශාල පිරිසක්‌ ඔටිසම් රෝගී දරුවන් සිටින මාපියන් බවත් මහානාරායන තෛලය, බලඅශ්වගන්ධාරිශ්ඨය යන තෛල වර්ග යොදා සම්බාහනය කිරීමෙන් එම දරුවන්ගේ ක්‍රියාකාරකම් විශාල වශයෙන් වර්ධනය වී ඇති බවත් දැනගන්නට ලැබුණා.

වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඔටිසම් රෝගය ගැන චීනය ඉතා වැදගත් පර්යේෂණ සිදුÊකරනවා. ඔවුන් චීනයේ පාරම්පරික ශාකසාර ඖෂධ සහ බටහිර ඖෂධ මිශ්‍රකරමිනුත්, ඒවා වෙන වෙනමත් යොදා ගෙන ඔටිසම් සුව කරන බෙහෙත් සෙවීමට පරීක්‍ෂණ කරනවා. මේ ක්‍රමයට කරන ප්‍රතිකාරයට මූල සෛල ප්‍රතිකාර කියා කියනවා. අප කරන ආයුර්වේද ප්‍රතිකාරයත් මූල සෛල ප්‍රතිකාරයක්‌. මේ ආයුර්වේදීය මූල සෛල ප්‍රතිකාරයට අනුව සුව කළ කුඩා දරුවකු ගැන මා ඔබට සිද්ධි අධ්‍යයනයක්‌ ගෙන එනවා.

ඉතිහාසය - විශ්ව නමැති හතර හැවිරිදි දරුවා ඔටිසම් රෝගයෙන් පෙළෙන බව ඔහුගේ මාපියන් හඳුනාගන්නවා. ඉන් පසු ආයුර්වේද ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි ආයුර්වේද රෝහලකට ඇතුළත් කරනවා. මේ දරුවාට හරිහැටි වචන හසුරුවන්නට බැහැ. කිසියම් කාර්යයක්‌ සම්බන්ධයෙන් ඒකාග්‍රතාවක්‌ ඇති කර ගන්නට බැහැ. ඔහුට බාහිර සමාජය සමඟ කිසිදු අදහසක්‌ හුවමාරු කරගන්නට බැහැ.

මූල සෛල ආයුර්වේද චිකිත්සාව කරන්නට පෙර රෝගී මේ දරුවාගේ තත්ත්වය ඉතාම නරකයි. ඔහු තමන්ටම ආවේණික ලෙස අසාමාන්‍ය ලෙස ක්‍රියාශීලී වන (hyperactive) අවස්‌ථාව තිබුණා. හැබැයි ඔහු පිටස්‌තර අය සමඟ ක්‍රියාශීලී වූයේ ඉතා දුර්වල ලෙසයි. මවගේ පියාගේ දැස්‌ දෙස කලාතුරකින් බැලීමත්, ඉතාම සීමාසහිත වූ වචන සංඛ්‍යාවක්‌ හැසිරවීමත් පමණයි ඔහු කළේ. අත් පා හැසිරවීමේදී ඔහුගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය වුණත් කිසියම් විශේෂ කාර්යයන් සඳහා අත් පා සෙලවීමට ඔහුට හැකියාවක්‌ නැහැ.

ආයුර්වේද මූල සෛල ප්‍රතිකාරය මේ දරුවාට දින 21 ක්‌ තිස්‌සේ කළා. මේ සියල්ලම කළේ විශේෂ තෙල් වර්ග කිහිපයක්‌ යොදාගෙන දරුවා තුළ අපුල භාවයක්‌ ඇති නොකරන සැහැල්ලු කසාය, සහ පංච කර්ම සම්බාහනය මගින් .(ඉන්පසුව දරුවා සුව වීමට පටන් ගත් හැටි ලබන සතියේ කියවමු.)

otisum1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Feb 2018 06:02 PM

pakinasප්‍රශ්නය - ඉතිහාසය පුනරුච්චාරණය වෙනවා. එහෙමත් නැත්නම් නැවත නැවතත් සිදු වෙනවා කියලා කාල් මාක්‌ස්‌ කියා තිබෙනවා. මාක්‌ස්‌ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ නැහැ. ඔහු සම්බන්ධ කොමියුනිස්‌ට්‌ වාදයටයි. එහෙත් ඔහුගේ ඉහත සඳහන් කියමන හරිම ප්‍රායෝගිකයි. මෙයට වසර දහස්‌ ගණනකට පෙර ලෝකවාසී ජනයා පාවිච්චි කළේ ශාකසාර ප්‍රතිකාර. එහෙත් මධ්‍ය කාලීන යුගයෙන් පසු නවීන විද්‍යාවේ විකාශයත් සමගම මනුෂ්‍යයා රසායනික ද්‍රව්‍ය ආශ්‍රයෙන් කරන ප්‍රතිකාරවලට ඇදී ගියා 21 වැනි සියවස වන විට බටහිර වෛද්‍ය විද්‍යාව හැම රටකම පැතිර තිබුණා. එහෙත් දැන් නැවත වරක්‌ ලෝකවාසීන් ශාකසාර ඖෂධවලට නැඹුරු වන්නට පටන් අරගෙන.

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - පසුගිය කාලයේදී මේ රටේ ජනයා ආයුර්වේද ඖෂධ වෙත යැමට අදිමදි කළේ එයින් සුවයක්‌ ලැබීමට කල්ගත වෙනවා කියන පදනම මතයි. එහෙත් අද වන විට බටහිර ඖෂධ තරමටම ඉක්‌මන් ප්‍රතිඵල ලබාගැනීමට පුළුවන් වන පරිදි නවීන ක්‍රමවල ආධාරයෙන් ආයුර්වේද ඖෂධ දියුණු කර තියෙනවා. ශාකසාර වෙදකම පොදුවේ හඳුන්වන්නේ herbalism කියන නමින්. හැම රටකටම ආවේණික හර්බල් ක්‍රමයන් තිබෙනවා. යුරෝපයේ රටවල ඒ ඒ ශාකසාර ප්‍රතිකාර සඳහා වෙන් කෙරුණ සංගම් පවා තිබෙනවා. මොළයේ Dopamine ප්‍රමාණය වැඩි කිරීමට වඳුරු මෑ යොදා ගැනීමට හැකි බව ඔප්පු වීමත් සමඟ ඒ රටවල් ඒ ගැන පර්යේෂණ පැවැත්වීමට පටන් ගෙන තිබෙනවා. වඳුරු මෑ එන්නේ ආයුර්වේද ප්‍රතිකාරවල - එය ආයුර්වේදයේ සොයා ගැනීමක්‌. එහි නියම සාරය ආයුර්වේද වෛද්‍යවරුන් වන අප සතුව තිබෙනවා.

ප්‍රශ්නය - සම්බාහනය ගැන දියුණු රටවල ප්‍රජාව දරන මතය කුමක්‌ද?

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - පාකින්සන් කියන්නේ ස්‌නායු පද්ධතිය මූලික කරගත් රෝගයක්‌. ස්‌නායු නමැති ඒකකය මුළු මහත් ශරීරය පුරාම ජාලගතව පවතිනවා. ඒ නිසා ස්‌නායු පද්ධතියට කරන ප්‍රතිකාර නියමානුකූලව කළ යුතුයි. මුඛ මාර්ගයෙන් දෙන ඖෂධ, එනම් කසාය. ආසව, ගුලි, චූර්ණ, ක්‌වාථ, අරිශ්ට යනාදිය රුධිරයට එකතු වෙලා ශරීරය පුරා ගමන් කරනවා. ආයුර්වේද සම්බාහනයේදී වටිනා ඖෂධීය තෙල් වර්ග රෝම කූප හරහා ශරීරය ඇතුළට කිදා බැස ස්‌නායු ජාලයට අවතීර්ණ වෙනවා. ප්‍රතිකාරය පටන් ගන්නේ එතැනින්.

ලබන සතියට

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

pakinas1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Feb 2018 06:10 PM

atharaiticeප්‍රශ්නය - වියළි ශීත සමය ක්‍රමයෙන් මඟ හැරෙමින් පවතිනවා. පසුගිය කාලය තුළ ඔබ අපට ලබා දුන්නේ වියළි සමයට ගැලපෙන කසාය වට්‌ටෝරු. එහෙත් පරිසරයේ තත්ත්වය යථා තත්ත්වයට පත්ව තිබෙන නිසා අප නැවතත් පැරැණි වට්‌ටෝරු වෙත යනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඔබේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මා දෙන පිළිතුර ඉතා පරෙස්‌සමින් සලකා බැලිය යුතුයි. පෘථිවි දේශගුණික තත්ත්වයන් සහ කාලගුණික තත්ත්වයන් පසුගිය වසර දස දහස තුළ ඉතා වේගයෙන් වෙනස්‌ වුණා. සාමාන්‍ය පිළිගැනීම අනුව ආයුර්වේදය අවුරුදු 6000 ක්‌ විතර පරණයි. ආයුර්වේදය පරිහරණය කෙරුණු ගෙවී ගිය අවුරුදු 6000 ක කාල වකවානුව තිබෙන්නෙත් අර කියාපු කාලගුණික වෙනස්‌කම් සිද්ධ වුණ අවුරුදු 10000 ක කාල පරාසය ඇතුළතයි. ඒ නිසා අවුරුදු 6000 කට ඉස්‌සර දීපු බෙහෙත් ඒ ආකාරයෙන්ම දීම අද වන විට වලංගු නැති තත්ත්වයක්‌ පැනනැඟ තිබෙනවා. ඒ අනුව ලොව පුරා සිටින ආයුර්වේද වෛද්‍යවරුන් කසාය වර්ගවල ගුණ අත්හදා බලමින්, ඒවා තක්‌සේරු කරමින්, අවශ්‍ය දැ එකතු කරමින් සිටිනවා. අප කටයුතු කරන්නේ මේ පර්යේෂණාත්මක සිද්ධාන්තය අනුවයි. වසර 6000 කට පෙර තිබූ වෙනිවැල්ගැටවල ගුණය අදත් ඒ විදියටම රෝගියාට ලැබෙනවාද? නූතන අවශ්‍යතාවට ගැලපෙන තරමට ගැට ලක්‍ෂ ගණනක්‌ වෙනිවැල්වල තිබෙනවාද? අද බෙහෙත් කඩයකට ගියාම ලැබෙන්නෙ වෙනිවැල්ගැට නොව වෙනිවැලයි. වැලේ තිබෙන සාරය එකක්‌. ඒ වගේ සිය ගුණයක සාරය ගැටයේ තිබෙනවා. එහෙත් නූතන අවශ්‍යතාව තරමට ගැට නැතිනම් කළ යුත්තේ කුමක්‌ද? ඒ සඳහා අලුතින් එකතු කළ යුතු බෙහෙත් තිබෙනවාද? ඉහත සඳහන් පර්යේෂණ මගින් ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා. ඒ උත්තර අනුව කටයුතු කළාම පැරැණි වට්‌ටෝරු වඩාත් ඵලදායි වන ලෙස සංස්‌කරණය කරමින් තමයි අප රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.

ප්‍රශ්නය - අද ඔබ අපට දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - මෙය ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රත්‍යක්‍ෂ ගුණ දෙන කසායක්‌. තොටිල මුල්, බෙලිමුල්, කොත්තමල්ලි, ඉඟුරු, ගම්මිරිස්‌, තිප්පිලි, වේලාමුල්, මොණරකුඩුම්බිය, රසකිඳ, පත්පාඩගම්, වියළි කහ, බැබිල මුල්, කලං 1 බැගින් ගෙන පත 8 එකට සිඳ සීනි, මී පැණි දමා උදේ සවස පත භාගය බැගින් දින 12 ක්‌ (හැලි 12) පානය කළ යුතුයි.

atharaitice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Feb 2018 06:19 PM

swethaප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය හෙවත් සුද යනවිට රෝගියාගේ ඇඟ නිවන්න ඕනෑ කියලා මතයක්‌ තිබෙනවා. මෙය පිළිගත හැකි මතයක්‌ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඒක තීරණය වන්නේ රෝගියාගේ ස්‌වභාවය අනුවයි. සුද යන සමහර තරුණියන්ට තක්‌කාලි, අන්නාසි, විනාකිරි, විනාකිරි යොදපු අච්චාරු, බලමාළු වගේ දේවල් අගුණයි. මන්ද යත් මෙහි තිබෙන ආම්ලික ක්‍රියාකාරීත්වය ශ්වේත ප්‍රදරයට බලපාන නිසයි. තවත් සමහර රෝගීන්ට මේ සියල්ල හොඳයි හැබැයි මිරිස්‌, අධික ලෙස තෙල් යෙදූ ආහාර සුදුසු නැහැ. තව සමහරුන්ට ඒ දෙකම හොඳයි. හැබැයි වම්බටු, නිවිති වගේ ආහාර සුදුසු නැහැ. මේ අතර ඉන්නවා බණ්‌ඩක්‌කා වැඩිපුර කෑවම සුදු යැම වැඩිවන රෝගීන්. ඒකට හේතුව තමයි එකිනෙකා කයින් වෙනස්‌ වීම. සුද යන්නේ ඇයි? කලින් වතාවලටත් වඩා ගැඹුරු ලෙස මේ වතාවේදී මා ඔබට හේතු කියන්නම්. සුද යැමට බලපාන හේතු ගණනාවක්‌ තිබෙනවා. හෝමෝන අසමතුලිතතාව, ශරීරයේ ඊස්‌ට්‍රජන් මට්‌ටම ඉහළ යැම, වැරදි ආහාර, ලේවල යකඩ ප්‍රමාණය අඩුවීම, ආතතිය, ආහාර නිසි ලෙස නොදිරවීම සහ මළබද්ධය, ආර්ථවහරණය, ආසාදන සහ ප්‍රදාහ තත්ත්වයන්. දියවැඩියාව වැනි තත්ත්වයන් එයට බලපානවා. තව සමහරුන්ට නිsදි වැරුවාමත් සුද යැම වැඩිවෙනවා. තව සමහර තරුණියන් නිකම් ඉන්න අතර තමන්ට තිබෙන සුද යැමේ රෝගය ගැන කල්පනා කරනවා. එතකොටත් සුද යැම වැඩි වෙනවා. ඒ නිසා එය ඉතා පරිස්‌සමින් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්‌ බවට පත් වෙනවා. සුද යන විදියත් විවිධයි. සමහරුන්ට යන සුද ලා කොළ සහ කහ පැහැයෙන් යුක්‌තයි. තව සමහරුන්ගේ ස්‍රාවය දුගඳයි. තව සමහරුන්ගේ ලිංගේන්ද්‍රිය අවට කසනවා. තව සමහරුන්ගේ ලිංගේන්ද්‍රිය වේළෙනවා. සමහරුන්ට සුද යනවිට දරුණුවට හිස රිදෙනවා. තව සමහරුන්ට කිසිම ආබාධයක්‌ නැහැ.

ප්‍රශ්නය - සුද යන තරුණියන්ට දෙන ඖෂධවල ඔබ අඩංගු කරන්නේ කවර ශාක සාරද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ප්‍රධානතම ශාකයක්‌ තමයි කෝමාරිකා. මෙයට ඉන්දියානුවන් කියන්නේ ග්‍රිත් කුමාරි කියලයි. මෙහි තිබෙනවා විෂ නසන ගුණයක්‌. සුද යන ලෙඩාගේ ශරීරය පිරිපහදු කරන්නට කෝමාරිකාවලට පුළුවන්.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

swetha1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Feb 2018 06:27 PM

diabiticeවකුගඩු (Kidney) යනු අපගේ ශරීරයේ සජීවී බව පවත්වා ගැනීමට විශේෂ දායකත්වයක්‌ දක්‌වන ඉන්ද්‍රිය අතරින් ප්‍රධාන මර්ම ස්‌ථාන ගනයට අයත් වන උදර කුහරය තුළ පිහිටා ඇති ඉන්ද්‍රිය යුගලයකි. වකුගඩු මගින් ඉටු කෙරෙන විවිධ ක්‍රියාකාරිත්වයන් අතර ප්‍රධානතම ක්‍රියාකාරිත්වය වන්නේ මූත්‍ර නිෂ්පාදනය යි.

ඊට අමතර ව තවත් ක්‍රියාකාරිත්වයන් රාශියක්‌ ඉටු කරනු ලබයි. එනම් ශරීරයේ අම්ල භෂ්ම සමතාව පවත්වා ගැනීම, ශාරීරික ලවන සහ ජල සමතාව පවත්වා ගැනීම, රුධිර නිෂ්පාදනයට දායක වීම, රුධිර පීඩනය පාලනය කිරීමට දායක වීම, සහ විටමින් ඩී කැල්සියම් සහ පොස්‌පේට්‌ යන සංඝටක වල පරිවෘත්තියට දායක වීම ඉන් සමහරකි. මෙම සෑම ක්‍රියාකාරිත්වයක්‌ ම ශරීරයේ වෙනත් ඉන්ද්‍රියයන් සමග සහයෝගී ව කටයුතු කිරීමෙන් ඉටුකරනු ලබයි. එසේම වෙනත් ඉන්ද්‍රියයන් සමග සහයෝගීව ක්‍රියාත්මක වීම සමායෝජනය කිරීම හෝමෝන නමින් හඳුන්වන ජෛවරසායනික අණු මගින් සිදු කරන අතර එය අතිශයින් ම සංකීර්ණ වූ එමෙන් ම එකිනෙකට ඒකාබද්ධ වූ ජෛවරසායනික ප්‍රතික්‍රියා සමූහයකි.

වකුගඩු වල ක්‍රියාකාරී ඒකකය වන්නේ නාලාකාර ව්‍යqහයක්‌ වන වෘක්‌කානුවයි (රූපය 2). වෘක්‌කානුව වෙත පැමිණෙන රුධිරයේ අඩංගු විවිධ සංඝටක සහ ජලය වෘක්‌කානුව තුලට පෙරීම මෙහි දී සිදු වේ. නමුත් මෙලෙස පෙරීයන තරලයේ අඩංගු ඇතැම් සංඝටක නැවත ශරිරය තුලට අවශෝෂනය වීම සිදුවේ. ඉතිරි කොටස මූත්‍ර ලෙස ශරීරයෙන් බැහැර වේ. මෙය සාමාන්‍ය තත්ත්වය යි. ඒ අනුව දිනකට ලීටර් 180 ක පමණ ප්‍රමාණයක්‌ පෙරීම සිදුවන අතර එයින් මූත්‍ර ලෙස බැහැර වන්නේ දිනකට ලීටර් 2ක්‌ තරම් වූ ප්‍රමාණයකි.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ ඇති ග්ලුකොස්‌ ද ඉහත සඳහන් කළ පෙරීමේ ක්‍රියාවලියේ දී පෙරෙන තරලයට එකතු වන නමුත් එය සම්පූර්ණයෙන් ම නැවත අවශෝෂණය වන නිසා මූත්‍ර සමග බැහැර වීම සිදු නොවේ. දියවැඩියා රෝගයේ දී රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය සාමාන්‍ය මට්‌ටමට වඩා බෙහෙවින් ඉහල යන විට දී පෙරී යන තරලයට එකතු වන ග්ලුකෝස්‌ ප්‍රමාණය ද වැඩි වන අතර එය සම්පූර්ණයෙන් ම නැවත අවශෝෂණය කර ගැනීමට නොහැකි වීම නිසා යම් ග්ලුකෝස්‌ ප්‍රමාණයක්‌ මූත්‍ර සමග බැහැර වීම සිදු වේ.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිරයේ පවතින ග්ලුකෝස්‌ ප්‍රමාණය වරින් වර වෙනස්‌ වන අතර දළ වශයෙන් පැය 10ක්‌ නිරාහාර ව සිට ලබා ගන්නා රුධිර මස්‌තු තරල ඩෙසිලීටරයක ග්ලුකෝස්‌ මිලි ග්රෑම් 75-99 අතර ප්‍රමාණක්‌ තිබීම නිරෝගී තත්ත්වයක්‌ ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබයි. බොහෝ විට මෙම ප්‍රමාණය මිලි ග්රෑම් 160-180 තරමි වන තෙක්‌ වැඩි වුව ද මූත්‍ර වලට ග්ලුකෝස්‌ එකතු වීම සිදු නොවේ. නමුත් යම් පුද්ගලයකුගේ රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය මිලි ග්රෑම් 126 කට වඩා වැඩි වූ විට දී ඔහු දියවැඩියා රෝගියෙකු ලෙස සළකනු ලබයි. රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය මිලි ග්රෑම් 100-125 අතර පවතින්නේ නම් ඔහු අවදානම් සහිත පූර්ව දියවැඩියා තත්ත්වයේ සිටින පුද්ගලයෙකු ලෙස ද සළකනු ලබයි (ඉහත සඳහන් අගයන් විවිධ සාධක සහ රසායනාගාර පරීක්‍ෂණ අනුව වෙනස්‌ විය හැකි බැවින් මේ තත්ත්වයන් පිළිබඳ ව නිගමනය කිරීම වෛද්‍යවරයකු විසින් සිදු කළ යුතු බව සැළකිය යුතු යි).

රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය මිලි ග්රෑම් 126-180 අතර මට්‌ටමක පවතින විට දී මූත්‍ර සමග ග්ලුකෝස්‌ පිට නොවුව ද දියවැඩියාවට අදාල ඇතැම් පූර්ව රෝග ලක්‌ෂණ එනම් නිතර නිතර පිපාසය ඇති වීම, වැඩි වාර ගනනක්‌ හෝ වැඩි ප්‍රමාණයක්‌ මූත්‍ර බැහැර කිරීම, නිදිමත සහ අලස බව වැනි ලක්‍ෂණ පහල විය හැකිය. මෙම තත්ත්වය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ උදක මේහය ලෙස හඳුන්වන රෝග තත්ත්වයට අයත් වන රෝග අතරින් එක්‌ රෝග අවස්‌ථාවක්‌ ලෙස හැදින්විය හැකි අතර දියවැඩියාව හේතු කොටගෙන වකුගඩු පීඩාවට පත්වීමේ ආරම්භක අවස්‌ථාව ලෙස ද සැළකිය හැක. රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය මිලි ග්රෑම් 160-180 කට වඩා වැඩි වන විට දී මූත්‍ර සමග ග්ලුකෝස්‌ පිටවීම සිඳු වේ. එම අවස්‌ථාව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් ඉක්‌ෂුමේහය අවස්‌ථාවට අයත් වේ. මෙම අවස්‌ථාවේ පසු වන රෝගීන් නිසි ලෙස ප්‍රතිකාර නොගෙන රෝග තත්ත්වය හොඳින් පාලනය නොකලහොත් කාලයත් සමග වකුගඩු වලට සිදුවන හානිය ක්‍රමයෙන් වැඩි වී නැවත යථා තත්ත්වයට පත් කල නොහැකි උග්‍ර වකුගඩු ආබාධ සහිත රෝගියෙකු බවට පත් වන බව සැළකිය යුතු ය.

diabitice1කල්ගත වන දියවැඩියා රෝගයේ දී වකුගඩු ආශ්‍රිත ව පළමුව පීඩාවට පත් වන්නේ වෘක්‌කානුව හා සම්බන්ධ ව ඇති ක්‍ෂුද්‍ර රුධිර වාහිනී ජාලයයි. එය ගුච්හකාව නමින් හඳුන්වනු ලබයි. දියවැඩියාව නිසා මෙම ක්‍ෂද්‍රරුධිරවාහිනී ජාලය ඝන වීම සිදුවන අතර රුධිරයේ පවතින ඇල්බියුමින් නැමති ප්‍රොaටීනය මූත්‍ර සමග බැහැර වීම ද සිදුවේ. පීඩාව ක්‍රමයෙන් වැඩි වීමේ දී පිටවන ඇල්බියුමින් ප්‍රමාණය වැඩිවන අතර පසුව වෙනත් ප්‍රොaටීන වර්ග ද බැහැර වීම සිදුවේ. වකුගඩු ආබාධ සම්බන්ධයෙන් විශේෂයෙන් අවබොධ කරගත යුතු කරුණ වන්නේ වකුගඩු උග්‍ර ලෙස පීඩාවට පත් වන තෙක්‌ ඊට අදාල රෝග ලක්‌ෂණ පහල නොවන බව සහ වෛද්‍යවරයෙකු විසින් පරීක්‍ෂා කිරීමෙන් පමණක්‌ මෙම තත්ත්වයන් හඳුනාගත හැකි බව යි. කෙසේ වෙතත් දියවැඩියාව නිසා වකුගඩු පීඩාවට පත් වීමේ දී රුධිර පීඩනය වැඩිවීම, මූත්‍ර සමග ප්‍රොaටීන පිටවීම නිසා ඉදිමුම් ඇති වීම, පෙන සහිත මූත්‍ර පිටවීම, ආහාර අරුචිය, වමනය සහ ඔක්‌කාරය වැනි ලක්‌ෂණ ද රුධිර නිෂ්පාදනය අඩු වීමෙන් රක්‌තහීනතාව ද සමස්‌ත පරිවෘත්තීය ක්‍රියාවලිය විකෘති වීම නිසා විවිධ වෙනත් රෝග ලක්‍ෂණ ද ඇති විය හැක. තව දුරටත් වකුගඩු පීඩාවට පත් වීමේ දී ඖෂධ ප්‍රතිකාර අසාර්ථක විය හැකි හෙයින් කෘත්‍රිම වකුගඩු ආධාරයෙන් රුධිරය පිරිසිදු කිරීම සහ වකුගඩු බද්ධ කිරීම මහෝපකාරී විය හැක. එහෙත් දියවැඩියා රෝගයේ දී මුලික අවස්‌ථාවේ සිට ම වෛද්‍ය උපදෙස්‌ අනුව නිවැරදි ව සැලකිලිමත් ව ප්‍රතිකාර ලද හොත් වකුගඩු පීඩාවට පත්වීම වලක්‌වාගත හැකි බව අවබෝධ කර ගත යුතු ය.

වකුගඩු පීඩාවට පත් වන මට්‌ටම අනුව පිට කරන මූත්‍ර වල විවිධ වෙනස්‌කම් ඇති වෙනවා මෙන් ම පිට කරන මූත්‍ර ප්‍රමාණයේ ද වෙනස්‌කම් ඇති වේ. මූත්‍ර වල ඇති වන මෙම වෙනස්‌කම් අනුව එක්‌ එක්‌ අවස්‌ථාවන් හැඳින්වීම සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී වෙනත් රෝග නාමයන් භාවිත කරනු ලබයි. මධුමේහය යන නාමයෙන් හඳුන්වනු ලබන්නේ දියවැඩියාව නිසා හෝ වෙනත් හේතු නිසා ඇති වන වකුගඩු පීඩාවේ අවසාන අවස්‌ථාවයි. මෙම අවස්‌ථාවේ දී මූත්‍ර සමග රුධිරය අධික ලෙස බැහැර වීම සිදු වේ. නිසි කලට නිසි ප්‍රතිකාර නොකල හොත් සෑම දියවැඩියා රෝගියෙකු ම මධුමේහ රෝගියෙකු බවට පත් විය හැකි නමුත් සෑම දියවැඩියා රෝගියෙක්‌ ම මධුමේහ රෝගියෙකු නොවන බව ද සඳහන් කළ යුතු ය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2018 12:07 AM
වැදගත් ලිපි පෙළක් ..........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Feb 2018 12:48 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Feb 2018 01:39 AM

නිරෝගී කෙස් සහ නිය සඳහා

නිරෝගී කෙස් කළඹක් සහ නිය සඳහා අවශ්‍ය කරන පෝෂ්‍යදායි ආහාර මොනවාද? මේ ඉන්දීය ජාතික වෛද්‍ය රංගන් චැටර්ජි බීබීසීයට ලබා දුන් කෙටි සම්මුඛ සාකච්ඡාවකින් සැකසුන ලද්දකි.

සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹක් සඳහා විවිධ පෝෂණ ගුණ සහිත සමබර ආහාර වේලක් අවශ්‍ය වේ:

    මස් සහ මාළු (ප්‍රෝටීන්)
    පලතුරු සහ එළවලු
    බෝංචි සහ ධාන්‍ය වර්ග
    පීකුදු සහ වියලි පලතුරු (යකඩ බහුල ආහාර)
    මුහුදු බෙල්ලන් වර්ග
    කඩල වර්ග

යන ආහාර වර්ග වඩාත් නිරෝගී කෙස් කළඹ වෙනුවෙන් වඩාත් සුදුසු වේ.

නිරෝගී නිය සඳහා ද පෝෂ්‍යදායි මිශ්‍ර ආහාර අවශ්‍ය වන  බව ඉන්දීය වෛද්‍ය රංගන් චැටර්ජි පෙන්වා දේ.

තවද නිය මත ඇති වන සුදු පැහැ ලප සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව වෛද්‍ය රංගන් චැටර්ජි පෙන්වා දෙයි.

( තිළිණි ද සිල්වා )
බීබීසී ඇසුරෙනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Feb 2018 02:39 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Feb 2018 02:40 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Feb 2018 02:40 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Feb 2018 02:41 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Feb 2018 02:41 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Feb 2018 02:44 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Feb 2018 04:24 PM

pathini500 

malwara
 දියණියක්‌ මෙළොව එළිය දුටුවිට දෙමාපියන්ට දැනෙන සතුට දෙගුණ තෙගුණ වන්නේ ඇය මල්වරවී යුවතියක්‌ බවට පත්වූ විට දීය. එසේ මල්වර වන දියණිය මතු දිනයක මවු පදවිය ලබන්නට වරම් ලබන්නීය. එනිසා මල්වරවීම පිළිබඳව අප සමාජය තුළ ඇත්තේ විශේෂ අවධානයි.
 
 වෛද්‍යතුමනි දියණියක මල්වරවීම පිළිබඳව සෘෂි නාඩි විද්‍යාවේ සඳහන්ව ඇත්තේ කෙසේද?
 
 මල්වරවීම පිළිබඳව මහා සෘෂිවරුන් වහන්සේලා විසින් පවසා ඇත්තේ සකල සත්ත්ව ලෝකයා ස්‌ත්‍රී භාගා කිලි නැකැත් තිලක නිපාතික භාගා පැතිරුණු, භාගා සුභා සුභ කුදර්හි මංගල හේතු ලෙසිනි.
 
 ඉන් පවසා ඇත්තේ යම් ස්‌ත්‍රියක්‌ මල්වර වන්නේ කිලි නැකතින් බවය.
 
 එම කිලි නැකත අනුව ඇය මල්වර වන ආකාර තුනක්‌ ඇත.
 
 තිලක කිලි නැකතින්, බිංදු කිලි නැකතින් සහ පැතිරුණු කිලි නැකතින් යන තෙ ආකාරයෙන් ඇය මල්වරවිය හැකිය.
 
 මෙලෙස මල්වර වන දියණියගේ ගති ලéණද දක්‌වා ඇත.
 
 තිලක කිලි නැකතින් මල්වරවීම
 
 දියණියක්‌ මල්වරවන විට පිටවූ රුධිරය බිංදු කිහිපයක්‌ නම් ඇය මල්වර වී ඇත්තේ තිලක කිලි නැකතිනි.
 
 මෙලෙස මල්වර වූ දියණියගේ ගති ලéණ ලෙස අකීකරු බව, අඩු වයසින් කාමය සොයා යාම, විවාහ ජීවිතය අසාර්ථක වීම, අන් අයට යටත්ව ජීවත්වීම, නිතර දුකින් පිරුන ජීවිතයක්‌ ගත කිරීම වැනි කරුණුවලට ඇයට අනාගතයේදී මුහුණ දීමට සිදුවේ.
 
 බිංදු කිලි නැකත
 
 මල්වර වූ දියණියට පළමුව පිටවූ රුධිර ප්‍රමාණය එක්‌ බිංදුවක්‌ වේ නම් ඇය මල්වර වී ඇත්තේ බිංදු කිලි නැකතිනි.
 
 මෙවැනි නැකතකින් මල්වර වූ දියණිය අධ්‍යාපන කටයුතු වලට දුර්වලතාවක්‌ දක්‌වයි. මතක ශක්‌තිය අඩුය. මාන්නය සිත තුළ නිතර පවතී. අන් අයට යටත් නොවන ස්‌වභාවයක්‌ පෙන්නුම් කරයි.
 
 පැතිරුණු කිලි නැකත
 
 මල්වර වූ දියණියට පළමුව පිටවූ රුධිරය පැතිරී ගොස්‌ ඇත්නම් ඇය මල්වරව ඇත්තේ පැතිරුණු කිලිනැකතිනි.
 
 මෙවැනි දියණිය ඉතා වාසනාවන්තය. ඇයගේ මල්වරවීමද මංගල කාරණයක්‌ බවට පත්වේ. උසස්‌ මතක ශක්‌තියක්‌ හිමිවේ. දෙමාපියන්ට වාසනාව උදා කරයි.
 
 වෛද්‍යතුමනි නැකැත්වලින් මල්වරවූ දියණියන්ගේ පවතින අසුබ ගති ලéණ නැතිකර ගත නොහැකිද?
 
 පුළුවන්..ඒ සඳහා මහා සෘෂිනාඩි වෛද්‍ය වරුන් ඊට අවශ්‍ය වත් පිළිවෙත් සඳහන් කර තිබෙනවා. ඒවා අනුගමනය කිරීමෙන් ඇයට පවතින අසුබ රෝග දුරුකර ගත හැකියි.
 
 ඒ සඳහා ඇයගේ උපන් වේලාව මල්වර වූ වේලාව සහ දිනය ආදියත් සැලකිල්ලට ගත යුතුයි.
 
 සාමාන්‍යයෙන් දියණියන් මල්වරවන අවධිය ලෙස හඳුන්වා ඇත්තේ වයස අවුරුදු 7 ත් 14 යි මාස 11 ත් අතර කාලයයි.
 
 ඒ අනුව එම වයස්‌ සීමාව තුළ මල්වරවන දියණිය පිළිබඳව සලකා බලා ඇයගේ මතුවන අසුබ දෝෂ අවම කරගත හැකිය.
 
jinasiri 
 මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දුරකථන අංක 077 6500677 අංක අමතා ලබාගත හැකිය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
14 Feb 2018 05:52 AM
මේ කතාවනම් මම අැහුවේ අදමයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Feb 2018 08:12 AM
මේ ලක්ෂණ වලින් කියපු අනාවැකි කොච්චර දුරට නිවැරදි වෙලා තියෙනවද කියල මොනයම් හෝ ආකාරයකින් සමීක්ෂණයක් වෙලා තියෙනවද? මේවා හරි හෝ වැරදි. මතයක් මනසට කා වැදුනොත් ඒ ආකාරයටම තමයි ජිවත් වෙන්න බලන්නෙ. නැකත් කරු කිව්වෙත් එහෙම නේ කියල සාධාරණිකරණය කෙරෙනවා මනසින්ම. ඒ නිසා මෙවැනි පලාපල කීමේදී එහි ඇති නිරවද්‍යතාවය ගැන යම් තීන්දුවකට පැමිණිය යුතු බවයි අදහස. මේවා ජිවිත සමඟ කරන ගනුදෙනු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Feb 2018 05:30 PM
ඇඟිලි සලකුණු මගින් රෝග කලින්ම හඳුනා ගැනීමේ හැකියාවක්‌
ඒමන්ති මාරඹේ

මෙතෙක්‌ අපරාධ විසඳීම සඳහා උපයෝගී කර ගත් ඇඟිලි සලකුණු හරහා රෝග ලක්‍ෂණ මතු වීමට පෙරම අයකුට පිළිකාවක්‌, දියවැඩියාව, ඇදුම ඇතුළු රෝග රැසක්‌ වැළඳීමේ අවදානමක්‌ ඇත්දැයි හඳුනාගත හැකි බව නවතම බටහිර පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

මෙහිදී ඇඟිලි සලකුණු හා රෝග අතර පවතින සබඳතාව පිළිබඳව විමර්ශනය කිරීමේදී මවගේ කුසෙහි සිටින අවධියේ සිටම ඇඟිලි, අවයවයන් හෝ පටකවල වර්ධනයට බාධාවන් සිදු වන බව අනාවරණය වී ඇති අතර මෙහිදී ඇඟිලි හා අත්ලෙහි සලකුණුවල වෙනස්‌වීම් හට ගන්නා බව පෙනී ගොස්‌ ඇත. මෙසේ ඇති වන වෙනස්‌කම් ස්‌නායු පද්ධතියෙහි අසාමාන්‍ය වර්ධනයක්‌ ඇති වීමට බලපාන බව පර්යේෂකයෝ කියා සිටිති.

නිවුන් දරුවන්ට හැරෙන්නට ලොව කිසිදු පුද්ගලයන් දෙදෙනකුට එක සමාන වූ ඇඟිලි සලකුණු නොමැති බව වාර්තා වේ. මෙසේ ඇඟිලි සලකුණුවලින් රෝග ඇති වීමේ අවදානමක්‌ ඇත්දැයි හඳුනාගත හැකි බව ක්‍රොඒෂියාව, නේපාලය ඇතුළු රටවල් කිහිපයක පර්යේෂකයින් විසින් කළ පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Feb 2018 05:32 PM
රෝග හඳුනාගැනීම අතින් තාක්ෂණය තවමත් දියුණු නැහැ..
ලෙඩාගේ රෝගය දරුණු වුනාම තමයි ලෙඩේ සොයා ගන්නේ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Feb 2018 05:43 PM

ජීවිතය කලකිරුණු මවක්

ජීවිතය ලස්සන වෙන්න මනෝවිද්‍යාව හොඳ විෂයයක්. දරුවාගේ මනසට ගැලපෙන විදිහට පංති කාමරයට ගැලපෙන විදිහට මනෝ විද්‍යාව දරුවන්ට උගන්වන්න පුළුවන් නම් ජීවිතයේ එන බොහෝ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ඔවුන්ට සොයාගන්නට පුළුවන් වෙනවා.

බොහෝ මනෝ විද්‍යා පොත් සිංහලෙන් ලියවිලා තියෙනවා. ඒවායේ භාෂාමය ස්වභාවය, අප්‍රභංස කරුණු, ප්‍රායෝගිකත්වයෙන් ඈත්වුනු උදාහරණ නිසා මෙම විෂය සංකීර්ණ වී අපගෙන් ඈත් වී තිබෙනවා. ජීවිතයට මනෝ විද්‍යාවේ ඇති වැදගත්කම පහත සඳහන් සුමාලිගේ කතාවෙන් අපට පැහැදිලි වෙනවා.

සුමාලිගේ වයස අවුරුදු 35යි. දරැවො දෙන්නෙක් සිටිනවා. මාස 4 වන පුංචි දරුවත් අතේ තියාගෙන සුමාලි අපගේ සායනයට යොමුවුණේ ඇගේ ස්වාමියාගේ සහෝදරියක සමගයි. සුමාලි මෙසේ ඇගේ කතාව පටන් ගත්තා. ඇගේ කතාව කියාගෙන යන අතරේ ඇස්වල කඳුළු පිරිල තිබුණා. දුක සහ ශෝකය මුහුණින් ප්‍රකාශ වුණා.

මට හැමදේම එපාවෙලා ඇඟට පණ නෑ. ජීවිතය නැතිකර ගැනීමේ සිතුවිලි නිතරම එනවා. නින්ද අඩුයි. ප්‍රධානම ගැටලුව මට හරියට තරහ යනවා. මගේ මහත්තයගෙ නම සුමිත්. ඔහු ආයතනයක විධායක නිලධාරියෙක්. පසුගිය අවුරුදු 8 තුළම මම ඔහු සමග නිතරම රණ්ඩු වුණා. හැබැයි මට මේ තරහ ඒම පටන් ගත්තෙ පළවෙනි දරුවා හම්බවෙලා මාස 4කට පස්සෙ. ඉස්සර මට එහෙම තරහ ගියේ නෑ. අපි දෙන්න හරිම සතුටින් හිටියෙ. මුල් කාලෙ පටන් අද වෙනකම් ජීවිතය එපා වීම, කලකිරීම දිගටම වගේ තිබුණා. මට සුමිත් නිතරම කීවෙ තමුසෙත් එක්ක මට ඉන්න බෑ. මම වෙන කවුරු හරි හොයාගන්නවා කියලා. එහෙම කියන විට මම තව තවත් රණ්ඩු වුණා. ඒත් මම එක දවසක් කීවා මාව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්ක යන්න කියලා. එතකොට ඔහු මෙහෙම කීවා. ඕවා උඹලගෙ ජානවලින් එන ඒවා. ඕවා සනීප කරන්න පුළුවන් ඒවා නෙවෙයි.

මෙසේ කියාගෙන යන අතර සුමාලි තදින්ම හඬන්න පටන් ගත්තා. මාස 4ක් වෙන පුංචි දරැවා අතේ තියාගෙන හිටියේ සුමිත්ගෙ නංගි. ඇය මෙසේ කීවා.

ඩොක්ටර්, දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මගේ අයියට දැන් වෙන සම්බන්ධයක් තියෙනවා. ඒකටත් අවුරුද්දක් වෙනවා. ඔහු ඒ සම්බන්ධතාවය අතහරින්න කිසිම අදහසක් නෑ. එයා දැන් සුමාලිගෙන් දික්කසාදය ඉල්ලනවා. බැරිම තැන දැන් සුමාලි දික්කසාද වෙන්න තීරණය කරලා. ඒත් අපිට බයයි පුංචි දරැවගෙ වයස මාස 4යි. අනිත් දරැවට අවුරැදු 8යි. සුමාලි නිතරම ජීවිතේ නැති කර ගන්නවා කියලා කියනවා. එහෙම වුණොත් මෙතන මහ විනාශයක් සිදුවෙනවා.

සුමාලිගේ ස්වාමියා හෙවත් සුමිත් අපි සායනයට ගෙන්වා ගත්තා. ඔහු මෙසේ පැවසුවා.

ඇයට තිබුණු ලොකුම ගැටලුව අසාමාන්‍ය ලෙස තරහ යාම සහ පිළිවෙලක් නැතිකම. ඇගේ හැසිරීම නම් වෙනස් වුණේ පළවෙනි බබා හම්බවෙලා මාස හතරකට පසුවයි. මට නිවස හා පරිසරය හැමදේම එපාවෙලා හිටියේ. ඊට පස්සේ තමයි මම අලුත් සම්බන්ධතාවයක් ඇතිකර ගත්තේ. දැන් මම ඇයව බඳින්න තීරණය කරලා තියෙන්නෙ. සුමාලි දික්කසාද වෙන්නත් කැමති වුණා. මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. මම හුඟක් ඉවසුවා.

සුමාලිට සහ සුමිත්ට වැරදුනු තැන කොතැනද? සුමිත් සුමාලිව විවාහ කරගෙන තිබුණෙ අවු. 3ක් ආදරය කරලා. සැබැවින්ම සුමිත්ට සුමාලිව එපා වුණේ ඇගේ අධික කෝපය සහ අපිළිවෙළ වැනි දේ සමගයි. ඇත්තටම සුමාලි ගොදුරුවෙලා තිබුණෙ දරුවා ලැබීමෙන් පසු කාන්තාවන්ගෙන් 10%ක් පමණ ගොදුරු වන මානසික අවපීඩනය හෙවත් විශාදය නැමති තත්ත්වයටයි. සාමාන්‍යයෙන් දරුවා ලැබී පළමු මාස 6 තුළ කාන්තාවක් මේ තත්ත්වයට ගොදුරු විය හැකියි.

මානසික අවපීඩන ලක්ෂණ

• නිතර තරහ යාම හා කෝපය.

• ජීවිතය කලකිරීම හා එපා වීම.

• එදිනෙදා දරුවාගේ සහ ගෙදර වැඩ කිරීමට ඇති ශක්තිය හීන වී යාම.

• ලිංගික ආශාව අඩුවීම.

• නින්දේ සහ කෑම රුචියේ නොයෙකුත් වෙනස්කම් ඇතිවීම.

• සමහර විට දරැවා බලා ගැනීමට නොහැකි වීම හෝ දරුවාට බය වීම.

සුමාලි ප්‍රතිකාරවලට යොමුවිය යුතුව තිබුණේ පළමු දරුවා හමු වී මානසික අවපීඩන ලක්ෂන මතුවීමත් සමගයි. අවාසනාවකට කිසිවෙකුට එය පෙනුණේ හෝ දැනුණේ නැත. කිසිවෙකුත් මෙය අසනීපයක් ලෙස හඳුනාගෙන තිබුණේ නැත. ප්‍රතිකාර සහ උපදේශනයට එදා යොමුවූවා නම් අවුරුදු 3ක් ආදරය කර විවාහ වුණු සුමාලි සහ සුමිත් තවමත් ආදරයෙන් සිටිනවා විය හැකිය.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 96 of 137 << < 9495969798 > >>