Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 97 of 137 << < 9596979899 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:51 PM පිළිකා මුලදීම දැනගැනීමේ විශ්මයජනක තාක්ෂණයක් සොයාගනියි පිළිකා රෝගය කල් තබා හඳුනාගත හැකි රුධිර පරීක්ෂණ විධි ක්‍රමයක් සොයාගෙන ඇත. එම සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ අද්විතීය ජයග්‍රහණයක් ලෙස වෙනත් විද්‍යාඥයන් විසින් ද විග්රහ කර තිබේ. පර්යේෂණයට නායකත්වය දුන් ජෝන් හොප්කින්ස් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් කණ්ඩායම විසින් සොයාගෙන තිබෙන්නේ පිළිකා රෝගයේ පොදු ආකාරයන් අටක් හඳුනාගත හැකි විධික්රමයක් පෙරට තැබීමයි. පිළිකාවක් හටගත් මුල් අදියරේදීම මිනිස් ජීවිත රැකගත හැකි මට්ටමින් එය හසුකර ගැනීමේ වාර්ෂික රුධිර පරීක්ෂණ ක්‍රමයක් සැලසුම් කිරීම එම විද්‍යාඥයන්ගේ අරමුණ වී ඇත. "මේ ප්රයත්නය විස්මය දනවන සුළු දැවැන්ත පියවරක්" හැටියට එක්සත් රාජධානියේ විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. පිළිකා සෛල මගින් මිනිස් සිරුරක විකෘති වූ කුඩා ඩී. එන්. ඒ. කොටස් සහ ප්‍රොaටීන් මුදාහරින අතර ඒවා රුධිර පද්ධතියට එක්වෙන බව විද්‍යාඥයෝ කියා සිටිති. "කැන්සර්සීක්" යනුවෙන් නම් කරනු ලැබ ඇති නව පරීක්ෂණයේදී පිළිකාවකින් අඛණ්ඩව මතුවන ජාන දහසයක විකෘති වීම් සහ පිළිකා මගින් නිරන්තරයෙන් මුදාහරිනු ලබන ප්‍රොaටීන් අටක් පරීක්ෂා කෙරෙනු ඇත. එකී පරීක්ෂණයේදී ඩිම්බකෝෂය, අක්මාව, උදරය, අග්න්‍යාසය, අන්න ශ්‍රොaතය, මහ බඩවැල, පෙණහැල්ල සහ පියයුරු ආදී ඉන්ද්රියන්හි පිළිකා ඇතිවී තිබුණත් එය වෙනත් පටකවලට පැතිර නොතිබූ රෝගීන් 1005 දෙනකු පරීක්ෂණයට භාජනය කර ඇත. එම පරීක්ෂණවලට භාජනය වූ පුද්ගලයන්ගෙන් 70% ක් පිළිකා රෝගීන් ලෙස හඳුනාගත් බව එම වාර්තාවේ දක්වා ඇත. ජෝන් හොප්කින්ස් සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ක්‍රිස්තියන් ටොමසෙට්ටි බී.බී.සී. සේවාවට පැවසුවේ "මේ ක්ෂේත්රයේ පළමු සොයා ගැනීම් ඉතාම විශිෂ්ඨ" බව සඳහන් කළේය. ප්‍රොaටීන් සහ විකෘති වීම් සංඛ්‍යාව ඉහළ යැම විශ්ලේෂණය කෙරෙමින් පවතින අතර පිළිකා වර්ග රාශියක් පිළිබඳව පරීක්ෂා කර බැලීමට එමගින් මග සැලසේ. ලන්ඩන් නගරයේ පිළිකා පර්යේෂණ විද්‍යායතනයේ පිළිකා සහ පරිණාමය පිළිබඳ මධ්‍යස්ථානයේ කණ්ඩායම් නායක සහ රාජකීය මාර්ස්ඩන් පදනමේ පිළිකා රෝග විශේෂඥයකු වන වෛද්‍ය ගර්ටි අටාර්ඩ් බී. බී. සී. සේවාවට පැවසුවේ මෙය ඉතා විශාල ඉදිරි පියවරක්" බවයි. එහෙත් පිළිකාවක් හඳුනාගත් පසු සිදුකළ යුත්තේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක් බවත් හෙතෙම පවසා ඇත. පිළිකා සඳහා ප්‍රතිකාර කරනු ලැබීම, ක්ෂණික ජීවිත තර්ජනයක් නොමැති පිළිකාවක් සමඟ ප්රතිකාරවලින් තොරව ජීවත් වීමට වඩා නරක තත්ත්වයක් උද්ගත කිරීමේ අනතුරක් ද පවතින බව වාර්තා වේ. ප්‍රතිකාර ලබා ගැනීමෙන් තොරව නිරන්තර අධීක්ෂණය මගින් "ප්‍රොaස්ටේට්" පිළිකා පැතිරීම සීමාකර ගැනීමට පුරුෂ පක්ෂයට දැනටමත් හැකියාවක් ඇත. පිළිකා හඳුනා ගැනීමේ නව විධික්රමය එහි මුල් අවස්ථාවේ දක්නට ලැබුණ ආකාරයට ක්‍රියාත්මක වෙන බව තහවුරු කර ගැනීමට අඩු තරමින් වසර පහක් හෝ හයක්වත් ගතවිය හැකි යෑයි එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය රිචර්ඩ් මරෙස් සඳහන් කරයි. කේම්බ්‍රිඡ් සරසවියේ පිළිකා වසංගත අධ්‍යයනාංශයේ මහාචාර්ය පෝල් පාරෝහ් පැවසුවේ පිළිකාවක ආරම්භක අදියරේදී පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙලෙසද? යන්න තක්සේරු කිරීම සඳහා තවත් බොහෝ කටයුතු ඇති බවයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:52 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:52 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:52 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:53 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:53 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:53 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:53 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 05:53 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 06:01 PM කොලෙස්ටරෝල් වැඩි වුණොත් බෙහෙත් නැතිව බැරිවෙයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක කොලෙස්ටරෝල් යනු මොනවාද? කොලෙස්ටරෝල් යනු ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්ටරෝල් ය. එම නිසා කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය දෙයකි. කොලෙස්ටරෝල් ඇති වන්නේ සතුන් තුළ පමණි. කොලෙස්ටරෝල් අඩංගු ලිපිඩ ප්‍රෝටීන අංශු වර්ග ( Lipid Protin Particles) කිහිපයක් තිබේ. උදාහරණ වශයෙන් * HDL( High Density Lipoprotines) * LDL ( Low Density Lipoprotines) *VLDL ( very Low Density Protines) වශයෙන් දැක්විය හැකි ය. සාමාන්‍ය රුධිර පරීක්ෂාවක දී ලබා ගන්නා Lipid Profile වාර්තාවක අඩංගු වන කොටස් නම් 1-Total Chorelrol 2-HDL 3-LDL 4-VLDL 5-Triglycrides කොලෙස්ටරෝල් නොවන Triglycrides යනු වෙනත් මේද වර්ගයකි.මෙයින් LDL අංශු අක්මාවේ නිපදවෙන කොලෙස්ටරෝල් ශරීරයේ විවිධ කොටස් වෙත රැගෙන යයි.එම නිසා LDL රුධිරයේ වැඩි වු විට රුධිර වාහිනීවල කොලෙස්ටරෝල් තැන්පත් වීමත් වැඩි වේ. HDL අංශු ශරීරයේ විවිධ කොටස්වල සිට අක්මාව වෙත කොලෙස්ටරෝල් රැගෙන එයි.එම නිසා HDL වැඩි වු විට රුධිර වාහිනීවල කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වේ. කොලෙස්ටරොල් නිසා ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මොනවා ද? කොලෙස්ටරෝල් කාලයත් සමඟ රුධිර වාහිනී බිත්තියේ තැන්පත් වේ. එසේ තැන්පත් වීමෙන් පසු එම ස්ථානයේ රුධිර වාහීනී බිත්තිය දුර්වල වී එම ස්ථානයේ ප්‍රෝටීන සහ කොලෙස්ටරෝල් බැදේ. එම නිසා රුධිර වාහිනිය අවහිර වීමට පුළුවන. මෙසේ අවහිර වන රුධිරවාහිනිය පිහිටන ඉන්ද්රිය අනුව විවිධ රෝගාබාධ ඇති වේ. හෘදයේ ධමනියක් අවහිර වුවහොත්, හෘදයාබාධයක් ( Heart Attack) එකක් ඇතිවිය හැකි ය.මොළයේ රුධිර වාහිනියක් අවහිර වුවහොත් අංශභාගය ( අඝාතය , Stork) ඇති විය හැකි ය.පාදවල රුධිර වාහිනී අවහිර වුවහොත් ගමන් කරන විට පේශී වල වේදනාව ( Intermittent Claudication) හෝ ඇඟිලි කුණු වීමට පුළුවන.( Gngrene) වකුගඩුවලට ඇති රුධිර වාහිනිය අවහිර වුවහොත් වකුගඩු දුර්වල විය හැකි ය. ළමයින්ටත් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි ද? උප්පත්තියේ සිටම රුධිරයේ කොලෙස්ටරෝල් ඇත. ඒවා තැන්පත් වීම ද උප්පත්තියේ සිට ම ආරම්භ වේ. නමුත් රෝගයක් ලෙස මතු වන්නේ වසර ගණනාවක් ගිය පසු ය. වැඩිහිටිවියේ දී හෘද රෝග වැනි තත්ත්වයක් ඇති වන්නේ කුඩා කල සිට ම මේ දක්වා තැන්පත් වුණු කොලස්ටරොරෝල්වල ප්‍රතිඑලයක් ලෙසිනි. සෑම දෙනෙකුගේ ම ශරීරයේ කොලෙස්ටරෝල් ඇත්නම් සමහර අයට පමණක් හෘද රෝග ඇති වන්නේ ඇයි? කොලෙස්ටරෝල් රුධිරවාහිනීවල තැන්පත් වීමට බලපාන හේතු රාශියක් ඇත. ඉන් ප්‍රධාන ඒවා නම් කොලෙස්ටරෝල් ප්‍රමාණය වේ. විශේෂයෙන් ම LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය වේ. *දියවැඩියාව *අධික රුධිර පීඩනය *දුම්පානය *ව්‍යායාම මඳිකම *ජානමය තත්ත්වයන් ඉහත සඳහන් කරුණු හේතුවෙන් එක් එක් පුද්ගලයාගේ කොලෙස්ටරෝල් තැන්පත් වන ප්‍රමාණයන් වෙනස් වේ.එම නිසා සමහර විට, පුද්ගලයෙකුගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වුවත් දුම්පානය හෝ පාලනයකින් තොර දියවැඩියාව වැනි තත්ත්ව නිසා රුධිර වාහීනී රෝගී වී ඇත්නම් ඔවුන්ට හෘදයාබාධ ඇති විය හැකි ය. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට තිබිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණය කුමක් ද? රුධිරයේ කොලෙස්ටරෝල් අඩු වු විට රුධිරවාහීනීවල තැන්පත් වීම ද අඩු වේ. එම නිසා කොලෙස්ටරෝල් අඩු වන තරමට හොඳ ය. නිරෝගී තරුණ පුද්ගලයෙකුට තිබිය යුතු ප්රශස්ත මට්ටම නම් LDL< 130 mg/dL HDL> 45 mg/dL Triglycrides < 150 mg/dL Total Chorelrol < 230 mg/dL වයසක අයට සහ ව්‍යායාම මදි අයට හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇති අයට , ඉහත අගයන්ට වඩා අඩු කොලෙස්ටරෝල් ඉලක්කයන් පවත්වා ගැනීමට වෛද්‍යවරු උපදෙස් දෙති . කොලෙස්ටරෝල් මට්ටම දැන ගන්නේ කෙලෙස ද? කොලෙස්ටරෝල් මට්ටම අනුව ශරීරයේ කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. එම නිසා රුධිර පරීක්ෂාවෙන් පමණක් කොලෙස්ටරෝල් මට්ටම නිශ්චිත වශයෙන් දැක ගත හැක. කොලෙස්ටරෝල් අඩු කර ගන්නේ කෙලෙස ද? කොලෙස්ටරෝල් අධික ආහාරවලින් වැළකීමෙන් සහ ව්‍යායාම මඟින් තරමක් දුරට කොලෙස්ටරෝල් අඩු කර ගත හැක. නමුත් බොහෝ විට ඖෂධ ගැනීම අවශ්‍ය වේ. ව්‍යායාමවලින් සිදු වන වැදගත්ම දෙය වන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වීම ය. ගැබිණි මවකට කොලෙස්ටරෝල් තිබීම මඟින් ඉපදෙන දරුවාට සිදු වන බලපෑම කුමක් ද? කිසිදු බලපෑමක් සිදු නොවේ.ගර්භනී කාලයේ දී කොලෙස්ටරෝල් ඖෂධ ගැනීම අහිතකර ය. කොලෙස්ටරෝල් ඖෂධ කොපමණ කාලයක් ගත යුතු ද? ඖෂධ මඟින් සිදු කරන්නේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කිරීම ය.එය සිදු වන්නේ ඖෂධ ගන්නා තෙක් පමණි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීම දීර්ඝ කාලීනව සිදු කළ යුතු දෙයකි.එම නිසා ඖෂධ දීර්ඝ කාලීනව ගත යුතු ය. කොලෙස්ටරෝල් නිසා අක්මාව හෝ වකුගඩු නරක් විය හැකි ද? එය බොරු මිත්‍යාවකි. ඖෂධ නොගත හොත්, රෝගී තත්ත්වයන් නිසා මිය යෑමට පුළුවන. මරණයට වඩා අතුරු අබාධවලට බිය වීම විහිලුවකි. කොලෙස්ටරෝල් අඩු ආහාර මොනවා ද? කොලෙස්ටරෝල් නිපදවන්නේ සතුන් විසින් පමණි. එම නිසා කොලෙස්ටරෝල් අඩංගු වන්නේ මස් වර්ගවල ය. අක්මාවේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇත. එම නිසා මස්, සහ සත්ත්ව අක්මා ආහාරයට ගැනීම නොසුදුසු ය. හම ඉවත් කළ කුකුල් මස්වල අනෙකුත් රතු පාට මස්වලට වඩා කෙලෙස්ටරෝල් අඩු ය. එළවළු සහ පළතුරු ඕනෑ තරම් ආහාරයට ගත හැක. ශාක තෙල්වල කෙලෙස්ටරෝල් අඩංගු නොවේ. නමුත් තෙල් වැඩිපුර ආහාරයට ගත් විට ශරීරයේ කොලෙස්ටරෝල් නිපද වේ. අධික කොලෙස්ටරෝල් පවතින පුද්ගලයින්ට ඔබ දෙන උපදෙස කුමක් ද? මරණයට වඩා භයානක අතුරු ආබාධ නැත. එම නිසා බොරු මිත්‍යාවන්ට නොරැවටී දීර්ඝ කාලීනව සහ නොවරදවා ඖෂධ ගැනීම මඟින් මරණය කල් දමා ගත හැකි ය. මදාරා මුදලිගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 06:12 PM දිනකට උපදින දහසක් අතරින් හයදෙනෙකුට හදවත් ආබාධ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ වර්තමානයේ දී උපතින්ම ඇතිවන (සංජානීය )හෘදයාබාධ තත්ත්වයන්ගෙන් යුක්ත දරුවන් ඉපදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේ. විශේෂයෙන්ම දරුවන්ට ඇතිවන හදවත් සිදුරු හේතුවෙන් සංකීර්ණ ගැටලු තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් ජීවත් වේ. අලුත උපන් දරුවකුගේ ශරීරය හිටි හැටියේම නිල් පැහැ ගැන්වෙනවා නම් එය දරුවාගේ හදවතේ සිදුරක් පිහිටා තිබෙන බව සනාථ කළ හැකි සාධකයක් වශයෙන් හැදින්විය හැකි ය. බොහෝ මව්පියන්ට තමන්ගේ දරුවාගේ හදවතේ සිදුරක් හෝ වෙනත් හදවත් රෝගයක් තිබේ ද යන්න පිළිබදව නිශ්චිත වශයෙන් අවබෝධ කර ගත නොහැකි වේ. එම නිසා මරණයෙන් බේරා ගැනීමට හැකි දරුවකු වුවත් අකාලයේ මිය යෑමට පුළුවන. අලුත උපන් දරුවා හදවත් රෝගවලින් වළක්වා ගැනීමට සිහි නුවණින් යුක්තව කටයුතු කිරීම මවුපියන්ගේ ප්‍රධාන වගකීමයි. හෘද වස්තුවේ සිදුරක් ඇතිවන්නේ කෙලෙස ද?,උත්පත්තියේ සිට හෘදයාබාධ ඇතිවිය හැකි ද?,හදවතේ සිදුරක් ඇති වූ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද? උපතින්ම ඇතිවන හෘදයාබාධ වළක්වාගැනීමට ගතහැකි ක්‍රමෝපාය මොනවාද? යන කරුණු පිළිබද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා දැක්වු අදහස් මෙසේ ය. මිනිසාගේ හෘදය වස්තුව සැකසී ඇත්තේ කෙසේ ද? මිනිස් හෘදයේ කුටීර 4ක් තිබේ. හෘදයේ උඩ කුටීර කර්ණිකා යනුවෙන් හඳුන්වනු ලබයි. පහළ තිබෙන කුටීර කෝෂිකා යනුවෙන් හඳුන්වනු ලබයි. ශරීරයෙන් එන අපිරිසිදු රුධිරය උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව හරහා දකුණු කර්ණිකාවට එකතු වේ. මේ ලේ ඉන් පසු දකුණු කෝෂිකාවට ගලා විත් එයින් පුප්පුශිය මහා ධමනියට පොම්ප කරයි. මේ ලේ පෙනහැල්ලෙන් පිරිසිදු වී පුප්පුශිය ශිරා හරහා වම් කර්ණිකාවට ගලා එයි. මේ පිරිසිදු ලේ ඉන් පසු වම් කෝෂිකාවට ගලා විත් එයින් සංස්ථානික මහා ධමනියට පොම්ප කරයි. මේ පිරිසිදු ලේ ඇඟ පුරා ගමන් කර ආපසු උත්තර මහා ශිරාව සහ ආධර මහා ශිරාව හරහා හෘදය වෙත ගලා ඒම සිදු වේ. හෘද වස්තුවේ සිදුරක් ඇතිවන්නේ කෙලෙස ද? හෘදය වස්තුවේ පිරිසිදු සහ අපිරිසිදු රුධිරය මිශ්‍ර වීම වැළැක්වීම සඳහා කර්ණිකා දෙක අතර බිත්තියක් ඇත.කෝෂිකා දෙක අතරත් බිත්තියක් ඇත. මේ බිත්තිවල ඇති වන සිදුරු හෘදය වස්තුවේ ඇති සිදුරු යනුවෙන් හඳුන්වනු ලබයි.ඊට අමතරව සංස්ථානික මහා ධමනිය සහ පුප්පුශීය මහා ධමනිය අතරත් සිදුරු තිබෙන්නට පුළුවන. මීට අමතරව හෘද වස්තුවේ සිදුරු සහ නහර සිහින් වීමක් එකට පිහිටීම තුළින් වඩා සංකීර්ණ ප්‍රශ්නයක් ලෙසින් පිහිටා තිබීමට ද පුළුවන. උත්පත්තියේ සිට හෘදයාබාධ ඇති වීමට පුළුවන්ද? ඔව්. මෙවැනි හෘදයාබාධ හඳුන්වන්නේ සංජානනීය හෘදයාබාධ ලෙසිනි. ගර්භණී සමයේදී කලලයේ හෘදය හැදෙන්නේ ඉතාමත් ම සංකීර්ණ ක්‍රියාවලියක් තුළිනි. මේ ක්‍රියාවලියේදී යම්කිසි ප්‍රශ්නයක් ඇති වුවහොත් හෘද වස්තුවේ එම ප්‍රදේශය නිසි ලෙස සැකසෙන්නේ නැත. දරුවකු ඉපදුණු පසු සංජානනීය හෘදයාබාධ ඇති වන්නේ ද ඉහත සඳහන් කළ ආකාරයට හෘද වස්තුවේ යම් ප්‍රදේශයක් නිසි ලෙස සකස් වී නොතිබීමෙනි. හදවතේ සිදුරක් ඇති වූ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද? හදවතේ සිදුරක් ඇති බව දැන ගැනීමට රෝග ලක්ෂණ කිහිපයක් තිබේ. දරුවෙකු නිල් පැහැ ගැන්වෙනවා නම් එය දරුවාගේ හදවතේ සිදුරක් තිබෙන බව සැක කළ හැකි හොඳම ලක්ෂණයකි. දරුවෙකු පමණට වඩා වේගයෙන් හුස්ම ගන්නවා නම් එය ද හෘදය වස්තුවේ ආබාධයක් යැයි සැක කළ හැකි ලක්ෂණයකි. ඒ වාගේ ම හෘද වස්තුව ගැහෙන වාර ගණන එම වයසේ ළමයෙකුට සරිලන ප්‍රමාණයට වඩා වැඩිනම්, හිසට සහ උඩුකය ප්‍රදේශයට අධික ලෙස දහඩිය දමනවා නම්, කිරි උරා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා නම්, කිරි බොනකොට නිතර නිතර කිරි බීම නතර කරනවා නම්, නිතර නිව්මෝනියාව වැනි ශ්වසන ආබාධ ඇතිවෙනවා නම් හදවතේ ආබාධයක් හට ගෙන ඇතැයි සිතිය හැකි ය. හෘදය වස්තුවේ ආබාධයක් තිබෙන බව නිශ්චිත වශයෙන් දැන ගන්නේ කෙසේද? හෘදය වස්තුවේ ආබාධයක් ඇතැයි හරියටම දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය වන්නේ echocardiography පරීක්ෂණයයි. මේ පරීක්ෂණය තුළින් හෘදය වස්තුවේ ආබාධ වලින් 99% ක්ම සොයා ගැනීමට පුළුවන. උපතින්ම හදවත් ආබාධ ඇති වීමට බලපාන හේතු මොනවාද? උපතින්ම හදවත් ආබාධ ඇති වීම සඳහා නිශ්චිත හේතුවක් නැත. ගර්භණී සමයේදී හෘදය වස්තුව හැදෙන විට ඇතිවන අඩුපාඩු හේතුවෙන් හෘද වස්තුවේ ආබාධයක් සහිතව දරුවන් ඉපදේ. නමුත් කලාතුරකින් ගර්භණී සමයේදී අනවශ්‍ය ලෙස බෙහෙත් ගැනීම, පාලනය නොකළ දියවැඩියාව, අධික ලෙස මත්පැන් සහ දුම්වැටි වලට ඇබ්බැහි වීම, වෛරස් ආසාදන ඇතිවීම වැනි කරුණු බලපායි. ඒ වගේම down syndrome වැනි ආබාධ සහිත දරුවන්ට උපතින්ම හදවත් ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව ඉතාමත්ම වැඩි ය. ළදරු වියේ දී හටගන්නා හදවතේ ආබාධ මගින් අනාගතයේ ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද? උපතින්ම ඇතිවන හෘදයාබාධ කොටස් තුනකට වෙන් කිරීමට පුළුවන. පළමුවැනි කොටස වන්නේ ඉතාමත්ම සුළු ආබාධ වේ. මෙවැනි ආබාධවලට කිසිදු ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යතාවක් නැත. ඊට හේතුව වන්නේ එම ආබාධවලින් ජීවිතයට බලපෑමක් නොවන නිසා ය. දෙවෙනි කොටස හෘදය වස්තුවේ ආබාධයට යම්කිසි ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය වන කොටස වේ. මෙම කොටසට අයිති දරුවන්ට යම් දිනක ශල්‍යකර්ම මාර්ගයෙන් හෝ කැතීටර්කරණ මාර්ගයෙන් යම්කිසි ප්‍රතිකාරයක් කිරීම අවශ්‍ය වේ. මෙලෙස ප්‍රතිකාර අවශ්‍ය දරුවන්ට ප්‍රතිකාර අවශ්‍ය වේලාවට නොකළහොත් දීර්ඝ කාලීන බලපෑමක් ඇති වීමට පුළුවන. මෙයින් ඇතිවන මූලික ප්රශ්නය වනුයේ පෙනහලුවල රුධිර පීඩනය ඉහළ යාම ය. මේ රුධිර පීඩනය යම් පමණකට වඩා වැඩි වුවහොත් එම දරුවා ඉන්පසු ශල්‍යකර්මයක් කළ නොහැකි දරුවෙකු බවට පත් වේ. තුන්වෙනි කොටස ඉතාමත්ම සංකීර්ණ හෘදයාබාධ වේ. මෙම කොටසට අයත් වන්නේ ඉතාමත්ම සුළු රෝගීන් ප්‍රමාණයක් පමණි. මෙවැනි ඉතා සංකීර්ණ හෘදයාබාධ ප්‍රතිකාර කිරීමට අපහසු රෝගාබාධ ගණයට අයත් වේ. අපට තිබෙන පහසුකම් අනුව මෙවැනි හෘදයාබාධ සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන්නේ නැත. ඔවුන්ගේ හෘදයාබාධයේ බරපතළකම නිසා ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම අපහසු වේ. කලට වේලාවට නිසි ප්‍රතිකාර කරන්නේ නම් උපතින් ඇතිවන හෘදයාබාධ නිසා දීර්ඝ කාලීන අතුරු ප්‍රතිඑල ඇති වන අවස්ථා අඩු කර ගැනීමට පුළුවන. ප්‍රතිකාරයකට ලක් කළ පසුව වුව ද මෙවන් දරුවන් දීර්ඝකාලීනව සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක් කිරීම ඉතාම වැදගත් වේ. හෘදයාබාධ ඇති දරුවෙකුට සැත්කමක් සිදු නොකළ විට සිදුවන්නේ කුමක්ද? සැත්කමක් කළ යුතු යැයි නිගමනය කළ දරුවෙකු සැත්කම සිදු නොකර සිටීම තුළින් එම දරුවාට නොයෙකුත් ගැටලුවලට මුහුණදීමට සිදු වේ. හෘදය වස්තුවේ ලොකු සිදුරක් ඇති දරුවෙකු සැත්කමකට ලක් නොකර සිටියොත් ඔහුගේ පෙනහල්ලට යන ලේ ගමන වැඩිවීම තුළින් පෙනහැල්ලේ පීඩනය වැඩි වී යම් කලක දී ඔහු සැත්කමක් කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමට පුළුවන. අධික ලෙස නිල් පැහැ ගැන්වෙන දරුවෙකු සඳහා අවශ්‍ය සැත්කමකට යොමු නොකර සිටියහොත් ඔහුට හදිසි අකල් මරණයට පවා පත්විය හැකි ය. දරුවාගේ හෘදය වස්තුවේ ඇති ආබාධය අනුව සුදුසුකම්ලත් ලත් වෛද්‍යවරයකු විසින් අවශ්‍ය සැත්කම පිළිබඳව නිර්ණය කිරීමත් සිදු කිරීම වඩාත් වැදගත් ය. දෙමවුපියන්ගේ වගකීම වන්නේ එම සැත්කම නියම වේලාවට ඉටු කරන බවට වග බලා ගැනීම ය. හෘදයාබාධ ඇති දරුවෙකුට සැත්කමකින් නොකර සිටීමෙන් කොපමණ කාලයක් ජීවත්වීමට පුලුවන්ද? මේ පිළිබදව නිශ්චිතවම ප්‍රකාශ කිරීමට අපහසු ය. ජීවත් වෙන නොවෙන කාලය තීරණය වෙන්නේ ඒ ඒ දරුවාගේ ඇති හදවතේ සිදුරේ ප්‍රමාණය හෝ එහි සංකීර්ණත්වය අනුව ය. සමහර ඉතා සංකීර්ණ ප්‍රශ්න සහිත දරුවන් ඉතා කලාතුරකින් දිගු කාලයක් ජීවත් වේ. එසේ වුවත් එයින් අදහස් වන්නේ සැත්කම් නොකරන හැම දරුවෙකුටම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් යන්න නොවේ. ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනයෙන් හදවතේ ආබාධ සහිත ඇති දරුවන් කොපමණ සිටිනවාද? ලංකාවේ අවුරුද්දකට දරුවන් තුන් ලක්ෂ හැට පන්දාහක් පමණ ඉපදේ. එනම් දළ වශයෙන් දවසකට දරුවන් දාහක් ඉපදේ. මේ ඉපදෙන දරුවන් දාහක් ගත්තොත් එයින් හය දෙනකුට, අට දෙනකුට පමණ උපතින්ම ඇතිවන හෘදයාබාධයක් තිබේ. එනම් ලංකාවේ වසරකට ළමයින් 2100 - 2900ක් අතර ප්‍රමාණයක් උපතින්ම ඇතිවන හෘදයාබාධ සහිතව ඉපදේ. උපතින්ම ඇතිවන හෘදයාබාධ ඇතිවීම වළක්වා ගැනීමට ගතහැකි ක්රමෝපායන් මොනවාද? ගර්භණී සමයේ දී අනවශ්‍ය බෙහෙත් නොගෙන සිටීම, දියවැඩියාව හොඳින් පාලනය කිරීම, වෛරස් ආසාදන වලට ලක් වීමෙන් වැළකී සිටීම, මත්ද්‍රව්‍ය සහ දුම් පානයෙන් වැළකී සිටීම වැනි දේවල් තුළින් උපතින්ම ඇතිවන හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය යම්තාක් දුරකට අඩු කර ගැනීමට පුළුවන. Down syndrome වැනි තත්ත්ව ඇති වීම වළක්වා ගැනීමට හැකි හොදම ක්‍රමය වන්නේ වඩා වයසට යන්න කලින් දරුවන් හදා ගැනීම ය. ඒ මන්ද යත් වයසින් වැඩි මවුවරුන්ට down syndrome ඇති දරුවන් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි නිසා ය. උපතින්ම ඇතිවන හෘදයාබාධ පිළිබඳව ඇති මිත්‍යා මත මොනවාද? ළමයා හොඳට සෙල්ලම් කරලා දුවලා පැනලා ඉන්නවා නං එහෙම ළමයෙකුට කවදාවත් හෘදය වස්තුවේ ආබාධයක් තියෙන්න බැරි යැයි බොහෝ දෙනෙක් සිතා ගෙන සිටිිති. මෙය ඉතාමත්ම වැරදි ආකල්පයකි. හෘද වස්තුවේ ආබාධ සහිත දරුවන් වැඩිදෙනෙකු හොඳට දුවන පනින අය වේ. හෘදයාබාධයක් තියන දරුවෙකුට කලාතුරකින් දුවලා පැනලා ඇවිදින්න බැරි තත්ත්වයට පත් විය හැකි ය. හෘද වස්තුවේ ආබාධයක් තිබුණ ද එහෙම දරුවන්ට දුවලා පැනලා සෙල්ලම් කරලා ඉන්න එපා කියලා අප ප්‍රකාශ කරන්නේ නැත. දරුවාගේ ආබාධය අනුව ඔහුට කළ හැකි ව්‍යායාම සහ ක්‍රීඩා ගැන වෛද්‍යවරයෙකුට උපදෙස් දීමට පුළුවන. හෘදය වස්තුවේ ඇති සිදුරු සහ වෙනත් ආබාධ ඖෂධ මගින් සුව කළ හැකි යන්නට තවත් මිත්‍යා මතයක් පවතී. මෙවැනි දරුවන්ට ඖෂධ ලබා දෙන්නේ ඔවුන්ගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට පමණි. එසේ නොමැතිව ඖෂධ මගින් සිදුරු වහන්නට බැරි ය. සිදුරු වැසීම සඳහා අනිවාර්යයෙන්ම සැත්කමක් හෝ කැතීටර්කරණ මාර්ගයෙන් කරන ප්‍රතිකාර ක්‍රමයක් කිරීමට සිදුවේ. නමුත් සමහර සිදුරු ඉබේම වැහෙන්නට පුළුවන. ඖෂධ භාවිතා කළත් නැතත් ඒ සිදුරු ඉබේම වැසේ. හෘදය වස්තුවේ ආබාධ ඇති දරුවන් සහිත දෙමවුපියන් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු කරුණු මොනවාද? මතක තබාගතයුතු මූලිකම කාරණාව වන්නේ වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම ය. ඖෂධ නියමිත වේලාවට ගැනීම, නියමිත දිනයට අදාල වෛද්‍යවරයාට පෙන්වීම, ශල්‍යකර්ම සඳහා යොමු කර ඇත්නම් නියමිත කාලයට ශල්‍යකර්මය සිදුකර ගැනීම යන කාරණා දෙමවුපියන් ඉතා හොඳින් මතක තබාගත යුතු ය. දරුවන් දෙදෙනෙකුගේ ඇති හෘදයාබාධ එකම වුණත්, එක එක දරුවාගේ ශරීරය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය වෙනස් ය. ඒ නිසා එක දරුවෙකුට ලබාදෙන උපදෙස් තවත් දරුවකුට ගැළපෙන්නේ නැත. හෘදය වස්තුවේ උපතින්ම ඇතිවන ආබාධයක් තිබීම තුළින් ශරීරයේ අනිත් ඉන්ද්‍රියන්වලට බලපෑමක් ඇති වෙනවාද? මෙහිදී වැඩියෙන්ම බලපෑමකට ලක්වන ඉන්ද්රිය වන්නේ පෙණහැල්ල යි. හෘද වස්තුවේ සිදුරු නිසා පෙනහැල්ලට රුධිරය යාම වැඩිවන අවස්ථාවලදී පෙනහැල්ලේ රුධිර පීඩනය වැඩි වීමට පුළුවන. පෙනහැල්ලට රුධිරය යාම අඩු වෙන අවස්ථාවලදී දරුවා තදබල ලෙස නිල් පැහැ ගැන්වීම සහ අනිකුත් ඉන්ද්‍රියන්වලට ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට නොලැබී යන්නට පුළුවන. ඇතැම් හෘදය වස්තුවේ ආබාධ නිසා මොළයේ සැරව ගෙඩි ඇතිවීම වැනි තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන. මෙම තත්ත්වයන් මුලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් සංකූලතා ඇතිවීම වළක්වා ගත හැක. හෘද වස්තුවේ උපතින් ඇතිවන හෘදයාබාධ සඳහා දරුවෙකු ගන්නා ආහාරපාන බලපානවද? හෘද වස්තුවේ උපතින් ඇතිවන හෘදයාබාධ සඳහා දරුවෙකු ගන්නා ආහාරපාන කිසිසේත් බලපාන්නේ නැත. ඒ මන්ද යත් ආහාර ගන්න පටන් ගන්න විට ඒ දරුවාගේ හෘදය වස්තුවේ ආබාධය ඇති වී අවසාන ය. ගර්භණී සමයේදී මව ගන්නා ආහාර වලින් ද හෘදය වස්තුවට විශාල බලපෑමක් ඇති වන්නේ නැත. මදාරා මුදලිගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 06:19 PM බිත්තරවල සුපිරි ගුණ බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි. ප්‍රෝටීන ආකරයක් අපේ සිරුරේ මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථය වන්නේ ප්‍රෝටීන. බිත්තර ආහාරයට ගන්නවා කියන්නෙ අපේ සිරුරේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ඉටුවනවාය කියන එක. බිත්තරයක උසස් මට්ටමේ ප්‍රෝටීන ග්‍රෑම් 6ක් අඩංගුයි. ප්‍රෝටීන වැඩිපුරම අඩංගු වන්නේ බිත්තර සුදු මදයේ. ඊට අමතරව බිත්තර සුදු මදයේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නමැති සංඝටකයේ වර්ග 9ක්ම අඩංගු වෙනවා. මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මෙම සංඝටකය ශරීරය තුළ නිපදවිය නොහැකියි. ඒ නිසා බාහිරින් ලබා ගන්නම සිදුවනවා. ඊට පහසුම ක්‍රමය වන්නේ බිත්තර ආහරයට එකතු කර ගැනීම. ප්‍රමාණයෙන් විශාල බිත්තරයක ප්‍රෝටීන 9g ක් සහ කැලරි 70gක් අඩංගුයි. මේ නිසා ශරීරය වෙහෙසවා වැඩ කරන අයට සේම වැඩෙන දරුවන්ගේ ආහාර වේලටත් බිත්තර එකතු කිරීම ඉතාම වැදගත්. බිත්තර ආහාරයට ගන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් බිත්තර කීයක් දිනකට ආහාරයට ගත යුතුද යන්න බොහෝ දෙනකුට පවතින ගැටළුවක්. ඔබ කාර්යශීලී වැඩිහිටියෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටළුවක් නැහැ. නමුත් දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. පාසල් යන වයසේ වැඩෙන දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරයට එක් කළාට ගැටළුවක් නැහැ. ගර්භනී මව්වරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා. නමුත් එවැනි තත්ත්වයේ පසුවන අය ආසාත්මික තත්ත්වයන් ඇති නොවෙනවා නම් පමණක් බිත්තර ආහාරයට ගත්තාට වරදක් නැහැ. කොලෙස්ටරෝල් අවදානම අඩු ආහාරයක් හැටියට බිත්තර හදා ගන්නට එය එළවළු සමඟ ස්ක්‍රැම්බල් කර ගන්න. කහ මදේ කන්න කළින්, බිත්තර කහමදයේ විටමින් ඒ, ඩී, කැල්සියම්, යකඩ, පොස්පරස් ඇතුළු ඛනිජ ලවණ ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. යහපත් මේදය ග්‍රෑම් 5ක් අඩංගු වනවා. අවශ්‍ය නම් පෝෂණ අවශ්‍යතා මත කහමදය ආහාරයට ගැනීමට හෝ නොගැනීමට පුළුවන්. බීටා කැරොටීන් නමැති සංඝටකය නිසා තමයි මෙම කොටස කහ පාටක් උසුලන්නේ. රූපලාවන්‍යයටත් බිත්තර සාත්තුව බිත්තරවල තිබෙන සංඝටක රෑපලාවන්යයේදී ඉතාම වැදගත්. එවැනි සත්කාර බොහොමයකට බිත්තර යොදාගන්නෙ ඒ නිසයි. හිසකෙස්, නිය වර්ධනයට සේම තරුණ පෙනුම රුක ගැනීමටත් බිත්තර සාරය කදිමයි. ඒ වගේම බිත්තරවල තිබෙන කෝලීන් නමැති සංඝටකය මතක ශක්තිය වැඩි කරන බවට පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. තම්බනවද? බදිනවද? නිකම්ම බොනවද? බිත්තර කියන්නෙ ඉතාම ඉක්මණින් පිළියෙල කරගන්න පුළුවන් ආහාරයක්. තම්බා ආහරයට ගැනීම වගේම බැදීමෙන් පසු ආහරයට ගැනීමත් එක සේ ගුණදායකයි. ඇතැමුන් බිත්තර අමුවෙන්ම ආහාරයට ගන්නවා. එහිදී වඩාත් පරිස්සම් විය යුතුයි. කුකුල් අසූචිවල ඇති සැල්මොනෙල්ලා නමැති විෂ බීජය බිත්තර අමුවෙන් ආහාරයට ගැනීමේදී ශරීරගත වීමේ අවධානම තියෙනවා. මේ නිසා බිත්තර තැම්බීමෙන් හෝ බැදීමෙන් පසු ආහාරයට ගැනීම වඩාත්ම සුදුසුයි. කොයි බිත්තරෙත් අගුණයක් නෑ සමහරුන්ගේ අදහසක් තියෙනවා ගම් බිත්තර ෆාම් බිත්තරවලට වඩා ගුණයි කියලා. ඒකේ විශාල සත්‍යයක් නැහැ. ගම් බිත්තරවල පැහැය වැඩි වීමට හේතුව වන්නේ ඒ කිකිළියන් ආහාරයට ගන්නා ද්‍රව්‍යය නිසයි. ෆාම් කිකිළියන්ටත් අදාළ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ලබාදෙන නිසා බිත්තරේ ගුණය පිළිබඳ ගැටළුවක් ඇතිවන්නෙ නැහැ. - Nutritians News ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 06:30 PM හර්නියාව පුංචි දරුවන්ටත්! හර්නියා යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත්, කාන්තාවන්ටත් පමණක් නොව ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයකුට හටගත හැකියි. උදර කුහරයේ ඇතුළත බිත්ති දුර්වල වීමෙන් ඒවා හරහා කුස තුළ ඇතිවන පීඩනය වැඩි වී එම දුර්වල වූ ස්ථානවලින් බඩවැල් ඇතුළට නෙරා ඒම හර්නියා යනුවෙන් හැඳින්වේ. උදර බිත්තියේ ඇතුළත ස්ථරය දුර්වල වීමට බලපාන හේතු සති තුනකට හෝ හතරකට වැඩි කාලයක් පවතින වියළි කැස්ස. බඩ වේළීම දිගු කලක් පැවතීම. මුත්‍රා අඩස්සිය හෝ මුත්‍රා කිරීමට තැටමීමට සිදුවීම සහ මළපහ කිරීමට ද තැටමීමට සිදු වීම. තැටමීමෙන් කුස තුළ පීඩනය වැඩි වී උදරයේ බිත්ති දුර්වල බවට පත්වේ. දුම්බීම, දුම්බීමෙන් උදර බිත්තියේ ශක්තිමත් බව අඩු වේ. එමෙන්ම දුම්පානය කරන පුද්ගලයන්ට කැස්ස ඇති වන හෙයින් ඔවුන්ගේ උදර බිත්තියෙහි මස්පිඩු දුර්වල වේ. සංජානනීය ආබාධ හෙවත් උපතින් එන දුර්වලතා ඇතැමුන්ගේ ඉකිලිය සහ පෙකණිය අවට ඇතුළත බිත්ති උපතින්ම දුර්වලව පිහිටයි. කාන්තාවන් ගර්භණී සමයේදී කුස තුළ හා පෙකණිය අවට ඇතුළත සම ඇදී තුනී වෙයි. ඒ හේතුවෙන් ඇතැම්විට කාන්තාවන්ට හර්නියා රෝගය හටගනී. ඇතැම් පිරිමි දරුවන් මව් කුස තුළ සිටිය දී ඔවුන්ගේ වෘෂණ කෝෂ පහළට එනවිට ඇතිවන විවිධ අසාමාන්‍යතා හේතුවෙන් එම දරැවන්ට උපතේදීම හර්නියා තත්ත්වයක් ඇති විය හැකියි. අධික බර ඉසිලීම අධික බර ඔසවන පුද්ගලයන්ගේ මාංශ පේශී දුර්වල වූවිට හර්නියා ඇති විය හැකියි. හර්නියා තත්ත්වය වැඩිපුර ඇතිවන සිරැරේ ස්ථාන පිරිමින්ගේ නම් ඉකිලි දෙක ආශ්රිත ප්‍රදේශයේ. කාන්තාවන්ගේ සහ ළමයින් ගේ පෙකණිය ආශ්‍රිතව. රෝග ලක්ෂණ ඉකිලිය හෝ පෙකණිය අවට හෝ පිටතට නෙරා එන ගෙඩියක් හෝ නෙරුමක්. මෙම ගෙඩිය වේදනාකාරී වේ. එය ඉඳ හිට නැඟෙන සියුම් වේදනාවක් විය හැකිය. බර ඉසිලීමේදී හෝ දිගු වේලාවක් හිටගෙන සිටිනවිට මේ වේදනාව වැඩියෙන් දැනේ. හාන්සි වූවිට ගෙඩිය ශරීරය තුළට ගොස් වේදනාව ද මඳකට සමනය වේ. රෝග ලක්ෂණ එසේ වරින් වර මතුවී තිබී හදිසියේම උත්සන්න වීමට පුළුවන. දැකිය හැකි විශේෂ ලක්ෂණ පුරුෂයින්ගේ වෘෂණ කෝෂ විශාල වීම මෙන්ම ස්ත්රීන්ගේ ලිංගේන්ද්‍රිය විශාල වීමක් දැඩි වේදනාවක් ඇති වීමටත් පුළුවන්. කුඩා ළමයින්ගේ පෙකණිය ගෙඩියක් සේ ඉලිප්පී තිබීම හා වේදනාව ඇති විය හැකියි. හර්නියා ගෙඩියක් ඇති වීමෙන් සිරුර තුළ ඇති වන තත්ත්වය සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර බඩවැල් දිගේ පහසුවෙන් ගමන් කරනවා. හර්නියා තත්ත්වයක් ඇති වූවිට ආහාර මාර්ගයේ අවහිරතා ඇති වෙනවා. එවිට ආහාර මාර්ගය දිගේ අප ගත් ආහාර ආපසු එන්නට පටන් ගන්නවා. එවිට වමනය යාම, බඩ වේළීම, මළපහ ප්‍රමාණය අඩුවීම, බඩේ වේදනාව ඇති වෙනවා. මේවා රෝගය උග්‍ර වී හදිසි අවස්ථාවක ඇති විය හැකි ලක්ෂණයි. - සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 06:36 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 06:43 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2018 06:44 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Feb 2018 04:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Feb 2018 04:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Feb 2018 04:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Feb 2018 04:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 97 of 137 << < 9596979899 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner