You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 98 of 137 << < 96979899100 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:02 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:03 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:04 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:04 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:06 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:06 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:09 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:45 PM

arshas* වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ඇත්තටම මොකක්‌ද මේ අර්ශස්‌ රෝගය කියන්නේ. කොහොමද මෙය වැළඳෙන්නේ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි අර්ශස්‌ කියන්නේ. නමුත් බොහෝ දෙනා මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ එය ඉතා උග්‍ර තත්ත්වයට වර්ධනය වූ පසුවයි.

නමුත් මෙම රෝගය වැළඳී ඇති බවට තමන්ට දැනුණු පළමු මොහොතේම ඒ සඳහා කුමන හෝ වෛද්‍යවරයකු කරා යොමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මා පළමුවෙන්න පවසනවා. මන්ද මේ රෝගය ඉවසා දරාගෙන සිටීමට ඉතා අපහසු රෝගයක්‌. මේ නිසාම මෙය වැළඳුණු බොහෝ දෙනා ක්‌ෂණිකව කෝප ගන්නා පුද්ගලයන් බවට පත්ව සිටිනවා.

විශේෂයෙන්ම මෙම රෝගය වැළඳීම සඳහා ජානමය ලක්‍ෂණද බලපෑමක්‌ සිදුකරනවා. මවට හෝ පියාට මෙම රෝග ලක්‍ෂණ පවතී නම් ඔවුන්ට බිහිවන දරුවාගේ කලල අවස්‌ථාවේදීම මෙම රෝග ලක්‍ෂණ දරුවාට ඇතිවීමට හැකියාවක්‌ තිබෙනවා. මීට අමතරව වර්තමානයේ පවතින අධික කාර්යබහුල ජීවන තත්ත්වය නිසා බොහෝ විට මෙම රෝග වැළඳ ගන්නා තත්ත්වයක්‌ ද පවතිනවා. මෙම අයහපත් ජීවන රටාව නිසා (විශේෂයෙන්ම විවිධ ආහාර මේ සඳහා ප්‍රධානතම සාධකයි.) කුඩා දරුවන් මුල සිටම මේ තත්ත්වයට ගොදුරුවීම සිදුවෙනවා.

පෙර පාසල් යන වයසේ සිට සලකා බැලූ විට ඉතා උදැසනම මවුපියන් විසින් ඔවුන් අවදි කරගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක්‌ හමුවේ ඔවුන් පෙර පාසලට හෝ දිවාසුරැකුම් මධ්‍යස්‌ථානයට යෑවීමට සූදානම් කරයි. එවිට දරුවාට කටයුතු කිරීමට සිදුවන්නේ තමාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට වඩා දෙමාපියන්ගේ විධානයන් අනුවය.

විශේෂයෙන්ම දරුවාට වැසිකිළි යැම සඳහා අවශ්‍ය නොවන වෙලාවක ඔහුට ඒ සඳහා සූදානම් වීමට සිදුවේ. ඉතින් දරුවා දැඩි ආයාසයක්‌ යොදා මෙම කාර්යය කිරීමට පෙළඹෙන්නේය. දෙවැන්න පාසලේදී හෝ වෙනත් යන තැනකදී වැසිකිළි යැමට අවශ්‍ය වුවහොත් එසේ නොකරන ලෙස දරුවන්ට උපදෙස්‌ දීම සිදුකරයි. එවිට දරුවා නිවසින් පිටත සිටින අවස්‌ථාවලදී මළපහ කිරීමට අවශ්‍ය වුවහොත් එය දරාගෙන ඉවසාගෙන සිටීමට පුරුදු වන්නේය. මෙලෙස අමාරුවෙන් ඉවසා සිටියත් ටික කලක්‌ යත්ම දරුවන් මෙය පුරුද්දක්‌ බවට පත්කර ගන්නේය. නියමිත වේලාවට මළපහ නොකිරීම සහ අනවශ්‍ය වෙලාවට බලයෙන් මළපහ පිටකිරීම යන මේ කාරණා දෙකම මෙම රෝගය වැළඳීමට බලපාන ප්‍රධානතම හේතුවකි. විශේෂයෙන්ම කුඩා දරුවන් නොව තරුණ, වැඩිහිටි අයද අද මේ ක්‍රමයන්ට හුරුපුරුදු වී ඇති නිසා ඔවුන්ද මේ තත්ත්වයට ගොදුරුව ඇත.

තවත් කාරණා කිහිපයක්‌ තමයි නිසි පරිදි ජලය පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු, පිටි සහිත ආහාර වර්ග වැඩිපුර භාවිත කිරීම, ක්‍ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම, අධික අම්ල සහිත ආහාර වැඩිපුර ගැනීම (බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා වැනි දැ) උෂ්ණ අධික ආහාර ගැනීමද (ඉස්‌සෝ, දැල්ලෝ, බලමාළු වැනි දැ) අර්ශස්‌ වැළඳීමට බලපානු ලැබේ.

ඉහත සඳහන් හේතූන්වලට අමතරව ගැස්‌ට්‍රයිටීස්‌ වැළඳී ඇති විට සිදුවන ආහාර ජීර්ණයේ යම් යම් අක්‍රමිකතාද මෙම රෝගය වැළඳීමට හේතුවිය හැකියි.

විශේෂයෙන්ම ඉහත සඳහන් විවිධ වැරදි පුරුදු නිසා ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩු නිසා එහි අවසන් කෙළවර වන ගුද මාර්ගයේ ඇතිවන අවහිරතා අර්ශස්‌ රෝගය ලෙස හඳුන්වයි.

වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙම රෝගය වැළඳී ඇති පුද්ගලයකුගේ රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් රෝග ලක්‍ෂණ කිහිපයක්‌ම තිබෙනවා. ඒ අතරින් මෙම රෝගීන්ට පළමුව ගුද මාර්ගයේ ඇතිවන වේදනාකාරී බව, අධික දැවිලි තත්ත්වයන්, ඒ වගේම ඉතා සුළු සුළු දේවලදීත් ඇතිවන අධික කේන්තිය, ඇවිදීමේදී ඇතිවන අපහසුතා, නින්දට යැමේදී ඇතිවන අපහසුතා විශේෂයෙන්ම මෙම රෝගීන්ට මුනින් අතට හැර වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමේදී අධික වේදනා ඇතිවීම, නිසි ලෙස මළ පිටනොවීම, මළ මාර්ගයේ ගෙඩි හට ගැනීම, රුධිරය පිටවීම වැනි රෝග ලක්‍ෂණ හඳුන්වා දිය හැකි අතර මෙම රෝග ලක්‍ෂණ අනුවම මෙම රෝග වැළඳුණු රෝගියකුට ඇතිවන අපහසුතාව කෙතරම්ද කියා සිතා ගැනීමට හැකියාව පවතිනවා.

වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙම රෝගීන්ට මේ රෝග සමඟ ඇතිවන වෙනත් රෝග තිබෙනවාද?

අර්ශස්‌ රෝගීන්ට එම රෝගයට අමතරව ඒ හා සමඟම වැළඳිය හැකි රෝගාබාධ ලෙස තදබල හිස කැක්‌කුම, ගැස්‌ට්‍රයිටීස්‌ රෝග තත්ත්වය, වාත රක්‌ත තත්ත්වය, ඇදුම, දියවැඩියාව වැනි රෝගාබාධ ප්‍රධානයි.

වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මේ රෝගය සුවකර ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවාද?

ඔව්. පැහැදිළිවම අර්ශස්‌ රෝගීන් මෙම දුකින් මුදා ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවා. නමුත් එම ප්‍රතිකාර ක්‍රම කළ යුත්තේ රෝගියා පිළිබඳ පරීක්‍ෂණයකින් පසුවයි. මන්ද අර්ශස්‌ සමඟම තවත් ඉහත සඳහන් කළ රෝගාබාධද රෝගීන්ට පැවතිය හැකි නිසා එක්‌ එක්‌ රෝගියකුට එක්‌ එක්‌ ප්‍රතිකාර ක්‍රම ලබාදීම සිදුකළ යුතුයි.

පළමුවෙන්ම රෝගියාට උදේ කාලයේ නියමිත පරිදි මළපහ පිටකිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිය යුතුයි. ඉන් පසු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කිරීමට ප්‍රතිකාර ලබාදිය යුතුයි. මෙලෙස රෝගියා නිවැරැදි ලෙස පරීක්‍ෂා කරමින් ප්‍රතිකාර කිරීම තුළින් මෙම රෝගය සුව කිරීමට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලින් හැකියාව පවතී.

විශේෂයෙන්ම අර්ශස්‌ රෝගය වැළඳී එය ඉතා උච්ච වී ශල්‍යකර්මවලට භාජනය කළ යුතු රෝගීන් පවා ආයුර්වේද ප්‍රතිකාරවලින් නිසි සුවය ලබා නිරෝගී වන අතර ආයුර්වේද ප්‍රතිකාර තුළින් ශරීරයේ අර්ශස්‌ ඇතිවීම මූලික ලක්‍ෂණවලටද ප්‍රතිකාර ලැබෙන නිසා එම රෝගය නැවත ඇති නොවන ලෙසට සුව කිරීමට ආයුර්වේදයට හැකියාව තිබෙන අතර ඕනෑම කාර්යබහුල පුද්ගලයකු වුව පහසුවෙන් ප්‍රතිකාර ලබා ගත හැකි ලෙස ඖෂධ සකසා ඇති නිසා ඕනෑම කෙනෙකුට දැන් අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවද පවතින්නේය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 04:56 PM

otisumප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ ඔටිසම් රෝගී දරුවන්ට කරන ආයුර්වේද මූල සෛල ප්‍රතිකාරය ගැනයි.

වෛද්‍ය ලීනා ඉලේපෙරුම - මෙහිදී තවත් වැදගත් දෙයක්‌ සඳහන් කළ යුතුයි. ඔටිසම් රෝගය වැළඳුණු දරුවන්ට නිතර දෙවේලේ ආහාර අසාත්මිකතා හැදෙනවා. විශේෂයෙන්ම ඔවුනට කෑම දිරවීමේ අපහසුතා බහුලව ඇති වෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස්‌ නොලැබී යන අතර ආහාර ජීර්ණ පද්ධතිය ආහාර දිරවා ගැනීමට බැරි තරම් දුර්වල වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බාගෙට දිරවපු ආහාරවල තිබෙන අර්ධ පෝෂණය තමයි ශරීරයට ලැබෙන්නේ. එතකොට රුධිරයේ තිබෙන ගුණාත්මකභාවය පහත වැටෙනවා. ඊළඟට දරුවාගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දරුවාගේ ශරීරයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මෙය ලොකු අවුලක්‌. හැම විටෙකම වාගේ ආහාර අසාත්මිකතා ඇති වී දරුවා පීඩාවට පත්වෙනවා. එවිට සිදුවන්නේ දරුවාට දෙන කෑම ඔහුට ගැලපෙනවාද නැද්ද කියලා හැම විටම පරීක්‍ෂණ මගින් තහවුරු කර ගන්නට සිදුවීමයි. මෙය ගෙදරකදී කරන්න බැරි නිසා දරුවා රෝහලක නතර කරන්න සිදුවෙනවා.

ප්‍රශ්නය ආහාර අසාත්මිකතා ඇතිවිය හැකි දරුවන්ට පොදුවේ අගුණ ආහාර මොනවාද?

වෛද්‍ය ලීනා ඉලේපෙරුම - කිරිවලින් පිළියෙළ කරගත් ආහාර හොඳ නැහැ. එළකිරි, මුදවපු කිරි, චීස්‌, මෝරු සුදුසු නැහැ. තක්‌කාලි, වම්බටු අර්තාපල්, මිරිස්‌ වර්ග, ඇඹුල් රේණු සහිත ගෙඩි (දෙහි, දොඩම්, නාරං, ජමනාරං) රටකජු, ආහාර කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක, රසකාරක, කෘමිනාශක සහිත වාතාශ්‍රය, පලිබෝධ සහ වල් නාශක සහිත වාතාශ්‍රය, බැර ලෝහ කිසිසේත්ම සුදුසු නැහැ.

ප්‍රශ්නය - ඔටිසම් දරුවන්ට ආහාර ආසාත්මිකතා හට ගන්නේ කොහොමද?

වෛද්‍ය ලීනා ඉලේපේරුම - මෙයට හරියාකාර හේතුව සොයාගෙන නැහැ. හැබැයි දරුවාගේ ආහාරයට අමු ඉඟුරු, ගම්මිරිස්‌, අමු මිරිස්‌, යන තුන එක පමණට ගෙන ගලේ අඹරා මිශ්‍ර කළාමත් දිරවීම පහසු කරනවා. මේ මිශ්‍රණයට ආයුර්වේදයේ කියන්නේ ත්‍රිකටු කියලයි. එනම් කටුක රස තුනක්‌. ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම ප්‍රකෘතිමත් කරන්නට ත්‍රිකටුවලට පුළුවන්.

ඔටිසම්වලින් පෙළෙන දරුවන්ගේ හිස සම්බාහනය කරන්නට ගොටුකොළ තෙල් ඉතා සුදුසුයි. ගොටුකොළ ඉස්‌ම කෝප්ප භාගයක්‌ පිරිසිදු තල තෙල් කෝප්ප භාගයකට මිශ්‍රකර කකාරා නිවා ගැනීමෙන් ගොටුකොළ තෙල් සාදාගත හැකියි.

otisum1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 05:04 PM

bagandaraප්‍රශ්නය - භගන්දර රෝග සැත්කම් මගින් සුවපත් කරන්නට බැරි බවත්, සුවපත් කළ හැකි එකම ක්‍රමය ආයුර්වේදය බවත් ඔබ පෙන්වා දුන්නා. අද සාකච්ඡා කරන්නේ මෙය සුව කිරීම සඳහා ආයුර්වේදය මගින් යොදා ගන්නා ඖෂධ මොනවාද කියන එකයි.

වෛද්‍ය පුෂ්පකුමාර මහතා - භගන්දර රෝගය සම්බන්ධයෙන් අප කළ ආයුර්වේද පර්යේෂණ ගණනාවක්‌ තිබෙන බව මෙහිදී කිව යුතුයි. කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකතුවෙලත් අප පර්යේෂණ කරලා තිබෙනවා. මේ පර්යේෂණවලට අදාළ පත්‍රිකා ඇමරිකාවේත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සමීක්‍ෂා සඟරාවේත් පළකර තිබෙනවා. මේ අතර මේ රෝගයට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන තිබෙන ක්‍ෂාර සූත්‍ර නමැති බෙහෙත් නූල් ප්‍රතිකාර ක්‍රමයයි. ක්‍ෂාර කියන්නේ ALKALINE. සූත්‍ර කියන්නේ නූල. අප නූලක්‌ ගෙන වසර දහස්‌ ගණනක්‌ පැරැණි විද්‍යාත්මක ක්‍රමයකට අනුව එයට මුලින්ම ක්‍ෂාර වර්ගයකුත් ඊළඟට දලුක්‌ කිරිත් ඊළඟට කහ චූර්ණයත් ආලේප කරනවා.

ප්‍රශ්නය - ක්‍ෂාර හැටියට ඔබ ගන්නේ කුමක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර මහතා - අපාමාර්ග නමැති ශාකයේ අළු තමයි අප ගන්නේ. අපාමාර්ග ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Achyranthus Aspera මේ ශාකය තුළ ඖෂධීය වටිනාකමක්‌ ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක්‌ තිබෙනවා. අතීතයේ සිටි ඉන්දියානුවන් මෙය ඖෂධ සෑදීමට යොදා ගත්තා. ආතතිය සහ කාංසාව සඳහා ප්‍රතිකාර කිරීමේදීත් මෙය ඖෂධයක්‌ හැටියට පාවිච්චි කරනවා. අපාමාර්ග ගසට සිංහලෙන් කියන නම තමයි ගස්‌කරල් හැබ. එහෙමත් නැතිනම් කරල් සැබ. ඊළඟට අප ගන්නවා දලුක්‌ ගහේ කිරි, Euphorbia antiquoram නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පතොක්‌ වර්ගයේ ශාකයක්‌ තමයි, දලුක්‌ කියන්නේ. වසර දහස්‌ ගණනක සිට විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට දලුක්‌ ශාකය යොදාගෙන තිබෙනවා. ශාරීරික වේදනාව, මළබද්ධය, ඇඟේ හටගන්නා ඉදිමුම, චර්ම රෝග, කන් කැක්‌කුම, ස්‌නායු පද්ධතියේ රෝග, බෙලහීනතාව, උදර රෝග, අක්‌මාවේ රෝග, රුමැටික්‌ ආතරයිටීස්‌, කැස්‌ස, ඇදුම, දියවැඩියාව අර්ශස්‌ රෝගය යනාදිය මේ ශාකය යොදාගෙන සුවපත් කළ හැකියි. මෙහි අතුවලින් එන කිරිත්, මුල්වල පොතුත් ඖෂධ සෑදීමට යොදා ගන්නවා. එහෙත් අප මෙහිදී දලුක්‌ කිරි යොදා ගන්නේ ගම් එකක්‌ හැටියටයි. අපාමාර්ග හෙවත් කරල්සැබ ක්‍ෂාරයත්, දලුක්‌ කිරිත් කහ චූර්ණයත්a කවන ලද නූල භගන්දර නලය දිගේ ඇතුළට යවා නිශ්චිත කලක්‌ තබනවා. විටින් විට නූල මාරු කරනවා. භගන්දර නලය තුළ ඇති නරක්‌ වූ පටක සහ රෝගී පටක ඉවත් කිරීමටත්, අලුත් නිරෝගී පටක වර්ධනය කිරීමටත් මේ ක්‍රියාවලියට පුළුවන්. ඊට පසු ක්‍රමයෙන් තුවාලය තුළ මස්‌ වර්ධනය වී භගන්දරය සුවපත් වෙනවා. සාමාන්‍යයෙන් සතියකට සෙන්ටිමීටරයක්‌ විතර තමයි සුවපත් කරගන්න පුළුවන් වන්නේ. සති කිහිපයක්‌ තුළ රෝගියා සෞඛ්‍ය සම්පන්න නිරෝගී කෙනෙක්‌ බවට පත් වෙනවා. මෙය තමයි භගන්දර රෝගයට තිබෙන විශිෂ්ටතම ප්‍රතිකාරය. එක කැපුම් පහරක්‌ නැතිව රෝගය සුව කරන්නට හැකි ක්‍රමය මෙයයි.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0766739977, 011-5288055

මෙම ලිපිය පාඨකයන් සිය ගණනකගේ ඉල්ලීම පරිදි නැවත පළකරන ලද්දකි.

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

bagandara1

 

pakinsanප්‍රශ්නය - ආයුර්වේදය සම්බන්ධයෙන් මහජනතාවට ප්‍රශ්නයක්‌ තිබෙනවා. එය තමයි බටහිර වෙදකමේ වගේ නවීන පර්යේෂණ, නවීන උපකරණ භාවිතය වැනි දේ ආයුර්වේදයේ දී සිදු නොවනවා කියන කාරණය.

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - එය සම්පූර්ණ දුර්මතයක්‌. නවීන උපකරණ ලොවට පහළ වී නැති කාලයේදීත් ආයුර්වේද වෛද්‍යවරුන් රෝග පරීක්‍ෂා සිදු කළා. අද ස්‌කෑනිං යන්ත්‍රවලින් කියන දේවල් රෝගියාගේ නාඩි බලල කියන්න වෛද්‍යවරුන්ට පුළුවන් වුණා. ඒ තත්ත්වය අදටත් එහෙමමයි. පාරම්පරික වෛද්‍යවරු අදටත් ඉන්නවා දූත ලක්‍ෂණවලින් රෝගය කියන්න පුළුවන්. ඒ අතර නවීන යන්ත්‍රවල උපකාරය අරගෙන රෝග නිශ්චය කරන ආයුර්වේද වෛද්‍යවරුන් ඕනෑ තරම් ඉන්නවා.

පාකින්සන් රෝගය වැළඳුණු රෝගීන් පරීක්‍ෂා කිරීම සඳහා අප CT SCAN යන්ත්‍ර, MRI ස්‌කෑන් යන්ත්‍ර, PET ස්‌කෑන් යන්ත්‍ර, LDL පරීක්‍ෂණ යනාදිය යොදා ගන්නවා. රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය වළක්‌වා ගැනීම යහපත්ය කියන පදනම මත පහත සඳහන් උපදෙස්‌ ලබා දෙනවා. එනම්,

1. රෝග ලක්‍ෂණ සහිත අය පැරැණි සහලින් පිසූ බත් අනුභව කළ යුතුයි. තිරිඟු, දෙහි, දොඩම් යනාදිය, අලුත් එළවළු, කිරි සහ කිරි ආහාර, දෙළුම්, ලෙමන්, අඹ, පේර, ඇපල් සුදුලූනු අනුභව කළ යුතුයි.

2. ආහාරය සමබල විය යුතුයි

3. සාමාන්‍ය මට්‌ටමේ ව්‍යායාම කළ යුතුයි.

4. ක්‍රියාශීලී ජීවිතයක්‌ ගත කළ යුතුයි.

5. බාර්ලි, කඩල, පුවක්‌, ජම්බු, ඉඟුරු ප්‍රොaටීන අගයක්‌ සහිත ආහාර කට දැවිල්ල වැඩි කුළුබඩු සහිත ආහාර යනාදිය නොගත යුතුයි.

6. ශරීර සම්බාහනයේදී මහා නාරායන තෛලය, ක්‍ෂාරබල තෛලය, සස්‌වරාදී තෛලය. ධන්වන්තරී තෛලය. මහමෂා තෛලය, බල තෛලය, අශ්වගන්ධ තෛලය පාවිච්චි කළ යුතුයි.

මෙයට අමතරව අශ්වගන්ධ චූර්ණය, වඳුරු මෑ චූර්ණය, යනාදියත් දශමුල ක්‌වාථය, බ්‍රාහ්මී වටී බ්‍රහ්ම රසායනය, බාලාරිෂ්ටය, අශ්වගන්ධ අරිෂ්ඨය, දශමුල අරිෂ්ටය, ක්‍ෂීරබල තෛලය යනාදිය දැඩි වෛද්‍ය අධීක්‍ෂණය සහ වෛද්‍ය උපදෙස්‌ මත පමණක්‌ පාවිච්චි කළ යුතුයි.

ලබන සතියට

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

pakinsan1

 

atharaiticeප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය වැළඳුන කෙනෙකු ගත යුතු ආහාර මොනවාද යන ප්‍රශ්නය පසුගිය දිනවල අපේ පාඨකයන් විමසනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - ආත්‍රයිටිස්‌ රෝගයේදී වාත දොaෂය සහ ආම දොaෂය නිෂ්ක්‍රීය වන ඖෂධ පරිහරණය කළ යුතුයි. ආමය සහ වාතය ශරීරයේ සන්ධි තුළ ක්‍රියාත්මක වනවා. මේ දෙක පාලනය කර ගත්තොත් රෝගියාට මූලික වශයෙන් නිදහසක්‌ ලැබෙනවා. ඒ අතර පහත සඳහන් ආහාර ගත්තොත් ආත්‍රයිටිස්‌ රෝගයෙන් සහනයක්‌ ලබා ගත හැකියි. එනම්.

1. දිගු ඇට සහිත සහල් සහ රතු සහල් ඉතා යෝග්‍යයි. වසරක්‌ පැරණි කරගත් සහල්වලින් පිසගත් බත් ඉතා යෝග්‍යයි. ඔටිසම් රෝගයට වගේම පාකින්සන් රෝගයටත්, බාර්ලි ඉතා සුදුසුයි. බාර්ලි දිරවීමට ඉතාම පහසුයි.

2. කඩල සහ කොල්ලු ආත්‍රයිටිස්‌ රෝගීන්ට ඉතාම ගුණ දෙනවා. කොල්ලුවල කෙඳි සහිත ස්‌වභාවය ඉතාම වැඩියි.

3. ඇල් මැරුණු වතුර ආත්‍රයිටිස්‌ රෝගයට ඉතාම හොඳයි. උතුරන වතුරට අමු ඉඟුරු කැබැල්ලක්‌ දමලා නිවුණු පසු පානය කිරීම ඉතාම හොඳයි. ඉඟුරු මගින් ශරීරයේ උපදින විෂ සහිත බව නැති කරන්නට පුළුවන්.

4. අලුත් පලතුරු සහ පළා ජාති ඉතාම වැදගත්. විටමින් වර්ග සහ ශරීරයට අවශ්‍ය සැහැල්ලු පෝෂණ කොටස්‌ මෙහි තිබෙනවා. කොහොඹ, කරවිල, පතෝල, වැටකොළු, ලබු, වම්බටු යන එළවළු මේ තත්ත්වයේදී ඉතාම ගුණයි. අලිගැට පේර සහ කොමඩු ඉතා සුදුසුයි.

5. ඉඟුරු, කහ, සුදුළුEනු යන කුළුබඩු සහිත ආහාර මගින් ආත්‍රයිටිස්‌ නිසා හට ගන්නා විකෘතිතා පාලනය කරන්න පුළුවන්. අඹරන ලද සුදුලූනු බික්‌ 2 ක්‌ මෝරු අවුන්ස 2 කට මිශ්‍රකර පානය කිරීමෙන් හොඳ ප්‍රතිළුල ලබා ගත හැකියි.

ප්‍රශ්නය - අද ඔබ අපට ලබා දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - බැබිල මුල්, කටුකරඬු මුල්, කරඳමුල්, තිප්පිලි, වියළි ඉඟුරු, කටුකරෝසන, දේවදාර, කුඹුරුඇට මද, ගොකටු දඬු, ඇහැල පොතු, රසකිඳ, සාරණ මුල්, කලං 1 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ සීනි මී පැණි දමා උදේ සවස පත භාගය බැගින් පානය කළ යුතුයි. මෙය දින 12 ක්‌ කළ යුතුයි.

ලබන සතියට

atharaitice1

 

 

swethaප්‍රශ්නය - පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළේ ශ්වේත ප්‍රදරය තිබෙන කාන්තාවන් ඇඟ නිවෙන්න බෙහෙත්/ ආහාර ගත යුතුමද කියන කාරණයයි. අද අප බලාපොරොත්තු වෙනවා ශ්වේත ප්‍රදරය ගැන තවදුරටත් තොරතුරු දැන ගැනීමට.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ශ්වේත ප්‍රදරය වැරදියට වටහා ගන්නා අවස්‌ථා තිබෙනවා. යෝනි මාර්ගය තුළ සහ ගැබ්ගෙල වටා තිබෙනවා බිත්ති විශේෂයක්‌. මේවට බටහිර විද්වතුන් කියන්නේ vaginal walls කියලා. යෝනි මාර්ගය පිරිසිදුව පවත්වා ගෙන යැම සඳහා අවශ්‍ය කරන ජලය වැනි ශ්‍රාවයන් මේ බිත්තිවලින් වෑස්‌සෙනවා. මේ දියරය සමහර විට කිරි පාටයි. හැබැයි එයින් කිසිදු ගඳක්‌ හමන්නේ නැහැ. මේ ශ්‍රාවයේ වර්ණය තදබල වෙනසක්‌, ඝනත්වයේ තදබල වෙනසක්‌, දුර්ගන්ධයක්‌ තිබෙනවා නම් එය නිකම්ම නිකම් සුද යැමක්‌ විතරක්‌ නොව පහත සඳහන් අවදානම් තත්ත්වයන්ගෙන් එකක්‌ විය හැකියි. එනම්,

Bacteriol Vaginosis හෙවත් යෝනි මාර්ගය තුළ තිබෙන බැක්‌ටීරියාවල අසමතුලිත වර්ධනය වීමක්‌ හට ගන්නවා. සාමාන්‍යයෙන් යෝනි මාර්ගය තුළ බැක්‌ටීරියා හිටපු ගමන් අසමතුලිත වෙනවා. එයට හේතුව මේ දක්‌වා සොයාගෙන නැහැ.

2. Vaginal Yeast infection - Candidiasis ලෙස හැඳින්වෙන මෙය බොහෝ කාන්තාවන්ට පොදු තත්ත්වයක්‌. නිරෝගී යෝනි මාර්ගයක්‌ තුළ බැක්‌ටීරියා වගේම ඊස්‌ට්‌ යම් ප්‍රමාණයකුත් තිබෙනවා. යෝනි මාර්ගය තුළ බැක්‌ටීරියා වර්ධනය අසමතුලිත වුණාම ඊස්‌ට්‌ සෛල දෙගුණ වීමට පටන් ගන්නවා. මේ නිසා අදාළ ප්‍රදේශය තුළ කැසීමක්‌ හටගෙන ඉදිමෙනවා. මෙයට වහා ප්‍රතිකාර නොකළොත් තත්ත්වය නරක්‌ වෙනවා. මෙය පාලනය කරන්නට සුදුසු කසාය වර්ග දේශීය සිංහල වෙදකමේ තිබෙනවා.

3. ඊළඟට තිබෙනවා Vulvovaganitis කියලා තත්ත්වයක්‌. මෙය අප හඳුන්වන්නේ භගයෝනිදාහය කියලයි. මෙයත් යෝනි ප්‍රදේශයේ හට ගන්නා අසාදනයක්‌. කැසීම, ඉදිමීම, දියර ගැලීම මෙහි රෝග ලක්‍ෂණ වෙනවා. හැම කාන්තාවක්‌ම ජීවිතයේ එක්‌ වතාවක්‌ හෝ මේ ආසාදනයෙන් පීඩා විඳිනවා.

4. Atrophic Vaginitis කියන්නේ ශ්වේත ප්‍රදරය ආශ්‍රිත රෝගයක්‌ මේ මගින් යෝනි මාර්ගය තුළ ආසාදන ඇති වී ලිංගික සංසර්ගය වේදනාකාරී කරනවා. මෙය බොහෝ විට ඇතිවන්නේ පශ්චාත් ආර්තවහරණ තත්ත්වයක්‌ ලෙසයි.

5. Gonorrhea සහ ක්‌ලැමිඩියා නමැති සමාජ රෝග දෙකත් ශ්වේත ප්‍රදර සමයේදී හටගැනීමට ඉඩ තිබෙනවා. හැබැයි දේශීය ඖෂධ මගින් මෙය සුව කළ හැකියි.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

swetha1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2018 05:13 PM

diabiticeඅද ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්න අතර දියවැඩියාව ආශ්‍රිත හදවත් රෝග මුල් තැනක්‌ ගෙන තිබෙනවා. මේ පිළිබඳව හැඳින්වීමක්‌ කරනවානම් ....

සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ දිනකට 20 දෙනෙක්‌ පමණ හෘද රෝග නිසා මිය යන බව වර්තා වෙනවා. එසේම වසරකට රෝගීන් ලක්‌ෂ 2 කට අධික ප්‍රමාණයක්‌ හෘද රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වෙනවා. හදවත ආශ්‍රිතව ඇතිවෙන රෝග අතරින් දියවැඩියාව ආශ්‍රිත හදවත් රෝග සහ කිරීටක ධමනි අවරෝධ වීම නිසා ඇතිවන හෘදරෝග අද බහුලව දැකිය හැකි යි. දියවැඩියාව සහ හෘද රෝග අතර ඝෘජු සම්බන්ධතාවක්‌ තිබෙනවා. එසේම දිනෙන් දින එම රෝගවලට ගොදුරු වන රෝගීන්ගේ සංඛ්‍යාවේ ද සීඝ්‍ර වර්ධනයක්‌ පෙන්වනවා.

දියවැඩියාව නිසා ඇති වන හෘද රෝග අතර හද මාංශ පේශිය ආශ්‍රිතව ඇති වන ව්‍යqහාත්මක විකෘතිතා මෙන්ම එහි ක්‍රියාකාරිත්වයේ විකෘතිතා බහුලව දැකිය හැකියි. නිසි පරිදි දියවැඩියාව පාලනය කර නොගැනීම නිසා සහ දියවැඩියාව කල්ගත වීම නිසා හෘද මාංශ පේශි පටකය තුළ මේද තැන්පත් වීමත් එනිසා මේද විෂාත්මකතාවයත් (Myocardial lipotoxicity) ඇති වෙනවා. හෘද මාංශ පේශියේ ඝන වීමක්‌ ද ඇති වෙනවා. මෙම විකෘතිතා සංකීර්ණ ජෛව රසායනික යාන්ත්‍රණ පසුබිම් කරගෙනයි ඇති වන්නේ.

මේ තත්ත්ව නිසා හෘදයෙන් සිදු කරන රුධිර පොම්ප කිරීමේ යාන්ත්‍රණය නිසි පරිදි සිදු නොවී හෘද් ක්‍රියා හානිය (Heart failure) ඇති වෙනවා. මේ සඳහා කිරීටක ධමනි විකෘතිතා ද හේතු වෙනවා. හෘද් ක්‍රියා හානිය නිසා ශරීරයේ විවිධ ස්‌ථාන වල දියර කොටස්‌ එකතු වීම මෙන්ම ඒවායේ ඉදිමීම ද ඇති වෙනවා. පෙනහලු ආශ්‍රිතව දියර කොටස්‌ එකතු වීම සමඟ ක්‍රමයෙන් වර්ධනය වන ස්‌වසන අපහසුවක්‌ ඇති වෙනවා. ශරීරයේ අනෙකුත් කොටස්‌වලට නිසි පරිදි රුධිරය නොලැබීම නිසා එම කොටස්‌ වල ද ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා. මොළයට රුධිරය නොලැබීම නිසා පළමුව ක්‌ලාන්තය, කරකැවිල්ල වැනි තත්ත්ව ඇති වී පසුව ක්‍රමයෙන් වර්ධනය වන බොහෝ සංකූලතා ඇති වෙනවා.

කිරීටක ධමනි විකෘතිතා නිසා ඇතිවෙන හදවත් රෝග කියන්නේ මොනවා ද?

හෘද මාංශ පේශිය පෝෂණය කිරීමට අවශ්‍ය රුධිරය සපයන ධමනි කිරීටක ධමනි ලෙස හඳුන්වනවා. වම් සහ දකුණු වශයෙන් මෙම කිරීටක ධමනි මහා ධමනියෙන් ආරම්භ වී කුඩා ශාඛා ලෙස බෙදී ගොස්‌ හෘද මාංශ පේශියේ සෑම කොටසකටම රුධිරය සපයනවා. නොයෙක්‌ හේතු සාදක නිසා මෙම කිරීටක ධමනි තුළ රුධිර ගමනයට බාධා ඇති වී හෘද මාංශ පේශි පටකය මිය යනවා. මෙම තත්ත්වය මයෝකාඩියල් ඉන්ෆාක්‌ෂන් (Myocardial Infarction) ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය හදිසියේ ඇතිවිය හැකියි. හෘද මාංශපේශිය පීඩාවට පත්වීමේ ප්‍රමාණය හා උග්‍රතාවය අනුව හදවත් රෝගයේ බරපතළකම සහ මරණය සිදුවී මේ අවදානම රඳා පවතිනවා.

කිරීටක ධමනි විකෘති වන්නේ කෙසේ ද? ඒ සඳහා බලපාන හේතු මොනවා ද?

අපගේ ආහාර හා ජීවන රටාවේ පවතින වෙනස්‌කම් නිසා දීර්ඝ කාලයක සිට හෙමින් හෙමින් සිදුවන පරිවෘත්තීය විෂමතා හේතු කොට ගෙනයි කිරීටක ධමනි පටුවීම සිදුවන්නේ. ධූම පානය, ඇල්කොහොල් භාවිතය, මේද සහ කාබොහයිෙඩ්‍රට්‌ අධික ප්‍රමාණයක්‌ අඩංගු වන ආහාර-පාන නිතර පරිභෝජනය කිරීම, ප්‍රමාණවත් ලෙස ව්‍යායාම නොකිරීම සහ මානසික ආතතිය කිරීටක ධමනි විකෘති ඇතිවීම කෙරෙහි බලපාන හේතු අතර ප්‍රමුඛත්වය ගන්නවා.

මෙම හේතු දියවැඩියාව, අධික රුධිර පීඩනය, අක්‌මා රෝග සහ වකුගඩු ආබාධ ඇති වීම සඳහා ද බලපානවා.

ලබන සතියට

diabitice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 01:02 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 01:04 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 03:00 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 03:10 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 03:17 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 03:17 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 03:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 03:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 98 of 137 << < 96979899100 > >>