You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 99 of 137 << < 979899100101 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 03:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 03:20 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 04:35 PM

weda4දිනපතා
 
 ආමන්ඩ් මද කෝප්ප 1/3 ක
 
 ප්‍රමාණයක්‌ තනිව හෝ ඒ සමඟ ඩාක්‌ චොක්‌ලට්‌ කෝප්ප තුන් කාලක්‌ හා කොකෝවා මේස හැඳි 2 1/3 ක්‌ ආහාරයට ගැනීමෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අඩුකරලන බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
 
 ඇමරිකානු හෘද සංගමයේ සඟරාවෙහි පළව ඇති මෙම අධ්‍යයනයෙහි වාර්තාවට අනුව අමු ආමන්ඩ් මද, ඩාක්‌ චොක්‌ලට්‌ හා කොකෝවා එකතු කර ආහාරයට ගැනීමෙන් අධිබරැති හා තරබාරු පුද්ගලයන්ගේ රුධිරගත එල්ඩීඑල් කොලෙස්‌ටරෝල් හෙවත් මාරක කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩුකරලීමට සමත්වන අතර ඒ හරහා ධමනි අවහිර වීමෙන් හට ගන්නා හෘද රෝග වැළඳීමේ අවදානම අඩුකරලයි.
 
 මෙම අධ්‍යයනය සිදු කළ ඇමරිකා එක්‌සත් ජනපදයේ පෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය පෙනී ක්‍රිස්‌ ඇතර්ටන්ට අනුව මෙහිදී වැදගත් වනුයේ ආමන්ඩ් මද, ඩාක්‌ චොක්‌ලට්‌ හා කොකෝවා ඒකාබද්ධව අනුභව කරනු ලබන ප්‍රමාණයයි.
 
 මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලයට අනුව හෘද රෝගවලට හේතුවන නරක කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩුකර ගැනීම සඳහා පුද්ගලයින් චොක්‌ලට්‌ හා ආමන්ඩ් මද විශාල වශයෙන් අනුභව කළ යුතු බවට අදහස්‌ නොවන බව පෙන්වා දෙන මහාචාර්ය ඇතර්ටන් දිනකට කැලරි 270 ක සීමාවට යටත්ව එම ද්‍රව්‍යයන් අනුභව කිරීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කර තිබේ. මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් විසින් වයස අවුරුදු 30 සිට 70 දක්‌වා වයස්‌ කාණ්‌ඩයට අයත් 31 දෙනකු යොදාගෙන ඇති අතර මසක කාලයක්‌ ඔවුන් ඉහත කී ආහාරයක්‌ ලබා නොගෙන සිට ඇත. ඊළඟ මාසයේදී ඔවුනට ආමන්ඩ් මද ග්‍රෑම් 42.5 ක්‌ බැගින් දෛනිකව ආහාරයට ගැනීමටත්, තුන්වැනි මාසයේදී ඩාක්‌ චොක්‌ලට්‌ ග්‍රෑම් 43 ක්‌ හා කොකෝවා කුඩු ග්‍රෑම් 18 ක්‌ ඒකාබද්ධවත් හතරවැනි මාසයේද එම ආහාරයන් තුනම ආහාරයට ගැනීමට සලස්‌වා තිබේ.
 
 මෙහිදී ආමන්ඩ් මද පමණක්‌ ආහාරයට ගත් විටදී එල් ඩී එල් කොලෙස්‌ටරෝල් මට්‌ටම සියයට 7 කින් අඩුවී ඇති අතර ආමන්ඩ් මද, ඩාක්‌ චොක්‌ලට්‌ හා කොකෝවා එක්‌කර ආහාරයට ගැනීමෙන්ද එල්ඩීඑල් කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩු වන බව හෙළිවී තිබේ.
 
 මෙහිදී බටර් හා චීස්‌ වැනි කිරි ආහාරවලට වඩා ආමන්ඩ් මදවල අඩංගු අසංතෘප්ත මේදය මගින් මිනිසාගේ සෞඛ්‍යයට හිතකර බලපෑම් ඇතිවෙන බව හෙළිවී තිබේ.


ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 04:45 PM

weda20 1කොලෙස්‌ටරෝල් වැඩි වූ අයකුගේ රුධිර පීඩනය කිහිප විටක්‌ පරීක්‍ෂා කළ විට එය රසදිය මිලිමීටර් 130/85 ට වඩා වැඩි නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය
 
 අධිරුධිර පීඩනය යනු වර්තමානයේ බොහෝ අය භීතිකාවට පත් කරන තත්ත්වයකි. එයත් සමගම අපට අසන්නට ලැබෙන්නේ කොලෙස්‌ටරෝල් වැඩිවීම පිළිබඳවයි. කොලෙස්‌ටරෝල් වැඩි වන විට අධි රුධිර පීඩන තත්ත්වයක්‌ ඇතිවිය හැකි බැව් කවුරුත් දනිති. එමෙන්ම අධිරුධිර පීඩන තත්ත්වය ඇතිවීමට බලපානු ලබන කොලෙස්‌ටරෝල් වැඩිවීම පමණක්‌ නොවේ. ඊට වෙනත් හේතු ද ඇත.
 
 කොලෙස්‌ටරෝල් වැඩිවීම නිසා රුධිර පීඩනය වැඩි වන්නේ කෙසේද?
 
 හෘදයේ පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළ (ධමනි) වල අභ්‍යන්තර බිත්තියේ කොලෙස්‌ටරෝල් තැන්පත් වේ. මේ නිසා එම රුධිර නාවලවල අභ්‍යන්තර කුහරය සිහින් වේ. එවිට එම සිහින් වූ නාළයන් හරහා රුධිරය පෙරට වඩා වැඩි පීඩනයකින් ගලා යයි. මේ ක්‍රියාවලිය ශරීරයේ වැඩි රුධිර නාළ ප්‍රමාණයක සිදුවීමෙන් ඇති වන මුළු පීඩනය කෙළින්ම බලපාන්නේ රුධිරය පොම්ප කිරීමේ කාර්යයේ නිරත වන හෘදයටයි. මෙලෙස කොලෙස්‌ටරෝල් වැඩි වූ අයකුගේ රුධිර පීඩනය කිහිප විටක්‌ පරීක්‍ෂා කළ විට එය රසදිය මිලිමීටර් 130/85 ට වඩා වැඩි නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
 
 කොලෙස්‌ටරෝල් වැඩිවීමෙන් ඇති භයානකම තත්ත්වය ඉන් හෘදයට ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කිරීමයි. හෘද පේෂිවලට රුධිරය සපයන කිරීටක ධමනිවල අභ්‍යන්තර බිත්තියෙහි මෙලෙස කොලෙස්‌ටරෝල් තැන්පත් වේ. කාලයක්‌ තිස්‌සේ හෘදය තුළ ඇති රුධිර නාළ බිත්තිවල කොලෙස්‌ටරෝල් නම් මේදය තැන්පත් වී ඇතරෝමා  නමැති තෙල් කැටිද හටගත හැකිය. ඒවා මගින් රුධිර නාළ අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා නොයයි.
 
 ඒ හේතුවෙන් එම රුධිර නාළවලින් රුධිරය සැපයුණු හෘදයේ කොටස්‌වල සෛල මිය යා හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ ඒ මොහොතේ පපුවේ තද වේදනාවක්‌ ඇති වීමත් එම වේදනාව උරහිසට, අත්වලට හෝ බෙල්ල දෙසට විහිදී යාමත්ය. මෙම ක්‍රියාවලියේ දරුණුතම අවස්‌ථාවේදී හෘදයේ ක්‍රියාකාරිත්වය ඇනහිට මරණයෙන් කෙළවර වන අවස්‌ථාද දක්‌නට ලැබේ.
 
 මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවීමට තනි තනිව හිතා තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව තම තමන් සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා වඩාත්ම සුදුසු ක්‍රියාදාමය වනුයේ වයස අවුරුදු 35-40 ඉක්‌ම වන විට ආහාර පාලනය, ව්‍යායාම කිරීම සහ එමගින් අධික තරබාරුව ද වළක්‌වා ගැනීමත් නිරතුරුවම තම රුධිර පීඩනය පිළිබඳ අවධානයෙන් සිටීමත්ය.
 
 කොලෙස්‌ටරෝල් මට්‌ටම අනවශ්‍ය ලෙස ඉහළ යාම කෙරෙහිද සුවිශේෂී අවධානයක්‌ යොමු කළ යුතුය. මේ සියලු දැ පිළිබඳ දැනුවත් වෙනවා මෙන්ම මෙම තත්ත්වයෙන් මිදීමට නම් ඔබ යොමු විය යුතු සුදුසුම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දත යුතුය. ඒ ගැන සොයා බැලීමේදී ඔබට සතුටු විය හැකි කාරණාවක්‌ තිබේ.
 
 එනම් රුධිර පීඩනය වැඩිවීමට හේතු වන කාරණාවන් සොයා බලා එම හේතූන් මුලිනුපුටා දැමීමේ සුවිශේෂී ක්‍රමවේදයක්‌ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙන නිසාවෙනි. වත්මනෙහි පවතින්නේ යම් කෙනකුගේ රුධිර පීඩනය වැඩි වූ විට ප්‍රෙෂර් පෙත්කක්‌ බී එය අඩුකර ගැනීමේ ක්‍රමයකි. එම ක්‍රමය අනුව බොහෝ විට ප්‍රෙෂර් පෙති ජීවිත කාලය පුරාවටම ගත යුතු වේ. නමුත් දිගින් දිගටම ප්‍රෙෂර් පෙති ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවන බව දැන් නම් කවුරුත් පිළිගනිති. එබැවින් ප්‍රෙෂර් පෙති බී රුධිර පීඩනය පාලනය කිරීමට දිගින් දිගටම යොමු වීම සැබෑ ජයග්‍රහණයක්‌ නොවේ.
 
 නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මීට හාත්පසින්ම වෙනස්‌ වේ. එහිදී සිදු වන්නේ රුධිර පීඩනය පමණට වඩා අඩු හෝ වැඩි නම් ඊට හේතු සොයා බැලීමයි. රුධිර පීඩනය වැඩි වූයේ කොලෙස්‌ටරෝල් නිසා නම් කොලෙස්‌ටරෝල් වැඩි වූයේ කුමන හේතුවක්‌ නිසාදැයි මෙහිදී සලකා බලයි.
 
 නිර්මාශිංකයන්ටද කොලෙස්‌ටරෝල් වැඩිවීමේ ප්‍රශ්න පැන නැගී ඇත. එයට හේතුව කුමක්‌ද?
 
 ආයුර්වේද මතානුකූව මෙය විස්‌තර කරනවා නම් මේ සියල්ලටම හේතුව ආහාර ජීර්ණයේ ඇති දොaෂ සහිත බවකි. අප ගන්නා සත්ව හෝ ශාකමය වූ ඕනෑම ආහාර වර්ගයක විවිධ ප්‍රතිශතවලින් මේද කොටස්‌ තිබේ. කොලෙස්‌ටරෝල් නිපදවෙන්නේ මෙම මේද කොටස්‌ ජීර්ණයේදී ඇති වන රසායනික පරිවර්තනයන් ගණනාවකිනි.
 
 කොලෙස්‌ටරෝල් යනු එක්‌තරා මට්‌ටමකින් රුධිරයේ තිබිය යුතු රසායනික පදාර්ථයන්ය. ඒවා හිතකර සහ අහිතකර ලෙස පවතින ප්‍රමාණයන් අනුව ක්‍රියා කරයි. කෙසේ නමුත් සිරුරට අහිතකර අන්දමින් කොලෙස්‌ටරෝල් ඉහළ යාමට හේතුව වන්නේ ශරීරයට සැපයෙන මේද කොටස්‌ ජීර්ණයේදී අක්‍රමවත් හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයන්ට ලක්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසය. එනම් එය සරලව කිවහොත් මුලින් කී පරිදි ජීර්ණයේ දොaෂ සහිත බවකි. මෙම මේද කොටස්‌ නිවැරැදි ලෙස ජීර්ණය වූයේ නම් ශක්‌තිය ලෙස දේහ ක්‍රියාකාරිත්වය වැඩදායක වන අතර ඉතිරි ඒවා මළ කොටස්‌ ලෙස සිරුරෙන් බැහැර විය යුතුය. ශරීරයට අහිතකර ලෙස බලපාන මෙම ඇතැම් කොලෙස්‌ටරෝල් වර්ග ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන්නේ පිත්තස්‌නේහ ලෙසය. සැබවින්ම මේවා නිවැරැදි ආකාරයට දිර වූ මේද කොටස්‌ නොවේ. එනම් බාගෙට දිර වූ ආහාර රසයකි. ඒවා ආම රසය (අමු ආහාර රසය) නම් වේ. මෙම අහිතකර කොලෙස්‌ටරෝල් තත්ත්වය හමුවේ ශරීරයට ඇති වන උපද්‍රව ලෙස රුධිර පීඩනය වැඩිවීම, අනවශ්‍ය ලෙස තරබාරු වීම, සුළු වැඩක්‌ කළ විට හෝ කෙටි දුරක්‌ පයින් ගිය විට අධික මහන්සියක්‌ දැනීම, අලස බව, නිදිමත වැඩිවීම හෝ නින්ද නොයාම, ඇඟපත රුදාව ආදී ලක්‍ෂණ පහළ වේ.
 
 මෙවැනි අවස්‌ථාවලදී අප අනුගමනය කරන නිවැරැදි ආයුර්වේද ප්‍රතිකර්ම පහත පරිදිය.
 
 ආම පාචක නම් වූ ඖෂධ යෙදීමෙන් රුධිර නාළ හෝ ශරීරයේ ඕනෑම තැනක ඇති අහිතකර කොලෙස්‌ටරෝල් නැවත ජීර්ණය වීම හෙවත් ක්‌ෂයවීම ආරම්භ වේ.
 
 මෘදු විරේචන ඖෂධ මගින් ඒවායේ ඇති අහිතකර පදාර්ථ මළ, මුත්‍ර හා දහදිය මාර්ගවලින් නිරන්තරයෙන්ම පිටකර හරිනු ලැබේ. ඒ අතරම යොදන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතින් ලැබෙන මේද කොටස්‌ නිවැරැදි ආකාරයට ජීර්ණය වී ශක්‌තිය ලෙස ශරීරයට ලබා දෙයි. මෙම ක්‍රියාදාමය මගින් කෙටි කලකින්ම රෝගීන්ට ඉතා සුවදායක තත්ත්වයක්‌ උදා වේ.
 
 වර්තමානයේ කාර්ය බහුල ජීවන රටාව අනුව ආයුර්වේද ඖෂධ භාවිත කිරීමට බොහෝ දෙනකු යොමු නොවන්නේ ඖෂධ වර්ග සෙවීම, තම්බා පිළියෙළ කිරීම වැනි කාර්යයන් දුෂ්කර වන බැවිනි. අප ඔබට සැපයෙන ඖෂධ ගොනුවට කෂාය වර්ග තිබේ නම් ඒවා තම්බා පිළියෙළ කළ බෝතල් ලෙසත් අනෙකුත් ඖෂධ පහසුවෙන් ඕනෑම කාර්ය බහුල තත්ත්වයකදී වුවද භාවිත කළ හැකි ලෙසත් ලබා දෙන්නේ ඔබේ පහසුව පිණිසමය.
 
 වැඩි විස්‌තර සඳහා 071 3009088, 071 3007000 අමතන්න

weda20 3

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 04:55 PM

weda20 4ස්‌නායු තෙරපුමකදී
 
 කොන්දේ කටී ප්‍රදේශය ආශ්‍රිතව වේදනාවක්‌ ඇති වී නම් ඇති වන රෝග ලක්‍ෂණය, (එම ස්‌ථානයේ කොන්දේ වෙනස්‌වීම ඇති වී තිබෙන ස්‌ථානයේ එනම් කශේරුකාවල හෝ අන්තර් කශේරුකා මඩල වෙනස්‌වීමක්‌ නිසා නම්) මුලින්ම එම ස්‌ථානයේ වේදනාවක්‌ ඇති වීමයි. කටී ප්‍රදේශය ලෙසින් හඳුන්වන්නේ කොඳු ඇට පෙළෙහි පහළ කොටස එනම් අන්තිම කශේරුකා පහ අයත් ප්‍රදේශයයි.
 
 එම ප්‍රදේශයේ වෙනස්‌වීමක්‌ වී නම් වෙනස්‌වීමේ ස්‌වභාවය හෝ ප්‍රමාණය අනුව වේදනාව අඩු වැඩි වශයෙන් දැනීමේ හැකියාව ඇත.
 
 මුලදී සුළු වෙනස්‌වීමක්‌ සිදු වුවත් එහිදී ඇතිවන සුළු වෙනස්‌වීමෙන් වන සුළු වේදනාව නොසලකා සිටියේ නම් එය ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ස්‌නායුවලට හානිවීම් පවා සිදුවීමට පුළුවන. මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් ස්‌නායු තෙරපීම වැඩිවන විට වේදනාවන් ඇති ස්‌ථාන ප්‍රමාණයත් වැඩිවිය හැකිය. එයට හේතුව වන්නේ මෙම ස්‌නායුව තෙරපුම වැඩිවෙන්න, වැඩි වෙන්න එම ස්‌නායුව මගින් ස්‌නායු සැපයීම කරන මාංශ පේශි තදවීමට පටන් ගැනීමයි. එම මාංශ පේශි තදවීමත් සමඟ එම මාංශ පේශිවලට සැපයෙන රුධිරය, ඔක්‌සිජන් වායුව සහ පෝෂණය අඩුවීම නිසාවෙන් පේශිවල තද ගතිය සහ පේශි දුර්වලවීමක්‌ ඇති වීමයි.
 
 මුලින් කොන්දේ පමණක්‌ ඇතිවන වේදනාව ක්‍රම ක්‍රමයෙන් උකුල, තට්‌ටම්, කලවා, බත්කෙණ්‌ඩ සහ පාදය දෙසට පැතිරීයැමක්‌ සිදු විය හැකිය.
 
 මෙය සාමාන්‍යයෙන් සුළු වේදනාවකින් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් උග්‍ර වී පාදය තබා ඇවිදීමට පවා නොහැකි තරමේ ප්‍රබල වේදනාකාරී තත්ත්වයකට උත්සන්න වීමේ හැකියාවක්‌ ඇත.
 
 මෙම වේදනාකාරී තත්ත්වය යටතේ ද නිවැරදි ප්‍රතිකාර කිරීමක්‌ සිදු නොකළේ නම් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම නිසා තද වී ඇති ස්‌නායුව හානි වීමට පටන් ගනී. එවිට ක්‍රම ක්‍රමයෙන් හිරිය ඇති වී පසුව දෙපා අප්‍රාණිකවීම දක්‌වා භයානක තත්ත්වයකට පත්විය හැකිය.
 
 ස්‌නායු තෙරපීමක්‌ ඇතිවීමට බලපාන හේතු ලෙසට වැටීම, අධික බර එසවීම, කොන්ද නවාගෙන බොහෝ වේලාවක්‌ එක දිගට වැඩ කිරීම, හදිසි අනතුරුවලට ලක්‌වීම, දරු ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා, පුටුවක වාඩි වීමේදී වැරදි ඉදිරියව් මත වැඩිවීම, වැරදි ඉරියව් මත බර එසවීම එනම් දණහිසෙන් නොනැමී කොන්දෙන් නැමී පහළ තිබෙන බරක්‌ එසවීම, වැරදි ව්‍යායාම සහ කොන්දට තද පහරක්‌ වැදීම වැනි කාරණා පෙන්වාදීමට පුළුවන.
 
 මෙහිදී රෝගය නිවැරදිව හඳුනාගැනීම ප්‍රධාන කාරණාව වන අතර රෝගය පිළිබඳ හසල දැනුමක්‌ ඇති වෛද්‍යවරයා ආකාර තුනකින් රෝගය හඳුනාගනු ඇත.
 
 වෛද්‍යවරයා විසින් තමාගේ සුරතෙහි මහපටැඟිල්ල රෝගියාගේ කොඳුඇට පෙළ පහළ සිට ඉහළට ස්‌පර්ශ කිරීම මගින් එම කශේරුකාවල කණ්‌ඨක ප්‍රසරයේ (කශේරුකාවක පිටතට නෙරා ඇති කොටස) සිදු වී ඇති වෙනස්‌වීම් මගින් පළමුව රෝගය නිර්ණය කරනු ලැබේ.
 
 එමගින් වෛද්‍යවරයා විසින් තෙරපී ඇති ස්‌නායුව හඳුනා ගැනීමක්‌ සිදුකරනු ඇත. ඉන්පසුව එම ස්‌නායුව මගින් ස්‌නායු සැපයුම් කරන පේශී පරීක්‍ෂා කිරීමක්‌ සිදුකරන වෛද්‍යවරයා දෙවන වතාවට රෝගය නිර්ණය කරනු ඇත.
 
 ඉන්පසුව එම ස්‌ථාන ස්‌පර්ශ කරමින් එම ස්‌ථානවල වේදනාවක්‌ ඇති දැයි රෝගියාගෙන් විමසීමක්‌ මගින් වෛද්‍යවරයා විසින් තෙවන වතාවටත් තමාගේ රෝග නිර්ණය නිවැරදි බවට ප්‍රත්‍යක්‍ෂ ගනු ඇත.
 
 මෙසේ තුන් ආකාරයකින් සිදුකරන රෝග විනිශ්චය මගින් රෝගය ඉතාමත් නිවැරදි රෝග විනිශ්චයක්‌ බවට වෛද්‍යවරයා විසින් කරණු සනාථ කරගැනීම සාර්ථක ප්‍රතිකාරයකට මග හෙළි කර ගැනීමකි.
 
 රෝග විනිශ්චයෙන් අනතුරුව වෙනස්‌ වූ කශේරුකා, අන්තර් කශේරුකා මඩල ස්‌ථානගත කිරීම මගින් එම ස්‌ථානයේ ස්‌නායු තෙරපීම නිවැරදි කරන අතර තද වී ඇති පේශී බුරුල් කිරීම මගින් මාංශපේශිගත වේදනාව දුරු කිරීමක්‌ සිදු කරයි. ඉන්පසු කශේරුකා නිවැරදි ලෙස ස්‌ථානගත කිරීමෙන් අනතුරුව ඒ හා සම්බන්ධ බන්ධනී ශක්‌තිමත් කිරීම මෙම ප්‍රතිකාරවලින් සිදු කරන නිසාවෙන් රෝගියා පූර්ණ වශයෙන් සුවපත්වීමත්, තමාගේ සුපුරුදු දෛනික කාර්යයන් සඳහා රෝගියාට යළිත් පිවිසීමට හැකිවීමත් තුළ දේශීය ආයුර්වේදයේ ඇති හාස්‌කම හොඳහැටි පැහැදිලිව පෙනෙනු ඇත.
 
 ඔබගේ රෝග ලක්‍ෂණ පිළිබඳ මෙයට වඩා වෙනස්‌ යමක්‌ තිබේ නම් හෝ රෝගය පිළිබඳ වැඩිදුර තොරතුරු නොමිලේ දැනගැනීමට අවශ්‍ය නම් 0713494113 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.
 
 weda20 2සංස්‌කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 05:03 PM

weda2වර්තමානයේ ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනා එය භාවිත කරන්නේ හිස අඟල් කිහිපයක්‌ ඉදිරියට හෝ පැත්තකට නමාගෙනය.
 
 එසේ දිගු වේලාවල් බෙල්ල නවාගෙන දුරකථනය භාවිත කරන විට බෙල්ලට අසීමිත බරක්‌ අඛණ්‌ඩව ඇතිවීම නිසා බෙල්ලේ කොඳුඇට පේළිය අතර ඇති ස්‌නායුවලට බලපෑම් ඇති වේ.
 
 ස්‌මාර්ට්‌ ජංගම දුරකථන
 
 දිනපතා දිගු වේලාවක්‌ භාවිත කිරීම නිසා ඇතිවන කායික ගැටලු පිළිබඳව මෙතැන් පටන් අපි විමසා බලමු. එහිදී පළමුව බෙල්ලේ ඇතිවන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමු.
 
 බෙල්ලේ ඇතිවන ආබාධ
 
 අපගේ ශරීරයේ බර දරා සිටින්නේ සිරස්‌ ආකාරයටය. එනම් ඉහළ සිට පහළටය.
 
 බෙල්ල සෘජුව තබා ගැනීම හෙවත් කන සහ උරහිස සෘජු කෝණයකට සමාන එක මට්‌ටමක ඇතිවන විට හිසෙහි බර බෙල්ලට දැනෙන්නේ රාත්තල් 10 - 12 අතර ප්‍රමාණයකිනි.
 
 බෙල්ල ඉදිරිපසට හෝ දෙපසට නැවෙන විට හිසෙහි බර බෙල්ලට දැනෙන ප්‍රමාණය වැඩි වේ.
 
 එනම් හිස නැවෙන සෑම අඟලකදීම හිසෙහි බර දෙගුණයක්‌ වී බෙල්ලට දැනේ.
 
 ඒ අනුව අප අංශක 60 ක්‌ හිස නමන විට රාත්තල් 60 ක බරක්‌ බෙල්ලට දැනේ.
 
 වර්තමානයේ ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනා එය භාවිත කරන්නේ හිස අඟල් කිහිපයක්‌ ඉදිරියට හෝ පැත්තකට නමාගෙනය.
 
 එසේ දිගු වේලාවල් බෙල්ල නවාගෙන දුරකථනය භාවිත කරන විට බෙල්ලට අසීමිත බරක්‌ අඛණ්‌ඩව ඇතිවීම නිසා බෙල්ලේ කොඳුඇට පේළිය අතර ඇති ස්‌නායුවලට බලපෑම් ඇති වේ.
 
 මෙලෙස බෙල්ල නමාගෙන ජංගම දුරකථනය භාවිත කරන විට බෙල්ලට දැනෙන හිසෙහි බර ප්‍රමාණය රාත්තල් 60 ක්‌ පමණ බව සමීක්‍ෂණ මගින් අනාවරණය කර ගෙන තිබේ.
 
 මෙවැනි බරක්‌ එක දිගට පැවතීම නිසා බෙල්ල දිගේ ගමන් කරන කොඳු ඇට පෙළ ස්‌නායු තෙරපීමෙන් බෙල්ලේ කැක්‌කුම ඇති වේ.
 
 වර්තමානයේ වයස අවුරුදු 15 ත් 40 ත් අතර වියේ පසුවන බහුතරයකට මතුව ඇති බෙල්ලේ කැක්‌කුමට හේතු වී ඇත්තේ මෙලෙස බෙල්ල නමාගෙන ජංගම දුරකථනය භාවිත කිරීමය.
 
 මීට අමතරව ඇතැම් දෙනා ඇඳේ දිගා වී බෙල්ල නමාගෙන දුරකථනය භාවිත කරති. එවැනි ඉරියව්වලදී ද කොඳුඇට පෙළ තෙරපුමට ලක්‌වීම නිසා කොඳුඇට පෙළ ස්‌නායුවල වේදනාවක්‌ හට ගනී.
 
 නිවැරැදි ඉරියව් අනුව දුරකථනය භාවිත කිරීම.
 
 ජංගම දුරකථනය භාවිත කරන විට හිස කෙළින් තබාගෙන ඇමතුම්වල නිරත වන්න.
 
 කෙටි පණිවුඩ යෑවීම, අන්තර් ජාලයේ සැරිසැරීම සිදුÊකරන විටදී හිස කෙළින් තබාගෙන ඇස්‌ මට්‌ටමක දුරින් දුරකථනය තබා ගෙන එය භාවිත කරන්න.
 
 දිගු වේලාවක්‌ දුරකථන ඇමතුම්වල යෙදෙන්නේ නම් ඊකමැ ඔදදඑය හෝ Haබා Fරුe වැනි උපකරණ භාවිත කරන්න.
 
 දිගු වේලාවක්‌ ජංගම දුරකථනය භාවිත කරන විට විනාඩි 15 කට වරක්‌ බෙල්ලේ ඉරියව් වෙනස්‌ කරන්න.
 
 දුරකථනය කෙළින්ම කන මත තබාගෙන දුරකථන ඇමතුම් ගන්නේ නම්, දිගු වේලාවක්‌ ඇමතුම්වල යෙදෙන්නේ නම් ජංගම දුරකථනය කන් දෙකට මාරු කරමින් ඇමතුමේ යෙදෙන්න.
 
 ස්‌මාර්ට්‌ ජංගම දුරකථන දිනපතා භාවිත කිරීම නිසා ඇතිවන කායික අපහසුතා මඟහරවා ගැනීම සඳහා දිනපතා යෝග ව්‍යායාම, ඇවිදීම, මාංශ පේෂි ඉහිල් කරන ව්‍යායාමවල යෙදීම මගින් ශරීරයේ මාංශපේෂි ස්‌නායු නිරෝගී ක්‍රියාකාරීත්වයෙන් සහ නම්‍යසුළු බවින් (Fකැංසඉaකැ) යුතුව පවත්වා ගැනීමට හැකිය.
 
 දුරකථන ඇමතුමේ යෙදෙන ඉරියව් වෙනස්‌ කරන අතරම පැයකට වරක්‌ කොන්ද පසුපසට තුන්වරක්‌ ඇදීම සිදු කරන්න.
 
 සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් විජයරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 05:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 05:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 05:06 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 05:11 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 05:15 PM
සුළුවෙන් නොසිතිය යුතු ඇන්ජයිනාව
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2018 03:33 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2018 03:33 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2018 03:34 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2018 03:34 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2018 04:33 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2018 04:34 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2018 04:51 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Feb 2018 04:48 PM

පෝෂණය අඩු වුණොත් මල්වර හීනය දුරස් වෙයි

ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඔ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමුදු නිමාලි සෙනෙවිරත්න

 සෑම ගැහැණු දරුවකුගේම ජීවිතයේ සුවිශේෂී සංසිද්ධියක් ලෙස වැඩිවියට පත් වීම හැඳින්වීමට පුළුවන. එය ගැහැණු දරුවකුගේ මුළු ජීවිත කාලයට බලපායි.මොළයෙන් පැමිණෙන හෝමෝන මඟින් ඩිමිබ කෝෂ හෝ වෘෂණ කෝෂවල ක්‍රියාකාරීත්වය පටන් ගැනීමෙන් වැඩිවියට පත් වීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. මෙම ක්‍රියාවලියේ දී දරුවාගේ ක්‍රියාකලාපයන් සහ සිතුම් පැතුම් විවිධ විපර්යාසයයන්ට ලක් වේ. තව ද ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය දරුවකු බිහි කිරීමට හැකි තත්ත්වයකට ක්‍රමයෙන් පරිණත වීම වැඩිවියට පත් වීමෙන් සිදු වන ප්‍රධානතම කාර්යය වේ. ඇතැම් විටක දරුවා නිසි කාල සීමාවට පෙර වැඩිවියට පත් වීමත්, නිසි කාලය පසු වී වැඩිවියට පත් වීමත් සිදු වේ. මේ හේතුවෙන් මව්පියන් දැඩි කලබලයට පත් වී කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව තීරණයක් ගත නොහැකිව සීටී. දරුවකු වැඩිවිය පත් වීම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?, සාමාන්‍යයෙන් දරුවකු වැඩිවියට පත් වීම සඳහා නිසි වයස් සීමාවක් තිබෙනවා ද? ගැහැණු දරුවකු වැඩිවිය පත් වීම ප්‍රමාද වන්නේ කුමන හේතූන් නිසා ද? යනාදී කරුණු පිළිබදව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,කොළඔ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ ජේෂ්ඨි කථිකාචාර්ය සුමුදු නිමාලි සෙනෙවිරත්න මහත්මිය පළකළ අදහස් මෙසේ ය.

දරුවකු වැඩිවිය පත් වීම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?

දරුවකු වැඩිවියට පත් වීම යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු ළමා අවධියේ සිට වැඩිහිටි අවධියට පිවිසීමයි.එහි දී ශාරීරික වෙනස්කම් මෙන් ම මානසික සහ සමාජික විපර්යාස රාශියකට මුහුණ දේ.

ගැහැණු දරුවකු නම් පොදු ව්‍යවහාරයේ දී වැඩිවියට පත් වීම යනුවෙන් හදුන්වන්නේ මුල් වරට ඔසප් වීමයි.නමුත් මීට වඩා පුළුල් අර්ථකථනයක් ඇත. වැඩිවියට පත් වීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ මොළයෙන් පැමිණෙන හෝමෝන මඟින් ඩිම්බ කෝෂ හෝ වෘෂණ කෝෂවල ක්‍රියාකාරීත්වය පටන් ගැනීමෙනි.

මෙහි දී ගැහැණු දරුවකුගේ නම් ඩිම්බ කෝෂ මඟින් මුලින් ම ඊස්ට්‍රජන් හෝමෝනය සහ ප්‍රොජෙස්ටරොන් හෝමොනය ස්‍රාවය වීම පටන් ගනී. ඊස්ට්‍රජන් හේමෝනය මඟින් දරුවාගේ ශරීරය ස්ත්‍රියකගේ ස්වරූපයට ක්‍රමයෙන් වෙනස් වේ. මෙය වර්ෂ 02 ක් හෝ 03 ක් අතර කාලයක් තුළ සිද්ධ වේ.

මෙහි දී හෝමෝන මගින් දරුවාගේ ක්‍රියාකලාපය, සිතුම් පැතුම්, ගති පැවතුම් ද ක්‍රමයෙන් වෙනස් වේ. තව ද ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය දරුවකු බිහි කිරීමට හැකි තත්ත්වයකට ක්‍රමයෙන් පරිණත වේ.

සාමාන්‍යෙයන් දරුවකු වැඩිවියට පත් වීම සඳහා නිසි වයස් සීමාවක් තිබෙනවා ද?

ඹව්,ගැහැණු දරුවකු නම් වැඩිවිය පත් වීමේ මුල් ලක්ෂණ ලෙස හදුනා ගනු ලබන්නේ දරුවාගේ පපුව ප්‍රදේශය වර්ධනය වීම ආරම්භ වීමයි.මෙය සාමාන්‍යෙයන් අවු 8-13 ත් අතර කාලයේ දී සිදු වේ.

වැඩිවිය පත් වීම ආරම්භ වීම වයස් පරාසය, ජානමය බලපෑම් , දරුවාගේ පෝෂණ තත්ත්වය සහ සමාජ ස්ථරය අනුව ද වෙනස් විය හැකි ය.

ගැහැණු දරුවකු වැඩිවිය පත් වීම ප්‍රමාද වන්නේ කුමන හේතූන් නිසා ද?

මේ සඳහා හේතු රාශියක් බලපෑ හැකි ය. දරුවාගේ පවුලේ අනිත් කාන්තාවන් ද ප්‍රමාදව වැඩිවිය පත් වුවා නම් එම ජානමය බලපෑම් මඟින් ඇතැම් විට මෙය සිදු විය හැකි ය.මුලින් සඳහන් කළ පරිදි දරුවාගේ පෝෂණ තත්ත්වය වැඩිවිය පත් වීම හා සම්බන්ධ ය.දරුවකු දීර්ඝ කාලීන රෝගයකින් පෙළේ නම් හෝ මන්දපෝෂණයෙන් පෙළේ නම් එම දරුවාගේ වැඩිවිය පත් වීම ප්‍රමාද විය හැකි ය.මීට අමතරව විශේෂිත රෝග කිහිපයකදී ද , දරුවකු වැඩිවිය පත් වීම හරියාකාරව සිදු නොවීමට පුළුවන.

Turner syndrome රෝගී තත්ත්වයේ දී දරුවකුගේ ඩිම්බ කෝෂ නිසියාකාරව ක්‍රියා නොකිරීම නිසා වැඩිවිය පත් වීම, සිදු නොවේ.මීට අමතරව කලාතුරකින් මොළයේ ගැටිත්තක් ( පිළිකාවක් ) නිසා ද මෙය සිදු විය හැකි ය.

ගැහැණු දරුවකුට වැඩිවිය පත් වීම ප්‍රමාද වීම නිසා අනාගතයේ දී ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් මොනවා ද?

ගැහැණු දරුවකුගේ වැඩිවිය පත් වීම ප්‍රමාද වන්නේ පෝෂණ හෝ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් නිසා නම් සහ ප්‍රමාද වුව ද වැඩිවිය පත් වීම ස්වභාවිකව සිද්ධ වන්නේ නම් බෝහෝ විට දීර්ඝ කාලීන ගැටලු නොමැත.

නමුත් වැඩිවිය පත් වීම සිදු නොවන්නේ ඩිම්බ කෝෂවල හෝ හෝමෝනවල අඩුවක් නිසා නම් අනාගතයේ දී ගැටලු මතු වේ.

මෙහි දී වෛද්‍ය උපදෙස් අනුව ස්ත්‍රී හෝමෝන , ඊස්ට්‍රජන් පෙති වශයෙන් ක්‍රමානුකූලව දරුවාට දීමෙන් වැඩිවිය පත් විමේ ක්‍රියාවලිය සාමාන්‍ය දරුවකුගේ මෙන් ම සිදු කළ හැක.නමුත් ගැබ් ගැනීමේදී ගැටලු ඇතිවේ.

ගැහැණු දරුවන් වැඩිවියට පත් වීම ප්‍රමාද වීම වළක්වා ගැනීම සඳහා ඖෂධ භාවිතා කිරීම සුදුසු ද?

නැත. මෙහි දී වැදගත් වන්නේ දරුවකුගේ පෝෂණ හා සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වා ගැනීමයි.වැඩිවිය පත් වීම නිසි වයසේ දී සිදු නොවුණහොත් ඊට හේතුව සොයා ගැනීමට කල් ඇතිව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

ගැහැණු දරුවන් වැඩිවියට පත් වීම හා සම්බන්ධව සමාජයේ පවතින මිත්‍යා මතවාද මොනවා ද?

සමහර විට දරුවෙකු වැඩිවිය පත් වීම පළමු ඔසප් වීම ලෙස සැළකීමෙන් වැරදි ලෙස දරුවා වැඩිවිය පත් වී ඇතැයි මව්පියන් සළකන අවස්ථා ඇත.මෙහි දී වැදගත් වන්නේ දරුවකුගේ ඔසප් වීම සාමාන්‍යෙයන් පටන් ගත්තේ පපුව වර්ධනය ඇරඹීමෙන් වසර 1-2 ක් පමණ ගත වීමෙන් පසුව ය.

තව ද දරුවකු පළමුවන ඹසප් වීමෙන් පසු මුල් අවුරුද්ද තුළ ඇතැම් විට ක්‍රමානුකූලව, මාස් පතා ඔසප් වීම සිදු නොවිය හැක. මෙය සාමාන්‍යයෙන් වසරක් ඇතුළත යථා තත්ත්වයට පත් වීම ස්වභාවිකව සිදු වේ.

ඔසප් වීම සිදු වන දවස්වල දී කෑම රටාවේ හෝ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදු කිරීම අවශ්‍ය නොවේ.දිනපතා නෑම සහ සාමාන්‍ය ආහාර අනුභව කිරීම යෝග්‍ය වේ.

ගැහැණු දරුවකුගේ වැඩිවියට පත් වීම ඉක්මන් වීමට බලපාන සාධක මොනවා ද?

අධිපෝෂණ තත්ත්වය මීට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත.මීට අමතරව පවුලේ අනෙකුත් කාන්තාවන් ද ඉක්මනින් වැඩිවියට පත් ව ඇත්නම් මෙලෙස සිදු විය හැකි ය.නමුත් දරුවකු වයස අවුරුදු 8 ට කලින් පපුව වර්ධනය වීමට පටන් ගතහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. මන් ද විවිධ රෝගී තත්ත්ව නිසා ද මෙසේ සිදු විය හැකි ය.

නිසි වයසට වඩා වේලාසනින් වැඩිවියට පත් වීම මඟින් දරුවාගේ අනාගතයට බලපෑමක් ඇති විය හැකි ද?

මෙය දරුවකුගේ යම් කිසි රෝගී තත්ත්වයක පෙර ලකුණක් වීම නිසා එවැනි රෝගී තත්ත්ව විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා විනිශ්චය කර ගෙන එවැනි රෝගයක් තිබේ නම් එම රෝගයට නිසි ප්‍රතිකාර කිරීම වැදගත් වේ. මෙවැනි රෝගයක් නැති වුව ද තමා හා සම වයස්වල දැරියන්ට වඩා කලින් පරිණත වීම නිසා දරුවකු මානසිකව පීඩනයකට පත් විය හැකි ය.

මෙහි දී අන් දරුවන්ට වඩා ශරීරය මහතින් හා උසින් වැඩි වීම , මාසික ඔසප් වීම , වැනි කරුණු දරුවාට මුහුණ දීමට අපහසු විය හැකි ය.මෙවන් කරුණු සළකා විශේෂ අවස්ථාවල දී වැඩිවිය පත් වීමේ ක්‍රියාවලිය අත්හිටු වීමට ඖෂධ භාවිතා කරන අවස්ථා ද ඇත.

දරුවන් වැඩිවියට පත් වීම හා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වවලට ගනු ලබන ආහාරපාන බලපානවා ද?

මුලින් අප කථා කළ පරිදි දරුවාගේ පෝෂණ තත්ත්වය, දරුවාගේ වැඩිවිය පත් වීම හා සමීප සම්බන්ධතාවන් පවතී.අධි පෝෂණයෙන් පෙළෙන දරුවෙකු වැඩිවිය පත් වීම ටිකක් කලින් සිදු වේ.සම වයස් දරුවන් හා සසඳන විට කලින් සිදු විය හැක.අවපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ වැඩිවිය පත් වීම ප්‍රමාද විය හැක. එම නිසා උසට සරිලන බරක් පවත්වා ගැනීම සඳහා සමබර ආහාර වඩාත් වැදගත් වේ. මීට අමතරව අප සඳහන් නොකළ කරුණක් නම් මාස 06 ත් අවුරුදු 02 ත් අතර දැරිවියන්ගේ සමහර විට පපුව වර්ධනය පමණක් සිදු වන අවස්ථා තිබේ. එහි දී එම දරුවන්ගේ වැඩිවිය පත් වීමේ වෙනත් ශාරිරික වෙනස්වීම් හෝ හොමෝනවල වෙනස්වීම් වන්නේ නැත.මෙය තාවකාලික තත්ත්වයක් වන අතර ඉදිරි මාස/අවුරුදු කිහිපය තුළ මෙම තත්ත්වය ස්වභාවිකවම නැති වී යයි.

සමහර විට දෙමාව්පියන් වෙළෙඳසැලේ මස්වලට හෝමෝන එන්නත් කර ඇති නිසා මෙවන් තත්ත්වයක් ඇති වේ දැයි සැක පළ කරයි. නමුත් මෙය තහවුරු කරන විද්‍යාත්මක පර්යේෂණ නොමැත. දරුවකු වැඩිවිය පත්වන කාලයේ දී සීග්‍ර වර්ධනයක් සිදු වේ. එම නිසා ශරීරයේ මාංශපේශි වර්ධනයට අවශ්‍ය තරම් ප්‍රෝටීන සහිත ආහාර ද , අස්ථි ශක්තිමත් වීම සඳහා කැල්සියම් සහිත ආහාර ද අවශ්‍ය වේ. මීට අමතරව ඹසප් වීමේ දී ශරීරයෙන් ඉවත් වන ලේ නැවත නිෂ්පාදනය සඳහා යකඩ අඩංගු ආහාර නිසි ලෙස ආහාරයට එකතු කර ගැනීම වැදගත් වේ.

මදාරා මුදලි‍ගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Feb 2018 05:22 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 99 of 137 << < 979899100101 > >>