You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Apr 2017 09:11 PM by  indika76
පුංචි කතා එකතුවක්..
 53 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:52 PM
  •  Quote
  •  Reply
කෙටි කතා ටිකක් ලියන්න හිතුවා'
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:53 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:54 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:54 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:56 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:56 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:56 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

malki
Basic Member
Basic Member
Posts:216






--
25 Nov 2016 02:02 PM
  •  Quote
  •  Reply
lassanaii....oya hoda katha kariyakne....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 02:07 PM
  •  Quote
  •  Reply
ස්තුතියි මල්කි අක්කි
දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Nov 2016 01:39 AM
  •  Quote
  •  Reply
සඳුනි දැන් ජර්මණියටත් ඇවිත් වගේ.. ලස්සණ කථාවක්. හරියට ජර්මණියේ ඉඳලා ලිව්වා වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Nov 2016 03:45 AM
  •  Quote
  •  Reply
ජර්මනියේම ඉන්න කෙනා එහෙම කියනවනං අපි මොනව කියන්නද නේද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Nov 2016 04:22 AM
  •  Quote
  •  Reply
ඔය ඉතින් කියන කෙනාම තමා මට ජර්මනිය ගැන විස්තර කිව්වේ. 

ගොඩක් ස්තුතියි සමන්ත මාමේ. මම මේ කතාව තරගයකට යොමු කළා.

 ඔන්න ජයග්‍රනහයක් ලැබුනත් නැතත් ගෞරවය සමන්ත මාමාට.

 

කැමති කෙනෙක් ඉන්නවද නිමානයක් කරන්න.

01 කෙටි කතා.

02. පද්‍ය රචනා.

03.ගද්‍ය රචනා.

04.ගීපද රචනා,

05.ගී පද ගායනා.

06.පද්‍ය ගායනා.

07.තනු නිර්මාණ.

08. සිතුවම්.

09. නිමානාත්මක චායාරුප 

10. මුහුණු පොත තේමා ගීත.

   මේ අංශ වලින්.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Nov 2016 04:51 AM
  •  Quote
  •  Reply
හයියෝ ඔය සිතුවිලි අපිට එන්නෙ නැහැ. ආවත් ගලපන්න තේරෙන්නෙත් නැහැ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Nov 2016 08:47 AM
  •  Quote
  •  Reply
මටත් නම් ඔය දේවල් ගැන හැකියාව නෑ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Nov 2016 09:04 AM
  •  Quote
  •  Reply
අපි මේකෙන් අයින් වෙනවා ඔයාලම් තරග කරන්න....................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Dec 2016 01:26 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Dec 2016 01:29 PM
  •  Quote
  •  Reply

පිළිසරණ ඔබයි ....

පළමු කොටස.

''අම්මේ ... අම්මේ..''

''ඇයි සුරංගි කෑ ගහන්නේ''

'' අද නම් මට හුගක් බඩගිනී අයියලා එනකන් ඉන්න බෑ අම්මේ.''

     සුදු ගවුම පිටින්ම මිදුලේ සෙල්ලම් කරමින් සිටි සුරංගි අම්මගේ උකුලට වාරු වෙමින් කිව්වා.

 පවුලේ බඩපිස්සිය වූ සුරංගි තවමත් වයස අවුරුදු හය ඉක්මවූ  සුරතල් දියණියක් .ඇගේ  සුරතල්

 වදන් මවගේ කාන්සිය පාළුව මගහරවා ගන්නට ලොකු රුකුලක් වුණා.

        සුරංගිගේ මෑණියන් වූ චන්ද්‍රානි කුමාරිට සුරන්ගිත් සමග දරුවන් සතර දෙනෙක් හිටියා. 

ඒ වගේම පුතුන් තිදෙනෙක් හා දියණියක්  මෙලොවට බිහි කල  ඇය දැන් කනවැන්දුම් වී සිටියා.

 පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලද ඇයට නැවතත් මහගෙදරට යන්න වුනේ, තම 

සැමියාගේ  අයහපත් හැසීරීම නිසා කලකිරීම නිසයි. තම සැමියා තවත් ස්ත්‍රියක සමග රහසේම 

හාද වී ඇති බව අතටම අසු වූ දිනයේ ඇයට මුළු ලෝකය එපා වුනා. එනිසා දරු දෙදෙනාද

 රැගෙන නැවත දෙමාපියන් වෙත පැමිණියා.

  

       නමුත් තවමත් විවාහා නොවූ සහෝදර සහෝදරියන් නිවසෙහි සිටි නිසා ඇයට නිවාසෙහි

 සිටීම අසීරු කාර්යක් වුනේ, නිවැසියන්ගේ කියවිලි නිසයි. බට පදුරට ගිනි ඇවිලුනා සේ පුපුරමි 

ගම පුර පැතිර ගියේ''ආන් අර චන්ද්‍රානී  කෙල්ල පුංචි කොලු පැටව් දෙන්නෙකුත් අරන් ගෙදර 

ඇවිත්.'' කියයි.  

       කල් ගෙවෙත්ම ඇගේ දිවියට ලං වුනේ  තවමත් ගැටවර වියේ පසු වුනේ ගමේ ග්‍රාම 

සේවකවරයායි.  සෙනරත් වීජීසේකර නම් වූ අවිවාහක තරුණයෙකි. වැලි කතරට වැටුන දිය

 බිදුව වගේ සෙනරතගේ ආදරේ තමන්ගේ ජීවිතේට දැනෙද්දී චන්ද්‍රානි ඔහුව බොහෝ 

සෙයින් විශ්වාස කළා. ඇය නැවතත් කරදරයට පත් වන්නට පොරකන්නේ කියලා ඇගේ 

දෙමාපියන් සෙනරත්ට තදින් අකමැති වුණා. සෙනරත්ගේ බලවත් ඉල්ලීම මත රහසේම 

ගමෙන් පලා ගොස් ඔහු සමග අලුත් ජීවතයක් ආරම්භ කරන්නට ඇය තීරණය කළා.

     අවුරුදු අටක් වියැති වැඩිමහල්  පුතු සහ අවුරුදු හතරක් වියැති පොඩි පුතු සමග  ඇය 

සෙනරත් සමග වෙනත් ගමක පදිංචි වුණා. ඔවුන් පුංචි නිවසක සතුටින් කල් ගෙව්වත් සෙනරත්ගේ 

දෙමාපියන්ද සෙනරත්ව අත්හැර තිබුනා. ඒ ඔහු දෙදරු මවක් සමග දීගකෑමට තීරණය කල නිසා. 

සිටි ගමෙන් රහසේම පලා ආ නිසා ග්‍රාම සේවක රැකියාවද ඔහුට අහිමි වුන නිසා, අතට අසුවන

 ඕනෑම රැකියාවක් කරන්නට ඔහු පෙලබුනා. කල් යත්ම තවත් පුතෙකු සහ දියණියක පවුලට

 එක වීම නිසා, සෙනරත්ට ජීවන බර තදින්ම දැනෙන්න ගත්තා.

     ස්ථිර රැකියාවක් නැති නිසා සෙනරත් වැඩිමහල් පුතුන් දෙදෙනා නැවත මහා ගෙදරට යවන

 ලෙස පවසමින් චන්ද්‍රානි සමග ගැටුම් ඇති කර ගත්තා. දෙමාපියන් එපා කියා ඔවුන්ට ද්‍රෝහී වූ

 ඇයට නැවත දෙමාපියන්ගේ පිළිසරණ පතන්නට නොහැකිව අසරණ වුණා. මේ හේතුව 

නිසා ඉගෙනීම අතහැර දමා රැකියාවක් කරන ලෙස  දාසය වන වියේ පසුවන පුතුට ප්‍රකාශ 

කලේ හිතට එකගව නොවෙයි. වෙන කරන්නට දෙයක් නොවූ නිසා.

       අවසානයේ පෙදරේරු රැකියාව කරනට පටන් ගත සෙනරත් අධික ලෙස මත් පැන්

 පානයට ඇබ්බැහි වුණා. බීමත් කම නිසා රෝගී වූ ඔහු සුරන්ගිට අවුරුදු හතරක් වනවිට 

මෙලොව හැර දමා ගියා.

        දරුවන් සතර දෙනෙකු සමග තනිවුන ඇය සෙනරත් විසින් සාදා දුන් ලෑලි නිවසේ ජීවත් 

වුනේ අගහිග කම් රැසක් මැද. සෙනරත් විසින් ඉතිරි කර ගිය දෙයක් නොවූ නිසා , ලොකු පුතුගේ

 මාසික ආදායමෙන් පවුල නඩත්තු වුණා. මේ සියලු වියවුල් මැද අසරණ වූ ඇය ජීවත් වුනේ 

දරුවන් වෙනුවෙනුයි .දරුවන්ට හොදින් උගන්වා ගැනීමට සිතු ඇය අසල වූ තේ කර්මාන්තසාලාවේ 

රැකියාවක් කරන්නට ගත්තා. ඇගේ ජීවිතයේ කටුක බව තේරුම් ගත කර්මාන්ත ශාලාවේ 

බලධාරීන් ඇයට සුළු රැකියාවක් ලබා දුන්නේ දරුවන් වෙනුවෙන් නිතර පිටවීම අවශ්‍ය වූ නිසා.

    චන්ද්‍රානීගේ උකුලේ වාඩී ගෙන ලය මත හිස හොවාගෙන සුරන්ගිට හොදටම නින්දගිහින්

 තිබුනා. සිගිති දියණියගේ හිසකේ අතරින් ඇගිලි තුඩු යවා පිරිමදිමින් ඇය ඇගේ අවාසනාවන්ත

 අතීතය සිහිපත් කළා.

''අම්මේ''

''මද්දුමයා මොකද මේ මඩ නාගෙන .අදත් කොල්ලෝ එක්ක ගහ ගත්තද.''

      ඇගේ තුන්වන දරුවා වූ සුනන්ද නිවාස තුලට ඇතුල් වුනේ සුදු ඇදුම බොර පැහැ ගන්වා 

ගෙනය.

''ඔව් මන් උන්ට ගැහුවා.''

''ඒ මොකද පුතේ.''

''උන් අම්මට එක එක ඒවා කිව්වා. මටත් බැන්නා, මට ඉවසුන් නැති වුණා.''

''ඉවසපන් පුතේ අපිටත් හොද දවසක් උදා වෙයි .'' 

       චන්ද්‍රානී  සුනන්දව ලගට අඬගසා ගෙන නළල සිප ගනිමින් කිව්වා. මේ කාලය තුල ඔවුන්ගේ 

නිවසට එබී බලන  නාදුනන බීමත් පුද්ගලයෙක් නිතර දකින්නට ලැබුනා. රැයක්  දවලාක්

 නොමැතිව බීමතින් ගතකරන ඔහු දිනක් සිඟිති දියණියට ආප්ප කීපයක් දී තිබුනා.

          එදින  සිට  චන්ද්‍රානී කෙතරම් සුරංගිට කෙතරම් තරවටු කලත් විමලේ මාමා යනුවෙන් පවසමින්

 සුරංගි ඔහු සමග කුළුපග වුණා.  දිනෙන්  දින සුරංගී දියණිය බලන්න ඒම විමලේගේ පැමිණීම 

 අනිවාර්ය ක්‍රියාවක් වුණා. දිනපතා නොයෙකුත් දේ සුරංගිට ගෙනත් දීමත් ඔහුගේ පුරුද්දක් වුණා.

 කිසිදා කඩුල්ලෙන් එහාට  නොපැමිණි විමලේ ,චන්ද්‍රානි සමඟ කතා කිරීමට පෙලබුනේ නැහැ.

       කොස් ගස් තුනක් සහ මහෝගනී ගස් දෙකකින් වදුල වූ මිදුලේ පිහිටි පුංචි ගෙය දකින අයට

 පෙනුනේ අට්ටාලයක් වගේ. මිදුලේ පැත්තක්ම  වසාගෙන සාරවත්ව වැවී තිබු උදුපිලිය නිල්ල 

සුරගිටත් සුනන්දටත් සෙල්ලමට අපුරූ තැනක් වුණා. පවුලේ දෙවෙනියා වූ නිමන්ත තරමක 

දඩබ්බරයෙක් . කිසිවෙක් ගැන තැකීමක් නොකළ ඔහු නිතර තම හිතුමතේ කටයුතු කළා. 

නිතරම චන්ද්‍රානීට චොදනා කල නිමන්ත නිවාස තුල අඬදබර ඇති කළා. නිමන්ත නිසා හිතේ

 ගින්දරෙන් සිත් චන්ද්‍රානි මිදුලේ කොනක වූ ලෑලි පෙට්ටියකට වහලයක් සවිකර තිබු කුඩා බුදු

 මැදුර ඉදිරිපිට උදේ හවා බුදු වැද අයැද සිටියේ ඇගේ ජීවිතය වූ දරුවන්ට පීඩාවක් නොවන 

ලෙසයි. ඔවුගේ ජීවිතය මේ අට්ටාල නිවාස තුල කෙතරම් කටුකද කිවහොත්, වැසි කාලයේදී 

සුළගත්  සමග ඇතුලට ගසාගෙන ආ හිරිකඩත්, වහලයේ දිරාගිය තහඩු අතරින් වෑස්සුනු ජල

 පාරවලුත් නිසා නිතර සේම රෝග වලින් පීඩා වින්දා. පායන කාලයෙදී තහඩු රත් වී ඇති කරන 

අධික උණුසුම පීඩා ඇති කළා. චන්ද්‍රානි නිතර දුක් වුනේ තමා කල පවු ගෙවන්නට තම දරුවන්ට

 සිදු වී ඇති බවයි. නිමන්තගේ හැසිරීම ඇගේ වේදනාව වැඩි කරන්නට තවත් ඉවහල් වුණා. 

මාසෙකට වතාවක් පමණක් නිවසට පැමිණි වැඩිමහල් පුතු නිලන්ත මවගේ දුක අඩු කිරීමට

 සමත් වුණා. චන්ද්‍රනීගේ එකම පිළිසරණ වුනේ ලොකු පුතු නිලන්තයි .

    එක සැදෑවක ඉර අවරගිරින් බැස යද්දී  සැදෑ අදුරත් සමග චන්ද්‍රානි නිවාස වෙත ආවේ තේ 

කර්මාන්තශාලාවේ වැඩ නිමවලා. ඇය නිවසට පැමිණෙන විට අවුරදු අටක් වයසැති මද්දුමයා

 සුනන්දත් සමග සුරංගී උදුපියල්ලේ සෙල්ලම් කරමින් සිටියා.

'' සුරංගි හොදටම හවස් වෙලා බුදු පහන තියන්න මල් ටිකක් කඩන්නකෝ.''

     එසේ කියමින් ගෙට වැදුන චන්ද්‍රානී රාත්‍රී ආහාරයට යමක් පිසින්නට, ඉටිකොළ වලින් 

ආවරණය කර තිබු කුස්සියට වැදුනා.

'' චන්ද්‍රානී දුවේ ..... චන්ද්‍රානී දුවේ..''

'' කවුද?''

      චන්ද්‍රානී වැඩට ඇදන් ගිය ඇදුමට උඩින් ඉන දවටාගෙන වුන් චීත්තය කොනක ඇත පිසදාමින්

 කුස්සියෙන් දොරෙන් එබී කඩුල්ල දෙස බැලුවා. ඇය නොහදුනන ස්ත්‍රියක් නිසා ලිපට පිබීමෙන්

 හිස මත රැඳුන අළු පිස දමමින් චන්ද්‍රානී කඩුල්ල දෙසට ආවා.

''ආ චන්ද්‍රානී ළමයෝ මම මේ අපේ විමලේ ආවද බලන්න ආවේ.''

''මේ  විමලේ අයියගේ අම්මා වෙන්න ඇති.''

    පැසී ගිය කෙස්සත්, තරමක් කුදු වූ කොන්දත් නිසා ඇය විමලේගේ මව ලෙස චන්ද්‍රානි 

අනුමාන කළා.

''ඔව් ඔව්.''

''අනේ නැන්දේ විමලේ අයියා අපේ සුරංගි කෙල්ල  එක්ක කතා කලාට කවදාවත් කඩුල්ලෙන් 

මෙහාට එන්නේ නෑ.''

''සුරංගි කෙල්ල ගැන නිතරම කියවනවා අපේ කොල්ලා.''

''එන්න නැන්දේ ගෙට.''

    අමාරුවෙන් කඩුල්ල පැන ගත් විමලේගේ මව වූ සුමනාවතී චන්ද්‍රානීගේ ලෑලි ගෙට 

ගොඩවැදුනා.

''අම්මේ කවුද මේ ආච්චි අම්මා.''

     සුරංගි සුරතලයට අම්මාගෙන් විමසමින් දොර රෙද්දට මුවා වුනේ, අගාන්තුක ස්ත්‍රියක් 

පැමිණීමෙන් ඇති වූ ලැජ්ජාවෙන් ඇබරෙමින්.

''මේ විමලේ මාමාගේ අම්මා සුරංගි.''

''අනේ ආච්චි අම්මේ, විමලේ මාමා කෝ. මාව බලන්න හුග දවසකින් ආවේ නෑනේ.''

         සුරංගි දොර රෙද්ද එහෙට මෙහෙට පද්දමින් බිම බලාගෙන කිව්වා.

''කෝ මෙහාට එන්න බලන්න සුරංගි දුව.''

''ආච්චි අම්මා මගේ නමත් දන්නවද?''

''ඔව් ඔව් එන්නකෝ . විමලේ මාමාගේ පණිවිඩයකට මම මෙහෙ ආවේ.''

   හරියට හුරුපුරුදු කෙනෙක් වගේ සුරංගි කෙලින්ම සුමනාවතීගේ උකුලේ හරිබරි 

ගැසී වාඩී වුණා.

'' ඉන්න නැන්දේ කෙතලේ පැහෙනවා මම තේ එකක් හදන එන්නම්.''

''දැන් තේ බොන්න බෑ දුවේ රැට කන්නත් බැරි වෙනවා දැන් තේ බිව්වොත්.''

''අනේ චුට්ටක් බොමු නැන්දේ .නැන්දා අපේ ගෙදරට ආවමයිනේ මේ.''

''ඇත්තටම මම මේ වැදගත් දෙයක් කතා කරන්න ආවේ.''

''මොකද්ද නැන්දේ.''

''අපේ විමලේ දැන් ටික දවසක ඉදන් හුගක් වෙනස් වෙලා. වෙනදට බීගෙන දවසම කෑ ගහන 

මිනිහා , දැන් ගෙට වැදිලා ඉන්නවා ගෑණු ළමයා වගේ.''

''ඇයි නැන්දේ අසනීපයක්ද?''

       සුමනාවති මද සිනාවක් පා සුරන්ගිගේ  පුංචි දෑත් සිය දෑතින් අල්ලාගෙන පිරිමදින්නට විය.

''නෑ නෑ ඌට මේ සුරංගි කෙල්ල දැක්කම උගේ දරුවා මතක් වෙනවලු.''

     සුමනාවතී  විමලේගේ කතාවට මුල පිරීය.  විමලේ නම් ගැටවර වයසේ දී රට වෙනුවෙන් 

යුධ වැදුන හමුදා නිලධාරියෙකි . යුධ බිමේදී සිදු වූ පිපිරීමකින් මරණය ලගට ගොස් ආපසු

 පැමිණි ඔහු මාස තුනක් පමණ එක්තැන් වී සිට ඇත. ඒ  කාලයේදී තම බිරිද තම දියණියද 

සමග වෙනත් පුරුෂයෙකු සමග පලා යාම නිසා කලකිරුණු ඔහු තදින් බීමට අබ්බැහි විය . 

නැවත සේවයට වාර්තා කලද ඔහුගේ අමුතු හැසිරීම් නිසා ඔහු මානසික රෝගියෙකු ලෙස සලකා 

සේවයෙන් පහ කර ඇත. එතැන් පටන් අද දක්වා අවුරුදු දහයක් පමණ කිසි බලාපොරොත්තුවකින්

 තොරව බෝතලය ඔහුගේ ජීවිතය කරගෙන තිබුණි. තම දියණියට බොහොම ආදරය කල

 ඔහු ඇය ලබා ගැනීමට නීතියේ පිහිට පැතුවත් ,මානසික රෝගියෙකු ලෙස හංවඩු ගසා තිබු

 නිසා ඔහු නඩුව පැරදී ඇත. එතැන් පටන් දරුවාද සමග බිරිද කොහි සිටිනවාදැයි විමලේට

 දැන ගන්නට ලැබී නොමැත. දිනයේ බීමට පමණක් අවශ්‍ය තරම් මුදලත් උපයා ගත විමලේ

 අසල්වැසියන්ටත් , නෑදෑ හිතවතුනටත් හිරි හැර කරමින් මහා ගෙදර ජීවත් වී ඇත.

''දැන් තේරෙනවනේ චන්ද්‍රානී දුවේ අපේ කොල්ලා සුරංගි දුවට ආදරේ ඇයි කියලා.''

       සුමනාවතී දෑසට නැගුන කඳුල චීත්ත කොනෙන් පිස, සුරන්ගිව ආදරෙන් තුරුළු කරගනිමින් 

කිව්වා.

''මට හරිම දුකයි නැන්දේ.''


නැවත හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු...

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Dec 2016 11:49 PM
  •  Quote
  •  Reply
අළුත් කථාවක් පටන් අරගෙන.. ඔහොම යමු.. ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Dec 2016 02:11 AM
  •  Quote
  •  Reply

පිළිසරණ ඔබයි ....

අවසන් කොටස.

''දැන් මම ආ කාරණය කෙලින්ම කියන්නම්.''

'' මොකද්ද නැන්දේ.''

''අපේ විමලේ ඔහොම සන්සුන් වෙලා ඉන්නේ මේ පුංචි එකී නිසා. මම ආවේ අපේ කොල්ලව

 දුවට යෝජනා කරන්න. සුරංගි කෙල්ලට තියෙන ආදරේ නිසා විමලේගේ හිතෙත් ඔය 

අදහස තියෙයි මයේ හිතේ.''

    

       චන්ද්‍රානීගේ දෑස් උඩ ගියේ එක පාරට වැදුන අකුණ මොකද්ද යයි කල්පනා කරමිනුයි .

 ඒ වදන් අදහා ගන්න නොහැකී වූ ඇය මොකුත් නොකියාම කල්පනා කරන්න වුනේ , ජීවිතේ 

දෙවතාවක් කල වරද නැවත කරන්නට නොහැකි බවයි.

'' උබ මොකද කියන්නේ දුවේ.''

''අනේ නැන්දේ අයෝ බඳින්න නම් මගේ හිතක වත් නෑ. දැන් මට දීග දෙන වයසේ ළමයිනුත්

 ඉන්නවනේ.''

''ඒ වුනාට තව උබට පොඩි එවුනුත් ඉන්නවනේ. දරුවෝ හතර  දෙනෙකුගේ යුතුකම් ඉටුකරනවා 

කියන එක  ලේසි පහසු වැඩක් නෙමේ''

      තවත් කිසිත් පවසන්නට නොගිය චන්ද්‍රානී කල්පනාවකට වැටුනා.

'' ලොකු කොල්ලාගෙනුත් අහලා හොද තීරණයක් ගනින් දුවේ. මගේ කොල්ලා නොබී ඉන්නේ 

උබයි සුරංගි කෙල්ලයි නිසා. මම මේ යෝජනාව කලේ දෙන්නාගේම හොදට.''

    ඔවුන් කතා කරන දෙයි හරිහැටි වැටහීමක්  නොවූ නමුත් සුරංගි නිහඩව ඔවුන්ගේ කතාවට 

සවන් දුන්න. ඒ පිළිබද කිසිම හැගීමක් නොවූ චන්ද්‍රානී එය ලොකු පුතු නිලන්තට කියන්න පවා 

මැලි වුණා. නමුත් දිනක් මාසේ නිවාඩුවට නිවසට පැමිණ සිටි නිලන්ත් රාත්‍රියේ මවගෙන් ඒ 

පිළිබද විමසුවා.

'' අම්මේ ඇත්තද මේ සුරංගි කියන කතාව.''

''ඔව් යෝජනාවක් ආවා මම කැමති නෑ. ඒකයි ලොකු පුතා එක්ක නොකිව්වේ''

''ඒක හොදයි. මොන විලි ලැජ්ජ නැති වැඩක්ද ඒක. ඒ මිස්නිස්සුන්ට පිස්සුද. අපි කොහොමද 

ඇදුමක් ඇදලා පාරේ බැහැලා යන්නේ.''

        ලොකු පුතු නිලන්තගේ අදහස හොදින් තේරුම් ගත් ඇය ආයෙත් විමසුවොත් කෙලින්ම අකමැතී 

කියන්නට සිතා ගත්තා. කුඩා දරුවන්ට පාසල් උපකරණ, නොයෙක් කෑම වර්ගත්   කඩුල්ල ලගට 

ගෙනවිත් දුන් විමලේ, කිසි විටි චන්ද්‍රානී සමග කතා කලේ නෑ. සුරංගි බැලීමට නිතර පැමිනි ඔහු ,

දැන් මුළුමනින්ම බීම අතහැර දමා තිබුනා. එමෙන්ම විමලේ අලුත් නිවසක් හදන බවද චන්ද්‍රානීට 

වටින් ගොඩි ආරංචි වුණා.

      දරුවන් සතර දෙනෙකු බිහි කලද තවමත් තිස්අට වියෙහි පසුවුන චන්ද්‍රානීගේ තරුණ පෙනුම 

එතරම් වැහැරී ගොස් තිබුනේ නැහැ. කලකිරීමත් , ශෝකයත් නිසා බාහිර ස්වරුපය අමතක කර තිබු 

ඇය නිතර පනාවක් නොවදීමෙන් අවුල් වූ කේෂ කලාපයත් ,කිලිටි, විශාල ඇදුනුත් නිසා ඇගේ 

තරුණ බව සැගවී තිබුනා.

      දිනක් කඩුල්ල වෙත පැමිණි විමලේ චන්ද්‍රානී සමග කතා කලේ මුල් වතාවට. ගමේ කා සමගත් 

වැඩි කතාවට නොගිය විමලේ  චන්ද්‍රානී සමග කතා නොකිරීම අමුතු දෙයක් වුනේ නෑ.

''චන්ද්‍රානී නංගියේ.''

''ආ විමලේ අයියනේ. කෙල්ලට  නම් පොඩ්ඩක් නින්ද ගිහින්.''

''මම මේ උබ එක්ක කතා කරන්න ආවේ. අපේ අම්මා උබට කල යෝජනාවට උබ තීරණයක් ගත්තද

 නංගියේ.''

''අනේ විමලේ අයියේ මම දැන් ඉන්නේ දීග යන වයසක නෙමෙයි. අනික රෑ වැටුන වලේ දවල්

 වැටෙන්න මම කැමති නෑ.''

''මේ පොඩි එවුන් නිසාවත් වරෙන්. මම උබලා සේරම බාර ගන්න කැමතී.''

'' අපේ ලොකු කොල්ල මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති නෑ. මේවා රට්ටු හිනස්සන වැඩ. අපිට 

මේ ගමේ ඉන්නත් බැරි වෙයි,''

''රට්ටුන්ට ඕනේ ඒවා නෙමෙයි මම කරන්නේ. උබ තීරණයක් ගනින් .ඉතුරු හරිය මම බලා ගන්නම්.''

     සෙනරත් මියගොසින් දැන් වසර දෙකක් ගතවෙලා වැඩිමහලු නිලන්ත දැන් දහඅට වියේ පසු වෙනවා.  

දෙවෙනියා නිමන්ත අවුරුදු දාහතරක් වෙනවා  . මෙතරම් ලොකු දරුවන් සිටිද්දී මොන කසාද ඇය

 විමල්ගේ යෝජනාව ගැන තවත් හිතුවේ නෑ. අවුරුදු දෙකක්ම පිරිමියෙකුගේ පිළිසරණක්  නොමැතිව

 ජීවත් වෙන්නට හැකි වී තිබු නිසා, ඇයට තව දුරටත් කාගේවත් පිළිසරණක් අනවශ්‍ය යයි සිතුනා.

      දිනක් අටවන වියේ පසුවුන සුනන්ද පාසලේදී වැටී නළල පලාගෙන තිබුනා. ආරංචිය ලද සැනින් 

පාසලට චන්ද්‍රානී පැමිණියේ පාසල නිවාස ආසන්නයේම තිබු නිසයි. දැන් කරන්නේ මොකද්ද උදව් 

ඉල්ලනේ කාගෙන්ද කියලා චන්ද්‍රනී කදුළු සලමින් අවසිහියෙන් සිටි සුනන්දව වඩා ගන්නට උත්සහ

 කළා.

''කෝ දෙන්න නංගියේ කොල්ලව මම ගන්නම්.''

      කොහෙන් හො පණිවිඩය ලැබී විමලෙත් පාසලට පැමිණ තිබුනා. දරවා හරහට වඩා ගත් ඔහු  

ඉක්මන් ගමනින් ඩගසාගෙන විත් තිබු ත්‍රිරෝද රථයට නැගී සුනන්දව හැකි ඉක්මනින් රෝහල 

වෙත ගෙන යනු ලැබුවා.

      දවස් කීපයකට පසු මාසයේ නිවාඩුවට පැමිණි නිලන්ත සමග චන්ද්‍රානී මේ බව පැවසුවා.

''හොද වෙලාවට විමලේ මාමා වත් ආවේ නේද අම්මේ.''

''අනේ ඔව් පුතේ.''

      චන්ද්‍රානීගේ සිතේ විමලේ ගැන යම් පැහැදීමක් ඇති වී තිබුනා. ඔහුගේ යෝජනාවට අකමැති වුවත්

 ඔහු හා කතා කරන්නට ඇය පෙලබුනා. නිතර දෙවෙලේ නිවසට පැමිණි සුමනාවතී ,විමල්ගේ මව 

ඇයට නිතරම යෝජනාව ගැන සිහපත් කළා. නමුත් චන්ද්‍රානී නිලන්ත කිවූ දෙයකට පිටින් කටයුතු 

කරන්න අකමැති වුණා.

       මේ වන විට නිලන්ත මිතුරෙකුගේ මාර්ගයෙන් විදෙස් ගතව රැකීයාවක් කරන්නට මග පාදාගෙන 

තිබුනා. මිතුරෙකුගෙන් ණය මුදලක් ලබා ගත් ඔහු ගුවන් බලපත්‍ර සකසාගෙන තිබුනා.නිලන්තගේ 

සිහින මල්පල ගන්වමින් රටෙන් පිටවන දවස ලගා වුණා.  නිලන්ත හිටියේ හුගක් සතුටින් දැන්නම්

 බයක් නැතුව මගේ අම්මාටයි නංගිලා මල්ලිලාටයි බලන්න පුළුවන්නේ කියලා.

       රට යන්නට යන්නට දවස් කීපයක් තිබියදී දිනක් විමලේ නිලන්තව හමුවෙන්නට පැමිණියා.

 හුග වෙලාවක් කතා කරමින් සිටි විමලේ සුරන්ගිටත් සුනන්දටත් අතවනා පිටවී ගියා.

     එදින පාන්දර දෙකට පමණ නිවසින් පිටවන්නට නියමිතව තිබුනේ හතර වන විට ගුවන් 

තොටුපලට යාමට අවශ්‍ය වූ නිසා. රාත්‍රියේ ඇදුම් නමා බෑගයට අසුරින් නිලන්ත තම මෑණියන්

 ඇමතුවා.

''අම්මේ.''

''ඇයි ලොකු පුතේ.''

''අම්මා කැමතිද විමලේ මාමාව බඳින්න''

''අනේ මට ඕනේ නෑ පුතේ. මගේ පුතාට පුළුවන්නේ දැන් මල්ලිලා දෙන්නටයි නංගිටයි බලන්න.''

     ලොකු වියදමක් දරා වෑන් රථයකින් ගුවන්තොටුපොළට යාමට අකමැති වූ නිලන්ත. ත්‍රිරෝද

 රථයක තම බෑග් දමාගෙන තනියම යාමට තීරණය කළා. මාසයකට වතාවක් පමණක් නිවසට 

පැමිණි නිසා, ඔහුට ගමේ එතරම් හොද මිතුරන් සිටියේ නෑ. පාන්දර දෙක කිට්ටු වෙද්දී ගමනට 

සුදානම් වුන ඔහු මෑණියන්ගේ දෙපා නැමැද ආශිර්වාද ලබා ගත්තා. නිලන්තව තුරුළු කරගෙන 

අඩන්න ගත් චන්ද්‍රානී සිය පුතුගේ මුහුණ සිප ගත්තේ සිය කදුළේ සීතල ඔහුගේ මුහුණේ තවරමින්.

 චන්ද්‍රානීට සිය පුතුගේ ඈත වීම දරා ගන්න අපහසු වුණා. තම වැඩිමහල් සොහොයුරාට වැද සමු

 දුන් නිමන්තත් , සුනන්දත් පසු වුනේ දැඩි වේදනාවකින්. නිලන්තගේ දෙපා මුල වැඳ වැටී ඉකි ග

සන්නට පටන් ගත් සුරංගී, වඩාගෙන ඔහු ඇය සනසන්නට උත්සහා කළා. නොයෙකුත් සෙල්ලම්

 බඩු, ටොපි, චොක්ලට් ගැන කිව්වවත් සුරංගි හිටියේ මුණ බේරී කරන්. යම් වගකීමක් දරන්නට 

හැකි වයසක හිටියේ නිමන්ත විතරයි ,ඔහුත් දඩබ්බරයෙක් නිසා නිලන්තට මේ  ගමන හිතට ලොකු

 බරක් වුණා.

'' ලොකු මල්ලියේ උබට තමයි අද ඉදන් අම්මයි නංගි මල්ලි බලා ගන්න වෙන්නේ, දැන් වත් ඔය 

මුරණ්ඩු කම් නවත්තලා අම්මලා බලා ගනින්.''

     අවසාන වශයෙන් එසේ කියූ නිලන්ත ත්‍රී රෝද රථයට බෑග් පටවා ගත්තා. යන මොහොත උදා

 වෙත්ම විමලේ කඩුල්ල පැන නිවාස දෙසට පැමිණියා.

''යමු පුතේ සේරම හරි නේද.''

''අම්මේ මම කැමති අම්මා විමලේ මාමාව බඳිනවට. අම්මලට පුළුවන් හෙටම විමලේ මාමා හදපු

 අලුත් ගෙදර පදිංචියට යන්න. ඒ දේවල් සේරම මම සුදානම් කරලා තියෙන්නේ.''

    චන්ද්‍රානී කුමක් කියම්දැයි සිතමින් පුදුමයෙන් නිලන්ත දෙස බැලුවා.

''ඒ කිව්වේ පුතේ.''

''විමලේ බාප්පා හොද කෙනෙක් අම්මේ. අම්මලට දැන් මමත් නැති  නිසා පිළිසරණක් ඕනෙනේ.''

''යේ අපි විමලේ මාමාලාගේ ගෙදර නවතින්න යනවද. මට ආච්චි අම්මාගෙන් හැමදාම කතන්දර 

අහන්න පුළුවන්. යේ යේ''

         සුරංගි සත්ටින් උඩ පනිමින් කෑ ගැහුවා. සුරංගිටත්, සුනන්දටත්  කවදාවත්ම ආච්චි 

අම්මෙක්ගේ ආදරය ලැබිලා තිබුනේ නෑ. ඒ චන්ද්‍රානි නැවත දෙමාපියන් වෙත නොගිය නිසා. ඒ 

නිසා සුමනාවතිගේ ආදරය විදින්න ඔවුන් කැමතිව සිටියා.

''මෙහෙ එන්න සුරංගියෝ.''

      සුරංගි දුවගෙන ගිහින් විමලේගේ ගෙලේ එල්ලුනා.

''මම තමයි දැන් ඔයාගේ තාත්තා.''

''තාත්තා.''

''ඔව් තාත්තා.''

     තම මව දෙසත් ලොකු අයියා දෙසත් හිස හරවා බැලු සුරංගි විපුලේගේ ගෙල බදාගෙන තුරුළු

 වුණා.

''ඔව් මගේ සුරංගියෝ ඔයාලා සේරම අද ඉදන් මගේ. මම තමා ඔයාලගේ තාත්තා.''

       දැඩි පිරිමි හිතට දැනුන අවංක සතුට නිසා නෙතට ඉනු කදුල පිට අත්ලෙන් පිස දමමින්, විමලේ

 සුරංගිගේ කොපුලක් මත හාදුවක් තැබුවා. විමල්ගේ  දෙපා නැමද ආශිර්වාද ගත නිලන්ත. ඔහු සමග

 ත්‍රී රෝද රථයට නැගී ගුවන්තොටුපල කරා ඇදී ගියේ, නිම නැති යහපත් බලාපොරොත්තු රැසක් 

සිත් තුල පොදිබැඳගෙන.



සමාප්තයි!!!!!



සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Dec 2016 02:36 AM
  •  Quote
  •  Reply
අවසානය හරිම සුන්දරයි...
විමලේ බාප්පාගේ ගෙදරට සියල්ලම යන එක ගොඩක් හොදයි..
ඔහු හොඳ රැකවරණයක් ලබාදේවි යැයි සිතෙනවා..
ස්තූතියි සඳූ...
0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below