You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Dec 2016 11:05 PM by  sha733
ආවේශය.
 43 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Dec 2016 11:21 AM
  •  Quote
  •  Reply
මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව.
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Dec 2016 11:22 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Dec 2016 11:24 AM
  •  Quote
  •  Reply

ආවේශය.


මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව.


යාලුවනේ මම අලුත් කතාවක් ලියන්න යන්නේ, මුලින්ම කියන්න ඕනේ මේක හොල්මන්

 කතාවක් නෙමෙයි. ප්‍රේතයෝ, භූත ආත්ම ගැන කතාවක්. මම ප්‍රේතයෝ භූතයෝ ඉන්න බව

 නම් පිලිගන්නවා. මම දන්නෙත් ටිකයි . මම දන්නා විදියට ලියනම් ,අඩුපාඩු තියෙන්න

 පුළුවන් හුගක්. ඒ වට සමාව දෙන්න ඉතින්. එහෙනම් අමුතුම ලෝකෙකට යන්න සුදානම් 

වෙන්නකෝ .

අහිමි වස්සානය හෙමින් ලියන්න වෙන්නේ ඒකයි මේක ලියන්න ගත්තේ. සමාවෙන්න

 යාලුවනේ. යාළුවගේ ඉල්ලීම අනුව එයා කියනකන් මට කතාව ලියන්න බෑ. ඒක

 ලියනකන් මේ කතාව කියන්න එකතු වෙනා.

තෙරුවන් සරණයි මගේ යාලුවන්ට මම නවතින්නම්.

 

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Dec 2016 02:37 PM
  •  Quote
  •  Reply

ආවේශය.

~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~

පළමු දිගහැරුම.

 

      රන් පැහැ ලා හිරු රැස් හිමිදිරියේ සිවුම් පිණි බිදු උරා ගනිමින් , පෙනෙන තෙක් මානයම

 කොළ පැහැ ගැන්වූ පැල ගොයමට පතිත වෙලා. ඇගේ හිරිගඩු නංවන සිහින් මද නල මැදින්

 දෙයත් එකට පිරිමදිමින් මම වෙල් එලිය මැදින් වැටුන පටු පාර දිගේ ඉදිරියට ඇදුනේ රැකියාව

 සදහා යන්න.රැ කාලයේ පොලවට පහත් වුන පිනි බිදු ගොයම් පත්‍ර අග මැණික් කැට වගේ 

දිලිසිලා පහලට ඇදුනේ හිරු කිරණත් එක්ක හැංගි මුත්තම් කරන්න වගේ.  මගේ හිත මගෙන්

 ඇහුවේ ඇයි මම මේ තරම් ඉක්මනට ලොකු වුනේ කියලා . පුංචියට හිටියා නම් ,මේ වගේ සිතල

 දවස් වල සැපට උණුසුම් කාමරය තුලට වැදිලා නිදා ගන්න තිබුනනේ කියලා.

      අපේ ගේ පිහිටලා තිබුනේ වේයන්ගොඩත් නිට්ටබුවත් අතර වට්ටදර කියලා ගමක. අපේ 

ගෙදර ඉදන් ප්‍රධාන මාර්ගයට මීටර් දෙසීයක විතර දුරක් තිබුනා. අම්මා හැමදාමත් කිව්වේ අයියට 

කියලා මාව ඔපිස්  ගිහින් දම්ම ගන්න කියලා. මේ වෙලාවට අයියා ඇහැරවනවට වඩා ලේසී මට 

ඔපිස් එකටම පයින් යන එක. හැබැයි ඉතින් ඇහැරෙව්වා නම් ඇහැරෙයි. මොකද මගේත් එක්ක 

ඔපිස් එකේ එකට වැඩ කරන මගේ හොදම යාලුවට ඇහැ දාගෙන අපේ අයියා ඉන්නේ. මගේ 

හොදම යාලුවා එයා. මට වඩා අවුරුද්දයි වැඩිමහල්. මට විසි හතරයි එයාට විසි පහයි , අපේ අයියට 

විසි හයයි. මටනම් වෙලාවකට පුදුමයි අපේ අයියා තාමත් කෙල්ලෝ පස්සේ යනවා ,දැන් එයාගේ

 වයසේ හැටියට බබාලත් ඉන්න ඕනේ කියලා අපෙ අම්මා කියන්නේ. මගේ යාලුවා හිමාෂා රශ්මී 

රූපසිංහ. එයත් අපේ අයියට කැමති වගේ එත් ඉතින් එයා ඉක්මන් වෙන්නෙත් නෑ අපේ බුරු අයියා

 ඉස්සර වෙන්නෙත් නෑ. මුන් දෙන්නා හැමදාම හොරෙන් බල බලා ඉදීද මන්දා කියලා  මට 

වෙලාවකට හිතුනා.

     අයියා නම් ඉතින් හෙන කම්මැලියා. උදේ ඇහැරෙන්න මාරම කම්මැලී ,ඒකට මොකද හැමදාම

 හවසට බනිනවා මොකද උදේ මට ඇහැරෙව්වේ නැත්තේ කියලා. කොහොම හරි අයියව ඇහැරව 

ගත්තා නම් මාව ඔපිස් ඒකටම ගෙනිහින් දානවා. මොකද මගදී හිමාවත් කාර් එකට නග්ග ගන්න 

පුළුවන්නේ. වැඩක් නෑ ඉතින් පොරකාලා ගියාට හොරෙන් හොරෙන් ඉදිරි පස කණ්නාඩියෙන් හිමා

 දිහා බැලුවා මිස වචනයක් කතා කරන්නේ නෑ. අනේ මෙහෙමත් අයියෙක් , මහා ලොකුවට අයි.ටී සර්

 කෙනෙක්ලු. මෙයාගෙන් ඉගෙන ගන්න එන ගෑනු ළමයින්ට කොහොම උගන්වනවාද මන්දා. කෙලින් 

හිමාගේ මුන දිහා බලා ගන්න බෑනේ මෙයාට. මගේ අයියා දසිරු තේනුක විජේරත්න, පරිඝනක තාක්ෂණ

 පාඨමාලා පවත්වන ආයතනයක් පවත්වාගෙන යනවා. මෙයානෙ ඉතින් අයිතිකාරයා ඒ ආයතනයේ,

 ස්ටර්ප් එකේ තව ගුරුවරු පස් දෙනෙක් හිටිය නිසා හැමදාම වගේ දවල් වෙනකන් නිදාගෙන නිදහසේ

 වැඩට යනවා.ලොක්කා මෙහෙමනම් අනිත් අය කොහොම ඇද්ද.

            අයියා මටත් නිතරම කියනවා එක එක තැන වල වැඩට යාම නවත්තලා මටත් ඒ අයතනයට 

සම්බන්ද වෙන්න කියලා. ඒත් මට දැන් මම රැකියාව කරන තැන දාලා එන්න බෑ. ඒ මගේ අරයා නිසා.

 හි.. ඉශාන් නිලුෂ රත්නායක , මම රැකියාව කරන ආයතනෙම රැකියාව කරන මගේ පෙම්වතා. අයියා

 පරක්කු වුනාට නංගි වැඩ්ඩී .අපේ වේඩින් එකත් ලබන ජනවාරියේ ගන්න පැලැන් කරගෙන ඉවරයි. 

මම තමා ඉශාන්ගේ පෙම්වතිය, සුන්දරිය, තේරුණි ආකර්ෂා විජේරත්න. අපි දෙන්නම පෟද්ගලික 

රක්ෂණ ආයතනයක සේවය කරන්නේ.  දෙනා නෙමේ තුන් දෙනාම අපේ හිමාත් ඉන්නවනේ.

     එකපාරටම මහා හයියෙන් හොන් කරගෙන කාර් එකක් මගේ ලග නැවතුනා. මෙන්න පුදුමයක් 

පේ බුරු අයියා ඇහැරලා.

''ඒ පිස්සි තාම ගාටනවද.''

''ඔව් ඉතින් අපට කාර් නෑනේ.''

''නගිනවා නගිනවා, හැමදාම කියනවා මට ඇහැරවන්න කියලා. කෙරුමි වගේ එන්න මෙතන තනියම.''

     මම සාරි පොටත් අල්ලාගෙන කාර් රථයේ පිටුපස දොර හැරලා වාඩීවෙන්න සුදානම් වුනා.

'' ඒ පිස්සි මොකද ඔය පිටිපස්සට නගින්නේ . එනවා ඉස්සරහට.''

    අයියා පැති කන්නාඩී යෙන් මගේ දිහා බලාගෙන කිව්වා.

'' හී... ඇයි අමතකද?''

''මොනවද පිස්සි''

''හිමා.''

      අයියගේ මුනේ ලැජ්ජාව මුසු වුන ලස්සන හිනාවක් ඇදිලා ගියා.

'' ආව් ආව්  මනමාල හිනාව. හිත හිතා ඉන්නේ අහන්නකො හිමාගෙන්.''

''අප්පෝ මට මේ ඉන්න පිස්සි මදැයි. ඒ පිස්සිත් අපේ ගෙදරට ගෙනාවම අංගොඩ ඇඩ්මිට් වුනා වගේ 

තියෙයි.''

''ආ දැන් අපිට විතරයි පිස්සු.''

     මම පිටුපස අසුනේ වාඩි ගෙන දොර වහ ගන්නවත් එක්ක අයියා කාර් එක ඉදිරියට පදවාගෙන

 ආවා. අම්මෝ හොද වෙලාවට ආවේ. කාර් එක ඇතුලේ නම් මාර රස්නෙයි .තව ටිකක් දුර පයින් ගියා

 නම් මාව ගල් වෙනවා. අයියා කාර් රථය ප්‍රධාන මාර්ගයට දාලා නිට්ටබුව පැත්තට හැරෙව්වා. හිමාලගේ

 ගේ අපේ ගෙදර ඉදන් වැඩි ඈතක නෙමෙයි තිබුනේ. තව මොහොතකින් කාර් එක හිමා ගාව නැවතුනා.

 දොරේ වීදුරව පහලට කරපු මම හිමාට කතා කළා.

'' ඒ හිමා වරෙන් අද ප්‍රී ට්‍රාන්ස්ප්ර්ට් . ඔබේ පිනට තමා.''

        සිනා මුසු මුහුණෙන් කාර් එක දෙකට ඇදුනු හිමා පිටි පස්සේ දොර අරගෙන කාර් එකට නැගුනා.

''ගුඩ් මෝර්නින් තෙරූ . ගුඩ් මෝර්නින් අයියා.''

''ගුඩ් මෝර්නින් හිමා නංගා ''

''හී''

 '' මොකද තෙරූ හිනා වෙන්නේ.''

'' නෑ නෑ මොකුත් නෑ.''

     අයියා ඉදිරිපස කණ්නාඩියෙන් මගේ දිහා රවලා බලපු නිසා මම නිහඩ වුනා. කොච්චර වුනත් මගේ

 යාළුවව අපහසුතාවයට පත් කරන එක පව්නේ .අපේ බුරු අයියා කෙසේ වෙතත්. අපි දෙන්නව අපි

 සේවය කරපු රක්ෂණ ආයතනය ලගින් දාලා අයියා කුරුල්ලා වගේ පියාබලා ගියේ හිමාට පෙන්න 

වෙන්න ඇති.

      අපේ ටේබල්වල ලොකර් වලට බෑග් දාලා. උදේට මොනාවා හරි කන්න කියලා කැන්ටින් එක 

පැත්තට ගියා.

'' හිමා උබ ඉදගනින්කෝ ගිහින්. අද මන් ගානේ මොනවා හරි අරන් එනම්.''

''අද ඉශාන් එනකන් ඉන්නේ නැද්ද?''

''මම මැසේජ් එකක් දැම්ම කා පාර්ක් එකේ කිව්වා.දැන් එයි''

    මම හුගක්ම ආස කෑමක් තමා ඉඹුල් කිරිබත්, ඉශාන් අයියත් ආසයි හිමත් අකමැත්තක් නෑ. මේවා

 ඉතින් අපේ අම්මා හදලා දෙන ඒවා තරම් නම් රස නෑ. අපිට දවල්ට කන්න බත් උයන්නයි උදේට කන්න 

තව තව ඒවා හදන්න අම්මට කරදර කරන්න බෑනේ. අම්මා නිවාඩු දවසට නම් විශේස දෙයක් හදලා 

දෙනවා මයි. මම සුදු පැහැ පිගානක මලක් වගේ අසුරලා දුන්න ඉඹුල් කිරිබත් ටිකත් අරගෙන හිමා වාඩී 

වෙලා හිටිය මේසය ලගට ආවා. මම   ඉඹුල් කිරිබත් කිරිබත් ගේන බව දැනගෙනද  මන්දා හිමා පිල්ටර්

 එකෙන් තේ අරන් ඇවිත්.

''ගුඩ් මෝර්නින් තෙරු , ගුඩ් මෝර්නින් හිමා අක්කා.''

     ඉශාන් අයියා මොනතරම් කිව්වත් හිමාට අක්කා කියලා මයි කතා කරන්නේ. ඉශාන් අයියයි මමයි

 එක වයසේ මට වඩා මාස කීපයකට තමා එයා වැඩිමහල්.

   

      කෑම කාලා ඉවර වෙලා අපි එන්න සුදානම් වෙද්දී හිමා එක පාරටම  වේදනාවෙන් ඔලුව අල්ල ගත්තා. 

මේ සිදුවීම අහම්බෙන් දැකපු මම හිමා ලගට ගියා.

''අනේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා තෙරු. ඉන්න බෑ තෙරු මට අමාරුයි.''

''මොකද හිමා අක්කා එකපාරටම. සිට් රූම් එකට එක්ක ගියානම් හරි නේ තෙරු.''

       මම හිමා අත් දෙකෙන්ම ඔලුව අල්ල ගද්දි ,පුටුවෙන් නැගිට්ටලා ඉනවටේ අතක් යවලා මගේ ඇගට

 වාරු කර ගත්ත.

''නේ මට යන්න බෑ තෙරු ''

       හිමා එහෙන්මම සිහිසුන් වෙලා ඇදන් වැටුනා. මට අල්ල ගන්න බැරුව ගියේ එක පාරටම තෙරු 

දගලන්න පටන් ගත්තු නිසා. ඇස් දෙකත් ඉහල ගිහින් මාවත් තල්ලු කරගෙන එයා බිම පෙලලිලා 

ගැහෙන්න පටන් ගත්තා. ඒ ගැස්ම හරිම අමුතුයි.

'' අනේ හිමා මොකද මේ අනේ කවුරු හරි උදව් කරන්නකෝ .හිමාව සිට් රූම් එකට ගෙනියන්න.''

      කැන්ටීන් එකේ හිටිය හැමෝම වගේ එතනට වට වෙලා හිමාව අල්ල ගන්න උත්සහා කළා. කාටවත්ම

 අල්ලන්න බෑ. අල්ලන හැමෝවම හිමා තල්ලු කරලා දමා. ගෑනු ලමෙක්ට නැති ශක්තියක් ඒ අත් එකට 

ලැබිලා තිබුනා.  කෑ ගහන්නේ නැති වුනත් හයියෙන් හුස්ම ඉහල පහල දැම්මා.

'' කෝ හැමෝම එහාට වෙන්න.''

       සිට් රූම් එකේ හෙදියත් එක්ක එතනට දුගෙන ආව පියන් කෙනෙක් විදියට සේවය කරන විපුල 

අන්කල් තෙරුගේ අත් දෙකම එකවර අල්ල ගත්තා.

''අනේ විපුල අන්කල් හිමාට  මක් වෙලාද? අපිට අල්ලන්නවත් බෑනේ''

''ඔයාලා පස්සට වෙන්න. මෙයාට කලන්තයක් නෙමේ හැදිලා තින්නේ.''

       විපුල අන්කල් තෙරුගේ අත් දෙකෙ එක අතකින් අල්ලාගෙන අනිත් අත ඔලුවට තියලා බිමට තද 

කරගත්තම හිමා කකුල් දෙක උඩ ගගහා දැගලුවේ පිටට ඇහෙන්න තරම්  හයියෙන් හුස්ම ගනිමින්.   

''හා හා නවත්තාපන් ඕක. නවත්තාපන්.''

     ඒවර  හිමා ටිකෙන් ටික සන්සුන් වුනා. ඇග ගැස්සිල්ල ටිකෙන් ටික  නතර වෙලා, සිරුර අප්‍රාණික

 වුනා.


මතු හමුවෙමු.    


සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Dec 2016 07:44 PM
  •  Quote
  •  Reply
තවත් එකක් දිග ඇරලා වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Dec 2016 08:41 PM
  •  Quote
  •  Reply
නම ඇහුවම නම් ටිකක් බය හිතුනා...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Dec 2016 08:46 PM
  •  Quote
  •  Reply
කතාව කියව්වම ඊටත් වඩා බය හිතුනා...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Dec 2016 11:24 PM
  •  Quote
  •  Reply
තවත් කථාවක්.. නම් නම් ටිකක් බයයි වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Dec 2016 05:32 AM
  •  Quote
  •  Reply
දැන්නං මේ සදූගේ කථා කියවන උන්ගේ මොලේ අවුල් කරන්න යන්නේ
මේ විදියට කථා දෙන්න ගිහින්
කලින් දුන්න ඒවා ඉවර කලෙත් නැහැ නේද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Dec 2016 03:57 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 07 Dec 2016 05:32 AM
දැන්නං මේ සදූගේ කථා කියවන උන්ගේ මොලේ අවුල් කරන්න යන්නේ
මේ විදියට කථා දෙන්න ගිහින්
කලින් දුන්න ඒවා ඉවර කලෙත් නැහැ නේද

ඒක ඉවර කරන්න එකේ අයිතිකාරායා මට කතාව කියන්න එපෑ .
 කතාව කියන්න පරක්කුයි එතකන් නිකන් ඉන්නද මම. 

ඒක නිසා මේක ලියනවා. 

බය වෙන්න එපා ඒකත් ලැබුන ගමන් ලියනවා.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Dec 2016 04:06 PM
  •  Quote
  •  Reply

ආවේශය.


~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~


දෙවන දිගහැරුම.


''ඉක්මන් කරන්න .හිමාෂාව ඉක්මනට සිට් රුම් එකට අරන් එන්න. තේරුණි ඔයත් හිමාෂා

 එක්ක හොස්පිටල් යන්න සර් ගෙන් අහලා, සිට් රූම් එකට එන්න.''

එතන වට වෙලා හිටිය අයත් හිමා ලගට කිට්ටුවෙන්න බයෙන් ලතවුනේ ,හිමා කලින් දැගලුවේ 

වෙඩි වැදුණු සතෙක් වගේ. මුහුණ දිහා බලන්නත් බය හිහෙනවා. හිමා ආපනශාලාවේ බිම

 වැතිරිලා,ඇදන් හිටිය කොළ නිල සුදු මිශ්‍ර සාරියත් එහෙ මෙහෙ විසිරිලා ගිහින්. උරහිස් මට්ටමට

 දිගු ඇය ලස්සනට කඩා දමාගෙන පැමිණ තිබු කෙස්ස දැන් අවුල්වී ගිහින්, මුණ පුරා තැවරී ගිය 

අවුල් වු කෙස් මුණ ආවරණය කරගෙන.දැගලීම නතරවුණ ගමන් මම සාරි පොටෙන් තරමක් 

නිරාවරණය වුන සිරුර වහලා දැමුවා. පව් හිමාට එකපාරටම මොනවා වුනාද මන්දා?

''දැන් බය වෙන්න දෙයක් නෑ කවුරු හරි උදව් කරන්න මේ ළමයව උස්සන් යන්න. ''

විපුල අන්කල් එහම කියද්දී කාර්යාලයේ සේවය කරපු කීපදෙනෙක් හිමාව ආයතනයේ වෙෙද්‍ය 

මධ්‍යස්ථානයට ඔසවාගෙන යන්න උදව් වුනා.මමත් ඉක්මනටම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට ගිහින් 

සිදුවීම කියලා යන්න අවසර පත් ලබා ගත්තා. මම නැවත වෙෙද්‍ය මධ්‍යස්ථානයට එනකොට හිමාට

 සිහිය ඇවිත් තිබුනා.

''හිමා මොකද වුනේ.''

''මට මොකුත් මතක නෑනේ . මට කලන්තේ හැදුනද?''

''ඔයාට මතක නැද්ද දැගලුවා. අපි හැමෝම තල්ලුකරලා දැම්මා.''

''මම එහෙම කලාද? මට මතක නෑ''

''යමු අන්න වෑන් එක ඇවිත්.''

වෙෙද්‍ය මධ්‍යස්ථානයේ හෙදිය අපිව අමතද්දී මම හිමාවත් වත්තම් කරගෙන එලියට ආවා. කෙලින්ම 

වෑන්රිය නතර වුනේ විවේකා පෞද්ගලික රෝහල ඉදිරිපිට. මුලික ප්‍රතිචාර සදහා වෙෙද්‍යවරයෙක් ලගට 

යොමු කළා. හිමාව පරික්ෂා කරලා බලපු වෙෙද්‍යවරයා පැවසුවේ කිසිම අසනීපයක් නැ කියලා.

''හිමාෂා ඔයාට කලිනුත් මෙහෙම හැදිලා තියෙනවද?''

''නෑ ඩොක්ටර් .හැබැයි උදේ ආව තද ඔලුවේ කැක්කුම නම් නිතර හැදෙනවා.''

''පිට් එක වගේද ගැහුනේ නර්ස්.''

''අනේ මන්දා ඩොක්ටෙර් මේ ළමයා පිස්සියක් වගේ හැසිරුනේ. කාටවත් අල්ලන්න බැරි වුනා.''

''හරි හරි මේ බෙහෙත් ටික ගන්නකො. බයවෙන්න දෙයක් නැ. හිමාෂා ඒ ගැන වැඩිය කල්පනා

 කරන්න එපා.''

වෙෙද්‍යවරයා හිමාව ගෙදර ඇරලන්න කිව්වේ ටිකක් විවේකෙන් හිදීම ඇයට අවශ්‍ය නිසා.අපි ආපු 

ආයතනික වැන්රියෙන්ම හිමාව ගෙදර ඇරලියා.මම හිමාව කාමරේ ඇදෙ හාන්සි කරලා එන ගමන්

 වුන සිද්දිය හිමාගේ අම්මා එක්ක කිව්වා. ඒක ඇහුවම හිමාගේ අම්මගේ ඇස් දෙක බීතියෙන් පිරිලා ගියා.

''ඇයි ආන්ටි .ආන්ටි දන්නවද මේ ගැන මොකුත් . හිමාට කලිනුත් මෙහෙම වෙලා තියේද.''

''ඔව් තේරුණි දුවේ. අපේ දුව අවුරුදු පහලව දාසය කාලෙදී මෙහෙම වෙලා තියේ.''

''ඉතින් ආන්ටි බෙහෙත් ගත්තේ නැද්ද? ''

''මේවට බෙහෙත් කරලා වැඩක් නෑ තේරුණි දුව.''

''ඒ ඇයි .''

''අපි ඉස්සර ලෙඩේ මොකද්ද කියලා හොයා ගන්න බැරුව රට වටේම අරන් ගියා. අන්තිමට දේවලයකින් 

කිව්වා .අපේ දුවගේ ඇගට ආත්මයක් වැහෙනවලු.''

''මොන විකාර කතාවක්ද ආන්ටියි ඒක. ආන්ටිත් ඔය මනස්ගාත විශ්වාස කරනවද?''

''තේරුණි දුව ඔහොම කියන්නේ නෑ අපේ දුව ඒ වෙලාවට හැසිරෙන හැටි දැක්කොත්.''

''ආන්ටි මම මෙහෙම කිව්වට අවුලක් හිතන්න එපා. මම නම් ඔය දේවල් පිළිගන්නේ නෑ. හොද ඩොක්ටර්

 කෙනෙක් චැනල් කරලා තරේට්මන්ට් ගමු.''

මම එහෙම කියලා නැවතත් රැකියා ස්ථානයට ආවා. ඒ වෙනකොට දහවල් ආහාර වෙලත් කිට්ටු වෙලා 

තිබුනා. දවල් කෑම වේල ගන්න මට කිසිම නිදහසක් නොදුන්න ආයතනයේ අනිකුත් සාමාජිකයෝ හිමා 

ගැන මගෙන් ප්‍රශ්න කළා. මේ තරම් ඉගෙන ගත්තු අය වෙලත් සමහර අය විශ්වාස කලෙත් හිමාට ආත්මයක් 

ආවේශ වෙලා කියලා.මම ඒ අය සමග කිව්වෙත් නෑ, හිමාගේ අම්මා කිව්වා කතාව. එහෙම වෙලත් එයාලා 

ආත්ම කතාවක් කියනවා. මම ඉශාන් අයියා එක්ක හිමාගේ අම්මා කිව කතාව කිව්වේ තවත් ඉවසන්

 ඉන්න බැරි නිසා.

''අනේ ඕවා බොරු කතා තෙරු .අපි යමු හවස හිමා අක්කා බලන්න.''

හිමාගේ අම්මා හිතන විදිය වෙනස් කරලා හිමාව හොද මානසික වෙෙද්‍යවරයෙක් ලගට එක්ක යන්න ඕනේ 

කියලා මට හිතුනා. ප්‍රශ්නේ පැටලුම් සහගත් නිසා මම අපේ අයියටත් කතා කරලා හිමට වුන දේ කිව්වා.

 අයියත් එක හෙලාම හිමාගේ අම්මා කිව්වා දේ ප්‍රතික්ෂේප කළා. අපි තුන්දෙනාම කතා වෙලා හවස හිමා 

බලන්න ගියා.

දැන් නම් හිමා හොද සනීපෙන් ඉන්නවා. නිතරම මුහුණේ ඇඳෙන ලස්සන සිනහවත් ආයෙත් මුහුණට 

ඇවිත්. අපි එනවා ඈත තියාම දැකපු හිමා නිවාස ඉදිරිපසට ඇවිත් අපිව පිලිගත්තා.

'' මොකද මේ කට්ටියම මෙහෙ . මම හෙට වැඩට එන්න හිටියේ දැන් මට අඩුයි.''

''ආ එහෙනම් හොදයි. අපි මේ ආන්ටිව ටිකක් හම්බෙන්න ආවේ.''

'' ඒ ඇයි දසිරු අයියේ. එන්නකෝ ඔයාලා මුලින්ම ඇතුලට.''

අපි සියල්ලන්ම හිමාලගේ ආලින්දයට පිවීසිලා සෙටිය වටේ වාඩි වුනා. හිමාලගේ ගේ තරමක් පරණ

 ගෙයක් .ටිකක් විශාල වත්තක් මැද්දට වෙන්න හදාලා තිබුන නිවාස අනිත් නිවෙස් වලින් තරමක් හුදකලා 

වෙලා තිබුනා. වත්ත පුරාම තිබුනේ හුගක් පරණ බදන්න බැරි තරමේ ගස් .මේ නිවාස ඔවුන්ට පරම්පරාවෙන් 

ලැබුන නිවසක් බව ඒ වටපිටාව කියා පැවා.

''මේ.. ළමයිනේ. මම බැලුවා වාහනයක් ආවේ කවුද කියලා. බය වෙන්න දෙයක් නෑ ළමයිනේ මම 

ආරක්ෂා නුලක් දැම්මුවා . ඉන්න මම තේ ටිකක් හදන එන්නම්. අද දේවාලේ ගෙනිච්ච කැවිලිවගයකුත්

 තියේ. ''

මම දෙයක් කියන්නට උත්සහ කලත් කිසිවක් කියන්නට ඉඩ නොදුන් හිමාලගේ අම්මා එතනින් පිට වෙලා

 ගියා. මම හිමාගේ කර දිහා බැලුවේ ආරක්ෂාවක් දැම්මා කිව්වා නිසා. සුදු, කළු, රතු, නුල් පොටවල් ටිකක් 

එකට අබරලා තැන තැන වලින් ගැට දාලා ,නුලක් කරේ ගැට ගහලා තිබුනා. මේ දේවල් දකිද්දී මගේ 

ඉවසීම නැත්තටම නැති වුනේ මේ මිසිස්සුනට නම් පිස්සු කියලා .

''ඔයත් ඔය දේවල් විශ්වාශ කරනවද හිමා.''

''විශ්වාස කරන්න වෙනවා තේරුවො.ඔයා දන්නේ නැහැනේ ඉස්සර මට හුගක් අමාරු වෙනවා. මෙහෙ 

තොවිලයක් ඉදන් කළා. අම්මා කියන්නේ එකේ බල බිදිළලු මොකක් හරි නිසා.''

''මොන විකාර කතාවක්ද ඔය කියන්නේ.''

''ඔයා දැකලා නැහැනේ තෙරු මම එහෙම වුනාම හැසිරෙන හැටි හරියට. මටත් මොකුත් මතක නෑ

 'එත් අම්මලා ඒ ගැන කියද්දීත් මට බය හිතෙනවා.''

''හිමා නංගා අපි ඔය වැඩේ පොඩ්ඩක් අමතක කරලා, හොද ඩොක්ටෙර් කෙනෙක් චැනල් කරලා 

බලමුද?''

මෙතරම් වෙලා අපේ සංවාදයට සවන් දීගෙන හිටිය අපේ අයියා කතා කරන්න වුනා. ඒ කතාවට නම්හි

මාගේ මුනේ ඇදුනේ ලොකු අසරණකමක්. මම දන්නවා හිමා ඇත්තටම අපේ අයියට කැමති. එයාට දුක

 හිතෙනවා ඇති මේ දේවල් නිසා ඉක්මනින්ම අපේ අයියට එයාව එපා වෙයි කියලා.

''වැඩක් නැහැ දසිරු අයියේ අපි ගන්න ඕනේ හැම තැනකින්ම බෙහෙත් කළා.''

''එහෙනම් ඔයා ඩොක්ටර්ට කිව්වේ කලින් මෙහෙම වෙලා නෑ කියලා.''

''ඒ බොරු ඩොක්ටර්ලා ඔය ආත්ම, බුතයෝ ප්‍රේතයෝ ගැන විශ්වාස කරන්නේ නෑ. ඕවා කියන්න

 ගියොත් බැනුම් අහන්න වෙන්නේ.''

මගේ ඔලුව තවත් අවුල් සහගත් වුනා. මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද? බුදු බණ වලත් ප්‍රේතයෝ 

,කුම්භාණ්ඩයෝ ගැන කියලා තිබුනත් දේවල වල වැඩ මම විශ්වාස කරන්න පොඩ්ඩක් වත් කැමති

 වුනේ නෑ.අපි හිතාගෙන ගිය දේ කතා කරන්න පොඩි අවස්තාවක්වත් ලැබුනේ නැ. මම ගෙදර ආවේ

 හිතේ කරදරෙන්. අපි ගෙදර එන්නත් ටිකක් පරක්කු වුන නිසා අම්මා හිටියේ පෙර මග බලාගෙන.

''ආ අද අයියා නගොලා එකටම ඇවිත්නේ. ඉශාන් පුතා එන්න ගෙට. දෝනි කොහෙද ගියේ අයියලා 

එක්ක.''

මම මොකුත්ම නොකියා මුණ පුළුටු කරගෙන ඇවිත් සෙටියට වැටුනේ අත් බෑගයත් පසෙකට විසි 

කරමින්.

''මොකද දෝණි ප්‍රශ්නයක්ද? අසනීපයක්ද?''

මම අම්මා එක්ක සිදු වුන සිදුවීම් මාලාවම කිව්වා. අම්මගේ මුහුණෙත් ඇදුනේ භීතියක් ,ඒ කියන්නේ

 අම්මත් මේවා විශ්වාෂ කරනවද?


මතු හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Dec 2016 07:49 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 07 Dec 2016 05:32 AM
දැන්නං මේ සදූගේ කථා කියවන උන්ගේ මොලේ අවුල් කරන්න යන්නේ
මේ විදියට කථා දෙන්න ගිහින්
කලින් දුන්න ඒවා ඉවර කලෙත් නැහැ නේද


ශා මල්ලිට ආවෙශය ඔලුවටම ගහලා වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Dec 2016 08:47 PM
  •  Quote
  •  Reply
කවුද හිමාෂට ආවේශ වුනේ...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Dec 2016 07:47 AM
  •  Quote
  •  Reply
ඉස්සරහට තමා දැන ගන්න වෙන්නේ . දේවාලෙක ගිහින් බලන්න වෙනවා හී
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Dec 2016 08:18 AM
  •  Quote
  •  Reply

ආවේශය.


~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~

 

තුන්වන දිගහැරුම.


''ඇයි අම්මේ ඔයත් බය වුනේ අම්මත් ඒ දේවල් විශ්වාස කරනවද?''

''දෝණි දන්නේ නෑනේ .ඒ දේවල් බොරු නෙමෙයි .''

''ඒ පාර අම්මත් ඒවා ඇත්ත කියනවද?''

''දෝණි නොදන්නවා වුනාට මගේ ජීවිතේ ඒ වගේ අත්දැකීමක් තියෙනවා. ඒක නිසා ඒ දේවල් 

බොරු කියලා කියන්න මට බෑ.''

'' ඒ මොකද්ද අම්මේ ඒ කතාව,''

      කාර් එක ගරාජයට දාලා ගෙට එමින් හිටිය අයියා අපේ කතාවට එකතු වුනා.

''තාත්තාවත් මමවත් කැමති නෑ ඔයාලා දෙන්නා ඒ දේවල් වලින් ඔලුව අවුල් කර ගන්නවට.

 ඒකයි අපි  ඔයාලට මේ තරම් කල් ඒ කතාව නොකිව්වේ.''

''දැන් අම්මත් කියන්නේ හිමා නංගාට ආත්මයක් වැහිලා කියලද?''

''මම හරියටම දන්නේ නෑ. හැබැයි එහෙම නෙමෙයි කියනත් මට බෑ. දෝණි කිව්වා කතාවේ හැටියට

 ඒ ළමයට එහෙම දෙයක් තියෙන්න ඕනේ.''

''අනේ අම්මේ විකාර කතා ඕවා.''

''නෑ පුතේ හේතුවක් නැතුව මම මෙහෙම කියන්නේ නෑනේ. අනික පුතාගේ හිතේ හිමාෂා දුව ගැන

 බලාපොරොත්තුවක් තියෙනේ. ඒ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දෙයක් කරන්න වෙයි.''

     අම්මගේ ඒ වදන් පෙළත් එක්ක අපේ ඇස් පුදුමයෙන් විසල් වුනා. අයියා සෙටියේ ඉගෙන ඇගිලි 

තුඩු හිසකේ අතර හරිමින් කලබලයෙන් ලොකු සුසුමක් හෙලුවා.

''අම්මා කියන්නේ හිමා නංගාට කරදරයක් වෙයි කියලද?''

''ඔව් එහෙම ආත්මයක් එයාගේ ඇගට එනවා නම් .ඒ එන කෙනා හදන්නේ හිමාෂා දුවව එයා ලගට

 ගන්න.''

'' මොනවා ඒ කියන්නේ. මැ....''

''ඔව් පුතේ දෙයක් නොකර හිටියොත් ,ජීවිතේට හානියක්  වෙන්න පුළුවන්.''

    අයියා සෙටියෙන් නැගිටලා ඔලුව කසමින් පිස්සෙක් වගේ එහෙට මෙහෙට ඇවිද්දා. ජීවිතේට

 හානියක් වෙයි කිව්වම මටත් හුකක් බය හිතුනා.අම්මා කියන නිසා තව දුරත් ඒ දේවල් බොරු කියලා

 හිතන්න මට බැරි වුනා. ඉශාන් අයියත් මේ කියන දේවල් අහගෙන හිටියේ පුදුමයෙන්.

''අනේ අම්මේ මට බයයි. අපි දැන් මොකද්ද කරන්නේ. ''

''ආරක්ෂාවට නුලක් දැම්මා කිව්වා නේද?''

''ඔව් අම්මේ''

''එහෙනම් එයාට ටික දවසකට නිදහසේ ඉන්න පුළුවන් වෙයි. ඒ ආරක්ෂාව නිසා බය වෙන්න ඕනේ 

නෑ. එත් හොද තැනකින් තොවිල් ශාන්ති කර්මයක් කරන්න වෙයි.''

''අම්මා දන්නා එහෙම තැනක් තියේද?''

''නෑ පුතේ . දැන් කාලේ හොද තැනක් හොයන එකත් ලේසි නෑ. වැඩිපුර ඉන්නේ හොරු බොරුකාරයෝ.''

''එකනේ ආන්ටි අපි ඔය දේවල් විශ්වාස කරන්න අකමැති.''

''එහෙම කියලා අපිට ඒ දේවල් අතෑරලා දාන්නත් බැ . ජීවිතේට හිතාගන්නවත් බැරි දේවල් වෙන්න පුළුවන්.''

''අම්මේ අම්මට ඒ වගේ අත්දැකීමක් තියේ කිව්වා නේද? අපිට ඒක කියන්නකෝ. අපි ඒ දේවල් විශ්වාස

 කරන්නෙත් නැති නිසා අපි මොකුත්ම දන්නේ නෑනේ ඒ ගැන.''

''ඔව් මම පුංචි කාලේ අපේ ගෙදර  වූන සිද්දියක්.''

''අනේ අම්මේ කියන්නකෝ .අපිට හිමාව පරිස්සම් කර ගන්න ඕනේ කොහොම හරි.''

''කලබල නොවී ඉන්න දෝණි .ඒ ළමයට මොකුත් වෙන්නේ නෑ .අනික  ඕවා කියන්න ගිහින් මට 

තාත්තාගෙන් බැනුම් අහගන්න වෙයි.''

''අනේ අම්මේ කියන්නකෝ.''

    අයියත් අම්මා ලගට ඇවිත් පින්සෙන්ඩු වෙන්න ගත්තා.

''ඒක දිග කතාවක් පුතේ,''

''ඒකට කමක් නෑ ආන්ටියි අපිට සේරම පැහැදිලිව කියන්න මොකුත් මගාරින්න ඒපා. ''

''හරි එහෙනම්. මම කියන්නම් .ආවා විතරනේ තේ ටිකක් බීලා ඉමු. රේණු රේණු මේ ළමයිට තේ ටිකක්

 හදන එන්න.''

''තේ නම් ඕනේ නෑ ආන්ටි .අපි හිමා අක්කලාගේ ගෙදරිනුත් බීලා ආවේ,.''

     අම්මා ලොකු සුසුමක් හෙලලා කතාව පටන් ගන්න සැරසෙද්දී අපි තුන්දෙනා අම්මා වටේ එකතු වුනා.

 සෙටියේ තිබුණු සිනිදු කොට්ටයක් ලමැදෙට තුරුලු කරන් මම අම්මගේ අස්සෙන්මවෙලා වාඩී වුනේ,හීමා 

හැසිරුණු විදිය මතක් වෙලා, අම්මා කියන්න යන කතාව ඊට වඩා හුගක් බය හිතෙනවා ඇති කියලා හිතලා.

''ඒ සිදුවීම වෙන්න පටන් ගද්දි මම හුගක් පොඩි. ඒවා ඔයාලට නොකිව්වේ ඔයාලා ඒවා ඔලුවට අරන් 

මනස්ගාත වලින් ඔලුව පුරෝ ගනී කියාල . දැන් ඔයාලා පොඩි ළමයි නෙමෙයි. ඒ හැමදේම ඔයාලා අහලා 

හොද නරක තේරුම් ගන්න.ඒ දේවල් ඇත්ත වුනත් ඒ පස්සෙම එල්ලිලා යන්න එපා.''

''ඒ කියන්නේ මේක වුනේ ගෙදර කාටහරිද?.''

''දෝණි කතාව අහලා ඉන්නකෝ ඔය හැමදේටම විසදුම් මේ කතාව ඇහුවම ඔයාලය ලැබෙයි. අපි ඒ 

කාලේ හුගක් දුප්පත්. අපිට ඉන්න හරියට ගෙයක්වත් තිබුනේ නෑ. ඔයාලගේ ආච්චි අම්මා ඒ කියන්නේ

 මගේ අම්මා මගේ තාත්තා එක්ක ඇවිත් තිබුනේ ගෙදර අයගේ අකමැත්ත මැද .ඒක නිසා කවුරුත්ම මගේ

 අම්මගේ පිළිසරණට ඒ කාලේ ඉදල නැ.අම්මා තනි තීරණයට තාත්තව බැදලා තාත්තගේ මහා ගෙදර නතර

 වෙලා තිබුනේ. ඒ කලේ පවුල්වල හුගක් දරුවෝ හිටියා. ඒවගේ අපේ තාත්තාටත් නංගිලා මල්ලිලා

 හුගක් හිටියලු. අපේ අම්මා කියනවා අම්මා එහෙට එක්ක යද්දී නැන්දම්මට කිරිබොන වයසේ ළමයිනුත්

 හිටියලු. අපේ අම්මා තාත්තා එක්ක ගිහින් තිබුනේ අවුරුදු පහලවෙන්.''

''ඒ තරම් පොඩි වයසේදී.''

''ඔව් දෝණි ඒ කලේ හරිම පුංචි වයසෙන් බදිනවා. අම්මා එහෙ නැවතුනාම එයාව බලන්න ආවේ අම්මගේ 

ලොකු මල්ලි විතරයිලු. අම්මගේ අනිත් සහෝදර සහෝදරියෝ අම්මා එක්ක හුගක් තරහින්ලු හිටියේ. 

කොයි තරම් තරහද කිව්වොත් අම්මගේ ඇදුම් ටිකවත් අම්මට දුන්නේ නැහැලු. පස්සේ මාස තුනක් විතර

 යද්දී අපේ ලොකු අයියව, ඔයාලගේ ලොකු මාමව හම්බෙන්න කියලා අම්මා දැන ගත්තලු.ඒ කලේ බබාලා 

හම්බෙන්න ස්පිරිතාල වල ගෙනියනවා අඩුයි. ඒක නිසා. ලොකු අයියව හම්බුනේ වින්නබු අම්මා කෙනෙක්

 ගෙන්නලා ගෙදරදිලු.''

''අම්මෝ අම්මේ බය නැද්ද?''

''දෝණි කතාව අහන ඉන්නකෝ. ඒ ඒකාලේ හැටි ඉතින්.''

''හරි අම්මේ කියන්න.''

''පස්සේ අම්මගේ ලොකු මල්ලි කිව්වවලු අක්කේ උබට ඔය ගෙදර ඉන්න කරදරයිනේ මගේ ඉඩමක් තියේ 

මම එකේ උබලට දෙන්නම් .මස්සිනාට කියපන් එකේ ගෙයක් හදන්න කියලා. අම්මා ඒක තාත්තට කිව්වම

 එයත් කැමති වෙලා ඒ ඉඩමේ පදිංචියට එන්න පුංචි පැලක් හැදුවලු. ලොකු අයියට මාස හයක් වෙද්දී අම්මලා 

අම්මලගේම කියලා  පැලක ජීවත්වෙන්න පටන් ගත්තලු. තාත්තා ඒ කාලේ වැඩ කරලා තිබුනේ වත්තේ .

ඒ කියන්නේ රජයට අයිති රබර් වතු වල කිරි කපන රස්සාව තමා කරලා තිබුනේ. අපේ තාත්තා අම්මට හුගක්

 ආදරේ නිසා, නෑදැයෝ සහෝදරයෝ නැති අඩුව අම්මට දැනෙන්න ඉඩ දුන්නේ නෑලු. අම්මට වැඩි වයසකුත් 

නැති නිසා දරුවෝ බලා ගන්න තේරුමකුත් නැහැලු. කිරි කපලා ඉවර වුන ගමන් ඉක්මනින් ගෙදර ආපු 

තාත්තා ලොකු අයියව බලා ගන්නවලු. රෙදි හෝදනවලු, ගෙදර වැඩ වලටත් උදව් වෙනවලු. තාත්තා මැටි 

පාගලා පැලට ටිකෙන් ටික තව කොටස් එකතු කරලා ගේ හැදුවලු. . පස්සේ අම්මට තවෙත් ලමෙක් ඉපදුනේ

 ලොකු අයියට යන්තම් අවුරුද්ද සම්පුර්ණ වෙද්දීලු. ඒ ළමයා ඉපදිලා විනාඩි ගානක් ඇතුලත මරුනලු.''

''ඒ මොකද අම්මේ. ගෙදර හම්බුනා නිසාද.''

'' නෑ හේතුවක් කියන්න අම්මා වත් දන්නේ නෑ ඒ ළමයා ඉපදෙද්දී දිගට වැවුන කෙස් .දිගට වැවුණු නියපොතු,

 කැකිරි දත් තිබුනලු.''

''අම්මෝ අම්මේ යකෙද්ද?''

''නෑ යකෙකේ නෙමේ වයසට කලින් වැඩිලා.''

''එහෙම ළමයිනුත් ඉපදෙනවද''

''දෝණි අනවශ්‍ය ප්‍රශ්න අහනවා වැඩී.''

''පිස්සියේ කට වහන් ඉන්නවකෝ.''

      මගේ විකාර නිසා බයෙනුත් දුකෙනුත් මුණු හකුලාගෙන හිටිය හැමෝගෙම මුනුවල හිනාවක් ඇදුනා.

''ලොකු නෝනා තේ ටික ඔහෙට ගේන්නද?''

''හා රේණු ගෙන්න.''

      අපේ ගෙදර වැඩට හිටිය මැදිවයසේ පසු වුන ගැහැණු කෙනා තමා රේණු . එයා මේ අහල පහලම කෙනෙක්.

 උදේම ඇවිත් දවසේ වැඩ ටික කරලා හවස් වෙද්දී ගෙදර යනවා.

''මෙන්න තේ.''

''ලොකු නෝනා. අද මට හොදටම පරක්කු වුනා. පොඩි වුන් බය වෙලා ඇති. මම ගිහින් එන්නද?''

''හොදයි රේණු මේ ටික මම හොද ගන්නම්. ඔයා දැන් යන්න.''

     අපිට තේ පිලිගන්වපු රේණු ළමයින්ට රැ වේලට කෑ මත් අරන් පිට වෙලා ගියා. අපේ අම්මා හරිම 

කරුණාවන්ත කෙනෙක්. රේණු ගෙදර වැඩ කරන්න ආවට අම්මා එයාට සැලකුවේ සහෝදරියෙකුට වගේ. 

හැම ඕනේ එපාකමක්ම හොයලා බැලුවා. තාත්තා ඉතින් වැඩිය ගෙදර ඉන්නේ නැහැනේ. තාත්තා 

පෞද්ගලික ආයතනයක සුළු සේවකයෙක්   හැටියට සේවය කරනවා. ඇත්තටම දැන් මෙහෙම ලොකුවට

 ගෙවල් දොරවල් හදාන වාහන අරන් හිටියට අපිත් ඉස්සර දුප්පත් මිනිස්සු . අයියා එයාගෙම කියලා 

ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ තමා හැමදේම වෙනස් වුනේ. එයා තමයි බාගෙට හදලා තිබුන ගේ 

ඉවරෙට හදලා . ඉතුරු හැමදේම කලේ. තවමත් තාත්තා කාර් එකේ යන්න කැමති නෑ. එයා තාමත් වැඩට 

යන්නේ එන්නේ පාරේ බස් එකේ. ගෙදරට වැඩට මිනිස්සු ගන්නවටත් එයා කැමති නෑ .අම්මගේ පහසුවට

 කියලා අයියා තමා ඔය රේනු හරි මෙහෙට වැඩට ගත්තේ. තාත්තා මුලුන් මුලින් එකටත් අකමැති වුනත් ,

 රේණුගේ පවුලත් යහපතක් වෙනවා දැක්කම නිහඩ වුනා.


මතු හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Dec 2016 04:36 AM
  •  Quote
  •  Reply
අලුත් කතාවටත් ස්තුති නගෝ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Dec 2016 02:08 PM
  •  Quote
  •  Reply

ආවේශය.

~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~

 

හතර වන දිගහැරුම.

''පුතේ අද තාත්තා පරක්කුයි නේද?''

      අම්මා තේ එකෙන් උගුරක් පානය කරමින් අයියාගෙන් ඇහුවා. සැබවින්ම අද තාත්තා වෙනදට 

වඩා ප්‍රමාධයි. වෙනද අපි ඇවිත් ටික වෙලාවක් යද්දී තාත්තා අනිවාර්යෙන් එනවා.

'' ඒක තමයි අම්මේ .''

''දෝණි තාත්තට කෝල් කරලා බලන්න.''

      මම මොකුත් නොකියාම ජංගම දුරකථනය අතට ගෙන ඇමතුමක් ගනු ලැබුවා. තාත්තා එන්නට තව 

ටිකක් ප්‍රමාද වන බව පැවසුවේ. හවස කෝච්චිය මග හැරීම නිසයි.

''අම්මේ තාත්තට කෝච්චිය මගෑරිලා. ඉතුරු ටික කියන්නකෝ.''

      තවත් තේ උගුරු කීපයක් පානය කල අම්මා තේ කෝප්පය අතේ අතැතිවම නැවත කතාව කියන්න

 පටන් ගත්තා.

'' අර ළමයා ඉපදුනාට පස්සේ අවුරුදු දෙකක් දරුවෝ නැතුව හිටියලු. ඒ වෙනකොට ඒ අල්ලපු ඉඩමට

 එහා ඉඩමට කට්ටියක් පදිංචියට ආවලු. ඒ ගෙදර හිටියේ අවුරුදු පනස් ගානක විතර වයසක ජෝදඩුවක්ලු.

ටික දවසක් යද්දී දැන ගන්න ලැබුනලු ඒ මුස්සය කට්ටඩියෙක් කියලා. ගෙදර පොඩි දේවාලයකුත් 

පවත්වාදෙන ගියාලු. කාලයක් යද්දී අපේ තාත්තා පොල් රා පෙරන්න පටන් ගත් නිසා, ඒ වයසක 

මනුස්සයත් හවසට හවසට පොල් රා බොන්න එන්න පුරුදු වුනාලු.රා පේරුවට අපේ තාත්තා කවදාවත් 

රා බිව්වේ  නැහැලු. පස්සේ අර ළමයා ගැන කිව්වවම කවුරුහරි හුනියමක් කරලා කියලා නුලක් දැම්මලු

 අම්මට. ඊට පස්සේ ඔයාලගේ ලොකු අම්මා ඉපදුනාලු ,ලොකු අයියට අවුරුදු  හතරක් වෙද්දී.''

''එහෙනම් ඒ කට්ටඩියා හොදයි නේද අම්මේ.''

''දෝණි කතාව අහන ඉන්නකෝ. ආයෙත් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.පස්සේ ඊ ළගට මමයි මගේ

 නංගි මල්ලී, ඒ කියන්නේ ඔයාලගේ පුංචි චුටි මාමයි අවුරුද්දෙන් අවුරුද්දට ඉපදුනාලු. දැන් පවුලේ

 ළමයි පස් දෙනයි. මමයි අක්කයි ,අයියයි, නංගි ,මල්ලියි. ලග ලග ඉපදුන දරුවන්ව බලා ගන්න එක 

අම්මට හුගක් අමාරු වුනාලු. එත් ඒ හැමදේකදිම අපේ තාත්තා අම්මා එක්ක හිටියලු. අපේ නංගි ඉපදෙනේකොට 

ලොකු අයියට යන්තම් අවුරුදු අටයිලු .අවුරුදු අට වුනාට ජීවිතේ බරපතලකම අද වගේම ලොකු අයියට 

එදත් තෙරුනාලු. එක නිසා පුංචි අපිව බලා ගන්න එයා නිතරම අම්මට උදව් වුනාලු. ඒ කලේ දැන් වගේ ජීවිත

 පහසු නෑ .වතුර ගෙන්න වුනත් සෑහෙන දුර පයින් යන්න ඕනෙලු. නාන්නත් කන්ද බැහැලා. පහල තිබුන 

දොලට යන්න ඕනෙලු. දර හොයන්න හුගක් දුර යන්න ඔනෙලු. ඉතින් මේ හැම ගමනක්ම. අම්මා යන්නේ

 අපිවත් ඉනේ ගහගෙන. ඒක නිසා ලොකු අයියා හෙවනැල්ල වගේ ලග ඉදන් අම්මට හැම වෙලේම හිටියලු. 

අපිව රැට කකුලේ තියන් නලවලා නිදි කලෙත් ලොකු අයියාලු.''

''ලොකු මාමා හරි හොදයි නේද අම්මේ. ''

''ඔව් දෝණි ලොකු මාමා හුගක් හොදයි. මට අවුරුදු පහ වෙද්දී අයියට දහයයි. අපිට ආරංචි වුනා ,අපිට චුටි 

කාලේ ඉදන්ම බලපු එකම නෑ කෙනා, අම්මගේ ලොකු මල්ලි අපේ චුටි මාමා ගහකින් වැටිලා මැරිලා කියලා. 

අම්මා එදා හොදටම ඇඩුවා. අපිට එකේ වැඩි තේරුමක් නෑ ලොකු අයියා නම් ඇඩුවා.මටත් දුකක් දැනුනා.

 එත් මැරුණා කියන්නේ මොකද්ද කියලා මම දැනන් හිටියේ නෑ. අම්මා අපිවත් අරන් මළගෙදර ගියා. අම්මා 

එක්ක ආච්චි අම්මා, ඒ කියන්නේ අම්මගේ අම්මා,  අපිට ලොකු මාමාගේ මිනියවත් බලන්න ගෙට යන්න

 දුන්නේ නෑ.බැනලා පන්නා ගත්තා. ඒ අම්මා තාත්තා එක්ක ගියාට තිබුන තරහා නිසා. අම්මා ගෙදර ඇවිත්

 දවස් ගානක් එකදිගට ඇඩුවා.අනේ මගේ ලොකු මල්ලියේ මට මේ ලෝකේ මට කියන්න හියේ උබ විතරයි.

 දැන් ඉතින් මම වුන්නද? මළාද? බලන්න වත් එකෙක් නැති වෙයි. මට දුක මට මේ තරම් ආදරේ උබේ

 මලගමටවත් මට එන්න නැති එක ගැන කියලා ඇඩුවා .''

''අනේ පව් ලොකු සීයා. ලොකු සීයා මැරුණා කියලා දන්නවා වුනාට මොනවා වෙලා මැරුණද කියන්න අපි 

දැනන් හිටියේ නෑ අම්මේ.''

''මට අවුරුදු අටක් වෙද්දී අම්මට නිතර නිතර කලන්තේ හැදෙන්න ගත්තා.අම්මට අසනීපයක් කියලා තාත්තා

 අම්මට ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් දුන්නා.අපිව බලා ගන්න එක අවුරුදු දහතුනක් වුන ලොකු අයියගේ

 කරපිට වැටිලා තිබුනේ ඒ වෙද්දී . මට හොදට මතකයි අම්ම නිතරම හිටියේ කේන්තියෙන් ගහට පොත්ත

 වගේ හිටිය අම්මයි තාත්තයි නයාට අඳු කොළ වගේ වුනා. තාත්තා දකින හැම වෙලේම අම්මා කේන්තියෙන්

 පුපුරනවා. තාත්තා එක්ක එකට එක කියාන ගිහින් තාත්තාගෙන් ගුටි කනවා. තාත්තා ගැහුවත් අම්මා 

නවතින්නේ නෑ. තව ගහපන් කියා කියා ඇගේ එල්ලෙනවා. අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. අපි පුංචි

 නිසා පැත්තකට වෙලා අඩ අඩා බලන් ඉන්නවා.''

''ඒ මොකද අම්මේ.''

''අහන් ඉන්නකෝ පුතේ. දවසක් උදේ පාන්දර අම්මා අපිට තේ හද හද හිටියා. ඒ වෙද්දී තාත්තා එළියේ බුරු

 ඇඳේ  නිදි. අපි උදේම ඇහැරලා කන්ද බැහැලා පහල දොලට ගියේ ස්කොලේ යන්න මුණ හෝදන්න. අයියා 

නංගිගෙයි  මල්ලීගෙයි  මුණ හොදවනකොට මම තනියෙම ගෙදර ආවා. එනකොට ගේ ඇතුලේ මහා කෑ 

ගැහිල්ලක්. මම හෙමින් සැරේ ගැහි ගැහි දොර ලගට කිට්ටු වුනා. අම්මා යක්ෂණියක් වගේ කොන්ඩේ 

විහිදගෙන තාත්තගේ සරම කීතු කීතු  වෙන්න ඉරලා.තාත්තා රැල් වෙන්න ඉරුණ සරම වලාපොට ගහලා 

ඇදගෙන අම්මව අල්ල ගන්න උත්සහා කළා. අම්මගේ කොන්දේ ඒ කාලේ බිම ගෑ වෙන්න දිගයි. අම්මා 

කොන්ඩේ අවුස්සගෙන ,දත් විලිස්සාගෙන තාත්තගේ ඇගට පනිනවා. මට ගහපන් මට ගහපන්කියලා. උබ 

මගේ ලගට එන්න නම් එපා කියලා තාත්තට බනිනන්වා.. මට තේරුනේ නෑ මොකද්ද මේ වෙන්නේ කියලා.''

''ඇයි අම්මා අහල පහල කාටවත් කතා නොකළේ.''

''මම හොදටම බය වෙලා හිටියේ දෝණි එතකොට මම තුන වසරේ. ඊට පස්සේ අම්මා. ලාම්පු තෙල් බුලිය 

අතට ගත්තා. මම කවදාවත් දැකලා නෑ අම්මයි තාත්තයි මෙහෙම රණ්ඩු වෙනවා. මම කෑ ගහන්න හැදුවත්

 වචන පිට වුනේ නෑ. මම කීපසැරයක්ම කෑ ගහන්න හැදුවා. එත් සද්දේ පිට වුනේ නෑ. තෝ මගේ ලගට 

එන්න එපා මම ගිනි තියාගෙන මැරෙනවා කියලා අම්මා උගුර යටින් කෑ ගැහුවා. තාත්තා ඇහුවා මම මොන

 මගුලක් කරාටද ගෑනියේ ඔහොම හැසිරෙන්නේ කියලා. මට තව උබ එක්ක ඉන්න ඕනේ නෑ කියලා අම්මා

 බුලියේ මුඩිය අරින්න ගත්තේ  කේන්තියෙන් වෙව්ලමින්. ඒ කලේ ගෙවල් වල පත්තු කලේ ලාම්පු ඒ කාලේ 

කොහෙවත් ලයිට් තිබුනේ නෑ .පොඩි කුප්පි ලාම්පුත් ඇවිලෙමින් තිබුන නිසා බයටමද කොහෙද  තාත්තා 

අම්මව තල්ලු කරලා බුලිය උදුරා ගත්තා. අම්මා විසික් වෙලා ගිහින් වැටුනා. මට දැන් නම් මොකුත්ම ගැන

 සිහියක් නෑ. ඇස් ලොකු කරන බලන් හිටියා විතරයි. අම්මා වැටුනේ ලිප ලගට එතන තිබුන පොල් කටු 

හැන්දක් අතට අරගෙන අම්මා එයාගේ  ඔලුවට ගහගෙන ගහගෙන ගියා. ඒ ගහ ගත්තු වේගෙට වෙන 

මනුස්සයෙක් නම් මැරිලා යනවා. අම්මා කිව්වේ මට ඉන්න බෑ මාව මරපන්, මගේ ලගට එන්න එපා තෝ.

කියලා විතරයි. තාත්තා හැන්ද ඇදලා ගන්න හදත්දී අම්මා  හැන්දේ ඉල්ලිලා කෑ ගහුවා. මට ඉන්න බෑ 

මැරෙන්න දීපන් කියලා.''

''අහල පහල මිනිස්සු ආවේ නැද්ද ඔය සද්දෙට.''

''නෑ අපේ තාත්තා අමුත් මනුස්සයෙක් අහල පහල කා එක්කවත් කතා කලේ නෑ .අපිට යන්න දුන්නෙත් 

නෑ. ගෙදර කන්න නැතත් අම්මට කොහෙවත් යන්න දුන්නේ නෑ. අපිට ඒ කාලේ සමහර වේල් වලට කන්න

 තිබුනෙත් නෑ. රැ වේල තමා අපි බත් කෑවේ.එකත් අපිට ඕනේ විදියට කන්න ලැබුනේ නෑ.පිගානට බෙදන

 බත් ටික විතරයි.අපි පස්දෙනාටම කන්න දීලා අම්මයි තාත්තායි බඩගින්නේ ඉන්න දවස් අනන්තයි.

ලොකු අයියත් ගොඩක් දාට එයාගේ පංගුවෙන් වැඩි හරියක් මල්ලිට දුන්නා. මොකද මල්ලි කෑම කන්න 

හරිම පෙරේත නිසා. දවල්ට කොස් ඇට, කොස්, මඤ්ඤාක්කා,අල වර්ග, දෙල් වගේ දෙයක් අම්මා කොහොම

 හරි හදලා තියනවා. අපි කවදාවත් උදේට කන්නේ නෑ.ඒ කාලේ ස්කොලෙන් උදේට කිරි දුන්නා, බිස්කට් 

වර්ගයක් දුන්නා. ඒවයි දවස ගෙවා ගත්තා.  අපිට යුනිපෝම් තිබුනෙත් නෑ . හැමදාම ඇන්දේ එකම චීත්ත

 ගවුම. අපිට ඇදුම් අරන් දෙන්න වත්කමක් අම්මලට තිබුනේ නෑ.පොත් වල පිටකවර වලට දැම්මේ සිමෙන්ති 

කවර. බෑග් තිබුනේ නෑ පොත් ගෙනිච්චේ අතේ. සපත්තු තිබුනේ නෑ. කකුලට සෙරෙප්පු කෑල්ලක් වත් නැතුව

 අපි කටු අකුල් මැද්දෙන් ස්කොලේ ගියේ කෙටි පාරවල් වලින් යන්න ඕනේ නිසා. ඔය මොන අඩුපාඩු තිබුනත් 

අපි අනිත් මිනිස්සු ලග හෑල්ලු වෙනවට තාත්තා කැමති වුනේ නෑ. අහල පහල කවුරුත්ම ඇසුරූ කෙරුවේ නෑ.

 ඒක නිසා තාත්තා ගෙදර ඉද්දි අහල පහල කවුරුත්ම ගෙදර දිහා හැරිලා වත් බැලුවේ නෑ. ඒ තාත්තා නිහඩ 

චරිතයක් නිසා. එයා ගුප්ත මිනිහෙක් කියලා ගමේ මිනිස්සු හිතන්න ඇති. ''

''ඔයාල පව් අම්මේ.''

       මම අම්මගේ ඇසේ මෝදු වුන කදුළු බිදුව දකිද්දී ඇයගේ ලයට තුරුළු වුනා.

''මට මගේ ඒ අතීතේ මතක් වෙද්දී මට දුක නෑ දෝණි.''

''ඉතින් අම්මේ හැන්ද  උදුරද්දී මොකද වුනේ.''

''කොහොම හරි තාත්තා හැන්ද උදුරා ගත්තම අම්ම අයෙත් දුවගෙන ගිහින් මන්න පිහියක් අතට ගත්තා. 

මම ඒ පාර තවත් බය වුනා. තාත්තට මන්න පිහියෙන් කොටයිද කියලා. දැන් නම් මට කෑ ගහන්නත් බයයි.

 මටත් කොටයිද කියලා මට හිතුනා. මගේ පපුව ගැහෙන සද්දේ මට ඇහෙද්දී මට බය හිතුනේ ඒක අම්මටත්

 ඇහිලා මම මෙතන ඉන්න බව අහු වෙයිද කියලා. අම්මා මුණ වැහෙන්න මූනට වැටිලා තිබුන කොන්ඩේ 

මිටක් කරලා අල්ලලා, මෙසේ උඩින් තියලා මන්න පිහියෙන්  කොටාන කොටාන ගියා. තාත්තට ලං වෙන්න

 බෑ. මන්නේ අතේ නිසා. තාත්තා මන්නේත් උදාර ගත්තම අම්මා ආයෙත් පැනලා බුලිය අතට අරන් මුඩිය 

ඇරලා ඔලුවේ වක්කර ගත්තා. මම ඒ පාර පහලට දුවගෙන ගියේ අයියට කියන්න. මට බය හිතුනා අම්මා 

ගිනි තියා ගනී කියලා. මම කන්ද පහලට දුවන් එද්දී ගලක හැප්පිලා, උඩින් විසික් වෙලා  ගිහින් ගල්ගොදක්

 උඩ වැටුනා. දනිස්සි වැලමිටයි මිටයි තද දැවිල්ලක් දැනුන නිසා බැලුවා, බලනකොට  පලාතක් පතුරු ගිහින් 

ලේ එනවා. චුටි කලිසමක් විතරක් ඇදන් හිටිය නිසා මගේ බඩත් සිරිලා රිදුම් දුන්නා. මට නැගිටින්න ශක්තියක්

 තිබුනේ නෑ . මම එතන ඉදන් ලොකු අයියට කෑ ගහලා කතා කළා. ඇයි ඇයි චුට්ටියේ කියලා අයියා දුවන් 

ආවේ නංගිවත් ඉනේ ගහගෙන.අනේ උබ වැටුනද නංගියේ,හැමදාම කියනවා හෙමින් යන්න කියලා. අයියා 

නංගි බිමින් තියලා මගේ ලගට ආවා. අයියේ අම්මා බලන්න. මට රිදෙන්නේ නෑ. අම්මට මොකද ? අනේ

 ඉක්මනට බලන්න අයියේ. අනේ දුවන්නකෝ.'' ලොකු අයියා ගේ පැත්තට දුවන් ගියා.''

''මානෙල්... මානෙල්....''

''අන්න දෝණි තාත්තා ඇවිත්. දොර අරින්නකෝ.''

       මම දුවගෙන ගිහින් දොර ඇරියා.

 

''මොකද මේ කවදාවත් නැතුව දොර වහලා.''

''අනේ අපි වැහුවේ නෑ තාත්තේ. රේණු වහන් යන්න ඇති.''

''ඉශාන් පුතා හවසද ආවේ. ''

''ආ .. ඔව් අන්කල්''

''මොකද කට්ටිය වට වෙලා, මොකක් හරි ප්‍රශ්නයක්ද?''

''ඔ...''

''නෑ නෑ කපිල. අපි මේ ටිකක් කතා කර කර හිටියා. ඉශාන් පුතත් කාලෙකින්නේ ආවේ.''

    අයියා කතා කරන්න හදද්දී අම්මා මැද්දට පැනලා එහෙම කිව්වේ අයියට රවන ගමන්. අපිට පරණ

 කතාව කියන බව තාත්තා දන ගන්නවට අම්මා අකමැති බව අපිට අම්මගේ හැසිරීමෙන් තේරුනා. 

ඒත් අපි ඒ දේවල් දැන ගන්නවට තාත්තා  අකමැති ඇයි කියලා මට තේරුම් ගන්න බෑ.

මතු හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Dec 2016 02:23 PM
  •  Quote
  •  Reply

ආවේශය.

~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~

 

පස්වන දිගහැරුම.

''අනේ ඔව් අන්කල්. මට මේ ටිකේ විවේකයක් තිබුනේ නෑ. මේ පැත්තේ එන්න. දැන් ඉතින් වෙඩින් 

එකටත් දින ලගනේ. අපි ඒ ගැන කතා කළා.''

''ඒක හොදයි පුතේ අපිට කියත් ඉන්නේ එක දුවයිනේ. දෝනිගේ වේඩින් එක හොදටම කරන්න ඕනේ.''

''අපේ අම්මලත් ඕකමයි කියන්නේ අන්කල්.''

''තේ ටිකක් එහෙම බිව්වද ඉශාන් පුතේ.''

''ළමයි බිව්වා කපිල. ඔයා ඇදුමක් මාරු කරන එන්නකෝ. මම තේ එකක් හදන්නම්.''

     තාත්තා නිදන කාමරය දෙසට ඇදුනා. තාත්තා නික්ම යනතුරු එදෙස බලන් සිටි අම්මා අපි දෙසට හැරුනා.

''පුතේ තාත්තට කියන්න එපා මම ඔයාලට පරණ කතාව කිව්වා බව. දැන් එක පාරට කිව්වොත් කේන්ති යයි.

 මම හෙමින් මේ ගැන තාත්තට කියනකන් ඔයාලා ඒ ගැන තාත්තා ඉන්න තැන කතා කරන්න එපා. වෙන දවසක

 ආයෙත් කතාවේ ඉතුරු ටික ඔයාලට කියන්නම්.''

''අයියෝ අම්මේ මට ඉක්මනට කතාව දැන ගන්න ඕනේ.''

    අයියා කතා කලේ හිතේ වේදනාවෙන් . අයියා හිමා ගැන හුගක් බයෙන් ඉන්න බව ඒ මුහුනෙන් හොදටම 

පෙනුනා. රාත්‍රී ආහාර ගැනීමේ පසු ඉශාන් අයියා පිටවී ගියා. පහුවදා උදෙන් හිමා රැකියාවට පැමිණියේ නෑ.දවල් 

වරුවකින් ඇය සේවයට පැමිණියා. ඔපිස් එකේ සේරම වගේ හිමා දිහා බැලුවේ අමුතු සතෙක් දැක්කා වගේ. මේ

 බැල්මට හිමාට හුගක් රිදෙනවා ඇති හිමා හිටියේ මුනේ සිනහවක් වත් නැතුව. ඇගේ දුක අමතක කරවන්නට 

හිතපු මම ඇය සමග කතාවක් ආරම්බ කළා.

''හිමා හෙට නිමාලිලාගේ ගෙදර යනවද?''

''ඒ මොකටද?''

''එහෙ පිරිත් නේ හෙට. දානේ ගෙටයි,බණ ගෙටයි දෙකටම යන්න විදියක් නැති  නිසා ඉශාන් අයියා කිව්වා 

හෙට යමු කියලා. අනික නිමා කෝල් කරලා කියෙව්වා ආවේ නැත්තේ ඇයි කියලා.''

''අනේ මට අමතක වුනා තෙරු.''

''යමු නේද ? අයියත් යනවා.''

''එහෙමද''

   

    එවර හිමාගේ මුණ ලස්සන හිනාවකුත් එක්ක ලජ්ජාවෙන් රතු වුනා.

'' ආව් ආව් හිනාව. අනේ ඇත්තට කවද්ද ඔයාලා දෙන්නා සෙට් වෙන්නේ.''

'' මම දන්නේ නෑ.''

       උරහිස් හකුලමින් ඇය කිව්වේ දෑස බිමට බර කරන. මේ ඉන්නේ කවදා හරි මගේ නෑනනේ, කොහොම හරි 

ඉක්මනට මේ දෙන්නව ඉක්මනට සෙට් කරන්න ඕනේ කියලා මම තනියෙම කල්පනා කළා.

'' තෙරු ''

''හ්ම්ම්ම්''

''ඔයාලගේ අයියා මට කැමතිද?''

''නැතුව. ඔයා ගැන හුගක් හිතනවා.''

''මට බයයි තෙරු.''

''ඇයි හිමා.''

''දසිරු අයියට ඉක්මනටම මාව එපා වෙයි කියලා. මේ දේ නිසයි මම තාමත් දසුරු අයියා ගැන නොහිතන්නේ.''

''අනේ ඔය දේවල් හිතන්න එපා හිමා. අපේ අයියා එහෙම හිතන කෙනෙක් නෙමෙයි ඔයා ගැන හුගක් හිතනවා.''

''මට බයයි තෙරු මට කවදා මේකෙන් ගැලවීමක් ලැබෙයිද ?''

''ලගදීම . ඔයා බය වෙන්න එපා අපි ඔයා එක්ක ඉන්නවා.මගේ හොද නෑනානේ.''

        දුකින් මැළවුන මුහුණේ පියකරු හසරැල්ලක් නැගී ආවේ සුළන් රැල්ලක් වගේ.

        පසු දින සෙනසුරාදා දිනයක් වු නිසා අපි වාරුවෙන් නිවෙස් කරා යනු ලැබුවා. දිගු සුදු සයක් හැඳ ඊට කැපෙන

 කහ පැහැති වලස් පැටියෙකු මුද්‍රණය කර තිබු සුදු බැනියමක් මා හැඳ ගෙන කණ්නාඩි මේසය ඉදිරිපිට හැඩ වුනේ

 පිරිත් ගෙදර යාම සදහා. ඉශාන් අයියත් මාත් කලින් ඉදන්ම අද හිමාත්, අයියත්  ලං කරන්නට , තනි වන්නට 

අවස්තාවක් ලබා දෙන්නට සැලසුම් කරනු ලැබුවා.

    රත් පැහැ හිරු රැස් ජනෙල් කවුළුවේ මල් කැටයම අතරින් ගලා එද්දී පිටින් ඇහුනු වාහන හඬත් සමග ඉබීටම 

ජනේලය ලඟට ඇදුනා. අපි කතා කරගත් අයුරින්ම ඉශාන් අයියා එයාගේ කාර් එකත් රැගෙන කල් තියාම රේණු 

හැර දුන් ගේට්ටුවෙන් ඇතුලට පැමිණ මිදුලේ බොරළු පොලව මත නතර කරනු ලැබුවා. මම කාමරයෙන් 

ආලින්දයට පිටවන්නට සැරසෙද්දීම මගේ ජංගම දුරකථනය නද දෙන්න වුනා.

''හෙලෝ හිමා මොකෝ හදිස්සිද? අපි තව පොඩ්ඩෙන් එනවා. අපේ අයියා නම් නිදි .රැ නිදිමරන්න හිතන්ද 

කොහෙද?''

     මම හිමාට කතා කරන්නට ඉඩ නොතබාම කියවාගෙන ගියා.

''අනේ තෙරු මට එන්න වෙන්නේ නෑ කියන්න මම ගත්තේ . ඔයාලා යන්න.''

''ඒ ඇයි හිමා අරකි අපිත් එක්ක තරහා වෙයි.''

''අම්මා යන්න එපාලු.''

''ඒ ඇයි මට ආයෙත් එදා වගේ වෙයිලු.''

''එහෙම වෙන එකක් නෑ . ආරක්ෂාවක් දාලනේ තියෙන්නේ. අපි අම්මගෙන් අවසර ගන්නම් ඔයා ඉන්නකෝ 

අපි තව ටිකෙන් ඔහේ.''

''හරි තෙරු මටත් යන්න බයයි වගේ.''

''ඔහොම ඉන්නකෝ අපි එනවා. බුදු සරණයි. ''

     මම දුරකථනය කනේ තියාගෙනම ආලින්දයට පැමිණ තිබුනා.

''මොකද තෙරු වෙලා තියෙන්නේ. ''

''හිමාට යන්න දෙන්නේ නෑලු අම්මා.''

''දෝණි මාත් හිතන්නේ හිමාෂා දුවව ඔය ගමන එක්ක නොගියා නම් තමා හොද.''

''අනේ අම්මේ අපි මේ පැලෑන් කරන් ඉන්නේ හිමාවයි අයියවයි අද සෙට් කරන්න.''

     

     මගේ සැලසුම ගැන ඇහුණම අම්මටත් සිනහා ආවා . අපේ අයියගේ හිතේ හිමා ගැන තියෙන හැගීම මුළු 

ගෙදරටම රහසක් නෙමේ. හිමාලගේ ගෙදරටත් රහසක් නෙමෙයි. දෙමව්පියන්ගේ ආශිර්වාදය කලින්ම ලැබිලා 

තිබුනත්  ඒ දෙන්නා අතරේ ඒ හැගීම  තාමත් රහසක්.

''එහෙනම් දෝණි පිරිත් අහන්න ඉන්නේ නැතුව කලින් එන්න.''

''මොකද පිස්සි වෙලා තියෙන්නේ.''

''අම්මේ අයියා.''

    මම අම්මට කිට්ටු වෙලා රහසින් වගේ කිව්වා.

''හිමාට එන්න වෙන්නේ නෑලු අපිට යන්නලු.''

     මම එහෙම කිව්වේ ඉශාන් අයියට ඇසෙන් ඉඟි කරමින් අයියව පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන.

''ඒ මොකද ? එහෙනම් ඔයාලා යන්න මමත් නවතින්නම්.''

''අප්පේ දැන් මගේ නෑනා නැතුව මෙයාට කොහෙවත් යන්න බෑනේ. යමු යමු අපි නැන්දම්මගෙන් අවසර අරන්

 එක්ක යමු. එකම බෑනාට නැන්දම්මා බෑ නොකියා දු දෙයි.''

''අම්මේ. බලන්නකෝ මේ පිස්සිගේ කට''

     එහෙම කියලා මම අම්මගේ පිටි පස්සේ හැන්ගේද්දී අයියා මට ගහන්න පැන්නා අපි සාලේ පුරා දුවද්දී අම්මයි 

ඉශාන් අයියයි හිනා වෙවී බලාගෙන හිටියා.

'' පේනවා නේද ඉශාන් පුතා. තාම පොඩි ළමයි වගේ පුදුම දාංගලයක් තියෙන්නේ.''

''ඒක තමා ආන්ටි මෙයා අපේ ලොකු අක්කගේ බබාලාත් එක්කත් සෙල්ලම් කරයි මට පෙන්නේ අපේ ගෙදර 

ආවම.''

''අනේ අම්මේ මාව බේර ගන්නකො. අනේ අයියේ කොන්ඩේ අතාරින්නකෝ .ඔය දැන් ආයෙත් පීරන්න 

වෙනවා.''

''පුතේ කෙල්ලට ගහනවා එහෙම නෙමේ විහිළුවක්නේ කලේ.''

      මම අයියා මාව අතහැරපු ගමන් දුවගෙන ඇවිත් අම්මගේ බද වටා අත් යවලා තුරුළු වුනා.

''අපි යමු නේද දසිරු අයියේ.''

     අපි අම්මගේ දෙපා වැදලා නිවසින් නික්මුනා. මමයි ඉශාන් අයියයි මිදුලේ නවත්තලා තිබුන කාර් එකට යද්දී 

අයියා ගරාජ් එක දිහාවට හැරුනා.

''ඒ අයියා කොහෙද ඔය යන්නේ.''

''කාර් එක ගෙන්න.''

''ලොකු මස්සිනා අද මම ඩ්‍රයිවර්. ඔයාට තියෙන්නේ ලොකු නෑනාත් එකකේ පිපස්සේ සීට් එකේ කුල් එකේ

 යන්න.''

''එකත් නරකම නෑ''

''ඕවා ඉතින් කරලා දෙන්න මේ පිස්සිම ඉන්න ඕනේ හී හී.''

      මම ආඩම්බරයෙන් එහෙම කියලා අයියාට විරිත්තලා  ඉදිරපස අසුනට බර වුනා. අයියත් පිටුපස අසුනේ වාඩි

 වුනාම අපි හිමාලගේ ගෙදරට යන්න පිටත් වුනා. මම ඉදිරිපස කන්නාඩියෙන් අයියා දිහා බලලා ඉෂාන් අයියට වැලමිටෙන් ඇනලා අයියව පෙන්නුවා. අයියා වෙනම ලෝකෙකක තනියම හිනා වෙනවා. ඇත්තටම අයියා හිමා

 ගැන ආදරෙන් ඉන්න එක ගැන මට දැනුනේ ලොකු සතුටක් . අද මේ සතුටට නැන්දම්මා හරස් වෙයිද දන්නේ

 නෑ.මම තනියම කල්පනා කලේ කණ්නාඩියෙන් අයියා දිහා බලාගෙන.


මතු හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Dec 2016 03:02 PM
  •  Quote
  •  Reply

ආවේශය.


~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~

 

හයවන දිගහැරුම.


      නිවසින් මද දුරක් පැමිණෙන විට පාර දෙපස  හමු වන වෙල් එලියට අද වෙනදට වඩා අමුතුම ලස්සනක්

 ඒක වී තිබුනේ අවරින් බැස යන හිරුගේ රශ්මී කදම්බය නිසයි . පෙනෙනතෙක් තෙක්මානයේම වු වෙල්

 නිසාම අහස් කුස මා නෙතට වැඩි පුරාම නිවාරණය වී තිබුනා. කාර් රථයේ පැති වීදුරුව පහත් කරගෙන

 මම ඒ සුන්දරත්වය විදිමින් වුන්නා.වැඩි වෙලාවක් යන්නට කලින් ප්‍රධාන මාර්ගයට පිවිසි, හිමාලගේ නිවාස

 වෙත යන පටු මාවත වෙත යොමු වුනා.

''ආ දරුවනේ, ඔයාලා ආවාද?''

''කෝ ආන්ටි හිමා ලෑස්ති නැද්ද?''

''ඇයි එයා කෝල් කරලා කිව්වේ නැද්ද? එන්න වෙන්නේ නෑ කියලා.''

''කිව්වා ආන්ටි , පොඩ්ඩක් එන්නකෝ මට ආන්ටිට කියන්න දෙයක් තියෙනවා.''

       මම හිමාලගේ අම්මගේ අතේ එල්ලිලා අයියාගෙන් ටිකක් ඈතට එක්කා ගෙන ගොස් අපේ සැලසුම 

ගැන කිව්වා. ඇයත්  එක හෙලා ඉන් සතුටු වුනේ හිමාගේ හිතේ තියෙන පීඩනය මදකට හෝ නිදහස් වෙයි 

කියලා හිතලා.මම කාමරයට යන විට හිම සිටියේ ඇදේ වැතිරිලා.මම යන්න අවසර ගත් බව කිව් විගස ඇය

 ඇදෙන පැන නාන කාමරයට වැදුනා. ඇයට සුදානම් වී එන්නට ඉඩ හැර මම ආලින්දයේ ඇති වී තිබු කතාවට 

එක් වුනා.

''තේරුණි දුවේ මතක ඇතිව පිරිත් අහන්න ඉන්නේ නැතුව ඉක්මනට ගෙදර එන්න.''

''හරි ආන්ටි . අපි රැ නොවී එනවා.''

''හරි අපි යමු.''

      හිමා ලා දම් පැහැ සායට සුදු බැනියමකුත් හැදගෙන අපි අතරට එක් වුනේ හරිම සතුටින්,  මම කාටත්

 කලින් දුවගෙන ගිහින් ඉදිරිපස අසුනට නැගුනා.

'' ඒ පිස්සි යනවා පිටි පස්සට ''

''ඒ මොකටද ? මට ඉශාන් අයියා ළග යන්න ඕනේ.''

''අනේ පිස්සියේ යනවා පිටි පස්සට.''

'' බෑ .. බෑ...''

''අනේ තෙරු උබ පස්සට වරෙන්කො .''

'' බෑ බෑ අයියා උබව ගිලින්නේ නෑනේ  .''

      අවසානයේ, ලැජ්ජාසීලී සිනහවක් මුව දවටාගෙන දෙදෙනාම පිටු පස අසනට බර වුනා. ටික දුරක් නිහඩව

 ගමන් කල ඔවුන් දෙදෙනා ටිකින් ටික කතාව පටන් ගත්තා. ඉශාන් අයියත් මමත් ඔවුන් දෙස හොරෙන් 

බලමින් සතුටු වුනා.

      පිරිත් ගෙදරට යාමට පැය භාගයක පමණ කාලයක් ගත වන නිසා, අපි ගමන තවත් පමා කළා. පිරිත් 

ගෙදර වට පිටාවෙහි තිබුනේ හරිම ශාන්ත බවක්. ගොක් කොළ වලින් නිවසට ඇතුල්වන  ස්ථානය සරසා ති

බුනා. අවට පරිසරය පුරාම විදුලි පහන් දල්වා, ආලෝක ගන්වා තිබු නිසා ඈත පෙනුනේ අමුතුම අසිරියක්. 

කාර් එක පාර කෙලවර ඉඩ ඇති තැනක නතර කර අපි නිමාලීලාගේ නිවසට ඇතුල් වුනා. ආදරයෙන් අපිව 

පිලිගත් ඇය, කාර්යාලයේ අනෙක් යහළුවන් සිටි තැනට අපිව එකාගෙන ගියා. අපි හිතුවටත් වඩා හොදට 

අපේ සැලසුම සාර්ථක වෙලා තිබුනා. හිමාට මම ඉන්නවද නැද්ද මතක නෑ. අයියා ලගම අසුනක ඉදගෙන 

අයියා සමග  කතා කරමින් සිටියා. අපි රැ ආහාරයෙන් පසු එන්න සැරසුනත්, අනිත් යහළුවන් අපිට ඉන්න

 කියලා ඇවිටිලි කළා. පිරිත් පටන් ගන්නට සුදානම් වු නිසා. ටික වෙලාවක් ඉදලා යන්න අපි තීරණය කළා.

     සුදු තිර රෙදි ඇදලා, සුදු රෙදි වියන් ඇඳලා , පිරිත් මන්ඩප්පය වටා ගොක් කොළ වලින් අලංකාරවත්ව

 සරසා තිබුනා. පිරිත් මන්ඩප්පය මැද මේසය මත පිරිත් කිරීමට පැන් කාලය තබා තිබුනා. අපි හතර දෙනාත්

 බිත්තියක් ආසන්නයේ වාඩි වුනේ පිරිත් අසන්නට සිතාගෙන. පිරිත් කරන්නට ගෙන තිබු නුල් පන්දුව පිරිත්

 අසන්නට සුදානමින් සිටි අය අතට එවනු ලැබුවා. පිරිත් නුල අල්ලාගෙන අපි පිරිත් සවන් දීම ආරම්භ කළා.

 හිමා වාඩි ගෙන සිටියේ මා අසලින්මයි .මම ඇගේ මුහුණට එබී බලද්දී ඇය සිටියේ හරිම සැහැල්ලු හැගීමකින්

 කියලා මට දැනුනා .ඈ  අසලම අයියා වාඩි ගෙන හිදීම ඇගේ සැනසීමට හේතුව කියලා මම හිතුවා.

     නිතරම අසා පුරුදු කරණීය මෙත්ත සූත්‍රය පිරිත් මන්ඩප්පයෙන් තුලින් අපගේ සවනත වැදී ඇති කලේ 

සැදැහැති සිතක්. ඒ හඬම පිටත සවිකර තිබු සබ්ධ විකාශන යන්ත්‍රය ආදාරයෙන් නැවත  නැවතත් රැව් පිලි රැව් 

දුන්නා. ටික වෙලාවකට පසු බෙරයක් වයමින් සබ්ධයද ත්ර්වුර කරමින් පිරිත් දේශනය පැවතුනා.

''තෙරු මට ඉන්න බෑ.''

''ඇයි ඇයි .. හිමා.''

''අනේ දසිරු අයියේ. මගේ ඇගම පිච්චෙනවා වගේ. ''

      හිමා හිටියේ සැබවින්ම අපහසුවෙන් ,ඒ බව ඇගේ මුහුනෙනුත් ,ගතම තෙත් කල දා බිදුවලිනුත් වැටහුනා. 

දෑසේ බිය ගත ස්වරුපයත් සමග විශාල දා බිදු නළලත් නැගී තිබුනා. ටිකෙන් ටික මුහුණ බියකරු ස්වරුපයක්

 ඇති වෙමින් , හිද සිටි ඉරියව්වෙන්ම එහෙට මෙහෙට වැනෙන්නට පටන් ගත්තා.

''අපි එලියට යමු එන්න.''

''මට බෑ. මට ඉන්න දීපියව්.''

      අයියා හිමාව එලියට රැගෙන යන්නට සුදානම් වෙද්දී  ,අයියව එහාට තල්ලු කරමින් මුළු ගේම

 දෙදෙරන්නට තරම් හයියෙන් කෑ මොර දුන්නේ වට පිටාවේ වුන් සියල්ලන්ම බිය ගන්වමින්. එදා වගේම 

හයියෙන් හුස්ම ගන්නත් ,යටිගිරියෙන් කෑ ගහන්නත් පටන් ගත්තා.

''ඕක නවත්තපියව් .... හ්හ්හ්හ්හ් .. මවත්තපියව්...හ්හ්හ්හ්...''

   හිමා නැවත නැවතත් කෑගැහුවේ කොන්ඩ කටුවකින් එක් කර තිබු කෙස් කලබ මුහුණට හෙලාගෙන වටයට කරකවමින්. ඇය අල්ලා ගන්නට කීපදෙනෙක්ම එක් වුනත් ඇය නවත්වන්නට කාටවත්ම නොහැකි වුනා.

''ඕක නවත්තපියව්....හ්හ්හ්හ්හ්හ්..හ්හ්හ්හ්හ්... නවත්තපියව්... මාව පිච්චෙනවා ඕක නවත්තපියවූ...''

   හිමා බිම පෙරළෙමින් දැගලුවා. බයටම මගේ දෑසට කදුලක් නැගෙද්දී අයියා හිමාව අල්ල ගන්න උත්සහා 

කලා.

''කෝ ඔයාලා ඔය ලමයව අතාරින්න.''

        පිරිත් මන්ඩප්පයෙන් එලියට පැමිණ වයස් ගත  පුද්ගලයෙක් පැවසුවා. හිමා එම පුද්ගලයා දකිත්ම 

බියෙන් හැකිලෙමින් මුහුණ සගවා ගන්නට උත්සහා කළා.

''අනේ මාමේ මගේ හිමාට මක් වෙලාද.?''

''හ්හ්හ්හ්... ඕක නවත්තපියව්.....හ්හ්හ්හ් ... ඕක නවත්තපියව් .... ඕක නවත්තපියව්...හ්හ්හ්හ්...හ්හ්හ්...හ්හ්හ්

.හ්හ්..හ්හ්හ්..''

     හිමා ඒ පුද්ගලයා දෙස බියෙන් බලමින් පහත් හඩින් කෙදිරුවා.

''අනේ මාමේ අපි බෙරේ ගහන එක  නවත්තමුකෝ මට බලන් ඉන්න බෑ.''

'' ඔහොම ඉන්න දරුවෝ බය වෙන්න එපා මොකුත් වෙන්නේ නෑ. මට පෙනේ මේ දරුවට මළගිය ඥාතිකගේ 

බලපෑමක් තියෙනවා. දෙවොල් බෙරේ ගහද්දී , සෙත් පිරිතටයි  ඒ මළගිය ඥාතිගේ හැසිරීම තමයි මේ.

 ඉක්මනටම දෙයක් කරන්න වෙයි . ඒ නපුරු ආත්මයට බුදු බණ අහන ඉන්න ශක්තියක් නෑ එකයි මේ

 දගලන්නේ.''

''අනේ අපි බෙරේ ගහන එක නවත්වමුකෝ මාමේ,,''

''එහෙම නවත්වන එක අසුභයි.''

    ඒ එක්කම වගේ බෙර වාදනය අවසන් වුනා. එත් එක්කම හිමාගේ සිරුර අප්‍රාණික වෙලා කඩන් වැටුනා.

'' හිමා නංගා ... හිමා නංගා..''

''කෝ ඉක්මනට මේ ළමයට වතුර ටිකක් ඉහින්න.''

      වටවී සිටි පිරිසගෙන් අයෙක් හිමාට දීය බිදු කිහිපයක් ඉසිනු ලැබුවා. අයියා හිටියේ හිමාව උකුලේ 

හොවාගෙන. මලානික වුන මුහුණින් හිමා වටේ රැස් ව සිටි පිරිස දිහා නෙත් කරකවලා බැලුවා. මට දැනුනේ

 මම ගැනම කේන්තියක් , අර තරම් අපේ අම්මයි , හිමාගේ අම්මයි එපා කියද්දී මම හිමාව එක්ක ආවනේ. 

ශික් පිරිත් පටන් ගන්න කලින් යන්න තිබුනේ. කදුලිනුත් දා බිදු වලිනුත් තෙත් වී තිබු මගේ මුහුණ පිට 

අත්ලෙන් පිස දමමින් මම පසුතැවිලි වුනා.

''දසිරු අයියේ ... ''

''අනේ මගේ හිමා නංගා ඔයාට දැන් හොදයි නේද?''

''අනේ මට සමාවෙන්න දසිරු අයියේ,''

''ඉශාන් අපි ගෙදර යමු කාර් එක අරන් එන්න.''

      හිමා ලග වාඩි ගෙන කොළයකින් පවන් සලමින් සිටි ඉශාන් අයියා, ඉක්මනින් නිවසින් නික්මුනේ කාර් 

 එක රැගෙන එන්න. අපි  තුන්දෙනාම හිටියේ පුදුමාකාර දුකකින් වගේම වේදනාවකින්.

''නැගිටින්න හිමා නංගා.''

''මගේ ඇගට පණක් නෑ වගේ අයියේ .තව චුට්ටක් ඉදලා යමුද?''

''මම ඔයාව අරන් යන්නම්, තාම පිරිත් කියනවනේ මට ඔයාව මෙතන තියන් ඉන්න බයයි.''

''දරුවෝ ඉක්මනින්ම මේ දරුවා වෙනුවෙන් දෙයක් කරන්න.''

''හොදයි මාමේ අපි යන්නම් දැන්.''

     අයියා හිමාව හරහට දෑතට  ගෙන පාර දෙසට ගමන් කළා. නිමාලිට  යන බව පවසලා මමත් එතනින් 

පිට වෙලා ආවේ එතන සිටි සියල්ලන් අමුතු විදියට අපි දිහා බලන් ඉද්දි. අපි කාර් එකට නැගී හිමාලගේ 

නිවාස කරා යන්න පිටත් වුනා.

''දැන් අමාරුවක් නෑ නේද හිමා නංගා.''

''නෑ දසිරු අයියේ. ''

    එසේ කියමින් ඇය අයියගේ උකුලෙන් නැගිටින්නට උත්සාහා කළා. ඇය ගැන තිබුන බය නිසාම කාර්

 එක තුල  තිබුන මද අදුරේ මම ඉදිරිපස කණ්නාඩියෙන් ඔවුන් දෙස බලාගෙන වුන්නේ.

''නැගිටින්න එපා ඔහෙම ඉන්න හිමා නංගා.''

''අනේ මට සමාවෙන්න දසිරු අයියේ. මේ දේවල් මම දැනුවත්ව කරන දේවල් නෙමෙයි.''

''මම ඒක දන්නවා මගේ කෙල්ලේ. දුක් වෙන්න එපා. මම මොකුත් ඇහුවේ නෑනේ .ඒ ගැන හිතන්න වත්

 එපා.''


මතු හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Dec 2016 10:43 AM
  •  Quote
  •  Reply

ආවේශය.

~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~

 

හත්වන දිගහැරුම.

''එත් දසිරු අයියේ ඔයාට ඉක්මනටම මාව එපා වෙයි. මේ වෙන දේවල් කවදා නතර වෙයිද කියලා, 

මම  දන්නේ නෑ.''

''ස්ස්ස්ස්ස්..... දැන් ඔය කතාව ඇති. මට ඔයාව කවදාවත් එපා වෙන්නේ නෑ. අපි කොහොම හරි ඔයාව 

මේකෙන් බෙර ගන්නවා.''

''දසිරු අයියේ.''

''හ්ම්ම්ම්ම්  ඒ පාර මොකද හිමා නංගා.''

''මම ඔයාට ආදරෙයි.''

''මමත්, මම ඒක දන්නවා මැණික,''

        එසේ පවසමින් අයියා හිමාගේ කොපුල මත ආදරෙන් හාදුවක් තැබුවා. ඒ හඬ යාන්තමින් මගේ

 සවනත් වදිද්දී මම දෑස් තද කර පියා ගත්තේ, වියලුනු කඳුළු අලුත් කරමින්. හිමාට ඒ සැනසීම වත් 

ලැබීම ගැන මම හදවතින්ම සතුටු වුනා. මම දැනන් හිටියා, ඇයට පාලනය කර ගන්නටත් නොහැකිව

 දහසක් නෙත් ඉදිරිපිට සිදු වන සිදුවීම් නිසා ඇය හොදටම කැලබිලා ඉන්නේ කියලා. කියා ගන්න බැරි 

වේදනාවකින් ඉන්නේ කියලා . ඒ හිතට මේ ආදරේ ලොකු අස්වැසිල්ලක් වෙයි.

      මේ හැමදේම මම දැක්ක බවක් අයියට පෙනුනේ නැහැ. ඒ  ඔහු  ආදරයත් බියත් නිසා වියුරු වැටි

 සිටි නිසා.හිමාලගේ  නිවාස ඉදිරිපිට වාහනය නතර වෙද්දී හිමා හිටියේ අයියහේ පපුව මත නින්ද ගිහින්.

''හිමා හිමා... ''

     මම පිටුපස දොර හැර හිමාව ඇමතුවා.

'' නැගිටින්න ළමයෝ වෙන දවසක බැරියයි අයියගේ තුරුලේ නිදා ගන්න.''

      හිමා මැලවී ගිය මුහුණින් මද සිනහවක් පාලා කාර් එකෙන් බිමට බැස්සා.''

''හිමා නංගා පයින් යන්න පුලුවන්ද?''

''පුළුවන් පුළුවන් දසිරු අයියෝ ''

''මගේ නෑනට පයින් යන්න දෙන්නම කැමති නෑ වගේ,''

''නංගා  මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි.''

     අයියා ස්ථාවර ස්වරයෙන් කියද්දී මම නිහඩ වුනා. එත් මගේ සිත පැවසුවේ නම් එයාලට ආදරේ කරන්න

 හොදා අපි කිව්වම තමා රිදෙන්නේ කියලා . ඔවුන් දෙන්න ඉස්සර වී යද්දී මම ඉශාන් අයියා එක්ක පසු

 පසින් ගියා. මම රහසින් වගේ ඉශාන් අයියා එක්ක වුන දේ කිව්වා. මොන දෙයක්  සිද්ද වුනත් 

බලහත්කාරයෙන් ගිය ගමනින් ඔවුන්ට යහපතක් වීම ගැන මමත් ඉශාන් අයියත් සතුටු වුනා.

     පිරිත් ගෙදරදී සිදු වුන දේ කිව්වම හිමලගේ අම්මා අපිට හොදටම  දොස් කිව්වා. මම කිව්වනේ කලින්

 එක්ක යන්න එපා  කියලා, කියලා.

''අනේ එයාලට බනින්න එපා අම්මේ. ''

''හරි හරි දැන් ඒක වෙලා ඉවරනේ. ආන්ටි අපි මොකද කරන්නේ මේකට?''

''හොද කට්ටඩියෙක් හොයා ගන්න වෙනවා පුතේ. කලින් එකත් හොරෙක්නේ නැත්තම් ආයෙත් මෙහෙම 

වෙන්න විදියක් නෑනේ.''

''හරි ආන්ටි අපි ඉක්මනටම කෙනෙක් හොයා ගමු. කෝ අන්කල් ..''

''එයාට නින්ද ගිහින් පුතේ. ඔය ළමයි දැන් යන්න. දැන් හුගක් රැ වෙලානේ.''

        ඒ ගමනින් බයත් දුකත් සතුටත් උරුම වුන හැගීමකුත් එක්ක අපි අපේ නිවාස කරා පැමිණියා. දැන් 

හුගක් රැ වී තිබු නිසා අයියා ඉශාන් අයියට එහි නවතින ලෙස කියා සිටියා. නමුත් ඉශාන් අයියට ඕනේ

 වුනේ ගෙදර යන්න. ඉශාන් අයියා මේ රැ තනියම යනවට මටත් බයක් දැනුනා.

''ඔයාලා ආවද පුතේ. කිසි අවුලක් වුනේ නෑ නේද පුතේ අර ළමයට.''

''ඒ කිව්වේ තාත්තේ.''

      තාත්තා එහෙම අයියාගෙන් විමසද්දී අයියා පුදුමයෙන් අසා සිටියා.

''අම්මා මට හැමදේම කිව්වා පුතේ. හිමාෂා ළමයට කරදරයක් වුනේ නෑ නේද ? දෙවොල් බෙරේ ගැහුවනම්

 ඇවිස්සෙනවා. මම මේ අම්මටත් බැන්නේ ඇයි ඔය ගමන යන්න දුන්නේ කියලා.''

        අපි තාත්තයි අම්මයි එක්ක වුන දේ කිව්වවා. නිහඩව කතාව අහගෙන හිටපු තාත්තාගේ නළල රැලි

 ගස්වමින් කල්පනා කරන්න වුනා.

''හරි පුතාලා දැන් නිදා ගන්න. හෙට මම ගමේ යන්න ඉන්නේ. මම අපේ මාමා එක්ක මේ ගැන කතා 

කරනම්.''

''සියා ඒ වැඩ ගැන දන්නවද තාත්තේ.''

''ඔව් ගාල්ල කියන්නේ බලවත් කට්ටඩි ඉන්න පැත්තක්නේ පුතේ. අපේ මාමා ඒ වැඩ වලට බොහොම 

දක්ෂයි. මම එයාව එක්කගෙන එන්නම්. ''

''අනේ මමත් එන්නද තාත්තේ ඔයා එක්ක යන්න.''

''එපා පුතේ හෙට හිමාෂා දුවව පන්සලට එක්ක යන්න. එයාට පොඩි හරි සැනසීමක් දැනෙයි .පුතා දුව 

ලගින් ඉන්න. දුව හුගක් බයෙන් ඇත්තේ.''

''හා තාත්තේ. සීයා මේ වැඩේ කරලා දෙයි නේද?''

'' ඔව් පුතේ. මේ නුල හෙට ඒ දුවගේ කරේ බදින්න.''

    තාත්තා අයියා අතේ නුලක් තැබුවා.

''මේ කොහෙන්ද තාත්තේ.''

''ප්‍රශ්නේ අහන්නේ නැතුව ඕක බදින්නකෝ පුතේ.''

''හරි තාත්තේ.''

''ඉශාන් පුතා මේ රැ තනියෙන් ගෙදර යන්න එපා. මෙහෙ ඉදලා හෙට උදේ යන්න.''

''හරි අන්කල්.''

''මම යනවා නිදා ගන්න. මානෙල් ඉශාන් පුතාට නිදා ගන්න ලෑස්ති කරලා  දෙන්න. ''

     තාත්තා අපිට පිටුපාලා කාමරය දිහාවට ඇදුනා.

''අම්මේ අද මාත් එක්ක දොයියන්න එන්නකෝ.''

''මොකෝ දෝනී ''

''මට හිමාට වුන දේ මතක් වෙද්දී තනියම නිදා ගන්න බයයි. ''

''අනේ හරි දෝණි. ඉශාන් පුතාට නිදා දන්නා තැනක් හදලා දීලා මම එනම්.''

''එතකන් මමත් ඉන්නම්.''

    ආලින්දයේ තරමක් අදුරු තැන වලට නෙත යොමු කරමින් මම සුසුම් හෙලුවා. මොකද මගේ හිතත් 

ටිකක් හෙල්ලිලා තිබුනේ. ඒ අදුර මැදින් මට නොයෙක් බය හිතෙන දර්ශන මැවී පෙනුනා.

''මොකද දෝණි බය වෙලා වගේ.''

     මම අම්මගේ හඩත් එක්ක ගැස්සිලා අම්මා දිහා බැලුවා. අම්මා ඉශාන් අයියට නිදා ගන්න තැනක් 

සුදානම් කරලා එනකන්ම මම ගේ මැද්දේ හිටගත්තු තැනටම වෙලා හිටගෙන සිට ඇති බව මට 

වැටහුනේ ඒ මොහොතෙයි.

''දෝණි''

''මට බයක් දැනෙනවා අම්මේ. ''

''ඕවා කල්පනා කරන්න එපා යමු නිදා ගන්න.''

    මම අම්මාත් සමග මගේ කාමරය වෙත ඇදිනා. අදුරේ ගිලි තිබු කාමරයට ඇතුල් වෙන්න මට දැනුනේ

 ලොකු බයක්.

''අනේ අම්මේ ලයිට් එක දාන්නකෝ.''

''මොකද දෝණි අද හුගක් බය වෙලා.''

       අම්මා කාමරේ විදුලි බුබුල දැල්ලුවාට පසුව මම අම්මා පසුපසම කාමරයට ඇතුළු වුනා.

''දෝණි වොෂ් එකක් දාන් එන්න. ඔය හිතේ කලබලයත් අඩු වෙයි.''

      දැන් වෙලාව රැ දොළහටත් කිට්ටුයි . මට තනියම නාන කාමරයට යන්න බය හිතුනා . මම අම්මට 

දොර ලගට වෙලා ඉන්න කියලා නාන කාමරයේ දොර හැර ගෙනම ඇඟ දෝවනය කරමින් සිටියා. මුළු 

නිවසම අදුරේ ගිල්වමින් එක වරම ලියාලු විදුලි පහන් සියල්ල නිවී ගියා.

''අම්මේ.''

     මම දිය බෙරෙමින්ම අම්මගේ ළගට පැනලා ලය මත මුහුණ හොවා ගත්තේ, අදුරෙනුත් ජල බිදුවලින්

 දැනුන සීතලෙනුත් පීඩා විදිමින්.

''ඇයි දෝණි ලයිට් ගියා. මොකද මගේ දෝණි මේ තරම් බය වෙලා.''

    ඒ එක්කම මුළු නිවසම ඒකාලෝක වෙමින් නැවතත් විදුලි පහන් දැල්බුනා  වුනා.

''පිස්සු කෙල්ල මාවත් තෙමුවා. ඉන්න දැන් මම ඇදුමක් මාරු කරන එන්න.''

''අනේ අම්මේ යන්න එපා. මට බයයි.''

''මොකද දෝණි. මම හොදටම තෙමිලානේ. මෙහෙන නිදා ගන්න පුලුවන්ද.''

     අම්මා තෙමී ගිය රැ ඇඳුම පෙන්වමින් මට කිව්වා. එත් අම්මට යන්න කියන්න මට බයයි මගේ හිත 

කිව්වෙම අද මොනාම හරි සිද්ද වෙයි කියලා.

''අනේ අම්මේ ඉන්නකෝ මම ඇදුමක් දා ගන්නකන් මමත් එනවා අම්මා එක්ක යන්න. ''

      පුළුවන් ඉක්මනට ඇග දැවටුන  සබන් ටික සෝදාගෙන මම කාමරයට ඇවිත් රැට අදින ලා කොල 

පැහැ හීන් සුදු පැහැ තිත් ඉහුණු කොට ඇදෙනසුලු කලිසමත් අත් නොමැත බැනියමත් ඇඟ ලා ගත්තේ  

වටපිට බලමින්. සැබවින්ම මට අල්මාරිය අරින්නටත් බියක් දැනුනේ, මගේ හිතේ නැගෙන බයානක රුප

 අල්මාරිය ඇතුලත සිට මගේ ඇඟට පනීද කියා සිතීම නිසයි.

'' යමු අම්මේ.''

   මම අම්මගේ ඇගේ ගෑවී නොගෑවෙන තරම් ලගින් අම්මගේ කාමරයට ගියා.

''මානෙල් අද නිදා ගන්නේ නැද්ද ? ''


මතු හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below