You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2017 12:16 AM by  සඳුනි
හිරුයි තරුයි
 200 Replies
Sort:
Page 4 of 11 << < 23456 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 04:33 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

දොළොස්වන කොටස.

‘‘බය වෙන්න දෙයක් නෑ. තව වැඩය තේරෙන්නේ නෑනේ. ඕනේ කෙනෙක් ළගට යනවා අඩන්නේ නෑ.‘‘

ඔහු පුංචී දරුවා මා දෙසට පාද්දී මම නිරායාසයෙන්ම ඔහු ගැනීමට දෑත් පෑවේමි.

‘‘ ආ... බෙල්ල ලගින්  අතක් තියා ගන්න. තාම තනියෙම ඔළුව උස්සන් බන්න බෑ අපේ සං ට.‘‘

      මම පරිස්මින් අනුහස් සර්ගේ චූටි පුතාව අතට ගත් පසු අම්මා තාත්තා වත් තවම අදුරන්නේ නෑති පුංචී 

දරුවා හරියට මම අදුරනවා වගේ කට පැත්තට කරලා හිනා වුණේය. සයුමි කිව්වා හරි හරිම හුරතල් බබෙක්. 

ඒත් මට සයුමිගෙන් අහන්න බැරි වුණානේ කොහොමද මේ බබාව දැක්කේ කියලා. සමහර විට මෙහෙ 

එන්න ඇති බබා බලන්න.

     පුංචී දරුවගේ හුරතල් බල බල නොදැනිම කාලය ගෙවි යද්දී මට ආපු කාර්යද අමතක වී තිබුණි. මා

 අසලම වාඩී වී සිටි අනුහස් සර්ගේ අම්මා චුටී බබාව හුරතල් කරද්දී චුටී බබා තව තවත් දගලන්න ගත්තේය.

‘‘සදනී නංගීයෝ කෑම ටිකක් කලා ඉමු නේද?.‘‘ මම මොකුත් නොකියා සිනා වී, නැවත දරුවා දෙස

 බැලුවෙමී.

‘‘එයා එක්ක ඉන්න ගියොත් නම් අද නංගිට ගෙදර යන්න ලැබෙන්නෙත් නෑ. කෝ දෙන්න. කෝ මෙහේ

 එන්න මගේ සං‘‘ අනුහස් සර්ගේ බිරිද චුටී බබාව හරි පරිස්සමට වඩාගෙන තුරුළු කර ගත්තාය.

‘‘යමු සදනී කෑම කන්න. අම්මේ පොඩී  නෑ නේද?‘‘ අසුනින් නැගිටින ගමන් අනුහස් සර් විමසුවේය. සර්ට

 නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවද? මම දැනන් හිටියේ නෑනේ. මම හිතින් සිතමින් බිත්ති මත එල්ලා

 තිබුණ චායා රූප දෙස නෙත් යවලා බලන්න වුවෙමි.

‘‘ඔය ගියේ යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා. එයාට වෙන රාජකාරියක් නෑනේ.‘‘ අනුහස් සර්ගේ අම්මා

 ලොකු සුසුමක් හෙළා කනස්සල්ලෙන් මෙන් පැවසුවාය.

‘‘යමු දුවේ.‘‘

‘‘හා යමු.‘‘ මම ඇයවත් ඉස්සර කරගෙන  වටේ තියෙන චායාරූප දෙස හොදට බැලුවෙමි. ඔවුන්ගේ කුඩා

 කල ගත් චායාරූප කීපයක්ම ආලින්දගේ එල්ලා තිබුණි. ඉන් පැහැදිලි වුයේ සර්ට ඉන්නේ තවත්

 සහෝදරයෙක් බවයි.  තව අනුහස් සර්ගේ මංගල චායා රූප, අනුහස් සර්ගේ අම්මාගේ කියලා හිතන්න 

පුළුවන් පැරණී තවත් මංගල චායා රූපක්. තවත් පසෙකින් සදු මල්මාලාවක් දැමු. අනුහස් සර්ගේ පියා 

විය හැකි චායා රුවක් විය. මම සියල්ල සිතින් අනුමාන කරමින් ඉදිරියට ඇදුනෙමී. කෑම කාමරය දෙසට 

හැරනවාත් සමගම මගේ නෙත ගැටුණු චායාරුවින් මම එක තැන ගල් වුනෙමී.

‘‘ තරූෂ... නෑ ... නෑ .. දිනිදු.. ‘‘මට ඉබේටම කියැවුණි.‘‘

‘‘දු මෙයාව දන්නවද?..‘‘ මේ මගේ පොඩි පුතා. අනුහස් සර්ගේ මල්ලී.‘‘

‘‘ඔව් එක දවසක් අපිට හම්බෙලා තියෙයි අහම්බෙන්.‘‘ මම කළබලේට කියන් ගියේ මේ ඒ දිනිදුමද කියලා

 දැන ගන්න අවශ්‍ය වු නිසාවෙනී.

‘‘කොහෙදිද දූ.‘‘

‘‘අපි කරපු කම්පියුටර් කොර්ස් එකේ, අවසන් පාටී එකේදී.‘‘ මම එහෙම කියලා අනුහස් සර් දිහා බලද්දී 

සර්ගේ මුහුණේ තිබුණේ ඇහුණේ අලුත් දෙයක් නෙමෙයි කියනවා වගේ හැගීමකි.

‘‘ඔව් අම්මේ මෙයා තමයි අපේ පොඩීගේ ගෘප් පොටෝ එකේ ඉන්නේ. ඒකයි අම්මා දැකලා තියෙයි වගේ 

දැනුනේ.‘‘ මම පුදුමයෙන් අනුහස් සර් දෙස බැලුවෙමී.

‘‘ආනේ ඇත්තනේ නේන් නම්.‘‘

‘‘ඒ පොටෝ හම්බුණාද?.‘‘

‘‘ඔව් ඊයේ ගෙනාවේ. අර බලන්න.‘‘ අනුහස් සර් ඊට ටිකක් එහාට වන්නට පිහිටා තිබූ කාමරයේ දොර රෙද්ද 

මෑත් කර පොත් මේසය මත තිබු චායා රුව පෙන්නුවේය.‘‘ මම නිරායාසයෙන්ම කාමරය තුළට ඇදුනෙමී. 

පිට ගෙයක් නේද මේ කියන එක පවා අමතක විය.

මම ගගනටත්  දිනිදුටත් මැදිව සමුහ චායා රුවේ රූපනය වී තිබුනී. මම එදා සිතු අයුරින්ම හොද මතක 

සටහනක් වී තිබුණා මෙන්ම නැවතත් අහඹු හමු වීමක්ද සිදුව ඇත. මේවා  නම් පුදුම සහගත හමු වීම්ය.

‘‘හරි හරි යමු කාලා ඉන්න.‘‘ මම එන ගමනින් නිකමට දිනිදුගේ කාමරය පුරා බැලුවෙමි. එය හරිම පිළිවෙලට

 තිබුණී. ගෑනු ළමයෙකු වූ මටත් වඩා පිළිවලය. පොත් මේසය වුව දකින්න විට ප්‍රියමනාප බවක් උපදන සුළුය.

   දහසකුත් ගැටළු සිත තුළ තෙරපෙද්දී මම අමාරැවෙන් කෑම ටිකක් කෑවෙමී. කෑමෙන් පසු අතුරුපසද ගත් අපි

 ආලින්දයට පැමිණයෙමු. 

‘‘අම්මේ සුදු නෝනට පොඩ්ඩක් එන්න කියනවද?.‘‘ ඔහු ආලින්දය මැද හිටගෙනම කිවේය.

‘‘හා ලොකු පුතේ  . මම යනවා බෙහෙත් ටික බීලා පොඩ්ඩක් ඇල වෙන්න. ‘‘ එසේ පැවසු ඇයි යන්න

 සැරසෙද්දීම මම දෙපා නැමදුවෙමී.

‘‘තුණුරුවන්ගේ සරණයි. ආයිත් දවසක එන්නකෝ. දැන් ඉතිං ඔයාගේ යාළුවෙකුත් මෙහේ ඉන්නවනේ. ඇය

 මගේ හිස අත ගා උරහිසින් අල්ලා නැගිටවමින් කීවාය.

    දැන් මේ යන්න තමයි සුදානම බව සිතු මම බෑගයද කරේ දමාගෙන යාමට සූදානම් වුවෙමි.

‘‘ඇයි අනූ‘‘ සුළු මොහොතකට පසු අනුහස් සර්ගේ බිරිද සාලයට පැමිණෙමින් ඇසුවාය.

‘‘පුතා නිදිද සුදු.‘‘

‘‘ඔව්.‘‘

‘‘එන්නකෝ පොඩ්ඩක් එළියට යන්න. අර ටිකත් අරන් එන්න.‘‘

‘‘හරි අනු ඔයාලා යමු.‘‘ එසේ පැවසු ඇය දිනිදුගේ කාමරයට පිවිසුනාය.

‘‘එන්න අපි යමු එළියට‘‘ කුමක්ද මේ වන්නට යන්නේ සිතා ගන්නට අපහසු වූ මම නිහඩවම ඔහු පිටු පස 

ඇදුනෙමී.

තාප්ප වලින් වට වූ ඉඩම තුළ මිදුළ ලෙස ඔවුන්ට ඉතුරුව තිබුණේ සුළු ප්‍රමාණයකී. ඒ මිදුළ පුරා සිහින් රට 

තණ කොළ වර්ගයක් වාව අලංකාර කර තිබුණී. මිදුල පුරා තැනින් තැන තිබුණේ රතු පැහැ පාම් පදුරු 

කීපයකී. මුළු වත්තටම තිබුණේ එක රඹුටන් ගසකී. එයටත් බට් ගසක් විය යුතුය. ඒ හැරෙන්නට වෙනත්

 කිසිම ගහක් නොවීය. සිටවන්ටද ඉඩක් නොවිය.

‘‘අපි අතනට යමුද.‘‘ වත්තේ කොනක ස්ථාවරම සිමෙන්තියෙන් සාදා වහලයක් පවා සෙවිලි කර තිබූ  

කබානා එකක් පෙන්වමින් ඔහු පැවසුවේය. බැලු බැල්මට එතන හැරිම නිදහස් තැනකී. අපි එතනට 

ගොස් සිමෙනති අසුන් මත හිද ගත්තෙමු. මම නැවතත් නිවස දෙසත් මිදුල දෙසත් බැලුවෙමී.

‘‘ලස්සනයිද අපේ ගේ සදනී.‘‘ මම ගේ දෙස බලනවා දුටු නිසාදො අනුහස් සර් මගෙන් විමසුවේය.

‘‘හරිම ලස්සනයි සර් . ගෙයක් නෙමෙයි මාලිගාවක් වගේ.‘‘ මම නිවස දෙස ආසාවෙන් බලාගෙනම 

කීවෙමී.

‘‘සදනිටත් පුළුවන් මේ වගේ ලස්සන ගෙයක් හදා ගන්න. හැබැයි තව හොදට ඉගෙන ගන්නකෝ.‘‘

‘‘ඔව් සර්.‘‘

‘‘අපි ඉස්සර පොසත් අය නෙමෙයි සදනී. මම තමා මේ ගේ හැදුවේ. අපි හිටියෙත් ගමක පුංචී ගෙදරක‘‘ 

ඔහු ඈතක දෑස් රදවගෙන කීවේය.

‘‘ ආ.. අනූ.‘‘ සුදු පැහැ කවරයක දැමු යමක් අනුහස් සර්  අතට දෙමින් ඔහුගේ බිරිදී කීය.

‘‘ඔයත් මෙතනින් වාඩි වෙන්නකෝ සුදු‘‘ ඇයත් මොකුත් නොකියාම එතන වාඩී වුවාය.

‘‘සදනී මෙන්න මේකයි මට ඔයාට කියන්න ඕනේ වුණේ.‘‘

‘‘කියන්න සර්. ඒ මොකද්ද?.‘‘

‘‘එක දිනිදු කියන්නේ මගේ මල්ලී බව.‘‘

‘‘සර් ඊයේ නම් අර පොටෝ එක දැක්කේ. කොහෙමද මම දිනිද  ව අදුරන බව දන්නේ.‘‘

‘‘අන්න ඒක කියන්න තමයි මේ එන්න කිව්වේ. ‘‘ ඔහු එහෙම අවධාරනයෙන් කියද්දී මට බයකුත්

 දැනෙන්න විය.

‘‘ අපේ මල්ලී ගැන මුලින් කියන්නම්. එයා ඇතිතටම පිස්සෙක් වගේ. හොදටම යාළුවෝ එක්ක ඇවිදින 

එක තමයි වැඩේ. අම්මා එයාගේ හිතුවක්කාර කම් නිසා තමයි අසනීපෙන් ඉන්නේ.‘‘

‘‘ඒත් ඇයි .. සර්. සර්ට බැරිද එයාට ඒක තේරුම් කරන්න .‘‘

‘‘පුළුවන් ඒත් කියන දෙයක් අහන මනුස්සයෙකුට එපෑ  දෙයක් කියන්න.‘‘

‘‘ඉතිං  සර්.‘‘

‘‘දැන් ඔයා කල්පනා කරනවා ඇති ඇයි දැන් මට ඕවා කියන්නේ කියලා.‘‘

‘‘අනේ එහෙම නෑ සර්‘‘

‘‘මම මේක ඔයාට කියන්න මේ තරම් කල් ගත්තෙත් ඒක තමා. මම සිය දහස් පාරක් හිතුවා මේක සදනිට

 කියන එක හරිද කියලා.‘‘

‘‘මොනවා ගැනද සර් මේ කියන්නේ. මම පුදුමයොන් ඔහු දෙස බලමින්  විමසුවෙමී.

‘‘ අපේ මල්ලීට දැන් අවුරුදු විසි තුනයි. ජොබ් එකක් ගැන හිතන්න වත් ආස නෑ. වයස නැති වුණත් 

මැරි කලොත් රස්තියාදුවේ යන එක නවත්වයි කියලා  හිතලා අපි එයාට මනමාලියෝ හෙව්වා. ‘‘

‘‘ඉතිං සර් . දැන් මොකද අවුල.‘‘

‘‘ඒ එකකට වත් මෙයා කැමති වුණේ නෑ. ගැණු ළමෙක් ගැන කිව්වත් එයා අම්මා එක්ක රණඩුවට 

යනවා. ඒත්. ‘‘

‘‘ඇයි සර් ඒත් කිව්වේ.‘‘

‘‘එදා පාරටී එකට ගිහින් ආපු වෙලේ ඉදන් මෙයා හරිම වෙනස්. සති දෙකක් විතර හිටියා ගෙදරන් 

හෙල්ලුණේවත් නෑ. අම්මා එක්කත් හරිම හොදින් හිටියා. ඒත දැන් ආයි පුරුදු විදියමයි.‘‘ ඔහු පැවසුවේ

 සුසුමකින් සිත සැහැල්ලු කර ගනිමින්.‘‘

‘‘එතකොට සර් හිතන්නේ දිනිදුගේ ඒ වෙනසට හේතුව මම කියලද?‘‘

‘‘ඔව් .. ඔයා කියලා මට හිතෙනවා. මේ ටික බලන්නකෝ.‘‘ සුදු පැහැ කවරය මා වෙත පාමින් ඔහු කීවේය.


නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 12:52 AM
  •  Quote
  •  Reply
අප්පද බොල ඔය කැරකිලා තියෙන්නෙ බෝලෙ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Jan 2017 05:54 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Jan 2017 05:56 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

දහතුන් වන කොටස.

     චකිතයෙන් යුතුව මම සුදු පැහැ කඩදාසී කවරය විවෘත කර බැලුවෙමි.එහි වුයේ චායා රූප රැසකී. මම ඉන් එකිනෙක බැලුවෙමී. එදා පැවති සාදයේදී මට හොරෙන් ගෙන ඇති මගේ චායාරූප දකින විට මට බයයක් වගේම දුකක් දැනේන විය.

‘‘මේ.. මමනේ. කොයි වෙලේද මේවා ගත්තේ.‘‘ මම චායාරූප දෙස නැවත නැවත බලමින් ඇසුවෙමී.

‘‘ඔව් ඔයා තමා සදනී. ඒකයි මම කිව්වේ අපේ පොඩීගේ වෙනසට හේතුව ඔයා කියලා.‘‘

‘‘අනේ ඒත් මේක අසාධාරණ වැඩක්, වැරදී වැඩක්.‘‘

‘‘ඔව්. අපි ඒක දන්නවා.  ‘‘එපමණක් පැවසු ඔහු නිහඩ වුයේය. මම තවත් ඔහු දෙස බලන් වුන්නේ තවත් ඉදිරියට දෙයක් කියාවී කියන බලාපොරොත්තුවෙනී. නමුත් ඔහුට තව කීමට යමක් නොවීය.

‘‘සර් මම දැන් ...‘‘

‘‘මම මොකතුම කියන්නේ නෑ සදිනී. මම ඔයාට දෙයක් කිව්වොත් ඒක අසාධරණයි. මොකද මම ඒ දේ කියන්නේ අපේ මල්ලි ගැන හිතලා. ඔයා තාම ඉගෙන ගන්න ළමෙක්. ඔයා කැමති තීරණයක් ගන්න.‘‘ ඔහු අමුතුම විදියකට පැටළුම් සහගතවන ලෙස පැවසු දෙය මට වැටහුණී. ඔහු මේ නොකියා කියන්නේ තම සොහොයුරගේ අරුතක් නැති ජීවිතය අරුත් ගන්වන ලෙස බව මම හොදින් වටහා ගත්තෙමි. නමුත් එය අසාධාරණ ඉල්ලීමකී.

     ඒ කියන්නේ එදා රෝසී එක්ක කතා කරත් දිනිදුගේ ඇස් තිබිලා තියෙන්නේ මගේ ළග. දැන් එතකොට මාත් එක්ක පොන් එකෙන් කතා කලේ, මම කවුරු කියලා හිතාගෙනද දන්නේ නෑ.

‘‘සදනී නංගී‘‘ මෙතරම් වෙලා නිහඩව වුන් ඇය හඩ අවදි කලාය.

‘‘ඇයි අක්කී.‘‘

‘‘අපි ඔයාට කියන්නේ එයාට ආදරේ කරන්න නෙමෙයි. හොද යාළුවෙක් වෙන්න. මම හිතනවා ඔයා කියන දෙයක් එයා අහයි. ඔයා දන්නවද එයා ගෑනු ළමයින්ට ආසම නෑ. ‘‘ ඇය මගේ අතකින් අල්ල ගත්තාය.

‘‘ස්කෝලේ යන කාලෙත් හැමදාම රණ්ඩු තමා. කවදාවත් කෙල්ලෙක් එක්ක එෆයාර් එකක් තිබුණ බවක් අපිට ආරංචි වෙලා නෑ. ඇත්තම කිව්වොත් අපේ පොඩීට විශේෂ වුණ එකම ගෑනු ළමයා ඔයා.‘‘ අනුහස් සර් කතාව සම්පුර්ණ කලේය.

    අනුහස් සර් බොරු කියනවා වෙන්න බෑ. මම වගේ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් මොකට බොරු කියන්නද?. දිනිදුට මානසික ප්‍රශ්ණයක් වත් තියෙද? මම තනිවම සිතුවෙමි.

‘‘ අපි යමු නේද සදනී. පැය භාගයක් විතර පරක්කු වෙලත් එක්ක.‘‘ ඔහු නැගිටින්නට උත්සහ කරමින් කීවෙමී.

‘‘යමු සර්.‘‘ මමත් නැවත කාර්යාලයට යාමට සුදානම් වුයෙමී. නිවසේ සිට කාර්යාලයට පැමිණෙන තෙක්ම අනුහස් සර් ඉවරක් නැතිව දිනිදු පිළබද විස්තර කීවේය.  පිටින් පෙන්නට සිට දිනිදුට වඩා, ඇත්ත දිනිදු හැබෑම දඩබ්බරයෙක් මම වටහා ගත්තෙමී. ඒ දඩබ්බර කම් නිසා ඔවුන් විශාල ගැටළුවලට මුහුණ පාන බවද මම දැන ගත්තෙමී.

     මම ඒ සිදු වීම අමතක කර සිටීමට සිතා ගත්තෙමි. ඔහු නිසා ගගන දුක් වනු දැකීමට මම අකමැති වුයෙමු. මට පුළුවන් වෑ රටේ ලෝකේ ඉන්න උන් සේරම හදන්න. යැයි සිතා විසිරුණ සිත එක්තැන් කර ගත් මම තේ විවේකයේදී ගගනට ඇමතුමක් ගෙන නගරයට එන ලෙස පැවසුවෙමී. කිපවරක්ම හේතුව ඇහුවත් මම නොකිව් නිසා ඔහු එන්නට පොරොන්දු වුවේය. හවස පැයක් කලින් ආයතනයෙන් එළයට පැමිණි මම මුලින්ම ගියේ  බැංකුවේ ස්වංක්‍රීය මුදල් කවුන්ටර් එක වෙතටයි. හාහාපුරා මට ලැබුණ වැටුපෙන් කොටසක් මම අතට ගත්තෙමී. මේ මම ජොබ් එකක් කරලා හම්බකරපු සල්ලී. මට දැනුන හැගීම විස්තර කිරීමට අපහසුය.

    ඉන් පසු මම ගගනට නැවතත් ඇමතුමක් ගත්තේ ඔහු ඇවිද්දැයි දැන ගැනීමට වෙමී.

‘‘කාටද මැට්ටියේ කෝල් කරන්නේ.‘‘ මගේ ළගන්ම ඇහුණ ගගනගේ කට හඩත් සමග මම සිනාසී ඔහු දෙස බලා කීවෙමී.

‘‘ඔයාට තමයි. කොහොමද මම මෙතන බව දැන ගත්තේ.‘‘

‘‘ඉවෙන්.‘‘

‘‘ඉවෙන්.‘‘ මම පුදුමයෙන් විමසුවෙමි.

‘‘ඔව්.  ඉවෙන්... මගේ කෙල්ල කොහෙද කියලා මට දැනෙනවා.‘‘ ගගනගේ දිලිසෙන ඇස්  මගේ දෑස් මතම රැදී තිබුණේය. සැබවින්ම මට ඔහුට ආදරේ සිතුණි. මුල්ම වැටුප ලැබුණ සතුටත් සමගම මම  ගගනව වැළද ගත්තෙමී. ඇයි මම එසේ කලේ කියා මට වත් පැහැදිළි හේතුවත් නොතේරෙයි. නමුත් මට ඔහු සමග සියලු ඇත්ත කියන්න බැරි වීම ගැන ලොකු දුකක් හිත තුල තිබුණී . ඒ නිසා ඇති වුන වේදනවා වැළදගැනීමට මුලික හේතුවක් වන්න ඇත.

‘‘සදා....‘‘

‘‘හ්ම්ම්ම්‘‘

‘‘ඇයි මේ.‘‘ මගේ උරහිස් දෙකෙන් හිමින් අල්ල ගත් ඔහු විමසුවේය.

‘‘අද විශේෂ දවසක් මට .‘‘ මම ඔහුගෙන් මිදෙන්නේ නැතුවම කීවෙමී.

‘‘ඒත් කෙල්ලේ මේ ටවුන් එකනේ. අපිව දකිය අය මොනවා හිතයිද?‘‘

‘‘ඔහේ ඕනේ එකක් හිතපුදෙන්.‘‘  මම මුහුණ ඔහුගේ උරහිසේ හොවා ගනිමින් කිව්වේමී. මම ඔහුට මෙතරම් ළං වු මුල්ම අවස්ථාව මෙය වුයෙමී. ඔහුගේ උණුහුමේ ලැබුණ ආරක්ෂාකාරී සෙනහස සමග මගේ සිත මම කරන වැරිදී වැඩ මතක් කර මා ඇඩෙව්වෙමි.

‘‘සදා .. මගේ කෙල්ල අඩනවද?. මොකද කෙල්ලේ. ඔයා ප්‍රශ්ණයකද ඉන්නේ. කවදාවත් නැතුව මට ටවුන් එකටත් එන්න කිව්වා. ඇයි මේ.‘‘

‘‘ප්‍රශ්ණයක්  නෑ ගගන මේ..... මට පඩි ලැබුණා.‘‘ මම දෙකට නමා අතේ ගුලිකර තිබු දාහේ මුදල් නෝට්ටු කීපය ගගනට පෙන්නුවෙමී.

‘‘මගේ පිස්සී ඕකටද අඩන්නේ.‘‘

‘‘හ්ම්ම්‘‘ නෑ මට  මේ තරම් ආදරෙ කරන ඔයාට ඇත්ත කියන්න බැරි වෙන එකට අඩන්නේ, කියන්න හිතට ඕනේ වුණත් මම නිහඩ වුනෙමි.

‘‘දැන් අපි යමු.‘‘ ගගන මගේ අතින් අල්ලගෙන බස්නැවතුම දෙසය යන්න සැරසුණා.

‘‘ඔය කොහෙද යන්නේ. එන්න අම්මට මොනවා හරි ගන්න ඕනේ ගෙදරටත් මොනවා හරි ගන්න ඔනේ. තව කෙනෙක්ටත් ගන්න තියේ.‘‘ අන්තිම වචන ටික කිව්වේ ගගන දිහා හොරෙන් බලමින්ය. ඔහුගේ මුහුණේ ලොකු වෙනසක් නොවීය . සමහර විට මා පැවසු දෙය  ඔහුට වැටෙහෙන්නට නැති වන්නට ඇත.

     නිවසට අවශ්‍ය බඩු බාහිරාදියද රැගෙන අපි දෙදෙන් නිවස කරා එන විට වෙනදට වඩා පමා වී තිබුණි. ගෙනා මලු කීපය ආලින්දයේ තැබු ගගන ආපයින්ම යන්නට සුදානම් වුණේය.

‘‘මොකද දු මේ බඩු මලු ගොඩක් උස්සන්. කොහෙන්ද සල්ලි.‘‘ අපි ඉදිරියට පැමණී අම්මා විමසුවාය.

‘‘අද මට පඩි අම්මේ.‘‘ මම යන්නට සැරසෙන ගගන දෙස බලාගෙන කීවෙමී.

‘‘අනේ. එහෙමද දු.. ඒත් ඇයි ඔයා මේ බඩු ගෙනාවේ. ගෙදර කිසි අඩුපාඩුවක් නෑනේ. ඔයාට ඒ සල්ලී තියෙන්න අරින්න තිබුණේ පණ්ඩිත කෙල්ල.‘‘ අම්මා ආදරයෙන් මා දෙස බලමින් කිව්වාය. නමුත් ඇගේ මුණින් පිළිබිඹු වුණ හැගීම නම් ආඩම්බරයක් කියා මම හොදින්ම වටහා ගත්තෙමි.

‘‘ගගන පුතා යන්නද?ඉන්නකෝ තේ ටිකක් බීලා යන්න.‘‘

‘‘එයා මාත් එක්ක තරහා වෙලා අම්මේ. ‘‘ මම ගගන දෙස හොරෙන් බලමින් කීවෙමී.

‘‘ඔය බොරු සෙව්වන්දී  ටීචර්. මම මේ මහන්සි නිසා යන්න හැදුවේ.‘‘ ඔහු මදක් නැවතෙමින් කීවේය. ඇත්තටම ගගන අමනාපව ඇති හේතුව මම දනිමී. ඔහු වෙනුවෙන් ගත් තෑග්ග මම ගනු ලැබුවේ ආයතනයේ යාළුවෙකුට බව පවසමින් වීමයි. මම ඔහුට ගන්නා බව කිව්වොත් ඔහු කීයටවත් ගන්නට නොදෙන බව මම දනිමී. ඒ නිසාත් ඔහුගේ කේන්ති ඇවිස්සීමට ආස නිසාත් මම එසේ කෙරුවෙමී.

‘‘අනේ ඉතින් තේ බොන්නනනේ පුතා ඉන්න කියන්නේ .බර වැඩ කරන්න වෑ.‘‘ ගගන සිනා වුණා පමණකි.

‘‘ගගන පොඩ්ඩක් ඉන්නකෝ මට දෙයක් දෙන්න තියෙනවා ඔයාට.‘‘

‘‘මොනවද?‘‘ ගගන අමණාපය යටකරගෙන විමසුවේය.

‘‘අම්මේ මේ සර්ට් එක කොහොමද බලන්න.‘‘ මම ගගනට කියාම තෝරා ගත්  කමිසය අම්මගේ අතේ තබා ගගන දෙස හොරැහින් බැලුවෙමි.

‘‘අනේ ඒක ලස්සනයි දු. මේක හුගක් වටිනවා වගේ.‘‘ බැලු බැලුමටම අම්මට එහි වටිනාකම වැටහුනාය.

‘‘ගගන ම්ම්ම්ම්‘‘ මම කමිසය ගගන වෙත පෑවෙමී. ලස්සන සිනහවක් සමග මොකුත්ම නොපැවසු ඔහු  එය දෑතට ගත්තේය. ගගනට මම කළ දෙය දැන් තේරුම් ගොස් බව  ඔහුගේ සිනහවෙන් වටහා ගත්තෙමී.

‘‘මේක අම්මට.‘‘ මම අම්මාගේ අතේ ඇයට ගෙනා තෑග්ග තැබුවෙමී.

‘‘මටත් ගෙනාවද?‘‘

‘‘මගේ අම්මට නොදී වෙන කාට දෙන්නද?. මට මගේ කියලා ඉන්නේ ඔය දෙන්නා විතරයි.‘‘ අම්මා මාව ආදරෙන් තුරුළු කර ගද්දී ගගන දිළිසෙන ඇස් දල්වාගෙන මා දෙස බලා වුන්නේය.

     කාලය දින සති මාස වී ගෙවී යන්න විය. ඒ කාලය අතරතුර විශ්‍යවිද්‍යාල සදහා අයදුම් පත් යැවීමද අපි සිදු කලෙමු.  අනුහස් සර් ඉන් පසු කිසි විටක දිනිදු ගැන කතා නොකලේය. ඒ නිසාම මමත් ඒ ගැන එතරම් නොසිතුවෙමී. දිනිදුට උදව් කරන්නට උත්සහ ගත හොත් ගගනට වේදනා ඇති වන බව මම දනිමී. ඒ නිසාම මම සියල්ලෙන්ම ඈත් වී සිටින්නට උත්සහ ගත්තෙමී.

‘‘සදා..‘‘

‘‘ඇයි බං.‘‘ මම සයුමි දෙස බැලුවෙමී.

‘‘ආන් උබට සර් එන්නලු.‘‘ ඇය එය කිව්වේ අකමැත්තෙන් මෙන් වුවාය.

‘‘ඇයි දන්නේ නෑ බං.‘‘

‘‘මම දන්නවද ගිහිං බලපන්. උබට සර් එක්ක මාර කතා ගොඩක්නෙ නේද තියෙන්නේ‘‘ ඇය මට ගස්සාගෙය ඇගේ අසුණේ වාඩි වුණාය.

‘‘ඇයි බං ඔහොම හැසිරෙන්නේ. අර බලපං සේරම මගේ දිහා බලං ඉන්නවා.‘‘ මම සයුමිට ළං වී රහසින් මෙන් විමසුවෙමි.

‘‘අපි නම් දන්නවා ඔය වෙන්නේ මොනවද කියලා.‘‘ චාරුක සමච්චලයට මෙන් පැවසුවේය. මේ මොකද්ද මේ කතාව. ඇයි මෙයාල මෙහෙම කියන්නේ. මට දැනුනේ කණගාටුවකි.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 09:21 PM
  •  Quote
  •  Reply
හී ලස්නනයි ඔන්න මම කියෙව්වා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
20 Jan 2017 11:38 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
20 Jan 2017 11:40 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

දාහතර වන කොටස.

‘‘මොනවද දන්නේ චාරුක.‘‘ මම ඔහු දෙස කෙලින් බැලුවෙමී.

‘‘මම කියන්න ඕනේ නෑනේ. උබ දන්නවනේ මම කියන දේ.‘‘ ඔහුගේ මුහුණේ තිබුණේ පිලිකුල් සහගත පෙනුමකී.

‘‘මෙච්චර ළගින් ඉන්න උබ මං ගැන මෙහෙම හිතනවා නම්. අනිත් අය මොනවා හිතුවම මොකද? මම යනවා.‘‘ මම මේසය පුරා දිගහැර දමා තිබු ලිපි ගොනු ටික පයිල් කවරය තුළට දමාගෙන අනුහස් සර්ගේ කාමරය දෙසට ඇදුනෙමී.

‘‘මිස් සදනී බලන්නකෝ වෙලා තියෙන දේ.‘‘ වීදුරු දොර හැගෙන මම කාමරයට ඇතුල් වෙනවාත් සමගම ඔහු පැවසුවේ වේදනාව පිරි හඩකින් වූවේය.

‘‘ඇයි සර්.‘‘

‘‘පොඩී‘‘

‘‘දිනිදුට මොකද සර්‘‘ මම ඉක්මණින් පුටුව ඇද වාඩි වුයේ සිදු වි ඇති දේ දැන ගැනීමටය. මම අනුහස් සර් දෙස චකිතයෙන් බලා හුන්නෙමි.

‘‘පොඩිව ඇරෙස්ට කරලලු.‘‘

‘‘ඒ මොකද සර්‘‘ පුදුමයෙන් ඇස් විසල් වෙද්දි මම විමසුවෙමී.

‘‘බීලා බීලා කට්ටියක් එක්ක ගහගෙනලු. අනිත් පැත්තේ එකෙක්ගේ ඔලුවක් පැලිලා වු ස්පිරිතාලෙලු.‘‘  ඔහු මේසයට නැඹුරු වී නළල අත ගාමින්  කල්පනා කරන්න වුවේය.

‘‘දැන් අපි මොකද කරන්නේ සර්.‘‘ කවුරු වුණත් මනුස්සයෙක්නේ. ගගන මේ තරම්ම මුරණ්ඩු වෙන්න මොකක්ම හරි හේතුවක් ඇති. මම අනුහස් සර්ගෙන් ඉදිරියට විය යුතු දේ දැන ගන්න බලාපොරොත්තු වුණත් ඔහු කිසිවක් පැවසුවේ නැත.

‘‘සර් පොළිසියට ගියාද?.‘‘

‘‘නෑ.. මම ඕ.අයි.සී ව අදුරණවා. මම කොල් කරලා බැලුවා. ඇප ගන්නත් බැරි වෙයිලු. අර ඔලුව පැලුන ළමයා ඩිෂ්චාජ් කරනකන්..‘‘

‘‘මාර වැඩේනේ සර්. එතකොට.‘‘

‘‘ඒක තමයි සදනී. මම දැන් යනවා පොළිසියට.‘‘ ඔහු අසුනින් නැගිටිමින් පැවසුවේය.

‘‘ඉන්න සර් මමත් එන්නම්.‘‘ දෙවරක් නොසිතු මමත් ගමනට හවුල් වීමට සිතුවෙමී. කාර්යාලයේ අනික් අය කියු කතා මට සිහිපත් වුණේ යන්නට කැමැත්ත පැවසු පසුවය. මම දැන් ඔපිස් එකෙන් එළියට යනවා කියන්නේ, අරුන්ගේ සැකේ තවත් වැඩි වෙනවා. මේ වෙලාවේ සර්ට වුණ දේ කියන්නති බෑ .සර්රුත් ප්‍රශ්න ගොඩක නේ ඉන්නේ.

‘‘සර් මම සයුමි එක්ක ආවට කමක් නැද්ද? යන්නට දොර අසලටම පැමිණ සිටි මම නැවතත් සර්ගෙන් විමසුවෙමී. හිස ඔසව මා දෙස බැලු ඔහු මා දෙස ටික මොහොතක් බලා හුන්නේය.

‘‘හා.. හා.. කමක් නෑ සදනී. හැබැයි ඔපිස් එකේ අනිත් එයට දැන ගන්න තියන්න එපා. ‘‘ මම ලක්වන අපහසුතාවය වටහා ගත් නිසාදෝ ඔහු එයට කැමති වුවේය.

‘‘හරි සර්.‘‘

     මගේ මේසය අසලට ගිය මම ලහි ලහියේ කබඩ් එක ඇද බෑගය ඉවතට ගත්තෙමී. සයුමී මා දෙස හොරෙන් බලනු මම කීපවරක්ම දුටුවෙමී . නමුත් ඇය මගේ විමසන තුරුම මම එතන කල් ඇරියෙමී.

‘‘උබ කොහේ හරි යන්නද?.‘‘

‘‘ඔව්. උබට මොකද ඉතිං.‘‘ මම ඇය දෙස නොබලාම කීවෙමී.

‘‘කොහෙද  බං.‘‘

‘‘දැන් උබලා මං යන එන තැන්  ,කරන කියන හැමදේම දන්නවා කිව්වා නේද? ඒවා හොයා ගන්න තාලෙටම මේකත් හොයා ගනින්.‘‘ මම අසුනින් නැගී සිටියේ චාරුකට රවමින් වෙමී. චාරුකත් කුමක් වන්නේදැයි කට අයාගෙන බලා වුන්නේය.

‘‘මම එහෙම කිව්වේ නෑනේ බං  ඉතිං. සොරි...‘‘

‘‘එහෙනම් වරෙන් බෑග් එකත් අරන් මාත් එක්ක යන්න. පොඩි හදිස්සියක්. මම ගේට් පාස් දෙකක් අරන් එන්නම්.‘‘

‘‘මොකද්ද අවුල කියපන්කෝ.‘‘ මම ඇය පසුකර යද්දී දහසක් ගැටළු සිර වු හඩින් ඇය විමසුවාය.

‘‘බෑග් එක අරන් වරෙන්කෝ මම යන ගමන් කියන්නම්. හදිස්සී බං. ‘‘ තවත් කිසිවක් නොවිමසු ඇය බෑගයද රැගෙන මා පසු පස ඇදුණාය. මම රථ ගාල දෙසට යන ගමන් ඇය සමග සියල්ල පැවසුවෙමී. දිනිදු ගැනත් අනුහස් සර් ගැනත් දුක් වුණ ඇය කිපවරක්ම මගෙන් කලින් වු බහින් බස් වීමට සමාව අයැද සිටියාය.

     අනුහස් සර් කිව් පරිදිම ඔහුගේ කාර් එකට පැමිණ සිටියේය. කිසිත් කතා බහක් නොමැතිව මමත් සයුමිත් පිටුපස අසුනට නැගුනෙමු. පොළිසියට යන තුරුම අපි වචවයකුදු කතා නොකෙරුවෙමු. පොළිසය ඉදිරිපිට වාහනය නවතා ඉදිරිපස කණ්ණාඩියෙන් අනුහස් සර් අපි දෙස බලන විට බහින්නට අවශ්‍ය බව වටහා ගත අපි වාහනයෙන් බැස ගත්තෙමු. අපි පොළිසිය ඉදිරිපිට රැදී සිටිද්දි අනුහස් සර් කාර් එක කොණක වු රථ ගාලට දමා අපි වෙත පැමිණයේය.

‘‘සර් අපි තුන්දෙනාටම යන්න දෙන එකක් නෑ නේද?. මෙතරම් වෙලා නිහඩව වුන් සයුමි විමසුවාය.

‘‘ඔව් ඔයා දෙන්න ඉන්න. මම මුලින් ගිහින් බලලා එන්නම්.‘‘ එසේ පැවසු ඔහු පොළිසියට ඇතුල් වෙද්දී අපි නිදහස් තැනකට වී බලා වුන්නා.

     ගගන මට ඔයාට තවත් බොරු කියන්න හේතු හදා ගන්න බෑ.  හදිසියේම ගගන සිහි වි කනස්සලු ඇති වූ නිසා මම ගගනට ඇමතුමක් ගත්තෙමි. ගෙන ඔහු සමගි මා සිටිනා තැනත් සිදු වි ඇති දෙයත් පැවසුවෙමි. ආයතයේ අප භාර ප්‍රධානියාගේ මල්ලී එදා අපිට අහම්බෙන් හම්බුන ගගන බවද මම පැවසුවෙමි. ඔහුගේ වචන වල නම් වැඩ වෙනසක් නොවීය.‘‘‘ පරිස්සමට... සර් එක්ක නේද ආවේ‘‘ යැයි විමසුවා පමණකි.

‘‘මිස් සදනී , එන්න එන්න දෙන්නම.‘‘ අනුහස් සර්ගේ ඇරයුමත් සමග අපි දෙදෙනාම පොළිසිය ඇතුළට ඇතුළු වුණෙමු. අපි තිදෙනාම සිර කුටිය ඉදිරි පිටට ගියත් ඉදිරියෙන් ගියේ අනුහස් සර් නිසා ඔහු දුටු විගස ඇතුල බංකුවක හිද කනස්සල්ලෙන් සිටි දිනිදු ඔහු අසලට දුවගෙන ආවේය.

‘‘අනේ ලොකු මාව බේර ගන්න. මම එවෙලේ සිහියෙන් නෙමෙයි හිටියේ. ඔහු හඩනවාට සමාන හඩකින් පැවසුවේ සිර කුටුවේ යකඩ කුරු දෙක එල්ලීගෙනය.

‘‘පොඩී. තමුසෙව බේර ගන්න වටින්නේ නෑ. මේ අන්තිම පාර තේරුනාද?. ආයි එහෙම මේවගේ දේවල් වලදි මේ ලොකු නෑ තේරුනාද?.‘‘

‘‘අනේ ... හා හා..ආයි මෙහෙම වෙන්නේ නෑ. අනේ ලොකු ඉක්මණට මාව එලියට ගන්න මට මේකේ ඇතුළේ ඉන්න බෑ.‘‘ ඔහු අකමැත්ත ප්‍රකාශ කරන්නට වුවේය.

‘‘ ඕන්නැති වැඩ කරා නම් ඉවසපන්. අර උබෙන් ගුටි කාපු ළමයා හොස්පිටල් එකේ. උසාවී දාලා මිසක් උබව එලියට ගන්න බෑ.‘‘ අනුහස් සර් එතරම් කේන්තියෙන් සිටුනු මා දුටුවාමය. පහත් හඩින් කතා කළත් ඔහුගේ දෑස් කේන්තියෙන් දිදුලුවේය.

‘‘අනේ ලොකු... මම නෙමේ ඌට ගැහුවේ.‘‘

‘‘ඒත් උබනේ අහු වෙලා තියෙන්නේ. මටත් එක්ක ලැජ්ජාවේ බෑ.‘‘

‘‘ඔ... යා...  ස..දනී... ඔයා.. මෙහේ..‘‘ මෙතරම් වෙලා එතන සිටින කිසිවෙක් ගැන තැකීමක් නොතිබු ඔහු  හදිසියේම මා දැකීමෙන් පුදුමයට පත්ව සිටියේය.

   මා දැකීමත් සමග ලැජ්ජාවකුත් ඔහුට ඇති වන්නට ඇත. එතනින් එහා කිසිවක්ම කතා නොකල ඔහු සිර කුටිය තුළ වූ බංකුව මත බිම බලාගෙන හිත ගත්තා. කීමට කිසිත් සිතට නොනැගුන නිසාම මමත් නිහඩවම ටික මොහොතක් බලා සිටියොමි.

‘‘අපි යමු මිස් සදනී. යමු මිස් සයුමී.‘‘ අපි දෙදෙනාව පෙරටු කර ගත් අනුහස් සර් එන්නට සැරසුනේය.

‘‘සදනී... පොඩ්ඩක් ඉන්නකෝ.‘‘ අපි පියවර කීපයක් තෑබු පසු ඇසුණු හඩත් සමග මම ඉබේටම නැවතුණෙමී. දිනිදු සිර මැදුරේ යකඩ කූරූ අල්ලාගෙන බලා හුන් ආකාරය දුටු විට මට සැබවින්ම දුකක් දැනෙන්නට විය.  මා සිතන්නටත් පෙර මගේ දෙපා මම ඔහු ළගට ගෙන ගොස් තිබුණි.

‘‘සදනී.. මම ඒ කොල්ලට ගැහුවේ නෑ. සත්තයි ඔයා මාව විශ්වාස කරනවා නේද?‘‘ ගැහුවේ නැත්තම් ඔයා කොහොමට මේක ඇතුළට ආවේ අහන්නට මට උවමණා වුණත් මුහුනේ තිබු අසරණ බැල්මත් , පසුතැවෙන බවත් නිසා මම නිහඩ වුණෙමී. ඔහු වැරදිකරුද නිවැරදීකරුද කියන්නට මම නොදනිමි. නමුත් මගේ සිත නම් තදින්ම ඔහු නිවැරදිකරු ලෙස පිළිගෙන තිබුණී. මට ඔහු ගැන අනුකම්පාවක් දැනෙන්නට වී ඇත.

‘‘සදනී... ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්ද? අනේ අපේ අයියට කියන්න මාව බේර ගන්න කියලා.‘‘ ඔහු අයාචනාත්මක ස්වරයෙන් මා දෙස බලාගෙන පැවසුවේය.

‘‘ඒක අනුහස් සර්ට කරන්න විදිහක් නෑ දිනිදු. ඔයාට උසාවී දානකන් මෙහෙ ඉන්න වෙනවා.‘‘ මම මුල්ම වරට ඔහු සමග කතා කළෙමී. මම පිළිගන්නට අකමැති වුවත් මගේ සිත හෙල්ලි ඇතැයි මට දැනෙයි. මට ඔහු ගැන දැනුනේ වෙනකා වෙනුවෙන් වත් නොදැනෙන වේදනාවකී.

‘‘හරි ඒකට කමක් නෑ.මට එක දෙයක් කියන්න. මම ඔයාගේ යාළුවට කෝල් කරලා මැසේජ් යැව්වා එයා මාව බ්ලොක් කරලා දාලා. මම උත්සහ කළේ ඔයාගේ නම්බර් එක හොයා ගන්න.‘‘ ඒ අස්සේ ඔහු ඒ ගැනත් කියවන්න විය. ඒ කියන්නේ දිනිදු එදා පාටියෙදී බලන් ඉදලා තියෙන්නෙත් මගේ දිහා. මම හිතුවේ රෝසී දිහා කියලනේ.

‘‘මගේ යාළුවට.‘‘ මට අවශ්‍ය වුණේ ඔහු මට ඇමතුවේ රෝසී කියා සිතාගෙන නම් ඇයි මගේ අංකය ඉල්ලුවේ නැත්තේ කියා දැන ගැනිමටයි.

‘‘ඔව් ඔයාගේ යාළුවා. මොකද්ද නම... මේ.. රෝසී.. එදා පාටියෙදී මට සකුන්තලා කියලා කෝල් කලේ.‘‘

‘‘ඔයා රෝසිගෙන් නම්බර් එක ඉල්ලුවද?.‘‘  රෝසි ලෙස ඇමතුවෙත් මම නිසා සියල්ලම ඔහුගේ කටින් අල්ලා ගැනීමට මට අවශ්‍ය විය.

‘‘මම එක පාරට ඉල්ලුවේ නෑ. බැරි වෙලාවත් රෝසිගේ හිතතෙත් මං ගැන තිබුණොත් . ඔයා ගැන අහද්දී කේන්ති ගිහින් කතා කරන එකත් නවත්තලා දායි කියලා හිතුණා.‘‘

‘‘ඉතිං‘‘ මම ඉබේම මුහුණට නැගෙන්න ආ සිනහව තද කර ගන්නට උත්සහ ගනිමින් විමසුවෙමි.

‘‘දවස් දෙක තුනකින් බලද්දි හේතුවක් නැතුවම එයා මාව බ්ලොග් කරලා දාලා.‘‘

‘‘මේ තරම් වෙලා දෙන්න බෑ රිමාන්ඩ් එකේ ඉන්න අය එක්ක කතා කරන්න. ඔය මිස් යන්න දැන්.‘‘ මා දෙස රවා බැලු පොළිස් නිළධාරියෙකු මට එතනින් පිට විමට නියෝග කළේය.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Jan 2017 03:03 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Jan 2017 03:05 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

පහළොස් වන කොටස.

‘‘එහෙනම් අපි යනවා දිනිදූ . හෙට උසාවියෙදි ඔයාට ඇප ලැබෙයි.‘‘ මම සැහැල්ලුවෙන් එසේ පවසා පිට වෙන්නට සැරසුවෙමි.

‘‘මාව මගාරින්න එපා සදා..‘‘ ඒ හඩ සමග මගේ සිතට අමුතුම හැගීමක් දැනෙන්න විය. සදා ඒ ගගන මා අමතන නමයි. ඒ නම ඇසෙනවත් සමග මට ගගන සිහිපත් වී දැනුනේ බියකි. ඈත් විමට උත්සහ කළත් නැවත නැවත හමු වී අපේ මතකන් අලුත් කරන මේ සිදුවීම මගේ ජීවිතයට යහපතක්ද නැතිද කියන්නට මට නොහැගෙයි. තවත් කිසිත් නොපැවසු මම නැවත අවසන් වරට ඔහු දෙස බලා පිටව ආවෙමී. ඒ පිළිබද කිසිත් නොපැවසු  සයුමී මේ සිදුවන්නේ මොනවාදැයි තේරුම් ගැනීමට නොහැකිව බලා වුන්නාය.

    කාර්යාලයට ඇතුල් වූ පසු සයුමී මගෙන් දිනිදු ගැන විමසුවාය. ලොකු සම්බන්ධයක් නැතත් මීට ප්‍රථම අහම්බෙන් ඔහු මුණ ගැසී ඇති බව මම පැවසුවෙමී. ඊට සයුමිගේ ප්‍රතිචාරය වුයේ මට නම් හිතේන්නේ දිනිදූ ඔයාට ආදරේ කරනවා යන්නයි. එය එසේ බව මම දනිමී. නමුත් මට එලෙස විය නොහැකිය.

      කාර්යාලයට පැමිණ පැයකට පමණ පසු මම කාර්යාලිය වැඩක් සදහා අනුහස් සර්ගේ කාමරයට ඇතුල් වුනෙමී.

‘‘සදනී ඔයා පොළිසියට යන්න ආව ඒක හුගක් හොදයි.‘‘ ඔහු වේදනවා පිරි මුහුණින් යුතුව පැවසුවේය.

‘‘ඇයි සර්‘‘ ඔහුගේ හැගීමේ අසාධාරණත්වය නිසාම මම පුදුමයෙන් විමසුවෙමී.

‘‘ඔයා ආපු නිසා  අපේ පොඩීට හොදටම ලැජ්ජා හිතුණා. දැන් එයාට තේරෙන්න ඇති තමන් කැමති අය ළගදි දැනෙන අපහසුව වරදක් කළාම.‘‘

‘‘මන්දා සර්.‘‘ මම ලොකු සුසුමක් හෙළුවෙමී. මේ ගමන යාමට කැමති වීම මගේ ජීවිතයේ ගත් වැරදිම තීරණයක් දැයි වරක මට සිතුනෙමි.

‘‘සදනී.‘‘

‘‘ඇයි සර්.‘‘

‘‘ඔයා ආයි මට කිසිම උදවුවක් කරන්න ඕනේ නෑ. පොඩී කවදාවත් හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මම කැමතී නෑ එයා නිසා ඔයාගේ අනාගතේ විනාශ වෙනවාට.‘‘

  

     මට ඔහුගේ කතාව හරිද වැරදිදැයි නොතේරෙයි. එනිසාම මම නිහඩ වුණෙමි. විසිරුණු සිතකුත් සමග මම සුපුරුදු පරිදි බස් නැවතුම අසලින් බැස  ගුරු පාර දිගේ ඉදිරියට ඇදුණෙමි.

‘‘සදා‘‘ මම තිගැස්සී ආපසු බැලුවෙමී. ඒ ගගනගේ හඩයි. දැන් මා හට දිනිදුත් අමතන්නේ සදා ලෙසය. ගගනත් අමතන්නේ සදා ලෙසය. හඩවල් දෙකක් අතර සිරවුණ මගේ සිත බියෙන් බරිත වී ඇත. ඉදිරියට මොන විදියේ දෙක් වේදැයි සිතීමට වත් මම අකමැති වුනෙමී.

‘‘මොකද මූණ ඇද කරන්. දිනිදුට ඇප දුන්නද?.‘‘ මා පිටු පසින් දුවගෙන විත් මා අසල නැවතී මා සමග පියවර නගමින් ගගන විමසුවේය.මම දිනිදුගේ ගැටලුව පිළිබද කෙටියෙන් කීවෙමී. දිනිදු යන නම ගගන සමග පැවසීමටද මට දැනුණේ බියකී, අපහසුතාවයකී.

   පැවසූ පරිදිම පසු දින දිනිදුට ඇප ලැබී තිබිණි. තුවාල ලැබ රෝහල් ගත කර තිබු අනිත් කෙනාට සුවයක් තිබු  නිසා ඔහුට ඇප ගැනීම පහසු වී තිබුණේය. අනුහස් සර් දිනිදුගේ නිදහස් වීමත් සමග මා සමග ඒ බව පැවසුවේ අලුත් පනක් ලද කලක මෙනි.

   දින කීපයක් ගෙවී ගියත් දිනිදුගෙන් මට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. අනුහස් සර් වුව දිනිදු පිළිබද කතා නොකලේය. දිනිදුට මා මගහැරී තිබීම මට සතුටක් ලෙස දැනුනේ ගගන නිසාවෙනී. මම හොදින්ම දන්නා කරුණ දිනිදුට ළං වීම ගගනට වේදනාවක් වන බවයි. මමත් සිත සැහැල්ලු කරගෙන ගගන සමග පෙර පරිදිම සුහදව වුන්නේමී. ඒ අතර කාලය තුළ ගගනට වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට වරම් හිමි වී තිබුණි. එය මටත් ඔහුටත් ඔහුගේ පවුලේ සියල්ලන්ටත් ලොකුම සතුටක් වී තිබුණි. මා ලබා තිබු සමාර්ථත් සමග මට සරසවි වරම් ලැබී තිබුණේ දුෂ්කර පාලාතකටය. අම්මා තනිව දමා එහි නේවාසිකව ඉගෙනීමට මා හට සිත් නොවීය. ඇගේ තනි නොතනිය, දුකට සතුටට සියල්ලටම සිටිනනේ මා පමණකී. එනිසාම මම සරසවි වරම් අත්හරින්නට තීරනය.

     මා එතරම් දුරකට යැවීමට අම්මාද අකමැති විය. එනිසාම  සරසවී යනවා වෙනුවට රෑකියාව කරන ගමන්ම බාහිර උපාධි සදහා අයෙදුම් කළෙමී. අම්මාගේ අදහස වුවේ නම් නැවත වරක් උසස් පෙළ ලියන ලෙසයි නමුත් මම එයට අකමැති වුනෙමී.

   ගගන වෛද්‍ය විද්‍යාලයට යාමට සුදානම් වෙමින් සිටීයේය. මමත් දැන් රැකියාවක් කරන අයෙකු නිසා ඔහුට අවශ්‍ය දේවල් රැගෙන දීමට උත්සහ ගත්තෙමී. නමුත්  ඔහු ඊට අකමැති විය. ඔහුටත් නේවාසිකව නැවතී ඉගෙනීමට සිදු වි තිබු නිසා මම බලෙන් මෙන් ඔහුට ඇදුම් කිපයක් රැගෙන දුන්නෙමී. මෙතරම් කල් එකටම පැමිණි ගගනගෙත් මගේත් ජිවිත වෙනස්ම මාර්ග වලට යොමු වෙමින් පවතී. ඔහුගෙන් මෙලෙස දුරස් වීම මට වේදනාවකි. නමුත් ඔහු දිනක වෛද්‍යවරයෙකු වනු දැකිම මගේද එකම සිහිනය වී තිබුණි.

   දිනදුගේ සිදුවීමෙන් මසක් පමණ ගත විය. ඔහු ගැන කිසිදු ආරංචියක් නොමැත. මම අනුහසු සර්ගෙන් වීමසීමටද නොසිතුවෙමි.

දිනක් දහවල් ආහාරයෙන් පසු මම මගේ කාරියාලීය රාජකාරීවලට යොමු වී සිටියෙමි. මම මෙම ආයතනයේ රැකියාවට එක් වී මාස හයකට වැඩි වු නිසා මගේ සේවට ස්ථිර කර තිබිණී. මම තව දුරටත් ණුපුහුණු සේවිකාවක නොවීමි. එනිසා මට දැන් පැවරී ඇති වගකීම පෙරට වඩා වැඩි වී තිබුණි. මම ලහි ලහියේ මගහරුණු කාර්යයක නියැලී වුන්නෙමි.

‘‘මිස් සදනී .ඔයාව හම්බෙන්න විසිටර් කෙනෙක් ඉන්නවා.‘‘ පිළිගැනීම් අංශයෙන් පැමිණි ඇමතුමෙන් මම පුදුමයට පත් වුණෙමී. කිසි දා මා හමුවට කිවෙක් ආයතනයට පැමිණ නැත. මම කඩිනමින් දුරකථනය පිරික්ෂුවෙමී. මගේ පොන් ඕප් වෙලාවද්ද? හදිස්සියක් නිසා ගගනවත් ඇවිද්ද?

‘‘හරි මිස් මම එන්නම් පොඩ්ඩක් ඉන්න කියන්න.‘‘

‘‘ඕකේ‘‘ අනෙක් පසින් ඇමතුම විසන්දී විය.කරමින් සිටි කාර්ය නවතා දැමු මම පිළිගැනිම් අංශය වෙත පැමිණයේ චකිතයෙන් වෙමී.

‘‘කවුද මිස් මාව හම්බෙන්න ආවා කිව්වේ.‘‘ මම පිළගැනීමේ නිළධාරිනයගෙන් විමසුවෙමී.

‘‘අර ඉන්නේ වාඩී වෙලා.‘‘ සුව පහසු සෙටියේ සගරාවකට මුහුණ යොමාගෙන වුන් පුද්ගලයා පෙන්වමින් ඇය කිවේය. ඔහු දුටු සැනින් මට සැගවෙන්නට උවමනා විය. නමුත් සිත ඔහු හමුවීම බලාපොරොත්තු විය. යටි හිත තුළ තැම්පත් වු දෙයක් නැවත් ඉස්මතු වීදෝ මම ඔහු වෙතට ගියෙමී.

‘‘සදා....‘‘ ඔහු මගේ සිත හිරවට්ටමින් මා දෙස බලා විමසිය. මොහෙතකට අප නෙත් එකට ගැටුණි. ඒ දැහැන බිද දැමු මම ඔහු ඉදිරි පස වු අසුනේ වාඩි වුණෙමී.

‘‘සදා ඇයි ඔයා මාව මගාරින්නේ‘‘ ඔහු වේදනාවෙන් මගේ දෙස බලා විමසුවේය. ඔයා මොකද මාව හොයාන ආවේ නැත්තේ..  පුදුමයකී මගේ සිතට විමසන්නට අවශ්‍ය වී තිබුණේ එලෙසිනී. මම පිළිගන්නට අකමැති වුවත් මගේ සිත ඔහු බලාපොරොත්තුවෙන් සිට ඇත බව නම් හොදටම පැහැදිලි විය.නමුත් මම තව දුරටත් නිහඩ වුවෙමී.

‘‘සදනී මම වැරදි දෙයක්ද ඇහුවේ.‘‘ඔහු මදක් මා දෙසට නැඹුරු විය.

‘‘ඔයාව මගාරින්න  තරම් සම්බන්දයක් අපි අතර නෑනේ.‘‘

‘‘ඇයි ඔයා එහෙම කියන්නේ. ඔයා එදා පොළිස් ඉස්ටේසන් එකට ආපු දවසේ ඉදන් මම අයියා අතේ මොන තරම් ඔයාට පණිවට එව්වද?‘‘

‘‘මට පිස්සුද?.‘‘ මට ඉබේටම කියවුණෙමී.

‘‘ඔව් ඔයාට. අයියා කිව්වේ ඔයා මගේ යාළුවෙක් වෙන්නවත් කැමතී නෑ කිව්වා කියලා.‘‘ සිදු වී ඇති දෙය දැන් මට පැහැදිළිය. එදා පොළිසියට ගොස් පැමිණී වෙලාවේ අනුහස් සර් මා පැවසුවේ මගේ අනාගතය ගැන සිතා දිනිදුට ළං නොවන ලෙසය. එනිසා දිනිදුගේ පණිවිඩ ඔහු මට පවසන්නට නැතිව ඇත.

‘‘මට මොකුත්ම කිව්වේ නෑ සර්.‘‘ මම ලොකු සුසුමක් හෙළමින් කීවෙමි.

‘‘මොනවා. එතකොට ලොකු මට හැමදාම බොරුද කිව්වේ. මටත් හිතුණා. කොහොමත් ඔයා ඒ තරම් ගල් හිතක් තියෙන කෙනෙක් නෙමෙයි කියලා මම දැනන් හිටියා.‘‘ ඔහු මා දෙසම බලාගෙන කියවාගෙන යද්දී මම ඈතක නෙත රදවගෙන වුන්නෙමී.

‘‘ඇයි සදා. ඔයා කැමති නැද්ද මට. නැත්තම් වෙන බොයි කෙනෙක් ඉන්නවද ඔයාට.‘‘ ඔහු කෙළින්ම විමසුවේය. වැඩී වාර ගණනක් හමු වී නොතිබුණත් හමු වූ වාර  කීපය තුළ ඔහු මගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය බව මම දැන වුන්නෙමි. නමුත් මට ඔහුට කැමති විය නොහැකිය. නිහඩ බව හුගක් දේවලට පිළිතුරු දෙන බව මම දනිමී. එනිසා මම නිසඩව වුන්නෙමී.

‘‘සදා මට කියන්න. එදා පාටී එකේදී ඔයා ළග හිටිය බොයි ඔයාගේ බොයි ප්‍රෙන්ඩ් ද?. මට ඇත්ත කියන්න. ඔයා අකමැති නම් මම ආයි ඔයාට කරදර කරන්නේ නෑ.‘‘ ඔහු තවත් මා දෙසට නැඹුරු විය.

‘‘නෑ මගේ ස්කෝලේ කාලේ ඉදන්ම යාළුවා, මගේ එක කුස උපන් සහෝදරයා වගේ.‘‘ ඔහුද මගේ ආදරය බලාපොරොත්තු වන බව කීමට මට සිත් නොවීය.

‘‘එහෙනම් ඇයි ඔයා මට අකමැති.‘‘

‘‘අපි අදුරන්නෙත් නෑ. අනික මගේ හිතේ ඔයා බලාපොරොත්තු වෙන විදියේ හැගිමක් නෑ දිනිදු‘‘  මම ඔහු දෙස බලා කීවෙමි.

‘‘හරි ඉතින් අපි අදුර ගමුකෝ. අඩුම ගානේ අපි හොදම යාළුවෝ වත් වෙමු.‘‘ ඔහු ආයාචනාත්මකව පවසද්දී තවත් ඔහු මගහැරීමට මට නොහැකි විය. කතාව අවසානයේ නැවතත් මගේ දුරකථන අංකය ඔහුට ලබා දුන්නෙමී.

    ඔහු පිටව යාමෙන් පසු මම කෙලින්ම අනුහස් සර්ගේ කාමරයට පිවිසුනෙමි. ඔහු සිටියේ වෙනත් කාර්යයක නිරතව පරඝනක තිරය දෙසට නෙත යොමාගෙනය. දොර විවර වන හඩත් සමගම මා දෙස නෙත් කොනින් බැලු ඔහු‘‘ එන්න සදනී. මොකක් හරි ප්‍රශ්නයක්ද?‘‘ විමසුවේය.

‘‘සර් මම හම්බෙන්න දිනිදු ආවා‘‘ මම අසුනට බර වෙමින් කීවෙමී.

‘‘පොඩී මෙහෙ ආවා.‘‘ ඔහු පුදුමයෙන් මා දෙස බලා පැවසුවේය.

‘‘ඔව්.‘‘

‘‘මොනවද කිව්වේ.‘‘ කරමින් සිටි කාර්ය නවතා දැමු ඔහු මගෙන් විමසන්නට විය. මම සිදු වු සියල්ල පැවසුවෙමී.

‘‘ ඔයාගේ කැමැත්තක් සදනී. මේ මාසෙම පොඩී හොදට හැසිරුණා. වැඩිය ඇවිදින්න ගියෙත් නෑ. ඔහොම හිටිය ආයෙත් වෙසන් වෙයි කියලා හිතුණ නිසයි මම ඔයාට ඒ ගැන කියන්නේ නැතුව පොඩීට බොරු කිව්වේ.‘‘

     දිනිදු නැවතත් මා සමග කතා කරන්න පටන් ගත්තේය.  කලිනුත් රෝසී ලෙස කතා කරනු ලැබුවේ මම බව මම ඔහුට පැවසුවෙමි. දිනෙන් දින අපේ ඇසුර වැඩි දිවුණු වුනත් ආදර ගැන ඔහු නිතර කතා නොකල නිසා මට තවත් ඔහු ගැන පැහැදුනෙමී. මෙවර මම දිනිදු මිතුරෙකු වග ගගනගෙන් වසන් නොකලෙමී. මමයි ගගනයි මෙන්ම ගගනයි දිනිදුයිද මිතුරන් බවට පත් වන්නට තරම් මේ ඇසුර බලවත් විය. ඒ කාල සීමාව තුළ මම දිනිදුව හදුනා ගත් අයුරින් අනුහස් සර් පවසන තරම්ම මුරණ්ඩුකාරයෙක් නොවන බව වටහා ගත්තෙමී.

 ‘‘ සදා .. සදා .. ඔයා ඉන්නවද?‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Jan 2017 11:47 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Jan 2017 11:49 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

දාසයවන කොටස.

‘‘ඉන්නවෝ ඉන්නවෝ.‘‘ මම දුවගෙන ඉදිරිපසට ආවෙමී.

‘‘සදා වැඩකද හිටියේ.‘‘

‘‘නෑ නෑ කම්මැලි කමේ හිටියේ. ඔයා ආපු එක හොදයි.‘‘ මම නිවසේ ඉදිරිපිට පඩි කීපය බැස මිදුළට එමින් කීවෙමී.

‘‘ටිකක් අරහෙට යමු‘‘ ඔහු වත්ත පහළ පෙන්වමින් කීවේය. අපි පුංචී කාලේ සිට දුව පැන සෙල්ලම් කළ පොල්, අඹ , කොස් වැනී ගසුත් තවත් පළතුරු ගස් සහ තවත් වටිනා රූස්ස ගස් වලිනුත් පිරි ඒ පෙදෙස පුරා අපේ මතක සැමරුම් කැටි වී ඇත. මම රැකීයාවට යාමත් සමග  ඒ පෙදසට යන්නට කාලයක් අපට හිමි නොවීය. ඒ හේතුව නිසා මගේ සිත පැවසුවේ අපි මොනතරම් නම් දුරස් වී ඇත්ත, අපේ ජීවිත මොන තරම් වෙනස් වි ඇත්දැයි යන්නයි. අනේ අපි ලොකු නොවි හැමදාම පුංචී ළමයි වෙලා හිටියා නම් මම ලොකු සුසුමක් හෙළුවෙමී. හිස සලා ගගනගේ කීමට කැමති වුන මම ඔහු සමග වත්ත පහළට ඇදෙන්නට වුනෙමී.

‘‘සදා ඔයා දන්නවද හෙට මම කැම්පස් යනවා.‘‘

‘‘අනේ ශෝක්නේ ඇත්තමද?‘‘

‘‘ඔව්.‘‘ ඔහු කිව්වේ දුකින් මුහුණ බිමට නැඹුරු කර ගනිමින් වූවේය.

‘‘ඇයි ගගන දුකින්.‘‘

‘‘ඔයාට දුක නැද්ද? හෙටින් පස්සේ අපිට මෙහෙම හමබවෙන්න වෙන්නේ නෑ. ඔයා දකින්නත් වෙන්නේ නෑ.‘‘ ඔහු කියන දෙයි වේදනාව මටත් නොහැගෙනවා නොවෙයි. නමුත් මම ඔහුගේ සිත සැදීමට උත්සහ ගත්තෙමී.

‘‘දුකයි දුකයි ගගන. ඒත් මේ අපේ ජීවිත වල හැටිනේ. ඔයා ඩොක්ටර් කෙනෙක් වෙලා එන්නකෝ.‘‘ මම  ගගනගේ උරහිස මත අත තබා ගමන නතර කරමින් කීවෙමී.

‘‘ඔයා වෙනස් වෙන්නේ නෑ නේද?‘‘ ගගන එවර මගේ දෙවුරෙන් අල්ලාගෙන මගේ දෙනතට එබිකම් කලේය. ඒ ඇස් වල දහසකුත් දේ ලියවී තිබුණී. ඒ හැම හැගීමක්ම මට හොදින්ම වැටණී. මමත් මොහොතකට ගමන නතර කර ඔහු දෙස බලා වුන්නෙමී.

‘‘නෑ ගගන .‘‘

‘‘මම හෙට යනවනේ කෙල්ලේ. ඔයාට තවමත් බැයිද? ඔයාගේ ඔය ඇස් වල ලියවිලා තියෙන ආදරේ පිළිගන්න.‘‘

‘‘මගේ ඇස් වල‘‘ මම ඔහුට නෙත් කොනින් ඉගි කර පහළට දුවගෙන ගියෙමී. මම ආපසු හරී බලන විට ඔහු එතනම නතරවී මා දෙස බලා සිනාසෙමින් සිටියේය. දුවගෙන ගොස් වත්ත පාමුල පිහිටි ගල මත හිට ගනිමින් නතර වුනේමි. ගලෙන් පහළ ඇත්තේ අපි රවුමෙන් එන විට හමු වන ගුරු පාරයි. ගලෙන් එහා පැත්තට ඇත්තේ ලොකු හෙලකී. එතනින් පහළට කෙනෙක් වැටුණ හොත් ජීවිතය පවා නැති වීමට ඉඩ ඇත . ඒ තරම් උසක් ඒ ගලත් ගුරු පාරත් අතර ඇත. මම පරිස්සමට ගල මැද්දට වෙන්න හිටගෙන ගගනට අත වැනුවෙමී.

‘‘සදා බලාගෙන . කකුලක් හරි ලිස්සුවොත්.‘‘ මා දෙසට එමින් ගගන පැවසුවේය. ගුරු පාරේ කිසිවෙක් නැත. අප ජීවත් වුයේ ගමක් තුළ නිසා ඒ පාරවල් වල නිතර සෙනග නොමැත. එනිසා දැන් පෙනෙන තෙක්මානයටම ඇත්තේ අපි දෙදෙනා පමණකී. මම ගල මත පැළවී තිබූ අක්කපාන ගස් කීපයක් උදුරා දමා තැනක් සකසාගෙන එතන වාඩි වුනෙමී. ගල මතට නැගුණු ගගනද මා අසලින්ම වාඩි වුනේය.

‘‘ඔයාට මතකද සදා ඉස්සර අපි මේ ගලේ සෙල්ලම් ගෙවල් දානවා. සෙව්වන්දී ටීචර් එන්න එපා කියද්දී අපි හොරෙන් මෙතෙන්ට එනවා.‘‘ ඔහු ගුරු පාර දෙස නෙත් යොමාගෙන අතීතය සිහි කරන්න විය.

‘‘අපේ මහත්තයා බබාට හොදටම උණ බෙහෙත් ගෙන්න යන්න වෙයි.‘‘ එසේ පැවසූ මම හයියෙන් සිනාසුනෙමී. මා පැවසුවේ කුඩා කළ අපි සෙල්ලම් ගෙදරක පුංචි බෝනික්කාගේ අම්මා සහ තාත්තා වී ඇති කර ගත් දෙබසකී. ඒ සිදු වීම අපේ ජීවිත වලට බොහෝ ළගය. අද ඊයේ සිදු වුණා වැනීය. මගේ දගකාර කතාව සමග සිනා සුණ ගගන මා වෙතට මදක් ලං විය.

‘‘ඔයාගේ හිතේ හීනයක් නැද්ද කෙල්ලේ ඒ කතාව ඇත්ත කතාවක් වෙනවා දකින්න.‘‘ මම එවර ගොළු වුනෙමී. කුඩා කළ සිටම මට එවැනී සිහිනයක් නොතිබුණා යැයි කිව නොහැකිය. නමුත් මට එවැනී සිහිනයක් ඇත්දැයි පැහැදිළි වැටහීමක් නැත.

‘‘සදා.. කියන්නකෝ.‘‘ ඔහු මගේ අතකින් අල්ලා ගත්තේය. ඔහුගේ අතැගිලිවල උණුසුමත් සමග මගේ හද ගැස්ම වේගවත් විය.

‘‘හ්ම්ම්ම්.‘‘

‘‘හ්ම් ගාන්නේ බස්සියක් වගේ.‘‘ ඔහු තවත් නොසිතාම මා ළගටම කිට්ටු වී වාඩී වීය. අනතුරුව මා ඔහුගේ ඇගට වාරු කර ගත්තේය. ඒ මොහොතෙහි මගේ හිතේ තිබු හැගීම තේරුම් ගැනීම අපහසුය. මගේ හිතේ තිබෙන හැගීම් මටම දැන් වෙන් කර හදුනා ගත නොහැකිය. නොහැකිමත් නොවේ ,මම වෙන් කර හදුනා ගැනීමට හිත වෙහෙසීමට අකමැතිය. මම නිහඩවම ඔහුගේ උර තලය මත හිස හොවාගෙන වුන්නෙමී.

‘‘ඔයා හැමදාමත් මගේ ළග මෙහෙම ඉන්න. ඔයා වචනෙන් නොකිව්වට ඔයාගේ හැගීම් මට දැනෙනවා සදා.‘‘ මම තවත් ඔහුගේ සිත නොපෑරුවෙමී. මතු දිනකද ඔහුගේ සිත පෑරීමට මගේ බලාපොරොත්තුවක් නොමැත. නමුත් මම දෙලොවක් අතර වෙමී. දිනිදු... ඔහු හමු වී ටික කාලයකී. නමුත් දුටු මුල් දිනයේ සිටම මගේ සිතට අමුතු හැගිමක් ඇතුල් වී ඇත. ඔහු අතහැරීමට මගේ සිත කොහෙත්ම අකමැතිය. ඔහුගෙන් දුරස්වන වාරයක් පාසා ගගනගේ සතුට ගැන සිතා මම සතුටු වුනත්. ඔහුගේ දුරස් වීම යටි හිතට තද වේදනා ගෙන දුනි.

‘‘ඔයා හෙට උදෙන්ම ඇහැරල මාව පිටත් කරන්න එනවා නේද?‘‘ ගගන මගේ අතක් සිනිදුවට පිරිමදිමින් විමසද්දී මම කල්පනාවෙන් මිදුනෙමී.

‘‘කියටද යන්න තියෙන්නේ.‘‘ පැය භාගයකට වැඩි කාලයක් එතන කතා කරමින් සිටි අපි සැදෑ අදුරත් සමග නිවස දෙසට පිය නැගුවෙමු.

     අදන් පසු සුළු කාලයකට ගගන අපෙන් දුරස් වන නිසා අම්මාද වුන්නේ වේදනාවෙනී. එනිසාම අද රෑ ආහාරය ගෙන යන ලෙස ඇය ගගනට යෝජනා කලාය. රාත්‍රී අට වන තුරු රෑපවාහිණිය ඉදිරිපිට රැදී සිටි අපි ඉන් පසු රාත්‍රී ආහාරය ගත්තෙමු.

‘‘සෙව්වන්දී ටීචර් එහෙනම් මම යන්නම්. හෙට උදෙන්ම ඇහැරෙන්නත් ඕනෙනේ.‘‘ ගගන යන්නට සුදානම් වෙමින් විමසුවේය.

‘‘හරි ගගන පුතා. පුතා දැන් කොහෙද බෝඩ් වෙන්නේ. ඒ සේරම දේවල් ලෑස්තිද?.‘‘

‘‘බෝඩ් වෙන්න ඕනේ නෑ සෙව්වන්දී ටීචර්. අපේ නැන්දලාගේ ගෙදර ඉදන් මට යන්න පුළුවන්.‘‘

‘‘ආ.. ඒ කියන්නේ නැන්දලාගේ ගෙදරද නවතින්නේ .. අනේ එහෙනම් හොදයි. බෝඩිං කාමර වල කෑමත් හරියකට නෑනේ. පිට තැනක් නෙමේනේ නැන්දා නම්.‘‘ අම්මා සතුටින් පැවසුවාය.

‘‘ඔව් සෙව්වන්දී ටීචර්. මම කාලෙකින් එහෙ ගියෙත් නෑ. අම්මා කෝල් කරලා කියලා මම හෙට එහෙ එනවා කියලා.‘‘

‘‘හොදයි හොදයි .. හොදට ඉගෙන ගන්න. දවසක ගගන පුතා ඩොක්ටර් කෙනෙක් වෙලා ඉන්නවා දකින එක තමා අපේ එකම ආසාව.‘‘

   අම්මාගේ දෙපා නැමද ආශිර්වාද ගත් ගගන වේදනාව පිරි දෑස් වලින් මා දෙස බැලුවාය.

‘‘දුක් වෙන්න එපා ගගන වීකෙන්ඩ් වල ඔයාට එන්න පුළුවන් වෙයි නේ. අනික කෝල් කරන්න පුළුවන්නේ.‘‘ ඔව් කියන්නට මෙන් හිස සැලු ගගන අවසන් වරටත් මා දෙස බලා පිටව ගියේය. ඔහුගේ සිත සනසන්නට අවශ්‍ය නිසා නිහඩව වුන්නත් සිත තුළ ලොකු වේදනාවක් සිරවි තිබුණි. මම අම්මාට නිදි මත බව පවසා කාමරයට වැදුනෙමී.

    යහනේ ඒ මේ ඇත පෙරළෙමින් මම නිදා ගැනීමට උත්සහ ගත්තත් මට නින්දක් නොවිය. වරින් වර ගගනව සිහිපත් විය. මධ්‍යම රාත්‍රියත් උදාවන්නට ආසන්න වන විට මම හවස් වරුවම දුරකතනය බැලුවේ නෑනේද යනුවෙන් සිහි ගැන්වින. මම තවමත් මගේ ළග තිබු කුඩා දුරකථනය ගෙන පිරික්ෂුවෙමී.එහි දිනිදුගෙන් කෙටි පණිවිඩ සහ ඇමතුම් රැසකී. ඒ අතර ගගනගෙන්ද කෙටි පණිවිඩ කීපයක් විය.

     මම මුලින්ම ගගනගේ කෙටි පණිවඩ බැලුවෙමී. මට වගේම ගගනටත් අද නින්ද නොයන බව මම දැන වුන්නෙමී.

‘‘ ගගන ඔයා තාම නිදි නැද්ද?.‘‘

‘‘ඔයත් තාම ඇහැරලද මම හිතුවා නිදි ඇති කියලා.‘‘ ඒ ගගනගේ පිළිතුරයි. ගගනත් මමත් මද වෙලාවක් කෙටි පණිවිඩ මගින් දුක තුනි කර ගැනීමට උත්සහ ගත්තෙමු. ඒ අතර තුර මම දිනිදුට පණිවිඩයක් යැව්වේ සමාව අයදිමිණි.

‘‘සොරි දිනිදු අයියේ. හෙට ගගන කැම්පස් යනවා. ඒක නිසා එයා අද හුගක් වෙලා මෙහෙ හිටියා. ඒ දුක නිසා මට පොන් එක බලන්නත් අමතක වුණා. ගී. එන් බී.එස්.‘‘ මම පණිවිඩය යවන පරක්කුවට ඔහුගෙන්ද මට පණිවිඩක් ලැබුණී.

‘‘මම දන්නවා රෑ කියටම හරි ඔයාට මාව මතක් වෙන බව. ගගන මටත් කිව්වා එයා හෙට යන බව.‘‘ දෙවියනේ මම නිසා මේ කොල්ලෝ දෙන්නම නිදි නෑ. මගේ සිතේ වු වේදනවා තව වැඩි විය. දෙදෙනාගේම පණිවිඩ මැද ඒක අයෙකුට වත් පණිවිඩ යවන්නට මට  සිත් නොවීය. නින්ද නොආවත් මම නිහඩ වුණෙමි.

     නිදා ගැනීමට කෙතරම් රෑ බෝ වුණත් මම පාන්දර අවදී වී මුහුණ කට සෝදා රෑ අරදුමට උඩින් තවත් අත් දිග බැනියමක් ඇද ගෙන ස්තෝප්පුවට ගියෙමි. අම්මා උදෙන්ම අවදී වී මුළුතැන ගෙය තුළ උදේ ආහාරය පිළයෙල කරයි. මම ගගන එන තුරු මග බලා වුන්නෙමී.

   මොහොතකට පසු හිමිදිරි අදුර මැදින් කටහඩවල් කීපයක් සමග විදුලි පන්දම් එළි කීපයක් දකින්නට හැකී විය. ගග ඔහුගේ පියාත් සමග ගුරු පාර දිගේ එනු දැකීමෙන් මම මිදුලට බැස පාර අයිනට ගියෙමී. වෙනදාට අදුරේ එළියට බහින්නට බයේ අම්මාට කරදර කරන මම අද තනියෙම නිවසින් මදක් ඈත් වූ පාර අයිනට පැමිණ සිටිමී.

‘‘සදනී.. ඔයා තනියමද ආවේ. තාත්තා සිටි නිසාදෝ ගගන මට සදා නොකිව්වේය. නමුත් දුරස් වන මොහොතේ ඔහු මට සුපුරුදු ලෙස කතා නොකිරීම මගේ දුක  තවත් වැඩි කිරිමට හේතු විය.

‘‘ඔව් තනියෙම ආවේ ගගන. අම්මා උයනවා.‘‘

‘‘සෙව්වන්දී ටීචර්ට කියන්න මම ගියා කියලා.‘‘ ඔහු එලෙස පවසා පිට වන්නට උත්සහ ගත්තේය. මා පසු කර පියවර කීපයක් තබන විට මට තවත් ඉවසා සිටිය නොහැකි විය.හිමිදිරි සීතලත් සමග හිරි වැටී තිබු කොපුල් මත උණුසුම් කදුළු බිදු රූරා යන්න විය. ගගනගේ තාත්තා සිටින බවද අමතක කළ මම දුවගෙන ගොස් ගගනගේ අතක එල්ලුනෙමී.

‘‘ගගන ඔයා වීකෙන්ඩ් වල එනවා නේද?.‘‘ මම විමසුවෙමි.ඔහු මගේ අතින් ඔහුගේ අත මුදා ගැනීම උත්සහ ගනිමින් ‘‘ ඔව් ඔව් මම හැම සතියෙම කොහොම හරි ගෙදර එනවා‘‘ යි පැවසුවේය. ඔහු එලෙස කරන්නේ ඔහුගේ පියා සිටින නිසා බව මම දනිමී. සිත තුළ වු වේදනාව අවට මුළු ලෝකයම අමතක කරන්නට සමත් විය. මම තවත් තදීන් ඔහුගේ අත අල්ලා ගත්තෙමි.

‘‘අපිට බස් එක අල්ල ගන්න බැරි වෙයි සදනි. අපි යන්නම්.‘‘ ඔහුගේ සිතේ වු දුක හොදින්ම ඒ වචන වල ගැබ්ව තිබුනී. එමෙන්ම තවත් ඔහුට මා සමග කීමට දහසකුත් දේ සිතේ ඇති බවද මට වැටහුනි.

‘‘අනේ ගගන ඉක්මණට ආපහු එන්න.‘‘ දෙවරක් නොසිතු මම ඔහුගේ ගෙළ වටා දෙඅත් යවා වැළෙද ගත්තෙමී. ගගන ඉන් බොහො කළබල වන්නට ඇත. ඔහු මා ගෙන ඉවත් වීමට උත්සහ ගත්තේය. එහෙත් මම කදුළු සලමින් ඔහුගේ තුරලට තවත් ගුලි වුනෙමී. අවසානයේ ඔහු අසහනකාරී හැගීම අත හැර මා වැළදගෙන.‘‘ දැන් පරිස්සමට ගෙදර යන්න සදා.. මම ඉක්මණටම එනවා‘‘ යැයි පැවසුවේය.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2017 04:42 PM
  •  Quote
  •  Reply
ස්තුති නංගියේ අපි ට කියවන්න රසවත් කතාවක් දෙනවට දිගටම .
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2017 06:53 AM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි අවසන් දෙබස් ටිකටං මටත් නිකං ඇඩෙන්න වගේ ආව
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Jan 2017 09:14 AM
  •  Quote
  •  Reply
අනේ බොරු නොකියා හිටු
දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Jan 2017 12:35 PM
  •  Quote
  •  Reply
kathaa nam mokuth kiyewwe ntho mama busy me kaalaye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Jan 2017 01:47 PM
  •  Quote
  •  Reply
බිසි නැති කාලයක් නැ කියන්න හි හි
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Jan 2017 04:37 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Jan 2017 04:39 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

දාහත්වන කොටස.

   සුළු මොහොතකින් ඔහුගෙන් මිදුණු මම ආපසු හැරී නිවස වෙතට දිව්වෙමී.හිතට දැනුන දුක නිසාම මම ඇදට වැටී කොට්ටයේ මුහුණ හොවාගෙන හැඩුවෙමී. ඉන් පසු මම නැවත අවධි වුණේ අම්මාගේ ඇමතීමත් සමගය.එදින මම කාර්යාලයට යනු ලැබුවේ වේදනාවෙනී. වෙනදා බොහෝ දින වලට ගගන උදෑසන මම නිවසින් පිටතට එන විට පාර ළග බලා හිදී. මා සමග බස් නැවතුමටම යන ඔහු මා බස් රථයට නගින තුරුම මා ළගට වි සිටි. තනියෙම ගුරු පාර දිගේ ඇවිද යන විට ඔහු නැති පාළුව මට තදින්ම දැනෙන්න විය.කාර්යාලයට ඇතුල් වුනත් කිසිවෙක් සමග කතා කරන්නට සිත් නොවු මම නිහඩවම දවසේ වැඩ පටන් ගත්තෙමි. කීපවරක්ම සයුමී මගෙන් දුකෙන් ඉන්න හේතුව විමසුවාය. මම ඇයට කිසිවක් නොපැසුවෙමී.

     දුක අමතක කිරීමට එකම මග වැඩ වැඩි කර ගැනීම බව සිතු මම දිගටම වැඩකලෙමී.දහවල් කෑම විවේකයට ආසන්න වී තිබෙද්දී මා අසල වු දුරකථනය නද දෙන්න විය.මම හනික ඇමතුමට සවන් දුන්නෙමී. පෙර දින මෙන්න මා හමුවීමට කෙනෙකු පැමිණ ඇති බව පිළිගැනීමේ අංශයේ නිළධාරිනිය ප්‍රකාශ කලාය. අදත් පැමිණ ඇත්තේ දිනිදු බව මට විශ්වාසය. මම ටිකක් ප්‍රමාධ වී ඔහු වෙතට ගියෙමී.

‘‘සදා මොකද පොන් එක වැඩ නැත්තේ.‘‘

‘‘ඒක වැඩ. මම බැලුවේ නෑ අනේ.‘‘ මම ඕනෙවාට එපාවට පවසා ඔහු අසල වාඩි වුනෙමී.

‘‘මුණත් එක්ක මොකද්ද වෙලා. ඔයා අවුලින්ද?.‘‘

‘‘නෑ නෑ.. ‘‘ මම සුසුමක් පිට කර ඔහු සමග සිනා සෙන්නට උත්සහ ගනිමින් කීවෙමී.

‘‘ඔයාට දුකද ගගන ගිය එකට.‘‘

‘‘ඔව්. අපි දෙන්නා හැමදාම එකටමයි හිටියේ. මට පුදුම තනිකමක් දැනෙන්නේ.‘‘ මම හිතට නැගුණු සිතුවිල්ල එසේම පවසා දැමුවෙමී.

‘‘තනී වෙලා. මේ මම ඔයා ළග ඉන්නේ. ඔයා ඉඩ දෙනවා නම් මම එයාටත් වඩා ඔයාගේ ළගින්ම ඉන්නම්.‘‘ දිනිදු මගේ අත මත සිය අත තබමින් පැවසුවේය. කළබලයට පත් වු මම ඉක්මණින් අත ඉවතට ගත්තෙමී. මම හිතන්නේ මම ඔහු දෙස රවා බැලුවෙමී.

‘‘සොරි සදා.. සොරි...‘‘

‘‘හරි හරි දැන් අවේ ඇයි දිනිදු අයියේ.‘‘ මම එය යටපත් කරමින් විමසුවෙමී.

‘‘ඔයාගේ පොන් එක වැඩ නැතුවහම බය හිතිලා ආවේ.‘‘

‘‘මම පොන් එක බැලුවේ නෑ දිනිදු අයියේ උදේ ඉදන්. ‘‘ මම ඔහු දෙස යන්නතමට බලා කිවෙමී.

‘‘මම පොඩි වැඩක් කියන්නද?.‘‘ හදිස්සියේම දෙයක් මතක් වූ කලක මෙන් ඔහු සතුටින් ඉපලෙන දෑස් දල්වා මා දෙස බැලුවේය.

‘‘ඒ මොකද්ද?.‘‘

‘‘ඔයාගේ දුක පාළුව නැති වෙන්නත් එක්ක අපි දෙන්නා ලන්ච් ගන්න එළියට යමු.‘‘

‘‘මට බෑ.‘‘ මම එක වරම අසුනින් නැගිට කාර්යාලය තුළට යන්න සැරසුනෙමී.

‘‘ඔය යනවාද? ‘‘

‘‘ඔව්.‘‘ මම කිසිම හිතක් පපුවක් නැති අයෙක් මෙන් එලෙස පවසා කාර්යාලයට ආවෙමී. ඔහු ගියාද නැද්ද කියා වත් මම සොයා නොබැලුවෙමි.නිවසින් බැද දුන් බත් පාර්ශලයද අත ගාමින් සිටි මම  එය කුණු කූඩය විසි කර අත සොදා ගත්තෙමී. සයුමිට මගේ හැසිරීම ලොකු පෙහේළිකාවක් වී තිබුණි. ඇය මගෙන් විමසු කිසිවකටත් මම පිළිතුරු නොදුන්නෙමී. ‘‘මේකිට මොන මළ යකෙක් වැහිලද?‘‘ පැවසු ඇයි මට ගස්සාගෙන දහවල් කෑම විවේකය ඉවර වන්නටත් මත්තෙන් කාර්යාලයට ඇතුල් විය. එය ගානකටවත් නොගත් මම ආපනශාලාවේ පුටුවකට බර වී කල්පනා කලෙමී. දැන් මට ඇති ගැටළුව ගගන තවමත් කෙටි පණිවිඩයක් හෝ නොඑවීමයි.  මම කිහිපවරක්ම ඇමතුමක් ගන්න සිතා දුරකථනය අතට ගත්තත් ඔහුට තවමත් නිදහසක් නැතුව ඇතැයි සිතා, ඒ හැගීම යටපත් කර ගත්තෙමී.

     දහවල් කෑම විවේකය අවසන් වීමට විනාඩි කිපයක් තිබියදී මම ඔහුට ඇමතුමක් ගත්තෙමි. අනෙක් පසින් හුගක් පමා වී ඇමතුමට ප්‍රතිචාර දැක්වීය.

‘‘හෙලෝව් සදා.‘‘

‘‘ඔයා තාම කැම්පස් එකේද ගගන.‘‘ මම එකවරම විමසුවෙමී. මට අවශ්‍ය වී තිබුණේ ඔහු මෙතරම් ඇමතුමක් ගැනීමට පමා වූ හේතුවයි. වැටෙන්නට ඔන්න මෙන්න වු කදුළු කැට දෙකක් සිර කර ගත් දෑස් බිමට නැඹුරු කරගෙන ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් වුන්නෙමි.

‘‘  අපි අද කලින්ම ආවා සදා. මම දැන් නැන්දලාගේ ගෙදර. නැන්දා එක්ක කයියට අහු වුණා. දන්නේ නැද්ද ඉතින් කාලෙකින්නේ.‘‘ ඔහුගේ වචන තුළ සතුටක් ගැබ්ව තිබිණි. වචන අතර වරන් වර එක් වූ සිනා හඩ එය කියා පෑවේය.

‘‘හරි හරි කමක් නෑ . කොහොමද? ඉතින්. හොද යාළුවෙක් එහෙම සෙට් වුණේ නැද්ද?.‘‘ මා නැතිව ඔහුට පාළු නැතැයි සිත මට නැවත නැවත කියද්දී මම එය අමතක කර දමන්නට උත්සහ ගත්තෙමී. මේ මට හිතෙන විදිය වෙන්න ඇති. අද ගගනට විශේෂ දවසක්නේ. කොහොම හරි එයා හිනා වෙලා ඉන්නවනේ ඒ ඇති.

‘‘යාළුවෝ නම් ගොඩයි සදා. නියම බොක්කවල් ටිකක් හම්බුණා.‘‘

‘‘හ්ම්ම් .. ඔයා කෑවද? අපේ නම් ලන්ච් බේරේක් එක දැන් ඉවර වෙන්න එන්නේ.‘‘

‘‘තාම නෑ නැන්දා තාම උයනවා.‘‘

‘‘බඩගිනීද?‘‘ අමාරුවෙන් උගුරෙන් පල්ලට දා ගත් බත් කටවල් කීපයද අපරාදයක් යැයි මට සිතුනි.

‘‘සදා මම පස්සේ ගන්නම්.‘‘ කිව් ඔහු එක වරම ඇමතුම විසන්ධි කලේය. කුමක් වූවා දැයි සිතා ගැනීමට නොහැකී වු මම මද වෙලාවක් දුරකථනය දෙස බලා සිටියෙමී. නැද්දා වත් කතා කරන්න ඇති. මටම පවසා ගත් මම කාර්යාලය තුළට ඇතුල් වුනෙමී. දිවා වීවේකයට වඩා වැඩි කාලයක් මම එළයේ හිද ඇති බව මට වැටහුණේ සියල්ලම් තම කාර්යයන් වල නිරතව සිටිනු දැකීමෙනී.

    මගේ අසුණට නොගිය මම අනුහස් සර් හමුවට ගියෙමී. එක වරම සිතට නැගුණ ආකල්පය ක්‍රියාවට නංවන්නට අවශ්‍යම බව හැගුණු නිසා මම එලෙස කලෙමී.

‘‘සර්.‘‘

‘‘ආ... සදනී.. එන්න එන්න... ඇයි.‘‘

‘‘මට සර්ගෙන් ඉල්ලීමක් කරන්න තියෙයි.‘‘ මම මදක් කේන්තියෙන් බව තේරුම් ගත් නිසාමදෝ මුහුණට බැරෑරුම් බවක් ආරූඩ කර ගත් ඔහු මා දෙසම බලා වුන්නේය.

‘‘සර් .. සර්ගේ මල්ලීට කියනවද? ආයෙත් මාව හම්බෙන්න මෙහෙට එන්න එපා කියලා.‘‘

‘‘ඇයි සදනී කේන්තියෙන්. එයා අදත් ආවද?.‘‘

‘‘ඔව් සර්. මම කැමති නෑ එයාව හම්බෙන්න.‘‘ එලෙස පැවසු මම අනුහස් සර්ගේ කාමරයේ වීදුරු දොර තල්ලු කරගෙන පිටතට ආවෙමී.

    හවස් වන විට මට දැනුනේ මා ගැනම ලැජ්ජාවකී. මොකද්ද මම ඒ කරපු වැඩේ. ගගන නැති එක දවසට එයාගේ ඈත් වීම ඉවස ගන්න බැරි නිසා තමා මේ සේරම. ඒ මදිවට ගගනට මක් වෙලාද? මෙච්චර දවසම බලන් ඉදලා කෝල් එකක් ගත්තම බුදු සරණයි කිව්වෙත් නෑ දඩස් ගාලා තිබ්බා. නැන්දා කතා කලාම කියමුකෝ . එහෙම පැනලා යන්න ඕනෙද?. මට ආදරෙයි කියනවා මහලොකුවට. මම එයාගේ යාළුවෙක් කියලාවත් එයාලට කියන්න බැයිද? මම සිතින් දොස් පැවරුවෙමී. නමුත් මට විසදුමක් වත් සහනයක් වත් හමු නොවීය.

    මම නැවතත් අනුහස් සර් හමුවට ගොස් කලින් සිදු  වූ දෙයට සමාව ඉල්ලුවෙමී. ‘‘හරි හරි සදනී. ඔයා මොකක් හරි ලොකු ශොක් එකක ඉන්නේ බව මට පේනවා.‘‘ වැඩි පුර කතා කිරීමට අකමැති වූ මම ඔහුගේ විමසිම් වලින් මිදි ආවෙමී.

   වැඩ අවසන් වි නිවසට ගියත් මට කිසිමි සහනයක් නොවීය. බස් එකෙන් බැස ගත් මොහොතේ සිටම ගගන නැති අඩුව තදින් දැනෙන්න විය. වෙනදාට ගගන සමග සැන්දෑ අදුර මැදින් මේ ගුරු පාර දිගේ ගමන් කරන අයුරු මට සිහි පත් විය. ආයි අපිට එහෙම කාලයක් එන එකක් නැද්ද ගගන.

‘‘දු ගගන පුතා කොල් කලාද?‘‘ අම්මා විමසන විට මගේ වේදනවා තවත් විසල් විය. වැඩ නිම වූ මොහොතේ සිටම මම ඔහුට ඇමතුම් ගණනාවක් ගත්තෙමි .ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.

‘‘දවල් කතා කලා අම්මේ .‘‘ මම ස්තොප්පුවේ වු පුටුවකට බර වෙමින් කීවෙමී.

‘‘සේරම හොදින්ද?.‘‘

‘‘ඔව් අම්මේ ගගන සතුටින් ඉන්නේ. පිට තැනක නෙමෙයිනේ නැන්දලාගේ ගෙදරණේ.‘‘ මම අම්මා දෙස නෙබලාම, වෙනතක නෙත රදවාගෙන පැවසුවෙමී.

‘‘දු ඔයා දුකින් නේද . දුක් වෙන්න එපා ළමයෝ. ගගන පුතාටත් අනාගතයක් තියෙන්න ඕනෙනේ එයාට තනි රැකලම හරි යනවාද?.‘‘ අම්මා සිණාසෙමින් පැවසුනේ මා හිනැස්සවීමට බව මම දනිමී. මට එය විහිළුවක් ලෙස නොදැනුනී.

‘‘ඒත් අම්මේ....‘‘

‘‘හරි හරි දූ...  ටික දවසක් යනකන් සාංකාව තියෙයි. ගගන පුතත් නොකිව්වට පාළුවෙන් ඇත්තේ. පුංචී කාලේ ඉදන්ම ඔයාලා දෙන්නා එකටමනේ හිටියේ.‘‘ ඇයිත් මා අසලම වු පුටුවට බර වෙමින් කීවෙමී.

    ස්තෝප්පුවේ වු පිටු දෙකක වාඩි වුණ අපි දෙදෙනාම අදුර දෙස නෙත් යොමාගෙන වුනනෙමු. පරිසරය පුරාම වුයේ කළු පැහැ සෙවනැලි ගොඩක් පමණකි.  ඒ අතරතුර අම්මා මමත් ගගනත් නොතේරෙන වයසේදී කල කි දෑ මා සමග පවසන්න විය. ඉන් මගේ සිත තව තවත් රිදුන් දුනී. දුරකථනයේම නෙත රදවාගෙන වුන් මම ඔහුගෙන් ඇමතුමක් බලාපොරොත්තුවෙන් වුන්නෙමී. නමුත් ඔහුගෙන් ඇමතුමක් නොවීය. මම ගන්නා ඇමතුම් වලටද පිළිතුරු නොවීය. අම්මාගේ වදෙන් පොරෙන් බේරෙන්නට බත් කටල් කිපයක් කෑ මම නිදි මත බව පවසා කාමරයට වැදුනෙමී.

     දුරකථනයට නෙත යොමාගෙන මම බලා වුන්නේ ගගනට කොයි මොහොතේ හො මා සිහිපත් වේවී කියන බලාපොරොත්තුවෙනී. එහෙත් ඔහුට අද මා ගැන මතකයක් නැතැයි මගේ සිත වැළපෙන්න විය. ඒ වේදනාව කදුළු බවට පත් වී රෝස  මල් පොකුරක් ගෙත්තම් කර තිබී රෝස පැහැ කොට්ටා උරය තෙත් කරන්න විය. හවස් වු මොහොතේ සිටම දිනිදු මට දිගින් දිගටම ඇමතුම් ගත්තේය. කෙටි පණිවිඩ එව්වේය. ඒ සෑම පණිවිඩයකම මගෙන් සමාව ඇයැද තිබුණි.මම අකමැති බව දන්නවා නම් ඔහු මා බලන්නට කාර්යාලයට නොඑන බව පවසා තිබුනී. නමුත් මට ඔහු පිළබද අනුකම්පාවක් වත් ඇති නොවීය. මම ඔහුට පිළිතුරු නොදුන්නෙමී. ගගන මට පිළතුරු නොදුන්නේය.

   වෙන දෙයක් වෙයි .. මම කොහොම හරි නිදා ගන්නවා. මම පොරවනය හිසේ සිට පොරවාගෙන නිදා ගන්නට උත්සහ ගත්තෙමි. නමුත් නින්ද නොයයි. මම ඔයාට ආරෙයි කිව්වේ නැති නිසාද ගගන ඔයා මට මෙහෙම කරන්නේ. මම ඔයාට ආදරෙයි කියලා තිබුණා නම් අද මට මීටත් වැඩිය දුක හිතෙයි නේද කියා මම සිහි කලෙමී.

     එවර දුරකථනයේ ආලෝකය වරින් වර දැල්වෙමීන් ඇමතුමක් එන බව දිස් වන්න විය.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 02:04 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 24 Jan 2017 09:14 AM
අනේ බොරු නොකියා හිටු

ඔන්න බලන්න රෝසි අක්කේ ඔයාට කියන කථා


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 02:19 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 24 Jan 2017 09:14 AM
අනේ බොරු නොකියා හිටු

ඔන්න බලන්න රෝසි අක්කේ ඔයාට කියන කථා


0
Add Reply
Page 4 of 11 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below