You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2017 12:16 AM by  සඳුනි
හිරුයි තරුයි
 200 Replies
Sort:
Page 5 of 11 << < 34567 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Jan 2017 06:48 AM
  •  Quote
  •  Reply
ශා අයියට කිව්වේ
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Jan 2017 12:20 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Jan 2017 12:23 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

දහඅටවන කොටස.

     ඇමතුම දිනිදුගෙන් බව සිතු මම එතරම් තෑකීමක් නොකර පමා වී දුරකථන තිරය දෙස බැලුවෙමී. එහි නම ගගන ලෙස සනිටුහන් වී තිබුණි. ගගන ඔයාට මාව අමතක් වුණා එහෙනම්. මම සතුටින් හදවත පිරී යද්දී ඇමතුමට සවන් දුන්නෙමී.

‘‘සොරි සදා.. මම දැනුයි පොන් එක බැලුවේ.‘‘ ඔහු වරදෙන් බේරෙන්නට ඉක්මන් වුවේය.

‘‘ඒත් ගගන මාව ඔය ඉක්මණට ඈත් කරන්න පුළුවන්ද ඔයාට.‘‘ මෙතරම් වෙලා ඉවසාගෙන සිටි වේදනාව ඉකිබිදුම් සමග වචන බවට පත් විය.

‘‘අනේ නෑ සදා ඔයා අඩනවද?.‘‘

‘‘එක දවසට ඔයා මේ තරම් වෙනස් වෙද්දී සතුටු වෙන්නද මට කියන්නේ.‘‘ මම තරමක් කෝපයෙන් විමසුවෙමී.

‘‘අනේ සදා සොරි ආයි මෙහෙම වෙන්නේ නෑ.. හරි හරි දැන් නාඩා ඉන්න.‘‘ ඔහුගේ ආදරණිය වදන් මැද කදුළු ඉබේටම වියලී ගියේය.

‘‘ආයි මෙහෙම වෙන එකක් නෑ නේද?.‘‘

‘‘නෑ නෑ ප්‍රොමිස්.. මේ මම කන් දෙක අල්ලගෙන උඩ පයිනෝ.‘‘ එවර මට හඩ නැගෙන්නටම සිනහා නැගුණි.

‘‘ඇයි හිනා වෙන්නේ පිස්සු කෙල්ල.‘‘

‘‘කන් දෙකම අල්ලන් උඩ පයිනවා නම් පොන් එක අල්ලන් ඉන්නේ මොකෙන්ද?‘‘

‘‘අහුවුණා නේද හොරේ... හරි හරි කෙල්ලේ ඔය වගේ හිනා වෙලා ඉන්න. මම ආයි අද වගේ වෙන්න දෙන්නේ නෑ.‘‘ ඔහු පොරොන්දු දුන්නේය.මම දවසම බලා හිදත් විනාඩී කීපයකට වඩා කතා නොකිරිණි.

‘‘සදා මම තියන්නද? හෙට උදේම ඇහැරෙන්නත් ඕනෙනේ.‘‘ ගගන ඇත්තටම වෙනස් වෙලා. ඉස්සර ඔහොම නෑනේ. අනේ මන්දා මට හිතෙන විදිය වෙන්න ඇති.මම අවස්ථාව සාධාරණිකරණය කිරීමට උත්සහ ගත්තෙමී.කෙසේ හෝ අවසානයේ ගගන මට ඇමතුමක් ගත්තත් ඉන් මට සැනසීමක් නොවීය.ඔහු පාන්දර ඇහැරෙන්නට අවශ්‍ය බව පැවසී වේලාවට පෙර අවධි වූ මම ඔහුට ඇමතුමක් ගත්තේ අවධි කරන්නට සිතාගෙන වෙමි. කිහිපවරක්ම ගත්තත් ඇහැරෙන බවක් නොහැගිනී. කම්මැලියා හොදටම නිදි ඇති මම තනිවම සිතුවෙමී.

‘‘හෙලොව්... ඇයි අනේ නිදා ගන්න දෙන්නකෝ...‘‘ ගගන පවසන්නේ අඩ නින්දෙන් බව මට හොදින්ම වැටහුණි. මම තනිව සිණාසෙමින් අසාගෙන උන්නෙමී. ඔහු නිදිමතෙන් දොඩවන්න විය. මොහොතකට පසු ඇසුණී දෙය මගේ හදවත බියෙනුත් පුදුමයෙනුත් පුරවන්නට සමත් විය.

‘‘සුදු අයියා තාම දොයිද? පරක්කු වෙනවා පණ.‘‘ඈතින් වගේ මගේ සවනත වැදුනේ ගැහැනු කට හඩකී.

‘‘ස්ස්ස්ස්... කෑ ගහන්න එපා..‘‘ ගගන රහසින් කියනු මට හොදින්ම ඇසුනී. කියන්නට අවශ්‍ය කිසිත් වචන කර ගැණීමට නොහැකී වු මම ගොළු වී හොදින් සවන් දීගෙන වුන්නෙමී.

‘‘කව්ද සුදු අයියා උදේ පාන්දරම මගේ පණට වද දෙන්නේ... කෝ කෝ නැගිටින්න.. ‘‘

‘‘සදා මම පස්.......‘‘ ඒ වන විට මම ඇමතුම විසන්දී කර හමාරයි. කව්ද ඒ කෙල්ල. නැන්දගේ දුව වත්ද?. ඒත් මේ උදේ පාන්දර පිරිමි ළමෙක්ගේ කාමරේට එන්න ඒ ළමයට ලැජ්ජා නැද්ද?. කතා කරන විදිය. අනික ගගන මට ගෑනු ළමෙක් ඉන්න බවක් නිකමටවත් කිව්වේ නෑනේ. මෙහෙන් ගිහින් එක දවසට මේ තරම්ම වෙනස් වෙන්න පුළුවන්ද? ඒක තමයි මට කොල් ගන්නත් වෙලා නැතුව යන්න ඇත්තේ.ගගන ඔයා... මෙහෙම කරයි කියලා මම කොහොම විශ්වාස කරන්නද? මට ඇහුනේ හැබැ දෙයක්ද?. 

   විනාඩී කීපයකට පසු ගගනගෙන් ඇමතුම් එක දිගට එන්න විය. කේන්තිය නිසාම මම එම ඇමතුම් වලට පිළිතුරු නොදුන්නෙමී. ගගන එක දිගට කෙටි පණිවිඩ එවන්න විය. ‘‘අනේ පොඩ්ඩක් ආනසර් කරන්නකෝ මට ඇත්ත කියන්න දෙන්නකෝ.‘‘ ‘‘අනේ අහන්නකෝ සදා මම කියන දේ.‘‘  ‘‘මට ඔයාව විතරයි ඕනේ.‘‘ එවැනි පණිවිඩ රැසක්ම ආවත් ඔහුව විශ්වාෂ කිරීමට මට සිත් නොවීය. දුරකථනය ක්‍රියා විරහිත කර කොට්ටය මත මුහුණ හොවාගෙන දුක නිවෙන තුරුම හැඩුවෙමි. ඇස් දැවිල්ල වන තුරු, රතු වි ඉදිමෙන තුරු ඇඩුවෙමී.

‘‘දූ .. වැඩට යන්නේ නැද්ද?...‘‘ අම්මා මට රැකියාවට යාමට අවධි කරනව විට මට හොදටම නින්න ගොස් තිබුණි. කදුළු නිසාම කොට්ටය තෙත් වී සිතල වී තිබුණි.  තවත් පොරවනය ගෙන මුහුණ ආවරණය කර ගත් මම අනෙක් පසට හැරුනෙමී.

‘‘දු වැඩට යන්නේ නැද්ද?. එවර අම්මා මගේ උ‍ෙහිසින් අල්ලා සොලවන්නට වුවාය.

‘‘බෑ .. අම්..මේ.. ම..ගේ. ඔ..ලුව රි..දෙනවා.‘‘මගේ  නාසයද බර වී තිබුණී. කළබලයට පත් වු අම්මා ඇදේ කොණක ඉදගෙන මගේ නළලතත් බෙල්ලෙත් අත තබා බැලුවාය.

‘‘දෙවියනේ හොදටම ඇග රත් වෙලා..  ඊයේ රෑ වෙලා නෑවා නේද මම එපා කියද්දි.. නහයත්  හොමටම බර වෙලා.. ‘‘ අම්මා කනස්සල්ලෙන් පවසන්න වුවාය.

‘‘උගු...රත් රි..දෙන..වා අම්..මේ.‘‘ අම්මා සිනිදුවට මගේ හිසකේ අතර ඇගිලි තුඩු යවමින් පිරිමදිද්දී මම පැවසුවෙමී.

‘‘අද වැඩට යන්න එපා...ඔපිස් එකට කතා කරලා නිවාඩුවක් ඉල්ලන්න.. මම ස්කෝලෙට ගිහින් නිවාඩුවක් දාලාඑන්නම්.. දූට ඉන්න පුළුවන් නේද?.‘‘ මම හිස වැනුවා පමණකී.

‘‘ඉන්නකෝ මම සමහන් එකක් අරන් හදන් එන්න. මගේ බෑග් එකේ එකක් තිබුණා. ‘‘ අම්මා ඇද මතින් නැගිටිමින් කීවාය.

‘‘පැනඩොල් දෙකකුත් බොන්න දූ.. ඔලුව රිදෙන එක අඩු වෙයි. මම ආපු ගමන් බෙහෙත් ගෙන්න යමු.‘‘ මම නිහඩවම ඇගේ වදන් වලට හිස වැනුවා පමණකී.

    අම්මා නික්ම ගිය පසු දුරකථනය ගෙන අනුහස් සර්ට ඇමතුමක් ගත්තෙමි. අසනීප නිසා අද රැකීයාවට නොපැමිණෙන බව පැවසු මම තවත් කිසිවක් අසන්නට පෙර ඇමතුම විසන්දී කලෙමි. මට කා සමගවත් කතා කරන්නට අවශ්‍ය නොවීය. මට අවශ්‍ය වුයේ තනිවී සිටීමටයි.

   ගගනට කියන්න ඇති ඇත්ත දැන ගැනීමට කුඩා අවශ්‍යතාවක් තිබුණත් මගේ මුරණ්ඩු සිත ඊට ඉඩ නොදෙන්න විය. දැන්ද ඇත්ත කියන්න හදන්නේ. කලින් නිකමටවත් කිව්වේ නෑ නැන්දලාගේ ගෙදර කෙල්ලෙක් ඉන්නවා කියලා. නැන්දගේ දුවම කියමුකෝ. ඒත් මට කියන්න තිබ්බනේ ඒ ගැන. නිකමටත් කිව්වේ නෑ. ඒක මගෙන් හංගන්න ඕනේ හින්දනේ. නෑ නෑ.. මට ආයි එයාගේ බොරු අහන්න ඕනේ නෑ... එක පාරක් මොකද්ද වුණේ කියලා අහුමු.. බෑ.. එයා මට හැංගුවා.. ඒ එතන රහසක් තියෙන නිසා.. මම සිත සමග පොර බදමින් තව ඇඩුවෙමී. අම්මාගේ පා ගැටෙන හඩ ඇසෙන විට මම ඉක්මණින් කදුළු පිසදා ගත්තෙමී.

‘‘ ආ.. දු රස්නේ පිටින්ම මේක බෙන්න.‘‘ මගේ ඇද අසලම පැවති පොත් මේසය මත කොප්පය තැබූ ඇය නැවතත් මගේ නලල මත අත තබා බැලුවාය.

‘‘දු මම ගිහින් එන්නම් .ටග් ගාලා එනවා. පුළුවන් නම් ලෑස්ති වෙලා ඉන්න.‘‘

‘‘හරි අම්මේ .‘‘

‘‘අමාරුනම් නිදාගෙනම ඉන්න .. මම ඉන්නම් විජහට.‘‘ ඇය නැවතත් ආදරයෙන් මගේ හිස අත ගා පිටව ගියාය. සමහන් එකෙන් අමාරුවෙන් උගුරු කීපයක් පානය කල මම ඉන් භාගයකටත් වඩා ඉතුරු කළෙමී. දිගටම හැඩු නිසා සෑදී තිබූ උගුරේ දැවිල්ල සමහන් පානයෙන් තවත් වැඩී වූ නිසා මට ඉවසන්නට අපහසු විය. මම කෙදිරි ගාමින් පුළුවන් තරම් පොරවණයට ගුලි වුණෙමි.

     පැය කීපයකට පසු මම අවධී වුයේ කවුරුන් හේ දොරට ගසන හඩ ඇසුණු නිසාවෙනී..

‘‘ක..ව්...ද?...‘‘ මම ඇදේ සිටම විමසුවෙමී. පිටත සිටින පුද්ගලයාට ඇසෙන්නට නැතුව ඇත. එනිසාම වරින් වර දොරට තට්ටු කරන්නට විය. අමාරුවෙන් ඇදෙන් බැස ගත් මම  අම්මාගේ දිග සායකුත් මගේ බැනියමකුත් රැ අදුමට උඩින් ඇද ගත්තෙමි. වට පියාවේ තිබූ බිත්තී උළුවහු , පුටු, මේස වලට වාරු වෙමින් මම දොර අසලට පැමිණ දොර හැරියෙමී.

‘‘ස...ර්.. ඔයා.‘‘  දොර අභියස වුන්නේ අනුහස් සර් විය. හේතුවක් නොදන්නවා වුණත් ඉබේටම දෙනතට කදුළු නැගුණි.

‘‘වාඩී.. වෙ..න්න සර්..‘‘ ස්තොප්පුවේ තිබු පුටුවක් පෙන්වමින් මම පැවසුවෙමි.ඉදිරි පස දොරට වාරු වි සිටිය මම එය අත හැර පියවර කීපයක් තබන්න විට ගතේ සවිය ගිලිහි වැටෙන්නට ගියෙමී.

‘‘ඔය වැටෙයි සදනී.‘‘ වැටෙන්න ගිය මාව වාරු කරගෙන ඔහු ට පෙන්වු පුටුවෙහී මාව වාඩි කරවීය.  ‘‘සදා ඔයාට හුගක් අමාරුයි වගේ මුණත් එක්ක ඉදිමිලා...‘‘ අනුහස් සර්ගේ කළබලකාරී හඩ නිසාදෝ බියට පත් වී තිබු දනිදු නිවස ඉදිරි පිට වූ කාර් රථයෙන් බැස ස්තෝප්පවට ඇතුල් විය.

‘‘දිනි..දු අයි..යේ.. සොරී.. ම..ට සමා වෙ..න්න.‘‘ මම දිනිදු දෙස බලා පැවසුවෙමි.

‘‘ඒ මොකටද සදා..‘‘

‘‘සදා... සදා... ඔය නම මට ඇරෙන්න වත් කියන්න එපා.. මම මගේ නම වෙනස් කර ගන්නවා..‘‘ මෙතරම් කල් ලොව ආදරණීයම ආමන්ත්‍රණය වු සදා.. අද මම ඒ නමට වෛර කරමි. ආදරය සහ වෛරයි අතර ඇත්තේ කෙස් ගසක වෙනසකි. ඒ හැබෑවකි.ඔව් මම මොඩියෙක්.. මම එක පාරක් වත් ගගන කියන්න ගිය ඇත්ත ඇහුවේ නෑ.. මට බෑ තවත් රැවටෙන්න. එයා මාව රැවැට්ටුවා මම රැවටුණා.. ඒ කෙල්ල කතා කරපු හැටි.. මගේ පණ.. හ්හ් පණ.. එතන සම්බන්දයක් නැද්ද මගේ පණ වුනේ කොහොමද?. මට තව මොකුත්ම අහන් ඕනේ නෑ.. මම මගේ කනින්ම අහ ගත්තානේ.. ගගන පණ වෙච්ච කෙල්ලෙක් ඉන්නවා. මම මොකටද?.. අනාගතේ ඩොක්ටර් ගගනට මේ දුප්පත් සදාව ගැළපෙන්නේ නෑ .ඔයා හරි ගගන. පුටුවේ ඇල වුන මම මා ළග තවත් අය සිටින බවද අමතක කර පිස්සුවෙන් මෙන් හැදුවෙමී.

‘‘මොකද සදනී අඩන්නේ.. ඔයාට උණද නැත්තම් ප්‍රශ්ණයක්ද?.‘‘ දිනිදු මා අසලට පැමිණෙමින් විමසුවේය.

‘‘එන්න එපා මගේ ළගට.. ඔව් මට පිස්සු මගේ ළගට එන්න එපා.‘‘ මම දිනිදුට කෑ ගැසුවෙමී.

‘‘ඒත්.. ‘‘ අනුහස් සර් දිනිදු නවත්වනු මම දුටුවෙමී. ඉන් මොහොතකට පසු අම්මා නිවසට ගොඩ වැදුණාය.

‘‘කවුද දූ මේ.‘‘ අම්මා අනුහස් සර් දෙස බලා මද සිණහවක් පානු මට බොද වී පෙනුනී.

‘‘මම අනුහස්.. සදනී වැඩ කරන්නේ අපේ ඔපිස් එකේ. මේ.... සදනිගේ අම්මා වෙන්න ඇති.‘‘

‘‘අනේ ඔව් මහත්තයෝ.. මහත්තයා කොහොමද ගේ හොයා ගත්තේ.. තාම හිටගෙනනනේ වාඩි වෙන්නකෝ‘‘ අම්මා ඔවුන්ව වාඩී කරවීය.

‘‘ඇඩ්‍රස් එක නම් ඔපිස් එකේ තිබුණනේ  .. හොයාගෙන හොයාගෙන ආවා.‘‘ අනුහස් සර් සුහදශීලීව පාවසා මා දෙස බැලුවේය. මම අඩවන් වු දෙනෙත් හරින්නට උත්සහ ගනිමින් ඔවුන් දෙස බලා වුන්නෙමි.

‘‘මේ මහත්තයා ගැන නම් අපේ දූ නිතරම කියනවා... එතකොට මේ මහත්තයා.. මට දැකලා හුරුවකුත් තියෙයි වගේ.‘‘ අම්මා දිනිදු දෙස බලා පවසන්න වුවාය.

‘‘මේ මගේ මල්ලි  දිනිදු.‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 01:24 AM
  •  Quote
  •  Reply
අප්පට සිරි කෙල්ලට පිස්සුත් හැදුනද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Jan 2017 02:27 AM
  •  Quote
  •  Reply
හැදීගෙන එනවා
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jan 2017 03:11 AM
  •  Quote
  •  Reply
අනේ පව් මෙයා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 03:36 AM
  •  Quote
  •  Reply
මේ ගගනයා උල තියන්න ඕනේ
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Jan 2017 03:56 AM
  •  Quote
  •  Reply
අලුත් කතාවක් පටන්ගෙන තියෙන්නේ ඔන්න මාත් එකතු වෙනවා කියවන්න එහෙනම්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 11:55 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 11:56 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

දහනමවන කොටස.

"
ඒත් මට මේ මහත්තයාව දැකලා පුරුදුයි වගේ" අම්මා ඇස් හීන් කරලා දිනිදු දිහා බලමින් පැවසුවාය. ආයාසයෙන් සිනාසුණු දිනිදු ස්තෝප්පුවේ අසුනකට බර විය. අම්මා දිනිදුව දැකලා පුරුදුයි කියන හේතුව මම දනිමී. පරිඝනක පාඨමාලාවේ සමූහ චායා රූපයේ මගේ ළගම ඉන්න කෙනා අම්මට මතක නොහිටින්නට විදියක් නොමැත.පුටු ඇන්දට හේත්තු වුන මම රස්නයත්, කදුළුත් පිටවන දෑස් වලින් ඔවුන් දෙස බලා සිටියෙමි.

දිනිදුගේ නෙත් මා දෙසම රැදී තිබුණී. තවමත් හිරු රශ්මිය නොලද පරසරය පුරා තැවරී තිබු සිහිල් සුළං රැලි නිසාදෝ දැනුන සීතල දරා ගැනීමට මා හට අපහසු විය. දෙඅත පපුවට තද කර ගත් මම සිරුර පුරා පිපුණු හිරි ගඩු සමග වෙව්ලන්න විය.

"ආන්ටී සදනී වෙව්ලනවා එයාට හුගක් අමාරුයි වගේ." ඔහුගේ ඒ වදන් වල ගැබ්ව ඇත්තේ ආදරයක්ද? අනුකම්පාවක්ද? මම ඔහු දෙස හොරැහින් බලමින් කල්පනා කරන්න වුණෙමි.

"අනේ ඔව් ම තමා. දූ ...මගේ රත්තරං ඔයා හුගක් අමාරයිද? අපි බෙහෙත් ගන්න යමු." අම්මා වේදනාවෙන් මා ළගට පැමින හිස අතගාමින් පැවසුවාය. මට දැනුනේ ලොකු අසරණ කමකි. මගේ අම්මා මට මේ තරම් ආදරේ කරද්දි මම අර වංචාකාරයෙක් හින්දා මුළු රෑම අඩලා ලෙඩ හදා ගත්තා. මට සමාවෙන්න මගේ අම්මේ. මම ආයි කාව වත් විශ්වාස කරන්නේ නෑ. අම්මා කියනවා හරි අම්මේ. මිනිස්සු කියන්නේ මහ පුදුම ජාතියක්. විශ්වාස කරන්නම බෑ.

කදුළු බිදු කීපයක් කොපුල මත රූරා වැටෙන්න විය. මම හොරහින් දිනිදු දෙස බැලුවෙමී. ඔහුගේ මුහුණද හොදටම අදුරූ වී තිබුණී.

"ආන්ටි අපි සදනීව හොස්පිටල් එකට එක්කගෙන යමු නේද?." 

"
අනේ ඔව් සදනීලාගේ අම්මේ. ඉක්මනට ලෑස්ති කර ගන්නකෝ."අනුහස් සර්ද කතාවට හවුල් වුවේය. 

නොතේරෙන වයසේ ඉදන් මගේ ළග හිටිය ගගන. ඔයා වෙනස් වුණා එහෙනම්. ඒ අතින් බලද්දී අනුහස් සර් ...දනිදු අයියා... මොන තරම් හොද මනුස්සකම් දන්න මිනිස්සුද මම සිතුටවමී. 

"
දු කෝ එන්න ඇදුමක් දා ගමු ඉක්මනට. " අම්ම් මගේ බද වටා අතක් යවා ඇගේ ඇගෙට වාරූ කර පුටුවෙන් නැගිට වීමට උත්සහ ගනිමින් කීවාය.

"එහෙනම් මහත්තයෝ වෙනදාක එන්නකෝ තේ ටිකක් එහෙම බීලා යන්න. මේ දරුවා දැක්කම මට තවත් පරක්කු වෙන්න බයයි ." 

"
ආහ්... ඒක නම් මොකද්ද? .ඉක්මනට ලෑස්ති වෙලා එන්නකෝ කාර් එකෙම යන්න පුළුවන්. "අනුහස් සර් පැවසුවේය. 

"
අනේ ඒකට කමක් නෑ. ඔපිස් යන්නත් පරක්කු වෙනවනේ. මහත්තයලා යන්න." 

"
අනේ එහෙම නෑ ආන්ටී. අපි මෙහෙමයි ආවේ. " දිනිදු කතාවට හරස් වෙමින් පැවසුවේය. ඔහුගේ ඉක්මන් වීම අම්මාට සැක උපදවන සුළු වන්නට ඇත. මා වාරූ කරගෙන නිවසට ඇතුල් වෙමින් සිටි අම්මාගේ මුහුණ වෙනස් වනු මම හොදින්ම දුටුවෙමී.

"මේ මහත්තයත් දුලගේ ඔපිස් එකේද වැඩ කරන්නේ." අම්මා පෙරලා විමසුවාය. දැන් දිනිදුට කට උත්තර නොමැත. අමාරුව මැදින් වුව මගේ මුහුනට සිනහවක් නැගුණී. 

"
ආ.. ඔව් ඔව්. සදනීලාගේ අම්මේ. මෙයා අපේ සදනී එක්මයි වැඩ කරන්නේ. අනුහස් සර් පොළව පැලෙන බොරුවක් පැවසුවේය. දැන් නම් මට සිනහා නවතා ගත නොහැකිය. මම අපහසුවෙන් සිනහා නවතා ගත්තෙමී. 

"
එහෙමද?" අම්මා අනුහස් සර් පැවසූ දෙය විශ්වාස කලා විය නොහැකිය. අම්මලාට දරුවන් ගැන ඉව තිටයනවලුනේ. දිනිදුගේ හැසිරීම අම්මාය එතරම් රුස්සන්නේ නැති බව මට හැගුණී.

‘‘ඉක්මන් කරමු නේද සදනීලගේ අම්මේ‘‘ අනුහස් සර් නැවත විමසුවේය. අම්මාගේ උදවු ඇතුව මම මුහුණ සොදා ඇදුමක් ඇද ගත් මම අනුහසු සර්ගේ කාර් එකට නැගුනෙමි. කාර් එකට නැගුන මොහොතේ සිට දිනිදු ඉදිරිපස කණ්නාඩියෙන් මා දෙසත් අම්මා දෙසත් බැලුවේය. ඔහුගේ හොර බැල්ම අම්මා දකී කියා තිබූ බිය නිසාදො ඔහු වැඩි පුරම බැලුවේ අම්මා දෙසයි. අමාරුව මැදින් වුව ඔහුගේ හැසිරිම මට සිනහ උපදවන දෙයක් විය.

‘‘මහත්තයෝ මේ පාරේ හොස්පිටල් එක තියෙන්නේ.‘‘ අම්මා පසු වුණ පාරක් පෙන්වමින් කියන්න වුවාය.

‘‘හරි සදනීලාගේ අම්මේ මම දන්නවා. අපි ප්රරයිවට් එකකට යමු. මොකට ඕවයේ රස්තියාදු වෙනවද?‘‘ අනුහස් සර් ඉදිරිපස කණ්ණාඩියෙන් අම්මා දෙස බලා පැවසුවේය.

‘‘ඒත්....‘‘

‘‘
හරි හරි .. ඒ ගැන හිතන්න එපා. චාර්ජස් සේරම ඔපිස් එක ගානේ. අනික සදනිටයි අම්මටයි ඉන්ෂුවරන්ස් තියෙනවනේ කම්පැනියෙන්.‘‘ එවිට අම්මා ලොකු සුසුමක් හෙලා හිත නිසහස් කර ගත්තා විය හැකිය. ඉන් පසු වාහනය නතර වුනේ නගරයේ ප්ර ධාන පෙළේ පුද්ගලික රෝහලක් ඉදිරිපිටය. මම කාර් එකෙන් බසිනු ලැබුවේ අම්මාගේ වාරුවෙනී. කාර් එකේ දොර ඇරෙනවාත් සමගම රෝද පුටුවක් තල්ලු කර ගත් ළා නිල් පැහැති නිළ ඇදුමකින් සැරසුනු රෝහල් සේවකයෙක් එතනට පැමිණ සිටියේය.

‘‘ඔය මිස්ව මේකෙන් වාඩී කරන්න.‘‘

‘‘
අනේ අම්මේ මට ඇවිදන් යන්න පුළුවන්.‘‘ කිසි දිනක රෝද පුටුවක වාඩී වී නැති මට එය දකින විට බයක් දැනුනි. සිරුර කිසි ප්රාවණයක් නැති බව නම් හැබෑවකී නමුත් උණ කියන්නේ ඇවිදින්න බැරි වෙන ලෙඩක් නෙමෙයිනේ. මට තරමක කේන්තියක් දැනුනී. රෝහලට ඇතුල් වුණ මොහොතේම මාව පරීක්ෂා කිරීමට වෛද්ය වරයෙක් පැමිණෙයේය. මා පරික්ෂා කර බැලු වෛද්යෙවරයා අනුහස් සර් දෙස සිනා සී බැලුවේය.

‘‘බය වෙන්න දෙයක් නෑ. ලොකු අසනිපයක් නෑ. පොඩි උණක් විතරයි.‘‘ඔහු පැවසුවේ සැහැල්ලුවෙන් වුවේය. මම කලින්ම දැන වුන් කරුන නම් වෛද්ය්වරයා එලෙස පවසන බවයි. උණ හදා ගත්තේ විහින් බව මම හොදින්ම දනිමි. 

‘‘
මේ මිස්ටර් අහුහස්ගේ කවුද? මීට කලින් අපි ළගට එක්ක ඇවිත් නැහැනේ. කමක් නෑ.. පොඩ්ඩක් එන්නකෝ රූම් එකට.‘‘ අපි දෙස නොබලාම පැවසු වෛද්ය්වරයා බෙහෙත් වර්ග සටහන් කළ කොළය අම්මා අත තැබීය.

‘‘එහෙනම් බය වෙන්න දෙයක් නෑ.. දවසක් දෙකක් රෙස්ට් කරන්න.‘‘ වෛද්යෙවරයා මට සුහද සිනහාවක් පාමින් පැවසුවේය. අපි බෙහෙත්ද රැගෙන කාර් එක දෙසට යන විට අනුහස් සර් එදෙසට පැමිණියේය.

‘‘එහෙනම් මහත්තයෝ බොහොම ස්තූතියි මේ කරපු උපකාරයට. අපි වීල් එකක් හයර් කරන් යන්නම්. දැන් මේ මහත්තයලට පරක්කුත් ඇතිනේ.‘‘

‘‘
නෑ නෑ අම්මේ කාර් එකට නග්ගන්න සදනීව. මට අම්මා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.‘‘ අනුහස් සර් ස්තීරව පවසද්දී අම්මාගේ මුහුණ වෙනස් විය.

‘‘ඇයි මහත්තයෝ .. මොකක් හරි....‘‘

‘‘
නෑ නෑ.. පොඩ්ඩක් මෙහාට එන්නකෝ කළබල වෙන්න දෙයක් නෑ.‘‘ ඔහු සිනහවක් සමග පැවසුවේය. මාව කාර් එක තුළ වාඩි කර වූ අම්මා අනුහස් සර් සිටින දෙසට පිය නැගුවාය. ඉන් පසු ඔවුන් කතා කළ කිසිවක් මට ඇසුනේ නැත. සමහර විට ඩොක්ටර් අනුහස් සර්ට මොනවා හරි කියන්න ඇති. මම එසේ සිතමින් කාර් එකේ සුව පහසු අසුනේ මම හාන්සි වුනෙමී.

‘‘සදනී ...‘‘ දිනිදුගේ හඩින් මම ඇස් ඇර බැලුවෙමී. ඔහු ඉදිරිපස අසුනේ වාඩී වී මා සිටින පැත්තට නැඹුරු වී සිටියේය.

‘‘ඇ..යි... දිනිදු අයියේ.‘‘ මම හිස ඔසවන්නේ නැතුවම විමසුවෙමී.

‘‘දැන් අඩුයිද?.‘‘

‘‘
හ්ම්ම්.....‘‘ මම දෙඅත් පපුවට තුරුල් කර ගත්තෙමී.
‘‘සීතලයි නේද? ඉන්න මේ ඒසී එකත් දාලනේ. ‘‘ ඔහු කළබලයෙන් පැවසුවේය.

‘‘දැන් හරි‘‘ පිටු පසට අත දික් කළ ඔහු පැති වීදුරුවද ආවරණය කර දැමුවේය. මට එවෙලෙහී දිනුදු පව් යැයි සිතෙන්න විය. දවසක් දෙකක් තුනක් දැක්ක මං ගැන දිනිදු අයියා මොන තරම් හිතනවද?. ඒ හේතුවෙන් මට නැවතත් ගගනව මතකයට නැගුනී.

‘‘ඔන්න ආයි මූණ ඇඹුල් කර ගත්තා.‘‘ මගේ මුහුණ දෙසම බලා සිටි දිනිදු පැවසුවේය. මම මද සිනහක් පෑවා පමණකි.

‘‘මට ඇත්ත කියන්න ඔයා ඊයේ රෑ ඇඩුවා වේද?... ඒකනේ උණ ගැනුනේ. මුණෙන්ම ඒක කියන්න පුළුවන්.‘‘ ඔහු මට ප්රනශ්ණයෙන් පැන යාමට ඉඩ නොදී මගේ නෙත් දෙක දෙසම බලා වුන්නේය.

‘‘අනේ කරදර දෙන්න එපා දිනිදු අයියේ.‘‘ මම නොරිස්සුමෙන් කාර් එකේ කළු විදුරුව අතරන් පිටත බලා ගනිමින් පැවසුවෙමී. තවත් ඔහුට මගෙන් විමසන්නට කාලයක් නොවීය. අනෙක් පස දොර විවර කරගෙන අම්මා පිටුපස අසුණට බර විය. ඉන් පසු කිසිවෙක් අතර වචන හුවමාරූ නොවීය. නිවෙස් කිට්ටු වන විට අහුහස් සර් හඩ අවදි කලේය.

‘‘සදනී හොදටම අඩු වෙනකන් වැඩට එන්න ඕනේ නෑ.. මම ලිව් පෑන් එක දාලා දෙන්නම්.‘‘

‘‘
ඒත් සර් මට ගෙදර ඉන්න කම්මැලීනේ.. දැනුත් මට ලොකු අමාරුවක් නෑ . ‘‘ මම පෙරලා පැවසුවෙමී.

‘‘පේනවා නේද මහත්තයෝ තියෙන මුරණ්ඩුකම.‘‘ අම්මා මා දෙස රවා බලමින් පැවසුවාය. දිනිදු සිටියේද අමනාපයෙන් විය යුතුය . අම්මා සිටින නිසා කිසිත් පැවසීමට නොහැකිව සිටි ඔහු මට නෙත් වලින් තරවටු කලේය.

‘‘එහෙනම් සදනී ගෙදර ඉදන් වැඩ කරලා මේල් කරන්න. බස් වල ගිහින් ඇග තලා ගන්න ඕනේ නෑනේ.‘‘ ඒ අනුහස් සර්ගේ ඊ ළග යොජනාව විය.

‘‘ඒත් සර් කොහොමද? ලැප් එක තිබුණට මම එකෙන් නෙට් යන්නේ නෑනේ. ‘‘ මම ඉදිරිපස කණ්ණාඩියෙන් මා දෙස බලා වුන් සර් දෙස බැලුවෙමී.

‘‘ඒකට මම හෙට කෙනෙක් එවන්නම්. සදනීට ඊට පස්සේ මිස්වෙන වැඩ ගෙදරිදී හරි කර ගන්න පුළුවන්නේ.‘‘

‘‘
අනේ මන්දා සර්.‘‘ මම ඊට එතරම් කැමති නොවුවෙමී. අම්මා ගිය පසු නිවස තුළ ඉතිරි වන්නේ මා පමණකි. එනිසා නිවසේ සිටීමෙන් මට තවත් කල්පනා කරන්නට අවස්ථාව වැඩී වේවි. නිවස පුරා ඇත්තේ ගගනගේ මතක සටහන්ය. ඒවා දකිය වාරයක් පාසා ඔහුගේ වෙනස් වීම මට රිදවාවී මම සිතුවෙමී. අපි නිවසට ඇරලවූ ඔවුන් ආපිටටම පිටව ගියහ. දිනිදුට නම් යන්න කල්පනාවක් නොවීය. අම්මාට තිබූ බය නිසාම ඔහු අකැමැත්තෙන් වුව පිටව ගියේය.

අම්මාගේ පෙරැත්තය නිසාම මම සුදු අප්පයක් කා තේ ටිකක් පානය කල මම බෙහෙත් වේල බිව්වෙමී. සුදු අප්ප මම ආසම කෑමකි. උණ නිසා කිසිම කෑමක් පිරිය නොවීය.එනිසා වෙනදා ආසාවෙන් කන කෑම අද කෑවේ වහ කන ලෙසිනී. මට ටිකක් නිදා ගන්න යැයි පවසා අම්මා නික්මුණ පසු මම නැවතත් දුරකථනය අතට ගත්තෙමී.

එහි ගගනගෙන් ඇමතුම් රැසකී. මම ගානකට වත් නොගත්තෙමී. එවර දිනිදුගෙන්ද ඇමතුමක් ආවේය. මම එයට සවන් දුන්නෙමී.

‘‘සදනී... සොරි .. මට ඔයාට යන්නම් වත් කියන්න බැරි වුණා.‘‘


නැවත හමුවෙමු.



සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 11:59 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 12:02 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිවන කොටස.

‘‘අම්මට බයේ නේද?‘‘ මම හිනාව තද කරගෙන පැවසුවෙමී.

‘‘අම්මෝ ඔයාලගේ අම්මා හරි වසයිනේ.‘‘

‘‘ඇයි බයද?‘‘ එවර මට සිනහව නවතා ගැනීමට නොහැකි විය.

‘‘ඔයාට  නම් හිනා නේද?. මම හිතුවේ එදා මම ඉවරයි කියලා.‘‘ ඔලුවේ දැනුන බර ගතිය නිසාම මම ඇදේ හාන්සි විය. නොදැනීම කාලය ගෙවී ගොසින් තිබුණි. ඔහු සමග ඇති වූ කතාවත් සමග මගේ දුකත් නොදැනිම තුරන් වී තිබුණි.

‘‘සදනී මම දැන් තියන්නද?.‘‘ ඔහු එසේ අසන විට මට එපා කියන්නට සිතුණි. නමුත් හිත පාලනය කර ගත් මම ‘‘හ්හ්ම්ම්ම් ‘‘ කීවෙමී.

‘‘ඇයි පාළුද?මාත් ආසයි දිගටම ඔයා එක්ක කතා කර කර ඉන්න. ඒත් චාර්ච් එකට දාන්න වෙලා පොන් එක.‘‘ ඔහුගේ හඩ තුළද කතාව නැවැත්වීමට තිබූ අකමැත්ත හොදින්ම ගැබ් වි තිබුණි.

‘‘කම්ක් නෑ දිනිදු අයියේ.‘‘

‘‘හ්ම් මම ආයි රෑ වෙලා ගන්නම්. ඔයා දන්නවද අපි දෙන්නා පැයකටත් වඩා කතා කරලා.‘‘

‘‘ඇත්තටම... මට දැනුනෙවත් නෑ.‘‘ සැබවින්ම මට පුදුමයක් දැනුනේ වේලාව ගත වනු මට නොදැනුන නිසයි. දිනිදු ඇමතුම විසන්දී කලත් මගේ සිත තුළ සක්මන් කලේ ඔහුගේ විහිළු කතා පමනකී. ඔහු නම් සැබෑවට සිත් සනසන්නට සැබෑ දක්ෂයෙකී. මම තනිවම සිතුවෙමී.සැනසලීදායි බවත් සමග මට පැය කීපයක් නින්ද ගොස් තිබුණි. මගේ දුරකථනයේ වැයුනු සංගීත රාවයෙන් මගේ නින්ද කැඩුනී. දිනුදු වෙන්න ඇති . මම දුරකථනය අතට ගත්තෙමී. කාගෙද මේ නම්බර් එක . මම ඇමතුමට සවන් දුන්නෙමී.

‘‘සදා ප්ලීස්... මම කියනදේ අන්න... ප්ලීස් ප්ලීස් අන්තිම පාරට.‘‘ අමාරුවෙන් සැහැල්ලු කර ගත් සිත නැවත පෑරුණී. මට ඔහුගේ හඩවත් අහන්නට උවමනාවක් නොතිබුණි. මම ඇමතුම විසන්දී කලෙමී. නමුත් එක දිගටම ඇමතුම් සහ කෙටි පණිවිඩ ගලා එන්නට විය. මොන කරදරයක්ද මේක. මට හංගලා තවත් කියන්න බොරු තියෙද මේ මනුස්සයට. මම වුන්නේ හැබෑ කේන්තියකින් වෙමී.මේක අහලා ඉවරයක් කර ගත්තා නම් ඉවරයි. මම ඇමතුමට සවන් දුන්නෙමී.

‘‘හා කියන්න... තව කියන්න බොරු තියෙද?.‘‘

‘‘අනේ සදා මම කියන දේ අහන්න. මම ඔයාව රැවැට්ටුවේ නෑ. ‘‘ඔහු විශ්වාසයෙන් පැවසුවේය.

‘‘කවුද අර ගෑනු ළමයා.‘‘

‘‘කවුද?.‘‘ ඔහු පුදුමයෙන් විමසුවේය.

‘‘ගගන තවත් රගපාන්න එපා. මට හොදටම ඇහුනා එදා උදේ ඔයා ලග හුරතල් වුණ ගෑනු ළමයගේ කට හඩ.‘‘ මම කේන්තියෙන් කියාගෙන ගියෙමී.

‘‘ඕ ඒකද අවුල.‘‘ ඔහුගේ හඩේ සිනහව ගැබ් වි තිබුනේය.

‘‘ඒකද අහන්නේ. ‘‘

‘‘ඒ අපේ සුදු නංගිනේ.‘‘

‘‘මොන නංගි වුණත් ඔයා ඒක මගෙන් හැංගුවා. ඒ එතන රහසක් තියෙන නිසානේ . මාව රැවැට්ටුවා.‘‘

‘‘අනේ නෑ සදා.. මම රැවැට්ටුවේ නෑ. ඒ නැන්දගේ දුව.‘‘

‘‘ඔයා මට කවදාවත් කියලා නෑ නැන්දට දුවෙක් ඉන්න බව.‘‘ මම දුකට හේතුව පැවසුවෙමී.

‘‘මමත් එයාව දැක්කේ චුටී කලේ දැක්කට පස්සේ එදා.‘‘ ඔහු කතා කලේ සැහැල්ලුවෙනි. ඔහුගේ සැහැල්ලු බව මගේ හිත තුළ දුක වැඩී කිරීමට හේතු විය. මට පුළුවන්ද තවත් ගගන කියන ඒවා විශ්වාස කරන්න. එයා ඇත්තමද කියනවා ඇත්තේ.

‘‘සදා ඇයි සද්ද නැත්තේ‘‘

‘‘සුදු අයියා ඔයා මොකද කරන්නේ කාමරයට වෙලා ගෑනු ළමයා වගේ. අනේ එන්නකෝ.‘‘ ගගන කියන දේ සිත පිළිගන්නට උත්සහ කරමින් සිටින විට නැවත් පෙර වු දෙයම නැවත සිදු වෙයි. මම කොහොමද දෙයියනේ මෙහෙම වෙද්දී ගගන කියන දේවල් විශ්වාස කරන්නේ.

‘‘හරි සුදු නංගි මම තව ටිකෙන් එනම්.‘‘ ඔහු උස් හඩින් කියනු මට ඇසුණි.

‘‘අනේ පිස්සු කෝච්චිය මෙහෙ එන්නකෝ. කා එක්කද මල් කඩන්නේ මෙහෙ දෙන්න.‘‘

‘‘කෝ ..ඔය පොන් එක මෙහෙ දෙන්න ළමයෝ.‘‘ ඔවුන්ගේ කතා බහෙන්  ගගනගේ දුරකථනය ඒ ගෑනු ළමයා උදුර ගත් බව වැටහුණි.

‘‘බෑ යමු යමු පණ ..ටීවී බලන්න.‘‘

‘‘කිව්වම අහලා  පොන් එක දෙන්නකෝ නංගා.‘‘ ගගනගේ හඩ බැගෑපත් විය.

‘‘අයියෝ කෝල් එක කට් වෙලා සුදු අයියා. පස්සේ කතා කරන්න බැරියා . යමු.‘‘

‘‘හා හා එහෙනම් යමු. ඔයා නම් හරිම කෝළමක්.‘‘

‘‘ඔයා හරි නරකයි සුදු අයියා.‘‘ ගගනත්  සමග ඇය කතා කරමින් යනු මට හොදින්ම ඇසුනී. ඇමතුම විසන්දී වි ඇති බව ඇය  පැවසුවත්  සියලු කතා මම අසා සිටියෙමී. ඇත්තටම  ඒ කෙල්ලට ඕනේ වුනේ එයාලගේ කතාව මට අහන්න දෙන්නද?. මට පේන්නේ ඒකි ගගනගේ කරේ එල්ලෙන්න යන්නේ. ඒත් ගගත් මට ඒ කෙල්ල ගැන හැංගුවනේ කාව විශ්වාස කරන්නද මන්දා.

‘‘දු ඔයාට අඩුයිද දැන්.‘‘ අම්මා කාමරයේ දොර අසලටම පැමිණම විමසන තුරු ඇය ආ බවක් මට නොදැනුණි.

‘‘දැන් නම් ටිකක් අඩුයි වගේ අම්මේ.‘

‘‘යමුද එහෙනම් ටිකක් සාලෙට දවසම කාමරේනේ.‘‘ අම්මා මා අසලින් වාඩී වෙමින් විමසුවාය.

‘‘යමු.‘‘

‘‘දු මට දෙයක් අහන්න තියෙනවා.‘‘ මගේ හිස  ආදරෙන් පිරිමදිමින් ඇය විමසද්දී මට බියක් දැනෙන්න විය. දිනිදු ගැන වත්ද අහන්න යන්නේ . අම්මට දිනිදු ගැන සැක ඇති . කියන්න අම්මේ කියන්න වගේ මම ඇය දෙස බැලුවෙමි.

‘‘දු දුකකින්ද ඉන්නේ.‘‘

‘‘අනේ නෑ අම්මේ ඇයි.‘‘ මම පුදුමයෙන් විමසුවෙමී. අම්මා කොහොමද මේවා දැන ගත්තේ.

‘‘ගගන පුතා කතා කලාද?.‘‘

‘‘ඔව් මේ දැනුත් ගත්තා.‘‘ මම අම්මාට දුරකථනයෙන් ඔහුගෙන් පැමිණී ඇමතුම පෙන්නුවෙමී.

‘‘මට ඇත්ත කියන්න දූ.. .‘‘

‘‘ඇත්ත තමා අම්මේ. ඇයි අම්මා මම කියන්නේ බොරු කියලා හිතන්නේ.‘‘ මම ඇගේ මුහුණ දෙස අමාරුවෙන් බැලුවෙමී. මම පවසන්නේ බොරු බව මගේ හිත හොදින්ම දනි. එය තවත් මගේ සිතට වදයකී. මම අම්මාගේ නෙත් මගෑරියෙමී.

‘‘ඩොක්ටර් අනුහස් සර්ට කියලා තිබුණා ඔයා  මොකක් හරි මානසික ආතිතයකින් ඉන්නේ කියලා‘‘

‘‘ආ.. ඒකද? එහෙම දුකක් නෑ අම්මේ.‘‘

‘‘ඇත්තමයි නේද? එහෙනම් කමක් නෑ. එන්න යමු .‘‘ අම්මා ඇදෙන් නැගිට යන්නට සැරසෙන ගමන් කීව්වාය.. දැන් මගේ අසනිපය නම් දැන් හොද අතට හැරී තිබුනි. නමුත් කෑම අරුචිය තවම පැවතින නිසා, අම්මා අතින්ම කැවු බත් කටවල් කීපයක්  කෑවේ අපහසුවෙනී. රාත්‍රී බෙහෙත් වේලත් අමාරුවෙන් බීපු මම නිදා ගන්නා තුරුම අම්මා මා ළගට වී සිටියාය. හුග කාලයකට පස්සේ අම්මා මගේ ළගට වෙලා ඉන්න විට මේ වුණ හැම දෙයක්ම වුනේ හොදට කියා මම සිතුවෙමී.ඇදේ කොණක වාඩී වී සිටි අම්මාව තුරුළු කරගෙන් ඇය පවසන දේවල් මම අසා සිටියෙමී.

   කිසිත් සිතීමට වෙලාවක් නොතිබුණු මට ඉබේටම නින්ද ගොස් තිබුණි. 

‘‘මම ගිහින් එන්නම් දු. බෙහෙත් ටික බොන්න. අද මම නොගිහින්ම බැරි නිසා යන්නේ. කෝ බලන්න.‘‘ අම්මා මගේ නළල මත අත තබා බැලුවෙමී.

‘‘දැන් නම් ඇග රස්නේ නෑ.. ‘‘ ඇගේ මුහුණට සිනහවක් එක් වී තිබුණි.

‘‘අද මට වැඩට යන්නත් තිබුණා අපරාදේ.‘‘ මම කනගාටුවෙන් මූණ අකුලාගෙන පැවසුවෙමී.

‘‘අනේ මේ දු.. පණ්ඩිතකම් නොකර ඉන්න. ‘‘ මම සිණා සුනෙමී.

‘‘මම යනවා එහෙනම්. කෑම වතුර සේරම මෙතන ගෙනත් තියලා තියෙන්නේ.  මම එන්න කලින් ආයි බඩිගිණි වුණොත් කුස්සිට ගිහින්  තමා කන්න වෙන්නේ. දැන් වැඩිය අමාරුවක් නෑනේ.‘‘

‘‘හරි අම්මේ.‘‘

    අම්මා නික්ම ගිය පසු මම ටික වෙලාවක් ඔහේ බලා වුනනෙමී.  ඒ අතරතුර මට ඉබේටම ගගනව සිහි විය. තව එක පාරක් මම ගගනව විශ්වාස කරලා බලනවාද?. මෙච්චර මගේ ළගින් හිටිය ගගන එක පාරට මෙහෙම වෙනස් වුණා වෙන්න බෑ. මම ඉන්නේ වැරදී වැටහිමක වෙන්න ඇති. කෝකටත් ආයි කතා කරලා බලනවා. මම ඇමතුමක් ගත්තෙමී.

‘‘හෙලොව්... කවුද මේ..‘‘  අනෙක් පසින් ඇසුණු ගැහැණු කට හඩ සමග මම නිහඩ වූවෙමී.

‘‘හෙලෝව්... කවුද මේ..  මගේ සුදු අයියට කරදර කරන සදා.. කෝ... කතා කරන්නකෝ ඉතින්.‘‘

‘‘හෙ...ලො..ව්...‘‘ මම අමාරුවෙන් අකුරු ගලපා ගත්තේ මෙහි ඇත්ත නැත්ත දැන ගන්නට සිතාගෙන වෙමී.

‘‘අනේ... කාගෙද මේ සුයිට් වොයිස් එක.. නම නම් සදා කියලා ආවේ.‘‘ අනෙක් පසින් කතා කළ ගැහැණු ළමයා ඇද පැද කතා කළාය.

‘‘ඔයා ක...වුද?.‘‘

‘‘අයිසෝ... ඔයා මගේ පණගේ පොන් එකට කෝල් ගන්නේ මාව දන්නේ නැතිද?.‘‘ ඇය පුදුමයෙන් විමසුවාය.

‘‘නෑ... කවුද?.‘‘

‘‘ඔයා කවුද කියන්නකෝ.‘‘

‘‘මම සදනී. ගගනගේ ස්කෝලේ යාළුවෙක්.‘‘

‘‘ඕ ඔයා ස්කූල් ප්‍රෙරන්ඩ් කෙනෙක්ද?. පුදුමයි මං ගැන දන්නේ නෑ කීව්වම.‘‘ ඇගේ හඩ ආඩම්බරකාරී  විය. එනිසාම මගේ වේදනවා එන්න එන්නම වැඩි විය.

‘‘කවුද ඔයා.‘‘ මම නොවිසිල්ලෙන් විමසුවෙමී.

‘‘මම මගේ පණගේ සුයිට් එන්ජල් මෙයා.‘‘

‘‘අයියෝ ගගන මට කිව්වේ නෑනේ.‘‘ මම දුක සගවාගෙන විමසුවේ  ගිරවියක මෙන් කියවන ඇගෙන් සියල්ල අසා ගත හැකි  යැයි හැගුන නිසාවෙනී.

‘‘හානේ ඩාලිං.. එහෙමද අපි දෙන්නගේ එෆෙයාර් එකට දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි.‘‘ මට තවත් කතා කිරීමට නොහැකී විය. මම ඇමතුම විසන්දී කළෙමී. අමාරුවෙන් වියලා ගත් මගේ කදුළු නැවතත් අළුත් වන්නට විය. මම යහනේ පෙරලී පුළුවන් තරම් හැඩුවෙමී. මේවයේ ඇත්ත නැත්ත ගගනගේ කටින්ම දැන ගන්නට මට ලොකු අවශ්‍යතාවයක් තිබුණී. ඒ නිසාම මම නැවතත් ගගනට ඇමතුවෙමී.

‘‘හෙලෝව් ගගන.‘‘

‘‘ආ... ඇයි සදා කියන්න.‘‘ ඔහුගේ කතාකරන විලාසය පවා වෙනස් වී තිබුණි. මේ ගගනට මක් වෙලාද. මේ තරම් කල් ගගන මාව රැවැට්ටුවද?. මාව උදේ හවස බලන්න ආවේ. මගෙන් ආදරේ ඉල්ලුවේ ඒ බොරුවටද?.

‘‘හෙලොව්.. කියන්න.‘‘

‘‘ගගන උදේ මට...‘‘

‘‘හරි හරි... මට  සුදු කිව්වා.. .‘‘ඔහු සියල්ල දන්නා අයුරින් පැවසුවේය.

‘‘ඒ කතාව ඇත්තද?.‘‘

‘‘ඔව්.. ඒකේ අවුලක් තියෙද?.‘‘ ඔහුගේ වදන් මට පිහියෙන් අනිනවා මෙන් විය. අනේ ගගන මීට වඩා හොදයි ඔයා මාව මැරුවා නම්. ඔයා මේ කරන්නේ ටික ටික මාව මරණ එක. මගෙන් වෙනස් වෙන්නේ නෑ නේද අහපු ඔයාමද මේ.

‘‘ඇයි ම..ට නො..කිව්වේ.‘‘ මට ඉකි බිදුම් වලක්වා ගත නොහැකි විය.

‘‘දැන් කිව්වනේ..‘‘

‘‘එතකොට.. ඔයා මගෙන්..‘‘

‘‘අහ්... ඒවා අමතක කරන්න.. ඔයා මට ආදරේ කරේ නැහැනේ කවදාවත්. ආයි මට කතා නොකර ඉන්නවා නම් හොදයි. පුළුවන් නම් මගෙයි සුදුගෙයි අතරට එන්න එපා.‘‘ ඔහුගේ හඩ ආවේග සීලී විය.

‘‘ගගන  ඔයා මාව රැවැට්ටුද?.‘‘

‘‘දැන් ඒවා කතා කරලා වැඩක් නෑ මට පාඩුවේ ඉන්න දෙන්න. බායි.‘‘ තවත් කිසිවක් විමසන්නට ඉඩ නොදුන් ඔහු ඇමතුම විසන්දි කලේය. මොනවද දෙවියනේ මේ වෙන්නේ. ඊයේ වෙනකන් හොදට කතා කර කර හිටිය ගගනට මේ මොකද වුනේ. මට පේන්නේ අර නැට්ටුක්කාරී ගගනව අල්ලගෙන. දැන් මගේද වරද?... මම එයාගේ ආදරේ පිළිගන්න ඉක්මන් නොවුණ එකද වරද?. මොන දේ වෙන්නෙත් හොදටලු. ඔය තරම් ඉක්මණට වෙනස් වෙන්න පුළුවන් කෙනෙකුට ආදරේ කරනවට වඩා හොදයි තනියම ඉන්න එක. බලන් ගියාම කටුස්සෙක් වගේනේ. නොයෙකුත් දේ සිතමින් කදුළු නවත්වා ගැනීමට උත්සහ ගත්තත් එය අසීරු විය. උදේ ආහාරයවත් නොගත් මම යහනේ ඒ මේ අත පෙරලෙමින් ඇති වන තුරු ඇඩුවෙමී. මේ තමා මගේ ජීවිතේ එපාම කරපු දවස් ටික. මම දස දහස් වාරයක් සිතුවෙමි. අම්මා වත් ඉක්මනට ගෙදර එනවා නම්. මට ලොකු තනි කමක් දැනෙන්න විය.

      එවර කවුරුන් හෝ ඉදිරිපස දොරට තට්ටු කරනු මට ඇසෙන්න විය. කවුද මේ වෙලාවට. අම්මා වත් කලින් ඇවිද්ද?. ඉක්මනින් සැහැල්ලු ඇදුමක් ඇග ළා ගත් මම දොර අභියසට ගොස් නැවතුනෙමී.

‘‘කවුද...?‘‘

‘‘මම සදනී.‘‘ ඒ දිනිදුගේ කට හඩ විය. මට දැනුනේ පුදුමයකි. මම කිසිත් නොසිතාම දොර ඇරියෙමී.

‘‘දුනිදු අයියේ ඔයා.‘‘

‘‘ඔව් මම.. ඇයි හොද නැද්ද?.‘‘ ඔහු ඇස් සිහින් කර මාදෙස බලා විමසුවේය.


නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Jan 2017 12:06 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Jan 2017 12:08 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිඑක්වන කොටස.

‘‘හොදයි හොදයි.‘‘

‘‘දැන් අඩුයි වගේ උණ. අම්මා කෝ සදා... නෑ.. නෑ.. සදනී.‘‘ මට සිනහා නැගුනේ ඔහුට වරදින්න ගිය නම් නිවැරදී කර ගන්නට දැරූ උත්සහය නිසාවෙනි. අනේ දිනිදු අයියා තාමත් ඒක මතක තියන් ඉන්නවද?. මම එයාට කිව්වනේ මට සදා කියන්න එපා කියලා.

‘‘ඒ කෙල්ල කෝ අම්මා.‘‘ ඔහුගේ හඩින් කල්පනාවෙන් මිදුණු මම ඔහු සමග සිනා සුනෙමී.

‘‘කෝ අම්මා නැද්ද එළියට වත් එන්නේ නැත්තේ.‘‘

‘‘අම්මා ස්කෝලේ ගිහින්.‘‘

‘‘ස්කෝලේ ගිහින්.... ඒකත් නරකම නෑ.. දූ ගෙදර අම්මා ස්කොලේ යනවා.‘‘ ඔහු හයියෙන් හිනා වෙමින් ස්තොප්පුවේ වු පුටුවක වාඩී වුවාය.

‘‘විහිළු නෙමෙයි. අම්මා ස්කෝලේ ගිහින්.‘‘

‘‘ඒ කියන්නේ අම්මා ටීචර් කෙනෙක්ද?.‘‘ ඔහු සිනහව නවතා විමසුවේය.

‘‘ඔව්.‘‘

‘‘ ඒක මිසක්. එහෙනම් මම මෙහෙ ඉන්න එක හරි නෑ.. මම හවස් වෙලා එන්නම්.‘‘ ඔහු නැවත පුටුවෙන් නැගී සිටියේය.

‘‘ඔය යන්නද?.‘‘

‘‘ඔව්‘‘ ඔහු ස්තොප්පුවෙන් මිදුළට බසිමින් පැවසුවේය.

‘‘එතකොට ආවේ ඇයි.‘‘ මම ස්තෝප්පුවේ තිබුණු රවුම් ආදාර කනුවට වාරු වුණෙමී.

‘‘අයියා කිව්වේ ඔයාට ගෙදර ඉදන් වැඩ කර....‘‘

‘‘ඒකද? ඉතින් යන්න ඕනේ නෑ  ඉන්න.‘‘ මම ඔහුගේ කතාවට හරස් වෙමින් පැවසුවෙමී. මිදුලට වී මද වෙලාවක් කල්පනා කරපු ඔහු නැවතත් මා දෙස බැලුවේය.

‘‘අම්මා එන්න තව හුගක් වෙලා තියෙද?‘‘

‘‘නෑ තව චුට්ටෙන් එයි.‘‘  ප්‍රශ්ණ වැලක්ම ඇසූ ඔහු ස්තොප්පුවේ පුටුවකට බර වී  මම ගෙනත් දුන් පරිගනකයේ වැඩ පටන් ගත්තේය. ඇගට එතරම් අපහසුවක් නොදැනුන නිසා මම ඔහුට පාඩුවේ වැඩ කරන්නට හැර මුළුතැන් ගෙට ගොත් වතුර කේතලය ලිප තබා අමාරුවෙන් ගිප ඇවිලුවෙමී. කෝප්පයක්  පීරිසියක් සූදානම් කළ මම වතුර උණු වන තුරු වීදුරු බොතලයේ තිබූ බිස්කට් ටිකක් පීරිසියකට දමාගෙන ස්තොප්පුවට පැමිණියෙමී.

‘‘මොකද වැඩේ හරිද?.‘‘ මම ඔහුට බිස්කට් පීරිසිය පෑවෙමී. 

‘‘තේ හදනවා වගේ.. තියන්නකෝ මෙතනින් තව පොඩ්ඩෙන් වැඩේ හරි ‘‘ ඔහු පරඝණක තිරය මත නෙත රදවාගෙනම කීවේය. බිස්කට් පීරිසිය ලී වලින් සදා තිබූ කුඩා රව්ම් මේසය මත තබා ඔහු වෙතට ළං කරන්නට උත්සහ ගනිද්දී ඔහු හිස ඔසවා සිනා සෙමින් මා දෙස බැලුවේය.

‘‘ඔහොම තියන්න මම ඔතනට එන්නම්.‘‘ ඔහු පැවසුවේ නැගිට එතනට එන ගමන්ය. පරිගඝනකය කුඩා මේසය මත තබා ගත් ඔහු කවිච්චියේ වාඩී වුවේය.

‘‘මේ ගේ පරම්පරාවෙන් පැවත එන ගෙයක් වගේ නේද?‘‘ කවිච්චියේ හරි බරි ගැසී වාඩී වුණ දිනිදු වටපිටව දෙස නෙත් යවා බැලුවේය. පෙනුමෙන්ම අපේ නිවස  පැරණි බව කිව හැකිය. තාත්තාගේ මහ ගේ වූ මෙම නිවස අපට උරුම වුයේ තාත්තා නිසාය. ඔහුට බලා තීරණය කිරීමට ඉඩ හල මම නිහඩව බලා වුන්නෙමී.

‘‘සදනී පොඩ්ඩක් එන්නකෝ වැඩේ හරි වගේ.‘‘ ඔහු පරඝණක තිරයට දෑස් යොමාගෙන පැවසුවේය. මම ද ඔහුට සහය වීමට කවිච්චිය කොණක වාඩී වුණෙමී.  අවශ්‍ය සියලු වැඩ  නිම කළ ඔහු ලොකු සුසුමක් හෙළ මා දෙස බැලුවේ සිනා සෙමිණි.

‘‘ඔන්නන වැඩේ හරි.‘‘

‘‘මේ තරම් ඉක්මණට හැදුවද? ‘‘ මම පරිඝණකය පිරික්ෂමින් ඇසුවෙමී.. ඔහු සිනා සෙමින් මා කරණා දෙවල් බලා වුන්නේය.

‘‘අයියෝ ෂිට් වතුර ටික හිදිලා ඇති දැන්.‘‘ හදිසියේම ලිපේ තැබූ කේතලය සිහිපත් වූ මම නිවස තුළට දුවගෙන ගියෙමී. සිතු පරිදිම වතුර හොදට උතුරයි . බාගයක්ම සිදි ගොස්ය. මම තේ දෙකක් සදාගෙන නැවතත් ස්තොප්පුවට පැමිණියෙමී.උණු තේ එක අතට ගත් ඔහු ‘‘ අම්මෝ මේකේ රස්නේ.‘‘ පවසමින් තේ  එක කඩි නමින් කුඩා මේසය මත තබා  අද ගසා දමන්නට විය.

‘‘ඒ තරම් රස්නෙයිද? මම කොප්පය අල්ලා බැලුවෙමී මගේ අත ක්ෂ්ණිකව ඉවතට විසි වුණි. මම සිතුවාට වඩා කොප්පය උණුසුම් වී තිබුණි.

‘‘මාර වැඩ තමා මෙයා කරන්නේ.‘‘  රස්ණය නිසා රත් පැහැ ගැන්වුණු සිය ඇගිලි බිත්තර පිරි මදිමින් දිනිදු පැවසුවේය.

‘‘සොරි දිනිදු අයියෝ.‘‘

‘‘හරි හරි ළමයෝ. හිතලා කලේ නෑනේ .. අනික පිච්චුනෙත් නෑ.‘‘ ඔහු මා සනදන්නට උත්සහ කරමින් පැවසුවේය.

‘‘මේ අයියා මේල් වගයක් එවලා බලන්න.‘‘  මම ඔහු අසලින් වාඩී වී  එවා පිරික්ෂා බැලුවෙමී. මට සාදන්නට තිබු ගිණුම් වාර්ථාවලට අදාල දත්ත ඒ තුළ විය.  මම එකින් එක විවෘත කර බලන විට දින්දු තේ එක පානය කරමින් මේක මෙහෙම නේද කරන්න. අරක අර විදියට කලා නම් හරි යනුවෙන් සියලු දේවල් ගැන විස්තර කළාය. ඔහු පැවසූ සියල්ලම නිවැරදීය. ඔහු මටත් වඩා මේ පිළබද දන්නා බව ඔහුගේ වදන් වලින් මට පසක් විය.

‘‘දිනුදු අයියේ .. ඔයා ඇයි ජොබ් එකක් කරන්නේ නැත්තේ.‘‘ මම ඔහු දෙස කෙලින් බැලුවෙමි.

‘‘ඇයි එක පාරටම එහෙම ඇසුවේ.‘‘

‘‘ඔයාට මටත් වඩා එකවුන්ට් ගැන දැනුමක් තියෙනවනේ .. හොද ජොබ් එකක් කරන්න පුළුවන්නේ.‘‘ මම පුදුමයෙන් පවසද්දී ඔහු සිනා සෙයි. මට මදක් කේන්ති ඇති විය.

‘‘මොකද  දැන් හිනා වෙන්න. ‘‘ මම රවා ඔහු දෙස බැලුවෙමි.

‘‘ජොබ් එකක් කරන්නත් ඕනේ . අයියා කිව්වා ඔයාලගේ ඔපිස් එකේ වේකන්සි එකක් තියේ කියලා. දන්නැද්ද ඉතිං කොල්ලෙක් වුණාම පොඩ්ඩක් පන් එකේ ඉන්න එපෑ.‘‘ ඔහු හිස් තේ කෝප්පය කුඩා මේසය මත තැබුවේය.

‘‘හොද පොඩි පන් එක.. දැන් වයස කීයද?.‘‘ මම තරවටු ස්වරයෙන් කතා කෙරුවෙමි. අපි මුණ ගැසුණු අවස්තා අල්ප වුවද, සිත් තුල විශාල විශ්වාසයක් පැහැදිමක් ඇති වී තිබුණි. මම ඔහු ළගදි හැසිරුනේ පුංචි කළ සිට දන්නා කෙනෙකු ළග මෙන් විය.

‘‘ඇයි මම නකී කියලද හිතන්නේ. අපි තාම පොඩි කොල්ලෝ හරිද?‘‘ අපි දෙදෙනා අතර ඇති වු කතා බහ හරිම විනෝද ජනක විය. අහම්බෙන් හෝ ඔහු සමග ගත කළ හැම මොහොතක්ම මගේ සිතට සහනයක් ගෙන දුන් බව මම සිහිපත් කෙරුවෙමී. විහිළුවට බර ඔහුගේ වදන් මගේ සිත සැහැල්ලු කරන්නට සමත් විය.

‘‘සදනී පේස් බුක්  ඉන්නවද ඔයා.‘‘ දිනිදු පරඝණකය හසුරුවමින් විමසුවේය.

‘‘මම නම් නෑ ගගන නම් ඉන්නවා.‘‘ මම ඉබේටම එලෙස කියවුනෙමි. නමුත් ඒ සමගම මගේ සිතට දුකක් ඇතුල් විය. ඉස්සර මම මේ පුටුවේ මේ විදියටම හිනා වෙවී ගගන එක්ක සතුටින් හිටියා. අද ගගන නෑ. ගගන ඔයා කොහොමද මගෙන් මේ විදියට ඈත් වුණේ. සිත් තුළ සැගවි තිබුණ වේදනාව නැවත ඉස්මතු විය.

‘‘මොකට මූණ ඇද කර ගත්තේ.. ගගනයා කිව්වද? කෙල්ලට එෆ් බි යන්න එපා කියලා.‘‘

‘‘ නෑ මගේ පොන් එකෙන් පුළුවන්ද ඕවා කරන්න මේ..‘‘ මම අත තිබු කුඩා ජංගම දුරකථනය දිනිදුට පෙන්නුවෙමි. එවර ඔහු බඩ අල්ලාගෙන සිනා සෙන්නට විය.

‘‘මොකද මැට්ටෝ හිනා වෙන්නේ.‘‘

‘‘අනේ මැට්ටියේ.. ඉගෙන ගත්තට මොකෝ තාම ඉන්නේ ආච්චිලාගේ කාලේ. ජොබ් එකකුත් කරනවා නේද? ගන්නකෝ හොද පොන් එකක්.‘‘ ඔහු කියවාගෙන ගියේය . මම සිනා සුනා මිස මොකුත් නොකිව්වෙමී.

‘‘සදනී.. දුක හිතුණද?. මම හිතලා නෙමේ කිව්වේ ළමයෝ.‘‘ මම කුඩා මේසයේ මුණ සගවා ගත්තෙමී. ඔහු මාව උරහිසින් අල්ලා නැගිට්ටන්නට උත්සහ ගත්තත් මම නොසෙල්වී සිටියෙමී.

‘‘ඒ මැට්ටී අඩනවද?. නැකිටිනවකෝ හලෝ. ඔයාගේ අම්මා එහෙම ආවොත් මං ගැන මොනවා හිතයිද?‘‘

‘‘මොනවා හිතන්නද? ..‘‘ මම සිනා සෙමින් ඔහුගෙන් මදක් ඈතට පැන්නෙමී. එවිට මා කළේ බොරුවක් බව තේරුම් ගත් ඔහු මා පසු පස දුවගෙන ආවේය. කළෙකට පසු දග වැඩක් කළ මම එහෙන් මෙහෙන් පැන බෙරි ගෙට රිංගා දොර වසා ගත්තෙමි.

‘‘මෙහෙමත් මැට්ටියක්  නම්.‘‘

‘‘හු.. හු. දැන් අල්ලයි මාව.‘‘ මම දොරට පිට දිගෙන හති අරිමින් පැවසුවෙමී.

‘‘හා දැන් ඉතින් ඇති ඔය සෙල්ලම. එන්නකෝ එළියට.‘‘

‘‘මට බෑ ඔයා මාව අල්ල ගන්න ඔහොම කියන්නේ.‘‘

‘‘අනේ මැට්ටී.. මට ඔයාව බලෙන් අල්ල ගන්න ඕනේ නෑ.‘‘ ඔහුගේ කතාව විහිළුවක් නොවන බව තේරුම් ගත් මම දොර ඇරගෙන එළියට පැමිණියෙමී.දිනිදු ඒ නොකියා කිව්වේ මට ආදරේ කරන නමුත් බලෙන් මගේ ආදරේ ලබා ගැනීමට ඔහුට අවශ්‍ය නැති බවයි. සැබෑවකී. මම ආදරය ගැන කතා කරන්නට අකමැති බව ඔහුට පැවසු පසු ඔහු ඒ ගැන වචනයක් වත් මගෙන් විමසුවේ නැත. ඔහුට මම සදා කියන්නට එපා කිව් පසු ඔහු මට සදා කීමද නවතා දැමුවේය. ඔහු සැබවින්ම මා ගැන සිතන බව මට දැන් ටිකෙන් ටික ඒතුගැන්වෙමින් තිබේ. මගේ සිත තුළ ඔහුට ආදරයක් තිබේද නැද්ද යන්න මම නොදනිමී. නමුද දැන් ඔහු ගැන මගේ සිතේ ලොකු පැහැදිමක් ඇති බව නම් විශ්වාසය.

‘‘ ඔයා පේස් බුක් ඉන්නවද?.‘‘ මම දිනිදුගේ කතාව වෙනතකට හරවන්නට සිතාගෙන පැවසුවෙමී. මේ මොහොත ආදරය ගැන කතා කරන්න වෙලාවක් නොවන බව සිත පවසද්දී. මට එයින් පැන යාමට අවශ්‍ය විය.

‘‘මම ඉන්නවා.. දැන් ලැප් එකෙන් යන්න පුළුවන්නේ එකවුන්ට් එකක් හදමුද?.‘‘

‘‘අනේ මන්දා. මම නම් ඕවා දන්නේ නෑ.‘‘ මම ඔහුට තීරණයක් ගැනීමට ඉඩ සැලැස්සුවෙමී.

‘‘අයියෝ ලේසී. එන්නකෝ මම කියලා දෙන්න.‘‘ ඔහු මට සියල්ල පැහිදිලි කරන්නට විය. මුහුණ පොත පරිහරණය ගැන සියල්ලම ඔහු මට පැවසුවේය. ඉන් මිතුරන් ඇසුරු කිරීමේදී ප්‍රවේශම් විය යුතු අයුරු ඔහු මගේම සහෝදරයෙක් මෙන් ආදරයෙන් මට පැවසුවේය.

‘‘සදනී තාමත් ඔයාගේ අම්මා නෑනේ. මට දැන් යන්න විදියකුත් නෑ.‘‘ ඔහු ඉස්සී ඉස්සී පාර දෙස බලමින් පැවසුවේය.

‘‘ඇයි යන්න බැරි.‘‘ ඔහු පැවසූ දෙයි අර්ථය මට නොවැහැටුණ නිසා මම විමසුවෙමී.

‘‘දැන් මම ගියොත් ඔයාට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.‘‘

‘‘මොකද්ද?.‘‘

‘‘දැන් කාර් එක අහල පහළ මිනිස්සු දැක්කනේ.‘‘

‘‘ඉතිං.‘‘

‘‘අම්මා නැති වෙලාවට කොල්ලෙක් ගෙදරට ආවා කියලා මිනිස්සු කියයි.‘‘ එවර මට සිනහා නැගුනී.

‘‘මොකද මැට්ටියේ හිනා වෙන්නේ.‘‘ නොසිතු ලෙසින් ඔහු මගේ කණක් රිදෙන්නම ඇල්ලුවේය.

‘‘ආයි.. ආයි.. අතාරිනවකෝ මැට්ටා.‘‘ මම ඔහුගේ අත කණෙන් ඉවත් කර ගන්නට උත්සහ ගනිමින් කෑගැසුවෙමී.

‘‘ගෑණු ළමෙක් නේද? ඒ වගේ දේවල් වලට හිනා වෙලා හරි යනවද?.‘‘ ඔහු මට තරවටු කරමින් කණ අත හැරියේය.

‘‘හරි හරි අම්මා එනකන් ඉන්නකෝ. දැන් එයි. ‘‘ ස්තෝප්පුනේ අසුන් දෙකකට බර වූ අප දෙදෙනා අම්මා එන තුරු පෙර මග බලා සිටියෙමූ.

‘‘අන්න අම්මා එනවා. ‘‘ මම  කොර්ටන් ගස් වලින් අලංකාර කර තිබූ නිවසේ සිට පාරට තිබුණ පාර දිගේ පොඩි එකියක මෙන් දිව ගියෙමී.

‘‘දැන් නම් උණ හොදයි වගේ. ඔය හැදිලා තියෙන්නේ දාන්ගලේ.‘‘ මම අම්මාගේ අතේ එල්ලීගෙන නිවස දෙසට පා නැගුවෙමි. දිනිදුව ඈත තියාම දුටු අම්මා දිනුදු සමග සුහදව සිනාසුනාය. පුදුමයි මං හිතුවා මටත් එක්ක බනි කියලා. මම අම්මාගේ මුහුණ දෙස හොරුහින් බලමින් සිනාසුනෙමී.
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

‘‘ආ....මේ අනුහස් මහත්තයගේ මල්ලී නේද?.‘‘

‘‘ඔව් ආන්ටී. ‘‘ දිනිදු පුටුවෙන් නැගී සිටිමින් පැවසුවේය.

‘‘මේ...මහත්තයා ඇවිත් හුගක් වෙලාද?‘‘ අම්මාත් දිනිදුත් අතර ලොකු සංවාදයක් ඇති විය.  අවසානයේ දිනිදු මහත්තයා දිනිදු පුතා බවට පත් වී තිබුණි. දිනිදු පිටව ගිය පසුවත් අම්මා දිනිදු පිළබද පැහැදීමෙන් කතා කළාය. ගගනගේ ඈත් විම මට මේ තරම් පහසුවෙන් දරා ගන්නට හැකි වුයේ දිනිදු නිසාවෙනී. ඔහු මට කල්පනා කරන්නට වෙලාවක් ඉතුරු නොකෙලේය. හැම මොහොතේම මා ගැන සොයා බැලුවේය.

   ගගන වෛද්‍ය විද්‍යාලයට යන්නට නැන්දලාගේ ගෙදර නවතින්නට ගොස් සතියක් නිම වි තිබුණි. ගගන මට එදා දොස් නැගුවත් සති අන්ත නිවාඩුවට හෝ ගෙදර ඒවී කියා මම සිතුවෙමී. එනිසා මම මග බලා වුන්නෙමී. එසේ පැමිණහොත් මේ සිදුවන දෙයි ඇත්ත දැන ගැනිමට හැකි වෙතැයි මම විශ්වාස කළෙමී. තවමත් මගේ සිත කීවේම අර නැට්ටිච්චී ගගනව ව වෙනස් කරා යනු වෙනී. ගගනගේ සති අන්තයේ නොපැමිණිම මට වගේම අම්මාටද ලොකු ගැටළුවක් වී තිබුණී. ඒ නිසාම අම්මා මටත් හොරා ගගනලාගේ අම්මාගෙන් ඒ ගැන විමසා තිබුණි.

   සෙනසුරාදා රාත්‍රියේ අම්මා ඉතා සන්සුන්ව පැවසුවේ. ‘‘දු ගගන නැන්දලා එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලු ඒකයි මේ සතියේ ඇවිත් නැත්තේ ‘‘යනුවෙනී. එහෙනම් අර නැට්ටිච්චි දැන් කරේම එල්ලිලා ඇති. මට පොඩි ඊර්ෂියාවක්ද දැනුණි. මම ගැන බිංදුවක් වත් නොහිත කෙනෙක් ගැන මම මොකට හිතනවද . මම තවමත් ගගනව මගේ ජීවිතයෙන් ඈත් කරන්නට උත්සහ කරමී. කොපමණ ඔහු අමතක කරන්න ගියත් මම ගැවසෙන සෑම තැනකම තිබුණේ ඔහුගේ මතකයන්ය. එනිසාවෙන් ඒ සොදුරු අතීතය ඔහුව නිතරම සිහි ගන්වන්න විය.

    ගගනගේ මුහුණ පොත ගිණුමේ මිතුරෙකු වීමට මම උත්සහ ගත්තත් එය ඉටු නොවීය. එනිසා මම එයද අත හැර දැමුවෙමී. ඔහු මට ඇමතුම් ගැනීමට එපා යැයි මුහුනටම පැවසු නිසා මම ඇමතුම් ගැනීමටද නවතා දැමුවෙමී. එක සතියක් තුළ ,දවස් හතක් තුළ මගේ ජිවිතය මම නොසිතු පැත්තකට ඇද දමා තිබුණි. දැන් මට සිටින එකම සහනය දිනිදු පමණකි. සැම විටම මා සමගස සිටි ඔහු නිතර මගේ සිත සැනසුවේය.

      ඉරිදා දින දහම්පාසලේ ඉගැන්වීමට යාම මට අත හැරීමට සිදු වී තිබුණී. මුළු ඉරදා දිනම බාහිර උපාදී සදහා වු පාඨමාලා සදහා වෙන් කිරීමට සිදු විය.  මුළු දවසම අවිවේකී වු නිසා ඉරිදා දින ගගන නැති පාළුව මග හැරුණී. මුළු දවසම අළුතින් හමු වු යහළුවන් සමග ගත කළ මම නිවසට පැමිණෙන විට බොහො ඇදිරි වැටී තිබුණි. වෙනදාට මා ආරක්ෂා කරන්නට පාරට පැමිණෙන ගගන අද නැත . ඒ වෙනුවට විදුලි පන්දමක් අතින් ගත් අම්මා බස් නැවතුමට වි මග බලා සිටිණු දැක මට දුකක් ඇති විය.

‘‘ඇයි අම්මා පාරට ආවේ. තාම ඒ තරම් රෑ වෙලා නෑනේ මම එනවනේ . ගෙදර ඉන්න එපෑ.‘‘ මම අම්මා සමග පියවර නගමින් පැවසුවෙමී.

‘‘මේ වෙලාවට තමා දු ගගන පුතා නැති පාඩුව ලොකුවට දැනෙන්නේ. ඒ ළමයා හිටියා නම් මම බයක් සැකක් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නවනේ.‘‘

‘‘අනේ අම්මේ.‘‘ මම අම්මගේ කතාවට එකග නොවුවෙමී. ගගනව අමතක කරවන්නට සිතු මම පංතියේදී හමු වු අළුත් යහළුවන් ගැන  අම්මා සමග මම පැවසුවෙමි. කතාවෙන් කතාව අපි දෙදෙනා නිවසටම පැමිණ තිබුනෙමු.

    සදුදා දින සුපුරුදු පරිදු මම සේවයට වාර්ථා කලෙමී. අසනීප ගතිය නිසා ලද දීර්ඝ නිවාඩුව සමග කාර්යාලය මට අළුත් තැනක් ලෙස දැනේන වී තිබුණි. සයුමී සමග කතා කරමින් උදේ ආහාරය ගත් පසු ඒ ගතිය පහව ගියහ.

     මගේ අසුනෙහී වාඩී වුණ මම මට පැවරී තිබු වැඩ ආරම්භ කළෙමී. හුග දවසකට පසු නිසා මට වැඩ කරන්නට අලස බවක් දැනෙන්න විය. මද නිදි මත ගතියක්ද දැනෙන්න විය.

‘‘මිස් ... මිස්ට අනුහස් සර් එන්න කියන්න කිව්වා.‘‘  මා අසලට පැමිණ ආයතයේ පියන් කෙනෙකු පවසන විට මම එක පාරටම අසුනින් නැගිට්ටෙමී.

‘‘මට?‘‘

නැවත හමුවෙමු.


<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 02:45 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 02:47 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිදෙවන කොටස.

‘‘ඔව් මිස්ගේ නම සදනී නේද?.‘‘ ඔහු පුදුමයෙව් විමසන්න වුවේය.

‘‘හරි හරි අංකල්.. මම වෙන කල්පනාවක හිටියේ. ‘‘ මම සමාව අයදින්නට මෙන් පැවසිවෙමී. මම ඒ නැගිට්ට පයින්ම අනුහස් සර්ගේ කාමරයට ගියෙමී.

‘‘සදනිව මම අල්ල ගන්න හිටියේ .. මම දැනන් හිටියේ නැහැනේ.‘‘ මම වීදුරු දොරෙන් ඇතුල් වෙනවාත් සමග ඔහු පැවසුවේය.

‘‘මොකද්ද සර්.. වැරද්දක් වත් වෙලාද?.‘‘

‘‘ඔව් ලොකු වැරැද්දක්.‘‘ ඔහු බෑරැරුම් මුහුණක් මවාගෙන සුව පහසු කැරකෙන පුටුවේ ඇන්දව වාරු වී එහෙට මෙහෙට කැරකෙන්න විය.

මුහුණේ බිදක් වත් සිනහව නොතිබූ නිසාම මට බියක් දැනෙන්න විය.

ඔහු ඉදිරි පිට හිටගෙන වුන් මම ගල් වී බලා වුන්නෙමී.

‘‘වාඩී වෙන්න සදනී ඇයි හිටගෙන.‘‘ එවර ඔහුගේ මුහුණේ සිනහවක් ඇදුණේය. මට විහිළුවක්ද කරලා තියෙන්නේ. මල්ලී වගේම අයියාත් හොද විහිළුකාරයෙක් වගේ. මම ඉදිරිපස අසුනට බර වී ඊළගට වන්නේ කුමකු දැයි බලා වනුනෙමී.

‘‘ආ මේක හොදයිද බලන්න.‘‘ ඔහු මා අත තැබුවේ වටිණා ජංගම දුරකථනයකී. මම ආසාවෙන් එය අතට ගෙන පිරික්ෂුවෙමී.  එයා ඉතා අලංකාරය සිත් ඇද ගන්නා සුළු විය.

‘‘අනේ ලස්සනයි සර්.. සර් අළුතින් ගත්තද?.‘‘ මම ඔහු දෙස නොබලාම විමසුවෙමී.

‘‘ඔව් හැබැයි මට නෙමෙයි.‘‘

‘‘සර්ට නෙමෙයිත එහෙනම් කාටද ?. දිනිදු අයියටද?‘‘ මට ඉබේටම කියවුණි. මම වැඩිය දිනිදු පිළිබද සර් සමග ඍජුව කතා නොකෙරුවෙමී. එනිසා මට අපහසුවක් දැනෙන්න විය.

‘‘පොඩී තමා අරන් දුන්නේ... ඔයාට.‘‘

‘‘මට‘‘ මම ඇස් පුදුමයෙන් දල්වාගෙන ඔහු දෙස බැලුවෙමී. පුදුම කොල්ලෙක් තමා. ඒත් මට මේක ගන්න බෑ. දුක හිතෙයි මම ගන්න බෑ කිව්වා කිව්වම. ඒත් ... ඇයි මොයා මේක සර් අතේ එව්වේ.

‘‘ඔව් ඔයාට තමා.. මොනවද කල්පනා කරන්නේ.‘‘ අනුහස් සර් මදක් මා දෙසට නැඹුරු විය. මම දුරකථනය මේසය මත තබා මගේ තීරණය කීමට සැරසුණෙමී. ‘‘ඔය බෑ කියන්න නේද යන්නේ. අපේ පොඩී කිව්වා හරියටම හරි.‘‘ අනුහස් සර් මා දෙසම බලාගෙන සිනහා වෙයි.

‘‘දිනිදු අයියා මොකද්ද කිව්වේ.‘‘

‘‘මම ඇත්තම සිද්දිය කියන්නම්කෝ.‘‘ ඔහු නැවතත් පුටු ඇන්දට බර වුවේය. මමත් ඇස් දල්වාගෙන කතාව අහන්නට සූදානම් වුණෙමී.

‘‘පොඩ්ඩා මට මේක දුන්නේ ඔපිස් එක ගානේ දෙනවා වගේ දෙන්න කියලා. එයා දැනන් හිටියා එයා දුන්නේ කිව්වම ඔයා ගන්නේ නෑ කියලත්. ඒත් ඉතින් මම ඇත්ත කිව්වේ හේතු කීපයක් නිසා.‘‘

‘‘ඒ මොනවද සර් හේතු.‘‘ මට සියල්ල දැන ගැනීමට අවශ්‍ය විය.

‘‘ඔපිස් එක ගානේ ඔයාට පෝන් එකක් දුන්නා කියලා දැන ගත්තම මුළු ස්ටාප් එකම එයි මගෙන් පොන් ඉල්ල ගෙන.‘‘ ඔහු සද්ද පිට වෙන්නම සිනා වෙන්න විය. ඔහු මෙතරම් සැහැල්ලුවෙන් සතුටෙන් සිටිනවා මම දැක්කාමය. මම තවත් ඔහුට කතා කරන්නට ඉඩ දී බලා වුන්නෙමි.

‘‘අනික ඉතින් මට බොරු කියලා පුරුද්දක් නෑ.‘‘ ඒකට නම් මටත් හිනා නැගුණී. එදා බොරු කියන්න බැරි එක්කෙනා අගේට අම්මට බොරු කිව්වේ.

‘‘ඒ පාර සදනී හිනා වෙන්නේ ඇයි.‘‘

‘‘නෑ .. නෑ මොකුත් නෑ සර් . ඒත් මට මේක බාර ගන්න බෑ.‘‘ මම සිනහව අතරින්ම කීවෙමී.

‘‘ඒ ඇයි.. මම දුන්නා කියලා හිතන් ගන්න. ඔයා අපේ පොඩ්ඩව හොද කෙනෙක් කරපු නිසා මම දුන්නා කියලා හිතා ගන්න. ‘‘ එවර අනුහස් සර්ගේ දෙනෙත මදක් බොදවි තිබෙනු මම හොදින්ම දුටුවෙමී. ඒ හේතුව නිසාම මට තවත් එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය.

‘‘ඒත් ඒවා කළේ මම නෙමේනේ සර්.‘‘

‘‘නෑ.. නෑ.. අපේ පොඩි වෙනස් වුනේ ඔයා නිසා. දැන් ඇවිදින්න යන්නේ නෑ. වැඩි යාළුවෝ ආශ්‍රයකුත් නෑ . සදනී දන්නවද පොඩී මට ඊයේ කිව්වා එයාට ජොබ් එකකුත් කරන්න ඕනේ කියලා. ‘‘කියන වචන සමගම ඔහුගේ සහෝදරයා වෙනුවෙන් ඇති වුණ හැගීම් ඔහුගේ නෙත්වල ලියවි තිබුනේය. හරිට ම ඇස් දෙක සතුටින් දිලිසෙනවා වැනිය. මම මේ දේවල් හිතලා නොකෙරුවත් මම නිසා තව කිහිප  දෙනෙක්ගේ හිත් වලට සහනයක් ලැබුණානේ  කියලා මම චුට්ටක් ආඩම්බර වුවෙමී.  මම ඔහුගේ කතාවට බාදා නොකරම බලන් හිටියේ හිතේ තිබුණ සතුට වචන කරන්න ඉඩ හැරීමටයි.

‘‘සදනී... ඔයාට ගොඩක් පිං.‘‘ දීර්ඝ වර්ණනාවකට පස්සේ මගේ දිහා කෙලින්ම බලපු අනුහස් සර් පැවසුවේය. ඒ වෙන කොට ඔහුගේ සතුට දැක මගේ දෙනෙතත් යාන්තමට තෙත් වෙලා තිබුණී.

‘‘ඇයි සර් දිනිදු අයියාට මට මේක දෙන්න බැරි වුණේ.. සර් අතේ එව්වේ.‘‘  මම ආයාසයෙන් කදුළු සගවා ගනිමින් විමසුවා.

‘‘ඒකද දැන් ප්‍රශ්නේ. ඔයා එයාට හම්බෙන්න එන්න එපා කිව්වලු. ඒක හිංදා දෙන්න විදියක් නෑලු. අනික එයා දුන්නම ඔයා කොහොමවත් ගන්නේ නෑලු.‘‘ එහෙම කියලා අනුහස් සර් මගේ දිහා බලද්දී අමුතුම ලැජ්ජාවක් දැනෙන්න විය. ඒ නිසාම මම  අහක බලා ගත්තෙමි.

‘‘එහෙනම් මම කියන්නම්කෝ .. එයාගේ අතින්ම දුන්නොත් විතරයි ගන්නේ කිව්වා කියලා...‘‘ අනුහස් සර් ඒ වචන ටික පවසන විට අතරින් පතරට සිනහව එකතු විය.

‘‘හරි හරි මම ගත්තා කියන්න එහෙනම්. ‘‘ හිරි වැටිලා ගිය හිතත් වත්තම් කරගෙන තෑගී දුන්න ජංගම දුරකථනය අතට අරන් මම පිට වන්නට සැරසුනෙමි.

‘‘සදනී.. බොක්ෂ් එක මෙහේ ..මතක ඇතුව හවස ඕප් උනහම අරන් යන්න එන්න. ‘‘ ඔහු දුරකථනයේ අනිකුත් උපාංග සහිත පෙට්ටිය මා දෙසට පාමින් පැවසුවේය. අපසු හැරී බැලු මම‘‘ හරි සර් ..‘‘ යයි පවසා මගේ අසුනට පැමිණියෙමී.  දිනිදු අයියට නම් ඇත්තටම පිස්සු මං ගැන මොන තරම් හිතනවද?. මම එන්න එපා කිව්වා කියලා ඒකත් මතක තියන් ඉන්නවා. ඇත්තටම පිස්සෙක්.

‘‘මොකද බං.. ඇතුළට ගියේ හොල්මනක් දැක්කා වගේ බය වෙලා .. දැන් මෙතන තනියම හිනා වෙනවා.‘‘ පුටුවේ වාඩී වී මගේ මේසය අල්ලාගෙන මා වෙතට ළං වුන සයුමි රහසින් පැවසුවේය. මට මේ වන දේවල් කීමට අයෙක් අවැසි විය. එහෙත් දැන් කියන්නට විශ්වාසවන්ත අයෙක් නැත. මම සයුමිට සියල්ල පැවසීමට සිතුවෙමි. සයුමී ගගන ගැන නම් තරමක් දුරට දනී. සිදු වුණ අළුත් දේවල් නොදන්නවා වුණාට දිනිදු ගැනත් ඇය තරමක් දනී. සීනා සි ඈ දෙස බැලු මම.. යමංකෝ ටීටයිම් එකේදී කියන්නම්... මට උඹට බඩ්ඩක් කියන්න තියෙනවා.‘‘ යැයි පැවසුවෙමී.

‘‘කෙල්ලටත් සිකුරා ලබලා වගේ‘‘ සයුමිගේ දගකාර ඇස් දුටු විට මගේ සිත තවත් ලැජ්ජාවට පත් විය. ‘‘ පලයං බං යන්න. ‘‘ මම තනිව සිනා සෙමින් පැවරී තිබු වැඩකටයුතු වල නියැලෙන්නට වුණෙමි.

     සිද්දිය හොදින්ම දන්න සයුමිගේ මුණ රතු වෙන විහිළු තහලු මැද තවත් සතියක් නිමා විය. ගගන තවමත් මගේ සිතින් බිදක් වත් දුරස් කිරීමට මට නොහැකි විය. දුරකථනය අතට ගත් මම සැම විටම සිතුවේ. මම ගගනට කොල් එකක් ගන්නවද? .. කේන්තියකින් හිටිය හින්දද මට අර විදියට කියන්න ඇත්තේ... අනේ ගගන ඔයාට මෙහෙම වෙනස් වෙන්න බෑ යනුවෙනි. ඔහු ගැන සිතමින් වැඩී වෙලා දුක් වන්නට  දිනිදු ඉඩ නොදෙයි. මගේ හිතට දුකක් දැනීගෙන එන හැම මොහොතකම පාහේ මට ඔහුගේන් සහනයක් ලැබුණි.

    දිනපතාම වගේ මුහුණු පොතට පිවිසුණු මම ගගන මා මිතුරෙකු කරගෙන  දැයි බැලුවෙමී. ඔහුගේ ගිණුම පුරා මම සැරි සැරුවෙමී. ඔහු මා වෙනුවෙන් දමා තිබූ සියලු පින්තූර වදන් සියල්ලම මකා දමා තිබුණි. ඒ වෙනුවට නිපුණි රත්නසේකර නම් අයෙකුගේ ගිණුමකට අමුණා ආදර වදින් රැසක් දමා තිබුණි. මම බලන බව දැනගෙන මට රිද්දනවා වත්ද වරෙක මම සිතුවෙමී. ඒත් මම බලන බව එයා දැන ගන්න විදියක් නෑ. මම එෆ් බී ඉන්නවද කියලාවත් එයා දන්නේ නෑ. නිපුණි කියන්නේ මට එදා කතා කරපු ගගනගේ සුදු නංගි වෙන්න ඇති. මම මගේ හිත රවට්ට ගන්න හැදුවට ඒ සම්බන්දේ හුගක් පරණයි වගේ. නිතරම මම සිතුවෙමි.

  පසු දින සෙනසුරාදා දිනයකි මම  ස්තොප්පුවේ පුටුවක වාඩි වී පාර දෙසම බලා වුන්නෙමී. අදවත් ගගන ගෙදර එයිද?  මට විමසන්නට කෙනෙක් නොවීය. සයුමිට වත් දුක නීමට මට ඉඩක් නැත . ඇය පවසන්නේද? ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ බං.. මොකක් හරි හුට පටයක් ඇති අර කෙල්ල එක්ක. නැත්තම් ඒකී බය නැතුව උබ එක්ක ඔහොම කතා කරයිද? මම නම් හිතන්නේ ගගනලාගේ නැන්දත් ඔය හුට පටේ දන්නවා. .. යනුවෙනී. සිදුවන සියල්ලම ගගන වෙනස් වූ බව ඔප්පු කළත් මට ගගන වෙනස් වූ බව තවමත් සිහිනයක් මෙනී. හැබැහින් සිදුවූවක් බව පිළිගත නොහැකිය.

    දෑස රිදෙන තුරුම පාර දෙස බලා සිටියෙමි ගගන එන බවක් නැත. අම්මාත් කිහිප වරක්ම ස්තෝප්පුවට විත් මා දෙස බලා ගියාය. ආයතනයේ වැඩක් කරණ බව පෙන්විමට පරිඝණක තිරයට නෙත් යොමා ගෙන් සිටි මම අම්මාව මග හැරියෙමී. මගේ සිතුම් පැතුමි හොදින් හදුන අම්මා මා මේ බලා සිටින්නේ ගගන එන තුරු බව හොදින්ම දනී. එනිසාම ඇයද  වරින් වර පාර දෙස විමසිල්ලෙන් නෙත් යැව්වාය.

‘‘දූ පොන් එක රිං වෙනවා නේද?.‘‘ ඇගේ වචනයෙන් තිගැස්සුණු මම දුරකථනය අතට ගත්තෙමී. ගගනගෙන් යැයි අම්මා සිතන්නට ඇත . මට කතා කරන්නට ඉඩ හරිමින් ඇය නිවස තුළට වැදුනාය.

‘‘ඇයි දිනිදු අයියේ.‘‘

‘‘සදනි ඔයා දැක්කද පොටෝ වගයක් .. ඔයා මට කිව්වේ නෑනේ ගගනට ග්ර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා.‘‘

‘‘ආ... ඔව්.. අයියේ මට කියන්න.. බැරි වුණානේ... කෙල්ලෙක් ඉන්නවා.‘‘ මම අමාරුවෙන් පැවසුවෙමී.

‘‘ලස්සන කෙල්ල හැබැයි.‘‘ එවර දිනිදුද ඇයව වර්ණනා කරන්න විය. ඔයාටත් බැරියෑ ලස්සන කෙල්ලක් අල්ල ගන්න .. කීමට සිත ආ ආවේගය බල කළත් මම නිහඩ වුණෙමී.

‘‘සදනී..‘‘

‘‘ආ.. ඔව්.. දිනිදු අයියේ කියන්න.‘‘

‘‘මොකද අවුලින් වගේ.‘‘ ඔහුට මගේ කට හඩේ වු ව්‍යාකූලත්වය තේරුම් ගොස් තිබුණේය.

‘‘එහෙම එකක් නෑ අයියේ.. අම්මා මට වැඩකට අඩ ගහනවා මම ටිකකින් ගන්නම්.‘‘ පැවසු මම ඔහුට තවත් කිසිවක් කියන්නට ඉඩ නොතබා ඇමතුම විසන්දී කෙරුවෙමී. ඉක්මණින් මුහුණු පොතට පිවිසුණු මට දිනිදු කිව් දෙය එපරිද්දෙන්ම දැක ගැනීමට හැකි විය.

   දෙවියනේ ගගන ඔයාට මට රිද්දන්නද ඕනේ.. මට ඇඩුම් ආවෙමී. ගිය සතියේ ගිය බව පැවසූ චාරීකාවේ පොටෝ විය යුතුය. මුහුදු වෙරළක ගත් චායාරූප රැසකී. ඒ සියලු චායා රූපවල ගගන අසලින් වුන්නේ සිහින් උස.. දිනිදු පැවසු අයුරින්ම ලස්සන ගැහැණු ළමෙකී. මම සියලු චායා රූප එකින් එක බැලුවෙමී. ඒ අතර ගගනගේත් ඇගේත් යුග චායා රූප කීපයක්ද විය. ඇය ඔහුට ළංවී සිටින අයුරු දකින විට මෙය තවත් නම් බොරුවක් නොවන බව මට පසක් විය.

    කාමරයට දුවගෙන ගිය මම දොර අගුළුදාගෙන වරුවක් පමණ ඇඩුවෙමී. ගගන ඔයාට මාව එපා වුණේ ඇයි.. මම ගොඩේ කෙල්ලෙක් නිසාද?ඔයාගේ සුදු නංගිට තරම් සල්ලී නැති නිසාද?. නෑ නෑ.. ඔයා වෙනස් වුණේ නෑ. ඔයා මාව රැවැට්ටුවා. ඒ කෙල්ල කියපු විදියට ඔයාලගේ සම්බන්දෙට දැන් අවුරුදු දෙකක් කිව්වනේ.  ආයි නම් මම ඔයාව දකින්නවත් කැමති නෑ ගගන. මම මේ ලොකේ වැඩියෙන්ම විශ්වාස කලේ ඔයාව. මේ ලොකේ වැඩියෙන්ම මාව රවට්ටලා තියෙන්නේත් ඔයා. මොනවද මේ වෙන්නේ. මට තේරුම් ගන්න බෑ. අම්මා කිහිපවරක්ම පැමිණ මා හට ඇමතුවත් මම දොර නොහැරියෙමී. සිත සනසා ගන්නට කිසිම මගක් නොවු නිසා මම දිනිදුට ඇමතුමක් ගත්තෙමී. නමුත් මම හැඩු බවත් තවමත් හඩන බවත් ඔහුගෙන් වසන් කරන්නට මට නොහැකි විය.

     මම එයාගේ ආදරය පිළි ගන්නේ නැති හේතුව එයා තේරුම් ගනී..මගේ හිතේ තියෙන වේදනාව එයා තේරුම් ගනී. යැයි විශ්වාසය මත මම සියලුම දේ දිනිදු හට පැවසුවෙමී.

‘‘මම කලින්ම හිතුවා සදනී.. ඔයාගෙයි ගගනයි අතර එෆයාර් එකක් ඇති කියලා. ඒත් ඔයා නෑම කිව්වනේ.‘‘

‘‘නෑ අපි දෙන්නා ආදරේ ගැන කතා කරලා තිබුණේ නෑ දිනිදු අයියේ. ඒත් අපි දෙන්නගෙම හිත් වල තිබුණා.‘‘ මම කදුළු අතරින් පැවසුවෙමී.

‘‘ඇයි ළමයෝ එහෙනම් ඒ බව ගගනයට කිව්වේ නැත්තේ.‘‘   දිනිදු කතා කලේ ඔහු මගෙන් ආදරය බලාපොරොත්තු වන අයෙකු ලෙසින් නොවේය. මා වෙනුවෙන් ඇති වු සැබෑ වේදනාවකිනී. ඇත්තටම මේ දිනිදු අයියා   නම් පුදුම කෙනෙක්. තමන් ආදරේ කරන කෙල්ල වෙන කොල්ලෙක් නැති වුණා කියලා අඩද්දී හිත හදනවා. මනුස්සයෙක්  නම් නෙමෙයිද කොහෙද?. වේදනවා අතර වුව මට දිනිදු ගැන එලෙස සිතුණි.

‘‘ඔයා ඔය කියන විදියට නම්. ගගන ඔය ගෑනු ළමයා එක්ක යාළු වෙන්න ඇත්තේ මේ ළගදී. මම ගගනයා එක්ක මේක කතා කරන්නද?.‘‘

‘‘අනේ එපා දිනිදු අයියේ... මට තවත් එයා එපා... ප්ලීස් මට හිත හදා ගන්න උදව් කරන්න.‘‘මම ඔහුගෙන් අයැද සිටියෙමී.

‘‘හරි ළමයෝ මම ඉන්නවා ඔයා එක්ක. ඕනෙම දේකට. ඔයා දුකෙන් ඉන්නවට මම පොඩ්ඩක් වත් ආස නෑ.. ඔයා කියනවා නම් .. මම කොහොම හරි ගගනයා එක්ක මේක කතා කරලා විසදන්නම්.‘‘  මම දැන් අඩන්නේ ගගන නිසාද දිනිදු නිසාද? මගේ කදුළු කා වෙනුවෙන් දැයි මටම නොහැගේ. මම සිතුවටත් වඩා දිනිදු හොද අයෙකී.  මම මේ කරන්නේ ගගන ගැන කිය කිය දිනිදුට රිද්දන එක නේද? මට දිනිදු ගැනද විශාල අනුකම්පාවක් ඇති විය.

‘‘නෑ... නෑ .. දිනිදු අයියේ. මට ගගනව එපා.. මට එයාව අමතක කරන්න උදව් කරන්න.‘‘

   එම සිදුවීමෙන් දවස් කීපයකට පසු මම මුහුණු පොතට පිවිසියේ යළි අර චායාරූප පෙළ බලන්නට අවශ්‍ය වූ නිසාවෙනී. නමුත් එය මුහුණ පොතින් ඉවත් කර තිබුණී. එහි අරුත කුමක් දැයි මට වැටහෙන්නේ නැත.නමුත් ගගන මා මිතුරෙක් කරගෙන තිබුණි.

   ගගන නැන්දලාගේ නිවසට ගොස් මාසයක්ම ගත වී ඇත. ඒ කාලය තුළ එක වතාවක් වත් ඔහු ගෙදර පැමිණීයේ නැත. අම්මා කිපවරක්ම මගෙන් ගගන ගැන විමසුවත් මම පැවසුවේ ගගන නිතර මා සමග කතා කරන බවයි. අම්මා කිව් පරිද්දෙන් ගගනගේ අම්මයි තාත්තයි කීපවරක්ම ගගන බැලීමට නැන්දලාගේ ගෙදර ගොස් තිබුණී.

    ඒ බව ආරංචී වුණාම මගේ හිත කිව්වෙම ගගනලාගේ අම්මලත් ගගනගෙයි සුදු නංගීගෙයි සම්බන්දය දන්නා බවයි. ගගන මා සමග කතා බහ නොකලාට මගේ මුහුණු පොත ගිණුමට අමුණා චායා රූප මුහුණු පොතට එක් කරයි. ඉන් ඔහු බලාපොරොත්තු වනවා ඇත්තේ ඔහු මම නැතත් හුගක් සතුටින් සිටින බව ඇගවීමට විය යුතුය. මට ගගන අමතක නොවන නිසාම මම කීපවරක්ම ඔහුට ඇමතුම් ගත්තෙමී. ඒ එකකට වත් ඔහු මට පිළිතුරු නොදුන්නේය. නැති නම් මම ගත් ඇමතුම් වලට පිළතුරු දුන්නේ ගගන සුදු නංගී ලෙස හදුන්වක ඔහුගේ පෙම්වතියයි. ඉතා ආඩම්බරයෙන් ඇද පැද කතා කළ ඇය මගේ සිත හොදටම පාරවයි. ඒ නිසාම මම ගගනට ඇමතුම් ගැනීම නවතා දැමීමට සිතුවෙමි.

    දිනිදු ජිවිතය අළුතින් පටන් ගෙන තිබුණි. පවුලේ සියල්ලනගේම සිත් සතුටු කරමින් දිනිදු ඔහුගේම කියා පරිඝනක හා අමතරකොටස් විකුණන ආයතනයක් පටන් ගන්නා බව ඔහු මට පැවසුවේය. ඔහුගේ ජිවිතය යහපත් වීම ගැන මම ලැබුවේ ඉමහත් සතුටටකී. මම ඔහුට හදවතින්ම සුභ පැතුවෙමී.ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ එම ආයතනය මගේ අතින් විවෘත වනවා දැකීමයි. ඒ වෙනුවෙන් පොඩි උත්සවයක් සූදානම් කරන බවද ඔහු මා හට පැවසුවේය. නමුත් මගේ මතය වුයේ එතරම් වැදගත් වැඩකට මම සුදුසු නැති බවයි. මම එයට දිගින් දිගටම අකමැති වෙද්දී  අනුහස් සර් දිනක් මා සමග ඒ ගැන කතා කරන්න විය.

‘‘සදනී. මට උදව්වක් කරන්න පුළුවන්ද?.‘‘ කාර්යාලීය වැඩකට අත්සන් වගයක් ගන්න පැමිණ මම ආපසු යන්න සැරසෙත්ම අනුහස් සර් විමසුවේය.

‘‘මොකද්ද සර්... අර ඕපනිං එකද?.‘‘

‘‘ඔව් ඒකට ඔයා තමා සුදුසුම. මොකද අපේ එකා මනුස්සයෙක් වුණේ ඔයා  හින්දා.‘‘

‘‘ඒත් සර් විශේෂ වැදගත් කෙනෙක් ගෙන්නුවා නම් නේද හොද?‘‘ මම ඔහුගේ කීමට එකග නොවුවෙමී.

‘‘එයාගේ ජීවිතේ වැදගත් කෙනා තමා ඔයා.‘‘ එවර මම නිහඩ වුණෙමී. ගගනගේ වෙනස් වීමත් සමග කාටවත් ළං වන්නට මම බිය වුණෙමී. දිනිදු මගෙන් ආදරය ගැන විමසන්නේද නැත. ඔහු තවමත් ඉවසීමෙන් බලා ඉන්නවා විය හැකිය. එනිසාම තවමත් අපි අතර ඇත්තේ හොද යාළුකමක් පමණකි. නමුත් ගගන ගැන කිසිත් නොදන්න අනුහස් සර් හිතන්නේ මමත් දිනිදුත් අතර සම්බන්ධයක් ඇති බවයි. ඒ බව අනුහස් සර්ගේ වදන් වලින් මට හොදින් ඒතුගැන්වී තිබුණත් මම නිහඩ වුයේ දිනිදුගෙන් මට කිසිදු බලපෑමක් නොමැති නිසායි.

‘‘හරි සර් ඔච්චරම කියනවා නම් මම එන්නම්කෝ.‘‘

‘‘ඒක හොදයි. ඒත් ඒක නෙමෙයි උදව්ව.‘‘

‘‘මොකද්ද සර්..‘‘ කුමක් නමුත් බැරෑරුම් දෙයක් ලෙස වැටහුණ නිසා මම ආපසු අසුණට බර වුණෙමි.

‘‘අපේ පොඩී.... බිස්නස් එක පටන් ගන්න යන්නේ .. ඔයා දන්නවද දන්නෑ තරූෂ කියලා හාදයෙක් එක්ක.‘‘

නැවත හමුවෙමු.


<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2017 07:24 PM
  •  Quote
  •  Reply
දැන් නම් කියවන්න පුලුවන් ඉතුරු කතා ටික හිමිහිට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Jan 2017 08:33 PM
  •  Quote
  •  Reply
මොකද අනේ එහෙම කිව්වේ
දිනයක වැටහේවී...........
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
31 Jan 2017 08:38 PM
  •  Quote
  •  Reply
සඳුනි එක දිගට කොටස් කිහිපයක්ම පල කරල තියෙන නිසා එක හුස්මට කියවන්න පුළුවන්. ඔයාට දිගටම රසබර නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:54 PM
  •  Quote
  •  Reply

ගොඩක් ස්තුතියි මාධව අයියේ..

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 5 of 11 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below