You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2017 12:16 AM by  සඳුනි
හිරුයි තරුයි
 200 Replies
Sort:
Page 6 of 11 << < 45678 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:55 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:57 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිතුන්වන කොටස.

‘‘තරූෂ.. ආ.. ඔව් මම එයාව දන්නවා.‘‘ එදා පාර්ටියෙදී දිනිදුගේ ළගින් සිටි යහළුවා බව මම දැන වුන්නෙමී.

‘‘ඔයත් දන්නවද ඒකව .‘‘ අනුහස් සර් පුදුමයෙන් විමසුවේය.

‘‘ඔව් .. එදා පාර්ටී එකට ආවා..‘‘ මම සිනහා වෙමින් පැවසුවෙමි. නමුත් අනුහස් සර්ගේ මුහුණේ නම් තිබුනේ අකමැත්තකී. මොකද සර් තරූෂට අකමැති වගේ.

‘‘මට නම් පේන්න බෑ ඒ හාදයව.. ඒ කොල්ලා තමා අපේ පොඩීවත් නරක් කරන්නේ.‘‘

‘‘ඉතිං සර් කියන්න එපෑ දිනිදු අයියට එයාව හවුල් කර ගන්න එපා කියලා..‘‘ මම පුදුයෙන් විමසුවෙමී.

‘‘මම කිව්වා අහන්නේ නෑ.. ඔයාවත් කියලා බලන්න සදනී.. ඔය කොල්ල ළං කර ගත්තොත් අපේ පොඩීට කවදාවත් දිවුණුවක් නෑ.‘‘ ඔහුගේ මුහුණින් කනස්සලු බවක් දිස් වුයේය. තරූෂ කියන්නේ නරක කෙනෙක්ද? පෙනුමෙන් නම් එහෙම නෑ. කෝකටත් දිනිදු සමග මේ පිළිබද කතා කිරීමට මම තීරණය කලෙමි.

එදින විවේකයේදී මම දිනිදුට දුරකථනයෙන් ඇමතුවෙමී. ඔහු පැවසුවේ ඔහුගේ උදව්වට කෙනෙකු අවශ්‍ය බවයි. තරූෂ ආශ්‍රය කරත් පරන පුරුදු නැවත පටන් නොගන්නා බව ඔහු මට පොරොන්දු වූවේය. දිනිදුගේ පොරොන්දුව ගැන මම අනුහස් සර් සමග පැවසුවත් ඔහුගේ විරුද්ධත්වයේ වෙනසක් නොවීය. ඊටත් වඩා දිනිදුට බලපෑම් කිරීමට මට නොහැකි නිසා මම නිහඩ වුනෙමී.

    හදන්ට පටන් ගෙන තිබූ ගොඩනැගිල්ල සදා නිම වෙන්නට ආසන්න වී පැවතුණි. අනුහස් සර් සමග මම කීප දවසක්ම හවස  රැකියාවෙන් පසු එම ස්ථානයට ගියෙමී. ඒ සෑම අවස්ථාවකම තරූෂද දිනිදු සමග විය. සුහදව  සදනී නංගී ලෙස මා ඇමතු ඔහු ඉක්මණින්ම මා සමග කුළුපග වුවේය. අනුහස් සර්ද ඔහු සමග වෙනදාට වඩා හොදින් කතා කරන නිසා ඔහු දිනිදුව ආශ්‍රය කිරීම ගැන මම එතරම් තැකීමක් නොකෙරුවෙමී.

      ඒ සෑම දිනකම අනුහස් සර් මා නිවසට ඇරලුවේය. එලෙස නිවස ගොඩවැදුණු දින වල කෙසේ හෝ තේ ටිකක් දී සංග්‍රහ කරන්නට අම්මා සමත් වුවාය. එනිසාම එන්න එන්නම අපගේත් අනුහස් සර්ගේත් අතර තිබූ සුහදභාවය වැඩි විය.

  ගගන වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනිමට ගොස් මාස තුනක් සපිරී තිබුණි. ඒ කාලය තුළ ඔහු දකින්නට ලැබුණේ මුහුණු පොත තුළින් පමණි. දවසින් දවස ඔහු මිතුරු මිතුරියන් සමග ගත් චායා රූප මුහුණු පොතට එක් කරන්න විය. ඒ අතරට ඔහුගේත් සුදු නංගිගේත් චායා රූප රැසක්ම එක්ව තිබුණි.  තව දුරටත් ගගන ගැන සිතීම මට වදයක් වී තිබුණි. මම ඔහුව මගේ ජීවිතයෙන් ඈත් කරන්නද උත්සහ ගත්තද තව දුරටත් මට එය කළ නොහැකි විය. ගගන නම් මා ඔහුගේ ජීවිතයෙන් ඈතටම විසි කර දමා තිබුණි. සදා කියා අයෙක් ඔහුගේ ජීවිතයේ සිටි තරමටවත් ඔහුට මතක නැති තරම් යැයි මම සිතුවෙමි.

     තවත් සෙනසුරාදා දිනකී. මම තවත් මග බලන්නේ නෑ යැයි සිත නැගෙන සිතුවිලි තදින්ම යටපත් කර ගත්තෙමි. නමුත් මගේ හිත මටත් හොරෙන් ගගන එනවා දැයි උදේ සිටම මග බලන්නට විය.. ගගනත් මාත් අතර තිබු යාළුකමද  දැන් නැති බව අම්මාද දැන වුන්නාය. ගගනට පෙම්වතියක සිටින බවද මම අපහසුවෙන් අම්මාට පැවසුවේය. ඇයට නම් එහි දුකක් නැත. මා ගගනට දෙන්නට ඇයගේ සිතේ කොණකවත් තිබෙන්නට නැතුව ඇතැයි මම සිතුවමී. සුදු නංගී ගැන දැන ගත් පසු අම්මා පැවසුවේ.‘‘ ඒක තමයි එහෙනම් ගෙදර එන්නත් අමතක වෙලා තියෙන්නේ. ගගන ළමයා ගෑනු ළමයි ආශ්‍රය කරනවට යාළු ගෑනු ළමයා අකමැති ඇති දූ... ඒකයි ඔයා එක්ක වැඩි කතාවක් නැතුව ඇත්තේ.. ‘‘මම‘‘ හ්ම්ම්ම්‘‘ .. කීවා පමණක්මී.

     රන් පැහැ හිරු රැස් තුළ අවට පරිසරය ගිල්වමින් හිරු අවරට යාමට සුදානානම් වෙයි. තවත් බලා සිටීමෙන් පල නොවන බව සිතූ මම බුදු පහන තියන්නට මල් කඩන්නට සූදානම් වුනෙමි. සුදු පැහැ විදුරු පීරිසිය අතට ගත් මම මිදුළු කොනක වු කැලෑ ඉද්ද ගහේ පිපී තිබු සුදු මල් නෙලා පීරිසියේ අහුරන්න වුණෙමි.  ඉද්දමල් වලට මම වඩා ප්‍රිය කෙරුවෙමී. ඉන් හමන සුගන්දයට මම බොහෝ ප්‍රිය කෙරුවෙමී.  අම්මාගේ රොස පාත්තියෙන් තද රෝප පැහැ රෝස මල් දෙකක්ද නෙලා මල් පීරිසියේ ඉහළින්ම රැදවූ මම කෝටන් ගස් වැට අසල සදා තිබූ  ජල කරාමගෙන් දිය බිදු කිහිපයක් ගෙන මල් දෝවනය කලෙමී.

    කරාමයෙන් මෑත් වෙනවා සමගම නැගුන වාහාන හඩ නිසා මම ඉබේටම පාර දෙස බැලුවෙමී. එවිට අප නිවස දෙසට ඇදී ආවේ අනුහස් සර්ගේ කාර් රථයයි. මේ වෙලාවේ ඇයි. මට පුදුම සිතුණි.

 කාර් එක මිදුළේ නවතිනවාත් සමගම මම අනුහස් සර් අසලට ගියෙමී.

‘‘සර් හදිස්සියක්ද?‘‘ මම විමසුවෙමී ඔහු සිනාසුණා පමණකී. අනෙක් පසින් දිනිදුද කාර් එකෙන් බැස්සේය.  කාර් එකේ ඉදිරි පසින් මා සිටින පැත්තට දුවගෙන ආ ඔහු කාර් එකේ පිටු පස දොර විවෘත කලේය. ඉන් පිටතට පැමනීයේ අනුහස් සර්ගේ අම්මාය.

‘‘ආන්ටී .. ‘‘ මම ඇය අසලට ගියෙමී. මම අනුහස් සර්ගේ නිවසට ගොස් ඇති බව අම්මා සමග පවසා නැත. දැන් මොනවා වෙයිද? මම එහේ ආපු බව කියයි. ඔහුන්ගේ පැමිණිමෙන් සිතට නැගුණ සතුට ඉන් මැකී යන්න විය.

‘‘දුව බුදුන් වදින්න වගේ.‘‘ ඇය මගේ වැලමිට ලගින් අල්ලාගෙන ආදරයෙන් පැවසුවේය. ඇය හමු වූ මුල් දිනයේ සිටම මට බෙහෙවින් ආදරය කරුණාව පෑවාය. දිගු කලක සිටි මා අදුරන අයෙකු ලෙස මට සැලකුවාය. මම ඇගේ ලෙංගතුකමට ආදරේ කලෙමී.

‘‘අනේ ඔව් ආන්ටී.. යමු ගෙට ..‘‘ මම ඇයව අතකින් අල්ලාගෙන නිවස දෙසට පිය නැගුවෙමී. ඒවන විට අම්මාද ස්තෝප්පුවට පැමිණ සිටියාය. සිනා මුසු මුහුණින් ඔවුන් පිළිගත් ඇය‘‘ මේ මහත්තගේ අම්මා වෙන්නැති‘‘ පවසා ඇයට නිවසට ඇතුල් වෙන්නට අතින් ඉගි කලාය.

‘‘අනේ නංගියේ ටිකක් මෙහෙන් ඉමු.. අපේ අර තාප්ප හතරෙන් වට වුන  ගේ අස්සෙම ඉදලා මට ඇති වෙලා ‘‘ එලෙස පැවසූ ඇය අවට පරිසරය දෙස නෙත් යොමා බැලුවේ ආසාවෙනී. ගම්බද බව තවමත් සුරැකී තිබුණු අපේ ගමට, පැමිනෙන්නන් බොහෙවින් කැමති විය. ස්තෝප්පුවේ වූ පුටුවකට බර වුණ ඇයි නිවසේ වහලය වට පිටාව සියලු දේ හොදින් නිරික්ෂණය කරන්න විය.

    අම්මාට ඔවුන් සමග කතා කරන්නට ඉඩ හැරී මම මල් පීරීසියද අතේ ඇතිව දොර උළුඅස්සට වාරූ වී සිටියෙමී.දිනිදු වරින් වර මා දෙස බලනවා මම නොදැක්කා නොවේ. මම නොදැක්කා මෙන් සිටියෙමී.

‘‘ අනුහස් සර්.. කෝ අක්කා.‘‘ දිනිදු මට අතින් යමක් කියන්නට උත්සහ ගනිද්දී මම විමසුවේ.. දිනිදුගේ විකාර වැඩ අම්මා දැක්කොත් තව ගැටළුවක් ඇති වේවි කියා සිතූ නිසාවෙනි.

‘‘අක්කත් එන්න ආසාවේ හිටියේ සදනී. එයා ටික දවසකට අම්මලාගේ ගෙදර නවතින්න ගිහින්.‘‘

‘‘සර් ගියේ නැද්ද?‘‘ ඒ අතරත් දිනිදු පිටුපසට වී මට යමක් ඉගි කරයි. මට තේරුම් ගැනිමට අපහසු විය.

‘‘මම ගිහින් ඇරලලා ආවේ.. ඒත් ඉතින් මට වැඩනේ .. මට කොහෙන්ද ගෙවල්වලට වෙලා ඉන්න විවේකයක්. හෙට අනිද්දා ගිහින් එක්කන් එනවා.‘‘ අනුහස් සර් සිනාසෙමින් පවසද්දී මටද සිනහා නැගුණි. ඒ ඔහු කිව් දෙය නිසා නොවේ දිනිදු මට නිවසින් පිටතට එන ලෙස පවසන බව වැටහුණ නිසයි. ‘‘පිස්සු ද?  ‘‘ මම සද්ද නොනැගෙන්නට කීවෙමී. ‘‘ එන්නකෝ.‘‘ අනෙක් පසින් දිනිදු පවසයි. ‘‘මට බෑ.‘‘ මම නෙතින් අම්මා පෙන්නුවෙමි.

‘‘මොකද්ද සදනී.‘‘ අපේ රහස් කතාව අනුහස් සර්ගේද නෙත ගැටී තිබුණි. ඔහුගේ මුහුණේ තිබු සිනහව නිසා මගේ ලැජ්ජාව වැඩි වන්න විය.

‘‘අම්මේ මම පහන තියලා එන්නමී.‘‘ බිමට නැඹුරු කර ගත් නෙත ඉවතට නොගෙනම මම නිවස තුළට පිවිසියෙමී.

‘‘දූ වතුර ටිකක් ලිපේ තියන්න.‘‘ මම නිවස තුළට ගමන් කළ පසු අම්මා පැවසුවාය.

‘‘හරි අම්මේ. ‘‘ මල් පිරිසිය බුදු පහන අසලින් තැබු මම මුළුතැන් ගෙට ගොස් ලිප ඇවිලුවා වතුර කේතලයක් ලිප තැබුවෙමී. දිනිදු ඇයි දන්නේ නෑ මට එන්න කිව්වේ. මොකක් හරි කියන්න ඇති  . අනුහස් සර්ලා එක පාරටම මෙහෙ ආවේ ඇයි දන්නේ නෑ. අපරාදේ මම එතන ඉන්නේ නැතුව මෙහෙට ආවේ. මොනවා කියයිද දන්නේ නෑ මම සිතුවෙමි.  කේතය උණු වෙන්නට තබා මම සිත සන්සුන් කරගෙන බුදු පහන තබන්නට උත්සහ ගත්තෙමී. නමුත් මගේ සිත සන්සුන් නොවීය. අනුහස් සර්ගේ අම්මා මොනවා කියනවද දන්නේ නෑ. එයාලා ආවේ ඇයි දන්නෑ යනුවෙන්  සිත කියවන්නට විය. එවර කැබිනට් එක මත තබා තිබු දුරකථනයද නාද විය. එය කොටි පණිවිඩයක් බව මම හඩින් වටහා ගත්තේමි. කවුද දන්නේ නෑ එව්වේ. මට එය බලනතුරු ඉවසිමක් නොවිය. ඉකමණින් පන්සිල් ගෙන අවසන් කළ මම දුරකථනය අතට ගත්තෙමී. කෙටි පණිවිටය දිනිදුගෙනී. මේ මැට්ට නම් පිස්සු මම  කෙටි පණිවිඩය බැලුවෙමි.

‘‘මැට්ටී මම තරහයි. බඩ්ඩක් කියන්න අඩ ගැහුවේ ..ආවේ නෑනේ. මම යනවා .‘‘ අයියෝ මේ මැට්ටා ඇත්තටම යන්න ගිහින්වත්ද? මම ඉක්මන් ගමනින් ස්තෝප්පුවට පැමිණියෙමී. සැබවින්ම දිනිදු ස්තොප්පුවේ නැත. මට අනුහස් සර් ගෙන්ද ඔහු කෝ යැයි විමසිය නොහැකිය. මම වට පිට බැලුවෙමි. ඔහු පෙනෙන්නට නැත. මාර පිස්සෙක් තමා මොකේද ගියේ. පයින්ද දන්නෑ ගියේ.

‘‘දූ වතුර උණු වෙලාද?.‘‘

‘‘ආ... ඔව් .. අම්මේ උණු වෙලා ඇති. ‘‘ අම්මාගේ හඩින් තිගැස්සුණු මම අමාරුවෙන් වචන ගලපා ගත්තෙමී.

‘‘එහෙනම් අක්කේ මම තේ ටිකක් හදන් එන්නම් .‘‘ අම්මා ගෙට යන්න සුදානම් වෙමින් පැවසුවාය.

‘‘යමු නංගියේ මමත් එන්නම්. මට තව හුගක් දේවල් තියේ නංගී එක්ක කතා  කරන්න.‘‘ අනුහස් සර්ගේ අම්මාද අම්මා සමග නිවසට ඇතුල් විය.අම්මලා මද දුරක් ගිය පසු මමත් මුළුතැන්ගෙට යන්න සැරසුනෙමී.

‘‘සදනී...‘‘ ඒ දිනිදුගේ හඩය මම එදෙස බැලුවෙමී. මද අදුරන් වැසී ගිය මුදුලේ කෝර්ටන් ගස් වැට අසල සිට ඔහු බලා සිටි. මැට්ටා ගිහින් නෑ. මට ඉබේටම සිනහා නැගුනී. දෙයිනේ අනුහස් සර්රුත් මෙතන ඉන්නවා නේද? ඉබේටම මම ඔහු දෙස බැලුවෙමී. මා දෙස සිනහා වෙමින් බලා සිටි ඔහු මා දුටු විගස අහක බලා ගත්තේය.

‘‘එන්නකෝ සදනී.‘‘ දිනිදුගේ කෑ ගැහිල්ල අම්මාටත් ඇසෙයි කියා දැනුන බිය නිසාම මම ඔහු අසලට ගියෙමී.

‘‘මොකද මැට්ටියේ එක පාරක් එන්න කිව්වම එන්න බැරි.‘‘ ඔහු මගේ කණක් අල්ලා ගන්නට උත්සහ ගනිමින් පැවසුවේය. මම ඔහුගෙන් මිදී ඉවතට පැන්නෙමී.

‘‘ඔයා මෙතන විකාර කරනවා. අනුහස් සර්රුත් දැක්කා අම්මා එහෙම දැක්කා නම්.‘‘

‘‘අම්මා දැක්කා නම් හොදයිනේ.‘‘

‘‘මොකද්ද හොදේ.‘‘ මම අත් දෙක උකුලේ ගසාගෙන මවා ගත් කේන්තියකින් විමසුවෙමී

‘‘හොදේද..‘‘

‘‘හ්ම්ම්ම්.‘‘

‘‘අනේ මගේ...‘‘

‘‘කවුද මගේ.‘‘ මට කියන්නට යන දේ ඉවෙන් මෙන් දැනුන නිසා සිනහවක් නැගුනී. ඔහුගේ විහිළුවට බර වචන වලට මම ආස කළෙමි.

‘‘අනේ මගේ බෑනෝ... රහසින් කතා කරන්න ඒනේ නෑ... දුවත් එක්ක එලියට ගිහින් කතා කරන්න කියයි.‘‘

‘‘අප්පේ ඔව් මෙන් කියලා කියයි.‘‘ මම හයියෙන් සිනා සුනෙමි.

‘‘ඇයි මම මේ අද මගේ නැන්දම්මගෙන් දුව දෙනවද අහන්න ආවේ.‘‘

‘‘නැන්දම්මගෙන් අහලා හරියනවද?‘‘ මම ඔහු පවසන සියල්ලම විහිළුවට ගෙන සිටියෙමී. ඔහුගේ මුහුණේ රැදී තිබු සිනහවද ඒවා ඇත්තට පවසන දේවල් නොවේ යැයි සිතීමට මට හේතු විය.

‘‘දුවගෙන් ඇහුවා.. හ්හ්හ්ම්ම්ම් කිසිම පිළිතුරක් නෑ.‘‘

‘‘එහෙම තමා හැදුණ දුවලා වුණාම.‘‘   මම කෝර්ටන් ගස් වලින් මායිම් වු වැට අසලට ගොස් වත්ත පහල දෙස නෙත් යොමා ගත්තෙමි. අහසේ රත් පැහැයට හුරු වළාකැරළි හැරෙන්නට හිරු පෙනෙන්නටවත් නොවී. හිරු ඈතින් පෙනන කදු වැටියට මුවා වි තිබුණි.

‘‘සදනී ඔයා එනවා නේද?.‘‘ දිනිදුගේ හඩ පිටු පසින් ඇසෙද්දී මම පිටුපස නොබැලුවේ ඔහු මගේ ආසන්නයටම පැමින ඇති බව දැනුන නිසාවෙනි. මට වඩා තරමක් උස ඔහුගේ සුසුම් මගේ ගෙලෙහී  වදිනු මට දැනූනි. ඔහු එක වරම මට එතරම් ළං වන  විට, මට බියක්ද දැනුනි.

‘‘කොහෙද දිනුදු අයියේ.‘‘ මට ඔහු වෙතින් ඉවත් වීමට අවශ්‍ය වුවත් ඊට ඉඩක් නොවීය.

‘‘ ඕපනින් එකට.‘‘.. ‘‘ එනවා ‘‘ මම ඔහු දෙසට හැරෙන්න උත්සහ ගනිද්දී මගේ උරහිස ඔහුගේ පපුවේ වැදුණි.

‘‘අම්මෝ... ගැහුවා . පපුවටම ගැහුවා.  ඔහු බොරුවට දෙකට නැමී පපුව අල්ලාගෙන කෑ ගසන්න විය.‘‘

‘‘අනේ මැට්ටෝ කෑ ගහන්න එපා.‘‘

‘‘ගහනකන් ඉවසන්නද කියන්නේ.‘‘ ඔහු දිග හැරී පපුව මත රැදුන අත ඉවතට නොගෙනම පැවසුවේය.

‘‘මොකද වෙලා තියෙන්නේ කියලා බලමුද?.‘‘ මම ඔහු දෙස බලා සිනා සුනෙමින් විමසුවෙමී.

‘‘මගේ හදවතටද?‘‘

‘‘ඔව්.‘‘

‘‘ආ බලන්න මම අහක බලා ගන්නම්.‘‘ ඔහු අත් දෙක ඉවතට ගෙන මුහුණ පැත්තකට හරවාගෙන දෙනතද පියා ගත්තේය.

‘‘පිස්සු කෝලමක්.‘‘ මම ඔහුගේ පපුවට දෙඅතින්ම සෙමින් පහර දී දිව යන්නට සැරසුනෙමී.

‘‘ආ දිනු.. කොහොමද සහෝ.‘‘ ඒ හඩ සමගම මගේ අතක් ඉබේටම දිනිදුගේ පපුව මත නතර විය. ඒ මට සුපුරුදු හඩයි. මගේ ආත්මයටම කා වැදුනු හඩයි. ඒ ගගන විය. මෙය සිහිනයක් දැයි මම දෑස් විදහා බැලුවෙමි.

‘‘එලම තමා ගගනයා .... එන ගමන්ද?.‘‘

‘‘ඔව් බං.. මාස ගානකට පස්සේ ගෙදර ආවේ.‘‘ ගගන වැටෙන් එහා පැත්තේ පාරේ සිට බෑග් මළු කිපයක්ම උස්සාගෙන කතා කරන්න වුවේය. මම ඉක්මනින් දිනිදුගෙන් ඈත් වුනෙමී. මදක් එහාට වී මම ගල් ගැසී බලා වුන්නෙමි.

‘‘සදා කොහොමද ඉතින්.‘‘ ඔහු ගානක් වත් නැතිව මා සමග සිනා සි විමසුවේය. මට අවශ්‍ය වුයේ දුවගෙන ගොස් ගගනට  තුරුළු වී අඩන්නයි. ඇයි ගගන ඔයා මාව බලන්න ආවේ නැත්තේ.. අනේ ගගන ඇයි ඔයා මගෙන් ඇත් වුනේ අහන්නයි. දැන් මට එසේ විමසන්න නොහැකිය. දිනිදුත් මාත් අතර වැරදී දෙයක් නොවුවත් දිනිදු වුන්නේ මට හුගක් ළං වීය. එය දකින අය සිතන්නේ වෙනස් අයුරකිනී. ඇයි මම දිනිදු අයියාට මේ තරම් මට ළං වෙන්න දුන්නේ .මට මා සමගම ආවේ තරහකී. අනේ අපි අතර මොකුත් සම්බන්ධයක් නෑ ගගන. ඇත්තමයි. අනේ මම තාම වෙනස් වෙලා නෑ. අනේ මාව තනි කරන්න එපා ගගන. මට ඔයාව ඕනේ.. කියා ඔහුගේ උරහිසේ හිස හොවාගෙන හඩන්නට මට අවශ්‍ය විය.

    එවර ගගනගේ දුරකථනය නද දෙන්න විය.

‘‘අනේ සොරි බං හෙන මහන්සී.. මම යන්නම් හෙට හවස් වෙලා මේ පැත්තේ වරෙන්කෝ මමත් එන්නම්.‘‘ ඔහු ඇමතුමට පිළිතුරු දීමට දුරකථනය කණේ තබා ගනිමින් පැවසුවේය. කිසිවක් පැවසිම ශක්තියක් නොවු මම නිහඩව බලා වුන්නෙමී.

‘‘හෙලෝව් පන.. දැන් තමයි බස් එකෙන් බැස්සේ වස්තු. තව චුට්ට දුරයි ගෙදරට.‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2017 07:00 PM
  •  Quote
  •  Reply
සදුනි ඉතාම ඉක්මනින්ම කොටස් එලි දක්වනවා වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 07:13 PM
  •  Quote
  •  Reply
ඉල්ලුමට සැපයුම දී ගන්න බැරුව ඉන්නේ....
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2017 07:19 PM
  •  Quote
  •  Reply
අය්යො එහෙම කියන්න එපා ඉල්ලුම තියෙන්නෙ හොද නිසයි ....සැපයුම වැඩි කරන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 03:46 AM
  •  Quote
  •  Reply
කථාවේ රස හරිය මග ඇරිලනේ. ඉතින් එක හුස්මට කියෙව්ව වෙලා ගියා දැනුනෙවත් නැහැ
හරිම ලස්සනයි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 04:06 AM
  •  Quote
  •  Reply
යන්තම් අඩුව ඇවිත්... ස්තූතියි ශා අයියේ.
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 04:37 AM
  •  Quote
  •  Reply
ඇ කවුද මොකක්ද මේ අඩුව
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 08:24 AM
  •  Quote
  •  Reply
මගේ රසිකයෙක් අඩු වෙලාලු හිටියේ... හී
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 05:37 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 05:40 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිහතරවන කොටස.

 ‘‘ඔව් ඔව්... වස්තු මගේ යාළුවෙක් හම්බුණා එයා එක්ක කතා කළා පොඩ්ඩක්.‘‘

‘‘හරි වස්තු පරිස්සමින් ඉන්න. ගෙදර ගිය ගමන් ගන්නම්.‘‘

‘‘හා.. ‘‘

‘‘ලව් යු ටු.‘‘

‘‘උම්ම්මා මගේ සුයිට් ඒන්ජල්‘‘

‘‘හරි වස්තු අනිද්ද මම  එනවා.‘‘ දෙබස් සේරම මම අසා වුන්නෙමි. මගේ නෙත් දෙකින් කදුළු පණින්නට ඔන්න මෙන්න විය. නමුත් මගේ කදුළු ගගන දකිනවාට මම අකමැති විය. මට ආදරෙයි කිව්ව ඔයාට මං ඉස්සරහම තව කෙනෙක්ට ආදරෙයි කියන්න පුළුවන්ද ගගන. මම අපසු හැරි දුවන්න සැරසෙද්දි දිනිදු එක වරම මගේ අතින් අල්ලා ගත්තේය.

‘‘එහෙනම් සහෝ මම යනවා.‘‘ මා දෙසවත් නොබැලු ගගන පිටව ගියේය. තවත් කදුළු සගවා ගන්නට මට නොහැකි විය. දිනිදු මා ඇද ඔහුගේ ඉදිරියට ගත්තේය.

‘‘මොකද මැට්ටියේ අඩන්නේ.. ඔයාට ආදරේ නැති අය වෙනුවෙන් අඩන්න එපා.‘‘ ඔහු පැවසුවේ මගේ දෙවුරෙන් අල්ලා ගෙනය.

‘‘ඒ...ත්  දිනිදු .. අයි...යේ..‘‘

‘‘මම දන්නවා ඔයා ආදරේ බව එයාට.. ඒත් ඔයාගේ අසරණ බව එයාට පෙන්නන් එපා. එයාට ඕනේ ඔයා දුක් වෙනවා දකින්න. නැත්තම් ඔයා ඉස්සරහම ඒ විදියට කතා කරයිද?.‘‘

‘‘අ..නේ මම දන්..නේ නෑ දි..නිදු අ..යියේ.. මට ය..න්න දෙන්..න.‘‘

 මම ආයෙන් නිවස තුළට යාමට උත්සහ ගත්තෙමී. ගගන දැන් නොපෙනෙන දුරට ගොස් තිබුණී. ඔහු එක වරක් වත් ආපසු නොබැලීම මගේ දුක තවත් වැඩි වීමට හේතු විය.

‘‘එපා ඔහොම ඉන්න.. ඔයා දැන් අඩ අඩා කාමරේ ඉද්දී අපේ අම්මා ඔයා හෙව්වොත්.‘‘ ඔහු පවස දෙයිද ඇත්තක් ඇතැයි මට වැටහුනෙමී.

‘‘කෝ.. කදුළු ටික පිහදගෙන යමු අර පැත්තට. දැන් අම්මාලා අපිව හොයයි.‘‘ ඔහු පැවසුවේ මගේ කොපුළ දිගේ වෑස්සෙමින් තිබූ කදුළු බිදු ඇගිලි තුඩින් සිවුම්ව පිසදමින්ය. මම කදුළු නවත්වා ගන්නත් කලින් මගේ අතකින් අල්ල ගත්තු දිනිදු නිවස දෙසට පිය නැගුවේය. ඔහු අනුගමනය කරමින් මමද නිවස දෙසට ගියෙමී.

‘‘ඔන්න අම්මලා ඉන්නවා කදුළු පිහ ගන්න.‘‘ ස්තොප්පුවට කිට්ටු වෙනවාත් සමග මගේ අත අතහැරි ඔහු හොරැහින් මගේ දිහා බලා පැවසුවේය. වචනක් වත් කතා නොකරපු මම අමාරුවෙන් කදුළු ඉවසාගෙන සිටියෙමී.

‘‘සදනී දූ අපි ආවේ ඇයි දන්නවද?.‘‘ මගේ උරහිස මත අතක් තබා ගත් අනුහස් සර් අම්මා විමසන්න වූවාය. හේතුව දැන ගැනීමට අවශ්‍ය වුණත් මම කතා කරන්නට අකමැති වුණෙමී. මම යාන්තම හිනා වුනේ ඇයි ආන්ටී අහන්න වගේ.

‘‘පුතා එහෙනම් ..‘‘ එවර ඇය දිනුදුට මා පෙන් වන්න විය. මොකද්ද මේ වෙන්නේ. දිනිදු අයියා කිව්වේ මාව ඉල්ලන ආවා කියලා.. ඒක ඇත්තක්වත්ද?. දෙයියනේ මට කියන්නෙත් නැතුව එහෙම දෙයක් වත් කතා වෙලාද?

අනුහස් සර්ගේ අතේ තිබුණු සුදු පැහැ විශාල ලිවුම් කවරයක් අතට ගත් දිනිදු එය මා අත තැබුවේය.

‘‘මොක..ද්ද දිනිදු අයි..යේ..‘‘ මම අමාරුවෙන් වචන ගලපා ගත්තෙමී.

‘‘ඔයාම බලන්නකෝ ඉතින්.‘‘ ඔහු සිනා සෙමින් පවසද්දී මම ලිවුම් කවරය විවෘත කර බැලුවෙමී. එහි වුයේ රන් පැහැ පත්‍රිකාවකී. එය ඉවතට ගෙන බලන විට වැටහුනේ දිනිදුගේ පරඝණක අලෙවී ආයතනයේ විවෘත කිරීමේ දිනයේ පැවත්වෙන උත්සවයේ ආරාධනා පත්‍රය බවයි.

‘‘අනේ දිනිදු අයියේ ලස්සනයි.‘‘ මගේ මුහුණට ඉබේටම සිනහවක් නැගුණි. අවට සිටින්නන්ද අමතක වූ මම ඔහු දෙසට හැරුණෙමී.

‘‘ පළවෙනී කාඩ් එක ඔයාට.. ඕපන් කරන්නත් ඕනේ ඔයා.‘‘

‘‘අනේ දිනිදු අයියේ.‘‘

‘‘අනේ කියන්නේ. එනවා නේද?.‘‘ ඔහු මගේ පැමිණීම දැඩිව බලා පොරොත්තු වුවේය. මම එන්නම් කියන්නට සිනහා වෙමින් හිස සැලුවෙමි.

‘‘එහෙනම් අම්මත් එක්කම එන්න දූ.. අම්මා කැවිලි වගයක් හදන්නත් පොරොන්දු වුණා.‘‘

‘‘හරි ආන්ටී.‘‘ මම යන්නට සැරසුණු අනුහස් සර්ගේ අම්මාගේ දෙපා නැමදුවෙමී.

‘‘තෙරුවන් සරණයි මගේ දූට.. වෙලාවක අම්මත් එක්ක අපේ ගෙවල් පැත්තේ ඇවිත් යන්න එන්න. ඇය මගේ නළලතද සිපගෙන ස්තෝප්පුවෙන් මිදුලට බැස්සාය. යන්නට සැරසුනු දිනිදු අන්තිම වරට මා දෙස බලා දෙනතින් ඉගි කර කාර් එකට නැගුනේය.

‘‘හරිම හොද මිනිස්සු දූ..‘‘ ඔවුන් අම්මාගේ හිතට හොදින්ම අල්ලා තිබුණී. මම හිත යටින් ගගන ගැන දුක් වෙද්දී, අම්මා අනුහස් සර්ලා ගැන කතා කරන්න විය.

‘‘අම්මේ....‘‘  කුස්සියේ බංකුවක වාඩී වෙලා අම්මා කඩමින් සිටි බෝංචී කරක් අතට ගෙන එහෙට මෙහෙට නමනින්, පොඩි කරමින් මම වුන්නේ වෙනම කල්පනාවක වෙමී.

‘‘මොනවද ළමයෝ ඔය හැටි කල්පනා කරන්නේ.‘‘කඩා නිම කළ බෝංචී ටික වතුර කොරහට දමමින් අම්මා මා දෙස බලා විමසුවාය.

‘‘ගගන ආවා අම්මේ.‘‘

‘‘ගගන පුතා.. කොයි වෙලේද?.‘‘ අම්මා හොදමින් සිටි බෝචී කැබලි ටික මතම අත රදවාගෙන පුදුමයෙන් විමසුවාය.

‘‘හවස අම්මේ.. මගෙත් එක්ක කතා කලේ නෑ.‘‘

‘‘ඕවා ඔහොම තමයි දු .. ඔයාලා දැන් පුංචි ළමයි නෙමෙයිනේ.‘‘ කවදාවත් නැතිව අම්මාට මම ලොකු ළමයෙක් වී තිබුණි. හැමදාම ඕනෙම දෙයක් කරන්න ගිය විට මම පොඩි ළමයෙක් වු ඇයට අද මම ලොකු ළමයෙක් වී තිබුණි.

‘‘ඒ...ත් අම්මේ.. ගගන.. මගේ යාළුවා.‘‘

‘‘හරි ළමයෝ.. .. ඒත් ඉතින් අපිට කාව වත් බලෙන් යාළුවෝ කරලා තියා ගන්න බෑනේ. එයාට දැන් ඔයා එක්ක යාළුකමක් පවත්වන්න ඕනේ නැත්තම් ඔයා පාඩුවේ ඉන්න.‘‘ මම අම්මට කොහොම කියන්නද? ගගන මගේ යාළුවෙක් විතරයි නෙමෙයි කියලා.. අම්මට තේරෙන්නේ නෑ ගගන මගෙන් ඈත් වෙද්දී මට මොන තරම් රිදෙනවද කියලා.

‘‘මම නම් කවදාවත් හිතුවේ නෑ ගගන පුතා ඔය තරම් ඉක්මණට වෙනස් වෙයි කියලා. ඉගෙන  ගත්තු ළමයි නේද ?ඔහොම හැසිරෙනවද? ‘‘ අම්මා ගගනට දොස් නගන විට මගේ දුක තවත් වැඩි වන්නට විය.අම්මා පැවසූ දේවල් වලට සවන් දීගෙන සිටි මම හෙට සහභාගී වන පන්තියේ වැඩ වගයක් ඇති බව පවසා කාමරයට පැමිණියෙමී. මම කාමරයට ඇතුල් වෙනවාත් සමග දිනිදුගෙන් ඇමතුමක් පැමිනියේය.

‘‘හෙලෝව් මැට්ටි.. අඩන්නේ නෑ නේද?.‘‘ අනේ ඔයා මම ගැන මොන තරම් හිතනවද? දැන් මම තනි වුණේ අඩන්න බව දැනගෙනම වගේ මට කෝල් එකක් අරන්. මට නම් ඔයාව තේරුම් ගන්න බෑ දිනිදු අයියෝ.

‘‘ඉව තියෙද දිනිදු අයියේ.‘‘

‘‘ඔව් මට හැමදේම දැනෙනවා.. මැට්ටී තාම මූණ බෙරි කරන් නේද?... කෝ... කෝ.. හිනා වෙන්න. කෝ ඉතින්. ඔය ඇස්වල කදුළු පුරවන්.‘‘ ඔහු මා දෙස බලා ඉන්නා අයුරින් පවසන්න විය. ඔහු මට අඩන්නට ඉඩ නොදුන්නේය. ඔහුගේ සිත සැනසවීමත් සමග උදෙන්ම අවධී වු මම බාහිර උපාදී පංති සදහා යාමට පිටත් වුණෙමී. ඔහු නොසිටින්නට මම පසු දින පංති යන්නේ නැත. ගගන පැමිණි නිසා ගෙදර නවතින්ට සිත බෙහෙවින් ඉල්ලීමි කළ නිසා නිවසේ සිටීමට මට අවශ්‍ය වී තිබුණි.පසු දින මම පංති සදහා සහභාගී වුණෙමි. නමුත් වරින් වර මට සිහිපත් වුයේ අද ගගන යයිද? මම හිතලම එයාව මගෑරියා කියලා හිතයිද? යනුවෙනී.

    පංතිය අවසන් වී මම නගරය දෙසට ගමන් කරමින් සිටියෙමී. මගේ අළුත් යෙහෙළියන් නිමක් නැතිව කතා කරමින් පැමිණියත් මම හිටියේ වෙමම කල්පනාවකයි. එක වරම කාර් එකක් පැමින අපි අසල නතර කරනු යන්මින් මතකය. කාර් එක දෙසට නැවුන මගේ යෙහෙළියන් ඇතුලත වුන් අයට උසුළු විසුළු කරන්නට විය.

‘‘මේ සදා උබව දන්නවා කියන්නේ.‘‘ මගේ යෙහෙළියක් මගේ අතේ එල්ලෙමින් පවසද්දී මම ඒ දෙස බැලුවෙමී.

‘‘දිනිදු අයියා ඔයා මෙහේ.‘‘ මම පුදුමයෙන් විමසුවෙමී. පහත් කර ගත් පැති කණ්ණිඩිය මත වැළමිට තබාගෙන පිටත හිස පොවාගෙන වුන් ඔහු සිනාසුනේය.

‘‘ඔයාව එක්ක යන්න ආවේ.‘‘

‘‘බලපන්කෝ බං අපට නොකිව්වට මෙයාට ලිප්ට් දෙන්න කට්ටියත් ඉන්නවනේ.‘‘

‘‘ඒක තමා බං සද්ද නැතුව ඉදිදී මම හිතුවා තාම සමනලයෙක් නෑ කියලා.‘‘  මගේ යෙහෙලියන් හඩ නගා සිනහා වෙමින් තවත් විහිළු කරන්නට විය.

‘‘එන්න යමු සදනී.. මම ඔයාව ගන්න මයි ආවේ.‘‘ මම තවත් කිසිත් නොකියා කාර් එකට නැගුනේ යෙහෙළියන්ට සමු දෙමිනී.

මම ඔහුගේ පැමිණිම ගැන පුදුම වී සිටියෙමී. එනිසාම  මම ඒ ගැන විමසුවෙමී. ඔහු පැවසුවේ අම්මාගේ බල කිරීම නිසා කැවිලී සෑදීමට අවශ්‍ය අමුද්‍ය වගයක් අපේ නිවසට රැගෙන යන ගමන් බවයි.  කාර් එක නිවස ඉදිරිපිට නතර වෙන තුරුම අපි නොයෙක් දේ කතා කෙරුවෙමු.

‘‘ඔන්න ගෙදරටම ආවා. බහින්න සදනී.‘‘ ඔහු එලෙස පවසන විට අපි නිවසට පැමිණ ඇති බව මම දුටුවෙමී. කාර් එකෙන් බැස ගත් මම දිනිදු පිටුපස ඇර ගෙනා මළු කිහිපය පිටතට ගන්නා තුරු මම බලා වුන්නෙමී. අතකින් මල්ලකුත් අනෙක් අතින් පොත් කීපයකුත් ලයට තුරුළු කර ගත් මම දිනිදු සමග සිනා සෙමින් ස්තොප්පුවට ගොඩවැදුණෙමී.

‘‘දෙන්නා ශොපින් ගිහින් වගේ.‘‘ අවට පිළිබද අවදානයක් නොවීම ගැන මම මටම දොස් පවරා ගත්තෙමී. මම නැතත් දිනිදු සමග සතුටින් සිටින බව ඔහුට පෙන්වා තිබුනෙමි. මේ සිදු වීම් වලින් එය ඔප්පු වෙන බව මම දනිමී. එය සැබෑවක් නොවේ. මගේ සිත යම් තරමිකින් සැහැල්ලු කරන්න දිනිදු සමත් බව හැබෑය. නමුත් ගගනගේ දුරස් වී තවමත් මගේ හිතට ලොකු පීඩාවකි. තව කිසිවක් කීමෙන් පලක් නැත. ඔහුගේ නෙත් ඉදිරිපිටම සියල්ල සිදු වන්නේ ඒ අයුරිණි.

‘‘මචං ගගනයා.. අපි දැක්කෙත් නෑ බං උබ ඉන්නවා.‘‘ දිනිදු ගගන අසලින් වාඩී වෙමින් පැවසුවේය. බොදවුණ නෙත් වලින් මොහොතක් ගගන දෙස බලා වුන් මම නිවසට ඇතුල් වුණෙමි..

‘‘අම්මේ... ගගන කොයි වෙලේද ආවේ.‘‘ මම අත තිබී මල්ල කුස්සියේ මේසය මත තබමින් මම විමසුවෙමී.

‘‘දැන් පොඩ්ඩක් වෙලා දූ..‘‘

‘‘අම්මා කතා කලේ නැද්ද?,‘‘ අම්මා තේ එකක් හදමින් මා දෙස බැලුවේය.

‘‘ඒ මොකද දු .. ඒ. මම මේ තේ ටික වක්කරන් යන්න ආවේ. දූ කොහොමද අද කලින් ආවේ. මොනවද මේ කවරේ.‘‘ අම්මා මම රැගෙන ආ මල්ල දෙස බලමින් විමසුවාය. අම්මා ගගන සමග කතා කර ඇති බව නම් මට වැටහුණී. ගගන මොනවා කිව්වද දන්නේ නෑ.. මට අම්මගෙන් අහන්නත් බෑනේ.

‘‘දූ.. මොනවද කවරේ.‘‘

‘‘දිනිදු අයියා ආවා අම්මේ.. දිනිදු අයියලාගේ අම්මා කැවිලි හදන්න කියලා බඩු එවලා.‘‘ මම පොත් ටික උකුළ මත තබා ගනිමින් මුළුතැන් ගෙයි තිබූ ලී පුටුව මත වාඩී වුණෙමී.

‘‘ඉතිං ඔයා මොකද කුස්සියේ ඉදගෙන .මාස ගානකින්නේ ගගන පුතා ගෙදර ආවේ. මගෙන් ඔයා ගැන හුගක් දේවල් ඇහුවා.. ඒ දරුවාගේ හිතේ තරහක් නෑ. ඔය පොත් ටික කාමරෙන් තියලා ගිහින් කතා කරන්න දු.‘‘ අම්මා මා දෙස නොබලාම තේ මඩියට තවත්  කේතලයෙන් උණූ වතුර ටිකක් වක්කලාය. මම නිහඩව බලා වුන්නා පමනකී.

‘‘මොකද ළමයෝ ඔහෙම ඉන්නේ.. මම දිනිදු පුතාටත් තේ එකක් හදානම එන්නම්. ඔයා එළියට යන්න.‘‘පොත් ටික අතට ගත් මම කාමරයට පිය නැගුවෙමී.මට දිනිදුගේත් ගගනගේත් අතරට යා නොහැකිය. ගගන සමග කතා කරන්නට දේ තිබුණත් ඔහු ඒවා අසා සිටීවි යැයි මට විශ්වාසයක් නොවීය. මම බොහො පමා වී ස්තොප්පුවට ගියෙමී. අම්මා දෙදෙනාටම තේ පිළිගන්වා තිබුණි

‘‘දූ තේ එක නිමිලත් ඇති.‘‘ මම දොර අභියසට යන විටම අම්මා මට පුංචී මේසය මත තබා තිබූ තේ කෝප්පය පෙන්නුවාය. එවර ගගනත් දිනිදුත් දෙදෙනාම එක වර මා දෙස බැලීය.  මට වටහා ගන්නට නොහැකී හැගීමකින් මද වෙලාවක් බලා වුන ගගන ඉවත බලා ගත්තේය. මගේ නෙත් ගගන දෙස යොමුව ඇති බව දැනුන නිසාදෝ දිනිදුද ගගන දෙස බැලුවේය. ඒ වන විට ගගන දුරකථනයේ යමක් සටහන් කරමින් සිටියේය. වචනයක් වත් හුවමාරු නොවුණත් වචන වලින් කිව නොහැකි හුගක් දේ ඒ හැසිරීම් වලින් නිරූපනය විය. ලොකු සුසුමක් පිට කළ මම තේ කෝප්පයද රැගෙන කවිච්චියේ අම්මා අසලම වාඩී වුණෙමි.

‘‘ගගන පුතා කවදද යන්නේ.‘‘

‘‘හෙට වුදේ යනවා සෙව්වන්දී ටීචර්.‘‘ ගගන දුරකථනයෙන් ඉවතට නෙත් නොගත්තේය. අම්මාත් දිනිදුත් අසන දේවලට පිළිතුරු දුන්නත් ඔහුගේ සිත ඇත්තේ මෙතන නොවේ යැයි මට සිතුනෙමී. දැන් නම් මොහොතක් වත් සුදු නංගී නැතුව ඉන්න බෑ වගේ. දිනිදුයි මම සතුටින් ඉන්නවා වගේ දැක්ක එකම තමා හොද. මම සිත යටින් පැවස්වෙමී. මාස ගානකට පසු නිවසට පැමිණියත් මා ගැන තැකීමක් ඔහුට නොවීය. තේ එක අතට ගත්තත් මම උගුරක් වත් පානය නොකලෙමී. නිමෙන තුරු කොප්පය දෙස බලාගෙන කල්පනා කලා පමණකී.

‘‘සෙව්වන්දී ටීචර් මම ගිහින් එන්නමි එහෙනම්... සදා.. මම යන්නවා එහෙනම්.‘‘ මා සමග මද සිනහවක් නැගූ ඔහු යන්නට අසුනින් නැගිට්ටේය.

‘‘එහෙනම් මචං මම ගිහිං එන්නම්. ඕල්ද බෙස්ට් මචං... මට එන්න විදියක් නෑ... ඕපනිං එකට.‘‘ ගගන දිනිදුගේ උරහිසට අතක් දමා ගනිමින් පැවසුවේය.

‘‘කමක් නෑ බං.. ඔබේ වචනෙම මදෑ... ඊළග නිවාඩුවට ආවම අනිවා.. සෙට් වෙමූ.‘‘

‘‘එළ මචං.. එහෙනම් මම කැපුණා.. නද දෙන්න වු දුරකථනය දෙස නෙත රදවා ගත් ගගන ස්තොප්පුවෙන් මිදුළට බැස පිටව ගියේය. අදුරු වැටෙමින් තිබු නිසා ඉන් සුළු මොහොතකට පසු දිනිදුද පිටව ගියේය.බුදු පහන තැබූ මම රූපවාහිනිය ඉදිරි පිට වාඩී වුණෙමී.රූපවාහිනියේ මොනවා විකාශනය වුනත් මම වුන්නේ ගගන ගැන සිතමනි. ඔහු කෙතරම් මට රිද්දුවත් ඔහු වෙනස් වූ බව මට පිළි ගැනීමට නොහැකී වී තිබුණි.

     පසු දින මම සුපුරුදු පරිදි රැකියාවට යාම සදහා බස් නැවතුමට පැමිණියෙමී. මම නොසිතු ලෙස බස් නැවතුම තුළ හිද ගෙන වුන්නේ ගගන විය. බස් නැවතුමට ඇතුල් නොවු මම පාර අභියස නතර වුණෙමි. ඔහු ළග තිබූ බෑග් කීපය නිසා ඔහු නැන්දලාගේ නිවෙස් බලා යන ගමන් බව මම වටහා ගත්තෙමී.

‘‘ ගගන....‘‘ මම ඉබේටම ගගන අසලට ගොස් සිටියෙමී.

‘‘ඇයි සදා.‘‘

‘‘ඔයා යන්නද?‘‘ එකවර විමසන්නට දෙයක් සිතට නොපැමිණි නිසා මම විමසුවෙමී.

නැවත හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Feb 2017 06:23 PM
  •  Quote
  •  Reply
මමත් කියවන ගමන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 07:17 AM
  •  Quote
  •  Reply
ඔන්න රසිකයා මේ කොටසක් කියෙව්වා
පට්ට හොදේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 12:12 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 12:17 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිපස්වන කොටස.

‘‘සොරී සදා පොඩ්ඩක් ඉන්න..‘‘ ඔහුගේ දුරකථනය නැවතත් අපේ කතාවට බාදාවක් විය. ඔහුට පැමිණී ඇමතුමට සවන් දුන් ඔහු, මා එතන සිටින බවද අමතක කර දමා තිබුනේය.

‘‘හරි හරි බබා මම මේ එන ගමන්.. බලන්නකෝ යාළුවෙක් ඉන්නවා මෙතන.‘‘ එසේ කියමින් ගගන දුරකථනය මා වෙත පෑවේය. මට කර කියා ගන්නට දෙයක් නොමැති විය .. නිකමට පාර දෙස බලන් විය දුටුවේ මම යන බස් රිය එන බවයි.

‘‘සොරි ගගන මට ලේට් වෙනවා.. මම යනවා ‘‘ මම ඔහුට ඇතින් එක බස් රථය පෙන්වමින් බස්නැවතුමෙන් පිටතට පැමිණියෙමී.

‘‘ හරි හරි පරිස්සමින් යන්න බුදු සරණයි සදා.‘‘ගගනගේ හඩ සමග පරණ මතකයන් සිහිපත් වෙද්දී මම ආපසු හැරී බැලුවෙමී. ඔහු වුන්නේ වෙනතක බලාගෙනය. හිතා ගන්නටවත් බැරි තරම් දුකක් හිත තුළ තෙරපෙද්දී මම බස් රථයේ සෙනග අතරට රිංගා ගත්තෙමී. අමාරුවෙන් නොපෙනී යන තුරුම මම ඔහු දෙස බලා හිටියත් ඔහුට මගේ සමුගැනීම ගැන හැගීම්ක් නොවීය. ඔහු සිනා සෙමින් දුරකථන ඇමතුමට සවන් දෙමින් වුන්නේය. දැන්නම් හොදටම සුවර් ගගන වෙනස් වෙලා කියලා. ඒත් මේක වෙන්න පුළුවන් දෙයක්ද? මම නැවතත් සිතුවෙමි.

   කාර්යාලයට පිවිසුන මම සයුමිවත් අඩ ගසාගෙන ආපනශාලාවට පැමිණියේ සියල්ල ඇය සමග පැවසීමට අවශ්‍ය නිසා වෙමී. ඇයි මට දොස් නගන බව මම හොදාකාරවම දනිමී. නමුත් මගේ සිතේ ඇති දුක කිමට ඇත්තේ ඇය පමණකී.

‘‘ ඔබට මම දෙයක් කියන්නද?‘‘ කතාව අසාගෙන සිටි සයුමී මා දෙක කෙලින් බලා විමසුවාය.

‘‘අහපන්..‘‘

‘‘උබට මොළය කියලා කලදක් නැද්ද?. උගේ මත්තෙම නැහෙන්නේ.‘‘ සයුමිගේ හඩ තරමක් රළු වුවාය. මම  ආපනශාලාවෙන් මිළදී ගත් ඉදි ආප්ප ටික දෙස බලාගෙන සිටියේ ඇයට මුහුණ දීමට අපහසු නිසා වෙමී.

‘‘ගගන උබට රිද්දන්න ඔය දේවල් කරන්නේ.. උබට ඒක තේරෙන්නේ නැද්ද?.. අනික බලපන් දිනිදු අයියා උබ ගැන මොනතරම් හොයලා බලනවද?.. උබට ඒ අහිංසකයගේ ආරේ පේන්නේ නෑ.‘‘

‘‘මම දන්නේ නෑ සයුමී.. ඔයා දන්නේ නෑ ගගනගෙයි මගෙයි අතරේ එෆෙයාර් එකක් නොතිබුණාට අපි දෙන්නා මොන තරම් ළං වෙලා හිටියද කියලා. ‘‘

‘‘ඉතිං‘‘ සයුමීගේ බැල්ම තවත් කෝපාන්විත විය.

‘‘එහෙම හිටපු ගගන දැන් මාත් එක්ක කතා කරන්නේ වත් නෑ.. මිනිසුන්ට එහෙම වෙනස් වෙන්න පුළුවන්ද?. ‘‘මම ඉදිආප්ප මුල ඇකුළුවෙමී.

‘‘පුළුවන් නිසානේ වෙනස් වෙලා ඉන්නේ.. මම දන්නවා මේ ටිකේම උබ කෑවේ නෑ නේද? කාපන් ඕක .‘‘ ඇය මා ගැන ඇති වු අනුකම්පාවෙන් පැවසුවේය.

‘‘මට කන්න බෑ බං.‘‘

‘‘හිටපන්කෝ මම සර්ට කියන්නම් ..‘‘ ඇය අසුනින් නැගිට ගියාය. මම අතගාමින් සිටි ඉදිආප්ප මුල විසිකර අත සෝදාගෙන කාර්යාලයට ඇතුල් වුණෙමි.

   මම කාර්යාලයට ගිය අවස්ථාවක අනුහස් සර් දවහවල් කෑම විවේකයේ මට ගමනක් යන්නට සූදානම් වන ලෙස පැවසුවේය. නිතර ඔහු සමග ගමන් බිමන් ගොස් පුරුදු නිසා මම මොකුත් නොවිමසාම කැමැත්ත පල කලෙමි. දිනිදුගේ අලුත් ගොඩනැගිල්ලට යන්නට වෙන්න ඇතැයි මම අනුමාන කළෙමී.

   කෑම විවේකට එළඹෙන්නට පෙර ගේට්ටු අවස පතක් ලබාගත් මම රථ ගාල දෙසට ගියෙමී. අනුහස් සර්ගේ කාර් එක ළග සිටගෙන සිටියේ දිනිදු විය.

‘‘දිනිදු අයියා ඔයත් ආවද?.‘‘ මම ඔහු ළගට ගියෙමී.

‘‘ඇයි තව කවුද එනවා කිව්වේ.‘‘ ඔහු පුදුමයෙන් වටපිට බලන්න විය

‘‘එතකොට මේක ඔයාගේ පෑලැන් එකද්ද?.‘‘

‘‘ඔව් ... ඇයි අකමැතිද මාත් එක්ක ලන්ච් එකවත් ගන්න.‘‘ ඔහු සැහැලුවෙන් කාර් එකට වාරූවී විමසුවේය.ඔහු දවල් ආහාරය ගැනිම සදහා මා හොටෙල් සංකීර්ණයක එළිමහන් ස්ථානයක රැගෙන ගියේය. ස්භාව සෞදර්යෙන් හෙබී වට පිටාවේ කබානා එකක් යට වාඩී වු මට පුදුම සැහැල්ලුවක් දැනුනී. දිනිදුගෙන් බේරෙන්නට බැරි නිසා ගෙන්වන ලද සියලු ආහාර මට ආහාරයට ගැනීමට සිදු විය.

‘‘අනේ දිනිදු අයියේ දැන් ඇති.. මම ආයි ඔපිස් එකට යන්න ඕනෙනේ‘‘

‘‘බෑ බෑ.. තව ඩෙසට් ගන්නත් ඕනේ.‘‘ඔහු සිනා සෙමින් පවසන්න විය.

‘‘මෙහෙම ගියොත් නම් ඔපිස් නෙමේ හොස්පිටල් තමා යන්න වෙන්නේ‘‘ ඔහු මහ හඩින් සිනා වෙන්නට වුයේය. කෑම ගැනීමෙන් අනතුරුව අපි සුළු වෙලාවක් අවන්හල තුල රැදි සිටියෙමු.

‘‘හැමදාම ඔය විදියට හිනා වෙලා ඉන්න සදා...නී.‘‘ ඔහුට නම වරදින්නට ගිය නිසා මට සිනහා නැගුණි.

‘‘කමක් නෑ සදා කියන්න.‘‘

‘‘බෑ... බෑ.. ඒ නමට ඔයා කැමතී නෑ.‘‘ ඔහු මද සිනහවකින් මා දෙස බැලුවේය.

‘‘ නෑ.. එදා කිව්ව එක දැන් අමතක කරන්න. ඔයා මට සදා කියන්න.‘‘

‘‘හ්ම්ම්ම්.‘‘

‘‘මොකද හ්ම්ම්ම් බකමූණෙද්ද?මම ඔහුගේ මුහුණට සිනහවක් ගෙනෙන්නට උත්සහ ගත්තෙමී. හදිසියේ දෙයක් මතක් වූ කළක මෙන් දිනිදු මගේ අත සියුම්ව අල්ලා ගත්තේය.

‘‘සදා දැන් වත් තීරණයක් ගන්න.‘‘

‘‘මොන තීරණයක්ද අයියේ.‘‘ මම ඔහු පවසන දේ නොවැටහුන ලෙස විමසුවෙමී. ඔහු ඉල්ලන්නේ ආදරය බව මම හොදින්ම දැන සිටියෙමී.

‘‘මට ඔයාගේ ජීවිතේට ළං වෙන්න ඉඩ දෙන්න.‘‘ දෙඅතින්ම මගේ අත අල්ලා ඔහුට ළං කර ගත් ඔහු , මගේ දෙනෙත් දෙසම බලා විමසුවේය.

‘‘අපි ඉක්මන් වැඩී නේද?.. මට හිත හදා ගන්න ටික කාලයක් දෙන්න අයියේ.‘‘ මම ඔහුගේ නෙතින් නෙත් ඉවතට ගනිමින් පැවසුවෙමී.

‘‘හරි ඕනේ තරම් කල් ගන්න සදා.. හැබැයි මම ඔයාට මටත් වඩා ආදරේ බව අමතක කරන්න එපා. මම ඔයා වෙනුවෙන් ජීවත කාලෙම වුණත් බලන් ඉන්නම්.‘‘ මගේ හදවතේ ගැස්ම පිටතට ඇහෙන්නට තරම් වේගවත් වෙද්දී මම වේදනාවෙන් ඔහු දෙස බැලුවෙමී. මට ඒක නොතේරෙනවා නෙමෙයි දිනිදු අයියේ.. මගේ හිත තාමත් තව කෙනෙක් ගැන හිතන්න සූදානම් නෑ. ගගනත් මම වෙනුවෙන් මොන තරම් දේවල් කලාද? දැන් එයාට මාව පේන්නවත් බෑ.. එයා වෙනස් වුණා. ඔයාව අදුරගෙන තව මාස කියද ?මම ඔයාව කොහොම විශ්වාස කරන්නද?. මම ආයෙත් ආදරෙන් රැවටෙන්න බයිය දිනිදු අයියේ.

‘‘මොනවද මැට්ටියේ  මූණත් ඇද කරන් කල්පනා කරන්නේ.‘‘ කල්පනා ලොවින් මා මුදා ගනිමින් ඔහු පැවසුවේය.

‘‘මොකුත් නෑ දිනිදු අයියේ.‘‘

‘‘හ්ම්ම් කල්පනා කරන්න එපා.. ඔයා අකමැති නම් හැමදාම මෙහෙම හොද යාළුවෝ වගේ ඉමු.. මම ආස නෑ ඔයා කල්පනා කර කර දුකින් ඉන්නවට.‘‘ දිනිදු තේරුම් ගන්නට බැරි චරිතයක් බව මට කිහිප විටකම සිතී තිබේ. ඇත්තට ඔහුව තේරුම් ගැනීම අපහසුය.

      දින කෙමෙන් ගෙවී ගොස් දිනිදුගේ නව අලෙවීසැල විවෘත කරන දිනය ළගා වෙමින් තිබුණී. තව ඇත්තේ හරියටම සතියකී.  සෙනසුරාදා දින දහවලේ මම අම්මා සමග සූදානම් වුයේ අළුත් ගොඩ නැගිල්ල පිළිවෙලකට අස් කිරීම සදහා පැමිණෙන ලෙස දිනිදුගෙන් ලද ඉල්ලීම නිසාවෙමී. අම්මාද අනුහස් සර්ගේ පවුල බොහොම ලැදී වි සිටි නිසා ඒ ගමට කැමැත්තෙන්ම එක් විය. ආරම්භ කිරීමේ උත්සවය සදහා අම්මා මේ වන විට ආස්මී සෑදීම ආරම්භ කර තිබුණි. මුල්වරට බැද ගත් ආස්මී දැන් සුරක්ෂීතව අරන් තබා ඇත.

‘‘යමු නේද එහෙනම් දූ.‘‘ අම්මා දිග සායකත් සැහැල්ලු හැට්ටයකුත් ඇදගෙන මගේ කාමරයට හිස පොවමින් විමසුවාය. දොර ජනෙල් වසා දමා අම්මාත් මමත් පයින්ම බස් නැවතුමට පියවර නැගුවෙමූ.

‘‘දූ මොකද්ද එදාට අදන්නේ.‘‘ අම්මා ටික දුරක් පැමිණී පසු විමසුවාය.

‘‘ආනේ මන්දා අම්මේ.. මට ඒක කල්පනා වුනේම නෑ.. මොකක් ඇන්දොත්ද හොද?.‘‘

‘‘සාරියක් අදිමු.. ඔයානේ ඕපන් කරන්නත් ඉන්නේ.‘‘ අම්මගේ මුහුණේ තිබුණේ දැඩී සතුටකී.

‘‘මට සාරි නෑනේ අම්මේ.. දහම්පාසලේ සුදු සාරිය විතරනේ තියෙන්නේ.‘‘ මම බෑගයෙන් එලියට ඇද ගත් කුඩය දිගහැර ගන්නට උත්සහ ගත්තෙමී.

‘‘දම්පාට එක අදිමු.‘‘

‘‘අර අම්මට ළගදී තෑගී හම්බුණ එක.‘‘ මම ඒ සාරිය ආසා බව ඇය දැන හුන්නාය. නම්ත් ඒ සාරිය මේ උත්සවයට අලංකාර වැඩි යැයි මට සිතුණෙමී.

‘‘දූ ඒ සාරියට ආස බව මම දන්නවා.‘‘

‘‘ඒත් ඒකට ජැකට් එකක් නෑනේ.දැන් මහන්න දෙන්න වෙලාවකුත් නෑ‘‘ මට හදිසියේම සිහිපත් විය.

‘‘අද මහන්න දෙමු.. මම අරන් ආවේ.. මම ආසයි මගේ දු එදාට ලස්සනට ඉන්නවා දකින්න.‘‘ පව් මම නොහිතන මොනතරම් දේවල් අම්මා මං ගැන හිතනවද?. පුදුමයි දිනිදු අයියාට මම මේ තරම් විශේෂ ඇයි කියලා අම්මා අහන්නේ නැත්තේ කියලා.. සමහර විට එයාලගේ අම්මා කියන්න ඇති දිනිදු අයියා ඉස්සර හැසිරුණ හැටි.. කොහොමත් අම්මා ආසයි කොයි ළමයත් හොද අය වෙනවා දකින්න. මම නිසා දිනිදු අයියා එයාගේ නරක ජීවිතේ අත්ඇරිය බව දැන ගත්තම එයාට සතුටු ඇති.

   අම්මාත් මමත් අපි වෙනදා ඇදුම් මස්සන තැනට ගොස් සාරියට හැට්ටයක් මසන්නට බාර දුන්නෙමු. ඉන් පසු බස් රථයට නැගුණ අපි නගරයෙන් බැස්සෙමු.

‘‘දූ දන්නවද දිනිදු පුතාගේ ශොප් එක තියෙන තැන.‘‘

‘‘ඔව් අම්මේ .‘‘ මම නගරයෙන් මදක් එහාට වන්නට නිදහස් තැනක පිහිටි අලුත් ගොඩනැගිල්ල දෙසට අම්මා සමග ගියෙමී. දැන් සම්පුර්ණයෙන්ම එහි වැඩ අවසන්ය. අනුහස් සර්ගේ මාර්ගයෙන් ලබා ගත් ණය මුදලක ආදාරයෙන් මේ සියල්ල සිදු කළ බව මම දනිමී.ආයතනයේ ආදායමින් ඒ ණය ගෙවන්නට දිනිදුට පැවරී තිබුණි. අනුහස් සර් පවසන්නේ, මොනවා වුනත් නිකන් ලැබුණම කිසි අගයක් නෑ.. තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්නට ඉඩ දිය යුතු බවයි.

‘‘මොකටද බං එන්න කිව්වේ.‘‘ අපි ගොඩනැගිල්ල වෙතට ඇතුල්වන විට තරූෂ දිනිදුට පවසනු මට ඇසුනී. ගගනත් දිනිදුත් ගොඩනැගිල්ල පුරා විසිරි තිබූ උපාංග රාක්ක වල අසුරමින් සිටියා.

‘‘මොකද්ද අවුල තරූෂ අයියේ.‘‘ ඔවුන් අසලටම ගොස් මම විමසුවෙමී. මම දැක්ක විගස දිනිදු අප අසලට පැමිණ නැවතුණේය.

‘‘ආනේ ආන්ටිත් ඇවිල්ලා.. අපි මේ පුළුවන් විදියට අහුරන්න හැදුවේ.‘‘ අම්මා ඔහු සමග මද වෙලාවක් කතා කරමින් සිට වැඩ පටන් ගත්තාය. ඊට සුළු මොහොතකට පසු අනුහස් සර් එතනට එක් වුවේය.

‘‘සදනී නම් ඉක්මණටම ඇවිත් නේද ආන්ටී.‘‘ අම්මත් අනුහස් සර්ගේ කතාවට සිනහා වෙමින් එක් විය.

‘‘දැන් ඉතින් සදනිට ඔපිස් යන්න ඕනේ නෑ.. නේද ආන්ටී.‘‘ අනුහස් සර්ගේ කතා වලට අම්මාත් සිනා සෙන එක මට පුදුමයක් විය.

‘‘මොකද්ද අම්මේ මේ කතාව ..‘‘අම්මා එයටත් සිනහා වුවාය.මට පෙන්නේ මට නොදන්නවා වුණාට  අම්මත් එක්ක අනුහස් සර් මොනවා හරි කියලා වගේ  .. ඒ කියන්නේ අම්මත් දිනිදුට කැමතිද? අනේ මන්දා. මම මේක දැන ගන්නේ කොහොමද?.දිනිදු අයියාත් මොකක්  හරි දන්නවා..

‘‘දිනු.. පොඩ්ඩක් මෙහෙට වරෙන්.‘‘ තරූෂ දිනිදුව අඩගහගෙන මොනවාද කියවනු මට පෙනුනී. මොකක් හරි නරක දෙයකට අරඅදිනවාවත්ද කියලා මට සිතුණී. මම හිමින් ඔවුන් සිටින පැත්තට ඇදුනෙමී.

‘‘මොනවද බං මේ වෙන්නේ.. උබ මාව හලන්නද හදන්නේ.‘‘ මට යාන්තමට වගේ ඇසුනී.

‘‘මොකද්ද දිනිදු අයියේ ප්‍රශ්නේ.‘‘

‘‘මොකුත් නෑ අනේ.. ඔයත් මෙහෙ වැඩට එයි කියලා මූ බය වෙලා.. ඔයා ආවම ඌගේ ජොබ් එකට කෙල වෙනවලු. දන්නවනේ අපේ අයියා.. මම තරූව ආශ්‍රය කරනවට  එයා ආස නෑ.ඉතිං මුගේ හිතේ මූ පන්නන්න අපේ අයියා පෑලෑන් ගහනවා කියලා.‘‘ මට ඉබේටම සිනහා නැගුණී.

‘‘ඕකද අවුල.. අයියෝ මම එන්නේ නෑ තරූෂ අයියේ .. බය වෙන්න එපා.‘‘ මම ඔහු සමග සිනහා වෙමින් පැවසුවේය. තරූෂ රස්තියාදු ගහන නරක අයෙක් විය හැකිය. නමුත් සෑම අයෙකුටම හැදෙන්න අවස්ථාවක් දිය යුතුය. තරූෂත් හොද වේවී යැයි මම සිතුවෙමී.

‘‘මොකද තුන්දෙනා එක්ක කයිය අද ගෙදර යන්න කල්පනාවක් නැද්ද?.‘‘ බඩු පෙට්ටියක් උසවාගෙන ආ අනුහස් සර් අපි පසු කර යමින් විමසුවේය. මම හිතුවටත් වඩා අනුහස් සර් යනු සරල ජීවිතයකට කැමතී අයෙකී. කවුරුන් හෝ කුලියට ගෙන මේ වැඩ කිරිමට ඔහුට පුළුවන් කම තිබුණත් තමන්ගේ දේ තමා කර ගත යුතුයි යැයි සිතුවේය.

‘‘දැන් සදනිලා ගියදෙන් නේද ලොකු.. අපි ඉතුරු ටික අහුර ගමු.‘‘  දිනිදු යෝජනාකරන්න විය.

‘‘දෙන්නා එක්ක අද රෑත් රස්තියාදුවේ යන්න පොටක්ද පාද ගන්න හදන්නේ. නෑ.. නෑ.. සදනී අම්මායි අපි ගෙදරට ඇරලමු. ඉක්මණට වැඩ ටික ඉවර කරන්න.‘‘ අනුහස් සර් දිනිදු රෑට නිවසින් පිට සිටිනවාට අකමැති බව මම වටහා ගත්තෙමී. ඉක්මනි වැඩ නිම කළ අපි රාත්‍රී හතට පමණ නිවෙස් බලා යාමට පිට වුණෙමු. මුලින්ම තරූෂව නිවස අසලින් දැමූ අනුහස් සර් අපිවත් නිවසටම ඇරලුවේය. මහන්සිය නිසාම ඉක්මණීන්ම නින්දන වැටනු මට දිනිදුට  රෑ ඇමතුමක් ගැනීමද අතපසු විය. මම සිතා සිටියේ අම්මත් අනුහස් සරුත් වහෙන් ඔරෝ පවසන දෙයි ඇත්ත නැත්ත ඔහු දන්නවාද අසන්නටය.

   පාන්දරින් අවදී වූ මම නිකමට මෙන් දිනිදුට ඇමතුමක් ගත්තෙමී. පුදුමයකී මම ගන්න සැනින්ම ඔහු පිළිතුරු දුන්නේ මග බලා වුන් අයුරිණි.

‘‘සදා.. සොරි පැටියෝ මට නින්ද ගියා.. මම මේ බයේ හිටියේ රෑ කෝල් කළේ නැතුවට ඔයා තරහා වෙලා ඇති කියලා.‘‘ ඔහුගේ හඩ රහසින් මෙන් මට ඇසුනී. පොරවනය ගුළී වුන මම තනියෙම සිනහා වෙමින් ඔහු කියන දේ අසා වුන්නෙමී.

‘‘මොකද මැට්ටී හිනා වෙන්නේ.‘‘

‘‘මොකුත් නෑ.. මටද පැටියා කිව්වේ.‘‘

‘‘ඇයි නරකද?‘‘ ඔහුගේ හඩ මදක් විහිළුවට බර වුවේය.

‘‘මොන පැටියෙක්ද දන්නෑ.‘‘

‘‘මගේ පැටියා..‘‘ ඔහුගේ කතා වලට මම ආසා කලෙමී. උදේම ඔහුට දුකක් දෙන්නට නොසිතු මම කතාව වෙනතකට හැරෙව්වෙමී.

‘‘මේ දිනිදු අයියේ මොකද්ද අර සර්ගෙයි අපේ අම්මාගෙයි රහස්

කතාව.‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2017 06:42 AM
  •  Quote
  •  Reply
25 ත් කියෙව්වා
වෙලාවකට හිතෙනවා අනුහස් දිනිදු දෙන්නා ගේමක් ගහල ගගනය පැත්තකට කලාවත්ද කියල
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 01:13 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 01:16 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිහයවන කොටස.

‘‘ඔයාට දැන ගන්නම ඕනෙද?‘‘

‘‘හ්ම්ම්ම් .. ඔව්.. ‘‘තව පංති යාමට සූදානම් වන්න වෙලා ඉතිරි වී තිබුණී.  මම ඇදේ වියලට හේත්තූ වී කොට්ටයක් උකුල මතට ගෙන ඔහු පවසන්න යන දේ හොදන් අසා සිටීමට සැරසුණෙමී.

‘‘තරහා වෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න.‘‘

‘‘හරි.. හරි.. දිනිදු අයියේ.. මම තරහා වෙන්නේ නෑ.‘‘

‘‘මේක මම කරපු වැඩක් නෙමෙයි අනේ... අපේ ලොකුගේ වැඩක්.‘‘

‘‘මොකද්ද?‘‘  මම පුදුමයෙන් විමසුවෙමී.

‘‘ඔයා දන්නවනේ.. අපේ ලොකු හිතන්නේ අපි අතර එෆේයා එකක් තියෙයි කියලා.‘‘ එවර මම නිහඩව වුන්නෙමී. අපි දෙදෙනා අතරම ඇතිවුනේ සුළු මොහොතක නිහඩ බවකී.

‘‘හෙලෝව්.. හොලෝව්.. සදා..‘‘

‘‘කි...යන්න..‘‘ මට සිදුව ඇති දේ ඉවෙන් මෙන් දැනුනත් මම ඔහුගෙන්ම අසා ගැනීමට සිතුවෙමී.

‘‘ඔය ඉතින්... මූඩ් ගැහුවනේ.  අපි ඒ කතාව අතාරිමු.‘‘

‘‘නෑ.. නෑ කියන්න. මට ඒක දැන ගන්න ඕනේ.‘‘ ඔහු ලොකු සුසුමක් හෙලනු මට ඇසුණී.

‘‘ඒක අපේ ලොකු... අපේ අම්මට කියලා.‘‘

‘‘ඒ කියන්නේ ආන්ටිත් හිතන්නේ අපි යාළුයි කියලද?‘‘ මම කතාවට හරස් වුනෙමී.

‘‘ඔව්.. මම නෑ කිව්වට කවුරුත් පිළි ගන්නේ නෑ... එදා ඔයාලගේ ගෙදර ආපු වෙලේ අපේ අම්මා ඔයාලගේ අම්මා එක්ක සේරම කියලා.‘‘

‘‘මොනවා.. අපේ අම්මත් හිතන්නේ ඔයයි මමයි..‘‘

‘‘ඔව්.. ඔව්... එයා කැමතීලු අපි දෙන්නා එකතු වෙනවට.. ඒත් ඔයාම එයාට කියනකන්... එයා සද්ද නැතුව ඉන්නවා කිව්වලු.. අපේ අම්මටත් සද්ද නැතුව ඉන්න කිව්වලු.‘‘ මම හිතුවා හරි මටත් හොරෙන් කට්ටිය කසාදේ තීන්දුත් කරලා. මම හිතුවේ මෙහෙම දේකදී අම්මා හුගක් කළබල වෙයි කියලනේ.. පුදුමයි.. අම්මා දිනිදු අයියට කැමතී වෙලා.

‘‘සදා.. ඇයි සද්ද නැත්තේ .. තරහද .. මම කරපු දෙයක් නෙමෙයි පැටියෝ.‘‘ ඔහු කණගාටුවෙන් පවසද්දී මටත් දුකක් දැනුනී.

‘‘තරහා නෑ දිනිදු අයියේ. ඒත්..‘‘

‘‘හරි හරි මැට්ටී.. මම දන්නවා. ඔයාලගේ අම්මත් කිව්වලු දැන්ම මේ දෙවල් කතා වුණාට ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකන් ඉන්න ඕනේ කියලා.. මටත් කිසිම හදිස්සියක් නෑ.. ඔයා හෙමින් හිත හදා ගන්නකෝ.. මම කරදර කරන්නේ නෑ ප්‍රොමිස්..‘‘ සැබවින්ම ඔහු මොන තරම් මා ගැන සිතනවා දැයි මම කල්පනා කෙරුවෙමී. අම්මා මා ගැන වැරදියට සිතනවා ඇත්දැයි මට වරෙක සිතුණි. ජීවිතේට වෙන්න තියෙන දේවල් තමා මේ වෙනවා ඇතිතේ මම හිත සනසා ගන්නට උත්සහ ගත්තෙමී.

‘‘හරි හරි දිනිදු අයියේ මට ක්ලාස් යන්න පරක්කු වෙනවා මම තියන්නද?.‘‘

‘‘හරි මැට්ටී.. එක දෙයක් කියනවද තියන්න කලින්.‘‘

‘‘මොකද්ද දිනිදු අයියේ..‘‘ මම පුදුමයෙන් විමසුවෙමී.

‘‘ඔයා මගේ වෙන්න අකමැති නෑ නේද පැටියෝ.‘‘

‘‘මට කල් දෙන්න දිනිදු අයියේ.‘‘

‘‘හරි.. බුදු සරණයි. පරිස්සමින් යන්න.. හවසට මම එනවා ඔයාව ගන්න.‘‘ මම එපා කියන්නට සැරසුණත් ඔහු ඇමතුම විසන්දී කර තිබුණි.

    උදේ මුළුතැන් ගෙට ගිය වෙලේ සිටම මම අම්මා දෙස බැලුවේ හොරැහිනී. මට ඇයට මුහුණ දීමට අපහසු බවක් දැනුනේ ඇය සියල්ල දන්නා බව මම දන්නා නිසා වෙමී.

‘‘අම්මේ මම ගිහින් එන්නම්.‘‘ මම අම්මාගේ දෙපා නැමද කීවෙමී.

‘‘තුණුරුවන්ගේ සරණයි මගේ දූට..  මම හවසට පාරට එන්නම්.‘‘ ඇය මා ගැන වෙහෙසීම ගැන දුකක් දැනුන නිසා දිනිදු අයියා එන බව මම පැවසුවෙමී. ඇය මට හොරෙන් හිනා වෙන අයුරු දැක මටත් පොඩී සතුටක් දැනුනී. 

  මම බස් නැවතුමට පැමිණෙන තුරම දිනිදු අයියා ගැන කල්පනා කෙරුවෙමී. ඇත්තටම දිනිදු අයියා හොද කෙනෙක්.. ආන්ටීත් පුදුම ආදරෙයි මට.. අනුහස් සර්, අක්කා. ඒ අයටත් මම හුගක් කැමතී. එයාලා එක්ක මට සතුටින් ඉන්න පුළුවන්. දිනිදු අයියා අම්මටත් ආදරෙයි. කවදා හරි අම්මව මගේ ළග තියා ගන්න වුණත් එයා කැමති වෙයි. පුදුමම දේ.. මටත් හොරෙන් අම්මා දිනිදු අයියට කැමති වුණ එක. මම බස් නැවතුමට පැමිණෙන තුරු ඔහු ගැන කල්පනා කලෙමි. බස් නැවත්ම දකින් සෑම විටම එදා ගගන කළ දෙය මට සිහි වෙයි. ගගනව සිහිවෙයි.. ඔයා මා එක්ක හිටියා නම් අම්මා ඔයාට කැමති වෙයි දිනිදු අයියටත් වඩා. මට ඔයාව නැති වුනේ කොහොමද?

        ගගනත් දිනිදුත් අතර මගේ සිත දොළනය වෙමින් කාලය ඉගිල යයි. ආත්මයටම කාවැදුනු ගගන මට මගේ ජීවිතයෙන් දුරස් කළ නොහැකිය. ඔහුට නම් දැන් මාව හොදටම අමතකය. දවසින් දවස ඔහුගේත් සුදු නංගිගේත් ආදර කතාව මුහුණු පොත හරහා මට දැන ගන්න ලැබෙයි.ඔහු දමන සියලු චායාරූප මගේ ගිණුම සමග අමුණා දමා ඔහු නිතර මගේ සිත පෑරුවේය. ඒ දමන එක චායා රුවක් වත් එක් දිනකට වඩා මුහුණු පොත තුළ නොතබා ඉවත් කරන නිසා ඔහු මට රිද්දන්නටම එවැනී දේ කරන බව මට වැටහී තිබුණි.. නිතර ඔහුගේ මතකයන්ගෙන් ඈත් වීමට මම වෙහෙසුනෙමී.

     දිනිදුගේ පරිඝණක අලෙවී ආයතනය විවෘත කරන දිනය උදා විය.. උදෙන් අවදී වුණ අම්මත් මමත් කැවිලිද භාජන වල අසුරාගෙන යාමට සුදානම් වුනෙමූ. අපි පාරට ගොස් බස් එකක යන්න හිතුවත් තිබුණු බෑග් මළු නිසා ඒ ගමන අසිරූ බව මම සිතුවෙමි.

‘‘අම්මේ ත්‍රීවිල් එකක් අරන් යමුද? මේ සරිත් ඇදන් බඩුත් උස්සන් යනන් බෑනේ.‘‘ මම සාරියේ සැරි සදමින් අම්මාට යෝජනා කලෙමී.

‘‘ඔයාට ඇත්තටම ලස්සනයි දු ඒ සාරිය.. මගේ දු මනමාලියක් වුණ දවසට මොන තරම් ලස්සනට ඉදීද? ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.‘‘  අම්මා මාව ආදරයෙන් තුරුල් කර ගනිමින් පැවාය. පිටතින් ඇසුනු වාහන හඩත් සමග අපි ස්තෝප්පුවට ආවෙමු. සිනා සෙමින් අපි වෙතට ආවේ අනුහස් සර්ය. ඔහු අපි එක්කාගෙන යාමට පැමිණ තිබුණී.

‘‘දෙන්නා ලැස්ති නේද?. කෝ දෙන්න ඔය කවර ටික.‘‘ අනුහස් සර් ස්තෝප්පුවේ පුටුව මත වූ කවර ටික අතට ගනිමින් පැවසුවේය.

‘‘සෑහෙන්න කෑම හදලා වගේ ..සෑහෙන්න බරයි..‘‘

‘‘නැතුව නැතුව මදි නොකියන්න හැදුවා.. ‘‘අම්මා අනුහස් සර්ගේ සිනහවට හවුල් වුවාය.

‘‘එහෙනම් අපට බරටම කදමළු හම්බෙයි.. ඒකත් නරකම නෑ‘‘ අනුහස් සර් එලෙස පවසමින් මා දෙස හොරෙන් බැලුවේය.

‘‘ෂා සදනිගේ ලස්සන.. අද අපේ එකා ගීලී. ‘‘අනුහස් සර්ට අම්මා එතන සිටින බවද අමතක වි තිබුණී. එය නෑසුණ ගානට අම්මා ගෙට ඇතුල් වෙද්දී මම  ලැජ්ජිවෙන් ඉවත බලා ගත්තෙමී. අනුහස් සර් එතරම් කටකාරයෙක් බව මම දැන නොසිටියෙමී. මම ඔහු දැක තිබුනේ තැම්පත් නීති ගරුක චරිතයක් ලෙසය. කියපු දේ වැරදී බව වැටහුණ නිසාදෝ අනුහස් සර් මළු ටිකද රැගෙන කාර් එක දෙසට ගියේය.

     සිතුවටත් වඩා ජයට උත්සවය සංවිධානය කර ඇත. අලංකාර ලෙස මුළු ගොඩනැගිල්ලම සරසා තිබුණී.  ගොඩනැගිල්ලේ නිදහස් ස්ථානයක තබා තිබූ මේසය මත අපි නැවිලි තබා පිළියෙල කලෙමු. තවත් තැනක විශාල පිත්තල කුකුළා පහනක් පිළියෙල කර තිබුණී. අළුතින්ම ගෙන විත් තිබුණ සෙටියේ වාඩී වුණ මම කුකුළ පහනේ එල්ලීමට සුදු මල් වැලක් ඇමුණුවෙමී. මා අසලිනම වාඩී වු අක්කා දරුවා සුරතල් කරමින්  මා සමග කතා කලාය. අනුහස් සර්ගේ අම්මාට අපේ අම්මා නැතුවම බැරි වී තිබුණී . ආපු වෙලාවේ සිට ඔවුන් දෙදෙනාගේ කතාවේ නිමක් නොවීය.

   දිනිදු සිටින්නේ මා ළගට එන්නට ක්‍රමයක් නැතිව බව මට දැනුන නිසාම,මම අක්කා ළගටම වී සිටියෙමී. මා දෙසම බලා සිටි ඔහු කීපවරක්ම මට එන්නට යැයි ඉගි කළේය. මම නොදැක්කා මෙන් සිටියෙමී. මල් වැල අමුණා අවසන් කළ මම පෙති කැඩුණු මල් ටික විසි කිරීමට කුණු කූඩය වෙත ගියෙමී.

‘‘මෙහේ එනවා මැට්ටී.‘‘ දිනිදු මගේ ළගට පැමිණ අතින් අදින් තුරුම ඔහු ආ බව මට නොදැනුනී.‘‘

‘‘මොකද මැට්ටෝ..‘‘  ඔහුගේ සවිමත් දෑතට මගේ දෙයත් තද වෙද්දී මම ඔහු දෙසම බලා විමසුවෙමී.

‘‘ඔයා අද හරිම ලස්සනයි.. මේ ළා දම්පාට ඔයාට හොදට ගැළපෙනවා.. මම ඔයා සාරියක් ඇදන් ඉන්නවා දැක්කමයිනේ .. ඇත්තටම ලස්සනයි.‘‘ඔහු මට ඔහුගේ දෑස් මගාරින්නට ඉඩ නොදුන්නේය.

‘‘තව..‘‘

‘‘තව ...තියේ දැම්ම කියන්න බෑ.. ..‘‘

‘‘ඇයි...‘‘

‘‘ඔයා මාත් එක්ක තරහා වෙයි.‘‘ ඔහුගේ දෙනෙත් තුළින් මාවම දකින්න මට හැකි විය. මද වෙලාවක නිහඩ බවකින් පසු මම ඔහු දෙස බැලුවෙමී.

‘‘ගිලින්න හිතුණද?.‘‘ මට ඒ වචනය ඉබේටම කියවුණි.

‘‘මොකක්... මොනවද මැට්ටී කියන්නේ..‘‘ එවිට පැවසූ වචන වැරදී බව සිහිපත් වී මට අපහසුතාවයක් දැනෙන්න විය.

‘‘අනුහස්.. සර්... තමා කි..ව්වේ.. අපේ.. පොඩී...ට ගිලි..න්න හිතෙයි කියලා... ‘‘ මම වරද නිවැරදී කර ගැනීමට උත්සහ ගත්තෙමී.

‘‘හ්ම්ම්ම්..ගිලින්න හිතෙනවා  තමා...‘‘

‘‘කවුරු හරි දකී... මට යන්න දෙන්නකෝ.‘‘ මම ඔහුව තල්ලු කරගෙන යන්නට සැරසුණෙමී.

‘‘සදනී අද නම් එක දෙයක් කියනකන්... ඔයාට යන්න දෙන්නෙම නෑ..‘‘

‘‘මොකද්ද?‘‘ මම ඔහුගේ දෙනෙත් මගාරිමින් විමසුවෙමී. ඒ වන විට මගේ හදවතේ ගැස්මද වේගත් වි තිබුණී.

‘‘කෝ මගේ ඇස් දෙක දිහා බලන්න.‘‘ ඔහු මගේ නිකටින් අල්ලා ඔහු දෙසට මුහුණ හරවා ගත්තේය.

‘‘එකම එක පාරක් ආදරෙයි කියන්න.... ප්ලීස්... කල් ඕනේකියලා නම් කියන්න එපා...‘‘

‘‘අනේ දිනිදු අයියේ නැකත පහු වෙයි.‘‘මම එතනින් ඉවත් වීමට උත්සහ ගත්තේ දැනුන ලැජ්ජාව නිසා වෙනී.

‘‘මේ... තව වෙලා තියෙයි... ..ඔහු මට අතේ බැද තිබු ඔරලෝසුව පෙන්නුවේය.

‘‘ඇත්තටම ඔයාට මං ගැන හැගීමක් නැද්ද සදා...‘‘

‘‘මම ඔයාට කැමතී දිනිදු අයියේ..‘‘ මම බිම බලාගෙන පැවසුවෙමී.

‘‘ආයි කියන්න .. ඒ කිව්වේ.. ‘‘

‘‘ආදරෙයි මැට්ටෝ....‘‘ ඔහු සිතන්නටත් කලින් මම ඔහුව තල්ලු කරගෙන පැන ගත්තෙමී. අනතුරුව මම සෙටියේ වාඩී වී ඔහු දෙස බැලුවෙමී. ඒ වන විට තරූෂත් ඔහු අසලට පැමිණ සිටියේය. දිනිදුගේ නෙත් තවමත් මා දෙසම රැදී තිබුණී ..

‘‘දැන් නැකත ළගයි අපි ලෑස්ති වෙමු නේද?.‘‘ සියළු දෙනාම පහණ වටා එක් විය. සුභ මොහොතින් පහන දැල් වුවේ මම විසිණී.. මම පහන් සිල දල්වන අතර තුර දිනිදු දෙස බැලුවෙමී. ඔහු දෙනෙත් දල්වා මා දෙස බලා වුන්නේය. සූදානම් කර තිබූ කෑම මේසයෙන්  පිගානකට කිරිබත් සහ ලුණු මිරිස් දමා ගත් දිනිදු නොසිතු අයුරින් මා අසලට පැමිණියේය. මුල්ම කිරිබත් කෑල්ල ඔහු මට කැවීය.. එය ප්‍රතික්ෂේප කරන්නට මට ලෝභ සිතුණි. සියල්ලන් දන්න රහස තවත් සැගවීමට මට අවශ්‍ය නොවීය. මම සියල්ලන් ඉදිරියේ ඔහු හට මට ළං වන්නට ඉඩ සැලැස්සුවෙමී

‘‘අම්මටත් දෙන්න දිනිදු අයියේ.‘‘ ඔහු නෙතු නොසලා මා දෙස බලා ඉදිද්දී අතින් අල්ලා මම ඔහුගේ අම්මාටත් අනුහස් සර්ටත් ,අක්කාටත් කිරි බත් කැව්වෙමී.කිරි බතුත් කැවිලිත් රස බැලු අපි සතුටින් එම අවස්ථාව සැමරුවෙමු. මුල්ම මිළදී ගැනීමද මටම කරන ලෙස සියල්ලන් ඉල්ලා සිටි නිසා මම එයද සිදු කළෙමී. දිනුදු මොන තරම් සතුටින් සිටී දැයි ඔහුගේ මුහුණෙන්ම මම වටහා ගත හැකී විය. මගෙ ළගින්ම සිටි ඔහු, මා හොරෙන්ම ඔහුගේ කරගෙන තිබුණී.

‘‘සදා....‘‘ සියල්ලන් එහෙ මෙහෙ වෙනකන් සිටි දිනිදු මට ළං වුවේයෙ.

‘‘හ්ම්ම්ම්ම්..‘‘

‘‘ඇත්තටමයි නේද කිව්වේ.‘‘

‘‘මොනවද?‘‘ ඔහු තවත් මට ළං වී වාඩි වෙද්දි මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමී.

‘‘ආදරෙයි...‘‘

‘‘ඇත්තමයි.‘‘‘

‘‘සත්තයි.‘‘

‘‘සත්තයි.‘‘ මම එතනින් නැගිට යමින් ආපසු බලා පැවසුවෙමී.

‘‘ඔහොම ඉන්නවා හොර කෙල්ල.‘‘ ඔහු මා පසු පස දුවගෙන ආවේය. දුවගෙන ගිය මම අම්මාගේ උරහිස මත මුහුණ රදවාගෙන තුරුළුව වෙමින් නතර වුනෙමී. අම්මා සිටියේ ඔහුගේ අම්මා සමග ලොකු කතාවක වුවාය.

‘‘මොකද පොඩි ළමයි දෙන්නෙක් වගේ ඔට්ටු තියනවද?‘‘ අපි දෙදෙනාම දුවන් ආ බව දුටු දිනිදුගේ අම්මා පැවසුවාය.

‘‘අපි තාම පොඩී තමයි අම්මියෝ. ‘‘දිනිදුත් අම්මා ළග නතර වී මා දෙස බැලුවේය.

    මගේ ජීවතේ වෙනස්ම පැත්තකට පෙරලු දවස නිමා වෙද්දී අම්මාත් මමත් නිවෙස් බලා ගියෙමූ. අම්මාද වුනනේ අද දිනය ගැන ලොකු තෘප්තිමත් බවකින් වුවාය. කලින්ම යහනට වැටනු මට සිතන්නට , සිතින් විද ගන්නට, විශාල සිදුවිම් රැසක් එක් වී තිබුණි. මොහොතක් වත් නෙතු පියන්න ඉඩ නොදුන් සොදුරු සිදුවීම් සිහි ගන්වමින් මම තනිව සිනා වුනෙමි. හිතේ කොනක දුකක් වී තවමත් ගගනගේ මතකයන්, ළමා කාලයේ සොදුරු ඉසව් රැදී තිබේ. ඉන් මිදිමට මට නොහැකිය. නමුත් මම වෙනුවෙන් පෙරුම් පුරන දිනිදුගේ සතුට මගේ කර ගැනීමට මම තීරණය කර හමාරය. ගගන ඉස්සරටත් වඩා සතුටින් බව මම දනිමි. එය මගේ සිතට ලොකු සහනයකි.

   මට වැඩි වෙලා සිහින දකින්නට දිනිදු ඉඩ නොදෙයි. පැයකට වැඩි කාලයක් ඔහු මගෙන් ඈත් වි නොසිටී. නිතර ඇමතුම් ගන්නටත්, කෙටි පණීවිඩ එවන්නටත් ඔහු හුරු වී සිටියේය. ඔහු නිතර මා සතුටුන් තබන්නට වුත්සහ ගත්තේය.

  තවත් මාස තුනක් ගත වී තිබුණී. දැන් දිනිදුගෙත් මගේත් ආදරයට මාස තුනකී.. අපි දෙදෙනා වෙන් කරන්නට බැරි තරමටම ළං වී සිටියෙමු. ආදරෙන් බැදී සිටියෙමු.. වරෙක ගගන මගේ ජීවිතෙන් ඈත් වීම ධෛවයට අනුව සිදු වු දෙයක් ලෙස දැන් මට සිතෙයි..

 නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 01:22 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 04 Feb 2017 06:42 AM
25 ත් කියෙව්වා
වෙලාවකට හිතෙනවා අනුහස් දිනිදු දෙන්නා ගේමක් ගහල ගගනය පැත්තකට කලාවත්ද කියල
සෑහෙන්න දුර හිතනවා නේද?... බලමුකෝ  කොයි පිටට පෙරලෙයිද මන්දා..

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Feb 2017 09:21 PM
  •  Quote
  •  Reply
තාම බදින දවස ඇවිල්ල නැද්ද මන්දා.මෙයාලා පොඩි අයනේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
Add Reply
Page 6 of 11 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below