Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Apr 2017 12:16 AM by සඳුනි හිරුයි තරුයි 200 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 11 << < 678910 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 10 Feb 2017 02:39 PM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 10 Feb 2017 02:42 PM Quote Reply හිරුයි තරුයි. තිස්එක්වන කොටස. ‘‘යමුද?... අම්මේ අපි ගිහින් එන්නම් එහෙනම්.‘‘ අම්මාගේ දෙපා නැමද මම නිවසින් පිට වුනෙමී. කාර් එකට නැගුණ අපි නගරය කර ගමන් කරන්න විය. ‘‘කෙල්ල හරි සතුටින් නේද?.‘‘ දිනිදු සැරින් සැරේ මගේ දිහා බලමින් කිව්වේය.. මම එයට සිනහවකින්ම උත්තර දුන්නෙමී. අවුරුදු ගානක් ආදරේ කරලා එක වහලක් යටට වෙන්න හදද්දී සතුටු නැද්ද?. ආදරේ කරන හැමෝම ප්‍රාර්ථානා කරන්නේ හැමදාම තමන් ආදරේ කරන කෙනාගේ ළගටම වෙලා ඉන්න.. දිනිදු මට දුන්න ආදරෙත් එක්ක මට එයා ගැන ලොකු විශ්වාසයක් තිබුණි. දිනිදු මම වෙනුවෙන් හුගක් දේවල් වෙනස් කර ගත්තේය.. කලින් වැරදී කරන්න ඇති ඒත් එයා යහපත් කෙනෙක් විය.. වුණ පුංචී පුංචී සිදුවීම් එක්ක දිනිදුත් මාව රවට්ටනවා ඇද්ද කියලා මට හිතුනත් ඒ අවස්ථා වලදී මම මගේ හිතටම තරවටු කර ගත්තේ ඔයා කොහොමද දිනිදු ගැන ඒ විදියට හිතන්නේ වත් කියලා සිතමින් විය. ගගන වෙනස් වුණාට හැම පිරිමියම එක වගේ නෑ කියලත් මම නිතරම හිතට දොස් පැවරුවෙමී. ‘‘මොනවද කෙල්ල හිතන්නේ.‘‘ එවර දිනිදු මගේ දිහා බැලුවේ ඉදිරිපස කණ්ණාඩියෙන්ය.. මාත් හොරෙන්ම ඒ හරහාම ඔහු දෙස බැලුවෙමී. ‘‘මම මේ හිතුවේ... අපරාදේ මම ලොකු අමාරුවක වැටෙන්න යනවා නේද කියලා.‘‘ මම දිනිදු දිහා හොරෙන් බලගෙන් කියද්දී ඔහුගේ මුහුනේ නොවැටහුන බවක් පෙනුනී. ‘‘ඒ කිව්වේ.‘‘ ‘‘ඔයාව බැදගෙන මම අමාරුවේ වැටෙන්න යනවා කිව්වේ.‘‘ මම හයියෙන් සිනාහා වෙමින් පැවසුවෙමී. ‘‘මොන රටේද මැට්ටී.. කසාද බැන්දම ගෑනු අමාරුවේ වැටෙන්නේ... බැද ගත්තම අහිංසක අපි තමා අමාරුවේ වැටෙන්නේ.‘‘ ‘‘ ආ... එහෙමද?... ඉතින් නොබැද ඉන්න බැරියා..‘‘ මම බොරු තරහක් මුහුණට ගෙන ගස්සා අහක බලා ගත්තෙමි. ‘‘පේනවා නේද? බදින්න කලින් දාන ගෑස්.. බැන්දම කොහොම තියෙද?.‘‘ ‘‘ඔයා හරි නරකයි දිනිදු අයියේ.‘‘ මම ඔහුගේ උරහිස රිදෙන්නම කෙනිත්තුවෙමී. ‘‘ආයී.. ආයී... මැට්ටී.. මේ වාහනේ කැලේ යයි ඈ...‘‘ ඔහු සිහහා වෙමින් පැවසුවේ මගෙන් බේරෙන්න එහාට වෙන ගමන් වුවේය. ‘‘කමක් නෑ.. හ්ම්ම්.‘‘ රවාගෙන ඔහු දෙස බැලුවත් මට සිනහව සගවා ගැනිමට නොහැකි විය.. ‘‘..ඒ..ඔන්න කැකිරි දතක් පේනවා..‘‘එවිට මගේ හිනාව එපියට පැන්නේය ‘‘ අපෝ මැට්ටී.. රවන්නවත් දන්නේ කෑ..‘‘ ‘‘ඔයා දන්නවනේ.. ‘‘මම දන්නවා තමා..‘‘ ඔහු එවර රවා ගත්තේය. ‘‘ඇති ඇති ඉතින්.. ඔය රගපෑවා දැක්කම බය හිතෙනවා.. ෂික් මුනේ කැත.‘‘ ‘‘වෙඩින් එකෙන් පස්සෙම මූනේ කැත බැලුවා නම් ඉවරනේ.‘‘ ඔහුත් මගේ සිනහවටම එක් වෙමින් කීවෙමී. ‘‘මේ ඒක නෙමෙයි.. ගගනට වෙඩින් එක කිව්වද?.‘‘ දිනිදු එක පාරටම එහෙම කියද්දී.. මගේ මූණ නිකම්ම වෙනස් විය. ‘‘හ්ම්ම්ම.. අම්මා ගගනලාගේ ගෙදරට කිව්වා. ගගනටත් කාඩ් එකක් පොස්ට් කලා.‘‘ ‘‘එයිද?.‘‘ මොකද දිනිදු අයියා ගගන ගැන මේ හැටි අහන්නේ.. තාමත් ගගන ගැන හිතේ තියෙයි කියලා හිතනවා වත්ද?. මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමී. ‘‘මොකද ළමයෝ ඔහොම බලන්නේ.‘‘ ‘‘දිනිදු අයියේ... ඔයා තාමත් හිතනවද මම ගගන ගැන හිතනවා කියලා.‘‘ මම ඒක ඇහුවේ ඇත්තටම දුකෙන්මි. මම ගගනට ආදරෙන් සිටි බව ඇත්තය.. නමුත් මම දැන් ආදරේ කරන්නේ දිනිදුට පමණකී. ‘‘ඒ මැට්ටී.. මම නිකන් ඇහුවේ..ගගනයා මගෙත් යාළුවනේ.. ඔයා දන්නවද ගගන අර ග්ර්ල් එක්ක එන්ගේජ් වෙලා. මම හෝම්කමින් එකට දෙන්නටම ඉන්වයිට් කලා..‘‘ දිනිදු හරිම සැහැල්ලුවෙන් කියන් ගියේය. අනේ හොදයි.. ගගයි ඒ ගෑනු ළමයයි ආදරෙන් ඉන්නවා නම් මොන තරම් දෙයක්ද?.. ඇත්තටම ගගන හොද කෙනෙක්.. එයාට සුදු නංගී ගැන මට හංගන්න හේතුවක් තියෙන්න ඇති. කොහොම හරි.. සේරම හොදින් සිද්ද වෙනවනේ . මම සුසුමක් හෙලා සිත සැහැල්ලු කර ගත්තෙමී. සැලුන් එකට ගොඩවැදුන අපිව එහි හිමිකාරිය වු.. වත්සලා අක්කා ආරයෙන් පිළිගත්තාය. කීපසැරයක් මෙහි පැමිණි නිසා ඇයට අපිව හොදින්ම මතක තිබුණි.. ‘‘එහෙනම් දිනිදු මල්ලී මෙතන ඉන්න.. අපි මුලින්ම නංගිට ජැකට් පිට් කරලා බලන්නම්කෝ..‘‘ ඇය දිනිදුට සෙටිය පෙන්වමින් කීවාය. ‘හරි වත්සලා අක්කේ.‘‘ ‘‘දැම්ම නම් කොල්ලට බලන්න ලැබෙන්නේ නෑ.. අර රෑටම තමා ජැකට් පිට් වෙලාද බලන්න වෙන්නේ... ‘‘ ඇය කිව් දෙය වැටහුනු දිනිදු ලැජ්ජාශීලී සිනහවක් නැගුවෙය. ඇයටත් කලින් මම සැලුන් එකේ ඇතුල් කාමරයකට පිවිසුනේ දැනුන ලැජ්ජාව නිසා වෙමී. ඇයෙ සාරි හැට්ටය ලස්සනට නිමවා තිබුණි.. රන් පැහැයට හුරු ලේස් රෙද්දකින් අත් දිගට සහ වැඩි පුර පිට නිරාවරනය වන අයුරින් මසා තිබුනී... සාරි හැට්ටය පුරා දිළිසෙන මුතු පබළු අලවා තිබුණි.. ඒ විලාසිතාව අපි ගත් සාරියට හොදින්ම ගැලපී ඇත. දෙවෙනී දවස සදහා.. රතු පැහැ ඉන්දියන් ක්‍රමයට සාරියක් සූදානම් කරන ලෙස අපි ඇයිට දන්නා තිබුණි. පළමු දින හවස අවන්හලට පිට වීමට පෙර අදින්නට දම් පැහැ අත් නැති දිග ගව්මක් මසා තිබුනේ.. දිනිදුගේ ඉල්ලීම මතය. මගේ ඇගට හොදටම කැපෙන පාට දම් ලෙස ඔහු පැවසු නිසා.. ඉනෙන් උඩ කොටස හොදට ඇගට තද වන අයුරින් එම ගවුම මසා තිබුණි.. ‘‘ෂා ... දිනිදු මල්ලි කිව්වා හරියට හරි.. අනිත් සේරටම වඩා.. මේ ගවුමට ඔයා.. හරියටම මැචිං..‘‘ මගෙන් මදක් ඈත් වු වත්සලා අක්කා ඉහේ සිට දෙපයටම බලන්න වුවාය. මට දැන්නේ ලැජ්ජාවකී.. මම ඇය සමග අපහසුවෙන් හිනා වෙද්දී.‘‘ ඔහොම ලැජ්ජ වෙලා නම් බෑ.. මල්ලී ලැජ්ජා ඇරලා ගන්නේ නැතෑ නේද?‘‘ ඇය මා අසලට පැමිණ ගවුම සකසන්න වුවාය. ‘‘ඔන්න කොල්ලේ කොස්ටියුම් ටික නම් හරි.. බොකේ එක ප්‍රේෂ් මල්වලින්නේ ඕනේ කිව්වේ.. ඒවා වෙඩින් එකට කලින් දා හදන්න වෙන්නේ.. කෝ දෙවෙනී මණමාලියෝ, පවර් ගල්ස්ලා.. මම මල්ලිට කිව්වනේ එයාලවත් එක්ක එන්න කියලා.. තව එයාලටත් පේෂල් කරන්න තියෙයි.‘‘ ඇය කියවාගෙන ගියාය. ‘‘දිනිදු අයියට අමතක වෙලා වගේ.. අපි කියමු එක්ක එන්න කියලා.‘‘ මම පිටතට යන්න සැරසුනෙමී... ‘‘හේ... ඩාලිං කොහෙද යන්නේ.‘‘ මම යන්නට සැරසෙද්දී ඇය විමසුවාය. ‘‘දිනිදු අයියට කියන්න.. ‘‘ ‘‘ඔය ඩ්‍රස් එකත් ඇදන්.. ඕ.. ඩාලිං ඔය ඇදුම දැන්නම දිනිදු මල්ලියට දකින්න දෙන්න එපා.. මම කියන්නම් ඔයා චේන්ජ් කරන් පේශ්ල් එකට රෙඩි වෙන්නකෝ.‘‘ ඇගේ කතාවට සිනහා වුණ මම ඇදුම් පරිස්සම ගලවා තැබුවෙමී. ‘‘ ඕ.. හරි නේද?... හරියප් එන්න චෙයා එකට.. මල්ලි ගියා .‘‘ ඇය මා අසුනට අඩ ගසා ගත්තාය.දිනිදු අයියා නැවත පැමිණෙන විට මට මාවම අදුර ගන්න බැරි තරමට වෙනස් වි තිබුණි. ඇහිබැමි සැකසීම් නිසා මදක් මුහුණ තඩිස්සී වි තිබුණි. ‘‘ෂා.. බලහල්ලකෝ මෙයාගේ ලස්සන..‘‘ සයුමී.. මාගේ මුහුණට එබෙමින් නතර විය. මල් කුමාරියට ගෙන තිබුණේද සයුමිගේ අක්කාගේ දුවෙකී.. මම ඇය සමග සිනහා වු විට ඇය ලැජ්ජාවෙන් ඇඹරුණාය. ‘‘දූගේ අම්මා එක්ක ආවේ නැද්ද?.‘‘ මම විමසුවෙමී. ‘‘අම්මා මොකට නේද බබා.. පුංචි ඉද්දී.‘‘ සයුමීත් ඇගේ කර වටා අතක් යවා ගනිමින් පැවසුවේය. ‘‘ඕ මෙයා ඔයාගේ අක්කගේ ඩොටර්ද?.. වත්සලා අක්කා ඇගේ භාෂාවෙන්ම විමසුනේය. ‘‘අනේ ඔව් වස්සලා අක්කේ.‘‘ ‘‘ඒක හොදයි.. නැත්තම්.. පවර් ගල්ව පොටොස් වලට තියා ගන්න හරි අමාරුයි විශේෂයෙන් මෙච්චර චූටී බබෙක්.‘‘ ඇය කුඩා දියණියගේ හිස අත ගාමින් පැවසුවාය.. සියලු කටයුතු වලින් පසු අපි පිට වීමට සැරසුනෙමු... ‘‘ මතක ඇතිව මම කිවු පිළිවෙලට මූණට ටීට්මන්ට් ටික කරන්න.. අනිවාරෙන් නෙස්ට් වීක් එකෙත් එන්න.. මේ බේබිව නම් එක්ක එන්න ඕනේ නැ.‘‘ ඇය තවත් තරුණයක් ආසනයට නංවා ගනිමින් පැවසුවාය. ‘‘මොකද සදා මුණත් එක්ක වෙනස් වෙලා.‘‘ ‘‘වෙනස් වෙලා නෙමෙයි.. ඉදිමිලා.. ‘‘ සියුමි සිනහා සෙමින් පවසන්න වුවාය. ‘‘ ඇත්තම තමා.. රිදුනද සදා..‘‘ ‘‘ඔන්න දීපංකෝ උත්තර...‘‘ සයුමී.. බක බක ගා සිනහා වෙයි.. මම මොකුත් නොකියාම කාර් එකට නැගුනෙමී. සයුමිව නිවසටම ඇරලු අපි නිවෙස් බලා ගියෙමු. විවාහයෙන් පසු රැකියාවක් කරනවාට දිනිදු පොඩ්ඩක් වත් කැමැති නොවිය. දිනිදු පවසන්නේ.. පේනවනේ.. සුදු අක්කා.. එයත් වැඩට යන්නේ නෑ.. ඔයා ඉගෙන ගත්තා වුණාට මහන්සි වෙන්න ඕනේ නෑ.. ඔයාව ආදරෙන් බලා ගන්න දැන් මට කොහොමත් පුළුවන් යනුවෙනී. ඒ නිසාම මම විවාහයට සතියක් තිබියදී ආයතනයෙන් ඉල්ලා අස් වුනෙමී. අනුහස් සර්ද පැවසුවේ.. බොරුවට ජොබ් කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ යනුවෙනී. මගේ අස් වීමෙන් වැඩියෙන්ම දුක් වුණේ. සයුමිය.. ආයතනය තුළ ඇයට සිටි හොදම යෙහෙළිය මම නිසාදෝ.. ඇය පැවසුවේ.. උබ කරන්නේ උබේ ස්වාධීනත්වය නැති කර ගන්න එක.. මම නම් කියන්නේ.. කොහොම හරි දිනිදු කැමති කරන් උබ දිගටම වැඩට වරෙන් යනුවෙනී. කෙසේ නමුත් මම ආයතනයෙන් ඉවත් වුනෙමී.. විවාහ මංගල්‍ය පැවැත්වෙන සුභ දිනය උදා විය.. පාන්දරින්ම උත්සවය සූදානම් කර තිබූ අවන්හලේ කාමරයක් තුළ වත්සලා අක්කා අතින් මා මනාලියක් ලෙස හැඩ ගැන්විය. ‘‘ඒ පට්ට බං.. අද දිනිදු අයියට නම් පිස්සු හැදෙයි..‘‘ සයුමී කටකාර ලෙස කියන්න විය. ‘‘ඒ මොකද?‘‘ ‘‘සුරංගනාවිගේ ලස්සන දැකලා. පොරුවේ නැග නැග ඉන්න බෑ කියලා උත්සන් යයිද දන්නෑ..‘‘ ඒ කතාවට වත්සලා අක්කත් හිනා වෙන්න විය. ‘‘කෝ බලන්න.. මගේ දූ.. අම්මාත් ආච්චී අම්මාත් කාමරයට ඇතුල් වෙනතුරු කිසිවෙක් දුටුවේ නැත. මගේ උරහිසින් අල්ලාගෙන ටික මොහොතක් බලා සිටි ඇය කදුළු පුරවා ගත් දෑසින් යුතුව මා වැළද ගත්තාය. ‘‘අනේ ලස්සනයි මගේ දූ.. දුගේ තාත්තට ඔයාව මණමලියෙක් වෙනවා දකින්න බැරිව ගියානේ.. අපි දෙන්න මොන තරම් සිහින මැව්වද දූ මනාමලියෙක් වෙන දවස ගැන.‘‘ ‘‘ඕ.. සදනී.. ඩාලිං... අඩන්න නම්.. එපා.. මේකප් සේරම අවුල් යයි.‘‘ මගේ මුහුණ අදුරු වෙද්දී.. වත්සලා අක්කා පවසන්න වුවාය. ‘‘අනේ... ඔව්.. මගේ කෙල්ල ලස්සනට ඉන්න ඕනේ ...අඩන්න එපා.. මාත් අඩන්නේ නෑ.. අම්මා ඇගේ කදුළු පිස ගනිමින් සිනහා වුණාය. ‘‘ඕ ඩාලිං.. ඔන්න.. කුමාරයා ආවා.. ෂා.. නියම උඩරට නිළමේ කෙනෙක් වගේ.. තරූෂ මල්ලී.. අර චූටි පුතයි එයි බුකේ දෙන්න.. ඔන්න.. ‘‘ඇය කාමරය පුරා.. නෙත් යවා බලමින් පැසුවාය.. කාමරයට පැමිණී.. තරූෂත් අනුහස් සර්ගේ චුටී පුතත් .. චායා රූප ශිල්පියා කියන අයුරින් සියල්ල ඉටු කලාය.. පුංචී වුණාට නිළෙමේ ඇදුමකුත් ඇදගෙන පුංචී පුතා දග නැතිව සිටිද්දී මට පුදුම සිතුනී. ‘‘පැංචෝ.‘‘ ‘‘චූචි නන්දී... අද අපේ ගෙදර නවතින්න එනවා නේද?.. අම්මී කූවා.. අද නන්දිට කලදල නොකර දග නොකල ඉන්න කියලා.‘‘ ‘‘හොද පුතා..‘‘ මට ඔහුට තවත් ආදරේ සිතුනී. ඉන් පසු.. පොරුවේ චාරිත්‍ර .. මුදු මාරු කිරීම්.. කේක් කැපීම්.. පහන් දැල්වීම් .. ඒ සියල්ලම.. පැමිණ සිටි අයගේ සතුටු සිනා මැද සිදු විය. අවන්හලේ අලංකාර පරපරය පුරා අපිව කැදවගෙන ගිය චායාරූප ශිල්පියා.. සුන්දර මතක සටහන් රැසක් අපිට උරුම කිරීමට වෑයම් කලේය. අන් කවරදාටත් වඩා.. දිනිදු අද සතුටින් ඇති බව ඔහුගේ මුහුණෙන්ම පැවසිය හැකිය. ඒ සතුට දකිද්දී.. මගේ සතුට සැනසීම තවත් වැඩි විය.. කාලය ගෙවී ගොස් උතසවය හමාර වන්නට කාලය ලගා විය.. ‘‘එහෙනම්.. සදනී.. කොස්ටියුම් චේජ් කරමු නේද?.. දැන් පොටෝ වලට ඉදලම දෙන්නට මහන්සී ඇති.‘‘ අපි අසලට පැමිණි වත්සලා අක්කා විමසුවාය. මම ඇය සමග යන්න සැරසුනෙමී. මගේ අතින් අල්ලගෙන සිටි දිනිදු අයියා මට යාමට අත අත් නොහැරියේය. මම අත ගන්නට උත්සහ ගනිද්දී ඔහු තව තවත් මගේ අත තදින් අල්ල ගත්තේ ලස්සන සිනහවකුත් සමගය. ‘‘දැන්මම කෙල්ලව අල්ල ගෙන.. හරි හරි අපි තියා ගන්නේ නෑ.. ලස්සනට සරසලා එවන්නම්කෝ..‘‘ කිසිත් නොපැවසු.. දිනිදු.. තව වරක් සිනාසී අත අත් හැරියේය. දිනිදුගේ හැසිරිමට සියල්ලන්ගේම මුහුණු වල ඇදුනේ.. සතුටකි.. මම ද තනිව සිනා වෙමින් වත්සලා අක්කා සමග ගියෙමී. දම් පැහැ දිග ගවුමෙන් සැසුණ මට දම් සුදු මල් මිශ්‍ර.. කුඩා මල් පොකුරක්ද අතට ලැබුණී.. ඉතා උස පාවහන් යුවලක් පැලද වුන් මම දිගු ගවුම දෙකොනින් අල්ලා කෙටි කරගෙන පඩියෙන් පඩිය බැස ආවෙමී. සියල්ලන් කාර් එක අසලට රොක්ව සිටියේය. දොර අභියස රැදී වුන්.. දිනිදුගේ නෙත් ආලෝකමත් ව දිදුලමින් මා වෙතටම යොමු වි තිබුණි. ළගට යන විටම මට අත පෑ ඔහු මගේ අත සිනිදුවට අල්ලා ගත්තේය. පිටත් වීමේ නැකතද උදා වී තිබු නිසා අපි දෙදෙනා අවන්හලෙන් පිට විමට පියවර නැගුවෙමු. ‘‘ ලස්සනයි.... ගිලින්න හිතෙනවා...‘‘ ඔහු මගේ කණට කර පැවසුවේය. එය මම ඔහුට ආදරෙයි කිව් දවසේ අනුහස් සර් කිව් වචනයයි.. මට ඒ වචන ඇසෙනවාත් සමග සිනහවක් නැගුනී. යමක් පුපුරණ හඩකුත් සමග දිළිසෙන කොළ කැබලි වැස්සක් අපගේ ඇග පුරා විසුරුණි.. අපි දෙදෙනා ඒවා පිස දමමින්..සුදු මල් දැමු වතුර වීදුරුවක් අතට ගත් අම්මා වෙත ළං වුනෙමු. ඇය පෙව් වතුර බිදි කිහිපය ගිලින්ට මට නොහැකි විය.. නොසිතු විලසින් ඇගෙන් වෙන් වී යාම ගැන මට ලොකු වේදනාවක් දැනෙන්න විය. මේ වන තුරුම මම වුන්නේ.. ඇගේ සෙවනේය. දිනිදු ළගින් සිටින බව දන්නවා වුණත් ඇගෙන් ඈත් විමට මට නොහැකි විය. මම ඇය වැළදගෙන ඇඩුවෙමී. ඉන්පසු සියල්ලට වැද ආශිර්වාද ලබා ගෙන මම දිනිදු සමග කාර් එකට නැගුනේ ද අඩමිණි.. මට කාර් එකට නගින්නට දොර හැර දුන් දිනිදු අනෙක් පසින් කාර් එකට නැගුණේය. තවමත් කාර් එකේ කව්ල්වෙන් අම්මාගේ අතක් අල්ලා ගත් මම හඩමී.. ‘‘අඩන්න එපා රත්තරං.. දිනිදු පුතා ඉන්නවනේ ඔයා එක්ක.. මගේ පුතේ මගේ දූව හොදට බලා ගන්න.‘‘ අම්මා කාර් එක තුළට එබෙමින් පැවසුවාය. කදුළුලින් තෙත් කර ගත් මුහුණින් දිනිදු අයියාගේ අම්මාත් අප සිපගෙන සමු දුන්නාය.. ළගටවත් නොපැමිණි.. අනුහස් සර්.. පසකට වී... නිසොල්මනේ බලා වුන්ණේය. අපේ කාර් එකට පිටු පසින්.. අපි මධුසමය ගත කරන අවන්හලට ඇරලවන්න යන පිරිස පැමිණෙයි. තවමත් ඉකි බිදුම් නවතා ගැනිමට නොහැකි වු මම දිනිදුගේ පපුවේ මුහුණ හොවාගෙන ඉකි බිදින්න වුනෙමී. ‘‘අඩන්න එපා රත්තරං.. ‘‘ දිනිදු මගේ උරහිස වටා අතක් යවා තුරුල් කර ගනිමින් පැවසුවේය. ටික දුරක් යන විට ඉකිබිදුම් මදින් මද අඩුවි ගියේය. අතර මගදී මුහුදු වෙරලක් අසල නතර වුණ අපි.. තවත් චායා රූප රැසක් ගත්තෙමී.. අවරගිරින හිරු සැගවෙමින් තිබු ඒ මොහොත මොන තරම් අපේ ජීවිතයට සුන්දරත්වයක් ගෙන දුන්නේ දැයි මට සිතුණි.. චායාරූප ශිල්පියෙක් ඉදිරිපිට සිටින බවද අමතක වන තරම ඒ මොහොත ආදරණිය විය. මගේ නෙත් දිනිදුගේ නෙත මතම රැදී තිබුණි. තද රත් පැහැ ගැන්වුණ හිරුගෙන් ගලා ආ රන් පැහැ හිරු කිරණ අපේ ආදාර දැහැන තවත් ආලෝක මත් කලේය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 11 Feb 2017 01:21 AM Quote Reply කියවගෙන ගියාට මොකෝ හෙන දෙගිඩියාවක් තියෙන්නෙ. චාරැක මොනවද කියන්නෙ යන්න කියල 0 සඳුනිVeteran MemberPosts:2462 11 Feb 2017 05:26 PM Quote Reply හ්ම්ම්.. කදුළු අත ළග... සදාගේ.... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 12 Feb 2017 04:20 AM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 12 Feb 2017 04:23 AM Quote Reply හිරුයි තරුයි. තිස්දෙකවන කොටස. ‘‘රත්තරං... ‘‘ චායාරූපයක් සදහා මගේ තුරුළුට හුගක්ම ළං වී සිටි ඔහු විමසුවේය. ‘‘ම්ම්ම්ම්ම්.... ඇයි දිනිදු අයියේ..‘‘ ‘‘අද ඉදන් ඔයා මගේ.. මගේ විතරමයි..‘‘ ඔහුගේ වදන් වල ගැබ් වී තිබූ ආදරණීය බව මා හදවතට සිව්ම් වේදනාවක් ඇති කලේය. ඔහුගේ පපුවට බර වුණ මම ‘‘මං ඔයාගේ විතරමයි.. ‘‘ පැවසුවෙමි.. ‘‘එහෙනම්... බොහොම ස්තුතියි.... එහෙනම්.. මම මෙතනින් නවතිනවා..‘‘ එලෙස අපිට පැවසු චායාරූප ශිල්පියා පිටව යද්දි මමත් දිනිදුත් නැවත කාර් එකට නැගුනෙමු.. අපි චායා රූප ගැනීමටට නතර වුණ මොහොතේ අප පිටු පසින් පැමිණි වෑන් එක ,අපි රාත්‍රිය ගත කරන අවන්හල වෙත නොනැවතී ගොස් තිබුණි. අපි දෙදෙනාත් අවන්හලට යාමට ගමන් ඇරඹුවෙමු.. ‘‘සදා... වස්තු...කෝ... අපි දැන් බහින්න ඕනේ.‘‘ මගේ උරහිසකින් අලවා සොලවමින් ඔහු පවසන්න වුවේය.අවන්හල ලගා වන විට මට දිනිදුගේ තුරුලේ හොදටම නිද්ද ගොස් තිබුණි.ඔහුගේ හඩින් පිබිදුණු මම මගේ දිගු ගවුම කෙටි කර අල්ලා ගනිමින් ඔහු සමග පියවර නැගුවෙමී. මේ සුන්දර රාත්‍රිය වෙනුවෙන් අපිටම වෙන් කර තිබු කාමරය අපිට උරුම කර දුන්.. අප දෙමාපියන් යන්නට සූදානම් විය. ‘‘සදා කෙල්ලේ මෙහෙ වරෙන්.. ‘‘ මොහොතකට පිරිසෙන් මා වෙන් කර ගත් මගේ ආච්චී අම්මා දෙයක් පවසන්නට සූදානම් විය. ‘‘ඇයි ආච්චී අම්මේ..‘‘ ‘‘සනුහරේ.. නම රැක ගනිං තේරුනාද .‘‘ ඇය එහෙම කියද්දී .. මගේ සිත ලැජ්ජාවෙන් බර විය. තවත් මොකුත් නොපැවසු මම ලැජ්ජාවෙන් ඇය දෙස බැලුවෙමී. මගේ සිනහවටම හවුල් වුණ ඇය මගේ හිස අත ගා නළල සිපගත්තාය. සියල්ලන් පිටව ගිය පසු කාමර තුළ ඉතිරිව සිටියේ ඔහුත් මාත් පමණකී.. මම කාමරය පුරා නෙත් යවා බැලුවෙමී. ‘‘ලස්සනද?‘‘ දිනිදුගේ කටහඩ මට ඇසුණේ රහසින් මෙනී. ඔහු සිටියේ පිටුපසින් මා වැළදගෙන උරතලය මත හිස හොවාගෙනය. ‘‘හ්ම්ම්.. හරිම ලස්සනයි.‘‘ මම එක් අතක් ඔහුගේ කොපුල මත රදවා සිවුම පිරි මදිමින් පැවසුවෙමී. කාමර පුරා තැනින් තැන දැල් වුන කුඩා විදිලි බුබුලු.. සුන්දර මද ආලෝකයක් කාමරය පුරා පතුරවා තිබුණි.. ඒ අදුරේ ගිලුණු අපි ආදරෙන් වෙලී සිටියෙමු.කාමරය සරසන්නට යොදා ගෙන තිබූ නැවුම් මල් නිසා.. අමුතුම සුගන්දයක්ද ඒ මොහොතට එක්ව තිබුණි.. තවත් කොනක අපි වෙනුවෙන් සුදානම් කර තිබු ආකර්ෂණිය කෑම මේසයකී. ‘‘මම කෑම මෙහෙට ගේන්න කිව්වා.. කමක් නෑනේ.. ‘‘ මම කෑම මේසය දෙස බලන බව දැනුන නිදාදො ඔහු නැවතත් හඩ අවදී කලේය. මගේ නෙත ඉන් පසු අපි වෙනුවෙන් පිළිවෙල වූ යහන වෙතට යොමු විය. ඒ මත පොරුව මතදී ලබා දුන්.. සුදු ඇතිරිල්ල අතුරා තිබුණි. එය දකින මට දැනුනේ අපහසුවකී. ලජ්ජාවෙන් හිත පුරවා ගත් මම ඔහු දෙසට හැරුවෙමි. ‘‘මොකද හදිස්සිද?... මුව සිප ගන්නට සැසුණු ඔහු විමසද්දී ,මම මුව ඉතට ගත්තේමී.. ‘‘මොකෝ...‘‘ ‘‘මොකුත් නෑ දිනිදු අයියේ..‘‘ මම බිමට බර කර ගත් මුහුණින් පවසද්දී ,මට දැනුන ලැජ්ජාශීලී බාවය ඔහුට දැනෙන්ට ඇත.. ‘‘පිස්සු කෙල්ල මම වොශ් දාන් එන්නම්.. ‘‘ පවසා ඔහු නානකාමරය වෙතට ඇදුනේය.. යහන මත හිද ගත් මම කොන්ඩ සැරසිල්ල ලිහිල් කරන්නට වූවෙමී.දිනිදු නානකාමරයෙන් පිටතට එන විට මම සුදු පැහැ තුවයක් ඇග දවටාගෙන කවුළුව අසල රැදී වුන්නෙමී.. සීතග වුන ඔහුගේ දෑත් මගේ නිරුවත් වූ උරතලය මත දැවටෙද්දී මම දෙනෙත ඉබේටම පියා ගත්තෙමී. ‘‘හඩු කෙල්ල යනවා... යනවා..‘‘ නිහඩවම සුළු මොහෙතක් මා තුරළේ තබා ගත් ඔහු මට විහිළු කරන්නට වුවේය. මුහුණ පුරා විදිදුණු හාදූ වැස්සකට පසු මම නාන කරමය තුළට වැදුනෙමී. නාන කාමරයේ කැඩපත ඉදිරියේදී, මගේ රුව දකින මට ඒ කුළුදුල් හැගීම් අමුතුවට දැනෙන්න විය. මදක් උණු ජල බිදු සිරුර පුරා විහිදී යද්දී, මට දැනුනේ සුවදායි බවකී..උදේ සිට ඇද පැළද සිටි ඇදුම් නිසාත්, ගමන් මහන්සිය නිසාත් දැනුන වෙහෙසකර බව ඉන් පහ විය. සුදු පැහැ කෙටි තුවායක් ළය වාටා දවටා ගත් මම නානකාමරයෙන් ඉවතට පැමිණියෙමී.. ඒ වන විට දිනිදු කෑම මේසය අසල වාඩී වී සිටියේය. නාන කාමරයෙන් පිටතට එන මම බලාපොරොත්තු වුයේ මීට වඩා වෙනස් පිළිගැනීමකී.. මා පැමිණ බව දුටුවත් ඔහු සිනාසී මා දෙස බැලුවා පමණකී. ඔහු අසුනින් නැගිට්ටේ ද නැත. බඩ ගිනි හැදිලා වගේ.. සුසුමක් පිට කළ මම දුහුල් රාත්‍රී ඇදුමකින් සැරසී.. ඔහු ඉදිරිපිට අනෙක් අසුනේ වාඩී වුනෙමී. ‘‘දිනිදු අයියේ.. බඩගිනි වෙලාද?.‘‘ මම එලෙස විමසද්දී ඔහු තිගැස්සී මා දෙස බැලුවේය. ‘‘ඇයි අයියේ.. මොකක් හරි අවුලක්ද?.‘‘ ‘‘නෑ .. නෑ,. බඩගිනී පණ.. කවන්නකෝ..‘‘ ඔහු පැවසුවේය.. ඔහු පවසන පරක්කුවට මම අසුණ ඔහු වෙත ළං කර ගත්තෙමී. ‘‘එහෙනම් දොයියමු නේද?.‘‘ රාත්‍රී ආහාරයෙන් පසු මද වෙලාවක් කතා කරමින් සිටි ඔහු නෙත් ඉගි කර යහන පෙන්වමින් කීවේය. ‘‘මොකද ලැජ්ජා හිතිලද?... දොයියමු කිව්වට ... දොයියන්න නම් වෙන්නේ නෑ..‘‘ ඔහු මා තුරුළට ගෙන යහන දෙසට පියවර තබමින් කීවේය. එක් නිමේෂයකින් යහන මත වු ඇතිරලි සියල්ල අවුල් කර තිබුණි.. තවත් ඔහුගේ නෙත් දෙස බලන්නට අපහසු මම නෙත් පියාගෙන වුන්නෙමී. ‘‘ෂිට්.. මේ පොන් එක රිං වෙනවනේ ...මේ වෙලාවෙම.‘‘ ඔහු ඇද අසල මේසය මත වු දුරකථනය අතට ගනිමින් පැවසුවේය. ‘‘මේ මගුල ඕප් කරලා දාන්න ඕනේ.. ඔහු පවසද්දී.. මට ඉබේටම සිනහා නැගුණි. දුරකථන තිරය මත මද වේලාවක් නෙත් රදවගෙන සිටි ඔහුගේ මුහුණ අදුරු විය. ‘‘ඇයි අයියේ...‘‘ ‘‘මොකුත් නෑ..‘‘ ඒ සමගම දුරකථනය නැවත නද දෙන්න විය. ‘‘ඕක ආනසර් කරන්නකෝ අයියේ..‘‘ මම පැවසුවේ ඔහු අමුතු විදියට දුරකථනය දෙස බලා සිටි නිසා වෙමී. ‘‘පොඩි වෙලාවක් දෙන්න පණ..‘‘ ඔහු දුරකථනය සවනේ තබාගෙන කාමරයෙන් පිට විය. යහන මත තනි වුණ මම ඔහු එන තුරු බලා සිටියෙමී.. මොහොතින් මොහොත සොදුරු නිමේෂයන් සිහි ගන්වමින් මම බලා වුන්නෙමී. පැය භාගයකට පමණ පසු ඔහු නැවත කාමරයට ඇතුල් විය.. අනෙක් පසට හැරුණු මම නිද බවක් අගවන්නට උත්සහ ගත්තෙමී.සැබවින්ම මට නින්ද ගොස් ඇති බව සිතාදෝ ඔහුත් ඇද මත වාඩී කල්පනාවකට බර වි සිටියේය. මද වෙලාවකට පසු මම ඔහු දෙසට හැරුනෙමි.. ඒ මෙහොතේ දුටු දෙයින් මම කළබලයට පත් වුනෙමී. විදිල්ල වගේ ඇදෙන් පැණ ඔහු අසල හිද ගත් මම ඔහුගේ දෑසට එඹුනෙමී. ‘‘ ඇයි දිනිදු අයියේ මේ.. අනේ.. කියන්නකෝ... මොකද්ද වෙලා තියෙන්නේ.‘‘ විදුලි බල්බවල ආලෝකයෙන් දිදුලමින් ඔහුගේ කදුළු බිදු කීපයක් මුහුණ දිගේ වෑස්සෙමින් තිබුණි. ‘‘කියන්නකෝ අයියේ..‘‘ ‘‘අහකට වෙලා ඉන්නවා..‘‘ ඔහුගේ රළු වචනයත් සමග මගේ සිත කීරී ගැසුණි.. ඔහු එලෙස කිසිදා මට නපුරු අයුරින් කතා කර නැත. එනිසාම මගේ දෙනෙතට ඉබේටම කදුලක් උනන්න විය. මම ඇද කොණක වාඩී ගෙන දණ හිස මත මුහුණ හොවාගෙන ඉකි බින්දෙමී. දිනිදු අයියට මක් වුණාද.. මගේ අතින් වරදක් වුනේ නෑනේ.. කවුද දන්නේ නෑ කොල් කලේ.. මම මොහොතකට පසු ඇදෙන් බැස ඔහුගේ දුරකථනය අතට ගත්තේ කවුද ඇමතා ඇත්තේ දැන ගැනීමටය. දිනිදු අයියා තවමත් මොනවාදෝ කල්පනා කරමින් හඩයි. කුමක් හෝ ලොකු දෙයක් සිදු වී ඇති බව මට සිතුණි. ‘‘දෙනවා මෙහාට.. පටන් ගත්තද අද ඉදන්නම හොර අල්ලන්න.‘‘ ඔහු මගේ අතේ තිබු දුරකථනය උදුරමින් පැසුවේය. ‘‘ඔයා කියන්නෙත් නෑනේ.. කෝ දෙන්න දිනිදු අයියේ.. කවුද කතා කලේ.. මොකද්ද වෙලා තියෙන්නේ කියලා මටත් දැන ගන්න.‘‘ ‘‘තමුසෙට වැඩක් නෑ ඒවා.. තමුසේ තමා.. මේ සේරටම මුල.. ‘‘ දුරකථනය මගෙන් උදුරා ගත් ඔහු මා පසෙකට තල්ලු කර දැමුවේය. විසිවි ගිය මම බිම ඇද වැටුණි. ‘‘අ...නේ.. දිනිදු... අයි...යේ.. ම..ට .කි....යන්න.. මම ඔයාට ක..රපු වරද?..‘‘බිම ඇද වැටුණ විදියටම සිටි මම අඩමින් විමසුවෙමි. ඇදෙන් නැගිටගත් ඔහු මා දෙස බැලුවේ නපුරු බැල්මකිනී. ඔහුගේ නෙත් කෝපයෙන් දැල්වෙමින් තිබුනේය. ‘‘වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි.. තමුසේ නිසා මගේ ජීවිතේ ඉවරෙටම ඉවරයි.‘‘ මම කළ වරදක් නැත . නමුත් කෝපයෙන් පසු වුණ ඔහු මට බැන වදී.. මම නිහඩ වුණෙමී.. පිටු පසට රූටා ගිය මම බිත්තියට හේත්තූ වුනෙමි. ‘‘කෝ තමුසෙගේ .. මහ ලොකු ගගනයා.. වෙඩින් එකටවත් ආවද?.‘‘ ටික වෙලාවක නිහඩ බවකින් පසු ඔහු ගගන ගැන විමසද්දී, මම පුදුමයට පත් වුණෙමී. ගගන කොහොමද මේකට සම්බන්ද වෙන්නේ.. ගගනද මෙයාට කේන්ති යන්න හේතුව. ‘‘ගගන ..‘‘ ‘‘ඔව් ගගන... නම කියද්දිත්.. බය වෙනවා නේද?... ඔහු මා දෙසට නැඹුරු වෙමින් පැවසුවේයේ කෝපයෙණි. ‘‘දිනිදු අයියේ.. මොකද්ද ගගනගේ කතාව.‘‘ ‘‘මම දන්නේ නෑ.. කියලද උඹ හිතන් ඉන්නේ.. මම සේරම දන්නවා උබේ කෙරුවාවල්.‘‘ ‘‘මොනවද?.. ‘‘ එවර මටද කේන්තියක් ඇති වුනෙමී. ගගනත් සමග මට ආදර සම්බන්ධයක් වත් තිබී නැත. එනිසා මට දිනිදු සමග ඇති වුනේ කෝපයකී. මම හුන් තැනින් නැගිට ඔහු ළගට ගියෙමී. ‘‘ඔයා හිතන්නේ.. ගගනයි මායි අතර නරක සම්බන්ධයක් තිබුණා කියලද?.. හරි.. එහෙම දෙයක් තිබුණා නම්.. අද ඔයාට දැන ගන්න පුළුවන්නේ.. දැන් කවුද ඔයාට ඔය බොරුව කිව්වේ.‘‘ ‘‘ගගනයම තමා.‘‘ ‘‘ගගන.‘‘ මම පුදුමයෙන් විවිර වු මුඛය අත්ලෙන් වසා ගත්තෙමි. ගගන මගෙන් පළිගන්නවද?.. මේ තරම් බොරුවක්. දෙවියනේ.. මේ ගගන මොන ජාතියේ මිනිහෙක්ද?. ‘‘මොකද අඩන්නේ.. කට උත්තර නැද්ද?.‘‘ දිනිදු මා වෙත කඩා පැන්නේය. කිසිවක් සිතා ගන්නට නොහැකිව සිටි මම හැඩුවෙමී. ‘‘අනේ.. දිනිදු අයියේ... ඔයාත් මාව සැක කරනවද?.. දෙයියනේ... මට ඔයාට බොරු කරන්න ඕනේ නෑ.. ගගනයි මගෙයි අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.. අනේ.. අනේ... මේ අහන්න.. ඔයාට මාව විශ්වාස නැද්ද?.‘‘ මම ඔහුගේ මුහුණ මා දෙසට හරවා ගන්නට උත්සහ ගත්තෙමී. ‘‘පලයං යන්න බැල්ලී.. එන්න එපා මගේ ළගටම. පලයං ගගන ළගටම.‘‘ මා ඇද මතට තල්ලු කර දැනු ඔහු කාමරේ දොරත් මහ හඩ නැගෙන්නට වසා දමා පිටව ගියේය. මොකද්ද ගගන ඔයා මේ.. මගේ ජීවිතේට කෙරුවේ.. දවසක් හරි මම ඔයාට ආදරේ කරපු එකටද ඔයා මට මෙහෙම කෙරුවේ.. ඔයා මගේන් ආදරේ ඉල්ලද්දී මම ආදරේ දුන්නේ නැති නිසදෙ?. ඔයා මට ළං වෙන්න හදද්දී.. මම ඔයාගෙන් ඈත් වුන නිසාද?. ඒකට මේ තරම් ලොකු දඩුවමක්.. දිනිදු අයියේ.. මෙච්චර කල් මම ඔයා ළගම හිටියා... ඔයාට වත් මාව විශ්වාස නැද්ද?. ඔයාට ගගන කියන දේ විශ්වාස කරන්න පුළුවන්.. මොහොතක්.. එක මොහොතක්... බිංදුවක්.. මාව විශ්වාස කරන්න බැරිදි. හෙට ඔයාගේ අම්මලා ආපුවම මම කොහොද ඒ මිනිස්සුන්ට මුණ දෙන්නේ.. මොනවද මම ඒ මිනිස්සුට කියන්නේ.. මොනවද මම පෙන්නන්නේ.. මගේ පිරිසිදුභාවය බලන්නෙත් නැතුව කොහොම ඔයා මම නරක ගෑනියෙක් කියන්නේ.. මම පාන්දර වෙන තුරුම හැඩුවෙමී. එළිවෙන්නට ආසන්න වී හෝටල් සේවකයෙකුගේ වාරුවෙන් කාමරයට පැමිණි ඔහු.. යහන මතට කඩා වැඩී හොදටම නිදා ගත්තේය. ළගින් ආ තද මත්පැන් ගද නිසා.. ඔහු බීමතින් බව මම හදුනා ගත්තෙමී. ‘‘මට සමාවෙයං බං... මට සමාවෙයං... මම උබ කිව්ව මොකවත්ම විශ්වාස කලේ නෑ.. මට සමා වෙයින්.‘‘ ඔහු නින්දෙන් එලෙස දොඩවන්න විය. තවත් මොහොතක් හඩමින් ඔහු දෙස බලා වුන මම ඔහුගේ දුරකථනය පිරික්ෂුවෙමී. ඔහු කී දේ සැබෑවකී.. අවසන් ඇමතුම පැමිණ තිබුණේ ගගනගෙන්ය. මම කවදාවත් නැතුව ගගන ගැන දැනුනේ දැඩි කෝපයකී. හිතට ආ.. ආවේගයත් සමග මම ඔහුට ඇමතුමක් ගත්තෙමී. ගන්න තුරු බලා සිටි අයුරින්ම ඔහු ඇමතුම ගන්න පරක්කුවට පිළිතුරු දුන්නේය. ‘‘හෙලෝ.. මචං.. මොකද මේ මහ පාන්දර.‘‘ ‘‘මචං.. තමුසෙට දැන් හරි සතුටු ඇති නේද?... සුදු නංගිද කවුද කියලා බැල්ලියෙක් අල්ලගෙන නටනවා මදිවට මගේ ජීවිතෙත් විනාස කරලා දැම්මා බල්ලා.‘‘ මම කේන්තියෙන් වෙව්ලන්න විය. මට ඔහුගේ හඩ ඇසෙන විට මට දැනුනේ කෝපයකී. ‘‘සදා.. ඔයා... මොනවද මේ කියන්නේ.‘‘ ඔහු දැන් කිසිවක් නොදන්න අයුරින් කතා කරයි.. මට දැනුනේ එවෙලේ ඔහු සොයා ගොස් මරා දමන්නට තරම් කෝපයකී. ‘‘මොනවද කියන්නේ... හ්හ්.. මොනවද කියන්නේ.. තමුසේ මොනවද කිව්වේ.. මගේ ජීවිතේම කෑවා කාලකණ්ණියා.‘‘ ‘‘සදා.. මක් වෙලාද?.. මොනවද එයා මේ කියන්නේ. මට කියන්න මොකද්ද වුණේ.‘‘ ‘‘තව බබා වෙන්න හදනවා.. මම මොනවා කියන්නද?.. තමුසේ ලස්සනට කියලා තිබුනේ.‘‘ තවත් කිසිත් පවසන්ට ඉඩ නොදුන් මම ඇමතුම විසන්දී කර දැමුවෙමි. ඉන් පසු එක දිගටම ගගන මට ඇමතුම් ගත්තේය. කරදරය ඉවරයක් නැති තැන මම දුරකතනය ක්‍රියාවිරහිත කර දැමුවෙමී. ‘‘පට්ට වේ... නැගිටපිය.. තොට ලැජ්ජා නැද්ද යකෝ.‘‘ පසු දින මම අවදී වුනේ.. දිනිදු මගේ අතකින් අදිමින් බැන වදිද්දීය. ‘‘මොකද?.‘‘ මම අඩ නින්දෙන් මෙන් විමසුවෙමී. ඒ සමගම මගේ කම්බුල හරහා පහරක් වැදුණී. ඒ පාරේ දරුණු බව සමග මම විසිවී.. ඇද මතටම වැටුනෙමී. ‘‘අහන ලස්සන.. පට්ට.. බැල්ලි.. තෝ.. බය නැතුව මගේ පොන් එකෙන්ම අරූට කතා කරලා නේද?.‘‘ සිදුව තිබිනේ මම නොසිතු පැත්තකී. හිතට ආ ආවේගය සමග මම ඇමතුම ගත්තත් මෙලෙස සිදු විය හැකි බව මොහොතකට වත් සිතුනේ නැත. ඔහුට කරුණු පැහැදිළි කර පලක් නැත. ඔහු සිටින්නේ තද කෝපයෙනී. මම ඉකි බින්දෙමී. ‘‘මොකද? අඩන්නේ.. ඌ එක්ක කතා කරන මගුලක් උබේ පොන් එකෙන්ම කතා කරන්න තිබුණනේ.. මට රිද්දන්න වෙන්න ඇති මගේ එකෙන්ම ගත්තේ.‘‘ ‘‘අනේ... දිනිදු.. අයියේ.‘‘ මම ඉකිබිදුම් මැද කීවෙමී. ‘‘දිනිදු අයියේ..තව මොනවද උබට මට කියන්න ඉතුරුවෙලා තියෙන්නේ.. තෝ ආයි ඔය කටින් මට දිනිදු අයියේ... කියන්න එපා .. තේරුණාද?. තෝ නිසා.. මගේ අම්මලා අයියලා දුක් වෙනවට මම ආස නෑ.. ඒක නිසා.. ඔය විදියටම සද්ද නැතුව.. මං කියන විදියට හිටපං.. නැත්තම් මං තෝව පට්ට ගහනවා.‘‘ ඔහු පවසාගෙන ගියේය. කවුරු සතුටු වෙන්නත් මම දැන් පෙන්නන්නේ මොනවද? මම තවත් හැඩුවෙමී. එය ඔහුගෙන් විමසන්නට මට ශක්තියක් නැත. තවත් පැය කීපයක් මම ඇද මතට වී ඇඩුවෙමී. ඔහු කාමරේ නොසිටි නිසා විසිරි ගිය කාමරය පිළිවෙල කළ මම වෙනත් ඇදුම්ක ඇද ගත්තෙමී. යහන මත ඇතුරුවත් කිසි ඵලයක් නොවු සුදු පිරුවටයද නවා මම ඇද කොනක තැබුවෙ කදුළු ඉවසා ගත නොහැකි තැනය. කාලය ගෙවී දෙවෙනී ගමනට සූදානම් වන වේලාවද ළගා වෙමින් තිබුණි. කලින්ම පැමිණී.. වත්සලා අක්කා කාමරයට ඇතුළු විය. ‘‘ඕ.. ඩාලිං.. කොහොමද ප්‍රස්ට් නයිට් එක.. කෙල්ලට හෙන මහන්සී පාටයි.‘‘ මගේ මුහුණට එඹුනු ඇය පවසද්දී.. මගේ ආත්මය ඇවිලී ගියාය. මධු සමය කියලා එකක් මට තිබ්බේ නෑ කියලා මම ඔයාලට කියන්නේ කොහොමද?.. මට මහන්සී අඩලා කියලා මම ඔයාලට කියන්නේ කොහොමද?. තව ටිකකින් අම්මලා එයි. එයාලා අර රෙද්ද බැලුවම.. මම මොනවද දෙන උත්තර.. අනේ දිනිදු අයියේ... ඔයා මොකද්ද මේ මට කලේ.. ඇයි දෙයියනේ.. මගේ අම්මා ඉස්සරහා මම නරක ගෑනියෙක් කරන්න එයා උත්සහ ගන්නේ.. ඇයි.. මගෙන් මෙහෙම පළි ගන්නේ. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු දිනයක වැටහේවී........... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Feb 2017 05:48 PM Quote Reply හොදම හරිය ඊළගට වෙන්න ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Feb 2017 03:53 AM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Feb 2017 03:58 AM Quote Reply හිරුයි තරුයි. තිස්තුනවන කොටස. අම්මාගෙන් තාත්තාගෙන් වත් ඉරටු පාරක් නොකෑ මම නොකළ වරදකට තාදන පීඩන විදිමී. මට පිළිසරනක් නැත. කියන්නට අයෙකුද නැත. කොහොමද මම කා එක්කවත් කියන්නේ අපිට මධුසමය කියලා එකක් තිබ්බේ නෑ කියලා. එහෙම කිව්වත් කවුරුත්ම පිළිගනීද?.. මොකද්ද මට මේ පාත් වුන හෙන ගෙඩිය. ‘‘මොකද කෙල්ල තාම නිදි මතයි වගේ .. නිදි මැරුවා නේද?.‘‘ වත්සලා අක්කා නැවතත් මට විහිළු කරන්නට විය. රතු පැහැ සාරිය අන්දවා අවසන් කළ ඇය මගේ කොණ්ඩ මෝස්තරය දමමින් සිටියාය. දිනිදු පෙනෙන මානයකවත් නොමැත. මා මරු කටට අතහැර ඔහු සැගවී ඇත. දැන් කොයි වෙලේ අම්මලා එයිද දන්නේ නෑ.. මම මොනවද කියනනේ ඒ මිනිස්සුන්ට.මම කොහොම මේ ලැජ්ජාවෙන් බේරෙන්නේ. ‘‘මොනවද ඩාලිං කල්පනා කරන්නේ.. ගෙදර යන්න බෑ වගේද?. අයියෝ.. දුක් වෙන්න එපා අළුත් කපල් එකට ප්‍රී එකේ ඉන්න අවස්ථව දෙයි.‘‘ මම ඇය සමග මදක් සිනාසුනෙමී. ඇය නව යුවලකගේ සතුටුදායි ලිංගික ජීවියක සුවදායි බව ගැන පවසයි. මගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වන අයුරු බලන්නට ඇය එසේ කිව්වත් මගේ මුහුණ අදුරු වන්නේ දුකකිනි. ලේ ඇට මස් නහරවලින් සැදුනු මගේ ශරිරයත් ඒ ආශ්වාදය නිතතින්ම ප්‍රාර්ථනා කරයි. ඒ පැතුමන් සුණුවිසුනු වුයේ සිතා ගන්නටවත් නොහැකි විලසිනි. ‘‘ඔය ඉන්නේ කෙල්ල ලස්සනට.. චූට්ටක් හිනා වෙන්න එතකොට තව ලස්සනයි.. ඔයාට ටයඩ් කියලා දන්නවා පැටියෝ.. ඒත් මනමාලි ලස්සන නැති වුනොත් මට තමා අවුල.‘‘ ඇය මගේ උරතලය මත දෑත තබා කණ්ණාඩිය හරහා මා දෙව බැලුවේය. ‘‘එහෙනම් පැටියෝ.. මම යනවා.. දැන් නැන්දම්මා එහෙම එයි.. අවුලක් නෑනේ.. නේද?.‘‘ ඇය මගේ කණට පහත් වී ඇසුවේ කුමක් ගැනදයි මම දනිමී. මම නෑ කියන්නට හිස සැලුවෙමී. අනේ ඔයා යනවද අක්කී.. මට බයයි. මට බෑ එයාලට මූණ දෙන්න. මට අවශ්‍ය වුවේ එසේ පවසා ඇය මා ළග නවතා ගන්නයි. නමුත් මම තව දුරටත් නිහඩව වුනෙමී. ‘‘දු ඔන්න අපි ආවා.‘‘ දෙයියනේ අම්මලා ඇවිත්.. මට නම් බෑ දොර අරින්න.. මට මැරෙන්න තියෙනවා නම්.. මට බෑ .. මම දොර අරින්නේ නෑ. නෑදැ පිරිවර දොර අභියස සිට කතා කරද්දී මම බියෙන් තැති ගෙන වුන්නෙමී. ‘‘සදා... මගේ පණ ...ඔයා ලෑස්ති වෙලා ඉවරයි නේද?.‘‘ එවර ඇසුනේ දිනිදුගේ හඩයි. කීපවරක්ම කතා කළ පසු අමාරුවෙන් හිතට ධෛර්ය ගත් මම දොර ඇරියෙමී. මා ආදරය කරන්න මගේ අම්මා, ආච්චී, දිනිදුගේ අම්මා, තව දිනිදුගේත් මගේත් නෑදෑ ගැහැණු අය කීපදෙනෙක් එතන විය. මගේ ආදරණීයන් මට පෙනුනේ, මා බිලි ගන්නට ආ රකුසන් ලෙසය. ‘‘මගේ කෙල්ල හොදින් නේද?. ‘‘ මුලින්ම මා වෙතට ආවේ දිනිදුගේ අම්මාය. මගේ දෙකොපුලම පිරි මැදි ඇය ආදරෙන් මගේ මුහුණ සිප ගත්තාය. මම රහසින්ම දිනිදු ලෙස බැලුවෙමි. කිසිවක් නොදන්නෙකු ලෙසින් ඔහු සිණා මුසු මුහුණින් බලා සිටී. සියල්ලන් මා වැළද ආශ්ර්වාද කලාය. මේ සියලු ආශිර්වාද සුදු පිරිවටය දිගහැරෙන් තුරු පමනකී. එහි සටහන් නොවුන පිවිතුරු බව මා වෙනුවෙන් ඇති ආදරය සෙනෙහස සියල්ලම බිදලන්නට සමත්ය. ‘‘නෑනේ.. මේක බලමු නේද? එහෙනම්.‘‘ අම්මාගේ හඩින් මම ඇය දෙස බැලුවෙමී. ඇය නමා අරන් තබා තිබූ සුදු පිරිවටය අතට ගෙන තිබුණි. ‘‘ඕවා නම් අපිට බලන්න ඕන නෑ නංගියේ.. මේ සීදේවී කෙල්ල ලැබුණනේ අපට. අපි දන්නවනේ.. අපේ කෙල්ල හොද බව.‘‘ නැවතත් මගේ කොපුලක් පිරි මදිමින් දිනිදුගේ අම්මා පැවසුවේය. මම ඇය සමග සිනහා වුනත්.. මගේ මුළු සර්වාංගයම ගිනි ගෙන දැවෙයි. දෙපා අප්‍රාණික වෙමින් තිබුණි. ‘‘ඒහෙම කියලා බෑනේ දුවේ.. ඒක පරම්පරානු ගත චාරිත්‍රයක්නේ.‘‘ මගේ ආච්චි අම්මාත් කතාවට හවුල් විය. තවත් කර කියා ගන්නට දෙයක් නොවු මම බොද වුණ ඇස් සගවා ගත්තේ මුහුණ බිමට නැඹුරු කර ගනිමිනි. ‘‘කෙල්ලට ලැජ්ජා හිතලද කොහොද?.‘‘ කවුරුන් හෝ කියනු මට මතකය. මට සිහි එන විට මම වුන්නේ.. මගුල් සාරිය පිටින්ම අපිට මධුසමය වෙනුවෙන් වෙන් වුණ යහන මතය හාන්සී වීය. බොදවුණු රූප සමුහයකුත්.. හයියෙන් හයියෙන් කතා බස් කරන හඩවල් කීපයකුත් ඇසෙද්දී, මම නිසොල්මනේ බලා වුනෙමී. මා අසල ඉතිරිව සිටියේ.. අම්මත් ආච්චී අම්මාත් පමණකි. අනෙක් සියල්ලන්ම එතනින් පිටව තිබුණි. ‘‘මොකද්ද සදා කොල්ලේ මේ නව නිංගිරාව.. කවුද උඹට මේ අපරාදේ කලේ.‘‘ යන්තන් සිහි එලෙඹෙන විටම ආච්චී අම්මා කඩා පැන්නාය. අම්මා හුල්ලමින් අඩා වැටෙයි. අනේ මගේ අම්මේ.. මම නරක කෙල්ලෙක් නෙමෙයි..මධු සමය ගෙවපු කන්‍යාවක් වෙලා දැන් මම. කවුරුත් අහලා තියෙද මම මධු සමයෙන් පස්සේ කන්‍යාවියක් විදියට ඉන්න කෙල්ලෙක් ගැන. මම තොන්තුවෙන් මෙන් සිතුවෙමී. ‘‘කෙල්ලේ කතා කරපන්.. මොකද්ද මේ කර ගත්තේ.. අපි කොහොමද අර මිනිස්සුන්ට මූණ දෙන්නේ.‘‘ ආච්චී අම්මා මා උරහිස් දෙකින් අල්ලා සොලවන්න විය. ‘‘අනේ අම්මේ .. කෙල්ලට පොඩ්ඩක් හුස්ම ගන්න දෙන්නකෝ..‘‘ අම්මා මා ඇගේ වතට තුරුළු කර ගනිමින් පැවසුවාය. ‘‘මේ වැඩ හින්දා අපිට හුස්ම හිර කරගන්න වෙලා තියෙන්නේ.විලි ලැජ්ජාවේ බෑ.. උබත් ඉතිං දැන් කෙල්ලව සුද්ද කරහං.. උබත් දන්නවා නැතෑ නටපු විගඩම්.‘‘ අම්මාටද බැන වැදුනු ඇය කාමරයෙන් පිටව ගියාය. මගෙන් කිසිත් නොවිසූ ඇය මා තුරුලේ හොවාගෙන ඉකිබින්දාය. මේ ලොව මා විශ්වාස කරන එක ගැනැනිය ඇයයි. මගේ අම්මා.. අම්මා විතරයි මාව විශ්වාස කරන්නේ.. මම අම්මා වැළදගෙන හඩ නැගෙන්නටම ඇඩුවෙමී. ‘‘ම..ගේ... අම්...මේ.. මම ව..රදක්.. ක..රලා නෑ.... අ..නේ.. මගේ.. අම්මේ..‘‘ ‘‘ස්ස්ස්ස්ස්... මම දන්නවා මගේ රත්තරං.. මට ඔයාව විශ්වාසයි.. ඒ මිනිස්සුන්ට ඔයා එපා නම්.. මම ඔයාව ආයි ගෙදර ඒක්ක යනවා.. මගේ රත්තරං අඩන්න එපා.. මං දන්නවා.. මගේ රත්තරං කවදාවත් එහෙම කරන්නේ නෑ.‘‘ අම්මා වරින් වර මගේ නලල සිප ගනිමින් පැවසුවාය. ‘‘අනේ .. අම්මේ දිනිදු..‘‘ ඇයට ඇත්ත කියන්න සැරසුනා පමණකි. මගේ ළගින් වාඩී වුනේ දිනිදුය. ‘‘දිනිදු පුතේ.. පුතත් අපේ දුවව අවිශ්වාස කරනවද? ඔයා ඉගෙන ගත්තු ළමෙක් නේද?‘‘ අම්මා අසරණව ඔහු දෙස බලා විමසුවේය. මගේ අම්මට මෙහෙම අසරණ වෙන්න වැඩ කතේ උබ තමා.. කාළකණ්ණියා.. මගේ ජීවිතේ කෑවා. මම කේන්තියෙන් ඔහු දෙස බැලුවෙමී. ‘‘අනේ කවුද අම්මේ ඕවා හිතන්නේ... මම ඊයේ රෑම කිව්වා.. ඔය ගැන ඔය හැටි හිතන්න එපා කියලා. ඕවා සාමාන්‍ය දේවල්නේ. මම ඕවා බලාපොරොත්තු වුණෙත් නෑ.‘‘ ඔහු හරිම සැහැල්ලුවෙන් පවසද්දී මම මුව අයාගෙන බලා වුන්නෙමී. ‘‘මගේ දූට සිහි ආවද?.. අඩන්න එපා වස්තු.. මේකප් එකත් සව්ත්තු වෙලා.. කෝ.. නවත්තන්න. මම මුලින්ම කිව්වනේ.. ඔය දේවල් මට බලන්න ඕනේ නෑ කියලා.. අපි දන්නවා ඔයා හොද ළමෙක් බව.‘‘ දිනිදු සිටි තැනම වාඩී වූ දිනිදුගේ අම්මා.. මා තුරුළු කර ගනිමින් පැවසුවාය. මම අම්මා දෙස බැලුවෙමී.. ඇය අමාරුවෙන් කදුළු අතරින් සිනා සෙන්නට වුවාය.. මට ඇය ගැන දැනුනේ දරා ගත නොහැකී වේදනාවකි. රැයක් දවාලක් නැතිව පියෙකුත් නැතිව මා ආරක්ෂා කළ ඇයට දුක් දෙන්න වීම ගැන මම දුක් වුනෙමී. ‘‘යමු.. ඔන්න ආයි ඔය ගැන හිතන්නවත් ඕන නෑ.‘‘ ආදරයෙන් මගේ අතින් අල්ලා ගත් දිනිදුගේ අම්මා මාව රතු පැහැ මංගල රථය වෙතටම රැගෙන ආවේය. දිනිදු දැන් හැසිරෙන්නේ මුළු අතීතයම අමතන වු යෙකු මෙනී. මට කාර්රථයට නගින්නට දොර විවර කර දුන් ඔහු. අනෙක් පසින් කාර් එකට නගුණේය. කාර් රථයේ රියදුරු සමග සිනහා වෙමින් කතාකරමින් සිටි ඔහු, මගේ ගෙල වට අතක් යවා මා ඔහුගේ ළගට වාරු කරගත්තේය. රියදුරා ඉදිරිපිට කිසිත් කියන්නය අපහසු වුණ මම නිහඩවම සිටියෙමි. නමුත් මගේ සිතට දැනුනේ දැඩී පිළිතුල් සහගත හැගීමකී. දෙවෙනී දවස සූදානම් කර තිබුනේ දිනිදුලාගේ නිවසේය. අපි එන තුරු මග බලා සිටි අනුහස් සර්රුත්, සුදු අක්කාත් අපිව ආදරෙන් වැළද ගත්තේය. ‘‘ඔන් එහෙනම් සදනී අපේ ගෙදර නවතින්නම ආවා.‘‘ අනුහස් සර් පැවසුවේ, දිනිදුගේ උරහිසට අතින් තට්ටුවක් දමමින් වුවේය. ‘‘චුචී.. නන්දී.. මත උම්මා එකක්.‘‘ මගේ අසලට දුවගෙන පැමිණි අනුහස් සර්ගේ පුංචී පුතු සුරතලයට පැවසුවෙය. ඔහුගේ අව්‍යාජ සිනහව දකින කළ මගේ දුක් සංකා ඉබේටම අතුරුදහන් විය. ඔහු වෙතට නැඹුරු වූ මම ඔහුව ආදරයෙන් සිප ගත්තෙමී. සාදය සාමාන්‍ය විදියටම පැවතුණි.. දිනිදුගේ හැසිරීමද සාමාන්‍ය වි තිබුණි. සියල්ලන් ඉදිරියේ අත්පටලාගෙන මා සමග ආදරෙන් පියවර තැබු ඔහු මෙලොව හොදම ස්වාමී පුරුෂයගේ චරිතයට පණ පොවන්න විය. හොදම පෙම්වතාගේ චරිතයට පණ පොවන්න විය. අපිට තෘප්තිමත් මධු සමයක් තිබූ බව අගවන්නට විය. පිටතින් හිනා වුන මම හදවතින් හඩා වැටුවෙමී. මගේ කදුළු කාටවත් නොපෙනෙයි. මම සිත සමග ලොකු අරගලයක වුන්නෙමි. දිනිදු ඔහුගේ යහළුවන් සමග එක්වී බොමින් සතුට සමරනු මම දුටුවෙමි. ඔහු මේ සමරන්නේ මට අපහාස කිරීමේ සතුටද?. මම මේක කාටම හරි කියන්න ඕනේ නැත්තම් මගේ හිතට කිසිම නිදහසක් නෑ. මම අනුහස් සර් දෙසට ගියෙමී. මම කොහොමද අනුහස් සර් එක්ක මේක කියන්නේ.. මම ඈත සිට ඔහු දෙස බලාගෙන කල්පනා කලෙමී. එවිට මම දුටුවේ අනුහස් සර් ඔහුගේ අම්මා සමග මොනවාදෝ කියවන බවයි. මම රහසින්ම ඔවුන් වෙතට කිට්ටු වුනෙමී. ‘‘මොනවද අම්මේ ඔය විකාර අදහස්.. ඕවා මහ හන මිටි අදහස්නේ.. මම අම්මලට මගෙයි සුදුගෙය ඕවා බලන්න වත් දුන්නද?. නෑනේ..‘‘ ‘‘හරි හරි පුතේ.. මම මේ නිකමට කිව්වේ.. අපිටත් ඕවා වැඩක් නෑ.. අපේ පොඩි එකා මෙනවා හිතනවද දන්නේ නෑ.. ඒකයි.‘‘ අනුහස් සර්ගේ අම්මා වට පිට බලමින් පැවසුවාය. ‘‘ඔය ඉන්නේ දෙන්නා හොදට හිනා වෙවී.. අපි නොදන්නවා වුණා.. දෙන්නගේ කලින් මොනවා හරි තිබුනද දන්නවද?. අර එක සැරයක් අපි දවස් ගානක් හොටෙල්ස් වලත් නැවතිලා හිටියේ. අපේ පොඩිත් හිටියේ එහෙනේ ඒ දවස් ටිකේ..‘‘ තවත් ඔහුට ඇත්ත පැවසීමෙන් පලක් නැති බව මම තේරුම් ගත්තෙමී. ඔහු සිතන්නේ මමත් දිනිදුත් සමග හොද සම්බන්දධයත් ඇති බවයි. ඔවුන්ගේ ඇස ගැටෙන්නට ඉඩ නොදී මම එතනින් ඉවත් වුණෙමී. සුදු අක්කාට කියන්න සිතුවෙමී. ඇය දරුවෙතක් ලබන්නට සිටින අයෙකී. හිත අවුල්වන දෙයක් කෙලෙස කියන්නද. අනෙක මම පවසන කිසිත් කිසිවෙකු පිළිනොගන්නා බව මම දැන වුන්නෙමී. අම්මාට පැවසීමෙන්ද වන්නේ ඇගේ සිත තුළ සැමදා මා වෙනුවෙන් ගිනි දැල් ඇවිලීමක් පමනකී. දිනිදු අයියාගේ අම්මා එක්ක කියන්නද? බෑ.. කොයි අම්මට පුතා අතෑරලා ලේලිගේ පැත්ත ගන්නේ. දිනිදුට අවශ්‍ය අන් අය ඉදිරියේ මා සමග සතුටින් ජීවත් වන බව පෙන්වන්නයි. ඔහු එය මට ඊයේ රාත්‍රියේම ඒ ගැන ඉගි කලේය. එනිසා මට මේ පැටලවිල්ලෙන් ගැලවීමක් නැත. සිදු වන දෙය බලා සිටීම හැර වෙන විකල්පයක් නැත. දිනිදු අද ගගනටයි අර කෙල්ලටයිත් ඉන්වයිට් කලා කිව්වා කෝ නෑනේ.. මහ ජරා මනුස්සයෙක් ඕකා තමා මේ සේරටම මුල.මම සිතින් දොස් පැවරුවෙමී ‘‘මගේ කෙල්ලේ.... මම චුට්ටක් බිව්වා .. කමක් නෑනේ.‘‘ වැනි වැනී පැමණි දිනදු මත්පැන් පිරවු වීදුරුවක්ද අතතැතිව මගේ කර වටා අතක් දමා ගත්තේය. ‘‘මොකද සුදෝ.. මගේ ලග අරක්කු ගදයිද?... අද විතරයි වස්තු.. මේ සතුට මම සමරන්ම ඕනේ.‘‘ සියල්ලන් සිනහා වෙද්දී. ඔහු මගේ මුහුණ සිප ගත්තේය. මට දැනුනේ අප්‍රසාදයක් පමනකි. ‘‘ අපි නටමුද රත්තරං.. ‘‘ඔහු මාව බිමතින් නටන පිරිස අතරට රැගෙන ගියේය. නටන්නට සිතක් නොවුනත්.. අන් සියලු දෙනාගේ නෙත් මා දෙස රැදී තිබු නිසා මට නටන්නට සිදු විය. අම්මාගේ මුහුණේ ඇදී තිබූ සතුට මම තවත් දිරි මත් කලාය. සතුටු සිනා මැද සාදය හමාර වෙද්දී, කදුළු අතරින් මට සමු දුන් අම්මාත්, අච්චි අම්මාත් ,ගමෙන් පැමිණ සිටි නෑදෑයනුත් නිවෙස් බලා පිටත් විය. සියල්ලන් නික්ම ගිය පසු නිවස තුළ අමු සොහොන් පිටියක මෙන් මූසල බවක් මට දැනේන විය. ජීවිතේ දෙවෙනී වතාවට දිනිදුගේ කාමරයට ඇතුළු වු මම ඔහුගේ යහන මත හිදගෙන වට පිට බැලුවෙමී. මම මුලින් ඔහුගේ කාමරයට පැමිණි දවසේ මෙන්න එය ඉතා පිළවෙලට හා පිරිසිදුවට තිබුණි. පරිඝණක පාඨමාලාවේ සමුහ චායා රූපට තවමත් ඔහුගේ පොත් මේසය මත ඇත. මගේ එක් පසකින් සිටගෙන සිටින දිනිදුත්, අනෙක් පසින් සිටගෙන සිටින ගගත් දෙදෙනාම මට ගෙන දුන්නේ වේදනාවන් පමණකි. මම ඔවුන් දෙදෙනාට වෛර කරමි. අපි එන්නටත් ප්‍රථම පළමු දිනයේ මංගල චායා රූපයද පොත් රාක්කය මතට එක් වි තිබුණි. දැක විද සතුටු වන්නට තිබු සොදුරු මතක සටහන් දැක.. අද මට උරුම වි ඇත්තේ හූල්ලන්න පමණකී. ඇග දොවගෙන සැහැල්ලු රෑ ඇදුමකුත් ඇග ළාගෙන මම කාමරය තුළට පැමිණියෙමී. ඒ වන විට දිනිදු ඇද මත වැතිර සිටියේය. ඔහුට කතා නොකළ මම මගේ පාඩුවේ නිදා ගැනීමට සූදානම් වුණෙමී. ‘‘මගේ.. පණ ඔයා.. තනියම නිදා ගන්නද හදන්නේ.‘‘ ඔහු හොදටම මත් පැන් පානය කර ඇත. ඔහුට කතා කර ගැනීමටද අපහසුය. මම කිසිවක් නොපැවසුවෙමී. පොරවන යට ගුළි වුණ මම අනෙක් පසට හැරී නිදා ගන්නට සැරසුනෙමී. ‘‘ඕ... වස්තූ.. අපි අදවත් හනිමුන් යමු නේද?.‘‘ ඔහු සමච්චලයට මෙන් පවසන්න විය. එවිට මගේ කෝපය ඇවිස්සුනි. නිවස තුළ කළබල ඇති කිරීමට අකමැති වු මම නෑසුනා මෙන් වුන්නෙමී. ‘‘එන්නකො වස්තු...‘‘ ඔහු මගේ ඇග මතට පාදයක් දැමුවේය. ‘‘වද නොදී පාඩුවේ නිදා ගන්නවා.. තමුසෙට ඕනේ.. තමසෙලගේ අම්මා සතුටු කරන්න කසාදයක්නේ.. ගෑනියක් ඕනේ නෑනේ.‘‘ මම ඔහුව ඉවතට තල්ලු කර දැමුවෙමී. එහෙත් ඔහු මාව දැඩිව අල්ලා ගෙන සිටී. මා බලෙන්ම ඔහුගේ තුරුලට ගන්නට ඔහු සමත් විය. ‘‘වද දෙන්න එපා... ඊයේ වගේ නිදා ගන්නවා.‘‘ ‘‘ඇයි වස්තු එහෙම කියන්නේ.. මං ළග ගදදයිද?.. ඉන්න.. ඉන්න.. මට වෙරි නෑ... මම වොස් එකක් දාන් එන්නම්.‘‘ ඉන් පසු ඔහු ඇද මේස පුටු වල හැප්පෙමින් නාන කාමරයට වැදුනේය. ඔහු ආපසු පැමිනෙන විට මම සිටියේ නින්දත් නොනින්දත් අතර විය. නෑම නිසා සිතල වු ඔහුගේ දෑත් නිරුවත් උඩු කය සීතලට මගේ සිරුරේ ස්පර්ශ වනු මට දැනුනි.. උණුසුම් රාත්‍රියේ ආසාවෙන් විද ගන්නට තිබු ඔහුගේ පහස අද මට ගෙන එන්නේ වේදනාවත්, පිළිකුලත් පමණකී.මම ඔහුගෙන් ඈත් වුනෙමි. ඔහු එන්න එන්නම මගේ තුරුළට එයි. ‘‘ මාව අර සේරම ඉස්සරහා ලැජ්ජා කරලා දැන් මොකටද ඔය දේවල්.‘‘ මම කෝපයෙන් යහන මත වාඩී වුනෙමී. ‘‘අනේ... එන්නකෝ..‘‘ ඔහුට මගේ කෝපය ගැන කිසිදු තැකීමක් නැත .ඔහු පිස්සෙකු මෙන් මා වෙතට ඇදී එයි. ‘‘ ඇත්තට පිස්සද තමුසෙට.‘‘ ‘‘ඔව් මට පිස්සු.. මෙහෙ එනවා.. ඔහු එවර මා නැවත ඇද මත හාන්සි කරවීය. මම නැත නැගිට්ටෙමී. ‘‘ඊයේ බැරි දේවල් අද මොකටද?. මම ගගන එක්ක ගිය නරක ගෑනියක්නේ.. දැන් මොකටද මගේ ළගට එන්නේ.‘‘ ‘‘මට ඕනේ හිංදා..‘‘ ‘‘දැන් මට එපා..‘‘ මම ඇද මතින් නැගිට්ටෙමී. ‘‘උබ මගේ... කසාද ගෑනී.. මට ඕනේ විදියට තමා සේරම වෙන්න ඕනේ.. ‘‘ එවර ඔහුගේ ග්‍රහනයෙන් මිදෙන්නට මට නොහැකී විය. ජීවිතයේ මුල්ම වතාවට විද ගන්නට තිබූ ආශ්වාදය වෙනුවට මට උරුම වුයේ වේදනාවක් පමණකී. නිරුවත් වු සිරුර පොරවණයෙන් වසා ගත් මම ඉකි බින්දෙමී.. කදුළු සමගම නින්දට වැටුණු මම උදෑසන ඉබේටම අවදි වුනෙමි. අමාරුවෙන් ඇදෙන් බැස ගත් මම වෙන ඇදුමක් දමාගෙන මුළුතැන්ගෙට යන්නට සිතුවෙමී. මෙහි සිදුවක කිසිවත් නොදන්න ඔවුන් උදෙන්ම මුළුතැන් ගෙට මගේ පැමිණීම බලා පොරොත්තු වන බව මම සිතුවෙමී. තවමත් නින්දේ පසු වුන දිනිදුට එසේ ඉන්න හැර මම ඇදෙන් බැස්සෙමී. එවිට මට දැක ගන්නට ලැබුනේ සියල්ලන් ඉදිරියේ මම අපහසුතාවයට ලක් වු, සියල්ලන් මගේන් බලාපොරොත්තු වු ඒ සලකුණයි. මම එතන වාඩී වි හැඩුවෙමි.. මම හඩන්නේ ඇයි දැයි මම ම නොදනමි. මම දිනිදු ළග දන ගසා ගත්තෙමී. ‘‘දිනිදු අයියේ... දිනිදු අයියේ...‘‘ මම ඔහුගේ උරහිසින් අල්ලා සෙලෙව්වෙමී. ‘‘ ඇයි ඔයා මට මෙහෙම කලේ.. ඇයි.... බලන්න.. ඇයි .. මා ඔයාගේ අම්මලා ඉදිරියේ නරක කෙල්ලෙක් කලේ.‘‘ ඔහු යන්තම් ඇස් හැර බලද්දී.. මම හඩමින් පැවසුවෙමී. ‘‘අඩන්න එපා රත්තරං‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 14 Feb 2017 07:27 AM Quote Reply කථාව කියෙව්වා නමුත් කුතුහලයෙන් පිරිලා දැන්වත් දිනිදු පිලිගනියිද ගැටලුව විසදයිද. වැඩක් නැහැ ඉතින් නරක නාමයක් ගාවලා ඉවරයිනේ 0 සඳුනිVeteran MemberPosts:2462 16 Feb 2017 05:41 AM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 16 Feb 2017 05:45 AM Quote Reply හිරුයි තරුයි. තිස්හතරවන කොටස. ‘‘අ...නේ අඩ...න්න එපා කිය...න්නේ.. ඔ...යා මොක...ද්ද ම...ට මේ ක...ළේ.‘‘ මම ඔහුගේ පපුව මත හිස හොවා ගත්තෙමී. ‘‘මොනවද මම කළේ..‘‘ ‘‘මා ඔයාලගේ අම්මලා ඉස්සරහා නරක ගෑනියෙක් කළේ. ඔයා ඇයි ගගනගේ බොරු විශ්වාස කළේ.. මට වඩා ඔයාට ගගනව විශ්වාස වුනේ කොහොමද?‘‘ ඔහුගේ දෙනෙතටම එඹුණ මම හේතු දක්වන තුරු බලා සිටියෙමී. ‘‘අයියෝ... ඕක ඔය තරම් හිතන්න එපා කෙල්ලේ... මම දැනන් හිටියා ඔයා ගගනක් එක්ක කිසිම සම්බන්ධයක් නැති බව.‘‘ ඔහු යහන මත වාඩී වී සමච්චලයට සිනා සෙන්නට වුවේය. ඇත්තටම දිනිදු අයියට මානසික අවුලක් වත් තියෙද?.. මොනවද මේ කියන්නේ. ‘‘මොකද එහෙනම් මට මෙහෙම කළේ..‘‘ මම ඔහුගෙන් ඈත් වී නැගුණ කේන්තියෙන් යුතුව විමසුවෙමී. ‘‘මට ඕන නිසා... මම කිව්වනේ... මට ඕනේ විදියට තමා දැන් මගේ රත්තරංට ඉන්න ඕනේ..‘‘ ‘‘රත්තරං... ලැජ්ජා නැද්ද.... බලු වැඩ කරන ගමන් රත්තරං කියන්න.‘‘ මම ඔහුව තල්ලු කලෙමී. යහන මත වාඩී වී සිටි ඔහු අත තබා ඇද මතට වැටීමෙන් වැලකුණි. ඔහුගේ අපහාසාත්මක සිනහව මගේ වියරුවත්, වේදනාවත් තව තවත් වැඩි කරයි. ‘‘බලු වැඩ.... මොනවද බලු වැඩ...‘‘ ඔහු නැවතත් හඩ නගාම සිනහා වෙයි. ‘‘මම යනවා ආපහු ගෙදර..‘‘ මම හුන් තැනින් නැගිටින්නට උත්සහ ගත්තේමී. ‘‘අනේ... රත්තරං... යන්න එපා.. ඉන්න පැටියෝ... මම විහිළුවක් කලේ..... කියලා කියයි කියලා හිතුවද?.. මට මොකද යනවා.. ගිහින් බලනවකෝ වෙන දේ...හැමෝම කියයි... අන්න පිරිසිදු කම ඔප්පු කර ගන්න බැරුව.. අලුත ගෙනිච්ච මනමාලී ආපහු එවලා කියාලා.‘‘ ඔහු බිම වාඩී වී සිටි මගේ මුහුණට ළං වී රහසින් මෙන් පැවසුවේය. මම කෝපයෙන් ඔහු දෙස බලා වුන්නෙමී. ‘‘කමක් නෑ... දැන් ඒක කියන්න ඕන අය කියනවනේ... අහිංසක මගේ ජීවිතේ තමුසේ කෑවා... ගගන නෙමෙයි... තමුසෙම තමා.... මං ගැන බලුවිදියට හිතන්න ඇත්තේ.‘‘ ‘‘අනේ මේ.. මම නෑ... ඕවට.. ගගන කියපුවා ගගන එක්කම බලා ගන්නවා .. තමුසෙගේ පරණ පෙම්වතානේ.‘‘ ‘‘තමුසේ එක්ක කතා කරනවට වැඩිය හොදයි..‘‘ මම නැවතත් නැගිටන්නට සැරසුනෙමී.. එවර ඔහු මගේ උරහිසෙන් අල්ලා නැතත් සිටි තැනම ඉන්ද වෙන්නටම තල්ලු කලේය. ‘‘ඉතිං කතා නොකර ඉන්නවා... මේ ටිකත් අහගෙන සද්ද නැතුව ඉන්නවා.. ඊට වඩා තමුසෙට කරන්න පුළුවන් දෙයක් නෑ.‘‘ ‘‘මොනවද තමුසෙට තව කියන්න තියෙන්නේ.‘‘ මම ඔහුගේ නෙත් දෙස කෙලින් බැලුවෙමී. කට පැත්තට කර සිනාසුණ ඔහු... මගේ ඇගේ ලේ ටික වතුර කරවයි. ‘‘තමුසේ ආයි ගෙදර ගියොත්.. තමුසෙටමයි ලැජ්ජාව... අම්මා මහ ලොකු ස්කෝලේ නෝනා කෙනෙක් නේද?... කොහොමද අම්මා ආයෙත් ස්කෝලේ උගන්වන්න යන්නේ.. තමුසේව මම බැන්දේ අපේ අම්මා නිසා... තමුසේ මෙතන විකාර කරලා අම්මා ලෙඩ වුනොත්... ඒකටත් තමුසේ වග කියනවා ... තේරුණාද?.‘‘ අනේ අම්මේ... මම මේ මොකද්ද කර ගත්තේ... දිනිදු කියන්නේ බල්ලෙක්... මොන තරම් රැවටීමක්ද මට කරලා තියෙන්නේ.. නෑ.. නෑ... මගේ අම්මට මම මොකුත් කියන්නේ නෑ.. කොච්චර කළත් මම දැන් බැදපු ගෑනියෙක්.. මම ආපහු යන්නේ නෑ... ගෑනු උපදින්නේ දුක තුරුළු කරන් කියවනේ මම ඉවසනවා... අම්මා අර තරම් ආදරේ කරපු දිනිදු පුතා.. මෙහෙම හැසිරෙනවා කියලා දැන ගත්තම මගේ අම්මත් අසනීප වෙයි... දිනිදු කරපු බලු වැඩේ නිසා වත්, මට තිබුණ ආදරේ බිංදුවක් වත් අඩු කරපු නැති දිනිදුගේ අම්මා.. බෑ.. මට එයාලව අසරණ කරන්න බෑ.. මම සද්ද නැතුව ඉන්නවා... එහෙන්මම බිත්තියට හේත්තු වී බිම හිදගෙන වුන් මම දුක නිවෙන තුරුම ඇඩුවෙමී. උදෙන්ම ඇද පැළද ගත් දිනිදු යන්නට සූදානම් වී සිටියේය. මා අසලට පැමිණ ඔහු මද වේලාවක් මා දෙස බලා වුන්නේය. ‘‘නැගිටලා ඇදුමක් දාන් කුස්සියට යනවා... නැත්තම් නැන්දම්මගෙන් ලකුණු කැපෙයි.. මතක ඇතුව අර බෙඩ් ශීට් එක හොදලා දානවා.‘‘ ඔහු පිටව ගිය පසුවත් මම හැඩුවෙමි.. කදුළු වලින්ම සිත සනසා ගන්නට මම උත්සහ ගත්තෙමී. ඉන් පසු ඇද ඇතිරිල්ල ඉවත් කිරීමට සූදානම් වුණු මට දරා ගන්නට බැරි දුකක් දැනුනී. මම නැවතත් ඇද මත පෙරළි ඇඩුවෙමී. මම මොකද්ද දෙයියනේ කරන්නේ.. මම කාටවත් කොහොමද මේවා කියන්නේ.. බබා ලැබුණම සුදු අක්කට වත් කියනවා. මම සිත ශක්තිමත් කර ගන්නට උත්සහ ගත්තෙමී. අමාරුවෙන් කදුළු නවතා ගත් මම නානකාමරයට වැදී.. උදෙන්ම නෑවෙමී.. සිදු වන දේවල් සිහිවන විට මගේ නෙතට නැවත නැවත කදුළු නැගෙන්නට විය. අළුත් ඇදුමක් ඇද ගත් මම මුළුතැන් ගෙයට පිවිසුනෙමී. ‘‘ආ... මගේ දූ...‘‘ දුටු විගස දිනිදුගේ අම්මා මා ආදරයෙන් පිළිගත්තාය. ‘‘කෙල්ල් නිදි මරලා වගේ මූණ සේරම තඩිස්සී වෙලා.‘‘ මුළුතැන්ගෙයිම කොණකට වන්න තිබූ කෑම මේසය අසල වාඩි වී සිටි සුදු අක්කා පැවසුවාය. ‘‘මට නම් හිතෙන්නේ... අම්මා ළග නැති දුකට අඩලා වගේ මගේ කෙල්ල... අනේ දුක් වෙන්න එපා මගේ රත්තරන්... මමත් ඔයාගේ අම්මා වගේ තමයි.‘‘ඇය මා ආදරයෙන් වැළදගෙන පවසද්දී, අමාරුවෙන් සගවාගෙන සිටි කදුළු නැවත අළුත් විය. මම ඇගේ ළය මඩලේ හිස හොවාන හැඩුවෙමි.දුක නිමෙන් තුරුම ඇඩුවෙමී. මම අම්මට වත් ඇත්ත කියනවද?. ඒත්.... බෑ... මම කොහොම කියන්නද?. එයත් හිතයි මම මුල් දවසේ වුණ වරද වහ ගන්න හදනවා කියලා... අනික එයාගේ පුතාගේ සතුට වෙනුවෙන්නේ මාව ආදරෙන් බලා ගන්නේ... මේවා කිව්වට වැඩක් නෑ... කොයි අම්මට වත් තමන්ගේ දරුවා තරම් වෙන දරුවන්ව වටින්නේ නෑ. ‘‘ඇති දරුවො ඇඩුවා... එන්න ඉදි ආප්ප ටිකක් කමු... පොඩිත් ආස නිසා හැදුවා.. දූත් ආසයි නේද?.‘‘ ඇය මගේ අතින් ඇදගෙන කෑම මේසය වෙත පියනැගුවාය. ඇගේ පෙරැත්තය නිසාම සිත රිදවිය නොහැකි නිසා මම උදේආහාරය අමාරුවෙන් ගත්තෙමි. එතරම් හැල හොල්මනක් නැතිව දවස ගෙවි ගියේ අනුහස් සර්ගේ පුතු සමග සිටීමේදී සියලු දුක් අමතක වන නිසාය. කෙසේ හෝ දිනිදු හවස ගෙදර පැමිණෙන වෙලාව ද ළගා විය. පෙර මග බලන් ඉන්නට තරම් ආසාවක් හැගීමක් මට නොමැත. මගේ ජීවිතයම කණපිට ගැසු ඔහු කෙරෙහි මට ඇත්තේ වෛරයක් පමණකී . අනුහස් සර්ද නිවසට පැමිණ මද වෙලාවකට පසු නිවසේ දුරකථනය නද වෙන්නට විය. ඇමතුමට සවන් දුන් අම්මාය. මද වේලාවකින් ඇය මට ඇමතුවාය. ‘‘හෙලෝව්..‘‘ ‘‘ආ.... මම මේ... අද ගෙදර එන්නේ නෑ... කියන්න ගත්තේ.. මම අම්මට කිව්වා තමුසෙට කලින්ම කෝල් කරලා ඒක කිව්වා කියලා. සද්ද නැතුව ඉන්නවා හරිද?.‘‘ ඉන් පසු ඔහු දඩස් ගා ඇමතුම විසන්දි කලේය. මොනවා වෙනවා දැයි මට වැඩහීමක් නැත. දිනිදු මෙලෙස හැසිරෙන හේතුව ද වටහා ගත නොහැකිය. අසන්නටද කෙනෙකු නොමැත. ‘‘මොකද අම්මේ පොඩී කියන්නේ.‘‘ මම රිසිවරය තබා ආපසු හැරෙන විට අනුහස් සර් විමසුවේය. ‘‘ පොඩී අද ගෙදර එන්නේ නෑ කියන්නේ. සදනී දූට කලින්ම කිව්වා කියන්නේ.‘‘ ඇය දුකෙන් මෙන් පැවසුවාය. ‘‘ ඇත්තද සදනී.... අම්මා කියන්නේ.. පොඩී ඔයාට එන්නේ නෑ.. කියලා කිව්වද?.‘‘ කුමක් නමුත් මම නොදන්න ලොකු දෙයක් ඔවුන් දන්න බව මට දැනෙන්නට වී තිබුණේය. දෙදෙනාගේම මුහුණු කනස්සල්ලෙන් පිරි පැවතුණි. ‘‘හ්ම්ම්. ඔ...ව්.‘‘ මම බිම බලාගෙන පැවසුවේ.. මට දැන බොරුකීමටත් සිදු වී තිබුම නිසා ඇති වු කණගාටුවෙනී. ‘‘සදනී... ඔහෙම නම් බෑ... ඔයා ටිකක් තදින් ඉන්න ඕනේ. වෙඩින් එක තිබුනේ පෙරේදා නේද.. ඔයා පුදුම ළමෙක්නේ.‘‘ මගේ වරදමද පේන්නේ.. ඔයාලගේ පොඩී මට කරන බලු වැඩ ඔයාලා දන්නේ නෑනේ.එලෙස කීමට මට අවශ්‍ය වුණත් මම තව තව නිහඩ වුනෙමී. ‘‘ඒක තමා ලොකු... පොඩී ටිකක් මුරණ්ඩුයි තමයි. එයාව බලාගන්න ඕන ඔයා.‘‘ ඇයද අනුහස් සර්ගේ වචනය ස්ථිර කලාය. ‘‘කම්ක් නෑ අම්මේ.. අද හදිස්සී වැඩක්ලුනේ... ‘‘ මම සන්සුන්ව පවසා සෙටියේ වාඩී වුනෙමී. ‘‘හ්ම්ම්... හ්ම්ම්.. දැන් ඉතිං මක් කරන්නද?. අද තරූෂ පුතාට ගෙදර යන්න වෙන්න ඇති.. තරූෂ නැති දාට වෙනදටත් අපේ පුතා ශොප් එකේ නවතිනවනේ.‘‘ එසේ පවසමින් අම්මා ද මා ළග වාඩී වෙද්දී, අනුහස් සර් කේන්තියෙන් කාමරය දෙසට ගමන් කරනු මම දුටුවෙමී. ‘‘ඒක නෙමේ දූ.. ඔයා දැන් ගෙදරත් නිකන්නේ ඉන්නේ... පුතා එක්ක.. ශොප් එකට යන්න.... එයා නවතින දාට ඔයාටත් එහෙ ඉන්න පුළුවන්... පිළිවෙලට හදපු කාමරයකුත් තියෙනේ එකේ.. උයන් කන්නත් ඕනේ කළමනා සේරම තියේ.‘‘ මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමී. නොකියා කියන්නේ මොකද්ද? මම මෙහෙ ඉන්නවට මේ මිනිස්සුත් කැමතී නැද්ද?. අර නරුමයා දැක දැක දවස ගෙවන්නද මට කියන්නේ.ඊට වැඩිය හොදයි මට ගෙදර යනවා. ‘‘එහෙම හොදයි නේද දූ. අළුත බැදපු ජෝඩුවනේ... කුරුළු ජෝඩුව වගේ ළගින්ම ඉන්න ඕනේ. මට මතකයි මමයි අපේ මහත්තයයි බැන්ද අළුත.. හැමදාම අපේ මහත්තයා.. වරුවෙන් ගෙදර එනවා... අනේ ඇත්තට.. ඒකටත් එක්ක මේ කොල්ලෝ.‘‘ ඇය හූල්ලමින් ඈතක නෙත රදවාගෙන වුන්නාය. ‘‘අම්මේ... මම නොදන්න දෙයක් තියෙද මෙතන.‘‘ ‘‘මො..කද්ද දූ... අනේ නෑ දූ... මොනවා හංගන්නද. ඒත් දූ අපේ පොඩී ළගින්ම ඉන්න... එයාව බලාගන්න පුළුවන් ඔයාට විතරයි.‘‘ කදුළු බර වුණ දෙනෙතින් ඇය මා දෙස අසරණව බලද්දි මට හීල්ලිනී. මම ඇයගේ උරහිසට වාරූ වුනෙමී. මම හීන මැව්වේ.. දිනිදු අයියා මට මවලා පෙන්නපු ආදර ලෝකෙත් එක්ක.... හැමදාමත් එයා මාව සතුටින් තියයි කියලා. ඒක ලොකු රගපෑමක්... ලොකු රැවටීමක්... මොනවද දිනිදු අයියේ ඒකෙන් ඔයාට ලැබුණේ.. ඔයා ඕනේ වුනේ මාව අසරණ කරන්නද?. මම හැමදාමත් පෙරුම් පිරුවේ.. ඔයාව හොද මනුස්සයෙක් කරන්න.. ඔයාගේ ළගටම වෙලා ඉන්න. හැම දේකදිම ඔයාට හයියක් වෙන්න. ඒත් ඔයා ඒ හැම හීනයක්ම සුණුවිසිනු කලා... තවමත් මම පතන්නේ ඔයා එක්ක සාමදානෙන් ඉන්න.. මම ඔයාගේ වුනේ ජීවිත කාලෙම ඔයා එක්ක ඉන්න... මට බෑ මගේ අම්මා මං නිසා විදවනවා දකින්න. එයා මාව පරිස්සම් කලේ එයාගේ ඇස් දෙක වගේ... ඒ ඇස් දෙකට කදුළු දෙන්නේ කොහොමද මම. මම ඉවසනවා... මැරෙනකන්ම හරි ඉවසනවා.. ඔව්... මම ආපහු යන්නේ නෑ... ඔව් මගේ අම්මාව අසරන කරන්නේ නෑ මම. ‘‘සදනී දු කරුවල වැටෙන්නත් ඇවිත්... පහන තියමු නේද?.‘‘ ‘‘හරි අම්මේ.‘‘ මම ඇය වෙතින් නැගිට බුදු පහන තැබීමට සූදානම් වුනෙමී. කුඩා කළ සිට පැවතුණ පුරුද්දට බුදු පහන තබා සියල්ලන්ට පිං අනුමෝදම් කලෙමී. වැඩි කාලයක් බුදු සමිදු පාමුළ වාඩී වී වුන් මම සිතේ තිබෙන දුක් සංකා සියල්ලම එකිනෙක් මෙනෙහි කලෙමී. ඉන් මට මද අස්වැසිල්ලක් දැනුනී. පසු දින දිනිදු හවස් වන්නටත් පෙර නිවසට පැමිණියේය. ආ මොහොතේ සිට කාමරය වැදුණු ඔහු මා දෙස දුකෙන් මෙන් බැලුවේය. ඔහු සමග කතාවට නොගිය මම අම්මාට උයන්නට උදව් වුණෙමී. කෑම වේලාව ලං වෙද්දිම ඔහු මුළුතැන් ගෙයි කෑම මේසය අසලට පැමිණ සිටියේය. අපි සමග කතා කරමින් අනුහස් සර්ද එතන රැදී වුන්නේය. මම කිසිත් නොපැවසුවත් අපි අතර විරසකයක් ඇති බව අනුහස් සර් දන්නා බව මට ඉවෙන් මෙන් දැනී තිබුණි. ‘‘ආ... පොඩී... ඊයේ.. හදිස්සී වැඩක් වැටුණළු නේද?.‘‘ දිනිදු පුටුවක් පසෙකට අදින විටම අනුහස් සර් අමුතුවට විමසුවේය. ‘‘ආ... ඔ..ව්.. ඔව් ලොකු.‘‘අපහසුවෙන් එය පැවසූ ඔහු මේසය මත තිබූ.. ප්ලාස්ටීක්.. පළතුරු වට්ටයෙන් රතු පැහැ ඇපල් ගෙඩියක් අත ගෙන එය ඒ මේ අත කරකවන්න විය. ‘‘ඔය හදිස්සී රෑ වැඩ වලට කෙනෙක් ගත්ත නම් හොදා නේද දැන්... උබත් බැදපු මිනිහෙක් නේද පොඩී... සදනී නංගී ගැන ඔයිට වඩා ටිකක් හිතපන්.‘‘ අනුහස් සර් ස්ථර වචනයෙන් පවසද්දී, මම ඉබේටද දිනිදු දෙස බැලුවෙමී. කිසිත් නෑසුණා මෙන් ඔහු ප්ලාස්ටික් ඇපල් ගෙඩියේ දාරයක් දිගේ නිය පොත්තකින් කුරුටු ගාමින් සිටියේය. ‘‘ ඒක තමා ලොකු මාත් කිව්වේ.. සදනී දූත් නිකන් ගෙදර ඉන්න එකේ පොඩී එක්ක ශොප් එකට යන්න කියලා.‘‘ නියම අවස්ථාව බලා ඇය පැවසුවාය. ඉන් තිගැස්සුණු දිනිදු එක වරම හිස ඔසවා අම්මා දෙස බැලුවේය. ‘‘අම්මට දැනටම සදා.. ගෙදර ඉන්න එක වදයක් වෙලාද?... වදයක් වෙලා නම් කියන්න අපි වෙන ගෙයක් රෙන්ට් එකට අරන් යන්නම්.‘‘ ‘‘මොනවද පොඩී... ඔය තමුසේ කියන්නේ... දැන් මෙතන එහෙම කතාවක් කිව්වද?. මොකද තමුසෙට සදනී නංගිව ශොප් එකට එක්ක යන්න බැරි.‘‘ අනුහස් සර් දිනිදුගේ කතාවට හරස් වුවේය. ‘‘බැරි... හ්හ් බැරි නිසා... මම කැමතී නෑ... මගේ වැඩ වලට කාවත් ගාව ගන්න.‘‘ කේන්තියෙන් හඩ නැගෙන්ම පුටුව පසකට කළ ඔහු ඔහු එතනින් පිටව ගියේය. මට කළ හැකි වුයේ බිරන්ත වී බලා සිටීම පමනකී. ‘‘අනේ මගේ කට.. මම කිව්වා කියලා හිතා ගනින් පොඩී...‘‘ මේසයට කෝපයෙන් පහරක් ගැසූ අනුහස් සර් ක්ෂණිකවම දිනිදුත් පසු කරන් ආලින්දය දෙපට ගියේය. ‘‘ආයි මම ගෙදර එන්නේ නෑ.. ආවොත් මගේ ඔළුව කනවනේ.‘‘ අනුහස් සර් මද දුරක් යන විට දිනිදු මහ හඩින් පැවසීය. ‘‘ඉන්න බැයිනම් යන අතක පලයං... හැබැයි තනියෙන් නෙමෙයි.. උබේ ගෑනිත් අරන් පළයං...‘‘ ඊට නොදෙවිනි වූ අනුහස් සර්ද පෙරලා පැවසුවේය. මේ සේරගෙන්ම අසරන වන්නේ මාය. ගෙදර අය සමගින් හෝ නිදහසේ ගෙවන්නට ලැබෙන ජීවිතය නැති වී.. හදේ කොනකවත් තෙතමනයක් නැති නරුමයෙක් සමග වෙනම තැනක ජීවත් වීමට මට උවමනා නැත. මෙමගින් සිදු වන්නේ එයයි. ‘‘යනවා තමයි... මම දන්නවා උඹ බලන් ඉන්නේ මාව පන්නන්න කියලා.‘‘ එසේ පැවසූ ඔහු කාමරයට වැදුණේය. ගෑනු ළමයෙකු මෙන් කාමරයේ පිටවත් නොපැමිණි ඔහු කන්නවත් නොපැමිණියේය. ‘‘සදනී දූ... පොඩීව අඩ ගහන් එන්න කෑම කන්න... කේන්ති ගියාම ඔහොම තමා ගනන් ගන්න එපා.‘‘ ‘‘හා අම්මේ.‘‘ කෑම මේසය පිළියෙල කර අවසන් වූ පසු අම්මා මට පැවසුවාය. මම කාමරයට ඇතුළු වුයේ බියෙනී. ඔහු මගෙන් වාඩුව ගනීවි යැයි මම දැන වුන්නාය. ‘‘මෙහෙ වරෙන්.. තෝ එනකන් තමා මම බලං හිටියේ.‘‘ මම කාමරයට ඇතුල් වෙනවාත් සමගම මගේ කොන්ඩයෙන් අල්ලා ගත් ඔහු රිදෙන්ටම මගේ කෙස් වැටියෙන් ඇද්දේය. ‘‘අනේ දිනිදු අයියේ.. අතාරින්න.‘‘ ‘‘කෑ ගහන්න එපා... කෑගැහුවොත් මම තොට කරන දේ තෝ දන්නේ නෑ. මොනවා හරි කිව්වා නේද අම්මට.‘‘ මම ඇද ඇද මතට තල්ලු කළ ඔහු විමසුවේය. ‘‘මම තාම නම් මොකුත් කිව්වේ නෑ.. හැබැයි මේ විදිහට මට වද දෙනවා නම්... මම යනවා යන්න.... සේරටම ඇත්ත කියලා...‘‘ ඇද මතට වැටුණ අයුරින් සිටි මම ඔහුට රැව්වෙමී. ‘‘යන්න... යන්න.. පල.. පුළුවන් නම් ගිහින් පෙන්නපිය.‘‘ ඔහු වියරුවෙන් සිනහා වෙයි. කාමරේ දොර අගුල් දැමු ඔහු නැවත මා වෙතට ආවේය. ‘‘තෝ යනවද?... යනවද?... පුළුවන් වෙයිද ආපහු ගිහින් ඔබේ නෑදෑයන්ට මුණ දෙන්න.‘‘ ‘‘මම වරදක් කරලා නැති බව මම දන්නවා.. අනිත් අය මොනවා කිව්වම මට මොකද?.‘‘ මම යහන මත වාඩී වී හඩන්නට වුනෙමී. ‘‘මම ඔප්පු කලොත් ඔබ නරක ගෑනියෙක් කියලා.. උඹ මොකද කරන්නේ...‘‘ ඔහු ස්ථිරයෙන් අසද්දී.. මට බය හිතුනේ ඔහු මට වෙන කිසිවෙකු ලවා කරදරයක් වත් කරවිද සිතුණ නිසාය. ‘‘ඒ කොහොමද?.. මම වරදක් කරලා නෑ.. ඔප්පු කරන්න.‘‘ ‘‘ඉදහන් ....උබට මම කියන් දේ විශ්වාස නෑනේ.. ඉදහන් මම පෙන්නනකන්.‘‘ ඔහු ජංගම දුරකථනය දෑතට ගෙන හදිසියේම එය හසුරවන්න වුවේය. යමක් දැක සමච්චල් සිනහවක් මුහුණට ඈද ගත් ඔහු.. දුරකථනය මා වෙත පෑවේය. ‘‘ඉදා... බලපං... ‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 18 Feb 2017 03:29 AM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 18 Feb 2017 03:35 AM Quote Reply හිරුයි තරුයි. තිස්පස්වන කොටස. මම ඔහු ඇද මතට විසි කළ දුරකථනය අතට ගෙන බැලුවෙමී. එහි තිබූ දෙය දැකීමෙන් මගේ සියෝළගම ඇවිලි ගියාය. දෙයියනේ මේ මොනවද .. කොහෙමද මෙහෙම පොටෝ මේකට ආවේ.. සිතට දැනුන දැඩී භීතිය නිසා දහඩිය වැගිරෙද්දී මම රිදුම් දෙන හදවතින් දුරකථනයේ වූ චායා රූප එකින් එක බැලුවෙමී.. හදවත රිදුම් දී ඇරඹුණ වේදනාව උගුර පුපුරු ගසමින් නෙත් අගට කදුළු එක් කළාය. ‘‘දැන් මොකද කියන්නේ.‘‘ උම්මත්තකයෙකු ලෙස හැසිරුණු ඔහු ලොකු සතුටක් ලද කළක මෙන් ජයග්‍රාහීව සිනා සුනේය. ‘‘මේ මොනවද මේ... ‘‘ ‘‘මොනවද අහන්නේ... ඇස් පේනවා අඩුද මේ... බලන්න... බලන්න... හරිම ලස්සනයි නේද?.‘‘ මා අසලින්ම වාඩී වූ දිනිදු තවත් චායා රූපකීපයක් විවෘත කලේය. ‘‘දෙවියනේ... මම කවදාවත් මෙහෙම ඉදලා නෑ... මොනවද මේ...‘‘ මම දෑතින් හිස බදාදෙන ඇඩුවෙමී.. ‘‘අඩන්න දෙයක් නෑ... මම කියන විදියට හිටියොත් මේවා කා ළගටවත් යන එකක් නෑ... හැබැයි.. මම කියන දේට පිටින් ගියොත් මේවා... ඔයාගේ අම්මා ළගට... එතනින් ගියාම... ආච්චීට... නෑදෑයින්ට.. ආ... තව අපේ අම්මට... අපේ ලොකුට... තව සුදු අක්කට... මේ සේරටම පෙන්නන්න වෙනවා... හ්හ්ම්ම්... හරිද?.‘‘ ඔහු අපහාසාත්මක සිනහවකුත් සමග මගේ මුහුණට තව තව ළං වෙමින් විමසුවේය. ‘‘තමුසේ තරම් ජරා මිනිහෙක් නම් මම ජීවිතේටම දැකලා නෑ... යනවා.. එන්න එපා මගේ ළගට වත්.‘‘ මම දිනිදුගේ අතේ තිබුණ දුරකථනයද උදුරාගෙන ඔහුගෙන් ඉවතට පැන්නෙමි. මා වෙතට ළං නොවූ ඔහු ඇද මතම වාඩී වී හිනා වෙමින් බලා සිටියේය. මම නැවත වරක් චායාරූප ටික හොද පරික්ෂාවෙන් බැලුවෙමී... මේ අපි හනිමූන් එකට ගිය හොටෙල් එකමනේ.. මම හිතුවා හරි.. මේ පොටෝස් එඩිට් කරපුවා... ඒත් කොයි වෙලේද මම මෙහෙම ඉන්න පොටෝ ගත්තේ... මට හොදටම නින්ද ගිහින් තියෙද්දි අරන් තියෙන්නේ... ඒත් මම එදා රෑම නිදා ගත්තේ නෑනේ.. මම උදේ ඇහැරෙද්දීත්.. එයා වෙරි මරගාතේ හොදටම නිදි.. මම සියල්ල යළි සිහි කර බැලුවෙමී. ‘‘තමුසේ නම් මහ බල්ලෙක්... තමුසේ මේවා එඩිට් කලා නේද?.‘‘ මම කේන්තියෙන් බැන වැදුනෙමී.. ඔහු එය ගණනකටවත් නොගත්තේය. ‘‘ඔව්... ඒඩිට් කලා තමා... ඒත් ඒක තමුසෙට ඔප්පු කරන්න බෑනේ... තමුසේ දැන් හැමෝම ඉස්සරහා නරක ගෑනියෙක්.. මේක දැක්කම... අනේ මන්දා...‘‘ ඔහු උරහිස් හකුලවා ඔහුට සිතා නොහැකි බවක් සැහැල්ලුවෙන් ඉගි කලේය... එක දිගටම ඔහුගේ මුහුණේ ඇදී තිබුනේ සමච්චල් සහගත සිනහවක් සහ කපටි බැල්මකී. ‘‘දැන් මොනවද බලමුකෝ පෙන්නන්නේ.‘‘ මම හනිකට චායාරූප සියල්ල මකා දැමුවෙමී. ඉන් පසු ඔහු වෙතට දුරකථනය විසි කලාය. ‘‘ඕක ඩිලිට් කරා කියලා... මේක නවතී කියලා හිතුවද?... මම තමුසේ තරම් මෝඩ නෑ හරිද?. ඕවෑ... කොපිස් මගේ ළග ඕනේ තරම් තියෙනවා... නටලා බලවකෝ... තමුසෙට වෙන දේ..... තමුසෙටවත් හිතා ගන්න බැරි වෙයි.‘‘ ඔහු ඇද මත සුවපහසුවට හාන්සී වී සංසුන්ව පැවසුවේය. වේදනාවෙන් පුටුවකට බර වුණ මම නැවත නැවත කල්පනා කරමින් හැඩුවෙමී .මම දැන් ගිරයට අසු වුණ පුවක් ගෙඩියක් බදුය. කොයි පැත්තෙනුත් ඇත්තේ වේදනා පමණකි. එම චායා රූප සංස්කරණය කර තිබුණේ බලන්නන්ගේ නෙත් රවට අයුරිනි. ඒවා දකින ඕන අයෙකු රැවැටෙන සුළුය. අඩ නිරුවත් මගේ චායා රූපවලට ගගනගේ චායා රූප යොදා අපි දෙදෙනා එක ළග සිටින අයුරින් සාදා තිබුණි.එතරම් සූක්ෂුම ලෙස කෙලෙසක චායාරූප සැකසුවේ ද යන්න පුදුම සහගතය. ‘‘සදනී දූ.... ඔයාලා කෑම ගන්නේ නැද්ද?... එන්නකෝ දෙන්නම.‘‘ දිනිදුගේ අම්මා කාමරයේ දොර අසල සිට කතා කරද්දී මම කදුළු පිස දමමින් අසුනෙන් නැගිට්ටෙමී. නිරායාසයෙන්ම දිනිදු ලෙස බැලුනේ මොකද කරන්නේ අසන්නට මෙනී.ඔහු තවමත් අර කපටී සිනාවෙන්ම පසු වෙයි. මොකක් හෝ ගෙන ඔහුට මියැදෙන තුරු පහර දෙන්නට ඇත්නම් , දැන් මට තවත් ඊට වඩා සැනසීමක් නැත. ‘‘එනවා අම්මේ....‘‘ මම බිදී ගිය හඩ සගවන්නට උත්සහ ගත්තෙමී. ‘‘යමු රත්තරං කෑම කන්න.‘‘ නිමේෂයකින් දිනිදුගේ අතක් මගේ කරවටා යැවුණි. ඔහුගේ ස්පර්ශය තියා ඔහුගේ දැකිම වුව මට ඇති කලේ විශාල පිළිකුලකී. මම ඔහුව පසකට තල්ලු කලෙමී. ‘‘මේ... මේ... තමුසෙට මේවා ඉවසන්න වෙනවා... දන්නවනේ.. අම්මලා මේ මොකුත් දැන ගන්න ඕනේ නෑ... තමුසේ මොනවම හරි අගවලා හරි තිබුනොත්... මතකනේ...‘‘ ඔහු දැඩිව මා ග්‍රහනය කර ගනිද්දී දට දැනුනේ තද වේදනාවකී. ඔහු රිදෙන අයුරින්ම මගේ උරහිස තද කර තෙරපුවේය. ‘‘යමු... අරිනවා දොර.‘‘ තවත් කිසිත් නොපැවසූ මම දෙර විව කලේ, මුහුණ තෙත් කළ කදුළු බිදු අත්ලෙන් පිස දමමිනී.. අපි පිටතට පැමිණෙන විට කිවෙක් දොර අසට නොසිටිම මට සැනසීමක් වීය. අප ආදරයෙන් වෙලී සිටින ලොව හොදම යුවල ලෙස නිවැසියන් ඉදිරි පිට රග දැක්කුවෙමු. ඔහුගේ රගපෑම් ඉදිරිපිට ඔවුන්ට උරුම වුයේ සතුටකී. සියල්ලන්ගේ සතුට සොම්නස හේතුවෙන් මට උදා වුයේ මාට මාවම එපා කරවන ජීවිතයකී. එදා සිදුවීම හේතුවෙන් දිනිදු දින පතා නිවසට පැමිණියත් අපි අතර තිබුණේ මවාපාන බැදීමක් පමණකී. එක යහනේ දෙපට හැරී නිදා ගන්නා අප අතර කිසිම ශාරීක එක් වීමක් සිදු නොවීය. නමුත් මට ඒ පිළිබද දැනුනේ සැනසීමකී. දකින්ට පවා අකමැති ඔහු සමග කිසිදු ඇසුරක් ඇති කර ගන්නට මට අවශ්‍ය නොවිය. නමුත් යම් දින වල ඔහු බලෙන්ම මා වෙතට පිවිසෙයි. ඒ සෑම අවස්ථාවකම ඔහු සිටියේ බීමතින්ය. කිසිදා හොද සිහියෙන් සිටින විට ඔහු මා දෙස හැරීවත් නොබැලුවේය. යම් අවස්ථාවල ඔහු දුකෙන් මෙන් මා දෙස බලා සිටී. තවත් වෙලාවකට පිස්සෙකු ලෙස හැසිරෙන ඔහු,මට රිද්දා සතුටු වෙයි. කුමක් නමුත් ඔහුගේ මේ හැසීරීම් වලට විශල හේතුවක් ඇති බව මම හොදින්ම වටහාගෙන සිටියෙමි. එය දැන ගැනීමටද අයුරක් මට නැත. ඔහු පිළිබද කිසිම දෙයක් අන් අයෙකු සමග පැවසීමටද මට ඉඩක් නැත. පොඩී සිදිවීමකදී වුව චායාරූප ටික ඉදිරියට ඇද ගත් ඔහු ඉන් මා නිහඩ කරයි. ‘‘සදනී දූ... ඔයාට කොල් එකක්...‘‘ මුළුතැන් ගෙය තුළ සිට මට ඇමතුවේ දිනිදුගේ අම්මාය. ‘‘කවුද අම්මේ...‘‘ මම ඇය අසලට පැමිණෙමින් විමසුවෙමී. ‘බලන්නකෝ.‘‘ ‘‘දූ... ඔයා හොදින් නේද?.‘‘ ‘‘අම්මා.... අනේ මම හොදින් අම්මේ.‘‘ කාලෙකට පසු අම්මාගේ හඩ අසන්නට ලැබීමෙන් මගේ සිත සතුටින් පිරී ගියාය. ‘‘මම හෙට ඔහේ එනවා දූ..‘‘ ‘‘හෙට..... ‘‘ මගේ සතුට තවත් වැඩි විය. හෙට දිනිදු ගෙදර ඉදීද?. හෙට නිවාඩු දවසක්නේ... අම්මා ඉස්සරහා මොනවා කරයිද?. මට දැනුනේ දැඩි බියකී. ‘‘ඔව් දූ... ආච්චී අම්මත් එනවා...නැන්දත් එනවා.‘‘ ඇය සිටින්නේ සතුටින් බව කතා විලාසයෙන්ම මට වැටහුණි. ‘‘ඒත්... ඇයි එක පාරටම අම්මේ.‘‘ ‘‘ඇයි දූ... අපි එනවට අකමැතිද?.. හෙටට වෙඩින් එක තිබිලා මාසයක් වෙනවනේ... එහෙම එන එක සිරිතක්.‘‘ ඔව් අම්මේ... අම්මලා එනවට මම බයයි... දිනිදුගේ හැටි ඔයාලට ටිකක් හරි දැනුනොත්.. නැත්තම් අම්මාව දකින්න අකමැති දුවෙක් මේ ලොකේ ඉදීද?. මම මැරි කරලා මාසයක්ද? මට මතකයක් වත් නෑනේ.. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි... මැරි කරලා අපේ ජීවිතේ ආදරණියම දවස් ගගනක් ගෙවී ගියා කියන සතුට මට උරුම නෑ... මේ අපායකට හිර වෙච්ච මම මොනවට සතුටු වෙන්නද? ‘‘අනේ එහෙම එකක් නෑ අම්මේ... අම්මා බලන්න එන්නේ කොයි වෙලේද කියලා මම හිටියේ....උදෙන්ම එනවා නේද?.‘‘ ‘‘ඔව් ඔව්... දූ... අපි උදෙන්ම එනවා... දිනිදු පුතත් හෙට ගෙදර නේද? අම්මා දිනිදු ගැන ආදරයෙන් කතා කරද්දී.. මට දැනුනේ දුකකි.. සැමදා මා සිහින මැව්වේ දිනිදු සමග සෙනහස පිරුණු ජීවිතයක් ගත කරන්නයි. දැන් ඔහු මට පෙන්නූ සොදුරු ආදර සිහිනය තුළ මම අතරමං වී සිටිමී. අම්මලාගේ පැමිණිම දැන ගත් වෙලේ සිට සතුටට පත්ව සිටි දිනිදුගේ අම්මා, හෙට දවස වෙනුවෙන් සූදානම් වුවාය. දිනිදුගේ හැසිරීම හේතුවෙන් ඇති වුණ බය හැරුණු කොට මමත් වුන්නේ කියා ගත නොහැකි සතුටකිනී. වෙනදා මෙන්ම දිනිදු නිවසට පැමිණියේය.. පුරුද්දට මෙන් ඔහුගේ තේ එකද රැගෙන කාමරයට ගිය මම වෙනදා මෙන් ආපසු නොපැමිණ මදක් එහි නතරවිය. ‘‘ඇයි... මොකද්ද කෙරෙන්න ඕනේ.‘‘ ඔහු ඇදුම් ඉවත් කර කෙටි තුවාය ඇග දවටාගෙන නෑමට සූදානම් වෙමින් සිටියේය. ‘‘හෙට අපේ අම්මලා එනවලු.....‘‘ ඔහු හිස ඔසවා මා දෙස බැලුවේය. ‘‘ඉතිං හොදයිනේ... අම්මා බලන්න යන්න නේද ඔයාත් බලන් හිටියේ.‘‘ අද ඔහුගේ හැසීරීම මදක් වෙනස් වී තිබුණි. මා සමග වෙනදාට වඩා සුහදව කතා කළ ඔහු මද සිනහවක්ද පෑවේය. ‘‘ඔයා හෙට ගෙදරද?.‘‘ ‘‘ඔව්.. ඔව්.. මම අනිවාරෙන් ඉන්න ඕනෙනේ....‘‘ ඔහු නාන කාමරයට ඇතුල්වීමට සැරසුනේය ‘‘හ්ම්ම්ම්...‘‘ කියන්නට සිතා පැමිණි දේ කීමට අපහසු බවක් දැනුන නිසාම මම එතනින් පිට වුනෙමී. රාත්‍රී ආහාරයෙන් පසු සුපුරුදු පරිදී.. අපි නින්දට සැරසුනෙමු. දිනිදු දැනටමත් නින්දට වැටී සිටියේය. මමත් ඇදේ අනෙක් පස හාන්සී වී මගේ දුක් බර ජීවිතයේ අවසානය කවදාදැයි සිතුවෙමී. ඇස් දෙක තද කර පියා ගත් මම ඉකිබිදුම් ආවත් ,ඒවාට පිට වන්නට ඉඩ නොදුන්නෙමී. කළු ගලක් සේ උණු නොවන ඔහුගේ සිත මගේ කදුළු වලින කිසිදා උණු නොවන බව මම දැන වුන්නෙමී. මගේ හැඩුම් ඔහුට සතුටකී. මා හඩා ඔහුගේ සතුට වැඩී කිරීමට මට අවශ්‍ය නොවීය. කිසිදු හඩක් නොමැතිව ම කොපුල දිගේ කදුළු කැට රූරා වැටුනී. ඇද අසල තිබුණ මේස ලාම්පුවේ ආලෝක මදක් අඩු වූ බවක් දැනුන නිසා මම නෙත හැර බැලුවෙමී. එවිට මට චායාව ලෙස පෙනුනේ... මගේ මුහුණ එඹී සිටි දිනිදු ක්ෂණිකවම අනෙක් පසට හැරී නිදා ගන්න අයුරුයි.. ඇයි දිනිදු අයියේ.. ඔයා එහෙම කරන්නේ... මට හිතෙන්නේ මේ විදියට හැසිරුණාට ඔයාගේ හිතේ මං ගැන දුකකුත් තියෙනවා.. මම හුගක් දවස් වලට දකිනවා ඔයා දුකෙන් වගේ මගේ දිහා බලනවා.. හැබැයි මම ඔයා දිහා ඉබේම හරි බැලුවොත්... ඔයා මූණ වෙනස් කර ගන්නවා.. ඇයි... ඔයාට තියෙන ප්‍රශ්නේ මට කියන්න දිනිදු අයියේ... මම තවමත් සූදානම් ඔයා එකක් සාමදානෙන් ඉන්න. මගේ කදුළු තවත් වැඩි කළ ඔහු අනෙක් පසට හැරී සිටියේය. මා මෙන්ම ඔහුට නිදි නැති බව මට දැනුනී. මොකද්ද දෙවියනේ අපේ ජීවිත වලට මේ... වෙලා තියෙන්නේ... මට තාම විශ්වාස කරන්න බෑ.. මට මොන තරම් ආදරේ කරපු කෙනෙක්ද දිනිදු අයියා කියන්නේ.. ඇයි එයා එක පාරටම වෙනස් වුනේ. උදෙන්ම අවදී වු මම ඉක්මණින් දවසේ වැඩ කටයුතු ඉටු කරන්න වුනෙමී. අම්මලා පැමිණෙන්නට පෙර සියල්ල ඉටු කර අවසන් කරන්නට මට අවශ්‍ය විය. සියළු වැඩ අවසානයේ කාමරයට යන විටත් දිනිදු හිටියේ තද නින්දේය. දැන්ම ඇහැරෙන පාටක් නෑ... මම නාන කාමරයට වැදී, ඔහුගේත් මගේත් සියලු කිළිටි ඇදුම් සොදා බේසමකට දමා ගත්තෙමී. උදෙන්ම නා ගත් මම ලොකු තුවායක් ඇග දවටාගෙන බේසමද උකුලේ ගසාගෙන නාන කාමරයෙන් පිටතට පැමිණියෙමී. ඒ වන විට ඇද මත වාඩි ගත් දිනිදු සිටියේ බර කල්පනාවකය. ඔයා ඇහැරියද දිනිදු අයියේ.. අසන්නට මගේ සිත පොර කද්දී මම නිහඩ වුනෙමී. ‘‘ඔයා නෑවද උදෙන්ම..කෝ අම්මලා ආවද?‘‘ කවදාවත් නැතිව මා දෙස බලා යාන්තමට සිනාසුණු ඔහු විමසුවේය. දිනිදු අයියා ඇත්ත තේරුම් අරන් වත්ද?.. මාත් එක්ක හොදින් ඉන්න වත් ඕනී වෙලාද?. මට දැනුනේ දරා ගත නොහැකි තරමේ සතුටකී. ‘‘තාම අවේ නෑ.. දිනිදු අයියේ.. ඉන්න මම ටී එකක් හදන් එනම්.‘‘ මමද මද සිනහවකින් යුතුව පැවසුවේ රෙදි බේසම බිමින් තබමිනි. ‘‘ඔහොම...‘‘ ඔහු පවසන්නේ මම තුවාය පිටින්ම තේ සාදාන්ට මුළුතැන් ගෙයට යනවාද යන්න බව මට වැටහුනෙමී. විවාහයෙන් පසු මට ඔහුගෙන් අසන්නට ලැබුණු එකම ආදරණිය වචනය එයයි. ලැජ්ජාවෙන් මුහුණ රතු කර ගත් මම තනිව සිනා සුනෙමි. ‘‘නෑ.. නෑ... ඇදුමක් දාන් යන්නේ..‘‘ ඔහුට ඉවත බලා ගන්නට කීමට අවශ්‍ය වුණත් මට එසේ කීමට අයිතියක් නැත. මට ඔහු ඉදිරිපිටම ඇදුමක් මාරූ කර ගැනීමට සිදු විය. පස්සේ රෙදි ටික වනනවා කියා සිතු මම දිය බේරන කේස්ස පිට මැදට හෙලා වරක් කැඩපෙතට එබී බැලුවෙමී... දිනිදු අයියා වෙනස් වෙලාද?... මම කැඩපතින් දුටු මගේ රුව සමගම ඉගි කලෙමී. එවර මා දුටුවේ කැඩපත හරහා මා දෙස සිනාවෙන් යුතුව බලා සිටින දිනිදුවයි. ලැජ්ජාවෙන් මුහුණ බිමට බර කර ගත් මම කාමරයෙන් පිටතට ගියෙමී. මම තේ එකක් සාදාගෙන, අම්මලා වෙනුවෙන් සකස් කළ වැලිතලප සහ කේක් සහිත පීරිසියක්ද, බන්දේසියක් මත තබාගෙන එන්නට සැරසුනෙමි. ඒ මොහොතේම දිනිදු මුළුතැන් ගෙට ඇතුල් වුනේය. ‘‘ශා... කවුද අම්මේ වැලිතලප හැදුවේ.‘‘ ඔහු කෑම මේසයේ පුටුවක් ඇද වාඩී වෙද්දී, මම බන්දේසිය ඔහු අසල තැබුවෙමී. ‘‘මගෙන් අහන්නේ.. ඔයාගේ සදාගෙන්ම අහන්නකෝ.‘‘ අම්මා කරමින් සිටි කාර්ය නතර නොකරමින්ම පැවසුවේය. ‘‘සදා....‘‘ ‘‘හ්ම්ම්ම්.‘‘ මම එක වරම තිගැස්සී ඔහු දෙස බැලුවෙමී. ජීවිත කාලය පුරාම ඔහුගේන් ලබන්නට පැතු සෙනෙහේබර ඇමතුම සවනත පතිත වෙද්දී මගේ හද කීරී ගැසුණි. ‘‘කවුද කෙල්ලේ හැදුවේ.‘‘ වැලිතලප කැබැල්ලක් අතට ගත් ඔහු විමසුවේය. ‘‘අම්මා කියලා දුන්නේ.‘‘ ‘‘ඒ කියන්නේ ඔයානේ හැදුවේ... මාරම රසයි.. අම්මා හැදුවා වගේම රසයි.‘‘ ඔහු මුල්ම වතාවට මම කළ දෙයක් වර්ණනා කරන්න විය. දැනුන සතුට දරා ගන්නට නොහැකී වූ මට ඔහුගේ උකුලේ හිස හොවාගෙන හඩන්නට අවශ්‍ය විය. ඔහු වෙතට ආ දිනයේ සිටම ඔහු මට කෙලෙස සැලකුවත් මම මගේ යුතුකම් නිසි අයිරෙන් ඉටු කලෙමී. ඔහුගේ කෑම බීම වෙලාවට ඔහු වෙත රැගෙව විත් දුන්නෙමී. හිමිදිරියේ අවදී වන මම ඔහුට දවල් ආහාරය දිනපතාම පිළියෙල කර දුන්නෙමී. ඔහු කිළිටි කර ගොඩ කරන රෙදී සොදා වේලා පිළිවෙලට අල්මාරයේ ඇසුරුවෙමී. ඔහු පිළිවෙල තමාගෙන සිටි කාමරය ඒ අයුරින්ම පිළිවට තබා ගත්තෙමී. ඔහු රාත්‍රියේ ස්ත්‍රික් කීරීම අවශ්‍ය ඇදුම වෙන් කළ පසු නිහඩවම මම ඒවා ස්ත්‍රික් කර හැගරය මත රැදෙව්වෙමී. කිසි දින නිවසේ සිටියදී මගේ ඇදුම් වත් තනිව සොදා නොගත් මම ඔහු වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කලෙමී. ලස්සනට වවාගෙන සිටි මගේ නිය පෙළ මෙහි පැමිණ දින කීපයක් ගත වන්නටත් පෙර කපා දමන්නට මට සිදු විය. මුළුතැන්ගෙයි කටුයුතු වලදීත්, ඔහුගේ බර ඇදුම් සෝදද්දීත්, මගේ නිය මටම වදයක් බව මට ඒතුගැන්වී තිබුණි. මගේ ගති පැවතුම්, හැසීරීම, දගකාර ගති ඒ සියල්ලම මම වෙනස් කර ගත්තෙමි. ඔහුගේ කීකරු බිරිද ලෙස හැසිරුණු මම, ඔහුට කීමට අඩුපාඩුවක් ඉතුරු නොකලෙමී. නමුත් මීට පෙර කිසිම දෙයක් ඔහු අගය කර නොමැත. ගෙදර මෙහෙකාරියන් සිටියත් ඔහුගේ වැඩ මා අතින්ම සිදු කිරීමට මම භාර ගෙන තිබුණී. මම එසේ කරන බව ඔහු දන්නා බවද මම දනිමී. නමුත් ඔහු මට රිදවද්දී වුව මම එය ගත් නොහැරියෙමී. මම කුඩා කාලයේ මගේ අම්මා ගුරුවරියක් ලෙස සේවය කරමින් මාවත් බලා ගනිමින් අප්පචිගේද සියලු කටයුත් ඉටු කරනු මට මතකය. එනිසා මට ද අවශ්‍ය වී තිබුනේ අම්මා මේන් විමටය. ‘‘කෝ... මේ සදාලගේ අම්මලා තාම නෑනේ.‘‘ පානය කිරීමට තේ එක අතට ගත් ඔහු විමසුවේය. ‘‘ඒක තමයි මමත් බැලුවේ පුතේ... එක්ක එන්න ගියා නම් හොද නැද්ද?‘‘ දිනිදුගේ අම්මාද කතාවට හවුල් වුවාය. ‘‘සදා... අම්මට කොල් එකක් අරන් බලන්න... තාම ගෙදර නම් මම එක්ක යන්න එනවා කියන්න.‘‘ මම කිරිල්ලියක මෙන් දුරකථනය වෙත දිව ගියෙමී. කලකට පසු මගේ දගකාර හැසීරීම නැවත ඉස්මතු වී ඇති බව මට දැනුනී. අම්මාට ඇමතුමක් ගත් මම පණිවිඩය කීවෙමී. මගේ බෑණා මං ගැන සෑහෙන්න හිතනවා නේද?. අම්මාගේ සිත තුළ තෙරපුණ සතුට මගේ සතුට දෙගුණ තෙගුණ කරන්නට සමත් විය. ‘‘දිනිදු අයියේ.. අම්මලා තාම ගෙදරලු.‘‘ ‘‘හරි... සදා.. මම එක්කන් එන්නම්... හිස් වු තේ කොප්පය බන්දේසිය මත තැබූ ඔහු පිටත් වීමට සූදානම් වුනේය. ‘‘සදා... කා.. එකේ කී එක ගෙන්න කෙල්ලේ.‘‘ මම ගියා නොවේය. ඉගිලුණාය. අනේ හැමදාමත් ඔහොම ඉන්න මගේ දිනිදු අයියේ... නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 18 Feb 2017 04:37 AM Quote Reply උට පිස්සු වෙන්න ඇති. හංගන රහසත් ඒකම වෙන්න ඇති 0 සඳුනිVeteran MemberPosts:2462 18 Feb 2017 07:48 AM Quote Reply එහෙම හිතමුකෝ.. රහස ඊට වඩා දරුනුයි දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 19 Feb 2017 04:00 AM Quote Reply එහෙනං දාන්න ඉතුරැ ටිකත් 0 chamaramindMost Senior MemberPosts:13471 19 Feb 2017 05:15 PM Quote Reply අප්පේ මේ ගෑනියි මිනිහයිද?හනිමුන් එකේදි සිද්ධ වුණු දෙයක්ද? ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 සඳුනිVeteran MemberPosts:2462 23 Feb 2017 07:27 AM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 23 Feb 2017 07:32 AM Quote Reply හිරුයි තරුයි. තිස්හයවන කොටස. කාර් රථය පණ ගන්වා ගත් ඔහු විශාල ගේට්ටුවෙන් පිටව ගියේය. පැය භාගයකට පමණ පසු සියලු දෙනාම රැගෙන ඔහු ආපසු පැමියේය. ‘‘සදා... එන්න.. මෙන්න අම්මලා ආවා.‘‘ ‘‘අම්මේ... ‘‘ ඇය දුටු විගසම මම තුරුලට වැදුනෙමී.ඇය හා පැවසීමට මට දහසකුත් දේ ඇත. නමුත් මට ඈ සමග කිසිවක් කිව නොහැකිය. මා වෙනුවෙන්ම කැපවු උත්තරීතර මව් සෙනෙහස පෑරවීමට මට නොහැකිය. ‘‘අම්මලට පොඩ්ඩක් හුස්මක් කටක් ගන්න දෙන්න සදා... දිනිදු මට නෝක්කාඩු කිව්වේය. අම්මාගෙන් මිදුනු මම ආච්චිගේත් නැන්දාගෙත් දෙපා නැමද පිළි ගත්තෙමි. නිවස ඇතුල් වූ මොහොතේ සිට නැන්දාගේත් ආච්චිගෙත් නෙත් නිවස පුරා දුවනු මම දුටුවෙමු. මම මෙතරම් වත් පොහොසත් කම් ඇති තැනකට විවාහා කර දීම පිළිබද ඔවුන්ට තිබුනේ ආඩම්බරයකී. සුව පහසු සැප සම්පත් ඇති තැනක මම සිත් වේදනා විදිමින් ජීවත් වන බව ඔවුන් නොදනී. ‘‘අනේ නංගියේ මම මේ කුස්සියේ පොඩී වැඩක හිර වෙලා හිටියේ.. දාලා එන්න බැරුව හිටියේ.‘‘ සිනාමුසු මුහුණින් ඉදිරියට පැමිණි දිනිදුගේ අම්මාද කතා බහට එක විය. ඒ අතර තුර මම මුළුතැන් ගෙය තුළට වැදී තේ මේසයක් පිළියෙල කලෙමී. මගේ පසු පසින් පැමිණි දිනිදු කවදාවත් නැතිව තේ මේසය පිළියෙල කරන්නට සහය දුන්නේය. ‘‘සදා... මෙහෙම හොදයි නේද?.‘‘ කේක්, කෙසෙල්, වැලිතලප තවත් කැවිළි රාශියක් ඇසුරූ පීරිසී කීපය රව්මට තාබා තිබූ ඔහු ...මා දෙස බලා සිටියේ මගේන් පැසසුමක් ලැබෙන තුරු විය යුතුය. ‘‘ආ... එහෙම හොදයි දිනිදු අයියේ... මම සෝදා ගත් පීරීසී කොප්ප බන්දේසීය මත අසුරමින් පැවසුවෙමී. ‘‘හරි නරකයි ඔයා... මම පුදුමයෙන් යුතුව හිස ඔසවා බැලුවෙමී. ‘‘ඇයි දිනිදු අයියේ...‘‘ ‘‘බැලුවෙත් නෑ... බොරුවට හොදයි කියනවා.‘‘ ඔහු කුඩා දරුවෙකු මෙන් මුහුණ ඇඹුල් කර ගනිද්දී... සිත තුළට කාන්දූ වී තිබුණ සොම්නස තව තව වැඩි වෙන්න විය. ‘‘අනේ නෑ... ඔයා දැක්කේ නැතුවට මම බලලා කිව්වේ... මේ තියෙන්නේ ලස්සනට. කොහොමත් ඔයාගේ වැඩ පිළිවෙලයි මට වඩා.. මම දැක්කනේ මම එන්න කලින් කාමරේ... තියන් තිබුණු පිළිවෙල.‘‘ ඔහු එයට මදක් සිනා වුණා පමණකී. ‘‘අම්මලට එන්න කියන්නද?.‘‘ ‘‘හා දිනිදු අයියේ... එක්කන් එන්නකෝ.‘‘ ඔහු ඒ වෙන විටත් මුළුතැන්ගෙයින් ආලින්දය වෙත යැවෙන කොරිඩෝව මතට පියමන් කර අවසන්ය. අද නම් පුදුමම දවසක්.... දිනිදු අයියා අද ඇත්තටම වෙනස් වෙලාද?... අනේ මන්දා බයත් දැනෙනවා... මහ කුණාටුවකට කලින් පරිසරයත් මෙහෙම තමා... මම නිරායාසයෙන්ම ලොකු සුසුමක් පිට කලෙමී. මොහොතකින් මුළුතැන්ගෙට පැමිණි සියලුදෙනා කෑම මේසය වටා වාඩී විය. ඔවුන් සමගම කෑම මේසයට වාඩී වුණ දිනිදු අයියත් ඔවුන්ගේ කතාවට හවුල් වුවේය. ‘‘කෝ අක්කේ... අනුහස් පුතා එහෙම.‘‘ අම්මාට අනුහස් සර්ගේ අඩුව දැනී තිබුණි. ‘‘අනේ සුදු දූට බබා ලැබෙන්න ලගයිනේ... කෙල්ල අම්මලාගේ ගෙදර ගියා... අද නිවාඩූ දවස නිසා අපේ පුතත් එහෙ ගියා. දැන් ඉතිං බයක් සැකක් නැතිව එයාලට ගමනක් බිමනක් යන්න පුළුවන්.. සදනී දු ඉන්නවනේ මගේ තනියට.‘‘ දිනිදුගේ අම්මා මා අසලට පැමිණ මා ආදරයෙන් ඇගේ උරයට වාරූ කර ගනිමින් කීවාය. ඒ වන විට දිනිදුගේ නෙත් මා දෙසට යොමු වී තිබුණි. ඔහුගේ ඒ බැල්මන් අපි විවාහා වන්නට පෙර කාලය සිහි ගැන්විය. ඒ ඇස් වල කාලයක පසු ආදරයක් මෝදූ වි තිබුණි. සියල්ලන්ටම තේ පිළිගැන්නුවෙමී. අම්මාගේ ඉල්ලීම නිසා මට අම්මාගේ තේ එකෙන් ටිකක් බොන්නට සිදු විය. හුග කාලයකට පසු ඇගේ අසල දැවටෙමි කාලය ගත කළ මම ලැබුවේ මහත් සතුටකී. ඔවුන් සමග හරි හරිය කතාවට එක් වුණ දිනිදු සියල්ලන්ගේම අවදානය දිනාගෙන සිටියේය. සැබවින්ම සියල්ලන්ම ඔහුට ආදරේ කලහ. මා සතුටින් සිටිනා බව ඔවුන්ට ඒ හේතුවෙන් ඒතුගැන්වේ යැයි සිතු මම මද අස්වැසිල්ලක් ලැබුවෙමී. ‘‘දූ... ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙයි.‘‘ ‘‘මොකද්ද අම්මේ.‘‘ පැය කීපයක් සතුටින් කල් ගෙවු අම්මා එලෙස පවසද්දී මට පොඩී චකිතයක් දැනුනී. අම්මා මොකද්ද මේ... කියන්න යනවා ඇත්තේ... ‘‘දැන් නම් මට ඒ ගැන කිසිම දුකක් නෑ... මගේ දූ සතුටින් බව මම දන්නවනේ... මට හිත හදන් යන්න පුළුවන්.‘‘ ‘‘මොනවද අම්මේ ඔය කියන කතා... අම්මා කොහේ යන්නද?‘‘ ඇයි දෙස වේදනාවෙන් බැලු මම විමසුවෙමී. ‘‘අම්මා කොහෙ යන්නද?.. මම ගෙයක් ගන්න ඉන්නේ.. එතකොට සදනිගේ තනියට අම්මා අපි ළගට එන්න.‘‘ සැමදාම මගේ සිතේ සැගවී තිබු හැගීම ,ආශාව දිනිදු වචන කලේය. ‘‘හ්ම්ම්.. ඒක තමයි.‘‘ මම දිනිදු දෙස පුදුමයෙන් බැලුවෙමී. ඔහුගේ වෙනස් වීමට හේතු මට සිතා ගත නොහැකිය. ඔහු මම අම්මාට ළං වනවාට අකමැති වුනේ අපි දෙදෙනා අතර ඇති දුරස් මෙන්ම කටුක බැදීම මම අම්මා සමග පවසාවී කියන බය නිසාය. නමුත් දැන් ඔහු මෙලෙස පවසන්නේ මන්ද.. මටගේ ජීවිතය මායාවක් බදු යැයි මට වරෙක සිතෙයි. මා වටා කරකැවෙන මේ සිදුවීම්.. මට අදුනා ගන්නට තබා.. සිතා ගැනීමටත් අපහසුය. සියල්ල අවුල් සහගතය.. කිසිදා ලිහිය නොහැකී ලෙස මා පැටලී හමාරය. ‘‘අනේ.... බෑ දිනිදු පුතේ... මම මගේ දූ ළග ඉන්න අකමැතී නෙමෙයි.. ඒත්....මගේ දුට වුණත් බරක් නොවී ජීවත් වෙන්න මම සේරම ලෑස්තී කරන් තියෙන්නේ.‘‘ ‘‘අනේ අම්මේ... මගේ අම්මා මට බරක් වෙන්නේ කොහොමද? ‘‘ මට දැනුනේ දැඩී වේදනාවකී . මම දුකින් මුහුණ බිමට හරවා ගත්තෙමී. ‘‘මම මාරුවක් ඉල්ලලා තිබුණේ දුගේ වෙඩින් එකට නැකත් හදපු කාලේමයි... මට ඒ මාරුව ලැබිලා... ඉතින්... මට දැන් සැනසීමේ යන්න පුළුවන්.‘‘ ඇය සුසුමකට මුසු කර සිනහවක් පෑවාය. ‘‘අනේ අම්මේ... අම්මා කොහෙටද යන්න හදන්නේ... ඇයි අම්මා තනිවෙන්න හදන්නේ..‘‘ ‘‘මම තනි වෙන්නේ කෝමද දූ... ආච්චී අම්මා ළගටනේ යන්නේ... අම්මට බැරි වෙද්දී මට අම්මටත් සලකන් ඉන්න පුළුවන්..‘‘ ඇය ආච්චී අම්මා දෙස බැලුවේ ආදරයෙනී. ‘‘හ්ම්ම්ම්ම්...‘‘ මගේ ඊට වැඩි කැමැත්තක් නොවුවේ අම්මාත් අහලක නැති වෙද්දී, තව තවත් මම තනි වෙනවා නේද යනුවෙන් සිතමිණි. ‘‘මොකද ඉතිං දුකෙන් වගේ... බය වෙන්න එපා ළමයෝ... ඔයාගේ හැමදේකදීම මම ඔයා ළග ඉදීවී... මගේ මුණුපුරා හරි මිණිබිරි හරි එද්දී.. ඔයාව ගමට එක්ක යනවා... ඔයාව ලැබෙන්න ඉද්දිත් මම එහෙනේ හිටියේ.. නේද අම්මේ.‘‘ අම්මා ආච්චි අම්මාවද කතාවට ඈද ගත්තාය. ‘‘අනේ... ඔව්... වැඩි දවසක් නොයවා.. දෙන්නා එක්කම ඒ පැත්තේ ආවා නම් නරකද.‘‘ ‘‘එන්න ඕනේ ආච්චී අම්මේ... මට සදා කියලා තියෙයි ගම හරිම ලස්සනයි කියලා.‘‘ හිස ඔසවා නොබැලු ඔහුගේ නෙත් දුරකථනය මත රැදී තිබුණි. නිහඩවම දුරකථන තිරය වෙත නෙත යොමා සිටිද්දී ඉබේටම ඔහුගේ මුහුණ වෙනස් වන අයුරු මම දුටුවෙමී. මද වේලාවකට පසු ඔහුගේ දුරකථනය නද දෙද්දී ඔහු අසුනින් නැගී සිටියේය. ‘‘හදිස්සී කෝල් එකක් අම්මේ... පොඩ්ඩක් ඉන්න මම කතා කරලා එන්නම්.‘‘ ඇමතුම සවනත තබා ගත් ඔහු එතනින් පිට වුනේය. හිතට දැනුන චකිතය සමගම මේ කතා කරන්නේ කවුරුන්දැයි දැන ගැනීමට මට විශාල අවශ්‍යතාවයක් දැනෙන්න විය. එන්න එන්නම ඔහු අප අතරට එක්වන්නට ගත කරන කාලය දික් වෙද්දී මගේ හිත තව තවත් නොසංසුන් විය. ටික වෙලාවකට පසු මම දිනිදු ගිය දෙසට ගමන් ගත්තේ සීරුවෙනී. විමසුවත් දැන ගන්නට නොලැබෙන නිසා ඔහු කතා කරන්නේ මොනවා ගැනදැයි අසා සිටීමට මට අවශ්‍ය විය. ඔහු සිටියේ ස්තෝපුවෙ කෙලවර මුදුළට කිට්ටු වන්නට. මම දොර අසල මුවා වී ඔහුගේ කතාවට සවන් දුන්නෙමී. ‘‘කිව්වම තේරුම් ගන්නකෝ... මට අද එන්න විදියක් නෑ.‘‘ ‘‘ඔව් ඔව්.. සදාගේ අම්මලා ඇවිල්ලා.‘‘ ‘‘කිව්වම අහපිය... මට එන්න බෑ... ඒ මිනිස්සු මොනවා හිතයිද?.‘‘ ‘‘අනේ පිස්සු කියන් එපා රත්තරං... මට වටින්නේ කවුද කියලා දන්නවනේ... වටින්නේ නැත්තම්.. අර අහිංසක කෙල්ලටත් වද දිදී මෙහෙම කරයිද?.‘‘ ‘‘හරි හරි.. මම හවස් වෙලා ඇවිත් යන්න එන්නම්.‘‘ ‘‘හා ... ඉතිං.. මම පොරොන්දු වුණානේ... අපි අතර එහෙම දේවල් වෙන්නේ නෑ.‘‘ මට ඇසුනේ දිනිදු කිව් දේවල් පමනකි. කෙසේ නමුත් මේ කතා කරන්නට ඇත්තේ කෙල්ලෙක් විය යුතු බව මට සිතුණි. දිනිදු අයියට වෙන කෙල්ලෙක් වත් ඉන්නවද?... ඉතිං වෙන කෙල්ලෙක්ට නම් ආදරේ මගේ පස්සෙන් ආවේ ඇයි... මාව බැන්දේ ඇය... සර්ලා අකමැති වුණාද දන්නේ නෑ ඒ ග්ල්ට.... ඒත්... දැන් මට මෙහෙම කරන එක හරිද?.. මමනේ නීත්‍යානුකූට වයිප්... මම වයිප්...හ්හ් නිතියට විතරනේ ඉතිං... ඒ කියන්නේ දිනිදු අයියා මාත් එක්ක සතුටින් ඉන්නවට එයා කැමතී නෑ... දිනිදු අයියා ඩික්ස් ගත්තේ නැති දාට මගේ ළගට එන්නේ නැත්තේ ඒකයි එහෙනම්. මොකද්ද මේ අවුල... බලං ගියාම ගගන හොදයිනේ.. දැන් එතකොට දෙන්නම එකයි.. දෙන්නම කළේ මාව රවට්ටපු එක විතරයි.. මම නම් මහ කාළකණ්ණි ගෑනියක්... අරහේ අම්මා මාව දාලා යන්න හදවා... එහෙන් මේ මිනිහට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. මොකද්ද මේ.. ජීවිතේ.. මොකද්ද?... මට අඩන්නට අවශ්‍ය විය. නැවත නිවස තුළට යන්නට හැරුනු මම දුටුවේ අම්මාගේ සිනා මුසු මුහුණයි. සිනිවෙමින් කතා බහ කර කර සිටින අයුරුයි. මම කොහොමද අම්මේ ඔයාගේ ඔය හිනාව, සතුට, සැහැල්ලුව උදුර ගන්නේ... මට ඒක කරන්න බෑ... අනේ මගේ අම්මේ .. ඔයාගේ දුවට මේ මොකද වුනේ... ‘‘සදා.. ඔයා මෙතන....‘‘ ඔහුගේ හඩින් තැති ගැන්වුන මම එලෙම ඔහුට පිටුපා වුන්නෙමී. මට බියක් දැනුනේ මන්දැයි මම නොදනිමී. ඔහුගේ අත සියළු වැරදී තිබියදී මම මොන යම් හේතුවක් නිසා බය වේද?.. මට ඔහුට විරුද්දව දෙයක් කළ නොහැකිය.. ඔහු සැකසූ ව්‍යාජ සාක්ෂියක් ඔහු ළග ඇත. එය එළියට ආ දිනෙක මා ළග කිසිවෙක්ම ඉතුරු නොවන ඇත. ‘‘මම.. මේ.... මේ.... ඔයාව හොයන්න ආවේ‘‘ මගේ වචන එළිය නොඑන බවක් මට දැනුනී. ‘‘මාව හොයන්න... ඇත්ත කියනවා අහන් හිටියා නේද?.‘‘ වැලමිටට ඉහළින් මගේ අතක් දැඩිව අල්ලා ගත් ඔහු තදින් තෙරපා රිද්දමින් විමසුවේය. වරින් වර ආලින්දයේ වාඩී වී සිටි අම්මලා දෙසද බැලූ ඔහු මා ඇදගෙන ස්තෝප්පුවට ගියේය. ‘‘තෝ.. දැන් මගේ හොරත් අල්ලන්න පටන් අරන්ද?...‘‘ ‘‘ඒකේ ඇති වැරැද්ද මොකද්ද ඉතිං....‘‘ සියලු වැරදී ඔහු අත තියෙද්දී, ඒ වැරදී සදහා මට රිද්දදී, මට තවත් ඉවසා සිටිය නොහැකි විය. ‘‘වැරැද්ද?... ඔබ තමා සේරම වැරදී කර ගත්තේ...‘‘ ඔහු මා දෙස බැලුවේ දත් විලිස්සාගෙනය. දැනුන වේදනාව නිසා ඇඹරුණු මම ඔහුගෙන් මිදෙන්නට උත්සහ ගත්තෙමී. ‘‘තමුසෙට වෙන ගෑණියෙක් ඉන්නවා නම් මොකටද මාව බැන්දේ.... ඒකිවම බැද ගන්න තිබුණනේ.‘‘ එවර ඔහු සිනා සෙන්නට පටන් ගත්තේය. ‘‘උඹ ඒකත් දැන ගත්තද ?.. ඒක හොදයි.. දැං වත් පාඩුවේ ඉදපංකෝ.. මට වෙන ගෑණියෙක් ඉන්නවා... ඒකී කැමතී නෑ මම උඹ ළග ඉන්නවට.. තේරුණාද?.‘‘ ‘‘මොනවද දිනිදු අයියේ මේ කියන්නේ.‘‘ ඇසෙන සියල්ලම දරා ගත නොහැකී මගේ නෙතට කදුළු එක් විය. පැය කිහිපයක් ලද අස්වැසිල්ගෙන් පසු ජීවිත කාලයටම විද ගත නොහැකී වේදනාවක් ඒක් කර තිබුණී. සිතුවා සේම නිසල බව සංසුන් බව මහ දරුණු කුණාටුවක් ඇති කර තිබුණි. ‘‘මොනවද අහන්නේ..... ඇත්ත.‘‘ ‘‘අනේ දිනිදු අයියේ... ඔයාට පිං සිද්ද වෙයි... මාව අතෑරලා දාන්න.. ඔයාට එයා ඕනේ නම් එයා ළගටම යන්න.. ඇයි මාව මේවට ඉත්තෙක් කර ගන්නේ.‘‘ ‘‘මම ඉත්තෙක් කර ගත්තේ නෑ... තමුසේ ඉබේටම ඉත්තෙක් වුණා.‘‘ මා අතහැර දැමූ ඔහු කල්පනා බර නෙත් ඈතක රදවා ගත්තේය. මේ මොන දේ සිදු වුණත් ඔහුගේ සිතේ කොනක මා වෙනුවෙන් වේදනාවක් ඇති බව මට හොදින්ම වැටහෙයි. මගේ කදුළු මැද ප්‍රශ්ණ කිරීම් මැද නිරුක්තර වන ඔහු.. එසේ නෙවන බව මට අගවන්නට උත්සහ ගන්න බව මට දැනෙයි. ‘‘ඔයාට එයාව අයිතිකර ගන්න මම ඕනේ උදව්වක් කරන්නම්.. මාව මේ කරදර ගොඩෙන් නිදහස් කරන්න දිනිදු අයියේ ප්ලීස්... මට පිස්සු හැදෙයි මේ විදියට ජීවත් වුනොත්. ‘‘ මට පිටු පා සිටි ඔහුගේ පිට මත මුහුණ හොවා ගත් මම ඇඩුවෙමී. ‘‘පිස්සු නැතුව ඉන්නවා.‘‘ ටික වෙලාවක් ගොළු වී සිටි ඔහු මා තනි කර නිවස තුළට ඇතුල් විය. මිදුලේ තිබුණ කරාමයෙන් මුව දොවා ගත් මම වැලපොට මත අතුරා තිබු තුවයෙන් මුහුණ පිසදමාගෙන නිවසට ඇතුල් වුනෙමී. ‘‘මම යනවා සදා... පරිස්සමින් ඉන්න.‘‘ හිතන්නට අවකාශයක් නොදුන් ඔහු මගේ නළල මත හාදුවක් තබා කාර් රථය තුළට නැගුනේය. ඔහුගේ පිටව යාම නිසා අම්මලාත් ඔහු පසු පස ආ නිසා ඔහු එසේ හැසුරුණ බව මට වැටහුණි. නැතිනම් ඔහු මා අතර එවැනී ආදරණිය හැසිරීම් නොමැත.‘‘ මං යනවා‘‘ කියා පවසන්නෙත් එහෙමත් දවසක පමණකි. ‘‘දිනිදු පුතා හරි කැපවීමෙන් ශොප් එක කරනවා නේද? .. පුතාගේ කැපවීම නිසා තමා මේ තරම් ඉක්මණට ශොප් එක දිවුණු වුනේ.‘‘ දිනිදුගේ කාර් රථය ගේට්ටුවෙන් පිටතට යන තුරු බලා වුන අම්මා ආඩම්බර සිනාවකුත් සමග පැවසුවාය. අම්ම දන්නේ නෑනේ අම්මේ.. ඔය දිනිදු අයියා යන්නේ වෙන කෙල්ලෙක් ළගට කියලා.. ඒ කෙල්ල කතා කරලා එන්න කිව් නිසා කියලා... ඔයාගේ දුව ජීවිතේ වරද්ද ගත්තා අම්මේ... මොන තරම් ඉගෙන ගත්තත් මට තාම මිනිස්සුන්ව අදුර ගන්න බෑ.. ආදරේ නිසා මම අන්ධ වෙලා ඉදලා තියෙන්නේ.. පව් අර අහිංසක චාරුක.. චාරුක මේක තමයි මට කියන්න උත්සහ ගන්න ඇත්තේ... අන්තිමේදී ඒ කොල්ලට ජොබ් එකක් නැතුව ගියා. මම ආදරේ විශ්වාස කලා.. කාටද පුළුවන් දිනිදු අයියා මට දුන්න ආදරේ අවිශ්වාස කරන්න. මේ ලොකේ මිනිස්සු කියන ජාතිය නම් කවදාත්ම තේරුම් ගන්න බෑ... ඒ තරම් මවා පෑමක්. ඔයා මගේ කරේ බැදපු චේන් පොට... මගේ අත ඉබේටම ඔහු බැදි රන් මාලය මත නතර විය. ඒවත් මවාපෑම්ද? එදා මාව තුරුල් කරන් ආදරෙයිද ඇහුවේ.. මේ සේරම බොරුද?.. කෝකද හරි කොකද වැරදී...අනේ දෙවියනේ ඇයි තවත් මාව ජීවත් කරන්නේ.. දැනුම් තේරුම් ඇති කාලේක ඉදන් හැමෝගෙම සතුට ගැන හිත මටම ඇයි මෙහෙම වෙන්නේ... ‘‘අපි යමු නංගියේ කෑම ටිකක් කන්න.‘‘ දහවල් කෑම වේලාවද කිට්ටු වී තිබුණ නිසා අපි සියල්ලන්ම මුළුතැන් ගෙට පිවිසුනෙමූ. තොන්තුවෙන් මෙන් සියල්ල සිදු කළ මම සිටියේ වෙනමම ලෝකයකය. තමන්ගේ මිනිහා වෙන ගෑනියෙක් ළගට ගියේ කියලා දැන දැන ම ඉවනසන් ඉන්න පුළුවන් ගෑනු මේ ලෝකේ ඉන්නවද?.. ඇත්තටම මම මොනවගේ ගෑනියක්ද? මට මේ තරම් ඉවසන්න පුළුවන් වුනේ කොහොමද? මම මේ ඉවසනවද? නැත්තම් කර කියාගන්න දෙයක් නැතුව විදවනවද?. එතරම් සවස් වන තුරු නොසිටි අම්මා ඇතුළු පිරිස මා සිප වැළද සමු ගත්තාය. ඔවුන්ගේ නික්මීමත් සමග මට ඇති වුයේ දරා ගත නොහැකි වේදනාවකී. හෙට දින ආච්චී සමග අම්මද ගමට පිට වන බවද මම දැන් හොදින්ම දනිමී. මගේ කියා කවුරුම නැති ලෝකයක මා තනිවන්නට යන බව දැනී මට හඩන්නට සිතුණී. හිතේ දුක මැඩ ගැනීමට උපකාරයක් ලෙස සිතා මම මුළුතැන්ගේ තුළ කටයුතු වල නියැලුනෙමී. අද නම් ඇගට හරි මහන්සී දූ.. යැයි පැවසූ දිනිදුගේ අම්මා අමාරුවෙන් පුටුවකට බරවී බලා වුන්නාය. ‘‘අම්මේ දෙයක් අහන්නද?.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු දිනයක වැටහේවී........... 0 Add Reply Page 8 of 11 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit