Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Feb 2017 12:15 AM by DanuLiyanage සම්බෝල... 19 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages malkiBasic MemberPosts:216 07 Jan 2017 02:26 PM රස පිරි ගුණ සපිරි කරපිංචා සම්බෝලය අවශ්‍ය ද්‍රව්‍ය: කරපිංචා ස්වල්පයක් ලුණු කැට කීපයක් රතු ළූණු ගෙඩි කීපයක් වියළි මිරිස් කරල් දෙකක් ගොරකා කෑල්ලක් සාදන ආකාරය: කරපිංචා කොළ මිරිස්ගලේ හොඳින් අඹරා ගන්න. ඊටම ලුණු කැට ,රතු ළූණු ගෙඩි කීපය සහ වියළි මිරිස් කරල් දෙකඑකතු කරගන්න.ගොරකා ස්වල්පයක් එකතුකර තවත් හොඳින් අඹරා ගන්න.සියල්ලම හොඳින් ඇඹරුණු පසු අතින්මිශ්‍රණය ගුලිකර කුඩා පීරිසියක තබා කෑම මේසයට යවන්න. කරපිංචා සම්බෝලය ස්වල්ප වශයෙන් ආහාරයට එක් කර ගැනීමෙන් ඔබේ ආහාර වේලට සුවිශේෂී රසයක් එකතු කර ගත හැකි ය. සම්බෝලයට ශරීරයේ පවතින කොලෙස්ටරෝල් දුරු කිරීමට හැකි ඖෂධීය ගුණයක් තිබේ. කරපිංචාවල ඇති විෂහරණ ගුණය හේතුවෙන් ආහාරයේ හෝ ශරීරයේ පවතින විෂ ශරීරයෙන් ඉවත් වීමට ද සිදු වනවා. සතියකට වරක් වත් කරපිංචා සම්බෝලය ආහාරයට එක්කර ගැනීමෙන් ඔබේ ආයුෂ දීර්ඝ වේ. නීරෝගී බව ලැබේ. එසේම ඔබ ගැස්ට්‍රයිටීස් තත්වයකින් පීඩා විඳී නම් කරපිංචා සම්බෝලය වඩාත් සුදුසු ආහාරයක් නොවන බව ද මතක් කළ යුතු ය. කටට සැරට ආස අයට කොච්චි සම්බෝලය අවශ්‍ය ද්‍රව්‍ය : කොච්චි මිරිස් කරල් අවශ්‍ය පමණ රතු ළූණු ස්වල්පයක් උම්බලකඩ කුඩු මේස හැඳි 1 ක් දෙහි ගෙඩියක යුෂ ලුණු සාදන ආකාරය : කොච්චි මිරිස් හොඳින් සෝදා ගන්න.දැන් ලුණු කැට කීපයක් සහ රතු ළූණුගෙඩි කීපයක් එක්කරන්න. සියල්ලමමිරිස්ගලේ අඹරාගන්න.හොඳින් ඇඹරුණු පසු උම්බලකඩ එකතුකරන්න. පසුව රස අවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ මිශ්‍රකරගෙන පිළිගන්වන්න. තම්බාපු බතල ,මඤ්ඤොක්කා වැනි අල වර්ග සමඟ කොච්චි සම්බෝලය ආහාරයට ගත හැකියි.එසේම තම්බාගත් කොස්සහ දෙල් වැනි දේ සමඟ කොච්චි සම්බෝලයට ලැබෙන්නේ ඉහළම ප්‍රතිචාරයක් බව කියන්නම අවශ්‍යයි. කටට සැරසේම කොච්චිවල රසයත් ඔබේ ආහාරවේල ප්‍රණීත එකක් බවට පත්කරයි. 0 samanthaMost Senior MemberPosts:13190 07 Jan 2017 09:29 PM කරපිංචා සම්බෝලය නම් ගුණ කෑමක්.. ඒත් කාපු කාලයක් මතක නැහැ. ස්තූතියි මල්කී මේවා අපිත් සමඟ බෙදා ගත්තාට. 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jan 2017 09:55 PM කොච්චි සම්බෝලේ නම් නියමයි... 0 sha733Super Senior MemberPosts:7332 07 Jan 2017 11:21 PM කොච්චි සම්බෝලේ සැරටම නෙවෙයි මම ඒ සුවදටත් ආසයි 0 malkiBasic MemberPosts:216 08 Jan 2017 04:25 AM අපිටත් මෙහෙ කරපින්චා නම් හොයා ගන්න බොහොම අමාරුඉ..... 0 hasithadSuper Senior MemberPosts:5795 08 Jan 2017 07:35 AM මඤ්ඤොක්කා එක්ක නම් කොච්චි සම්බෝලෙ කියාපු එක. කෙලත් උනනවා කටට මතක් වෙද්දි. 0 RosiSuper Senior MemberPosts:5335 08 Jan 2017 05:45 PM සම්බෝල නම් එපා නොවෙන කෑමක් ,,ස්තුති මල්කියෝ 0 PoddiVeteran MemberPosts:2100 17 Jan 2017 06:13 AM man asama asayi kochchi sambole... 0 gaminiVeteran MemberPosts:4475 18 Jan 2017 07:31 PM මට නම් ගෙදර ඉන්න ටිකේ එක එක ජාති සම්බෝල කන්න ලෙබෙනවා ........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Jan 2017 09:54 PM malki akka teach karanawada cook wede kranawada. kamak naha sthuthi apata hamadama aluth deyk genawata 0 maduranga001Most Senior MemberPosts:14118 16 Feb 2017 11:27 AM කොච්චි සම්බෝලේ නම් මාරු තමයි. ඒත් දැන් මේ කඩවල් වල එහෙම නම් දාන්නෙම නයි මිරිස් හෝ මිරිස් එහෙම නේ. අම්ම මුත්ත මතක් වෙනව කෑවහම. කොච්චි කරලේ තියෙන රසය ඔය මොන මිරිස් කරලක වත් එන්නෙ නැහැ. මල්කි ගේ කුකරි ක්ලාස් එකෙන් හොඳ හොඳ තොරතුරු එනවා නේද එලියට. 0 sha733Super Senior MemberPosts:7332 16 Feb 2017 11:36 PM ඔව් නයි මිරිස් කාපුවාම ඉහ මොලේ රත් වෙලා ඔලුවෙනුත් දාඩිය දාන්න පටන් ගන්නවා තමයි ඔය සිද්දිය උනා දවසක් මම නයි මිරිස් කට්ට සම්බොලෙකුත් එක්ක රොටියක් කාල. 0 kingDVeteran MemberPosts:3309 17 Feb 2017 01:47 AM අපිට නම් ඉතින් මෙහෙ කරපිංචා එමටයි .. කව්දැයි ඉතින් ඕවා සම්බෝල කොරන්නෙ ... පවුලක් පන්සලක් වුන කාලෙක බලමුකෝ 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Feb 2017 01:54 AM කොච්චි සම්බොලෙට ගහන්න සම්බොලයක් කොහෙද ? 0 samanthaMost Senior MemberPosts:13190 17 Feb 2017 02:37 AM ඇයි රජතුමාගේ අන්ත: පුරයට මොකද වෙලා තියෙන්නේ.. 0 sha733Super Senior MemberPosts:7332 18 Feb 2017 12:19 AM රජතුමෝ ඒක තමයි මේ මමත් බැලුවේ 0 maduranga001Most Senior MemberPosts:14118 18 Feb 2017 03:47 AM Posted By kingD on 17 Feb 2017 01:47 AM අපිට නම් ඉතින් මෙහෙ කරපිංචා එමටයි .. කව්දැයි ඉතින් ඕවා සම්බෝල කොරන්නෙ ... පවුලක් පන්සලක් වුන කාලෙක බලමුකෝ ඇයි දැන් පවුලත් පන්සලක් වගේ ද? 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Feb 2017 11:32 AM රජතුමා ලඟදි මැරී කරන්න ඉන්නේ 0 maduranga001Most Senior MemberPosts:14118 18 Feb 2017 07:00 PM Posted By DanuLiyanage on 18 Feb 2017 11:32 AM රජතුමා ලඟදි මැරී කරන්න ඉන්නේ පන්සල් පල්ලි ඔක්කොම ගෙදරට ගෙන්න ගන්න වගේ හදන්නෙ. 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Feb 2017 12:15 AM එක නම් මාරම කතාව නේද 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes