Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Apr 2017 06:10 PM by chamaramind සෙනෙහස පාමුල. 106 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 6 << < 12345 > >> Author Messages kingDVeteran MemberPosts:3309 06 Feb 2017 08:03 PM Quote Reply ඔන්න කොටස් ඔක්කොම කියෙව්වො ...ඒ කියන්නෙ පහන්යා ල නතර වෙන්න ඇවිත් තියෙන්නෙ ඉෂාන් ලගේ ගෙදරට නේද .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 07 Feb 2017 03:07 AM Quote Reply මම නම් දන්නෑ හෙට බලමු දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 07 Feb 2017 03:26 PM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 07 Feb 2017 03:29 PM Quote Reply සෙනෙහස පාමුල.. අටවන කොටස. ************************************************** කල්පනා ලෝක තනිවෙලා හිටිය පහන්‍යා ගැස්සිලා වගේ බැලුවේ කවුද ආවේ කියලා .... කාර් එකෙන් ඇවිත් බැස්සේ තේජාන්විත බවක් ඇති උසට සරිලන මහතක් හෙබි මනුස්සයෙක් .... ම්ම්ම්ම් මං හිතන්නේ මේ බොසාගේ මස්සිනා වෙන්න ඇති .... හම්මේ බයත් හිතෙනවා දැක්කම.. යකෝ මූනේ හිනාවක් නෑ.. බකුස් වගේ... පහන්‍යා හිතින් බනිමින් බලාගෙන හිටියේ ගරාජ් එක පාක් එක දාලා ගෙට යන්න එන මිස්ට ඉද්දමල්ගොඩ දිහා... එ කියන්නේ පහන්‍යාගෙ බොස්ගෙ මස්සිනා ... කෑගල්ල පොලිස් ස්තානාදිපති... . ඉශාන්ගේ තාත්තා සේනාදීර ඉද්දමල්ගොඩ ... ඒත් පහන්‍යා තාම දන්නේ නෑ මේ ඉන්නේ එදා රිවස්ටන් යද්දී හමුබුන කටකර ,, සුභාෂ්ගේ ගොලයාගෙ ගෙදර කියලා.. හොස්පිටල් එකටත් ගිහින් සුභාෂ්වත් බලලා ඒ ගැන කල්පනා කරමින් ගෙට යන්න ආව ඉද්දමල්ගොඩ කොනකින් වගේ දැක්කේ අඹ ගහ යට බංකුවේ ඉදගෙන හිටිය යුවතියක් තමන් දිහා බලන් ඉන්නවා දැකලා නතර උනේ මේ අර මල්ලි එවනවා කියපු ගර්ල්ලාගෙ කවුරුහරි වෙන්න ඇති කියලා හිතන ගමන්... පහන්‍යා හිතින් බැන බැන එක එක දේවල් හිත හිතා ඉද්දමල්ගොඩ දිහා බලන් ඉන්න බව අමතක වෙලා කෙල්ලට ලැජ්ජ හිතුනේ තමන් නිකන් මොකාද වගේ අර මනුස්සයා දිහා බලන් ඉන්න බව ඉද්දමල්ගොඩ දැක්ක නිසා.. පහන්‍යට කර කියා ගන්න දෙයක් නැති නිසා මූණට හිනාවක් අරගෙන හිනා උනේ තමන් මේ ගෙදර ආගන්තුකයෙක් නිසා ... කෙල්ල ආචාරශීලිව හිනාවෙන බව දැකපු ඉද්දමල්ගොඩත් හිනාවක් දාගෙනම කෙල්ල ඉන්න පැත්තට ආවා.... හෑ මෙන්න බොලේ මේ මනුස්සයා හිනාවෙන්නත් දන්නවා.... ම්ම්ම් මේ ලමයා මං හිතන්නේ අපේ මල්ලිගෙ ඔෆිස් එකෙන් වෙන්න ඕනි.. කෙල්ල ලගට එන ගමන් ඉද්දමල්ගොඩ අහද්දි පහන්‍යා තමා ගැනම ලැජ්ජ හිතුනේ ඉද්දමල්ගොඩ දිහා බලාගෙන හිතපු දේවල නිසා.. ඇත්තටම පහන්‍යා හිතුවේ නෑ අර බකුස් වගේ ආව මනුස්සයා මේ තරම් සුහදශීලිව කතා කරයි කියලා ... ඔ..ව්.. ඔව් සර්... කෙල්ලට සර් කියලා කියවුනේ ඉද්දමල්ගොඩ හිටියේ යුනිෆෝම් පිටන් නිසා .. හරි .. මේ ලමයා විතරද ආවේ.. නෑ සර් තව එක්කෙනෙක් ආවා.. හ්ම්ම් එක හොදයි මල්ලි මට කිව්වා විස්තර .. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා .. ඔයාලා කිසිදේකට බය වෙන්න එපා මොකද මේ ගේදර ඔයාලගෙ කියලා හිතන්න .. දැන මේ ලමයි කාලා එහෙමද ඔව් සර්.. මැඩම් ආව ගමන්ම කෑම හදලා දුන්නා. හරි එහෙනම් ඔය දෙන්නා ඉන්නවා නේ අපි කතා කරමුකෝ .. උදව්වක් ඕනි උනොත් කියන්න කෝ මාත් පුලුවන් දෙයක් කරන්නම්.. බොහොම ස්තූතියි සර්.. සර්ගෙ උදව් අපට ඔනි වෙනවා අනිවාර්යයෙන්ම ... හ්ම්ම් මං වොශ් එකක් දාගෙන එන්නම්කෝ.. මාත් මේ ඇක්සිඩන්ට් වෙච්ච ලෙඩෙක් බලන්න ගිහින් එන ගමන් අපේ ලමයගේ ස්කෝලේ... ඇක්සිඩන්ට් එකක්. ... පහන්‍යා ඇහුවේ තමන්ට හොද නිව්ස් එකක් හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතන ගමන්.. හ්ම්ම් ඔව් ලමයෝ ඉන්නකෝ මං ඇවිත් විස්තර කියන්නම්.. ඔකේ සර්... හිනාවකින් සංග්‍රහා කරලා ඉද්දමල්ගොඩ ගෙට යන්න හැරුනේ උදේ ඉදන් සුභාෂ්ගෙ ඇක්සිඩන්ට් එක ගැන විස්තර හොයන්න මහන්සි වෙච්ච නිසා.. ඉද්දමල්ගොඩ හිතුවෙම මේක සුභාෂ්ව මරන්න ප්ලෑන් කරලා කරපු දෙයක් කියලයි.... ඇක්සිඩන්ට් එක ගැන කිව්වට පස්සේ පහන්‍යා ඒක ගැන දැන ගන්න කම් ඉවසිල්ලක් නෑ.. ඒත් ඉතිම් ආව ගමන්නම වාතයක් වෙන්න බෑනේ.. පහන්‍යාත් ඒ එක්කම වගේ ගෙට ආවේ හෙට කරන්න තියෙන වැඩටික ටේබල් කර ගන්න ඔනී නිසා කාබරේට යන්න හිතාන ... ***************************** ට්‍රීං ට්‍රිං... ඉශාන්ලගෙ ගෙදර ෆොන් එක රිං වෙන්න ගත්තේ මේ වෙලාවේ.. පේන්න කවුරුත් නෑ.. ඉද්දමල්ගොඩ වොශ් රූම් එකෙ ඉදන්ම කෑ ගැහුවේ දෙතුන් පාරක්ම ෆෝන් එක රිං උන නිසා. ... නෝනේ බලන්න කො අනේ ඔය ෆෝන් එක රිං වෙනවා .... අපේ මහත්තයො අනේ මගේ අත් දෙකේම කොහොල්ලෑ මං මේ කොස් ගෙඩියක් සුද්ද කරනවා.. මාත් මේ බාත් රූම් එකෙ නෝනේ. මේ සංවාදය කාබරේ වැඩක නියලෙමින් හිටිය පහන්‍යා කුස්සියට ආවේ පෝන් එක ආන්සර් කරන්න කියලා අහන්න ... ඒත් එක්කම කොහොල්ලෑ ටික පිහිදමින් නැගිටින්න හැදූ ඉශාන්ගෙ මව ඊටත් කලින්ම පහන්‍යා හට කතා කරා.. අනේ දුවේ මගේ මේ අත් දෙකේම කොහොල්ලෑ .. මං මේ අවේ එක ඇහිලා තමයි ආන්ටී.. මං බලන්නම්... දුරකතනය ලගට ගිය පහන්‍යා දුරකතනයට පිලිතුරු දුන්නේ බයෙන්... පහන්‍යා හෙලෝ කියන්නත් කලින් එහා පැත්තේන් ආවේ බැනුම් වරුසාවක් ... මොකක් ද අම්මා කී පාරාක් ගත්තා ද අනේ ඇයි ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ... හදිස්සියකට ගත්තා නම් එහෙම ඉවරයි ඉතින්..... ඉශාන් කියවගෙන ගියේ කේන්තියෙන්... එහා පසින් සද්දයක් නැති නිසා ඉශාන් ආයෙත් කතා කරා... හෙලෝ ..අම්මා.. මේ මෙයාලගෙ පුතා වෙන්න ඇති පහන්‍යා අනුමාන කරමින් කතා කරා... හෙලෝ මේ අම්මා නෙවෙයි.. අම්මා නෙවෙයි නම් කවුද ඔයා... ඇයි කලින් කිව්වේ නැත්තේ .. මේ මොන මගුලක්ද යකෝ මේ ගත්ත වෙලේ ඉදන කියොගෙන කියොගෙන ගිහින් දැන අහනවා කිව්වේ නැත්තේ ඇයි කියලා.. පහන්‍යා මුවින් නොබැන හිතින් හිතුවේ මේ ගෙදරට පය ගහකලින් කියන්නේ කොහෙද කියන්න කලින් කෑගහගෙන බැනලා ඉවරයිනේ... අනේ... හරි හරි දැං කෝ අම්මා.. ඉශාන් ඇහුවෙ දෙගිඩියාවෙන් .. කවුද මේ මං නැති අතරේ ඇවිත් ඉන්නේ.. ඉශාන් දන්නවා නම් මේ කතා කරන්නේ මේ එදා හම්බුන සුභාෂ් සර් ලයින් දැම්ම කෙල්ල කියලා.. අම්මා කොස් සුද්ද කරනවා අතේ කොහොල්ලෑ .. මට කිව්වා ෆෝන් එක බලන්න කියලා ... හා එහෙමද එහෙනම් අම්මට කියන්න මට අද එන්න වෙන්නෑ කියලා... මං අද සර් ළග නවතිනවා කියන්න ... සර්... ඔව් අපේ සර් ළග ඔයා කියන්නකෝ අපේ අම්මා දන්නවා. හරි මං කියන්නම්...... ඔකේ ... බායි...... මට මේ කටහඩ හොදට අහලා පුරුදුයි වගේ ඒත් කවුද මේ..... කෙල්ල පොන් එක තිබ්බ වෙලේ ඉදන් හිතුවේ කාගෙද මේ පුරුදු කට හඩ කියලා. ඒ එක්කම තව දෙයක් මතක් වුනා. සර් කිව්වේ මිස්ටර් ඉද්දමල්ගොඩ බලන්න ගියා කිව්ව සර්ම වෙන්න ඇති. අපරාදේ අහන්න තිබුනේ. පහන්‍යා කල්පනා කරමින් කුස්සිය පැත්තට යන්න හැරුනා. ඒත් එක්කම දුවගෙන ආව දෙව්මිගේ කෑ ගැහිල්ලට පහන්‍යා උඩ ගියා.. පහන්‍යා පහන්‍යා .... මේ..... මොකද යකෝ කෑ ගහන්නේ ඔහොම... මේ..මේ...මේ... බොසා ... කතා කරනවා බන්... .. මතු සම්බන්ධයි. යාළුවනේ අදහස් දක්වන්න. හෙට කොටස අකුරු ගන්වන්නේ මුතු අක්කා. අද අකුරු කෙරු මම ඉරෝ එදිරිසිංහ. දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 07 Feb 2017 07:23 PM Quote Reply කතාව යන විදිහට හිතාගන්න පුළුවන් ..අනිවාර්යෙන් සර් ව බලන්න යයි වගේ හොස්පිටල් එකට .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Feb 2017 07:39 PM Quote Reply අර පුටුවෙ වාඩිවෙලා ඉන්න අක්කා ඉරො එදිරිසිග්හ්හද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Feb 2017 02:13 AM Quote Reply ඔව් ඒ් ඉරෝ තමයි කෙහොමද දන්නේ දිනයක වැටහේවී........... 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Feb 2017 02:37 AM Quote Reply මට හිතුනා වාඩිවෙලා ඉන්න විදියට ............ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Feb 2017 06:28 PM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Feb 2017 06:33 PM Quote Reply සෙනෙහස පාමුල නමවෙනි කොටස සම්පූර්ණ කතාව කමෙන්ට් වල යාලුවනේ.. "දීපන් ඔය ෆෝන් එක..." දෙවුමිගේ අතේ තිබ්බ මගේ ෆෝන් එකත් අරන් මන් පැත්තකට දිවුවත් දෙවුමිත් පස්සෙන් ආවා.. "ආහ් පහන්‍යා කොහොමද,.?" "ඉන්නවා.සර්.." "අවුලක් නෑ නේ නවාතැන් පල.." "නෑ සර්.." "මන් මේ මස්සිනාටත් දැන් ගත්තා..ඔයාලා කතා කළා කීවා.." "ඔවු සර්.." "මොකද ළමයො ඔවු සර් නෑ සර් විතරද..?" "නෑ සර් මේ..." දෙවුමි පැත්තකින් ඉඳන් කටත් අල්ලගෙන හිනාවෙනවා අනින්න හිතුණා හොම්බට හැටක්.. "ආහ් පහන්යා..මන් මේ ඉන්ෆොමේශන් එකක් දෙන්න ගත්තේ.." "කියන්න සර්.." "ප.......න්යා.... අපේ මස්....නා...ට ..රන්චි වෙලා ..ඔහේ ඉන්න සර් කෙනෙක්..ගැන.." "සර් ටිකක් පැහැදිලි මදි,, සිග්නල් අවුලක් වගේ..." "මේක අහ..වා..පහන්... ඔහේ..ඉන්නවලු... සු......ශ් කිය....... සර් කෙනෙක්..එය..එයාගෙ බ්ලොග් වල...කුඩු......යෝ ගැන පෝස්ට් දාලාලු... ඒ මනුස්..යා ඇක්සිඩ.....ට් වෙලා... ඒ ගැන සැකයි ...අපි ඒ කේස් එක ගැන සෙවිල්ලේන් ඉන්න්... ඕනේ.." "හරි සර් මන් බලන්නම්.." "ඕ,කේ..මන් පස්සේ ගන්නම් පහන්ය.." "ඕජේ සර් බායි.." දුරකතනය දිහා බලාගෙන තත්පර පහක් විතර පහන්ය කල්පනා කල. "මොකද්ද බාන් කිවුවේ..මෙලෝ හසරක් තේරුණේ නෑ..වන්නි හත්පත්තුවට ගෙනත් දාලා සිග්නල් කඳුලක් හොයාගන්න ගස් බඩ ගාන්න වෙයිද්දන්නෑ.." "මටත් කිවුවා..පහන්යා.කවුද සර් කෙනෙක් ගැන ..ඒ සර් රිසර්ච් කරලා කුඩ්ඩෝ ගැන..බ්ලොග්ස් එහෙමත් දාලාලු..හදිසියේ ඇක්සිඩන්ට් වෙලා සර් කියන්නේ ඒක හිතල ප්ලෑන් කරලා කරවපු එකක් ලු.." "හ්ම්ම් වෙන්න පුළුවන්.." "නම මතක නෑ බන් මේ..සූ.........සු..." "මොකද බන් සූ සූ ගාන්නේ..කාට හරි ඇහුනොත් හිතයි බාත් රූම් නොයා මේතන වැඩේ කරනවා කියලා.." "අනේ යන්න පහන්යා.." "අයියෝ.. ආන්ටිට පණිවිඩයක් කියලා එන්නම් .." "හ හා.." පහන්යාට ඉශාන් කිවූ පණිවිඩය මතකයට ආවේ මේ මොහොතේ දීමය. ඈ හනික මුළු තැන් ගෙට දිව ආවාය. "ආන්ටි මේ.." ඉද්දමල් ගොඩත් ඒවෙලාවේ එතන ඉඳගෙන තේ කෝප්පයක රස මිහිර විඳින ගමන් .. පහන්යා ආපු වේගෙන් කුස්සියටම ආවට ඉද්ද මල්ගොඩ දුටු ගමන් කෙල්ල කන්ට්‍රෝල් වුණේ ඉබේටම වගේ.. "සර්.." කෙල්ලට ලැජ්ජත් හිතුණා..පිට මනුස්සේක් මදිවට පොලිස් කාරයෙක් නෙ දෙයියනේ.. "ආහ් එන්න ළමයා.." "මේ..ආන්ටි මේ.. කෝල් ..." "ආහ් කියන්න දුව.." "ආන්ටි ඒ කෝල් එක පුතාගෙන්.." "ආහ් මොකද කීවේ..?" "ආන්ටි අද ගෙදර එන්න වෙන්නෙ නෑ කීවා සර් ලඟ නවතින්න කීවලු.." "අනේ මන්දා මේ ළමයත් ..පැටලෙනවා මේවගේ.." ඉශාන්ගේ මවගේ මුහුනේ පෙණුම ඒ තරම් සතුටු දායක නොවීය. "නෝනේ බයවෙන්න එපා.මන් කාව හරි යවන්නම් හොස්පිට්ල් එකට..මට හිතෙන්නේ මේ ක නිකම්ම ඇක්සිඩන්ට් එකක් වෙන්න බෑ කියලා..ඒ සර් ඩ්‍රග්ස් කේස් ගැන හොයලා තියනවා කියලා ආරන්චියකුත් ආවා.." "දරුවෝ යාළුවත් එක්ක එන්න තේ ටිකක් බොමු.." "දැන් කරදර වෙන්න එපා ආන්ටි ..තේ ඕන නෑ.." පහන්යා සිනාසෙමින් එතනින් හිමිහිට මාරු වුනේ ඉද්දමල්ගොඩ කීව කතාව ගැන සිතමින්මයි... "ඒයි කෙල්ල. අපෙ සර් කීව කෙනයි..මිස්ටර් ඉඩ්ඩමල්ගොඩ කීව කෙනයි දෙන්නම එක්කෙනෙක් කියලයි මට හිතෙන්නේ..අපි මුලින් මේ ගැන හොයමු..අපේ පටන් ගැන්ම මෙතන..." පහන්යා පැවසුවාය... ############### මේ අතර ඉශාන් සර් ලඟින් හෙල්ලෙන්නෙවත් නැතිව බලාගෙන සිටියේය..හදිසියේ නින්දෙන් නැගිටුනු සුභාශ්.. "ඉශාන් .." "ඇයි සර්.." "ටිකක් නිදා ගන්න දරුවෝ.." "කමක් නෑ සර්..." "හ්ම්ම්.." "මන් මෙහෙම ඉන්නම් සර්..නිදා ගන්න.." ටික වෙලාවක් ඉශාන් ඔහේ බලාගෙන හිටියත් හිමින් හිමින් ඒ හිතට අමුත්තක් දැනෙන්න ගත්තා.. කෙනෙක් ගැන මතකයක් ඒ හිතට එබි කම් කළා.. සිතිවිලි අයින් කරනවා වෙනුවට ඉශාන් ට අවශය වුණේ ඒ ගැනම සිතන්නටයි.. "සාවින්දී.." ඔවුවේ සාවින්දි ගැනමයි.. නාඹර හිතකට කුළුඳුලේම ආල හිතක් වත් මෝරාගෙන එනවාදැයි ඉශාන්ට හිතුණා.. "හාවියක් වගේමයි ..නමත් සාවින්දි,.අනේඅ,,ඔයාට මාව මතකද දන්නේ නෑ..යන්න ලැස්තිවෙද්දි ඒ ඇස් දෙකේ කඳුලු පිරිලා තිබ්බ විදිහ මතක් වෙද්දි පැනලා බදාගන්න හිතුණා..ඒත් ...ඒත් වයස අපි දෙන්න අතරට ප්‍රශ්නයක් වෙයිද..?.. අම්මි නම් අවුලක්ම නෑ..අප්පච්චි තමයි..." ඉශාන් බොහෝ දේ කල්පනා කලත් සාවින්දිගේ මතකය ඔහුව කුල්මත් කළේය.. "තව එක පාරක් බලන්න තිබ්බානම්.." ඔහුට සිතිණි.. මේ අතර සාවින්දිද ඒ හා සමාන යමක් සිතමින් හුන්නීය. ######## රෝහල අසල මුර කුටිය අබියස තවත් යමක් සිදුවෙමින් පවතී කළු පාට මුහුණ ආවරණය කර ගත් පුද්ගලයින් පස් දෙනෙක් රෝහලෙ තුලට යාමට තැත් දරමිණ් සිටියහ.. ගේට්ටුව ලඟ මුරය්ට සිටි පුද්ගලයාව අසළ වූ ගස කට තබා බැඳ දමා රෝහලට ඇතුල් වොය.. "ඔවුන් ආවේ කුමකටද හෙට කතාවෙන් බලන්න.. අදට කතාව ඉවරයි.. හෙට ලියන්නේ සදු ලීව මම මුතු අහුරක්(ඉනෝ) කවරය සැරසූ රාස් මල්ලි ඔයටත් ගොඩක් ස්ටූති... දිනයක වැටහේවී........... 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Feb 2017 07:11 PM Quote Reply හෙට ලියන්නෙ අපෙ සදුනි නෙද ? එල එල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Feb 2017 07:53 PM Quote Reply මම තමයි. හෙට ලියන්නේ දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 08 Feb 2017 09:00 PM Quote Reply ඉතින් තාම ලියල ඉවර නැද්ද ඕක ... ඉක්මන් කරමු ..හා හා හාහ් Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 09 Feb 2017 01:07 PM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 09 Feb 2017 01:11 PM Quote Reply සෙනෙහස පාමුල. දසවන කොටස. සාවින්දිගේ මතකයේ පැටලී වුන් ඉශාන් සාවින්දී ඔහුගේ නිවසේ රැදී සිටි දිනයේ මතකයන් අළුත් කරමින් ජනෙල් කවුළු අසලට පියමැන්නේය. සුභාශ් ඉන්නේ තද නින්දේ නිසා ඉශාන් ජනෙල් කවුළුවක් මදක් විවර කර මීදුමින් වැසී ගිය නිසංසල පරිසරයට නෙත යොමා පෙර දින සාවින්දී සමග ඉදිරි පස කොරිඩෝවේ කතා කරමින් සිටි අයුරු සිහිගැන්නුවේය. ‘‘ කෑ ගහන්නැතුව හිටපන්. පේනවනේ මගේ අතේ තියෙන එක. කෑගැහුවෝත බස්සනවා බුලට් එක ඔළු කට්ට හිල් වෙන්න. ඉක්මනට ඕකව බැදලා දාපල්ලා.‘‘ හදිසියේම ඉශාන්ගේ සවනත රැදුනේ එවැනී අමුතුම කතාවකි. සුභාශ්ට වෙන් වු කාමරය පිහිටා තිබුනේ ඉහළ මාළයේ නිසා ඉශාන් ජනේලයෙන් ඒ දෙස අවදානයෙන් බලා සිටියේය.රාත්‍රියේ වූ ඝණ මීදුම විදුළු බුබුළු වල අලෝකය සමග මුසු වීම නිසා ,එම දර්ශන පෙළ අපහැදිලි විය. කළු ඇද ගත් කිහිප දෙනෙක්ම රෝහල තුළට ඇතුළු වනු දුටු ඉශාන්ට හවස අප්පච්චී කියු කතාව සිහි වීය. කාමරයෙන් පිටතට පැමිණී ඔහු ඇතුලත කොරිඩෝව දිගේ පැමිණ අත්වැටට වාරු වි පහළ මහල දෙස බැලුවේය. ‘‘මිස් අර සුභාශ් සුභසිංහ කියලා ඇස්සිඩෙන්ට් වෙලා ගෙනාපු පේසන්ට්ගේ රූම් නම්බර් එක කියද?‘‘ ‘‘සොරි මිස්ටර් මේ වෙලාවට නම් පේසන්ට්ලා බලන්න දෙන්න බෑ. අනික ඒ පේෂනට් ළගට නම් අදුනන්නේ නැති කවුරුත් යවන්න එපා කියලා තමා අපිට දැනුම් දීලා තියෙන්නේ.‘‘ ‘‘අනේ මිස් මම සුභාශ් පුතාගේ එකම මාමා.‘‘ කළු හැද ගත් පිරිසගෙන් එක් අයෙක් පිළිගැනීමේ නිළධාරිනිය සමග කතා කරනු ඉශාන්ට ඇසුණි. නමුත් ඔවුන්ගේ කතා බහ ඉශාන්ගේ සැකය වැඩි කිරිමට තවත් ඉවහල් විය. මේ නම් තාත්තා අර කියපු මින්සසු වෙන්න ඔනේ. ඉශාන් ජංගම දුරකතනය අතට ගෙන ගෙදර අංකයට ඇමතුමක් ගත්තේ වෙවලන දෑතිණී. හිතට දැනුන බය නිසාම ඉශාන්ට හදිස්සියට මොකුත් කර නොහැකි බවක් දැනුනි. ‘‘අප්පච්චී...‘‘ ‘‘ඇයි පුතේ බය වෙලා.‘‘ ‘‘අප්පචිචී කළු ඇදගත්තු මිනිස්සු වගයක් මෙහෙට ඇවිත් රිපෙක්ෂන් එකේ ඉන්න මිස්ගෙන් සර්ගේ කාමරේ අහනවා. ඉක්මනට එන්න අප්පච්චී මට සර් ගැන බයයි.‘‘ ‘‘හරි හරි. අපේ කට්ටිය ඉක්මණම ඔතන ඉදී .පුතා බය වෙන්න එපා. මම ඔනේ දේකට සුදානමින් හිටියේ.‘‘ ‘‘අප්පච්චී කරන දෙයක් ඉක්මණට.‘‘ ඉශාන් රහසින් වගේ තම පියාට පණිවිඩය කියා කාමරයට යන්න හැරුනී. ‘‘මේ මිස් අපි ඉවසුව හොදටම ඇති අරු ඉන්න කාමරේ කියපිය.‘‘ පිළිගැනීමේ නිළධාරිනිය ළග වුන් මිනිසා පිස්තොලයක් ඇගේ හිසට තබා බිය ගන්වන්ට විය. කීප වරක් විමසන විට ඇය මරණ බියටම සුභාශ්ගේ කාමර අංකය පැවසුවාය. රෝහලේ කාර්යමණ්ඩලයද ඒ වන වට එතනට රැස් වෙමින් තිබුණී. ‘‘එකෙක් වත් හෙල්ලෙන්න එපා. කට ඇරියොත් පේනවනේ මගේ අතේ තියෙන එක. මම මේකිටත් තියලා තොපි සේරටමත් තියනවා. ඒ සුද්දා ඔබ හේරාත් එක්ක මෙතන බලා ගනින් අපි අරූව බලා ගන්නම්‘‘ එසේ පැවසු ඔහු තවත් දෙදෙනෙකු සමග ඉහළ මාලයට එන්නට විය. ඉශාන් ඉක්මණින් වට පිට බලමින් කාමරය තුළට වැදුණී. ඉශාන්ගේ අතට එවෙලේ අසු වුනේ ගිනි නිවන ගෑස් ටැංකියකි. එය අතටගත් ඔහු දොර පිටු පසට වී අඩි සද්දය අසාහුන්නේ තමගේ හුස්ම වැටෙන හඩවත් පිටතට ඇසෙන්නට නොදී තද කරගෙනය. මේ කිසිවක්ම නොදත් සුභාශ් තද නින්දේ පසු විය. එවෙලෙහිම අගුල කැරක වි දොර හැරුණී. මේ අප්පච්චී තාම නැහැනේ ඉශාන්ට අප්පච්චී ගැන දැනුනේ තරමක කෝපයකී. ඉන් ඇතුළු වූ කළු හැද ගත් මිනිසා සුභාශ් දෙසට පිස්තොලය මානාගෙන ඉදිරියට යද්දී ඉශාන් දොර පිටු පස සැගවී බලා හුන්නේය. ‘‘මේ තරම් තුවාල වෙලත් උඹ මැරුනේ නෑ. දැන් උඹට බේරිල්ලක් නෑ මෙන්න ඔබේ මාරයා උඹ ලගටම ආවා....හ්හ් තමන්ගේ පාඩුවේ ගුරුකම විතරක් කරන් හිටියා නම් මේ කිසි කරදරයක් නෑනේ. අපිටත් කරදර නෑ.... උබටත් කරදර නෑ..‘‘ ‘‘කවුද? උබ .. මොනවද උබලට ඕනේ.‘‘ නින්දෙන් පිඹිදුනු සුභාශ් සේලයින් කටුව සවි කර තිබු අතින් මුහුණ ආවරණය කර ගනිමින් විමසුවේය. එවිට අමාරුවෙන් හිස ඔසවා බැලූ සුභාශ්ට පෙනුනේ දොර පිටු පස සැගවී සිටි ඉශාන් වයි. එදෙසට නෙත නොයැවූ සුභාශ් දෑස නාදුනන මිනිසා වෙත යොමු කර ගත්තේ ඉශාන් අසු වුව හොත් ඔහුටත් කරදරයක් වේ යැයි දැනුන බිය නිසයි. මහ හඩින් සිනාසුණ කළු ඇද ගත් මිනිසා සුභාශ්ගේ වෙළුම් පටි වලින් ආවරණය වූ නලල මත පිස්තොලය තැබුවේය. ‘‘දෙයියෝ බුදුන් සිහි කර ගනින් මහත්තයෝ. දැන් ගන්න වෙලාව හරි.‘‘ ‘‘බොස් ඉක්මන් කරන්නග මොනවද වාහන ගොඩක් ආවා. පොලිසියෙන්ද දන්නේ නෑ‘‘ ඒ ඇසිල්ලේම ඉශාන් හැකි වීරිය යොදා ගෑස් ටැංකිය ඔසවා කළු හැද වුන් මිනිසාගේ හිසට වැරෙන් පහරක් ඉල්ල කලේය. ‘‘අම්මෝ........‘‘ ඔහු ඇද පාමුල ඇද වැටුනේ ලේ පෙරන ඔළුව දෑතින්ම බදා ගනිමිණී. ‘‘ඉක්මනට වරෙන් පොළිසියෙන් එනවද කොහෙද?.‘‘ ‘‘එතකොට බොසා.‘‘ ‘‘අපිත් අහු වුනොත් සේරම ඉවරයි. වර ගන්න මම යනවා.‘‘ දොර අභියස ඔත්තු බලමින් සිටි පුද්ගලයා පැන යද්දී අනිකාද ඔහු පස පසම පැන දිව්වෝය. ‘‘ අන්න අරහේ දෙන්නෙක් පැනලා යනවා ඉක්මණට අල්ල ගනිල්ලා.‘‘ එසේ පවසමින් කාමරයට ඇතුළු වුනේ පොලිස් නිළධාරියෙකි. ‘‘ සර් සර්ට කරදරයක් නෑ නේද සර්.‘‘ ඉශාන් සුභාශ්ගේ මුහුණට එබෙමින් විමසුවේ නෙතට නැගුණු කදුළු ආයාසයෙන් සගවාගෙනය. සුභාශ්ට ඉශාන් කෙරේ තිබු ආදරය සෙනෙහස තවත් වැඩි වෙද්දී, සුභාශ් අමාරුවෙන් හිස ඔසවා ඔහුව වැලද ගත්තේය. පහන්යාද දැන් ඉන්නේ කැළඹුණු සිතින්ය. මිස්ටර් ඉද්දමල්ගොඩ කිව්වේ ඒ සුභාශ් සර් කියලා. ඒ මට එදා රිවෙස්ටන් වල හම්බුන සුභාශ්මද?. ඉශාන්ගේ ඇමතුමෙන් පසු ගෙදර සියල්ලන් හුන්නේ බියෙන් තැතිගෙන ආලින්දයෙමය. ඉශාන්ගේ අම්මා වැලහින්නක ලෙස හඩා වැටෙන්නේ, මම කිව්වා අපේ මහත්තයට අපේ පුතාට ඔතන ඉන්න ඉඩ දෙන්න එපා කියලා. හවස ඉදන්ම මට අමුත්තක් දැනුනා. අනේ මගේ දරුවට කරදරයක් වත් වෙලා නම්. මම අපේ මහත්තයා එක්ක බලා ගන්නම්. අනේ මගේ අහිංසක දරුවා. ‘‘ අනේ කළබල වෙන්න එපා ආන්ටී, අංකල් කිව්වනේ කට්ටියක් ඉක්මණටම එතෙන්ට යවනවා කියලා.‘‘ දෙව්මී ඉශාන්ගේ අම්මා සනසවන්න උත්සහ ගද්දී පහන්යා වුන්නේ කළබලය නිසාම එමෙ මෙහෙ සක්මන් කරමිනි. මේ සුභාශ් ඇය දන්න සුභාශ්මද දැන ගන්නට උවමනා තිබුණත් මේ කරදර මැද එය විමසිමට ඇයට සිත් නොවිය. ‘‘අනේ අපේ මහත්තයා. අපේ පුතාට මොකද?‘‘ ඉශාන්ගේ අප්පච්චී ජිප් රථය නිවස ඉදිරිපිට නවතද්දීම ඇය ඉදිරියට දුවගෙන ගොස් විමසීය. ‘‘නෝනේ ඉතිං කළබල වෙනවනේ. නෝනේ මොකට බය වෙනවද? එ මගේ පුතානේ. මම වගේම තමා ඕනේ දේකට ඔට්ටුයි. අපේ පුතාටවත් සුභාශ් සර්ටවත් කිසිම කරදරයක් නෑ. නෝනේ දන්නවද අපේ පුතාගේ හපං කම්. අපේ පුතා ඒ කල්ලියේ එකෙක්වත් අල්ලලා දීලා.‘‘ ආලින්දයට පැමිණී ඉද්දමල්ගොඩ මහතා ජයග්රාලහී ස්වරයෙන් සිදු වු දෙය පැහැදිලී කරන්න විය. ‘‘අපේ මහත්තයට මොකද?. අපේ පුතාට මොනවා හරි වුණානම්. කෝ අපේ පුතා දැන්.‘‘ ‘‘ එයාට සුභාශ් සර්ව දාලා එන්න බෑ කිව්වේ. අපේ ළමයා පුදුම ආදරයක් තියෙන්නේ මේ සර්ට.‘‘ ‘‘ඒත් මහත්තයා.‘‘ ‘‘හා හා නෝනේ කළබල වෙන්න එපා. මම පොළිස් ආරක්ෂාව දාලා ආවේ. ‘‘ ‘‘එහෙනම් ඔය දුවලා ගිහින් නිදා ගන්න. අපි හින්දා මේ ළමයිනටත් නින්දක් නෑ.‘‘ ‘‘ඒකට කමක් නෑ ආන්ටී.‘‘ ‘‘ආ මේ දුවලා මේක පත්තරෙට් ලින්න. වැඩි විස්තර ඔනේ නම් හෙට අපේ පුතා එක්ක හොස්පිටල් එකට ගිහින් බලන්න. ‘‘ ‘‘හරි සර් අපි නිදා ගන්නවා එහෙනම්. ගුඩ් නයිට්.‘‘ පහන්යයි දෙව්මීයි ඉහළ මාළයේ කාමරයට පැමිණ නිදා ගන්නට සැරසුනි. දෙව්මී වැඩි වෙලා යන්නට මත්නේ නින්දට වැටුනත් පහන්යාගේ සිත විමසුවේම සුභාශ් පිළිබදවයි. පැය ගණනකට පසු පහන්යාගේ නෙතට නින්ද ලගා විය. නමුත් ඇයට සිහිනෙනුත් පෙනුනේ වෙළුම් පටි වලට සිරවු ඔහුදේ වෙදනාබර දෙනෙතයි. ‘‘සුභාශ්..... අනේ සුභාශ්.....‘‘ ‘‘ඒ මොකද බන් පහන්යා. කවුද සුභාශ් කියන්නේ. ඔයාගේ බොයි පෙරෙන්ඩ්ද?‘‘ දෙව්මී සුභාශ් ගැන නොදන්නා නිසා පහන්යා නිහඩ විය. ‘‘ කවුද බන් සුභාශ්.‘‘ ‘‘මොන සුභාශ්ද බන්.‘‘ ‘‘දැන් උබ කියලා කෑ ගැහුවේ.‘‘ ‘‘ඈ මම එහෙම නමක් කිව්වද? මට මතක නෑ . එහෙම කෙනෙක් මම අදුරන්නේත් නෑ බන්‘‘ කතාව මග හැර පහන්යා නානකාමරයට වැදුනාය. මුහුණ දොවා දවසේ වැඩවලට සුදානමින් පහන්යා දෙව්මී සමග පඩි පෙළ බැස පහළට පැමිණෙමින් සිටියාය. ‘‘ අම්මේ.... අම්මේ.‘‘ ‘‘අනේ මගේ පුතා ආවද?‘‘ දෙවියනේ ඉශාන්....එහෙනම් මේ සුභාශ් සර් එයාම තමා. පහන්යාගේ සිත සතුටෙනුත් පුදුමයෙනුත් පිරී ගියාය. අඩිය ඉක්මන් කර පඩි පෙළ පාමුලට පැමිණි පහන්යා, ඉශාන්ගේ දෑස් ඉදිරිපිට නැවතුනාය. මතු සම්බන්දයි. අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු හංසී මිතුරියට මගේ විශේෂ ස්තූතිය. බුදු සරණයි !! අද අකුරු කළ මම සදුනී කාංචනා. හෙටත් මම ඈ.... දිනයක වැටහේවී........... 0 PoddiVeteran MemberPosts:2100 09 Feb 2017 05:47 PM Quote Reply හරියට අපේ මෙගා නාට්‍ය වගෙ.. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 10 Feb 2017 02:32 PM Quote Reply දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 10 Feb 2017 02:36 PM Quote Reply සෙනෙහස පාමුල. එකළොස් වෙනි කොටස. ඉශාන් අසලට පැමිනෙන විට පහන්යා කතා කරන්නට සැරසුනාය. ඇයව ගණනකටවත් නොගෙන ඉශාන් මුළුතැන්ගෙය දෙසට පියනැගුවේය. මාර වැඩක්නේ මේ අර ඉශාන් නෙමෙයිද? අදුරන්නේ නෑ වගේ ගියානේ. පහන්යාගේ මූණ බලන් ඉද්දී අදුරු වී ගියාය. ‘‘මොකද බන් පහන්යා මාවත් පෙරළගන මාර සතුටින්නේ පහළට ආවේ. මොකද දැන් මුණ නාලු කරන්.‘‘ ‘‘අර ළමයා.‘‘ පහන්යා ඔවුන් පසු කරගෙන ගෙතුළට යමින් සිටි ඉශාන්ව පෙන්වමින් පැවසුවේ තවත් මොනවදෝ කල්පනා කරමින්ය. ‘‘කවුද ඒ ළමයා උබ අදුරනවද? ඒ අර මේ ගෙදර ආන්ටිගේ පුතා වෙන්න ඇති. උබ මොකද දැන හොල්මනක් දැක්කා වගේ බය වෙලා.‘‘ ‘‘මම ඒ ළමයව දන්නවා.‘‘ ‘‘ඒ කොහොමද ?අපි අදනේ මෙහෙ ආවට පස්සේ ඒ ළමයා දැක්කේ.‘‘ ‘‘නෑ බන් අපි ගිය ට්රි.ප් එකකදී මට ඔය ළමයා හම්බුණා. එයාගේ නම ඉශාන්.‘‘ ‘‘උඹ වෙන කාටහරි රැවටිලා ඇති බන්. අදුරනවා නම් ගෙදරට ආපු මස්සයෝ එක්ක කතා නොකර යනවද?.‘‘ ‘‘පොඩ්ඩක් හිටපන්කෝ‘‘. පහන්යා මුළුතැන්ගෙට ඇතුල් විය . දෙව්මීද ඒ පසු පස මුළුතැන්ගෙට ඇදුණාය. නමුත් මුළුතැන්ගෙයි කිසිවෙක් නොවීය. මේ ළමයා මේ චුට්ටට කොහෙ අතුරුදහන් වුණාද? පහන්යා තනියෙන් සිතමින් සැම තැනම විමසිල්ලෙන් බැලුවාය. ‘‘ඒ ළමයා නිදි ඇති බන්. ඊයේ රෑ නිදි මරලයි, පයිට් කරලයි මහන්සි ඇති. මතනේ ඊයේ මිස්ටර් ඉද්දමල්ගොඩගේ වර්ණනාව.‘‘ අනේ මේ මම හොයන සුභාශ්ම තමයි. එහෙනම් ඉශාන් තමා සුභාශ්ගේ ජීවිතේ රැක ගත්තේ. මේ තරම් දෙයක් වෙලත් මට තාම බැරි වුණා අඩුම තරමින් සුභාශ්ව බලන්න වත් යන්න. හිතුවටත් වඩා ඇගේ සිත සුභාශ්ට ළං වී ඇති බව පිළිගැනීමට ඇයට සිදු විය. ‘‘යමන් යමන් බොසා කිව්වා නේද? ඉක්මණට රිපොට් එකක් එවන්න කියලා. ඒ කොල්ලා මේ ගෙදරනේ. අපි හවස අල්ල ගමු.‘‘ ඔවුන් නිවසින් පිටත් වෙන්න සුදානම් වෙද්දීම ඉද්දමල්ගොඩ මහතාත් පිටවන්නට සුදානමින් පසු විය. ‘‘අපේ පුතා දැන්නේ ආවේ. දැන් ඉතින් හවස් වෙනකන් ඇරවනවා බොරු. ඔය දුවලා හොස්පිටල් එකට නම් යන්නේ මාත් එක්ක යන්න පුළුවන්.‘‘ ඔහුට ස්තුතියි කරමින් පහන්යත් දෙව්මිත් ජීප් රථයට නැගුණි. කිසි කතාවක් බහක් නොමැතිව වාහනය ඉදිරියට දාවනය විය. පහන්යාගේ සිත තිබුනේ සුභාශ් ළගය. ඇය යළි කිසිදා හමු නොවේ යයැ සිතු නාදුනන තරුණයාට සාධාරණය ඉටු කිරීමටත් දැන් ඇයට සිදු වී ඇත. පාර දෙපස වු කොළ පැහැ රබර් වතු දෙස නෙත් යොමාගෙන, වංගු බහුල මාවතේ වාහනය පැද්දෙන අතටම සිරුරටද පැද්දෙන්නට ඉඩ හැර ඇය නිසොල්මනේ හුන්නාය. පහන්යාගේ කල්පනාව බිදි ගියේ ඉද්දමල්ගොඩ මහතාගේ දුරකථනය නද දෙන විටය. ‘‘හෙලොව්.‘‘ ‘‘කවුද මේ.‘‘ ‘‘ආ මිසිස් සුභසිංහ. ඇයි මේ කළබල වෙලා කළබල වෙන්න දෙයක් නෑ පුතාට කිසි කරදරයක් නෑ.‘‘ ‘‘හරි හරි බය වෙන්න එපා . මම උපරිම ආරක්ෂාව දීලා තියෙන්නේ. අපි ඒ කල්ලියෙ එකෙක්ව අල්ල ගත්තානේ. ඉක්මණින්ම අනිත් එවුන් ගැනත් දැන ගන්න ලැබෙයි.‘‘ ‘‘අපෝ ඔහෙ එක්ක යන එක බොහොම බයානකය. මිසිස් සුභසිංහ බය නොවී ඉන්න. සුභාශ්ට කිසි කරදරයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. මොකද අපෙන් වෙන්න තිබුණ දෙයක් තමා එයා මේ කරලා තියෙන්නේ.‘‘ ‘‘හරි එහෙනම් ඇවිත් යන්න එන්නකෝ. හැබැයි පරිස්සමින්. මම මේ සුභාශ්ව බලන්න යන ගමන්.‘‘ පහන්යලට ඇසුනේ දුරකථන සංවාදයේ ඉද්දමල්ගොඩ මහතා කිව් වදන් පෙළ පමණී. නමුත් ඒ කතා කළේ සුභාශ්ගේ මෑණියන් බව පහන්යාට හොදින්ම වැටහුනාය. ඉන් පසු ජිප් රථය පෞද්ගලික රෝහලක් ඉදිරිපිට නැවතුනි. ‘‘ඔය ළමයි ගිහින් සුභාශ් එක්ක කතා කරලා බන්න. මම පොඩි රාජකාරි වැඩ වගයක් තියෙයි ඒ ටික කරලා මමත් උඩට එන්නම්.‘‘ ‘‘ඒත් අපිට රූම් එකට යන්න දෙයිද?.‘‘ ‘‘මම දැනුම් දිලා තියෙන්නේ අවුලක් වෙන්නේ නෑ .රූම් නම්බර් විසිහත දෙවෙනි තට්ටුවේ.‘‘ පහන්යත් දෙව්මිත් සුභාශ්ගේ කාමරය සොයාගෙන ඇතුල් විය.මුරට සිටි පොළිස් නිළධාරීන්ගෙන් ඔවුන්ට කිසිම බාධාවක් ඇති නොවුනේ රැකියා කළ පුවත්පත් ආයතනයේ හැදුනුම් පත පෙන්වූ නිසාය. පහන්යාගේ හදවතේ ගැස්ම තව තවත් වේගත් වුනේ, මම කොහොමද සුභාශ් ඔයා ඇග පුරා බැන්ඩේච් කරන් ඉන්නවා බලන්නේ යයි සිතමින්ය. නමුත් ඔවුන් කාමරයට ඇතුල්වන විට කිසිවෙක් එහි නොවීය. ‘‘එස්කියුස් මී. මේකේ හිටිය පේෂනට් කෝ.‘‘ ‘‘එයාව තියෙටර් එකට ගත්තා මිස්.‘‘ ‘‘දැන් හුගක් වෙලාද?.‘‘ ‘‘නෑ මිස් මේ දැන් ගත්තේ. එයා එක්ක කතා කරන්න නම් ඔයාලට හුගක් වෙලා ඉන්න වෙයි. ‘‘ ‘‘ඒ ඇයි.‘‘ ‘‘සිහිය එනකන් ඉන්න වෙනවා. ‘‘ ‘‘එහෙමද?‘‘ පහන්යාගේ සිත හඩා වැටෙන්නට වුයේ අනේ දෙවියනේ අර තරම් අහිංසක පෙනුමක් තිබුණ සුභාශ්ටම ඇයි මේ වගේ දෙවල් වෙන්නේ යනුවෙනී. පහන්යාගේ සිතේ සුභාශ් රැදි සිටියේ ගුරු වෘතියට ගැළපෙන තැම්පත් අහිංසක චරිතයක් ලෙසිනි. උදේ ඉශාන්ව මගහැරුණා, දැන් සුභාශ්වත් මග හැරුනා පහන්යාගේ සිත රිදුම් දෙන තරම කිවහොත් දැන් ඇයට හඩන්නට අවශ්යර වී ඇත. ඉන් පසු අමාරුවෙන් කය රැගෙන පොළිස්ථානය වෙත ගියත් පහන්යාගේ සිත රෝහලේ සුභාශ් ළගම නතර විය. වාර්තාවට අවශ්යර තොරතුරු ද රැගෙන කලින්ම නිවස බලා පැමිනෙම්න් සිටියදී, මගදීම වාර්තාව හදන ලෙස දෙව්මිගෙන් ඉල්ලා සිටියේ ඇගේ සිතේ නිදහසක් නැති නිසාවෙනී. කෙසේ වෙතත් ඇයට තනිවී සිටීමට අවශ්යක වී තිබුණී. දෙව්මී සමග සුභාශ් ගැන කීමට අවශ්ය වුණත් නාදුනන පිරිමියෙක් ගැන ඇය මෙතරම් සිතන්නේ මන්ද කියා ඇය සිතයි යැයි පහන්යා සිතුවාය. සුභාශ් සැත්කමින් පසු නැවතත් ඔහුගේ කාමරයට ගෙනවිත් තිබුණි. ඔහුට සිහි එන විට ඔහු අභයස කදුළු සලමින් වුන්නේ ඔහුගේ මෑණීයන්ය. ‘‘අම්....මේ‘‘ ‘‘අනේ ඔයාට අමාරු.... නම් කතා කරන්න එපා ... මගේ පුතේ...‘‘ ‘‘නෑ.... නෑ... ම..ට දැන්.. හොද...යි අම්...මේ.‘‘ ඉශාන් වේදනාව මැදින් අමාරුවෙන් සිනාසෙමින් කිවේය. ‘‘ මට මිස්ටර් ඉද්දමල්ගොඩ සේරම කිව්වා පුතේ මගේ පුතා ඇයි මේවගේ දෙවල් වල පැටළුනේ. මගේ පුතාට කරදරක් වුනොත් මමත් ජීවත් වෙන්නේ නෑ.‘‘ ‘‘මගේ... අම්...මා බය.. වෙ..න්න එපා. ම..ට මො..කුත් වෙන්..නේ නෑ. කෝ... නං...ගී.‘‘ ‘‘එයා ක්ලාස් ගියා පුතේ. එන්නම පොරකෑවා. මම විභාගේ ළග නිසා බලෙන්ම දාලා ආවා.‘‘ ‘‘අනේ.. එ..හෙනම් ඉ...ක්මණට යන්න එහෙ..නම්.‘‘ ‘‘තාත්තා ඉන්නවා පුතේ බය වෙන්න එපා. මමත් ඉක්මට යනවා. මම පුතාව එහෙ එක්ක යන්න හැදුවේ. මිස්ටර් ඉද්දමල්ගොඩ කියනවනේ ඔයාට එහේ ආරක්ෂාව මදී කියලා.‘‘ ‘‘ඔව් අම්මේ මම මෙහෙ ඉන්නම්. නැත්තම් අම්මලටත් උන් කරදරයක් කරයි.‘‘ රෝගීන් බලන වේලාව අවසන් වූ නිසා සුභාශ්ගේ මැණියයන් ඔහු ගෙන් ඉවත් වී ගියේ කදුළු සලමිණි. සාවින්දී සිටින්නේද දැඩි පීඩනයකය. මෙවර උසස් පෙළ ලිවීමට බලාපොරොත්තුවෙන් සිටියත් පොතක් අතට ගැනීමට ඇගේ සිත නිදහස් නොවීය. රෑ සිදු වු සිදුවිම කණ වැකීම නිසා ඇය සිටියේ තම සහෝදරයා වෙනුවන් ඇති වු බියෙන් තැති ගෙනය. අනේ ඉශාන් ළග හිටිය නිසා තමා අයියා බේරුනේ. මගේ අයියට මොනවා හරි වුණානම්. මමත් දැක්කා අර බ්ලොග් එකේ දාලා තිබුණ පොස්ට් ටික. මට නිකමටවත් හිතුණේ නෑනේ ඒක මේ තරම් ලොකු දෙයක් වෙයි කියලා. ඇයට අම්මාට ඇමතුමක් ගන්නට සිතුනාය. කිහිපවරක්ම ඇමතුම් ගත්තත් දුරකථනයෙන් ප්ර්තිචාරයක් නොවීය. ඇයට අම්මා ගැන බියක් සිත තුළ දැවටෙද්දී , මොකද දන්නේ නෑ ,අම්මා ඉශාන් මල්ලිලාගේ ගෙදර යන්න ඇති අනිවාර්යෙන්. සාවින්දී ඉශාන්ගේ නිවසේ දුරකථන ලියා තිබු අම්මාගේ කුඩා දින පොත රැගෙන ඇමතුමක් ගන්නට වුවාය. සිත තුළ වු නොසන්සුන් බවත් වේදනාවත් නිසා පහන්දීට පැය කීපයක්ම නින්ද ගොස් තිබුණි. ‘‘ඒ බන් හුගක් හවස් වෙලාද?‘‘ ‘‘හොද නින්දක් දැම්මා නේද?. තව දෙකයි වෙලාව. ‘‘ ‘‘හම්මො මම හිතුවා හවස් වෙලා කියලා උඹ රිපෝට් එක හැදුවද?.‘‘ පහන්යා ලා නිල් බිත්තිය මත් එල්ලා තිබු ඔරලෝසුව දෙස බලමින් කිව්වාය. ‘‘හ්ම් මම හදලා අමාරුවෙන් මේල් කරා. අපෝ බන් බොසා සෙට් කරන්නෙත් මාර පැති තමා. සිග්නල් අල්ලන්න ගස් නගින්න වෙලා තියෙන්නේ.‘‘ ඒ වදන් පෙළට පහන්යත් දෙව්මිත් දෙදෙනාම එක් වී සිනා සුණි. දෙව්මී නාගන්නට කියා නාන කාමරයට වැදුණ විට පහන්යා ජංගම දුරකතනයද රැගෙන පහළ මහලට පිය මැන්නේ ටික වෙලාවක් එළිමහසේ සිටිමට සිතමිණි. ඇය පහළට එන විට දුරකථනය නද දෙන්නට විය. කිසිවෙක් නොසිටි නිසා පහන්යා දෙවරක් නොසිතාම ඇමතුමට සවන් දුන්නේ සුභාශ් ගැන පණිවිඩයක්ද? යැයි සිතේ ඇති වු සැකය නිසායි. ‘‘හෙලෝව්.‘‘ ‘‘හෙලෝව් .මේ ඉශාන්ලගේ ගෙදර නේද?.‘‘ ‘‘ආ ඔව් ඔව්. ‘‘ ‘‘ඉශාන් හරි ,ආන්ටි හරි ඉන්නවද?.‘‘ ‘‘ඉශාන් නම් ඊයේ රෑ සර් ළග ඉදලා ආවේ .තාම නිදි ඇති. ආන්ටිත් පේන හරියක නෑ .එකයි මම ගත්තේ. මොකද්ද කියන්න ඔනේ පණිවිඩය.‘‘ ‘‘මම මේ අපේ අම්මා ඔහේ ආවද බලන්න ගත්තේ.‘‘ ‘‘මේ සුභාශ්ගේ සර්ගේ නංගි වෙන්න ඇති. තාම නම් මෙහෙට කවුරුත් ආවේ නෑ. හැබැයි උදේ ඇහුනා එනවා කියනවා.‘‘ ‘‘එහෙමද ? ඔයා ක...වු...ද එත..කොට..‘‘ කිව් දෙය අපැහැදිලි වූ අතර මොහොතින් ඇමතුම විසන්දි විය. නැවත ගනී යයි බලන් සිටියත් නැවත ඇමතුමක් නොපැමිණී නිසා ආන්ටි සොයා ගිය පහන්යා ඇමතුම ගැන කිව්වාය. ඉන් පසු පහන්යා අඹ ගස යට වු බංකුව මත හිදගෙන මුහුණු පොතට පිවිසියේ පාළුව මකා ගැනීමට සිතාගෙනය. ‘‘අම්මේ මම යනවෝ‘‘ ‘‘අනේ පුතේ යන්න එපා. කිව්වම අහලා ගෙදර ඉන්න.‘‘ ‘‘අනේ විකාර නොකියා ඉන්න අම්මේ අද සර් ළග කවුරු හරි ඉන්නම ඕනේ. කළු මාමා අද උදේ ඉදන් ඉන්නේ පව්නේ අම්මේ.‘‘ ‘‘අනේ මන්දා.‘‘ එලෙස කියමින් නිවසින් පිටව යන්නට සැරසුනේ ඉශාන් බව දැක්ක පහන්යා ඉක්මණින් බංකුවෙන් නැගිට ඉශාන් පසු පස ගියාය. ‘‘ඉශාන් මල්ලි.‘‘ ‘‘ කවුද මේ. මාව අදුරනවද?.‘‘ ඉශාන් පහන්යා. දෙස බලා විමසුවේ පුදුමයෙනි. පහන්යාට ඉශාන්ව මතක තිබුණත් ඉශාන්ට පහන්යා ගැන මතකයක් නොවීය. ‘‘ ඔයා මේ ළගද ඉස්කොලෙන් ට්රියප් එකක් ගියා නේද ? රිවෙස්ටන් බලන්න.‘‘ මතු සම්බන්දයි. අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු Nilanga Amali අක්කට මගේ විශේෂ ස්තූතිය. ඔයලටත් පුළුවන් ඔයාළගේ පොටෝ එක මේ විදියට පල කරගන්න. ¬ බුදු සරණයි !! හොට කතාව අකුරු ගන්වන්නේ සෞමි සෙනාරා.. . අද අකුරු කළ මම සදුනී කාංචනා. දිනයක වැටහේවී........... 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Feb 2017 06:12 PM Quote Reply අර නිලන්ගා මාලි කියන අක්කා ඉන්නෙ කතරගම පැත්තෙද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 සඳුනිVeteran MemberPosts:2462 11 Feb 2017 02:51 AM Quote Reply නෑ ඇයි එ් දිනයක වැටහේවී........... 0 Add Reply Page 3 of 6 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit