You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Mar 2015 06:49 PM by  Chandima
මගේ නොවන කෙටිකථා - 07 - කොණ්ඩ කිරිල්ලී
 35 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

FIDE
Basic Member
Basic Member
Posts:238

--
20 Feb 2015 07:23 AM
  •  Quote
  •  Reply

එක එක තැන්වල කොච්චරනම් ලස්සණ කෙටිකථා නම් තියෙනවද, කෙටිකථා ලියන්න බැරිඋනත් කියවවන්න අකමැති කවුද. කියවීමට කැමති සැමදෙනා වෙනුවෙන් FIDE ගේ නොවන කෙටිකථා තීරුව 

0

FIDE
Basic Member
Basic Member
Posts:238

--
20 Feb 2015 07:25 AM
  •  Quote
  •  Reply

 කාටවත් අයිති  නෑ 

“ඔය ළමයගෙ නම මොකක් ද?”

පන්තියේ මං වාඩිවෙලා හිටිය පුටුව ළඟට ආව ටීචර්ලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් මගෙන් අහනවා. තව එක්කෙනෙක් මගේ ඩෙස්ක් එක උඩ තියෙන පොත් ගොඩ අවුස්සලා, කොපි පොතක් අතට අරගෙන, ඒකෙ පිටු පෙරළනවා.

“රසිකා!”

මං කිව්වා. මගේ උත්තරේ වචන එකයි. අකුරු තුනයි. තුන් දෙනාට ඕනෙ නම් බෙදා ගන්නත් බැරුවයැ....

“කොහේ ඉඳලද ඔය ළමයා එන්නෙ?”

මගේ දිහා බලාගෙන, අත්දෙක එකට බැඳගෙන හිටිය ටීචර් අහනවා.

“ගෙදර ඉඳලා!”

මං කිව්වා. ටීචර්ලා තුන්දෙනාම එකපාරටම එක එක්කෙනාගේ මූණු දිහා බලා ගත්තා.

“ගෙදර තමයි...! කොහෙද ගෙදර තියෙන්නෙ?”

මැද හිටගෙන හිටිය ටීචර් සාරි පොට කර උඩ හරි හැටි තියෙනවද කියල අත ගාලා බලන ගමන් තවත් ප්‍රශ්නයක් ඇහැව්වා. මං තුන්දෙනාගෙම මුහුණු දිහා මාරුවෙන් මාරුවට බලල උත්තරයක් දුන්නා.

“ඉස්කෝලෙට අල්ලපු පාරට එහා වත්තෙ.”

“කව්මිණි ඔයාගෙ නංගි ද?”

ඔව් කියන්න මට බෑ. ඒත් මං ඔව් කිව්වා.

කව්මිණී මගේ නංගී නෙවෙයි. නංගියෙක් තියා මට අම්මෙක් තාත්තෙක්වත් නෑ. ටීචර්ලා තුන්දෙනා කව්මිණී ගැන හොයනවද නැත්නම් මේ මං රසිකා ගැන විස්තර හොයනවද කියල මට ‍තේරුම් ගියේ නෑ. හැමදේටම පරෙස්සම් වීම විතරයි මට තේරුම් ගිය එකම දේ.

මේ ඉස්කෝලෙ විවේක කාලය.

ටීචර්ලා තුන‍්දෙනා විවේක සවාරියක ඇවිත් වගෙයි. මේ ඉස්කෝලෙත්, මේ පන්තියෙත් මෙච්චර ළමයි ඉන්දැද්දි කව්මිණී ගැනම මගෙන් අහන්නෙ ඇයි...? මගේ හිත ළඟට බය ඇවිත්!

“කව්මිණී මොකද ඔයා වගේ පිරිසුදුවට, පිළිවෙළට ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ?”

ආ... මේ පිරිසුදුකම ගැන වැඩසටහනක්!

මගේ හිතට ළං වෙච්චි බය මගේ හිතට තට්ටු කරන්න කලියෙන්, ඒ බයට මං කාරණාව පැහැදිලි කළා. බය පැත්තකට අයින් වුණා. දැන් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ ටීචර්ගෙ ප්‍රශ්නෙ... කව්මිණි මොකද පිරිසිදුවට පිළිවෙලට ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ...?

ඔය කාරණාව ගැන තොරතුරු අහන්න සුදුසු කෙනෙකු නෙමෙයි මං. ඒ ගැන අහන්න සුදුසු කෙනකු ගැන මං දන්නෙත් නෑ. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරෙත් මං දන්නෙ නෑ. මාව ඒ ගෙදරට බාර දුන්නෙ, මං මීට ඉස්සරින් හිටිය ගෙදර ලොකු නෝනා. ඒ ලොකු නෝනා ‍මේ ගෙදර රූපිකාට මාසෙකට වතාවක් සල්ලි එවනව. ඒ... මේ රසිකාගෙ රැකුම් බැලුම්වලට මිල!

මේ ගෙදර උදවිය, ඒ මිලේ වටිනාකමට රැකුම් බැලුම් කරනවාද කියල සෙවුම් බැලුම් කරන්න, ලොකු නෝනා මෙහාට ආවද කියල නම් මම දැක්කෙත් නෑ. මම දන්නෙත් නෑ. කොහොම වුණත්, ලොකු නෝනා පිළිවෙළට රූපිකාට ඒ මිල ගෙවනවා ඇති. ඒ හින්දනේ මමත් පිරිසුදුවට පිළිවෙළට ඉස්කෝලෙ එන්නෙ.

කව්මිණි කාගෙ කවුද, එයාටත් මට වගේ ලොකු නෝන කෙනෙක් ඉන්නවද නැද්ද කියල මං දන්නෙ නෑ. කව්මිණියි මායි දෙන්නම ඉන්නෙ රූපිකාගෙ ගෙදර එච්චරයි!

රූපිකා අපේ ඇන්ටි!

ඒ ඇන්ටිට අම්මා කියල කතා කරන පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාම ඉස්කෝලෙ යන්නෙත් නෑ. රක්ෂාවල් කරන්නෙත් නෑ. ඒ වුණාට බොහෝම ජයට ඇඳගෙන දුර ගමන් යනවා. ළඟ ගමන් ගියදාට ගෙදර ඇවිත් නාලා, කාලා, ආපහු මහජයට ඇඳගෙන යනවා... යනවා එනවා මිසක් දෙන්නා ගැන ඊට වැඩි දෙයක් මං දන්නෙ නෑ. කව්මිණිගෙ පිරිසුදුකමයි, පිළිවෙළයි ගැනත් මං දන්නෙ නෑ,

“කව්මිණී මොකද නිතරම මහකල්පනාවකින් වගේ ඉන්නෙ... ගෙදරදිත් එහෙමද?”

ටීචර්ලගෙ ප්‍රශ්න ඉවරයක් නෑ. ප්‍රශ්න එක පිට එක අඩුක් වෙන එක මොළේට හොඳයි. කොහොමත් ටීචර්ලා වැඩිපුරම කරන්නෙ ප්‍රශ්න අහන එකනේ. ඒ ඉතින් අපේම හොඳට තමයි. අපේ මොළේ දියුණු කරන්න. කව්මිණි ඉන්නෙ පහේ පන්තියෙ. මම ඉන‍්නෙ නවය පන්තියෙ. එක ගෙදරක හිටියට අපි කවුරුත් කාගෙවත් නෙවෙයි. මං වගේම කව්මිණිත් කාගෙ කාගෙ හරි අත්වලින් මාරුවෙලා රූපිකා ළඟට එන්න ඇති.

“රසිකාත් බලාගෙන යනකොට කව්මිණී වගේ ම නේ... මොකද ඔයාලට කතා බැරි? කටවල්වලට ඉබි යතුරු දාලද?”

මං ඔළුව උස්සල ඒ ගුරු හඬ අයිතිකාරිය දිහා බැලුවා.

“මොකද එයා සුදු ගවුම සෝදල මැදල ඇඳගෙන එන්නෙ නැත්තෙ... ඔයා ඔය කිරි සුදට හෝදල මැදල ඇඳගෙන එන්නෙ!”

මොනව කියන්නද මං....? කව්මිණිට බැරුව ඇති තනියම ගවුම් සෝදල මැදගන්න. රූපිකා ඇන්ටි ඒව කරල දෙන්නෙ නෑ. එච්චරයි මං දන්නෙ. රූපිකාට වැඩ නැද්ද? උදේට දවාලට කෑම උයන්න. ඊළඟට ඇඳ පැළඳැගෙන කොහේදෝ මොනවටදෝ යන්න... හවස තුන හතරවෙලා තමයි ආපහු එන්නෙ. සමහර දවස්වලට, මං වගේ, කව්මිණී වගේ අපි දෙන්නටමත් වැඩි ලොකු ගෑනු ළමයින් එක්කෙනෙක් දෙන්නෙක් එක්කරගෙන එනවා. ඒ ගොල්ලෙ අපි දෙන්නා වගේ දිගටම නතරවෙලා ඉන්නෙ නෑ. දවස් දෙක තුනකින් කවුරුන් හරි ඇවිල්ලා ඒගොල්ලන්ව එක්කරගෙන යනවා. එහෙමට කට්ටියකට නිදාගන්ට තරම් රූපිකාගෙ ගෙදර ඉඩත් නෑ. කට්ටියම නිදාගන්නෙ ගෙදර ඇතුල් කෑල්ලෙ බිම එක දිගට පැදුරු එළාගෙන. රූපිකාගෙ පුත්තු දෙන්නා බිත්තිය කොනේ. ඊළඟට රූපිකා. ඊළඟට කව්මිණී ඊළඟට මං...!

දවසක් දා රෑ නින්දෙන් ඇහැරුණා මට. මොකක් දෝ ගුළියක් කව්මිණි ළඟ. කව්මිණී හීනියට කෙඳිරිගානවා මට ඇහුණා. මං ඉක්මනට ඇස් දෙක පියා ගත්තා. ඒ රෑ එහෙම ඇස් දෙක පියා ගත්තට, මේ දැන් මේ ගුරු නෝනලාගෙ ප්‍රශ්න ඉස්සරහ ඇස් පියාගන්ඩ පුළුවන්යැ...?

“ඒ ළමයා පාඩම් වැඩ ගැනත් කිසිම උනන්දුවක් නෑ... අනේ මන්දා... හතේ පන්තියට කොහොම ආවද දෙයියො දනියි....”

ඒ කව්මිණිගෙ පන්තියෙ ටීචර්.

“ඒක දැනගන්ට දෙයියො ළඟට යන්ට ඕනෙ නෑ ටීචර්... එක්කෙනෙක් නෑර, හැමෝම දෙකෙන් තුනට, තුනෙන් හතරට හතරෙන් පහට හතෙන් අටට අටෙන් නවයට, නවයෙන් දහයට ගිහින්, ගෙදරටම යනවා.... මට එහෙම කියන්ට හිතුණට, කිව්වෙ නෑ...! බයයි!

“කෝ ඉතින් අක්කට කිසිම ඕනකමක් නෑනේ නංගිව බලාගන්න.”

“අපි මේගොල්ලන්ගෙ අම්මට ඉස්කෝලෙට එන්න කියල යවමු.”

“මට බය හිතෙන්නෙ ඒ ළමයා හැමවෙලේම කල්පනා කර කර තනියම ඉන්න එක ගැනයි.”

ටීචර්ටත් බයක් දැනිලා.... දෙයියනේ බය හැමතැනම දුවනවද?

“මේ රසිකා....”

මාත් බය වුණා. බය මං ළඟටත් ඇවිත්. මං වටපිට බැලුවා.... ඒ කව්මිණිගෙ පන්තියෙ ටීචර්.

“ඔන්න අපි අද නංගිට යට ගවුමකුයි, සුදු ඇඳුමකුයි ගෙනත් දුන්නා. අනේ හෙට ඉඳලාවත්, ඒව අන්ඳල හොඳට කොණ්ඩෙ පීරලා නංගිව ඉස්කෝලෙට එක්කරගෙන එන්ඩ.”

මං කතා නෑ.

“නංගිත් එකයි අක්කත් එකයි... බලාගෙන යන කොට දෙන්නටම එකම රෝගෙ...”

කව්මිණිගෙ පන්තියෙ ටීචර් අපේ පන්තියෙන් එළියට යන ගමන් කිව්වා. ටීචර්ලා තුන්දෙනාම කව්මිණි ගැනයි මං ගැනයි මොනවදෝ කියව කියව යන්ඩ ගියා. මං මගේ පොත් ගොඩෙන් පොතක් අරගෙන පිටුවක් පෙරළා ගත්තා.

“කපුටා හත් දවසක්ම ගිනි අඟුරු ගිල්ලා. හත් දවසක්ම උණුවතුර බිව්වා. හත් දවසක් ම උණුවතුර නෑවා. කපුටාගේ උණ බැස්සා. ඒ වුණාට ඌ කළු පාට වුණා. හොටෙත් කළු වුණා. පිහාටුත් කළු වුණා. කකුලුත් කළු වුණා. ඇසුත් කළු වුණා. බඩගින්න වැඩි වුණා. කට හඬත් රළු වුණා. ඔන්න ඔහොම තමා කපුටා කළු වුණේ.”

පොතේ කපුටා කළු වුණු හැටි කතාන්දරය ලියල තිබුණෙ එහෙමයි. මට මතක් වෙනවා කපු‍ටා සහ කේජු කෑල්ල. කපුටා කපටියෙක් ද? ඒක නම් කියන්න බෑ එක පාරටම.. රවීන්ද්‍ර බේබිගෙ අම්මා, ඒ කියන්නෙ ගෙදර ලොකු නෝනා නම් කපටියි. ඒක නම් මට කියන්න පුළුවන් එකපාරටම.

“කෙල්ලෙ උඹ හැමදාම ගෙවල්වල වැඩකාරකමටම ඉන්නෙ ඕනෙ නෑ. උඹ ඉස්කෝලෙ පලයන් - මං දන්න කෙනෙක් ඉන්නව. උඹ එහේ නැවතියන්. ගෙදර වැඩ කරන්ට ඕනෙ නෑ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගනින්. ඒ යන වියදම් මං එවන්නම්...”

ලොකු නෝනා ඔය මහා සත්පුරුෂ ගුණේ දක්වලා කතා කෙරුවෙ රවීන්ද්‍ර බේබි මට නිදාගන්ට නොදී කරදර කරපු හතරවැනි දවසෙ. රවීන්ද්‍ර බේබි මට ආදරෙයි. මං දන්නවා. ලොකු නෝනා කපටියි. ඒකත් මං දන්නවා. මාව රූපිකාට බාර දීලා ලොකු නෝනා රවීන්ද්‍ර බේබිව පරෙස්සම් කර ගත්තා. රවීන්ද්‍ර බේබි ඒ පරෙස්සමට උඩින් පැනල කවදහරි මාව බලන්ට ඒවි!

ලොකු නෝනා මාව පිටකොටුවෙ බස් පොළෙන් එක්කරගෙන ආවෙත් ඩේසි නැන්දට සල්ලි දීලා. ‍ෙඩ්සි නැන්දත් මගේ කවුරුවත් නෙවෙයි. මං ඩේසි නැන්දත් එක්ක පුංචිම පුංචි කාලෙ ඉඳලා එක එක තැන්වලට ගිහින් පිනට දෙයක් ඉල්ලුවා. අම්මා.... තාත්තා.... ඒ ගොල්ලො කවුද? මං දන්නෙ නෑ ඒගොල්ලො නෑ කියල මට දුක හිතුණෙත් නෑ. ඉතින් ඒ අම්ම තාත්තා කියන අය ගැන දුක හිතෙන්නෙ එහෙම කවුරුහරි කවදාහරි මට හිටියා නම් නේ. එහෙම කවුරුත් හිටියෙ නෑ කවදාවත්.

කව්මිණිත්, රූපිකාගෙ ගෙදරට ආවෙ මං වගේ කාගෙ කාගෙ හරි අතින් අතට මාරුවෙලාද කියල මං දන්නෙ නෑ, මං කව්මිණි එක්කවත් ඒ ගෙදර අනිත් අය එක්කවත් අනම් මනම් කතා බහට යන්නෙ නෑ. මගේ කතන්දර එයාලට කියන්නයි, එයාලගෙ කතන්දර මං අහගෙන ඉන්නයි ගියාම හිත්වලට දුක එනවා. දුක ආවාම කවුරු හරි එක්ක ආදරයෙන් ඉන්න හිතෙනවා. එතකොට... එතකොට තවත් රසිකා කෙනකු.... කව්මිණි කෙනකු රූපිකාලගෙ ගෙදරට බාර දීලා... ඒගොල්ලන්ගෙ රැකුම් බැලුම්වලට මිල ගෙවන්න පාරට යන්නයි මට වෙන්නෙ....

මං ඉස්කෝලෙ එන්නෙ ඇයි කියලවත් මං දන්නෙ නෑ. ඉතින් කව්මිණිගෙ ඉස්කෝලෙ ගමන ගැන මං මොනව දන්නවද? රවීන්ද්‍ර බේබි වගේ, රූපිකාගේ කවුරු හරි පුතෙක් කව්මිණීටත් රෑට රෑට කරදර කරන විත්තිය විතරයි මං දන්නෙ. සමහරවිට කව්මිණි ඉස්කෝලෙ එන්නෙ නිදිමතෙන්... තෙහෙට්ටුවෙන් වෙන්ට ඇති. ටීචර්ලා මේ අනම් මනම් ගැන දන්නෙ නැතිව සුදු ගවුමෙ සුදයි පිළිවෙළයි ගැන බලන්ට එනවා. හැබැයි ඔය ටීචර්ලා කව්මිණිට ගවුම් දීලා නම් කරගත්තෙ මහා මහා මෝඩකමක්. හෙට උදේම රූපිකා ඇන්ටි ඉස්කෝලෙ! මොකටද මගේ ළමයට ඇඳුම් අරන් දුන්නෙ...? දීපල්ල‍කො උත්තර! හැමදාම අපෙන් ප්‍රශ්න අහන ටීචර්ලට උත්තර දීගන්ට බැරි ප්‍රශ්නයක් දීපිකා ඇන්ටි හෙට උදේම අරගෙන එයි. බලමුකෝ හෙට උදේට.

“මං ළඟ අවුරුදු අටක් හිටිය කෙල්ලක් තමයි ඔය මිනිමැරුමට අහුවෙලා තියෙන්නෙ. මං ළඟට ගෙනත් ඇරලුවෙත්, ඒකිව විනාශ කරපු මහත්තයගෙ ඔළුව පැලෙන්ඩ පොල්ලකින් ගහපු නිසා. ඒ නෝනා මට ගෙනත් බාර දුන්නා. එතකොට කෙලීට අවුරුදු දහසයයි. ඔය කෙල්ල මගේ ළඟ ඉන්න තුරුම අර නෝනා සල්ලි එව්වා”

ඉස්සරහ දිග බංකුව උඩ වාඩිවෙලා පත්ත‍රේ දිග ඇරගෙන හිටිය සිරිවංශට දීපිකා ඇන්ටි විස්තරයක් කිව්වා මට මතකයි. කව්මිණිත් රූපිකා ඇන්ටි ළඟට පාත්වෙන්ට ඇත්තෙ මොකක් හරි අකරතැබ්බයක් හින්දා... කව්මිණිටත් ඔය කවුරු හරි හැංගිලා ඉඳගෙන, සෙවුම් බැලුම්වලට මිල ගෙවනවා ඇති.

රූපිකා ඇන්ටි මහපොළොවෙ ගෑවෙන නොගෑවෙන තරමට දිග සායකුයි කොට හැට්ටෙකුයි ඇඳලා කම්මුල්වල රෝස පව්ඩර් ගාලා තොල් දෙකේ රතුපාට ගාලා බූසිය වගේ කොණ්ඩෙ පෝනිටේල් ගැට ගහලා පාරට බැස්සාම, ගෑනු මිනිස්සු පාරෙ අයිනට වෙනවා. රූපිකා ඇන්ටිට කවුරු බය වුණත් එයාගෙ පුතාලා දෙන්නා බය නෑ. රූපිකා ඇන්ටිට ස්වාමි පුරුෂයෙකුත් නෑ. එහෙම කෙනෙක් කවදා හරි එයාට හිටියද කියල කියන්න මං දන්නෙ නෑ. මං හිතන්නෙ රූපිකා ඇන්ටිත් ඒ ගැන දන්නෙ නෑ.

කව්මිණි ඊයෙ දවල් ගෙනත් තිබ්බ පොත් ටික එහෙමම උස්සගෙන අද උදේ ඉස්කෝලෙ යනවා. මාත් එහෙමම තමයි. ටීචර්ලා නම් කියනවා ගෙදර ගිහින් පොත් පාඩම් කරන්න කියල.

“මොන පොත් පාඩම් කිරිල්ලක් ද ටීචර්... මේ ඉස්කෝලෙ ළමයි වැඩි දෙනෙක් ගෙදර යන්නෙ අනිත් වරුවෙ, මොනවා හරි වැඩක් කරල ගෙදර පවුලෙ වියදමට කීයක් හරි ‍හොයා ගන්න”

ප්‍රින්සිපල් මහත්තයා දවසක් දා ටීචර් කෙනකුට කිව්වා. මං හිතන්ෙන එහෙම කියන්න ඇත්තෙ ටීචර්ලත්, ළමයින්ට ඉගැන්නුවෙ නැතුවට කාරි නෑ කියල කියන්ට බැරි කමට වෙන්න ඇති....

කව්මිණි හෙට උදේ ලස්සනට පිළිවෙළට ඉස්කෝලෙට එයි ද? දීපිකා ඇන්ටි දිග සාය බිම අතුල්ල අතුල්ලා ඇවිත් ප්‍රින්සිපල් සර්ගෙ කාමරේ ළඟ හිටගෙන ඉස්කෝලෙටම ඇහෙන්ට හොඳ පද දෙකක් කියල පල්ලම් බහීවිද? ඔය කිසි දෙයක් ගැන වග විස්තර කියන්ට මං දන්නෙ නෑ.

කෙටිකථාව ලිවුවේ : කරුණා පෙරේරා

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
20 Feb 2015 08:00 AM
  •  Quote
  •  Reply
මේක නම් මචෝ ඉහළින්ම අගේ කරනවා මම.. ඔයවගේ වැඩ තමයි මෙතැනට ඕනේ.. කෙටිකථා නෙවෙයි නවකතා දැම්මත් දැන් කියවන සෙට් එකක් මෙතැන ඉන්නේ.. රොම්බ රොම්බ නන්ඩ්‍රි
වැඩේ දැක්කම කොමෙන්ටුව කෙටුණා.. කතාව කියවලම දාන්නම් කොමෙන්ටුව කෙටි කතාව ගැන..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
20 Feb 2015 08:19 AM
  •  Quote
  •  Reply

godak thanks fide...onna man oya ge kathwa kiyeuwa,,apurui me wade...godak sthuthi...digatama liyanna

0

FIDE
Basic Member
Basic Member
Posts:238

--
20 Feb 2015 08:23 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 20 Feb 2015 08:19 AM

godak thanks fide...onna man oya ge kathwa kiyeuwa,,apurui me wade...godak sthuthi...digatama liyanna

Rosiyoo, oka mama nam nemyi ane liwee, eka nisanee mama damme මගේ නොවන කෙටිකථා kilyala  

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
20 Feb 2015 08:23 AM
  •  Quote
  •  Reply

සුපිරි වැඩක්.....දිගටම කරගෙන යන්න බ්‍රදර් 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Feb 2015 09:26 AM
  •  Quote
  •  Reply
niyamai..........
0

sandu
New Member
New Member
Posts:59

--
20 Feb 2015 12:47 PM
  •  Quote
  •  Reply
mamath me Fidege novena fide ge keti kathava kiyevva....
harima rsavath, hithata danena vidiyata liyala thiyanava
godak sthuti...
0

FIDE
Basic Member
Basic Member
Posts:238

--
20 Feb 2015 06:28 PM
  •  Quote
  •  Reply

බලු කරදරය

“අනේ! තාත්තෙ, උඩහ ගෙදර ආච්චි අපේ බීකට ගහනව.” ලොකු පුතාගේ ගෝරනාඩුවේ සැරටම මාව ගෙයින් පිටතට විසි විය. බෙන්තර මහතාගේ නි‍ෙවසෙහි මෙහෙකාරිය දෙකේ දෙකේ ලීයකින් අපේ බල්ලාට තඩි බාන්නී ය.

“ආයම්මෙ! ආයම්මෙ! අනේ! බල්ලට ගහන්න එපා. හරියට චුන්දසූඛරිකයා ඌරො මරන්න පොල්ලෙන් ගැහුව වගේනෙ. අනික් එක ඔය වගේ වෙලාවට තිරිසන් සතකුට කීයටවත් ගහන්න හොඳ නෑ. ඔහේ වයසට ගියේ ඉඩෝරෙට ද?” බීකා බෙන්තර මහතාගේ බැල්ලිය වූ ලැසීකවත් අලවාගෙන වේදනාවෙන් කෑ ගසමින්, අපේ වත්තට කම්බිය යටින් රිංගීමට ගන්නා උත්සාහය දුටු විට මා තුළ ඇතිවූ වේදනාව ඒ වචන ටික මුවින් පිට වුණේ ය.

බීකා අපට එක්වුණේ අවසාන කුලී නිවසෙහි පදිංචි වී සිටි කාල වකවානුවේ ය. දඩාවතේ යන බැල්ලියක් එකී නි‍ෙවසෙහි වැසිකිළිය පිටුපස වළක් හාරා පැටවුන් ගණනක් වදා තිබුණා ය. දින හතකින් ලෝකයට ඇස් විවර කළ පැටවුන් එකා දෙන්නා ගුහාවෙන් එළියට පිය මනින්නට විය. එයින් එක් පැටවකු ලොකු පුතා ගේ නෙත සිත පැහැර ගත්තේ ය. ඔහු බැල්ලි එහාට මෙහාට යනතුරු බලා සිට මල්ලී සමඟ එක් ව, එක පාරටම පැටවා රැගෙන ගෙට දිව ආවේ ය.

“අපේ පරම්පරාවෙ කව්රුවත් නොකරපු වැඩක්. අපේ අම්ම, තාත්ත කවදාවත් අපට සතුන් හදන්න දීල නෑ. උන්ගෙන් එක එක ලෙඩ බෝවෙනව.” මා එසේ පැවසුවත්, බිරියගේ දරු සෙනෙහස ඉදිරියේ නිරුත්තර වීමට සිදුවිය.

“පුතේ අදට හිටපු තැනින් ගිහිං තියන්න. මං හෙට උදේම වතුර එකක් උණු කරල මැක්කො එහෙම ඉන්නවනං අරන් දාල පුතාට ගෙදර තියාගන්න දෙන්නං.”

ලොකු පුතා ලද සතුට නිම්හිම් නැති එකක් විය.

“මල්ලි දැන් ගිහින් තියල, හෙට උදේම අම්මට ගෙනැත් දෙමු. අපි ඉස්කෝලෙ ගිහිල්ල එනකොට නාවල තියයි.” පොඩි පුතු ඊට දුන් සහාය ද ඒ වචනවල ගැබ්ව තිබුණි.

පසුදා බිරිය කියූ පරිදි කටයුතු කර තිබුණා ය. බැල්ල දොර වෙත විත් කුරු කුරු ගෑවත්, තම දරුවාට සෙනෙහස ලැබී ඇති බව තේරුම් ගත්තාක් මෙන් ඉවත් ව ගියා ය.

“දැන් මෙයාට හොඳට කාල බීල ඉන්න පුළුවන්. ඒ හින්ද කාබී ඒකෙ අනිත් පැත්ත මෙයාට නමට දාමු.” පොඩි පුතු උඩ පනිමින් කියද්දී ලොකු පුතා බීකා! බීකා! යැයි පැවසුවේ ය.

හොඳින් කා බී වැඩුණු සුදු දුඹුරු දෙපාටින් යුතු බීකා ගෙදර කාගේත් ආදරය දිනා ගැනීමට සමත් විය. අප විසින්ම ගොඩනඟා ගත් නි‍ෙවසෙහි පදිංචියට එද්දී බීකාවත් රැගෙන ආවෙමු. ඌට විසීමට ගේ පිටුපස වෙනම ස්ථානයක් ද සකස් කර දුනිමු.

“පිටිපස්සෙ බැඳල හදන්න එපා. ලස්සන සතෙක්නෙ. සැරට හදන්නත් හොඳ නෑ. පොඩි දෙන්නවත් හපාවි. අඳුරන්නෙ නැති කෙනෙක් ආවහම බුරන්න හිටියහම මදැයි” බීකාට ඇලුම් කළ අසල්වැසියෝ ද පැවසුහ.

අලුත් නි‍ෙවසෙහි පදිංචියට පැමිණීමෙන් අනතුරුව ද වසරකට කිට්ටු කාලයක් බීකා අප සියලු දෙනාට කීකරු වූහ. අපේ නි‍ෙවසට ඉහළින් විසූ බෙන්තර මහතා ආදරයෙන් හැදූ බැල්ලි පැටවා සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කළේ ය. දරුවන් නොමැති බෙන්තර මහතාත් බිරියත් ‘ලැසී’ යැයි අමතමින් බැල්ලි පැටවාට දැක්වූ සෙනෙහසම බීකාටත් දැක්වූහ. එහෙත් බීකාත් ලැසීත් වර්ධනය වී සුනඛයන් රැළේ වැටෙන කාලය එළඹෙද්දී සියල්ල වෙනස් විය. බෙන්තර මහතා ගේ ගේ වටා අහල පහල ගෙවල්වල සිටි සුනඛයෝ රංචු ගැසුණාහ. ඔවුන් බැල්ලව ගෙතුළට දමාගෙන සිටි බැවින් සුනඛයෝ ගෙය වටේටම බිත්තිවලට මුත්‍රා කරමින් පොරකමින් දිවා රෑ වෙනසක් නැතුව දඟලන්නට වූහ.

“පියසිරි මහත්තය ලැසීගෙ අම්ම මැරුණෙත් පැටව් හම්බ වෙන්න ගිහිල්ල. එයාට අමාරු උණහම පශු වෛද්‍ය හම්බ වෙන්න ගියා. ඒ මනුස්සය ගෙදර හිටියෙ නෑ. හිරවෙච්ච එක පැටියෙක් බ්ලේඩ් එහෙකින් දෙකට කපල බැල්ලිව බේරගන්න හැදුව. ඒත් බැරි උණා.”

“මෙයා විතරයි බේරුණේ, මෙයාට වඳ සැත්කම් කරන්න හරි. වෙනත් විදිහකින් පැටව් හම්බ වෙන එක නවත්තන්න හරි අපි කැමති උණේ නෑ. ඒ හින්ද අපි මෙයාව ගේ ඇතුළෙ දාගෙන බේර ගන්නව. පියසිරි මහත්තය ඔයාගෙ බල්ල මෙහාට එවන්නෙ නැතුව බැඳල තියා ගන්න.”

“ඔව් මහත්තය දවාලට ගෙදර ඉන්නෙ මං විතරයි. ඒ හින්ද බල්ලව ගැට ගහලම තියාගන්න” බෙන්තර මහතාත්, ඔහුගේ බිරියත් මෙහෙකාරියත් කතා කළහ. මම මුනිවත රැක සිටියෙමි.

බීකාව කිසිසේත් පාලනය කිරීම අපහසු විය. ඌට පිස්සු හැදුණා හා සමාන ය. උඩ පනිමින්, කෑ ගසමින් බැඳ සිටි දම්වැල කඩාගෙන යන්නට ම සැරසෙයි.

“බීකා!මේ මොකද දඟලන්නෙ. ඔයාගෙ අයිතිකාරයා මම. මං කියන දේ අහන්න බැරි ද?” ලොකු පුතා උගේ ළඟට ගොස් දම්වැලෙන් අල්ලා ඌව පාලනයට සැරසෙයි.

“අයියෙ හොඳ කෝටුවක් අරගන්න. මෙයාට දෙකක් දෙන්න” ඌ කුඩා කාලයේ දී මෙන් පොඩි පුතු ද ඌව පාලනයට සැරසෙයි.

“දරුවනේ! මෙහාට වෙලා ඉන්න, එයා දම්වැල කඩා ගන්නයැ. කෑගහල කෑ ගහල එපාවෙනකොට නවත්තයි” බිරිය දරු දෙදෙනාට පැවසුවා ය.

නොසිතූ වේලාවක බීකා දම්වැල කඩාගෙන බෙන්තර මහතාගේ වත්තට ඇතුළු වූයේ විදුලි වේගයෙනි. ඒ වේගයෙන්ම වත්තට ඇතුළු වී සිටි සියලු සුනඛයන් ගොරවා හපා කා මොහොතකින් පන්නා හැරීමට බීකා සමත් විය. මෙහෙකාරිය බැල්ල කාමරයකට දමා දොර වසා ඇති බව පැවසුවා ය. ඒත් දරු දෙදෙනා බෙන්තර මහතාගේ වත්තට ගොස් බීකාව රැගෙන ඒමට යත්න දැරූහ. ඔවුන් කතා කරද්දී බීකා ඈතින් ඈතට ගියේ ය. කිසිඳු ආකාරයකින් ඌට ළංවිය නොහැකි විය.

තවත් පෑ භාගයක් යද්දී වීදුරුවක් බි‍ඳෙන හඬ ඇසුණේ ය. මෙහෙකාරිය කෑ ගසන්නට වූවා ය.

“ආයම්මෙ මොකද? ආයම්මෙ! ආයම්මෙ!” මට ඉබේටම කියවිණ.

“අනේ! බුදු මහත්තයෝ ඔයගොල්ලන්ගෙ බල්ල ජනේලෙ වීදුරුවත් කඩාගෙන අපේ ලැසී එක්ක සම්බන්ධ වෙලා. මහත්තයල ගෙදර ආවහම ආයම්ම ඔය ලැසීව ප්‍රවේසම් කරගත්ත හැටි ද කියල මට බැණුම් අහන්න වෙනව.”

“ඔහොම තමයි ආයම්මෙ බල්ලන්ට පිස්සු හැදුණහම මේච්චල් කරන්න බෑ. අපි කොච්චර ගැට ගහල තියා ගන්න හැදුව ද?”

බීකාත්, ලැසීත් කාමරය තුළම සමහන් සුව විඳිති. බීකා ලැසී සමඟ එක්වීමට ගත් වෙහෙස හේතු කොටගෙන දිව එළියට දමාගෙන හති හරී. මා කාමරයට හිස පොවා බලද්දී, ආයම්මා ද ඔළුව දමා “අනේ අපොයි! මෙහෙමත් අපරාධයක්” යයි පැවසුවා ය.

බිරිය නොපැමිණියේ දරු දෙදෙනා නිසා බව දැනගත් මම දැන් ඉතින් කරන්නට දෙයක් නැති බව පැවසීමි.

“මහ එකී වගේ වදන්න ගිහිං උඹත් මැරියන්” යයි ආයම්මා කම්පාවෙන් කෑ ගැසුවා ය.

බෙන්තර මහතාත් ඔහුගේ බිරියත් නි‍ෙවසට පැමිණ ටික වේලාවකින් උස් හඬින් කතා කරනු ඇසිණ. නිසැකවම ඒ බීකා විසින් කළ නොපනත්කම ගැන විය යුතුමයි.

“තිරිසන්නු කියන්නෙ නිකංයැ උන් කරන වැඩවලට අපි මොනව කරන්න ද? අපි ජනෙල් වීදුරුව දාල දෙමු.”

සිදුවූ දේ හෝ සිදුවන දේ ගැන තේරුම් ගැනීමට දරු දෙදෙනා කුඩා වැඩිය. ඒ නිසා ඔවුන් සැනසීමට මෙන් බිරිය එසේ කී බව නිසැකය.

එළඹි ඊළඟ සෙනසුරාදා දිනයේ බෙන්තර මහතා කැඩුණු ජනෙල් වීදුරුවට කාඩ් බෝඩ් එකක් අලවා පැලැස්තර දැමූ බවත්, අනෙක් වීදුරු ද විනිවිද නොපෙනෙන පරිදි කොළ අලවා සකස් කළ බව ද මෙහෙකාරියගෙන්ම අපට දැන ගන්නට ලැබුණි.

“අනිත් බල්ලන් ගෙන් බේරගත්තත් පියසිරි මහත්තයලගෙ බීක අපේ ලැසීව අමාරුවෙ දැම්ම. දැන් ඉතින් මොනව කරන්න ද? මට තියෙන ප්‍රශ්නෙ දරුවෙක් වගේ හදපු සතා පැටව් හම්බවෙන්න ගිහිල්ල නැති වෙයි ද කියන එකයි” මූණට හමුවූ වේලේ බෙන්තර මහතා කියාගෙන ගියේ ය.

මම පසු දා දම්වැල් දෙකක් ම ගෙනැවිත් බීකාව බැඳ දැමීමට පෙලඹුණෙමි. ඒවා කඩපළෙහි විකිණීමට තිබූ බල්ලන් බැඳීමට ගන්නා සවිමත් ම දම්වැල් ය. ඒවායින් බැඳ දැමූ වේලේ සිට බීකා වෙනදාටත් වඩා කෑ මොර දෙමින් දඟලන්නට විය. බෙන්තර මහතාගේ ගේ පැත්තෙන් බල්ලන්ගේ හඬ මෙන්ම ලැසීගේ කෙඳිරිය ඇසෙද්දී එය දියුණු තියුණු විය. “අද ඔයා කොච්චර කෑ ගැහුවත් ඔතනම තමයි ඉන්න වෙන්නෙ. අනුන්ගෙ ජනෙල් කඩන්නයි වෙන බල්ලො එක්ක පොරකන්නයි යන්න වෙන්නෙ නැහැ.” දරු දෙදෙනාම මාරුවෙන් මාරුවට බීකා දෙස බලාගෙන කීවෝ ය. බිරිය මේ දින ටිකට බීකා වැහැරී ඇතැයි පවසමින් වැඩිපුර බත් ප්‍රමාණයක් ද ඌට දුන්නේ ය. එහෙත් බීකා ඒ දෙසවත් නොබලා කිසිවකුගේ කිසි කියමනක් ගණනකටවත් නොගෙන දඟලන්නටත්, කෑ ගසන්නටත් වූයේ ය.

අප නින්දට ගොස් ටික වේලාවක් ගත වෙද්දී බීකා ගේ කෑගැසීම නතර විය. දම්වැල් දෙකක් යොදා බැඳ තිබූ බැවින් ඌ පරාජය පිළිගෙන නිහඬ වී යැයි අපි සතුටට පත්වීමු. අසල්වැසියකු අමනාප කරගැනීම වැළකුණේ යැයි ද සිතමු. එහෙත් සිදුවූයේ නොසිතුවකි. රෑ මැද්දට ආසන්න වෙද්දී බෙන්තර මහතාගේ නි‍ෙවස දෙසින් උස් හඬින් කෑ ගැහිල්ලක් මතු විය. මාත් බිරියත් දොර හැරගෙන එළියට පැන්නෙමු. ඒ වන විටත් අසල්වැසියෝ කිහිප දෙනෙක් එහි රැස්වී සිටියෝ ය. ඒ සියල්ලෝ බෙන්තර මහතාගේ ගෙට පහළින් තිබූ වතුර බොන ළිඳට නැඹුරු වී සිටියහ. මටත් බිරියටත් දෑස් අදහාගත නොහැකි විය. විදුලි පන්දම් එළියෙන් ආලෝකවත් වූ ළිං ජලය මත බීකාත් ලැසීත් දෙපසට පීනමින් උන්නෝ ය.

“මහත්තේලැ බල්ල අදත් ජනේලෙන් පැනල අපේ ලැසී එක්ක එක්කහු වෙලා. මං කෑ ගැහුව විතරයි. ඊළඟට ඇහුණේ ළිඳ ඇතුළෙ ජබොක් ගාන හඬ.”

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
20 Feb 2015 06:46 PM
  •  Quote
  •  Reply

welawak aragena kathawa kiyewwa..tx machan me wade patan gatta

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
20 Feb 2015 07:52 PM
  •  Quote
  •  Reply
සුපිරි වැඩක් මචං..
තවම කියවුයේ නැහැ.. කියවලා හොද නරක කියන්නම්..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
20 Feb 2015 09:00 PM
  •  Quote
  •  Reply

නියමයි මාත් ආසයි කෙටිකතා වලට.. ස්තුතියි සහෝ...

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Feb 2015 09:05 PM
  •  Quote
  •  Reply
eda tiyana welawaka kiyawannam...thanks
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Feb 2015 08:35 AM
  •  Quote
  •  Reply
Posted By FIDE on 20 Feb 2015 06:28 PM

me kathwath harima rasawath ,,,eth pau neda beeka..mata nam dukai u gena.

godak sthuthi ,,

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
21 Feb 2015 07:36 PM
  •  Quote
  •  Reply
රසවත් කෙටිකථා වලට බොහොමත්ම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

FIDE
Basic Member
Basic Member
Posts:238

--
22 Feb 2015 10:01 AM
  •  Quote
  •  Reply

පෞරුෂ වර්ධනය
 
උපන්දා සිටම නුවර පළාතේ බොක්‌කාවල හද්ද පිටිසර ගමේ අප්‍රමාණ දුක්‌ කන්දරාවක්‌ තරණය කරමින් ආණ්‌ඩුවේ විධායක නිලධාරියකු වූ සුමනරත්න පළමු පත්වීම භාරගෙන යාංතං මාස හයක්‌වත් ඉක්‌මවීමටත් පෙර බිරිඳ වූ සුද්දිගේ අඬවැඩියාව පටන් ගත්තේය. ඇයගේ එකම ඉල්ලීම වූයේ පුත්‍රයාත් රැගෙන කුලියට හෝ කොළඹ පදිංචියට යා යුතු බවය.

"ඔයා විතරක්‌ ගිහිං හරියන්නෑ... මේ ළමයටත් අනාගතයක්‌ කියල එකක්‌ තියෙන්ට ඕනෑ...."

"අනාගතේ හදාගන්ට කොළඹම යන්න කියල එකක්‌ නෑ.... ඔය ඉහළට ගිය ලොක්‌කො වැඩි හරියක්‌ ගමේ මිනිස්‌සු..."

"පිස්‌සු නං කතා කරන්ට එපා... මෙතන ළමයටයි මටයි හැමදාම කැලේ කාල වළේ බුදියන්ට කියලද ඔයා කියන්නෙ... ඔයාවගේ කොලෑවෙන්ට දෙන්ට බෑ. මේ ළමයගෙ පෞරුෂ වර්ධනය හදන්ට නං ඉහළ සමාජයට යන්ටම ඕනෑ..."

මේ කන්දොස්‌කිරියාව සුමනරත්නට හොඳ හැටි පදම් වී ඇති නමුත් කොළඹ පදිංචියට යැමට ඇති අනේක බාධා සුද්දිට නොතේරීම පිළිබඳ කෝපයක්‌ද හටගත්තේය. කුඩා අවධියේම පියා අහිමි වූ සුමනරත්නට එකම පිහිට වූයේ මව පමණි. වත්තෙන් පිටියෙන් එහෙං මෙහෙං අහුලාගත් කොස්‌, දෙල්, පුවක්‌ ඇතුළු ගඩා ගෙඩි කඩමංඩියට විකිණීමෙන්, ඉඳහිට හෝ ලැබෙන දවස්‌ කුලියෙනුත් සුමනරත්න ලොකු මහත් කිරීම මවට අති දුෂ්කර කාරියක්‌ වුවද ඈ ඒ බවක්‌ නොඅඟවා සුමනරත්නට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ ලබා දීමට තරම් ධෛර්යවන්තියක වූවාය. තරුණ විය ගෙවී යැමටත් පෙරම සැමියාගේ වියෝව සිදුවූ නමුත් ඇය වෙනත් විවාහයක්‌ කර නොගත්තේ සුමනරත්නට ඉන් ඉස්‌තීරෙටම හානියක්‌ වේ යෑයි පුරෝකථනය කළ නිසාය. සුමනරත්න වෙනුවෙන් සිය තාරුණ්‍යය කැප කළ ඇය සුමනරත්න විශ්වවිද්‍යාලයෙන් පිටවන විට සම්පූර්ණයෙන්ම ඇටසැකිල්ලක්‌ බවට පත්වී සිටියාය. එවන් අම්මා කෙනකු කරපිංචා නැට්‌ටක්‌ සේ ඉවත දමා කොළඹ යැමට තබා ඒ ගැන සිතීමටත් සුමනරත්නට අපහසු කරුණකි.

අනෙක්‌ අතට තමා මිය යා යුත්තේ මෙම පුංචි නිවසේම බව ඇය මංතරයක්‌ මෙන් නිතරම කියන බැවින් එවැනි යෝජනාවක්‌ කිරීමටද සුමනරත්නට ශක්‌තියක්‌ නැත. එබැවින් ඔහු දෙලොවක්‌ අතර හිරවී සිටියේය. අනෙක්‌ අතට ආර්ථික ප්‍රශ්නයද මහමෙරක්‌ තමා යටකොට ඇති බව සුමනරත්නට නිතරම සිහිවේ. විධායක නිලධාරියකු වුවද ලැබෙන පඩියෙන් දිනපතා බස්‌ ගාස්‌තුව දැරීමෙන් පසු ඉතිරියක්‌ නැති තැන හවුලේ කුඩා කාමරයක නතරවී කුමක්‌ හෝ එකිනෙදා ගිලදමා සති අන්තයට ඒමට සුමනරත්න පුරුදු වී සිටියේය. එහෙත් සති අන්තයේ සුද්දීගේ කන්දොස්‌ කිරියාවේ අඩුවක්‌ නම් නැත.

"ඔයාට තේරෙන්නැද්ද.... කොළඹ ගියාම යන වියදම... කුලියට ගෙයක්‌ ගන්ඩ කීයක්‌ යනවද... ඒවට මාස 6 කවත් ඇඩ්වාන්ස්‌ එකවර දෙන්ට ඕනෑ. ළමයි ඔය මෙහෙ වගේ හිතෙන හිතෙන හැටියට ලොකු ඉස්‌කෝලවලට දාන්ට බෑ."

සුමනරත්න බිරිඳට කඩාගෙන පැන්නේ ඒ තර්කය පමණක්‌ ඉදිරියට දැමීමෙනි. අම්මා පිළිබඳ තර්කය නොදැම්මේ ඈ එක ක්‍ෂණයකින්ම නිෂේධනය කරන බව හොඳටම දන්නා නිසාය.

"එහෙම කියල බෑනෙ.... මෙහෙ බොක්‌කාවල හිටියොත් ලිප් බොක්‌කෙම තමයි... කොළඹ එහෙමද... හොඳ ඉස්‌කෝල... ඉහළ දහම් පාසල්, ක්‍රීඩා අරවද... මේවද.. මෙහෙ මොනවද තියෙන්නෙ..."

"මෙහෙත් ඕව සේරම තියෙනවා".

"තියනවා කෙහෙල් මල... ඉස්‌කෝලයක්‌ තියෙනවා පොල් අතුමඩුවක්‌, දහම් පාසල කියල එකක්‌ තියෙනවා එක පැත්තක්‌ ගරා වැටිල.... ක්‍රීඩා කියල මොනවද කරන්නෙ... ගොයං කපපු කාලෙට විතරක්‌ වෙලේ බෝල ගැහිල්ල.... ආශ්‍රය කරන්ට වෙන්නෙ කවුද ලපයි, සිපයි.... කොළඹ ඉන්කෝල කීවාම ඕනැ තැනක පිළිගන්නවා. අහවල් හාමුදුරුවන්ගෙ දහම් පාසලේ කීවාම නම්බුවක්‌.... ඒවට එන්නෙත් දියුණු ළමයි. අපේ ළමයගෙ පෞරුෂත්වය හැදෙන්නෙ එතකොට... ඔය ටීවී එකේ පෞරුෂ වර්ධන මහත්වරු කියන්නෙම දරුවන් ඉහළ සමාජයකට දාන්ට කියලානෙ..." නැත්නම් පෞරුෂ වර්ධනය වෙන්නෑ කියලනෙ...."

දුරදිග නොපෙනුනත් සුද්දීගෙ කතාවෙත් ඇත්තක්‌ තියෙන බව සුමනරත්නටත් නොවැටහුනා නොවේ. පේරාදෙණියේ දී තමා ඒ සමාජය යාංතං අමාරුවෙන් ජයගත්තේ ගී ගැයීමට ඇති හැකියාවත් කලාවට තිබූ උපන් හැකියාවටත් පිංසිදු වන්නට බව සුමනරත්නට ඉබේටම සිහිපත් විය. පේරාදෙනියේ දී මහා කලා කාරයන් මෙන් වෙස්‌වලාගෙන සිටි කළු විජයා, ගොඩ්ඩා බිමටම සමතලා කළේ මේ උපන් හැකියාවය. එබැවින් තම පුත්‍රයාට ඒ ඉරණම අත්නොහල යුතු බවද සිහිපත් විය.

පුතාගේ පෞරුෂ වර්ධනයත්, අම්මාත් තරාදියේ දෙපැත්තට දමා මාස ගණනක්‌ තිස්‌සේම දොaලනය වූ සුමනරත්නගේ චිත්ත සන්තානය අකමැත්තෙන් හෝ අවසානයේ කොළඹ යැමට අරමුණු කරගත්තේ අම්මා යාබදව පදිංචිව සිටි ලොකු නැන්දා ළඟ නතර කිරීමේ බලාපොරොත්තු වෙනි. ඒ බව අම්මාට දැන්වීමට තරම් සුමනරත්නට ධෛර්යක්‌ නොතිබිණි.

"ඔයාට කියන්ට බැරිනං... මම කියන්නං... රැව්ලයි, කැඳයි දෙකම බේරගන්ට බැහැනේ..." සුද්දී කෑගැසුවේය.

"එහෙම කියන්ට එපා... ඔයාට ලොකු නැති උනාට අම්මා මට කරපු කැප කිරීම දන්නෙ මම විතරයි.... ඒ හිංද එක පාරම ලබ්බ ගලේ ගැහුව වගේ කියන එක හරිනෑ..."

සති අන්තයක දිනක්‌ අම්මා හෙමිං හෙමිං සුමනරත්නට සමීප විය.

"පුතේ මම ගැන හිතන්ට එපා.... දරුව ගැන හිතල හොඳක්‌ වෙනවනං කොළඹ පලයල්ල..." සුමනරත්න දැස්‌ අදහාගත නොහැකිව බිරාන්තව බලා සිටියේය." සුද්දි වැඩේ හොඳහැටි අනා ඇති බව මොහොතකින් පසක්‌ විය.

"අනේ මංද... අම්මේ..." සුමනරත්න දිග සුසුමක්‌ පිට කළේය.

සුද්දීගේ අඬවැඩියාවත්, පුතාගේ පෞරුෂ වර්ධනය සඳහාත් සුමනරත්නට අකමැත්තෙන් හෝ කොට්‌ටාවේ කුලී නිවසකට පදිංචි වී යැමට සිදුවිය. කාර්යාලයෙන් ලබාගත් මාස දහයේ ණය මුදලෙන් වැඩිහරියක්‌ නිවසේ අත්තිකාරම් වශයෙන් ගෙවීමෙන් පසු ඉතිරි වූයේ ඉතාම සුළු මුදල් ප්‍රමාණයකි. ගමේ පාසලෙන් අස්‌කරගත් පුතාට ඉක්‌මනින් ලොකු පාසලක්‌ සොයා ගැනීමට නොවිඳිනා දුකක්‌ වින්දේය. එහෙත් ඒවාට ඇතුළුවීමට තරම් බලපුළුවං කාරකමක්‌ තමාට නැති බව ඔහුට ඉක්‌මනින්ම අවබෝධ විය. තමාගේ විශ්වවිද්‍යාල සමකාලීනයන් බොහෝ දෙනෙක්‌ අමාත්‍යාංශ ලේකම් මට්‌ටමේ සිටියද ඔවුන් සියල්ලගේම පිළිතුර වූයේ ඔය අමාත්‍යාංශයෙන් නං මේ ලෝකෙ වැඩක්‌ කර ගැනීමට බැරි බවත් වෙන ඕනෑම අමාත්‍යාංශයකින් ඕනැම උදව්වක්‌ කළ හැකි බවත්ය. මාසයක්‌ පුරාවටම පාසලක්‌ නොමැති දරුවා ගෙදර සිටීම බරපතළ ප්‍රශ්නයක්‌ වූ බැවින් කිසිවක්‌ කර කියාගත නොහැකිව අවසානයේ ජාත්‍යන්තර පාසලකටවත් ඇතුළු කිරීමට තීරණය වූ අතර එහි ගාස්‌තු දැකීමෙන් සුමනරත්නට දෙලොව රත්විය. සුද්දීගේ කනකර සියල්ල උකස්‌ කර පාසලට ඇතුළු කළ අතර මාසික ගාස්‌තු වෙනම දහස්‌ ගණනකි. ඒ මදිවාට ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන ගාස්‌තු... සුමනරත්නට දෙකාංසෙට දාඩිය දමන්නට පටන් ගත්තේය.

"තාත්තෙ අනික්‌ ළමයි ක්‍රිකට්‌ ප්‍රැක්‌ටිස්‌වලට යනවා... ටීචර් කීවා මොකක්‌ හරි එක ක්‍රීඩාවක්‌ කරන්ට කියල. එක්‌කෝ ස්‌විමිං...."

පෞරුෂ වර්ධනයට නං ක්‍රීඩාව තිබිය යුතුමය. අනික්‌ අතට ලොකු ඉස්‌කෝලෙක ක්‍රිකට්‌ ටීම් එකේ හිටියත් කොම්පැනියක රස්‌සාවකට ලේසියෙන්ම ගියෑකි... නැත්තං කොළඹට ආපු එකෙන් වැඩක්‌ නැත. සුමනසේන කල්පනා ලෝකයක අතරමංව සිට යළිත් අවදිවිය.

"පඩි ගත්ත ගමං සල්ලි ගෙවල ප්‍රැක්‌ටිස්‌වලට දාල දෙන්නං..."

සිය පුත්‍රයා සමඟ ක්‍රිකට්‌ පාසලට ඇතුළු වූ පළමු දිනයේම සුමනරත්න හොල්මං විය. පාවෙන මාලිගා වැනි, බෙන්ස්‌, හැමර්, මොන්ටේරෝ, ඩිපෙන්ඩර් පමණක්‌ නොව ඇසටින් මාටින් වලින් පිරීගිය හාත්පස පරිසරයේ තුංකාල් හැඳගත් ගෑනු පිරිමි මස්‌ පර්වත ඉංගිරිසියෙං කෑකෝගසමින් දරුවං එහෙං මෙහෙන් ආං බාං කරුනු දැකගත හැකිවිය. ප්‍රකට ක්‍රිකට්‌ ක්‍රීඩකයකුට අයත් එම පාසලේ මුල් දිනයේම දහසේ නෝට්‌ටු කීපයක්‌ම ඇතුළුවීම් ගාස්‌තුව වශයෙන් ගෙවූ පසු මාසික ගාස්‌තු, බඩු මුට්‌ටු ගාස්‌තු වෙනම ලැයිස්‌තුවකි. "මදැ ක්‍රිකට්‌ ගහන්ට ආවා.." ඔහු තමන්ම හෙමිහිට කියා ගත්තේය. ඔහු වටපිට බැලුවේ ඔහු වැනි අසරණයන් තවත් ඇත්දොaයි යන දෙගිඩියාවෙනි. තමා වැනිම අහිංසක පෙනුමකින් යුත් තැනැත්තෙක්‌ දැක සැනසීමෙන් ටිකෙං ටික ඔහුට සමීප වූයේ තව තවත් වැඩි විස්‌තර දැන ගැනීමටය. ඔහු තමා දෙස අඩ සිනාවක්‌ පෑවේය.

"කාගෙ ළමයද ඔයා එක්‌කගෙන ආවේ?..." සුමනරත්නට පොළව පලාගෙන යන්නට සිතුනි. එකත් එකටම ඔහු රියෑදුරෙක්‌ විය යුතුය. සුමනරත්න ලැඡ්ජාවෙන් එතනින් ඉක්‌මනින්ම ඉවත් වූයේ ඉන්පසු ඒ කාර්යය සුද්දිටම භාරදීමේ අටියෙනි.

"ක්‍රීඩාව විතරක්‌ බැහැනේ... දහම් පාසලකටත් දාන්ට වෙනවා..." ඒ සුද්දිගේ තවත් නියෝගයකි. දහම් පාසල නිසා තමාගේ ජීවිතයට කොපමණ නං ආලෝකයක්‌ ලැබී ඇත්දැයි සුමනරත්නට යළි යළිත් සිහිවිය. එබැවින් මෙවර සති අන්තය ඒ සඳහාම වෙන් කිරීමට තීරණය කළේය.

"අප්පේ ඉස්‌කෝල දාන එක ලේසිය... යාකෝ දහම් පාසල් දාන එකනේ අමාරු..." දහදිය වගුරු පෙරමින් ගෙට ඇතුළු වූ සුමනරත්න එහෙම පිටින්ම යාබද පුටුවට බර දුන්නේය. පුටුව ජරාස්‌ ගාමින් පස්‌සට ඇදී ගියේය.

ප්‍රකට දහම් පාසල් කීපයකටම ගොස්‌ පිංසෙන්ඩු වුවද ගමේදී මෙන් ඇතුළු කිරීම පහසු නොවන බව සුමනරත්නට තේරුම් ගියේය. බොහෝ දහම් පාසල් වලින් දැනුම් දුන්නේ පාලන මණ්‌ඩලේ නිලධාරින් හමුවන ලෙසය. සුමනරත්න කාර්යාලයේ නිලධාරීන්ගෙන් මේ ගැන විපරම් කළේය.

"අපෝ තේරෙන්නැද්ද... ඔය රස්‌තියාදු කරන්නෙ මොකටද කියල... ගාණක්‌ කඩාගන්නට... ඔය හදන්නෙ. ඒ විතරක්‌ නොවේ පාලක මංඩලේ උන්ට විස්‌කි අරං දෙන්ටත් ඕනෑ.... මම නං ළමය දැම්මෙ එහෙම.... පැංෂන් කාරයො තමයි ඕවට රිංගාගෙන ඉන්නේ..."

"මොන බංබුවක්‌ද.... දහම් පාසලට දාන්ට අරක්‌කු දෙන්නෙ මොන රටේද යකෝ... මට නං දැං කොළඹ එපා වෙලා තියෙන්නෙ...." සුමනරත්න කෑගැසුවේය.

තීරු බදු සහන බලපත්‍රය ලැබුණේ මේ අල්ල පනල්ලේය. කාන්තාරයේ අතරමං වී සිටි සුමනරත්නට බලපත්‍රය ක්‍ෂේමභූමියකි.

"කෙලින්ම දහයක්‌ අතේ...."

බලපත්‍රය විකුණා ණය තුරුස්‌ ටික ගෙවා දමා ඉතිරි ටික පොතක පතක දාගන්නට මැවූ සිහින බලාපොරොත්තු නොවූ පරිදි සුනු විසුනු වී ගියේය.

"පිස්‌සුද? මේ වගේ චාන්ස්‌ එකක්‌ ආයෙ කවද්ද එන්නේ.." මෝඩ වෙන්ඩ එපා. මොන ජාතියක්‌ හරි දාල ගමු කාරෙකක්‌..." ඔච්චර ලාබෙකට දීලත් ගන්ට බැරිනං නිකම්ම දෙනකංද බලා ගෙන ඉන්නෙ..." සුද්දිගේ ඉහේ මලක්‌ පිපි ගොසිනි. බලාගෙන ගියාම ඒකත් ඇත්තය. ක්‍රිකට්‌ ප්‍රැක්‌ටිස්‌ වලට මෝටර් රථයෙන් ගිය තරමට පිළිගැනීමත් හොඳය. අවසානයේ ගමේ තිබූ වී පල්ලාහක කෑල්ල බැංකුවට තබා ණයක්‌ ගත්තේ සුද්දිගෙන් බේරෙන්ට බැරිම තැනය.

"මහ රාත්තිරියේ ඝෝෂාවකි. හොඳ හැටි බී ගත්තු මිනිහෙක්‌ ගේට්‌ටුව ළඟ අමු හිංගලෙන් දෙස්‌ දෙවොල් තියන ශබ්දයකි. සුමනරත්න හින් සීරුවේ කරුවලේ ගේට්‌ටුවට සමීප වූ විට දුටුවේ උදේ හවා තමාට කටපුරා මහත්තයා කියන ජුවානිස්‌ය. සුමනරත්න පසුදිනම වහාම නිවාස හිමියාට කතා කළේය. ඔහුගේ අදහස වූයේද යාබද පැරණි ගම්මු පිටගංකාරයෝ එක්‌ක බද්ධ වෛරයකින් සිටින බවය. ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩං පිටස්‌තරයන්ට විකුණා දැන් ඉරිසියාවෙන් පෙලෙන බවත් සුරාවෙන් මත් වු විට පමණක්‌ පිටගංකාරයෝ මතක්‌ වෙන බවත්ය.

සුමනරත්න අලුත්ම මෝටර් රථයෙන් අවුරුද්දට බොක්‌කාවලට ගියේ ලැඡ්ජාවත් මුසුවූ ආඩම්බරයකිනි. සුද්දී නං ආවේ ගියේ මහා උජාරුවෙනි... නවීනතම නාන කාමර පහසුකම් මහ ගෙදර නොමැති වීම නිසා සුද්දී ද දරුවාද ඉක්‌මනින් පසුදිනම කොළඹ යැමට අවැටිලි කළහ. සුමනරත්නට නං ගමපුරා තව දවස්‌ කීපයක්‌ හක්‌කලං ගැසීමට ඕනෑකම තිබුණද සුද්දි නම් ඊට එකඟ වුනේ නැත.

"පුතේ ඉඳල හිටලවත් ගමට ඇවිත් යන්ට ඕනෑ වෙයි. ගම අමතක කරන්ට එපා ගමේ මරණ මඟුල්වලට ආවේ නැති එකට කසු කුසු තියෙනවා.. ඒක පුතාට හරි නෑ..."

අම්මාගේ කතාවේ කුමක්‌ හෝ ගැඹුරු යමක්‌ ඇතැයි නිකමට සිතිනි. අම්මා හුඟාක්‌ දුරට යමක සැර බාල කරල කීවා විය හැකිය.

ලයිට්‌ බිල්, ටෙලිෙµdaන් බිල්, ප්‍රවාහන ගාස්‌තු, ස්‌කෝල ගාස්‌තු, ප්‍රැක්‌ටිස්‌ ගාස්‌තු, වාහනේට තෙල් ඒ අස්‌සේ ඔපිස්‌ එකේ මරණ ගෙවල් මඟුල් ගෙවල් ඉවරයක්‌ නැත. මේ සේරටම මුහුණ දී ගත නොහැකිව සුමනරත්න තවත් අතිරේක රස්‌සාවකට බැස්‌සේ ගමේම කාපු කට්‌ටට පිංසිදු වන්නටය. සුමනරත්න මේ වළෙං ගොඩ ඒමට තෝරාගත්තේ රක්‍ෂණ නියෝජිත වැඩකි. මුලදී මුලදී තරමක්‌ අසීරු වුවද ඉක්‌මනින්ම හත්අට දෙනකු කෙටි කාලයක්‌ තුළ දැලට හසුකර ගැනීමට ඒ හැටි අපහසුවක්‌ නොවීය. යංතං දැනෙන ගාණක්‌ අතට ලැබෙන්ට පටන් අරං මාස තුනක්‌ ඉක්‌මවූවා පමණි. උදේ පාන්දරම පොලිස්‌ වාහනයක්‌ ගේ ඉදිරිපිට දැකීමෙන් සුමනරත්න බිරාන්ත විය.

"කව්ද සුමනරත්න කියන්නෙ..."

"මම තමයි".

මේ වාහනේ රක්‍ෂණය කරල තියෙන්නෙ කවුද? නිලධාරිය ලිපිගොනුවක්‌ පෙන්විය.

"ඔව්".

"මේක හොරකම් කරපු වාහනයක්‌නෙ මහත්තයා...." සුමනරත්න උඩගොස්‌ බිම වැටිනි. කරන්ට දෙයක්‌ නෑ. අත්අඩංගුවට ගන්ට වෙනවා."

සුද්දි මහා හයියෙං කෑගසුවාය.

සුමනරත්න දාගත් ජීප් රථය වේගයෙන් නොපෙනී ගියේය. කාර්යාලයේ ප්‍රධානියාට පිංසිදු වෙන්ට හවස්‌ වෙනවිට ඇප මත නිවසට ඒමට සුමනරත්නට හැකිවිය. එහෙත් අවුරුදු කීයක්‌ නඩු කියන්ට වෙයිද දන්නෑ.. සුමනරත්න වඳින්ට ගිය දේවාලෙ හිසේ කඩා වැටී ඇත.

දවස්‌ කීපයක්‌ම ගෙදර හරියට කෑමක්‌ බීමක්‌ නැත. සියල්ලෝම තැන් තැන්වලට වී මීයට පිම්බාක්‌ මෙනි. සුද්දී බැරිවෙලාවත් ඉස්‌තෝප්පුවට එන්නේ සුමනරත්න කාර්යාලයට ගිය පසුවය.

"සුද්දියෙ එනපොට හොඳ නෑ... මෙහෙ අපිට ජීවත් වෙන්ට බෑ. මමත් ගමට මාරුවක්‌ ගන්ට ප්‍රථම ජනවාරි වල ළමය බෝඩිං කරල අපි ගමට යං..." "වෙන කරන්ට දෙයක්‌ නෑ... මම" කාරෙකත් විකුණන්ට කතා කරලයි තියෙන්නේ..."

සුද්දිගෙ නිහඬතාවය කියා පෑවේ යෝජනාවට එකඟ වූ බවකි.

සුමනරත්න ලට්‌ට ලොට්‌ට පටවාගත ලොරිය බොක්‌කාවලට යන විට රාත්‍රිය බෝවී තිබිණි. අම්මාටනං රටක්‌ රාඡ්ජයක්‌ පහළ වූවක්‌ මෙනි. කෙමෙන් කෙමෙන් ඔවුන් ගමේ පරිසරයට හැඩ ගැහෙන්ට උත්සහ කළහ. ගමේ විහාරයටද, සුබ සාධක සමිතිවලටද, මරණ ගෙවල්වලටද බලෙන් මෙන් සහභාගි වූයේ කිසිවක්‌ නොවූ ගානටය. එහෙත් තමාගේ පැරණි සගයන් තමාගෙන් ඈත්වන බවක්‌ සුමනරත්නට දැනිනි. එදා තිබූ ඔවුන්ගේ අව්‍යාජ සිනාව අන්තරස්‌දාන වී ගොසිනි. එහෙ ඉන්ට බැරුව ආයෙත් ගමටම බඩගාලා... ඔය පිටගං කාරයො මෙහාට නැතුවට කමක්‌ නෑ.... තමාට ඇහෙන නොඇහෙන ගානට ඔවුනොවුන්ගේ කසුකුසුය. තමා විසින්ම ආරම්භ කළ සුබ සාධක සමිතියම දැං තමා පිටගංකාරයෙක්‌ කර හමාරය. දෙපැත්තෙන්ම දැන් තමා පිටගංකාරයකු වී ඇතැයි ඔහුට සිතිනි. තමා පිටගංකාරයකු කළ රූපවාහිනියේ පෞරුෂවර්ධන කාරයන්ට සුමනරත්න තිත්ත කුණුහරුපෙන් තනිවම බැණගෙන බැණගෙන ගියේය.

ලිවේ: ගාමිණී ඒකනායක

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
22 Feb 2015 02:42 PM
  •  Quote
  •  Reply
Thank you fide.....me kathawath godak rasawath.....

Ane ane moda suddi nisa wechcha deyak....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
22 Feb 2015 04:26 PM
  •  Quote
  •  Reply
අද කාලේ මේ වගේ සිද්ධි බහුලව සිදුවෙනවා.මිනිස්සුන්ට ගම අමතක වෙනවා. ඒත් අවසානයේ ලැබිච්ච සතුටකුත් නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
22 Feb 2015 05:22 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 22 Feb 2015 04:26 PM
අද කාලේ මේ වගේ සිද්ධි බහුලව සිදුවෙනවා.මිනිස්සුන්ට ගම අමතක වෙනවා. ඒත් අවසානයේ ලැබිච්ච සතුටකුත් නැහැ.

mata gamata enna gamata enna..kurulu pihatuwak ewanna..!

mata e song eka mathak wuna

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
22 Feb 2015 06:11 PM
  •  Quote
  •  Reply
0
Add Reply
Page 1 of 212 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below