Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Aug 2017 07:16 AM by sha733 *ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි. 17 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages samanthaMost Senior MemberPosts:13190 01 Aug 2017 10:28 PM රණවිරුවන්ට දිරියක් වූ හමුදාවේ තාත්තා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව අටවැනි දිනට යෙදෙන සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි මම අවුරුදු 23 ක සේවා කාලයක් අවසන යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබුයෙමි. එම සේවා කාල පරාසය තුළ මට නා නා විදිහේ ගති පැවතුම් ඇති නා නා පන්නයේ නිලධාරීන් සමඟ සේවය කරන්නට අවකාශ ලැබිණ. තම උරහිසට නායකත්ව සංකේතයක් ලද විට එය තමන් සතු බූදලයක් ලෙස පරිහරණය කළ නිලධාරීන්ද ඒ අතර වූහ. ආරක්‍ෂක හමුදාවල නිලධාරියකුගෙන් යමක් කිරීමට අණක් ලද විට එය ක්‍රියාත්මක කිරීම මිස හරි වැරදිදැයි ප්‍රශ්න කිරීමට පහළ නිලධාරීන් හට ප්‍රතිපාදන නොමැත. එවන් පසුබිමක් තුළ තැනට සුදුසු ස්‌ථානෝචිත ප්‍රඥාව සියයට සියයක්‌ම නිලධාරීන් හට තිබිය යුතුය. එසේ නොවන්නට වැරදි අණ දීමක් තුළින් සිදු විය හැකි අනර්ථයන් බොහොමයකි. විශේෂයෙන්ම යුධ පිටියේදී ගනු ලබන වැරදි තීන්දු තීරණවලින් ජීවිත හානි පවා සිදු විය හැක. එවන් අමනෝඥ තීරණ හමුවේ දැඩි අසීරුතාවට පත් වූ අවස්‌ථාද මාගේ සේවා කාලය තුළ අත්විඳ නැත්තේමද නොවේ. කෙසේ වෙතත් එවන් යුධ උපක්‍රම අතින් උපන් හපන්කමක් දැක් වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකත්ව නිලධාරී ගුණාංග විදහා දැක් වූ කෙනෙකි ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව උතුමාණන්. ඔහු කුරිරු ත්‍රස්‌තවාදීන්ගේ බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් අපෙන් සදහටම සමු ගත්තේය. ඒ හරියටම මින් අවුරුදු විසි පහකට පෙර 1992 අගෝස්‌තු මස 08 වන දිනයි. 1940 ජුලි 27 වැනිදා ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව නමින් උපත ලබා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. 1961 වර්ෂයේදී කැඩෙට් නිලධාරියකු වශයෙන් යුධ හමුදාවට එක් වී එක්‌සත් රාජධානියේ රාජකීය යුධ හමුදා විද්‍යා පීඨය වෙතින් පුහුණුව ලබා 2 ලුතිනන්වරයකු වශයෙන් අධිකාරියට පත් වූ හෙතෙම ලංකා සන්නාහ සන්නද්ධ බලකායට එක්‌වන ලදී. වරින් වර තම නිලයන්ට උපරිම දක්‌ෂතාව විදහා දක්‌වමින් ඉටු කරන ලද රාජකාරී ඇගයීම්වස් උසස්‌වීම් ලබා 1990 වසරේදී මේජර් ජෙනරාල් තත්ත්වයට පත්වන ලදී. ඊළාම් යුද්ධය ඇරඹීමත් සමඟ සෘජුවම සටන් බිමට බට ඔහුගේ යුධ නායකත්වය අතිශයින් සාර්ථකත්වයට පත් විය. සහජයෙන් ලද්දා වූ ස්‌ථානෝචිත ප්‍රඥාවෙන් නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සිත දිනා ගැනීම තුළින් ගොඩනඟාගත් විශ්වාසයක් මෙම සාර්ථකත්වයට හේතු පාදක වූවාට සැකයක් නොමැත. ඔහු පහළ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ චිත්ත ධෛර්යය වඩවාලු අතර එයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ගෙන් පෙරළා එතුමාට ලැබුණේ අසීමිත ගෞරවයකි. මහාමේරු පර්වතය වූවද පෙරළාගෙන ඉදිරියට යැමට තරම් සවියක් ඔහු තමන් සමීපයේ සිටින්නේ නම් සෙසු නිලයන්ට අනිවාර්යෙන්ම ලැබෙන්නේය. අපි දිනක් පරයානම්කුලම් ප්‍රදේශයේ ත්‍රස්‌තවාදී කඳවුරකට ප්‍රහාර එල්ල කිරීම සඳහා වව්නියාවේ සිට පිටත්ව ගියෙමු. දෙදින ක්‍රියාන්විතයක් වූ එය නිම වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව හෙළිකොප්ටර් යානාවකින් එහි පැමිණියේ අපහට වියළි සලාක මලු ලබා දී තිබුණද උණුසුම් කෑම පාර්සල්, සිගරට් මෙන්ම චොකලට් ද රැගෙනය. (ඒ ඔහුගේ සිරිතය) අධික වර්ෂාව පැවැති එදින ඔහු ආපසු යන ගමනේදී මැලේරියා රෝගයෙන් පෙළුණු සෙබළෙකුද යානාවට නංවන ලදී. මැලේරියා උණ රෝගයට ඇඟ වෙව්ලන නිසාදොa රෝගියා වෙව්ලන්නට විය. එය දුටු බ්‍රිගේඩියර් වරයා සිය නිල ලාංඡනය සමඟ තම කමිසය ගලවා රෝගියාට පෙරවූයේ "බය වෙන්න එපා පුතා" කියා කරවටා අතක්‌ද දමා ගනිමිනි. ඔහු එසේ කීවද සාමාන්‍ය සෙබළ රෝගියා තව තවත් වෙව්ලන්නට වූයේ බ්‍රිගේඩියර් නිල තල ඔහුට තරම් බර වැඩි නිසා වන්නට පිළිවන. සාමාන්‍ය සෙබළෙකු බ්‍රිගේඩියර් තනතුරට උසස් වීම් ලද අවස්‌ථා කුමන රටේ කුමන හමුදාවක සිදු වී ඇත්ද? ඉතිං අද වැනි දිනකවත් මෙවැනි යුග පුරුෂයන් සමරනු වටීද? නැද්ද? කෝකිලායි හමුදා කඳවුරට ත්‍රස්‌තවාදී ප්‍රහාරයක් එල්ල වූයේ එය ස්‌ථාපිත කර මසක් ගත වන්නටත් ප්‍රථමය. එය ආරක්‌ෂක සාමාජිකයන් 42 කුගෙන් යුත් එක් කුඩා ගොඩනැඟිල්ලක් පමණක් තිබූ අනුඛණ්‌ඩයක් විය. අලුයම 2 ට පමණ කෝප්‍රල් ආරියරත්න "කොටි ඇවිල්ලා" යෑයි කෑ ගසමින් තම අවිය නොනවත්වා ක්‍රියාත්මක කළේ මුළු කඳවුරම නින්දෙන් අවදි කරවමිනි. ණයකින් සියල්ලන් ආරක්‍ෂක ක්‍රියා අනුගමනය කරමින් ඉලක්‌ක පථයට හසුවන සෑම ත්‍රස්‌තවාදියෙකුටම මදි නොකියන්නට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ තම ජීවිත පරදුවට තබමිනි. පසුදාට පහන් වන විට ත්‍රස්‌තවාදී මළ සිරුරු විශාල සංඛ්‍යාවක් කඳවුර වටා තැන තැන විසිරී තිබූ අතර එක් අවාසනාවන්ත සිදුවීමක්‌ද සිදු වී තිබිණ. ඒ එම සටනේදී සාමාන්‍ය සෙබළුන් වන දිසානායක සහ මහනාමද ජීවිතක්‍ෂයට පත්ව තිබීමයි. එහි තවත් අවසානාවන්ත මෙන්ම හාස්‍යදනවන සිද්ධියක්‌ද සිදු වී තිබිණ. ඒ දිසානායක නමින් සාමාන්‍ය සෙබළුන් දෙදෙනකු එහි රාජකාරියේ නිරතව සිටි අතර පණිවිඩ හුවමාරු මගින් මොනයම් ක්‍රමයකින් හෝ මිය ගොස් සිටින්නේ ඩී. එම්. දිසානායක බව දන්වා යවා තිබිණ. එහෙත් ඇත්තටම මිය ගොස් සිටියේ ඩී. එම්. සී. දිසානායකය. ඔහු ත්‍රිකුණාමලයේ දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විය. ඩී. එම්. දිසානායකගේ නිවස පිහිටා තිබුණේ මහනුවර අංපිටිය ප්‍රදේශයේය. ඩී. එම්. දිසානායක ත්‍රස්‌තවාදී ප්‍රහාරයකින් මිය ගිය බව ඒ වන විටත් ඔහුගේ නිවසට දන්වා යවා තිබූ අතර විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ද එම නිවසට පිටත් කර හැර තිබිණ. උදෑසන 9 පමණ වන විට කර්නල් කොබ්බෑකඩුවත් කර්නල් විමලරත්නත් හෙළිකොප්ටර් යානයකින් කෝකිලායි කඳවුරට පැමිණියේය. පළමුව මිය ගොස් සිටි සෙබළුන් දෙදෙනාට සිය ආචාරය පුද කළ කර්නල්වරු දෙදෙනා කඳවුරු බේරා ගැනීම හා ත්‍රස්‌තවාදීන්ට උපරිම ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව එක එකා ළඟට ගොස් පුද්ගලිකවම සිප වැළඳ ගත්තේ අතිශය ගෞරවයෙනි. අනතුරුව දිසානායකලාගේ අත්වැරදීම ගැන දැනගත් කර්නල් කොබ්බෑකඩුව වහාම ඩී. එම්. දිසානායක නිවාඩු යවන ලෙස නිලධාරීන්ට දැන්වීය. මියගොස් සිටි සෙබළුන් දෙදෙනාගේ සිරුරු අනුරාධපුරයට ගෙන ගොස් භාර දීමෙන් අනතුරුව එම හෙලිකොප්ටර් යානයෙන්aම ඩී. එම්. දිසානායක අස්‌ගිරිය ක්‍රීඩාංගණයට රැගෙන ගොස් ඇරලන ලෙස ගුවන් හමුදා නියමුවන්ට උපදෙස් ලබා දුන්නේ කිසිදු පැකිළීමකින් තොරවය. සාමාන්‍ය සෙබළ දිසානායක හමුදාවේ උසස් නිලධාරියෙකුට හිමි වරප්‍රසාදයක් ලබා ගත්තේ උතුම් මිනිස් ගුණාංග කර්නල් කොබ්බෑකඩුව සතු වූ බව මොනවට සපථ කරමිනි. බළලත් නිලධාරී සෝමදාස අවුරුදු 22 ක සේවා කාලයක් අවසන් කර සේවයෙන් විශ්‍රාම ගියද ඔහුට විශ්‍රාම වැටුප් ලබා ගැනීම ප්‍රමාද වෙමින් තිබිණ. ඒ ඔහු වැලිඔය ආරක්‍ෂක සේනා මුලස්‌ථානයෙන් ලබා ගෙන තිබූ යකඩ ඇඳන් 8 ක් ආපසු භාර දී තිබුණද ඊට අදාල ලිපියක් අස්‌ථාන ගත වීම හේතුවෙනි. ඒ වන විටත් ඔහු විශ්‍රාම ගෝස අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත වී ගොස් තිබිණ. දියණියන් හතර දෙනකුගේ සහ පුතණුවන් දෙදෙනකුගේ පියකු වූ ඔහු විශ්‍රාම වැටුප නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටි අතර ඇඳන් අට සඳහා ගෙවිය යුතු වූ මුදල ද අතිවිශාල එකක් විය. ඔහු බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව හමුවීමට ගියේ මෙවන් පසුබිමක් තුළය. ඒ වන විට බ්‍රිගේඩියර් කෝබ්බෑකඩුව ත්‍රිකුණාමලය සහ වැලිඔය අඥාපති වශයෙන් රාජකාරියේ නිරතව සිටියේය. "ලෙµaටිනන් වික්‍රමසිංහ ඔයාගේ ස්‌ටෝර්ස් එකේ යකඩ ඇඳන්වල අඩුපාඩුවක් තියනවද? බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව විමසා සිටියේ ගබඩා පාලක නිලධාරියාගෙනි. "නෑ සර් එහෙම අඩුපාඩුවක් නෑ. මේකෙ තියෙන්නෙ මේ ලියුමක් නැති වෙච්ච ප්‍රශ්නයක්" "ලෙµaටිනන් වික්‍රමසිංහ ඔය වගේ සුළු දේකට ඇයි මේ පැන්ෂන් ගියපු මිනිස්‌සුන්ට හිරිහැර කරන්නේ." බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව කීවේ දැඩි පිළිකුලෙනි. කඩිනමින් ලිපියක් සකස් කර අතින්ම එය රැගෙන ගොස් පනාගොඩ විශ්‍රාම වැටුප් හා ලේඛන කාර්යාලයට භාරදීමට බලලත් නිලධාරී සෝමදාසට ලබා දුන් බ්‍රිගේඩියර්වරයා, " ඇයි මෙච්චරකල් මේක මට කිව්වේ නැත්තේ" යෑයි නෝක්‌කාඩුවක් ද කළේය. ඔහුගේ විශ්‍රාම වැටුප ලැබුණේ සති 2 කටත් අඩු කාලයකිනි. අපි වරක් මාන්කුලම් ආසන්නයේ පිහිsටි තුනුක්‌කායි ප්‍රදේශයේ ක්‍රියාන්විතයක් සඳහා පිටත්ව ගියෙමු. එහි සැලසුම හා උපදෙස් දෙනු ලැබුවේ කර්නල් කොබ්බෑකඩුව විසිනි. එවකට ඔහු කිලිනොච්චි සම්බන්ධීකරණ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබිණ. අපි සිටි ඉසව්වට සතුරු මෝටාර් බෝම්බයක් පතිත වූයේ නොසිතූ මොහොතකය. ඒ සමඟම අප කර්නල් කොබ්බෑකඩුව බිම පෙරළාගෙන වසාගත්තේ පොල් කටුවකින් කෝම්පිට්‌ටුවක් වසාගන්නා ආකාරටය. ඒ අපේ ජීවිතවලට වඩා එතුමාගේ ජීවිතය අපට වටිනා නිසාය. වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ලවීමත් සමඟ සතුරු ප්‍රහාරය වියෑකී ගිය අතර කර්නල් කොබ්බෑකඩුව අප වැළඳගත්තේ " මට හරි ආඩම්බරයි කොල්ලනේ ඔයාලා ගැන ඒත් මම ආරක්‍ෂා වුණාට වැඩක් නෑ කියලා කාටහරි තුවාලයක් වුණානං" යෑයි කීවේ ඔහු කෙරේ තිබූ ගෞරවයට තවත් යමක් එක් කර ගනිමිනි. තවත් දිනෙක අප මන්නාරම තල්ලඩි කඳවුරේ නිවාඩුයාම සඳහා හෙලිකොප්ටරයක් පැමිණෙනතුරු බලා සිටියෙමු. ඒ වන විට ගොඩබිම් මාර්ග සියල්ල ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුවෙන් වැසී ගොස් තිබුණි. මේ අතර හදිස්‌සියේම ජෙනරල් කොබ්බෑකඩුව කඳවුරට පැමිණියේ හදිසි අවශ්‍යතාවයක් සඳහා විය යුතුය. නිවාඩු යැමට සිටි අප ගැන තොරතුරු විමසා ඒ සියලු දෙනා ඔහු පැමිණි හෙලිකොප්ටරයෙන් වව්නියාවට ගෝස ඇරලන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ දෙවරක් සිතාබලා නොවේ. දින ගණන් නිවාඩු යැමට අවස්‌ථාව ලැබෙන තුරු බලා සිටි සියල්ලන් ගමන්වාර කීපයකින් වව්නියාවට ගෙනගොස් බස්‌සවන ලදී. " ජෙනරාල් කොබ්බෑකඩුවට නං බුදු බව ලැබෙන්න ඕනෑ. ඇත්තට අනිත් නිලධාරීන් මේ විදියට අපි ගැන බලනවනං හමුදාව කොච්චර හොඳදැයි" එකෙකු නොව කීප දෙනෙකු කියනවා මට ඇසුණි. තණ්‌තිරිමලේ පන්සල් භූමියට වරක් නිරීක්‍ෂණය චාරිකාවක පැමිණි ජෙනරාල් කොබ්බෑකඩුව විහාරාධිපති මහකෝන්ගස්‌කඩ විමලඥාණ හිමියන් හා කතා බහක නිරත වූහ. එහිදී විමලඥාණ හිමියන් අප අමතා " මහත්වරුගේ මේ ඉන්නේ අපේ ජාතික වස්‌තුවක් හොඳට ආරක්‍ෂා කර ගන්න ඕනෑ." යෑයි පැවසුවේ ඔහුගේ පිටට තට්‌ටුවක් ද දමමිනි. අවාසනාවකට දෝ විමලඥාණ හිමියන් ජෙනරාල් කොබ්බෑකඩුවට ද පෙර අපවත් වූයේ මෙම සිදුවීමෙන් ඉතාමත් කෙටි කාලයක් තුළදීය. කෙසේ වෙතත් ඒ හිමියන්ගේ ඉල්ලීම ඉටු කරන්නට අප අසමත් වූවා යෑයි මාගේ පුද්ගලික හැඟêමයි. රණවික්‍රම පදක්‌කම, රණශූර පදක්‌කම විශිෂ්ඨසේවා විභූෂිත පදක්‌කම, උත්තම සේවා පදක්‌කම ඇතුළු තවත් අගනා පදක්‌කම් රැසකින් පුදනු ලැබු මේ යුග පුරුෂයා එදා ත්‍රස්‌තවාදීන් හට එරෙහිව සිදු කරනු ලැබුවේ හුදකලා සටනක් යෑයි මාගේ නිගමනයයි. ඒ ඔහුට සමහර අවස්‌ථාවන්වල රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ ඇල්මැරුණු ගතියකින් යෑයි පවසන්නට තරම් සාධරණ හේතුන් තිබිණ. 1992 වසරේ අගෝස්‌තු මස 8 වන දින කයිට්‌ස් අරාලී තුඩුවේදී ත්‍රස්‌තවාදීන් විසින් වළ දමා තිබූ බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් එතුමා ජීවිතක්‍ෂයට පත් වූයේ මුළු මහත් හමුදාවම සෝ සයුරකට ඇද දමමිනි. සාමාන්‍ය කෙනකුට වඩා සොල්දාදුවකු වශයෙන් දුකක්, වේදනාවක්, වියෝවක් විඳ දරා ගැනීමේ ශක්‌තියක් වෘත්තීමය වශයෙන් ඇත්දැකීම් ලබා සිටියද ඔහු වියෝ වූ පුවත ඇසීමෙන් මම ඉකිගස ගසා හැඩූයෙමි. ඉකි ගස ගසා හැඩීම තුළින් මම වටපිට බැලීමි. ඒ ඉකි ගසා හඬන්නේ මා පමණක් දැයි සැක හැර දැන ගැනීම පිණිසය. නොමැත හෘද සාක්‍ෂියට අනුව නොමැත. මුළු යුධ හමුදාවම එලෙසය. යුධ හමුදාවේ පියා, අපේ ගෞරවණීය තාත්තා, අපිට අභිමානයක් ගෙන දුන් සෙන්පතියා අනේ ඔහුට තවත් කාලයක් ජීවත් වන්නට ඉඩ හැර මා මළා නම් කොතරම් වටනේද? ඒ තරමටම අපට ඔහු උතුම්ම උතුම් වස්‌තුවකි. එතුමා තුළ වූ උතුම් මිනිස් ගුණාංග ගැන දේව ගතිගුණ ගැන ලියන්නට තවත් බොහෝ දේ ඇත. එතුමාණන් යටතේ සේවය කළ ඉතාමත් කෙටි කාලයේ මාගේ හෘද සාක්‍ෂියට අනුව මෙහි සටහන් වූයේ එම අත්දැකීම් සම්භාරයෙන් සොච්චමක් පමණි. 1997 අප්‍රේල් 04 වන දින ඔහුට කෘතගුණ සැලකීම් වස් මුල් දින කවරයක් සහ මුද්දරයක් නිකුත් කර ඇත. එපමණකින් පමණක් අපට සෑහීමකට පත්විය හැකිද? මෙවැනි යුග පුරුෂයෙකු මෙනෙහි නොකරමින් මඟහැර සිටීම සදාචාරාත්මකද? එහි වගකීම වගකිවයුත්තන් ගැඹුරින් සිතා බැලිය යුත්තකි. ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුමාණනි සාදාදර පියාණෙනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා හැරෙන්නට අප වැනි අසරණයින් වෙනත් කුමක් කරන්නද? ඔබට නිවන් සුව....... පියසිරි අජිත් ලියනගේ සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 02 Aug 2017 08:01 PM ලිපිය කියවන විට හිතට මහත් අභිමානයක් දැනුනා... අපිට සිටිය ජාතික වීරයෙක්.. (කණගාටුවට මොවුන් ජාතික වීරයන් වශයෙන් තවමත් සැලකෙන්නේ නැහැ) 0 ImalkaVeteran MemberPosts:4533 02 Aug 2017 11:56 PM ඔවුන් අද ජීවත්ව සිටියානම් නම් ඇතැම් විට උසාවි ගානේ රස්තියාදු වෙන්න තිබුනා පොනිල් ගේ සමනල ආණ්ඩු කෙරුවාව නිසා. එනමුදු සැබෑ විරුවන් සදා අප හදවත් වල අමරණීයයි ඔවුන් ට නිවන් දොර විවර වේවා ! 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Aug 2017 01:19 AM අනිවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 07 Aug 2017 08:47 PM වසර විසිපහකට පෙර රටට අහිමි වූ ජාතියේ සුජාත පුත්‍රයෝ... *ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි. බෙංගමුවේ නාලක හිමි ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු රණවිරුවන් දස දෙනෙක් මීට වසර විසිපහකට පෙර එනම් 1992 අගෝස්‌තු 08 වැනිදා දැයෙන් සමුගත්හ. එවකට ත්‍රස්‌තවාදය මැඩලීමේ ක්‍රියාදාමයේ පුරෝගාමි චරිතයක් වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාය. අගෝස්‌තු 06 වැනිදා උතුරට යැමට පෙර අනුරාධපුර හමුදා මූලස්‌ථානයේ දී දේශප්‍රේමි භික්‌ෂු පෙරමුණේ සභාපති තුරුවිල විමලධම්ම නාහිමි, භාණ්‌ඩාගාරික වලවේ සෝරත හිමි හා මා ද එතුමන් හමුවී සාකච්ඡාවක් කළෙමු. එහි දී අප ඉල්ලා සිටියේ මේ වේලාවෙදී උතුරට නොයන ලෙසයි. එහෙත් සැලසුම් කරන ලද මෙහෙයුමක් සංවිධානය කිරීම සඳහා උතුරට යැමට සිදුවී ඇති බව එතුමා පැවසුවේය. ත්‍රස්‌තවාදය අවසන් කිරීම සඳහා ප්‍රේමදාස ජනාධිපතිතුමා තමන්ට සියලුම සහයෝගය ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ අනුව මූලික සැකසුම පිළිබඳව පරීක්‌ෂණ කටයුතු වෙනුවෙන් මෙම ගමන අනිවාර්යයෙන්ම යා යුතු බවත් එතුමා කියා සිටියේ ය. එහෙත් අපට නම් දැනුනේ එම ගමන නොයා යුතු බවයි. මීට පෙර යම් යම් අවස්‌ථාවල දී කොබ්බෑකඩුව මහතා ගනු ලැබූ තීරණ අපගේ ඉල්ලීම මත වෙනස් කළත් මෙවර උතුරට යන ගමන වෙනස් කිරීමට එතුමා කිසිසේත්ම කැමති වූයේ නැත. කෙසේ හෝ අගෝස්‌තු 08 වැනිදා කයිට්‌ස් දූපතේ දී සතුරන් විසින් අටවන ලද බෝම්බයකට හසු වී ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න, කර්නල් පී. එල්. ආරියරත්න, කර්නල් ඒ. පලිපාන, ලුතිනන් එන්. එස්. ද අල්විස්, කොමදොaරු ඩී. ඒ. එම්. එන්. ජයමහ, ලුතිනන් ඒ. ලංකාතිලක, ලුතිනන් ඩබ්. ඩී. සී. ඩබ්. විඡේපුර, සෙබළ ඩබ්. ඡේ. වික්‍රමරත්න යන රණවිරුවන් දස දෙනා දැයෙන් සමුගත්හ. 'ලෑන්ඩ් රෝවර්' රථය බෝම්බයකට හසු වූ අවස්ථාවේ දී කොබ්බෑකඩුව මහතාගේ ජීවිතය රැකත හැකි තත්ත්වයක පැවැති බව එතුමන්ගේ ආරක්‌ෂක නිලධාරියා අප සමඟ පැවසුවේ හැඬූ කඳුළෙනි. එහෙත් ඝාතනය සැලසුම් කළ අයගේ අරමුණ වූයේ අන් අයටත් වඩා කොබ්බෑකඩුව මහතා ඝාතනය කිරීම බැවින් දොa වහාම ප්‍රතිකාර කිරීමට අනුරාධපුර රෝහලට රැගෙන නොගියා මෙන්ම එතුමන් රැගත් හෙලිකොප්ටරය පැය එකහමාරක් තිස්‌සේ ගුවනෙහි තබා ගැනීමට ද කටයුතු කළ බව දැනගන්නට ලැබිණි. අනුරාධපුර, ශ්‍රී ජයවර්ධනපුර, කලුබෝවිල, කොළඹ මහරෝහල යන සෑම රෝහලකම වෛද්‍යවරු එතුමාට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම්ව සිටියහ. පොදු ජනතාව මෙන්ම වෛද්‍යවරු සියලුම දෙනාම ද කොබ්බෑකඩුව මහතාට දැක්‌වූයේ මහත් ආදරයකි. ඒ අන් කිසිවක් නිසා නොව ත්‍රස්‌තවාදය මැඬලීමේ යුදමය ක්‍රියාදාමය එතුමන් ඉතාම සාර්ථකව කරගෙන ගිය බැවිනි. එතුමන් නිතර කී කතාවක් නම් මෙම ත්‍රස්‌තවාදී ප්‍රශ්නය අපේ දරුවන්ට ඉතිරි නොකර එය විස¹ලිය යුතු බවයි. ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ දී සිංහල මෙන්ම දෙමළ හා මුස්‌ලිම් ජනතාවගේ ද සිත් දිනා ගැනීමට කොබ්බෑකඩුව මහතා සමත් විය. එසේම ත්‍රස්‌තවාදය මැඩලීමේ ක්‍රියාන්විතයෙහි යෙදුණු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ද රණවිරුවන්ගේ සම්පූර්ණ සහයෝගය එතුමන්ට ලැබුණි. ත්‍රස්‌තවාදය මැඩලීම වෙනුවට එදා පැවැති ආණ්‌ඩුවට අවශ්‍ය දේ හා එන්.ජී.ඕ. කාරයන්ගේ අවශ්‍යතා ඉටු කළ අතලොස්‌සක් වූ නිලධාරීන් පිරිසක් එදා සිටි බව ද අපි දනිමු. කොබ්බෑකඩුව මහතා ද ඒ බව දැන සිටියේය. ඒ නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම් වී අවශ්‍ය මෙහෙයුම් කටයුතු කිරීමට එතුමා සමත් විය. යාපනයේ විසූ සාමාන්‍ය දෙමළ ජනතාව මෙන්ම වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු ද එතුමාට ඇලුම් කළහ. එවැනි ඇතැමෙක් කොටින්ගේ මර්මස්‌ථාන පිළිබඳව තොරතුරු ලබාදීමට එතුමා හමුවට පැමිණි බව අප සමඟ පවසා ඇත. ජනතාව එතුමාට කැමති වූයේ ඔහු ත්‍රස්‌තවාදයට එරෙහි සටන හරියටම කරන බව පිළිගත් නිසයි. වරක් පොසොන් පෝය වෙනුවෙන් එතුමාගේ මූලිකත්වයෙන් පිංකම් මාලාවක් සංවිධානය විය. එම පිංකම් ඇරඹුනේ මැදවච්චිය මන්නාරම පාරේ පුංචි මාන්කුළමෙහි මුස්‌ලිම් පල්ලියක විදුලි ආලෝකය විවෘත කිරීමෙනි. එහි දී පල්ලිය තුළට භික්‌ෂූන් වහන්සේලා වැඩම කරවා ආසන පනවා සුදු ඇතිරිලි දමා භික්‌ෂූන් වහන්සේලා වඩා හිඳුවා පිරිත් දේශනා කරද්දී පල්ලියේ සභාපති ලවා විදුලි ආලෝකය විවෘත කිරීමට යොදා තිබිණි. එහි දී අදහස් දැක්‌වූ කොබ්බෑකඩුව මහතා කීවේ අපේ රටේ පවතින්නේ පොසොන් පෝය දා මෙහි වැඩම කළ මිහිඳු හාමුදුරුවන් අපට දායාද කළ සංස්‌කෘතිය බවයි. එය රැකගැනීම මෙරට වැසි හැම දෙනාගේම යුතුකම බව ද එහි දී එතුමා ප්‍රකාශ කළේය. කොබ්බෑකඩුව මහතාගේ ආදාහන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට බොහෝ දෙනා උත්සාහ කළ ද එදා පැවති යූ.ඇන්.පී. ආණ්‌ඩුව ඊට ඉඩ දුන්නේම නැත. එපමණක් නොව ආදාහනයට පැමිණි ජනතාවට කැරලි මර්දන හමුදාව යොදවා අවහිරතා ද ඇති කළේය. එම මර්දන වැඩපිළිවෙළ නොතැකූ පොදු ජනතාව ආදාහන සිදුකළ බොරැල්ල කනත්ත සුසාන භූමියට ලක්‌ෂ ගණනින් එක් රෝක් වූහ. කනත්තට ඇතුළු වීමට ඉඩ නොදුන් විට යකඩ වැට කඩාගෙන ජනතාව කනත්ත තුළට ගොස් එතුමාට ගෞරව දැක්‌වූහ. එදා පැවැති රජයේ මතය වූයේ කොටින් විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවීම නිසා කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ඝාතනය වූ බවයි. එහෙත් ඇතැමුන්ගේ මතය වූයේ 'ලෑන්ඩ් රෝවර්' රථයේ සවිකර තිබූ අධි බැලති බෝම්බයක් දුරස්‌ථ පාලන යන්ත්‍රයක් මඟින් පුපුරවා හැරීමෙන් ඝාතනය සිදුකර ඇති බවයි. මේ පිළිබඳව විශේෂ පරීක්‌ෂණයක් කළ එංගලන්තයෙන් පැමිණි ඡේ. ආර්. වයිට් නම් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයා පැවසුවේ ද බෝම්බය 'ලැන්ඩ්රෝවර්' රථයේ සවි කොට දුරස්‌ථ පාලන උපකරණයකින් පුපුරුවා ඇති බවයි. එහෙත් රජය එම මතය යටපත් කළේය. කරුණු නුවණින් විමසා පරීක්‌ෂා කර බැලීමේ දී පෙනී යනුයේ කොබ්බෑකඩුව ඝාතනය ද විදේශ බලවේග සහයෝගය ද ඇතිව සිදුකළ කුමන්ත්‍රණයකින් සිදු වූ දෙයක් බවයි. කොටින්ට විදේශ බලවේගවල සහාය ලැබුණු අතර කොටි පරාජය කිරීමට එම බලවේග කිසිසේත්ම කැමති වූයේ නැත. 2009 කොටි මර්දනය කිරීමේ යුදමය ක්‍රියාදාමයන් සාර්ථකව සිදුවෙද්දී එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය වැනි රටවල්වලින් පැමිණි නියෝජිතයන් එම සටන නැවැත්වීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට බලකළ බව කවුරුත් දන්නා කරුණකි. මුළු රටම හඬවා කොබ්බෑකඩුව රණවිරුවාණන් ඇතුළු පිරිස දැයෙන් සමුගනිද්දී කඳුළු නොසැලූ එකම පිරිස එදා ආණ්‌ඩුවේ බලවතුන් හා ඝාතනයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ නිලධාරීන් ය. එහෙත් ඒ බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නොමැත. ඔවුන්ගේ අවසානය ද ඔවුන් කළ පාපකර්මවල විපාක වශයෙන් අවාසනාවන්ත ලෙස සිදු වූ බව ද සඳහන් කළ යුතුය. එදා කොබ්බෑකඩුව ජීවතුන් අතර සිටියා නම් වසරක් ඇතුළත එනම් 1993 මැද භාගය වන විට ත්‍රස්‌තවාදය අවසන් කිරීම සිදුවන්නට ඉඩ තිබිණි. ඒ වෙනුවෙන්ම සැලසුම් කළ වැඩපිළිවෙළක් පරික්‌ෂා කිරීම සඳහයි එදා කොබ්බෑකඩුව මහතා ඇතුළු රණවිරුවන් අරාලි දූපතට ගියේ. එම වැඩපිළිවෙළ මුලදීම විනාශ කර දැමීමටයි සතුරන් විසින් එම පිරිස ඝාතනය කරනු ලැබුවේ. මෙවැනි සිදුවීම් පිළිබඳව පොදු ජනතාව මෙන්ම විශේෂයෙන් රටට ආදරය කරන දැන උගත්කම් ඇති අය වටහා ගත යුතුමය. එසේ වටහා ගෙන එවැනි දේ ක්‍රියාත්මක වීමට ඉඩ නොතැබිය යුතුය. මවුබිම රැකීමට නම් මවුබිමට එරෙහිව ක්‍රියාත්මක වන අභ්‍යන්තර මෙන්ම බාහිර සතුරන් ගැන අවබෝධයක් තිබිය යුතුමය. කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු ජාතියේ සුජාත පුත්‍රයන් දැයෙන් සමුගෙන විසිපස් වසරක් පිරෙන අවස්‌ථාවෙහි එතුමන්ලා සිහිකර පිං දීම හා ගරු කිරීමට ද වඩා එතුමන්ලා අපේක්‌ෂා කළ දිවි පිදූ අරමුණ වන මව්බිමේ ආරක්‌ෂාව තහවුරු කිරීමට අදිටන් කර ගැනීම වඩාත් වැදගත් වන බව එම විරුවන්ට ගෞරවයක් ලෙස මෙහි සටහන් කරමු. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 07 Aug 2017 09:26 PM තවමත් අබිරහසක්ව තිබෙන සෙන්පති කොබ්බෑකඩුව ඝාතනය එක්දහස් නමසිය අනූවේ මුල්කාලය වන විට මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සිටියේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේය. උතුරු ප්‍රදේශය භාර හමුදා ආඥාපතිවරයා ලෙස ඔහු කෙතරම් ප්‍රසිද්ධියට පත්වී සිටියේ දැයි කිවහොත් රට්ටු කොබ්බෑකඩුව නම ඇදහූවේ දේවත්වයෙනි. සමහරු කල්පනා කළේ රට බේරා ගැනීමට පැමිණි දියසේන කුමරා ඔහු කියාය. මේ ජනප්‍රියත්වය නිසා එකල රටේ පැතිර ගිය ආරංචියක් වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මීළඟ ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවය. මේ නිසා පාලකයන් අතරේ කොබ්බෑකඩුව භීතිකාවක් පැතිර ගියේය. එසේ ඕපදූප කතාවක් පැතිරීමට තරම් සාධාරණ හේතුවක් රට්ටුන්ට තිබුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහුගේ තිබූ නෑකමය. එක්දහස් නවසිය අසූතුනේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මහප්පා වූ හෙක්ටර් කොබ්බෑකඩුවය. ඩෙන්සිල් කොබ්බෑකඩුව කොබ්බෑකඩුව පරපුර පැවැත එන්නේ මහනුවර රාජධානියෙනි. ඒ පරපුරේ ඇත්තෝ ගරු ගාම්භීර මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට පත් වූවා පමණක් නොව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයද දැරූහ. මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ , ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුවගේ දෙමාපියෝය. ඔහු ඉපදුනේ එක්දහස් නමසිය හතළිහේ ජූලි විසිහත් වැනිදාය. ඩෙන්සිල් කොබ්බෑකඩුව උපත ලබන විට තිඹිරිගේ භාරව හුන් ප්‍රධාන වෛද්‍යවරයා වූයේ ආර්.එල්. ස්පිට්ල්ය. වෙදකමට වඩා ඔහු ප්‍රසිද්ධියට පත්ව හුන්නේ පොත් ලිවීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ නෑකමට අමතරව ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායකගේ විශ්වාසය දිනාගත් නිලධාරියකු විය. එක්දහස් නමසිය හැටහයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් යළි සේවයට කැඳවූයේ හැත්තෑවේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් ඉක්බිතිවය. එක්දහස් නමසිය හැත්තෑ එකේ තරුණ කැරැල්ල උද්ගත වූ අවස්ථාවේ දී මැතිනිය විශ්වාසය තැබු නිලධාරින් අතරේ ඉහළින්ම හුන් චරිතයක් වූයේ එකල තරුණ මේජර්වරයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුවය. හැත්තෑ එකේ කැරැල්ලට හසු වූ තරුණ තරුණියන් දහස් ගණන් හමුදා ප්‍රහාරවලින් මිය ගියද කොබ්බෑකඩුව කල්පනා කළේ ඔවුන් බේරාගන්නා ක්‍රමයක් ගැනය. කැරැල්ලට සැකපිට ජී.අයි.ඩී. ධර්මසේකර (වර්තමානයේ අනගාරික ධර්මසේකරතුමා) රහස් පොලීසියේ අත්අඩංගුවට පත්වී මරණයට කැපකර තිබියදී ඔහුව බේරාගත්තේ ද ඩෙන්සිල් කොබ්බෑකඩුව ය. හැත්තෑ ගණන්වල සිට මැතිනියගේ විශ්වාසය දිනාගෙන සිටීම නිසාදෝ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගැන එක්සත් ජාතික පක්ෂය බැලුවේ වපර ඇසකින් බව රහසක් නොවීය. ඇතැම් දේශපාලනඥයන් හිතුවේ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු රටේ බලය අල්ලා ගනු ඇති බවය. එනමුත් දැඩි විනය ගරුක නිලධාරියකු වූ ඔහුට එවැනි අදහසක් නොවීය. දේශපාලනයට එනවාදැයි බොහෝ දෙනා ඔහුගෙන් ඇසුවද ලැබුණු පිළිතුර වූයේ තමා හමුදා නිලධාරියකු මිසක් දේශපාලනඥයකු නොවන බවය. කෙසේ නමුදු මහත්මා නිලධාරියකු ලෙස මහා කීර්තියක් හම්බු කරගෙන හුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩිවෙමින් තිබුණේය. විශේෂයෙන් කොබ්බෑකඩුව, විමලරතන (බ්‍රිගේඩියර් විජය විමලරත්න) සුසංයෝගය එල්.ටී.ටී.ඊ.යට එරෙහිව එකපිට එක ජය ලබන විට ඔවුන්ගේ යසස තව තවත් පැතිරුණි. සොල්දාදුවන් සමග යුධ පිටියේදී මේ කාලයේ කොබ්බෑකඩුවගේ ජීවිතයට දෙපැත්තකින් තර්ජන තිබූ බව කාටවත් රහසක් නොවීය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අමතරව ඇතැම් අදෘශ්‍යමාන බලවේග සිටියේ ඔහු ගැන විපරම් කරමිනි. මේ නිසා මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව විශ්වාස කළේ කොළඹ සිටිනවාට වඩා උතුරේ Kobbekaduwa1සෙබළුන් අතරේ සිටීම තම ජීවිතාරක්ෂාවට සුදුසු බවය. මක්නිසාදයත් යුද හමුදාවේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේම සෙබළුන් ඔහුට අසීමිතව ආදරය කළ බැවිනි. ඔහු සිය පහළ නිලවල සිටින අයට කතා කළේ මගේ ළමයින් යනුවෙනි. නිවාඩුවට කොළඹ රොස්මිඩ් නිවසට පැමිණි මොහොතේ පටන් ඔහුට නැවත යුද බිමට යාමට ඉස්පාසුවක් නොවීය. ඒ අවස්ථාවලදී ඔහු සිය බිරිය වන ලලීට කියන්නේ මගේ ළමයි බලන්න මට ඉක්මන්ට ආපසු යන්න ඕන යනුවෙනි. කොබ්බෑකඩුව ආපසු උතුරට යන්නේ හිස් අතින් නොවේ. සිය බිරියගේ අතින් හැදූ කැවිලි පෙවිලි ගෝනි ගණනන්ද සමගිනි. ඒ ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරේ ළමයින්ද (සෙබළුන්) තම ලෙයින් හැදූ ළමයින්ගේද සම මට්ටමේ තැබූ බැවිනි. සොල්දාදුවන් සමග තිබූ මේ අසීමිත බැඳීම නිසා කොබ්බෑකඩුව විශ්වාස කළේ ඔවුන් අතරේ සිටීම සිය ජීවිතාරක්ෂාවට හොඳම ක්‍රමයක් බවය. මේ අතර මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රහසිගත කටයුත්තකට අතගසා හුන්නේය. ඒ, එල්.ටී.ටී.ඊ. යේ පාලනයට නතුවී තිබෙන උතුර මුදා ගැනීම සඳහා නව මෙහෙයුම් සැලැස්මක් හැදීමටය. එය නම් කර තිබුණේ ෆයිනල් කවුන්ට් ඩවුන් යනුවෙනි. මෙහෙයුම ඇරඹීමට නියමිතව තිබූ දිනයට දෙසතියකට පමණ ඉහත දී ඔහු ගෙදර ආවේය. ඒ අවස්ථාවේදී වූ ෙදෙවෝපගත සිද්ධියක් සෝමා ජයකොඩි ලියූ ඩෙන්සිල් කොබ්බෑකඩුව චරිතාපදානයේ සඳහන් වී ඇත්තේ මෙසේය. කොබ්බෑකඩුව මැතිනිය අත පැළඳි රන් මුදු දෙකකි. එකක් මංගල දිනයේ දී කොබ්බෑකඩුව මහතා විසින් ඇයට පළඳවනු ලැබූවකි. අනෙක ඇය විසින් එතුමාට පැළඳවූවයි. එය හදවතක හැඩය ගත්තකි. ඒ හදවත මත ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව නම්වල මුලකුරු වන ච්ඹ්ම් කොටා ඇත. අකුරු ගෙවීගොස් ඇති නිසා යළි පැහැදිලි ලෙස එය කෙටීමට බිරියට අවශ්‍ය විය. ඒ අවශ්‍යතාව ස්වාමියාගේ සිත් ගත්තේ නැත. ගෙදරදොර වැඩ කරන සමහර අවස්ථාවල බිරිය ඇගේ මුදුව ගලවා පසෙක තබා වැඩ අවසන්කොට යළිත් පැළඳගැනීමද එතුමාට රුචි නොවූවකි. අවුරුදු විසිඑකක් තිස්සේ මං මේ මුද්ද ගලවලා තියන්නෙ පරෙස්සමටනේ. වැඩ කරනකොට ගවෛනවා. ඔයාගේ මුද්ද ච්ඹ්ම් අකුරු ගෙවිලා ආයෙ කොටන්න ඕනෑ. බිරිය කොතෙක් ඉල්ලා සිටියද කොබ්බෑකඩුව මහතා මුදුව ගලවා බිරිය අත තැබුවේ නැත. මේ සංවාදය ඇතිවූයේ එක්දහස් නවසිය අනූදෙකේ ජූලි මස තිස්එක් වෙනිදා තරම්ය. ඉන් දින අටකට පසු කොබ්බෑකඩුව මහතා මියගිය අතර, එතුමා අතවූ මංගල මුදුව තරුණ නිලධාරියෙකු විසින් බිරියට ආපසු භාර දෙන ලදී. මුදුවේ ලේ තැවරී තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව අවසන් වරට ගෙදරින් පිටත් වූ දවසේ වරකාපොළ දක්වා ලලී කොබ්බෑකඩුවත් ගියාය. වරකාපොළදී හමුදා ජිප් රියට ඔහු නැග්ගේ සිය බිරියට මෙසේ කියමිනි. මේ සැරේ මං එන්න ටිකක් පරක්කු වෙයි. කල්පනාවෙන් ඉන්න එසේ සිය බිරියගෙන් සමුගෙන අනුරාධපුරයට පැමිණි ඩෙන්සිල් කොබ්බෑකඩුව මුණ ගැසීමට දෙතුන් දවසකට පසු තවත් පිරිසක් ආවෝය. ඒ කොබ්බෑකඩුව ළඟින්ම ඇසුරු කළ බෙංගමුවේ නාලක හාමුදුරුවෝය. මහා අනතුරක පෙරනිමිති පහළ වී තිබූ නිසාදෝ උන්වහන්සේ එක හඩින් ඉල්ලා සිටියේ උතුරට ගියත් පලාලි කඳවුරෙන් අඩියක්වත් පිටතට නොතබන ලෙසය. එනමුත් ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලසුම් පරීක්ෂා කිරීමට කොබ්බෑකඩුවට එළියට බැසීමට සිද්ධ විය. මේ අතර කොබ්බෑකඩුවගේ මහගෙදර වූ පිළිමතලාවේ දෙල්දෙණිය වලව්වේ මැද මිදුලේ වහළ අගෝස්තු හත්වැනිදා මහ රෑ කඩාවැටුණේය. එය හරියට මහා නපුරක පෙර නිමිත්තක් පහළ වූවාක් මෙනි. දිනය එක්දහස් නමසිය අනූදෙකේ අගෝස්තු අට වැනිදාය. එදින උදෑසන යාපනය කයිට්ස් කඳවුරේ හුන් හමුදා නිලධාරීහු විශේෂ පුද්ගලයකු එනතුරු බලා සිටියහ. ඔහු ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ මහ මොළකරු වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවය. කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට ආවේ බෝට්ටුවලිනි. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු කීප දෙනෙක්ම එහි හුන්හ. ඔවුන් යාමට නියමිතව හුන්නේ අරාලි තුඩුවටය. ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවය. එහි සිට නාවික හමුදා බෝට්ටු මගින් සෙබළුන් යාපනය නගරය අල්ලා ගැනීමට යාමට නියමිතව තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් ඇරඹුවේ ජිප් රථ දෙකක නැගීය. අතරමගදී සියලු දෙනා එක ජිප්රියක නැගිය යුතු බව තීරණය කළේ එල්.ටී.ටී.ඊ.යේ දර්ශන පථයෙන් ඈත්වීමේ උපක්‍රමයක් ලෙසය. එහෙත් මේ ගොඩවන්නේ මරුවා සැඟ වී සිටින රියකට බව කිසිවෙකුට නොසිතෙන්නට ඇත. කොබ්බැකඩුව විරුවා සමග දිවි පිදු අනෙකුත් පිරිස. සෙබළුන් දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම එම ජිප් රියට ගොඩවූහ. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් එච්.ආර්. ස්ටීවන් , කර්නල් යශෝධ පලිපාන, කර්නල් ජී.එච්. ආරියරත්න , මේජර් නලීන් අල්විස්, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර්, චන්දිම විජයපුර, කෝප්‍රල් ජගත් වික්‍රමරත්න හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සහයක සෙබළා වන සෙබළ උපාලි ද ඒ අතර වූහ. වාහනයේ ඉඩක් නොවූ බැවින් සෙබළ උපාලි හිටියේ රථයේ පිටුපස එල්ලීය. කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් අරඹන විට ඔවුන් සමග පැමිණි අනෙක් රථය අරාලි තුඩුව පෙනෙනතෙක් මානයේ සෙවණ ඇති බිමක නතර කෙරුණි. පැය භාගයක් පමණ ගත වුණි. නතර කළ තිබූ ජිප් රියේ සිටි අයට ඇසුණේ කොබ්බෑකඩුව ගිය ජිප්රිය නැවත පැමිණෙන ශබ්දයය. එබැවින් ඔවුහු තම ජිප් රියද පණනැංවූවේ ගමන් ඇරඹීමටය. මේ අතර කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පැමිණ රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වූවා පමණි. මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා ගියේය. ඒ දෙදරීම කොතරම්ද යත් එහි කම්පනය අදටත් රට්ටුන්ගේ හදවතවලට හොඳට දැනේ. විනාඩි ගණනාවක් පුරා මුළු බිමම මහා ධූලි වලාවකින් වැසී ගියේය. නවතා තිබූ වාහනයේ හුන් හමුදා නිලධාරීහු පිපිරුම වූ බිමට දිව්වෝය. එහි මහා ආවාටයක් ඇදී තිබුණි. ඔවුන්ට මුලින්ම හමුවූයේ කොමදෝරු මොහාන් ජයමහය. ලේ විලක් මැද වැටී හුන් ඔහුගේ පණ නළ ගැහෙමින් තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටීසිටියේ මරුවා සමග සටන් කරමිනි. බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි. රථයේ පිටුපස එල්ලී ගිය සෙබළ උපාලිගේ දෙපා තිබුණේ සිරුරෙන් වෙන්වීය. පණගැහෙමින් හුන් ඔහු කැඩී වෙන්වූ දෙකකුල්ද සොලවමින් කෑගසමින් හුන්නේය. (ඔහු මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයාය) කොබ්බෑකඩුව, ජයමහ හා උපාලි හැර අන් සියලු දෙනාගේම සිරුරු තිබුණේ සත් අතකට කැඩීය. ඔවුහු සියල්ලෝම ඒ වන විටත් දිවි සටනින් පරාජයට පත්ව හුන්හ. පිපිරුමෙන් විනාඩි කීපයකට පසු හෙලිකොප්ටරයක් අරාලි බිමට ගොඩබැස්සේය. එම හෙලිකොප්ටරය කලින් ලෑස්ති කර තිබුණේ මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යළිදු වරක් කඳවුරට යාමටය. හෙලිකොප්ටරයට මුලින්ම නංවා ගත්තේ කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන්ය. ඔවුන් දෙදෙනා පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ දිවියට සමු දුන්නේය. පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවැසි මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් ඔහු වහාම කොළඹට යැවීමට තීරණය කළේ බරපතළ තත්ත්වයේ ඔහු පසු වූ බැවිනි. මේ අතර පලාලි කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජයවර්ධනපුර මහ රෝහලට කතාකර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ශල්‍යාගාරය වෙන්කර තබන්නැයි දැනුම් දුන්හ. එසැණින් ජයවර්ධනපුර රෝහලේ බලධාරීහු ක්‍රියාත්මක වූහ. ඔවුන් කොබ්බෑකඩුවගේ දිවිය ගලවා ගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සැදී පැහැදී හුන්හ. යම් හෙයකින් අතරමගදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරුණි. සිහිසුන්ව හුන් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ දිවි ගලවා ගැනීමට ඔහුට වහාම විශේෂඥ ප්‍රතිකාර දිය යුතු මුත්, එය ප්‍රමාද වූයේ ඇයිදැයි යන්න අදටත් අබිරහසකි. ජයවර්ධනපුර මහ රෝහලේ සියලු කටයුතු සූදානම් කර තිබියදීත් ඔහු රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටය. පලාලි වලින් රත්මලානටත් , රත්මලානෙන් ජයවර්ධනපුර රෝහලටත් එතැනින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත විණි. උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් කොබ්බෑකඩුව හුන්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයේය. ඔහුගේ ජීවිතය බේරාගැනීමට දොස්තරවරු නොගත් වෙහෙසක් නැත. එනමුත් ඒ සියල්ල පරාජය කරමින් පස්වරු දෙකහමාරට පමණ මරුවා ජය ගත්තේය. ඒ මරණය වී අද දිනට විසිපස් වසරක් ගත වුණිද ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය අදටත් අබිරහසකි. ඔහුගේ ඝාතනයට සෘජුවම ඇඟිල්ල දිගු වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයටය. රජය තමන්ට එල්ල වූ කළු පැල්ලම මකා ගැනීමට ඝාතනය ගැන පිරික්සීමට ඉස්මයිල් කොමිසම පත් කළේය. ඒ අතරේ එංගලන්තයේ හුන් බෝම්බ විශේෂඥයකු වූ ජේ.ආර්. වයට් ද මේ ගැන පරීක්ෂා කළේය. ආණ්ඩුවේ වාර්තාවත් එම වාර්තාවත් පරස්පර විය. ඉනික්බිතිව බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිනිය කොබ්බෑකඩුව ඝාතන කොමිසමක් පත් කළාය. එහිදී ද සත්‍යය හෙළි නොවීය. සැබැවින්ම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය කළේ කොටි සංවිධානයද එසේ නැතිනම් ඔහු දේශපාලනයට පැමිණෙතැයි පැතිරී ගිය ආරංචියට බිය වූ දේශපාලනඥයන් පිරිසක්ද. මේ ප්‍රශ්නවලට උත්තර ද සදාතනිකව පොළොව යට වැලලී තිබෙනු ඇත. මක්නිසාද යත් කොබ්බෑකඩුව ඝාතනයේ ඇඟිල්ල දිගු වූ සියල්ලෝම දැන් සිටින්නේ පොළොව යට බැවිනි. මිහිරි ෆොන්සේකා Lakbima සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 08 Aug 2017 02:26 AM දඹුල්ල මූලික රෝහල මොහුගේ නමින් තියෙන්නෙ වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව 0 ImalkaVeteran MemberPosts:4533 08 Aug 2017 05:24 AM දුකක් වගේම තරහක් ඇති වෙනවා මේ දුක්මුසු පුවත කියවන වාරයක් පාසා... සැබෑ විරුවන්හට නිවන් දොරටු විවර වේවා ! 0 hasithadSuper Senior MemberPosts:5795 08 Aug 2017 07:50 AM දැන් නම් අභිරහසක් කිව්වට සෑහෙන්න කරුනු කාරනා පුවත්පත් වල පල වෙලා තිබුනා. අනේ මන්දා ඉතින්..... මෙතුමා ජීවතුන් අතර හිටියානං යුද්දෙ ඉවර වෙන්නෙ මීට හුග කලින්. 0 sha733Super Senior MemberPosts:7332 09 Aug 2017 03:26 AM හරි හමන් එකක් කියල කියන්න බැහැනේ බෝම්බෙ උනත් බිමද වාහනේද නෑ ප්‍රතිකාර කලාද නොකලාද නෑ 0 hasithadSuper Senior MemberPosts:5795 10 Aug 2017 08:58 AM ඔව්.......කතන්දර ගොඩයි.....මොක වුනත් ජාතික වස්තුවක් අපිට අහිමි වුනා. 0 chamaramindMost Senior MemberPosts:13471 10 Aug 2017 06:48 PM Posted By samantha on 07 Aug 2017 09:26 PM තවමත් අබිරහසක්ව තිබෙන සෙන්පති කොබ්බෑකඩුව ඝාතනය එක්දහස් නමසිය අනූවේ මුල්කාලය වන විට මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සිටියේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේය. උතුරු ප්‍රදේශය භාර හමුදා ආඥාපතිවරයා ලෙස ඔහු කෙතරම් ප්‍රසිද්ධියට පත්වී සිටියේ දැයි කිවහොත් රට්ටු කොබ්බෑකඩුව නම ඇදහූවේ දේවත්වයෙනි. සමහරු කල්පනා කළේ රට බේරා ගැනීමට පැමිණි දියසේන කුමරා ඔහු කියාය. මේ ජනප්‍රියත්වය නිසා එකල රටේ පැතිර ගිය ආරංචියක් වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මීළඟ ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවය. මේ නිසා පාලකයන් අතරේ කොබ්බෑකඩුව භීතිකාවක් පැතිර ගියේය. එසේ ඕපදූප කතාවක් පැතිරීමට තරම් සාධාරණ හේතුවක් රට්ටුන්ට තිබුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහුගේ තිබූ නෑකමය. එක්දහස් නවසිය අසූතුනේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මහප්පා වූ හෙක්ටර් කොබ්බෑකඩුවය. ඩෙන්සිල් කොබ්බෑකඩුව කොබ්බෑකඩුව පරපුර පැවැත එන්නේ මහනුවර රාජධානියෙනි. ඒ පරපුරේ ඇත්තෝ ගරු ගාම්භීර මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට පත් වූවා පමණක් නොව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයද දැරූහ. මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ , ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුවගේ දෙමාපියෝය. ඔහු ඉපදුනේ එක්දහස් නමසිය හතළිහේ ජූලි විසිහත් වැනිදාය. ඩෙන්සිල් කොබ්බෑකඩුව උපත ලබන විට තිඹිරිගේ භාරව හුන් ප්‍රධාන වෛද්‍යවරයා වූයේ ආර්.එල්. ස්පිට්ල්ය. වෙදකමට වඩා ඔහු ප්‍රසිද්ධියට පත්ව හුන්නේ පොත් ලිවීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ නෑකමට අමතරව ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායකගේ විශ්වාසය දිනාගත් නිලධාරියකු විය. එක්දහස් නමසිය හැටහයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් යළි සේවයට කැඳවූයේ හැත්තෑවේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් ඉක්බිතිවය. එක්දහස් නමසිය හැත්තෑ එකේ තරුණ කැරැල්ල උද්ගත වූ අවස්ථාවේ දී මැතිනිය විශ්වාසය තැබු නිලධාරින් අතරේ ඉහළින්ම හුන් චරිතයක් වූයේ එකල තරුණ මේජර්වරයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුවය. හැත්තෑ එකේ කැරැල්ලට හසු වූ තරුණ තරුණියන් දහස් ගණන් හමුදා ප්‍රහාරවලින් මිය ගියද කොබ්බෑකඩුව කල්පනා කළේ ඔවුන් බේරාගන්නා ක්‍රමයක් ගැනය. කැරැල්ලට සැකපිට ජී.අයි.ඩී. ධර්මසේකර (වර්තමානයේ අනගාරික ධර්මසේකරතුමා) රහස් පොලීසියේ අත්අඩංගුවට පත්වී මරණයට කැපකර තිබියදී ඔහුව බේරාගත්තේ ද ඩෙන්සිල් කොබ්බෑකඩුව ය. හැත්තෑ ගණන්වල සිට මැතිනියගේ විශ්වාසය දිනාගෙන සිටීම නිසාදෝ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගැන එක්සත් ජාතික පක්ෂය බැලුවේ වපර ඇසකින් බව රහසක් නොවීය. ඇතැම් දේශපාලනඥයන් හිතුවේ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු රටේ බලය අල්ලා ගනු ඇති බවය. එනමුත් දැඩි විනය ගරුක නිලධාරියකු වූ ඔහුට එවැනි අදහසක් නොවීය. දේශපාලනයට එනවාදැයි බොහෝ දෙනා ඔහුගෙන් ඇසුවද ලැබුණු පිළිතුර වූයේ තමා හමුදා නිලධාරියකු මිසක් දේශපාලනඥයකු නොවන බවය. කෙසේ නමුදු මහත්මා නිලධාරියකු ලෙස මහා කීර්තියක් හම්බු කරගෙන හුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩිවෙමින් තිබුණේය. විශේෂයෙන් කොබ්බෑකඩුව, විමලරතන (බ්‍රිගේඩියර් විජය විමලරත්න) සුසංයෝගය එල්.ටී.ටී.ඊ.යට එරෙහිව එකපිට එක ජය ලබන විට ඔවුන්ගේ යසස තව තවත් පැතිරුණි. සොල්දාදුවන් සමග යුධ පිටියේදී මේ කාලයේ කොබ්බෑකඩුවගේ ජීවිතයට දෙපැත්තකින් තර්ජන තිබූ බව කාටවත් රහසක් නොවීය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අමතරව ඇතැම් අදෘශ්‍යමාන බලවේග සිටියේ ඔහු ගැන විපරම් කරමිනි. මේ නිසා මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව විශ්වාස කළේ කොළඹ සිටිනවාට වඩා උතුරේ Kobbekaduwa1සෙබළුන් අතරේ සිටීම තම ජීවිතාරක්ෂාවට සුදුසු බවය. මක්නිසාදයත් යුද හමුදාවේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේම සෙබළුන් ඔහුට අසීමිතව ආදරය කළ බැවිනි. ඔහු සිය පහළ නිලවල සිටින අයට කතා කළේ මගේ ළමයින් යනුවෙනි. නිවාඩුවට කොළඹ රොස්මිඩ් නිවසට පැමිණි මොහොතේ පටන් ඔහුට නැවත යුද බිමට යාමට ඉස්පාසුවක් නොවීය. ඒ අවස්ථාවලදී ඔහු සිය බිරිය වන ලලීට කියන්නේ මගේ ළමයි බලන්න මට ඉක්මන්ට ආපසු යන්න ඕන යනුවෙනි. කොබ්බෑකඩුව ආපසු උතුරට යන්නේ හිස් අතින් නොවේ. සිය බිරියගේ අතින් හැදූ කැවිලි පෙවිලි ගෝනි ගණනන්ද සමගිනි. ඒ ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරේ ළමයින්ද (සෙබළුන්) තම ලෙයින් හැදූ ළමයින්ගේද සම මට්ටමේ තැබූ බැවිනි. සොල්දාදුවන් සමග තිබූ මේ අසීමිත බැඳීම නිසා කොබ්බෑකඩුව විශ්වාස කළේ ඔවුන් අතරේ සිටීම සිය ජීවිතාරක්ෂාවට හොඳම ක්‍රමයක් බවය. මේ අතර මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රහසිගත කටයුත්තකට අතගසා හුන්නේය. ඒ, එල්.ටී.ටී.ඊ. යේ පාලනයට නතුවී තිබෙන උතුර මුදා ගැනීම සඳහා නව මෙහෙයුම් සැලැස්මක් හැදීමටය. එය නම් කර තිබුණේ ෆයිනල් කවුන්ට් ඩවුන් යනුවෙනි. මෙහෙයුම ඇරඹීමට නියමිතව තිබූ දිනයට දෙසතියකට පමණ ඉහත දී ඔහු ගෙදර ආවේය. ඒ අවස්ථාවේදී වූ ෙදෙවෝපගත සිද්ධියක් සෝමා ජයකොඩි ලියූ ඩෙන්සිල් කොබ්බෑකඩුව චරිතාපදානයේ සඳහන් වී ඇත්තේ මෙසේය. කොබ්බෑකඩුව මැතිනිය අත පැළඳි රන් මුදු දෙකකි. එකක් මංගල දිනයේ දී කොබ්බෑකඩුව මහතා විසින් ඇයට පළඳවනු ලැබූවකි. අනෙක ඇය විසින් එතුමාට පැළඳවූවයි. එය හදවතක හැඩය ගත්තකි. ඒ හදවත මත ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව නම්වල මුලකුරු වන ච්ඹ්ම් කොටා ඇත. අකුරු ගෙවීගොස් ඇති නිසා යළි පැහැදිලි ලෙස එය කෙටීමට බිරියට අවශ්‍ය විය. ඒ අවශ්‍යතාව ස්වාමියාගේ සිත් ගත්තේ නැත. ගෙදරදොර වැඩ කරන සමහර අවස්ථාවල බිරිය ඇගේ මුදුව ගලවා පසෙක තබා වැඩ අවසන්කොට යළිත් පැළඳගැනීමද එතුමාට රුචි නොවූවකි. අවුරුදු විසිඑකක් තිස්සේ මං මේ මුද්ද ගලවලා තියන්නෙ පරෙස්සමටනේ. වැඩ කරනකොට ගවෛනවා. ඔයාගේ මුද්ද ච්ඹ්ම් අකුරු ගෙවිලා ආයෙ කොටන්න ඕනෑ. බිරිය කොතෙක් ඉල්ලා සිටියද කොබ්බෑකඩුව මහතා මුදුව ගලවා බිරිය අත තැබුවේ නැත. මේ සංවාදය ඇතිවූයේ එක්දහස් නවසිය අනූදෙකේ ජූලි මස තිස්එක් වෙනිදා තරම්ය. ඉන් දින අටකට පසු කොබ්බෑකඩුව මහතා මියගිය අතර, එතුමා අතවූ මංගල මුදුව තරුණ නිලධාරියෙකු විසින් බිරියට ආපසු භාර දෙන ලදී. මුදුවේ ලේ තැවරී තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව අවසන් වරට ගෙදරින් පිටත් වූ දවසේ වරකාපොළ දක්වා ලලී කොබ්බෑකඩුවත් ගියාය. වරකාපොළදී හමුදා ජිප් රියට ඔහු නැග්ගේ සිය බිරියට මෙසේ කියමිනි. මේ සැරේ මං එන්න ටිකක් පරක්කු වෙයි. කල්පනාවෙන් ඉන්න එසේ සිය බිරියගෙන් සමුගෙන අනුරාධපුරයට පැමිණි ඩෙන්සිල් කොබ්බෑකඩුව මුණ ගැසීමට දෙතුන් දවසකට පසු තවත් පිරිසක් ආවෝය. ඒ කොබ්බෑකඩුව ළඟින්ම ඇසුරු කළ බෙංගමුවේ නාලක හාමුදුරුවෝය. මහා අනතුරක පෙරනිමිති පහළ වී තිබූ නිසාදෝ උන්වහන්සේ එක හඩින් ඉල්ලා සිටියේ උතුරට ගියත් පලාලි කඳවුරෙන් අඩියක්වත් පිටතට නොතබන ලෙසය. එනමුත් ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලසුම් පරීක්ෂා කිරීමට කොබ්බෑකඩුවට එළියට බැසීමට සිද්ධ විය. මේ අතර කොබ්බෑකඩුවගේ මහගෙදර වූ පිළිමතලාවේ දෙල්දෙණිය වලව්වේ මැද මිදුලේ වහළ අගෝස්තු හත්වැනිදා මහ රෑ කඩාවැටුණේය. එය හරියට මහා නපුරක පෙර නිමිත්තක් පහළ වූවාක් මෙනි. දිනය එක්දහස් නමසිය අනූදෙකේ අගෝස්තු අට වැනිදාය. එදින උදෑසන යාපනය කයිට්ස් කඳවුරේ හුන් හමුදා නිලධාරීහු විශේෂ පුද්ගලයකු එනතුරු බලා සිටියහ. ඔහු ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ මහ මොළකරු වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවය. කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට ආවේ බෝට්ටුවලිනි. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු කීප දෙනෙක්ම එහි හුන්හ. ඔවුන් යාමට නියමිතව හුන්නේ අරාලි තුඩුවටය. ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවය. එහි සිට නාවික හමුදා බෝට්ටු මගින් සෙබළුන් යාපනය නගරය අල්ලා ගැනීමට යාමට නියමිතව තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් ඇරඹුවේ ජිප් රථ දෙකක නැගීය. අතරමගදී සියලු දෙනා එක ජිප්රියක නැගිය යුතු බව තීරණය කළේ එල්.ටී.ටී.ඊ.යේ දර්ශන පථයෙන් ඈත්වීමේ උපක්‍රමයක් ලෙසය. එහෙත් මේ ගොඩවන්නේ මරුවා සැඟ වී සිටින රියකට බව කිසිවෙකුට නොසිතෙන්නට ඇත. කොබ්බැකඩුව විරුවා සමග දිවි පිදු අනෙකුත් පිරිස. සෙබළුන් දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම එම ජිප් රියට ගොඩවූහ. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් එච්.ආර්. ස්ටීවන් , කර්නල් යශෝධ පලිපාන, කර්නල් ජී.එච්. ආරියරත්න , මේජර් නලීන් අල්විස්, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර්, චන්දිම විජයපුර, කෝප්‍රල් ජගත් වික්‍රමරත්න හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සහයක සෙබළා වන සෙබළ උපාලි ද ඒ අතර වූහ. වාහනයේ ඉඩක් නොවූ බැවින් සෙබළ උපාලි හිටියේ රථයේ පිටුපස එල්ලීය. කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් අරඹන විට ඔවුන් සමග පැමිණි අනෙක් රථය අරාලි තුඩුව පෙනෙනතෙක් මානයේ සෙවණ ඇති බිමක නතර කෙරුණි. පැය භාගයක් පමණ ගත වුණි. නතර කළ තිබූ ජිප් රියේ සිටි අයට ඇසුණේ කොබ්බෑකඩුව ගිය ජිප්රිය නැවත පැමිණෙන ශබ්දයය. එබැවින් ඔවුහු තම ජිප් රියද පණනැංවූවේ ගමන් ඇරඹීමටය. මේ අතර කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පැමිණ රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වූවා පමණි. මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා ගියේය. ඒ දෙදරීම කොතරම්ද යත් එහි කම්පනය අදටත් රට්ටුන්ගේ හදවතවලට හොඳට දැනේ. විනාඩි ගණනාවක් පුරා මුළු බිමම මහා ධූලි වලාවකින් වැසී ගියේය. නවතා තිබූ වාහනයේ හුන් හමුදා නිලධාරීහු පිපිරුම වූ බිමට දිව්වෝය. එහි මහා ආවාටයක් ඇදී තිබුණි. ඔවුන්ට මුලින්ම හමුවූයේ කොමදෝරු මොහාන් ජයමහය. ලේ විලක් මැද වැටී හුන් ඔහුගේ පණ නළ ගැහෙමින් තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටීසිටියේ මරුවා සමග සටන් කරමිනි. බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි. රථයේ පිටුපස එල්ලී ගිය සෙබළ උපාලිගේ දෙපා තිබුණේ සිරුරෙන් වෙන්වීය. පණගැහෙමින් හුන් ඔහු කැඩී වෙන්වූ දෙකකුල්ද සොලවමින් කෑගසමින් හුන්නේය. (ඔහු මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයාය) කොබ්බෑකඩුව, ජයමහ හා උපාලි හැර අන් සියලු දෙනාගේම සිරුරු තිබුණේ සත් අතකට කැඩීය. ඔවුහු සියල්ලෝම ඒ වන විටත් දිවි සටනින් පරාජයට පත්ව හුන්හ. පිපිරුමෙන් විනාඩි කීපයකට පසු හෙලිකොප්ටරයක් අරාලි බිමට ගොඩබැස්සේය. එම හෙලිකොප්ටරය කලින් ලෑස්ති කර තිබුණේ මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යළිදු වරක් කඳවුරට යාමටය. හෙලිකොප්ටරයට මුලින්ම නංවා ගත්තේ කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන්ය. ඔවුන් දෙදෙනා පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ දිවියට සමු දුන්නේය. පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවැසි මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් ඔහු වහාම කොළඹට යැවීමට තීරණය කළේ බරපතළ තත්ත්වයේ ඔහු පසු වූ බැවිනි. මේ අතර පලාලි කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජයවර්ධනපුර මහ රෝහලට කතාකර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ශල්‍යාගාරය වෙන්කර තබන්නැයි දැනුම් දුන්හ. එසැණින් ජයවර්ධනපුර රෝහලේ බලධාරීහු ක්‍රියාත්මක වූහ. ඔවුන් කොබ්බෑකඩුවගේ දිවිය ගලවා ගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සැදී පැහැදී හුන්හ. යම් හෙයකින් අතරමගදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරුණි. සිහිසුන්ව හුන් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ දිවි ගලවා ගැනීමට ඔහුට වහාම විශේෂඥ ප්‍රතිකාර දිය යුතු මුත්, එය ප්‍රමාද වූයේ ඇයිදැයි යන්න අදටත් අබිරහසකි. ජයවර්ධනපුර මහ රෝහලේ සියලු කටයුතු සූදානම් කර තිබියදීත් ඔහු රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටය. පලාලි වලින් රත්මලානටත් , රත්මලානෙන් ජයවර්ධනපුර රෝහලටත් එතැනින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත විණි. උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් කොබ්බෑකඩුව හුන්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයේය. ඔහුගේ ජීවිතය බේරාගැනීමට දොස්තරවරු නොගත් වෙහෙසක් නැත. එනමුත් ඒ සියල්ල පරාජය කරමින් පස්වරු දෙකහමාරට පමණ මරුවා ජය ගත්තේය. ඒ මරණය වී අද දිනට විසිපස් වසරක් ගත වුණිද ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය අදටත් අබිරහසකි. ඔහුගේ ඝාතනයට සෘජුවම ඇඟිල්ල දිගු වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයටය. රජය තමන්ට එල්ල වූ කළු පැල්ලම මකා ගැනීමට ඝාතනය ගැන පිරික්සීමට ඉස්මයිල් කොමිසම පත් කළේය. ඒ අතරේ එංගලන්තයේ හුන් බෝම්බ විශේෂඥයකු වූ ජේ.ආර්. වයට් ද මේ ගැන පරීක්ෂා කළේය. ආණ්ඩුවේ වාර්තාවත් එම වාර්තාවත් පරස්පර විය. ඉනික්බිතිව බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිනිය කොබ්බෑකඩුව ඝාතන කොමිසමක් පත් කළාය. එහිදී ද සත්‍යය හෙළි නොවීය. සැබැවින්ම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය කළේ කොටි සංවිධානයද එසේ නැතිනම් ඔහු දේශපාලනයට පැමිණෙතැයි පැතිරී ගිය ආරංචියට බිය වූ දේශපාලනඥයන් පිරිසක්ද. මේ ප්‍රශ්නවලට උත්තර ද සදාතනිකව පොළොව යට වැලලී තිබෙනු ඇත. මක්නිසාද යත් කොබ්බෑකඩුව ඝාතනයේ ඇඟිල්ල දිගු වූ සියල්ලෝම දැන් සිටින්නේ පොළොව යට බැවිනි. මිහිරි ෆොන්සේකා Lakbima මෙන්න සැබෑ වීරයෝ...හිටියනම් ගොඩ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 11 Aug 2017 05:08 AM කියලා වැඩක් නැ , සත්‍ය එලි වෙනවාට වඩා සත්‍ය එලි වෙන්න දෙන්නේ නැනේ . 0 samanthaMost Senior MemberPosts:13190 11 Aug 2017 07:17 AM සැබැවින්ම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය කළේ කොටි සංවිධානයද එසේ නැතිනම් ඔහු දේශපාලනයට පැමිණෙතැයි පැතිරී ගිය ආරංචියට බිය වූ දේශපාලනඥයන් පිරිසක්ද. මේ ප්‍රශ්නවලට උත්තර ද සදාතනිකව පොළොව යට වැලලී තිබෙනු ඇත. මක්නිසාද යත් කොබ්බෑකඩුව ඝාතනයේ ඇඟිල්ල දිගු වූ සියල්ලෝම දැන් සිටින්නේ පොළොව යට බැවිනි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Aug 2017 06:23 PM සත්ය කවදාවත් එන්නෙ නැහැ ..මෙවා යට දෙශපාලනය නැතුවම නෙවෙයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 11 Aug 2017 10:38 PM ඇගිල්ල දික් වූ අය පොලව යට උනත් ඇත්ත කියන එක හරියට සොයල ලොවට එලිකලානම් හොදයි කොච්චර උනත් පවුලේ පිරිස්නම් මේ ැන දන්නව ඇති 0 indika76Most Senior MemberPosts:10449 12 Aug 2017 04:45 AM දේශපාලනය කියන දේ ලෝකයෙන් අයින් වෙනදාට තමයි ලෝකය සුන්දර වෙන්නේ... 0 sha733Super Senior MemberPosts:7332 12 Aug 2017 07:16 AM Posted By indika76 on 12 Aug 2017 04:45 AM දේශපාලනය කියන දේ ලෝකයෙන් අයින් වෙනදාට තමයි ලෝකය සුන්දර වෙන්නේ... දේශපාලනේ ලෝකෙන්ම නෙවෙයි අයියේ මේ ලංකාවෙන් හරි විදියට දේශපාලනේ කෙරෙන රටවල් තියෙනවා 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Sri Lankan History National Heroes