Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 May 2019 05:31 AM by chamaramind සමෝසා වෙළෙන්දා 79 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 4 << < 1234 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 14 Nov 2017 12:34 AM Quote Reply රණවිරුවෝ ගැන දැන් කාටද මතක. අනෙක ඔය යුද්ධ කාලේ ඇත්තටම බය නැතිව යුද්ධෙට ගිය කොල්ලෝ තමයි නියම වීරවරු. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 19 Dec 2017 07:52 AM Quote Reply මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න පොටෝ එකකට තියෙන්නේ... ඊලග සතියේ තාත්තා යුධ්දෙදී වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා... ගොඩක් දුක හිතෙන අවස්ථාවක්.. 0 chamaramindMost Senior MemberPosts:13471 19 Dec 2017 04:58 PM Quote Reply රණවිරුවන් තමයි විරුවන්..ඔවුන් නැත්තන් රටක් නැහැ එහෙනම්.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Dec 2017 08:28 PM Quote Reply අනිවා. එදා යුධ වැදුණු රණවිරුන් වෙනුවෙන් යමක් කල හැකි නම් ඒ දේ අද කිරීම ඔවුන් වෙනුවෙන් අපට කල හැකි ලොකුම යුතුකමයි. මොකද අපි ගෙදර ටීවී එකෙන් යුද්ද කරපු යුද්ධ බලපු අයනේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 14 Sep 2018 05:28 AM Quote Reply සමාවෙන්න රත්තරනේ... 💙 මට උඹේ ඔය අහින්සක ඇස් දෙක මුලින්ම මුණ ගැහෙන්නෙ උඹේ ගෙදර... අපි දෙන්නගෙම ගෙදර අය ඉස්සරහ.. මට තාම මතකයි එදා උඹ ලා රෝස පාට ඔසරියක් ඇඳලා මගේ ඉස්සරහට ආපු හැටි.. රෝස මලක් වගේ... නෑ....හරියට පුංචි සුරංගනාවියක් වගේ.. ගෙදර අයගේ බල කිරීමට උඹව බලන්න උඹලගේ ගෙදර ආවට මගේ හිත පුරාම හිටියෙ ශෙවී විතරයි.. උඹ අහින්සක විදියට බිම බලාගෙන බුලත් හෙප්පුවකුත් අරන් අහින්සක විදියට මගේ ඉස්සරහට එන විදිය බලලා මං හිත යටින් උඹට හිනාවුනේ සමච්චලේට.. මේ මොන ගොන් ගහක්ද කියලා මට එදා හිතුනෙ උඹේ ඒ තිබුන අහින්සක රූපේ නිසා වෙන්න ඇති... මොකක්ද නම...?? ව....ව..න්දනා.... හ්ම්ම්...වන්ද...නා....වන්දනා ජොබ් එකක් කරනවද?? ඔ..ඔව්..RDO එකේ...අකවුන්ට්ස් ඩිවිශන් එකේ... හ්ම්ම්..මොකද බය වෙලා වගේ...මාව යකෙක් වගේ පේනවද ඔයාට... අනේ.. නැ...හ්...එහෙම දෙයක් නෑ.. හ්ම්ම්..එහෙනම් කමක් නෑ... මට තවම මතකයි උඹත් එක්ක කතා කරපු පලවෙනි වචන ටික..උඹ හරියට පුංචි දරුවෙක් ඉස්කෝලෙ ගිය පලවෙනි දවසෙ වගේ අහින්සක හුරතල් විදියට උත්තර දුන්නා.. පව් රත්තරනෙ උඹ... නොදැනුනා වගේ හිටියට.. මහා ගොඩා...ක් අහින්සකයි උඹ... උඹ දැකපු පලවෙනි තප්පරේම මගේ හිතට දැනුනා එහෙම.. දින සති ගෙවිලා පුංචි වෙඩින් එකක් අරගෙන උඹ මගේ ගෙදරට එක්කන් ආවෙ අපේ අම්මලත් උඹට ගොඩක් කැමැත්තෙන් හිටපු නිසා.. කසාද බැන්දට මොකෝ අපි හරියට කතා කරලාවත් නැති තරම්.. උඹව මේ හිරගෙට අරන් ආවා විතරයි.. මං පටන් ගත්තා උඹෙන් පලිගන්න.. උඹ නිසා මට නැතිවුන මගේ ආදරේ වෙනුවෙන් කිසිම දෙයක් දන් නැති උඹෙන් පලි ගන්න.. වටේම කරුවල වෙලා කරන්ට් ගියේ උඹ මෙහේ ආපු පලවෙනි දවසෙම රෑ.. හුරු පුරුදු නැති නිසා වෙන්න ඇති උඹ දෙපාරක් හිතන් නැතුවම මාව බදාගත්තෙ.. මේ...මොකද මේ..?? මොන විකාරයක්ද?? මං අහද්දි උඹ ගොත ගැහුනා.. අ...න්නෙහ්.... බය..යි.. කරුවලයිනෙ.... උඹ මාව බදාගෙනම උත්තර දුන්නෙ හා පැටියෙක් වගේ.. බයයි...ඇයි...ඇයි මෙහේ යක්කු ඉන්නවා කියලා හිතුවද?? විකාර නැතුව ඉන්නවා හලෝ.. මොන්ටිසෝරි යන ළමයෙක් වගේ රඟන් නැතුව.. මං හිත් පිත් නැති ගානට උඹව තල්ලු කරලා දැම්මෙ පලවෙනි වතාවට උඹව රිදවලා ලබන මහා ලොකු සතුටත් හිතින් හොඳටම විඳගෙන.. උඹේ පපුව පිච්චිලා යන්න ඇති.. ඒත් මුකුත්ම නොකිය උඹ පැත්තකට උනා.. ජැන්ඩියට ඇදගෙන ෆර්ෆියුම් නාගෙන මං ශෙවීව බලන්න යන්න එලියට බැස්සෙ උඹට යන්නෙ කොහේද කියලාවත් කියන් නැතුව.. අයියෙ ඔයා කොහේ හරි යන්නද.. ඔව්...ඇයි අහන්නෙ??? න්..නෑ...ගොඩක් රෑ වෙලානෙ දැන්...ඒ.. ඕ...රෑ වෙලා..ඉතින්...ඉතින් මං මොකක්ද කරන්න ඕනෙ දැන්... නුපුරුදු නොදන්න තැනක මහ රෑ උඹව තනිකරලා යන්න හදද්දි උඹට මහා ලොකු අසරණකමක් දැනෙන්න ඇති මගෙ වස්තුවෙ..ඒකයි එදා උඹ මගෙන් එහෙම අහන්න ඇත්තෙ.. ඒත් ඒක තේරුම් ගන්න තරම් මගේ හිතේ මනුස්සකමක් ඉතිරිවෙලා තිබුන් නෑ. තමුසෙ ලේලී වුනේ මේ ගෙදරට විතරයි.. මං යන්නෙ කොහේද නැද්ද කියලා තීරණය කරන්නෙ මං.. ඒවා අහ අහ මට වද දෙන්න එපා... ප්ලීස්..මට පාඩුවෙ ඉන්න දෙනවා.. මං සද්දෙ දාලා කෑ ගහලා උඹේ ඔය අහින්සක මූණට දබරැඟිල්ල දික් කරලා කියද්දි උඹ බිම බලාගෙන පැත්තකට වුනා.. මං එදා මහ ලොකු වීරයෙක් වගේ බැනලා උඹට රිද්දවලා ගෙදරින් එලියට ගියේ ශෙවීව හොයාගෙන..ශෙවී එක්ක ක්ලබ් ගිහින් විකාර නටලා රෑ 3ට විතර ගෙදර එද්දි උඹට පුටුවක් උඩම නින්ද ගිහින්.. පවු...මං එනකම් බලන් ඉඳලා එතනම නින්ද ගිහින් තිබුනා ඔයාට.. ඇයි... ගෙදරදි නිදාගත්තෙත් පුටු උඩද?? මං උඹ දිහා බලලා කෑ ගහලා අහද්දි උඹ එක පාරට ගැස්සිලා නැගිට්ටා... න්...නෑ...අයියෙ...මං අයියා එනකල් හිටියෙ... අයියා...කවුද අයියා..එතකොට තමුසෙ මගේ නංගිද?? මං සමච්චලේට වගේ අහද්දි උඹ ආපහු මුකුත් නොකියා කර බා ගත්තා.. දෙයියනේ...මේ මොන වෛරයක් පිරිමහගන්න හදනවද?? එදා උඹ එහෙම හිතන්න ඇති... ඒ විදියට මේ වහල යට උඹ පටන් ගනිපු ජීවිතේ කවදාවත් උඹ හීනෙන්වත් නොහිතපු එකක් වෙන්න ඇති රත්තරනෙ.. කිසිම කම්මැලිකමක් නැතුව උඹ උදේ පාන්දරම ඇහැරිලා ඔෆිස් අරන් යන්න මගේ කෑම එක හදන්නෙ හරි ආසාවෙන්.. මං ඇහැරෙද්දි උඹ ඔක්කොම වැඩ ඉවර කරලා.. මගේ රෙදි අයන් කරලා.. කෑම එකක් හදලා.. තේ එකත් හදාගෙන ඇඳ ළඟට එන්නෙ මං ඇහැරෙන වෙලාව හරියටම දන්නවා වගේ.. ඒත් දවසක් වත් මං උඹට ආදරෙන් කතා කලේ නෑ.. මොකක්ද මේක තේ එකක්ද?? තේ එකක්වත් හදන්න දන්නැද්ද?? වන්දනා...බලනවා...බලනවා මේ ටයි එක ගැලපෙනවද මේ ෂර්ට් එකට අහ්හ්.. මේ....මේ ෂර්ට් එක අයන් කරලද?? මෙහෙමද ෂර්ට් එකක් අයන් කරන්නෙ.. උදේ පාන්දරම එනවා තේ එකකුත් දික් කරගෙන මෙතන... දවසම මූසල කරන්න මගේ...ෂිට්..ට්හ්... මං ශෙවී එක්ක පුලුවන් තරම් ලයිෆ් එක එන්ජෝයි කරන උඹට පුලුවන් තරම් රිද්දුවා.. උඹව එහෙම මහ හුඟක් රිද්දලා මං සතුටු වුන තරම් උඹ දන්නෙවත් නැතුව ඇති.. දවසින් දවස ගෙවිලා යද්දි මං ශෙවීට ආදරේ කරන තරමටත් වඩා උඹ මට ආදරේ කරන්න පටන් අරන් තිබුනා... දවසක් මං ගෙදර එද්දි උඹට හොඳටම උණ අරන්.. අම්මා හදලා දීපු සමහන් කෝප්පෙත් බීලා ඇඳ කොනකට ගුලිවෙලා..උඹ උණ විකාරෙන් කියවනවා... මහත්තයෝ...කියන්...න...මගේ නේද?? දනුෂ ගනේ...ආරච්චි මගේ විතරයි නේද.. කියන්..න... මගේ විතරයි කි...යලා... ශෙවීගෙ නෙමෙයි... ඔයා....ඔයා මගේ... කාටවත් දෙන්න බෑ.. මගේ...මගේ විතරයි... මගේ නේද?? කියන්නකො.. ආ.....පෝ... බෑ අම්මෙ.. දවස් තුනකට නම් එන්න බෑ.. මගේ මහත්තයා තනියම.. නෑ...නෑ...ශෙවීගෙ නෙමෙයි.. එයා ම...ගෙ... මගේ විතරයි.. උඹ ඇස් පියාගෙන උණ විකාරෙන් කියවපු හැම වචනෙකම හිටියෙ මං.. මහා ලොකු ආදරයක් උඹෙ පපූව අස්සෙ මං වෙනුවෙන් හිරකරන් උඹ තනියම දුක් වින්දා.. මට ගානක්වත් තිබුන් නෑ උඹ ගැන.. ජූනි දෙවනිදා අපේ ටෙන්ඩර් එක නූලෙන් මිස් වුනා කියලා බිනාර කෝල් කරලා කිවුවෙ උදේ පාන්දර.. මං ඒ අප්සෙට් එකෙන් ඇඳෙන් නැගිට්ටෙම කෙලින්ම තාත්තිගෙ ඔෆිස් එකට යන්න ඕන කියලා හිතාගෙන.. මුකුත්ම දන් නැති උඹ වෙනදා වගේම තේ එකත් අරගෙන මගේ ඉස්සරහට ආවේ ඔය හීන් ඇස් පියවෙන තරමට හිනාවෙන ගමන්.. හැමදාම කියනවා රෙද්ද.. උදේ පාන්දර දවසම කාලකණ්නි කරන්න එන්න එපා කියලා ඉස්සරහට.. සින්හල තේරෙන් නැද්ද තමුසෙට.. මං කෑ ගහලා උඹට බැන්නෙ හිතේ තිබුන අවුලත් පිට කරගන්න හිතාගෙන.. අ...අනේ ඇයි මහත්තයො.. හැමදේටම රණ්ඩු වෙන්නම හදන්නෙ.. මාත් මනූස්සයෙක්...ඔයා...මො.. උඹ කවදාවත්ම නැතුව උඹේ දුක කියන්න කට ඇරපු පලවෙනි දවස..ඒත් එදා මං උඹට ඊට වඩා වචනයක්වත් කතා කරන්න දුන් නෑ..තාම මතකයි එදා මං උඹේ කම්මුලක් රතුවෙන්න ගහපු පාරට උඹ විසිවෙලා ගියපු හැටි.. උඹේ ඇස් වලින් ධාරාණිපාත වැස්සක් වගේ කදුලූ වැටෙද්දි මං මහා වීරකමක් කලා වගේ දැනුනෙ.. එදා ඉදන් කවදාවත් උඹ උදේ පාන්දර මගේ ඉස්සරහට ආවේ නෑ.. උදේම නැගිටලා වැඩ පල ටික ඉවර කරලා කොහේට හරි පැත්තකට වෙනවා මං වැඩට යනකන්.. ඒ එහෙම කලෙත් උඹ උඹට වඩා මං උඹ මූසලයි කියලා කියපු කතාව විශ්වාස කරපු නිසා වෙන්න ඇති.. මට හොඳක් වෙනවා නම් උඹට මොන දේ වුනත් කමක් නෑ කියලා හැමදාම වගේ උඹ එදත් හිතන්න ඇති මගේ සුදු නොනේ.. මං උඹව සතුටින් තිබ්බෙ නෑ.. මං උඹට දවසක්වත් ආදරෙන් කතා කලේ නෑ රත්තරනෙ.. ඒත් උඹ.... උඹේ ජීවිතෙට එක පාරටම ආපූ මට අහසකට තරම් ආදරේ කලා.. මට මැවිලා පේනවා මං මගේ ආසාවන් ඉෂ්ට කරගන්නකන් විතරක් උඹව මගේ ළඟට ගනිද්දි උඹ හරි ආදරෙන් මට තුරුලු වෙන හැටි.. උඹේ මහත්තයා විදියට මං කලානම් කලේ රෑ ඇඳේදි උඹගෙන් සැනසුන එක විතරයි..ඒත් උඹ කවදාවත් මුකුත් කිව්වෙ නෑ..මගේ අයිතිය මට දුන්නා.. කිසිම ලෝබකමක් නැතුව හරිම ආදරෙන්.. ඇත්තමයි නොකිව්වට උඹ ළඟ මහා ලොකු සෙනෙහසක් උණුසුමක් මට දැනුනා මගේ රත්තරනේ.. ඒක කවදාවත් ශෙවීගෙන් ලැබිලා නෑ මට.. ඒත් මට බැරිවුනා උඹට ආදරේ කරන්න.. දවසක් මං ගෙදර එද්දි උඹ මහා සතුටකින් ඇස් පුරවන් මං එනකල් පාර බලන් ඉන්නවා.. අනේ තවම මතකයි වස්තුවේ සතුටු කදුලු උඹේ ඔය ඇස්වල පිරිලා තිබුනා.. පුංචි හීන් ඇස්වලින් හිනාවෙන ගමන් කවදාවත් නැතිව මගේ ඇඟේ දැවටි දැවටි මගේ පස්සෙන් උඹ එද්දි මං ඔරවලා උඹ දිහා බලලා ඇයි කියලා අහපු හැටි... මොකද මෙහ්???...මොන්ගල්ද??..මගේ පස්සෙන් ඇවිදින්නෙ??අ...හ්හ්... මං සැර කරලා සද්දෙන් අහද්දි.. මතකද සුදුනෝනෙ උඹ ඒත් හිනාවුනා... මොකද හලෝ.. විරිත්තගෙන මගේ පස්සෙන් ඇවිදින්නෙ.. න්...නැ..හ්...මහත්තයට කියන්න දෙය..ක් තියෙනවා.. කියනවා...ඉතින්...මං අහගෙන ඉන්නෙ.. ආ....ඒ..ක එහෙම කියන්න බෑ.. උඹ හුරතල් වෙවී මගේ ඇඟේ එල්ලෙන ගමන් කියද්දි මං උඹව මගෙන් අයින් කිසිම හිතක් පපුවක් නැති ගානට.. එහෙම කියන්න බැරිනම් නිකන් ඉන්නවා.. මල විකාර නැතුව.. අනේ...අහන්නකෝ...මොකක්ද කියලා.. හ්ම්ම්..හ්ම් මොකක්ද කියනවකො ඔය මඟුල..?? මං අම්මියෙක් වෙන්නයි යන්නෙ මහත්තයො..ඔයා තාත්තියෙක්... අහ්හ්...ඇත්තද?? DNA test එකක් කරන්න වෙයි එහෙනම්..කවුද දන්නෙ තාත්තා කවුද කියලා.. කාගේ කුණු ගොඩක්ද දන් නැහ්නෙ.. අනේ මොනවද මහත්තයෝ ඔයා කියවන්නෙ.. පවු සිද්ධ වෙයි ඔයාට.. මං ඔයාගෙ වයිෆ්.. ඔයාගෙ විතරයි.. ඒ තරම් පවු කාර වැඩ කරලා නෑ මං.. මොනවද මේ කියවන්නෙ?? සැකයි නම් ඕන test එකක් කරලා බලමු..වදින්නම් මහත්තයො.. මට කොහොම කලත් කමක් නෑ ඒත් මේ දරුවට එහෙම කරන්න එපා.. උඹ එදා පිස්සුවෙන් වගේ කියව කියව ඇඬුවා.. හරි හරි..දැන් නවත්ත ගන්නවා ඔය අඬවැඩියාව.. මං ළමයව බාරගන්න බෑ කිව්වෙ නෑනේ.. මං මොන ගින්දරක් දුන්නෙත් ඒ හැමදේම උඹ තනියම විඳ ගත්තා.. අපේ පැටියා උඹේ බඩට ආපු දවසේ ඉඳන් උඹ මහා ලොකු සතුටකින් හිටියෙ.. හිතාගන්නත් බැරි තරමට.. උඹ හිතන්න ඇති...අනේ මං තනිවෙලා හිටපු කාලේ ඉවරයි නේද කියලා.. චුටී බන්ඩියට අත තියන් තනියම හීනාවෙවී උඹ කියව කියව දවස ගෙවද්දි මට එහෙම හිතුනා.. ඉදිමිච්ච කකුල් දෙක තිය තියා හෙමි හෙමීට හරි පරිස්සමට උඹ එහෙ මෙහෙ ඇවිද්දේ හරියට රෝස පාට බෝලයක් වගේ.. මූලු ගෙදරම සිරියාවෙන් පිරිලා.. මං ශෙවී එක්ක කාර් එකේ රවුම් ගහද්දි උඹ සෙනඟ පිරිච්චි බස් එකේ තනියම ක්ලිනික් ගියා.. ඒත් උඹ එක දවසක්වත් මං දිහා තරහින් බැලුවෙ නෑ.. ක්ලිනික් යන්න කලින් දවසට උඹ ඇවිත් හරි අහින්සක විදියට මගෙන් සල්ලි ඉල්ලපු හැටි මතක් වෙද්දි දැන් මඟේ පපුව පැලෙන්න වගේ සුදුනෝනා.. මහ..ත්තයා... ඇයි... හෙ..ට 24 වෙනිදා... ඉති..න්.. හෙට ක්ලිනි..ක්.. හ්ම්ම් ගිහින් එනවා ඉතින්.. හා...මහත්තයො....ස..ල්..ලි කීයක් හරි.. ඒ මොකටද?? බස් එකේ යන්..න... හ්ම්ම්..කීයක්ද?? රුපියල් 200ක් ඇති... මහමෝදරට ගිහින් එන්න රුපියල් 100නේ යන්නෙ..200ක් මොකද?? තමුසෙට කොන්දා ඩබල් කරලා ගන්නවාද?? ශෙවී වෙනුවෙන් දවසකට දහස් ගණන් වියදම් කරන මං සමච්චලේට වගේ උඹෙන් අහද්දි උඹ ගල් ගැහුනෙ හරියට මහා ලොකු වරදක් කලා වගේ.. උඹටත් ආස හිතෙන්න ඇති කඩචෝරු මොනවා හරි කන්න.. උඹටත් ආස හිතෙන්න ඇති රට කජු ගොට්ටක් අරගෙන ඇටින් ඇටේ හප හපා රස බලන්න.. උඹේ මහත්තයා උනා කියලා දවසකටවත් මට උඹ කන්න කැමති දෙයක් ගැන අහන්න බැරි වුනා.. ඒත් උඹ දවසකටවත් වෛර කලේ නෑ මට.. මං මහ රෑ ඇවිත් තලපතා වගේ ඇඳට වැටුනම උඹ ඇවිත් හරි පරිස්සමට ශීට් එක පොරවනවා මට.. හැමදාම නිදි වගේ බොරුවට ඉන්න මට හොඳටම දැනෙනවා ඒක.. තාත්ති දොයි පුතේ.. පවු... ඔෆිස් එකේ වැඩ කරලා තාත්තිට මහන්සි ඇති.. තාත්තිට පාලු ඇති නේද ගෙදර ආවම.. ඔයා ඉක්මණට එන්න පුතේ.. ඊට පස්සෙ තාත්තිටත් පාලු නෑ.. අම්මිටත් පාලු නෑ.. මගේ දෝණී තාත්තිවයි අම්මිවයි දෙන්නම බලා ගන්නවා නේද.. ඔයාවත් තාත්තිට කියනවා නේද අම්මි තාත්තිට ගොඩක් ආදරෙයි කියලා.. ඔවු අම්මි ඔයාටත් ආදරෙයි... තාත්තිටත් ආදරෙයි.. ඔයාලා දෙන්නම මගේනෙ.. මට ඉන්නෙ ඔයාලා දෙන්නා විතරයි නෙ.. උඹ ඔය පුංචි බණ්ඩියට අත තියන් හුරතල් වෙවී කියවනවා දවසක් මං අහගෙන.. මහත්තයා...ඩොක්ටර් කිවුවා මහත්තයට එක්කගෙන කියලා.. ඒ මොකටද?? දන්..නැහ්... දවසක් උඹ මගේ ළඟට ඇවිත් කියද්දි ඔය ඇස් වල මහා ලොකු බයක් තිබුනේ.. හ්ම්ම්...කවදද??මං එන්නම්.. කවදාවත් නැතුව මගේ පපුව එදා පිච්චිලා යනවා වගේ දැනුනා.. ඒ උඹ ගැන මට දුක හිතුන පලවෙනි දවස.. කෝම වුනත් උඹත් අම්මා කෙනෙක් නේද කියලා හිතුනා එදා මට.. ඒත් ඊට පස්සෙ මට ඒකත් එහෙමම අමතක වෙලා ගියා.. පවු දෙයියනේ.. තිබුන ගවුම් දෙක මාරුවෙන් මාරුවට ඇඳගෙන උඹ ක්ලින්ක් ගිය හැටි.. පුදුමයි රත්තරනේ... උඹ වගේ කෙල්ලෙක්.. නෑ... තව කොහේවත් නෑ.. දවසක් ඔෆිස් එකේ ඉද්දි දන් නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා මට.. හෙලෝව්... හෙලෝ...ව් මහත්තයා මං... ඒ උඹේ කටහඬ.. අහින්සක උඹේ වෙව්ලන කටහඬ අඳුරගන්න මට මහ ගොඩක් වෙලා ගියේ නෑ.. ඕ...වන්දනා...ඇයි..?? මහ..ත්තයා...දෝණි අද ටිකක් දඟලනවා.. ඒ හින්ද මං අම්මා එක්ක හොස්පිටල් ආවා.. මාව ලේබර් රූම් ගන්නවා කියලා මිස් කෙනෙක් කිව්වා තව ටිකකින්.. මේ අක්ක කෙනෙක්ගෙන් ෆෝන් එක ඉල්ල ගත්තෙ.. ඔයා එනව නේද?? දෝණිවයි මාවයි අරං යන්න.. උඹ බයවෙලා හිටියේ.. උඹ ගොත ගගහ කියපු හැම වචනයකම මහා ලොකු බයක් තිබුනා.. මහත්තයා ළඟම ඉන්න ඕන වෙලාවේ උඹ මගෙන් ආදරේ හෙව්වෙ හිඟන්නියක් වගේ.. හා....හරි....මං එනවා.... බය වෙන්න එපා... රිලැක්ස් වෙන්න වන්දනා... මගේ පිරිමි හිත මොකක්දෝ හේතුවක් නිසා ආදරෙන් පිරිලා ගිහින් වගේ දැනුනා මට ඒ වෙලාවෙ.. අනේ උඹ මගේ නෝනා නේද කියලා හිතුනා මට ඒ වෙලාවේ.. මං කලබලේට ඔෆිස් එකෙන් එලියට බැහැලා පුලුවන් තරම් ඉක්මණට මහ මෝදර හොස්පිට්ල් එකට ආවේ උඹව දකින කල් ඉස්පාසුවක් නැතුව.. පැය 4කට පස්සෙ මං හොස්පිට්ල් එකට ඇවිත් කෙලින්ම ආවේ හතරේ කාමරේට.. පුටුවකට බරවෙලා මං බිම බලාගෙන ඉවසිල්ලක් නැතුව බලන් ඉද්දි මිස් කෙනෙක් ඇවිත් මට තට්ටු කරපු පාරට මං ගැස්සිලා බැලුවෙ මාත් උඹ තරමට බය වෙලා හිටපු නිසා.. මිස්ටර් දනුෂ ගනේආරච්චි.. ඔ....ඔවු මිස්...අයිම් ද...දනූෂ... කන්ගරැජුලේෂන්ස් මිස්ටර්...ඔයාට සුරංගනාවියක් ලැබුනා... ඒක ඇහුනට පස්සේ සත්තයි රත්තරනේ මං මහ හුඟක් සතුටු වුනා... ජීවිතේ මට ලැබුන වටිනම දේ එදා ලැබුනේ.. ඔව්...මිසී කිවුවා හරි... මගේ දෝණි රෝස පාට පුංචි රෝස මලක් වගේ... රෝස පාට උඹම මහපු පුංචි ඇදුමකුත් ඇඳන් සැපට නිදි... අනේ මගේ පපුව මගේ දෝණි වෙනුවෙන් ආදරෙන් පිරිලා ගියේ තප්පරේට දෙකට වගේ... ඒත් කෝ උඹ... මට මේ තරම් වටින වස්තුවක් ගෙනත් දීපු උඹ.. බැරිම තැන මං ළඟ හිටපු නර්ස් කෙනෙක් ළඟට ගියා උඹව හොයාගෙන.. මිස්...මගේ වයිෆ්?? මං එහෙම අහද්දිම ඒ මිසීගෙ මූණ වෙනස් වෙලා ගියේ හරියට මට අනුකම්පා කරන්න වගේ.. සොරි මිස්ටර්...අපිට ඔයාගෙ වයිෆ්ව බේරගන්න බැරිවුනා.. අපි අපිට පුලුවන් උපරිම උත්සාහ කලා..මේක මිස්ටර් දනූෂට දුන්නා.. මට ඇහුනේ ඒ වචන ටික විතරයි.. පපුව පුපුරන්න වගේ දැනුනෙ මට.. අනේ බෑ රත්තරනේ... උඹට එහෙම කරන්න බෑ මට.. මට ඒ තරම් ලොකු දඩුවමක් දෙන්න බෑ.. මං පිස්සුවෙන් වගේ වාට්ටුව පුරා දුව දුව උඹව හෙව්වෙ නර්ස් කියපු දේ මට විශ්වාස කරන්න බැරි වුන නිසා.. පොඩි වෙලා ගියපු කොල කෑල්ලක උඹේ මුතු කැට අකුරෙන් ලියලා තිබුන ලියුම කියවද්දී තවමත් මගේ ඇස් කඳුළු වලින් පිරෙනවා වස්තුවෙ.. මට බයයි මහත්තයා.. ක්ලිනික් යන හැම දවසකම ඩොක්ටර් මං දිහා බලන්නෙ අනුකම්පාවෙන් වගේ.. ඔයාව එක්ක එන්න කිවුවෙත් නිකන් නෙමෙයි කියලා බය හිතෙනවා මට.. අපේ දෝණිට කරදරයක් නැතුව ඇති නේද මහත්තයා.. මං ඩොක්ටර්ට කලින්ම කියනවා මට මොනවා වුනත් කමක් නෑ ඔයාගෙ දෝණිව බේරලා දෙන්න කියලා.. මං ආපහු ඒවිද නැද්ද දන් නෑ.. ඒකයි මෙහෙම ලිව්වේ.. මට මොනව හරි වුනොත් දෝණිව ඇහැක් වගේ බලාගන්න.. ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම.. වන්දනා .. ඒ උඹේ වචන මට දැන් පාඩම් වෙලා.. උඹේ පුංචි දෝණිත් හරියට උඹ වගේමයි රත්තරනෙ.. උඹේ සුවඳ දෝණි ළඟ පිරිලා.. මට ශෙවී එපා.. එයා මගේ ජීවිතේ එක ආදරයක් විතරයි.. ඒත් උඹ... නොදැනුවත්වම උඹ මගේ ආත්මේ වෙලා .. මගේ වස්තුවේ... එකම එක පාරක් මේ හිතක් පපුවක් තිබුන් නැති මනුස්සයට සමාව දියන්.. දැන් ඇති රිද්දුවා... එක පාරක් මට සමාවෙයන්.. දන්නවද උඹ...?? දෝණිට අදට මාස හතයි... තව ටික දවසකින් එයත් අහයි මගෙන්.. කෝ මගේ අම්මි කියලා.. මං මොනවද කියන්නෙ.. මං උඹව මරාගත්තා කියලා කොහොමද මං එයාට කියන්නෙ.. මට බෑ... මට බෑ පවුකාරයෙක් වෙන්න.. අනේ රත්තරනේ අපි ළඟට වරෙන්.. මං පන වගේ බලා ගන්නම් උඹව.. එකම එක පාරක් මට සමාව දියන්.. මං ආදරෙයි උඹට.. වචන කරන්න බැරි තරම්... නිමි... ආදරේ හරි පුදුමයි... සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ.. මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති.. ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි.. ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා.. (උපුටා ගැනීම)...... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 14 Sep 2018 05:43 AM Quote Reply ලස්සන කතාවක් ගෙනල්ලා තියෙන්නේ සමන්ත අයියා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 14 Sep 2018 09:03 AM Quote Reply මට නම් ඇත්තටම කඳුලුත් ආව, අපෝ මෙයා වගේ කොල්ලෙක් නම් හතුරෙකුට වත් ලැබෙන්න එපා 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Sep 2018 09:40 AM Quote Reply අනේ පව් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2018 09:54 AM Quote Reply එක හුස්මට කියවගෙන ගියා.. හදවත නතර වගේ වුනා දැනුනා.. මේ යකා ඒ කෙල්ලට කොතරම් දුකක් දීලද.. ඒත් එයාටත් ජීවිත කාලයම ඒක විදවන්න වේවි.... 0 maduranga001Most Senior MemberPosts:14118 14 Sep 2018 10:41 AM Quote Reply ආදරේ හරි පුදුමයි... සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ.. මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති.. ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි.. ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා..මෙහෙම අය ඕන තරම් මේ ලෝකේ ඉන්නව. අපි අහල දැකල තියෙනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2018 11:33 AM Quote Reply මේක ගොඩක් හිතට වැදුනු නිසා ආයෙත් වතාවක් කියවූවා... ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ තමන් සතුව තියෙන දේවල්වල අගය දැනෙන්නේ නෑ... 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2018 03:35 PM Quote Reply මම කොහෙන්ද කියෙව්වෙ කියල මතක නෑ. මෙවැනි මිනිසුන් ඇති. නමුත් රචකයා ගොඩක් හිතට දැනෙන්න ලියල තියෙනවා. මැවිල පෙනෙන තරමට 0 samanthaMost Senior MemberPosts:13190 15 Sep 2018 05:33 AM Quote Reply ආදරේ හරි පුදුමයි... සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ.. මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති.. ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි.. ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 kingDVeteran MemberPosts:3309 25 Sep 2018 11:43 AM Quote Reply මේක ලිව්වෙ කව්ද බොලව්... හරිම සංවේදී ..ඇස් දෙකත් රතු උනා ස්තූතියි සමන්ත අයියේ මේක දැම්මට Business, you know, may bring money, But friendship hardly ever does. 0 samanthaMost Senior MemberPosts:13190 12 Oct 2018 06:35 AM Quote Reply #ගුරුවරිය .... ගුරුවරියක් දිනක් රාත්‍රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා. ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් #ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා. සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය එකවරම හඩන්නට උනා. "ඇයි ඔයා අඩන්නෙ" පුදුමයෙන් ඇය දෙස බැලූ ඇගේ සැමියා විමසුවා. කදුලු අතරින් ඇය මෙසේ කීවා. " ඊයෙ මගෙ පංතියෙ ළමයින්ට මම පැවරුමක් දුන්න" "මගේ බලාපොරොත්තුව " "කියන මාතෘකාව යටතේ කෙටි රචනාවක් ලියන්න." "හොදයි,ඇයි ඒත් ඔයා දැන් අඩන්නෙ" #දුරකතනයෙන් නෙත් ඉවතට නොගෙනම ඇගේ සැමියා නැවතත් විමසුවා . "අවසාන උත්තර පත්‍රය මාව ඇඩෙව්ව" "ඒ ඇයි" ඇගේ සැමියා පුදුමයෙන් ඇසුවා. "ඔයාටත් ඇහෙන්න මම කියවන්නම්, ඉන්න" ඇය කදුලු පිසදමමින් පැවසුවා. "මගේ දෙමාපියන් ඔවුන්ගේ ජංගම දුරකතන වලට බොහෝසෙයින් ආදරය කරති. ඔවුන්ගේ ජංගම දුරකතන හොදින් රැකබලාගනිති. ඒ පිලිබඳව කෙතරම් අවධානය යොමු කරනවාදැයි කියතොත් සමහර අවස්තාවලදී ඔවුන්ට මා පිලිබඳව අවධානය යොමුකිරීමටද අමතක වෙයි. මගේ පියා රැකියාව නිමවී මහන්සියෙන් ගෙදර පැමිනි විට ඔහුට සිය ජංගම දුරකතනය වෙනුවෙන් කාලය ඇති නමුත් මා වෙනුවෙන් කාලය නොමැත. මගේ දෙමාපියන් කිසියම් වැඩක නිරත වී සිටින විටදී වුවත් ඔවුන්ගේ ජංගමදුරකතන නාද වුවහොත් ඉක්මනින්ම එය අතට ගෙන පිළිතුරු දෙයි. නමුත් මා කිසිවක් විමසූ විට ඔවුන් බොහෝ කාර්‍යබහුල වෙති. මා හඩන විටදී ද ඔවුන් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරති. මගෙන් ඇයිදැයි විමසීමට ඔවුන්ට අමතක වෙති. ඔවුන් ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතාකරන විට හෝ ක්‍රීඩාකරන විට උවද, මා ඉතා වැදගත් දෙයක් පැවසූවත් කිසිදා මට ඇහුම්කන් නොදෙති. ඉතින් මගේ #බලාපොරොත්තුව ජංගම දුරකතනයක් වීමයි." එය කියවා අවසන් කල ගුරුවරිය ඇගේ සැමියා දෙස බලනවිට ඔහු කදුලු පිසිමින් සිටියා. "කවුද ඒ රචනාව ලියල තියෙන්නෙ" බිදුනු හඩකින් ඔහු ඇයගෙන් ඇසුවා. මොහොතක් නිහඩව සිටි ඇය මෙසේ පැවසුවා. "#අපේ පුතා" ........................................................................ #මොහොතක්_සිතන්න. මෙය ඔබගේ කතාව විය හැකිය. කිසිදිනක ඔබගේ පවුල හෝ සම්බන්දතා දුරකතනය වෙනුවෙන් කැප නොකරන්න. ස්මාර්ට් ජංගම දුරකතන නිපදවා ඇත්තේ අපගේ වැඩකටයුතු පහසු කිරීමටයි. එයට ඔබව පාලනය කිරීමට, ඇබ්බැහි වීමට හෝ ඔබව සමාජ සම්බන්දතා වලින් ඈත් කිරීමට ඉඩ නොදෙන්න. ඔබගේ දරුවා මෙම රචනාව ලිවීමට දින ගනිනවා විය හැකිය. එසේනම් ඔබ තවමත් ප්‍රමාද නැත. මොහොතකට ඔබේ දුරකතනය පසෙකින් තබන්න. ඔබේ දරුවා,බිරිද සහ දෙමාපියන් වෙත අවධානය යොමු කරන්න. උත්සහ කරන්න ඔබේ දෙමාපියන් ඔබ වෙත ලබාදුන් #ළමාකාලය ඔබේ දරුවාටත් තිලිණ කිරීමට. හොද උදාහරණයක නිර්මාණ කරුවෙකු වන්න ඔවුන් වෙනුවෙන් . මන්ද, ඔබ කරන්නේ කුමක්ද ඔවුන් එය අනුගමනය කරන නිසා. ඔබ වෙනුවෙන් ජීවත්වන්නවුන් වෙනුවෙන් ආදරය කරුණාව ලබාදුන්විට ඔවුන් එය ඔබට නැවත ලබාදෙනු ඇත. නමුත්, ඔබගේ ජංගම #දුරකතනය කිසිදා ඔබට ආදරය ,කරුණාව සහ සෙනෙහස ලබානොදෙනු ඇත... උපුටා ගන්නා ලදී.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2018 07:50 AM Quote Reply මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 12 Oct 2018 09:01 AM Quote Reply Posted By chamaramind on 12 Oct 2018 07:50 AM මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි... එය නිවැරදි කළා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2018 09:53 AM Quote Reply පුතා තාත්තා ගේ ජංගම දුරකථනය ගැන ලියල තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2018 09:54 AM Quote Reply Posted By maduranga001 on 12 Oct 2018 09:01 AM Posted By chamaramind on 12 Oct 2018 07:50 AM මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි... එය නිවැරදි කළා. ස්තුතියි අයියේ.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 12 Oct 2018 06:55 PM Quote Reply අයියෝ අදත් හෙටත් හැම තැනකම මේ වගේ සිද්දි වෙයි....... පවුල් වල ආදරය සෙනෙහස , සමගිය බිඳී ගිහින් .... ස්තුතියි සමන්ත අය්ය 0 Add Reply Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit