Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 May 2019 05:31 AM by chamaramind සමෝසා වෙළෙන්දා 79 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 4 << < 1234 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 12 Oct 2018 10:02 PM Quote Reply ඉතා වැදගත් පාඩමක්.. 0 santhaaBasic MemberPosts:249 12 Oct 2018 11:49 PM Quote Reply Posted By samantha on 12 Oct 2018 06:35 AM #ගුරුවරිය .... ගුරුවරියක් දිනක් රාත්‍රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා. ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් #ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා. සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය එකවරම හඩන්නට උනා. "ඇයි ඔයා අඩන්නෙ" පුදුමයෙන් ඇය දෙස බැලූ ඇගේ සැමියා විමසුවා. කදුලු අතරින් ඇය මෙසේ කීවා. " ඊයෙ මගෙ පංතියෙ ළමයින්ට මම පැවරුමක් දුන්න" "මගේ බලාපොරොත්තුව " "කියන මාතෘකාව යටතේ කෙටි රචනාවක් ලියන්න." "හොදයි,ඇයි ඒත් ඔයා දැන් අඩන්නෙ" #දුරකතනයෙන් නෙත් ඉවතට නොගෙනම ඇගේ සැමියා නැවතත් විමසුවා . "අවසාන උත්තර පත්‍රය මාව ඇඩෙව්ව" "ඒ ඇයි" ඇගේ සැමියා පුදුමයෙන් ඇසුවා. "ඔයාටත් ඇහෙන්න මම කියවන්නම්, ඉන්න" ඇය කදුලු පිසදමමින් පැවසුවා. "මගේ දෙමාපියන් ඔවුන්ගේ ජංගම දුරකතන වලට බොහෝසෙයින් ආදරය කරති. ඔවුන්ගේ ජංගම දුරකතන හොදින් රැකබලාගනිති. ඒ පිලිබඳව කෙතරම් අවධානය යොමු කරනවාදැයි කියතොත් සමහර අවස්තාවලදී ඔවුන්ට මා පිලිබඳව අවධානය යොමුකිරීමටද අමතක වෙයි. මගේ පියා රැකියාව නිමවී මහන්සියෙන් ගෙදර පැමිනි විට ඔහුට සිය ජංගම දුරකතනය වෙනුවෙන් කාලය ඇති නමුත් මා වෙනුවෙන් කාලය නොමැත. මගේ දෙමාපියන් කිසියම් වැඩක නිරත වී සිටින විටදී වුවත් ඔවුන්ගේ ජංගමදුරකතන නාද වුවහොත් ඉක්මනින්ම එය අතට ගෙන පිළිතුරු දෙයි. නමුත් මා කිසිවක් විමසූ විට ඔවුන් බොහෝ කාර්‍යබහුල වෙති. මා හඩන විටදී ද ඔවුන් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරති. මගෙන් ඇයිදැයි විමසීමට ඔවුන්ට අමතක වෙති. ඔවුන් ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතාකරන විට හෝ ක්‍රීඩාකරන විට උවද, මා ඉතා වැදගත් දෙයක් පැවසූවත් කිසිදා මට ඇහුම්කන් නොදෙති. ඉතින් මගේ #බලාපොරොත්තුව ජංගම දුරකතනයක් වීමයි." එය කියවා අවසන් කල ගුරුවරිය ඇගේ සැමියා දෙස බලනවිට ඔහු කදුලු පිසිමින් සිටියා. "කවුද ඒ රචනාව ලියල තියෙන්නෙ" බිදුනු හඩකින් ඔහු ඇයගෙන් ඇසුවා. මොහොතක් නිහඩව සිටි ඇය මෙසේ පැවසුවා. "#අපේ පුතා" ........................................................................ #මොහොතක්_සිතන්න. මෙය ඔබගේ කතාව විය හැකිය. කිසිදිනක ඔබගේ පවුල හෝ සම්බන්දතා දුරකතනය වෙනුවෙන් කැප නොකරන්න. ස්මාර්ට් ජංගම දුරකතන නිපදවා ඇත්තේ අපගේ වැඩකටයුතු පහසු කිරීමටයි. එයට ඔබව පාලනය කිරීමට, ඇබ්බැහි වීමට හෝ ඔබව සමාජ සම්බන්දතා වලින් ඈත් කිරීමට ඉඩ නොදෙන්න. ඔබගේ දරුවා මෙම රචනාව ලිවීමට දින ගනිනවා විය හැකිය. එසේනම් ඔබ තවමත් ප්‍රමාද නැත. මොහොතකට ඔබේ දුරකතනය පසෙකින් තබන්න. ඔබේ දරුවා,බිරිද සහ දෙමාපියන් වෙත අවධානය යොමු කරන්න. උත්සහ කරන්න ඔබේ දෙමාපියන් ඔබ වෙත ලබාදුන් #ළමාකාලය ඔබේ දරුවාටත් තිලිණ කිරීමට. හොද උදාහරණයක නිර්මාණ කරුවෙකු වන්න ඔවුන් වෙනුවෙන් . මන්ද, ඔබ කරන්නේ කුමක්ද ඔවුන් එය අනුගමනය කරන නිසා. ඔබ වෙනුවෙන් ජීවත්වන්නවුන් වෙනුවෙන් ආදරය කරුණාව ලබාදුන්විට ඔවුන් එය ඔබට නැවත ලබාදෙනු ඇත. නමුත්, ඔබගේ ජංගම #දුරකතනය කිසිදා ඔබට ආදරය ,කරුණාව සහ සෙනෙහස ලබානොදෙනු ඇත... උපුටා ගන්නා ලදී.. හරිම වටිනා කතාවක් අපි හැමෝටම 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2018 01:39 PM Quote Reply බලාගෙන ගියාම අපිත් එහෙමද කියල හිතෙනවා හොද පාඩමක්. 0 samanthaMost Senior MemberPosts:13190 15 Oct 2018 07:23 AM Quote Reply අපි කොළඹත් දැක්කා මුහුදත් දැක්කා රස කෑමත් කෑවා නිතර අසා පුරුදු සුන්දර ගීතයක තාලයක් ගෝල්ෆේස් හෝටලයේ ඇතුළත ශාලාවක වාදනය වෙයි. එතැනට රැස්ව සිටි දූ පුතුන් සමූහයක් ඒ මනරම් ගී තනු වාදනය අසා සිටියේ සමවැදුණාක් මෙනි. ආදරය අහිමි ව ගිය ඒ අහිංසක සිත්වලට එක්දිනක හෝ සෙනෙහස පුදන්නනට සැරසෙන මොහොතකි ඒ. කොළඹ නගරයට අනෝරා වැසි වැටෙමින් පැවැති ඒ මොහොතේ වැස්ස පවා මදක් තුරල් කරමින් සහනයක් දුන්නේ මේ කරන්නට යන සද්කාර්යට ආශිර්වාදයක් වෙමිනි. රාත්‍රියේ කොළොම් තොට පුරා දැල්වෙන දස දහස් ගණනක් වන විදුලි බුබුළු මෙන්ම ගෝල්ෆේස් පිටිය හරහා ඇදී එන මුහුදු සුළඟ ද ගතට එක් කළේ සුවයකි. දහසකුත් එකක් හැලහැප්පිලිවලට මුහුණ දී විඩාවෙන් සිටි ඒ පුංචි ජීවිතවලට කොළඹ ආ මේ ගමන අලුත්ම අත්දැකීමක් වූවා නිසැකය. ජීවිතයට නැවුම් අත්දැකීමක් එක් කරන්නට විය. එතැන සිටි දරුවන්ගෙන් බොහෝ දෙනකුට මව්පිය සෙනෙහස අහිමිය. ඉටු කර ගන්නට මහා බලාපොරොත්තු ගොන්නක්ද ඔවුනට නැත. එහෙත් එදා දිනයේ ඔවුන් කොළඹය පැමිණියේ හදවත්හි සතුට පුරවා ගෙනය. එතැන සිටි දරුවන් අතරින් බොහොමයක් ජීවිතයේ පළමු වරට කොළඹට පය ගැසූ දිනය වූයේ එදිනය. “අපි ඉස්සෙල්ලාම කොළඹ ආවේ අදයි. කොළඹ දැක්කෙත් අදයි. කොළඹ ගොඩාක් රස කෑම ජාති තියෙනවා. කවදාවත් කාපු නැති රසම රස කෑම ජාති ගොඩාක් මේ මාමලා නැන්දලා දුන්නා . ටිකක් නොවෙයි ගොඩාක්ම සතුටුයි” එසේ පැවසුවේ චලනිය. “අපි ප්ලේන් එකේත් ගියා. ගොඩාක් සතුටුයි” උඩින් යනවා දැක මිස කිසිදා ගුවන් යානාවක් අහලකටවත් ගොස් නැති ඔවුන්ට ගුවන් යානයක් යනු අරුම පුදුම දෙයකි. ඉමේෂ්ට කතා කිරීමට නොහැකි වුවත් ඔහු තම සිතේ ඇති දේ හස්ත සංඥාවෙන් අපට පවසන්නේය. චලනි හා ඉමේෂ් වැනි මේ පුංචි පැටවු රොත්ත පසුගියදා සිළුමිණ අපට හමුවූයේ ළමා දිනය සංකේතවත් කරමින් ජීවිතයේ මුල්වරට ඔවුන් කොළඹට කැටුව පැමිණි ගමනේදීය. ඒ කොළඹ දැකගන්නට පමණක් නොව ඔවුන්ගේ ජීවිතයේ පොතපතින් පමණක් දුටු වරාය, මුහුද හා ගුවන්තොටුපළ සියැසින් දැකගත් අවස්ථාවේය.මේ දරුවන්ට ඒ දුර්ලභ අවස්ථාව හිමිකර දුන්නේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ මාමලා නැන්දලා ය. එදා පැමිණි ගමනට වීදි දරුවන් සඳහා අපේ රටේ පිහිටි එකම පාසල වන නුවර මද්දුම බණ්ඩාර විදුහලේ හා කොළඹ රත්මලානේ අඳ ගොළු බිහිරි පාසලේ දරුවෝ සහභාගි වූහ. මේ දරුවන්ට තම තමන් ගැන කීමට ඇති කතා බොහොමයකි. ඔවුන් පෙළන ප්‍රශ්න ඒ පුංචි සිත්වලට දරා ගැනීමට අපහසුතරම්ය. එක් කෙනෙකු දෙන්නෙකු පමණක් නොව මේ හැම දරුවෙකුම පාහේ සිටින්නේ මව් පිය සෙනෙහසින් බොහෝ දුරස්ව ය. ආදරය ලැබිය යුතු වයසේ පසුවන මේ පැටවුන්ට ආදරය කියා දෙන්නේ මේ පාසල්වල ගුරුවරුන් පමණි. එවන් වූ දරුවන් පිරිසකට ලෝකය ගැන නොව අපේම රටේ වගතුග කියා දෙන්නට ගෝල්ෆේස් හෝටලය, ඊබට් සිල්වා සමූහ ව්‍යාපාරය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සිය ළමා දින සමාජ සත්කාරක වැඩ සටහන යටතේ මේ දරුවන් දැක නැති කොළඹ පෙන්වීමට කටයුතු යොදා තිබිණි. “අපි මීට පෙර කවදාවත් කොළඹ ඇවිත් නැහැ. මුහුද දැකලා තිබුණේත් නැහැ. අපි අහසේ යන ප්ලේන් දැක්කත් මුහුදේ යන නැව් කවදාවත් දැකලා තිබුණේ නැහැ. අද අපි මුහුද බලන්න ගියා. රැල්ල පෑගුවා. මුහුද ගොඩාක් ලොකුයි. මුලින් නම් මුහුදට බහින්න ගොඩාක් බය හිතුණා. අපි කොළඹට ආවේ කෝච්චියෙන්. ඒ එනකොට ගඟවල් ගොඩාක් දැක්කා. අපිට මෙහේ නැන්දලා මාමලා ඇපල් දුන්නා, ලස්සන පාට පාට කේක් දුන්නා. කවදාවත් කාලා නැති රස කැම ජාති දුන්නා. ඒ වගේම තෑගි ත් දුන්නා” මහනුවර මද්දුම බණ්ඩාර විදුහලේ සිසුවියක වන ගීත්මා පවසන්නීය. මහනුවර මද්දුම බණ්ඩාර විදුහල නගර මධ්‍යයේ පිහිටි කුඩා පාසලක් වුවද අනෙකුත් පාසල්වලට වඩා වෙනස්ය. මෙහි අකුරු කරන්නේද දැයේ දරුවන් වුවත් මේ දරුවන් බහුතරයක්ම විෂම සමාජයේ අසාධාරණයට ලක්වූ දරුවන්ය. එම පාසලේ දරුවෝ පනහකට වැඩි ගණනක් ඉගෙනුම ලබති. ඔවුන් රැක බලා ගන්නා මව පාසලේ විදුහල්පතිතුමියයි. “මේ පාසල නුවර නගර මධ්‍යයේ පිහිටියත් මේ පාසලට එන්නේ නගරයේ වීථි දරුවන්, වගේම යන්න තැනක් නැතිව අසරණ වූ දරුවන්. මේ දරුවෝ හැදෙන්නේ අපේ ජයවික්‍රම ළමා නිවාසයේ. සාමාන්‍ය දෙමවුපියන්ගේ දරුවන් මේ පාසලට එන්නේ නැහැ. ආවොත් එන්නේ කිසිම පාසලකට යන්න බැරි වුණු කිහිප දෙනෙක් පමණයි. මේ ගොඩාක් දරුවන්ට දෙමවුපියන් නැහැ. පාසලේ අපි තමයි කවලා පොවලා නාවලා කරලා අම්මා තාත්තා වගේ මේ දරුවන්ව ආදරයෙන් බලා ගන්නේ. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලන්න කිසිම කෙනෙක් පාසලට එන්නෙ නැහැ. මේ පාසලේ දරුවෝ 56 ක් හිටියට 11 වසර දක්වා පංති තියෙනවා. ඒත් මේ දරුවෝ හරිම අසරණයි. ඒ අය ආදරය රැකවරණය ලබන්න ආසයි. අපේම මහන්සියෙන් තමයි මේ දරුවන් ඉදිරියට ගෙනි යන්නේ. මේ වගේ ගමනක් මේ වගේ කැම බීම මේ දරුවන්ට හීනයක් වගේ. කිසිම කෙනෙකුට මේ පාසල ගැන ඇහැ ඇරෙන්නැති මොහොතක මේ වගේ ගමනක් සංවිධානය කළ මේ ආයතනයවලට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර විදුහල්පතිනී ඊ.පී.පී ඒකනායක මහත්මිය පවසන්නී ය. මේ දරුවන්ගේ හැසිරීම් ඔවුන්ගේ අසරණකම පෙන්වන කැඩපතකි. චාරිකාවේදි ලැබුණු ටී ෂර්ටයෙන් සැරසුණු මේ දරු පිරිස කොළඹ වටේ කරක් ගැසුවේ ඊබට් සිල්වා ආයතනයෙන් ලබා දුන් කලම්බු සිටි නම් ඩබල්ඩෙකර් බස් රථයෙනි. ඒ ගමන ඔවුන් සතුටින් පුරවාලීය. වරාය අධිකාරියේ සංවිධානයෙන් මෙසේ කොළඹ පැමිණි මේ දරුවන්ට වරාය දැක බලා ගන්නට සැලැස්වුවා පමණක් නොව වරායට පැමිණි සුඛෝපභෝගී නැවකටද ඇතුළු විමේ අවස්ථාව ලැබිම ඔවුන්ගේ ජීවිතයට නැවුම් අත්දැකීමක් එක් කළේ ය. වරාය නැරඹීමෙන් අනතුරුව මේ දරුවන් වෙනුවෙන් ගෝල්ෆේස් ආයතනය සිය හෝටලයේ විදේශිකයන් වෙනුවෙන්ම සැකසුණු දිවා භෝජන සංග්‍රහයක් ද භුක්ති විඳීමට අවස්ථාව සලසා තිබුණි. තරුපහේ හෝටලයකට යෑම සිහිනයක් වු මේ දරුවන්ට ජීවිතයේ කිසි දිනක භුක්ති නොවිඳි ආකාරයේ ප්‍රණීත ආහාර පානයෙන් සප්පායම් වීමට අවස්ථාව ලැබිණි “අපි වරායට ගියා. නැව් ගොඩාක් දැක්කා. ලොකු නැවකටත් නැග්ගා. අපි අද රයිස් කෑවා. ඒ රයිස් එකට බෙදාගන්න ගොඩාක් කෑම ජාති තිබුණා. මං කවදාවත් ඒ වගේ කෑම දැකලා තිබුණේ නැහැ. මොනවද බෙදා ගන්නේ කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ නිසා තියෙන හැම දේම බෙදා ගත්තා. මීට කලින් අපි මෙහෙම ගමනක් ගිහින් තිබුණේ නැහැ”යැයි රත්මලාන අඳ ගොළුබිහිරි පාසලින් පැමිණි ගිම්සර එසේ පැවැසූයේ හස්ත මුද්‍රාවෙනි. දරුවන් පවසන දේ අපට පැහැදිලි කර දුන්නේ ඔවුන් සමඟ පැමිණි ගුරුවරුය. මේ දෙමව්පියෝ සිය දරුවන් ආරක්ෂාව සඳහා පාසලට බාර දී ඇත. එතැන් මේ දරුවන්ගේ ලෝකය වන්නේ මේ පාසලයි. පොතපතේ දැනුමට දරුවන්ගේ හිත් එක්තැන් කර ගැනීමට මේ ගුරුවරුන් විඳින්නේ අපමණ වෙහෙසකි. ජීවිතයේ කිසිදු අරමුණක් නැති දරුවන්ට දැන් සිතන්නට යමක් ඇත්තේය. “ මාත් කවදා හරි ඒ වගේ ලොකු ගුවන් යානාවක් පදවනවා.” ආකර්ෂා එසේ පවසද්දී “ මාත් කවදා හරි ඒවගේ ලොකු නැවකින් පිටරට යනවා” තරගයටමෙන් අසේල පවසන්නේ ය. දැන් මේ දරුවන්ට සිතන්නට අරමුණත් ඇත්තේය. ගොඩ නඟන්නට ලොවක් ඇත්තේය. ඒ ළමා දිනය වෙනුවෙන් හිත් පිත් ඇත්තන්ගෙන් මේ පුංචි පැටවුන් ලද දේ නිසාය. “මේ ගමන දරුවන්ගේ ජිවිතවලට අලුත් අපේක්ෂාවක් එක් කළා. ඔවුන්ගේ ජීවිත හෙට සිට ලොකු වෙනසක් වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. කෙතරම් ප්‍රශ්න තිබුණත් මෙවැනි ගමනක් එන්න තරම් දරුවන් පින් කර තිබෙනවා. ඒත් හෙට ඉඳන් නැවතත් මේ දරුවෝ ළමා නිවාසයේ. සමහර දරුවන් කවදාවත් කෝච්චියේ ගිහින් නැහැ. අද මේ අය කෝච්චියේ ඇවිත් ලොකු සතුටක් ලැබුවා. දරුවන් මෙතරම් සතුටු වූ දවසක් මං මින් පෙර දැක නැහැ. ඔවුන්ට මෙවැනි අවස්ථාවක් ලබා දුන් ගෝල්ෆේස් ආයතනය මෙන්ම ඊබට් සිල්වා ආයතනයට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර පාසලේ ගුරුවරියක වන රසිකා කරම්පිටිය මහත්මිය පැවසුවාය. පරිත්‍යාගවලින් පවත්වා ගෙන යන මේ පාසලට අඩුපාඩු බොහෝය. පාසලට කාලයක පටන් දැඩි අඩුපාඩුවක්ම පවතින බුදු මැදුරක් සාදා දීමට දැන් ගෝල්ෆේස් ආයතනය සූදානමින් සිටී. “ ගෝල්ෆේස් ආයතනය ළමා දිනය වෙනුවෙන් මේ ආකාරයේ වැඩ සටහනක් සංවිධානය කළේ සිවුවැනි වතාවටයි. මේ දරුවන්ගේ සතුට දුටු අපේ දෑස්වලට කඳුළු ඉණුවා. ඔවුන්ගේ පාසලට ගිය අපි එහි ඇති අඩුපාඩු දැක හැකිතරමින් ඒවා සපුරාලන්න උත්සහ කරනවා. අප සාදවා දෙන බුදුමැදුර එම ජීවිතවලට වෙනසක් ගෙනේවි යැයි අප විශ්වාස කරනවා. මෙහි සම්පූර්ණ ගෞරවය හිමි වෙන්නේ ගෝල්ෆේස් සමූහ ව්‍යාපාරයේ සභාපති සංජීව ගාඩ්නර් මහතාට. ඒ වගේම මේ කාර්යයේදි සහාය දැක්වූ හැමෝටම ස්තූතියි” ගෝල්ෆේස් හෝටලයේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සමරසිංහ මහතා පවසයි. ඊබට් සිල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා රාජිනී සිල්වා මහත්මිය ද අදහස් පළ කළාය. “ අද දරුවන්ට විතරක් නෙවේ අපටත් විශේෂිත දවසක්. දරුවන්ට කවදාවත් මෙවැනි අවස්ථාවක් ලැබිලා නැහැ කියා ඔවුන් අපට කිව්වා. ඉදිරියටත් මෙවැනි කාර්ය කිරීම අපේ බලාපොරොත්තුවයි” ආදරය ලැබීමට හැමෝම කැමැති වුවත් ආදරය අහිමි බොහෝ දෙනා තවමත් මේ මිහිපිට වාසය කරති. සමහරක් ජීවිතයේ කිසිදා ආදරයක් නොලබාම මියයති. ඒ දෛවය තීරණය කරන හැටිය. එහෙත් පිපෙන්නට වෙර දරන මල් පිපෙන්නටනම් ආදරය ඇවැසිය. ලෝකය සුවඳ වත් වන්නේ මේ පිපුණු සුවඳැති මල්වලිනි. ඒ පිපුණු මල් තවත් බබළවන්නට ඔබටත් හැකිනම් ඔවුන්ගේ ජීවිත සැමදා සුන්දර වනු ඇත. සුභාෂිණි ජයරත්න සිළුමිණ සිත්මල් යාය ජායාරූප - විමල් කරුණාතිලක සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 15 Oct 2018 07:29 AM Quote Reply රටේ මධ්‍යම පෙදෙසේ වෙසෙන සමහර ජනතාව ගොඩක් සිටිනවා තවම මුහුද දැකලා නැති.. මම මාතලේ ගිය අවස්ථාවක අවුරුදු 70 විතර ආච්චි කෙනෙක් පැවසූවේ කවදාවත් සැබෑවට මුහුද දැකලා නෑ කියලා... 0 samanthaMost Senior MemberPosts:13190 31 Oct 2018 05:26 AM Quote Reply එදා මන් අම්මා එක්ක බෙහෙත් ගන්න ගියෙ.. පුන්චි හීසේ කැක්කුමකට.. ඒත් ඩොක්ටර් මගෙ අසනීප අහලා.. මොන මොනාදෝ ලියලා.. අම්මා අතට දුන්නා.. "පුතේ පරීක්ෂණ වගයක් කරන්නලු.." අම්මා කියුවෙ හූල්ලලා.. "එච්චර කොහෙන්ද හාමිනේ..". "එහෙමයි කියලා නිකන් ඉන්න පුළුවන්ද..?" "හරි මන් හෙට මුදලාලිව හම්බ වෙන්නම්.." අම්මගෙයි අප්පච්චිගෙයි කුටු කුටුව හෙමිට ඇහුනා.. "ඇයි අම්මා.." පරීක්ෂණ වල රිපෝට් අහපු දවසෙ අම්මගෙ මූණ දැකලා මන් ඇහුවා.. "මුකුත් නෑ රත්තරනෙ..".. අම්මා කියුවෙ හිස අත ගාලා.. ඒත් මොකක්දෝ වෙනසක් දැනුනා.. "අක්කා.." හැමදාම ඇවිත් රණ්ඩු කරන මල්ලි. ලගට ඇවිත් කතා කලේ ඇස් වල කදුලු පුරවන්.. "මොකෝ මැට්ටො.." "මුකුත් නෑ.. ආ ඔයාට.. "බූන්දි ... අප්පච්චි ගෙනාවෙ.. "මට එපා ඔයා කන්න.." "පෙරේතයා මොකෝ අද.." "මට එපා සුදු.." ඒකා මට සුදු කියුව පළවෙනි පාරද මන්දා.. "මැණිකෙ බෙහෙත් ටික බොමු.." "අනේ.. අසනීපයක් නැත්නම් ඇයි බෙහෙත්.." "ඔය තියන පොඩි පොඩි අසනීප අඩු වෙන්න මැණිකෙ.." අම්මා හැට්ට කොණෙන් ඇස් මාත්තු කලා.. "අම්මා.. ඒ බෙහෙත් බිව්වම ඇගට අමාරුයි.." "දන්නවා වස්තුවේ.. ඒත් නොබී බෑනෙ.." "සුදූ.." ඒ මල්ලි.. "හෙට ගියාම ආයෙ එන්නෙ කවද්ද..?" "හෙට කොහෙද යන්නෙ..?" "මැණිකෙ දොස්තර මහත්තයා කියුවා ඉස්පිරිතාලෙ නවතින්න කියලා.." "ඇයි..?" "පොඩි බේත් වගයක් විදින්න.." මල්ලි , අප්පච්චි හැමෝම කදුලු පුරවන්.. මන් ඉස්පිරිතාලෙ ගියෙ කැමැත්තෙන්නම් නෙමේ... "අනේ මිස් රිදෙනවා..". "ලොකු කටුවක් නොදා බෑනෙ දරුවො. ඔයාට ගොඩක් බෙහෙත් විදින්න ඕනි.." මිසී කියුවෙ මන් දිහා අනුකම්පාවෙන් බලලා.. "තාම අවුරුදු දහාඅටයිලු..පව්..". එහා ඇදේ කවුද කතා උනේ මන් ගැන.. මට මොකක් හරි ලොකු අසනීපයක්නම්.තියේ..මන් ඒක දන්නවා.. දවසට බෝතල් ගනන් විදින බෙහෙත් වලට ඇග වෙව්ලනවා..වමනෙට එනවා.. කන්න බෑ.. අප්පිරියයි.. හම වේලිලා.. ඒ අස්සෙ මාව ගෙනියනවා කරන්ට් එක අල්ලන්න . මට පිළිකාවක්ලු.. මන් ඒක අහා ගත්තෙ මිසි කෙනෙක්ගෙන්.. එයා ඒක කියුවෙත් එව් ඇස් වල කදුලු හන්ගන්... දිගට තිබ්බ කොණ්ඩෙ කඩලා මන් පීරන්න ගත්තා.. "අම්මා" මන් කෑ ගැහුවෙ බය වෙලා.. කොණ්ඩෙ අහුරු පිටින් පනාවෙ.. "අම්මෙ මේ.." "බෙහෙත් විදලා ඉවර උනාම හරියනවලු රත්තරනෙ.." අම්මා කියුවෙ ඇස් හන්ගගෙන.. මන් ටික දවසකට ගෙදර ආවා.. "මල්ලි..කෝ මේ අල්මාරියේ කණ්නාඩිය.." "මන් ඒක ගලවලා මගෙ කාමරෙට ගෙනවා.." ඒ මල්ලි.. "මන් ඒ කාමරෙට ගියා.." "මල්ලී...අම්මා...අප්පච්චි ..." මන් කෑ ගැහුවා.. ඔව්.. මන් කෑ ගැහුවා.. මන් බය උනා.. මගෙම රූපෙට.. තට්ටෙ පෑදුන හිස.. ගිලා බැහැපු ඇස්.. රැලි ගැහුන හම.. කෝ කෝ අර හිටපු ලස්සන කෙල්ල.. "අනේ .. මට මැරෙන්න ඕනි..අම්මා.. මල්ලි මට මැරෙන්න ඕනි.. මට බයයි.." මන් කෑ ගහලා ඇඩුවා.. "අක්කා.." මල්ලි මාව බදා ගත්තා.. "මොනාද අක්කා කියන්නෙ.. ඔයා විතරනෙ මට ඉන්නෙ..ඔයා මැරුනම මන් තනි වෙනවනෙ..". මගෙ දගයා මාව බදන් අඩනවා.. "අනේ මැණිකෙ මොනාද මේ කියවන්නෙ.." කවදාවත් අඩපු නැති අප්පච්චි මාව බදා ගත්තා.. "රත්තරනෙ.. අනේ.. අපි මේ හැම දේම කරන්නෙ ඔයාව සනීප කරන්නනෙ.." අපි හතර දෙනාම බදාගෙන ගොඩක් ඇඩුවා..මහා ගොඩක්..ඇයි දෙවියො මෙහෙම් කලෙ... මන් ඇහුවා.. "සිරිදාස ගේ සින්න වෙන්න ලගයි." මුදලාලි කියව්ව ඇහුනා.. "මගෙ බෙහෙත් වලට ගොඩක් වියදම්ලු...අම්මලා අප්පච්චිලා රට වටේ ණට වෙලා.." මගෙ යාළුවො මාව බලන්න එනවලු.. මන් මොකද කරන්නෙ .. මේම "ඒත් මන් නිසා අනිත් අය අඩන්න බෑ.." එයාලා ඇවිත් ගියා.. එයාලා දුකින් .. මන් එයාලට පේන්න හයියෙන් හිනා උනා.. මන් ඒම හින වෙන්න ඉගන ගත්තෙ මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් ගත්ත දවසෙ ඉදන්.. එහෙ මන් වගේ දහස් ගානක් ඉන්නවා.. මේම ඉන්නෙ මන් විතරක් නෙමේ.. "ඔව්..මට ජීවත් වෙන්න පොඩ්ඩ දවසයි ඇත්තෙ.. කමක් නෑ.." ඒ ටික දවසෙ මගෙ අම්මා තාත්තා මල්ලි සතුටින් ඉන්න් ඕනි.. මන් මූණ සෝදා ගත්තා.. මගෙ මල් වැටින ලස්සන ගවුමක් ඇන්දා.. පවුඩර් ටිකක් මූණට දැම්මා මන් ගේ ඉස්සරහට වෙලා වාඩි වෙලා හිටියා.. "මැණිකෙට සනීප පාටයි.." අම්මා කියුවෙ හිනා වෙලා..මන් කාලෙකට පස්සෙ ඒ හිනාව් දැක්කා... "අක්කා.. බෙහෙත් බිව්වද..?" "ම්ම්ම් බිව්වා.." "හැමදාම ඔහොම හිනා වෙයන් සුදූ.." මල්ලි කියුවෙ ඔලුව අත ගාලා.. ඔව්.. . මන් මරණය පෙනි පෙනි හිනා වෙනවා..අපි කවදා හිටියත් මැරෙනවනෙ..ඉතින්..ඒ ටික කාලෙට ඇයි දුකින්.. මන් හිනා වෙනවා.. මගෙ අය වෙනුවෙන් හිනා වෙනවා.. දෙවියො මට වැඩි පුර ආදරේ ඇති..ඒකයි මාව ඉක්මනින් එයා ලගට ගන්න හදනෙ.. කමක් නෑ.. ඒ වෙනකන් මන් සතුටින් ඉන්නෙ.. දුකයි තමයි... ඒත් ලෙඩක් කියන්නෙ අපිට වලක්වන්න බෑ.. ඒ ලෙඩේ ගැනලා දුල් වෙනවට වඩා එක දවසක් සතුටින් ඉමු.. ඒමත් නැත්නම්.. එහෙම අයව එක දවසක් හරි සතුටින් තියමු.. හැම දවසක්ම එයාලගෙ ජීවිතේ ලස්සනම දවස කරමු.. ඔයා ලෑස්තිද.. මන් නම්.ලෑස්ති .. සත්‍ය කථාවක් ඇසුරින් නිර්මාණය කරන ලදි අහින්සා පැහැසරණි 2018.10.29 සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2018 05:44 AM Quote Reply අනේ දුක හිතෙන කථාවක්..හරිම ලස්සනයි පිළිකාව සුව කරන්න පුළුවන් නම් කොච්චර හොදද.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 31 Oct 2018 05:56 AM Quote Reply පිළිකා රෝහල අසල ජීවත් වෙන නිසා මට මේ වගේ අත්දැකීම් රාශියක් දැක ගන්න ලැබෙනවා.. මීට අමතරව ඉතා ලස්සණ හුරු බුහුටි කුඩා දරුවන් පවා මේ අවස්ථාවට මුහුණ දෙනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Oct 2018 06:47 AM Quote Reply හුම්ම්ම් ...දුකේ බැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 UdariSuper Senior MemberPosts:5555 01 Nov 2018 09:20 PM Quote Reply අනේ.....මෙච්චරම දුකක් සඟවගෙන හිනාවෙන එක කොච්චර අපහසු දෙයක්ද......... 0 maduranga001Most Senior MemberPosts:14118 03 Nov 2018 11:15 PM Quote Reply මේ වගේ අත්දැකීමක් මගේ හිතවතුන් කිහිප දෙනෙකුගේම ළමයින්ට ඇති වුනා. හරිම කණගාටුදායකයි මේ තත්ත්වය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 04 Nov 2018 05:49 AM Quote Reply තාත්තා ගැන ලියපු එකම රචනාව. මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි. මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ. ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ... අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ. මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා. ඇයි මං ආස නෑ පුතේ... මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා. හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 04 Nov 2018 07:10 AM Quote Reply Posted By samantha on 04 Nov 2018 05:49 AM තාත්තා ගැන ලියපු එකම රචනාව. මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. මේ වගේ අය ඉන්නවා සමහර අය..ඒ අයත් එක්ක ආශ්‍රය කරොත් ඉතිං කැම්මැලිකම,කොහේවත් යන්නේ හිතෙන්නේ නෑ...එපා වෙනවා දියුණු වෙන්නම අදහසකුත් නෑ..ඒක අත් දැකීමෙන් කියන්න පුලුවන් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 04 Nov 2018 08:13 AM Quote Reply මම මේ දැන් ගෙදර ආවේ පිලිකා රෝහලට උදෑසන දානය දෙන්න ගිහින්.. අද මම හිටියේ ලමා වාට්ටු වල.. අනේ අපොයි.. එහෙම දුකක්.. එක්තරා අම්මා කෙනෙක් පැවසුවේ ත්‍රිකුණාමලයේ සිට පැමිණි ඇය දැනට වසර 15 ඇය දරුවා සමඟ මෙතන ඉන්නවා කියලා. තව එක අම්මා කෙනෙක් පැවසුවේ මොකටද මහත්තයෝ මගේ දරුවට සෙල්ලම් බඩු. එයාට සෙල්ලම් කරන්න බැහැ.. එයාට ජීවිතය තියෙන්නේ තව ටික දවසයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 UdariSuper Senior MemberPosts:5555 05 Nov 2018 01:05 AM Quote Reply Posted By samantha on 04 Nov 2018 05:49 AM තාත්තා ගැන ලියපු එකම රචනාව. මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි. මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ. ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ... අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ. මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා. ඇයි මං ආස නෑ පුතේ... මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා. හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය. තාත්තලා ගැන ගුණ කියවෙනව මදි වගේ තමා.... 0 sha733Super Senior MemberPosts:7332 05 Nov 2018 05:39 PM Quote Reply Posted By samantha on 04 Nov 2018 05:49 AM තාත්තා ගැන ලියපු එකම රචනාව. මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි. මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ. ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ... අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ. මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා. ඇයි මං ආස නෑ පුතේ... මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා. හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය. ඇස්වලට කදුලු එනවා කියවද්දි තාත්තෙක් වෙන්න ඕනෙ මේ දේට සංවේදී වෙන්න හුගක් තාත්තල මේ තරම්ම නොවුනත් බොහෝ දුරට මේ හා සමානයි 0 samanthaMost Senior MemberPosts:13190 09 Nov 2018 06:21 AM Quote Reply දිනක් මනෝ වෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා. ඇගේ මාතෘකාව උනේ යහපත් පවුල් ජීවිතයක් ගතකරන අන්දමයි. විවිධාකාර උදාහරණ භාවිත කරමින් ඇය කාන්තාවන්ට පැහැදිලිකිරීම් කලා. විවාහ වී කල්ගතවන විට බැදීම් පලුදුවන ආකාරය ඇය පැහැදිලි කලා. දරුවන්ගේ වගකීම් සමග සැමියා පිලිබඳව සැලකිල්ල හීනවන ආකාරය ඇය පැහැදිලි කලා. තම රූපය පිලිබඳව කාන්තාවන්ගේ අවධානය විවාහ වී කල්ගතවත්ම අඩුවන ආකාරය ඇය පැහැදිලි කලා. සැමියා පිලිබඳව ආදරයෙන් සොයාබලන ආකාරය ඇය පැහැදිලි කලා. නිදියහනේ දී සැමියාගේ උනන්දුව වැඩිකර ආකර්ෂණය ලබාගන්නා ආකාරය ඇය පැහැදිලි කලා. මේ අයුරින් බොහෝ කරුනු ඇය පැහැදිලි කලා. පසුව දේශනයට සහභාගී වූ කාන්තාවන් වෙත ඇය පැනයක් ඉදිරිපත් කලා. "දැන් මට කියන්න, ඔබ අවසාන වතාවට ඔබේ සැමියට ආදරෙයි කියල කීවෙ කවද්ද?" විවිධාකාර පිලිතුරු ඇය වෙත ලැබුනා. මේ එයින් කිහිපයක්. 1."අද උදේ දේශනයට එන්න කලින්" 2."ඊයෙ රෑ නිදාගන්න ලෑස්තිවෙලා" 3."ඊයෙ උදේ එයා වැඩට යන්න හදද්දි" 4."එයාගෙ උපන්දිනේට විශ් කරපු වෙලේ" 5."එයා මාව අන්තිමටම ඩිනර් එකකට එක්ක ගිය දවසෙ රෑ" 6."එයා මගෙ උපන්දිනේට මාලයක් අරන් දුන්නු වෙලේ" 7."ගිය අවුරුද්දෙ" 8."මතක නැහැ" මේ පිළිතුරු සියල්ල මනෝවෛද්‍යවරිය සාවදානව අසා සිටියා. ඉන්පසුව ඇය නැවතත් දේශනය ආරම්භ කලා "දැන් ඔබම මොහොතක් සිතන්න, ඔබ ගැන ඔබටම සතුටුවිය හැකිද? මට හැගෙන ආකාරයට ඔබ සියලුදෙනාගේම පවුල් ජීවිත තියෙන්නෙ ඉතාමත් අවධානම් සහගත තත්වයක." "මීට වඩා ඔබ ඔබගේ පවුල් ජීවිතය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි. එකිනෙකාට සමීප විය යුතුයි. සොයාබැලිය යුතුයි." කාන්තාවන් සියලුම දෙනාගේ අවධානය ඇය වෙත යොමුව තිබුනා. මනෝවෛද්‍යවරිය දිගටම කතාකලා. "අද සිට ඔබ නැවතත් මුල සිට පටන් ගත යුතුයි. මම කියලදෙන්නම් ඔබ ඒක කරන්න ඕනෙ කොහොමද කියල." කාන්තාවන් සියලුදෙනාම ඉතා උනන්දුවෙන් ඇය දෙස බලා සිටියා. "දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු. ගන්න ඔබගේ ජංගම දුරකතනය ඔබේ අතට. අරගෙන මම මේ කියන දෙය කෙටි පනිවිඩයක් ලෙස ඔබේ සැමියාට යවන්න." "මම ඔයාට ගොඩක් ආදරෙයි බබා, ඉක්මනට එන්න අද, මට පාලුයි" කාන්තාවන් සියලුමදෙනා මනෝවෛද්‍යවරිය කියූ ආකාරයට කෙටි පනිවිඩ සැමියන් වෙත යොමුකලා. ඉන්පසුව ඇය මෙසේ පැවසූවා. දැන් අපි මොහොතක් ඉවසල බලමු ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද කියල. "ට්‍රීන් ට්‍රීන්" "ක්වෑක් ක්වෑක්" "ටිං ටොං ටිං" පිළිතුරු කෙටි පණිවිඩ ඔවුන් වෙත ලැබුනා. කාන්තාවන් කිහිපදෙනෙකුට ලැබුනු කෙටි පිලිතුරු මෙසේයි. 1."තමුසෙට පිස්සු හැදීගෙන එනවද ඕයි මේ මහ දවල්" 2."හා හා බටර් ගාන්න ඕනෙ නෑ, රෑට උයල තියනව එනකොට, හැමදාම හෝටල් ගානෙ රිංගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ" 3."ඇයි අදත් තමුසෙලගෙ අම්ම සල්ලි ඉල්ලුවද? පූරුවෙ පවකට තමුසෙටම කරගැහුවනෙ අම්මප" 4."ගිය සතියෙ නේද සැලුන් ගියෙ, මේ හදිස්සියෙ ආයෙ මොකටද සැලුන් යන්න හදන්නෙ" 5."උඹ ආයෙත් කාර් එක හප්ප ගත්තද ගෑනියෙ, මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන එකකුත් නෑ" 6."ඇයි ඊයෙ අහද්දි ඔයා මෙන්සස් කීව නේද?" 7."මොකාටද මේක යැව්වෙ කියල දැම්මම කියපං, හොදින් අහන්නෙ, අද ගෙදර ඇවිත් තෝවත් මරාගෙන මමත් මැරෙනව. මාව යකා නොකර කියපං තෝ මේක යැව්වෙ අර කඩේ එකාට නේද" අටවැනි පිළිතුර මේ සියල්ල අභිබවා ගොස් තිබුනි. 8."මොකාද යකෝ මේ, මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව" දේශනය එතනින් සමාප්ත විය. ................................................................. සියල්ල අවසානයේ ඔබේ පවුල් ජීවිතය ඇත්තේ මින් කොතනද යන්න සිතන්නට අමතක කරන්න එපා. විවාහය අමු අඹයක් වැනිය. කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි... උපුටාගැනීමකි... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Nov 2018 06:54 AM Quote Reply කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි.. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Nov 2018 08:01 AM Quote Reply ස්තුතියි අයියේ මේ කතාවට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 09 Nov 2018 03:42 PM Quote Reply 8."මොකාද යකෝ මේ, මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව" මේක තමා මරු රිප්ලයි එක 0 Add Reply Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit