Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Feb 2018 06:49 AM by Jaani දරුවන්ට සීමාවල් පැනවිය යුතුද? 25 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 212 > >> Author Messages JaaniBasic MemberPosts:285 25 Jan 2018 10:39 AM Quote Reply දරුවන් යනු බුද්ධියෙන් දැනුමෙන් මුහුකුරා ගිය පිරිසක් නොවෙති.එම නිසා ඔවුන් පහසුවෙන්ම වැරදි කිරීමට පෙළඹිය හැක. දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් කරන කියන දෑ ගැන සීමාවන් පැනවිය යුතුය. විශේෂයෙන් රූපවාහිනිය,අන්තර්ජාලය පරිහරණය කිරීමේදී යම්කිසි කාල වේලාවක් නියම කළ හැක. මිතුරකුගේ / මිතුරියකගේ නිවසකට ගියවිට එහි රැදෙන්නට හෝ නිවසට පැමිණිය යුතු කාල වේලාවක් නියම කළ හැක (නිදසුන් පමණක් බව සලකන්න) යහපත් ගති ගුණ සාරධර්ම විනය පිරිහෙමින් පවතින යුගයක දරුවන්ට යම් යම් දේ සඳහා සීමා මායිම් පැනවීම කළ යුතුවේ. විනයක් නැති තැනක නිසි අධ්‍යාපනයක්ද නැත.යහ පැවැත්මකට විනය අවශ්‍යමය. 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2018 10:51 PM Quote Reply ඒක ඇත්ත නංගි. දරුවන් හොඳින් හදා ගන්න නම් දෙමව්පියන් ඊට වඩා ආදර්ශමත් විය යුතුය කියලත් මම කැමතියි. දරුවන් වැඩිපුරම ආදර්ශයට ගන්නේ අම්මා තාත්තා සහ ගුරුවරුන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 isurusamSuper Senior MemberPosts:7342 26 Jan 2018 12:18 AM Quote Reply Posted By Jaani on 25 Jan 2018 10:39 AM දරුවන් යනු බුද්ධියෙන් දැනුමෙන් මුහුකුරා ගිය පිරිසක් නොවෙති.එම නිසා ඔවුන් පහසුවෙන්ම වැරදි කිරීමට පෙළඹිය හැක. දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් කරන කියන දෑ ගැන සීමාවන් පැනවිය යුතුය. විශේෂයෙන් රූපවාහිනිය,අන්තර්ජාලය පරිහරණය කිරීමේදී යම්කිසි කාල වේලාවක් නියම කළ හැක. මිතුරකුගේ / මිතුරියකගේ නිවසකට ගියවිට එහි රැදෙන්නට හෝ නිවසට පැමිණිය යුතු කාල වේලාවක් නියම කළ හැක (නිදසුන් පමණක් බව සලකන්න) යහපත් ගති ගුණ සාරධර්ම විනය පිරිහෙමින් පවතින යුගයක දරුවන්ට යම් යම් දේ සඳහා සීමා මායිම් පැනවීම කළ යුතුවේ. විනයක් නැති තැනක නිසි අධ්‍යාපනයක්ද නැත.යහ පැවැත්මකට විනය අවශ්‍යමය. සහතික ඇත්ත මේ කථාව . 1 ImalkaVeteran MemberPosts:4533 26 Jan 2018 12:22 AM Quote Reply බොහෝ වටිනා අදහසක්.....කතා කල යුතු මාතෘකාවක්. ස්තුතියි ඔබට මේ පටන් ගැනුමට 1 JaaniBasic MemberPosts:285 26 Jan 2018 12:44 AM Quote Reply මධුරංග,ඉසුරු,ඉමල්ක... ඇගැයීම ලොකු දිරියක් මට නැවතත් පන්හිඳ අතට ගන්නට.ස්තූතියි බොහොමත්ම .👍 0 kingDVeteran MemberPosts:3309 26 Jan 2018 12:53 AM Quote Reply අනිවාර්යෙන් සීමා පැනවිය යුතුයි... ජංගම දුරකථන ලබා නොදිය යුතුයි Business, you know, may bring money, But friendship hardly ever does. 1 Ind007kaMost Senior MemberPosts:12931 26 Jan 2018 01:28 AM Quote Reply අනිවා හිතට දැනෙන මාතෘකාවක් ...එදා මට දැනුනෙ ඔබව හතුරෙක් වගෙයි තාතෙ ...අද මට දැනෙනෙගෙ ඔබව දෙවියෙකු වාගෙයි තාත්තෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 JaaniBasic MemberPosts:285 26 Jan 2018 01:36 AM Quote Reply KingD,Indoo 👍👍👍 බොහොමත්ම ස්තූතියි! 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 06:25 AM Quote Reply දරුවන්ට නිසි පරිදි ඉගැන්විය යුතුයි. නිසි පරිදි ආගමික වතාවක යොදවන්න ඕන සෙල්ලම් කරන්න දෙන්න ඕන නම් හැකිතාක් හොද මිත්‍රයන්ව ළං කරගන්න. දරුවන්ට ඉගෙනගන්න අවස්ථා වලදී ෆෝන්,පරිගණක,අන්තර්ජාලය,රූපවාහිනි ඈත් කර තබන්න.. නිසි පරිදි ව්‍යායාම කරන්න ඉඩ දෙන්න ඕන... පුළුවන් තරම් පාසලේ ක්‍රීඩා වලට යොමු කරන්න දෙමාපියන් නම් දරුවන් ඉදිරියේදී මත්පැන්,සිගරට් ආදී බොන්න යන්න එපා.බොන්නත් එපා පුළුවන් තරම් පැය දෙකකවත් ප්‍රශ්න පත්‍රයක් ගෙදරදීම කරන්න දෙන්න. මේ කරුණු ටික දෙමාපියන්ට මතක තබා ගතයුතුයි... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 JaaniBasic MemberPosts:285 26 Jan 2018 06:32 AM Quote Reply චාමර හොඳ කරුණු ටිකක් එකතු කරලා තියෙනවා.ඒක හොඳම මයින්ඩ් එකක්නෙ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Jan 2018 06:48 AM Quote Reply දෙමාපියන් නම් දරුවන් ඉදිරියේදී මත්පැන්,සිගරට් ආදී බොන්න යන්න එපා.බොන්නත් එපා මේක කොහෙත්ම නොබීම ඉන්න පුළුවන් නම් තමයි වටින්නෙ. හැමෝටම හැම අතින්ම හොඳයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 RosiSuper Senior MemberPosts:5335 26 Jan 2018 06:57 AM Quote Reply ඔව් අනිවාර්යෙන්ම ,ඇයි අපි එහෙම කරන්නේ කියලත් එයාලට හොදින් පහදා දෙන්න ඕනේ , දරුවෝ දැනුම් තේරුම් එනකම් එක අපේ යුතුකම කියලා මන් හිතන්නේ . 1 JaaniBasic MemberPosts:285 26 Jan 2018 09:37 AM Quote Reply ඔව් රෝසී , පුංචි හිත් එක්ක පරිස්සමට ගනුදෙනු කරන්න ඕන 0 indika76Most Senior MemberPosts:10449 26 Jan 2018 08:27 PM Quote Reply සීමවන් පනවලත් බෑ.. පනවන්නෙ නැතුවක් බෑ.. කොහොමටත් දෙමාපියන් කරන කියන දේවල් තමයි දරුවන් ආදර්ශයට ගන්නේ.. 1 samanthaMost Senior MemberPosts:13190 26 Jan 2018 10:10 PM Quote Reply අද බොහෝ දරුවන් ජංගම දුරකථනයට සහ පරිඝණක ක්‍රීඩා වලට යොමු වෙලා තමතමන්ගේ අධ්‍යාපන කටයුතු වලට බධාවක් කරගෙන තියෙනවා. වැඩිහිටියන් වශයෙන් මේ ගැන සොයා බැලීම දෙමපියන්ගේ වගකීමක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 1 sha733Super Senior MemberPosts:7332 27 Jan 2018 12:26 AM Quote Reply දැන් කාලෙ ඉන්න දරැවන් ඉස්සර කාලේ හිටිය දරැවෝ වගේ නෙවෙයි වගේ හැගීමක් දැනෙනවා 1 ImalkaVeteran MemberPosts:4533 31 Jan 2018 10:07 PM Quote Reply මේ මාතෘකාව නොනවත්වා ඉදිරියට ගෙන යා යුතුයි. මගේ දැක්ම අනුව සීමාවන් තිබිය යුතුය එසේ නොමැති වුවහොත් සීමාවල් හඳුනා නොගෙන ගොස් අසීමිත පශ්න මැද ඔවුන් අසරණ වීමය ...සීමාව ඉක්මවා කටයුතු කිරීමට දරුවන් උනන්දු වන්නේ අවබෝධය අඩු කම, දුදනන්ගේ වැරදි මගපෙන්වීම් හෝ හිතාමතා සීමා කැඩීම යන කාරනා මතය . . සීමාවක් පැනවෙනවා හෝ පනවා ඇතැයි ඔවුනට නොහැඟෙන ආකාරයට ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය වනවානම් කිසිම තැනක සීමාවල් වැටකොටු තමන්ට අභියෝගයක් නොවන්නේය . විශේෂයෙන්ම මිනිසෙකුගේ සංවර්ධනයේ පළමු කොටස සිදුවෙන්නේ මේ ලොව සුරක්ෂිත ස්තානය එනම් මවු කුස තුල සිටියදීමය එය එසේ නම් දරුවෙකුගේ යහ මග යැවීමේ පළමු ගුරුවරයා අම්මා ය. එය මවට තනිවම කල නොහැකි අවස්ථා ද ඇත ය...තාත්තගේ රැකවරණය සහ හැදියාව අත්‍යවශ්‍යය. එසේ නම් දරුවාගේ යහ මගේ පළමු උපදේශක මණ්ඩලය දෙමවුපියන් ය. ඒ නිසා ඔවුන් සීමාවල් හඳුනාගෙන කටයුතු කළහොත් දරුවන්ට සීමාවල් හඳුනා කටයුතු කිරීම් අපහසු වනු ඇත. දෙන්න ඔබේ අදහස් 1 indika76Most Senior MemberPosts:10449 01 Feb 2018 01:35 AM Quote Reply අපි දරුවන්ට සිමාවන් පැනවූවොත් ඔවුන් එම දේවල් හොරෙන් කිරීමට ඇති හැකියාවේ ප්‍රවනතාවයක් ඇති වෙනවා නේද? 1 hasithadSuper Senior MemberPosts:5795 02 Feb 2018 07:14 AM Quote Reply මම නම් කියන්නේ නිසි කලට නිසි දේවල් ලබා දීම තමයි හොදම දේ. ඒ වගේම දැන් එන කෙරෙන දේවල් ගැන ඒ අයට තේරුම් කරදීම ගොඩක් වැදගත්. හැමෝම කරන දේවල් අපට කරන්න බැරි බව .... 1 JaaniBasic MemberPosts:285 02 Feb 2018 10:20 PM Quote Reply සීමාවල් ලිහිල් කළ යුතු අවස්ථාවෙදි ඒවා ලිහිල් කළයුතුයි. වෙන කෙනෙක් අපිව පාලනය කරනවට අපි කැමති නැහැ වගේ,දරුවොත් කැමති වෙන්නෙ නැහැ ඒකට.ඒ නිසා අනවශ්‍ය විදියට පාලනය කරන්න ගියාාම දරුවො හිතුවක්කාර වෙන්න පුළුවන්. නිදහසේ හිතලා තමන් කැමති දේ කරන්න අවස්ථාව ලැබුණම දරුවන්ගෙ නිර්මාණශීලි බව වැඩි වෙනවා.ස්වාධීන චින්තනය වර්ධනය වෙනවා. දරුවන් කෙරෙහි ඕනාවට වඩා අවධානය ආදරය යොමු කරාමත් ඒක දරුවන්ට වදයක් වෙනවා. මේ බව දෙමව්පියන් වටහා ගත යුතු වෙනවා. ඒ නිසා,සීමාවන් පැනවිය යුතුයි.නමුත් දරුවන් ගැන හොඳ අවබෝධයකින්.හොඳ කියැවීමකින්. 0 Add Reply Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit