Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by kingD ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 2812345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 07:29 PM Quote Reply හිටිවන කවි මඩුව ඇරඹේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Tags: කවි මඩුව 1 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 08:17 PM Quote Reply නැමැද දෙපා සරසවි හිමි වරන් අරන් නැහැ අඩු පාඩු කවි මඩුවට ඕන් ලයින් සතර දෙසින් කවි කිවිදියො පැමිණි බැවින් මේ ඇරයුමයි සැම වෙත ඔබ එස් එල් ස්ටන් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 09:10 PM Quote Reply දෙනු මැන ඔබේ අගනා පදවැල් සප්ලයි කරලා ඔබේ ඔය හැකියාවන් ඇප්ලයි අඩවිය අපේ වෙබ් ඉන් වැඩිවී ඔප්ලයි හරිනුය මුදා පමණක් මෙහි කවි රිප්ලයි [ඔප්ලයි - ඔප් + ලයි = ඔපය වැටෙනවා] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 10:18 PM Quote Reply මා මෙහි ඉන්නෙ වාගෙයි හොදටම තනිවී ඇයි හැම දෙනා සේ අඳ හොළු බිහිරන් වී නැද්ද සිතෙන්නේ දෙන්නට ඔබේ කවී ඉන්නට වේද එනතුරු "සඳු" අද රෑ වී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 FIDEBasic MemberPosts:238 21 Feb 2015 10:54 PM Quote Reply අපේ උනුත් ගියා බඩඑලිය වගේ ඒ මදිවට ඇෆ්ගන් උන්ගේ සද්දේ මම නම් හොදටම බයවී උන්නේ දින්නම තමයි හුස්ම ටික ගත්තේ 0 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 11:03 PM Quote Reply ෆයිඩ් සහෝ ඔබ කියනා ක්‍රිකට් කතා කීවේ මා දෙසතියකටත් පෙරය පුතා වැඩ නොකෙරුවොත් මින් පසුවත් නොකර සිතා එන්නට වේය පිති පන්දුත් සමග ඔතා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 11:22 PM Quote Reply කලබල මේ අස්සේ දැන් නොවැ දැක ගත්තේ හිටිවන කවිය සඳහා වෙන්කර ඇත්තේ මැච් එක නිසා ලේ ගැලුමක් පුච්චා ගත්තේ තිසරයා නිසා කලිසම යලි ඇඳ ගත්තේ 0 FIDEBasic MemberPosts:238 21 Feb 2015 11:24 PM Quote Reply Posted By maduranga001 on 21 Feb 2015 11:03 PM ෆයිඩ් සහෝ ඔබ කියනා ක්‍රිකට් කතා කීවේ මා දෙසතියකටත් පෙරය පුතා වැඩ නොකෙරුවොත් මින් පසුවත් නොකර සිතා එන්නට වේය පිති පන්දුත් සමග ඔතා කොච්චර හොද උනත් වයසක උන් පුතෝ මෙහෙම ගියොත් සැමදා අප පරදිනවා පුතෝ මේ කණ්ඩායම් තෝරන අපෙ වේ .. . පුතෝ එපා වෙනවා නැරබුමත් කුසලානේ මට පුතෝ 0 ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 11:49 PM Quote Reply Posted By FIDE on 21 Feb 2015 11:24 PM Posted By maduranga001 on 21 Feb 2015 11:03 PM ෆයිඩ් සහෝ ඔබ කියනා ක්‍රිකට් කතා කීවේ මා දෙසතියකටත් පෙරය පුතා වැඩ නොකෙරුවොත් මින් පසුවත් නොකර සිතා එන්නට වේය පිති පන්දුත් සමග ඔතා කොච්චර හොද උනත් වයසක උන් පුතෝ මෙහෙම ගියොත් සැමදා අප පරදිනවා පුතෝ මේ කණ්ඩායම් තෝරන අපෙ වේ .. . පුතෝ එපා වෙනවා නැරබුමත් කුසලානේ මට පුතෝ මැච් එක ඉවර උනා අවසානෙදි සිතු ලෙසා අඳුර පහව හිරු ආලෝකය වැටුණු නිසා වලා රොදින් වැසී තිබුණු සතර දිසා බැට් කෙරුවේ අමාරුවෙන් දෝලනය නිසා 0 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 11:51 PM Quote Reply කියූ විටදී මෙලෙසින් වී අවංක නොවූ මැනවි තරහා වත් කලංක විසූ බැවින් ගෙදරට වී තිවංක අසූ හතයි නේ අද නුඹ හට ඉමල්ක [කලංකය - ඉතා කුඩා මිනුම් ඒකකයක් තිවංක - තුන් තැනකින් වක වූ/තුන් තැනකින් නැමුණු] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 01:28 AM Quote Reply Posted By maduranga001 on 21 Feb 2015 11:51 PM කියූ විටදී මෙලෙසින් වී අවංක නොවූ මැනවි තරහා වත් කලංක විසූ බැවින් ගෙදරට වී තිවංක අසූ හතයි නේ අද නුඹ හට ඉමල්ක [කලංකය - ඉතා කුඩා මිනුම් ඒකකයක් තිවංක - තුන් තැනකින් වක වූ/තුන් තැනකින් නැමුණු] ඔබ කියූ පරිදි මම අද ගෙදරයි ඉන්නේ මීටර් අඟල් කිරමින් සැම තැන මැන්නේ තුන් වක යමක් ගෙයි නම් දක්නට නෑනේ ඇස් ඇර බලනු අළු අඩු විද ඔබේ ගෙයි පහනේ අළු = ආලෝකය ගෙයි පහන = බිරිඳ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 01:42 AM Quote Reply නිවසෙහි මගේ අඩු නැත පහනේ දැල්ල අපහසු වන තරමටම ඇය කර ගනු මෙල්ල අතගා සෙව්ව මුත් කොර වන තුරු බෙල්ල සොයලා නොමැති වාගෙයි අවැසිම මුල්ල ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:02 AM Quote Reply Posted By maduranga001 on 22 Feb 2015 01:42 AM නිවසෙහි මගේ අඩු නැත පහනේ දැල්ල අපහසු වන තරමටම ඇය කර ගනු මෙල්ල අතගා සෙව්ව මුත් කොර වන තුරු බෙල්ල සොයලා නොමැති වාගෙයි අවැසිම මුල්ල පිහිනුම් කරන්නට ගොස් අසනීපයි බිරිඳගේ බෙල්ල කොලරය පැළඳ ඇත ඇහෙයි දවසෙම මැසිවිල්ල අසනීපයෙන් පසුවනන්නේ ඒගැන මගේ සැලකිල්ල මේ දිනවල මම නොයමි හොයනට ඔබ කියූ මුල්ල 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 02:18 AM Quote Reply අසනීපයි කියා ඇත්තේ ඇය මුසාවකි පෙනෙනවා ඔබේ මුහුණේ වැහි වළාවකි කරමින් යන්නෙ ඔබ සැමදා මුලාවකි දැන් ගැළපෙන්නෙ අසුබානුස් බාවනාවකි [අසුබානුස් බාවනාව - අසුභානුස්සති භාවනාව] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:26 AM Quote Reply Posted By maduranga001 on 22 Feb 2015 02:18 AM අසනීපයි කියා ඇත්තේ ඇය මුසාවකි පෙනෙනවා ඔබේ මුහුණේ වැහි වළාවකි කරමින් යන්නෙ ඔබ සැමදා මුලාවකි දැන් ගැළපෙන්නේ අසුබානුස් බාවනාවකි [අසුබානුස් බාවනාව - අසුභානුස්සති භාවනාව] ඔබේ අත් දැකීමට එය නීති පතා ඇත සිදු වීලා බිරිඳගේ තත්වය ගැන ඔබටත් දෙමි කියලා අද දින ගත්තේ "ඒක්ස්රේ" දොස්තර මහත්මිය කියලා පෙරදිග බෙහෙත් බොන්නේ කිරලා මැනලා 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:29 AM Quote Reply යකෝ අනිත් එවුන් කවි දන්නේ නැද්ද ..? අඩු ගානේ දාපල්ලකෝ මේවගේ බස් කවියක් වත් අප හට සිදු වේය ලොකු ලොකු දඩ කන්න සෙසු හැම දෙනා හට සිදුවෙයි තෙරපෙන්න ඔබගේ පසුම්බිය ඉඩ ඇත නැති වෙන්න පාපුවරුවෙ නොසිට කරුණාකර ඇතුලට යන්න 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:31 AM Quote Reply මදුරන්ගයෝ මට ඇති දැන් කවි ලියලා මේකෙන් වෙන්නේ බොරුවට දහදිය දමලා වෙනකෙන් අවොතින් පමණක් කවියක් දමලා මම ඉන්නෙමි රිප්ලයි දෙන්නට සැදිලා 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 02:41 AM Quote Reply හොඳ නැහැ පුතෝ ඔබ කරනා ඔය සෙල්ලම් ඔය වයසට ඕවා වී යන්නේ ලෙල්ලම් ඇස් රේ වට්ටෝරුවලටම ඔබ වී සල්ලම් සැමදා හැදෙන්නේ නැහැ ගස් වල කජු පුහුලම් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 02:51 AM Quote Reply ඔබ හරි ඉමල්කයො මෙමටද දැන් සිතෙන්නේ මේ කවි බලනවාදැයි තව වෙන සැකයක් එන්නේ එක ලයික්කුවක්වත් නැහැ නේ බොල වැටෙන්නේ නොබලනවුන්ට මොකටද කවි ලියන්නේ [ලයික්කුව - ලයික් කිරීමේ සිංහල උප වචනය] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:57 AM Quote Reply Posted By maduranga001 on 22 Feb 2015 02:41 AM හොඳ නැහැ පුතෝ ඔබ කරනා ඔය සෙල්ලම් ඔය වයසට ඕවා වී යන්නේ ලෙල්ලම් ඇස් රේ වට්ටෝරුවලටම ඔබ වී සල්ලම් සැමදා හැදෙන්නේ නැහැ ගස් වල කජු පුහුලම් පිස්සුද මචෝ නොම කරනෙමි මම සෙල්ලන් කන්නාඩියෙන් බැලුවිට පෙනෙන්නේ බිරිඳට කෙල්ලන් මම නැහැ නොවැ කරන්නේ මට බැරි සෙල්ලන් ඇහේ තු කාලේන කජ්ජේන පුහුලන් ඇහේ තු කාලේන කජ්ජේන පුහුලන් මෙහි අර්ථය - නරක කල දසාව ආවිට කජ්ජ ගහේ තියෙද්දිත් පුලම බිම වැටෙනවා යන්නයි. එනම් සෑම දේම අනිත්‍යයි යන්න ය ඒ නිසා ...කරන දෙයක් පරෙස්සමින් 0 Add Reply Page 1 of 2812345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit