Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Aug 2020 09:03 AM by indika76 ශ්‍රී ලංකාවේ චිත්‍රපට 166 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 9 << < 45678 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 16 Jan 2020 07:09 PM 28. මතභේදය තිරගත කළ දිනය: 1955-04-14 Main Actor : B.A.W. Jayamanne Main Actress : Rukmani Devi Director : B.A.W. Jayamanne Producer : Rukmani Devi , Eddy Jayamanna , B.A.W. Jayamanne 0 indika76Most Senior MemberPosts:10449 16 Jan 2020 07:11 PM 29. සැඩ සුලං තිරගත කළ දිනය: 1955-06-24 Main Actor : Prem Jayanth Main Actress : Florida Jayalath Director : T. Somasekaran Producer : T. Somasekaran 0 indika76Most Senior MemberPosts:10449 16 Jan 2020 07:16 PM ජනතාව කැලඹුණු ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ පෝස්ටරය ‘‘සැඩ සුළං’’ චිත්‍රපටය ඇරඹෙන්නේ කතා නායකයා වූ සුනිල්ගේ පාපෝච්චාරණයකිනි. සුනිල් හා සීතා පාසල් වේදිකාවේ ගීතයක් ගියයි. ගීතය මුලින්ම ගයන්නේ පුංචි සුනිල්ය. ‘‘ජීවන මේ ගමන සංසාරේ යාවී නම් අන්ධකාරේ නොලැබ ආලෝකේ යා හැකිදෝ සොයා මාර්ෙග්’’ කුඩා සීතා ගැයූ කොටසයි මේ. ‘‘ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට අාලෝකේ දෙන්නෙමි තිරසාරේ දිවි ඇති තෙක් මේ සංසාරේ’’ සර් පර්සි පලිපානගේ දියණිය සීතා පාසල් වියේ සිටින දැරියකි. ඇගේ අඹ යහළුවා සුනිල් ය. ඔහුගේ මාපියන් මිය ගොස්ය. සුනිල් හා සීතා අතර දුප්පත්, ධනවත් භේදයක් නොතැකූ මිත්‍රකමක් තිබුණි. සර් පර්සිගේ ප්‍රථම බිරිඳ මිය ගොස්ය. දැන් ඔහු ජීවත්වෙන දෙවැනි බිරිඳ උඩඟු ගැහැනියකි. මේ නිසා ඇය කුඩා සීතාට වෙනස්කම් කළාය. සීතා හා සුනිල් අතර තිබෙන මිත්‍රත්වය ඇය නුරුස්සයි. සුනිල්ට ආර්ථික දුෂ්කරතා ඇති බැවින් සීතා නිතරම රස කෑමක් ගෙනවිත් දුන්නාය. ඉගෙනීමට දක්‍ෂ ශිෂ්‍යයෙකු වූ සුනිල්ට නිතරම උපකාර කිරීමට සීතා පෙලඹුණේ ඔහුට ඇති ආදරය නිසාය. ‘‘ඔයා සර් ජෝන් කෙනෙකු වෙන්ට ඕනෑ’’ යයි සීතා නිතර සුනිල්ට කියන්නීය. සුනිල් ලිපිකාර තනතුරක් ලබාගන්නේ සීතා විවාහ කරගන්නා අදහසිනි. මේ වෙනවිට සීතා කුඩම්මාගේ හිරිහැර නිසා කලකිරී සිටියාය. සුනිල් සේවය කළ ආයතනයේ හිමිකරුගේ බිරිඳ රූමත් තරුණියකි. තම සැමියා මහල්ලෙකු නිසා ඇයගේ සිත ෙයාවුන් වියේ සිටි සුනිල් වෙත යොමු වෙයි. ඇය නොයෙක් උපක්‍රමවලින් සුනිල් වසඟයට ගැනීමට උත්සාහ ගනී. තමාගේ දියුණුවට අතහිත දුන් හාම්පුතාට ද්‍රෝහී වීමටත්, තම පෙම්වතිය වූ සීතාට පිදූ ආදරයට කැළලක් නොකිරීමත් නිසා සුනිල් කාමුක ස්ත්‍රියගේ ඉල්ලීම් පිළිකුල් කරයි. ඇය සුනිල්ගෙන් පළිගැනීමට සිතා බොරු කියා සුනිල් රැකියාවෙන් පිටමං කරයි. සත්‍යවාදියාටත්, පිරිසිදු චරිතයක් ඇත්තාටත් ඒ සත්‍යවාදීකමත් පිරිසිදුකමත් බොහෝ විට නපුරට සිටින බව සුනිල්ට වැටහිණ. සීතාගේ කුඩම්මා උත්සාහ කළේ සමාජශාලාවල නිතර හැසිරෙන එහි නළඟනන් හා අනඟ රැඟුම් රඟන දුෂ්ට චරිතයක් අැති එඩ්වඩ්ට සීතා විවාහ කරදීමටය. සීතා වරක් සුනිල් සමඟ පැනයාමට උත්සාහ කළ ද දෛවය එයට ඉඩ දුන්නේ නැත. රැකියාවක් සොයා සෑම තැනම රස්තියාදු වෙන සුනිල්ට එඩ්වඩ්ට හිමි හොර තැබෑරුමක රැකියාවක් ලබා දෙන්නේ ඇක්මන් නම් දාමරිකයාය. මේ තැබෑරුමේ අැතිවෙන සණ්ඩු බේරන්නේ සුනිල්ය. ඔහු වරෙක දාමරිකයකු ලෙසද හැසිරෙයි. දැන් සුනිල් හොර මැරකම්වලට තල්ලු වී ගිය දාමරිකයෙකි. එඩ්වඩ්ගේ මංගල යෝජනාවට අකමැතිව ගෙදරින් පැන යන සීතා වරෙක නොදැන ගණිකා මඩමකට රැකවරණය සඳහා යන්නී. එතැනින්ද පැන යන ඇය නාට්‍ය කණ්ඩායමකට බැඳෙයි. ඇය දක්‍ෂ නාටිකාංගනාවක් වී මේ නැටුම් කණ්ඩායම සමඟ රට පුරා යයි. මේ නාට්‍ය කණ්ඩායම කරත්ත පේළියකින් එක් පාළු ප්‍රදේශයකින් යන විට සුනිල් හා ඔහුගේ සහායකයෝ ඔවුන් වටලා කොල්ලකති. එදා රෑ කෑම කමින් සිටි සුනිල්ට සීතා මතක් වෙයි. ඉවෙන් මෙන් ඇය සොයා යන ඔහුට සීතා හමුවෙයි. තම පෙම්වතා හොරෙකු මෙන් කල් ගෙවන අයුරු දුටු සීතාට ඇති වූයේ බලවත් සෝකයකි. සීතා සුනිල්ට කීවේ ඔය කාලකණ්ණි ජීවිතය අත්හැර දමා හොඳ මිනිසෙකු වෙන ලෙසය. සුනිල් බැංකුවක් බිඳීමට තැත් කරන බව කී විට සීතා කීවේ තමා ඒ බව පොලීසියට දන්වන බවය. බැංකුව බිඳීමට සුනිල් ඇතුළු සගයන් සැලසුම් කර ඇති බවට සතුරු පිරිසක් පොලීසියට ඔත්තුවක් දුන්හ. මේ නිසා සුනිල්ගේ උත්සාහය අසාර්ථක විය. සීතා ගැන සැක කළ සුනිල් ඇය සොයා පැමිණ පහර දෙයි. ‘‘අවාසනාවයි, කාසි මිනිහ වහල් කරන හැටි’’ සුනිල් නිතර කියන වචනයකි. මේ අතර දාමරිකයකු වූ එඩ්වඩ් අතින් සමාජ ශාලාවක නළඟනක් වූ නීලා මැරුම්කයි. නීලාගේ දේහය එඩ්වඩ් විසින් සුනිල්ගේ ගෙදර අසලට ගෙන දමයි. පොලිසිය සැක කරන්නේ සුනිල්වය. සුනිල් දැන් සිරකාරයෙකි. සර් පර්සි ඉදිරිපත් වී එඩ්වඩ් නම් මිනීමරුවාව සාක්‍ෂි සහිතව අධිකරණයට ඉදිරිපත් කරයි. සීතා සුනිල් බැලීමට හිරගෙදර යයි. ‘‘ඔයා කිව්ව විදිහට මට සර් ජෝන් කෙනෙක් වෙන්න බැරි වුණා. සීතා මට සමාවෙන්න.’’ සිරගෙදර පොලු අතරින් සුනිල් සීතාට කියයි. ‘‘සැඩ සුළං’’ ජනප්‍රියත්වයෙන් වාර්තා පිහිටවූ ‘‘සුජාතා’’ චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරි ලෙස කටයුතු කළ ටී. සෝමසේකරන් මුලින්ම අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයයි. ඒ වෙන විට සෝමරසේකරන් චිත්‍රපටයක් නරඹන්නන් අතර ජනප්‍රියවෙන රහස දැන සිටි, චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ විවිධ උපක්‍රම හොඳින් භාවිතා කළේය. විශාරදයෙක්ව සිටියේය. ‘‘සුජාතා’’ චිත්‍රපටයේ නිෂ්පාදක ෙක්. ගුණරත්නම් සමඟ අමනාප වී සිටි සෝමසේකරන් ‘‘සුජාතා’’ට නොදෙවෙනි ජනප්‍රිය චිත්‍රපටයක් නිපදවීමට සියලු උත්සාහයන් ප්‍රයෝජනයට ගත්තේය. ‘‘සුජාතා’’ චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරිඩා ජයලත් යොදා එතෙක් සිංහල චිත්‍රපටයකට ඇතුළත් නොවූ ජනප්‍රිය වේ යයි සිතූ ගීත 17 ක් ඇතුළත් කොට, එහි එක් ගීතයක් සඳහා භාරතයේ ජනප්‍රියතම ගායන ශිල්පිනී ලතා මංගෙශ්කර් ලවා ගීතයක් ගැයීමට ද සෝමසේකරන් සමත් විය. මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ රූපගත වූ මේ චිත්‍රපටයේ ලංකාවේ දර්ශන කිහිපයක් ඔහු ඇතුළත් කළේය. ඒ අනුව මහනුවර දළදා මාළිගාව අසල ද කොළඹ පාර්ලිමේන්තුව අසල ද නිදහස් චතුරශ්‍රය, කඩුගන්නාව බිංගෙය ද ආදී ස්ථාන ඉන්දීය ජාතික කැමරා ශිල්පී රාජ් ගෝපාල් ලවා කැමරාවට ගන්නා ලදී. ‘‘සැඩ සුළං’’ ගීත ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ සිංහල චිත්‍රපට ගීතාවලිය (1947-1956) කෘතියේ මෙසේ සඳහන් කරති. ‘‘මනරංජන දර්ශනීය ලංකා’’ ගීය (සුජාතා චිත්‍රපටයේ) ජනප්‍රිය නිසා ‘‘සැඩ සුළං’’ සඳහා ද එවැනිම දේශානුරාගී ගීයක් සමඟ තවත් ගීත දෙකක් නිර්මාණය කිරීමේ වරම ආනන්ද සමරකෝන්ට හිමි විය. (1) ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි (2) කෙල්ලනි නුඹලා දන්නේ නටන්නයි (3) පදමට පොල් තෙල් ගාපල්ලා යනු ඔහු පදමාලා හා තනු නිර්මාණය කළ ගී තුනයි. මේ අතරින් වඩාත් ප්‍රශංස්ථ පදමාලාව හා තනු නිර්මාණය වූ කලී ‘‘ශ්‍රී ලංකා මාතා මා ප්‍රියාදර ජය භූමි’’ ගීයයි. තවද භාරත ගීත කෝකිලාව වන ලතා මංගේශ්කර් විසින් ගයන ලද ප්‍රථම හා එකම ගීතය නිසාද එය සිංහල චිත්‍රපට ගීතාවලියෙහි වෙසෙසින් සටහන් වෙන්නේය. ලතා මංගෙශ්කර් ලවා මේ ගීතය ගායනා කරවීම සඳහා ඉතා විශාල මුදලක් (රුපියල් පනස්දාහක් පමණ) ගෙවා ඇති බවත්, නිල වශයෙන් සෝමසේකරන් ලතාට ඉස්තරම්ම වර්ගයේ ප්‍රංශයේ නිෂ්පාදිත සුවඳ විලවුන් පෙට්ටියක්ද තෑගි කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන ‘‘සිංහලේ මහා සිනමා වංශය’’ කෘතියේ සඳහන් කර ඇත. ලතා සමඟ යුග ගීයකට එක්වූ එකම ගායකයා මොහිදීන් බෙග් ය. ‘‘ඉදිරියටා යමු සැවොමා’’ මේ ගීතයයි. ‘‘සැඩ සුළං’’ සංගීතවත් කළේ ඉන්දීය ජාතික දක්‍ෂිණ මූර්ති ය. කලින් කී ආනන්ද සමරකෝන් රචනා කළ ගීත වූයේ ‘‘හම්ලොග්’’ චිත්‍රපටයේ හින්දි ගීතයේ තනුවකට ලියූ ‘‘පෙම් කැකුළ පිපී එන විට මහදේ’’, ‘‘ජීවන මේ ගමන සංසාරේ’’ (ගායනය - ජමුනා රාණී සහ ඒ.එම්. රාජා), ‘‘ඉදිරියටා යමු සැවොමා’’ (ගායනය - ලතා මංගෙශ්කර් සහ ෙමාහිදින් බෙග්), ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ ‘‘හරි සාරයි මේ කාලේ බලත්වා’’ (ගායනය - ජමුනා රාණි සහ පිරිස), ‘‘ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා’’ (ගායනය - කේ. රාණි) ගීත ද ගී තැටිවල හෝ ගීත පොත්වල කර්තෘත්වය ෙනාසඳහන් බැවින් කර්තෘ අවිනිශ්චිත ගීත බව මහාචාර්ය ආරියරත්න පවසන ගීත මෙසේය. ‘‘හිස් වී ගියේය ලෝ’’ (ගායනය - ජමුනා රාණි), ‘‘සෙමිබර පෙම් රැළි මහද නැගේ’’ (ගායනය - ධර්මදාස වල්පොල සහ කේ. රාණි), ‘‘කොයි ද මා ජීවිතේ යන්නෙ මේ’’ (ගායනය - ධර්මදාස වල්පොල), ‘‘මෝහයෙන් මුලා වෙලාද’’ (ගායනය - මොහිදීන් බෙග් හා සරෝජා), ‘‘කළු කඩ කාසි සොයාලා’’ (ගායනය - කේ. රාණි හා ධර්මදාස වල්පොල), ‘‘ඔයා තමයි මට හරියන්නේ’’ (කේ. රාණි හා සුනිල් ප්‍රේමදාස). ‘‘සුජාතා’’ චිත්‍රපටයේ රඟපෑ ෆ්ලෝරිඩා ජයලත් මේ චිත්‍රපටයේ සීතා ලෙස ද, ප්‍රේම් ජයන්ත් සුනිල් ලෙස ද ඩේවිඩ් ධර්මකීර්ති සර් පර්සි පලිපාන ලෙස ද ඩොමී ජයවර්ධන එඩ්වඩ් ලෙස රඟපෑමට තෝරාගත් සෝමසේකරන් ඇක්මන් ලෙස නවක නළුවෙකු වූ පියදාස ගුණසේකර ද පලිපාන මැතිනිය ලෙස රොසලින් ප්‍රනාන්දුත්, ධනවත් මුදලාලිගේ සරාගී බිරිඳ ලෙස සුජාතා චන්ද්‍රදාස (පසුව පරමනාදන්) ද හඳුන්වාදීමට සෝමසේකර සමත් විය. පියදාස ගුණසේකර මේ චිත්‍රපටයේ ‘‘පදමට පොල්තෙල් ගාපල්ලා’’ ගීතය ගැයීමට ඔහු විසින් තෝරා ගන්නා ලදී. සෝමසේකරන් හා වූ මතෙභ්දයක් නිසා ඩොමී ජයවර්ධන ඉවත් විය. ඉන්පසු ඒ චරිතයට ‘‘පුදුම ෙල්ලි’’ චිත්‍රපටයේ රඟපෑ ධර්ම ශ්‍රී රණතුංග තෝරා ගන්නා ලදී. නැටුම් ගුරුවරයා ලෙස ශාන්ති අබේසේකර ද, නීලා නම් නළඟන ලෙස ඉන්දීය නිළි බිම්බා කුමාරි ද, රොඩ්ඩා ලෙස රිචඩ් ඇල්බට් ද, සෙසු චරිත සුනිල් ප්‍රේමදාස (රස්තියාදු), ඇම්.පී. ගිල්මන් ද මේ චිත්‍රපටයේ රඟපෑහ. චිත්‍රපටයේ රඟපෑ පද්මා ද මැල් නිළිය ද අස්කර ඇත. අධ්‍යක්‍ෂ සෝමරසේකරන් විසින් ‘‘සැඩ සුළං’’ හි කතාව, තිරනාටක ලියූ අතර එහි දෙබස් රචනය සඳහා ආනන්ද සමරකෝන්. ඩී.ටී. ප්‍රනාන්දු හා ඇම්.පී. ගිල්මන්ට පැවරිණි. මෙහි සංස්කරණය හා සහාය අධ්‍යක්‍ෂණය ටී.ඇන්. රාඕ ගෙනි. නැටුම් අධ්‍යක්‍ෂණය අනිල් කුමාර් චොප්රා ගෙනි. ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ ‘‘ජීවන මේ ගමන සංසාරේ’’ ගීතය දෙවතාවක් ගැයේ. කුඩා සුනිල් ලෙස රඟපෑවේ කොළඹ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍ය, දයා අබේසේකරය. ගීත රචක කරුණාරත්න අබේසේකරගේ සොෙහායුරෙකි දයා. ‘‘සැඩ සුළං චිත්‍රපටය ආරම්භ කළේ 1954 දී. මම ‘‘වරද කාගේද’’ චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපානවා දැකල සෝමසේකරන් මාව ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ කුඩා සුනිල්ගේ චරිතය සඳහා තෝරා ගත්තා. කුඩා සීතා ලෙස රඟපෑවේ මියුසියස් විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ පද්මිණි දහනායක. ඇය ජනප්‍රිය ගායක මොරිස් දහනායකගේ නැඟණිය. ඇය නර්තන උපදේශිකාවක්. වරෙක මම සීතා සමඟ පාසල් යනකොට මෙහෙම අහනවා. ‘‘මම ඔයාට අාදරෙයි. දුප්පත් මගේ ආදරය ඔයා පිළිගන්නවාද?’’ ‘‘සත්තකින්ම ඔව්. සුනිල් ඔයා කවදා හරි සර් ජෝන් කොතලාවල මහත්තයා වගේ හොඳ ලොකු මහත්තයෙක් වෙන්න ඕනෑ’’ කුඩා සීතා කීවාය. මේ දර්ශනය ඉන්දියාවේ තිරගත වූ 1954 වසරේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූයේ සර් ජෝන් කොතලාවලය. සුනිල් ලෙස රඟපෑ ප්‍රේම් ජයන්ත් හා සීතා ලෙස රඟපෑ ෆ්ලොරිඩා ජයලත් ‘‘ජීවන මේ ගමන සංසාරේ’’ ගීතය ගයමින් විවෘත මෝටර් රථයක (හෝන් එක ගසමින්) මහනුවර වැව රවුමේ යන දර්ශනය රූගත කොට අවසන් වූ පසු කිසිවෙකු ඇවිත් ප්‍රේම් ජයන්ත්ට රහසක් කීවේය. ‘‘ප්‍රේම් මහත්තයාගේ නෝනා ටෙලිෙෆා්න් එකෙන් කතා කළා. දැන් දුවෙකුගේ තාත්තා කෙනෙක්.’’ ප්‍රේම් තම දියණියට ‘‘සුනිලා’’ නම් තැබුවේ තමා සැඩ සුළං චිත්‍රපටයේ ‘‘සුනිල්’’ ගේ චරිතය මතක් වීමටය. සැඩ සුළං චිත්‍රපටයේ විශේෂ දර්ශනය බැලීමට පැමිණි අමුත්තෝ සර් පර්සි ලෙස රඟපෑ ඩේවිඩ් ධර්මකීර්ති ළඟට පැමිණ සුබ පැතුවෝය. ‘‘චිත්‍රපටයේ විශිෂ්ටතම නළුවා ඔබ. මගේ සුබ පැතුම්. මම ‘‘රේඛාව’’ කළ ලෙස්ටර් පීරිස්. අපි දැන් කරන ‘‘සන්දේශය’’ චිත්‍රපටයට අනිවාර්යයෙන්ම චරිතයකට ඔබව ගන්නවා’’ ලෙස්ටර් ජේම්ස් පීරිස් තම පොරොන්දුව ඉටු කරමින් ඩේවිඩ්ව ‘‘සන්දේශය’’ චිත්‍රපටයේ දිසාවගේ චරිතයට තෝරා ගත්තේය. එහෙත් චිත්‍රපටයේ දක්‍ෂතම නළුවා ලෙස විචාරකයන් නම් කර තිබුණේ පියදාස ගුණසේකරය. සෝමසේකරන් එතෙක් සිංහල චිත්‍රපටයක නොකළ විදියේ වෙළෙඳ ප්‍රචාරයක් දීමට සූරෙයක් විය. 1954 අප්‍රේල් 11 ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවූ සැඩසුළං චිත්‍රපටයේ වෙළෙඳ දැන්වීමක මෙසේ පළ වී තිබුණි. ‘‘සුජාතා’’ සකස් කළ අය මතකද? සෝමසේකරන් - ආනන්ද සමරකෝන් - දක්‍ෂිණ මූර්ති - අනිල් කුමාර් චොප්රා. ප්‍රේමා ලෝකය නිවී ගියා. ජමුනා රාණි, ධර්මදාස වල්පොල, ‘‘එහෙනම් මතක තබා ගන්න, හොඳ චිත්‍රපටයක් සෑදීමට වැඩිකල් ගතවෙන බව.’’ (උපුටනය - සිංහල චිත්‍රපට ගීතාවලිය) ‘‘සිංහලේ මහා සිනමා වංශය’’ (ආතර් යූ. අමරසේන) කෘතියේ ඇති පුවත්පත් දැන්වීමක තිබුණේ ප්‍රධාන නිළි ෆ්ලෝරිඩා ජයලත්ගේ සමීප රූපයකි. සුජාතා ආපසු එයි ෆිල්ම් ස්ෙලාන්ගේ සැඩ සුළං කැලඹුණු චිත්තාවේගය උදුරා යන සැඩ පහරකි. කථාව, නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂකත්වය - සෝමසේකරන් පියදාස ගුණසේකර සහ පිරිස ගැයූ ’’පදමට පොල්තෙල් ගහපල්ලා’’ නම් ආනන්ද සමරකෝන් ලියූ ගීතයේ කොටසක් ගීත පටිගත කිරීමෙන් පසු ඉවත් කර ඇති බව මහාචාර්ය ආරියරත්නගේ කෘතියේ සඳහන් වෙයි. ඒ මේ කොටසය. ‘‘යූ.අැන්.පී, කොමිනිස්ට් පාටී දන්නව අපි ඒවයෙ හැටි ඒ ගොල්ලන් අපටා බන් දෙනවද මේ වගෙ සම්පත්තී’’ කේ. රාණි ගයන ගීතයකි මේ. ‘‘කවුද මා මැවූ දෙවියා - මා හට පීඩා කරනා මා කළෙ කුමක් ද අහෝ - මෙම දුක් විඳින්නට සදා පණුවෙක් සේ දැවෙනා දැල්වෙන උඳුනක් මැදෙහි හීන වූ නිසා ද අහෝ මා හද උනනා රුධිරේ කවුද මා මැවූ... වරදක් වීදෝ... වරදක් වීද අහෝ පෙම් කළෙ නම් යමෙකුට මා ඉරණම වීද මගෙ මෙහෙම මුළා වී ඉඳුමා... කවුද මා මැවූ...’’ ෆ්ලෝරිඩා ජයලත් බුදු පිළිමයක් ඉදිරිපිට හඬා වැටෙමින් ගයන මේ ගීතමය ජවනිකාවේ කතා නායිකාව විනිවිද පෙනෙන අයුරු ආලෝකකරණය කළ රූප රාමුවක ඇගේ දෙකලවා අඩු වැඩි වශයෙන් දැක්වූ බව ආතර්. යූ. අමසේන විසින් ලියූ ලිපියක සඳහන් වෙයි. අධ්‍යක්‍ෂ ටී. සෝමසේකරන් ද චිත්‍රපටයේ එක් දර්ශනයක එනම් කතා නායිකාව කාමරයක අඩ අඳුරේ නිදා සිටින විට අතවර කිරීමට එන පුද්ගලයාගේ චරිතය රඟපෑ බව ජයවිලාල් විලේගොඩ දිනමිණේ ‘‘සිනමා පැන’’ තීරයෙන් පාඨකයකු ඇසූ පැනයකට පිළිතුරු දී තිබුණි. සෝමෙස්කරන් චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් අද්දවා ගැනීමට ‘‘සැඩ සුළං එනවා, ප්‍රවේශම් වෙන්න’’ නම් පෝස්ටරයක් මගින් ප්‍රචාරය දුන් බවත් ඒ පෝස්ටරය දුටු ජනතාව බියට පත්වූ බව තමාට මතක යයි සිරි කහවල මාධ්‍යවේදියා අපට කීය. ‘‘සැඩ සුළං’’ චිත්‍රපටය 1955 ජුනි 24 වෙනිදා සිට සිලෝන් තියටර්ස් සිනමාහල්වල තිරගත වී ඇත. මරදානේ ඇල්පින්ස්ටන් සිනමා හලේ පමණක් මාස 02 යි දින 23 තිරගත වී ඇත. සිංහල සිනමාවේ එතෙක් චිත්‍රපටයක් සඳහා ප්‍රචාරක විධි බහුලව භාවිතා කර ඇත්තේ ද ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයෙනි. වරෙක ‘‘සැඩ සුළං තහනම්’’ යයි පෝස්ටරයක් ද පසුව ‘‘සැඩ සුළං තහනම් නොවේ’’ යයි පෝස්ටරයක් ඉදිරිපත් කිරීම ද මෙයට සාක්‍ෂියකි. මෙයට අමතරව ෆ්ලෝරිඩාගේ වර්ණ ඡායාරූපයක් සහිත කැලැන්ඩරයක් නොමිලේද ඇගේ වර්ණ ඡායාරූපයක් ශත 50කට හා පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූපයක් ශත 25කට ද අලෙවි කොට ඇත. 1955 මැයි 05 වෙනිදා ‘‘සැඩ සුළං’’ බයිසිකල් තරගෙය් තෑගි බෙදා දීම සඳහා කොළඹ නගරාධිපති ආචාර්ය අැන්. ඇම්. පෙෙර්රා උදෑසන 9 ට ගාලු මුවදොර පිටියට පැමිණ ඇත. මෙම බයිසිකල් තරගයෙන් මුල් තැන දිනා බී.එස්.ඒ. බයිසිකලය දිනා ඇත්තේ ෂර්ලි ප්‍රනාන්දුය. දෙවැන්නා වූ ඒ.එෆ්. කිට්ට රු. 100 ද, තෙවැන්නා වූ ස්ටැන්ලි මෙන්ඩිස්ට රු. 50ක් හිමිවී ඇත. ගාලු මුවදොරින් පටන් ගෙන කළුතර නගර ශාලාවෙන් අවසන් වූ (කළුතර දී කළුතර පළාත් ආණ්ඩු සභාපති චම්ලි ගුණවර්ධන පිළිගෙන ඇත) මේ බයිසිකල් තරගයේ ඉදිරියෙන් ගමන් ගත්තේ සැඩ සුළං නළු නිළියන් බවත් එය සිලෝන් තියටර්ස් සමාගම සංවිධානය කර ඇති බවත් ආරියරත්න කහවිට විසින් සංස්කරණය කළ ‘‘සිනමාදීප’’ සිනමා සඟරාවේ (1955 මැයි අග සතිය) පළ වී ඇත. මේ සඟරාවේ චිත්‍රපටයේ පින්තූර, කතාව, ගීත, රස තොරතුරු ඇතුළත් විශේෂ අතිෙර්කයක් ද පළවී තිබුණි. ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ තවත් පෝස්ටරයක් තහනම් කළ පුවතක් 1955 ජුනි 01 වෙනිදා ‘‘දිනමිණ’’ පුවත්පතේ මුල් පුවතින් දැක්වේ. ඒ පුවත සමඟ ෆ්ලෝරිඩා ජයලත් වැතිර සිටින දර්ශනයක් ද ඇයට පිටුපස බුදුරුවක්ද වෙයි. (මේ බුදුරුව මදුරාසියේ වාහිනී චිත්රාගාරෙය් කලා අධ්‍යක්‍ෂවරයකු විසින් අඹන ලද පිළිමයක් බව පැහැදිලිය) පුවත ලියා තිබුණේ දිනමිණ විශේෂ වාර්තාකරුවකු විසිනි. ශීර්ෂපාඨය වූයේ ‘‘සැඩ සුළං දැන්වීම තහනම්’’ ය. ‘‘ළඟදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන එක්තරා සිනමා චිත්‍රපටියක් සම්බන්ධයෙන් දැනට කොළඹ ආදී ප්‍රදේශවල තාප්ප, බිත්ති ආදියෙහි අලවා ඇති දැන්වීම් පත්‍රයක් පිළිබඳ ලංකා බෞද්ධ මණ්ඩලය වෙත සිය විරෝධය පළ කර තිබේ යයි ද මේ ගැන සුදුසු ක්‍රියා කිරීම සඳහා බෞද්ධ මණ්ඩලය ස්වදේශ කටයුතු ඇමැතිවර ඒ. රත්නායක මහතා වෙත ඒ පිළිබඳව කරුණු සැලකරනු ඇතැයි ද දැන ගන්නට තිබේ.’’ 1955 ජුනි 04 වෙනිදා ‘‘දිනමිණ’’ පත්‍රයේ මුල් පිටුවේ ‘‘සිත් රිදවන සිංදුවක් කපා දමන්ට නියම වේ’’ ශීර්ෂයෙන් වාර්තාවක් පළ වී තිබුණි. ඒ අනුව ‘‘සැඩ සුළං’’ නැරඹූ ආණ්ඩුවේ පරීක්‍ෂක මණ්ඩලය එහි එන ‘‘කවුද මා මැවූ දෙවියා’’ යන වචන සහිත සිංදුව කපා හැරීමට නියම කොට ඇත. අධ්‍යක්‍ෂ ටී. සෝමසේකරන්ට ඒ සිංදුව කපා හරින්නට වූ බවද, ජුනි 03 වෙනිදා චිත්‍රපටය පෙන්වන්නේ මේ සිංදුව නැතිව බවත්, මේ සිංදුව අස් කිරීමට තරයේ කියා ඇත්තේ ආණ්ඩුවේ පරීක්‍ෂක මණ්ඩලයේ එක් සභිකයෙකු පමණක් බවද වාර්තා වේ. ආනන්ද සමරකෝන්ගේ නිබන්ධයක් වන මේ ජමුනා රාණි ගැයූ ගීතයේ කොටසක් ඉවත් කර ඇත. ‘‘කවුද මා මැවූ දෙවියා මා හට පීඩා කරනා මා කළෙ කුමක් ද අහෝ මෙම දුක් විඳින්නට සදා පණුවෙක් සේ දැවෙනා දැල්වෙන උදුනක් මැදෙහි හීන වූ නිසා ද අහෝ මා හද උනනා රුධිරේ කවුද මා මැවූ...’’ ‘‘සුඩ සුළං’’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ෆ්ලෝරිඩා ජයලත්ට අධ්‍යක්‍ෂ සෝමසේකරන් වොක්ස්හෝල් මෝටර් රථයක් තෑගී දී ඇත්තේ මේ චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවමින් තිරගතවීම නිසාය. ෆ්ෙලා්රීඩා වොක්ස්හෝල් රථයක (EN 591) බොනට්ටුව උඩ වාඩි වී සිටින ඡායාරූපයක් 1955 ජුනි 26 වෙනි ඉරිදා ලංකාදීප පත්‍රයේ සීමාසහිත ටකර්ස් සමාගමෙන් පළ කර තිබුණි. එහි මෙසේ ද සඳහන් ව තිබුණි. ‘‘වොක්ස්හෝල් රථයට තවත් ජයග්‍රහණයකි. ලංකාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට තාරකාවක්වන ෆ්ලෝරිඩා වොක්ස්හෝල් රථයක් තෝරා ගනී. දිනපතා දහස් ගණන් ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් විසින් නරඹනු ලබන ‘‘සැඩ සුළං’’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ෆිල්ම් සිලෝන් සමාගම විසින් සිය දක්‍ෂතම නිළිය වන ෆ්ලෝරිඩාට ඇයගේ විශිෂ්ටතම රඟපෑම නිසා පිරිනැමෙන විශේෂ ත්‍යාගයක් වශයෙන් රු. 15,000කට නොවැඩි ඇය කැමති රථයක් තෝරා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය තෝරා ගත්තේ කැඩ්ලැක් සහ ඕපල් නිෂ්පාදකයන් වන ජෙනරල් මෝටර්ස් විසින් සාදනු ලබන වොක්ස්හෝල් රථයකි.’’ ඉරිදා ලංකාදීප පුවත්පතේ උප කතුවරයකුව සිටි සිනමා ඉතිහාසඥ ඩී.වී. සෙනෙවිරත්න පවසා ඇත්තේ සැඩ සුළං චිත්‍රපටයේ ලතා මංහෙශ්කර් හා මොහොමඩ් රාෆි ගී ගයන බව සෝමසේකරන් ගුවන් විදුලියෙන් හා පුවත්පත්වලින් පූර්ව ප්‍රචාරයක් දුන් බවය. එහෙත් රාෆි එහි ගී නො ගැයූ බවත් ලතාට ගීතය සඳහා රු. 20,000 ක් ගෙවා ඇති බවය. සෙනෙවිරත්න පවසා තිබුණේ චිත්‍රපටයේ සරාගී ගැහැනියක ලෙස රඟපෑ සුජාතා චන්ද්‍රදාස (පරමනාදන්) තම ඇඟ පසඟ දකින සේ ඇඳුම් මාරු කරන දර්ශනය පරීක්‍ෂක මණ්ඩලයේ කතුරට හසු නොවීම පුදුමයක් බවය. සුජාතාට 1956 ලංකාදීප පංච කල්‍යාණි තරගයෙන් තෙවැනි තැන හිමි වී ඇත. ෆ්ලොරිඩා ජයලත් 50 දෙනකුගෙන් යුත් සමූහ නැටුම් දර්ශනය (‘‘ශ්‍රී ලංකා මාතා’’ හා ‘‘ඉදිරියටා යමු සැවොමා’’) පුහුණුවීමට මාස හයක් ගත කළ බව ද ඔහු ‘‘වනිතා විත්ති’’ පුවත්පතට ලියා තිබුණි. 1955 ජුනි 28 වෙනිදා ‘‘ලංකාදීප’’ පුවත්පතේ මුල් පිටුවේ ‘‘අගමැතිට - සැඩ සුළං, නළු නිළියන්ට තෑගි’’ ප්‍රවෘත්තිය පළ වී තිබුණි. අගමැති සර් ජෝන් කොතලාවල රත්මලානේ කොතලාවලපුර අභිනවයෙන් ඉදි කළ ‘‘විජිත’’ සිනමා හලේ 1955 නොවැම්බර් 10 වෙනිදා ප්‍රදර්ශනය කළ මුල්ම චිත්‍රපටය වූ සැඩ සුළං සවස 6.30 දර්ශනයට සහභාගී වී එහි නළු නිළියන්ට සම්මාන පිරිනමා ඇත. කළුවර ලීයෙන් තැනූ පිළිරුවක් සහිත මේ සම්මානයක වටිනාකම රු. 150 කි. දර්ශනය අවසානයේ අගමැති නළු නිළි පිරිස කඳවලවත්තේ නිවසට කැඳවා බිත්තර අාප්ප සහිත සංග්‍රහයක් පවත්වා ඇත. ‘‘විජිත’’ සිනමාහලේ අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු මහතා මීට වසර අටකට ඉහත මට පවසා සිටියේ තමා ද කඳවලවත්තේ සංග්‍රහයට සහභාගී වූ බවත්, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් විවෘත කළ තම සිනමා හලේ ‘සැඩ සුළං’ මුල් දින උදේ 10.30 හා 2.30, රාත්‍රී 9.30 දර්ශන නොමිලේ ප්‍රදර්ශනය කළ බවය. ජයවිලාල් විලේගොඩ විචාරක ලියා තිබුණේ සෝමසේකරන්ගේ සුජාතා (1953) හා සැඩ සුළං (1955) චිත්‍රපට ඔහුගේ නිවුන් සොහොයුරන් කියාය. සිංහල සිනමාවේ සිටි ඉතා දක්‍ෂ ප්‍රචාරක කටයුතුවල විශාරදයා වූ තම්බිරාජා සෝමසේකරන් ‘‘සරදම්’’ (1957), ‘අවිශ්වාසය’’ (1959), ‘‘ගැහැනු ගැට’’ (1959), ‘‘පිරිමියෙක් නිසා’’ (1960), ’’වෙන ස්වර්ගයක් කුමටද?’’ (1963), ‘‘සුබ සරණ සැප සිතේ’’ (1964) හා ‘‘සමාජ සතුරෝ’’ (1969) චිත්‍රපට අධ්යක්ෂණය කළ අතර 1968 දෙසැම්බර් 12 වෙනිදා මිය ගියේය. බීමත්ව කාමරයකට වී සිටියත් ‘‘බීමත්ව මේ කාමරයට ඇතුළු නොවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි’’ යන පුවරුවක් ද එල්ලා තබා මිය ගොස් ඇති බව වාර්තා වේ. ඒ.ඩී. රන්ජිත් කුමාර ලංකාදීප පුවත්පතෙනි... 0 maduranga001Most Senior MemberPosts:14118 16 Jan 2020 07:35 PM සැඩ සුළං චිත්‍රපටයේ ගීත සියල්ලක්ම වාගේ ඉතා ජනප්‍රිය වුවා. අදටත් ඉතා ජනප්‍රියයි. මම දැක්කා මේ මස 21 වෙනිදා තරංගනී ශාලාවේ සවස 5 ට මේ චිත්‍රපටය නොමිළේ ප්‍රදර්ශනය කරන වග. ජාතික චිත්‍රපට සංස්ථාව සංවත්සරය නිමිත්තෙන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 27 Jan 2020 07:57 AM 30. මාතලන් තිරගත කළ දිනය: 1955-08-27 Main Actor : Shesha Palihakkara Main Actress : Clarice De Silva Director : A.S. Nagarajan Producer : S.M.Nayagam 0 indika76Most Senior MemberPosts:10449 27 Jan 2020 08:00 AM 2019 මැයි 01 දින පලවූ ලිපියකි... සිංහල සිනමාවේ සුවිශේෂී කඩඉමක් වූ 'මාතලන්' අද වන විට සිංහල සිනමාවට 72 වසරක් සපිරී තිබෙනවා. මේ කාලය තුළ සිංහල චිත්‍රපට 1300කට ආසන්න සංඛ්‍යාවක් මෙහි තිරගතව තිබෙනවා. මින් සමහරක් ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී තිබෙනවා. අද මෙන් නොව 1950 දශකයේ දී සිංහල චිත්‍රපටයක් නිපදවීම ඉතා අභියෝගාත්මක කාර්යයක් වුණා. සිනමාකරණයට අවශ්‍ය මූලික පහසුකම් පවා එවකට මෙහි සොයාගැනීම උගහට වූ නිසා ඒවා සොයාගෙන ඉන්දියාවට යාමට අධ්‍යක්ෂකවරුන්ට සිදුවුණා. මෙවැනි බාධක රාශියක් තිබූ නිසාත්, කර්මාන්තයක් හැටියට එතරම් මුල්බැසගෙන නොතිබූ නිසාත් 1950 දශකය නිමවන විට තනා තිරගතව තිබුණේ සිනමාපට 73ක් පමණයි. කෙසේ නමුත් මේ අතරෙන් කිහිපයක්ම ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් අතර මින් අතලොස්සක් පිළිබඳ අදටත් මිනිසුන් සිහිපත් කරනවා. 1955 වසරේ තිරගත වුණු 'මාතලන්' චිත්‍රපටය එවැන්නක්. මාතලන් කතා සාරාංශය එක්තරා ඉන්දියානු රාජ්‍යයක චිත්‍රාලම්භ නම් කුමාරයෙක් වාසය කරනවා. ඉතා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ඔහුට ඊටම සරිළන මිතුරන් පිරිසක් ද සිටිනවා. ඔවුන්ගේ කර්තව්‍යය වන්නේ රට පුරා රෝන්දේ ගැසීම යි. එහිදී හමුවන සුරූපී ළඳුන් සිය ග්‍රහණයට ගැනීම ඔවුන් විසින් සිදුකරනවා. චිත්‍රවල්ලී ඉහත රාජ්‍යයේ වෙසෙන ඉතා රූමත් මෙන්ම කටකාර ගොවි තරුණියක්. ඇය ඉතා එඩිතර යි. ඇගේ මව මියගොස් වන අතර ජීවත් වන්නේ පියා සමග යි. එක් දිනක අහම්බයකින් ඇගේ පියා චිත්‍රාලම්භ කුමරුගේ හොඳම මිතුරා වන මහ ඇමති පුත් දුෂ්ටබුද්ධි ගෙන් පහර කනවා. මෙය නොඉවසන චිත්‍රවල්ලී පියාගේ කීම ද නොතකා රජමාලිගාවට යන්නේ කුමරයා බැහැදැක දුෂ්ටබුද්ධිට දඬුවම් පමුණවන්නට යි. ඇය දකින කුමරා රාගයෙන් මත් වන අතර ඇයට හොඳ වේෂයක් මවාපානවා. චිත්‍රවල්ලි නැවත නිවසට පැමිණ කමතෙහි තල වේලන අතරතුර කුමරා ඇය සොයා එනවා. අනතුරුව චුම්භනයක් දීම සඳහා අවස්ථාව පතනවා. දඟකාර තරුණියක වන චිත්‍රවල්ලි ඊට කැමති සෙයක් පෙන්වා චුම්භනය දෙන අවස්ථාවේ දී කුල්ල පානවා. මේ සිද්ධියෙන් ඉතා උදහසට පත්වන කුමරු යම් දිනක ඇය සරණ පාවාගෙන ජීවිත කාලයටම සිර කරන බව ශපථ කරනවා. ඒත් සමගම අභියෝගයක් කරන චිත්‍රවල්ලි එසේ කළහොත් යම් දිනෙක ඔහුටම දාව පුතෙක් උපද්දවා කසයකින් ඔහුට තලවන බවට පොරොන්දු වෙනවා. රාජ බලතල භාවිතා කරන චිත්‍රාලම්භ කුමරු කියූ ලෙසම චිත්‍රවල්ලි සරණ පාවාගෙන ඇය මාලිගයක සිර කරනවා. එනමුත් ඇයට සියළු රජ සැප දීමටත්, ඇගේ පියාට තාන්න මාන්න මෙන්ම දියණිය බැලීමට අවස්ථාව දීමටත් ඔහු ක්‍රියා කරනවා. සිරගත වන චිත්‍රවල්ලි සිය පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ කෙසේදැ යි කල්පනා කරනවා. හදිසියේම ඇයට අදහසක් පහළ වන අතර කාටත් හොරෙන් නිවසේ සිට ඇය රඳවා සිටින මාලිගයට උමගක් කණින ලෙස සිය පියාට දන්වනවා. චිත්‍රාලම්භ කුමරුගේ මුදල්වලින්ම ඇගේ පියා එය සිදු කරන අතර චිත්‍රවල්ලි ඇය අසල තබා ඇති කාන්තාව බියකර සිය කුටියෙන් පිටකර තබාගන්නට සමත් වෙනවා. තමන්ට රිසි සේ නිවසට යන චිත්‍රවල්ලි සිය උපායේ ඉදිරි කොටස ක්‍රියාත්මක කරනවා. චිත්‍රාලම්භ කුමරු විජ්ජා හා නර්ථනවලට කැමති බැව් සොයාගන්නා ඕ කාටත් සොරෙන් නර්ථන කණ්ඩායමකට බැඳී ඒවා ඉගෙනගන්නවා. අනතුරුව ඔවුන් සමග මාලිගාවට ගොස් ඒවා රඟ දක්වනවා. කවදත් ස්ත්‍රී ලෝලියෙකු වූ කුමරු ඒ චිත්‍රවල්ලි බැව් හඳුනා නොගෙන ඇය හාද කරගෙන යහන් ගත වෙනවා. ඇය ගැබිණියක බවට පත් වෙනවා. කාටත් හොර රහසේ සිය පියාගේ නිවසේ සිය පුතුට උප්පත්තිය දෙන ඇය ඔහුට 'මාතලන්' යැ යි නම තබනවා. සිය පියා යටතේ සියළු ශිල්ප ශාස්ත්‍ර ඔහුට උගන්වන්නට ඇය කටයුතු කරනවා. ඉතා බුද්ධිමත් මෙන්ම ක්‍රියාශීලී තරුණයෙකු වූ මාතලන් ඉක්මණින් තරුණයෙක් බවට පත් වන අතර සම්පූර්ණයෙන් චිත්‍රාලම්භ කුමරුගේ ස්වරූපයම ඔහුට ලැබී තිබෙනවා. නිසි කළ වයස එළඹි පසු මාතලන් සිය මවට සිදු වූ අසාධාරණය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගන්නවා. ඔහු රාජ්‍යයේ විවිධ කලබගෑනි ඇති කර මේ වන විට රජු බවට පත් ව සිටින චිත්‍රාලම්භගේ සිත ව්‍යාකූල කරනවා. මේ අතර වර්තමාන මහ ඇමති දුෂ්ඨබුද්ධි ගේ දියණිය හා හාදවන්නටත් ඔහු සමත් වෙනවා. රජු වහාම ඔහු ඇල්ලීමට භට කණ්ඩායම් යොදන නමුත් ඒවායින් ඔහු ගැලවෙන්නේ රජුට සමාන රූපකායක් තිබීමත්, වැඩි බුද්ධියකින් යුක්ත වීමත්, දුෂ්ඨබුද්ධිගේ දියණියගේ සහාය ලැබීමත් යන කාරණා නිසා යි. ඔහු අල්ලාගැනීම සඳහා වූ සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන රජු තනිවම ඔහු ඇල්ලීමට යනවා. මාතලන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා රජු ගෝනියක බහා බැඳ දමන්නට ඔහු සමත් වෙනවා. අනතුරුව රජ ඇඳුම් ඇඟලාගන්නා ඔහු තමන් මාතලන් ඇල්ලූ බව භටයන්ට දැනුම් දී රජු සහිත ගෝනිය මාලිගාවට ගෙනයනවා. ජනයා ප්‍රීතිඝෝෂා නගන අතර මාතලන් චිත්‍රාලම්භට කස පහර දෙන්නට සූදානම් වනවා. මේ අතර චිත්‍රවල්ලි මැදට පැන එය නවත්වා දමා රජුටත් ජනතාවටත් කරුණු පැහැදිළි කරනවා. රජු සිය මුග්ධභාවය පිළිගෙන, තමන්ට හොඳ භාර්යාවක් හා පුත්‍රයෙක් සිටීම පිළිබඳ සතුටු වෙනවා. අනතුරුව මාතලන් කුමරුට රජකම භාර දෙනවා. මාතලන්හි පාත්‍ර වර්ගයා මාතලන් චිත්‍රපටය ලංකාව තුළ මුලින්ම තිරගත වූයේ 1955 වසරේ අගෝස්තු මස 27 වන දා යි. ඒ සිංහල සිනමාවේ 30 වන චිත්‍රපටය ලෙස යි. මෙහි අධ්‍යක්ෂණය ඒ.එස් නාගරාජන් විසින් වන අතර නාගරාජන් හා හියුගෝ ප්‍රනාන්දු මෙහි තිර පිටපත රචනා කොට තිබෙනවා. ශේෂා පළිහක්කාර චිත්‍රාලම්භ කුමරුගේ හා මාතලන් ගේ ද්විත්ව චරිත නිරූපණය කරන අතර, චිත්‍රවල්ලි ලෙස ක්ලැරිස් ද සිල්වා, චිත්‍රවල්ලිගේ පියා ලෙස හියුගෝ ප්‍රනාන්දු, දුෂ්ඨබුද්ධි ලෙස මාක් සමරනායක හා ඔහුගේ දියණිය ලෙස රත්න කුමාරිත් රංගනයෙන් දායක වෙනවා. එස්.එම් නායගම් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකර ඇති අතර කැමරාකරණය කොන්ඩා රෙඩ්ඩි හා සංස්කරණය එල්.එස් රාමචන්ද්‍රන් විසින් සිදුකර තිබෙනවා. මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන් පාහේ සිදුවී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ දී යි. මාතලන්හි සාර්ථකත්වයට එහි සංගීතය හා ගීත ඉතා දැඩි සේ රුකුල් දී තිබෙනවා. මෙහි ගීත 12ක් අන්තර්ගත අතර විශේෂත්වය වන්නේ ඉන් එකක් හැර අන් 11ම ස්වතන්ත්‍ර නිර්මාණයන් වීම යි. මෙහි සංගීතය ආර්. මුත්තුසාමි විසින් සිදුකර ඇති අතර ගී ගායනය ධර්මදාස වල්පොළ හා ලතා වල්පොළ විසින් සිදුකර තිබෙනවා. විශේෂයෙන් මෙහි අඩංගු වූ 'සිරිනි සරුසර වීලා', 'රන්වන් දුල් කරලින් පැසිලා', හා 'හනික යමන් පුල්ලි ගොනෝ' වැනි ගීත අතිශය ජනප්‍රිය වුණා. ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාර මාතලන් චිත්‍රපටය ඉන්දියානු ජනකතවක් අනුසාරයෙන් තැණුනු චිත්‍රපටයක්. මේ සඳහා එම ජනකතාව යොදාගෙන තැණුනු දමිළ චිත්‍රපටවල ආභාෂය ගෙන ඇති අතර පිටපත මෙන්ම ඇඳුම් ආයිත්තම් ද දමිළ ඌරුවට සෑදී තිබෙනවා. කෙසේ නමුත් මෙය ලාංකීය ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රිය වුණා. මෙහි ප්‍රබල තිර පිටපත ඊට ප්‍රධානතම සාධකයක් වුණා. එහි ආරම්භයේ සිටම අවසානය දක්වා ගලායාම ඉතාමත් සුමට වන අතර ප්‍රේක්ෂක අවධානය නොකැඩී තබාගන්නට සමත් වෙනවා. මෙය හා හොඳ මට්ටමක ඇති රංගනයත් විශිෂ්ට සංගීතයත් මුසු වූ විට කුහුලින් යුතු ඉතා රසවත් නිර්මාණයක් ප්‍රතිඵල වී තිබෙනවා. විචාරකයින් මෙය වාණිජ්‍ය පැත්තට බර නිර්මාණයක් සේ නම් කළ ද සරල රසවින්දනය හේතුවෙන් සම්භාව්‍ය හා එසේ නොවන යන ප්‍රේක්ෂක දෙවර්ගයාගේම ප්‍රසාදය දිනාගැනීමට සමත්ව තිබෙනවා. මෙය කෙතරම් ජනප්‍රිය වී ද යත් පසුකාලීනව නැවත සංස්කරණය කරන ලද පිටපත් ද තිරගත කෙරුණා. 0 maduranga001Most Senior MemberPosts:14118 28 Jan 2020 08:24 PM මම මේ මාතලන් චිත්‍රපටිය මුලින්ම බැලුවේ ගුවන් විදුලියෙන්. ඔව්. ගුවන් විදුලියෙන්. ඔය චිත්‍රපට මුලින්ම ටීවී එකේ පෙන්වන කාළයේ මාසෙකට එකක් දෙකක් වගේ තමා ටීවී එකෙත් ගියේ... හරිම අගේ ඒ කාලේ නම්. ඒ කාලේ රේඩියෝ එකත් පටන් ගත්තා මාසෙකට එක ෆිල්ම් එකක් පෙන්නන්න. දෙබස් යන අතරතුරේ නිවේදකයෙක් කියනවා සමහර දර්ශන විස්තර කරලා. ෆිල්ම් එක හිතේ මැවිලා පේන විදිහට. රාත්‍රී 9.30 ඉඳල පාන්දර එක විතර වෙනකන්ම ඉතින් ෆිල්ම් එක යනවා. ඒ කාලේ මකම ගුවන් විදුලි නාට්‍ය රස විඳින්න පුරුදු වෙලා තිබුණු නිසා මේ ආකාරයට චිත්‍රපටයක් රස විඳින එකත් හරිම අපුරු අත්දැකීමක් වුණා. අනෙක අපිට කුඩා කාලයේ නිවසේ රුපවාහිනියක් තිබ්බෙ නැහැ. (හොඳ වෙලාවට ) මාතලන් චිත්‍රපටයත් ඒ වගේ රස විඳපු එකක්. කාට හරි මතකද මම කියන කාරණාව? 'සිරිනි සරුසර වීලා', 'රන්වන් දුල් කරලින් පැසිලා', හා 'හනික යමන් පුල්ලි ගොනෝ' මේ ගීත ප්‍රචාරය වුනා මතකයි. විශේෂයෙන්ම තල නෙලන ගීතය. රන් වන් දුල් කරළින් පැසිලා නැමිලා බරවීලා තල වැවිලා රමණී සෝබා කෙත්වතු පිරිලා සාරා ඕ කෙත්වතු පිරිලා සාරා// ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා// මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදීලා/// මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදීලා බටලී සංගීතේ මතු ගවයෝ රැඳේයා ගොපලුන් හා මිහිරේ වෙළිලා යාවී රංචු හෝයියා/// රන්වන් දුල් කරලින් පැසීලා....... මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා// තල වේලා පොල් අතු හැරලා කමතේ පිරි ධාන්‍යා/// තල වේලා පොල් අතු හැරලා කමතේ පිරි ධාන්‍යා සැම දෙයියා පිහිටාධාරෙන් කරුණා ලැබීලා ගම සාරයි හාමත දුරු වෙයි ගොවිසෙත ප්‍රීතී හෝයියා/// රන්වන් දුල් කරලින් පැසීලා....... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Jan 2020 07:02 AM මදුරන්ග මතකයන් අලුත් කලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jan 2020 08:40 AM බොහොම ස්තුතියි මේ විස්තර වලට ............ 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 11:56 AM 31. පෙරකදෝරු බෑණා තිරගත කළ දිනය: 1955-10-14 Main Actor : Baby Nimal , Eddy Jayamanna Main Actress : Rukmani Devi Director : A.B. Raja Producer : Willi jayamanna , B.A.W. Jayamanne 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 11:58 AM පෙරකදෝරු බෑණා සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමට අයත් එල්පිනිස්ටන් ප්‍රමුඛ සිනමාශාලාවලදී තිරගත කෙරුනු " පෙරකදෝරු බෑණා " ප්‍රදර්ශනය ඇරඹුනේ 1955 ඔක්තෝබර් 10 වෙනිදාය.එය සිංහල සිනමාවේ තිස්වන චිත්‍රපටය වන්නේය. ජයමාන්න සිනමාටෝන් සමාගමේ කුළුඳුල් චිත්‍රපටය වන “ පෙරකදෝරු බෑණා ” නිපදවනු ලැබුවේ B.A.W.ජයමාන්නගේ සොහොයුරෙකු වන විලී ජයමාන්න විසිනි. එවකට ප්‍රකට නාට්‍ය රචකයෙකු වූ S.D.ස්ටීවන් සිල්වාගේ නාට්‍යයක් ඇසුරෙන් සකස්කරන ලද “පෙරකදෝරු බෑණා” හි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ A. බාස්කර් රාජ් විසිනි. කැමරා ශිල්පියා B.S.මානි ය. සහය අධ්‍යක්ෂණය සඳහා ස්වර්ණ ශ්‍රී සරත්වීර දායක විය. චිත්‍රපටයේ සංස්කරණ කටයුතු C.රාජන් විසිනුත්, ශබ්ද පරිපාලනය P.කන්දප්පන් විසිනුත්, නැටුම් පුහුණුව ශ්‍රී.රාමමූර්ති විසිනුත්, වේශ නිරූපණය K.K.ශ්‍රීනිවාසන් වෙතිනුත් ඉටුකෙරින. මෙහි සංගීත අධ්‍යක්ෂණය B.S.පෙරේරාගෙනි. ගීත ප්‍රබන්ධය කරනු ලැබුවේ ප්‍රකට ගුවන්විධුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ ආනන්ද සරත් විමලවීරය. “ පෙරකදෝරු බෑණා ” ට ඇතුළත් කෙරුණු ගීත නවයෙන්, අටක් සවතන්ත්‍ර නිර්මාණ ලෙස සැලකිය හැකිය. රුකමනි දේවී ගායනා කරන තනිවුනා ප්‍රේම සහරාවේ යන ගීතය පමණක් හින්දි ' අමර් ' චිත්‍රපටයේ ගීතනුවක් අනුව සකස්කර තිබින. (1) වනමලේ පිනිබිඳේ (රුකමනි දේවී ) (2) ආදර නදිය ගලා (මොහොදීන් බෙග් සහ රුක්මනි දේවී) (3) වනබඹරා (රුක්මනි දේවී) (4) මාගේ පෙම්වතා (රුක්මනි දේවී) (5) තනිවුනා ප්‍රේම සහරාවේ (6) හද සිදුරු වුනා මාගේ (මොහොදින් බෙග් සහ රුක්මනි දේවී (7) මුහුදේ පතුළේ කිමිදී (මොහොදින් බෙග් / රුක්මනි දේවී (8) පාපේ ගැලිලා (මොහ්දින් බෙග්) (9) සිතූ දේ ලොවේ (රුක්මනි දේවී (10)නැතුම් වාදනය යන ගීත එකසේ ජනප්‍රිය වූ බව සඳහන් කළයුතුය. එම ගීත WN567- WN568- WN569- WN570- WN570- WN571 යන අංක යටතේ HMV වෙළඳ තැටි මඟින් වෙළඳපළට නිකුත් කරන ලදි. නළුනිළි එඩී ජයමාන්න ( ගුණතිලක රාළහාමි ), රූබි ද මෙල් නොහොත් විනෝද රසාංජලි ( මැණෛකේ ), රුක්මනි දේවි ( මාලිනි ), විලියන්ට් සිල්වා ( ලලිතා ), සිසිර පියසේන ( ගාමිනි සිරිවර්ධන ), පී.සරණතිස්ස ( ඇලෙක්ස් වල්පොල ), ග්‍රේෂන් ජයමාන්න ( සාදප්පු කංකානම ), ආනන්ද සිරිවර්ධන ( ඇලෙක්ස් සිල්වා ), ස්වර්ණ ශ්‍රී සරත්වීර ( සේතුවා ), නිමල් අබේ වික්‍රම ( දොස්තර ), රත්නා අබේරත්න ( ශීල ) ඇතුළු තේඩියස් සිල්වා, කේ.රාජපක්ෂ, නෝමන් පෙරේරා, ප්‍රේමා ජයතිලක ආදී අතිරේක නළු නිළියන් දායක වූහ. පෙරකදෝරු බෑණා සංශිප්ත කතාව ගුණතිලක රාළහාමි, සිංහල සිරිත් විරිත් අකුරටම ගරු කරන ප්‍රතිපත්ති ගරුක වගේම ඉඩම් හිමි ධනවතෙකි. ඔහුගේ පළමු විවාහයෙන් ලත් දියණිය මාලිනිය.ඇයද සිය පියාගේම අඩිපාරේ යමින් විනීත ගති පැවතුම් වලින් හා කුලසිරිත් ගරුකරන රූමත් තරුණියකි. ඇයගේ මෑණියන් මිය පරළොව යාමෙන් පසුව රාළහාමි දෙවෙනි විවාහයක් කරගත්තේය. දෙවෙනි බිරිඳගෙන් ලද දියණිය ලලිතාය. ඇය මාලිනි මෙන් නොව සංකර සිරිත් විරිත් මහත් අභිමානයෙන් සලකන්නියකි. එම ගති සිරිත් ඇයට පුරුදු පුහුණු වූයේ තම මෑණියන් වන මැණිකේ ගෙනි. නාගරිකව වෙසෙන වත්පොහොසත්කම් ඇති කඩවසම් තරුණයෙකු වූ ගාමිණි සිරිවර්ධන මාලිනිගේ පෙම්වතා බවට පත්වූයේ ගුණතිලක රාළහාමිගේ අනුමැතිය හා ආශිර්වාදය නොමදව ලබමිනි. එහෙත් තම දෙවෙනි දියණිය ලලිතා, තම පෙම්වතා ලෙස තෝරාගනු ලැබුවේ ඇලෙක්ස් වල්පොල නමින් හැඳින්වෙන පෙරකෝදෝරුවෙකි. එම සම්බන්ධයට ලලිතාගේ මෑණියන් විරෝධය නොපෑ නමුත් රාළහාමි තුළ එතරම් පැහැදීමක් ඇති නොවීය. සාදප්පු කංකානම- ගුණතිලක පවුලේ හිතවතෙකි. ඔහු ලක්ෂ්මන් නම් පුතෙකුගේ සහ ශීලා නම් දියණියකගේ ආදරබර පියෙකි. මේ අතර හොර ජාවරම් කරමින් යහමින් හරි හම්බකරගත් හෙක්ටර් සතුරුසිංහ නමැති සල්ලාලයෙකු ශීලා විවාහ කරගැනීමේ අභිප්‍රායයෙන් නිතර නිතර ඇයගේ නිවසට යාම් ඊම් කළේය.සතුරුසිංහගේ ධනවත්කම විනා ඔහු කපටි කයිරාටික සල්ලාලයෙකු වග නොදත් සාදප්පු කංකානම, තම දියණියට ඔහු විවාහ කරදීමට තීරණය කරගෙන තිබුනි. එහෙත් සතුරුසිංහගේ ක්‍රියා කලාපය හොඳින්ම අධ්‍යනය කරගෙන සිටි ශීලා සතුරුසිංහව පිළිකෙව් කොට පාසල් අවධියේ පටන් ඇසුරු කළ ආනන්ද සිරිවර්ධන සමඟ පෙම්දමින් බැඳී සිටියාය. ආනන්ද සිරිවරධන වූ කලි මාලිනි සමඟ විවාහ ගිවිසගෙන සිටින ගාමිණි සිරිවර්ධනගේ එකම සොහොයුරාය. ශීලාගේ සහ ආනන්දගේ සබැඳියාව දැනගත් හතුරුසිංහ කෝපයෙන් සහ වෛරයෙන් දැවෙන්නට වූයේ, ආනන්දගෙන් පළිගන්නා අටීයෙනි. හතුරුසිංහගේ හතුරුකම් පිළිබඳ දැනගත් ශීලා සහ ආනන්ද රහසින් පැනගොස් විවාහ වූහ.ඉන්පසු ඔවුන් හතුරුසිංහගෙන් ගැලවීම සඳහා කිසිවෙකුටත් නොදැනෙන සේ රහසින් ජීවත්වන්නට අදිටන් කරගත්හ.ඉන් පසුබට නොවුනු හතුරුසිංහ කෙසේ හෝ ඔවුන් සොයාගැනීමට වෙහෙසුනේය. ගාමිණිගේ සොයුරු ආනන්ද සාදප්පු කංකානමගේ දියණිය පැහැරගෙන ගොස් ඇතැයි යන සැකයෙන් පෙළුනු රාළහාමි, මාලිනි-ගාමිණි විවාහයට එරෙහි වූයේය.ඔහු කලින් ගෙන තිබූ තීරණය එසේ වෙනස් කළද ගාමිණි වෙත බැඳුනු මාලිනිගේ ආදරය කිසිසේත්ම වෙනස් නොවුනේය. මේ අතර සතුරුසිංහ ආනන්ද සහ ශීලා සොයමින් රටපුරා ඇවිදින අතරතුරේද ඔහුගේ මෝටර් රථය හදිසි අනතුරකට භාජනය වීමෙන් ගිනිගත්තේය. එම මහා ගින්නෙන් බේරිගත නුහුනු හතුරුසිංහ තමා කළ සියළුම පාප කර්මයන්ට වන්දි ගෙවන්නාසේ ගිනිගෙන දැවෙන රථය තුළදීම මියගියේය. මෙම සියළු කරුණු කාරණා සැකවින් තේරුම්ගත් ගුණතිලක රාළහාමි - ගාමිණි සහ මාලිනි අතර විවාහයත් ඇලෙක්ස් සහ ලලිතාගේ විවාහයත් එකම දිනයක සිදුකිරීමට යුහුසුළු වූයේ සියල්ලෝම සතුටින් ඉපිලෙමිනි. අවසානයේදි විවාහයන් සිදුකිරීමෙන් පසු රාළහාමි සහ මැණිකේ තම දූවරුන් හා බෑණාවරුන් සමඟ දඹදිව වන්දනා ගමනක් යාමට සූදානම් වූයේය. -කලාභූෂන වැළිහිඳ මුනිරත්න- 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 12:20 PM 32. පොඩි පුතා තිරගත කළ දිනය: 1955-11-25 Main Actor : Ananda Weerakoon , Sirisena Wimalaweera Main Actress : Pushpa Janet Director : Sirisena Wimalaweera Producer : Sirisena Wimalaweera 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 12:21 PM 1955 වසරේ තිරගත කරන ලද චිත්‍රපට අතරින් බොහෝ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූයේ සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයයි. විමලවීරයන් යනු තනිවම චිත්‍රපටයක් නිෂ්පාදනය කළ මෙන්ම තනිවම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද මුල්ම ලාංකිකයා ද විය. විමලවීර මාස්ටර් සිනමාවට පිවිසෙන්නේ ද නාට්‍යකරුවකු ලෙසය. ඔහු සිනමාවට පිවිසෙනුයේ අම්මා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලීමෙනි. සීදේවි, පිටිසර කෙල්ල, සරදියෙල්, අසෝකා, පොඩි පුතා, සිරකරුවා, එකමත් එක රටක, මා ආලේ කළ තරුණිය ඔහු නිර්මාණය කරන ලද සෙසු චිත්‍රපට විය. අශෝකා හැර ඔහුගේ සෙසු සියළු චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ නව ජීවන චිත්‍රපට වෙනුවෙනි. එමෙන්ම පිටිසර කෙල්ල චිත්‍රපටයේ සිට සියලු චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ ඔහු විසින්ම කිරිබත්ගොඩ ඉදි කරන ලද නව ජීවන චිත්‍රාගාරයේය. දේශීය සිනමාවක අවශ්‍යතාව වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නියැළුණු විමලවීරයන්ගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැළකෙනුයේ පොඩි පුතාය. ගාමිණී වේරගම විසින් ලියන ලද දේශිය සිනමා වංශය ග්‍රන්ථයේ සඳහන් වන පරිද්දෙන් පොඩි පුතා යනු 1970 දශකයේදී සුහුඹුළුව වැඩෙන සමාජ යථාර්ථ රීතියේ මුලබීජ අවිධිමත්ව හෝ ගැබ් වූ ප්‍රථම චිත්‍රපටය වන්නේය. එපමණක් නොව ඔහු පවසන පරිද්දනේ එහි හොඳම රංගනය ද විමලවීරයන්ගේය. නම පොඩි පුතා වුව ද මේ චිත්‍රපටයේ කතාව ගෙතුණේ පියා වටාය. සුද්දප්පු හෙවත් සුදු මාමා ගේ චරිතය රඟපෑවේද විමලවීරයන්ය. මේ ඔහුගේ ප්‍රථම සිනමා රංගනයයි. ධනවත් ව්‍යාපාරිකයකු යටතේ සේවය කරන ඔහුට පුතුන් දෙදෙනෙකි. නීතිඥවරයකු වෙන්නට වෙර දරන වැඩිමල් පුතා වෙනුවෙන් වැය කරන්නට සිදුවීමෙන් පොඩි පුතාගේ ඉගෙනීම නතර වෙයි. ඉඩම් උගස් කර පුතුට ඉගැන්වීමෙන් අවසන් විභාගයට මුදල් යැවීමට නොහැකි වෙයි. ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තුන්සීයක් සොරකම් කරන පොඩි පුතා තෙවසරකට සිර ගෙට යයි. පියා නීතිඥවරයකු වූ ලොකු පුතා සමඟ ජීවත් වුව ද ලේලියගේ ක්‍රියා නිසා මහ මඟට වැටෙයි. සිරෙන් නිදහස් වන පොඩි පුතා රැකියාවක් කරමින් පියා ද රැක බලා ගනී. අවසානයේ සිදුවන සොයුරන්ගේ අරගලයේදී පියා මිය යයි. පොඩි පුතා 1956 වසරේ පැවැත් වූ මෙරට මුල්ම සිනමා සම්මාන උළෙල වන දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. උසස් සිංහල චිත්‍රපටයක් කවදා හෝ නවජීවන චිත්‍රාගාරයෙන් බිහි වෙතැයි සරදියෙල් තුළින් අප තබා ගත් බලාපොරොත්තු ඉටු කරමින් සිරිසේන විමලවීරගේ පොඩි පුතා 1955 චිත්‍රපටය වර්ෂය අවසාන කළේ දෝෂයෙන් යුක්තව තිබූ අපේ චිත්‍රපට කලාව සෝදා පිරිසිදු කර හැරීමෙන් යනුවෙන් ජයවිලාල් විලේගොඩ දිනමිණ පුවත්පතට ලිව්වේය. 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 03:59 PM 33. දොස්තර තිරගත කළ දිනය: 1956-02-02 Main Actor : Eddy Jayamanna Main Actress : Rukmani Devi Director : K. Shankar Producer : K.Gunarthnam 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 04:02 PM 1956 වසරේ පෙබරවාරි 02 වෙනිදා තිරගත වූ 32 වැනි සිංහල චිත්‍රපටය වූ ‘‘දොස්තරට’’ පසුබිම් වී ඇත්තේ ද මෝලියර් ගේ කතාවකි. මේ කතාව ඇසුරෙන් 1942 වසරේ කේ. (කන්නන්) ශංකර් නම් මලයාලම් අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කළ ‘‘එන් මානවී’ (En Manaivi) නම් දෙමළ චිත්‍රපටය නිපදවී ඇත. එය මෝලියර්ගේ My Wife නම් කතාව ඇසුරෙන් වල්ලිපුරම් සෝමනාදන් විසින් දෙමළ චිත්‍රපටයේ කතාව හා දෙබස් ලියා ඇත. 2000 වසරේ සිංහල සිනමාවේ තිඹිරිගෙය සොයා දකුණු ඉන්දියාවට ගිය මියගිය මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල කෝඩ බක්කම්හි පිහිටි වල්ලිපුරම් සෝමානදන්ගේ නිවසට ගොස් ඇත. ‘‘දොස්තර’’ චිත්‍රපටයේ කතාව සකස් කළ ඔහු ලංකාවට පැමිණ බම්බලපිටියේ ග්‍රීන්ලන්ඩ් හෝටලයේ නැවතී සිට සිරිසේන විමලවීරට දොස්තර චිත්‍රපටයේ කතාව කියූ බවත් ඔහු එය සිංහලට පරිවර්තනය කළ බවත් සෝමනාදන් පවසා ඇත. ‘‘දොස්තර’’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ය. සිනමාස් චිත්‍රපට මීට පෙර නිපදවා තිබුණේ මදුරාසියේ මොඩර්න් චිත්‍රාගාරයේ වුවද දොස්තර නිපදවූයේ මදුරාසියේ A.V.M. චිත්‍රාගාරයේ දී වීම විශේෂයකි. මීට වසර 71 කට ඉහත ඒ.ඩී. මෙයියප්පන් ආරම්භ කරන ලද A.V.M. චිත්‍රාගාරයේ දී 1955 ආරම්භ කළ ‘‘දොස්තර’’ ඇතැම් දර්ශන රූගත කරනවා බැලීමට මෙයියප්පන් හා බිරිඳ රත්මලානේ ගුවන්තොටුපළට පැමිණි විට කේ. ගුණරත්නම් පිළිගත් ඡායාරූප එකල පුවත්පත්වල පළ වී තිබුණි. දොස්තර චිත්‍රපටයේ රඟපෑ (දොස්තර ලෙස) එඩී ජයමාන්න සමග භාරතීය චිත්‍රපට නළු භගවාන් ඩාඩා (Bhgawan Dada) රඟපෑම ද සුවිශේෂ සිද්ධියකි. ලංකාවේ තිරගත වූ අල්බේලා හින්දි චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස විකට චරිතයක් රඟ පෑ භගවාන් අපේ විකට රාජා වූ එඩී ජයමාන්න සමග ‘දොස්තර’ චිත්‍රපටයේ ඇත්තටම ගහගත් බව පැවසේ. යකෙකුටවත් බය නැති දොස්තර පණ්ඩිතරත්නගේ චරිතය රඟපාන එඩී ජයමාන්නගෙන් බෙහෙත් ගැනීමට ලොකු අරක්කු බෝතලයක් රැගෙන එන දර්ශනයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවලට මතකය. ‘‘දොස්තර’’ ප්‍රචාරක පත්‍රිකාවක භගවාන් ගැන මෙසේ සඳහන්ව තිබිණ. ‘‘හින්දි තිරයේ සිය නම තැනක තබා ගත් ඉහළම විකට රජා භගවාන්ව හඳුනති ලොව හැම කෙනෙක්ම චිත්තර පටියෙහි ‘‘දොස්තර’’ රඟ පා දෙන රස මතුකර ඔහු පිළිබඳ මොටද ඉතින් කරන්න වැඩිපුර විස්තර ‘‘දොස්තර’’ චිත්‍රපටයට විශාල වියදමක් දරා ජීව වර්ණයෙන් එක් කරන ලද නැටුමක් නිසා සිංහලෙන් මේ තාක් නිපදවන ලද ඉතාමත් නේත්‍රාංජන චිත්‍රපටය විය හැකි බව පෙනෙන බව සිනමාස් සමාගම විසින් ප්‍රකාශයට පත් ‘‘කලා’’ පුවත්පතේ (1956 සැප්තැම්බර් 05) පළ වී ඇත. 1956 අගෝස්තු මාසයේ අරඹා ඇති ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පත්‍රයක් වන ‘‘කලා’’ පත්‍රයේ ආරම්භ කර්තෘ පත්‍රකලාවේදී මාරක කතා ලිවීමේ සූරයකු වූ ඇස්. පියසේනය. මේ පත්‍රයේ “ජීව වර්ණ නැටුම් වලින් හා අමද්‍යප නැටුමින් දොස්තර අලංකාර වේ” යන ප්‍රවෘත්තියෙන් භගවාන් සහ තරුණියන් 25 දෙනෙකු නටන අමද්‍යප ව්‍යාපාරයට රුකුල් දෙන නැටුමක් නිසා චිත්‍රපටයේ අාධ්‍යාත්මික වටිනාකමද වැඩි වන බව පෙනෙන බව සඳහන් කර ඇත. 1913 උපන් භගවාන් 2002 දී මිය ගියේය. එතෙක් (1947 - 1955 දකවා) බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා චිත්‍රපටවල පමණක් රඟ පෑ එඩී හා රුක්මණී වෙනත් චිත්‍රපට සමාගමක විත්‍රපටයක රඟ පෑ මුල් අවස්ථාව සනිටුවන්නේ දොස්තර චිත්‍රපටයෙනි. සිනමාස් සමාගමේ වජ්‍ර ජයන්ති වර්ෂය ඇරඹී ඇත්තේද දොස්තර චිත්‍රපටයෙනි. ශ්‍රී ලංකාවේ මුල් වරට චිත්‍රපට නිළියකගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථයක් නිකුත්කර ඇත්තේද ‘‘දොස්තර’’ චිත්‍රපට තිරගතවීම නිමිත්තෙනි. ඒ කෘතියේ නම ‘‘මගේ ජීවිත විත්ති’’ ය. කතුවරිය රුක්මණී දේවිය. රුක්මණී දේවි විසින් 1955 වසරේ සිට සතිපතා ඉරිදා ලංකාදීප පත්‍රයට ලියන ලද ලිපි එකතුවකි මේ. මේ ලිපි පෙළ රුක්මණී වෙනුවෙන් රචනා කළේ ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටි කරුණාසේන ජයලත් විසිනි. මේ පොත ලක්ෂණ ඡායාරූප සහිත රසවත් පොතක් ලෙසත් එහි මිල රු. 2.00 ක් බවත් සිනමාස් සමාගමේ පළකර තිබූ වෙළෙඳ දැන්වීමක සඳහන්ව තිබුණි. ‘‘දොස්තර’’ කතාව විකාශය වෙන්නේ මෙසේය. පණ්ඩිතරත්න කාල සටහනක් අනුව වැඩ කරන දොස්තරවරයෙකි. එක් දිනක් ඔහු ගමනක් ගොස් වේලාසන ගෙදර පැමිණියේය. ජනේලය හැර පාර දිහා බලන ඔහුට දකින්නට ලැබුණේ සයිකල් අනතුරකට ලක් වූ තරුණියකි. සිහිසුන්ව බිමට වැටීමට ඔන්න මෙන්න තිබිය දී එතැනට ගිය දොස්තර පණ්ඩිතරත්න ඇය අල්ලා ගත්තේය. ඔහු ඇයට ප්‍රථමාධාර දීමට සිය ගෙදරට කැඳවා ගෙන ගියේය. ‘එන්න මේ තියෙන්නේ මගේ ගෙදර’ දොස්තර කියනු ඔහුගේ බිරිඳ කාන්තිට ඇසිණ. කාන්තිට තම සැමියා ගැන සැක සිතුණි. ඇය මේ සිද්ධිය වරදවා සිතුවාය. තම සැමියා ඇය සමග කාමරයට වී කරන්නේ පෙම්බස් කීම යයි සැක කළ කාන්ති අතරමග හමුවන මේ තරුණියට ඔහු සැබවින්ම ආදරය කරන්නේ යයි ඇය සැකකළාය. මේ තරුණියගේ නම චන්ද්‍රාය. ඇය නළඟනකි. එහෙත් දොස්තර ඇය මෙයට පෙර දැක නැත. දොස්තර චන්ද්‍රා සමග ඇගේ නිවසට ගියේ ඈ තනියම යාම පරෙස්සම් නැති නිසාය. දොස්තර තම බිරිඳ වූ රූමත් කාන්තිට හොඳටම ආදරේය. කාන්තිත් තම සැමියාට ඒවගේම ආදරේය. එහෙත් කාන්ති දොස්තර සැකකරයි. කාන්තිට පණමෙන් ආදරේ කළත් දොස්තර ද ඇය සැක කරයි. කාන්ති කැලණි විහාරයට යන වන්දනා ගමන් ද මේ සිද්ධියට පසු වැඩිවෙන්නට විය. තම බිරිඳ සැක කරන දොස්තර ඇය ගැන විපරමින් සිටියේය. කාන්ති එදා අහම්බෙන් අනතුරකදී තම සැමියාට හමු වූ චන්ද්‍රා වැටී සිටි ස්ථානයට ගියාය. බයිසිකලය තිබූ තැන තිබී කාන්තිට තරුණයකුගේ ඡායාරූපයක් හමු විය. කාන්තිට මෙය ප්‍රහේළිකාවකි. මේ ඡායාරූපය කාන්ති පරෙස්සමෙන් තබා ගත්තාය. වරෙක ඇය ඒ ඡායාරූපය කොට්ටය යට තබා සිටි අවස්ථාවක සැමියාට හමු විය. මේ නම් බිරිඳ හා පෙම් බඳින තරුණයාගේ ඡායාරූපය යයි ඔහු සිතයි. දොස්තර මේ තරුණයා කවුදැයි රට පුරා සෙවීය. රංජිත් නළඟනක් වූ චන්ද්‍රාට ආලය කළේය. ඔහු ධනවත් පවුලක තරුණයෙකි. ඔහු ආලය කළ තරුණිය දුප්පත් නළඟනක් වීම ගැන ඔහුගේ මිත්‍ර කල්‍යාණප්‍රිය කැමති නොවීය. තම මිතුරාගේ කීමට පිටු පෑ රංජිත් චන්ද්‍රා සමග විවාහ ගිවිස ගත්තේය. එදා චන්ද්‍රා අනතුරට පත් වූ ස්ථානයේදී තිබී දොස්තර බිරිඳට හමු වූයේ රංජිත්ගේ ඡායාරූපයකි. මිනිසුන් දෙස ඉතා විමසිල්ලෙන් බලමින් ඡායාරූපයේ සිටි තරුණයා සොයා යන දොස්තරට නොයෙක් අතවරවලට මුහුණ දීමට සිදුවෙයි. අන්තිමට දොස්තරට රංජිත් හමුවෙයි. තමා පෙම්වතිය වූ චන්ද්‍රාට දුන් ඡායාරූපය වෙනෙකකු අතට පත් වී තිබෙනු දුටු රංජිත්ගේ මොළය අවුල් විය. ‘‘කෝ චන්ද්‍රා මම දුන්න මගේ පින්තූරය?” රංජිත් අසන විටය චන්ද්‍රාට පින්තූරය සිහියට ආවේ. චන්ද්‍රා සිතා සිටියේ රංජිත්ගේ පින්තූරය කොහේ හෝ ඇති කියාය. එයට සිදු වූ ඇත්ත සිද්ධිය චන්ද්‍රා දැන නොසිටියාය. රංජිත් පින්තූරය ඉල්ලූ නිසා ඇය එය හැම තැනම සොයා බැලුවාය. එහෙත් එය සම්බ නොවුණි. මේ නිසා රංජිත් හා චන්ද්‍රා අමනාප විය. මේ අතර රංජිත් දොස්තර සොයා ඔහුගේ නිවසට ගියේය. ගමනක් ගොස් සිටි දොස්තර වෙනුවට රංජිත්ට හමු වූයේ ඔහුගේ බිරිඳ කාන්තිය. චන්ද්‍රා හා දොස්තරගේ සිද්ධිය කාන්ති රංජිත්ට විස්තර කළ පසු රංජිත් චන්ද්‍රා ගැන තිබූ සැකය වඩාත් තහවුරු විය. ඉන්පසු රංජිත් චන්ද්‍රා සොයා ගියේය. චන්ද්‍රාට මේ සියල්ල ප්‍රහේලිකාවකි. ඇය රංජිත් ගැන සිතමින් කාලය ගත කළාය. රංජිත් තමාව මෙසේ සැක කරන්නේ ඇයි? මේ සියල්ලටම මුල හිටි හැටියේ රංජිත්ගේ ඡායාරූපය අතුරුදන් වීමය. මේ අවුලට මුල කාන්ති අතට රංජිත්ගේ ඡායාරූප පත්වීමය. චන්ද්‍රා බැරිම තැන දොස්තර හමුවීමට ගියාය. මේ අතර රංජිත් චන්ද්‍රා සොයා එන විට දැනගන්නට ලැබුණේ ඇය දොස්තර ගෙදරට ගිය බවය. චන්ද්‍රා අවේලාවේ තම නිවසට පැමිණි බව දැනගත් දොස්තර කලබලයට පත්වෙයි. මහා විනාශයක පෙර මග ලකුණු දුටු දොස්තර චන්ද්‍රාව අල්මාරියක දමා වැසීය. මේ අතර රංජිත් ද දොස්තර සොයා පැමිණියේය. රංජිත්ගේ පැමිණීමෙන් ගේ තුළ සිට පැමිණි කාන්ති කලබලයට පත් විය. සැමියා පැමිණියොත් තමා අවිශ්වාසයට පත්වෙන බව කාන්ති දැන ගත්තාය. ඇය කළේ රංජිත්ව කාමරයක දමා වැසීම ය. අල්මාරිය තුළ සිර වී සිටීමෙන් අපහසුවට පත් චන්ද්‍රා එහි තුළ දඟලන්නට පටන් ගත්තාය. රංජිත් ද කාමරය කඩා එළියට පැන්නේය. සියලු දෙනාම එක් වූහ. ඔවුන්ගේ කතා බහෙන් සියලු සත්‍යය අනාවරණය වෙයි. මේ සියලු දෙයම සිදු වූයේ අවිශ්වාසය සැකය නිසා බව හෙළි වෙයි. දොස්තර පණ්ඩිතරත්න ලෙස එඩී ජයමාන්නත්, චන්ද්‍රා ලෙස රුක්මණී දේවි ද රංජිත් ලෙස හර්බට් එම්. සෙනවිනරන්න ද කාන්ති ලෙස කාන්ති ගුණතුංග ද ප්‍රධාන චරිත රඟ පෑ දොස්තර චිත්‍රපටයේ බණ්ඩා ලෙස හියුගෝ ප්‍රනාන්දු, මැණිකා ලෙස උදුලා දාබරේ, මාක් සමරනායක, ශාන්ත රසාදරී, විනෝදා රසාංජලී, ශාන්ති ලේඛා රඟපෑහ. චිත්‍රපටයේ දෙබස් කේ හියුගෝ ප්‍රනාන්දුගෙනි. කතාව කියා නාමාවලියේ සඳහන් වෙන්නේ සිනමාස් සමාගමේ කතා දෙපාර්තමේන්තුව කියාය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ වූ කේ. ශංකර් මලයාලි ජාතිකයෙකි. ඔහු භාෂා 06 කින් චිත්‍රපටය ද මලයාලි චිත්‍රපට 100 ක් ද අධ්‍යක්ෂණය කළ බව පැවසේ. දෙමළ, හින්දි, තෙළිගු චිත්‍රපට අධ්යක්ෂණය කළ ඔහු අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය දොස්තර ය. ගාමිණි ෆොන්සේකා රඟ පෑ නීලකඩලින් ඔරන්තිලෙයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඔහුය. පාරා ශක්ති, දෛව සරවි යන ද්‍රවිඩ චිත්‍රපට හා ලඩ්කි හින්දි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ ආර්. සුන්දරම් දොස්තර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයාය. මෙහි සියලුම ගීත ජනප්‍රිය වූ බව කියන මහාචාර්ය සුනිල් ආරියරත්න (සිංහල චිත්‍රපට ගීතාවලිය 1947 - 1956) චිත්‍රපටයේ තනු සියල්ල හින්දි හා දෙමළ චිත්‍රපටවලින් උපුටා ගත් ඒවා බව කියයි. (උදා: හෝ පෙම් රාජයා - ‘බහාර්’ චිත්‍රපටයෙන්, වාසනාවන්ත කල ලබා - අලි බබා චිත්‍රපටයෙන්) හර්බට් එම්. සෙනෙවිරත්න ආනන්ද සමරකෝන්, හියුගෝ ප්‍රනාන්දු මෙහි ගීත රචනා කර ඇත. අවිශ්වාසය චිත්‍රපටයට තේමා වන නිසා ධර්මදාස වල්පොල ගයන මේ ගීතය චිත්‍රපටයට ඇතුළත් කොට ඇත. ‘‘අවිශ්වාසයක් සිත් හි මවා ගෙන විකල්ව මේ මිනිසා බලත්ව යන හැටි මේ විලසා’’ රංජිත් (හර්බට් එම්. සෙනෙවිරත්න) තරහෙන් ඉන්න අවස්ථාවක චන්ද්‍රා (රුක්මණී දේවි) ගයන මේ ගීතයද එදා අතිශයින්ම ජනප්‍රිය වී ඇත. ගායනය රුක්මණී දේවියගේය. ‘‘බලාපල්ලා මේ මූණේ හැටී උදෙන්ම දැක ගන්ට කීයක් වටී’’ රංජිත්ගෙන් වෙන් වී චන්ද්‍රා ගැයූ මේ ගීතය ගයන්නේ ද රුක්මණී දේවිය. ‘‘ජීවිතේ මා පාළු වී යයි අන්ධකාරේ පාවෙවී අහෝ පාවෙමි ප්‍රේම පාලා ගිය දමලා මේ අහිංසක ආදරී ඔබේ ආදරී මේ හැර රුක්මණී ගැයූ ආදරේ පුරා මහදේ - මතු වේවි උල්පත සේ, පෙම් සාගරේ ගිලී නාමු ප්‍රේමෙපා ගීත දෙකත් ඒ.එම්. රාජා ගැයූ ගෙයක් ගානේ වැඩපළ කර ඉඳලා කාටද පලක් වුණේ පී. සුසිලා ගැයූ තායම් මායම් හොර හිත හින්දා - පිරිමින් ලෝකෙට ගෙන දෙයි නින්දා, ලතා වල්පොල ගයන දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ ගීත ද එකල කොලොම්බියා තැටි අලෙවි වීමට සාධකයක් වී ඇත. රුක්මණී දේවි තමා ‘‘දොස්තර’’ චිත්‍රපටයේ සමහර විට දිගටම පැය 10, 12, ඒ.එම්.වී. චිත්‍රගාරයේ සිටීමට සිදු වූ දවස් ගැන ඇය ලියූ මගේ ජීවිත විත්ති පොතේ සඳහන් කරන්නීය. ‘‘දොස්තර චිත්‍රපටයේ රඟපාන විට දිනක් පාන්දර 4 ට චිත්‍රාගාරයට ගිය මට ආපසු එන්නට ලැබුණේ පසුව දා පාන්දර හතරටය. දොස්තර චිත්‍රපටියේ රඟපාන අතරම තවත් අවස්ථාවක එක දිගටම පැය 27 ම වැඩ කිරීමට සිදු විය. ‘‘ලංකාදීප’’ පත්‍රය මගින් පවත්වන ලද පංච කල්‍යාණි තරගයේ විනිශ්චයකාර මණ්ඩලයට පත්වීමේ ගෞරවය මට ද එම පත්‍රය මගින් පිරිනමන ලදී. සැප්තැම්බර 16 වැනිදා තරගය සඳහා ඊට ප්‍රථම දා මට ලංකාවට එන්නට තිබුණා. ඒ දිනවල වැඩ කළේ මගේ නැටුම් ජවනිකාවක් චිත්‍රපටි ගත කිරීමටය. ‘‘දොස්තර’’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලංකාවේ රූප ගත කෙරිණි. එහි එළිමහන් දර්ශනයක් රුක්මණී හා හර්බට් එම්. සෙනෙවිරත්න පෙම් ගීතයක් ගයමින් මෝටර් රථයකින් යමින් නුවර වීදියේ යන දර්ශනයක අත්දැකීමක්ද රුක්මණී විස්තර කර ඇත. ගීතය ගේය පද රචනය මෙසේය. ‘‘වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරෙන් පිරී ගියා දුක් නිවාලා - ශාන්ති පාලා හර්දයේ ආදරෙන් විනෝද වී ගියා රුක්මණී හා හර්බට් මේ ගීතය ගයමින් යන අතර වූ අවදානම් අත්දැකීමට මුහුණ දෙන විට ගැයීමට තිබී ඇත්තේ ගියේ මේ කොටසය. වංගු බෝ වැඩියි දැන් ඉතින් මේ මාර්ගයේ හර්බට් ගයයි. හොඳ ප්‍රවේශමෙන් යන්නකෝ සුදා මගේ ඒ රුක්මණිගේ කොටසය. ‘‘දොස්තර චිත්‍රපටයේ එළිමහන් දර්ශනය සඳහා නුවරඑළි ගිය අවස්ථාවේදී ඊටත් වඩා අවදානම් දෙයක් සිදු විය. මෙහි ප්‍රධාන නළුවා වූ හර්බට් එම්. සෙනෙවිරත්නත් මමත් මෝටර් රථයක නැගී යන ජවනිකාවක් තිබේ. නුවර එළියේ වංගු සහිත පාරක අපට ගමන් කරන්නට තිබේ. මෙහිදී රථය පදවන්නේ හර්බට් ය. අධ්‍යක්ෂක හා කැමරා ශිල්පීන් පහළ සිටිය දී අපි පල්ලමේ රථයෙන් පැමිණියෙමු. වංගුවක දී හදිසියේ පාරේ ගමන් කළ තවත් රථයක් මුණ ගැසුණේය. අපේ රථයවත් අනිත් රථයවත් නළාව ශබ්ද කළේ නැත. අපේ වම් අත පැත්තේ මහ හෙළකි. හදිසියේ ඉදිරිපසින් පැමිණි රියෙන් බේරෙන්නට හර්බට් අපේ රථය අයිනට කළේය. පල්ලමේ වේගයෙන් පැමිණි රථය එසේ අයිනට කරද්දී සැතපුම් ගණනක් පහළ ඈතට විහිද ගිය මහ හෙළට නොවැටී බේරුණේ පෙර පිනකිනි. මේ සිද්ධිය මතක් වෙන විට තවමත් මගේ ඇඟ හිරිවැටෙයි. රුක්මණීට හා හර්බට්ට මේ චිත්‍රපටයේ එළිමහන් දර්ශන වගයක් සඳහා දෙහිවල සත්වෝද්‍යානයට යාමට සිදුව ඇත. එහි කටුක අත්දැකීම රුක්මණී තම ජීවිත කතාවේ විස්තර කොට ඇත්තේ මෙසේය. ‘‘එදා මම පැය හතරක් පමණ දිගටම අව්වේ සිටියෙමි. දවල් 2.30 පමණ වනතුරු දවල් ආහාරය ගන්නට නොලැබුණි. දෙකට පමණ එක තැනක දී කව්දෝ මා පිටු පසින් සිට ‘‘මේ බලන්නයයි කියනු ඇසුනෙන් මම හැරී බැලුවෙමි. සත්වෝද්‍යානයේ පාලක මේජර් ඕබ්රි වයිමන් මහතාගේ පුත්‍රයා නයකු අතින් අල්ලා මා ළඟම සිටිනු මම දුටුවෙමි. ඒ දෙහිවල බවත් ඌ හිලෑ කළ නයකු බවත් මට අමතක විය. ඒ භයානක සතා මගේ නෙතට ලක් වූයේ කෙතරම් හදිසියෙන් හා කිට්ටුවෙන්ද යත් මට ඉබේටම කෑ ගැසුණි. මා තුළ විශාල බියක් මෙන් තැති ගැන්වීමක්ද ඇති විය. මඳ වේලාවකදී ගතට වෙහෙසක් සමග ඉවසිය නොහැකි හිසරදයක් දැනුණි. ‘‘දොස්තර’’ චිත්‍රපටයේ මංගල දර්ශනය 1956 වැල්ලවත්තේ සැෆයාර් නෘත්‍ය ශාලාවේ පැවැත්වීම නිසා එදා එම නෘත්‍ය ශාලාව උත්සවශ්‍රීයෙන් වෙලී ගිය හැටි 1956 පෙබරවාරි 05 වෙනි ඉරිදා ‘‘කලා’’ සිනමා පුවත්පතේ මුල් පිටුවෙන් අනාවරණය වෙයි. එහි ශීර්ෂ්‍ය වූයේ මංගල සිරිගත් මහා චිත්‍රපටියේ මංගල දර්ශනය ය. එහි මෙසේ ද සඳහන් වී ඇත්තේය. සවස පහ වෙන්නටත් පෙර අගමැතිතුමා (සර් ජෝන් කොතලාවල) හා දොස්තර නළු නිළියන් දැක ගැනීමේ ආශාවේ වෙළී ගිය මහා ජනයාගෙන් තාප්පය අවට මහ මාර්ගය පිරීයාම නිසා රථවාහන හසුරුවන්නට විශේෂ පොලිස් භටයන්ට සිදුවිය. සවස 6 ට අගමැති තුමා හා නළු නිළියන් පැමිණෙත්ම මහා ජනයා ප්‍රීති ඝෝෂා පැවැත් වූහ. සැමට ආයුබෝවන් කියා අගමැති තුමා අසුන් ගත් ඉක්බිති ලක්දිව මෙතෙක් පෙන්වන කලාත්මක සිංහල චිත්‍රපටය තිරයේ දුවන්න පටන් ගත්තේය. රජයේ වැදගත් කටයුත්තක් සඳහා 6.15 ට පිටත්ව ගිය අගමැති තුමාට චිත්‍රපටයේ නළු නිළියන් හා අධ්‍යක්ෂ ෂන්කර් මහතා හඳුන්වා දෙන ලදී. අගමැති තුමා නිෂ්පාදක ගුණරත්නම්ට ප්‍රශංසා කරනු පුවත්පත් නියෝජිතයෝ සිනා මුසුව බලා සිටින ඡායාරූපයක් ද මේ පුවත්පත් වල පළ වී තිබුණි. එය මෙහි පළ වී ඇත. එහි සිටින පුවත්පත් නියෝජිතයෝ එල්මෝ ගුණරත්න (ජනතා) කරුණාසේන ජයලත් (ලංකාදීප) හා ජයවිලාල් විලේගොඩ (දිනමිණ) වෙති. ලංකාදීප පත්‍රයේ ඩී.වී. සෙනෙවිරත්න ලියා තිබුණේ අධ්‍යක්ෂ ශංකර් (දෙමළ චිත්‍රපටයේ අධ්‍යක්ෂ) දොස්තර චිත්‍රපටයෙන් දස්කම් දක්වන බවය. සිංහල නොදන්නා ඔහුට චිත්‍රපටයෙහි කරන්නට ඇත්තේ ඉන්දියානු චිත්‍රපටයක කරන දේවල් බව පවසා ඇත. කරුණාසේන ජයලත් (1956 පෙබරවාරි 06) ලංකාදීපයට ලියා තිබුණේ දොස්තර මුල් කෘතියට වඩා වෙනස් කර ඇතත් එහි කතාව රසවත් බවය. අපේ නළු නිළියන් හැම දෙනාම ගැන බලන විට රඟපෑම් අතින් මෙතරම් හොඳ චිත්‍රපටියක් කලකින් නොදුටු තරම් බවය. ජයවිලාල් මිලේගොඩ දිනමිණ විචාරයේ මෙසේ සඳහන් කර තිබුණි. ‘අපේ චිත්‍රපටවලට නැතිව බැරිව තිබූ ආයා, අප්පු, විහිළු නයා, ගී ගයන හිඟන්නා, පිස්තෝලය හා දෙපැත්තට වී දුක් ගී ගයන කෙල්ලයි, කොල්ලයි නැති, තමන්ගේ කලින් නිෂ්පාදනවල දක්නට ලැබෙන තරම්ම දෙමළ මුහුණවර හා අඩනිරුවත් රැඟුම් වලින් තොර වූ සිංහල චිත්‍රපටයක් මෙවර සිනමාස් සමාගම නිපදවා ඇත. ඒ.ඩී. රන්ජිත් කුමාර 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 04:36 PM 34. ඩිංගිරි මැණිකා තිරගත කළ දිනය: 1956-05-11 Main Actor : Sairas W. Senevirathna Main Actress : Theja Senevirathna Director : A.S.A. Saamy Producer : A.D.S.Somarathna 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 04:38 PM ‘ඩිංගිරි මැණිකාට’ වසර සියයයි ! බටහිරි සංස්කෘතිය උසස් කොට සැලකූ ඉහළ පන්තියේ මිනිසුන් නිසා සිංහල සිරිත් විරිත් ඉවත දමමින් පරසිරිතට ශීඝ්‍රයෙන් ගොදුරු වු සිංහල සමාජය පියදාස සිරිසේන මහතාගේ විවේචනයට කවදත් ලක් විය. ඩිංගිරි මැණිකා හිදී ඔහු තම කාර්යය වික්‍රමපාල ලවා සිදු කරවයි. නම් ගම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම්, කථාබහ ආදී සෑම දෙයක්ම සංකර වී තිබුණු සමයක අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනගත් ඩිංගිරි මැණිකා ද මේවාට ගොදුරුවීම පුදුමයක් නොවේ. රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය යළිත් සිංහල කුල සිරිතට වෙනස් වීම වික්‍රමපාල අගය කරයි. බේබදුකම කවදත් කතුවරයා විසින් හෙළා දකිනු ලැබුවකි. ඒ යුගයේ කීර්තිමත් සිංහල නවකතාකරුවා වු පියදාස සිරිසේන මහතා විසින් ‘ඩිංගිරි මැණිකා’ කෘතිය ලියා පළ කරන ලද්දේ 1918 දීය. ඒ අනුව ප්‍රථම සිංහල රහස් පරීක්ෂක නවකතාව ලෙස සැලකෙන මෙය ලියැවී මේ වසරට, වසර සියයකි. පාඨක රුචිය වෙනස් වී ඇතත් “නොව පැරණිය වන රමණිය විටින් විට” කීවාක් මෙන් අද වුවද ‘ඩිංගිරි මැණිකා’ ආසාවෙන් කියවිය හැකි නවකතාවකි. වසර සියයක් ගත වුවද කථා නායිකාව වන ඩිංගිරි මැණිකා තවමත් අපට පෙනෙන්නේ රූමත් තරුණියක ලෙසමය. එදා මෙය අතිශයින්ම ජනප්‍රිය කෘතියක් වු බව 1956 දී එහි සයවන මුද්‍රණය නිකුත් වන විට පිටපත් 30,000 කට වඩා අලෙවි වී තිබීමෙන් සිතාගත හැකිය. 1956 දී මෙය චිත්‍රපටයට නැගීමෙන් පසුව පොතේ ජනප්‍රිය බව චිත්‍රපටයටද ලැබුණු බව එහි ආදායම් වාර්තාවලින් පෙනේ. එදා රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් වැය කොට තැනුණු චිත්‍රපටය, රුපියල් පහළොස් ලක්ෂයක් උපයා දී ඇත. චිත්‍රපටයේ වු ගිරිහෙල් මුදුෙන්, පෙරදිග මුතු ඇටයයි මේ, සැබෑවේ සිහිනය මාගේ වැනි ගීත අදටත් ජනප්‍රියව පවතී. කථා සාරය. ගම්පොළ මීවිටිගල නිලමේගේ එකම දියණිය වු ඩිංගිරි මැණිකාට මහනුවර පරසිරිත් අනුගමනය කළ අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනුම ලබද්දී ධර්මරාජ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි තම ගමේම “පහත්” පවුලක තරුණ රන් බණ්ඩා හමු වෙයි. රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය පරසිරිත් ඉවතලා සිංහල කුල චාරිත්‍රවලට පුරුදු වෙයි. දෙදෙනාගේ මිත්‍රත්වය ප්‍රේමයකට හැරේ. මෙය දැනගත් දෙමාපියෝ ඇය පාසලින් ඉවත් කර ගෙදර ගෙන එති. රන් බණ්ඩා ද ඉගෙනුම නතර කොට සිය ගමට අවුත් ගොවිතැන් කටයුතුවල යෙදෙයි. දෙදෙනාගේ ප්‍රේමය රහසින් මෝරයි. තමාව විවාහ කරගන්නා ලෙස ඇය ඔහුට බල කරයි. තම පන්තියේ කෙනෙකුට මැණිකා විවාහ කරදීමට දෙමාපියෝ සැරසෙති. විවාහයට දින හතරකට පෙර රාත්‍රියේ රන් බණ්ඩා සමඟ නිවසින් පැන යාමට ඇය තීරණය කරයි. එදිනම, ඒ වලව්වේ සිටි වැඩකාර ස්ත්‍රිය මැගීද වටිනා බඩුමුට්ටු කිහිපයක්ද සොරකම් කරගෙන පැන යෑමට සුදානම් වෙයි. ගණදුරු රැයේ ඩිංගිරි මැණිකා සහ මැගීද වැරදි වාහනවල නගිති. වැරැද්ද තේරෙන විට බොහෝ දුරක් ගොස් අවසන්ය. සොරකු අතට පත් වුණු මැණිකා ගණේවත්තට එහා කැළයක හොරුන්ගේ වාඩියකට ගෙනයනු ලබයි. මැගී තම නාවලපිටියේ බත් කඩයට යයි. වික්ෂිප්ත වු රන් බණ්ඩා නුවර යයි. පසුව, අධිකරණයෙන් රන් බණ්ඩාට වසර තුනකටත්, මැගීට මාස තුනකටත් සිර දඬුවම් නියම වේ. ඩිංගිරි මැණිකා සොයා ගැනීමට ගත් සියලු පරිශ්‍රම ව්‍යර්ථ වේ. දස මසකට පසු මීවිටිගල නිලමේට පෞද්ගලික රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාල දුම්රියේදී හමු වේ. මාස දෙකක පරිශ්‍රමයෙන් අනතුරුව වික්‍රමපාල ඇය හොර වාඩියෙන් මුදාගනී. පසුව ඇය හා රන් බණ්ඩා ද විවාහ වෙති. කෝන්ගොඩ වික්‍රමපාල කතාවේ කැපී පෙනෙන චරිතය කෝන්ගොඩ වික්‍රමපාලයි. එහෙයින්ම පොත නම් කොට ඇත්තේ ඩිංගිරි මැණිකා ෙනාහොත් වික්‍රමපාලගේ ‘පළමුවන වික්‍රමය’ යනුවෙනි. ඉංග්‍රීසි පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වු රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය, සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කෙරුණේ 1887 දීය. සිංහල පාඨකයන් අතරට රහස් පරීක්ෂක වික්‍රමපාල පැමිණෙන්නේ ඉන් වසර 31 ට පසුවය. මේ දෙදෙනාම රහස් පරීක්ෂකයන් වුවද දෙදෙනා විසින් ඉටු කරන කාර්යය දෙවිධියකි. ෂර්ලොක් හෝම්ස් සිය කාර්යය රහස් පරීක්ෂාවට පමණක් යොදවන අතර, වික්‍රමපාලගේ කාර්යය ඊට වඩා විහිදී ගිය සංකීර්ණ එකකි. මේ පිළිබඳව පසුකාලීන විවේචකයෙකු දක්වන අදහස වැදගත්ය. “සාමාන්‍ය සිංහලයා බටහිර ගැතිව, බටහිරට ආවඩන අවධියක ජාතික සංස්කෘතිය, ආගම, භාෂාව, සිරිත් විරිත් නගා සිටුවීම මේ දේශප්‍රේමින්ගෙත්, පියදාස සිරිසේනගෙත් ප්‍රයත්නය විය. මේ සඳහා පියදාස සිරිසේන නවකතා ලීවේය, කවි ලීවේය, පත්‍රයක් ප්‍රසිද්ධ කළේය, සඟරාවලට ලිපි ලීවේය, ප්‍රසිද්ධ කථා පැවැත්වුයේය, සිර දඬුවම් වින්දේය, දිවා රෑ නොතකා තම ධනය, ශ්‍රමය, කාලය හා නිදහස කැප කළේය. මොහුගේ මෙවැනි උත්සාහයක ප්‍රතිඵලයකි. කෝන්ගොඩ වික්‍රමපාල. වික්‍රමපාලගේ චරිතය තුළින් රහස් පරීක්ෂකයෙක්, සමාජ ශෝධකයෙක්, ජාතික වීරයෙක්, අමද්‍යප ව්‍යාපාරිකයෙක්, ධර්මධරයෙක් හා දේශප්‍රේමියෙක් පිළිබිඹුව පෙනෙයි. පියදාස සිරිසේනට මේ චරිතය නිර්මාණය කිරීමට අවශ්‍ය ආභාසය ලැබුණේ එකල ඔහුට ඇසුරු කිරීමට ලැබුණ පුද්ගලයන්ගෙනැයි කල්පනා කළ හැකිය. කෝන්ගොඩ වික්‍රමපාල චරිතය, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා තුළ පිළිබිඹු වන ලකුණු රාශියක් ඒකී භූතෙකාට නිර්මාණය කරන ලද්දක් බව සිතිය හැක. ධර්මපාලතුමෝ පරදේශීය දෙයට, පරසිරිතට, ජාති විරෝධී දෙයට, ආගම් විරෝධී දෙයට නිර්ධය ලෙස පහර දුන්හ. උසස් පහත් භේදයක් නොතකා වරද දුටු තැන වරදට පහර දුන්හ. නියම ජාතිකාභිමානයෙන් සිංහලයා නගා සිටුවීම සඳහා දේශනා පැවැත්වුහ. රටපුරා ඇවිද රටවැසියා හික්මවීමට අවස්ථාව ලද හැම විටදීම එසේ කළහ. කෝන්ගොඩ වික්‍රමපාල චරිතයද පියදාස සිරිසේනයන් විසින් ගොඩනගා ඇත්තේ මේ පදනම උඩයයි නිගමනය කළ හැකිය. ’’ (ජී.ඒ. ඉඳුරුගොල්ල) කෝන්ගොඩ වික්‍රමපාල ඩිංගිරි මැණිකා සොයමින් ගම් දනව් පුරා යන ගමනේදී ඔහුට හමුවන විවිධ පුද්ගලයින් හා කරන කතාබහෙන් ද දකින දෙයින් ද එදා මෙරට සමාජිකත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත හැකිය. සිංහල ආත්මාර්ථකාමිත්වය සිංහල මිනිසුන්ගේ ආත්මාර්ථකාමීත්වය කිහිප තැනකදීම ඔහුගේ විවේචනයට ලක් වේ. දුම්රියේදී දුර්වලයන්ට සිය ආසන නොදී සුවසේ වාඩි වී සිටි තරුණයන් විවේචනය කිරීම මෙහි පළමුවැන්නයි. මාතර සිංහල බෞද්ධ ධනවතුන් සමාජ සේවා කටයුතුවල නොයෙදීමත්, බෞද්ධ දරුවන් සඳහා පාසල් ඉදි කිරීමට ඉදිරිපත් නොවීමත් ඔහුගේ නිර්දය විවේචනයට ලක් වේ. කර්නල් ඕල්කොට්තුමා විසින් බෞද්ධ නායකයන්ගේ ආධාර ඇතිව 19 වන සියවස අවසානයේ පටන් ගත් බෞද්ධ පාඨශාලා පිහිටු වීමේ ව්‍යාපාරය, මේ වන විටත් මාතරට නොපැමිණියා සේය. අනුරාධපුරයට යන ඔහු පාසල් හා අනාථ නිවාසවල අවශ්‍යතාව දකී. පරංගි සෑදී බඩ ඉදිරියට නෙරා අවුත් දුක්විඳින දුප්පත් දරුවන් සඳහා අනාථ නිවාස පිහිටුවීමට තරම් පරාර්ථකාමීත්වයත් ජාති හිතෛෂී යැයි කියාගන්නා නායකයන් තුළ නොවීමද ඔහු විවේචනය කරයි. පන්ති භේදය හා කුල භේදය ද වික්‍රමපාලගේ අවධානය ලබයි. මීවිටිගල නිලමේ සිය දියණිය රන් බණ්ඩාට විවාහ කර නොදෙනේනේ ඔහු පහත් පන්තියකට අයත් බව කියමිනි. “අනේ මහත්මයෝ මොනවා කියනවාද, ඒ රන් බණ්ඩා කියන්නේ අපේ නින්දගමේ අපට මෙහෙ කරන කපුරුහාමිගේ පුතාය. එබඳු පාත පවුලකට අපේ ළමයකු දෙන්නේ කොහොමද?” මේ නිලමේගේ වචනයි. වෘද්ධ තෙරුන් කෙනකු සමඟ කරන කථාබහේ දී කුලවාදය මතු වේ. මෙහිදී ‘කුල පුත්‍රයන් මහණ කිරීමද’ ඔහු විවේචනය කරයි. ඔහු මෙසේ ද කියයි. “ගුණ ධර්මයෙන් පිහිටි සත් පුරුෂයන්ගේ කුලය, උසස් කුලයයි. අධර්මවාදී අසත් පුරුෂයන්ගේ කුලය, නිච කුලයයි. තමුන්නාන්සේලාට මේ උසස් කුලයේ මිනිසුන් මහණ නොකොට බොහෝ පහත් කුලයේ අය මහණ කරති. ශාසනයත්, ජාතියත් විනාශ වුණේ ඒ වැරැද්දෙනි. පගාව එදත් මෙරට පැවති විෂමාචාරයකි. හිරගෙදර ගාඩ්කමක් ලබාගැනීම සඳහා එළු ගාතයකුත්, ලොකු ගෝවා ගෙඩියකුත් රැගෙන ඔහු ඉහළ නිලදරයකු හමු වෙයි. එම නිලධාරියා රුපියල් 15ක පගාවක් ඉල්ලයි. “පියුන්ගේ පටන් දෙපාර්තමේන්තුවක අල්ලස් නොගන්නා කෙනෙක් සම්භවීම වල්ගා තරුවක් දකින්නට ලැබීම වැනි ආශ්චර්යය අද්භූත කාරණයකි. මේ කාලයේ යුත්තියක්, ධර්මයක් කෙසේ ඉෂ්ට වේද?’’ මේ වික්‍රමපාලගේ වචනයි. බටහිරි සංස්කෘතිය උසස් කොට සැලකූ ඉහළ පන්තියේ මිනිසුන් නිසා සිංහල සිරිත් විරිත් ඉවත දමමින් පරසිරිතට ශීඝ්‍රයෙන් ගොදුරු වු සිංහල සමාජය පියදාස සිරිසේන මහතාගේ විවේචනයට කවදත් ලක් විය. ඩිංගිරි මැණිකා හිදී ඔහු තම කාර්යය වික්‍රමපාල ලවා සිදු කරවයි. නම් ගම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම්, කථාබහ ආදී සෑම දෙයක්ම සංකර වී තිබුණු සමයක අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනගත් ඩිංගිරි මැණිකා ද මේවාට ගොදුරුවීම පුදුමයක් නොවේ. රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය යළිත් සිංහල කුල සිරිතට වෙනස් වීම වික්‍රමපාල අගය කරයි.බේබදුකම කවදත් කතුවරයා විසින් හෙළා දකිනු ලැබුවකි. මත්පැන් නිසා ජාතියේ නිදහස නැති වී බ්‍රිතාන්‍යයන්ට යටත් වීමට සිදු වු අයුරු ඔහු නොයෙක් තැන පවසා ඇත. විනාශකාරී මත්පැන් ඔහු තම සතුරන් මර්දනයට යොදාගනී. ඩිංගිරි මැණිකා සොරමුලෙන් මුදා ගැනීමට ඔහුට ආධාර වන්නේ නිදි බෙහෙත් දැමූ අරක්කුය. සොරුන් සිය ජයපානය බොමින් එකා පිට එකා ඇද වැටෙද්දී ඔහු ඩිංගිරි මැණිකා බේරාගෙන එතැනින් පලා යයි. කව් රස සිරිසේන මහතාගේ අනෙක් කෘතිවල මෙන්ම මෙහිද රසවත් කවි ගණනාවක් වෙයි. ඒ අතරින් රන් බණ්ඩා හිරගෙදර සිටිමින් මැණිකේ ගැන ලියු කවිපෙළත්, මැණිකේ හොරුන්ගේ ග්‍රහණයේ සිටිමින් රන් බණ්ඩා ගැන ලියු කවි පෙළත් ඉතා ජනප්‍රිය විය. රන් බණ්ඩාගේ කවියක වු “මට හිරගේ හොඳයි නුඹ ඉඳිතොත් සැපෙනි”යන්නත්, මැණිකේගේ කවි පෙළ අවසන් වන “දුක් බව නසන තුරු ඔබමය මගේ හිමි” යන්නත් බොහෝ කාලයක් තිස්සේ පෙම්වතුන්ගේ ලයාන්විත පාඨ විය. කතා රසය පමණක් සඳහා නොව සමාජ ශෝධනය සඳහා ද වසර සියයකට පෙර පියදාස සිරිසේන මහතා විසින් සිංහල නවකතා සාහිත්‍යයට දායද කළ ‘ඩිංගිරි මැණිකා’ අදත් නවතාවයෙන් කියවිය හැකි කෘතියකි. 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 04:39 PM 35. දෛව විපාකය තිරගත කළ දිනය: 1956-05-23 Main Actor : Senadeera Kuruppu , B.A.W. Jayamanne Main Actress : Mebal Josapin Blaith Director : B.A.W. Jayamanne Producer : B.A.W. Jayamanne 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2020 04:42 PM චිත්‍රපට කතා තරගයකින් ජයගත් ප්‍රථම චිත්‍රපටය දෛව විපාකය කොළඹ කොටුවේ ඔරලෝසු කණුවෙහි සීනුව දොළොස් වරක් නාද වෙමින් මැදියම් රැයෙහි නිසංසලත්වය බිඳ හැරියේය. තාර කළුවර අතරින් මාවත් දිගේ දැල්වෙන විදුලි පහන් බැබළි බැබළී පෙනුණි. සඳ නැතත් වැහි කළුවලින් තොර අහස අඳුරු පැහැති රෙද්දක සිහින් සුදු මල්කමක් කළාක් මෙන් අනන්තාප්‍රමාණ තාරකා එළියෙන් පිරී පැවැත්තේය. කොටුව, පිටකොටුව හා මරදාන යන පෙදෙස්වල අතරින් පතර රාත්‍රී ආපනශාලාවක දොර විවෘතව තිබෙනු දක්නා ලද නමුදු කුරුඳුවත්ත, කොල්ලුපිටිය ආදී සුඛෝපභෝගීන්ගේ වාසභවනයන්ගෙන් සැදුම්ලත් පෙදෙසේ ඉඳහිට වේගයෙන් ඇදී ගිය මෝටෝ රියකින් විහිදුණු එළියක් හෝ මාවතක පහන් කණුවක දැල්වෙමින් ඇති පහනක් හෝ හැරුණු විට අන් කිසි එළියක් නොදක්නා තරමින් මැදියම් රෑ සැප නින්දේ පසුවිය. වික්ටෝරියා මහා වනෝද්‍යානයෙන් ඔබ්බෙහි කොල්ලුපිටියට අයත් අතුරු මාවතක පිහිටි රන්දුණු කුලපතියන්ගේ වාසභවනය ද මේ මහ රෑ තද නින්දේ පසුවනු දක්නට ලැබිණ. ගෙහිමි රන්දුණු මහතා සිය ව්‍යාපාරික කටයුතු පිළිබඳව හපුතලේට ගොස් මේ ගතවෙන්නේ දෙවැනි රැයය. ඔහුගේ තුරුණු දියණියන් ද වූ චින්තා රන්දුණු මෙනවිය ද අවශ්‍ය ඥාති පිරිසක සමඟ මේ රෑ චිත්‍රපට දර්ශනයක් බැලීම සඳහා කොටුවේ රීගල් හල කරා ගොස් සිටියාය. ගෙදර සිටියේ රන්දුණු මැතිනිය හා සේවක සේවිකාදීන් පමණකි. ඕ තොමෝ මැඳුරේ උඩුමාලෙහි වූ සයනාගාරයක සිය සේවිකාව ද සමඟ සැප නින්දේ පසු වූවාය. හදිසියේම සිය ඇඟ මත තැබුණ ස්පර්ශයෙන් රන්දුණු මැතිනිය පිබිදුණාය. ඇස හැර බැලුවාය. ආවරණය කළ විදුලිමය මේස ලාම්පුවක අඳුරු එළියෙන් ඇයට දක්නට ලැබුණේ කවරෙක් ද? සුරතින් පිස්තෝලයක් තමා වෙත එල්ලකර ගත් වනම මාරාවේශයෙන් පෙනී සිටින බියකරු හොල්මනකි. ‘කට අරින්ට එපා’ යයි හොල්මන ඇයට පහත් හඬින් කියමින් ඇය කරා ළං විය. ඇය සැලෙන ගතින් යුතුව මොහොතක් ගල් ගැසුණාය. ‘ෂ්.... කට වහගනින්. ඝෝෂා කළොත් මේ පිස්තෝලෙන් වෙඩි තබා මරා දානවා. මම තමයි හොල්මන. දෑතින්ම කටවහ ගනින්. මම තමයි හොල්මන. රුපියල් සියයක් දීපන්.’ යි හොල්මනගෙන් අණක් ලැබිණ. ‘රුපියල් සීයක්..?’ විස්මයෙන් ඇය සෙමින් ඇසුවාය. රන්දුණු මැතිනිය අණට කීකරු වූවාය. රුපියල් සියයක් අඩංගු නෝට්ටු මිටිය ඇගේ අතින් ගත් හොල්මන යළිත් වරක් ඈ දෙස බැලීය. යළිත් ඇයට තර්ජනයක යෙදුණු හොල්මන දෙවැනි මොහොතේ එතැනින් අතුරුදන් විය. 1956 වසරේ ප්‍රකාශයට පත් සිසිර කුමාර මානික්කආරච්චි විසින් ලියන ලද ‘දෛව විපාකය’ චිත්‍රපටය ඇරඹෙන්නේ එලෙසය. ලංකාවේ පුවත්පතක් මීට වසර 67කට එපිට එනම් 1955 පෙබරවාරි මාසයේ සංවිධානය කළ චිත්‍රපට කතා තරගයකින් මුල් තැනට තේරුණ ‘දෛව විපාකය’ චිත්‍රපට කතාව ඇසුරෙන් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කළ ඒ නමින් හැඳින්වුණ චිත්‍රපටය 1956 මැයි 27 වැනිදා තිරගත වී ඇත. ‘හොඳම සිංහල චිත්‍රපට කතාවට රු. 2000ක තෑග්ගක් පිරිනැමීමේ තරගය’ක් ගැන ‘ජනතා’ පත්‍රය මගින් 1955 පෙබරවාරි මාසයේ ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. මේ මුදල් ත්‍යාගය සමඟ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ජයග්‍රාහී කෘතිය චිත්‍රපටගත කරන බවට ද ප්‍රතිඥාවක් දුන්නේය. ලංකාවේ පළමු වරට ආරම්භ කරන ලද මේ චිත්‍රපට කතා තරගයට කෘතීන් 333ක් ඉදිරිපත් කර තිබුණි. පරීක්ෂණයෙන් පසු පොත් 36ක් ද දෙවැනි විනිශ්චය මණ්ඩලයකින් ඒ කෘති 36 අතුරින් හතරක් ද තෝරාගෙන ඇත. ඒවා නම් මොරටුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්‍රකට කවියකු වූ සෝමවීර චන්ද්‍රසිරිගේ ‘ශක්ති’, ජේ.ඒ.සී. ජයසූරියගේ ‘වහල්ලු’, ඇම්.කේ.ජේ. සෝමසිරිගේ ‘පිටිසර’ හා සිසිර කුමාර මානික්කආරච්චිගේ ‘දෛව විපාකය’ මේ සඳහා තෝරාගෙන ඇත. ජයග්‍රාහක කෘතිය තෝරන මණ්ඩලයට රජයේ කලායතනයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා, ලංකා ගුවන් විදුලි සේවයේ වැඩසටහන් බාර අධ්‍යක්ෂ ඇස්.බී. සේනානායක හා සුප්‍රකට නාට්‍ය නිෂ්පාදක ඩික් ඩයස් යන මහත්වරු මේ මණ්ඩලයට ඇතුළත් වූහ. විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය මෙසේය. “දෛව විපාකය දේශීය මුහුණුවරක් ගෙන තිබේ. එහි බස හොඳින් ගළපා ඇත. හාස්‍යය, ශෝකය, ත්‍රාසජනක සිද්ධි මේ කතාවට ඇතුළත් වෙයි. කතාව මැනවින් ගොතා ඇත්තේය. එහි ගළපා ඇති අනුපිළිවෙළ නිසා කතාව ගැටීමක් නැතිව මැනවින් කියවෙයි. මුළු කතාවම හොඳින් පුරුද්දා ඇත්තේය. විහිළු විශිෂ්ටය. ගාම්‍ය කවට වදන් ඇතුළත් නොවේ. දේශීය පදමාලාවකින් සහ හාස්‍ය ඇතිකරවන වදනින් යුක්ත වෙයි. රු. 2000 ත්‍යාගය පිරිනැමීමට මේ චිත්‍රපට කතාව සුදුසු බව අපේ අදහසයි.” විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය ‘ජනතා’ කර්තෘ ඩෙන්සිල් පීරිස් මහතා 23.07.1956 දින නිකුත් වූ ප්‍රකාශයකින් දක්වා තිබේ. ‘දෛව විපාකය’ කථාන්තරයම වස්තු කොට 1949 ඔක්තෝබර් 08 වැනි දින ලංකා ගුවන් විදුලි සේවයෙන් ඉදිරිපත් කරන ලද ‘හොල්මන’ නම් නාට්‍යය ගුවන් විදුලි රඟමඬලින් ප්‍රචාරය වී ඇත. අප ඉහතින් දැක්වූ මහ රෑ නිවෙස්වලට ගොඩ වදින හොල්මන කවුද? චිත්‍රපටය ආරම්භ වී විනාඩි 15ක් ගත වනවිට මේ සොරා කිත්සිරි නම් තරුණයා බව ප්‍රේක්ෂකයාට අවබෝධ වෙයි. ඔහු එවර සොරකමේ යන්නේ ධනවත් නිවසක් වූ පිලෝරිස් බටුගෙදර වලව්වටය. බටුගෙදර රාලහාමි එදා හිතවතුන් සමඟ රක්වානේ පතලක් බැලීමට ගොස්ය. එදා එහි සිටියේ රෝහිණී නම් බටුගෙදර රාළහාමිගේ එකම දියණිය පමණි. එඩිතර තරුණියක වූ රෝහිණී උපාය මාර්ගයකින් මේ සොරා නතුකර ගනී. ‘හොල්මන, කාත් කවුරුත් නැති ගෙවල්වලට රිංගා ගෑනුන් බියගන්වා මංකොල්ලකන සාහසිකයා, උඹේ හදවතේ ලෙයින් ෙම් කාමරයේ බිම සෝදන්න ද? නැත්නම් පොලිසියේ රත්තරන් වළලුවලින් දෑත් සරසන්න ද? අපරාධකාරයා කතා කරපන්.’ පිස්ෙතා්ලයක් අතැතිව රෝහිණී කරන තර්ජනයෙන් හොල්මන මෙල්ල වෙයි. හොල්මන වෙස් ගලවයි. ඔහු කඩවසම් තරුණයෙකි. ඔහු පාපොච්චාරණයක යෙදෙයි. ‘මේ නින්දිත හොරකමට ඇවිත් මා ඔබට අසුවුණු මොහොත දක්වා මගේ දුක්මුසු කතාව ඔබට ඇසුවොත් දාමරිකයකු ඉදිරියේ ගලක් මෙන් නොසෙල්වෙන ඔබේ ඔය වීර හදවත අනුකම්පාවෙන් වෙඬරු පිඩක් වාගේ උණු වෙනවාට කිසිම සැකයක් නැත. ගුණවත් නෝනා, මා ඔබෙන් ඉල්ලා සිටින එකම දේ නම් මේ හොරකමෙහි මා යෙදුණේ මන්ද? යන බව දැනගෙන ඉන්පසු මට සුදුසු ඕනෑම දඬුවමකට මා යටත් කරන්න කියායි.’ කිත්සිරි අතීත කතාව කීමට පටන් ගනී. ටයිටස් අමරතුංග කුඩා පුත් කිත්සිරිටත් බිරිඳ සිල්වියාටත් දැක්වූයේ අසීමිත ආදරයකි. ඔහු සූදුවට ඇලුම් කළේය. එදා ඔහු ඔට්ටුවට ගියේ සිය ගෙයත්, වත්තත් උගසට තබාය. ටයිටස් අන්තිම මොහොතේ ජය ගත්තේය. ඔහු මැණික් පතල් හිමියෙක් විය. ඔහු කොතරම් වාසනාවන්තයෙක් ද යත් තම පතලෙන් වෛරෝඩියක් හා නිල්කැට මතු වුණේය. ටයිටස් කැලෑ පාරකින් ගමන් කරන අතරතුර රථය ක්‍රියාවිරහිත වෙයි. එවිටම සාහසිකයන් දෙදෙනෙක් ටයිටස්ට වෙඩි තබා මැණික් පැහැර ගනී. එතැන් සිට ටයිටස්ගේ බිරිය සිල්වියා හා කුඩා පුතු කිත්සිරි අසරණ වෙයි. ගෙය හා වත්ත ඔවුනට අහිමි විය. සිල්වියා ගෙවල් ගාණේ ගොස් බැල මෙහෙවර කරමින් දස දුක් විඳ කුඩා පුතු පෝෂණය කළාය. කිත්සිරිගේ පාසල් ජීවිතය අමිහිරි විය. මවගේ අකල් වියෝවෙන් කිත්සිරි මෙලොව තනි වෙයි. නව යොවුන් වියේ සිටි කිත්සිරි විහාරමහාදේවි උද්‍යානයේ ගීතයක් ගයමින් සිටියේය. එය අසා සිටි නළඟනක් වූ ශිරෝමාලා නිසා කිත්සිරිගේ ඉරණම වෙනස් වෙයි. ‘හැබෑම මිහිරි ගීතයක්.’ ශිරෝමාලා කීවාය. ‘බොහෝම ස්තූතියි’ ‘මම නළඟනක්. ඔබේ මිහිරි කටහඬ මගේ කලාකාමී සිතේ තදින් කා වැදුණා. ඉතින් ඔබ කැමැති නම් මා රක්ෂාව කරන නාට්‍ය සංගමයේ ඔබටත් රක්ෂාවක් ලබා දෙන්නට පුළුවන්.’ ‘බොහොම ස්තූතියි.’ පසුදා මාලාගේ ඉල්ලීම පරිදි කිත්සිරි නාට්‍ය කණ්ඩායමේ කළමනාකරු හමු විය. මාලාගේ රැඟුමත්, කිත්සිරිගේ ගායනයත් නිසා මේ දෙදෙනාට ප්‍රසිද්ධිය ගලා එන්නට විය. වරෙක මාලා ගැයූ දීර්ඝ ගීයක ඇය චරිත කිහිපයක්ම රඟපෑවාය. තම ඥාතියකුගේ නිවසක ජීවත්වන මාලාගේ උපන් දිනයට ඇය සොයා පැමිණ කිත්සිරි මාලයක් තෑගි දෙයි. ‘බොහෝම ස්තූතියි සිරි, ඔබ අද මා වෙනුවෙන් බොහොම වියදම් කරලා තියෙනවා.’ ‘මාලා, මගේ අඳුරු ජීවිතයට ආලෝකය දුන් දෙව්දුව ඔබ මට අමතක වෙන්නේ නෑ. ඔබට පින්සිද්ධ වෙන්න මම දැන් හොඳ පඩියක් ලබනවානේ.’ ‘පිස්සුද සිරි, ඔබේ පිරිසිදු හදවතේ ආදරයත් එක්ක ඔබ අල්පෙන්තියක් තෑගි කළත් හොඳටම ඇති. ඔබ වැනි ගුණවත් තරුණයකුගේ ජීවිතය යම්තම්වත් සැපවත් කරන්නට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.’ ‘ඔව් මාලා, කියන්න ඔබේ උපන් දවසේම පොරොන්දු වෙන්න මගේ මුළු ජීවිතයත් වාසනාවත් බාරගන්න ඔබ සතුටුද?’ ‘ඔව් සිරි ඉතා සතුටින් ඒ වගකීම මම බාර ගන්නවා.’ මාලා කීවාය. මාලා තේ පිළියෙළ කිරීමට ගිය අතර කිත්සිරි සිගරට් පැකැට්ටුවක් ගෙන එ්මට ටවුමට ගියේය. මේ අතර එහි පැමිණියේ නාට්‍ය සංගමයේ කළමනාකරුය. ඔහු පැමිණියේ උපන් දින තෑග්ගක් දෙන ගමන්ම තම ආදරය මාලාට ප්‍රකාශ කිරීමටය. කළමනාකරු මාලාට අතවර කිරීමට සූදානම් වෙත්ම කිත්සිරි පැමිණෙයි. ඔවුන් අතර ඇතිවෙන ගැටුමේදී කිත්සිරි පිත්තල මල් බඳුනකින් ගසන පහර වදින්නේ මාලාගේ හිසටය. ලේ වගුරවමින් ඇය බිම ඇද වැටෙයි. හිසට වැදුණු පහරින් මාලාගේ මානසික තත්ත්වය වෙනස් වෙයි. දැන් ඇය උමතු රෝගී තත්ත්වයට පත්ව ඇත. වෛද්‍යවරු කියන්නේ ඇය ඉන්දියාවේ විශේෂඥවරයකුට පෙන්විය යුතු බවය. ඒ සඳහා මුදල් සෙවීමට කිත්සිරි හොල්මනක් ලෙස රඟපාමින් මුදල් කොල්ලකෑමට පටන් ගනී. කිත්සිරිගේ කතාව ඇසූ රෝහිණී කිත්සිරි කාමරයක දමා දොරගුළු දමා මෙහි සත්‍යය දැන ගැනීමට මාලා සොයා යන්නීය. මරණාසන්නව සිටි මාලා තම මියගිය පසු කිත්සිරි බලා ගන්නා ලෙස කියා මිය යයි. රෝහිණී වගකීම් රැසක් හිසේ තබා ගෙදර එන විට ඇගේ පියා වූ සිලෝරිස් මුදලාලි පැමිණ සිටියේය. දඩයමේ ගිය තම පියාගේ කකුලේ සර්පයකුගේ ඇටකටු ඇනීමෙන් විස වැඩි වී මරණාසන්නව සිටියේය. පියාගේ පාපොච්චාරණය අනුව කිත්සිරිගේ පියා ටයිටස් මරා වටිනා වෛරෝඩිය සොරා ගත්තේ තමා බව කියයි. වියරු වැටුණු රෝහිණී කිත්සිරි සොයා ගොස් දෙපා මුල වැටී සමාව අයදියි. ‘ඔබ වැනි ගුණගරුක තරුණයකුගේ සියලු බැල මෙහෙවර කරන්න මම සතුටුයි. මේ ගෙදර, වස්තුව අයිති ඔබට. මට තාත්තා වෙනුවෙන් සමාවෙන්න.’ රෝහිණී කියන විට කිත්සිරි ඇයගේ අත ආදරයෙන් අල්ලා ගත්තේය. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න දෛව විපාකය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය වූ පිලෝරිස් බටුගෙදර රාළහාමිගේ චරිතය රඟපැවේය. ඔහුගේ බිරිඳ වූ ග්‍රේස් ජයමාන්න මෙහි කිත්සිරිගේ මව (සිල්වියා) ලෙස රඟපාමින් ගීතයක් ද ගැයුවාය. එය දරු නැලවිලි ගීතයකි. ‘දොයි දොයි දොයි පුත කෝමල මා පුත රං කිරි බීලා දොයි දොයියා’ කිත්සිරි ලෙස රඟපෑවේ සේනාධීර කුරුප්පුය. ෂර්ලි බ්ලයිත් රෝහිණී ලෙස ද මේබල් බ්ලයිත් ශිරෝමාලා ලෙස ද ඩඩ්ලි වානගුරු නාට්‍ය කළමනාකරු ලෙස ද කුඩා කිත්සිරි ලෙස ‘සුජාතා’ චිත්‍රපටයේ චුට්ටා ලෙස රඟපෑ මර්වින් අල්විස් ද ඔස්ටින් අබේසේකර බටුගෙදරගේ සහචරයා වූ සිරිතේක්කු ලෙස ද රඟපෑ අතර මෙහි රූබී ද මැල්, ධර්ම ශ්‍රී රණතුංග, එඩ්ලින් බාලසූරිය, රාජා ජයවර්ධන, පීටර් පීරිස්, ඒ. ධර්මසේන ද රඟපෑහ. මදුරාසියේ ෆිල්ම් සෙන්ටර් චිත්‍රගාරයේ රූපගත කොට ගීත ද එහිදීම පටිගත වූ දෛව විපාකය ලංකාවේ ද රූපගත කොට ඇත. සර් ජෝන් කොතලාවලගේ කඳවල වත්තේ එක් ගීතයක් (සුදෝ සුදු රන් කඳ මගේ) හා වික්ටෝරියා පාක් හි (සාගර හිමිය සොයා) ගීතය ද රූගත කර ඇත. මේ ගීත දෙකම කිරිබත්ගොඩ නව ජීවනයේ කැමරා ශිල්පී ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා විසින් රූගත කළ බව ජනතා පත්‍රයේ වාර්තා වී තිබුණි. ඇතැම් දර්ශන බී.ඒ.ඩබ්ලිව්.ගේ හොරම්බාවේ වත්තේ ද කැමරාගත කර ඇත. මේ චිත්‍රපටය සඳහා රු. ලක්ෂ 2 1/2ක් වියදම් වී ඇතැයි ද පැවැසේ. එතෙක් (1947 සිට 1956 දක්වා) තිරගත වූ චිත්‍රපටයකට ඇතුළත් වූ දිගම ගීතය මේබල් බ්ලයිත් ගයන්නේත්, රඟපාන්නේත් මේ චිත්‍රපටයේය. මේබල් මේ ගීතය වේදිකාවේ සිට ගයන අතර දර්ශනයේ එන පොලිස් රාළහාමිගේ හා සරාගොයියාගේ චරිත ද රඟපා ඇත. ‘සරා ගොයිය හරි මිනිහා තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා සරා ගොයියා හරි මිනිහා’ මේ ගීතය රාජ් කපූර්ගේ ‘ශ්‍රී 420’ චිත්‍රපටයේ මන්නාඩේ ගැයූ ‘රමයා වතාවයා’ ඇසුරෙන් ‘සාගර හිමිය සොයා’ (ගායනය මොහිදීන් බෙග් හා මේබල් බ්ලයිත්) ගීතයත්, ‘ජනක් ජනක් පායල් බාජි’ චිත්‍රපටයේ ගීතෙය් තනුවට ‘නීල අහසේ මිහිරියාව’ ගීතය ෂර්ලි බ්ලයිත් ගැයූ බවත්, හේමන්ත් කුමාර් ගැයූ හින්දි ගීතයක තනුව ඇසුරෙන් මොහිදීන් බෙග් ‘සුදෝ සුදු රන් කඳේ මගේ පෙම්’ ගීතය ගයා ඇති බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ පවසති. ප්‍රධාන නිළිය වූ ෂර්ලි බ්ලයිත් එම චරිතයට අදාළ ගීත ඇය විසින්ම ගායනා කරවීමට සංගීත අධ්‍යක්ෂ ආර්.ඒ. චන්ද්‍රසේනට පැවැරිණ. ගීත රචනා කළේ ඒ.ජේ. ද සොයිසාය. ඒ සඳහා චන්ද්‍රසේනයන්ට විශාල කැපවීමකින් යුතුව පුහුණු කිරීමට සිදු වූ බවත් ආධුනික ගායිකාවක් වූ බැවින් ඇයට එය ගැයීමට දුෂ්කර වූ බවත් ‘චන්ද්‍රසේන සංගීතවේදියාණන්ගේ උදාර මෙහෙවර’ කෘතියේ සඳහන් වෙයි. මොහිදිීන් බෙග් හා ෂර්ලි බ්ලයිත් සමඟ ගැයූ මේ ගීතය එදා රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇත. ‘සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ විවාහයේ මල් නෙළා පලඳිමුකෝ...’ දෛව විපාකය චිත්‍රපටයට ජේ.ඊ. සේදරමන් නාට්‍යාචාර්යවරයාගේ ‘කුවේණි’ හා ‘විජයාගමනය’ මුද්‍රා නාට්‍යය ද ඇතුළත්ව තිබුණි. එය මේ අවධියට (1956) උචිත වන පරිදි ඇතුළු කොට ඇති බැව් විචාරකයන් පවසා තිබුණි. ‘සිළුමිණ’ පුවත්පතට (1956 මැයි 27) විචාරයක් ලියූ ඇස්. සුබසිංහ කියා තිබුණේ ‘දෛව විපාකය’ සමාජ විෂමතාව පෙන්වන චිත්‍රපටයක් බවය. එහි මෙසේ සඳහන් වෙයි. “මේ චිත්‍රපටයේ සිනමා තිරයට පිවිසි ස්ටෙලා ග්‍රේස් ජයමාන්න තමාට අයත් වූ දුෂ්කර චරිතය නියම හැඟීමකින් යුතුව ඉතා දක්ෂ ලෙස රඟපාන්නීය. එහෙයින් දෛව විපාකය මෙතෙක් තිරයෙන් ඈත්ව සිටි දක්ෂ තරුවක් හඳුන්වා දෙයි. සේනාධීර කුරුප්පුගේ රඟපෑම ප්‍රසංසනීයය. අසරණයකුට සමාජයේ විඳින්නට සිදුවන අපමණ දුක් ගැහැට හා දුප්පතාගේ දුක උණු නොවන දැඩි හදවතකින් යුතු කෲර නම්බුකාරයන් පිළිබඳ තතු විදහා දැක්වෙන ලෙස ලියා ඇති කතාවේ ඇතැම් සිද්ධීන් සමාජයේ විෂමතාව අතිශයෝක්තියෙන් දැක්වීමක් වන්නේය.” විචාරකයා සඳහන් කර තිබුණි. ආතර් යූ. අමරසේන ලියූ ‘සිංහලේ මහා සිනමා වංශය’ කෘතියේ ද දෛව විපාකය චිත්‍රපටය ගැන අගනා තොරතුරු සඳහන්ව තිබුණි. ජයවිලාල් විලේගොඩ (1956 මැයි 23 දිනමිණ) ලියූ විචාරයෙන් කොටසකි මේ. “ආයා-අප්පු කෝලම නැතිව, පොතේ භාෂාවේ දෙබස් නැතිව, රුක්මණී අඬවන්නේ නැතිව, එඩීට මනප්පු පාට් එක නැතිව, මත්පැන් පාටි නැතිව බී.ඒ.ඩබ්ලිව්. සිංහල චිත්‍රපට ඉදිරිපත් කරන්නේ කවදා දැයි පසුගිය වර්ෂයේ අලුත් අවුරුදු දා ‘මතභේදය’ බලා එහි විවේචනය අවසන් කරමින් මා ඇසූ ප්‍රශ්නයකට බී.ඒ.ඩබ්ලිව්. දුන් පිළිතුරු මේ වෙසක් දා දෛව විපාකය නරඹද්දී මම දිටිමි.” 2500 බුද්ධ ජයන්තිය පවත්වන ලද වෙසක් කාලයේ දෛව විපාකය තිරගත වීම නිසා චිත්‍රපටයේ නාමාවලියට ‘ජාතික කලා රසේ’ නම් සමූහ ගීතය බී.ඒ.ඩබ්ලිව්. විසින් ඇතුළත් කර තිබීම විෙශ්ෂයකි. මේ ඒ ගීතයයි. ජාතික කලා රසේ නංවමු සිංහලයේ සම්බුදු ජයන්තියේ ලංකා කලාකාමීන්ගේ මහා වීර ජනතා පතින් පෑව කථිකා රජා බී.ඒ.ඩබ්ලිව්. සමාගමේ කලා ප්‍රේමීන්ගේ අාධාරේ ද නිසි සේ යොදා සිනමාවට නැගුවේ දෛව විපාකය මේ සම්බුදු ජයන්තියේ දෙදහස් පන්සියයේ ජාතික කලා රසේ නංවමු සිංහලයේ ඒ.ඩී. රන්ජිත් කුමාර 0 maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2020 04:02 PM ‘සරා ගොයිය හරි මිනිහා තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා සරා ගොයියා හරි මිනිහා’ ‘සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ විවාහයේ මල් නෙළා පලඳිමුකෝ...’ මේ ගීත දෙක අදටත් ගොඩක් ප්‍රසිද්ධ ගීත දෙකක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 6 of 9 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies