You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 May 2018 08:58 PM by  Jaani
අතහැරීම
 13 Replies
Sort:
Author Messages

Jaani
Basic Member
Basic Member
Posts:285






--
17 May 2018 11:40 AM
  •  Quote
  •  Reply
[/url]

මේ කුඩා කතාව කියවන්නැ.
ඔබ ලොකු වෙනසකට බඳුන් වනු ඇත.

පුවසුරුවරයා (මහාචාර්යවරයා) සිය පන්තිය ඇරැඹූයේ වතුර ටිකක් සහිත වීදුරුවක් එසැවීමෙනි. සියලු සිසුනට පෙනෙන සේ එය ඔසොවා-ලූ හෙතෙම මෙ සේ ඇසී යැ. ''මේ වතුර වීදුරුව කොයි තරම් බර ඇති ද ?"
''ග්‍රෑම් 50ක් ..., ග්‍රෑම් 100ක් ..., ග්‍රෑම් 125ක් ...," යැයි සිසුහු පිළිතුරු දුන් හ.
''කිරලා බලනකම් මං හරියට දන්නෙ නෑ," යි පුවසුරුවරයා කී යැ.
''හැබැයි, මගේ ප්‍රශ්නය මෙහෙම යි. මං මේක විනාඩි කීපයක් අල්ලගෙන හිටියොත් මොකක් වෙයි ද ?"
''මොකුත් නෑ," යි සිසුහු පිළිතුරු දුන් හ.
''හරි, මං මේක පැයක් අල්ලගෙන හිටියොත් මොනව වෙයි ද ?" යි පුවසුරුවරයා ඇසී යැ.
''අත රිදෙන්න ගනී වි," යි සිසුවෙක් කී යැ.
"ඔයා හරි. මේක දවසක් ම අල්ලගෙන හිටියොත් ?"
''අත හිරි වැටෙයි. දරුණු මාංශ පේෂි පීඩනයක් ඇති වෙලා, අත අප්‍රාණික වෙලා, ඉස්පිරිතාලෙට යන්න වේ වි, සත්තකින් ම !" යැයි එක සිසුවකු පිළිතුරු දුන් විට අනෙක් සියලු ශිෂ්‍යයෝ සිනා සුණු හ.
''බොහොම හොඳ යි. ඒ වුණාට, ඔය අතරේ වීදුරුවේ බර වෙනස් වෙනවද ?" මහාචාර්යවරයා විමැසී ය.
''නැහැ."
''එහෙනම්, අතේ වේදනාවට යි මාංශ පේෂි පීඩනයට යි හේතු වෙන්නේ මොකක් ද ?"
සිසුහු අන්ද මන්ද වූ හ.
''වේදනාවෙන් මිදෙන්න මං කරන්න ඕනැ මොකක් ද ?"
''වීදුරුව බිම තියන්න ඕනෑ !" යි සිසුවෙක් පිළිතුරු දිනි.
''හරියට හරි !" යි පුවසුරුවරයා පැවැසී යැ. ''ජීවිතේ ප්‍රශ්නත් ඔන්න ඔය වගේ තමයි. ඒවා මිනිත්තු කීපයක් ඔළුවෙ තියා-ගෙන හිටියට ඒ තරම් බරක් නැහැ. හැබැයි, හුඟක් වෙලා ඒව ගැන හිතන්න. අන්න එතකොට කැක්කුම දෙන්න පටන් ගන්නවා. තවත් වැඩි වෙලාවක් තියා-ගත්තොත්, ඒවායින් අපව අප්‍රාණික වෙනවා. කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ජීවිතයේ අභියෝග, ගැටලු ගැන හිතන එක වැදගත් තමයි. හැබැයි, ඊටත් වඩා වැදගත් වෙන්නේ දවස අන්තිමේ නින්දට යන්න කලින් ඒවා බිම තියන එක යි. එහෙම කළාම, අපට පීඩනයක් නැහැ. හැම උදෑසනකම අවදි වෙන්නේ නැවුම් වෙලා, ශක්තිමත් වෙලා. එතකොට අප ඉස්සරහට එන ඕනෑ ම ගැටලුවකට, අභියෝගයකට මූණ දෙන්න පුළුවන්."

දැනමුතුකම -
අද දවස අරඹන විට මැ මතක තබා-ගන්න, ''වීදුරුව අද බිම තියන්නැ."

පරිවර්තනය - උපාලි කන්නන්ගර.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 May 2018 12:06 PM
  •  Quote
  •  Reply
සහතික ඇත්‍ත මේ කථාව ...
1

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 May 2018 05:29 PM
  •  Quote
  •  Reply
මේකත් සිරියස් වෙනවද
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 May 2018 07:49 PM
  •  Quote
  •  Reply
අපිට වීදුරුව බිමින් තියන්න හිතෙන්නේ නෑනේ..
ඒකයි ගැටළුව...
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
17 May 2018 09:15 PM
  •  Quote
  •  Reply

චාමර මොකද්ද සීරියස් වෙනවද අැහුවේ.?

0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
17 May 2018 09:16 PM
  •  Quote
  •  Reply

අනිවා ඉන්දික අපි ඉතිං උස්ස ගත්ත ගමන්මනෙ ඉන්නෙ කිලෝ ගනන් බර වීදුරු

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 May 2018 09:20 PM
  •  Quote
  •  Reply
වෙලාවකට හිතෙනවා අපි හරිම මෝඩ මිනිස්සු කියලා..
මහන්සි වෙලා යම් දෙයක් ලබාගත් පසු ඒ දෙය මදියි කියා හිතෙනවා.. කිසිම දිනක සෑහීමකට පත්වෙන්නේ නැහැ..
නැති දේ ගැන තැවෙමින් ලතවෙනවා..
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 May 2018 02:27 AM
  •  Quote
  •  Reply
ප්‍රශ්නයක් ඇති වුනහම එවෙලේම අමතක කරලා දාන්න තරම් අපි තවම අපේ මනස දියුණු කරගෙන නැහැ. ඒකයි හේතුව. දුකකට පමණක් නෙවෙයි. අටලෝදහමටම උපේක්ෂාවෙන් විඳගන්න පුළුවන් නම් අපි ගොඩ. බුදුන්ගේ දහම හරියටම හරි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

deliya nisansala
New Member
New Member
Posts:22






--
21 May 2018 11:59 PM
  •  Quote
  •  Reply
නියමයි ඒ අදහස
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
28 May 2018 11:29 PM
  •  Quote
  •  Reply
ස්තූතියි ඔන්න ලිපිය කියෙව්වාට.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 May 2018 07:13 PM
  •  Quote
  •  Reply
තවත් එකක් දෙන්න ජානි නංගී...
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
31 May 2018 01:36 PM
  •  Quote
  •  Reply
'' හිනාවෙද්දි ජීවිතය රසවිදින්න පුළුවන්.අඩද්දි ජීවිතය තේරුම් ගන්න පුළුවන් ''

ජීවිතය කියන්නේ අතුහං පාරක් (අතුහං පාරක් යනු කැලේ අතු කඩා සළකුණු වන පාරක් )

ඒත් විශ්වාසයට ගත්තොත් ඒ පාරේ නුඹට පෙර එක් අයෙක් හෝ ගොස් තිබෙනවා.

ඒ නිසා මග වරදින්නේ නෑ.

අවශ්‍ය වන්නේ ඒ මගේ සතා සීපාවට මුහුණ දෙන්න ආත්ම ශක්තිය වැඩිකර ගැනීමයි.

'' අතුහං පාරක නුඹ නතර කලහැකි බාධක හදුනා ගැනීමයි"
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 06:55 PM
  •  Quote
  •  Reply
ජීවිතය වැරදි වුනාම තමයි තේරෙන්නේ.නැත්තන් ගානක් නැහැනේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
31 May 2018 08:58 PM
  •  Quote
  •  Reply
ඔව් ඒක ඇත්ත.
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below