You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2019 09:43 AM by  Udeshika Herath
කෙටි කතා
 107 Replies
Sort:
Page 2 of 6 << < 12345 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 09:14 AM
  •  Quote
  •  Reply
ලිහිනි ඇයි ඒ එයාට එන්න එපා කියන්නේ?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Jul 2018 09:25 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 06 Jul 2018 09:14 AM
ලිහිනි ඇයි ඒ එයාට එන්න එපා කියන්නේ?

අනේ මං දන්නෑ අෆ්ෆා... නරක වැඩක් ඒක  නේද
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2018 09:16 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 06 Jul 2018 09:04 AM
පමා වැඩී


"කෝ පුතාට අන්දලත් නෑනෙ තාම,මොනවද අනේ ඔයාට කිසිම වැඩක් බෑනෙ"

"මමත් දැන්නෙ ලිහිනි වොෂ් කරන් ආවෙ"

"හා හා කියන්න ඒවනං තියෙනව,ඉක්මනට පුතාට අන්දල අපිව හෝල් එකට දාන්න"

"ඇ ඇයි ලිහිනි මං එන්න ඕන නැත්ද"

"අපෝ මේ ඔයානං එන්න එපා. ඔයා ආවොත් මගෙ තත්වෙත් ඉවරයි,ඔයා අපිව දාල වැඩට යන්න"ලිහිනි අවසානය තීරනය කලාය.
...
පුතාගෙ කලිසම මදින අතර සහන්ගෙ සිත මීට වසර හතරකට පෙර අතීතයට පියඹා ගියේය.

"ලිහිනි මං ආදරෙයි ඔයාට, ඒත් ඔයා හිතට ආපු පලියට මැරි කරමු කියන්න එපා.තව කාලයක් අරන් හිතන්න"

"අනේ මොනා හිතන්නද සහන්. ඔයා හොද කෙනෙක්. ඔයාගෙ අවංක කම තිබුනම ඇති"

"එහෙම නෙමෙයි නංගි,මන් සාමාන්ය ජොබ් එකක් කරන ලොකු හීන නැති සතුටින් ජීවත්වෙන් පතන කෙනෙක්"

"ඉතින් මාත් එහෙමනෙ අයියෙ"

"ඔව් ඒ අදනෙ. ඔයාගෙ සුදුසුකම් එක්ක ඔයාට ලොකු දුරක් යන්න හැකි වෙයි. ඒ වගේම ඔයා ලොකු හීන බලනව ජීවිතේ.ඔයා මට වඩා ඉදිරියට ගිය දවසක මාව මග හැරෙයි නංගි,මටත් මාව මග හැරෙයි"
"හපෝ පන්ඩිත කෝලම.මට ආදරෙයිනෙ,මං වෙනස් වෙන් නෑ අයියෙ"අවසානයේ ඇයම තීරනය කලාය අද මෙන්ම.

"මොකක් කරනවද ඔය කලිසමට අයන් එක තියන්, ඕක ඉක්මනට මැදල අන්දන්න"යැයි ලිහිනි මොර දෙද්දී පියවී සිහියට ආ සහන් කලිසමද එතනම දමා නැවතත් නාන කාමරයට වැදී දොරවසාගත්තේය.

නිමි.

තනුජ්✒

අයියෝ පුතාගෙ කලිසම........ අයන් කරන ගමන්  හිත අතීතෙට දුවවන්න එපා වගේ නේහ්...😁

තැන්කූ උදේශිකා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Jul 2018 11:05 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 06 Jul 2018 09:16 PM
Posted By Udeshika Herath on 06 Jul 2018 09:04 AM
පමා වැඩී


"කෝ පුතාට අන්දලත් නෑනෙ තාම,මොනවද අනේ ඔයාට කිසිම වැඩක් බෑනෙ"

"මමත් දැන්නෙ ලිහිනි වොෂ් කරන් ආවෙ"

"හා හා කියන්න ඒවනං තියෙනව,ඉක්මනට පුතාට අන්දල අපිව හෝල් එකට දාන්න"

"ඇ ඇයි ලිහිනි මං එන්න ඕන නැත්ද"

"අපෝ මේ ඔයානං එන්න එපා. ඔයා ආවොත් මගෙ තත්වෙත් ඉවරයි,ඔයා අපිව දාල වැඩට යන්න"ලිහිනි අවසානය තීරනය කලාය.
...
පුතාගෙ කලිසම මදින අතර සහන්ගෙ සිත මීට වසර හතරකට පෙර අතීතයට පියඹා ගියේය.

"ලිහිනි මං ආදරෙයි ඔයාට, ඒත් ඔයා හිතට ආපු පලියට මැරි කරමු කියන්න එපා.තව කාලයක් අරන් හිතන්න"

"අනේ මොනා හිතන්නද සහන්. ඔයා හොද කෙනෙක්. ඔයාගෙ අවංක කම තිබුනම ඇති"

"එහෙම නෙමෙයි නංගි,මන් සාමාන්ය ජොබ් එකක් කරන ලොකු හීන නැති සතුටින් ජීවත්වෙන් පතන කෙනෙක්"

"ඉතින් මාත් එහෙමනෙ අයියෙ"

"ඔව් ඒ අදනෙ. ඔයාගෙ සුදුසුකම් එක්ක ඔයාට ලොකු දුරක් යන්න හැකි වෙයි. ඒ වගේම ඔයා ලොකු හීන බලනව ජීවිතේ.ඔයා මට වඩා ඉදිරියට ගිය දවසක මාව මග හැරෙයි නංගි,මටත් මාව මග හැරෙයි"
"හපෝ පන්ඩිත කෝලම.මට ආදරෙයිනෙ,මං වෙනස් වෙන් නෑ අයියෙ"අවසානයේ ඇයම තීරනය කලාය අද මෙන්ම.

"මොකක් කරනවද ඔය කලිසමට අයන් එක තියන්, ඕක ඉක්මනට මැදල අන්දන්න"යැයි ලිහිනි මොර දෙද්දී පියවී සිහියට ආ සහන් කලිසමද එතනම දමා නැවතත් නාන කාමරයට වැදී දොරවසාගත්තේය.

නිමි.

තනුජ්✒

අයියෝ පුතාගෙ කලිසම........ අයන් කරන ගමන්  හිත අතීතෙට දුවවන්න එපා වගේ නේහ්...😁

තැන්කූ උදේශිකා


අතීතය සිහිනයක් පමණයි
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 01:07 AM
  •  Quote
  •  Reply
නිරා

"ඔය කොහෙද යන්නෙ නිෂා" තම පුතුවද සුදුවට අන්දවාගෙන පිටත් වීමට හැදූ නිෂාදිගෙන් රංගන ඇසුවේය.

"පන්සල් යන්න රංග, ඔයත් එනවද"

"පන්සල්. පිස්සුද ඔයාට,මොකද කවදාවත් නැතුව"

"ඔයා එක්ක ආපු දවසෙ ඉදන් පන්සලකට නොගියෙ ඔයා අකමැති නිසානෙ,ඒත් ලමයට ආගම දහම කියාදෙන්න ඕනනෙ රංග"

"ආගම දහම කියන්නෙ තනිකර මුලාවක් නිෂා,මගෙ කොල්ලත් මං වගේ නිරාගමිකයෙක් වගේ ඉදියි,අපි කියාදෙන්න පුලුවන් හරි වැරදි පුතාට,මේ මං ඉන්නෙ. මං වරදක් කරල තියෙනවද ඔයාට"

"ඒත්"

"ඒත් මේත් නෙමෙයි. මාක්ස් කීව වගේ ආගම අබිං,යන්න ගෙට. අද යන් බීච් එක පැත්තෙ. පොඩ්ඩත් කැමති වෙයි,නේද පුතා" කියමින් රංගන නිෂාදි අතින් පුතාව අතට ගත්තේය.

වයස අවුරුද විසි පහක් පමන වන විට රංගන ආගම් හැර දමා නිරාගමික විය. සැබවින්ම ඔහු කාටත් කරදරයක් නොකර ජීවත් වෙන්නට දැන සිටි අතර ඊට හේතුව ඔහු පුන්චි දවස් වල සිටම ආගමෙන් දහමෙන් සාරය ගත් නිසා බව, ඔහු අමතක කලේය.

ඉතින් ඔහු තනිවම සත්ය අවබෝධ කරගත් සේ සිතමින්,ආගම්වලට බැන වැදුනේය. උසස් අධ්යාපනයේදී හිතට කා වැදුනු මාක්ස්වාදයද ඊටම බද්ධ විය.
මාක්ස්ගේ ප්රකාෂ අතර ආගම අබිං යන්න ඔහුගේ සිතට කා වැදිනි. සැබැවින්ම මාක්ස් එයින් අදහස් කලේ ආගමට ඇබ්බැහි වී එයටම ගැතිවීම භයානක බවය. ආගම ඉගෙන ගැනීමෙන් එහි සාරය අරන් සරලව ජීවත් වීම ඔහු අදහස් කලා විය හැක.
නමුත් බහුතරයක් මාක්ස්වාදීන් මෙන් රංගනද තේරුම් ගත්තේ ආගම භයානක දෙයක් නිසා එය නැති කල යුතුය යන අරුතිනි. එසේ කාලය සෙමින් ගවී යන අතර ලොකු පුතාට වසර හතරක් වෙද්දී,නිෂාදි විසින් දෙවන පුතුවද රංගනට තෑගි කලාය.

එසේ කාලය වසර කීපයක් ඉදිරියට යත්දී ලොකු පුතා පාලනයෙන් තොර පුද්ගලයෙකු වූයේ නොසිතූ ලෙසය. රංගනටත් ඔහු අවනත වූයේ පහරක් ගැසූවොත්ම පමනය. ඔහු බොහෝවිට සතුන්ටද හින්සා කල අතර වැඩිහිටියන්ට ගරු සරුවක්ද නොමැති විය. කොටින්ම ඔහු පින පව නොහොදුනන සේ ක්රියා කලේය. ඇත්තටම ඔහු පින පව නොහදුනයි. උග්ර නිරාගමිකයකු වූ රංගන පින පව ගැන කතා කිරීමට හෝ ගෙදර බුදුරුවක් වත් තැබීමට තහංචි දමා සිටියේය.
මෙසේ දින ගෙවෙන අතර එක් ඉරිදා දිනයක,පොඩි පුතාවද අන්දමින් නිෂාදි ගමනකට සූදානං වනු රංග දුටුවේය.

"නිෂා කොහෙහරි යන්නද"

"ඔව් පන්සල් යන්න"

"මොකක් පන්සල්"

"ඔව්. ඔයාට පේනවනෙ ලොකු පුතා හැදෙන හැටි,ඊයෙ රෑම මං කල්පනා කරේ ඒක"

"ඉතින් මම ආගමක් අදහනවද, ඔයා අදහනවද දැන් අවුරුදු දොලහක ඉදන්. නෑනෙ. අපි කාටවත් කරදරයක් නැතුව හොදට ඉන්නෙ පන්සල් පල්ලි නැතුවට,පුතා ටිකක් දඩබ්බරයි තමයි.ඒක හරියයි තව ලොකු වෙත්දි"

"වැරදියි රංග.මං අද වෙනකං කට වහන් ඔයා කියන දේ ඇහුව. මමත් වැරදි.මම මේව කතා කරන්න තිබුනෙ කලින්. ඔව්. ඔයයි මමත් පාඩුවෙ හොදට ජීවත් වුනා තමයි. ඒකට හේතුව උනේ ඔයයි මමයි දෙන්නම වයස විසි ගනන් වෙනකංම කුසල් අකුසල් පන්සිල් ඉගෙන ගත්ත. අපි දැන ගත්ත වගේම අපිට කා වැදුන හරි වරද. අන්න ඒක ඔයා අමතක කරා. හරියට ඔයාම මාර්ගයක් හොයන් හරි පාර හොයාගත්ත වගේ හීන මානයක් ඔයාට තිබුනෙ.මමත් මාක්ස්ගෙ චරිතෙ දන්නව ඔයා වගේ නොකියෙව්වට නිතර. මාක්ස් කීවෙත් ආගමටම ගැති නොවී ඒකෙ සාරෙ අරන් පැත්තකට වෙන්න. නැතුව ඔයා වගේ ආගම නැතිකරන්න හිතන්න නෙමෙයි" නිෂාදි නොනවත්වා ගියාගෙන ගියාය.

"ඒ වගේම රංග ඔයා තමයි ලොකු පුතාව මේ තත්වෙට වැටෙන්න හේතුවත්. ඔයා මටවත් ඉඩ දුන් නෑ කොල්ලට පින පව කියා දෙන්න. මම මේ පොඩි එකාවවත් හරියට හදා ගන්නව. ලොකු උනාම මෙයා නිරාගමික හරි මොකා හරි වෙයි. ඒත් ඒ වෙද්දි පින පව හරි දේ ඉගෙන ගෙන ඉදියි,මං යනව පන්සලට,තේ ප්ලාස්ක් එකට හදල දැම්ම. මම වැලි තලප හැදුව. ඒව කාල තේ බොන්න. ගිහින් ඉක්මනට එන්නං" කියූ නිෂාදි රංගනට වචනයක් කීමට ඉඩ නොතියාම පොඩි පුතුවත් අතින් අරන් මිදුලට බැස්සාය.

දෑස් සමගම මුවත් අයාගෙන බලා සිටි රංගන පියවි සිහියට පැමිනියේ ඇය මිදුලත් පසුකර පාරට යද්දීය.

නිමි.


Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 05:42 AM
  •  Quote
  •  Reply
ඒක ඇත්ත ......පොඩි ළමයින්ගෙ ඔලු වලට නම් වල් පල් නොදා දැහැමි මාර්ගෙ හොඳ නරක කියල දෙන්න ඕන, ලොකු උන දවසක එයාල තීරණය කරාවි යන්න ඕන පාර....
ආදර්ශමත් කතාවක්.........ස්තුතියි අක්ක..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 07:59 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 20 Jul 2018 05:42 AM
ඒක ඇත්ත ......පොඩි ළමයින්ගෙ ඔලු වලට නම් වල් පල් නොදා දැහැමි මාර්ගෙ හොඳ නරක කියල දෙන්න ඕන, ලොකු උන දවසක එයාල තීරණය කරාවි යන්න ඕන පාර....
ආදර්ශමත් කතාවක්.........ස්තුතියි අක්ක..


ඒක ඇත්ත නංගි දැන් ළමයි පන්සලකට යන්නෙත් අඩුවෙන්. හැගීමක් නෑ දෙමවුපියන් ගැනවත්. අනික් කාරනය නම් යන්නෙ වැරදි මග බහුතරයක්. සිදුවීම් නම් ඕනෑතරම් තියෙයි.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 10:19 PM
  •  Quote
  •  Reply
වැරදෙන තැන්
(කෙටිම කෙටි කතාවක්)

"මරුවට බැදල තියෙනව මාලු ටික බං"

"ඔව් අනේ. විරාජ්ගෙ වැඩනෙ,උයන්නත් පුලුවන් මරුවට"

"ඒකට අපේ කෙනා,මෙලෝ මගුලක් බෑ බං"අවන්ති කීවේ කෑම කන අතරතුරය.
පාසල් කාලයේ සිටම එකට සිටි මිතුරිය වූ ගයානි බැලීමට කුරුනෑගලට ආවේ දවස් තුනක නිවාඩුවක් ලැබුනු නිසාය. දහවල් වී තිබුනත් විරාජ් සහ සුරේන් කෑම පසුවට තබා සාලයේ කතාකරමින් සිටියේය.

"යමන්කො ගයා උබලෑ වත්ත පැත්තට. අපිට කොහෙද බන් ගහක් කොලක්වත් නෑනෙ" කෑම ගෙන අවසානයේ අවන්ති කීවේ අක්කර හතර පහක වත්ත දෙස බලමිනි.

"යමන් බන්,කතාවකුත් දාන් ඉදල එමු. පහල කොට්ටං ගහක් යට විරාජ් බංකුවක් හදල තියෙනව වාඩිවෙල ඉන්න" කියමින් අවන්තිගේ අතකින් අල්ලාගත් ගයානි වත්ත පහලට ගමන් කලාය.

"ෂා.... මෙතන මරුනෙ බං, ඇත්තටම විරාජ්නං මාර වැඩ්ඩෙක්නෙ. උබනං මාර වාසනාවන්තයි බං" අලංකාරව සැකසූ බංකුව දුටු අවන්ති කීවාය.

"හ්ම්" කියමින් ගයානි සුසුමක් පිට කලත්,අවන්තිට එය නිනව්වක් නොවුනේ ඇය අවට පරිසරයෙන් මත්ව සිටි නිසාය.

"උබල පොල් විකුනනවද"

"නැතුව මේ අක්කර තුනක පොල් අපි කන්නද බං" කියමින් ගයානි හිනැහුනාය.

"පොල් කඩන කෙනෙක් ඉන්නවද"

"ඔවු බං. පොල් කඩන කාලෙට කතා කරහම එනව දෙතුන් දෙනෙක්ම,ගෙදර පාවිච්චියටනං විරාජ් කඩල දෙනව"

"වාව්,විරාජ්ට ඒකත් පුලුවන්ද, උබටනං දාහෙකින් හොයන්න බැරි එකෙක් හම්බෙල තියෙන්නෙ බං, ඒකට මට හම්බුන එකා.මෙලෝ රහක් නෑ"

"මං උබෙන් ප්රෂ්න ටිකක් අහන්නද අවන්ති"

"අහපං අහපං බං. කවද අහන්නද ආයි" කියමින් අවන්ති හිනැහේ.

"සුරේන් ගෙදර රන්ඩු වෙනවද"

"නෑ බං"

"අරක්කු බොනවද"

"ඒත් නෑ බං. මොකෝ උබ එහෙම අහන්නෙ"

"හරි අහල ඉවර වෙනකං හිටපංකො, එතකොට උබට කන්න අදින්න අඩු පාඩුද"

"අපෝ නෑ බං. ඕනවටත් වඩා සුරේන් ගේනව"

"එතකොට උබව පාර්ටි වලට එහෙම එක්කන් යනවද, අම්මලට සලකනවද"

"ඔව් බන්, ඒ හැමදේම කරනව"

"එහෙනං ඇයි උබ ඒ මනුස්සයව බාල්දු කරල කතා කරන්නෙ.

අවන්ති නිහඬය.

"ගෑනියෙක්ව ආරක්ෂා කරනවනං,පෝෂනය කරනවනං, ආදරෙන් බලාගන්නවනං වෙන මොනවද බං ඕන ගෑනියෙක්ට.මේ බලපන් මගෙ පිට" ගයානි හැට්ට කෙලවරින් අවන්තිට පිට පෙන්නුවාය. තද නිල් පාට ඉදිමුනු රේඛාවක් පිටේ තියෙනු දුටු අවන්තිගේ දෑස් විශාල විය.

"මේ මේ මොකක්ද බන් . තැල්මක් වගේ" අවන්ති ඇසුවේ සැලෙන කටහඩිනි.

"පෙරේද රෑ විරාජ් බීල ඇවිත් ගහපු කොහු පාරක් බන් මේ,උබට පුදුම ඇති මම මේක කියද්දි මට කදුලක්වත් උනන්නැත්තෙ ඇයි කියල. දැන් හුරුවෙල බං,"

"ඒත් ගයා"

"ඒත් නෙමෙයි බං මේ ලැබීම, උබට දෙවියෙක් වගේ මනුස්සයෙක් ලැබිලත්,උබ ඒ මිනිහව පහතට දාල කතා කරා නේද විරාජ්ගෙ පිට ඔපේ දැකල. වැරදියි බන්.
තමන්ගෙ මනුස්සයව පහත දාල කතා කරන්න එපා. ඒකෙන් පහත වැටෙන්නෙ තමුන්ගෙ තත්වෙ. විරාජ් ගැන උනත් මං උබට කීවෙ තේරුම් කරන්න. වෙන කාටවත්ම කියල නෑ බං"

"ම මට සමාවෙයන් ගයානි"

"නෑ අවන්ති,උබ තේරුම් ගත්තනං ඒ ඇති, දැන් යමන්.හවස් උන. යන්නත් එපැයි" කියමින් නැවතත් අවන්තිගේ අතින් අල්ලාගත් ගයානි නිවස දෙසට ඇදුනාය.

නිමි
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 10:25 PM
  •  Quote
  •  Reply
වටිනා පාඩමක්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Sep 2018 10:37 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 07 Sep 2018 10:25 PM
වටිනා පාඩමක්


හූම්
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Sep 2018 09:37 AM
  •  Quote
  •  Reply
සුරේන් හොඳයි....ඒත් පොල් කඩන්න බැරිද කොහේද....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Sep 2018 11:43 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 08 Sep 2018 09:37 AM
සුරේන් හොඳයි....ඒත් පොල් කඩන්න බැරිද කොහේද....


ඒක තමා ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 12:30 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 08 Sep 2018 09:37 AM
සුරේන් හොඳයි....ඒත් පොල් කඩන්න බැරිද කොහේද....හ

හම්මේ අය බෑ මොකුත් කියන්න
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Sep 2018 04:09 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 08 Sep 2018 12:30 PM
Posted By chamaramind on 08 Sep 2018 09:37 AM
සුරේන් හොඳයි....ඒත් පොල් කඩන්න බැරිද කොහේද....හ

හම්මේ අය බෑ මොකුත් කියන්න

ඒ මොකෝ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Nov 2018 03:27 PM
  •  Quote
  •  Reply
නිහඬ ආදරවන්තයා
(කෙටි කතාව)

"මේ ඒයි. දූට හෙට කලාස් එකට දෙදහක් ඕනලු"
තාත්තා ගෙට ගොඩ වන විටම අම්මා කී අයුරු මහේෂි අසාගෙන සිටියේ කාමරයේ පොතක් බලමින්ය.

"හ්ම්" පුරුදු ලෙසම කෙටියෙන් පිලිතුරු දුන් පියා කාමරයට ගියේ
"දුවේ බෑග් එකේ ඇති බුන්දි වගයක්" කියමින් මහේෂිට කියාගෙනය.

බලමින් සිටි පොත පසෙකට දැමූ ඈ, සාලය හරහා කෙලින්ම ගියේ තාත්තාගේ කාමරයටය.

"තාත්තේ"

"හ්ම් හ්ම්. මොකෝ" ඒ පියාය.

"තාත්ත දවල්ට කාලද"

"ඔව් නැතුව. මං කෑම අරන්නෙ යන්නෙ"

"හ්ම්. එතකොට සුමනපාල කියල කෙනෙක්ට කෑම දෙන්නෙ කොහොමද" මහේෂි අසද්දී,පියා අකුනක් ගැසූ සේ ගැස්සී ගියේය.

"ඈ.මොකක්ද දුවේ ඒ හරුපෙ" කාමරයට ඇතුල් වූ මව විමසුවේ නොරිස්සුම් සහගතවය.

"තාත්ත හැමදාම අරන් යන කෑම එක සුමනපාල කියල කෙනෙක්ට දෙනවලු. මගෙ යාලුවෙක්ගෙ මාම කෙනෙක් ඒ"

"අම්මප මේ මිනිහට ඔල්මාදෙද.මං උදේ ඉදන් නැහිල හදන කෑම එක වෙන එකෙක්ට දෙන්නෙ" ස්වභාවයෙන්ම කෝප වන සුලු මව ඇසුවේ ගවොම උඩින් ඇඳ සිටි චීත්ත රෙද්ද ගලවා නැවත තදට අඳින ගමන්ය.

එයටද මද සිනහවක් පමනක් පෑ පියා" ඒ මනුස්සය බෝඩිංවෙලනෙ හාමිනේ, මගෙ යාලුවෙක්.කෑමක් නෑලුනෙ හරි හැටි.මට දවල්ට බඩගිනි වෙනවත් අඩුයි හුගක් වෙලාවට, කෝ කෙල්ලෙ සබන් පෙට්ටිය" කියමින් තුවායද රැගෙන ආඳා මෙන් කාමරයෙන් ලිස්සා වත්ත පහල ලිඳ දෙසට ඇදුන අතර, ඒ පසු පසින් ආ මහේෂි පියා යන දෙස බලා සිටියේ කඳුලු පිරි දෙනෙතිනි.

"උඹ ඕව හිතන් නැතුව පාඩං කරහන්.ඔය මිනිහට පිස්සු" මව කීවේ පහව නොගිය කෝපයෙනි.

"පිස්සු නෙමේ අම්ම.තාත්ත කෑම එක දෙන්නෙ සල්ලි වලට"

"මොනවා, මොන විලි ලැජ්ජාවක්ද. කන කෑම එක විකුනන් වෙන ගෑනියෙක් රකින්නද, අද එද්දෙන් උන්දැ නාගෙන" මව කෝපයෙන් පිපිරෙමින් කියද්දී මහේෂි අම්මා දෙසට හැරුනේද මද කෝපයක්ද සමගය.

"අම්මට පිස්සුද"

"ඔව් මට තමයි පිස්සු.මම මේ මෙච්චර උබල මත්තේ නැහෙද්දි ඒ මිනිහ බලහන්. ගෙදර ඉද්දි වචන දහයක් කතා නොකරන මිනිහ කෑම එකත් විකුනන් විනෝදෙ"

"මොකක්. අම්ම පව් පුරව ගන්නෙපා තාත්තට ඔහොම කියල. තාත්ත වැඩිය කතා නොකර ඉන්නෙත් අම්මගෙ සැර නිසා වෙන්නැති"

" ඒක හරි කියමුකො. එතකොට ඔය මිනිහ උබටත් ලැජ්ජ කරන එක හරිද කෑම එකත් විකුනන්" අම්මා මෙවර කීවේ මදක් සැර බාලවූ කටහඬින් උවත් එය තුල තිබූ කෝපය එලෙසම තිබිනි.

"අම්මෙ. තාත්තගෙ පඩිය කීයද"

"පඩිය ඉතින් විසිපන් දහනෙ" මව පිලිතුරු දුන්නේ නොසැලකිලිමත් ලෙසිනි.

" කෑමටයි ලයිට් බිල් වලටයි කීයක් යනවද"

"පාලොස් දහක් විතර යනව. දැන් උබ මට මේ ගනන් සාත්තරේ උගන්නන්නද හදන්නෙ"

"නෑ නෑ. එතන පහලොස් දහයි,අම්මගෙ සීට්ටුවට පන් දහයි ගියම විසි දහක් ඉවරයි. ඉතුරු පන්දහෙන් මගෙ ක්ලාස් දෙකට හාර දහක් ගියම තාත්තගෙ බස් ගාස්තු විතරයි ඉතුරු"

"ඉතින්"

"ඉතින් මට කවුද දෙන්නෙ ඇඳුම් සෙරෙප්පු. ඒව ලෙඩට බෙහෙත්, තාත්ත අවුරුද්දක ඉඳන් සතියෙ දවස්වල දවල්ට කාල නෑ අම්මෙ" යන්තම් ගලා ගිය කඳුලු වැල් ඉකි ගැසීමත් එක්ක වැඩිවෙත්දී මහේෂි අම්මව බදාගත්තාය.

අම්මාගේ දෑස්වලද කඳුලු පේලි දෙකක් ගලා යද්දී, ඇයට තමා ගැනම තරහක් ඇති වී තිබිනි.

" දූ කොහොමද ඕව දන්නෙ දුවේ"

"මට යාලුව කිව්ව අම්මෙ. උබලෑ තාත්ත හෙන හොදයි. එයලෑ මාමට රුපියල් අසූවට දවල්ට කෑම දෙනව කියල අවුරුද්දක ඉදන්,සීනි වලට නෙමෙයි අම්මෙ තාත්ත වැහැරිල ගියේ"

"මට කීවනං මං කෑම දෙකක් බැඳල දෙනවනෙ රත්තරනේ"

"තාත්ත කැමති නෑ අම්මෙ අපිට දුක පෙන්නන්න, අන්න නාගෙන එනව. අහන්න එපා දැන්. අපි මොනවහරි කරමු තාත්තට නොදැනෙන්න" යයි මහේෂි කියද්දී අම්මා චීත්ත රෙද්දෙන් දෑස් පිසගත්තාය.

වෙනසක් දැනීමට ඉඩ නොදී කටයුතු කිරීමට අම්මා සිතාගෙන සිටියත්, රෑ කෑම බෙදද්දී අම්මා පියාට වඩාත් සෙනෙහසින් හැසිරෙනු මහේෂි දුටුවාය. පියාද සිටියේ සතුටිනි.

එදින රෑ එසේ ගෙවෙත්දී පසුදින මහේෂිට නිවාඩු දවසක් වූයෙන් ටිකක් දවල්වන තුරු නිදාගැනීමට සිතා ඇඳේම සිටියාය.

නමුත් ඇයගේ නින්ද කැඩුනේ උදෑසන අවදි වූ මවගෙ කට හඩටය. ඇදෙන් නොබට ඈ සාලයේ වන කතා බහ අහන් සිටියේ අරමුනකින් තොරවය.

"කමලෝ ටිකක් ඉක්මන් කරානං" ඒ පියාගේ හඬයි.

"මේ ගේනවා"

"මේ මොකෝ අද බෑග් එක ලොකු"

" නෑ ඔහේ කන වෙලාවට යාලුවෙක්ට හරි දෙන්න බැරියෑ. කොහොමත් උයන එකනෙ. මොකෝ යාලුවෙක්ට කෑම එකක් දුන්න කියල අපි හිඟමනට වැටෙනවෑ"

"හ්ම්" එපමනකි. පියා කෑම දෙකත් ගෙන රැකියාව සඳහා පිටත්ව යන හඩ මහේෂි අසා උන්නාය.මොහොතකින්

"මේ ඇහුනද.හෙට කටිනෙ. ටිකක් කලින් ආවොත් රෑට පන්සල පැත්තෙ ගිහින් ආහැකි" මදක් හඬනගා වුවත් කරුනාවෙන්, අම්මා පැවසූයේ පියා කඩුල්ල පහු කර ඇති නිසා විය යුතුය.

ඉතින් මුදු සිනාවක් මුව නැගෙද්දී පොරවනයෙන් මූන වසාගත් මහේෂී, සුසුමක් හෙලමින් දෑස පියාගත්තාය.

නිමි.
(තමන්ගේ සියල්ලම සිනහවී දන් දෙන්නේ ඔහුය. දරුවන්ගේ සිනහව දැකීමට තමන්ගේ සිනහව කැපකරන්ද ඔහුය.'තාත්තා' )
තනුජ්✒ Thanuj Lakru
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Nov 2018 06:02 PM
  •  Quote
  •  Reply
හරිම හැගීම්බර කථාවක්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Nov 2018 08:25 PM
  •  Quote
  •  Reply
අනේ . .......කඳුළුත් ආව......මේ වගේ තාත්තල කොච්චර ඇද්ද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Nov 2018 09:06 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Nov 2018 06:02 PM
හරිම හැගීම්බර කථාවක්

අනිවාර්යයෙන්ම අයියේ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Nov 2018 09:07 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Nov 2018 08:25 PM
අනේ . .......කඳුළුත් ආව......මේ වගේ තාත්තල කොච්චර ඇද්ද

අනන්තවත් ඇති.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
22 Nov 2018 02:21 PM
  •  Quote
  •  Reply

අම්මා තරුව

"ඉක්කෝලෙ ගියා අද, මිහිරිගෙ කෑම පෙට්ටියෙන් බයි කෑව,එයාගෙ අම්මලු ඒව හැදුවෙ.රසාආආයි"

පිල මත හිඳගෙන ඈත අහසට කතා කරන චූටි පුතා දිහා අමිත් බලා උන්නේ වේදනාවෙනි. මේ පුතෙක් නොවී දුවෙක් උනානං කෙලෙස රකින්නදැයි ඔහුට සිතාගත නොහැක.පුතා තවමත් කතා කරයි

"තාත්ත සැල කලා මට අද, අම්මි එන දවස ආල. ඔහෙට ගොදක් දුරයිනෙ නේ"
තවත් බලාහිඳිනු නොහැකි වූ අමිත් පුතාට ලංවිය.

"මොකෝ මේ චූටි පුතා,අම්මට කේලං කියනවද"

"නෑ තාත්ත, එයාව ගෙන්න ගන්න බැලුවෙ තාටුවෙන් කතා කරල"කියා පුතා කියද්දී දෑස මත එකතු වූ කඳුල ,අමිත් ඔහේ ගලා යන්නට ඉඩ හැරියේ අඳුරේ පුතුට නොපෙනෙන නිසාමය.
"ඉතින් අම්ම මොකෝ පුතාට කිව්වෙ"

"දෙපාලක් නිවිල පත්තුවුන"

"ආ ඒ කියන්නෙ පුතාට දඟ නොකර ඉන්න කියලනෙ ඉක්මන්ට එන්න ඕනනං"

"ඉතින් මං හොදයිනෙ"

"හ්ම් හ්ම් ඔව්නෙ,දැන් අපි කාල දොයියමු හොදේ.හෙට ස්කෝලෙනෙ"

"හා" කියා ගෙට යන්න හැරුනු පුතු නැවත එලියට හැරී"ටටා අම්මා" කියමින් සිකුරු තරුවට අත වැනුවාය.
අමිත්ට කෑ ගසා හඩන්න සිතුනත් එයද කල නොහැකි තැන පුතාට කෑම කවා නිදි කරවා,ඇඳට ආවේය. එවිට මතකෙට නැගුනේද මයුරිගේ පියා දවල් ඇවිත් කියාපු දේවල්ය.
"දැක්කද පත්තරේ"

"මොකක්ද තාත්තෙ"

"මොකක්ද, අදත් තියෙනව බොල අරාබි රටක ලංකාවෙ ගෑනු දෙන්නෙක්ව මරල,තොපි වගේ පන නැති උන්ට ගෑනු දුන්නට මට ගහන්න ඕනෙ බොල.මට" කියමින් බැන බැනම මයුරිගේ පියා හැරමිටි ගගහ ගියේය.
මයුරි විදේශගත වනවිට පුතාට යන්තං අවුරුදු හතර වූවා පමනි. ගෙයක් දොරක් හොදට හදාගෙන පුතාටත් අනාගතයක් සාදා ගැනීම මයුරි මෙන්ම අමිත්ගේත් අරමුන විය.
නමුත් විදේශ ගතවී මාස පහක් පමන යන විට මයුරි ගැන ආරන්චියක් නැති විය. මාස ගානක් පුලුවන් හැම විදියටම හෙව්වත් ඇය ගැන තොරතුරක් නොවීය.

"උබ පිරිමියෙක් වගේ හිටියනං මගෙ කෙලී තාම ඉන්නව" නිතර වැට ලගින් යන නැන්දම්මගේත් මාමන්ඩියගේත් මන්තරය එසේ වෙත්දී අමිත්ගේ සිතටද ඒ හැගීම ටික ටික මෝදු විය.
"මට තිබුනෙ අපි පුලුවන් විදියට ඉමු කියන්න,පුතත් පොඩියිනෙ කියන්න" එසේ නිතර තමාටම කියාගත් අමිත් සියල්ල නැති වූ තැන පුතා වෙනුවෙන් වෙහෙස වී වැඩකරන්නට විය.
දැන් මාස හයක පමන සිට ඒ වෙහෙසවන දෙයින් ප්රතිපල හිමිවිය. අතේද මුදල් ඉතිරිවන අතර නිවසද ටික ටික ගොඩ නැගෙමින් පවතී.

නැවතත් දිනක අමිත්ගේ අක්කා ගෙදර පැමිනි දිනක
"බලපන් මල්ලියෙ අද උබ දිහා, උබ කලින් මේ වගේ පව්ල ගැන හිතල වැඩ කරානං අද මයුරි නංගිත් අපි එක්ක ඉන්නව මල්ලියෙ" කීවාය.

"මට තේරෙනව අක්කෙ. මයුරි එහෙදි මලාද,වෙන මිනිහෙක් එක්ක ගියාද මං දන් නෑ. ඒත් ඒ මොක වුනත් මගෙ වරද නිසා, ගෙදර පොඩි ලමයෙකුත් තියන් මං ඒකිට යන්න දුන්නනෙ"කීවේ උහුලා ගත නොහැකි වේදනාවකින් හිස බදාගෙනය.

"දැන් වෙල ඉවරයිනෙ මල්ලි,දැන් පොඩි එකාගෙ අනාගතේ ගැන හිතල හිත හදාගනින්.කෝ පොඩ්ඩ"කියා අක්කා එවෙලේ ඇසුවේ අමිත්ගෙ හිත හැදීමටය.
"කාමරේ ඇති සෙල්ලං කර කර,යන් බලන්න"යැයි කියමින් අමිත් කාමරේට යද්දී අක්කාද ඔහු පසුපස ආවාය. කාමරේට ඇතුල්වුන සැනින්ම අමිත් ගල්ගැසී නැවතුනාය
ඒ සමගම ගිය අක්කාද දුටු දෙයින් ගල් ගැසී නැවතින.
බිම' අම්මා' යැයි ලොකුවට හුනු කැටයකින් ලියූ පුතු,ඒ මත නිදිය.

පියවි සිහියට ආ අක්කා" මොනව තිබුනත් දරුවෙක්ට අම්ම නැතුව පලක් නෑ මල්ලි" යැයි කීවේ දෑසෙන් කඳුලු ගලත්දීය.

පලක් නැත. පෙරහැර ගිහින්ය.

තනුජ්✒ Thanuj Lakru



Udeshika Herath
0
Add Reply
Page 2 of 6 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below