You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2019 09:43 AM by  Udeshika Herath
කෙටි කතා
 107 Replies
Sort:
Page 4 of 6 << < 23456 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Dec 2018 02:58 PM
  •  Quote
  •  Reply
කථාවනං ලස්සනයි.
නමුත් කොච්චර බිවුව මිනිහෙකුගේ උනත් ඔච්චර සිහිය විකල් වෙන්නෙ නෑ දන්න තරමින්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Dec 2018 07:21 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Dec 2018 02:58 PM
කථාවනං ලස්සනයි.
නමුත් කොච්චර බිවුව මිනිහෙකුගේ උනත් ඔච්චර සිහිය විකල් වෙන්නෙ නෑ දන්න තරමින්

අය්යලට ඉතින්  සිහිය එනකොට විකල් වෙලා හිටිය කියල මතක නෑනි

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
14 Dec 2018 01:12 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Dec 2018 02:58 PM
කථාවනං ලස්සනයි.
නමුත් කොච්චර බිවුව මිනිහෙකුගේ උනත් ඔච්චර සිහිය විකල් වෙන්නෙ නෑ දන්න තරමින්

මමත් ඒක නම් අහල තියනව.. ඒ වුණාට මොකුත්ම මතක නෑ වගේනෙ හැසිරෙන්නෙ...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
14 Dec 2018 01:13 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 13 Dec 2018 07:21 PM
Posted By sha733 on 13 Dec 2018 02:58 PM
කථාවනං ලස්සනයි.
නමුත් කොච්චර බිවුව මිනිහෙකුගේ උනත් ඔච්චර සිහිය විකල් වෙන්නෙ නෑ දන්න තරමින්

අය්යලට ඉතින්  සිහිය එනකොට විකල් වෙලා හිටිය කියල මතක නෑනි

ඒ ගැන නම් කියල වැඩක් නෑ..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
08 Jan 2019 08:55 AM
  •  Quote
  •  Reply
බිත්තරේ
(කෙටි කතාව)

වැටි වැටි ඇවිදිමින් ගේ පුරා දුවන පුංචි පුතා සාලයේ සෙල්ලම් කරමින් සිටි අතර 'මේධා' මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටියේ සම්පූර්න අවධානයම සාලයේ තබාය.

පෙර කාලයේ නම් ඇයට නිදහසේ නිවසේ කටයුතු කල හැකි වූයේ අසල නිවසක සිටි මාමාගෙ දුව වූ "ඉෂාරා" නිසාය.

ඇය පුංචි පුතාට බොහෝ ලෙංගතු වූයෙන්, පුතාව බලා ගැනීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වූවාය.මේධාට ඇගෙන් ලැබුනේ සුලුපටු සේවයක් නොවූවත්, එම හිතවත්කම දෙදරා ගියේ 'ඉෂාරා' හොරකම් කිරීමට පටන්ගත් නිසාය.

ඇය හොරකම් කරනු දෑසට නොදැක්කත්,පුන්චි හොරකං වුවත්, ඒ ඇයම යැයි සිතීමට සාක්ෂි ඕනවටත් වඩා තිබිනි.විශේෂම දේ මේධාගෙ තනි නොතනියට නිවසට පැමිනියේ ඇයම පමනක් නිසාය.

මුලින් නැති වූයේ ෆ්රිජ් එකේ තිබූ බිත්තරය. සතියට දෙක තුනක් එසේ නැතිවිය. එසේ මාසයක් පමනම වූවත් මේධා සැමියාට එය නොකීවාය. ඇය සිතුවේ දුප්පත් 'ඉෂාරා' ඉල්ලන්න ලැජ්ජ කමට හොරෙන් රැගෙන යනවා ඇත කියාය. නමුත් එය සීමාව පැන්නේ දින හතරකට පෙර පසුගිය ඉරිදාය. එදින සැමියා වන 'කුෂාන්'ද ගෙදර සිටි දිනකි.

"මේධා,මේධා" කුෂාන් කෑ ගසද්දී සෝදමින් සිටි රෙදි ටිකද බේසමට දමා මේධා ඉක්මන් ගමනින් සාලයට ආවාය. එදින නිවාඩු දිනක් බැවින් කුෂාන් පුතා සමග උදේ සාලයේ සෙල්ලං කරද්දී,මේධා සිටියේ රෙදි සෝදමිනි.

"ඇයි ඇයි කුෂාන්"

"කෝ කොල්ලගෙ පංචායුධේ දාපු චේන් එක" පුතාගේ ගෙලේ පංචායුධය සහිත රන් මාලය ගෙලේ නොමැති බව මේධා දුටුවේද එවිටය.

"ඊයෙ රෑත් තිබුනද කොහෙද කුෂාන්" මේධා එසේ කීවද ඇය ඉදිරියේ ඉෂාරාගේ චායාවක් ඇඳී මැකී ගියාය.

"නෑ නෑ. රෑත් තිබුනෙ නෑ. මට මීටර් උනෙ දැන්. අනිවාර්යෙන් කවුරුහරි ගලවන්. කවුද ඊයෙ මේ පැත්තෙ ආවෙ"

"ක කවුරුත් ආවෙ නෑ කුෂාන්. ඉෂාරා විතරනෙ එන්නෙ, මේ මේ"

"මොකක්ද මේ මේ" කුෂාන් මේ වර මදක් සැරෙන් අසද්දී අවුරුද එකහමාරක පුතාද ගැස්සී හඬන්නට විය.
පුතාව වඩාගෙන නලවන ගමන් මේධා බිත්තර නැතිවීම ගැන කුෂාන්ට කීවේ බිම බලාගෙනය.

"ඕකනෙ ඕකනෙ. මම හිතුව ඕකි වෙන්නැති කියල. රස්සාවක්වත් නැතුව ගෙදර ඉන්න එකීනෙ.ඉන්නවකො මං දෙකක් කියල එන්න" කුෂාන් මාමලාගේ ගෙවල් පැත්තට යන්න හදද්දී මේධා ඔහුගේ අතින් අල්ලා ගත්තාය.

" මේ එපා එපා කුෂාන්. අපි දැනන් හිටියම හරිනෙ.මං කියන්නං ආයි මේ පැත්තෙ එන්න එපා කියල"

"නෑ නෑ. මූනටම කියල එන්න ඕනෙ ආපහු ඕව නොකරන්නම" කියූ කුෂාන් මේධාගේ අතද ගසාදමා ඉෂාරාගේ නිවසට ගොස් ආවේ, හිතවත් නෑයෝ, වෛරයක්කාරයෝ කරගෙනය. රන්ඩුවට නොගියද මේධාද සිටියේ කෝපයෙනි. විශ්වාසය කඩ කිරීම ගැන ඇය ඉෂාරා සමග උරණ වූවාය.පුතුගේ පංචායුධය සොරකම් කිරීමෙන් ඇයට ඉෂාරා පිලිකුල් වූවාය.
........
නමුත් දැන් පාඩු මේධාටමය. වියදමක් නැතිවම පුතා බලාගත් හිතවතිය නැති වීම නිසා ඇයට දවස තිස්සේම වෙහෙසවීමට සිදුව තිබිනි.
' මොනව උනත් පුතාට ඒකි ආදරෙයි' ඇය බොහෝ විට සිතුවේ ඉෂාරා සිටි දිනවල මේධාට තිබූ සැහැල්ලුව මතකෙට නැගීමෙනි. මේ දින තුනට මේධා හෙම්බත්වී සිටියාය.
සිතිවිලි අතර මුලුතැන්ගයි වැඩ කරද්දී කෑම කාමරයේ සියුම් ශබ්දයක් ඇසී මේධා ඒ දෙසට පිය නැගුවාය. පුංචි පුතා අසීරුවෙන් ෆ්රිජ් එකේ දොරේ එල්ලී සිටිනු දුටු මේධා, පුතා ලඟට නොයා මදක් බලා සිටියාය.

හඬ නොනැගෙන සේ සෙමින් බිත්තරයක් ගත් පුතු හොරෙක් මෙන් හඬ නොනැගෙන සේ පාද තබමින් සෙමෙන් සෙමෙන් සාලය දෙසට යනු දුටු මේධා, ඈත සිට බලා සිටියේ පුදුමයෙනි.

සාලයට ගිය පුතු පැද්දෙමින් වටපිට බලද්දී මේධා දොර රෙද්දට මුවාවී බලා සිටියාය. මොහොතක් බලා සිටි පුතු සාලයේ මුල්ලක තිබු අඩියක් පමන ගැබුරු මල් බඳුන තුලට බිත්තරය සීරුවෙන් දමා, නැවත සෙල්ලං බඩු අතර හිඳගත්තේය.නැවතත් හිස ඇල කර මල් බඳුන දෙස බලා නැවත මුලුතැන්ගේ දෙස බැලූ පුතා පාඩුවේ සේල්ලං කිරීමට පටන්ගත්තේය.

පිටතට ඇසෙන තරම් වේගයෙන් හදවත ගැහැද්දී මේධා එතනම බිම හිඳගත්තාය.

මල් බඳුන තුල ඇති දෑ බැලීමට කුෂාන් එනතුරුම ඈ ඉවසා සිටියාය. කුෂාන් එන විට පුතා සිටියේ සුව නින්දකය., දහවල් වූ සිදුවීම කුෂාන් සමඟ පවසත්දී කුෂාන්ගේද ඇස් නලලට ගියේ නිරායාසයෙනි. දෙදෙනාම මල් බඳුන පරීක්ෂාවට පටන් ගත්තේ පුදුමයෙනි. දිග නටු සමග මල් ඉති දමා තිබූ බඳුනට, ඉති අතරින් යමක් දැමීමට හැකි වූවත් එය එලියට නොපෙනුනේය. එහි තිබූ දේ අතර බිත්තර හතක්,කොන්ඩකටු දෙකක්,ටීක්බෝල කීපයක් සහ හපන ලද පංචායුධය සහිත රන් මාලයද විය.

"මාර වැඩේනෙ මේධා, එතකොට අර කෙල්ල අහිංසකද"

"ඔ ඔව් කුෂාන්.මට වැඩියෙ ඒකි ආදරෙයි කොල්ලට. හදිසි උන වැඩියි කුෂාන් අපි. සමාව ගමු විස්තරේ කියල"

"පිස්සුද මේධ. බාල්දු වෙතහැකිද එදා බැනපු විදියට"

"අනේ නිකං ඉන්න කුෂාන්. අපි ඒ කෙල්ලට බනිද්දි හිතුවද ඒකිට වෙන ලැජ්ජාව. ඔයාට බැයිනං මං යනව හෙට" කියමින් නැගීසිටි මේධා වේගයෙන් මුලුතැන්ගෙට ගියාය.

"මෙච්චර පුංචි ලමෙක් මේව කරයි කියල කවුද හිතන්නෙ මේධ, යන් හෙට මාමලෑ ගෙදර" අවසන කුෂාන් කීවේ කාමරයට ගොස් සුවසේ නිදන පුංචි පුතු දෙස බලාගෙනය.

(නොවේ යැයි සිතන බොහෝ දේ විය හැකිය)

තනුජ්✒ Thanuj Lakru
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
08 Jan 2019 11:01 AM
  •  Quote
  •  Reply
නමුත් කොච්චර බිවුව මිනිහෙකුගේ උනත් ඔච්චර සිහිය විකල් වෙන්නෙ නෑ දන්න තරමින්

දන්න තරමින් එහෙම උනාට නොදන්න තරමින් එහෙම වෙන එවුනුත් එහෙන් මෙහෙන් ඉන්නව. ලෝකෙ තියෙන අන්තිම බීම ටික වගේ ගසා ගෙන ගසා ගෙන ගිහිං විකල් වෙනකං දන්නෙ නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Jan 2019 01:24 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 08 Jan 2019 11:01 AM
නමුත් කොච්චර බිවුව මිනිහෙකුගේ උනත් ඔච්චර සිහිය විකල් වෙන්නෙ නෑ දන්න තරමින්

දන්න තරමින් එහෙම උනාට නොදන්න තරමින් එහෙම වෙන එවුනුත් එහෙන් මෙහෙන් ඉන්නව. ලෝකෙ තියෙන අන්තිම බීම ටික වගේ ගසා ගෙන ගසා ගෙන ගිහිං විකල් වෙනකං දන්නෙ නැහැ.
 මිනිහෙක් කොචචර බිවුවත් සිහි මූර්ජා වෙලා බිම වැටෙනතාක් සිහි විකල් වෙන්නෙ නෑ

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Jan 2019 07:33 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 08 Jan 2019 08:55 AM

මදැයි පොඩ්ඩ කරපු හරියක්

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Jan 2019 07:34 PM
  •  Quote
  •  Reply
ඒකනේ .....වැරැද්දකට දඬුවම් කරන්න කලින් හොඳින් හොයන්න ඕන ....මේව හොඳ පාඩම්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
11 Jan 2019 10:50 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 08 Jan 2019 07:34 PM
ඒකනේ .....වැරැද්දකට දඬුවම් කරන්න කලින් හොඳින් හොයන්න ඕන ....මේව හොඳ පාඩම්

අනිවාර්යයෙන්ම
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
11 Jan 2019 10:52 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 08 Jan 2019 01:24 PM
Posted By maduranga001 on 08 Jan 2019 11:01 AM
නමුත් කොච්චර බිවුව මිනිහෙකුගේ උනත් ඔච්චර සිහිය විකල් වෙන්නෙ නෑ දන්න තරමින්

දන්න තරමින් එහෙම උනාට නොදන්න තරමින් එහෙම වෙන එවුනුත් එහෙන් මෙහෙන් ඉන්නව. ලෝකෙ තියෙන අන්තිම බීම ටික වගේ ගසා ගෙන ගසා ගෙන ගිහිං විකල් වෙනකං දන්නෙ නැහැ.
 මිනිහෙක් කොචචර බිවුවත් සිහි මූර්ජා වෙලා බිම වැටෙනතාක් සිහි විකල් වෙන්නෙ නෑ

මාත් ඒකනම් අහල තියේ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
11 Jan 2019 10:55 PM
  •  Quote
  •  Reply
දරු සෙනෙහෙ
(කෙටි කතාව)

"සවනී"
දහවල් ආහාරයෙන් පසුවත් පැයක් පමනම එලියේ හාන්සි පුටුවට වී තනියෙන් කල්පනා කරමින් සිටි 'අවන්ත' මදක් හඬනගා බිරිඳට කතා කලේය.
ඒ වන විට ඇය සිටියේ පුතාත් සමඟ කාමරයට වී නිදි සුවයේය.
අවන්ත,කතා කරනු අඩනින්දේ සිටි සවනිට ඇසුනේ සිහිනෙන් මෙනි. කම්මැලිකමක් දැනුනත් ඇය නැගිට එලියට ආවේ උවමනාවක් නොවේනං මේ වෙලාවට අවන්ත කතා නොකරන බැවිනි. මන්ද, ඇයද රැකියාවකට යන බැවින් නිදහසේ දහවල් කෙටි නින්දක් හෝ ඇයට ලැබෙන්නේ මෙවැනි ඉරිදා දිනයක බව දන්නා බැවින් ඔහු ඇයට නිදහසේ ඉන්නට දෙන නිසාය.

දහවල් මුළුතැන්ගෙයි වැඩටද අවන්ත වැඩි සහයක් දෙන්නේ ඇයට අස්වැසිල්ලක් වීමටය. ඇයද එය දැන උන්නාය.

' සවනි ' එලියට එන විටත් අවන්ත සිටියේ කල්පනා කරමිනි.කොන්ඩය දෙඅතින්ම සකසාගෙන, අතේ තිබුන කොන්ඩ බූලෙන් ඔලුව පිටුපසට අශ්වයාගේ මෙන් වලිගයක් සාදාගත් සවනි, ඔහු අසලම පුටුවකට බරවුනාය.

"ඇයි අවන්ත,මුකුත් අව්ලක්ද වැඩපලේවත්. මං දැක්ක කාපු වෙලේ ඉඳන් කල්පනා කරනව අද" සවනි කීවේ අවන්තගේ මූන බලාගෙනමය. එයට මද සිනාවකින් ඇය දෙස බැලූ ඔහු

"නෑ නෑ, මට පොඩ්ඩක් කතා කරන්න හිතුන. ප්රශ්නයක්නං තමයි,එකපාරම කියන්න හිතිල කතාකරේ. කෝ පුතා නිදිද"

"ම්. ඔය දඟලල නිදාගත්තෙ. මාර අමාරුයි දැන් මෙයාව නිදිකරන්නත්. සතියෙම ඩේ කෙයා එකේ හොදට නටනව ඇති"

"ම් ඒකනෙ, ඒ ගැනම තමයි ප්රශ්නෙත්"

"මොකක්ද පුතා ගැනද"

"ඔව්" කියමින් අවන්ත මදක් නිහඬව සිටියේය. ඊට පසු

"මොකද සවනි දැන් ඔෆිස් එකේ තත්වෙ, එතන හොදද" ඇසුවේ කතාව වෙනස්කිරීමටම නොවේ.

"ආ හොදයි හොදයි. අවුරුදු පහක්නෙ. ලඟදිම ප්රමෝෂන් හම්බෙයි,මොකෝ කවදාවත් නැතුව එහෙම ඇහුවෙ" යැයි කියූ ඇය, ඔහු දෙස බලා සිටියේ ප්රෂ්නාර්ථයක් රැඳි මුහුනෙනි.

" නෑ නෑ නිකං"

"නිකංම වෙන්නත් බෑ"සවනි කීවේ සැකමුසුවය.

"නෑ නෑ. මට ඊයෙ ජනිත් හම්බුන. අපේ නැද්දගෙ පුතා"

"අපෝ පාරෙදිනං කතාකරන්නත් එපා අවන්ත. දන්නවනෙ පොඩි එකා උනට" සවනි කීවේ නෝක්කාඩුවෙනි.
අවන්තගේ නැන්ද කෙනෙක්ගේ පුතකු වූ ජනිත් තාමත් අවුරුදු විස්සක පමන තරුනයෙක් වුවත්, ඔහුගෙ හැසිරීම මහ මිනිසෙකු මෙනි. නැන්දාවවත් මාමාවවත් තබේකට මායිම් නොකල ඔහු,ජීවත් වූයේ තනි අලියකු මෙන්ය. ඔහුගේ නොහික්මුනු බව නිසාම, සවනි ඔහුව පිට කෙනෙකු සේ සැලකුවාය.

"නෑ සවනි. එහෙම නෙමෙයි. මං මෑන්ට කිව්ව ටිකක් අම්ම තාත්ත කියන දේ අහල ටිකක් පිලිවෙලකට ඉන්න කියල. මිනිහ මං කියන දේ අහනව"

"හ්ම් ඇහුවට පිලිපදින් නෑනෙ,ඉතින්"සවනි කීවේ ඉවත බලාගෙනය.

"ඒත් සවනි කොල්ල යන්න හැරිල කියපු දෙයක් මගෙ හිතට වැදුන"

"ඒ මොකක්ද"

"නෑ මෑන් කියනව ඒ ලෙවලුත් ඉවරවෙනකංම මිනිහට අම්මෙක් තාත්තෙක් හිටියද කියලවත් ගානක් නෑලු. දැන් ඉතින් එයාලගෙ උපදෙසුත් වැඩක් නෑලු"

"ඇයි එහෙම කියන්නෙ. හොදට ඉගැන්නුවත් එක්කනෙ වියදං කරල"සවනි කීවේ කෝපයෙනි.

"ඔව්. ඒත් මිනිහට කතාකරන්නවත් හිටියෙ ආච්චි විතරනෙ. නැන්දයි මාමයි පෙන්ෂන් යනකංම ජොබ්නෙ. කොල්ලගෙ ඔලුව අතගාන්නවත් වෙලාවක් නෑ.ඌදේ යනව.රෑ වෙල එනව.වැරැද්දක් හොයල බලන්නවත් මව් සෙනෙහෙසවත් නෑනෙ.මටත් කොල්ල ගියාට පස්සෙ තේරුනෙ" අවන්ත සීරුවට කියාගෙන යද්දී සවනි නිහඩව අසා සිටියා පමනි.

"පුතා දැන් ටිකක් අකීකරු වේගෙන එනව නේද සවනි" යැයි අවන්ත කියද්දීනං එක පාර ගැස්සුනු සවනි අවන්ත දෙස බැලුවාය.

"එතකොට ඔයා කියන්නෙ"

"නෑ මං කියන්නෙ ජනිත් ඒ කාලෙ අපේ පුතා වගේ තනියෙන් ඉන්නැති කියල සවනි"

"ම් පුතත් දැන් ටිකක් මුරන්ඩුයි තමයි. ඒත් අවන්ත මේ ජොබ් එකත් අපරාදෙ. ඔයාගෙ ජොබ් එක අපිට ඇති තමයි. ඒත් මං ආසාවෙන්නෙ මේක කරන්නෙ" යැයි සවනි කීවේ දුක්මුසු හඬිනි.

" නෑ නෑ මම නවතින්න කීව නෙමේ සවනි. ආසාවෙන් කරන හොද ජොබ් එකනෙ. ඔය වගේ එකක් ආයි හොයාගන්නත් අමාරුයි.ලමය නරක් උනොත්, ලමයෙක්නං තව හදාගන්න හරි බැරියෑ. ඒත් ජොබ් එක නේද" යැයි කියූ අවන්ත පුටුවෙන් නැගිට මිදුල දෙසට ඇවිද ගියේ සවනිගේ හිසද අතගාගෙනය.

නැවත එදින ඒ ගැන කතාවක් නොවුනත් රෑ නින්දේදී සවනිට සුව නින්දක් නොලැබුන බව අවන්තට තේරුනේය. නමුත් කිසිවක් නොවිමසූ ඔහුටද නින්ද ආවේ බොහෝ රෑ වූ පසුවය.

පසුදින අවන්ත අවදිවන විට, සවනී නැගිට මුළුතැන්ගෙයි ආහාර පිසීමට සූදානම්ව සිටියාය.
පොඩි වොෂ් එකක් දමාගත් අවන්තද සවනිට පොල් ගා දී, නැවත නාන කාමරයට වැදුනේය.

"පුතාවත් ඇහැරවන්න සවනි, නැත්තං අදත් අපි දෙන්නටම පරක්කුවෙයි කොල්ලව රෙඩිකරගන්න බැරුව"නාන කාමරයෙන් එලියට පැමිනි අවන්ත කීවේය. පුතාව ඩේ කෙයා එකට දමා යෑමට ඇති නිසා, පුතාව ලැහැස්ති කර ගැනීමට පමාවුව හොත් දෙදෙනාටම කාර්යාලයට යාමට පමාවන බැවිනි.

"නෑ අවන්ත. අද මං වැඩට යන් නෑ"පරිප්පු හොද්ද හැදිගාමින්ම සවනි කීවාය.

"ඇ ඇයි,ඔයාට අසනීපද. බෙහෙත් ටිකක් අරන් එමු එහෙනං"ඇයට ලංවී නලලට අත තැබූ අවන්ත කීවේය.

"නෑ අවන්ත. මේ ජොබ් එක කරන්නෙ සල්ලි ප්රශ්නෙකට නෙමේනෙ. මගෙ ආසාවට වඩා මගෙ ලමයට එයාගෙ අම්මව දෙන එක වටිනව කියල මට හිතුන" සවනි කීවෙ හැඟුම්බරවය.

"හ්ම්" යැයි යැයි කියමින් ඇගේ හිස අත ගා අවන්ත කාමරයට ගියේ සැනසුම් සුසුමක් හෙලමිනි.

(ලඳරුවෙකුට හොදම දේ මව් කිරි සේම, දරුවෙකුට හොදම මගපෙන්වන්නේද අම්මාය. ගැහැනිය නිතරම සම තැනේ නොව නිසි තැනේදී ලස්සනය. ආර්ථිකමය ප්රෂ්න මත රැකියාව කිරීමට අවශ්යමනං දරුවා ගැන සුබදායි වැඩපිලිවෙලක් තිබිය යුතු වේ)

තනුජ්✒ Thanuj Lakru
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Jan 2019 01:57 AM
  •  Quote
  •  Reply
හ්ම් ...කැපකිරීමක් කරල හරි දරුවන් යහ මගට ගන්න එක දෙමව්පියන්ගෙ යුතුකමනේ..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Jan 2019 01:58 AM
  •  Quote
  •  Reply
එක්කෙනෙක් වැඩ කළාම ජීවත් වෙන්න ඇති පඩියක් ගන්න මාත්තයෙක් ලැබුණොත් මාත් හරි ආසයි ගෙදර ඉන්න හී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
12 Jan 2019 07:47 AM
  •  Quote
  •  Reply
මං වගේ ටීචර් කෙනෙක් ව හොයා ගත්ත නම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ..

මේ කතාවේ විදිහටම කරන්න අද කාලේ අපහසුයි මේ තියෙන ආර්ථික වට පිටවත් එක්ක. ගොඩක් මිනිස්සු ලෝන් එක්ක හිර වෙලා ඒවා ගෙවා ගන්න දවස පුරාම පිස්සුවෙන් වගේ දුවනවා. පවුල වෙනුවෙන් ගත කරන්න කාලය ගිලිහි යනවා නොදැනීම.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
12 Jan 2019 02:41 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Jan 2019 01:57 AM
හ්ම් ...කැපකිරීමක් කරල හරි දරුවන් යහ මගට ගන්න එක දෙමව්පියන්ගෙ යුතුකමනේ..

හූම්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
12 Jan 2019 02:42 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Jan 2019 01:58 AM
එක්කෙනෙක් වැඩ කළාම ජීවත් වෙන්න ඇති පඩියක් ගන්න මාත්තයෙක් ලැබුණොත් මාත් හරි ආසයි ගෙදර ඉන්න හී

ඒක හොදා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
12 Jan 2019 02:44 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Jan 2019 07:47 AM
මං වගේ ටීචර් කෙනෙක් ව හොයා ගත්ත නම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ..

මේ කතාවේ විදිහටම කරන්න අද කාලේ අපහසුයි මේ තියෙන ආර්ථික වට පිටවත් එක්ක. ගොඩක් මිනිස්සු ලෝන් එක්ක හිර වෙලා ඒවා ගෙවා ගන්න දවස පුරාම පිස්සුවෙන් වගේ දුවනවා. පවුල වෙනුවෙන් ගත කරන්න කාලය ගිලිහි යනවා නොදැනීම.

ඒ කතාව ඇත්ත අයියෙ.....
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
12 Jan 2019 03:35 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Jan 2019 01:58 AM
එක්කෙනෙක් වැඩ කළාම ජීවත් වෙන්න ඇති පඩියක් ගන්න මාත්තයෙක් ලැබුණොත් මාත් හරි ආසයි ගෙදර ඉන්න හී
නිකම්ම ගෙදෙට්ට වෙලා දෙසා බබා ඉන්නයි මෙයාගේ කල්පනාව.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Jan 2019 04:25 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Jan 2019 07:47 AM
මං වගේ ටීචර් කෙනෙක් ව හොයා ගත්ත නම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ..

මේ කතාවේ විදිහටම කරන්න අද කාලේ අපහසුයි මේ තියෙන ආර්ථික වට පිටවත් එක්ක. ගොඩක් මිනිස්සු ලෝන් එක්ක හිර වෙලා ඒවා ගෙවා ගන්න දවස පුරාම පිස්සුවෙන් වගේ දුවනවා. පවුල වෙනුවෙන් ගත කරන්න කාලය ගිලිහි යනවා නොදැනීම.

අය්ය  වගේ බිස්නසුත් කරන ටීචර් කෙනෙක් නම් හා අම්මෙ කියනෝ 😆
0
Add Reply
Page 4 of 6 << < 23456 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below