Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 35 << < 89101112 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 18 Aug 2018 06:28 PM කොඳු ඇට පෙළේ රෝගයක් තිබූ කාන්තාවක් සුව කළ හැටි ප්රශ්නය - පසුගිය සතියේ අප සාකච්ඡා කළේ Radiculopathy නමැති රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් ඇවිද ගැනීමට පවා බැරිව විඳපු දුක ගැනයි. ඔබ ඇගේ රෝග නිශ්චය කළේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳු ඇටවල ස්නායු හිරවීමක් තිබෙනවා නම් එය අතේ නාඩිවලින් අල්ලා ගන්න පුළුවන්. මේ ලෝකයේ රෝග දහස් ගණනාවක් තිබෙන බව අප දන්නවා. හැබැයි මේ දහස් ගණන ප්‍රධාන කාණ්ඩ සීමිත ප්‍රමාණයකට තමයි බෙදිලා යන්නේ. ඒ ප්‍රධාන රෝග කාණ්ඩවලට අයත් රෝගීන්ගේ නාඩි වැටෙන පිළිවෙළක් තිබෙනවා. ඒ පිළිවෙළ එකින් එක වශයෙන් අපේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය තුළ සඳහන් වෙනවා. උදාහරණ කිහිපයක් කියන්නම්. උණ රෝගියකුගේ නාඩි වැටෙන ආකාරය සහ වකුගඩු රෝගියකුගේ නාඩි වැටෙන ආකාරය අතර වෙනසක් තිබෙනවා. ක්ෂය රෝගියකුගේ නාඩි වැටෙන ආකාරය සහ අර්ශස් රෝගියකුගේ නාඩි වැටෙන ආකාරය අතර වෙනසක් තිබෙනවා. හදවත් රෝගියකුගේ නාඩි වැටෙන ආකාරය මේ හැමටම වෙනස්. ඒ අතර හෘද රෝග රැසක් තිබෙනවා. සමහරුන්ගේ ධමනි හිරවෙලා. තව සමහරුන්ගේ හෘදයේ පේශී මැරී යැම නිසා ස්පන්දනය වෙනස්. තවත් සමහරුන්ගේ හෘද නාළවල කැල්සියම් බැඳිලා. මේ හැම දෙනාගෙම හෘද ස්පන්දනය එකිනෙකාට වෙනස්. ඒ නිසා නාඩි වැටෙන ආකාරයත් වෙනස්. කොඳු ඇට පෙළේ රෝග තිබෙන අයගේ නාඩි වැටෙන විදිය මේ ඔක්කොටම වඩා වෙනස්. මේවා එකින් එක අපි දන්නවා. අර කාන්තාව මා ළඟට ආවාම මම මුලින්ම කරන්නේ නාඩි බලන එක. ඒ වගේම රෝගියාගේ චර්යාව, ඒ කියන්නේ හැසිරීම මගිනුත් යම් ප්‍රමාණයක රෝග නිශ්චයක් කරන්නට පුළුවන්. ඉතින් අර කාන්තාවගේ කොඳු ඇට පෙළේ විකෘතිතා සහ ස්නායු හිරවෙලා තිබුණ ආකාරය මා හඳුනා ගත්තා. ඇයට මා ප්‍රතිකාර කරන්නේ එතැන් සිටයි. ප්රශ්නය - මොකක්ද ඔබ කළ ප්‍රතිකාර වෛද්‍ය එම්. ඒ. මදනායක - මා ඔබට කලිනුත් කියා තිබෙනවා අපේ වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන ප්‍රතිකාර ඉතාම සීමාසහිත බව. අපේ ඖෂධවල බෙහෙත් වර්ග රැසක් නැහැ. සීමිත ගණනයි තිබෙන්නේ. අපි ඒ අමුද්‍රව්‍යවල මාත්‍රාවෙන් තමයි බෙහෙත් ගුණාගුණය එහා මෙහා කරගන්නේ. මම ඇයට මුලින්ම කළේ තෙල් වර්ගවලින් කරන ප්‍රතිකාරයි. ඊට පස්සේ ක්‍රමයෙන් කසාය සහ තැවිලිවලට මාරු වුණා. මේ විදිහට මාසයක් ප්‍රතිකාර කරන විට ඇය නැගිට්ටා. අත් පා එහා මෙහා කළා. දැන් මාස දෙකක් ප්‍රතිකාර කරලා ඉවරයි. ඇය හොඳට ඇවිදිනවා. තමන්ගේ වැඩත් කර ගන්නවා. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Aug 2018 06:29 PM ග්ලූකෝමා අක්ෂි රෝගය හඳුනා ගනිමු: සුවකර ගනිමු ප්රශ්නය - පසුගිය සතියේදී අප ඇසේ සුද හට ගැනීම ගැන සාකච්ඡා කළා. තමාට තිබෙන රෝගය ගැනත් එහි ස්වභාවය ගැනත් ඒ සඳහා ගත යුතු ඖෂධවල අඩංගු ද්‍රව්‍ය සහ එමගින් සිදුවිය හැකි පසුකාලීන හානි ගැන දැන ගැනීමත් රෝගියාගේ අයිතියක්. අප මේ ලිපි පෙළ මගින් කිසියම් රෝගයක් හඳුන්වා දී එයට දෙන කසාය වර්ග, තෙල් වර්ග හෝ කල්ක වර්ගවල අඩංගු ද්‍රව්‍ය ගැනත් ඒවායේ උද්භිද විද්‍යාත්මක අගයන් ගැනත් විස්තර සඳහන් කරන්නේ එම අයිතිය තහවුරු කිරීමටයි. අද මේ ලිපිය මගින් ග්ලූකෝමා (Glaucoma) නමැති අක්ෂි රෝගය ගැන කතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ග්ලූකෝමා රෝගයට කියන සිංහල නම නීලකාච රෝගයයි. මෙයින් ඇස තුළ තිබෙන Optic Nerve හෙවත් දෘෂ්‍ය ස්නායුව හානියට පත් වී පෙනීම නැතිව යනවා. ග්ලූකෝමා වර්ග කිහිපයක් තිබෙනවා. මෙයින් පළමුවන වර්ගය වන Open angle ග්ලූකෝමාව තමයි ඉතාම බහුල වශයෙන් තිබෙන වර්ගය. මෙය ඇසට කිසිදු හානියක් නොකර ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. මෙහිදී ඇසේ පෙනීමේ පරාසය ක්‍රමානුකූලව දෙපැත්තෙන් අඩුවෙමින් ගොස් අන්තිමට නොපෙනීම යනවා. දෙවනි වර්ගය වන Closed angle ග්ලූකෝමාව ක්‍රමයෙන් නොව හදිසියේ ඇතිවන රෝගයක්. ප්රශ්නය - ග්ලූකෝමා රෝගයෙන් ඇස් පෙනීම නැතිව ගියත් යළි පෙනීම ලබාගත හැකිද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - කොහොමටවත් බැහැ. මොකද මෙහිදී හානියට පත් වන්නේ දෘෂ්‍ය ස්නායුවයි. ඇසේ කාචයෙන් ලබාගන්නා ආලෝක සංඥ මොළය තුළට ගමන් කරන්නේ දෘෂ්‍ය ස්නායුව ඔස්සේයි. ඔබ දන්නවා අප ඇස්වලින් දුටුවාට පෙනෙන්නේ මොළයෙන් බව. දෘෂ්‍ය ස්නායුව විනාශ වෙනවා කියන්නේ මොළයට ආලෝක සංඥ රැගෙනයන විදුලි රැහැන් පද්ධතිය විනාශයට පත් වීමයි. හැබැයි ග්ලූකෝමාව යන්තම් හැදීගෙන එනවිට රෝග ලක්ෂණ තේරුම් අරගෙන ප්‍රතිකාර ගත්තොත් ප්රශ්නය ඔය තරම් දුරදිග යන්නෙ නැහැ. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - Open angle ග්ලූකෝමාව හැදෙන විට වේදනාවක් නැති වුණත් පෙනීමේ පරාසය අඩුවන බව අප මුලින් කිව්වා. Closed angle ග්ලූකෝමාව හැදුනාම ඇසේ වේදනවා, ඇසේ බබා විශාල වීම, ඇස නිරන්තරයෙන් රතු පැහැ ගැනීම, ඔක්කාරය ඇතිවෙනවා, සමහරුන්ගේ ඇහේ බබා ගෝලාකාර නොව ඕවලාකාර ස්වරූපයක් ගන්නවා. ප්රශ්නය - මෙය හට ගන්නේ ඇයි? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ලොකුම හේතුවක් තමයි ඇසේ රුධිර පීඩනය වැඩි වීම, රුධිර පීඩනය, අධික ස්ථුලභාවය, ඉරුවාරදය යන රෝගවලින් පෙළෙන අය ග්ලුකෝමා අනතුරක් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි. එසේම ජපානය, චීනය, කොරියාව වැනි නැගෙනහිර ආසියානු ජනයා අතර මේ රෝගය බහුල ලෙස තිබෙනවා. විටමින් ඌණතා නිසා ග්ලූකෝමාව හටගන්නා බව සමහරු කීවත් එම මතය තහවුරු කිරීම සඳහා අවශ්‍ය කිසිදු සාධකයක් නැහැ. එහෙත් ජානමය උරුමයෙන් මේ රෝගය එන අවස්ථා තිබිය හැකියි. ඒ අතර දීර්ඝ කාලීනව ස්ටිරොයිස් අඩංගු ඖෂධ වර්ග ගත්විටත් ග්ලූකෝමාව ඇති වෙනව. ඇසට රුධිරය යැමට බාධා කරන දියවැඩියාවත් ග්ලූකෝමාවට හේතුවක්. ප්රශ්නය - මෙය සුවපත් කිරීම සඳහා පාරම්පරික වෙදකමේ ක්‍රමවේදයක් තිබෙනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සුවපත් කරනවා කියන එකේ අර්ථකථනය කුමක්ද? ග්ලූකෝමාව නිසා දෘෂ්‍ය ස්නායුවට හානි වී අන්ධභාවය ඇති වුණොත් එය සුවපත් කිරීමට පාරම්පරික වෙදකමට තබා අනෙක් වෛද්‍ය ක්‍රමවලටත් බැහැ. එහෙත් අන්ධ භාවයට නොගොස් මග තැනක සිටින රෝගීන් සුවපත් කරන්නට පුළුවන්. මේ සඳහා අප යොදා ගන්නේ 100% ක් ස්වාභාවික වූ ශාක කොටස් විතරයි. (ඒ ගැන ලබන සතියේ සාකච්ඡා කරමු...) නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Aug 2018 06:29 PM මළ බද්ධය හැදුණොත් ලෙඩ ගොඩයි Ö මළ බද්ධය ඇතිවීම සඳහා බලපාන හේතු මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මළ බද්ධය ඇතිවීම සඳහා හේතු කිහිපයක්ම බලපෑ හැකියි. ඒ අතරිනුත් වර්තමානයේ දක්නට ලැබෙන ගැස්ට්‍රයිටීස් සහ ජීර්ණ පද්ධතිය ආශ්රිත විවිධ දුර්වලතාද මේ සඳහා බලපෑම් ඇති කරනවා. ළමා අවධියේ පටන් සිරුරේ හට ගන්නා ඇතැම් ක්‍රියාකාරකම්ද මළ බද්ධය ඇතිවීමට හේතුවිය හැකියි. කුඩා කාලයේ දරුවන්ට විවිධ බලපෑම් කරමින් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර දරුවන්ට ලබාදීම තුළින් ජීර්ණ පද්ධතියේ විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි අතර පසුකාලීනව එම තත්ත්වයන් මළ බද්ධය ඇතිවීමට හේතු කාරක විය හැකියි. Ö මළබද්ධය ඇතිවීම සඳහා බලපාන ආහාර පිළිබඳ සඳහන් කළොත්. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- වර්තමානයේ බොහෝ පිරිසක් තම දෛනික කාර්ය බහුලත්වය නිසා බොහෝවිට කෙටි කෑම කෘත්‍රිම කෑම වර්ගවලට යොමුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් එදා අපේ ආහාර වේලේ තිබූ කෙඳි සහිත ආහාර එනම් අල වර්ග, එළවළු, පලා වර්ග බොහෝවිට අද වන විට අපේ ආහාර වේලෙන් හැලී ගොස් තිබෙනවා. ඒ වෙනුවට අද පිටි කෑම හා තෙල් කෑම එක්වී තිබෙනවා. මෙන්න මේ පිටි කෑම සහ තෙල් කෑම මළ බද්ධය ඇතිවීම සඳහා වැඩි බලපෑමක් ඇති කරනු ලබනවා. ඒ වගේ කෝපි සහ චොක්ලට් වැඩිපුර ආහාරයට ගැනීමත් මළ බද්ධයට අත වැනීමක් වෙනවා. Ö මළ බද්ධය වැළඳුණු අයෙකුට ඇතිවන රෝගලක්ෂණ මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- විශේෂයෙන්ම මළ පිටවීමේ අක්‍රමවත් බවක් ඇතිවීම සිදුවෙනවා. ඇතැම් අයට දින 3, 4, 5, 6 කට වරක් මළ පිටවීමේද සිදුවිය හැකියි. මීට අමතරව බඩපුරවා දැමීම, හිස කැක්කුම, නොරිස්සුම් ගතිය, මුඛයෙන් දුගඳක් පිටවීම, මුහුණ අව පැහැවීම, සම දුර්වර්ණවීම, තුනටිය හන්දිපත් වේදනාව ඇතිවීම ආදී ලක්ෂණයන් පෙන්විය හැකියි. මෙම රෝග ලක්ෂණයන් පිළිබඳ නිසි සැලකිල්ලක් නොදැක්වුවහොත් එම තත්ත්වයන් ක්‍රමයෙන් වැඩිවී මහා රෝග තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ අනුව අර්ශස්, අර්ශස් භගන්දරා රෝග තත්ත්ව කරාද මෙය ව්‍යාප්ත විය හැකියි. Ö මළබද්ධය සුව කිරීම සඳහා ආයුර්වේද සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන ඕනෑම රෝගියකුට නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් තමන්ගේ රෝග නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතිනවා. Ö මළබද්ධය සඳහාද ආයුර්වේදය සතුව විශේෂ ප්‍රතිකාර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට අප පළමුව විරේචන ප්‍රතිකාර අරඹන අතර ඒ අනුව ක්‍රමානුකූලව මළ පිට කිරීම ඇතිවෙනවා. මෙම විරේචන ඖෂධ රාත්‍රි ආහාරයෙන් පසු ලබාදෙන අතර ඒ අනුව උදැසනම නියමිත පරිදි මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වය ඇතිවෙනවා. මෙම මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු රෝගියාව තවත් යම් යම් රෝගාබාධ ඇතිව තිබෙනවා නම් ජීර්ණ පද්ධතියේ යම් යම් ආබාධ තත්ත්වයන් තිබේ නම් ඒවාද සුව වීම සඳහා ඖෂධ ලබාදීම සිදුවෙනවා. මෙලෙස නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් ඉතා ඉක්මනින් මේ මහා කරදරකාරී රෝගයෙන් මිඳීමට හැකියාව පවතිනවා. Ö ආයුර්වේද ඖෂධ සොයා ගැනීමේ සහ සකසා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා නේද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- එදා ආයුර්වේද වෛද්‍යවරු ප්‍රතිකාර නියම කිරීම පමණක් කළත් රෝගීන්ට වර්තමානයේ මෙම ඖෂධ වර්ග නිවැරදි තෝරා බේරා සොයා ගැනීමේ සහ නිවැරදි ලෙස සකසා ගැනීමේ අපහසුව නිසා දැන් එම ඖෂධ සැකසූ ඖෂධ ලෙස රෝගීන්ට ලබා දෙනවා. කුඩු වර්ග, ගුලි වර්ග, පෙති වර්ග, දියර වර්ග ලෙස අද මේ ඖෂධ සකස්කර දෙන නිසා රෝගීන්ට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාවද දැන් උදාවී තිබෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Aug 2018 06:30 PM පක්ෂාගාතය හෙවත් අංශභාග රෝගය ආයුර්වේදයේ වාත රෝග 80 ක් පිළිබඳ විස්තර දක්වා ඇත. එවකට සමාජය තුළ දක්නට ලැබුණු වාත රෝග මෙසේ සඳහන්ව ඇතත් රෝග සංඛ්‍යාව මීට වඩා වැඩිය. ආයුර්වේදයේ දැක්වෙන වාත රෝග නිසැකවම නව්‍ය වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන ස්නායු රෝග හා මනාව සැසැඳේ. ඇතැම් වාත රෝග ප්‍රබල වන අතර, ඇතැම් ඒවා මෘදු රෝග හෙවත් සුළු රෝග තත්ත්ව වේ. අංශභාග රෝගය ප්‍රබල වාත රෝගයකි. ආයුර්වේද මූලික පොත්වල පක්ෂාගාතය නමින් දක්වා ඇත. පක්ෂයක් හෙවත් සිරුරේ පැත්තක් ක්‍රියා විරහිත වීම නිසා පක්ෂාඝාතය යෑයි හැඳින්වේ. වම් පස අත හා පාදය හෝ දකුණු පස අත් පා අප්‍රාණික වීම මෙහි මූලික ලක්ෂණයයි. එහෙත් මෙහි යථාර්ථය අතේ හෝ කකුලේ රෝගයක් නොවේ. රෝගයේ මූලය ඇත්තේ මොළයේ ස්නායු සෛල මිය යැම යන කරුණ තුළය. මොළයේ සියුම් රුධිsර නාලයක් පිපිරීම හෝ ඒවා තුළ ලේ කැටි සිරවීම ආදිය නිසා මොළයේ සෛල වලට රුධිර සැපයුම ඇනහිටීම හෝ නැතිව යැම නිසා ස්නායු සෛලය මියගිය විට එකී සෛල වලින් පටන්ගෙන අත් පා දක්වා විහිදෙන ස්නායු තන්තු මිය යයි. ස්නායු මිය ගිය විට අත් පා දෙක අක්‍රිය හෙවත් අප්‍රාණික තත්ත්වයට පත් වේ. මෙම තත්ත්වය එක් අංශයක හෝ දෙකක හෝ අත් පා හතරෙහිම වුවත් සිදුවිය හැක. එක් පැත්තක වූ විට හෙමිප්ලීජියා (Hemiplegia) යෑයි ද එක් අංශයක වූ විට Monoplegra යෑයි ද අත් පා හතරෙහිම වූ විට Quadriplegia යෑයි ද කියති. අංශ භාගය යන නාමය ඉහත කී Hemiplegia වට කියන ගැමි වදනයි. මෙය පුද්ගලයාගේ දෛනික ක්‍රියා අඩපණ කරයි. සිරුර හා මනස යන දෙකින්ම රෝගියා පීඩාවට පත්වන නිසා ප්‍රතිකාරයේදී සිරුරටත් මනසටත් ප්‍රතිකාර කළ යුතුය. ආයුර්වේදයේ දක්වා ඇති මස්තිෂ්කය ප්‍රතිකාර විධි මුල් මාස 3 ගත වීමට පෙර ඉතා වැදගත් වේ. මනස උද්යෝගිමත් කිරීමත්, පසු කාලීනව රසායන චිකිත්සා ක්‍රමත් යෙදීම වඩා උචිත වේ. නව පර්යේෂණ තුළින් සොයාගත් ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතී. ඒවා යෙදෙන්නේ විද්‍යාත්මක පදනමකිනි. ලබන සතියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Aug 2018 06:30 PM බිහිරි බවට ප්‍රතිකාර පටන් ගන්නේ මෙහෙමයි අප අද ඔබෙන් විමසන්නේ බිහිරි බව සුවපත් කළ හැකි ද කියන කාරණයයි. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කර්ණශංඛ බද්ධය නමින් ක්‍රමවේදයක් තිබෙන බව ඔබ දන්නවා. එවැනි වැඩපිළිවෙළක් ආයුර්වේදයේ තිබෙනවාද? තිබෙනවා නම් ඒ කුමක් ද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - බිහිරි බව හටගන්නේ නිකම්ම නොවෙයි. එයට කිසියම් කර්ණ රෝගයක් මුල් වෙනවා. මේ ලිපි පෙළ පටන් ගන්නා විට මා ඔබට කිව්වා කර්ණ රෝග වර්ග 28 ක් තිබෙනවා කියලා. හරියට හඳුනාගෙන ප්‍රතිකාර කළොත් ආයුර්වේදයට පුළුවන් මේ රෝග 28 න් ඕනම එකක් සුවපත් කරන්න. බිහිරි බවට මුල් වූ රෝගය සුවපත් නොකර ශ්‍රවණ දුර්වලතාවට ප්‍රතිකාර කිරීම නිෂ්ප්‍රයෝජනයි. ඒ එක්කම කර්ණ රෝගයකදී ආයුර්වේද වෛද්‍යවරයා කනට විතරක් නොවෙයි ප්‍රතිකාර කරන්නේ. ඔහු කනට සම්බන්ධ, කනට අදාළ සෙසු ප්‍රදේශවලටත් ප්‍රතිකාර කරනවා. මුලින්ම අප උගුර පිරිසිදු කර ගත යුතුයි උගුරේ ආසාදන, සෙම්ගෙඩි වැනි දේවල් තිබුණොත් කනට කොතරම් ප්‍රතිකාර කළත්, වැඩක් නැහැ. මොකද ඒ ආසාදිත තත්ත්වයන් නිරන්තරයෙන් ම කනට බලපෑම් කරනවා. ඒ එක්කම කිව යුතුයි කර්ණ රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර රැසක් ආයුර්වේදය සතුව තිබෙන බව. ප්රශ්නය - මොන විදියේ රෝගවලට කරන මොන විදියේ ප්රතිකාරද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ඔය පූතිකර්ණ කියන රෝගය ගත්තොත් එය හටගන්නේ පිත සහ කප යන දෙක හේතුවෙන් මෙහිදී අප මුලින්ම කරන්නේ පිත සහ කප යන දෙක සමනය කරන ඖෂධ රෝගියාට ලබා දීමයි. මේ අනුව ගොඩක් සීතල ද්‍රව්‍ය වගේම ගොඩක් උෂ්ණ ආහාර වර්ග ගැනීමෙන් වැළකිය යුතුයි. රෝගියා මධ්‍යස්ථ ආහාර රටාවකට පුරුදු විය යුතුයි. උෂ්ණ දේවල් කියන්නේ අච්චාරු, අන්නාසි, තක්කාලි, බිලිං, විනාකිරි යන ආහාර වැනි ආම්ලික සංයුතියක් තියෙන ආහාර. ඒ වගේම සැර මාළු වර්ග සුදුසු නැහැ. ඒ වගේම බණ්ඩක්කා, මෑකරල්, වම්බටු, කූල් බීම, අයිස් වතුර, අයිස් ක්‍රීම් වැනි ආහාර සුදුසු නැහැ. ඒවා ශීත ආහාර හැටියට තමයි ගණන් ගන්නේ. කනේ රෝගයක් තිබෙන රෝගියා නිදි වැරීම කිසිසේත් ම සුදුසු නැහැ. රෝගියා මේ ආකාරයට ආහාර විහරන කරන අප මුඛ මාර්ගයෙන් ඖෂධ ලබා දෙනවා. විශේෂයෙන් කසාය වර්ග, ඊළඟට අපි කන පිරිසිදු කරනවා. ඒ සඳහා ආයුර්වේදයේ තිබෙනවා වෙනම උපකරණ සහ වෙනම ඖෂධ වර්ග. මේ ප්‍රතිකාරවලදී අප මොනම හේතුවකටවත් තෙල් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. මොකද කන තුළින් ගලන්නේ සැරව. තෙල් කන තුළට දැම්මොත් සැරව එන එක නවතින්නත් පුළුවන්. වෙනත් දරුණු රෝග තත්ත්ව හට ගන්නත් පුළුවන්. ප්රශ්නය - කන පිරිසිදු කරන උපකරණ ආයුර්වේදයේ තිබෙන බව ඔබ කියනවා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ස්ථිර වශයෙන්ම ඔව්. අප අනුගමනය කරන සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ගුරුකුලය තුළ මේ උපකරණ අදටත් පරිහරණය වෙනවා. මේ උපකරණවලට තිබෙන්නේ සහස්ථාන නම්.... සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Aug 2018 06:31 PM ආත්රයිටිස් සුව කරන සිද්ධායුර්වේද ක්‍රමය ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ ඔබ අපට දීර්ඝ වශයෙන් විස්තර කළා ආයුර්වේද ප්‍රතිකාර ආශ්රයෙන් ආත්රයිටිස් රෝගය සුව කරන්නේ කොහොමද කියලා. මේ අතර අපට දැන ගන්නට ලැබෙනවා සිද්ධායුර්වේදය නමැති විෂයයේ සිද්ධ නමැති කොටස ගැන. සිද්ධ සහ ආයුර්වේදය යන දෙක එක්ව තියෙන නිසා අප දැන ගන්නට කැමැතියි. ඒ ගැන පැහැදිලි කිරීමක් සහ එමගින් ආත්‍රයිටිස්වලට ප්‍රතිකාරයක් කර ගත හැකිද යන කාරණය. වෛද්‍ය වසන්ත උදයජීව - දෙමළ ජනතාවගේ පාරම්පරික වාස භූමියක් වන තමිල්නාඩුව ක්‍රි. පූ. 4 වන සියවසේ සිට ක්‍රි. ව. 2 වන සියවස දක්වා කාලය තුළ සොලී, පාඬි, කේරළ යන රාජ පරම්පරා විසින් පාලනය කළ විශාල රාජධානියක්ව තිබුණා. තමිල්නාඩුව, කේරළය, පුදුචෙරි, ලක්ෂාදේවින්, අන්ද්‍රd ප්‍රදේශ්, කර්නාටක කියන ප්‍රාන්ත සහ ප්‍රදේශ සියල්ලම මේ රාජධානියට අයත් වූහ. මේ රාජ්‍යයේ දකුණු පැත්තේ සීමාව තමයි ඉන්දියන් සාගරය, වම් පැත්තේ සීමාව අරාබි මුහුද. ඒ වනවිට වසර දහස් ගණනකට පෙර ලංකාවෙන් ගිය ආයුර්වේදය එහි තිබුණා. ඒ වගේම අරාබි මුහුද පැත්තෙන් ආ ඉස්ලාමීයයන් රැගෙන ආ යුනානි වෙදකමත් (අරාබි වෙදකම) එහි තිබුණා. ඊට අමතරව ඔවුන්ගේ පාරම්පරික සිද්ධ වෙදකමත් එහි තිබුණා. පසු කාලයේදී සිද්ධ සහ ආයුර්වේද දෙක එකතු වූහ. සිද්ධ කියලා හඳුන්වන්නේ සෘෂිවරුන් පරම්පරාවකටයි. අගස්ති සෘෂිවරයා සිද්ධි සෘෂිවරයා. ඔහුට සමගාමීව ලංකාවේ සිටි සෘෂිවරයා තමයි පුලස්ති සෘෂිවරයා. ඔහු රාවණා රජුගේ මාමණ්ඩිය ලෙසත් හැඳින්වෙනවා. මේ සෘෂිවරු බෙහෙත් කළේ ගුප්ත ශාස්ත්‍රය සහ අධ්‍යාත්මික බලය එකතු කරගෙනයි. සිද්ධ වෙදපොත් සියල්ලම පාහේ පුස්කොළ පොත්වල ලියා තිබෙනවා. එම වෙදකම ශිව දෙවියන් විසින් සිය බිරිය වූ පාර්වතී දේවියට කියා දී ඇති බවත්, ඇය එම වෙදකම කතරගම දෙවියන්ට ඉගැන්වූ බවත් කියනවා. කතරගම දෙවියන් එය අගස්ති සෘෂිවරයාට උගන්වනවා. අගස්ති සෘෂිවරයා එය වෙනත් සිද්ධ සෘෂිවරුන් 18 දෙනකුට කියා දෙනවා. සිද්ධි ශාස්ත්‍රය පැතිර යැමත් එය වෛද්‍ය ක්‍රමයක් ලෙස ප්‍රචලිත වීමත් පටන් ගන්නේ එතැන් සිටයි. ආයුර්වේදය සහ සිද්ධ වෙදකම අතර වැඩි වෙනසක් නැහැ. එකම වෙනස තමයි වාත, පිත්ත, කප යන තුනෙහි හැසිරීම ආයුර්වේදයේදී එක විදියකටත් සිද්ධ වෙදකමේදී තව විදියකටත් අර්ථකථනය වීම. ප්රශ්නය - අප මෙතෙක් සාකච්ඡා කරගෙන ආ විෂය, එනම් ආත්රයිටිස් රෝගයට සිද්ධ ක්‍රමය යටතේ ප්‍රතිකාර තිබෙනවාද? වෛද්‍ය වසන්ත උදයජීව - මා ආත්රයිටිස් රෝගයට ප්‍රතිකාර කරන්නේ සිද්ධායුර්වේදය සහ සිංහල පාරම්පරික දේශීය වෙදකම මිශ්‍ර කරලා. මේ නිසා මගේ බෙහෙත්වල සිද්ධ ක්‍රමයත් තිබෙනවා. එහෙත් අපි සිද්ධ ක්‍රමය වෙනම ගෙන පර්යේෂණ කළොත් පෙනී යනව ආත්රයිටිස් රෝගයට සුවිශේෂ වූ ප්‍රතිකාර සහ වෛද්‍යවිද්‍යාත්මක අර්ථකතන සිද්ධ වෙදකමේ තිබෙන බව. එම මුලින්ම කියනවා උතිර වාත සුරෝතිනම් හෙවත් වසි අසල් කිල් වායු කියන රෝගයක් ගැන. මේ තමයි රූමැටික ආත්රයිටිස් රෝගය. සිද්ධ වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට රූමැටික ආත්රයිටිස් රෝගය තුළ රෝග දෙකක ලක්ෂණ තිබෙනවා. පළමුවැන්න තමයි මුලින් කී උතිරවාත සුරෝතිනම්, දෙවැන්න තමයි අසල් කීල් වායු රෝගය උතිරවාත සුරෝතිනම් කියන්නේ වාත රෝගයක්. එය හට ගන්නේ වාතය කුපිත වීමෙන්. සිද්ධි විද්‍යාවට අනුව අනෙක් වාත රෝගවලදී වාතය පමණක් කෝප වුණත් ආත්රයිටිස් රෝගයේදී වාතයත් පිතත් දෙකම කෝප වෙනවා. රූමැටික ආත්රයිටිස් හැදුනාම කුඩා සන්ධි ඉදිමිලා වේදනාව හට ගැනීමත්, මානසික පීඩනය ඇතිවීමත්, ආතතිය සහ කුසගිනි නැතිකම හට ගැනීමත් සිදු වෙනවා. සිද්ධි වෛද්‍ය විද්‍යාව කියන්නේ වාතයත් පිතත් එකවර කෝප වුණාම එසේ වන බවයි. සම්බති කයේදු නමැති සිද්ධි වෛද්‍ය ග්‍රන්ථයේ මේ ගැන විස්තර සඳහන් වෙනවා. ප්රශ්නය - සිද්ධි ඖෂධ සහ ආයුර්වේද ඖෂධ අතර වෙනසක් තිබෙනවද? වෛද්‍ය වසන්ත උදයජීව - නැහැ. දෙකේම පදනම ශාක සාරයයි. ඒ නිසා ආයුර්වේදයේදී පාවිච්චි කරන විෂ නාශකයක් වූ කහ, ප්‍රදාහ තත්ත්වයන් නැතිකරන අමුක්කරා, වේදනා නාශකයක් සහ ප්‍රතිජීවකයක් වන ඉඟුරු, ප්‍රදාහ තත්ත්වයන් නැති කරන එඬරු වැනි දේවල් මෙහිදී ප්‍රයෝජනයට ගන්නවා. (සිද්ධ වෛද්‍ය ක්‍රමයට අයත් වන අගනා කසායකින් ආත්රයිටිස් සඳහා සුවය ලබන සතියේදී) නොමිලේ විස්තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 19 Aug 2018 01:41 AM වටින ලිපි පෙලක්ම තියෙනවා වැදගක් වෙන නිසා මම ලබා ගත්ත මල්ලී 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 04:57 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 04:57 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 04:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 04:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 04:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 06:47 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 06:48 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 06:50 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 06:51 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Aug 2018 06:52 PM අන්තර්ජාලයට ඇබ්බැහිවීමට බලපාන හේතු දැන් ලෝකය පුරාම ජනතාව පරිගණකය ජංගම දුරකථනය වැනි නොයෙක් තාක්ෂණික මෙවලම් ඔස්සේ අන්තර්ජාලයට ඇබ්බැහි වී තිබෙනවා. ඒ වගේම සෙල්µs ඡායාරූප ගැනීම හෙවත් තමන් විසින්ම තමන්ගේ ඡායාරූප ගැනීමට යැමෙන් තම ජීවිත පවා පූජා කරන තැනට පැමිණ තිබෙනවා. මිනිස්සුන් මේ තරමට අන්තර්ජාල සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටින්නේ? මේ තත්ත්වය අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද? මේ සිදුවීම්වල ජීව විද්‍යාත්මක පැත්ත කුමක්ද? ඔව් වේගවත් අන්තර්ජාල පහසුකම් තිබෙන සෑම රටකම මේ තත්ත්වය තිබෙනවා. අද ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවය තිබෙන්නේ දකුණු කොරියාවේ යි. අන්තර්ජාලයට වැඩියෙන්ම ඇබ්බැහි වීම තිබෙන්නේ එම රටේයි. අන්තර්ජාලයට ඇබ්බැහි වීම වගේම අද පරිගණක ක්‍රිඩා කිරීමටත් ළමා හා තරුණ පිරිස ඇබ්බැහි වී සිටිනවා මෙයත් අන්තර්ජාල ඇබ්බැහි වීම වගේම දෙයක්ද? දෙකම එක වගේ දේවල්. පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ පුද්ගලයොත් බොහෝ සිටිනවා. මෙසේ තරුණ පරම්පරාව අන්තර්ජාල පරිගණක කිS්රඩා ඇබ්බැහි වීමට හේතුව කුමක්ද? මෙහිදී අපි වැදගත් කරුණක් පැහැදිලි කළ යුතුයි. එනම් අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ පරිගණක කිS්රඩාවලට ඇබ්බැහි වීමත් මත්පැන්වලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් එකම වර්ගයේ ඇබ්බැහිවීම් බව අපි දැන ගත යුතුයි. අන්තර්ජාල පරිගණක ක්‍රිSඩාවලට ඇබ්බැහි වීම සුරා සූදුවලට ඇබ්බැහිවීම් චර්යාත්මක ඇබ්බැහිවීම් (ඉeය්ඩසදර්ක addසජඑසදබි) යනුවෙන් හඳුන්වනවා. මත්ද්‍රව්‍යවලට මත්පැන්වලට ඇබ්බැහිවීම යනුවෙන් හඳුන්වනවා. නමුත් මේ සියලු ඇබ්බැහි වීම්වලදී අපේ මොළයේ ඇති වන වෙනස්කම් සහ ජානවල බලපෑම් එකමයි. මා මෙසේ කී විට මෙය කියවන පාඨකයන්ට පුදුම හිතෙයි. වෛද්‍යතුමනි, මත්පැන්වලට ඇබ්බැහිවීම අන්තර්ජාල ඇබ්බැහිවීම සමග සසඳන්නේ කොහොමද? එයට හේතුව මෙයයි. ඕනෑම දෙයකට ඇබ්බැහිවීSම ගැන අපි දන්නා විsද්‍යාත්මක කරුණු කීපයක් තිබෙනවා. ඉන් එකක් වන්නේ ඇබ්බැහි වෙන්න නම් එයට අදාළ දෙයක් පහසුවෙන් ලබා ගැනීමේ පහසුකම තිබිය යුතුයි. එනම් මත්පැන් ගංජා පහසුවෙන් ලබා ගැනීමේ පහසුකම වගේම අන්තර්ජාල පහසුකමද පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබිsය යුතුයි. දෙවැනි කරුණ වන්නේ ඕනෑම දෙයකට ඇබ්බැහි වන්නේ එය පාවිච්චි කරන අයගෙන් 15% ක් පමණයි. ඒ සියයට පහළොවෙන් තුනෙන් දෙකක් සුළුවට ඇබ්බැහි වෙනවා. තුනෙන් එකක් තදින් ඇබ්බැහි වෙනවා. මත්පැන් ගංජා පරිගණක ක්‍රීඩා අන්තර්ජාලය මේ සියලුම ඇබ්බැහිවීම්වලදී මේ තත්ත්වය එක හා සමානයි. ඇත්ත තත්ත්වය එයයි. ඊට ඇබ්බැහි වන ප්‍රතිශතය 15% යි. දෙවැනි කරුණ වන්නේ කුමකට ඇබ්බැහි වුණත් ඒ අය ගේ මොළයේ පරීක්ෂා කොට බැලුවහොත් ඒ අයගේ ජාන දෙස බැලුවත් අපි දකින්නේ එකම ස්වරූපයක්. අපේ මොළය ක්‍රියා කරන්නේ ක්‍රම දෙකක් මතයි. ඉන් එකක් වන්නේ විද්‍යුතය. දෙවැන්න වන්නේ නොයෙක් විදියේ රසායනික අණු, එවැනි වැදගත් අණුවක් වන්නේ ඩෝපමීන් යනුවෙන් හඳුන්වනු ලබන රසායනය ඕනෑම ඇබ්බැහි වීමකට භාජනය වූ අයගේ මොළයේ ඩෝපමීන් අඩුවක් ඇති බව සොයා ගෙන තිබෙනවා. ඒ අඩුව සම්පූර්ණ වන්නේ අර ඇබ්බැහි වූ හැසිරීම හෝ මත්ද්‍රව්‍යය ලබා දුනහොත් පමණයි. එයට හේතුව අඩු වශයෙන් 50% ක් වත් ජාන මගින් බව ඇති වී තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වීS තිබෙනවා. බොහෝ "ඇබ්බැහිවීම්" පවුල තුළින් ආ ඒවා බව දැකිය හැක්කේ ඒ නිසයි. අන්තර්ජාල වුණත්, සුරා සූදුව වුණත්, කෑමකට ඇබ්බැහි වීම වුණත්, මත්පැන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වුණත් පවුලෙන් එන සම්භාවිතාව වැඩියි. පුද්ගලයෙක් ඇබ්බැහි වීමට යන මාර්ගයට ප්‍රවිෂ්ට වීමට ආසන්න වෙමින් සිටින බව දැන ගන්නේ කෙසේද? එය හඳුනා ගැනීම ඉතා පහසුයි. යම් පුද්ගලයෙක් තම ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් වන රැකියාව, පවුල් ජීවිතය වැනි දේවල්වලට බාධා වන විදියට යම් දෙයක් පමණට වඩා කරනවා නම් ඇබ්බැහි වීමේ මුල එයයි. දෙවැන්න වන්නේ යමක නිරත වන විට තමන්ට කලින් වගේ සතුටක් ලැබෙනවා වෙනුවට ඉන් පසුව එම ක්‍රියාව නොකර බැරි තත්ත්වයට පත්ව ඇතිනම් ඇබ්බැහි වීම හඳුනා ගන්නා විදිය එයයි. මේ තත්ත්වයේදී සුළු උදාහරණයක් විදියට කේක් කෑල්ලක් ආහාරයට ගැනීම ගැන බලමු. පළමුවැනි කේක් කෑල්ල කන විට සතුටක් ලැබෙනවා. තව කෑල්ලක් කන්න. දැන් සතුටට වඩා දැනෙන්නේ බඩ පිරුණු බවක් සහ තව කෑවා කියන හැඟීම පමණයි. තුන්වැනි කෑල්ලත් කන්න. දැන් දැනෙන ඕනෑ අප්‍රියතාවයක්. නමුත් තුන් වැනි කෑල්ලත් කන විsට සතුටක් අප්‍රියතාවයක් නැතිව තව කන්න ඕනෑ කියා සිතෙනවා නම් ඒ තත්ත්වය කෑමට ඇබ්බැහි වීමක්. මත්පැන් ගැනත් පරිගණක ක්‍රිඩා ගැනත් සූදුව ගැනත් කියන්න තිබෙන්නේ එයමයි. වෛද්‍යතුමනි මේ විදියට ඇබ්බැහි වන ලක්ෂණ දකින විට මොනවද කරන්න ඕනෑ? කළ යුත්තේ තමන්ම මේ තත්ත්වය තේරුම් ගෙන එයින් ඉවත් වීමයි. තමත්ම තමන්ටම සීමා පනවා ගැනීමයි. කෙනකුට තමා විසින්ම ඉන් ඉවත්වීමට කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇත්නම් එයට කළ යුත්තේ කුමක්ද? එසේ නම් මනෝ වෛද්‍යවරයෙක් හෝ මනෝ චිකිත්සකවරයෙක් හමු වෙන්න. මේවාට බෙහෙත් තිබෙනවාද? අපොයි ඔව් දැන් කාලේ තිබෙනවා. සමහර බෙහෙත් වලින් සූදුවට ඇබ්බැහි වීම පවා අඩු කරන්න පුළුවන්. එනම් පුරුද්දක් ලෙස ඇබ්බැහි වීSමට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීSමේදී පාචිච්චි කරන බෙහෙත්ම පාවිච්චිs කළ හැකියි. වෛද්‍යතුමනි මෙසේ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ විට ළමයාගේ මතක ශක්තිය අඩු වීමක් සිදු වෙනවාද? කොහෙත්ම නැහැ. පරිගණක ක්‍රීඩාවල නිරත වන විට අවධානය පවා වැඩි වෙනවා. නමුත් එහි ඇති අනිසි ප්‍රතිඵලය වන්නේ මෙයට ඇබ්බැහි වූ විට අනෙක් වැඩකටයුතු අතපසු වීම නේද? ඔව් ඔබට සමාජයට දිය හැකි පණිවිsඩය කුමක්ද? ඕනෑම සමාජයක නිදහස සහ ධනය වැඩිs වන විට සිදුවන දෙයක් වන්නේ බොහෝ දේවල් සීමා රහිතව ලැබෙනවා. අන්තර්ජාල වුණත්, සුදුව වුණත්, කෑම බීම වුණත්, මත්පැන් වුණත් සීමාරහිතව ලැබෙන විට ඒවාට ඇබ්බැහි වන ඉඩකඩ වැඩියි. ඒ නිසා කුඩා වියේ පටන්ම සීමාවක් ඇතිව දේවල් කිරීමට පුරුදු කළ යුතුයි. නමුත් අද එය සිදු වන්නේ නැහැ. ළමයින්ට සීමාවක් නැතිව කෑම දෙනවා. සීමාවක් නැතිව රූපවාහිනි නැරැඹීමට ඉඩ දෙනවා. සීමාවක් නැතිව අන්තර්ජාල පාවිච්චිs කිරීමට ඉඩ දෙනවා. මේ නිසා කුඩා වියේ පටන්ම ඇබ්බැහිවීම් වැඩියි. බොහෝ දෙමාපියන් අදහස් කරන්නේ ඔවුන්ට කුඩා කාලයේ නොතිබූ දේවල් දැන් දරුවන්ට දිය යුතු බවයි. නමුත් ඔවුන් දන්නේ නැහැ අපි කුඩා කාලේ අන්තර්ජාල නොතිබීම සීමාවක් නැතිව කෑමබීම නොතිබීම රූපවාහිනි නොතිබීම දෙවියන් දුන් ආශිර්වාදයක් බව. වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 081-2232928, 081-4481427, ඇමැතිය හැකිය. විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ සාකච්ඡා කළේ ප්‍රියන්ති මැණිකේ නවරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 Ind007kaMost Senior MemberPosts:12931 19 Aug 2018 07:10 PM සිරාවටම මෙක කුඩු ගහනවා වගෙයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 gaminiVeteran MemberPosts:4475 19 Aug 2018 09:55 PM විශේෂඥ මනෝ වෛද්‍ය තුමාගේ ලිපිය කියවූ විට තේරෙනවා ඕනෑම දෙයකට සීමාව ඉක්මවා ගියොත් නම් ඉන් වන්නේ විනාශයක් බව, අපි අපිව තෙරුම්ගෙන් ඔය හැම ඕනෑම ජාලයකට ගියොත් වරදක් වන්නේ නැහැ ............................... මම වුනත් ලංකාවට ගියාම මාගේ අන්තර්ජාල කාල සටහන වෙනස් කර ගන්නවා, මෙහෙදී දිනකට පැය 5 ලොග් වුනොත් ලංකාවේදී පය 1/2 වගේ , මන්ද අපිට කරන්නට ඊට වඩා වැඩ තියෙනා නිසා, කවුරු කවුරුත් අවබෝදයකින් යතුව වැඩ කරොත් ඔය 007 මලයා කිවා වාගේ ........සිරාවට කුඩු ගැසුවා වගේ තත්වයකට පත්වන්නේ නම් නැහැ !!!!!!!!!!! ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 20 Aug 2018 12:32 AM දැන් ඉන්න පොඩි එවුන් මේවට ඇබ්බැහි වෙලා ඉවරයි 0 You are not authorized to post a reply. Page 10 of 35 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner