Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 35 << < 910111213 > >> Author Messages JaaniBasic MemberPosts:285 20 Aug 2018 12:56 AM ගොඩාක් වටින ලිපියක්.බොහොම ස්තූතියි 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2018 04:07 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2018 04:08 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2018 04:08 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2018 04:08 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2018 04:12 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2018 04:12 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Aug 2018 04:14 AM මාරාන්තික'පින් වපරය' ගැන දන්නවාද? ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 21 Aug 2018 05:42 PM ඒක මෙච්චර භයානකයි කියල දැනන් හිටියෙ නෑනි 0 sha733Super Senior MemberPosts:7332 22 Aug 2018 07:06 AM වැදගත් ලිපි පෙලක් මමත් මේ දිනවල ලේ විෂ වීමකින් පෙලෙනවා. ඒ සම්බන්ධ ලිපිය වැදගක් වෙයි කියල හිතනවා ස්තූතියි 0 chamaramindMost Senior MemberPosts:13471 23 Aug 2018 05:16 AM ඉක්මනට බැඳලා දරුවන් පමා කරන්නේ ඇයි? විවාහක කාන්තාවක් ගැබ් ගැනීම යුවළකට ඉතා සුබ ආරංචියකි. එහෙත් විවිධ හේතු නිසා ගැබ් ගැනීම් ප‍්‍රමාද කරන අඹුසැමි යුවළ අද පෙරට වඩා දක්නට ලැබේ. මෙයින් ගැබ් ගැනීම් පමා විය හැකි අතර සමහරුන්ට එය සිහිනයක්බවට පත්වන අවස්ථා ද තිබේ. සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබ් ගැනීමට ඉතාම සුදුසු වයස වන්නේ වයස අවුරුදු 20 - 35 අතර කාලයයි. වයස අවුරුදු 35 න් පසු කාන්තාවකගේ ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු වේ. එසේම උපදින දරුවාගේ ගැටලූ ඇතිවීමේ සම්භාවිතාවද වැඩි වේ. විශේෂයෙන් ‘ඩවුන් සින්ඩ්‍රෝම්’ වැනි දරුවන් බිහිවීමේ අවස්ථාව වැඩිය. එනම් වයස අවුරුදු 35 - 40 කාලයේ ගැබ් ගැනීමෙන් උපදින දරුවාට මෙම ගැටලූ ඇතිවීම බෙහෙවින් වැඩිය. නිසි කලට දරුවකු ගැබ් ගැනීමෙන් මවත් දරුවාත් නිරෝගී වෙයි. එමෙන්ම මවුපියන් මහලූවීමට පෙර දරුවන්ගේ දරුවන් බැලීමට පවා පුළුවනි. එසේම දරුවකු සිටීම යුවළක් පවුලක්බවට පත් කිරීමක් ද වේ. එනිසා විවාහක යුවළක් පවුලේ ආර්ථික ගැටලූ, අධ්‍යපන අවශ්‍යතා වැනි අනෙකුත් ප‍්‍රශ්න කොතෙක් තිබුණත් නිසි වයසට දරුවකු ගැන සිතීම ඉතාම වැදගත්ය. සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබ් ගැනීමට ඉතාම සුදුසු වයස වන්නේ වයස අවුරුදු 20 - 35 අතර කාලයයි. වයස අවුරුදු 35 න් පසු කාන්තාවකගේ ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු වේ. එසේම උපදින් දරුවාගේ ගැටලූ ඇතිවීමේ සම්භාවිතාවද වැඩි වේ. විශේෂයෙන් ‘ඩවුන් සින්ඩ්‍රෝම්’ වැනි දරුවන් බිහිවීමේ අවස්ථාව වැඩිය. එනම් වයස අවුරුදු 35 - 40 කාලයේ ගැබ් ගැනීමෙන් උපදින දරුවාට මෙම ගැටලූ ඇතිවීම බෙහෙවින් වැඩිය. මේ හැර ගැබ් ගැනීම් පමා කරන විට වයසට යාම නිසා මවට සෑදෙන රෝගත් දරුවාට බලපෑ හැකිය. එසේම එවැනි රෝග නිසාත් ගැබ් නොගැනීමට පුළුවන. උදාහරණ වශයෙන් මවට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සඳහන් කළ හැකිය. මව මෙවැනි රෝගයකින් පෙළෙයි නම් එය මවටත් දරුවාටත් දෙදෙනාගේම සෞඛ්‍යයට බලපායි. එසේම උපදින දරුවා ආබාධිතවීමේ සම්භාවිතාව වැඩි වේ. අඩු බර දරු උපත් ද, මළ දරු උපත් සිදුවීමටත් හේතු වේ. ගැබ් ගැනීමට පෙර මේ නිසා අවුරුදු 35 න් පසු විශේෂයෙන් පළමු ගැබ් ගැනීමක් නම් පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. ගැබ් ගැනීමට මාස තුනකට පෙර පටන් ෆෝලික් අම්ලය පෙති එකක් දිනපතා ගන්න. ගැබ් ගැනීමට පෙර දියවැඩියාව, අධිරුධිර පීඩනය, තැලසීමියා වැනි රෝගයකින් පෙළෙන්නේ දැයි පරීක්ෂා කර ගත යුතුය. ගැබ් ගන්නා කාන්තාවගේ BMI අගය එනම් ශරීර ස්කන්ධ දර්ශකය ගැන සැලකිලිමත් විය යුතුය. බර වැඩි කාන්තාවක්නම් අඩු කර ගැනීමටත්, බර අඩු කාන්තාවක් නම් නිසි බර සකසා ගැනීමටත් උනන්දු විය යුතුය. අපස්මාරය වැනි රෝගයකින් පෙළෙයි නම් ගැබ් ගැනීමට පෙර තමන් ගන්නා ඖෂධ වෙනස් කරගත යුතුය. ඒ එවැනි නිදන්ගත රෝග සඳහා ගන්නා සමහර ඖෂධ ගැබ් ගත්තාට පසු දරුවාට හානිකර ලෙස බලපාන නිසාය. එසේ ගැබ් ගත් පසු පෙර පරිදිම ඖෂධ ගැනීමෙන් ගැබෙහි වැඩෙන කලලයේ ස්නායුවලට බලපායි. එහෙත් බෙහෙත් නතර කළ යුතු නැත. රෝගයට බෙහෙත් ගත යුතු මුත් එය වෙනස් කිරීම හෝ මාත‍්‍රාව වෙනස් කිරීමට සිදුවනු ඇත. ගැබ් ගැනීමට පෙර දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවක් නම් HbA1c නම් රුධිරයේ සීනි පරීක්ෂා කරන පරීක්ෂාව කර එහි අගය අඩුම වශයෙන් ‘6’ ට අඩු කර ගත යුතුය. අධි රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවක් නම් ගැබ් ගැනීමට පෙර එය පාලනය කරගත යුතුය. වකුගඩු වැනි රෝගයකින් පෙළෙයි නම් එය නිසි කලට පාලනය කර වෛද්‍ය උපදෙස් මත ගැබ් ගැනීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය. මෙම ඉහත සඳහන් ගැටලූවලින් පෙළෙන කාන්තාවක් ගැබ් ගත් පසු විශේෂ අවදානම් සහිත මවුවරුන් ලෙස නම් කර ඔවුන් විශේෂ පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත. දරු ප‍්‍රසූතිය සිදු කරන ආකාරය මෙසේ ඉහත ගැටලූ සහිත කාන්තාවකට දරු ප‍්‍රසූතිය සාමාන්‍ය ලෙසට වුවත් සිදුකළ හැකිය. එහෙත් එය වෛද්‍යවරයා පරීක්ෂා කර තීරණය කළ යුතු වේ. මෙවැනි මවක් කොතෙක් ඉල්ලා සිටියත් සිසේරියන් සැත්කම හෝ සාමාන්‍ය ප‍්‍රසූතිය හෝ අනෙකුත් ක‍්‍රමවලින් ප‍්‍රසූතිය සිදු කිරීමට වෛද්‍යවරයා එකඟ නොවේ. එය මවගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා තීරණය කළ යුත්තකි. ගැටලූවක් නම් පහසුකම් ඇති රෝහලකට යන්න මවගේ වයස, රෝග තත්වය හෝ යම් ගැටළු සහගත බවක් නිසා විශේෂ අවදානම් සහිත මවක් නිසා එම මව දරු ප‍්‍රසූතිය සඳහා නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු සේවය කරන රෝහලකට යා යුතුය. එහිදී එතරම් ගැටලූ සහගත නැත්නම් මවගේ පහසුව සඳහා වෙනත් රෝහලකට මාරු කරනු ඇත. වැඩිම මවු මරණ හදවත් රෝග නිසයි දරු ප‍්‍රසූතියේදී මෙරට මවු මරණ සිදුවීම ඉතාම අඩුය. එහෙත් තවමත් එවැනි දෑ වාර්තාවන්නේ හදවත් රෝගී කාන්තාවන් ගැබ් ගැනීම මගිනි. එවැනි කාන්තාවක් ගැබ් ගත් පසු මුල් කාලයේ සිටම දැඩි සත්කාර ඒකකයක් සහිත, විශේෂඥ වෛද්‍යවරුන් සේවය කරන රෝහලකට යා යුතුය. ඒ ගැබ් ගැනීමෙන් පසු හෘද ගැටලූ තවත් වැඩිවන නිසාය. එසේම සමහර කාන්තාවන්ට ගැබ් ගැනීම සුදුසු නැත යැයි හෘද රෝග වෛද්‍යවරු උපදෙස් දී තිබෙන අවස්ථා තිබේ. එහෙත් එවැනි දේ ස`ගවාගෙන සිට ගැබ් ගන්නා අවස්ථා තවමත් අපේ සමාජයේ බහුලව දක්නට ලැබේ. එය ඉතාම බරපතළ ගැටලූවකි. සමහර අවස්ථාවලදී කාන්තාවගේ සැමියා රෝගී කාන්තාවක් බව හඳුනාගන්නේ දරුවකු ගැබ්ගත් පසුවය. ඒ බොහෝවිට ඔවුන්ගේ මවුවරු දියණිය රෝගියකුබව සඟවා විවාහ සිදුකරන නිසාය. මෙයින් පවුල් ප‍්‍රශ්න පවා ඇති වේ. එය එදා මෙන්ම අදත් දක්නට ලැබෙන්නකි. එනිසා හෘද රෝගී කාන්තාවකට ගැබ් ගැනීම නුසුදුසු යැයි වෛද්‍ය අවවාද දී තිබේ නම් ගැබ් ගැනීම සුදුසු නැත. මෙවැනි දේ සඟවා දියණීවරු විවාහ කරදීම ඉතාම වැරදි ක‍්‍රියාවකි. එයින් මවුපියන්ට තම දියණිය අකාලයේ අහිමිවීමටත්, තරුණ සැමියකුට බිරිඳ අහිමිවීමටත්, මවක අහිමි දරුවකු ලොව තනිවීමටත් ඉඩ තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 23 Aug 2018 06:06 AM ස්ටන් පවුලේ් දොස්තර ස්තූතිය පුද කරනවා මෙම ලිපියටත් 0 Udeshika HerathVeteran MemberPosts:3955 23 Aug 2018 08:19 AM අනේ දෙවියනේ. මේව දැනන් හිටියෙ නෑ Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 23 Aug 2018 05:30 PM අපෝ නෑ.....බැන්ඳ ගමන් බබාල හදන්නයි බලන් ඉන්නෙ 0 maduranga001Most Senior MemberPosts:14118 24 Aug 2018 01:01 AM Posted By Udari on 23 Aug 2018 05:30 PM අපෝ නෑ.....බැන්ඳ ගමන් බබාල හදන්නයි බලන් ඉන්නෙ ආ.. සැලසුම් සහගතව වගේ වැඩ කරන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 24 Aug 2018 01:56 AM Posted By Udari on 23 Aug 2018 05:30 PM අපෝ නෑ.....බැන්ඳ ගමන් බබාල හදන්නයි බලන් ඉන්නෙ ක්‍රියා කාරී දක්ෂ උගත් පොහොසත් ආදරය හදුනන මහතෙකු හමුවවා කියා පාර්ථනා කරනවා ............... ඔබගේ අදහස ඉටුකර ගන්නට ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 24 Aug 2018 02:58 AM ක්‍රියාකාරී දක්ෂ උගත් පොහොසත් ආදරය හදුනන මහතෙකුඔයින් එකක් දෙකක් නම් හරි. ඔය ඔක්කොම තියෙන කෙනෙක් හොයා ගන්න එක තමයි අමාරු වැඩේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 24 Aug 2018 07:21 AM හම්මේ ස්තුතියි ගාමිණි අය්යේ......... පොහොසත් නම් නැතත් කමක් නෑ....... හැබැයි ලුණුයි බතුයි කන්න දෙන කෙනෙක් නම් මදි ඉතින් .......හී 0 hasithadSuper Senior MemberPosts:5795 24 Aug 2018 08:43 AM පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා කියනවනෙ....ඒක හින්ද කෝකත් කලින් ඉෂ්ට සිද්ධ කර ගන්න එක හොදයි. 0 chamaramindMost Senior MemberPosts:13471 24 Aug 2018 06:14 PM වරින් වර ඇවිත් ජීවිතේම එපා කරවන පොකුරු හිසරදය හිසරදය ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක අපි කවුරුත් මුහුණදී ඇති අසීරු තත්ත්වයකි. මෙය බොහෝවිට රෝග ලක්ෂණයක් ලෙස ප්‍රතිඵල වෙන්නකි. නමුත් හිසරදය රෝගයක් බවට පත්ව ඉතාමත් දරුණු වේදනාවක් ගෙන දෙන අවස්ථාද පවතී. එවන් එක් දරුණු වරින්වර කිසියම් කාලසීමාවක් අනුව එන එපාම කරපු හිසරදයක්ද තිබේ. මේ හිසරදය සෑදීමට පටන්ගත් විට, කාල පරතරයකට අනුව විටින් විට හිසරදය ඇතිවන අතර, එසේ ආරම්භ වූ විට, සති/ මාස ගණන් මෙම තත්ත්වය පවතී. තව කාලසීමාවකදී හිසරදයෙන් තොර, වේදනා රහිත සති/ මාස/ අවුරුදු ගණනක් ඇත. එනිසා වරින් වර එන මෙයට පොකුරු හිසරදය යන නම යෙදේ. මෙම හිසරදය ඇතිවන නැතිවන රටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මොනවාද රෝග ලක්ෂණ? හිසේ එක් පැත්තක පමණක්, ඇස වටා ඇතිවන දරුණු වේදනාව (එම වේදනාව මුහුණ, හිස, බෙල්ල සහ උරහිස දක්වා පැතිර යා හැක) නොසන්සුන් බව මුහුණේ වේදනාව ඇති පැත්තට පමණක් සීමා වූ, ඇස රතුවීම අධික ලෙස කඳුළු ගැලීම දහඩිය දැමීම, නාසයේ හිර ගතිය හෝ හොටු දියර ගැලීම මෙහිදී ද ඉරුවාරදය (migrane) ඇතිවිට දැනෙන්නා වූ ආලෝක සංවේදීතාවය (light sensitivity), ශබ්ද සංවේදීතාවය (sound intolerance) ඇතිවිය හැක; නමුත් එය හිසරදය ඇති පැත්තට පමණක් සීමා වේ. මෙම හිසරදය ඇතිවන කාලසීමාව බොහෝවිට නිශ්චිතය. සාමාන්‍යයෙන් සති 6-12ක කාලයක් පවතී. සෑම හිසරද කැක්කුම් පොකුරක්ම ආරම්භ වන, පවතින කාලසීමාව බොහෝවිට නිශ්චිතය. හිසරදය සාමාන්‍යයෙන් දිනපතා හෝ දිනකට කිහිප වතාවක් ඇතිවිය හැක. එක් හිසරදයක් මිනිත්තු 15ත්, පැය 3ත් අතර කාලසීමාවක් රඳා පවතී. බොහෝවිට රාත්‍රියේ දී (නින්දට පැය කිහිපයකට පෙර) ඇතිවේ. ඔබට මෙම පොකුරු හිසරද තත්ත්වය පළමු වරට ආරම්භ වූ විට, වෙනත් අවදානම් රෝග තත්ත්වයක් නොවන බවට තහවුරු කර ගැනීමට වෛද්‍යවරයකු හමුවිය යුතුය. සාමාන්‍ය හිසරදය ඇතිවන රටාව වෙනස් වූ විට මෙන්ම දිනෙන් දින වේදනාව උග්‍ර වූ විටද වෛද්‍යවරයකු හමුවිය යුතුය. හේතු සාධක මේ සඳහා නිශ්චිත එක් හේතුවක් තවම සොයාගෙන නැත. ශරීරයේ ජීව විද්‍යාත්මක ඝටිකාවෙහි ඇතිවන බලපෑමක් විය හැක. ඉරුවාදයේ දී මෙන් නොව, මානසික පීඩනය, ආහාර වර්ග හා හෝර්මෝන වෙනස්වීම්වලින් ඇතිවන බලපෑම අවමය. කෙසේ වුවත්, හිසරදය පොකුරක් ආරම්භ වූ විට, මත්පැන් භාවිතයෙන් වේදනාව උත්සන්න වේ. ඇතැම් ඖෂධ වර්ග (හෘදරෝගවලට ලබාදෙන ඖෂධ) භාවිතය හිසරදය ඇතිවීමට හේතු විය හැක. අවදානම් සාධක ස්ත්‍රී පුරුෂ භාවය අනුව සැලකූවිට මෙහි වැඩි අවදානමක් ඇත්තේ පුරැෂ පක්ෂයටය. ඕනෑම වයසකදී රෝගය වැළඳීමට ඉඩකඩ ඇති නමුත්, වයස 20-50ත් අතර දී වැඩි අවදානමක් ඇත. දුම්පානය බරපතළ සාධකයකි. බොහෝවිට මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ දුම්පානය කරන පුද්ගලයන්ටය. මත්පැන් භාවිතය මෙම අවදානම වැඩි කරන සාධකයකි. පවුලේ රෝග ඉතිහාසය සැලකුවිට දෙමාපියන්ට හෝ සහෝදර සහෝදරියන්ට මෙම රෝගය වැළඳී තිබුණේ නම් ඔබට ද වැළඳීමේ අවදානමක් ඇත. රෝග නිර්ණය රඳාපවතින්නේ රෝග ලක්ෂණ මතය. වෙනත් රෝග තත්ත්වයන් බැහැර කිරීමට ස්නායු පරීක්ෂාවක් අවශ්‍ය වේ. හිසරදය වැළඳී ඇති අවස්ථාවේ දී ප්‍රතිකාරය ඔක්සිජන් ලබාදීමයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව හිසරදය දිගින් දිගටම පොකුරක් ලෙස ඇතිවීම වැළැක්වීමට වේදනා නාශක ඖෂධ ලබාදීම සහ වෙනත් ඖෂධ ලබාදිය හැක. උපදෙස්: විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නිමල් සේනානායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 11 of 35 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner