Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 35 << < 1011121314 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 24 Aug 2018 06:15 PM ඇසේ සුදට කකුලේ මහපට ඇඟිල්ලෙන් ප්‍රතිකාර ඇසට සම්බන්ධ වනු ලබන රෝග අක්ෂි රෝග ලෙසින් හැඳින්වේ. ආයුර්වේදයට අනුව අක්ෂි රෝග හැත්තෑපහක් ඇති බවට සඳහන් වේ. අතීතයේදී ආයුර්වේද පොතපතෙහි එවැනි අක්ෂි රෝග හැත්තෑහයක් ඇති බව සඳහන් කර තිබුණද අද වනවිටත් එම රෝග හැත්තෑහයම පවතින බව සොයාගෙන ඇත. අක්ෂි රෝග හේතුවෙන් අන්ධභාවයට පත්වන රෝග අතරින් ඇසේ සුද මතුවීමට හිමිවන්නේ ප්‍රබල තැනකි. කාච නැමති රෝගය ලෙසින් ආයුර්වේදයේදී හඳුන්වන්නේ ද ඇසේ සුද මතුවීම නැමැති රෝගයයි. ඇසේ සුද රෝගය අන්ධභාවයට පත් කරනා ඇසේ මූලික රෝගයයි. ඊට අමතරව ආයුර්වේදයේදී අධිමන්ත නම් රෝගයක් ද දක්වා තිබේ. අධිමන්ත රෝගය ලෙසින් හඳුන්වන්නේ ඇසේ වේදනාවක් ඇතිවන, ඇසේ අභ්‍යන්තර කුහරයේ පීඩනය වැඩි කරනා රෝග අවස්ථාවයි. මේ රෝග අවස්ථාව නවීන වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ ග්ලූකෝමා රෝග වශයෙනි. ඇසේ අභ්‍යන්තර පීඩනය වැඩි කරන රෝග අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක. මීට අමතරව ඇස ඉදිරියේ අඳුර ඇති වීමේ රෝග තත්ත්වය තිමිර ලෙසින් හැඳින්විය හැක. එය පටලයක් තුළින් බලනා පෙනුමක් පෙන්නුම් කරයි. දුර දුෂ්ඨිකත්වය, අවිදුර දුෂ්ඨිකත්වය, විෂම දුෂ්ඨිකත්වය මෙන්ම වයසට යාමේදී ඇතිවන හතළිස් ඇඳිරිය යන රෝගයන් මේ රෝගයට ඇතුළත් වේ. ඇසේ සුද ඇතිවීමේදී පසුකාලීනව පෙනීම නැතිවී යයි. ඇස නිර්මාණය වීමේදී ඇස අභ්‍යන්තරයේ කාචයක් පිහිටා ඇත. ඇසේ අභ්‍යන්තරය පිහිටා තිබෙන මෙම කාචය පාරදෘෂ්‍යයි. ඒ හරහා ආලෝක කිරණ ගමන් කිරීමේ හැකියාව පවතී. මෙම ආලෝක කිරණ කාචය හරහා අභ්‍යන්තරයට ගමන් කර මෙම දුෂ්ඨිවිතානයේ නම් පටලයට වැටී ප්‍රතිබිම්බයක් හඳුනාගනී. මෙය මොළයට සම්ප්‍රේෂණය වී රෑපයක් ලෙස හඳුනාගත හැක. නමුත් අභ්‍යන්තරයෙහි පවතින තරලයෙහි ප්‍රෝටීන්, විටමින් කොටස අඩංගුව පවතී. මෙම තරලයේ පවතින ප්‍රෝටීන් වයසට යාමත් සමඟම යම් ඝනත්වයකට පත්වේ. මේ නිසා සුපුරුදු පරිදි ආලෝක කිරණවලට ගමන් කළ නොහැකි තත්ත්වයක් ඇතිවේ. මෙය උදාවීමෙන් කාච නම් රෝග තත්ත්වය උදාවේ. එය ද සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන්නේ ඇසේ සුද මතුවීමයි. සමාජයේ බොහෝ දෙනකුගේ මතයක් වන්නේ හතළිස් ඇඳිරිය නම් රෝගය වයස අවුරුදු හතළිහ ගතවීමත් සමඟ ඇතිවන බවයි. වයස අවුරුදු හතළිහ ගතවෙද්දී තරැණ ජවය ක්‍රමයෙන් ශරීරයෙන් නැති වී යයි. එයට ප්‍රධාන හේතුව වන්නේ ශරීරයේ ඇති මාංශ පේෂීන් දුර්වල වීමයි. ඇසේ කාචය ස්වභාවධර්මයේ අපූරැ නිර්මාණයක් වේ. මේ කාචයේ නාභි දුර අඩු වැඩි වීමෙන් දුර, ළඟ බැලීම තීරණය වේ. මේ සඳහා එක්තරා මාංශ පේෂියක් සම්බන්ධ වී පවතී. ශරීරයේ මාංශ පේෂිවල ශක්තිය අඩුවීමත් සමඟම මෙම ඇසේ කාචයට සම්බන්ධ පේෂියේත් මෙම දුර්වලතාව හටගනී. මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර අයුර්වේදයේ සඳහන් වේ. ඇසේ සුද මතුවීමේ රෝගාබාධයේදී ආයුර්වේද වෛද්‍යවරයාට හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක්ම පවතී. ඇස පරික්ෂා කිරීමේදී ඇසේ කර්ණිකා නම් කොටසක් පවතී ආයුර්වේදයේදී මෙය දෘෂ්ඨි මණ්ඩලය ලෙසින් හැඳින්වේ. මෙම දෘෂ්ඨි මණ්ඩලයේ යම්කිසි වර්ණවත් වීමක් දක්නට ලැබේ. විශේෂයෙන් කළු ඉංගිරියාව මැද පිහිටා ඇති මෙම දෘෂ්ඨි මණ්ඩලය වර්ණවත් වීමක් සිදුවේ. මේ වර්ණවත් වීම හේතුවෙන් එය කාච රෝග ලක්ෂණයක් ලෙස ආයුර්වේද වෛද්‍යවරයා හඳුනාගනී. ආයුර්වේදයට අනුව කාච ප්‍රතිකාරයේදී කාච මේරීමෙන් පසුව කිසිදු රූපයක් පෙනෙන්නේ නැති අවස්ථාවකට පත්වේ. මේ අවස්ථාවට ආයුර්වේදයේ ශල්‍ය ප්‍රතිකාරයක් හඳුන්වා දී තිබේ. ආයුර්වේදයේදී මේ සඳහා ඉතා සාර්ථක ආයුර්වේද ශල්‍ය ක්‍රම පවතී. නමුත් දියවැඩියා රෝගීන් සහ හෘදයේ පවතින ඇතැම් රෝග අවස්ථාවක් නිසා ශල්‍යකර්මවලට යොමු කළ නොහැකි රෝගීහු සිටිති. ඔවුන් වෙනුවෙන් ආයුර්වේදයට අනුව කකුලේ බෙහෙත් බැඳීම සිදු කළ හැක. වම් ඇසේ යම් ආබාධයක් ඇතිවිය බෙහෙත් බැඳිය යුතු වන්නේ දකුණු කකුලේ මහපටැඟිල්ලේය. ආබාධය දකුණු ඇසෙහි පිහිටයි නම් වම් කකුලේ මහපටැඟිල්ලේ බෙහෙත් බැඳිය යුතු වේ. පාදයක මහපටැඟිල්ල ඇසත් සමඟ සම්බන්ධතාවයක් පවතින බව ආයුර්වේදයේදී සඳහන්ව පවතී. ශල්‍යකර්මයකින් සුවකර ගත නොහැකි නමුත් ඒ පුද්ගලයාට එදිනෙදා වැඩකටයුතු කරගෙන යා හැකි තත්ත්වයට මේ ක්‍රමය මඟින් පෙනුම ඇති කරගත හැකි වේ. ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Aug 2018 06:16 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Aug 2018 06:28 PM දියවැඩියාවට හරිම ගුණ ඇඹරැල්ලා ආයුර්වේදයට අනුව මධුර රස, අම්ල, තිත්ත යන රසයෙන් සමන්විත වන ඇඹරුල්ලා ගෝල්ඩන් ඇපල් ලෙසින් ද හඳුන්වනු ලැබේ. මෙය උද්භිද නාමයෙන් හඳුන්වනු ලබන්නේ ස්පොන්ඩියස් ඩල්සිස් (Spondias Dulcis) ලෙසිනි. ඇඹරැල්ලා ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ රාශියකි. ඒ අනුව කෙඳි ග්‍රෑම් 0.85, මේදය ග්‍රෑම් 0.3, ප්‍රෝටීන් ග්‍රෑම් 0.5, යකඩ මිලිග්‍රෑම් 3, විටමින් ඒ, කැල්සියම් මිලිග්‍රෑම් 56, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 12.4 අඩංගු වේ. මේ අනුව සිරැරට අවශ්‍ය ප්‍රෝටීන් හා මේදය සැලකිය යුතු ප්‍රමාණයක් ඇඹරැල්ලාවලින් ලබාගත හැක. විටමින් සී බහුල පළතුරක් නිසා ශරීරයට ප්‍රතිශක්තිය ලැබේ. මෙහි ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය තුවාල සුව වීමට සහ කොලජන් නිපදවීමට වැදගත් වේ. ඇඹරුල්ලා ආහාර හොඳින් දිරවීමටත් මළ හොඳින් පිට කිරීමටත් උදවු කෙරේ. ඒ ඇඹරැල්ලාවල පවතින කෙඳි ප්‍රමාණය හේතුවෙනි. ඇඹරැල්ලා ඇටය අධික රුධිර පීඩනයට සහ ස්වසන ආබාධවලට ඉතා ගුණදායක වේ. එමෙන්ම හිසරදයට ද ඉතා ගුණදායකය. ඇඹරැල්ලා ගෙඩියේ මෙන්ම ඇඹරැල්ලා කොළවල ද බොහෝ විටමින් සහ ඛනිජ ලවන අඩංගු වේ. එම නිසා ඇඹරැල්ලා කොළ ආහාරයට ගැනීම කළ හැකි අතර විවිධ රෝගාබාධ සඳහා ගනු ලබන ඖෂධ සඳහා ද ඇඹරැල්ලා කොළ යොදාගනී. කොළවල සහ පොත්තේ ඇති ප්ලොවනොයිඩ්, සැපොටින් සහ ටැනීන් අඩංගු නිසා දියර සහිත මළ පිටවීමේදී කොළ සහ ඇඹරුල්ලා පොතුවලින් සෑදූ තැම්බුමක්, කසායක් හෝ යුෂ දීම ඉතා වැදගත් වේ. එමෙන්ම මුඛයේ ඇති තුවාලවලට ඇඹරුල්ලා කොළ සහ පොතු තැම්බූ වතුරෙන් මුඛය සේදීම ද ඉතා ගුණදායක වේ. දියවැඩියාවට ඇඹරුල්ලා ඉතා ගුණදායක වේ. ඇඹරැල්ලා හොඳින් අඹරා මොයිස්චරයිසර් එකක් ලෙස ද භාවිතා කළ හැක. ඇඹරැල්ලා කොළවලින් කොළ කැඳ සාදා බීම ද කළ හැකි අතර ඇඹරුල්ලා ගෙඩි, කොළ පමණක් නොව ඇඹරුල්ලා පොතු ද විවිධ රෝග සඳහා ගත හැකි ඉතා ගුණදායක ඖෂධයකි. විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර කුරැණෑගල ආයුර්වේද රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Aug 2018 06:32 PM අමතක වීම ලෙඩක් වෙන හැටි මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම ගැන අපි දුක් වෙනවා. ඒ වගේම තවත් විටක අපට යම් දෙයක් අමතක කිරීමට නොහැකි වීම ගැනත් අපි දුක් වෙනවා. බිනරගේ වයස අවු. 12යි. පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගනුම ලැබූ බිනරට තිබූ ලොකුම ගැටලුව වූයේ එදිනෙදා පාඩම් කරන දේ අමතක වීමයි. මම දවසට පැය 5ක් පමණ පාඩම් කරනවා. පාඩම් කරේ නැත්නම් අම්මා බනිනවා. ඒත් මට ඒ පාඩම් කරන දේවල් ඉක්මණින්ම අමතක වෙනවා. විභාගෙ කිට්ටු වෙනකොට මට ලොකු බයක් දැනෙනවා. විභාගෙට ගියාම දන්න ටිකත් අමතක වෙනවා. ගිය සැරේ විභාගෙදි මට ගණිතයට තිබුණේ ලකුණු 40යි. අම්මා මට හොඳටම බැන්නා. ඉහත සිද්ධිය කියවන ඔබට යම් දරැවෙකුට පාඩම් මතක තබාගැනීමට ඇති අපහසුව පෙන්නුම් කරනවා. ඒත් සමහර අවස්ථාවලදී අපේ සිතට වද දෙන මතකයන් අමතක කරන්න ඕන වෙනවා. එය සමහර විට මතක තියාගන්නවාටත් වඩා අපහසු වෙනවා. පහත කථාවෙන් එය පැහැදිලි වෙනවා. සුජීවාගේ වයස අවු. 22යි. ඇගේ පෙම්වතා ඇගෙන් ඈත් වී දැනට මාසයක් වෙනවා. ඔහු නැවතත් ඇය වෙත නොඑන බව ඇය හොඳින්ම දන්නවා. නිතර දැනෙන දුක සහ වේදනාව තුළ සිරවී සිටි ඇය මෙසේ පැවසුවා. Dr. මට අමතක වෙන්න බෙහෙතක් දෙන්න. අතීතය මතක් වනවිට ඒ සිතුවිලි මට දරාගන්න බෑ. ඉහත කතා දෙක කියවූ විට අපට ප්‍රශ්න දෙකක් මැවෙනවා. 1. අපි යමක් මතක තබා ගන්නේ කොහොමද? 2. අපිට ක්ෂණයකින් යමක් අමතක වන්නේ කොහොමද? මතකය කියන්නේ අපේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ජීව රසායනික ක්රියාවලිවක්. ඕනෑම දෙයක් අපට මතකයේ තබා ගැනීමට නම් මොළය තුළ ක්‍රියාවලින් තුනක් සිදුවිය යුතුයි. 1. ප්‍රථම රදවාගැනීම (Encoding) මෙය හරියටම පරිගණකයකට තොරතුරු ඇතුළු කිරීමට යම් තොරතුරක් ටයිප් කරනවා හා සමානය. 2. තොරතුරු ගබඩා කිරීම (Storage) ටයිප් කරන තොරතුරු පරිගණකය තුළ ගබඩා කරතැබීම හා සමානයි. 3. ගබඩා කරන ලද තොරතුරු නැවත මතකයට ගැනීම (Retrieval) පරිගණකයේ ගබඩා කරන ලද තොරතුරු අපට අවශ්‍ය වූ විට නැවත එළියට ගැනීම සමානය. අපි මතකය පිළිබඳ තව ගැඹුරින් සොයා බලමු. මතකයේ තවත් ප්‍රධාන කොටස් හතරක් තිබෙනවා ඒවා නම්. I. සංවේදන මතකය (Sensory Memory), II. කෙටිකාලීන මතකය (Short – Term Memory), III. දිගුකාලීන මතකය (Long – Term Memory) මොකද්ද මේ සංවේදන මතකය කියන්නේ? අපි හිතමු ඔබට මගතොටදි ගසක් උඩ අත්තක මිහිරි හඬක් නගමින් සිටින කුරුල්ලකු දුටුවායැයි කියලා එම මොහොතේදී එම පක්ෂියාගේ මිහිරි හඬ මෙන්ම පෙනුමද ඔබ ආශ්වාද කරනවා නිසැකය. නමුත් ගෙදර පැමිණෙන ඔබට එම සිද්ධිය, එනම් මිහිරි හඬ සහ පක්ෂියාගේ පෙනුම සම්පූර්ණයෙන්ම ඒ ආකාරයටම මතකයට නැගීමට අපහසුය. මින් අදහස් වනුයේ. සංවේදන මතකය (Sensory Memory) තත්පර ගණනකට සීමා වන බැවිනි. අපට එය තවදුරටත් මතක තබාගැනීමට අවශ්‍ය නම් මෙම මතකය කෙටිකාලීන මතක ධාරාවට එක්කර ගත යුතුය. මොකද්ද මේ කෙටිකාලීන මතකය කියන්නේ? කෙටිකාලීන මතකය අප තුළ ගබඩා වන්නේ Chunks නැමති ක්‍රියාවලිය තුළිනි. Chunks යනු වචන, ඉලක්කම් හෝ රූප වශයෙන් කොටස් 7කට සීමා කිරීමයි. මෙම මතකය තප්පර 15 සිට 25 දක්වා කාලයක් මොළය තුළ රුදෙන අතර ඉන්පසු ක්ෂය වී යයි. කෙටිකාලීන මතකයට යම් සිද්ධියක් ඔබට ඇතුළු කරගැනීමට අවශ්‍ය නම් එය නැවත නැවත මතක් කර යුතුය. අපි මෙතනදී අර කුරැල්ලා පිළිබඳ උදාහරණය ගනිමු. එම කුරැල්ලාගේ ස්වරූපය සහ මිහිරි කට හඬ ඔබ කීප වතාවක් මෙනෙහි කළානම් එය සංවේදන මතකයෙන් කෙටිකාලීන මතකයට ඇතුළු වේ. නමුත් කෙටිකාලීන මතකය තුළ ද යමක් රුදෙන්නේ තප්පර 25කි. මෙය ඔබ වැඩි කාලයක් මතකයේ තබාගැනීමට අවශ්‍ය නම් දිගුකාලීන මතක ධාරාවට ඇතළත් කරගත යුතුය. සැබැවින්ම මෙහි එන බිනරට විභාගය ආසන්නව බොහෝ කරුණු අමතක වී යන්නේ ඒවා දිගුකාලීන මතකයට නිසි ලෙස ඇතුළු වී නොමැති නිසාය. මොකද්ද මේ දිගුකාලීන මතකය කියන්නේ? දිගුකාලීන මතකය මොළයේ එක් තැනකින් නිර්මාණය නොවේ. එය මොළය පුරා පැතිරී ඇති සංකීර්ණ ජාලාවකි. පළමුවෙන්ම මතක ජාලා මොළය තුළ ගබඩා වන්නේ හිපොකැම්පස් (HippCampus) නැමති කොටසේය. හිපොකැම්පස් තුළින් මෙම මතක ජාල මස්තිස්කය (CerebralCortex) තුළ සාර්ථක ලෙස ගබඩා වේ. අනෙක් කොටස නම් ඇම්ග්ඩෙලා (Amygdala) හැඟීම් සමඟ මිශ්‍ර වූ මතකයන් මෙහි ගබඩා වේ. අපි හිතමු ඔබ කළු තඩි බල්ලෙකුට බිය වූවායැයි කියා එවැනි බල්ලකු ඔබ නැවත දුටුවොත් ක්ෂණිකව භීතියට පත්වේ. මෙම මතකයන් එළියට ගන්නේ ඇම්ග්ඩෙලාවල ක්‍රියාකාරීත්වයෙනි. දිගුකාලීන මතකයේ ප්‍රධාන කොටස් 4කි. 1. සාමාන්‍ය තොරතුරු ගබඩා කිරීම් අංශය (Declarative Memory) මෙහිදී කෙනෙකුගේ නම්, මුහුණු, දින වකවානු සහ වෙනත් තොරතුරු මෙහි ගබඩා වේ. Ex- ඔහුගේ නම නිමල්. නිමල් සුදුයි. ඔහුට බයිසිකලයක් තිබෙනවා. එහි රෝද දෙකක් තිබෙනවා. 2. කුසලතා සහ අත්දැකීම්වලට අදාළ මතක ගබඩා අංශය (Procedural Memory) Ex- බයිසිකලය පැදීම, පිහිනීම, මෙම ක්‍රියාකාරකම් අපගේ කුසලතා බවට පත්ව ඇත්නම් ඒවා කිරීමේදී ක්‍රමවේදය නැවත මතක් කළයුතු නැත. මෙම හැකියාව ගබඩා වී ඇත්තේ කුසලතාවලට අදාළ කොටසේය. 3. දැනුම ගබඩා කිරීමේ අංශය (Semantic Memory) Ex- රටේ ජනාධිපති කවුද? වැනි දත්ත. සාපේක්ෂතාවාදය සොයාගත්තේ කවුද? ලෝකගෝලය තුළ අමෙරිකාව පිහිටියේ කොතැනද? 4. සිද්ධීන් පිළිබඳ මතක ගබඩා කිරීමේ අංශය (Episodic Memory) යම් කාල සීමාවකදී සිදුවූ යම් යම් සිද්ධීන් අපට තවමත් මතක ඇත. Ex- අයියාගේ මගුල් ගෙදර ඔබ නටපු හැටි. උපාධි ප්‍රදාන උත්සවයේදී ඔබ උපාධිය ලබාගත් අයුරු. ඉහත කොටස් කියවීමේදී සන්වේදන මතකය, කෙටිකාලීන මතකය, දිගුකාලීන මතකය සහ ඒවා මොළයේ ගබඩා වන ස්ථාන පිළිබඳ ඔබට හොඳ දැනුමක් ලැබුණා විය හැකියි. නමුත් මතකය පිළිබඳ තවත් ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඇත. ඒවා නම් 1. මතක තබා ගැනීමේ විද්‍යාත්මක ක්‍රම වේද, 2. ආතතිය නිසා මතකයට හානියක් වේද?, 3. හැඟීම් සමඟ මිශ්‍ර වූ විට සමහර දේවල් අපට පහසුවෙන් මතක තබාගත හැකිය. ඒ ඇයි? මේවා ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Aug 2018 06:33 PM ඇස් දෙකටත් යෝග ව්‍යායාම බොහෝ දෙනකු තමන්ගේ දෙඇස පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි. ඇසට යම් ආබාධයක්, ඇස් දෙක නොපෙනී යාමක් ඇති වූ විට පමණක් වෛද්‍යවරැන් වෙත යන මොවුන් ඊට පෙර ඇස් ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. නමුත් නිරෝගී ඇස් සඳහා යම් සරල ව්‍යායාම් ක්‍රම කිහිපයක් නිතර කිරීම ඉතා වැදගත් වේ. ඒවා අක්ෂි ව්‍යායාම් ලෙසින් හැඳින්වේ. ආයුර්වේදයට අනුව වඩාත්ම සුදුසු ව්‍යායාම් ක්‍රමය වන්නේ යෝග ව්‍යායාමයි. මේ නිසා ඇසට කළ හැකි යෝග ව්‍යායාම් රාශියක් ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. එමඟින් ඇසේ පෙනීමේ ශක්තිය ඇතිකිරීමට, ඇස නිරෝගී කිරීමට උදවු වේ. සූර්ය ප්‍රතිකාරය මේ සඳහා ඉතා සුදුසු කාලය වන්නේ උදෑසනයි. සූර්යයා දෙසට ඇස යොමු කරන්න. ඇස හොඳින් වසාගන්න. සුව පහසු අසුනක වාඩි වී අත් දෙකින්ද පියාගත් ඇස් දෙක හොඳින් වසා ගන්න. පසුව සෙමින් දෙපැත්තට පැද්දෙන්න. මේ සඳහා සූර්ය ආලෝකය වෙනුවට විදුලි බල්බයක්ද යොදාගත හැකි. බල්බයට අඩි දහයක දුරින් පෙර පරිදිම දෙඇස වසා දෙපැත්තට පැද්දෙන්න. විනාඩි දහයක් පමණ මෙම ව්‍යායාමය කරන්න. කිසිවිටකත් මුහුණ වසා සිටින අත්වලින් ආලෝකය දෙස බලන්න එපා. (රූපය - 01) අත්තල ප්‍රතිකාරය මුලින්ම පහසු ආකාරයට බිම දිගා වෙන්න. ඇස් දෙක පියාගෙන ඇඟිලි එකිනෙක පටලවා ගත් අත්තල දෙක පහසු ආකාරයට නළල හා ඇස මත තබාගන්න. ගැඹුරින් හොඳ හුස්මක් ගන්න. එම හුස්ම පිට කරන්න. කිසිවිටකත් මුඛයෙන් හුස්ම පිට කරන්න එපා. මුඛය වසා ගන්න. මෙම ව්‍යායාමය ද කිහිපවතාවක් සෙමින් කරන්න. හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. පිංපොං බෝලය සමඟ ක්‍රීඩාව පිංපොං බෝලයක් ගෙන පොළොවට ගසා එය ඉහළට එන දෙස ඇස යොමු කරන්න. බෝලයේ ඉහළ මායිම සමඟම ඇස ගෙනයන්න. ඇහිපිල්ලම් ගසන්න එපා. කිසිවිටෙකත් බෙල්ල හෝ ඔළුව හොලවන්න එපා. බෝලය අතට ගත් පසුව ඇසිපිය ගසන්න. අතින් අතට මාරු කරන්න. මේ ආකාරයට වාර පනහක් හෝ සියයක් දිනකට සිදුකරන්න. ඇස්වලට රස්නය දැනවීම ඇස් දෙක හොඳින් පියාගන්න. ඔබේ අත්දෙක එකට හොඳින් පිරිමදින්න. ටික වේලාවකින් අත් දෙකට රස්නයක් දැනේ. දැන් එම රස්නය පියාගත් ඇසට ටික වේලාවක් තබන්න. අත්වල ඇති රස්නය ඔබේ පියාගත් ඇස් මත දැනෙන්නට ගනී. මෙම ව්‍යායාමය වාර විසිපහත් පනහත් අතර කාලයක් දිනකට සිදු කරන්න. (රූපය - 02) තෙත් පුළුන් ප්‍රතිකාරය සිසිල් ජලයෙන් පුළුන් කැබැල්ලක් පොඟවා ගන්න. එම පුළුවන් කැබැල්ල ජලය හොඳින් මිරිකා ගත් පියාගත් ඇස් දෙක මත එළන්න. ටික වේලාවක් එසේ තියන්නට හරින්න. විනාඩි දහයකට පමණ පසුව පුළුන් කැබැල්ල ඉවත් කරන්න. මෙම ව්‍යායාමය දිනකට කිහිපවතාවක් සිදුකරන්න. මීට අමතරව ඔබේ ඇස් දෙක හොඳින් ඇර හිස කෙලින් තබා ඇස් දෙක එකම ඉරියව්වකට ගෙන යන්න. මුලින්ම ඇස් දෙකින් දකුණු දෙස බලන්න. කිසිවිටෙකත් හිස සොලවන්න එපා. පසුව වම බලන්න. ටික වේලාවක් එම ඉරියව්වෙන්ම හිඳ නැවත ඉහළ බලන්න. විනාඩියකට පසුව ඇස් දෙකින්ම පහළ බලන්න. මෙම ව්‍යායාම් කිරීමේදී කිසිවිටෙකත් හිස සහ බෙල්ල සොලවන්න එපා. (රූපය - 3) මේ ආකාරයෙන් කරනු ලබන ව්‍යායාම් මඟින් ඔබට නිරෝගිමත් ඇස් දෙකක් ලබාගත හැකි අතර බොහෝ ඇස් රෝග සුවපත් කරගැනීමට ද උදවු කෙරේ. ආයුර්වේද වෛද්‍ය පී.පී. ලුෂාන්ති සෙත්මිර ආයුර්වේද හා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය රාජගිරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Aug 2018 06:33 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Aug 2018 06:34 PM අපි නොදන්න ඇස්ප්‍රින්! කාලයකට ඉහත ඇස්ප්‍රින් භාවිත කළේ වේදනානාශකයක් හැටියටයි. වේදනානාශක ගුණයක් වගේම ලේ කැටිගැසීම අඩුකරන හැකියාවකුත් මෙයට තිබෙනවා. මෙයින් වේදනානාශක හැකියාව සඳහා අද මේ ඖෂධය භාවිත නොවන තරම්. නමුත් දෙවන හැකියාව එනම් ලේ කැටි ඇතිවීම අඩුකරන හැකියාව නිසා, සමහර අයට දිනපතා ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 75ක් ගන්න කියල වෛද්‍ය නිර්දේශය ලැබෙන්න පුළුවන්. දිගුකාලීනව ඇස්ප්‍රින් නිර්දේශ කරන්නෙ කාටද? හෘදය ආශ්රිත ශල්‍යකර්මවලට භාජනය වූ අයට. හෘද පේෂියට රුධිර සැපයීම අඩුවීම සිදුවූ (Ischemic heart disease) සහ ඒ ඔස්සේ හෘදයාබාධයක අවදානම ඇති අයට සහ මීට පෙර හෘදයාබාධයක් ඇතිවූ අයට එය දෙවැනි වර ඇතිවීම පාලනයට. හෘදය ක්රියාකාරීත්වයේ යම් විෂමතා ඇති අයට (නහර තුළ කැටිති ඇතිවීම Atrial fibrillation වැනි) මීට පෙර Stroke, එහෙම නැත්නම් ආඝාතය හෝ තාවකාලික ආඝාත තත්ත්වයක් (මොළයේ ලේ කැටි හිරවීමක්) සිදුවූ හෝ එම අවදානම ඇති අයට. හෘදයාබාධයකට හෝ ආඝාත තත්ත්වයකට ඉහළ අවදානමක් ඇති අයට. මීට අමතරව තවත් සන්ධි ආශ්රිත ප්‍රදාහ තත්ත්වවලදීත් වෙනත් අවස්ථා කිහිපයකදීත් වෛද්‍යවරයා දෛනික ඇස්ප්‍රින් මාත්‍රාවක් නියම කරන්නට පුළුවන්. කෙසේ වෙතත් මෙලෙස දිනපතා ඇස්ප්‍රින් 75mg-81mg ගැනීම ඉහත කී අවදානම් අඩු කරනවා වගේම සමහර පිළිකා වර්ග ඇතිවීම අඩු කරන්නටත් දායකවන බව පර්යේෂකයන් පවසනවා. අතුරු ආබාධ නමුත් මෙය හොඳ වගේම ඇස්ප්‍රින් මඟින් සිදුවන අවදානම් කිහිපයකුත් තිබෙනවා. ප්‍රධානතම දෙයක් ආමාශය සහ අන්ත්‍ර ආශ්‍රිතව ඇතිවන තුවාල. සමහරවිට මේ තුවාල සහ ඒ ඔස්සේ සිදුවන ලේ වහනයන් (මේ වෙනකොට ලේ කැටිගැසීමේ හැකියාව අඩු බැවින්) නිසා ඉතා අවදානම් තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. මේ නිසා ඔබ ඇස්ප්‍රින් ගන්නවා නම්, දිගින් දිගටම බඩ දැවිල්ල තිබෙනවා නම් මළපහ කරද්දී “කළු පැහැයට“ හුරු ලේ පිටවීමක් වෙනවා නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න. එවිට අදාළ තත්ත්වයට ප්‍රතිකාරයක් වගේම අවශ්‍ය නම් මෙම ක්‍රියාවම කෙරෙන වෙනත් ඖෂධයකට මාරු කරගන්නත් පුළුවන් වේවි (Clopidogrel වැනි ඖෂධයකට) මේ අවදානම අඩුකරගන්නට ඔබට කරන්න පුළුවන් දෙයක් මුලදීම ඔබේ වෛද්‍යවරයා පවසන්න ඇති. ඒ තමයි මේ බෙහෙත “කෑමට පස්සේ ගන්න” කියල කියන එක. ඇස්ප්‍රින් පෙත්තේ ක්‍රියාකාරීත්වය වඩාත් ඉහළට යන්නෙ රෑට ගත්තොත් කියන හඳුනාගැනීම නිසා වෛද්‍ය නිර්දේශය අනුව රෑට (හෝ නිර්දේශ කරන ආකාරය අනුව) කෑමෙන් පස්සෙ, හොඳ වතුර කෝප්පයක් එක්ක මේ පෙත්ත ගැනීම ඉතා සුදුසුයි. ඒ වගේම පසුව අඩුම තරමේ පැය දෙකක්වත් යනතුරැ බඩ දැවිල්ලට බොන, කන පෙති සුදුසු නැහැ. විශේෂයෙන්ම එන්ටරික් කෝටඩ් Enteric Coated කළ ඇස්පිරින් පෙති ගත්තට පස්සෙ. (බෙහෙත් පෙති කවරේ මුද්‍රණය කරල තියනවා. එය Enteric coated ද කියන වග) අනෙක් වැදගත් දේ, ටිකක් සැලකිල්ලෙන් බලන්න සමේ, දත්වලින් අසාමාන්‍ය විදියට ලේ පැල්ලම් මතුවෙලාද කියල. එහෙම නම් ඒකත් වෛද්‍යවරයාට දැනුම් දිය යුතු වෙනසක්. එමෙන්ම කණ ඇතුලෙන් අසාමාන්‍ය ශබ්ද ඇහෙන්න පටන් ගත්තොත් හෝ ඇසීම අඩුවෙලා වගේ දැනෙනව නම් ඒකත් තව එකක්. මේ ඇස්පිරින් ගනිද්දි ඇදුම වගේ හුස්මගැනීමේ අපහසුතා තියෙන අයට ඒ තත්ත්වය වැඩිවීමේ අවදානමක් තිබෙන නිසා, බෙහෙත් ගන්නට ප්‍රථම එය වෛද්‍යවරයාට පවසන්න. වැදගත්ම දේ ඇස්ප්‍රින් පෙත්ත වෛද්‍ය උපදෙසක් නැතිව හිතුමනාපෙට ගන්න එක නතර කරන්න එපා. එය තිබෙනවාට වඩා ලොකු අවදානමක් ඇතිකරගැනීමක් වෙන්නට පුළුවන්. ඒ නිසා ගන්න එක වගේම නතර කරන එකටත් සුදුසුකම්ලත් වෛද්‍ය උපදෙසක් අවශ්‍යමයි. වෛද්‍ය චන්දන ධර්මරත්න කළුබෝවිල ශික්ෂණ රෝහල http://www.deshaya.lk/ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Aug 2018 09:06 AM ඇස්ප්‍රින් සහ ඩිස්ප්‍රීන් අතර වෙනස Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 25 Aug 2018 07:26 PM සෙම් රෝගීන්ට නාන්නට සුදුසු ඇල්වතුර පමණයි ප්රශ්නය - මම 24 හැවිරිදි තරුණියක්. උදරයේ ආම්ලික තත්ත්වයක් තිබෙන බව නිතර හැඟෙන අතර බඩ පුරවා දමා තිබෙනවා. මළපහ කරන විට රුධිරය පහවන අවස්ථා තිබෙනවා. ඇතැම් දිනවල හතර වතාවක් විතර වැසිකිළි යනවා. මේ රෝගය කුමක් ද? - දික්වැල්ලේ ගයන්තා වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙය මළබද්ධ තත්ත්වයක්. ඒ එක්කම ඔබේ බඩවැලේ ඇතුළත ගුද මාර්ගයට ආසන්න ප්‍රදේශයේ කුඩා ගෙඩි විශේෂයක් හටගෙන තිබෙනවා. ඔබ මළපහ කිරීමට තටමන විට එම ගෙඩි සූරාගෙන මළ පහතට ඇදී යනවා. එවිට එම ගෙඩි තුවාල වී රුධිරය පිට වෙනවා. නිරෝගී අයකු දිනකට 1 වරක් විතරක් වැසිකිළි යැම ප්‍රමාණවත්. ඔබ හතර වතාවක් වැසිකිළි යන්නේ මළ සම්පූර්ණයෙන්ම පිට නොවීම නිසයි. මළබද්ධය සහිත රෝගියා මළ පිටකරන විට ගුද මාර්ගයේ තිබෙන ගෙඩි පුපුරා රුධිරය පහවන නිසා රෝගියාගේ උප විඤ්Æණය මළපහ කිරීම අධෛර්යමත් කරනවා. ඒ නිසා තමයි කඩින් කඩ වාර ගණනාවක් තුළ මළ පිට කිරීමේ අවශ්‍යතාව මතු වන්නේ. හැබැයි එය සුවපත් කළ හැකි රෝගයක්. පිපිඤ්ඤා, වැල්කොහිල, කැකිරි වැනි එළවළු මේ රෝගයට ඉතාම සුදුසුයි. මඤ්ෙÆක්කා, දෙල්, කිරිඅල, බලමාලු, තක්කාලි, අන්නාසි, ඉස්සො, දැල්ලො, කකුළුවන් ඉතාම නරකයි. මේ සඳහා තිබෙනවා අත්දුටු ඉපැරැණි කල්කයක්. එහි නම මූල රෝග සුව කල්කය. එයට අමතරව රෝගියා කසාය පානය කළ යුතුම වෙනවා. නිසි ප්රතිකාරවලින් පසු රෝගය සුවකළ හැකියි. ප්රශ්නය - මගේ වයස අවුරුදු 42 යි. දරුවන් දෙදෙනකුගේ මවක වන මා නිරන්තර කොන්දේ වේදනාවකින් දුක් විඳිනවා. කෙතරම් බෙහෙත් කළත් සුවයක් නැහැ. මේ වනවිට වේදනා නාශක පවා අල්ලන්නේ නැති තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙය අවසන් කළ හැක්කේ කොහොමද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මැදි වයසට එන විට කොන්දේ අමාරුව හටගන්නට හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි ආතරයිටිස් රෝගය. කොඳුඇට පෙළ ඇදවීම තව හේතුවක්. කොඳුඇට පෙළේ කාටිලේජ දියවීම ඊළඟ හේතුව විය හැකියි. සමහරු ළමා වියේදී හදිසියේ වැටෙනවා. ඒ සමගම ඔවුන්ගේ කොඳු ඇටය පුපුරා යනවා. ඒ බව පස්සෙ අමතක වෙනවා. සමහර විට ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයන් තුළදිත් කොඳුඇට දිරා යනවා. එතකොටත් කොන්ද රිදෙනවා. තවත් සමහරු දීර්ඝකාලීනව එක ඉරියව්වක ඉඳගෙන වැඩ කරනවා. එතකොටත් කොන්ද ඇදවෙලා රිදෙන්නට පටන් ගන්නවා. හැබැයි මෙය මාස 2 කින් සුවකළ හැකියි. මේකට තිබෙනවා මහා හරි තෛලය, නිත්‍ය තෛලය යනාදී වශයෙන් තෙල් වර්ග දෙකක්. ඒ එක්කම සුදුසු වෛද්‍යවරයකු හමුවෙලා සුදුසු කසාය පානය කළ යුතුයි. ප්රශ්නය - මා පනස් හැවිරිදි පිරිමියෙක්. මට කුඩා කාලයේ සිටම සෙම් අමාරුව සහ පීනස තිබුණා. ළමා වියේ තිබූ පීනස් රෝග තත්ත්වය අවුරුදු 25 පමණ වනවිට නැතිව ගියා. ඉන් පස්සේ මා තුළ හතිය ඇතිවුණා. හැබැයි අද වන තුරුත් එය ඇදුම රෝගය බවට පරිවර්තනය වෙලා නැහැ. අද තිබෙන ලොකුම ප්රශ්නය තමයි සෙම සහිත කැස්ස. ඇතැම් විට මා කහින්නට පටන් ගත් විට පැය කාලක් පමණ කහිනවා. මෙය මුළු ශරීරයටම බලවත් අපහසුවක්. මෙයට කළ හැක්කේ කුමක් ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔබට සිදුවී ඇත්තේ මෙයයි. ළමා වියේදී ඔබට පීනස තිබුණා. ඉන්පසු සෙම පෙනහලු තුළ එකතු වුණා. අදටත් එය එහෙමම සිදු වෙනවා. අද ඔබට දිගින් දිගටම කැස්ස හටගන්නෙත් පෙනහලුවල සෙම තිබෙන්නෙත් ඒ නිසයි. මේ සෙම නිතර නිතර ඉවත් වෙනවා. හැබැයි මේ පෙනහලුවල තිබෙනවා "ගර්ත" කියලා කුඩා නාල විශේෂයක්. මේවා තුළ සෙම හිරවෙලා නරක් වුණොත් ඔබට විශාල අවුලක් හටගන්නවා. මේ වගේ තත්ත්වයක් තුළ ඔබගේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. එවිට ක්ෂය රෝගය වගේ දේවල් හැදෙනවා. ඒ නිසා දැන්මම මේ සෙම ඉවත් කරගෙන අලුතින් සෙම ඇති නොවීමේ ප්‍රතිකාර මාලාවකට යා යුතුයි. සමහරු කියාවි සෙම වේළන්න බෙහෙත් බොන්න කියලා. එය පිළියමක් නොවෙයි. පෙනහළු ඇතුළේ සෙම වේලුනාම වෙනත් රෝග හටගන්නට පුළුවන්. මේ නිසා ඔය සෙම වඩන වලින් වැළකිය යුතුයි. කවදාවත් උණුවතුර නාන්න එපා. දවල් 12 ට කලින් ඇල්වතුරම විතරක් නාන්න. මේ සඳහා තිබෙනවා කඵ මර්දනය කියලා අත්දුටු බෙහෙතක්. මාස 2 ක් පුරා කඵ මර්දන ඖෂධය සහ කසාය පානය කිරීමෙන් මේ රෝග තත්ත්වය නැති කර ගන්නට පුළුවන්. ප්රශ්නය - මගේ වයස අවුරුදු 70 ක්. මම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. අදටත් වඩු වැඩ කරනවා. වැඩ කරලා ඇඟ මහන්සි වුණාම හවසට මද්‍යසාර ටිකක් පානය කරනවා. මේ විදියට අවුරුදු 55 ක් විතර මත්පැන් පානය කළා. දැන් මගේ සන්ධි ඔක්කොම රිදෙනවා. මද්‍යසාර පානය කිරීමෙන් තවදුරටත් සහනයක් නැහැ. මා කළ යුත්තේ කුමක් ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔබ ඔබේ ශ්‍රමික ජීවිතයේ මුල පටන්ම ලොකු වරදක් කරගත් කෙනෙක්. ඒ තමයි සිරුරේ වේදනාවට මද්‍යසාර පානය කිරීම. එහෙම කළාම ඒ මොහොතට ඒ වේදනාව සමහන් වෙනවා. පසුදින ඔබ වැඩට ගියාම වැඩවල පීඩනයට සන්ධි වේදනාව අමතක වෙනවා. මේ විදියට දීර්ඝ කාලයක් යන තුරු ඔබ වේදනා නාශකයක් හැටියට පාවිච්චි කරලා තිබෙන්නේ මද්‍යසාර ඒ අනුව ඔබේ සන්ධි වේදනාව හටගත්තේ කවර හේතුවක් මතද කියන එක පසුගිය අවුරුදු 50-55 කාලය තුළම අවධානයට ලක්වෙලා නැහැ. ඒ නිසා ඔබේ රෝගය නොසලකා හැර තිබෙනවා. සමහර විට ඔබට ආතරයිටිස් තිබෙන්නට පුළුවන්. තවත් සමහර විට ඔබේ කාටිලේජ දියවෙලා වෙන්නට පුළුවන්. මේ මොනවා වුණත් ඉතා ප්රවේශමින් ඔබ පරීක්ෂා නොකර බෙහෙත් දීමට කාටවත් බැහැ. කාටිලේජ වර්ධනය කරන ඖෂධ සිංහල වෙදකමේ තිබෙනවා. සුදුසු කසාය තිබෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Aug 2018 07:30 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 26 Aug 2018 01:29 AM සන්දි වේදනාවට මධ්‍යසාර ගන්න තවත් අය ඉන්නවද බලමු 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 02:50 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 02:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 02:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 02:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 02:52 AM තයිරොක්සින් ඌනතාව පිළිබඳව ඔබත් සැලකිළිමත් වන්න.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 05:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 05:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 05:59 PM දරුවන් නොමැතිව පසු තැවෙනවාද? ඇතැම් විට දරුවන් බිහි කළ ද අංගවිකල හා මන්දබුද්ධික දරුවන් වීමද දක්නට ලැබේ ඔසප්වීම නිසි ආකාරයට සිදුවන්නේ නැත්නම් එම ස්ත්‍රිය තුළ රෝග රැසක් හටගෙන තිබෙන බව කිව යුතුයි ඩිම්බ මේරීම් ගැටලු, ස්ත්‍රි හෝමෝනවල පවතින දුර්වලතා, ගර්භාෂ ගෙඩි අධික තරබාරුව හෝ අධික කෙට්ටුව ඇතුළු රෝග රැසක් මෙවැනි කාන්තාවන් තුළ දැකගත හැකිය වර්තමානයේ බොහෝ විවාහක අඹුසැමියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ දරුවන් ලැබීම ප්‍රමාදය හා දරුවන් නොමැතිකමයි. ඇතැම් විට දරුවන් බිහි කළ ද අංගවිකල හා මන්දබුද්ධික දරුවන් වීමද දක්නට ලැබේ. අතීතයේ අපට උරුම ව තිබූ පාරම්පරික හෙළ වෙදකමට පිංසිදුවන්නට මෙවන් ගැටලු අවම විය. එම පාරම්පරික වෙදකමේ උරුමක්කාරයන් අද ඉතිරිව ඇත්තේ අල්aප දෙනෙකි. එසේ පරම්පරා දහයක් පුරා ආරක්ෂා කර ගනිමින් ආ ආයුර්වේද වෙදකමේ රහස් වට්ටෝරු මගින් ප්‍රතිකාර කරන වෛද්‍යවරියක් ලෙස ඩී. හේවගේ වෛද්යාචාරිනිතුමිය හැඳින්විය හැකිය. වෛද්‍යතුමියනි ඔබගේ වෙද පරම්පරාව අනුව දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට එය සඵල කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නේ කෙසේද? පළමුවෙන්ම අප සොයා බැලිය යුත්තේ දරු සම්පත් අහිමිවීමට බලපා ඇති හේතු කාරණා පිළිබඳවයි. ඔසප්වීම නිසි ආකාරයට සිදුවන්නේ නැත්නම් එම ස්ත්‍රිය තුළ රෝග රැසක් හටගෙන තිබෙන බව කිව යුතුයි. ඩිම්බ මේරීම් ගැටලු, ස්ත්‍රි හෝමෝනවල පවතින දුර්වලතා, ගර්භාෂ ගෙඩි අධික තරබාරුව හෝ අධික කෙට්ටුව ඇතුළු රෝග රැසක් මෙවැනි කාන්තාවන් තුළ දැකගත හැකියි. ඒ නිසා පළමුව රෝගයට මුල් වූ කාරණා, හඳුනාගෙන ඊට ප්‍රතිකාර කළ යුතුයි. එසේ ප්රතිකාරකරන අතර ඩිම්බ නිසි කලට ඩිම්බ කෝෂයෙන් මුදාහැරීමට අවශ්‍ය පරිසරය සකස් කළ යුතුයි. ඒ සඳහා දේශීය ඖෂධ අප සතුව තිබෙනවා. අපගේ වෙද පරම්පරාවෙන් උරුම වූ එම ඖෂධ මගින් මේ වනවිට දරුඵල අහිමිව පසු තැවෙමින් සිටි අඹුසැමියන් රැසකට දරුඵල ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දී තිබෙනවා. නිසි ලෙස ඔසප්වීමක් සිදු නොවනවිට එවැනි කාන්තාවන්ට ඔසප් වනවිට උදරයේ අධික වේදනාවක් හට ගන්නවා. හිසරදය හා ශරීරයේ පුරාම වේදනාවත් මතු වෙනවා. වමනය හා මළබද්ධය හට ගන්නවා. පියයුරු වේදනාව හා ගෙඩි හට ගැනීම සිදු වෙනවා. මුහුණේ කුරුළෑ ඇතිවෙනවා. යටිබඩ කොරවීම හා වේදනාව හට ගන්නවා. තුනටිය හා කලවා වේදනාව මතුවෙනවා. ඔසප් ඇති වීමට ආසන්නයේ සිරුර පුරා දැඩි වේදනාවක් මතුවෙනවා. අධික නිදිමත බව හට ගන්නවා. රක්ත ප්‍රමාණය සහ රක්තය පිටවන දින ගණන අධික වෙනවා. තරහා යැම, ක්ලාන්තය, dකරකැවිල්ල හට ගන්නවා. ඇඟ උණුකරවා යැම (ශ්වේත ප්‍රදරය) සිදුවෙනවා. මෙවැනි රෝග තත්ත්ව ඇති කාන්තාවන් විවාහ වීමට පෙර හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගත යුතුයි. දරුඵල ප්රමාදවීමේදී පුරුෂයන් තුළ හටගන්නා දුර්වලතාවන් අඩුයි. බොහෝ විට ඔවුන්ට මතුවන්නේ ශුක්‍රාණුq ප්‍රමාණයේ අඩුවීමකි. එය වර්ධනය සඳහා වූ ඖෂධ ආයුර්වේදයේ තිබෙනවා. එසේම කාන්තාවක්a සහ පිරිමියෙක් එක්ව සාදන කළලය රෝගී වුවහොත් එම කළලයෙන් බිහිවන දරුවා අංග විකල විය හැකියි. නැතිනම් මන්ද බුද්ධික විය හැකියි. එවැනි තත්ත්වයක් මඟහරවා ගෙන නීරෝගී දරුවකු බිහි කර ගැනීම සඳහා ද ආයුර්වේදයේ ප්‍රතිකාර තිබෙනවා. ඒ සඳහා විවාහක හෝ ළඟදී විවාහ වීමට බලාපොරොත්තු වන කාන්තාවන් පිරිමින් මාස තුනකටවත් පෙර වෛද්‍ය උපදෙස් ලබාගෙන නිරෝගී දරුවකු ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගත යුතුයි. ආයුර්වේදයේදී ලබාදෙන ඖෂධ ශරීරයට හානිකර නැහැ. ඉන් අතුරු ආබාධ හට ගන්නේ නැහැ. ඒවායින් සිදු කරන්නේ ශරීරයේ දුර්වලව පවතින පෝෂණය සහ ඉන්ද්රිය ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමයි. වැඩි විස්තර සඳහා දුරකථන අංක 0728056901 ඇමතිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 06:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 12 of 35 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner