Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 35 << < 1112131415 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 06:01 PM ශරීරයේ ජීව ශක්තිය වඩවන ආයුර්වේද සහ චීන කටු ප්‍රතිකාර ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක්‍රමයක් ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය. ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර වෛද්‍ය ලියවිල්ල හරහා කටු චිකිත්සාව චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබේ. ක්‍රි. පූ. දෙවැනි සියවසේ ලියෑවුණු මෙම කෘතියේ දී සුවෙන් හා ලින්ෂි යනුවෙන් කොටස් 2 ක් පවතී. මෙහි ලින්ෂි කොටසෙහි කටු චිකිත්සාව සහ මුක්‌ත පිළිස්‌සුම් කොටසක් විස්‌තර වන අතර සුවෙන් කොටස අධ්‍යාත්මික ශාස්‌ත්‍රීය ලියවිල්ලක් ලෙස පවතී. මෙම කෘතියෙහි නිල ස්‌ථාන 565 ක්, කටු චිකිත්සාව සිදු කරන ආකාරය සුව කරන රෝග හා එක් එක් රෝගියාට කටු යෙදිය යුතු ආකාරය මෙන්ම එකල භාවිත වූ කටු වර්ග 9 ක් පිළිබඳවත් සඳහන් වේ. කෙසේ වෙතත් කටු චිකිත්සාව මෙරට පැවැති නිල වෛද්‍ය ක්‍රමය යෑයි මතයක් පවතී. පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණය නිසා දේශීය වෛද්‍යවරුන් මරා දැමීම තුළ මෙම වෛද්‍ය ක්‍රම චීනයට ගෙනගොස් චීන කටු චිකිත්සාව ලෙස වර්ධනය වූ බව දැක්‌වේ. කෙසේ වුවද චීන කටු ක්‍රමය යටතේ පාකින්සන්, ස්‌නායුරෝග උසවැඩිකීරීම, ආතරයිටීස්, හිසරදය, අධික මේදය, අධිරුධිර පීඩනය, සර්වාංග රෝග වැනි රෝග රැසකට ප්‍රතිකාර ලබාගත හැකිය. සමේ රෝග සහ රූපලාවන්‍ය හා බර අඩුවීම මුහුණ රැළි වැටීම, මුහුණේ මාංශ පේශී එල්ලා වැටීම, බොහෝ විට සිදුවන්නේ ක්‍රමයෙන් වියපත් වීමත් සමඟය. මෙහිදී කොලැජනල් තන්තු ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන හේතුවයි. කුරුළෑ හා කැළැල් ඇතිවීමට හේතුව යොවුන් වියේදී ඇතිවන ග්‍රන්ථි ක්‍රියාකාරිත්වයන් නිසයි. මෙම තත්ත්වයන් නැතිකර ගැනීම සඳහා කටු චිකිත්සාවේ" ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර ක්‍රම ඇත. මෙහිදී මුහුණේ ඇති ග්‍රන්ථි නිසියාකාරව ක්‍රියාත්මක වීම සඳහා නියමිත නිල ප්‍රතිකාරත්, ලේසර් ප්‍රතිකාරත් යොදා ගනී. හිසකෙස් ගැලවී යැම සහ වැඩීම 1960 ඔරෙන්ට්‍රෙයිව් විසින් පුරුෂයන්ගේ හිසකෙස් යැම ඇන්ෙඩ්‍රාජෙනටික් ඇලොපේෂියා නමින් හඳුන්වනු ලැබීය. මෙම සිදුවන්නේ සමේ ටෙස්‌ටොස්‌ටොරෝන් (ඔesඑදඑදරදබැ) හෝමෝනයේ ඩිහයිෙඩ්‍රාa ටෙස්‌ටොස්‌ටෙරෝන් (Dසයහාරද ඔesදිඑeරදබැ මට්‌ටම වැඩිවීම නිසාය. මානසික ආතතිය නිසාත්, වෙනත් රසායනික හේතු නිසාත් මෙම තත්ත්වය උග්‍රවේ. චීන කටු චිකිත්සාව මගින් මෙය සාර්ථකව මැඬ පැවැත්විය හැකිය. ඇදුම සහ පීනස පෙණහලුවල වායු මාර්ගයේ ගැස්‌මක්, ආසාත්මිකතාවක්, විෂබීජ නිසාත්, මානසික තත්ත්වයන් නිසාත් මෙය ඇතිවේ. නාසයේ ශ්ලේශ්මල පටල ඉදිමීම, උගුර සම්බන්ධ පොදු ආසාත්මිකතාවන් නිසාත් පීනස ඇතිවේ. මෙහි ලක්‍ෂණ වන්නේ කිවිසුම් යැම, කඳුළු ගැලීම යනාආදියයි. මෙම රෝග තත්ත්වයන් චීන කටු චිකිත්සාව ආයුර්වේද ප්‍රතිකාර මගින් සාර්ථකව සුව කළ හැකිය. මීට අමතරව වෛද්‍ය සුමිත්‍ර මනම්පේරි මහතාගෙන් ස්‌නායු රෝග නින්ද නොයැම ඇතුළු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැකිය. වැඩි විස්‌තර සඳහා දුරකථන අංක 0714222954/ 0777354220. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 06:02 PM රුව රැක දෙන සෘෂි නාඩි ඖෂධ දැන් කාලේ ගෑනු ළමයි පැන්ඩා සතුන් වගේ යෑයි සමහරු පවසති. එසේ පැන්ඩා සතුන්ට සමාන කරන්නේ බොහෝ තරුණියන්ගේ මුහුණු ඉතා පැහැපත් වුවත් අත් පා අඳුරු පැහැයක් පැවතීම නිසා ය. වර්තමානයේ බොහෝ දෙනා සිතන්නේ රූප සොභාවය යනු මුහුණේ පැහැපත් බව පමණක් කියා ය. එනිසා බොහෝ තරුණ තරුණියෝ රුව අලංකාරය සඳහා විවිධ ආලේප වර්ග මුහුණේ ගල්වති. වෛද්‍යතුමනි රූප සොභාව රැකගන්නේ කෙසේද? අද බොහෝ තරුණ තරුණියන් රූප සොභාව කියා සිතා හිසකෙස්, මුහුණ ගැන පමණක් දැඩි උනන්දුවක් දැක්‌වූවාට මීට වසර දහස් ගණනකට පෙර මහා සෘෂිවරයන් වහන්සේලා කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ මුළු ශරීරයේම රූප සොභාව රැක ගන්නා අයුරු පිළිබඳව සඳහන් කර තිබෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 12 ත් 45 ත් අතර වියේ පසුවන අය තම රුව රැක ගැනීම කළ යුත්තේ කෙසේ දැයි සෘෂි නාඩි වාක්‍ය මගින් ප්‍රකාශ කර තිබෙනවා. zස්‌ත්‍රී පුරුෂ රූප සෝභා භාගා ආයු වර්ණ චර්ම රෝග පීඩා සහේතුං සහේතුං සුඛ භාගා හේතුංZ ලෙසින් සඳහන් කර ඇත්තේ රුව රැකගන්නා අයුරු පැහැදිලි කිරීමටයි. රූපය යනු මුහුණ, හිසකෙස් පමණක් නොව හිස සිට දෙපතුළ දක්‌වා වූ ශරීරයම බව සෘෂිවරුන් වහන්සේලා සඳහන් කරනවා. එහිදී හිසකෙස්, දත්, නියපොතු, රෝම කූප සම ආදී සියල්ලම ඇතුළත් වෙනවා. එහිදී මුළු ශරීරයම පැහැපත්ව අන් අයට ප්‍රිය උපදවන ලෙස පවත්වා ගෙන යැම රූප සොභාව ලෙස පවසා තිබෙනවා. එසේ නැතිව තමාට උරුම නැති පැහැයක් ඇති කර ගැනීමට විවිධ ආලේප වර්ග ගැල්වීම හෝ සැත්කම් සිදු කිරීම රූප සොභාව රැක ගැනීම නොවන බව අවබෝධ කර ගත යුතුයි. මෙලෙස තමාට උපතින් උරුම රූපය පැහැපත්ව අන් අයට ප්‍රිය උපදවන ලෙස පවත්වා ගෙන යැම සඳහා බාහිර ආලේප වර්ග මෙන්ම රුව වඩන පෝෂ්‍යදායී ආහාර වර්ග ද ගත යුතුයි. එහිදී හිස සිට දෙපතුළ දක්‌වා වූ මුළු ශරීරයේම පැහැපත් බව සඳහා ගත හැකි පෝෂණ ගුණය ඇති සලාදයක් මෙසේය. ඉදුනු අලිගැට පේර ගෙඩි 02 ක්, ඉදුනු කුඩා ගස්‌ලබු ගෙඩි 02 ක්, ඉදුනු අඹ ගෙඩි 02 ක්, කෝමාරිකා මද තේ හැඳි 04 ක්, ඉදුන ලාවුලු ගෙඩි 02 ක්, ඉදුනු ලොකු නේත්‍රපලම් ගෙඩි 02 ක්, ඉදුනු කහ පැහැති කාමරංකා ගෙඩි 04 ක්, දෙළුම් ඇට තේ හැඳි 04 ක්, ඉදුනු දූරියන් මදුළු 04 ක්, කුඩා අනෝදා ගෙඩියක් ගෙන කුඩා කැබලිවලට කපා මිශ්‍ර කරගන්න. ඉන් පසු ඊට මී පැණි තේ හැඳි 06 ක්, ඔලිව් තෙල් තේ හැඳි 06 ක්, අමුක්‌කරා පිටි තේ හැඳි 06 ක්, කඩල පිටි තේ හැඳි 06 ක්, සහ සුවÄල් සහල් පිටි තේ හැඳි 06 ක් ගෙන ඒවාද සලාදයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න. මෙම සලාදය සතියකට දින කිහිපයක් ආහාරයට ගැනීමෙන් හිසකෙස් අකලට සුදුවීම, ගැලවී යැම, සම රැළි වැටීම, අව පැහැ ගැන්වීම, දත්මුල් දියවීම, නියපොතු දිරායැම ආදිය වළක්‌වා ගෙන ඒවායේ නිරෝගී වර්ධනයක් ඇතිකර ගත හැකිය. එසේම බාහිරින් සිරුරේ ගැල්වීම සඳහා බිත්තර සුදු මද තේ හැඳි 03 ක්, පිපිCඳ්C¹ යුෂ තේ හැඳි 03 ක්, පිරිසිදු මී පැණි තේ හැඳි 03 ක්, කස්‌තුරි කහකුඩු තේ හැඳි 03 ක්, කෝමාරිකා යුෂ තේ හැඳි 03 ක්, ඔලිව් තෙල් තේ හැඳි 03 ක්, දෙහි යුෂ තේ හැඳි 03 ක්, කඩල පිටි තේ හැඳි 03 ක්, ගෙන මිශ්‍රකර ආලේපයක් සාදාගත හැකියි. එම ආලේපය උදැසන 6.30 ත් 7.30 ත් අතර මුළු සිරුර පුරා ගල්වා පැයක් පමණ සිට පිරිසිදු ඇල් ජලයෙන් සබන් භාවිතා නොකර සෝදා පිරිසිදු කරගන්න. මෙම සලාදය සහ ආලේපය භාවිතා කිරීමේදී වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුයි. එසේ නොවුන හොත් දියවැඩියාව, ගැස්‌ට්‍රයිටිස් අධි රුධිර පීඩනය, අසාත්මික රෝග ඇති අයට යම් අහිතකර බලපෑම් ඇති විය හැකියි. වැඩි විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 ඇමතිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Aug 2018 06:11 PM ජපානයේ වෛද්‍යවරු පිරිසක් කළ පර්යේෂණ මඟින් උදයේ අවදිවූ විගස මද රස්නයෙන් ජලය පානය කිරීම ශරීර රෝග සුව වන බවට තහවුරු කර ඇත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Aug 2018 06:23 PM පට්ට නේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 UdariSuper Senior MemberPosts:5555 27 Aug 2018 12:49 AM එහෙනම් බොන්නම්කො 0 Udeshika HerathVeteran MemberPosts:3955 27 Aug 2018 08:24 PM ගොඩක් පින් මේ වගේ දේවල් දෙනවට. Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 28 Aug 2018 02:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Aug 2018 02:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Aug 2018 02:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Aug 2018 02:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Aug 2018 02:58 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Aug 2018 03:00 PM කල් ඉකුත් නොවන මීපැණිවල ගුණ මීපැණි යන වදන කන වැකුණ විගසම රසවත් බවක් නිරායාසයෙන්ම දිවට දැනෙන අතර, එය බොහෝදෙනකුට පි‍්‍රයජනක සමීප රසයක් බව නොරහසකි. කෙසේ වෙතත් “මීපැණි” රස බැලීමට අකැමැති අය ඉතාමත් කලාතුරකින් අපට හමුවන අවස්ථාවන් ද නැතුවාම නොවේ. මිනිස් සිරුරෙහි වර්ධනයට මෙන්ම සෞඛ්‍යය ආරක්ෂාවටත් යම් යම් ලෝහ පදාර්ථ අවැසි වේ. ඇත්තෙන්ම විශ්වාස කළ නොහැකි තරමටම පුදුම සහගත ලෙස ‘මීපැණි’වල මෙම සංයෝගයන් අඩංගු වී තිබේ. මීපැණිවල විටමින් පදාර්ථ සහ යකඩ, තඹ, මැංගනීස්, සිලිකා, ක්ලෝරීන්, පොටෑසියම්, සෝඩියම්, පොස්පරස්, ඇලුමිනියම් සහ මැග්නීසියම් යන ලෝහ වර්ග සහ ජල පදාර්ථ ද අඩංගු වේ. මේවා පොළොවෙන් පැළැටිවලට ද, පැළෑටිවලින් මල්පැණිවලට ද ගමන් කරයි. එසේ නමුත් සෑම මීපැණි සාම්පලයකම මෙම ලෝහ පදාර්ථ ආදිය එක හා සමානව පැවතීමක් නැත. මේවා රටින් රටට, පළාතෙන් පළාතට පසේ හා පරිසරයේ තත්ත්වය අනුව වෙනස්වීමට පුළුවන. මේ බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත. මීපැණිවල ප්‍රධාන වශයෙන් සීනි දෙවර්ගයක් පවතී. ඒවා පොදු වශයෙන් 75-80 වේ. උක් හා බීට් සීනි සිරුරට උරාගැනීම පිණිස සිරුර තුළදී (enzymes) එන්සයිම වර්ග සමඟ සංයෝග වී අමිශ්‍ර -හුදු (simple suger) සීනි බවට පරිවර්තනය විය යුතුය. එහෙත් මීපැණි එසේ නොවේ. මීමැස්සන්ගේ ඛේට ග්‍රන්ථිවලින් උනන ස්‍රාවයෙන් එළියේදීම සිරුර තුළදී සිදුවිය යුතු පරිවර්තනය සම්පූර්ණවී ඩෙක්ස්ට්රෝස් හා ලෙවුලෝස් Levulose (fruit suger) අමිශ්‍ර - හුදු සීනි බවට පෙරළී ඇත. ඒ නිසා මීපැණිවලින් ආමාශය අන්ත්‍රමාර්ගයට කිසිම පීඩාවක් සිදු නොවේ. එම පටකවල නියම උග්‍රතාවයක් ඇති නොකෙරේ. කිසිදා කල් ඉකුත් නොවන මීපැණිවල ගුණ මීපැණි අපට ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද ප්‍රයෝජනවත් වේ. පමණක් ද නොව සෞඛ්‍යය ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රතිජීවක ශක්තිය ද මීපැණි සතුව පවතී. ප්‍රතිශක්තිය ලබාදීම ද මීපැණිවලින් සිදු වේ. රෝග සුව කිරීමේ ගුණය මෙන්ම රෝග පාලනය කිරීමේ හැකියාව ද මීපැණි සතුව පවතී. එසේම රූපලාවණ්‍ය සඳහා ද සහාය වේ. මේ සැමටම වඩා මීපැණිවල ඇති වාසිදායක තත්ත්වය වනුයේ කල් ඉකුත් නොවන ගුණයයි. නියම ස්වාභාවික මීපැණි කිසිදු පරණවීමක් නැත. එමෙන්ම එහි ඇති වහා අවශෝෂණය කරගැනීමේ ගුණය, වහා පැතිරෙන ගුණය (ව්‍යවාහී) නිසාම ඉක්මන් ක්‍රියාකාරීත්වයකින් යුතු ද්‍රව්‍යයකි. මේ නිසාම ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ දී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී ද ඖෂධ සංයෝග කිරීමේදී මීපැණි ඉතා ඉහළ අගයක් ගනී.ඖෂධීය වශයෙන් විශිෂ්ට ගුණ පවතී.මේ සියලුම දෑ ගොනුකර බැලීමේ දී මෙසේ දැක්වීමට පුළුවන. මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලබන බැක්ටීරියා නාශක ද්‍රාවණයන්ට වඩා ඉතා හොඳ බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියාකරයි. තුවාල සුවපත් වීම අතින් ඉතා ඉහළ අගයක් ගනී. මීපැණිවල අඩංගු සීනි සුෂිෂ්ට නිසා කැලරිවලින් හීනවේ. එම නිසා අනවශ්‍ය මේද දහනයට උපකාරී වේ. තරබාරුබව නැතිකරයි. මෙසේ අනවශ්‍ය මේද දහනය වන බැවින් හෘද්වාහිනී පද්ධතිය තුළ ආරක්ෂාකාරීබවක් දනවයි. මෙසේ හෙයින් හදවතට ආරක්ෂාව සපයයි. සිරුරට ඇති වාසි මෙහි ඇති සීනි ඉතාම සරල බැවින් පරිවර්තනය සිදුවීමට අනවශ්‍ය බැවින් ඉතා ඉක්මනින් රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. මේ නිසාම ශරීර සෞඛ්‍යයෙන් පිරිහීගිය අයකුට දුන් සැනින් එහි ගුණාත්මක බව නිසා ඉතා ඉක්මනින් ක්‍රියාශීලීවීමෙන් දුර්වල බවට සහනයක් ලැබේ. ප්‍රතිශක්තිය වර්ධනය කරවයි. පිලිස්සීමට ප්‍රතිකාර කිරීමේ දී වේදනාව නැසීයනවා මෙන්ම ඉක්මනින් වෘණ රෝපණය ද සිදුවන බැවින් පිලිස්සීම් ප්‍රතිකාරයේදී වැදගත් වේ. විටමින් වර්ග සහ ප්‍රතිඔක්සිකාරක(antioxidants) ( (අප ද්‍රව්‍ය බැහැරකරවීම) සිරුරගත අපද්‍රව්‍ය ශෝධනය (පිරිපහදුකිරීමේ ගුණය) මීපැණි තුළ පවතී. ජලයේ දියවී ඇති බැක්ටීරියා සියල්ලම වැනසීමේ ශක්තිය ද මීපැණි සතුව පවතී.වකුගඩු හා අන්ත්‍ර ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරවයි. වකුගඩු ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීම නිසා Bed wetting පාලනය කරවයි. මේ නිසා ඉන්ද්‍රීය අක්‍රමවත්තාවයක් නොතිබී තියේනම් පමණක් මේ තත්ත්වය ළඟාකරගත හැක. ආහාර රුචිය වර්ධනය කරවයි නියම ස්වාභාවික මීපැණි මඟින් ඉන්සියුලීන් වර්ධනය කරවයි. ලේවල සීනි පාලනය කරවයි. මේ නිසා දියවැඩියා රෝගීන් සඳහා ගුණදායකය. වෙනත් පැණි රස වර්ගවලට සාපේක්ෂව මීපැණි හානිදායක නොවනු ඇත. එසේ වුවත් රුධිරගත සීනි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. බැක්ටීරියා වනසන ශක්තිය පවතින බැවින් මුඛ සෞඛ්‍යයට ද සහාය වේ. සන්ධිගත ආබාධ ඇති රෝගීන් බටහිර වේදනා නාශක ඔසු පාවිච්චි කරති. එවන් අයට වේදනා නාශකයක් ලෙස ස්වාභාවික මීපැණි සහ ඇපල් සයිඩර් විනාකිරි (වෙළෙඳ පොළෙන් ගත හැක) සංයෝගය ගුණදායකය. මේස හැඳි 2 බැගින් සමානව හොඳින් මිශ්‍රකරගත යුතුය. * ඔබ ශරීරයේ ශක්තිය උදෙසා ගනු ලබන ශක්ති ජනක පානවලට වඩා මීපැණි මඟින් මහඟු ශක්තියක් ස්වාභාවිකව ලබාදෙනු ඇත. ව්‍යායාම කරන අයට මෙන්ම ක්‍රීඩකයන්ටද ශක්තිජනක පානයක් ලෙස මීපැණි උපයෝගී කරගත හැකිය. මෙහිදී ගන්නා ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. * දිනකට තේ හැඳි 2-3 නොඉක්මවිය යුතුය. * අධිකවීමෙන් මත්ගතිය ඇතිවීමට පුළුවන. සුවබර නින්දකට නින්දට පෙර මීපැණි තේ හැඳි 2ක් ගැනීමෙන් මිනිත්තු කීපයක් තුළ සන්සුන් නින්දක් ළඟාකරගැනීමේ හැකියාව ඇතිවන්නට පුළුවන. බොහෝ දෙනකුට මෙය ප්‍රත්‍යක්ෂ බවට සනාථ වී ඇත. * ලේවල සීනි අධික වූ අයට මෙය එතරම් හිතකර නොවනු ඇත. සෙම වර්ධනය කිරීමේ හැකියාව ඇති බැවින් සෙම් රෝග ඇති අයට ගුණදායකය. අතීතයේ පටන්ම කටහඬ පැහැදිලි කරගැනීම උදෙසා මීපැණි භාවිතකර ඇත. ස්වරයට හිතකර වේ. රුව වඩන මීපැණි රහස් මීපැණි රූපලාවණ්‍ය උදෙසා ද මහඟු මෙහෙයක් සිදු කරයි. (face wash) මුහුණ පිරිසුදු කරගැනීමේ ද්‍රාවණයක් ලෙස උපයෝගී කරගත හැක. හම පැහැපත් වේ. මුහුණේ කුරුලෑ සඳහා මීපැණි තේ හැඳි 1 ක් සමඟ කුරුඳු කුඩු තේ හැඳි මිශ්‍රකර ඒ මත ආලේපකර විනාඩි 10 පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. හිසකෙස් වියළි බව නැතිකරගැනීම සඳහා මීපැණි 2 ඔලිව් 1 යන අනුපාතයට මිශ්‍රකර කෙස්වල සම්පූර්ණ ආලේපකර විනාඩි 30 කින් පසු සිසිල් ජලයෙන් සෝදාහරින්න. දෙතොල් වියළීම සහ දෙතොල් පැලීම ඇතිවිටදී දෙතොල මත ආලේප කිරීමෙන් මෙම අපහසුකාරී අවස්ථාවෙන් මිදිය හැක. තවද රූපලාවණ්‍ය ගැන කතා කිරීමේ දී සැමටම අසහනකාරී තත්ත්වයක් වන උදරය මාංශපේශී ඉලිප්පී පෙනීම ද එම මේදය දහනයට මීපැණි උපකාරී වේ මේ සඳහා උදෑසනම මීපැණි තේ හැඳි 2ක් සහ දෙහි බෑයක යුෂ මිශ්‍රකර බීමෙන් සහනයක් ලබාගත හැක. මෙය කිරීමේදී පළමුව තම උදර වට ප්‍රමාණය මැන සටහන් කරගෙන දිගටම අවම වශයෙන් මාස තුනක්වත් පාවිච්චි කළයුතු වේ. නැවත මාස තුනකින් පරීක්ෂා කිරීමෙන් ඔබට තත්ත්වය පිළිබඳ දැනගත හැක. * උදරයේ ආම්ලික තත්ත්වය ඇති අය දෙහි මිශ්‍ර නොකර තනිකරම මීපැණි තේ හැඳි 2 ක් පමණක් ගැනීමට පරෙස්සම් විය යුතුය. හිතකර මීපැණි විෂවන හැටි මීපැණි පාවිච්චියේ දී ඒ හා සමඟ නුසුදුසු දේ එකතු කිරීමෙන් විෂ තත්ත්වයට පත්විය හැක. 1. මීපැණි උණු ආහාර සමඟ නොයෙදිය යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙය තහනම් කර ඇත. හේතු ලෙස විශේෂයෙන්ම දක්වා ඇත්තේ මීමැස්සා විවිධ මල්වලින් පැණි ලබාගෙන මීපැණි සකස් කරන නිසා එය විෂ විය හැකි බවයි. මේ තත්ත්වය ඇතිවනුයේ මීපැණි ද උණු ආහාර සමඟ එක්වීමෙන් මෙන්ම රසායනික විපර්යාසයකට භාජනය වීමෙන් විෂ තත්ත්වය නිර්මාණය වන නිසාය. * මීපැණි උණුකිරීම ද නොකළ යුතුය. * එසේ විෂ තත්ත්වයට පත්වූ කල මීපැණි සුදු භාජනයක දමා පරීක්ෂා කළහොත් කොළපාට ඉරි සේ දක්නට ලැබේ. එසේම මෙසේ ගැනීමෙන් ශාරීරික සෞඛ්‍යය සම්බන්ධව අපහසුතා ඇතිවිය හැකිය. ශරීරය තුළ උෂ්ණත්වය වැඩිවීම නිසා අරුචිය, පපුවේ දැවිල්ල ඇතිවීමට පුළුවන. එසේම මෙසේ ගැනීමෙන් ශාරීරික සෞඛ්‍යය සම්බන්ධව අපහසුතා ඇතිවිය හැකිය. ශරීරය තුළ උෂ්ණත්වය වැඩිවීම නිසා අරුචිය, පපුවේ දැවිල්ල ඇතිවීමට පුළුවන. 2. රාබු යුෂ සමඟ නොගත යුතුය. 3. මීපැණි සමඟ මාළු වර්ග නොගත යුතු වේ. 4.මීපැණි හා ගිතෙල් සමාන වූ මාත්‍රාවෙන් (සම සමව) ගැනීමද විෂ තත්ත්වයක් ඇතිවීමට පුළුවන. 5. අන් කිසිදු තෙල් වර්ගයක් සමඟ මීපැණි නොගත යුතුවේ. 6. මීපැණි ශීතකරණය තුළ නොතැබිය යුතුය. ගුණ හීන වේ. 7. දිනකට උපරිම තේ හැඳි 2-3 කට වඩා නොගත යුතුය. 8. බිළිඳු දරුවන්ට නොදිය යුතුය. ස්වාභාවික මීපැණි හඳුනාගැනීම 1. ඔබ වෙළෙඳපොළෙන් මීපැණි මිලදී ගැනීමට පෙර බෝතලයේ ඇති ලේබලය කියවන්න. එය ස්වාභාවික මීපැණි ද කෘත්‍රිම දැයි සඳහන්ව ඇත. 2. මහපටැඟිලි පරීක්ෂාව (Thumb Test) ඔබගේ මහපටැඟිල්ලට මීපැණි ස්වල්පයක් ගන්න. එම මීපැණි ස්වල්පය ඔබ මහපටැඟිල්ල වටා පැතිරේනම් එය ස්වාභාවික මීපැණි නොවේ. 3. අග්නි පරීක්ෂාව (The flame Test) ස්වාභාවික මීපැණි දහනය වන බව ඔබ දන්නවා ද? වියළි ගිනි කූරක් ගන්න එම ගිනිකූරේ දකුණු පස කෙළවරේ (වෙඩි බෙහෙත් නැති) මීපැණි බිංදු කිහිපයක් තබන්න. ඉන්පසු තවත් ගිනි කූරක්ගෙන දල්වා එම මීපැණි බිංදුවට තබන්න. ඒවා පිරිසුදු ස්වාභාවික මීපැණි නම් ඉක්මනින්ම දහනය වේ. වෛද්‍ය කේ. එල්. ජී. අමරනායක D.A.M.S.(S.L) M.Ac.F phd (Acup s.l.) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Aug 2018 03:04 PM සිරුර අඩපණ කරන ස්නායු ආබාධ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Aug 2018 04:32 PM මී පැනි කියන්නෙ පුදුම දෙයක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 UdariSuper Senior MemberPosts:5555 29 Aug 2018 10:17 AM වැදගත් ලිපි පෙලක්ම 0 chamaramindMost Senior MemberPosts:13471 29 Aug 2018 03:47 PM ලිංගික උත්තේජක හිතුමතේ එපා විනෝදය ආශ්වාදය පුද්ගලයා සතු මානුෂික අවශ්‍යතාවයකි. නමුත් එවැනි කෙටි කාලීන වින්දනයක් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුවහොත් එය කොතරම් ඛේදනීයද ? අප කතාබහ දිග හැරෙනුයේ ලිංගික උත්තේජක ඖෂධ හිතුමතේ භාවිත නොකළ යුතු පණිවුඩය සමාජගත කිරීමටය. ලිංගික උත්තේජක ඖෂධයන්ට ලොව පුරා විශාල ඉල්ලුමක් ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේ එවැනි ඖෂධ ගැනීමෙන් ලිංගිකව එක් වන කාලසීමාව වැඩිකර ගත හැකි මිත්‍යාව මුල්බැස ගැනීමය. විද්‍යාත්මකව පෙන්වා දෙන්නේ, නිරෝගී පුද්ගලයකුට ලිංගිකව සක්‍රිය විය හැකි කාල සීමාව ඉතාම සීමා සහිතය. කුමන ඖධෂයක් භාවිතා කළ ද ලිංගික කාර්යයෙහි නිරත වන කාලය වැඩිකර ගත හැකිය යන කරුණු සත්‍ය නොවෙයි. ලිංගික උත්තේජක ඖෂධ නිර්දේශ කිරීමට, වෛද්‍යවරුන්ට ඇතැම් අවස්ථා වලදී සිදුවන අතර එය හුදෙක් රෝගී පුද්ගලයාගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සිදු කෙරේ. විශේෂයෙන් දියවැඩියාව හෝ වෙනත් බෝ නොවන රෝගයකින් දීර්ඝ කාලීනව පීඩා විඳින රෝගීන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අඩපණ වන බැවින්, එම රෝගීන්ට ලිංගික සක්‍රීයතාවක් ඇති කිරීමට උත්තේජක ඖෂධ වෛද්‍යවරු නිර්දේශ කරති. භාවිතා කළ යුතු ලිංගික උත්තේජක ඖෂධ සහ මාත්‍රාව වෛද්‍යවරයා තීරණය කරන්නේ රෝගියාගේ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමිනි. එසේ ලිංගික උත්තේජක දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් පවා ශරීරයට හානි සිදුවෙයි. ලිංගික ඖෂධ ගැනීමෙන් අතුරු ආබාධ ලිංගික ඖෂධ භාවිතයෙන් ශරීරයේ රුධිර සැපැයුම කාර්යක්ෂම, වේගවත්ව සහ ක්‍රමවත්ම සිදු වෙයි. එහිදී රුධිර පීඩනය ඉහළ යෑමක් සිදුවෙයි. රුධිර පීඩනය ඉහළ යෑම සිරුරට අහිතකරය. 1. අංශභංග තත්ත්වයක් හට ගැනීම, 2. හෘදයාබාධ හටගැනීම, 3. චර්ම ආසාදන, 4. නින්ද නොයෑම, 5. හිසරදය, 6. වමනය, 7. බඩදැවිල්ල, 8. ඇස් රතුවීම, 9. පෙනීම අපැහැදිලි වීම වැනි ලක්ෂණ දැකිය හැකි වෙයි. ලිංගික ඖෂධ නොගත යුතු පිරිස් වන්නේ, 1. දිනපතා යම් රෝගී තත්ත්වයක් වෙනුවෙන් ඖෂධ භාවිත කරන්නන්. 2. වයස අවුරුදු 18 අඩු නව යොවුන් දරුවන් සහ වයස අවුරුදු 70 වැඩි වැඩිහිටියන්. 3. මානසික ආතතිය හෝ වෙනත් මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන්නන්. 4. ගර්භනී සමයේ පසුවන්නන් 5. මෑතදී ශල්‍ය කර්මවලට ලක්වූවන් ය. වර්තමානයේ හිතුමතේ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයෙන් වසරකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් වාර්තා වේ. මෙම සියලු මරණවලට හේතුව හෘදයාබාධ කියා ප්‍රසිද්ධ වන බැවින්, මෙවැනි ඖෂධයන්හි භයානක කම ගැන සමාජගත වීමට සෘජු බාධාවක් වී තිබේ. උත්තේජක ඖෂධ ලිංගික උත්තේජනය සඳහා පමණක් භාවිත කරන බව සිතුව ද, ශරීර වර්ධනය උත්තේජනය කර ගැනීමට ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට (ස්නායු ආබාධයන්ගෙන් පෙළෙන්නන්ට) වයස්ගතව ශරීර හෝමෝන ශක්තිය හීන වී යන්නන්ට ද ශරීර පද්ධතිය යළි සක්‍රීය කිරීමට ද ප්‍රයෝජනවත් වෙයි. එසේ ලිංගික උත්තේජන ලබා දෙන්නේ වෛද්‍ය නිර්දේශ ඇතුවය. උපදෙස් - එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න අසුන්තා එදිරිසූරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 29 Aug 2018 05:46 PM ස්ටන් එකේ කවුරැත් මේව භාවිත කරන්නෙ නැහැ මම හිතන්නෙ කලින් කවුරැත් උත්තර දුන්නෙ නැහැනේ 0 UdariSuper Senior MemberPosts:5555 29 Aug 2018 07:39 PM තමන් ගැන ආත්ම විශ්වාසයක් තියාගන්නව නම් මේව ඕන වෙන එකක්නෑ මයි හිතේ 0 sha733Super Senior MemberPosts:7332 30 Aug 2018 11:01 AM එකකට පණ දෙන්න ගිහින් අනිත් තැන් පණ නැති කරගන්න ඕනෙ නැහැනේ. හැදෙන ලෙඩ ගොඩ 0 chamaramindMost Senior MemberPosts:13471 01 Sep 2018 08:28 AM සෙල්ෆෝන් නිසා කොන්දේ වේදනා ළමා, තරුණ, වැඩිහිටි කා අතරත් කොන්දේ වේදනාව, පැති කුදය, අතපය හිරිවැටීම්, ශරීරයේ විවිධ ස්ථානවල වරින්වර ඇතිවන වේදනාවන්, බර ගතිය හා මංශපේශී දියවී අතපය සිහින්වීම ආදී රෝග සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. ව්‍යායාම මඳ බව, ළමයින් අතර සෙලියුලර් දුරකථන භාවිතය ඉහළ යාම, එකම ඉරියව්වක හිඳිමින් රුකියාවල නිරත වීම හා හදිසි අනතුරු මෙම තත්ත්වවලට මූලික හේතූන්ය. මොළයෙන් ආරම්භ වන සුෂුම්නාව, කශේරුකා තුළින් ගමන් කොට විවිධ ස්ථානවලින් අත්, පා ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියයන්ට බෙදී යන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම ස්නායු අනුබෙදීම් ආරම්භ වන කශේරැකා විවෘත වීම් අසල කැල්සියම් තැන්පත් වීම, කාටිලේජ ගෙවී යාම නිසා කශේරැකා අතර පරතරය අඩුවීමෙන් ඉහත රෝගවලට බෙහෙවින් දායක වේ. ශල්‍යකර්ම මඟින් ලෝහ කොටස් යෙදීමෙන් කාටිලේජ ස්ථරයක් වැඩීමට අවකාශ සෑදීම හෝ කැල්සියම් සූරා ඉවත් කිරීම මේ සඳහා ඇති බටහිර වෛද්‍ය ප්‍රතිකාර වේ. මේ සඳහා මූලික ආයුර්වේද ප්‍රතිකාරවලදී තෙල් ගෑම, ඖෂධීය ආලේප යෙදීම හා අභ්‍යන්තරව ගුලි, කල්ක ආදී ඖෂධ දීම සිදු කරනු ලැබේ. මීට අමතරව විශේෂිත ප්‍රතිකාර ලෙස ස්ථානිකව වූෂණ ප්‍රතිකාර (Cupping therapy) හා නවීන නිල ප්‍රතිකාර සිදුකරනු ලැබේ. මෙම විශේෂිත ප්‍රතිකාරවලදී ස්ථානිකව රුධිර සැපයුම වැඩිවීම, මාංශ පේශී ලිහිල්වීම, ස්නායු උත්තේජනය වීම සිදුවේ. විශේෂයෙන් කශේරුකා අතර කැල්සියම් (Osteophytes) තැන්පත් වීමෙන් අත්පාවල හිරිවැටීම්, බෙල්ලේ සිට එක අතක හෝ අත් දෙකෙහිම තදබල වේදනාව ඇති වීම, තුනටියේ සිට එක් පාදයකට හෝ පාද දෙකෙහිම ඇති වන හිරිවැටීම, අධික වේදනාව, ඇවිදීමේ අපහසුව, අත් පාවල මස්පිඬු දියවීම (සිහින් වීම) මෙහි දරුණු තත්ත්වයකි. කශේරැකා අතරින් විහිදෙන තෙරපීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. දැනට ප්‍රතිකාර ලෙස ශල්‍යකර්ම සිදු කරනු ලබන අතර දේශීය ප්‍රතිකාර මඟින් පහසුවෙන් කැල්සියම් (Osteophyte) ඉවත් කළ හැක. මෙම ප්‍රතිකාර ලබා බොහොමයක් රෝගීන් සුවය ලබා ඇති අතර අතුරු ආබාධවලින් තොරවීම විශේෂත්වයකි. මේ සඳහා සුදුලූනු, පොල්කටු අඟුරු සහිත විශේෂ ඖෂධ යොදනු ලැබේ. සුදුලූනු සැලකීමේදී මෙය විශේෂයෙන් වාත වේදනා සඳහා බොහොමයක් නිවෙස්වල පුළුස්සා කෑම, තම්බා වතුර බීම, සිදුකරනු අතර ආයුර්වේද වෙදකමේ සුදුලූනු ඉතා ප්‍රබල වේදනා නාශකයකි. මීට අමතරව ස්නායු පෝෂණීය ගුණය හා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කෙරේ. වර්තමානයේ වැඩිදෙනා අතර පවතින අධි රුධිර පීඩනය, ලේවල තෙල් වැඩිවීම, දියවැඩියාව, වකුගඩු ආබාධ හා විශේෂයෙන් සන්ධි වේදනාව, අස්ථි අතර කාටිලේජ අඩුවීම, කැල්සියම් තැන්පත් වීම ආදී විවිධ රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෙදකමේ ඇත. වෛද්‍ය පී. එස්. එදිරිවීර ගොඩිගමුව වෙද මැඳුර ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 13 of 35 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner