You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 35 << < 1213141516 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:29 AM

ඉවසන්න බැරි බෙල්ලේ කැක්කුම

වර්තමානයේදී බොහෝ රෝගීන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණයක් ලෙස ගෙලෙහි ඇතිවන වේදනාව (Neck Pain) දැක්විය හැක. මේ රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙක් ඉතා වේදනාකාරී ජීවිතයක් ගත කරති. මැදි වයසේ පුද්ගලයන් අතර ඉතා බහුල රෝගයන් ලෙස මෙය හැඳින්වුවද ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හා වයස භේදයකින් තොරව මෙම රෝගයට රෝගීහු ගොදුරු වෙති.

බෙල්ලේ කැක්කුම ඇතිවීමට හේතු රැසක් බලපායි. විශේෂයෙන් මැදි වයසේ පුද්ගලයන් ගත්විට වයසත් සමඟ ඇතිවන වෙනස්කම් නිසා (Degenarative disc diseases) මෙවැනි රෝග ඇතිවේ. මුලදී සුළු වශයෙන් බෙල්ලේ වේදනාව හට ගත්තද පසුව එම වේදනාව ක්‍රමයෙන් වැඩිවේ. මේ සමඟම ඇතැම් රෝගීන්ගේ අත්වල ඇඟිලි හිරිවැටීමක්ද ඇතිවිය හැක.

බෙල්ලේ වේදනාව ඇතිවීමට තවත් ප්‍රබල හේතුවක් වන්නේ වැරදි ඉරියව් භාවිතයයි. විශේෂයෙන් පාසල් සිසුන් දිගු වේලාවක් එකම ඉරියව්වකින් පාඩම් කරන විට ගෙල පොතට හරවා තබා ගැනීමත් නිදාගැනීම සඳහා පමණට වඩා උස් වූ කොට්ටයක් භාවිත කිරීම වැනි හේතු නිසාත් බෙල්ලේ වේදනාව ඇතිවිය හැක. එමෙන්ම රූපවාහිනිය හා ජංගම දුරකතනය සමඟ ගත කරන කාලයද මේ සඳහා ප්‍රබල ලෙස බලපෑම් කරයි. මීට අමතරව ගෙල ආශ්‍රිතව ඇති මාංශ පේශි, බන්ධනීවල ඇතිවන ඇදීමක්, තදවීමක් නිසාද බෙල්ලේ වේදනාව ඇතිවිය හැක.

යම්කිසි අනතුරකට භාජනය වීමෙන් බෙල්ල ආශ්‍රිත මාංශපේශි, බන්ධනී මෙන්ම අස්ථිවලට හානිවීම සිදුවිය හැක. එමඟින් ස්නායුවලට හානි සිදුවීමක්ද විය හැක.

මීට අමතරව වෙනත් රෝග අවස්ථාවන් නිසාද බෙල්ලේ කැක්කුම ඇතිවිය හැක. විශේෂයෙන් ක්ෂය රෝගය, මොළේ උණ, ආසාදනය, ෆයිබ්‍රොමයල් ජියා (Fibromyalgia) වැනි රෝගාබාධවලදී ගෙලෙහි වේදනාව ඇතිවිය හැක.

ගෙලෙහි කශේරුකා ගෙවීම හා එකිනෙකට ගැටීම බොහෝ දෙනා අතර නිතර දකින්න ලැබෙන රෝගයකි. මෙය Spondylosis ලෙසින් හැඳින්වේ. ගෙල එක දිගට නවාගෙන රුකියා කරන ලේඛකයන්, යතුරැ ලියන්නන් මෙන්ම බර ඔසවන අයගේද බෙල්ලේ කැක්කුම ඇතිවිය හැක. මෙහිදී කශේරුකා අතර පරතරය අඩුවීම සිදුවේ. බෙල්ලේ ඇතිවන වේදනාව හිසට, අත්දෙකට හා කොන්දට විහිදී යාමත් සිදුවේ. මේ නිසා ඇතැම්විට අත්වල ඇඟිලි හිරිවැටීමක්ද සිදුවිය හැක.

ගෙල පිහිටා ඇත්තේ කොඳු ඇට පෙළෙහි ඉහළම කොටස්ය. කශේරුකා අතර අන්තර් කශේරුකා මඩල පිහිටා ඇත. මෙය ජෙලි වැනි ද්‍රව්‍යයකි. මෙමගින් කොඳුඇට පෙළ පහසුවෙන් නැවීම දිගහැරීම සිදුකරයි. කොඳු ඇට පෙළෙහි ප්‍රධාන කාර්යයක් වන්නේ ශරීරයේ බර උසුලා ගැනීමයි. මොළයත් ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන් අතරත් පණිවිඩ හුවමාරු කරනා ප්‍රධාන ස්නායුව වන සුසුම්නාව ආරක්ෂා කිරීමත් කොඳු ඇට පෙළ මගින් සිදුකරයි. මෙම ප්‍රධාන ස්නායුවෙන් හටගන්නා ස්නායු ශාඛා කොඳු ඇට පෙළෙහි අස්ථි දෙකක් අතරින් පිටතට ගමන් කෙරේ.

අපගේ දෑතට ස්නායු පණිවුඩ රැගෙන එන ස්නායු ශාඛා පැමිණෙන්නේ ගෙල ප්‍රදේශයේ ඇති කශේරුකා අතරිනි. මෙලෙස ඕනෑම ව්‍යුහයක සිදුවන වෙනස්කමකදී හෝ ඒවාට හානි සිදුවීමේදී බෙල්ලේ අමාරැව ඇතිවිය හැක. 

ගෙලෙහි වේදනාව හටගන්නා හේතුව අනුව ඇතැම් වේදනාවන් දිගු ප්‍රතිකාරවලින් තොරව නිවසේදී සිදුකරන සුළු ප්‍රතිකාරයක් මඟින් සුවකර ගත හැක. විශේෂයෙන් මඳ රස්නය ඇති ජලයෙන් ගෙල පෙදෙස තැවීම වැනි ප්‍රතිකාර මඟින් මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැක. එකම ඉරියව්වෙන් බෙල්ල එක දිගට නවාගෙන හෝ ඉහළට ඔසවා තබා ගැනීම හෝ නොකර සිට බෙල්ලේ ඉරියව්ව වරින්වර වෙනස් කිරීමට උත්සාහ ගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම නිදා ගැනීමේදී උස් වූ කොට්ට භාවිතා නොකළ යුතුය.

ගෙලෙහි වේදනාව ඇති අවස්ථාවලදී ඒ වේදනාවට අමතරව වෙනස් රෝග ලක්ෂණයන්ද දැකිය හැක. විශේෂයෙන් උණ ගැනීම, හිසරදය, කන් ආශ්‍රිත ප්‍රදේශවල වේදනාව ඇතිවීම දක්නට ලැබේ. හදිසි අනතුරකින් පසුව ඇතිවන බෙල්ලේ වේදනාවේදී අත් පා වල හිරිවැටීම්, ආහාර ගිලීමට ඇති අපහසුතාවය මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයන්ද ඇතිවිය හැක. එමෙන්ම දහඩිය දැමීම, වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇතිවිය හැක. මෙවැනි අවස්ථාවලදී වහාම වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිකාර තිබේ. රෝග හේතුවට අනුවත්, රෝග ලක්ෂණ අනුවත් කරනු ලබන ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. බාහිර හා අභ්‍යන්තර ඖෂධ මඟින් ප්‍රතිකාර සිදුකරනු ලැබේ. රෝගය ඇතිවී ඒ සඳහා ප්‍රතිකාර ගන්නවාට වඩා හොඳම දේ වන්නේ රෝගය ඇති නොවීමට වගබලා ගැනීමයි. විශේෂයෙන් වැරදි ඉරියව්වලින් සිටීම වළක්වා ගැනීම අවශ්‍යය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:30 AM

අමතකවීමේ රෝගයට පිළියම්

මතක තබාගැනීම කියන්නේ විධිමත් ක්‍රියාවලියක් බව පළමු ලිපියෙන් අපි පෙන්නුවා. ඕනෑම දෙයක් නිසි ලෙස මතක තබාගැනීමට ඔබේ පංචේන්ද්‍රිය උපයෝගී කරගෙන මොළය තුළට ඇතුළු කරගත යුතුයි. ඉන්පසු නිසි ලෙස ගබඩා කරගත යුතුයි. එලෙස ගබඩා කරගත් තොරතුරැ ඔබට අවශ්‍ය වූ විට යම් ක්‍රමවේදයකට නැවත මතකයට ගැනීමට පුළුවනි. අපි සුපුන්ගේ කතාව බලමු.

සුපුන් උසස්පෙළ ලියන දරුවෙක්. ඔහු පාඩම් කරන විට හොඳ අවබෝධයෙන් සහ ක්‍රමවේදයකට කරනවා. යම් පාඩමක් මතක තබාගැනීමට ඔහු එම පාඩම අවම වශයෙන් තුන් වතාවක්වත් කියවනවා. ඉන් පසු එම පාඩමේ ඇති වැදගත් තොරතුරු පරණ ප්‍රශ්නෝත්තර අරගෙන විමසා බලනවා. ඊළඟ පියවර වනුයේ එම තොරතුරැ අදාළ කරගෙන කෙටි සටහනක් Short notes නිර්මාණය කරගැනීමයි. සුපුන්ට වාර විභාගවලදී සියලුම විෂයන්ට ලකුණු 80කට වඩා තිබුණා. ඔහු අවබෝධයෙන් තම පාඩම් කටයුතු කරන දරැවෙක් බව මින් පෙනනවා.

අපි ඉතා සාර්ථක ලෙස මතක තබා ගැනීමේ ක්‍රමවේද භාවිතා කළත් අමතක වීමට තවත් මනෝ විද්‍යාත්මක කරැණු රාශියක් බලපාන බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

1. මතකයේ රුඳුන කරුණු ක්ෂය වී යාම.

(Decay) 

අපේ මතකයේ රුඳුනු තොරතුරු කාලය සමඟ ක්‍රමයෙන් ක්ෂය වී යාහැකිය. මීට ප්‍රධානම හේතුව අලුත් කරුණු මනසට ඇතුළත් වීමයි. මෙය හරියට පුස්තකාලයක පොත් ගබඩා කර තැබීම හා සමානය. පුස්තකාලයේ පොත් රාක්කවල ඉඩ මදි වූ විට පරණ පොත් අයින් කර අලුත් පොත් ඒ අතරට රිංගවයි. අපේ මතකයන් ඒ හා සමානයි.

2. මතක ගබඩාවේ ඇති තොරතුරු එක හා සමාන ස්වරෑපයක් ගන්නා විට නැවත මතකයට ගැනීමේදී අවුල් හෝ පැටලිලි සහිත ස්භාවයක් ඇති වීම. 

(Interference)

මොළය තුළ තොරතුරු ගබඩා කිරීමේදී එක හා සමාන තොරතුරැවල තිබෙන සමාන ස්වරූප නිසා ඒවා නැවත මතකයට ගැනීමේදී නිසි ලෙස වෙන් කර ගැනීමට අපහසු වේ. අපි මෙහෙම හිතමු. පුස්තකාලයේ ගබඩා කර ඇති පොත් දෙකක නම් එක හා සමාන ස්වරූපයක් ගන්නා අවස්ථාවක්. එක පොතක නම ගණිත ගැටළු විසඳීම අනෙක් පොතේ නම “ගණිත ගැටලු අවබෝධ කරගැනීම. පුස්තකාලයේ රාක්කවලින් ඔබට අවශ්‍ය පොත තෝරා ගැනීමේදී මේ පොත් දෙක නම සමාන නිසා පැටලිලි සහගත විය හැකිය.

3. යම් තොරතුරක් මතක ගබඩාවෙන් එළියට ගැනීමට ආසන්න සලකුණක් (Land marks) නොමැති වීම.

(Cue – dependent forgetting)

අපි මෙහෙම හිතමු. ඔබේ වාහනයේ යතුර තිබූ තැන ඔබට මතක නෑ. ඔබ හැම තැනම හොයනවා ඔබට හොයාගැනීමට අපහසු වෙනවා. මීට හේතුව ඔබ සොයන ක්‍රමයේ වරදයි. මෙහිදී උදේ කාලයේ සිට ඔබේ කාල සටහන හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. ඔබ සාමාන්‍යයෙන් යතුර තියන තැන යතුර අවශ්‍ය වුණු අවස්ථා ඒ වෙලාවන්හීදී ඔබ හිටිය තැන්. මේවා ඔබට යතුර හොයාගැනීමට උදව් වන සලකුණුයි අපේ මතකය තුළ ගබඩා කර ඇති තොරතුරැ එළියට ගැනීමේදී ද වැදගත් තොරතුරුවලට අදාළ සලකුණු අර මතකයේ තබාගෙන ඇත් නම් පහසුවෙන් ඊට අදාළ තොරතුරු කාණ්ඩය මනසින් එළියට ගැනීමට පුළුවන.

අමතක වීමට අදාළ විශේෂ රෝගී තත්ත්වයන් ද ඇත. ඇල්ෂයිමර් (Alzheimer’s Disease) නැමති ඩිමෙන්ෂියා (Dementia) රෝගය මින් ප්‍රධාන තැනක් ගනී. මෙහිදී සිදුවන්නේ ඇමිලොයිඩ් (Amyliod) නැමති අසාමාන්‍ය ප්‍රෝටීනයක් මොළයේ ශෛල තුළ තැන්පත් වී ටිකෙන් ටික දිරාපත් වීමයි. ප්‍රජාව තුළ අවු. 65 වනවිට 5%ක් ද අවු. 80 වනවිට 20%ක්ද ඇල්ෂයිමර් නැමති ඩිමෙන්ෂියාවෙන් පෙලෙන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. මෙම රෝගී තත්ත්වයේදී මුල් අවු. 3 තුළදී ක්‍රම ක්‍රමයෙන් අමතක වීම වැඩි වී යයි.

මුල් අවදියේ දී දක්නට ලැබෙන ලක්ෂණ

• තමාට අයිති දේවල් තැබුවේ කොහේදැයි අමතක වීම නිසා ඒවා සෙවීමට දැඩි වෙහෙසක් ගනී. • ආහාර ගත් බව අමතක වී නැවත ඉල්ලීම. • හුරුපුරුදු වටපිටාවේ වුවත් හරියට මඟසොයාගත නොහැකි වීම. • ක්‍රම ක්‍රමයෙන් කථාවේ පැහැදිලි නැති ස්භාවයක් දක්නට ලැබීම. • තමාගේ දේවල් සොරකම් කරාවි යැයි සැකයක් ඇතිවීම. • තමාගේ සනීපාරක්ෂාව පිළිබඳ සැලකිල්ල අඩු වීම. • හේතුවක් නැතිව අඬන්නට සිනාසෙන්නට හෝ කේන්ති ගැනීමට පෙළඹීම.

රෝගයේ අවසාන අවදියට ළඟාවන විට ඉතාම ළඟ ඥාතීන් පවා හඳුනාගැනීමට නොහැකි වීම සේම සමහර විට මලමුත්‍රා පිළිබඳ පාලනය ද නැතුව යයි.

යම් සිද්ධියකට පසු එම සිදුවීමට ප්‍රථම සියලු මතකයන් අමතක වීම.

(Retrograde amnesia) නැමති අසනීප තත්ත්වයයි. අපි මෙහෙම හිතමු ඔබගේ හිසට කබලට පොලු පහරක් වැදුණේ යැයි කියා මේ සිද්ධියෙන් පසු ඊට ප්‍රථම සියලු මතකයන් සමහර විට සිහියට නැගීමට අපහසු වේ. ඔබගේ මව පියා කවුද? යහළුවන් කවුද? නිවස පිහිටියේ කොහෙද? යන මේවා අමතක විය හැකියි. නමුත් අලුත් මතකයන් (New memoirs) මොළය තුළ ගබඩා කිරීමට සහ ඒවා එළියට ගැනීමට අපහසුතාවයන් නැත.

ඇන්ටරොග්‍රේට් ඇම්නීසියා (Anterograde Amnesia) තවත් අමතක වීමේ රෝගී තත්ත්වයකි. මෙහිදී යම් සිද්ධියකට පසු සියලු දේ ඔබට අමතක වේ. අපි හිතමු ඔබ රිය අනතුරකට මුහුණ දුන්නා යැයි කියා එම රිය අනතුරට පසු එම අනතුර සිදුවුණු අයුරැ අතුළුව සියලු දේ ඔබට අමතකය. මීට හේතුව මේ සිදුවීම අතරේදී කෙටි කාලීන මතකයෙන් දිගුකාලීන මතකයට කරුණු ඇතුළු කිරීමට නොහැකි වීමය.

හොඳ මතකයක් තබාගැනීමට පහත සඳහන් ක්‍රම අනුගමනය කරන්න.

1. යමක් පිළිබඳ වැඩිපුර ඉගනීම
(Overlearning)

මින් අදහස් කරනුයේ ඔබ ඉගන ගත යුතු දැනුම් කාණ්ඩය පිළිබඳ ලැබිය යුතු දැනුමට වඩා ඉගනීමයි. අපි මෙහෙම හිතමු. ඔබට ඉගන ගැනීමට අවශ්‍ය මිනිසාගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය කියලා. එවිට කළ යුත්තේ ඔබ පොතේ හෘදය වස්තුව පිළිබඳ තිබෙන දැනුමට වඩා වැඩි දැනුමක් එකතු කිරීමට වෙනත් පොත් කිහිපයක් පරිශීලනය කිරිමයි.

2. ඔබගේ දැනුම නිසි ලෙස සංවිධානය කර මතකයට ඇතුළු කර ගැනීම.
(Rely on Organization Cues)

ඔබ මොළයට එකතු කරගන්නා දැනුම අසංවිධානාත්මක වුණ තරමට පහසුවෙන් මතකයෙන් ගිලිහී යයි. යම් දැනුම් කාණ්ඩයක් සංවිධානාත්මක ලෙස මනසට දමා ගැනීමට එහි තිබෙන ඇතැම් කරුණු සංසංදනාත්මකව සංවිධාන කළ යුතුයි. අපි මෙහෙම හිතමු ඔබට බල්ලෙකුගේ ස්වරූපය හොඳින් මතක තබාගැනීමට අවශ්‍ය යැයි සිතමු. මෙයට කළහැකි දෙය නම් බල්ලාගේ ස්වරෑපය පූසාගේ ස්වරෑපයෙන් වෙනස් වන ආකාරය සංසංදනාත්මකව මනසින් අධ්‍යයනය කරන්න.

3. සාර්ථක ලෙස සටහන් තබා ගැනීම. 
(Take Effective Note)

ඔබ දේශනයකට ඇහුම්කන් දීමේදී ඉතාම වැදගත් කරුණු පමණක් සටහන් තබාගන්න. සියලුම දේ ලිවීමට යාම අසාර්ථක ක්‍රමයකි. හොඳින් අසා සිටීම ලීවීමට වඩා සාර්ථක ලෙස මතකයට යයි. මේ නිසාම යමෙකුගේ සටහනක් පසුව කියවීම එතරම් හොඳ ක්‍රමයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.

4. හඬ නගා කියවීම.
(Talk To Your Self)

කියවා අවසන් කර ඔබේ පාඩම් නැවත හඬ නගා කියවීම මතක තබා ගැනීමේ සාර්ථක ක්‍රමයකි. මීට හේතුව නම් මෙම මතකය මොළයේ වෙනත් ස්ථානයක ගබඩා වීමයි.

5. ව්‍යායාම ගැනීම.
(To Do Exercise) 

ඉගන ගැනීමේදී නිසි ලෙස ව්‍යායාම කිරීම මතකය වැඩි කිරීමට බලපාන ප්‍රධාන සාධයකි. මීට හේතුව දැඩි ආතතිය වැඩ කිරීමට අවශ්‍ය මතකයට (Working Memory) බාධා පමුණුවන නිසයි. සාර්ථක ලෙස ව්‍යායාමවල යෙදී විභාගවලට මුහුණ දෙන දරුවකු හොඳ ප්‍රථිඵල අත්කර ගන්න බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:34 AM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/44433.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/44434.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/44435.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/44436.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/44437.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/44438.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/44439.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/44440.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:36 AM

මොකද්ද මේ මේද අක්මාව?

ලංකාවේ අද වැඩියෙන්ම අසන්නට ලැබෙන රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ මේද තැන්පත්වීම, නැතිනම් fatty liver තත්ත්වය හැඳින්විය හැකිය. දැනට ලෝකයේ බෝ නොවන රෝග අතරින් ද මෙය  ප්‍රමුඛ ස්ථානයක් උසුලයි. මෙය අක්මා රෝග ඇතිකිරීමට මූලික ලෙස බලපාන අතර හෘදරෝග ඇතිකිරීමට ද බලපායි. මෙහිදී සිදුවන්නේ අක්මාවේ සෛල තුළ මේදය තැන්පත්වීම නිසා අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩාලවීමයි. එවිට අක්මාව ඉදීමීමට ලක්ව අඩපණ වී අක්‍රියවීම සිදුවේ. 

ස්ථූල බව හා දියවැඩියාව ඇති අයට මෙය වැළඳීමේ අවදානම වැඩිය. විශේෂයෙන්ම ස්ථූල, පෘෂ්ඨිමත් මෙන්ම උදරය මහත උදවිය මේ ගණයට අයත් අය වේ. මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන කරුණු වන්නේ විෂ සහිත ආහාර, වැරදි පෝෂණ රටා සහ කායික ව්‍යායාම මඳ බවයි. වර්තමානයේ මිනිසා විසින් කැලරි වැයකොට කළ යුතු කාර්යයන් බාර දී ඇත්තේ යන්ත්‍ර සූත්‍රවලට නිසා මිනිසාටම සිදුව ඇති අවාසියක් ලෙස මෙය දැක්විය හැකිය.  

රෝග ලක්ෂණ :

මෙම රෝගයේ ඇති භයානක තත්ත්වය වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් මුලින් පෙන්නුම් නොකිරීමයි. එබැවින් රෝගියා නොදැනුවත්වම අක්මාව අකර්මණ්‍ය වීමට ඉඩ ඇත. වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නට ගිය අවස්ථාවකදී කරන උදරය අල්ට්‍රාසවුන්ඩ්   පරීක්ෂණයට භාජනකිරීමකදී Fatty Liver තත්ත්වය හඳුනාගත හැකි අතර  අක්මාවේ (liver – ලීවර්  එන්සයිම පරීක්ෂාවට ලක් කෙරෙන SGOT/ SGPT) පරීක්ෂණයේදී ලිවර් එන්සයිම ප්‍රමාණය වැඩිවීමෙන් ද මෙම රෝගය හඳුනාගත හැක.  

එමෙන්ම අක්මාවේ ඉතා කුඩා පටක කොටසක් පරීක්ෂාවට ලක් කිරීමෙන් ද රෝගය හඳුනාගත හැක.

සාමාන්‍යයෙන් ඇතිවිය හැකි නමුත් මෙම රෝගයට පමණක්ම විශේෂිත නොවන රෝග  ලක්ෂණ කිහිපයක් පහත වේ.

උදරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවරක් (අක්මාව පිහිටි තැන) සුළු වේදනාවක් ඇතිවීම,  අක්මාව ඉදිමුම නිසා ඇතිවන උදරයේ අපහසුතාවය, බඩ පුරවා දැමුම, ඔක්කාරය,  මහන්සි ගතිය. ආහාර රැචිය අඩුවීම හා බර අඩුවීම.

ප්‍රතිකාර

Fatty Liver තත්ත්වය රෝගයක් නොවේ. ජීවන රටාවේ  වැරදි නිසා හටගන්නා  තත්ත්වයකි. එබැවින් එයට කළ යුත්තේ යහපත් ජීවන පුරැදු අනුගමනයයි. Fatty Liver  තත්ත්වය අවම නොකිරීමෙන් සිරෝසිස් තත්ත්වයත් අවසානයේදී අක්මාවේ පිළිකාමය තත්ත්වය දක්වා රෝගය ව්‍යාප්ත විය හැක.

කළ යුත්තේ කුමක්ද? 

මෙයින් මීදීම සඳහා ජීවන රටාව හා ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනසකට  භාජනය කළ යුතුය.

අක්මාවේ තැන්පත් වූ මේදය දහනය කිරීමට ව්‍යායාම කළ යුතුය. මෙහිදී සිරැරේ බර  අඩුකර ගැනුම අත්‍යවශ්‍ය සාධකයකි.

මත්පැන් පානය නතර කිරීම ඉතා වැදගත් වේ.

අතිරික්ත කැලරි දහනය කර ගැනුම සඳහා කය වෙහෙසා වැඩ කටයුතු කිරීමත්, දිනපතා ව්‍යායාම කිරීමත්, අධි කැලරි ප්‍රමාණයකින් යුතු ක්ෂණික ආහාර සම්පූර්ණයෙන්ම නවතා දැමීමත් කළ යුතුය. 

වැඩිපුර ආහාර (සීනි, පිටි, තෙල් ගැනීම නවතා දැමුම)

හැකිතාක් තන්තුමය ආහාර, එනම් එළවළු වර්ග පළතුරු වර්ග වැඩිපුර ඇති සමබල  පෝෂ්‍යදායී  ආහාරවේලක් ලබාගැනීම.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය 
 බවන්ත ගමගේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Sep 2018 08:40 AM

සීනි අඩුවුණොත් ඇතිවන මාරාන්තික සිහි නැතිවීම!

ඩයබිටික් කෝමා හැටියට අද බොහෝමයක් දෙනා කතා කරන රුධිරයේ සීනි අඩුවීම නිසා හටගන්නා තත්ත්වයට නිසි පිළියම් ඉක්මනින් නොකළොත් මාරාන්තික වුවද විය හැකිය. මේ නිසා දේශය පාඨක ඔබට ඒ ගැන දැනුම ගෙන එන්නයි මේ උත්සාහය. 

මොකක්ද මේ ඩයබිටික් කෝමාව ?

දියවැඩියා රෝගීන් අතර දැකිය හැකි සුලබ තත්ත්වයක් ලෙස රුධිරගත සීනි මට්ටම හදිසියේ අධික වීම හා අඩුවීම දැකගත හැකිය. මෙම රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඕනෑම අවස්ථාවක අඩු හෝ වැඩිවීමේ හැකියාවක් පවතී. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවීමේ හැකියාවක්ද පවතී. එවන් අවස්ථාවක දියවැඩියාව  හේතුකොට ඇතිවන සිහිනැතිවීමේ තත්ත්වය හෙවත් ඩයබිටික් කෝමා තත්ත්වය ඇතිවිය හැකිය. 

රුධිරයේ සීනි මට්ටම අඩුවීමට හේතු  

සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස කායික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාමයන්හි නිරතවීම. 

නිසි වේලාවට ආහාර නොගත් විට හෝ අඩුවෙන් ආහාර ගත් විට.

ඖෂධ වැඩි වශයෙන් අනවශ්‍ය ලෙස ලබාගත් විට. 

මත්පැන් පානය කළ අවස්ථාවකදී.

රුධිරයේ සීනි මට්ටම ආරම්භක අවධියේදී අඩුවීම හඳුනාගත හැකි ලක්ෂණ 

වෙව්ලීම, කලබලවීම හෝ වහා කිපීම, ව්‍යාකූල බව, හෘද ස්පන්දනය වේගවත් වීම, දහඩිය දැමීම සහ රැධිරය තුළ සීනි අඩුවීම  හයිපොග්ලයිසීමියා ලෙස වෛද්‍ය විද්‍යාවේ හැදින්වේ.  

මේ  තත්ත්වය ඇතිවූ විට රුධිරයේ පරීක්ෂාවක් කළ විට සීනි මට්ටම ලීටරයකට මිලිමෝල් 4ට වඩා අඩුවී ඇති බව පෙනී යයි. රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවිය හැකිය. එම නිසා මෙම තත්ත්වයෙන් නිවැරදි ලෙස ප්‍රවේසම් වීම වැදගත් වේ.

මෙහිදී නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් යුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන කාබෝහයිඩ්‍රේට් වර්ගයක් ආහාරයට ගැනීම හෝ පානය කිරීමෙන් මේ තත්ත්වය වළක්වාගත හැක.

රෝග ලක්ෂණ

හිසරදය   
දිව හා දෙතොල් හිරිවැටීම        
 කුසගින්න ආවේගශීලී බව
පෙනීම අපහැදිලි වීම

තවදුරටත් රැධිරයේ සීනි මට්ටම පහළ යාමේදී තම ක්‍රියාකාරකම් පවා කර ගැනීමට නොහැකි වී අවසානයේදී සිහිනැතිවීම පවා සිදුවිය හැකියි. ඩයබිටික් කෝමා ලෙස හැඳින්වෙන්නේ මේ තත්ත්වයයි. 

කළ  යුත්තේ කුමක්ද?  

වහාම ක්‍රියාත්මක වන්න.

රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පරීක්ෂා කරගන්න. එලෙස පරීක්ෂා කරගත හැකි ක්‍රමයක් නොමැති නම් රෝග ලක්ෂණ ඇතිවූ වහාම ඒ සඳහා ආරක්ෂක පියවර අනුගමනය කරන්න.

පහත දක්වා ඇති ප්‍රමාණයන්ගෙන් ක්ෂණිකව සිරැරට උරාගන්නා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් ආහාරයට හෝ බීමට ගන්න.

ග්ලූකෝස් තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්, නැත්නම් ග්ලූකෝස් පෙති 01ක්.

ජලයේ දිය කරන ලද සීනි තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්.

සිසිල් බීම හෝ පළතුරු යුෂ කෝප්ප 01ක්, මී පැණි තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්.

මිනිත්තු 10 - 15කින් අනතුරැව රැධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න. එවිටද රැධිරයේ සීනි මට්ටම අඩු නම්, ඉහත ක්‍රියාකාරකම් නැවත සිදුකරන්න.

ඔබේ ඊළඟ ආහාරවේල තවත් පැයකට වඩා ප්‍රමාද වේ නම් හෝ යම් ක්‍රියාකාරකමක නිරතවීමට සිදුවේ නම් වෛද්‍ය ආහාර මාර්ගෝපදේශන අනුව වන ආහාර සැලැස්ම යටතේ වන සුළු ආහාරයක් ලබාගන්න. වැඩිදුර ප්‍රතිකාර සඳහා වහාම ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Sep 2018 10:10 AM
මම නම් නිතරම කන එකමයි, ඒ නිසා සීනි වැඩි උනොත් මිසක් අඩු වෙන්නෙ නම් නෑ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Sep 2018 09:53 PM
වැඩි වෙනවට වඩා බයානකයි අඩු වෙන එක ...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:05 AM

atharaiticeප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගීන්ට ගුණදායක ආහාර සහ හානිදායක ආහාර ගැන නැවත වරක්‌ දැනුවත් කරන ලෙස පසුගිය සතියේ අපගේ පාඨකයන් අපෙන් ඉල්ලීමක්‌ කළා.

වෛද්‍ය වසන්ත උදයජීව - ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ආහාර සතුව විශේෂ කාර්යභාරයක්‌ තිබෙන බව සඳහන් කළ යුතුයි. ආත්‍රයිටිස්‌ රෝගීන් අනුභව කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු ආහාර තමයි හරක්‌ මස්‌, ඌරු මස්‌, එළුමස්‌, බැටළු මස්‌, කිරි ආහාර වර්ග, රසායනික ද්‍රව්‍ය සහ කෘතිම වර්ණක යොදා කල්තබා ගැනීමට හැකි ලෙස සකස්‌ කළ ආහාර, සීනි, පිටි වර්ග, වෙනත් පැණි රස වර්ග, සිසිල් බීම, ඉස්‌සො, දැල්ලො, කකුළුවෝ වැනි ආහාර, චීස්‌, වම්බටු, තක්‌කාලි වැනි ආහාර. මෙමගින් ඇති කරන ප්‍රතික්‍රියා මගින් සන්ධිවල ඉදිමුම, ප්‍රදාහය තව තවත් දරුණු කරන බව මතක තබාගත යුතුය. එසේම ආත්‍රයිටිස්‌ රෝගීන්ට ගුණදායක ආහාර ලෙස Omega‌ 3 වර්ගයේ තෙල් සහිත මත්ස්‍ය වර්ග, කහ, ඉඟුරු, ඔලිව් තෙල්, දෙහි, දොඩම්, නාරං වර්ගයේ පලතුරු වර්ග, පලා වර්ග, ගෝවා මල්, ඇපල්, ලීක්‌ස්‌, ලූනු සහ ග්‍රීන් ටී සැළකෙනවා.

ප්‍රශ්නය - අද ඔබ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මොනවද?

වෛද්‍ය උදයජීව - අපේ ශරීරය කියන්නේ ජීව විද්‍යාත්මක යන්ත්‍රයක්‌. එය විවිධාකාර සන්ධිවලින් එකිනෙක බැඳී තිබෙනවා. මේ යන්ත්‍රය ගැන බාහිර වෛද්‍ය ලෝකයේ මෙන්ම ආයුර්වේදයෙත් දිනපතාම අලුත් පර්යේෂණ පැවැත්වෙනවා.

නවීන ලෝකය තුළ රෝග නිශ්චය සඳහා භාවිතා කරන අති නවීන යන්ත්‍ර සූත්‍ර තිබෙනවා. මේ යන්ත්‍ර ආධාරයෙන් ආයුර්වේද වෛද්‍ය විශේෂඥයන් විවිධ රෝග ගැන පර්යේෂණ පවත්වනවා. අද අප සාකච්ඡා කරන්නට යන්නේ ආත්‍රයිටිස්‌ රෝගය සම්බන්ධයෙන් කළ එවැනි පර්යේෂණ පත්‍රිකාවක්‌ (Reserch Paper) ගැනයි. මේ පර්යේෂණ පත්‍රිකාවට අනුව ආයුර්වේදය පිළිබඳ පෞරාණික දැනුම එසේම තිබියදී නවීන කෝණයකින් විමසා බැලීමක්‌ සිදු වෙනවා. ඒ පත්‍රිකාවේ හැටියට ආත්‍රයිටිස්‌ රෝගියා ආහාර සහ විහරණය කළ යුත්තේ පහත සඳහන් ආකාරයටයි.

atharaitice11. නිසි වේලාවට ආහාර ගන්න. හැබැයි ඒ ආහාර දිරවීමට ඉතාම පහසු ආහාර විය යුතුයි. පිපිඤ්Æ, පතෝල, වැටකොළු වැනි එළවළු වර්ග ඉතාම යෝග්‍යයි.

2. අස්‌ථි, මාංශපේශි, කාටිලේජ යනාදිය වර්ධනය සඳහා සුදුසු ආහාර ගන්න.

3. නැවුම් ආහාර පිසූ සැණින් උණු උණුවේ පරිභෝජනය කරන්න. පරිප්පු සුප්, මුංඇට සුප් වැනි දේ, කුඩු කළ ඉඟුරු, සුදු ළුනු, ගම්මිරිස්‌, උළුහාල්, කොත්තමල්ලි, කහ යනාදිය යොදා ආහාරයට ගන්න.

4. එළගිතෙල්වල පොඟවන ලද රටඉඳි අස්‌ථි වර්ධනයට ඉතාම සුදුසු බව මතක තබා ගන්න. ප්‍රධාන ආහාර වේල් තුනෙන් පසු ගිතෙල්වල පෙඟවූ රටඉඳි 1 බැගින් ආහාරයට ගන්න.

5. කුළුබඩු වැඩියෙන් යෙදූ ආහාර, පැසවීමට ලක්‌කළ ආහාර, මත්පැන්, දුම්බීම, කඩවල්වල තිබෙන තෙලෙන් බැදපු ක්‍ෂණික ආහාර සහ ටින් කළ ආහාර පරිහරණයෙන් වළකින්න.

6. ව්‍යායාම කරන්න. ඒ ව්‍යායාම සන්ධිවලට බර දෙන ව්‍යායාම නොවිය යුතුයි. නිතරම නිදහසේ ඇවිදීම වැනි දෙයකට ව්‍යායාම සීමා කරන්න.

7. ශීත දේශගුණයට නිරාවරණය වීමෙන් වළකින්න. ශීත කළ බීම වර්ග, අයිස්‌ක්‍රීම් යනාදිය ගැනීමෙන් වළකින්න.

8. නොපිසින ලද මුං බීජ, බෝංචි වර්ග, නිවිති, කඩල, ලොකු බෝංචි ඇට, අර්තාපල් යනාදිය කෑමෙන් වළකින්න. මේ ආහාරවලින් වාතය කෝප වෙනවා.

9. දශමුලාරිෂ්ඨය, ජලය සමඟ මිශ්‍රකළ රස්‌නාදි ක්‌වාථය යනාදිය වෛද්‍ය උපදෙස්‌ මත පරිහරණය කළ විට සන්ධි වේදනාව සමනය වෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:07 AM

cancerප්‍රශ්නය - අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ගුද්‍ර විද්‍රදි හටගන්නා බව පසුගිය සතියේදී ඔබ අපට විස්‌තර කළා. එසේම සැරව තිබෙන තත්ත්වයේ විද්‍රදියක්‌ පුපුරුවා හැරීම සඳහා යොදා ගත හැකි සරල ඖෂධ කිහිපයක්‌ ගැනත් විස්‌තර කළා. ගුද්‍රදියත් ලෙස සැක කරන අවස්‌ථාවක රෝග විනිශ්චය සිදුවිය යුත්තේ කොයි ආකාරයටද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - බාහිර ගුද්‍රදියක්‌ නම් ඇසට පෙනෙනවා. එහෙත් අභ්‍යන්තර ගුද්‍රදියක්‌ නම් එහෙම නැහැ. බොහෝවිට අභ්‍යන්තර ගුද්‍රදියක්‌ සහ අර්ශස්‌ ගෙඩි පටලවා ගන්නා අවස්‌ථා එනවා. එවැනි විටක අර්ශස්‌වලට බෙහෙත් කරන්නට ගියොත් විශාල අවුලක්‌ හට ගන්නවා. සමහර විට අර්ශස්‌ ගෙඩියක, එහෙමත් නැත්නම් විද්‍රදියක පෙනුම තිබෙන ගුදගත පිළිකාවක්‌ හටගන්න පුළුවන්. එය අර්ශස්‌ ගෙඩියක්‌ හැටියට හඳුනා ගත්තොත් මොකද වෙන්නේ? රෝග විනිශ්චය හරියට කරගත් විට ප්‍රතිකාර කිරීම එතරම් සංකීර්ණ කාරණයක්‌ වෙන්නේ නැහැ. ගුද විද්‍රදිය සහ අර්ශස්‌ රෝගය පටලවාගෙන අවුරුද්දක්‌ ප්‍රතිකාර ලබාගත් රෝගියෙක්‌ මට හමු වුණා. අර්ශස්‌ රෝගය සඳහා දෙන ඇතැම් ආලේප වර්ග සහ ඖෂධ ගුද විද්‍රදියට සුදුසු නැහැ. විශේෂයෙන්ම මෙහිදී අප සැළකිල්ලට ගත යුතු කාරණයක්‌ තිබෙනවා. ගුද විද්‍රදිය හෝ අර්ශස්‌ ගෙඩි තිබෙන්නේ රෝගියාට පෙනෙන තැනක නොවෙයි.

ප්‍රශ්නය - ගුද පිළිකාවක්‌ කියන්නේ මොකක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර - ආහාර ජීර්ණ පද්ධතියේ අවසන් කොන වන ගුද විවරයෙහි හටගන්නා පිළිකාවක්‌ ලෙස ගුද පිළිකාව හැඳින්විය හැකියි. මෙය Malignant හෙවත් උග්‍ර එහෙමත් නැත්නම් මාරක පිළිකා තත්ත්වයක්‌.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය පුෂ්පකුමාර - ගුදය තුළ වේදනාවක්‌ හට ගැනීම, මළ පිට කිරීමේ ක්‍රියාවලියේ වෙනස්‌කම් හට ගැනීම, ගුදය ආශ්‍රිතව ගෙඩියක්‌ හට ගැනීම, එය කැසීම හෝ එතැනින් ස්‍රාවයක්‌ නිකුත් වීම හෝ එම කාරණා දෙකම සිදු වීම, ඇතැම් විට රුධිරය වහනය වීම යනාදිය මෙහි රෝග ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකියි. අර්ශස්‌ රෝගය වැළඳුනාමත් ගුද පිළිකාවට ආවේණික සමහර ලක්‍ෂණ පහළ වෙනවා. උදාහරණයක්‌ ලෙස මළ මාර්ගයෙන් රුධිරය පිටවීම දක්‌වන්නට පුළුවන්. මෙහිදි එම පිළිකාව, අර්ශස්‌ රෝගය හැටියට වරදවා වටහාගෙන බෙහෙත් කළොත් මොකද වෙන්නේ? රෝගය බරපතළ වී රෝගියා විශාල අමාරුවකට පත්වීම නේද සිදුවන්නේ?

cancer1ප්‍රශ්නය - මේ ලක්‍ෂණ සහිත ගුද පිළිකාවක්‌ අර්ශස්‌ රෝගයෙන් වෙන් කරගෙන ඔබ හඳුනා ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර - මේ සඳහා ගුදගත පරීක්‍ෂාවක්‌ කළ යුතුයි. ගුද ගත පිළිකාවක හැඩය අක්‍රමවත්, ඒ වගේම එය ස්‌පර්ශ කරන විට ඝන ස්‌වභාවයකින් තමයි හසුවන්නේ. හරියටම ගල් මලක්‌ වගේ. ඒත් අර්ශස්‌ ගෙඩි එහෙම නැහැ. ඒවා රවුම්. ඝන ස්‌වභාවයත් එහි නැහැ.

ප්‍රශ්නය - එවිට ඔබ බයෝප්සි පරීක්‍ෂණයක්‌ කරනවද?

වෛද්‍ය පුෂ්පකුමාර - මූලික අවස්‌ථාවේදී නැහැ. එහෙත් අප තුළ කිසියම් සැකයක්‌ හට ගන්නවා නම් බයෝප්සි පරීක්‍ෂණයක්‌ කරනවා. ඊට අමතරව තවත් පරීක්‍ෂණ කිහිපයක්‌ කළ යුතුයි. මෙහිදී වැදගත් වන කාණයක තමයි ගුදගත පිළිකාව හරිහැටි හඳුනා ගැනීම.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:14 AM

earප්‍රශ්නය - පසුගිය සතියේ ඔබ අප දැනුවත් කළේ කර්ණ රෝග සම්බන්ධයෙන් වන බටහිර වෛද්‍ය විද්‍යාත්මක අර්ථකතනය ගැනයි. කර්ණ රෝග ක්‍ෂේත්‍රයේ වැඩිම සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරිය වශයෙන් ඔබ අද අපට කියන්න, කර්ණ රෝග පිළිබඳ ආයුර්වේද මතය මොකක්‌ද කියලා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - කන කියන ඉන්ද්‍රියේ කොටස්‌ තුනක්‌ තිබෙනවා. එනම් බාහිර කන, මැද කන, ඇතුල් කන යන කොටස්‌. ආයුර්වේදයේ තිබෙනවා හතරවන කොටසකුත්. මේ කොටස තමයි කන පිටත කොටස හෙවත් කන් පෙත්ත සහ එය සමඟ සම්බන්ධ වන කොටස. ඒ අනුව කන් පෙත්ත ආශ්‍රිත රෝග හෙවත් කර්ණපාලි රෝග කියලා. ඔබ මෙහිදී මතක තබා ගත යුතුයි අප අනුගමනය කරන්නේ සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද න්‍යාය සහ ක්‍රම. ඒ ආචාර්යවරයාගේ මතයට අනුව කර්ණ රෝග 28 ක්‌ තිබෙනවා. ඒවා කණේ පෙර කී තුන් කොටසේ හට ගන්නා රෝග. ඒවායින් වඩාත් සුලභ රෝග කිහිපයකුත් තිබෙනවා. එනම්,

1. කන්වලින් දියර ගැනීම. මෙය සැරව ලෙසත් සුදු පැහැති ද්‍රdවණයක්‌ ලෙසත් ගලනවා. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ පූතිකර්ණ කියලා.

2. ඊළඟ රෝග තත්ත්වය තමයි ඇසීමේ දුර්වලතා ඇති කරන රෝග. එනම් ශ්‍රවණාබාධ. එය හඳුන්වන්නේ කර්ණ බාධිර්යය කියලයි.

3. ඒ අතර සමහර රෝගීන් ඇවිත් පැමිණිලි කරනවා මගේ කණේ විවිධ ශබ්ද ඇහෙනවා කියලා. සමහරු කියනවා නිතරම කන තුළින් හෝ හෝ ගාන ශබ්ද එනවා කියලා. තව සමහරු කියනවා බටනලාවක හඬක්‌ වගේ එක දිගට ශබ්දයක්‌ එනවා කියලා. මෙය ඉතාම ප්‍රචලිත රෝග තත්ත්වයක්‌. අප මෙය හඳුන්වන්නේ කර්න නාද කියලයි. මේ රෝගයේම තවත් ස්‌වරූපයක්‌ තිබෙනවා. ඒ ස්‌වරූපය හඳුන්වන්නේ කර්ණ ශ්වේඩ කියලයි. ඒ රෝග තත්ත්වය තුළදී රෝගියාට කන ඇතුලෙන් ඇහෙන්නේ එකම ශබ්දයක්‌ විතරයි. පළමුවැනි රෝග තත්ත්වය තුළදී හඬවල් රැසක්‌ ඇහෙනවා. දෙවන රෝග තත්ත්වයේදී ඇහෙන්නේ එකම හඬක්‌. ඉහත සඳහන් රෝග තත්ත්වයන් තුන තුළදීම ශ්‍රවණ හීනතාවන් ඇති වෙන්න පුළුවන්. මේ අතර හටගන්නවා කන්වල වේදනාකාරී තත්ත්වයක්‌. මෙය කණ තුළ හට ගන්නත් පුළුවන්. ඒ වගේම කනට පරි බාහිර, කන සමඟ සම්බන්ධ කොටස්‌වල හටගන්නත් පුළුවන්.

ear1සමහර විට උගුරේ ප්‍රශ්නයක්‌ මගින් කනේ වේදනාව හටගන්නවා. දතේ කැක්‌කුමක්‌ හට ගත්තොත් එය කන දක්‌වා පැතිර යන්න පුළුවන්. එය වේදනාව සංක්‍රමණය වීමක්‌. ඔලුව කැක්‌කුමක්‌ කනේ වේදනාවක්‌ හැටියට එන්න පුළුවන්.

ඊළඟ රෝග අවස්‌ථාව තමයි කන තුළ හට ගන්නා කළාඳුරු (කර්ණමල) හෙවත් Wax නිසා ඇතිවන වේදනාව. Ear Wax හඳුන්වන්නේ කර්ණ වර්ච කියන නමින්. කලාඳුරු පිරිලා තිබෙද්දී නෑවොත් ඒ කලාඳුරු ප්‍රසාරණය වෙනවා. එවිට හට ගන්නා පීඩනය නිසා කන රිදෙනවා. Wax කියන්නේ තෛලමය පදාර්ථ සමඟ මිශ්‍ර වූ දෙයක්‌. මෙය සමඟ වතුර මිශ්‍ර වුණාම එය ප්‍රසාරණය වෙනවා. දැන් කෙනෙක්‌ කියන්න පුළුවන් ස්‌නානය කළාම කන් කැක්‌කුම හෝ ඔලුවේ කැක්‌කුම ඇති වෙන බව. මෙහිදී සිදු වන්නේ එම තැනැත්තාගේ කනට වතුර ගිහින් ඇතුළත ප්‍රසාරණය වීමයි. එසේ කන රිදෙන විට ඔලුවත් රිදෙනවා.

(ලබන සතියේ කනේ හටගන්නා දිලීර)

නොමිලේ විස්‌තර

011-5289248/077 7620948

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:16 AM

neuroපසුගිය සතියේදී අප Neuralgia හෙවත් වාතශූල රෝගය ගැන කතා කළා. ආයුර්වේදයට අනුව මෙවැනි රෝග තත්ත්වයන් හට ගන්නේ ස්‌නායු පටකවල හටගන්නා වෙනස්‌ වීම් ද රුධිර පීඩනය වැඩිවීම නිසා ස්‌නායු මත ඇතිවන තෙරපුම ද ශරීරය තුළ ප්‍රදාහ තත්ත්වයක්‌ ඇති කරන අර්බුද හා ගණ්‌ඩ යනාදිය ද නිසයි. මොළයට ඇතිවන හානි හේතුවෙන් හටගන්නා තුවාල සහ ව්‍යාධි මගිනුත් වාතශූල තත්ත්වය ඇති වෙනවා.

ප්‍රශ්නය - වාතශූල රෝග තත්ත්වයක්‌ පවතින විට සුදුසු ආහාර පාන ගැන අර්ථ නිරූපණයක්‌ ආයුර්වේදයේ තිබෙනවද?

වෛද්‍ය අමිල බණ්‌ඩාර - වාත ශූලයේදී හටගන්නා ශරීර වේදනාව ඉතා තදයි. මෙය දැරිය නොහැකි තරම් දෙයක්‌. ඉතා තද ශීතල සහිත හෝ සිසිල් ගුණය ජනිත කරන ආහාර, අධික කුළුබඩු සහිත ආහාර අනුභවයෙන් වාත ශූල වේදනාව වැඩිවෙනවා. නිතරම පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර ගැනීම කළ යුතුයි. දියර හෝ කැඳ ගතිය වැඩි ආහාර තමයි රෝගියා නිතරම ගත යුත්තේ. ඇතැම් වාතශූල රෝගීන්ට ආහාර සැපීම දුෂ්කර වෙනවා.

වාතශූල රෝගියකුගේ මුඛය ඇතුළත වේදනාව සමහර විට ඉතාම ඉහළ තත්ත්වයකට පත්වෙනවා. එවිට රෝගියාට පාන වර්ග සඳහා පමණක්‌ සීමා වීමට සිදුවෙනවා. එම පාන වර්ග ගැනීමේදී රෝගියා නිතරම බීම බොන බටයක්‌ හෙවත් Straw එකක්‌ පාවිච්චි කළ යුතු බවයි, අප යෝජනා කරන්නේ. ඒ සමගම ශරීරය තුළ වේදනා සහගත තත්ත්වයක්‌ ඇති කරන ආහාරපාන සහ හැසිරීම්වලින් රෝගියා වැළකිය යුතුයි. රෝගියා නිතරම ශීතල දේශගුණයෙන් වැළකිය යුතු අතර, කන් සහ ගෙළ ආවරණය වන පරිදි පොරෝනයක්‌ භාවිත කළ යුතුයි. අධික ශීතල සුළං එන ජනේල අසල හිඳ සිටීමෙනුත්. රෝගියා වැළකිය යුතුයි. රෝගියා ආහාර වශයෙන් ගත යුත්තේ ප්‍රොaටීන බහුල මේද අඩු ආහාරයි. එමගින් ස්‌නායු සෛලවල පටලය වර්ධනය වෙනවා.

neuro1විටමින් C සහ B 12 වලින් පරිපූර්ණ ආහාර ගැනීම ඉතා සුදුසුයි. එවිට ස්‌නායුවල සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වෙනවා. නැවුම් පළතුරු සහ කොළ පැහැති පත්‍ර වැඩිපුර තිබෙන එළවළු ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌. ඇපල්, ගස්‌ලබු වැනි පලතුරු ඉතාම සුදුසුයි. රෝගියා කැෆේන් සහිත කෝපි සහ තේ පානය අධික ලෙස සීමා කළ යුතුයි. කෘත්‍රිම රස කාරක සහ වර්ණක සහිත සිසිල් බීම පානය කරන්න එපා. ඒ වෙනුවට එවලේම මිරිකා ගත් පළතුරු යුෂ පානය කළ යුතුයි. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කළ පළතුරු යුෂ පානය කිරීමෙන් රෝගියා වැළකිය යුතුයි. සොසේජස්‌ ඇතුළු සකස්‌ කළ මස්‌ වර්ග සහ ෙෆ්‍ර‍රන්ච් ෆ්‍ර‍රයිස්‌ වැනි ආහාර ගන්න එපා. ගෙදර පිසින ආහාර සඳහා පමණක්‌ සීමා වීම ඉතා හොඳයි. නූඩ්ල්ස්‌, පැස්‌තා, විවිධ රස කාවැද්දූ බිස්‌කට්‌ වර්ග ඉතාම අගුණයි. නිතරම මනස ලිහිල්ව තබා ගන්න. මානසික පීඩනය මුදාහරින මාර්ගවලට පිවිසෙන්න.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:18 AM

eyeප්‍රශ්නය - අද අප ඔබ සමඟ කතා කරන්නේ ඇසේ සුද හටගැනීම නමැති අක්‍ෂි රෝගය ගැනයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව ලෝක ජනගහනය මුහුණපාන අඳ භාවයට 51% ක්‌ වගකිවයුතු වන්නේ ඇසේ සුද හටගැනීමයි. වසර 2010 සංඛ්‍යා ලේඛනවලට අනුව කෝටි 2 ක ජනගහනයක්‌ ඇසේ සුද හටගැනීම නරක අතට හැරී අන්ධභාවයට පත්වුණා. විවිධ වෛද්‍ය විද්‍යාත්මක හේතූන් මත ලෝක ජනගහනයේ ආයු කාලය වැඩිවීමත් සමඟම ඇසේ සුද සහිත රෝගීන් ප්‍රමාණයේ වැඩිවීමත් තිබෙනවා. මොකක්‌ද මේ රෝගය?

වෛද්‍ය වික්‍රමආරච්චි - ඇසේ කාචය තුළ වළාකුළු ස්‌වභාවයක්‌ හටගැනීමත් ඒ නිසා දෘෂ්ටිය අඩු වීම තමයි සිදු වන්නේ. මේ තත්ත්වය දිගටම පැවතුණොත් ඇස්‌a අන්ධ වීම හටගන්නවා. ආයුර්වේදයේදී මෙය හඳුන්වන්නේ තිමිර හැටියටයි. පාරම්පරික වෙදකමේදී සහ සාමාන්‍ය ජන ව්‍යවහාරයේදී ඇසේ සුද කීවම කවුරුත් දන්නවා. ඉතා කලාතුරකින් කුඩා ළමයින්ටත් මෙය වැළඳුනත් වැඩි වශයෙන්ම මෙය හටගන්නේ වැඩිහිටි වියපත් අය තුළයි. කෙනෙක්‌ මහලු වන විට ඔහුගේ හෝ ඇයගේ සිරුරේ නහර ඝන වෙනවා. ඒ වගේම අප වයසට යන විට ඇසේ කාචයේ කිසියම් අඳුරු ඝන බවක්‌ ඇතිවීමට පටන් ගන්නවා. මෙසේ කාචයේ කොටසක්‌ අඳුරු වුණාම එය තුළින් අලෝකය ගමන් නොකරන නිසා දෘෂ්ටි ස්‌නායුවට (Optic Nerve) බැරි වෙනවා මොළයට ආලෝක සංඥ ලබා දෙන්නට. ඔබ දන්නවා ඇස තිබුණට අපට පෙනෙන්නේ මොළයෙන් බව. ඇසෙන් යවන ආලෝක සංඥ මොළයේදී රූප බවට පරිවර්තනය වෙනවා. එහෙත් ආලෝක සංඥව හරියට මොළයට නොගියහොත් මොළයට බැහැ ඒ සංඥවලට අදාළ පින්තූරය හදා ගන්නට. ඒ නිසා ඇසේ සුද තිබෙන කොට දෘශ්‍ය බාධා හටගන්නවා. ඇසේ කාචය තුළ සුද සම්පූර්ණ වශයෙන්ම බැඳුනාම සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. සුද ඇස්‌ දෙකටමත් එනවා. හැබැයි එක සමානව ඇස්‌ දෙකේම සුද හට ගන්නේ නැහැ. එක්‌ ඇසක තත්ත්වය අනෙකට වඩා හැම විටකම නරකයි. ආයුර්වේදයට සහ පාරම්පරික සිංහල වෙදකමට අනුව විවිධ වර්ගවල "සුද" තිබෙනවා.

ප්‍රශ්නය - මේ රෝගය හටගන්නේ කොහොමද?

eye1වෛද්‍ය වික්‍රමආරච්චි - ආයුර්වේදයට අනුව නම් මෙය වාත දොaෂයක්‌. වාත කෝප වීම නිසා තමයි හට ගන්නේ. රෝගය හටගැනීමට තවත් කාරණයක්‌ වන්නේ මහළු වියයි. මහළු වියේදී අක්‍ෂි කාචයේ රසායනික සහ ප්‍රොaටීන සංයුතියේ වෙනස්‌කම් හටගන්නවා. එසේ විෂම වූ ප්‍රොaටීන අනු සහ රසායනික අනුවල තැන්පත් වීම නිසා සුද හට ගන්නවා. ඒ එක විධියක්‌.

ඊළඟ විධිය තමයි පිටතින් එන ආගන්තුක දෙයක්‌ අක්‍ෂි කාචය තුළට ඇතුළුවීම. මේ අනුව සමහර අක්‍ෂි සැත්කම්වල අතුරු ඵලයක්‌ ලෙස සුද හටගන්නවා. උදාහරණයක්‌ ලෙස ඇසට සිදු කරන ලේසර් සැත්කම්. (Peripheral iridotomy) ග්ලුකෝමාව සඳහා කරන සැත්කම්, (Trabeculetomy) යනාදිය නිසා ඇසේ සුද හට ගැනීමේ අවදානම වැඩියි. අධෝරක්‌ත කිරණවලට ඇස නිරාවරණය වන මාධ්‍යවලින් වෙල්ඩිං වැඩවලදීත් මේ රෝගය හටගැනීමේ අවස්‌ථාව තිබෙනවා.

මේ අතර මවට ගර්හනී කාලයේදී ජර්මන් සරම්ප, (Rubella&zwnj රෝගය වැළඳෙනවා නම් ඇඟෙන් බිහිවන දරුවා ඇසක්‌ හෝ ඇසට සුද මතුවීමේ රෝගයට ලක්‌ වෙනවා.

දිගු කලක්‌ තිස්‌සේ රසායනික විෂකාරකයන්ට ඇස්‌ නිරාවරණය වුණාමත් ඇසේ සුද හටගන්නවා. Prednisone, cortisone වැනි ස්‌ටිරොයිඩ් ඖෂධ වර්ග, බෙහෙත් පෙති හෝ ඇසට දමන දියර ලෙස දිගු කලක්‌ පාවිච්චි කළොත් ඇසේ සුද මතු වෙනවා. නිධන්ගත ශ්වසන රෝගයක්‌ වන ඇදුම සඳහා පාවිච්චි කරන ස්‌ටිරොයිඩ් වර්ග දිගුකාලීනව පාවිච්චි කළාමත් ඇසේ සුද එනවා.

ඒ අතර දුම් බොන්නන්ට ඇසේ සුද හටගැනීමේ අවදානම ඉතාම ඉහළින් තිබෙනවා.

(ලබන සතියේ සුද මතුවීම ගැන තව විස්‌තර කතා කරමු.)

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

eye2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:20 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:20 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:21 AM

arsasඅප සමාජයේ ජීවත් වන සමහරුන් හොස්‌ස ළඟින් මැස්‌සා යන්න බැරි තරමට අධික කේන්තියකින් සිටින පිරිස්‌ වෙති. සමහරුන්ට මෙය ඉතාමත් කරදරකාරී තත්ත්වයක්‌ තරමටම උග්‍ර වී ඇති අතර බොහෝ අය මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පවා පෙළඹී සිටිති. මෙම කේන්ති යැමට බලපාන විවිධ හේතු පැවැතියද අධිකව කේන්ති යැමට බලපාන රෝගී තත්ත්වයක්‌ පිළිබඳව අප අද කතා කරන්නෙමු. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සතුරෙක්‌ පස්‌සෙන් පන්න පන්නා බලපෑම් එල්ල කරන රෝගයක්‌ ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය අර්ශස්‌ ලෙස හඳුන්වා ඇත. බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ලැඡ්ජාව නිසා ප්‍රතිකාර ක්‍රමවලට යොමු නොවුණත් මෙය ඉතා ඉක්‌මනින්ම ප්‍රතිකාර ලබාගත යුතු රෝගයක්‌ ලෙසද අනිවාර්යයෙන්ම පැවසිය යුතුම රෝගී තත්ත්වයකි.

අර්ශස්‌ රෝගය එය ඇතිවීමට බලපාන හේතු සහ රෝගය ඇතිවීමෙන් රෝගියාට සිදුවන අපහසුතා සහ රෝගය සුවකර ගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳව අප ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා හමුවී තොරතුරු විමසුවෙමු. එහිදී එතුමා අප සමඟ පැවසූ අදහස්‌ මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නේ මෙම රෝගයෙන් පීඩා විඳින ඔබටත් එයින් මිදීමට මෙය මහඟු අවස්‌ථාවක්‌ විය හැකි බැවිනි.

* වෛද්‍යතුමනි, ඇත්තටම මොකක්‌ද මේ අර්ශස්‌ රෝගය කියන්නේ. කොහොමද මෙය වැළඳෙන්නේ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි අර්ශස්‌ කියන්නේ. නමුත් බොහෝ දෙනා මෙම රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන්නේ එය ඉතා උග්‍ර තත්ත්වයට වර්ධනය වූ පසුවයි. නමුත් මෙම රෝගය වැළඳී ඇති බවට තමන්ට දැනුණු පළමු මොහොතේම ඒ සඳහා කුමන හෝ වෛද්‍යවරයකු කරා යොමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මා පළමුවෙන්ම පවසනවා. මන්ද මේ රෝගය ඉවසා දරාගෙන සිටීමට ඉතා අපහසු රෝගයක්‌. මේ නිසාම මෙය වැළඳුණු බොහෝ දෙනා ක්‌ෂණිකව කෝප ගන්නා පුද්ගලයන් බවට පත්ව සිටිනවා. විශේෂයෙන්ම මෙම රෝගය වැළඳීම සඳහා ජානමය ලක්‍ෂණ ද බලපෑමක්‌ සිදු කරනවා. මවට හෝ පියාට මෙම රෝග ලක්‍ෂණ පවතී නම් ඔවුන්ට බිහිවන දරුවාගේ කලල අවස්‌ථාවේදීම මෙම රෝග ලක්‍ෂණ දරුවාට ඇති වීමට හැකියාවක්‌ තිබෙනවා.

මීට අමතරව වර්තමානයේ පවතින අධික කාර්යබහුල ජීවන තත්ත්වය නිසා බොහෝ විට මෙම රෝගය වැළඳ ගන්නා තත්ත්වයක්‌ ද පවතිනවා. මෙම අයහපත් ජීවන රටාව නිසා (විශේෂයෙන්ම විවිධ ආහාර මේ සඳහා ප්‍රධානතම සාධකයි) කුඩා දරුවන් මුල සිටම මේ තත්ත්වයට ගොදුරු වීම සිදුවෙනවා. පෙර පාසල් යන වයසේ සිට සලකා බැලු විට ඉතා උදෑසනම මව්පියන් විසින් ඔවුන් අවදි කර ගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක්‌ හමුවේ ඔවුන් පෙර පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයට යෑවීමට සූදානම් කරයි. එවිට දරුවාට කටයුතු කිරීමට සිදුවන්නේ තමාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට වඩා දෙමාපියන්ගේ විධානයන්ට අනුවය. විශේෂයෙන්ම දරුවාට වැසිකිළි යැම සඳහා අවශ්‍ය නොවන වෙලාවක ඔහුට ඒ සඳහා සූදානම් වීමට සිදුවේ. ඉතින් දරුවා දැඩි ආයාසයක්‌ යොදා මෙම කාර්යය කිරීමට පෙළඹෙන්නේය. දෙවැන්න පාසලේදී හෝ වෙනත් යන තැනකදී වැසිකිළි යැමට අවශ්‍ය වුවහොත් එසේ නොකරන ලෙස දරුවන්ට උපදෙස්‌ දීම සිදු කරයි. එවිට දරුවා නිවසින් පිටත සිටින අවස්‌ථාවලදී මළපහ කිරීමට අවශ්‍ය වුවහොත් එය දරාගෙන ඉවසාගෙන සිටීමට පුරුදුවන්නේය. මෙලෙස අමාරුවෙන් ඉවසා සිටියත් ටික කලක්‌ යත්ම දරුවන් මෙය පුරුද්දක්‌ බවට පත්කර ගන්නේය. නියමිත වේලාවට මළපහ නොකිරීම සහ අනවශ්‍ය වෙලාවට බලයෙන් මළපහ පිටකිරීම යන මේ කාරණා දෙකම මෙම රෝගය වැළඳීමට බලපාන ප්‍රධානතම හේතුවකි. විශේෂයෙන්ම කුඩා දරුවන් නොව තරුණ, වැඩිහිටි අය ද අද මේ ක්‍රමයන්ට හුරුපුරුදු වී ඇති නිසා ඔවුන් ද මේ තත්ත්වයන්ට ගොදුරුව ඇත. තවත් කාරණා කිහිපයක්‌ තමයි නිසි පරිදි ජලය පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු, පිටි සහිත ආහාර වර්ග වැඩිපුර භාවිත කිරීම, ක්‍ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම, අධික අම්ල සහිත ආහාර වැඩිපුර ගැනීම (බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ල වැනි දෑ) උෂ්ණ අධික ආහාර ගැනීමද (ඉස්‌සෝ, දැල්ලෝ, බලමාළු වැනිදෑ) අර්ශස්‌ වැළඳීමට බලපානු ලැබේ.

ඉහත සඳහන් හේතූන්වලට අමතරව ගැස්‌ට්‍රයිටීස්‌ වැළඳී ඇති විට සිදුවන ආහාර ජීර්ණයේ යම් යම් අක්‍රමිකතා ද මෙම රෝගය වැළඳීමට හේතුවිය හැකියි. විශේෂයෙන්ම ඉහත සඳහන් විවිධ වැරදි පුරුදු නිසා ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩු නිසා එහි අවසන් කෙළවර වන ගුද මාර්ගයේ ඇතිවන අවහිරතා අර්ශස්‌ රෝගය ලෙස හඳුන්වයි.

arsas1* වෛද්‍යතුමනි මෙම රෝගය වැළඳී ඇති පුද්ගලයකුගේ රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් රෝග ලක්‍ෂණ කිහිපයක්‌ම තිබෙනවා. ඒ අතරින් මෙම රෝගීන්ට පළමුව ගුද මාර්ගයේ ඇතිවන වේදනාකාරී බව අධික දැවිලි තත්ත්වයන්, ඒ වගේම ඉතා සුළු සුළු දේවලදීත් ඇතිවන අධික කේන්තිය, ඇවිදීමේදී ඇතිවන අපහසුතා, නින්දට යැමේදී ඇතිවන අපහසුතා විශේෂයෙන්ම මෙම රෝගීන්ට මුනින් අතට හැර වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමේදී අධික වේදනා ඇති වීම, නිසි ලෙස මළ පිට නොවීම මළ මාර්ගයේ ගෙඩි හටගැනීම, රුධිරය පිටවීම වැනි රෝග ලක්‍ෂණ හඳුන්වා දිය හැකි අතර මෙම රෝග ලක්‍ෂණ අනුවම මෙම රෝගය වැළඳුණු රෝගියකුට ඇතිවන අපහසුතාව කෙතරම් ද කියා සිතා ගැනීමට හැකියාව පවතිනවා.

* වෛද්‍යතුමනි, මෙම රෝගීන්ට මේ රෝගය සමඟ ඇතිවන වෙනත් රෝග තිබෙනවාද?

අර්ශස්‌ රෝගීන්ට එම රෝගයට අමතරව ඒ හා සමඟම වැළඳිය හැකි රෝගාබාධ ලෙස තදබල හිස කැක්‌කුම, ගැස්‌ට්‍රයිටීස්‌ රෝග තත්ත්වය, වාත රක්‌ත තත්ත්වය, ඇදුම, දියවැඩියාව වැනි රෝගාබාධ ප්‍රධානයි.

* වෛද්‍යතුමනි, මේ රෝගය සුවකර ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවාද?

ඔව්. පැහැදිලිවම අර්ශස්‌ රෝගීන් මෙම දුකින් මුදා ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවා. නමුත් එම ප්‍රතිකාර ක්‍රම කළ යුත්තේ රෝගියා පිළිබඳ නිසි පරීක්‍ෂණයකින් පසුවයි. මන්ද අර්ශස්‌ සමඟම තවත් ඉහත සඳහන් කළ රෝගාබාධ ද රෝගීන්ට පැවැතිය හැකි නිසා එක්‌ එක්‌ රෝගියකුට එක්‌ එක්‌ ප්‍රතිකාර ක්‍රම ලබාදීම සිදුකළ යුතුයි. පළමුවෙන්ම රෝගියාට උදේ කාලයේ නියමිත පරිදි මළපහ පිටකිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිය යුතුයි. ඉන් පසු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කිරීමට ප්‍රතිකාර ලබාදිය යුතුයි.

මෙලෙස රෝගියා නිවැරදි ලෙස පරීක්‍ෂා කරමින් ප්‍රතිකාර කිරීම තුළින් මෙම රෝගය සුව කිරීමට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලට හැකියාව පවතී.

විශේෂයෙන්ම අර්ශස්‌ රෝගය වැළඳී එය ඉතා උච්ච වී ශල්‍යකර්මවලට පවා භාජන කළ යුතු රෝගීන් පවා ආයුර්වේද ප්‍රතිකාරවලින් නිසි සුවය ලබා නිරෝගී වන අතර ආයුර්වේද ප්‍රතිකාර තුළින් ශරීරයේ අර්ශස්‌ ඇතිවීමේ මූලික ලක්‍ෂණවලට ද ප්‍රතිකාර ලැබෙන නිසා එම රෝගය නැවත ඇති නොවන ලෙසම සුව කිරීමට ආයුර්වේදයට හැකියාව තිබෙන අතර ඕනෑම කාර්යබහුල පුද්ගලයකුට සුව පහසුවෙන් ප්‍රතිකාර ලබාගත හැකි ලෙස ඖෂධ සකසා ඇති නිසා ඕනෑම කෙනකුට දැන් අපහසුවකින් තොරවම ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවද පවතින්නේය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:22 AM

ansabagaප්‍රශ්නය - පසුගිය දිනවල අප ඔබ සමග කතා කළේ අංශභාගය පිළිබඳ ආයුර්වේද මතයයි. අද අප මේ පිළිබඳ බටහිර ලෝකයේ විද්‍යාත්මක මතය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - බටහිර ක්‍රමවේදයට අනුව අංශභාගය හෙවත් පක්‍ෂාගාතයේදී සිදුවන්නේ ශරීරයේ මාංශපේශීන්වල ක්‍රියාකාරිත්වය නැතිවීමයි. එයට හේතු මොළයේ මාංශපේශීන් අතරින් නිසි ලෙස පණිවුඩ හුවමාරු නොකිරීමයි. පක්‍ෂාගාතය ශරීරයේ එක්‌ පැත්තකට වැළඳීමට පුළුවන් වගේම දෙපැත්තටම වැළඳීමටත් පුළුවන්. සමහර විට එය ශරීරයේ කිසියම් සීමාසහිත තැනක විතරක්‌ හට ගන්නටත් පුළුවන්. එසේ හටගත් තැන සිට දිගටම, ශරීරය පුරා පැතිර යන්නටත් පුළුවන්.

ප්‍රශ්නය - අංශභාගයේ මූලික රෝග ලක්‍ෂණ මොනවාද?

මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - සාමාන්‍යයෙන් සියලු රෝගීන්ට පොදු වන රෝග ලක්‍ෂණ කිහිපයක්‌ තිබෙනවා. දරාගන්න බැරි තරම් දරුණු හිසේ වේදනාවක්‌, ඇස්‌ පෙනීම දුර්වල වීම හෝ තමාට දර්ශනය වන වස්‌තූන්වල ස්‌වරූපයෙහි අවුල් සහගත තත්ත්වයක්‌ හට ගැනීම ද අමතක වීම හෝ මතකය දුර්වල වීම, ව්‍යාකූලතාවක්‌ හට ගැනීම, ශරීරයේ සමබරතාව නැතිවීම, හිසේ බර ගතියක්‌ ඇතිවීම, අත් පා හෝ මුහුණේ පැත්තක හදිසි හිරිවැටීමක්‌ ඇතිවීම, කටහඬ පැටලීම හෝ කටහඬෙහි අසාමාන්‍ය තත්ත්වයක්‌ හටගැනීම.

ප්‍රශ්නය - තාවකාලික අංශභාගය යනුවෙන් රෝගයක්‌ ඇති බව අප අසා තිබෙනවා. මේ රෝගයේ ස්‌වරූපය කුමක්‌ද?

ansabaga1මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - සමහරුන්ට තාවකාලික අංශභාගය නිසා ශරීරයේ පැත්තක්‌ පණ නැති වීම, අතක්‌ පයක්‌ පණනැති වීම වැනි රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා.

මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - ස්‌නායු පද්ධතියට හානි සිදුවීම තමයි අංශභාගයේ මූලික හේතුව. දැන් අපි බලමු මේ හානිය සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියලා. කොඳුඇට පෙළ මැදින් ගමන් ගන්නා මොළයේ හටගන්නා සංඥා ශරීරය පුරා බෙදාහරින ප්‍රධාන රැහැන්පට වන සුෂුම්නාව තුවාල වීම, ආඝාතය සහ වෙනත් ව්‍යාධීන් නිසා ස්‌නායු තුවාල වීම, පර්යන්ත ස්‌නායුව තුවාල වීම, පාකින්සන් රෝගය යනාදිය නිසාත් අංශභාගය වැළඳීම සිදුවෙනවා.

ප්‍රශ්නය - අංශභාගය හෙවත් පක්‍ෂාඝාතය සුව කිරීමේ මූලික ක්‍රමවේදය කුමක්‌ද?

වෛද්‍ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - සුෂුම්නාව තුවාල වුණාම යළි සුව වීමේ ක්‍රමවේදයක්‌ නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් මෙය සුව කරන්නට බැහැ. එහෙත් ආයුර්වේදයට අනුව නම් මෙය සුව කරන්නට පුළුවන්. ඒ සඳහා යෝග්‍ය වූ තෙල්, තැවිලි, කසාය යනාදිය ආයුර්වේදයේ තිබෙනවා

අංශභාගය ගැන තව විස්‌තර ලබන සතියේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Sep 2018 08:24 AM

neckප්‍රශ්නය - ගෙල ඇටය දිරා යැම නිසා අකර්මණ්‍ය වූ තරුණ සොයුරියන් දෙදෙනකු ගැන අප පසුගිය දෙසතිය තුළ ඔබ සමඟ කතා කළා. අද අප ඔබෙන් අසන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන් සුවපත් කළ ආකාරයයි.

වෛද්‍ය එම්. ඒ. මදනායක - ගෙල ඇටය හෙවත් ග්‍රීව අස්‌ථිය කියන්නේ ශරීරයේ වැදගත්ම කොටසක්‌ බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ග්‍රීව අස්‌ථිය කොඳුඇටය සමඟ සම්බන්ධ එහිම කොටසක්‌. මෙය දිරා යැම, කැඩීම, කාටිලේජ දියවීම නිසා හානි වීම වැනි අර්බුදවලට ලක්‌විය හැකියි. එහෙම වුණාම අධික වේදනාවක්‌ හටගන්නවා. වේදනාවෙන් නොනැවතී මුළු ශරීරයම අකර්මණ්‍ය වන අවස්‌ථා තිබෙනවා. ග්‍රීව අස්‌ථිය දිරා යැම වෙනම ලෙඩක්‌. එය Degenerative neck bone disease කියලා හඳුන්වනවා. ලොව කිසිම දෙයක්‌ සදාකාලිකව නොපවතිනවා වාගේ මනුෂ්‍ය ශරීරයත් සදාකාලික නැහැ. දශක ගණනාවක්‌ පුරා දිග හැරෙමින්, කැඩෙමින් භ්‍රමණය වෙමින් බර උසුලමින් කල් ගත කරන අපේ අස්‌ථි පCඳ්ජරය දිරා යැම පුදුමයට කරුණක්‌ නොවෙයි. ලොකුම ප්‍රශ්නය හට ගන්නේ මෙම අස්‌ථි දිරා යැම රෝගියා මියගිය පසුව නොව ඔහු/ ඇය පණපිටින් සිටින විට සිදු වුණාමයි.

ප්‍රශ්නය - මෙවැනි දිරායැම් වලදී ඔබ කරන්නේ කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අපි මේ සඳහා උදාහරණ ලෙස ග්‍රීව අස්‌ථිය දිරාගිය සොයුරියන් දෙදෙනා පිළිබඳ උදාහරණයට ගනිමු. ඇට දිරා යන්නේ ඇයි? එම ඇටවලට අවශ්‍ය පෝෂණ ගුණය නැති වීම නිසයි. පෝෂ්‍ය ගුණය නැති වන්නේ ඇයි? එම අස්‌ථි ප්‍රදේශයට රුධිරය සැපයෙන නහර සහ ස්‌නායු අඩපණ වීම නිසයි. එවිට අප කරන්නේ රුධිර නාළ සහ ස්‌නායු පණ ගැන්වීම සඳහා ප්‍රතිකාර පටන් ගැනීමයි. මෙයට පෙරත් කියා ඇති පරිදි අපේ ප්‍රතිකාරය තෙල් ගා තැවීම, බෙහෙත් පොට්‌ටනි යොදා තැවීම සහ කසායවලින් සමන්විත වෙනවා. අප ඉහතින් සඳහන් සොයුරියන් දෙදෙනාට ඉහත සඳහන් ක්‍රමවලට ප්‍රතිකාර කළා. දෙසතියක්‌ ගත වන විට ඔවුන් යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් වුණා. අද වන විට ඔවුන් තනිව ඇවිද යැමට සහ තමන්ගේ වැඩ තනිව කර ගැනීමට හැකි තත්ත්වයක සිටිනවා. ඉදිරි දෙසතියේ ප්‍රතිකාරවලින් පසු ඔවුන් 100% ක්‌ ම සුවපත් වෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

neck1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Sep 2018 10:00 AM
හරිම ප්‍රෙයෝජනවත්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Sep 2018 12:46 PM
Posted By chamaramind on 02 Sep 2018 08:24 AM

neckප්‍රශ්නය - ගෙල ඇටය දිරා යැම නිසා අකර්මණ්‍ය වූ තරුණ සොයුරියන් දෙදෙනකු ගැන අප පසුගිය දෙසතිය තුළ ඔබ සමඟ කතා කළා. අද අප ඔබෙන් අසන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන් සුවපත් කළ ආකාරයයි.

වෛද්‍ය එම්. ඒ. මදනායක - ගෙල ඇටය හෙවත් ග්‍රීව අස්‌ථිය කියන්නේ ශරීරයේ වැදගත්ම කොටසක්‌ බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ග්‍රීව අස්‌ථිය කොඳුඇටය සමඟ සම්බන්ධ එහිම කොටසක්‌. මෙය දිරා යැම, කැඩීම, කාටිලේජ දියවීම නිසා හානි වීම වැනි අර්බුදවලට ලක්‌විය හැකියි. එහෙම වුණාම අධික වේදනාවක්‌ හටගන්නවා. වේදනාවෙන් නොනැවතී මුළු ශරීරයම අකර්මණ්‍ය වන අවස්‌ථා තිබෙනවා. ග්‍රීව අස්‌ථිය දිරා යැම වෙනම ලෙඩක්‌. එය Degenerative neck bone disease කියලා හඳුන්වනවා. ලොව කිසිම දෙයක්‌ සදාකාලිකව නොපවතිනවා වාගේ මනුෂ්‍ය ශරීරයත් සදාකාලික නැහැ. දශක ගණනාවක්‌ පුරා දිග හැරෙමින්, කැඩෙමින් භ්‍රමණය වෙමින් බර උසුලමින් කල් ගත කරන අපේ අස්‌ථි පCඳ්ජරය දිරා යැම පුදුමයට කරුණක්‌ නොවෙයි. ලොකුම ප්‍රශ්නය හට ගන්නේ මෙම අස්‌ථි දිරා යැම රෝගියා මියගිය පසුව නොව ඔහු/ ඇය පණපිටින් සිටින විට සිදු වුණාමයි.

ප්‍රශ්නය - මෙවැනි දිරායැම් වලදී ඔබ කරන්නේ කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අපි මේ සඳහා උදාහරණ ලෙස ග්‍රීව අස්‌ථිය දිරාගිය සොයුරියන් දෙදෙනා පිළිබඳ උදාහරණයට ගනිමු. ඇට දිරා යන්නේ ඇයි? එම ඇටවලට අවශ්‍ය පෝෂණ ගුණය නැති වීම නිසයි. පෝෂ්‍ය ගුණය නැති වන්නේ ඇයි? එම අස්‌ථි ප්‍රදේශයට රුධිරය සැපයෙන නහර සහ ස්‌නායු අඩපණ වීම නිසයි. එවිට අප කරන්නේ රුධිර නාළ සහ ස්‌නායු පණ ගැන්වීම සඳහා ප්‍රතිකාර පටන් ගැනීමයි. මෙයට පෙරත් කියා ඇති පරිදි අපේ ප්‍රතිකාරය තෙල් ගා තැවීම, බෙහෙත් පොට්‌ටනි යොදා තැවීම සහ කසායවලින් සමන්විත වෙනවා. අප ඉහතින් සඳහන් සොයුරියන් දෙදෙනාට ඉහත සඳහන් ක්‍රමවලට ප්‍රතිකාර කළා. දෙසතියක්‌ ගත වන විට ඔවුන් යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් වුණා. අද වන විට ඔවුන් තනිව ඇවිද යැමට සහ තමන්ගේ වැඩ තනිව කර ගැනීමට හැකි තත්ත්වයක සිටිනවා. ඉදිරි දෙසතියේ ප්‍රතිකාරවලින් පසු ඔවුන් 100% ක්‌ ම සුවපත් වෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

neck1


මෙහෙම ලෙඩත් තියවද...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Sep 2018 12:46 PM
Posted By chamaramind on 02 Sep 2018 08:24 AM

neckප්‍රශ්නය - ගෙල ඇටය දිරා යැම නිසා අකර්මණ්‍ය වූ තරුණ සොයුරියන් දෙදෙනකු ගැන අප පසුගිය දෙසතිය තුළ ඔබ සමඟ කතා කළා. අද අප ඔබෙන් අසන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන් සුවපත් කළ ආකාරයයි.

වෛද්‍ය එම්. ඒ. මදනායක - ගෙල ඇටය හෙවත් ග්‍රීව අස්‌ථිය කියන්නේ ශරීරයේ වැදගත්ම කොටසක්‌ බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ග්‍රීව අස්‌ථිය කොඳුඇටය සමඟ සම්බන්ධ එහිම කොටසක්‌. මෙය දිරා යැම, කැඩීම, කාටිලේජ දියවීම නිසා හානි වීම වැනි අර්බුදවලට ලක්‌විය හැකියි. එහෙම වුණාම අධික වේදනාවක්‌ හටගන්නවා. වේදනාවෙන් නොනැවතී මුළු ශරීරයම අකර්මණ්‍ය වන අවස්‌ථා තිබෙනවා. ග්‍රීව අස්‌ථිය දිරා යැම වෙනම ලෙඩක්‌. එය Degenerative neck bone disease කියලා හඳුන්වනවා. ලොව කිසිම දෙයක්‌ සදාකාලිකව නොපවතිනවා වාගේ මනුෂ්‍ය ශරීරයත් සදාකාලික නැහැ. දශක ගණනාවක්‌ පුරා දිග හැරෙමින්, කැඩෙමින් භ්‍රමණය වෙමින් බර උසුලමින් කල් ගත කරන අපේ අස්‌ථි පCඳ්ජරය දිරා යැම පුදුමයට කරුණක්‌ නොවෙයි. ලොකුම ප්‍රශ්නය හට ගන්නේ මෙම අස්‌ථි දිරා යැම රෝගියා මියගිය පසුව නොව ඔහු/ ඇය පණපිටින් සිටින විට සිදු වුණාමයි.

ප්‍රශ්නය - මෙවැනි දිරායැම් වලදී ඔබ කරන්නේ කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අපි මේ සඳහා උදාහරණ ලෙස ග්‍රීව අස්‌ථිය දිරාගිය සොයුරියන් දෙදෙනා පිළිබඳ උදාහරණයට ගනිමු. ඇට දිරා යන්නේ ඇයි? එම ඇටවලට අවශ්‍ය පෝෂණ ගුණය නැති වීම නිසයි. පෝෂ්‍ය ගුණය නැති වන්නේ ඇයි? එම අස්‌ථි ප්‍රදේශයට රුධිරය සැපයෙන නහර සහ ස්‌නායු අඩපණ වීම නිසයි. එවිට අප කරන්නේ රුධිර නාළ සහ ස්‌නායු පණ ගැන්වීම සඳහා ප්‍රතිකාර පටන් ගැනීමයි. මෙයට පෙරත් කියා ඇති පරිදි අපේ ප්‍රතිකාරය තෙල් ගා තැවීම, බෙහෙත් පොට්‌ටනි යොදා තැවීම සහ කසායවලින් සමන්විත වෙනවා. අප ඉහතින් සඳහන් සොයුරියන් දෙදෙනාට ඉහත සඳහන් ක්‍රමවලට ප්‍රතිකාර කළා. දෙසතියක්‌ ගත වන විට ඔවුන් යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් වුණා. අද වන විට ඔවුන් තනිව ඇවිද යැමට සහ තමන්ගේ වැඩ තනිව කර ගැනීමට හැකි තත්ත්වයක සිටිනවා. ඉදිරි දෙසතියේ ප්‍රතිකාරවලින් පසු ඔවුන් 100% ක්‌ ම සුවපත් වෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

neck1


මෙහෙම ලෙඩත් තියවද...
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 14 of 35 << < 1213141516 > >>