Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 15 of 35 << < 1314151617 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2018 07:25 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2018 07:26 AM ලිංගික හෝමෝන ඌණතා මතුවීම fShare ලිංගික හෝමෝන ඌණතාවයකදී පිරිමි දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණ වනුයේ ඔවුනගේ ලිංගේන්ද්‍රිය නිසි ලෙස වර්ධනය නොවීම, නව යොවුන් වියේදී නිසි ලෙස රැවුල වැවීම සිදු නොවීම, කටහඬ ගොරෝසු වීම සිදු නොවීම, පියයුරු විශාල වීම වැනි ලක්ෂණ මතුවීමය. වර්තමානයේ අප ඉතා බහුලව කතා කරන මාතෘකාවක් බවට මඳසරුභාවය පත්ව ඇත. මේ පිළිබඳව කතාබහ කරන්න හේතු වන්නේ විවාහයෙන් පසු දරුවන් බලාපොරොත්තුව සිටින විට එය වසරකින් දෙකකින් ප්‍රමාද වන විටදීය. එවැනි අවස්ථාවකදී කාන්තාවගේ ඩිම්බ නිපදවීම පිළිබඳවත් පිරිමියාගේ ශුක්‍රාණු නිපදවීම පිළිබඳවත් වෛද්‍ය පරීක්ෂාවට යොමු වේ. එහිදී ලැබෙන ප්‍රතිඵලය අනුව මඳසරු බව තිබෙනවාද නැතිද කියා හඳුනාගත හැකිය. වෛද්‍යතුමනි, මඳසරු බව කියන්නේ කුමක්ද? මඳසරු බව පිළිබඳව සරලව පැහැදිලි කළොත් යුවළකට දරුවන් ලැබීම ප්‍රමාද වීමය එය කාන්තාවකගේ ඩිම්බ නිපදවීම හෝ පුරුෂයකුගේ ශුක්‍රාණු නිපදවීමේ ගැටලු නිසා හෝ ඩිම්බ හා ශුක්‍රාණු සංසේචනය ඇතිවීමට බාධා වීම නිසා දරුඵල ලැබීම ප්‍රමාදවීමය. වෛද්‍යතුමනි, ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම දුර්වල වීමට බලපාන හේතු මොනවාද? ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවීම දුර්වලවීමට ලිංගික හෝමෝනවල ඌණතා හෝ වෙනත් හෝමෝන වර්ග විශේෂයෙන් තයිරොයිඩ් රොලැක්ටින් වැනි හෝර්මෝනවල අසාමාන්‍යතාවයක් හෝ ඩිම්බකෝෂ හෝ වෘක්ෂණ හි උපතින්ම හෝ පසුව ඇතිවන වෙනත් රෝගාබාධ හේතු විය හැකිය. (Hහචදටදබ්dසිප) කාන්තාවකගේ ලිංගික ලක්ෂණ ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමෝනය අවශ්‍යයි. එම හෝමෝනය නිපදවනු ලබන්නේ ඩිම්බ කෝෂය තුළයි. පිරිමියකුගේ පුරුෂ ළක්ෂණ සඳහා ටෙස්ටොස් ටෙරොන් හෝමෝනය උපකාරි වෙනවා. එම හෝමෝනය වෘෂණ කෝෂ තුළ නිපදවෙනවා. මෙම හෝමෝන දෙක නිපදවීම පාලනය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය මගිනි. ඉන් නිපදවෙන ඛ්‍ය සහ FSH යන හෝමෝන ඒ සඳහා දායක වෙනවා. ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය උත්තේජනය සහ ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම පාලනය සඳහා ඛ්‍ය හෝමෝනය බලපානවා. ශුක්‍රාණු නිපදවීම සහ ඩිම්බ නිපදවීම උත්තේජනය සඳහා FSH හෝමෝනය බලපානවා. කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ශ්‍රාවය කරන සෛලවල හෝ පිරිමියකුගේ වෘෂණ කෝෂයෙන් ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය ශ්‍රාවය කරන සෛලවල දුර්වලතාවක් ඇත්නම් එය ප්‍රාථමික ලිංගික හෝමෝන දුර්වලතාවක් ((ඡරසප්රහ Hහචදටදබ්dසිප) ලෙස හඳුන්වනවා. පිටියුටරි ග්රන්ථියෙන් නිපදවන ඛ්‍ය සහ FSH හෝමෝන නිපදවීමේ පවතින ඌණතාවයක් ඇති විට එය ද්විතීයික ලිංගික හෝමෝන දුර්වලතාවක් (Seජදබාaරහ Hහචදටදබ්dසිප) ලෙස හඳුන්වනවා. වෛද්‍යතුමනි, මෙම හෝමෝන ඌණතා ඇතිවීමට බලපාන හේතු මොනවාද? ප්‍රාථමික ඌණතා උපතින්ම ඇතිවිය හැකියි. ඊට අමතරව කාන්තාවන්ගේ බඩවැල්හි ඇති වූ පිළිකා සඳහා සිදුකළ සැත්කම් නිසාත් පිරිමින්ගේ වෘෂණ කෝෂ අනතුරකට ලක්වී හානි සිදු වූ විටත් ඩිම්බ කෝෂයේ සහ වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්කිරීම හෝ අඩපණ කිරීම බලපාන ප්‍රතිදේහ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය තුළින් නිපදවීම (Aමඑදසපපමබැ) සිදුවන විටත් පිළිකා සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ මගින් ඩිම්බ කෝෂයේ සහ වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්වීම නිසාත් ප්‍රාථමික ඌණතා ඇතිවෙනවා. කම්මුල්ගාය රෝගය උත්සන්න වී එය වෘෂණ කෝෂවලට බලපෑ විටදී වෘෂණ කෝෂයේ සෛල හානියට ලක්වීම නිසාත් ප්‍රාථමික ලිංගික ඌණතා මතුවෙනවා. ද්විතීයික ඌණතා ඇතිවීම සඳහා බලපාන්නේ පිssටියුටරි ග්‍රන්ථියේ ඇතිවන දුර්වලතාවන්ය. එහිදී පිටියුටරි ග්‍රන්ථියේ උපතින්ම ඇතිවන දුර්වලතාවයන් (ණ්කකප්බබ Sහබාරදපැ) වැනි ඛ්‍ය සහ FSH හෝමෝන නිපදවීමේ ඌණතාවක්, පිටියුටරි ග්‍රන්ථියේ ගැටිත්තක් ඇතිවීම, විකිරණ ප්‍රතිකාර සහ පිටියුටරි ග්‍රන්ථියට හානි සිදුවීම, පිටියුටරි ග්‍රන්ථියේ සිදුකළ සැත්කමක් නිසා හෝ ක්ෂය රෝග විෂබීජ හෝ එච්. අයි. වී. වෛරස ආසාදන නිසා පිටියුටරි ග්‍රන්ථියේ ඌණතා හටගත හැකියි. වෛද්‍යතුමනි, ලිංගික හෝමෝන ඌණතාවයක් ඇති විට මතුවන රෝග ලක්ෂණ මොනවාද? ලිංගික හෝමෝන ඌණතාවයකදී (Hහචදටදබ්dසිප) පිරිමි දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණ වනුයේ ඔවුනගේ ලිංගේන්ද්‍රිය නිසි ලෙස වර්ධනය නොවීම, නව යොවුන් වියේදී නිසි ලෙස රැවුල වැවීම සිදු නොවීම, කටහඬ ගොරෝසු වීම සිදු නොවීම, පියයුරු විශාල වීම වැනි ලක්ෂණ මතුවීමය. තරුණ වියේදී මෙම හෝමෝන ඌණතාවය ඇති වූ විට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම, මාංශපේශි දුර්වලවීම, පමණට වඩා සම යටින් තෙල් පටක තැන්පත් වීම, සිරුරේ රෝම අඩුවීමට පටන්ගැනීම, ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීම ආදිය දැකිය හැකියි. කාන්තාවන්ගේ ලිංගික හෝමෝන ඌණතාවයට පත්වූ විට ඔවුන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, යෝනි මාර්ගයේ වියළි ස්වභාවයක් මතුවීම, පියයුරු කුඩා වීම, ඔස්ටියෝපොරොසිස් රෝගයට ලක්වීම ආදිය දැකිය හැකියි. වෛද්‍යතුමනි, මෙවැනි රෝගයකට ලක්වූවනට ප්‍රතිකාර ලබාදී මතුව ඇති ගැටලු සුව කළ හැකිද? එය තීරණය කළ හැකි වන්නේ මතුව ඇති රෝග තත්ත්වය අනුවයි. ඇතැම් දුර්වලතාවන් හෝමෝන ලබාදීම මගින්, සැත්කම්වලට ලක්කිරීමෙන් හෝ ඖෂධ ලබාදීම ආදී ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්කළ හැකියි. ප්‍රාථමික ඌණතා ඇති අයට තමන්ගේම ඩිම්බ හෝ ශුක්‍රාණු මගින් දරුඵල ලබාගැනීම අපහසුය. ඔවුන්ට ශුක්‍රාණු සහ ඩිම්බ දායකයන්ගේ සහාය ලබාගෙන නළ දරු උපතක් මගින් දරු සම්පතක් හිමිකරගත හැකියි. ද්විතීයික හෝමෝන ඌණතා ඇති අයට ඛ්‍ය සහ FSH හොමෝන ලබාදීම මගින් ඔවුන්ගේ ඩිම්බ නිපදවීම සහ ශුක්‍රාණු නිපදවීම යථා තත්ත්වයට පත්කිරීම මගින් දරුඵල ලබාගැනීමට හැකියාව උදාකරගත හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2018 07:31 AM අම්ල පිත්ත රෝගය පාලනය කරගන්නා අයුරු අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් (ඨ්sඑරසඑසි) රෝගයට ගොදුරු වන පිරිස් දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ. ළමා, තරුණ, මහලු කියා වයස් භේදයකින් තොරව මෙම රෝගයට ගොදුරුවීමට බලපා ඇති හේතුව කුමක්දැයි කියා අපි විමසා බලමු. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අම්ල පිත්ත ලෙසත් අනෙකුත් වෛද්‍ය ක්‍රමවලට අනුව ගැස්ට්‍රයිටිස් ලෙසත් හඳුන්වන මෙය ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයකි. ආමාශය, ගලනාලය, ග්‍රහණිය ආදී ඉන්ද්රියයන් මෙම රෝගය නිසා පීඩාවට පත්වේ. එසේ පීඩාවට පත්වන්නේ ආහාර ජීර්ණයට අදාළ හයිෙඩ්රාක්ලොරික් (HCඛ) අම්ලය ශ්‍රාවයේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි. එවිට ආමාශයේ ඇතුළත බිත්තිවලට (ඵමජදමි පැපඉර්බැ) හානි සිදුවීමෙන් ආසාදන හටගනී. මෙය අම්ල පිත්ත රෝගයේ එක් අවස්ථාවක් ලෙස සරලව හැඳින්විය හැකිය. අප ගන්නා ආහාර ගලනාලයෙන් ආමාශයට ඇතුළුවන තැන කපාටයක් පවතී. එමගින් ආමාශය තුළ තිබෙන ආහාර ගලනාලයට පැමිණීම වළක්වාලනු ලබයි. මෙම කපාටය ක්‍රියාකාරිත්වයේ ඇතිවන යම් යම් අසාමාන්‍යතා නිසා ආමාශය තුළ තිබෙන අම්ලය ගලනාලයට අසාමාන්‍ය ලෙස ගලායැමක් ද සිදුවේ. මෙහිදී ගලනාලයේ ඇතුළත බිත්තිවලට හානි සිදුවීමෙන් ගලනාලය ආසාදනය වීම, උගුර දැවිල්ල, ඔක්කාරය, වමනය ආදිය ඇති වේ. මෙලෙස අසාමාන්‍ය ලෙස අම්ල ශ්‍රාවය නිසා ග්‍රහණියේ ඇතුළත බිත්ති හානිවීම හා ආසාදනයට ලක්වීම ද සිදු වේ. මෙය ද අම්ල පිත්ත රෝගයේ එක් අවස්ථාවකි. අම්ල පිත්ත රෝගය ඇතිවීමට බලපාන හේතු අම්ල පිත්ත රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානුයේ නියමිත වේලාවට ආහාර නොගැනීමය. මෙය දීර්ඝකාලීනව පැවතීමෙන් ඉහත සඳහන් කළ ආසාදන හටගනී. අපට කුසගිනි දැනෙන්නේ ආමාශයේ අම්ල ශ්‍රාවී සෛල මගින් හයිෙඩ්‍රාක්ලෝරික් අම්ලය (HCඛ) ශ්‍රාවය වන විටදීය. එවිට අප ආහාර ලබාගත යුතු බව මොළය මගින් දැනුම් දෙන්නේ කුසගිනි ඇති කරමිනි. එම අවස්ථාවේදී අප ආහාර නොගත්ත ද ආමාශය තුළ දිගින් දිගටම අම්ල ශ්‍රාවය වේ. මෙසේ ආහාර නොමැති හිස් ආමාශය තුළට දිගින් දිගට අම්ල ශ්‍රාවය වීම මගින් ආමාශයේ ඇතුළත ශ්ලේෂ්මල පටලය තුවාල වේ. නියමිත වේලාවට ආහාර නොගැනීමට අමතරව ස්ටෙරොයිඩ් වැනි ඖෂධ වර්ග දිගු කාලයක් ගැනීම (ශ්වසන රෝග සඳහා ගනු ලබන ඖෂධ) නිසා ද අම්ල ශ්‍රාවය උත්තේජනය වීමෙන් අම්ල පිත්තය හටගැනීමට බලපායි. ඊට අමතරව නිතර තෙල් මිරිස් අධික ආහාර ගැනීම නිසා ද අම්ල ශ්‍රාවී සෛල උත්තේජනයට ලක්වේ. බැක්ටීරියා ආසාදනය (Heකසජදඉaජඑeර චහකදරස) මානසික ආතතිය, මද්‍යසාර භාවිතය නිසා ද අම්ල පිත්තය ඇතිවීමට බලපාන තවත් හේතු ලෙස දැක්විය හැකිය. අම්ල පිත්තය දැනුම් දෙන රෝග ලක්ෂණ අම්ල පිත්තය ඇති පුද්ගලයන්ට බහුලව මතුවනුයේ ආහාර ගැනීමෙන් පසු බඩ පුරවා දැමීම, කටට තිත්ත හෝ ඇඹුල් රස දැනීම, උදරයේ ඉහළින් හෝ වම්පස මැදට වන්නට වේදනාව හටගැනීම, බඩ පුරවා දැමීම, වමනය, ඔක්කාරය, ආහාර දිරවීමේ අපහසුතා, මළබද්ධය ආදියයි. මෙවැනි අවස්ථාවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී රෝගය තවදුරටත් වර්ධනය වුවහොත් ආමාශ බිත්තියේ සියුම් ලේ ගැලීම් හටගැනීම, තුවාල හටගැනීම (ඨ්sඑරසජ මකජැර) දක්වා රෝගය උත්සන්න වේ. අවසානයේදී ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් ආහාර මගින් උරාගැනීමට නොහැකි මට්ටමට පත්වීම හා රුධිර වහනය වීම නිසා රක්ත හීනතාවට (Aබැපස්&zwnj පත්විය හැකිය. අම්ල පිත්තය සුවකර ගැනීම යම් පුද්ගලයකු අම්ල පිත්ත රෝගයට ගොදුරුවීමේ පසුබිමක පසුවේ නම් එවැනි පුද්ගලයන් වහාම ඉන් මිදීමට අවශ්‍ය පියවර ගත යුතුය. නිසි වේලාවට ආහාරපාන ගැනීම අධික තෙල් මිරිස් සහිත ආහාර ගැනීම සීමා කිරීම, මද්‍යසාර භාවිතය වැළැක්වීම, මානසික ආතතිය පාලනය කරගැනීමට පියවර ගත යුතුය. අම්ල පිත්ත රෝගය ඇතිවීමේදී මතුවන මුල්ම රෝග ලක්ෂණ හඳුනාගත් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. අම්ල පිත්ත රෝගය ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර මගින් සාර්ථකව පාලනය කරගත හැකිය. වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0774941118 මගින් වෛද්‍යතුමිය ඇමැතිය හැකිය. වෛද්‍ය කුමුදුනී ද සිල්වා සෙත්සුව ප්‍රාණජීව ආයුර්වේද රෝහල බටලන්ද ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Sep 2018 07:35 AM මාර මාර රොගනෙ තියෙන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2018 05:39 PM බිලිඳාගේ වමනයට හේතු කුඩා දරුවන්ට වැලඳෙන විවිධ රෝගාබාධ නිසා දෙමාපිය වැඩිහිටියන් අතිශයින් බියට කණස්සල්ලට පත්වන බව නොරහසකි. මේ රෝග රැස අතර 'වමනය' දරුවන් අතර නිතර වාර්තා වන සුලබ එකකි. වමනය යනු උදරයේ මාංශපේෂී සේම පපු ප්‍රදේශයේද මාංශපේශී හැකිලෙමින් ආමාශයේ ඇති ආහාර වර්ග, පිටතට තල්ලු කර දැමීමකි. එනම් ඒවා ශරීරයෙන් ප්‍රතික්ෂේප කිරීමකි. 'වමනය' ආමාශයේ කිසියම් රෝගී තත්ත්වයක් නිසා ඇතිවන ඉතාම සරල සංසිද්ධියක් සේ කෙනෙකු දකින්නත් වුවද, එය ඔබ නොසිතන හේතු රාශියක් නිසා හටගත හැකි ඉතා සංකීර්ණ, සංඥාවක් බැවින් දරුවන්ගේ වමනය ගැන වූ මේ තොරතුරු වැඩිහිටියන් දැන සිටීම අතිශය වැදගත්ය. වමනය ඇති කරන්නේ මොළයේ පිහිටා තිබෙන, ඒ හා සම්බන්ධ මධ්‍යස්ථානයේ පණිවුඩයකට අනුවය. ආහාර ජීර්ණ පද්ධතියේ කිසියම් රෝගී තත්ත්වයක්, බඩේ අජීර්ණයක් වැනි දෙයක් නිසා වමනය හටගන්නා බව සුලබ හේතුවක් වුවද, කිසියම් විෂක් ශරීරගත විටකදී, සමහර ඖෂධ වර්ග නිසා ශරීරයේ ලවණ තත්ත්වයේ වෙනස්කමක් නිසා, පරිවෘත්තීය ක්‍රියාවලියේ කිසියම් ගැටලුවක් නිසා, ශරීරයේ සේම මොළයේ රුධිර පීඩනය ඉහළයාම, ශරීරයේ හෝමෝන මට්ටම්වල වෙනස්කම්, මොළයේ කිසියම් ගැටිත්තක් පිළිකා තත්ත්වයක්, ආහාර විෂ වීමක් ස්වසන ආබාධ නිසා සේම මානසික ආතති තත්ත්ව හේතුකරගෙනද වමනය ඇතිවිය හැකිය. සාමාන්‍යයෙන් ඉපදුන හැටියේ, මුල්ම කිරි වේල ලබා ගනිද්දී දරුවෙකුට වමනය හට ගනී නම් ඒ ආමාශයට පහළින් පිහිටි කුඩා බඩවැල් සිහින්වීමක් නිසා විය හැකිය. එසේම ගලනාලය, ස්වාසනාලය අතර යාවීමක් නිසාද මෙසේ විය හැක. ගලනාලයේ සිහින් වීමක්ද, උපන් හැටියේ වමනයකට හේතුවිය හැකිය. උපන් දිනවල එවැනි ගැටලුවකින් තොරව සිටි බිලිඳෙකු වයස මාසයක් හමාරක් පමණ ගතවනවිට කිරි වමනය කරයි නම් ඒද ආමාශයේ සිහින්වීමක් නිසා වීමට පිළිවන. මෙවැනි කුඩා බිලිඳුන්ගේ වමනය සමග පිත කලවම් වී කොළපාටට වමනය පිටවේ නම් එය ඉතාම ඉක්මනින් රෝහල් ගත විය යුතු තත්ත්වයකි. එසේම මුල් අවුරුද්ද තුළ දරුවෙකුට වමනය මතුවීම සමහර විට කිරි ප්‍රෝටීන අසාත්මිකවීමක් හේතුකරගෙන මතුවන රෝග ලක්ෂණයක් වීමට පිළිවන. එසේම මුත්‍රා ආසාදන, වකුගඩුවේ රෝගී තත්ත්වයක්. 'මෙනින්ජයිටිස්' වැනි රෝගයක්, නිසාද දරුවෙකුට වමනය යා හැකිය. දරුවෙකු තදබල ලෙස දියවැඩියාවෙන් පෙළෙන අවස්ථාවකදීද වමනය මතුවීමට ඉඩ තිබේ. තදබල උණක් ඇති විටද වමනය යා හැකිය. මේ ආකාරයට ඉතා පුළුල් පරාසයක විහිදුණු හේතු රාශියක් වමනයක් පිටපුස සැඟව තිබිමට පුළුවන. වමනය යනු රෝගයක් නොවේ. එය ශරීරයේ සැඟව පවතින කිසියම් රෝගයක් ගැන දැනුම්දීම සඳහා ක්‍රියාත්මක වන සංඥාවක් බව තේරුම් ගත යුතුය. එබැවින් දරුවෙකුගේ වමනයක් නිකම්ම නිකම් බඩේ අජීර්ණයක් නිසා හටගන්නක් පමණක් නොවන බව වටහා ගැනීමද වැදගත්ය. එබැවින් වමනය ගැන කල්පනාකාරීව සිට එහි වර්ධනයක් පෙනේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීමට යොමුවන්න. මන්ද වමනයට හේතුව සොයාගෙන ප්‍රතිකාර ඇරඹිය යුතු වීමය. එසේම වමනය පවතින දරුවෙකුට පිටවන වමනය තරමට දියර වර්ග ලබාදීමද එපමණටම වැදගත්ය. එසේ කළ නොහැකි අවස්ථාවකදීද රෝහලක් වෙත යොමුවීමට ක්‍රියා කළ යුතුය. උපදෙස් කුලියාපිටිය මූලික රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2018 05:41 PM නව යොවුන් දැරියන්ගේ ගැටලු නොවන ගැටලු නව යෞවන වයසට එළැඹෙන තරුණ දරුවන්ට තම ශරීරයේ සිදුවන ඉතා සුළු වෙ නස්කම් පවා මහ විසල් ගැටලු සේ පෙනෙන්නට ඉඩ තිබේ. ළමා සහ තරුණ අවදිවල මායිමේ පසුවන මේ අයට මෙවැනි වික්ෂිප්ත බවක් ඇතිවීමට රුධිරයේ හෝමෝන මට්ටම් වල වෙනස්වීම් හේතුවෙයි. එසේම ශරීරයේ මතුවන මේ අලුත් ලක්ෂණ පිළිගැනීමේදී ඇතිවන මානසික ගැටලුද මෙයට හේතුවිය හැක. මේ වයසේ දැරිවියකට තමන්ගේ පියයුරු යුගලයේ එකකට එකක් විශාල වශයෙන් වෙනස්ව තිබෙන බව දැකිය හැක. “මගේ පියයුරු වලින් එකක් ලොකුයි, අනික හුඟක්ම පුංචියි“ මෙවැනි මැසිවිලි ඒ අයගෙන් ඉදිරිපත්වීමට පිළිවන. සාමාන්‍යයෙන් සෑම කාන්තාවකගේම පියයුරු යුගලම එක හා සමාන නැත. ඒ දෙක අතර ඉතා සුළු වෙනස්කමක් දැකිය හැක. නමුත් එය කෙසේවත් ගැටලුකාරී තත්ත්වයක් නොවේ. මේ වයස ගෙවී යනවාත් සමග ඒ සිතුවිලි සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. එසේම සමේ මතුවන කුඩා කුරුලෑවක්, පෙනුමට විශාල හානියක් ගෙන එන බව මේ අයට දැනිය හැක. එය විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්කරගෙන මාපියන්ට මැසිවිලි ඉදිරිපත් කළ හැකිය. මේ ආකාරයට සමේ හටගන්නා කුඩා අවපැහැවීමක්, රෝම කීපයක් පවා දිවි එපා කරවන තරමේ ගැටලුවක් බවට පත්කරගැනීමට පිළිවන. එසේම තමන්ගේ ශරීරය අවලක්ෂණ වන ආකාරයට තරබාරු වේය යන බිය මතුවිය හැකිය. එබැවින් මේ කාලයේ දරුවා තුළ හටගන්න මේ මානසික වික්ෂිප්ත බව යහමින් තේරුම් ගෙන ඉවසීමෙන් කටයුතු කිරීමට විශේෂයෙන් මව්වරුන් දැනුවත්ව සිටිය යුතුමය. එසේම ඒ ගැටලු වලට සාවදානව කන්දී සැබෑ තත්ත්වය තේරුම් කරදීම හෝ වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරු ක්‍රියාවකි. උපදෙස් ගම්පොල මූලික රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත ජයලත් සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2018 05:42 PM අර්ශස් රෝගයට ආයුර්වේදයේත් සැත්කම් කරනවා අර්ශස් රෝගය හා එම රෝගයට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කෙරෙනා ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කරනා මෙම ලිපිය නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි ජගත් රුහුණගේ සමග කළ සාකච්ඡුාවක් ඇසුරෙන් ලියවේ. අර්ශස් රෝගය අද සමාජයේ වයස් බේදයෙන් හා ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව ඇතිවන රෝගී තත්ත්වයකි. එදා සමාජයේ වැඩිහිටි අය අතර පමණක් අර්ශස් රෝගය ප්‍රචලිත රෝගයක් වුවද වර්තමානයේ පාසල් වියේ දරුවන්ගේ සිට වියපත් පුද්ගලයන් දක්වාම අර්ශස් රෝගීන් හමුවේ. ආයුර්වේද විග්රහයට අනුව මහා රෝග 8ක් දක්වා ඇත. එම රෝග 8න් එක් රෝගයක් ලෙස අර්ශස් රෝගය දැක්වීමෙන් මෙය මිනිසුනට වැලඳෙන ප්‍රධාන රෝගයක් බව මෙන්ම එහි පීඩාකාරී භාවය අවබෝධ කරගත හැක. අර්ශස් රෝගයේ මූලික ලක්ෂණය වන්නේ බඩ පුරවා දැමීම, කෑම අරුචිය, මලබද්ධය, අජීර්ණය, උද්ගාරය (ඔක්කාරය*, වෙහෙස දැනීම, මල අල්ප බව, ගුද මාර්ගයෙන් වේදනාව, නිතඹ හා තුනටිය ආශි‍්‍රතව ඇතිවන වේදනාව, උදරයේ නාභිය දක්වා පවතින වේදනාව, ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම, කුඩා කුද්දටියක් හෝ ප්‍රසරයක් (මස් දල්ලක්* ලෙස ගුද මාර්ගයෙන් එළියට ඒම ආදිය වේ. අර්ශස්වල ප්‍රධාන ප්‍රභේද 2 කි. එනම් සහජ අර්ශස් සහ නිජ අර්ශස් වශයෙනි. සහජ අර්ශස් යනු මා පියන්ට රෝගය තිබීම හේතුවෙන් ඇතිවන අර්ශස් රෝගී තත්ත්වයයි. නිජ අර්ශස් යනු උපතින් පසු මුහුණ දෙන විවිධ විහරණ වැරදි නිසා ඇතිවන අර්ශස් රෝගී තත්ත්වයකි. මෙයට අමතරව වාත, පිත, සෙම සහ රක්ත දෝෂ ඇසුරු කරගෙන ඇතිවන අර්ශස් අවස්ථා ආයුර්වේදයේ දක්වා ඇත. අර්ශස් රෝගය ඇතිවීමට බලපාන හේතු කාරණා බොහෝ වේ. මෙහිදී ආහාර පාන ඇවතුම් පැවතුම් හා මානසික ආතතිය හා සහජ හේතු ප්‍රධාන ලෙස බලපායි. ආහාර පාන ලෙස තෙල් අධික ආහාර, උෂ්ණ අධික ආහාර වැඩිපුර ආහාරයට ගැනීම, කෙඳි අඩු ක්ෂණික කෘත්‍රිම ආහාරවලට පුරුදු වීම, මද්‍යසාර භාවිතය, පළතුරු පලාවර්ග ආහාරයට නොගැනීම, අඩු ජල පානය දැක්විය හැක. අර්ශස් රෝගය ඇතිවීමට බලපාන ඇවතුම් පැවතුම් ලෙස ව්‍යායාමයේ නොයෙදීම, නිදි වැරීම, මලබද්ධය, මලවේග දරා සිටීම, බලෙන් මලවේග ඇති කිරීම, එනම් තැටමීම, සුවපහසු ආසන මත වැඩි වේලාවක් වාඩි වී සිටීම ආදිය දැක්විය හැක. තවද කාර්ය බහුල බව ක්‍රෝධ, ශෝක, භය ආදී මානසික තත්ත්වයන් ද මීට හේතුවිය හැක. මේ රෝග තත්ත්වයේ දී බොහෝ රෝගීන් වෛද්‍යවරයෙකු වෙත යොමු වන්නේ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීමත්් සමඟය. රෝගීන් මේ අවස්ථාවේදී බොහෝ බියට පත්වේ. බොහෝ දෙනා මේ අවස්ථාවේදී තමන්ට පිළිිකාවක් වැලඳී ඇතැයි සිතති. ඇතැමුන් එකහෙලාම තමනට අර්ශස් රෝගී තත්ත්වය වැලඳී ඇති බව පවසයි. එහෙත් ගුද මාර්ගයෙන් රුධිරය පිටවීමට එකම හේතුව අර්ශස් හෝ පිළිකාවක් නොවේ. එයට තවත් හේතු තිබිය හැක. ඒ රෝග අතර පරිකර්පිකා, බගංදරා, ගුද භ්රංශ, විසප්පු රක්ත අතීසාරය ආදිය දැක්විය හැක. එහෙයින් ගුද මාර්ගයෙන් රුධිර වහනය වන අවස්ථාවක තමුන්ම රෝග විනිශ්චය කර අත්බෙහෙත් කරනවාට වඩා පළපුරුදු වෛද්‍යවරයකු වෙත ගොස් විධිමත් රෝග පරීක්ෂාවකට බඳුන්වී ප්‍රතිකාර ලබා ගැනීම යෝග්‍යය. එබැවින් ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇති වූ විට තමාට යම් සැකයක් ඇතිනම් පළපුරුදු වෛද්‍යවරයෙකු වෙත යොමු වී තමාගේ රෝග තත්ත්වය පැහැදිලි කරගත යුතුය. නව්‍ය ප්‍රතිකාර ක්‍රම තුළින් ශල්‍යකර්ම එන්නත් කිරීම් හා රබර් බෑන්ඞ් යෙදීම මගින් මෙම අර්ශස් රෝගයට ප්‍රතිකාර කෙරේ. එහෙත් මෙම ප්‍රතිකාර මගින් නැවත නැවත අර්ශස් රෝගය වැලඳී ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. නමුත් ආයුර්වේද ප්‍රතිකාර නිවැරදි ලෙස ලබාගන්නා රෝගීනට එසේ නැවත නැවත එම රෝගය වැල`දීමට සිදුනොවේ. ඊට හේතුව ආයුර්වේද ප්‍රතිකාරය ප්‍රධාන වශයෙන් රෝග මූලය ඉලක්ක කරගත් ප්‍රතිකාර පංතියකින් සමන්විත වීමයි. තවද රෝගියාට පත්ය අපත්‍ය විහරණ පිළිබඳවද වෛද්‍යවරයා නිතර දැනුවත් කිරීමක්ද කරයි. මේ නිසා රෝගියා වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස පිළිපදින්නේ නම් මෙම රෝගය නැවත හට ගැනීමෙන් තොරව නිට්ටාවටම සුව කරගත හැක. වෙනත් වෛද්‍ය ක්‍රම අනුගමනය කළ රෝගීන් ශල්‍යකර්මවලට ලක්වූ අය පවා නැවත රෝගය වැලඳී ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවූ අවස්ථා නිතර හමුවේ. ඔවුන්ටද පූර්ණ සුවය අත්කර දීමට දේශීය චිකිත්සාව සමත් බව සතුුටින් දන්වා සිටිය හැක. ශී‍්‍ර ලාංකීය සමාජය තුළ අර්ශස් රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර සාර්ථක බවට මතයක් පවතී. එය සත්‍යය වශයෙන්ම නිවරදිය. එහෙත් අර්ශස් රෝගය සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම ශල්‍ය ප්රතිකාරද ආයුර්වේදයේත් ඇති බව බොහෝ දෙනා දන්නේ නැත. අර්ශස් රෝගය අවස්ථා 4 කට වෙන්කර ගත හැක. එහි පළමු අවස්ථාව වන්සේ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීමයි. දෙවෙනි අවස්ථාවේදී මලපහ කරන විට ගුද මාර්ගයෙන් මස්දල්ලක් එළියට ඒම සහ ස්වභාවිකවම එය ඇතුළට යන අවස්ථාවයි. තුන්වන අවස්ථාව වන්නේ අර්ශස් ගෙඩි අතින් තල්ලූ කරගත යුතු අවස්ථාවයි. හතර වන අවස්ථාථාවේදී අර්ශස් ගෙඩි ගුද මාර්ගය ඇතුලට නොගොස් එළියේ ම පවතින අවස්ථාවයි. මෙම අවස්ථා 4 න් වැදගත් වන්නේ පළමුවන සහ දෙවනි අවස්ථා ආයුර්වේදයට අනුව ඖෂධ ප්‍රතිකාර මගින් පමණක් සුවකර ගත හැකි තත්ත්වයක් වීමයි. එහෙත් තුන්වන සහ හතර වන අවස්ථාවේදී ආයුර්වේදයේද ඖෂධ ප්‍රතිකාර මෙන්ම ශල්‍ය ප්රතිකාරද සිදුකරනු ලබයි. ශල්‍යකර්ම ලෙස ශාර ගැල්වීම හා ශාර නූල්වලින් ගැට ගසා ගෙඩි ඉවත් කිරීම දැනට බහුලවම සිදු කරන ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාරයයි. ශාර යනු ආයුර්වේදීය ශාක ඖෂධ විශේෂිත ලෙස පුලූස්සා එම ලබාගන්නා අළු විශේෂිත ලෙස පෙරා සකස්කරගන්නා ලද චූර්ණයකි. ශාර නූල යනු ආයුර්වේදිය ශාක ඖෂධ විශේෂිත ලෙස පලූස්සා ලබාගන්නා අළු පියවර කිහිපයකින් පසු සකස් කර සාදා ගන්නා ඖෂධීය නූලකි. ආයුර්වේදයට අනුව සිදු කරන මෙම ශල්‍ය කර්මය හිරිවැට්ටීමකින් තොරව අඩු වේදනාවකින් කළ හැකි වීම විශේෂත්වයක් ලෙස දැක්විය හැක. මෙම ශල්‍යකර්මය සිදු කිරීමට පෙර වෛද්‍යවරයා විසින් රෝගියාට පළමුව එම ප්‍රතිකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කර රෝගියා ශල්‍ය කර්මයට ඇති බිය ඉවත් කරගත යුතුය. අර්ශස් රෝගයෙන් පෙළෙන රෝගීන් පිළිපැදිය යුතු විහරණ කිහිපයක්ම වේ. ඒ අතර කෙඳි වැඩි ආහාර නිතර ආහාරයට ගැනීම, පලතුරු, ධාන්‍ය, අල, බතල කොළ කැඳ, පලා වර්ග ආහාරයට එකතු කර ගැනීම. කෘතිම ආහාර බේකරි ආහාර ක්ෂණික ආහාර අවම කරගැනීම, ඇඹුල් රසැති ආහාර, අච්චාරු, සැමන්, බලමාළු, දෙල් වැනි උෂ්ණාධික ආහාරවලින් වැළකීම, සිගරට් මත්පැන් පානයෙන් තොරවීම දිනපතා කොළකැඳ, ඖෂධීය ඔසුපැන් පානය කිරීම හා හොඳින් ජලය පානය කිරීම වැදගත් වේ. අර්ශස් රෝගයෙන් පෙළෙන රෝගියකු වෛද්‍යවරයෙකු වෙත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන තෙක් නිවසේදීම සිදුකරගත හැකි ආයුර්වේද ප්‍රතිකාර කිහිපයක් ද පවතී. අර්ශස් රෝගය හේතුවෙන් බඩ වේළීම සිදු වූ විටකදී බඩ බුරුලෙන් තබා ගැනීමට අරලූ පත හයක් සහ බුලූ පත 6 ක් ගෙන කෂාය කර පානය කිරීම ඉතා යෝග්‍ය වේ. එමෙන්ම එම අවස්ථාව සඳහාම අරලූ ගෙඩියක් තලා වතුර වීදුරුවකට දමා උදයට පෙරා පානය කිරීමද සුදුසුය. අර්ශස් රෝගය හේතුවෙන් අධික ලෙස රුධිරය පිටවන අවස්ථාවලදී රත් කරල් හැබ සම්පූර්ණ පැළෑටියම ගෙන තම්බා පානය කිරීම හෝ රත් කරල් හැබ කැඳ උයා පානය ද සුදුසුය. අර්ශස් ගෙඩි පිටතට පැමිණ ඇති අවස්ථාවේදී අඟල් 6 ක් පමණ දිග කොහිල අලයක් ගෙන හොඳින් සුද්දකර කැබලිවලට කපා වතුරට දමා උදේට මෙය හොඳින් බ්ලෙන්ඩර් කර කැඳ සාදා පානය කිරීමද ඉතාම සුදුසුය. එමෙන්ම ගුද මාර්ගය පහත් වී කැක්කුම ඇතිවී රුධිරය පිටවේනම් පංච වල්කන ඖෂධ වන (නුග, බෝ, අත්තික්කා, ගංසූරිය, මාදම්පොතු) තම්බා මද රස්නය සහිතව එම ජලය බේසමකට දමා ඒ ජලයේ වාඩි වී සිටීමෙන් රෝගියාට යම් සහනයක් ලැබේ. නික කොළ එලෙස තම්බා ඒ ජලයේ වාඩිවී සිටීමද ඉතා ගුණදායකය. එමෙන්ම පරිකර්පිකා අවස්ථාවේදී ගුද මාර්ගයේ පිපිරීම හෝ දැවිල්ල ඇතිනම් කෝමාරිකා අතු කැබැල්ලක් ගෙන එය හොඳින් සුද්දකර අභ්‍යන්තර මදය ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් සහනයක් හිමිවේ. මෙම කෝමාරිකා සත්කාරය ගුද මාර්ගයේ ඇතිවන තුවාල සුවවීමද ඉක්මන් කරයි. එහෙත් මෙම සියලූ ඖෂධයන් වෛද්‍යවරයෙකු හමුවෙනතෙක් නිවසේදී කළහැකි ප්‍රථමාධාරයන් පමණක් වන අතර රෝගයට ප්‍රතිකාර සඳහා පළපුරුදු වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත්ය. චමිලා අල්විස් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2018 05:46 PM අවුරුදු පහට අඩු දරුවන් උණෙන් පෙළෙන විට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කුඩා දරුවන් සිටින දෙමාපිය වැඩිහිටියන් කලබලයට බියට පත් කරන දරුවන්ට බලපාන රෝගී තත්ත්ව අතුරින් “උණ” යනු ඉතාම සුලභ වූවකි. මෙය බොහෝ දෙනෙකු රෝගයක් සේ හඳුනා ගන්නා නමුදු එය ශරීරගතව තිබෙන කිසියම් වෛරසයක්, බැක්ටීරියාවක් වැනි විෂබිජයක් නිසා හෝ ශරීරයේ සැඟව තිබෙන වෙනත් භයංකර රෝගයක් ගැන කියැවෙන සංඥාවක් වැනි රෝග ලක්ෂණයකි. විවිධ ඖෂධ වර්ග, අසාත්මිකතා, ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන් හේතු කරගෙන උණ හටගැනීමට පිළිවන. සාමාන්‍යයෙන් උණ තිබෙන බව කියැවෙන්නේ ශරීර උෂ්ණත්වය 100.4ංF (ෆැරන්හයිට්)ට හෝ 38ංC (සෙන්ටිග්‍රේට්)ට හෝ වැඩි වූ විටය. සාමාන්‍යයෙන් නිවැරදි ලෙස උණ මැන බැලිය යුත්තේ දරුවාගේ අධෝමුඛයට උණ කටුව ප්රවිශ්ට කර ලබාගන්නා උෂ්ණත්ව අගයයි. කිහිලි, මුඛය වැනි ස්ථාන වලින්ද උණ මැන බැලිය හැකි නමුදු වඩාත් නිවැරදි උෂ්ණත්ව අගය ලැබෙන්නේ පෙර කී උණ බැලීමේ ක්‍රමවේදය හරහාය. සාමාන්‍යයෙන් කුඩාම බිලිඳුන්ට උණ තිබෙන විට එය සංනිවේදනය කිරීම සඳහා ඒ දරුවන් තදින් හැඬීම කළ හැකිය. එසේම දරුවෙකු නොරිස්සුමකින්, කේන්තියකින් පසුවෙයි නම් නිතර නිතර අඬනවා නම් හුස්ම ගැනීමේ රටාව වේගවත් නම් ආහාර ප්‍රතික්ෂේප කරයි නම් ඒ උණෙන් පෙළෙන බවට ලක්ෂණ විය හැකිය. විශේෂයෙන් වයස මාස 6 සිට අවුරුදු 5 දක්වා දරුවන් උණෙන් පෙළෙන විට විශේෂිත වූ අවධානයක් යොමු කළ යුතුමය. දරුවාගේ උණ සමග පවතින කැස්ස හුස්ම ගැනීමේ වේගය, වමනය, උණ වැඩිවීමේ තත්ත්ව වැනි ලක්ෂණ වෙනස් වෙයි නම් දරුවා ඉක්මනින්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම අතිශයින් වැදගත්වෙයි. එසේම දරුවා රෝහල්ගත කළයුතු බව වෛද්‍යවරයාගේ අදහස නම් අනිවාර්යයෙන්ම එය කළ යුතුයි. රෝහලකදී දරුවාගේ උණ තත්ත්වය සටහනක් ලෙස අධීක්ෂණය කරමින් රෝගය හඳුනා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් ගන්නා අතර නිවසකදී එය සිදුකිරීම අසීරුය. එසේම දරුවාගේ උණ තත්ත්වය වෙනස්වන රටාව හරහා රෝගයට හේතුව වටහා ගැනීම පහසුවෙයි. එසේම උණ හටගත් දරුවෙකුගේ උණ අඩුකිරීම සඳහා ශරීරය තෙමීමේදී මද උණුසුම සහිත ජලය පෙඟවූ රෙදි කැබැල්ලක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වෙයි. දරුවාගේ ශරීරය තෙමා තෙත මාත්තු කරන්න. දරුවා ඝන රෙදි වලින් ඔතා තැබිමෙන් වළකින්න. හොඳින් වාතාශ්‍රය ලැබෙන ආකාරයට, ශරීරය, නිරාවරණය කර තබන්න. දියර වර්ග ප්‍රමාණවත් තරම් බිමට දෙන්න. පිට කරන මුත්‍රා තද කහ පැහැයක් ගන්නේ නම් දියර වර්ග ලබාදීම වැඩිකරන්න. මුත්‍රා ලා පැහැයට හැරෙන තුරු ජලය, ජීවනී, කොත්තමල්ලි වතුර, කැඳ වර්ග වැනි දෑ දරුවාට ලබා දෙන්න. ඩෙංගු උණ රෝගය ගැන සැකයක් පවතින විට රත් පැහැයට හුරු දියර, චොකලට්, කෝපි වැනි දෑ ලබාදීමෙන් වළකින්න. උණ පාලනයට නිතරම පැරසිටමෝල් පමණක් ලබාදෙන්න. සමහර මුත්‍රා ආසාදන සමේ පවතින තුවාල ආසාදන උගුරේ ආසාදන, බඩේ අමාරු, නියුමෝනියා වැනි ස්වසන රෝග නිසාද උණ හටගත හැකි බව මතකයේ තබා ගන්න. උණ සහිත දරුවෙකුගේ රෝග ලක්ෂණ වෙනස් වේ නම් වහාම නැවත වෛද්‍ය උපදෙස් පැතීමට යොමුවන්න. උදාහරණයක් ලෙස දරුවාට උණ වැලඳී, බෙහෙත් ගන්නා විට තිබූ රෝග ලක්ෂණ වලට අමතරව වෙනත් රෝග ලක්ෂණ මතුවේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයා වෙත නැවත යොමුවී උපදෙස් ලබාගන්න. සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Sep 2018 05:48 PM හෘදයාබාධය හඳුනා ගනිමු හෘදයාබාධ නිසා මිය යාම අද ඉතා සුලබ තත්ත්වයක්. එනිසා හෘදයාබාධ සම්බන්ධ මේ කරුණු ඔබට ඉතාමත් වැදගත් වේවි. හෘදයාබාධයක දී ඇති වන මූලික ලක්ෂණ බොහෝ දෙනෙකු වැඩි වශයෙන් මුහුන දෙන අත්දැකීම නම් පපුව මැද ඇති වන පපුව හිර කරන්නාක් මෙන් දැනෙන කැක්කුමයි. සමහර අවස්ථාවල දී මෙය දැවිල්ලක් ලෙසද දැනීමට ඉඩ තිබෙනවා. මේ කැක්කුම පපුවේ මැදින් පටන් ගෙන උරහිස දෙසට, බෙල්ල දෙසට ගමන් කළ හැකියි. මෙම කැක්කුම වැඩිපුර ගමන් කරන්නේ වම් උරහිස පෙදෙසට වුවත් සමහර රෝගීන්ගේ දකුණු උරහිස පෙදෙසටද ගමන් කිරීමට ඉඩ තිබෙනවා. ඇන්ජයිනා කැක්කුමක දී මෙන් නොව හෘදයාබාධයක දී ඇති වන කැක්කුම විවේකයෙන් සිටින විටදීත් ඇතිවිය හැකියි. මීට අමතරව ඇති වන තදබල කැක්කුමත් සමග අධික ලෙස දහඩිය දැමීම, ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය, හතිය කරකැවිල්ල වැනි රෝග ලක්ෂණද ඇති විය හැකියි. හෘදයාබාධයක් නිසා ඇතිවන පපුවේ කැක්කුම සහ වෙනත් හේතුවක් නිසා ඇතිවන පපුවේ කැක්කුම වෙන් කර හඳුනා ගන්නේ කෙසේද? සෑම පපුවේ කැක්කුමක්ම හෘදයාබාධයක් නිසා ඇති වන ඒවා නොවෙයි. හෘද රෝගවලට අමතරව වෙනත් රෝග සහ හේතු නිසාත් පපුවේ කැක්කුමක් ඇති වන්න පුළුවන්. ඒ අතර පපුවේ මස් පිඬු වේදනාව බොහෝ විට වරදවා තේරුම් ගනු දකින්නට තිබෙනවා. තවද ඉල ඇට සහ කාටිලේජ අතර ඇති කුඩා සන්ධි ඉදිමීම, ආමාශගත අම්ල ගලනාලය දිගේ ඉහළට ගමන් කිරීම නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයෙන් ඇති වන දැවිල්ල ද මෙසේ ඇති විය හැකි පපුවේ වේදනායි. දරුණු හෘදයාබාධයක් වැළඳුණු අයගෙන් 20ක් පමණ රෝහලකට රැගෙන යාමට පෙර ක්ෂණිකව මිය යාමට ඉඩ තිබෙනවා. තවත් 5ක් පමණ රෝහලට රැගෙන ගොස් එම හෘදයාබාධයට ප්‍රතිකාර කරන අතරතුර එම රෝග තත්ත්වය නිසා ඇතිවිය හැකි සංකූලතා නිසා මිය යනවා. එනිසා හෘදයාබාධයක් සෑදෙන හැම හතර දෙනෙකුගෙන්ම එක් අයෙකු මිය යාමට ඉඩ තිබෙනවා. හෘදයාබාධයක් හැකි ඉක්මනින්ම හඳුනා ගැනීමත් ඒ සඳහා ඉක්මනින්ම ප්‍රතිකාර කිරීමත් අවශ්‍ය වන්නේ මේ නිසයි. නමුත් අවාසනාවකට බොහෝ හෘදයාබාධයන් වැළඳුණු රෝගීන් රෝහලකට පැමිණෙන්නේ පැය දෙක තුනක් ප්‍රමාද වී බැවින් ඔවුන්ට සම්පූර්ණ සුවය ලැබිමට තිබෙන අවස්ථාව නැතිවී විවිධ සංකූලතාවලට (ඛිධථනතඪජචබඪධදඵ) මුහුණ දීමට සිදු වෙනවා. හෘදයාබාධයක් ඇතිවීමට තුඩු දිය හැකි ඉහත සඳහන් කළ හේතු අප අවදානම් සාධක ලෙස හඳුන්වනවා. හෘදයාබාධයක් ඇති වීමට හේතු විය හැකි කරුණු කිරීටක ධමනිවල අවහිර වීම නිසා හෘදයාබාධයක් ඇතිවීමට ප්‍රධානතම හේතූන් වන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීම වැනි රෝග තත්ත්වයන් තිබිම සහ දුම්පානයයි. තවද පවුලේ ළඟ ඥාතියෙකුට (එනම් පියාට හෝ මවට, සොහොයුරෙකුට හෝ සොහොයුරියකට) හෘදයාබාධයක් වැළඳී ඇත්නම් එවැනි අයටද හෘදයාබාධයක් ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා. මේ හැරුණු විට තරබාරු බවද, දැඩි මානසික ආතතියද, ව්‍යායාම නොකර අලස ලෙස සිටීම හෘදයාබාධ හට ගැනීමට බලපාන තවත් සාධක ලෙස හඳුන්වන්න පුළුවන්. හෘදයාබාධයන්ට මග පාදන අවදානම් සාධක * සෞඛ්‍යයට අහිතකර ලෙස පවතින රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම් - LDL කොලෙස්ටරෝල් එනම් නරක කොලෙස්ටරෝල් තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි වීම සහ HDL කොලෙස්ටරෝල් එනම් හොඳ කොලෙස්ටරෝල් තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු වීම. * අධික රුධිර පීඩනය පැවතීම - එනම් රුධිර පීඩන අගයන් 140/90 mmHg හෝ ඊට වඩා වැඩි අගයක කාලයක් තිස්සේ පැවතීම. * දියවැඩියාව - පාලනය නොකළ දියවැඩියාව කලක් තිස්සේ පවතින විට කිරීටක ධමනි වල කොලෙස්ටරෝල් තැන්පත් වී අවහිර වීමේ ක්‍රියාවලිය වේගවත් වීම. * දුම්පානය - සිගරට් දුමෙහි අඩංගු විෂ රසායනිකයන් හේතුවෙන් රුධිර නාල අවහිර කරන කොලෙස්ටරෝල් තැන්පත් වීමේ ක්‍රියාවලිය වේගවත් වීම. මෙහිදී සක්‍රියව දුම් පානය කිරීම මෙන්ම දුම් පානය කරන අයෙකු ළඟ සිටීම නිසා දුම් පානය (අක්‍රිය දුම් පානය) ට ගොදුරු වීමද සැලකෙනවා. ක්‍රියාශීලී නොවීම ක්‍රියාශීලී නොවී, සිරුර නොවෙහෙසා සිටින විට රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය සහ කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යෑම. අවහිර වීමේ ක්‍රියාවලිය සෙමින් සෙමින් අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවිය හැකි නමුත් එතැන රුධිර කැටියක් හිරවී රුධිර ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතීම විනාඩි කිහිපයක් තුළදී සිදුවිය හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 03 Sep 2018 05:49 PM වෙලාවකට මෙච්චර ලෙඩ තියෙනවද කියලත් හිතෙනවා 0 UdariSuper Senior MemberPosts:5555 03 Sep 2018 09:08 PM ක්‍රියාශීලී නොවෙන එක නම් දැන් කා අතිනුත් වෙන දෙයක් 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Sep 2018 09:19 PM මම ක්‍රියාශීලි නෑනෙ හෑ.....බයයි Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 07:27 AM සයනයේදී අසමත් වීම (Male Erectile Disorders) ලිංගිකත්වය යනු ස්වාභාවික ආශාවකි. බර්ට්‍රම් රසල් නම් දාර්ශනිකයා ඔහුගේ විවාහය හා සදාචාරය නැමති පොතේ එක් තැනක මෙසේ කියනවා. ප්‍රේමයට බියැත්තෝ ජීවිතයට බියය. ජීවිතයට බියැත්තෝ නොමළ මළවුන් වැනිය. ආදරය සහ ලිංගිකත්වය එකට මුසුවුණු තැන එහි උපරිම ආශ්වාදයක් ලැබිය හැකිවන අතර එසේ නොවුණ තැන නොයෙකුත් මානසික ගැටලු වගේම ලිංගික ගැටලු නිර්මාණය වී ජීවිතය අතෘප්තිකරභාවයට පත්විය හැක. සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා කියන පරිදි ලිංගික ආශාව යටිහිතේ සැඟවුණු ගැඹුරු ආශාවක් වන අතර එය අප නොදැනුවත්වම මෙහෙයවන සැඟවුණු විශාල මානසික බලයකි. මිනිසා බොහෝ විට ලිංගික ගැටලු නිර්මාණය කරගන්නේ වැරදි පුරැදු ආකල්ප හා විශ්වාසයන් සමඟ ජීවත් වීමට යාම නිසාය. වෛද්‍යවරැන්ට යොමුවන ලිංගික අසනීප සහිත රෝගීන්ගෙන් 10%ක් 20%ක් පමණ ප්‍රමාණයක් අප්‍රාණිකත්වය නමැති තත්ත්වයකින් පෙළෙන බව සොයාගෙන ඇත. යම් පිරිමියකුට මුළු ජීවිත කාලය පුරාම නිසිලෙස ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීමට නොහැකිවීම දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් අවුරැදු 35ට අඩු පිරිමින්ගෙන් 1%කට පමණ මෙම තත්ත්වය තිබෙන බව වාර්තා වේ. වයස වැඩිවීමත් සමඟ ප්‍රාණවත් වීමේ ගැටලු වැඩිවිය හැක. අවුරුදු 60ත් 70ත් අතර පිරිමින් ගතහොත් ඉන් 40%කට 50%කට පමණ මෙම තත්ත්වය ඇතිවිය හැක. තාරුණ්‍යයේ හා මැදිවියේ සිටින බොහෝ දෙනා ලිංගික අප්‍රාණිකත්වයට ගොදුරැ වන්නේ මානසික හේතූන් නිසාය. මානසික හේතූන් ලෙස මෙහිදී පළිගැනීමේ සිතුවිලි, මෝඩ අභිමානය (superego -), සහකාරිය පිළිබඳ විශ්වාසය නැතිවීම (Inability to trust) සහ හැඟීම් නිසිලෙස අවදිනොවීම (Feelings of Inadequacy) මානසික හේතූන් වේ. නිසිලෙස ප්‍රාණවත් නොවීමට ශාරීරික හේතු බලපාන අවස්ථාවකදී උදෑසන ශිෂ්ණය ප්‍රාණවත් නොවීම (No morning erection), ස්වයංවින්දනය කිරීමට අපහසුවීම (Inability to masturbatle) සහ කාලයත් සමඟ ක්‍රමානුකූලව ශිෂ්ණයේ ප්‍රාණවත් බව අඩුවීම දකින්නට ලැබෙන ලක්ෂණ වේ. ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කර ගැනීමට අපි ළඟට යොමුවූ අයගේ සත්‍ය කතා කිහිපයක් ආශ්‍රය කරගෙන බලමු. 1. පිරිමින්ගෙන් 8% දෙනෙක් පමණ ප්‍රථම ලිංගික එකතුවීමේදී ලිංගික අප්‍රාණිකත්වය අත්විඳිය හැකිය. මෙහිදී මත්පැන් ගැනීම, මනා අවබෝධයකින් තොරව සමහරවිට නොදන්නා සහකාරියක සමඟ ලිංගිකව එකතුවීම මීට හේතු දෙකකි. සුපුන්ගේ කතාව සුපුන් විවාහ වී සති දෙකකි. ඔහුට තම බිරිඳ හමුවූයේ යෝජනාවකිනි. සුපුන්ට මින් පෙර ලිංගික අත්දැකීම් නොතිබුණි. ඔහුට තම බිරිඳ සමඟ සාර්ථකව ලිංගිකව එකතුවීමට හැකිවේදැයි බියක්ද පැවතුණි. බිය සහ තරමක ලජ්ජාශීලී ස්වභාවයෙන් තම බිරිඳ සමඟ එකතුවීමේදී ලිංගික සංසර්ගය තුළදී මඳ වේලාවකින් ශුක්‍රාණු පිටවීමටත් ප්‍රථමව ශිෂ්ණය අප්‍රාණික විය. විමල්ගේ කතාව විමල්ගේ වයස අවුරුදු 25 යි. ඔහු නයෝමි සමඟ විවාහ වී දැනට මාස දෙකකි. පූර්ණ ලිංගික අත්දැකීම්වලින් තොර වූ විමල් සංසර්ගය පිළිබඳ යම් ආකාරයක ආතතියකින් සහ බියකින් පසුවිය. ඔහු මෙම ආතතිය අවම කරගැනීමට තම යහළුවන්ගේ උපදෙස් අනුව මත්පැන් ටිකක් පානය කිරීමට පුරුදු විය. නමුත් ලිංගික සංසර්ගයේදී විනාඩි 5ක්වත් යාමට ප්‍රථමව ශිෂ්ණය අප්‍රාණික විය. ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ශිෂ්ණය ප්‍රාණවත් නොවීමට තවත් ප්‍රධාන හේතු කිහිපයක් ඇත. අධික රුධිර පීඩනය සහ දියවැඩියා තත්ත්වයන් සමඟ රුධිරවාහිනී අවහිරවීම, අධික දුම්පානය සහ නිසි ව්‍යායාමවලින් තොර අලස ජීවිතය වගේම අවුරුදු 40න් පසුව පිරිමින්ටද වයස සමඟ ශිෂ්ණයේ අප්‍රාණිකවීම සිදුවිය හැකිය. අපි මේවා සත්‍ය කතා ඇසුරෙන් බලමු. නිමල්ගේ කතාව නිමල්ගේ වයස අවුරුදු 45 යි. විවාහ වී දරුවන් දෙදෙනෙකි. නිමල් සහ ඔහුගේ බිරිඳ අතර ආදරණීය සම්බන්ධතාවයක් වගේම සාර්ථක ලිංගික සබඳතාවක්ද පැවතුණි. දැනට මාස 6කට විතර ප්‍රථම නිමල් සහ බිරිඳ අතර තිබුණු ලිංගික සබඳතාවය බිඳවැටුණි. නිමල්ගේ මවද මියගියේ මීට මාස නවයකට පෙරය. නිමල් දැඩිලෙස මවට ආදරය කළේය. මවගේ වියෝවෙන් පසු නිමල්ගේ හැසිරීමද ක්‍රමානුකූලව වෙනස් විය. උදෑසන නින්දෙන් අවදිවීම, ඇඟට නිතර දැනෙන තෙහෙට්ටුව, කෑම අරුචිය, කලකිරීම සහ එපාවීම දැකියහැකි විය. මීට සමගාමීව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වීමද අඩපණ විය. වෛද්‍යවරු පැවසුවේ නිමල් මානසික අවපීඩනයට ගොදුරු වී ඇති බවයි. මානසික අවපීඩනය ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රධාන හේතුවකි. සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ මානසික අවපීඩනය වැළඳුණ අයගෙන් 40%කට පමණ ලිංගික ජීවිතයේ නොයෙකුත් ගැටලු ඇතිවන බවයි. මීට විද්‍යාත්මක හේතුව නම් මානසික අවපීඩනයේදී මොළය තුළ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන්වල වෙනස්වීම් සිදුවන නිසාය. සුනිල්ගේ කතාව සුනිල්ගේ වයස අවුරුදු 35 යි. ඔහු විවාහ වී අවුරුදු 6ක දරැවෙක්ද සිටී. සුනිල් වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි. ඔහු ඔහුගේ ගැටලුව ගැන මෙසේ පැවසීය. මට දැන් මාස 6ක පමණ කාලයක සිට මගේ බිරිඳ සමඟ එකතුවන විට හොඳට, ශක්තිමත් ලෙස මගේ ශිෂ්ණය ප්‍රාණවත් වන්නෙ නෑ. සංසර්ගයේ යෙදී සිටින විට විනාඩි 3ක් පමණ කාලයක් තුළ මටම නොදැනී ශිෂ්ණය අප්‍රාණික වෙනවා. මම දවසට සිගරට් 20ක් පමණ බොනවා ප්‍රාණවත් වීම හරියන්න කියලා. මම හුඟක් වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා. ඒත් හරිගියේ නැහැ. දුම්බීම ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන ප්‍රධාන හේතුවයි. දිගටම දුම්බොන කෙනකුගේ ශිෂ්ණය ඇතුළේ තිබෙන ධමනිවල ඇතුළත ආස්තරණය තුවාල වී ඒවා මත ලිපිඩ, කොලෙස්ටරෝල් තැන්පත් වී ලේ ගමන අවහිර කරයි. මෙසේ ශිෂ්ණයට ලේ ගමන අඩුවූ විට ප්‍රාණවත් වීමද අඩුවී යයි. මින් වැළකීමට හොඳම ප්‍රතිකාරය නම් දුම්බීම නතර කිරීමයි. සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ දුම්බීම නතර කළ පසු ටික කාලයක් තුළදී යළිත් පෙර සේම ශිෂ්ණය ප්‍රාණවත් වන බවය. පියල්ගේ කතාව පියල්ගේ වයස අවුරුදු 40 යි. විවාහ වී දරැවන් දෙදෙනෙක් සිටී. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ජීවිතයේ සියලු දේටත් වඩා තම ව්‍යාපාරයට මුල්තැන දී සිටි පුද්ගලයෙකි. කිසිම ව්‍යායාමයක නොයෙදුණු ඔහු ආහාරවලට දැඩිලෙස ගිජු වූ තරබාරු පුද්ගලයෙකි. පියල් අප වෙත යොමුවූයේ දැනට මාස 8ක පමණ කාලයක සිට තම බිරිඳ සමඟ ලිංගිකව එකතුවීමට තරම් ශක්තිමත් ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවන බව කියමිනි. පියල්ගේ ලේ පරීක්ෂා කිරීමේදී ඔහු දැඩිලෙස දියවැඩියාවෙන් පෙළෙන බව සොයාගැනිණි. මෙතෙක් කල් පියල් මේ පිළිබඳව දැන සිටියේ නැත. දියවැඩියාව සහ තරබාරුකම ශිෂ්ණය නිසිලෙස ප්‍රාණවත් නොවීමට තවත් හේතු දෙකකි. දියවැඩියාව ඇති පුද්ගලයකුට ශිෂ්ණය ප්‍රාණවත් නොවීමට ඇති හැකියාව සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුන් ගුණයකින් වැඩිය. නිසිලෙස දියවැඩියාව පාලනය කිරීමෙන් හා තරබාරුව අඩුකරගැනීමෙන් ලිංගික අප්‍රාණිකත්වය අවමකරගත හැක. ඔබ දැනගත යුතු විශේෂ කරුණු ඔබට ප්‍රාණවත් වීමේ ගැටලුවක් ඇත්නම් අවබෝධයකින් තොරව නොයෙකුත් බෙහෙත් වර්ග නොබී මනෝ වෛද්‍යවරයකු හමුවන්න. දුම් බීමෙන් සහ මත්පැන් බීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න. නිසි ව්‍යායාමවල යෙදී සැහැල්ලු ජීවිතයක් ගෙවීමට අවශ්‍ය පරිසරය සකස් කරගැනීම. බොහෝ දෙනා ලිංගික අප්‍රාණිකත්වයට වෛද්‍ය උපදෙස් නොමැති ව්යාඝ්ර නැමති පෙති වර්ගයක් බීමට පුරැදු වී ඇත. මෙය ඉතා භයානක සෞඛ්‍ය ගැටලුවලට මඟපෑදීමක්ද විය හැක. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 07:31 AM දියවැඩියා-කොලෙස්ටරෝල් නැසීමට කුරුඳු කොළේ ඇති බලේ අපරදිගින් ආ සුදු පැහැ සමක් ඇත්තන් ඉන්දියන් සාගරයේ තිබුණු පුංචි දිවයිනක් ගැන වූ ආරංචි කලෙක පටන් අසා සිටියේ මහත් වූ ලෝබකමිනි.” ඒ දූපතේ වෙරළ දිගේ ම ඒ මහා වටිනා දේ තියෙනවා. ඒ දූපත පැත්තෙන් එන සුළගේ පවා තියෙන්නේ ඒ සුවඳ”ලන්දේසි නැවක කපිතාන්වරයකු තමන්ගේ පාලකයන්ට දන්වා යවා තිබුණේ ය. ඔහු ඒ ආරංචිය යවන කාලය වන විටත් ඒ පුංචි දූපතේ නැතිනම් ලංකාවේ වෙරළ තීරය පෘතුගීසීන්ගේ පාලනයට යටත් වී තිබුණේ ය. පෘතුගීසීන් පවා ඒ දූපතට පැමිණ තිබුණේ ලන්දේසි කපිතාන්වරයාට දැනුණු සුවඳ දිගේ ම ය. ඒ සුවඳ ගෙනවිත් තිබුණේ එදා පටන් ම ලංකාවේ වෙරළ කලාපය ආශ්රිත ව වැවී තිබුණු කුරුදු ය.එදා 16 වන 17වන සියවස්වල හැදුණු කුරුඳුවල ඒ වටිනාකම අදටත් වැඩිවී ඇත්තා මිස අඩුවී නැත. අද වන විට ලෝකයේ පස්වැනි තැනට ඉහළ ම වටිනාකමක් ලැබෙන්නේ කුරුඳුවලටයි. ලොව පුරා රටවල් කිහිපයක ම කුරුඳු දැක ගත හැක්කා සේම කුරුඳුවල වටිනාකම් සහ ගුණ ගැන ද ලෝකයා වරින් වර නොයෙක් සොයා බැලීම් කර ඇත්තා හ. සිනමෝමම් නම් ගණ නාමයට අයත් කුරුඳු විශේෂ 250ක් පමණ ලෝකයේ නොයෙක් කලාප වලින් හඳුනාගෙන ඇත. මේ අතරින් වාණිජමය වටිනාකමක් ඇත්තේ නම් කුරුඳු විශේෂ හතරකට පමණ ය. ලංකාවේ හදුනාගත හැකි සිනමෝමම් සිලේනිකම් නැතහොත් වේරම්, සිනමෝමම් ඇරෝමැටිකා නැතහොත් කැසියා නැතින්ම චීන කුරුඳු, සිනමෝමම් බර්මානි නැතිනම් ඉන්දුනීසියන් කුරුඳු සහ සිනමෝමන් ලොරේරි නැතිනම් වියට්නාම් කුරුඳු මෙකී වාණිජ වටිනාකමක් ඇති කුරුඳු විශේෂයන් ය. ලෝක වෙළදපොළේ කුරුඳු අවශ්‍යතාවෙන් සියයට අසූ අටක් ම සපුරන්නේ මේ කුරුඳු විශේෂ හතර ය. එසේ වුව සිනමෝමම් සිලේනිකම් නැතිනම් අපේ කුරුඳු වලට වෙළදපොලේදී ලැබෙනා වටිනාකම අනෙක් විශේෂ තුන හා සැසඳීමේදී ඉතා ඉහළ අගයකි. එ් වටිනාකමේ අගය කුරුඳු වෙනුවෙන් ලෝක වෙළදපොළේදී ලැබෙනා වටිනාකමෙන් තුනෙන් එකකටත් වඩා වැඩිය. ලෝක වෙළඳපොළේ සිනමෝමම් සිලේනිකම් දන්නේ ‘සැබෑ කුරුඳු‘ ලෙසයි. අනෙක් විශේෂ තුනම අඩු මිල ගණන් යටතේ අලෙවි වන ‘කැසියා කුරුඳු‘ ලෙස ලෝක වෙළදපොලේ හැඳින්වෙයි. ලෝකයාට අපේ කුරුඳු සැබෑ කුරුඳු වන්නේ ඒවායේ තිබෙනා ගුණය නිසාමැයි වචනයෙන් කියා තැබීම පහසු ය. ගුණ සැබෑ ලෙසට ම සොයා බලා නිශ්චිතව දැන සිටීම ඊටත් වඩා අගනේ ය. කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ කෞශල්‍යා අබේසේකරට අපේ කුරුඳු ගැන සොයා බලන්නට සිත් වන්නට ඇත්තේ ද මේ කියැවෙනා වටිනාකම් ය. ”කුරුඳු ගැන කියද්දි අපේ රටේ තියෙන කුරුඳු විශේෂ ගැන දැනගෙන ඉන්න එක පහසුවක් වේවි කියලා මම හිතනවා. මොකද අපි පර්යේෂණ වලට අරගෙන තියෙන්නේ දැනට ඉහළ වටිනාකමක් ලැබෙන අපිට නිතර දකින්න ලැබෙන එක කුරුඳු විශේෂයක් විතරක් වෙන නිසා. සිනමෝමම් සිලෙනිකා කියන විශේෂය ඇතුළුව අපේ රටේ කුරුදු විශේෂ අටක් හඳුනාගෙන තියෙනවා. එයින් හතක්ම අපේ රටට ආවේණිකයි. දැනට අපේ රටේ වගා කෙරෙන්නේ ලෝක වෙළදපොළේ ‘සැබෑ කුරුඳු‘ කියල හැඳින්වෙන සිනමෝමම් සෙලෙනිකම් කියන වර්ගය තමයි. අපි අපේ පර්යේෂණයට යොදා ගත්තේ ඒ කුරුඳු වර්ගයමයි. ලෝකයේ තියෙන සෑම කුරුඳු වර්ගයක ම පාහේ ඖෂධීය වටිනාකමක් තියෙන බව ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍ර වල කියැවෙනවා. අපේ රටේ පාරම්පරික වෙදකමේ කුරුඳු වලට තියෙන්නෙත් ඉහළ තැනක්. කුරුඳු පොත්තට වාණිජ වශයෙන් ලොකු වටිනාකමක් තිබුණට , වෙදකමේදී ඒ හා සමාන වටිනාකමක් කුරුඳු කොළයටත් ලබලා දීලා තියෙනවා. ලංකාවේ කුරුදු වලට තියෙන වටිනාකම නිසාම ලෝකයේ ඇතැම් රටවලදී ලංකාවෙ කුරුඳු ගැන පර්යේෂණ කරලා තියෙනවා. නමුත් ඒ කරලා තියෙන පර්යේෂණ වල තියෙන ගැටලුව වෙන්නේ ඒ පර්යේෂණ කරලා තියෙන්නේ සතුන් යොදාගෙන පමණක් වීම. මිනිසුන් යොදාගෙන ලංකාවේ කුරුඳු මෙතෙක් පරීක්ෂාවට ලක්වෙලා නැහැ. මේ වගේ පසුබිමක් එක්ක තමයි මම 2012 අවුරුද්දේ අපේ කුරුඳු වල ඖෂධීය වටිනාකම් ගැන පර්යේෂණය පටන් ගත්තේ.” කුරුඳු වල ඔසු ගුණ ගැන සොයා තහවුරු කර ගන්නට දියවැඩියාව, ඉදිමුම් රෝග පාලනය, ප්‍රතිඔක්සිකාරක ගුණ, මේද පාලනය කිරීමේ හැකියාව, සමේ වයසට යෑම පාලනය කිරීම යන රෝග තත්ත්වයන්ට කුරුඳු වලින් සිදුකළ හැකි බලපෑම ගැන සොයා බලන්නට මේ පර්යේෂණයේදී අවධානය යොමු වූ බව ද කියැවෙයි. ”මේ පර්යේෂණයේ තියෙන විශේෂම දෙය තමයි මේ පර්යෙෂණයට කුරුඳු කොළත් යොදා ගැනීම. මෙතෙක් ලංකාවෙ කුරුඳු ගැන ලෝකයේ නොයෙක් තැන්වල කෙරිලා තියෙන පර්යේෂණ වලදි පරීක්ෂාවට ලක්වෙලා තියෙන්නේ කුරුඳු ගහේ පොත්ත විතරයි. කුරුඳු කොළ පරීක්ෂාවට ලක්වෙලා තියෙන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණ සම්බන්ධයෙන් විතරයි. අපිත් ප්‍රතිඔක්සිකාරක ගුණ ගැන පර්යේෂණ කළා. අපේ ශරීරයේ ඔක්සිකාරක සංයෝග හැදෙනවා. අපි වයස්ගත වෙන විට සහ අපි ලෙඩ රෝග වලට ගොදුරුවුණාම මේ ඔක්සිකාරක සංයෝග හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා ඒවට පිළියමක් විදියට අපේ ශරීරයේ එන්සයිම හැදෙනවා. ඊට අමතරව ශරීරය ඇතුළත හැදෙන ඔක්සිකාරක වලට ප්‍රතිකර්මයක් විදියට අපිට පිටතින් ප්‍රතිඔක්සිකාරක ලබා ගන්නත් පුළුවන්. ප්‍රතිඔක්සිකාරක ශරීරයට උවමනා වෙන්නෙ ,බෝනොවන රෝග අවධානම අවම කරන්න ප්‍රතිඔක්සිකාරක දායක වෙන නිසා. අපි කරපු පරීක්ෂණ වලින් අපිට දැක ගන්න ලැබුණා කුරුඳු පොත්තේ සහ කොළ වල මේ ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙනවා කියලා. මේ නිසා බෝ නොවන රෝග පාලනය කරන්න ලොකු හැකියාවක් කුරුදු සතුයි.” අද අපේ රටට සේම ලෝකයට ම ගැටලුවක් වී ඇති දියවැඩියාවට ද අපේ කුරුඳු සතුව විසදුම් ඇති බව මේ අලුත් සොයාගැනීම් වලින් කියැවෙයි. “දියවැඩියාවෙන් වැළකෙන්න කුරුදු සතුව තියෙන ගුණ පරීක්ෂා කරන්න අපිට යොදා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ශරීරයේ ග්ලූකෝස් වැඩිවීමට හේතුවන එන්සයිම තාවකාලිකව යටපත් කිරීමක් කරන්න තියෙන හැකියාව කොයිතරම් ද කියන කාරණාව. අපේ ආහාර වල තියෙන කාබෝහයිඩ්රේට ග්ලූකෝස් බවට ජීරණය කරවන්නට හැකියාව තියෙන ඇල්ෆා ඇමයිලේස් සහ ඇල්ෆාග්ලූකොසිඩේට් කියන එන්සයිම වල ක්‍රියාකාරීත්වය තාවකාලිකව යටපත් කරන්න හැකියාව යම් සංයෝගයකට තියෙනවා නම් ඒ සංයෝගයට දිය වැඩියාව පාලනය කරන්න හැකියාව තියෙනවා. මේ අතරින් ඇල්ෆාඇමයිලේස් කියන එන්සයිමය පාලනය කිරීමේ හැකියාව කුරුඳු පොත්තේ සහ කොළයේ කියන දෙකේම තියෙනවා. නමුත් පොත්තේ මේ ඔසු ගුණ කොළයට වඩා වැඩියි. ඒ වගේම දියවැඩියාවේ අතුරුඵල නැති පාලනය කරන්නත් කුරුඳු වලට හැකියාව තියෙනවා. දියවැඩියාවෙන් අතුරුඵල විදියට ඇස් නොපෙනීම, වකුගඩු සම්බන්ධ රෝග, රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝග කියන තත්තවයන්ට හේතු වෙන්නෙ ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙද්දි ශරීරයේ ඇතිවෙන ප්‍රෝටීන ප්‍රතික්‍රියාවන්. මෙවැනි තත්ත්ව වළක්වන්න තියෙන හැකියාවට අපි කියන්නෙ ඇන්ටි ග්ලයිකේෂන් කියලා. මේ ඇන්ටිග්ලයිකෙෂන් කියන හැකියාව කුරුඳු කොලයේ සහ පොත්තේ හොඳට ම තියෙනවා. මේ රෝග වළක්වන්න තියෙන හැකියාව වගේම මේ රෝග හැදිලා තියෙන අයට යම් සහනයක් ලබාදෙන්න කුරුදු වලට පුළුවන් ද කියන එක ගැනත් අපි හොයලා බැලුවා. හරියටම කිව්වොත් අපිට දැනගන්න ඕන වුණේ ශරීරයේ ග්ලූකෝස් වැඩිවීම නිසා ඇතිවන ප්‍රෝටීන ප්‍රතික්‍රියා ආපසු හරවන්න පුළුවන් ද කියලයි. අපි තහවුරු කරගත්තා ඒ හැකියාව කුරුදු වලට ඉතා හොඳින් ම තියෙන බව. මේ සොයා ගැනීමේ වැදගත්කම තමයි මේ ප්‍රතික්‍රියා ආපසු හරවන්න හැකියාව තියෙන ඖෂධ, දැනට ප්‍රතිකාර වලට යොදා ගන්න ඖෂධ අතර නොතිබීම. හරියටම සිනමෝමම් සෙලනිකම් බව තහවුරු කරගත් සාම්පල වලින් පර්යේෂණ කරලා කුරුදු වලට තියෙන මේ හැකියාව මුල් වරට වාර්තා කරන්නේ මේ පරීක්ෂණයෙන්.” “දියවැඩියාව හැරුණම බොහෝ බෝනොවන රෝගවලට හේතු වෙන ශරීරයේ ලිපිඩ තැන්පත් වීම පාලනය කරන්නත් කුරුඳු වලට හැකියාව තියෙනවා. ඒ හැකියාව කුරුදු පොත්තට සහ කොළයට ලැබෙන්නේ ශරීරය තුළ ලිපිඩ තැන්පත්වීමේ ක්‍රියාවලිය යටපත් කරන්න හැකියාව තියෙන සංයෝග කුරුඳු කොළවල සහ පොත්තේ තියෙන නිසයි. ඒ වගේම ලිපිඩ ජීරණය ප්‍රමාද කරවන්න ලිපිඩ ජීරක එන්සයිමය වන ලයිපේස් ක්‍රියාකාරීත්වය පාලනය කරවන්නත් කුරුදු වලට හැකියාව තියෙනවා.ඊට අමතරව ලිපිඩ ශරීරයට උරාගැනීමේ හැකියාව පාලනය කරන්නත් කුරුදු වලට පුළුවන්. මේ රෝගවලට අමතරව සමේ වයස්ගත වීම පාලනය කිරීමේ හැකියාවකුත් කුරුඳු වලට තියෙනවා. සමේ වයස් ගතවීමට බලපෑම් ඇතිකරන ඉලාස්ටේස්, කොලජන් වගේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම මගින් තමයි සමේ වයස්ගත වීම පාලනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ පර්යේෂණ වලින් තහවුරු වුණු විදියට මේ සමේ වයස්ගත වීමට හේතුවෙන එන්සයිම පාලනය කිරීමේ හැකියාව කුරුඳු පොත්තේ සහ කොළවල තියෙනවා. මීට අමතරව ඉදිමුම් රෝග පාලනය කරන්නත් කුරුදුවලට හැකියාව තියෙනවා. ලෝකයේ වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරුවෙලා තියෙන අලුත්ම තොරතුරු වලට අනුව බෝනොවන රෝග රැසකට මේ ඉදිමුම් රෝග හේතුවෙනවා. ඒ නිසා කුරුදු වලට තියෙන ඉදිමුම් රෝග පාලනය කිරීමේ හැකියාව වැඩි වැදගත්කමක් ලැබෙනවා. ඉදිමුම් රෝග මර්දනයට කුරුදුවලට තියෙන හැකියාව මීයන් යොදාගෙනත් අපි තහවුරු කරගත්තා.” නිමක් නැති තරමේ වටිනාකම් සඟවාගෙන සිටිනා අපේ කුරුඳු කුළුබඩුවක් ලෙස නිතර අපේ මුළුතැන්ගෙට පැමිණියද මේ වටිනාකම් ජීවිතයට ලබා ගන්නට කුරුදු අපට කිට්ටු කරගන්නේ කෙසේදැයි දැන ගැනීමද වටින්නේය. “අපි මේ පර්යේෂණ වලට පාවිච්චි කළේ පොත්තෙන් සහ කොළයෙන් ලබා ගත් නිස්සාරක. මේ නිස්සාරක රත් කරලයි අපි පර්යේෂණ වලට යොදා ගත්තේ. ඒ නිසා රත් කිරීමෙන් කුරුඳු වල තියෙන මේ ගුණ නැතිවෙන්නේ නැහැ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සායනික පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙන විදියට දවසකට කුරුදු ග්‍රෑම් 5ක් පමණ තමන්ගේ ආහාර වලට එකතු කරගැනීමේ වරදක් නැහැ. මේ ප්‍රමාණය කෑමවලට එකතු කරන රසකාරකයක් විදියට වගේම තේ වගේ පානයක් එක්කත් ලබා ගන්න පුළුවන්.” “මේ පර්යේෂණ වලින් කුරුඳු කොළය ගැන කළ සොයා ගැනීම් ලෝකයෙන් ම පළමු වතාවටයි සිදු කෙරුණේ. ඊට අමතරව පොත්ත සම්බන්ධව සොයාගත්ත බොහෝ දේවලුත් අලුත්ම සොයා ගැනීම්. මේ හැම සංයෝගයක් ම පොත්තේ අඩංගු ප්‍රමාණ කොළයේ අඩංගු ප්‍රමාණ වලට වඩා වැඩියි. නමුත් කොළයේ තියෙන වටිනා ගුණත් විශේෂයි.” “මම මේ පර්යේෂණය කළේ මගේ ආචාර්ය උපාධි පර්යේෂණය විදියට. මගේ පර්යේෂණය අධීක්ෂණය කළේ කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.රත්නසූරිය. මේ පර්යේෂණයට මූල්‍යාධාර ලබා දුන්නේ මහා භාණ්ඩාගාරය. අපේ කුරුඳු ගැන කරපු මේ සොයාගැනීම් දැනට බොහෝදෙනාට ගැටලුවක් වෙලා තියෙන රෝග වලට විසඳුමක් බවට පත් කරගන්න පුළුවන්. මෙවැනි පරීක්ෂණ දැනට ලෝකයේ සිදු වෙන්නෙත් නැති තරම්, දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දියවැඩියාවට කුරුඳු වලින් තියෙන බලපෑම ගැන කෙරෙන පරීක්ෂණය විතරයි විධිමත්ව අපේ කුරුඳු ගැන කෙරෙන පර්යේෂණයක් තියෙන්නේ. ඒ පර්යේෂණයටත් අපි දායක වෙනවා. අපි මේ පර්යේෂණ වලට යොදා ගත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඉතා ම හොඳ ම තත්ත්වයෙන් නිෂ්පාදනය කරල විදේශ වෙෙළදපොළට යවන තත්ත්වයට සකස් කළ කුරුඳු.” මේ කියැවෙන්නේ අප නිතර දකිනා සැබෑම වටිනාකමක ඇති අපේ කුරුදු ගැන ය. ඉහළ වටිනාකම් ගෙවා පිටරැටියන් අපේ වටිනාකම් ගෙන්වාගෙන සුවපත් ජීවිත ගත කරන්නට මඟ සොයාගනිද්දී අප අපේ වටිනාකම් මඟ හැර කෘත්‍රිම ලෝකයට පසු පසින් දුවමින් සිටින්නෝ වී නැතිදැයි සිතා බැලිය යුත්තේ නොවේද! ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 07:35 AM ලෙඩ සුවකරන ඇඟට සවිය දෙන කෙසෙල් බොහෝ දෙනකු කෙසෙල් පළතුරක් ලෙසින් හැඳින්වුවද ආයුර්වේදයට අනුව කෙසෙල් පළතුරක්, එළවළුවක් පමණක්ම නොව ඖෂධයක් ලෙසින්ද හැඳින්වෙයි. කෙසෙල් වර්ග කිහිපයක්ම ඇති නිසා ඒවායේ පෝෂණ ගුණය යම් ලෙසකින් වෙනස් වේ. නමුත් පොදුවේ ගත් විට කෙසෙල්වල ගුණ බොහෝවිට සමානකම් පෙන්නුම් කරයි. නමුත් අප විසින් ගනු ලබන කෙසෙල්වල ප්‍රමාණය මතද එය යම්තාක් දුරකට වෙනස් විය හැක. කෙසෙල්වල බොහෝ පෝෂණ ගුණයක් ඇති අතර ඒවායින් ප්‍රධාන ගුණ කිහිපයක් දැක්විය හැක. කෙසෙල් ග්‍රෑම් 100ක ඇති පෝෂණ ගුණයක් ලෙසින් කැලරි ග්‍රෑම් 89ක්, සංතෘප්ත මේදය ග්‍රෑම් 1ක්, බහු අසංතෘප්ත 0.1ක්, ලුණු මිලිග්‍රෑම් 1ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1.1ක්, මෙන්ම කැල්සියම්, විටමින් ඩී, මැග්නීසියම්, ඛනිජ ලවණ වැනි ගුණයන්ද අන්තර්ගත වේ. කෙසෙල්වල අඩංගුව පවතින ට්රිප්ටොපෑන් හේතුවෙන් මානසික පීඩනය ඇති පුද්ගලයන්ට ඉතා ගුණදායක වේ. මානසික ආතතිය, පීඩනය දුරැකරයි. එමෙන්ම මානසික පීඩනය පාලනය කරගැනීමටද උදව් කෙරේ. අධිරුධිර පීඩනය හා හෘදරෝග ඇති රෝගීන්ට කෙසෙල් ඉතා සුදුසුය. කෙසෙල්වල ඇති පොටෑසියම් හේතුවෙන් මේ ගුණය තවත් වැඩි කෙරේ. කෙසෙල්වලින් ශක්තිය ඇතිවීමට එහි ඇති කාබෝහයිඩ්රේට් සහ සීනි උපකාරී වේ. ආහාරය හොඳින් දිරවයි. මළ හොඳින් කැටිකොට හොඳින් පිටකිරීමට උදව් කෙරේ. ඇතැමුන්ගේ රාත්‍රී කාලයේදී මෙන්ම විටින් විටද කෙණ්ඩා පෙරළීම සිදුවේ. මෙවැනි පුද්ගලයන්ට රාත්‍රී කාලයේදී කෙසෙල් ගෙඩියක් ආහාරයට ගෙන නින්දට යාමෙන් කෙණ්ඩා පෙරළීම අඩුකරගැනීමට හැකියාව පවතී. කැල්සියම්, පොටෑසියම් රසායනික ද්‍රව්‍ය අන්තර්ගතවීම හේතුවෙන් අස්ථිවල නිරෝගීභාවයට මෙන්ම දරුවන්ගේ අස්ථි ශක්තිමත් කරලීමටද උදව් කෙරේ. එමෙන්ම වයසට යාමත් සමඟම වැඩිහිටියන් තුළ දක්නට ලැබෙන අස්ථි දිරායාම හා සන්ධි රෝගවලට කෙසෙල් ඉතා ගුණදායක පළතුරකි. පිළිකා ඇති රෝගීන්ට ඉතා ගුණදායක වේ. පළතුරුවලින් එන්සයිම නිපදවේ. මෙමගින් අර්ශස් රෝගය සහ මළබද්ධය දුරුකෙරේ. එමෙන්ම අම්ල පිත්ත රෝගීන්ගේ ආහාර මාර්ගයේ ඉහළ කොටස්වල ඇතිවන තුවාල සුවකරගැනීමටද උපකාරී වේ. නමුත් අම්ල පිත්ත රෝගීන් ඇඹුල් කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීමෙන් බඩ දැවිල්ල ඇතිවීමටද පුළුවන. ශරීරය දුර්වලව පවතින රෝගීන්ට ශරීරයට ශක්තිය ලබාගැනීමට කෙසෙල්වල ඇත්තේ පුදුමාකාර ගුණයකි. වකුගඩුවල සහ මුත්‍රා පද්ධතියේ අසාමාන්‍ය රෝග අවස්ථාවන් ඇතිවිටදී මෙන්ම හිසකෙස්වලට, සමට ඉතා හිතකර වේ. පුවාලු, සුවඳැල්, රත්කෙසෙල්, නේත්රප්පලම්වල කැලරි වැඩි ප්‍රමාණයක් පවතින නිසා එවැනි වර්ගයේ කෙසෙල් දරුවන්ට ඉතා හිතකර වේ. ගැබිණි මව්වරැන්ට මෙන්ම උදෑසන වමනය පිටවන අයට හිස්බඩට කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමද ඉතා ගුණදායකය. ශරීරය දුර්වල වූ අයට ශක්තිය ලබා දේ. ශරීරයේ උෂ්ණත්වය අඩුකර සිසිල් කෙරේ. දියවැඩියා රෝගීන් කෙසෙල් ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් වැළකිය යුතුය. එමෙන්ම ආනමාලු, ඇම්බුං වැනි කෙසෙල් වර්ග සෙම් රෝග ඇති රෝගීන්ට එතරම් සුදුසු වන්නේ නැත. අධික ලෙස තරබාරු පුද්ගලයන් ආහාර පාලනයේදී කෙසෙල් ගෙඩියක් ආහාරයට ගෙන වැඩි පෝෂණයක් ලබාගැනීම සුදුසුය. කෙසෙල් ඉතා ගුණදායක පළතුරක් වුවද රෝගී අවස්ථාවලදී පමණ ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නැත. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 07:37 AM රස වෛද්‍ය ක්‍රමයට පිළිකා ප්‍රතිකාරය වර්තමානයේදී දියවැඩියාව, ආතරයිටීස්, ඇදුම, පීනස, හෘදයාබාධ, වකුගඩු රෝග, අංශභාග වැනි රෝගී තත්ත්වයන්ගෙන් මෙන්ම පිළිකා රෝගයෙන්ද බොහෝ දෙනා පීඩා විඳිති. මෙවැනි රෝග බොහොමයක් ඇතිවීමට හේතුවිය හැකි ප්‍රධාන හේතු කාරණා කිහිපයකි. ඒ අතරින් පිරිසුදු ජලය පානය කිරීමට නොහැකි වීම, විවිධාකාර කෘත්‍රීම ජාන වෙනස් කරන ලද ආහාර ගැනීම, තෙල් (මේදය) බහුල ආහාරපාන, වේලාවට ආහාර නොගැනීම, දුම්කොළ ආශ්රිත නිෂ්පාදන ශරීරයට එක්කරගැනීම, විවිධ මත්ද්‍රව්‍ය ගැනීම ආදිය ප්‍රධාන වේ. මේ ආකාරයේ විවිධ හේතු නිසා ශරීරයේ පවතින රුධිරය දූෂණය වී හෝමෝන, එන්සයිම ක්‍රියාකාරීත්වය විවිධ වෙනස්කම්වලට භාජනය වී මෙවැනි රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතී. මෙවැනි විවිධ හේතු නිසා ශරීරයේ පවතින කුඩාම ඒකකය වන DNA (ඩිඔක්සි රයිබො නියුක්ලික් ඇසිඩ්) අණුවේ විවිධ වෙනස්කම් ඇතිවී එහි වර්ධනය විකෘති ආකාරයෙන් සිදුවේ. මේ ආකාරයට එම සෛල වර්ධනය වේගවත්ව සිදුවීම ආරම්භ වී එය නැවත විනාශ නොවන අවධියක පවතින පිළිකා සෛලයක් බවට නිර්මාණය වේ. මෙවැනි දරුණු රෝගවලට දේශීය වෛද්‍ය ක්රමයේ රස වෛද්‍ය ක්‍රමය තුළින් අතිසාර්ථක පිළියම් හඳුන්වා දී තිබේ. රස වෛද්‍ය ක්‍රමය ලෙසින් හඳුන්වනු ලබන්නේ රසදිය, රත්‍රං, ගෙන්දගම්, මනෝසීල වැනි පොළොවෙන් ලබාගන්නා වූ අමුද්‍රව්‍ය කිහිපයක් ගෙන ඒවායේ විෂ මරා ඒවායින් ඖෂධ නිෂ්පාදනය කිරීමයි. මෙම ක්‍රමය ඉතා සැලකිල්ලෙන් සහ ඉවසීමෙන් කළ යුතු වෛද්‍ය ක්‍රමයක් වන අතර පිළිකා රෝගය සුවකරගැනීමට ඉතා සාර්ථක වෛද්‍ය ක්‍රමයක් වේ. යම් රෝගියකුට පිළිකාවක් වැළඳුණු විට බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝවිට සිදුකරනු ලබන්නේ රෝගය වැළඳී ඇති කොටස ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමය. මෙවැනි රෝගීන්ට මාස ගණනාවක්ම රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවේ. එමෙන්ම එම අදාළ කොටසට කිරණ (කරන්ට්) ඇල්ලීමක්ද සිදුකරයි. එමෙන්ම ඖෂධ වර්ග එන්නත් කිරීමක්ද සිදුකෙරේ. මේ සෑම ප්රතිකාරයකදීම රෝගියාට අධික වේදනාවක් දැනේ. නමුත් මෙවැනි අසරණ වූ බොහෝ පිළිකා රෝගීන් පාරම්පරික වෛද්‍ය ක්රමයේ සඳහන් මෙම රස වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර ගෙන ඉතා ඉක්මනින් සුව වූ අවස්ථා බොහෝය. මීට අමතරව පිළිකා සෛල විනාශ කළ හැකි ඖෂධ වර්ග බොහොමයක් ආයුර්වේදයේ සඳහන් වේ. පිළිකා රෝගය විනාශ කළ හැකි ඉතාම හොඳ ඖෂධයක් ලෙසින් කංසා පත්‍රය හැඳින්විය හැක. පිළිකාවක් සුවකරගැනීමට ලබාදෙන ඇතැම් ඖෂධවලට මෙම කංසා පත්‍රයද යොදාගැනේ. ඊට අමතරව මුරැංගා කොළ, මුරැංගා කරල්, මුකුණුවැන්න, එළබටු, කරපිංචා, සුදුලූනු, කුරුඳු පොතු, එනසාල්, ගම්මිරිස්, ගොරකා, කුරහන්, කෝමාරිකා, වෙනිවැල්ගැට, කොහිල අල සහ ඇඹරැල්ල ආදී ඖෂධ වර්ග මෙන්ම ආහාරපානද ඉතා ගුණදායක වේ. එමෙන්ම රස ඖෂධ භාවිත කරන විට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාරපාන කිහිපයක්ද පවතී. එනම් කරවිල, අන්නාසි, අච්චාරු, පුහුල් වැනි ආහාරපාන වේ. පිළිකා රෝගීන් මෙම ආහාරපාන ගැනීම එතරම් සුදුසු නොවේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 07:38 AM අළු පුහුල් බලි තොවිලයකදී පුහුලක් කපා වස් දොස් අරිනු ලැබුව ද කලාතුරකින් වෑංජනයක් ලෙස සකසා අළු පුහුල් ආහාරයට එක් කර ගත්ත ද මහා බලසම්පන්න ඖෂධයක් ලෙසින් රෝග රැසක නිවාරණයට ආයුර්වේදයේදී අළු පුහුල් භාවිතයට ගන්නා බව බොහෝ දෙනෙක් නොසිතති. පුහුල් දඬු, ගෙඩි, මුල්, ඇට, කොළ, ඇටනිස්සාරය කිරීමෙන් ලබා ගන්නා තෙල් ද පුහුල් ගෙඩියේ ලෙල්ල වේළා අනිතර් දුමෙන් පුලුස්සා ගත් අළු ද විවිධ අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා ගැනේ. ඒකීය ද්‍රව්‍යයක් ලෙස මෙන්ම ඖෂධ සංස්කරණය සඳහා යොදා ගනු ලබන අළු පුහුල් රස ඖෂධයකි. විෂ ඉවත් කිරීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් ද වේ. ආයුර්වේද ඖෂධයන් සඳහා ළපටි අළු පුහුල් භාවිත නොකෙරේ. හොඳින් පැසුණු අළු පුහුල් ගෙඩි ලණුවකින් හෝ පොල් කොළ භාවිතයෙන් සකසා ගන්නා ආවරණයකින් වසරක් පමණ එල්ලා තැබීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොදා ගැනීම ඉතාම යෝග්‍ය බව ආයුර්වේදයේ පෙන්වා දේ. කුෂ්මාණ්ඩ, ස්වේත පුෂ්ප, පීත පුෂ්ප, මහාඵල ආදී සංස්කෘත භාෂාවෙන් හැඳින්වෙන අළු පුහුල් ගෙඩියේ හැඩය අනුව ද වර්ග කෙරේ. පුහුල් දිගටි ගෙඩි සහ රවුම් ගෙඩි වශයෙන් වර්ග වේ. සමෙහි පැහැය ඔප්නංවා ගැනීමට ලොව ඇති වටිනාම ඖෂධයක් ලෙස අළු පුහුල් යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. සම පිරිසිදු කිරීමේ සේදුම්කාරකයක් ලෙස, සම ආරක්ෂා කරනා ආලේපන නිෂ්පාදනය සඳහා ලොව දියුණු රටවල් අළු පුහුල් භාවිතයට ගැනේ. ශරීරගත විෂ ද්‍රව්‍යයක් ඉවත් කිරීමට හෝ විෂ ද්‍රව්‍යයක් මගින් ශරීරයට ඇතිවන බලපෑම ඉවත් කිරීමට පුහුල් දඬු කලං 12 කසාය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී ඉතා ප්‍රසිද්ධය. ශරීරයේ ඇතිවන දාහය (දැවිල්ල) සමනය කිරීමටත්, මුඛයේ තුවාල, අාමාශගත තුවාල, ගුද මාර්ගයේ ඇතිවන තුවාල සුවපත් කිරීමට පුහුල් මද ඉස්ම පානය කිරීමට සැලැස්වේ. විෂාදය නමැති මානසික රෝගයෙන් පෙලෙන්නන්ට ආහාරයක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙස ද අළු පුහුල් භාවිත කෙරේ. වලිප්පු රෝගීන්ට අළු පුහුල්වලින් සකසා ගත් ඖෂධ ආයුර්වේදයේදී යොදා ගැනෙන අතර, මොෆින් නමැති වේදනා නාශක ඖෂධ භාවිතයෙන් ශරීරයට ඇතිවන විෂ තත්ත්වයන් පාලනයට ද ගැනේ. අල්සයිමර රෝගීන්ට ද අළු පුහුල් ප්රත්යක්ෂ ඖෂධයක් බව ආයුර්වේදයේදී හඳුනාගෙන තිබේ. ආමාශයේ තුවාල සුව කිරීමට අළු පුහුල් දඬු කලං 12 කසාය සකස් කර ගිතෙල් සහ සීනි මිශ්‍ර කර පානයට දීම මෙන්ම දළු කොළ වෑංජනයක් ලෙස සකසා ආහාරයට දීම යෝග්‍යය. පණු රෝග සඳහා ද මෙම ප්රතිකාරයම ලබාදේ. බරවා රෝගීන්ට බරවා රෝගයෙන් පෙළෙන්නන්ට අභ්‍යන්තර ප්‍රතිකාරයක් ලෙස මෙන්ම බාහිර ප්‍රතිකාරයක් ලෙස ද අළු පුහුල් භාවිත කෙරේ. විශේෂයෙන්ම බරවා රෝගයට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් ඇතිවන සම කළු වීම ස්ථිරවම ඇතිවන ඉදිමුම් තත්ත්වයේදී ද අළු පුහුල් දළු සහ කොළ අමු කහ සහ වියළි ඉඟුරු කුඩු දමා මිශ්‍ර කර හොඳින් අඹරා ආලේප කිරීමෙන් ඉදිමුම් තත්ත්වයන් පාලනය කරගත හැකිය. ශරීරයේ ඇතිවන ඉදිමුමට වේදනා නාශක ගුණයෙන් යුතු අළු පුහුල් ශරීරයේ ඇතිවන විවිධ ඉදිමුම්වලදී අමුකොළ හෝ ඵලය අමු කහ සමඟ මිශ්‍ර කර ආලේප කිරීම සුදුසුය. අතීසාරයට බෙහෙත් එරඬු තෙල් භාවිතයෙන් ඇතිවන අතීසාර තත්ත්වය පාලනයට අළු පුහුල් යුෂ භාවිතයට දීම යෝග්‍යය. ශ්වසන ආබාධ, හතිය, ඇදුම වැනි පෙනහළුගත රෝග පාලනයට ඒකීය ද්‍රව්‍යයක් ලෙස මෙන්ම සංස්කරණයක් ලෙස ද අළු පුහුල් ආයුර්වේදයේදී භාවිතයට ගැනේ. මුත්‍රාකාරක ගුණයෙන් යුතු අළු පුහුල් වකුගඩුවල ගල් ඇතිවිට පාලනය කරයි. වකුගඩුවල රැඳෙනා සෝඩියම්, පොටෑසියම් සහ ක්ලෝරයිඩ් සංඝටකයන් ඉවත් කර වකුගඩු පිරිසිදු කිරීමට ද අළු පුහුල් ආහාරයක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙස ද ගැනීම යෝග්‍යය. ලොකු මාළු වර්ග නිතර අනුභව කරන්නන්ගේ ශරීරයේ තැන්පත්වන රසදිය ප්‍රමාණය ඉවත් කිරීමේ හැකියාවක් අළු පුහුල් සතුවන බව හඳුනාගෙන තිබේ. ක්ෂුද්‍ර ජීවී නාශක ගුණයෙන් යුතු අළු පුහුල් පිළිකා නාශක ගුණයෙන් ද යුක්ත බව අද වනවිට හඳුනාගෙන ඇත. ශරීරගත අහිතකර කොලෙස්ටරෝල් පාලනයට කරපිංචා, සුදුලූනු, පුහුල් දලු එක්කර සකසා ගන්නා සලාදය ද ඉතාම යෝග්‍යය. අළු පුහුල්වලින් සකසන ගුඩ කුෂ්මාණ්ඩ රසායනය පිත් සහ සෙම් පාලනය කිරීමේ ගුණයකින් යුතු ගුඩ කුෂ්මාණ්ඩ රසායනය ශරීරය පෘෂ්ඨිමත් කිරීමේ ගුණයකින් ද යුක්තය. (ස්ථුලතාවයෙන් පෙළෙන්නන්ට මෙම රසායනය භාවිතයෙන් තවත් මහත් විය හැකිය.) සාමාන්‍ය කැස්සට මෙන්ම ශ්වසන ආබාධ සඳහාත් ක්ෂය වැනි රෝගී තත්ත්වයන් පාලනයට ද මෙම රසායනය ඉතාම යෝග්‍යය. වමනය පාලනයටත්, දීර්ඝකාලීනව පවතින උණ තත්ත්වය පාලනය කිරීමටත් නිතර ඉක්කාව ඇති වන්නන්ටත් ගුඩ කුෂ්මාණ්ඩ රසායනය යෝග්‍යය. කුෂ්මාණ්ඩ රසායනය කාය බලය මෙන්ම මානසික බලය වර්ධනයට ආයුර්වේදයේ භාවිත කරනා ප්‍රධානතම ඖෂධයකි කුෂ්මාණ්ඩ රසායනය. තරුණ බව රැකගැනීමට ද මෙම රසායනය යෝග්‍ය වේ. රත්, පිත්, පිපාසය, කරකැවිල්ල, වමනය, දීර්ඝකාලීනව පවතින උණට, පෙණහලුගත තුවාල සුව කිරීමටත් ඉතාම යෝග්‍යය. ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ මෙම රසායනය සමඟ එළකිරි, බාර්ලි හෝ සුදුසු අනුපාතයක් සමඟ ගැනීම සුදුසු බවය. ශරීරයට හිතකර ඛනිජ ලවණ සහ විටමින් වර්ග රාශියකින් අනූන අළු පුහුල් ප්‍රතිඔක්සිකාරක ගුණය බහුලව ඇති ඵලයක් ලෙස ද හඳුනාගෙන ඇත. අළු පුහුල්වල සංතෘප්ත මේද අම්ල සහ අසංතෘප්ත මේද අම්ල සමාන ප්‍රමාණයක් අන්තර්ගතය. ප්ලේවනොයිඩ්, ග්ලයිකෝසයිඩ්, සැකරයිඩ්, ප්‍රෝටීන, කැරටින, විටමින, ඛනිජ ලවණ, යුරෝනික් ඇසිඩ්, ග්ලැක්ටෝස්, ග්ලූකෝස්, ෆායිරෝස් (සීනි වර්ග) සංඝටකයන් බොහෝමයක් අළු පුහුල්වල අන්තර්ගතය. අළු පුහුල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂණ සංඝටකයන් ශක්තිය කිලෝ ජූල් 54 කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 39 කෙඳි ග්‍රෑම් 2.9 මේදය ග්‍රෑම් .29 ප්‍රෝටීන ග්‍රෑම් .4 B1 මිලිග්‍රෑම් .94 B2 මිලිග්‍රෑම් .11 B3 මිලිග්‍රෑම් .4 B5 මිලිග්‍රෑම් .33 B6 මිලිග්‍රෑම් .35 විටමින් C මිලිග්‍රෑම් 13 කැල්සියම් මිලිග්‍රෑම් 19 යකඩ මිලිග්‍රෑම් .4 මැග්නීසියම් මිලිග්‍රෑම් 10 මැංගනීස් මිලිග්‍රෑම් .058 පොස්පරස් මිලිග්‍රෑම් 19 සෝඩියම් මිලිග්‍රෑම් 111 සිංක් මිලිග්‍රෑම් .61 සටහන- අසුන්තා එදිරිසූරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 07:44 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 07:45 AM හරියට පත්තියම් වෙන්න බේත් බොන්නෙ කොහොමද? කෑමට පෙර, කෑමට පසු ලෙස ඖෂධ ලබාගන්නා විට ආහාර සමඟ ඒවා භාවිතා කළයුතු ආකාරය ගැන ඔබට වෛද්‍ය උපදෙස් ලබාදීම සිදුවෙයි. ආහාර සහ ඖෂධ අතර අතර අන්තර් ක්‍රියාවන් පාලනය මෙහි අරමුණයි. ආහාර සහ ඖෂධ අතර අන්තර්ක්‍රියාවන් යනු කුමක්ද? එවායින් ඇතිවන බලපෑම කුමක්ද? නැත්නම් තේරෙන බාසාවෙන් කීවොත් දොස්තර කියන වේලාවටම කියන විදියටම බේත් බොන්න ඕනෑ ඇයි? කෑම වේලත් සමඟ ඖෂධ ලබාගන්නා ආකාරය අනුව ඖෂධයේ ගුණය හොඳින් ලැබීම හෙවත් පත්තියම් වීම වගේම එය වැරැදුනොත් බෙහෙතෙන් පලක් නැතිවීමත් සිදුවිය හැකියි. මෙහිදී සිදුවන්නේ අප ගන්නා ආහාර තුළ ඇති රසායණ කොටස්, ඖෂධවල අඩංගු සමහර රසායන සංඝටකයන් සමඟ ක්‍රියා කිරීමෙන් ඖෂධය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මෙය විටමින්, ඛනිජ වර්ග හා ප්‍රති අම්ලකාරක ඖෂධ (antacids) සඳහාද අදාළ කාරණාවකි. වෛද්‍ය උපදෙස් අනුවම පමණක් බේත් ලබාගන්නට යැයි කියන්නේ ඒ නිසාය. සෑම ඖෂධයක් සඳහාම ආහාරවල බලපෑමක් නොමැත. නමුත් බොහෝමයක් ඖෂධ සඳහා අප ගන්නා ආහාර වර්ග හා ආහාර ගන්නා වේලාව මගින් බලපෑමක් ඇති කරනු ලැබේ. උදාහරණයක් ලෙස සමහර ඖෂධ වර්ග හා ආහාර එකම වේලාවට ගැනීම මගින් ආහාර මාර්ගයේදි ඖෂධ උරා ගැනීමට බාධා ඇති කරනු ලබයි. සමහර ආහාර මගින් ඖෂධ සිරුරට අවශෝෂණය කිරීම ප්‍රමාද කිරීම හෝ අඩුකිරීම සිදුකරනු ලබයි. කෑමට පෙර ගන්න, කෑමට පසුව ගන්න ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දෙන්නෙ මේ හේතුව නිසයි. ඒ උපදෙස් නොතකා ක්‍රියාකළොත් ඖෂධයෙන් බලාපොරොත්තු වන ගුණය නිසි ලෙස නොලැබී යා හැකියි. එබැවින් සමහර ඖෂධ වර්ග ආහාර ගැනීමට පෙර (empty stomach) ගත යුතුවේ. උදාහරණ ලෙස බඩේ ගෑස් සඳහා බහුලව නියම කරන – Omeprazole කරල ආහාර ගැනීමට පෙර ගතයුතුයි. වේදනා නාශකයක් වන – Diclofenac පෙත්ත නියම කරන්නේ ආහාරයට පසු ගතයුතු ලෙසටයි. අනිත් අතට සමහර ඖෂධ වර්ග ආහාර සමඟ ගැනීම හිතකර වේ. උදා: දියවැඩියාව සඳහා භාවිතා කරන – Metformin පෙන්වා දිය හැකියි. (නමුත් මේ පිළිබඳ උපදෙස් අදාළ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් ලබාගැනීම සුදුසු වේ.) මේ අන්දමට ඖෂධ සහ – ආහාර අතර අන්තර්ක්‍රියා හේතුවෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා ඒ ඔබ පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් තමා මේ. • හැකි සැම විටෙකම ඖෂධ ඇසුරුමේ ලේබලයේ ඇති උපදෙස් (Warning Interactions and precautions) හොඳින් කියවා ඔබට නොතේරෙන යමක් ඇත්නම් වෛද්‍යවරයාගේ හෝ ඖෂධවේදියාගේ උපදෙස් ලබා ගන්න. ඖෂධ සැමවිටම ඇසුරුමේ සඳහන් උෂ්ණත්වයේ තබාගත යුතුය. සමහර ඖෂධ ශීතකරණයේ තබා ගත යුතුය. තවත් සමහර ඒවා ශීතකරණයේ තැබීම නුසුදුසුය. සැම ඖෂධයක්ම වාගේ අධික උණුසුමෙන් ඈත් කර මනාව අසුරා ආරක්ෂිතව තැබිය යුතුය. වෛද්‍යවරයා විශේෂ උපදෙස් දුන් අවස්ථාවක හැර, • සෑමවිටම ඖෂධ සම්පූර්ණ වතුර වීදුරුවක් සමඟ ගත යුතුවේ. කිසිවිටකත් ඖෂධ ආහාර සමඟ මිශ්‍ර කර නොගත යුතුයි. • කරල් බේත් ලබාදුන් විට කැප්සියුලය නොගලවා භාවිතා කළ යුතුය. • සමහර ඖෂධ කෙරෙහි වෙනත් ඇතැම් ඖෂධ වර්ග හා ඛනිජලවණ වර්ග බලපෑම් ඇති කරන බැවින් ඒවා එකම වේලාවකදී භාවිතා නොකළ යුතුයි. නිදසුන් හැටියට ඛනිජ ලවණ වන යකඩ හා කැල්සියම් එකට ගන්නට නිර්දේශ නොකරයි. එසේම වෛද්‍ය උපදෙස් රහිතව හිතුමතේ අමතර විටමින් ලබා නොගත යුතුයි. • තාපය මගින් ඖෂධවල රසායනයට බලපෑම් ඇති කරන බැවින් උණුසුම් පාන වර්ග සමඟ මිශ්‍රකර ඖෂධ භාවිතා නොකළ යුතුය. • කිසිවිට මධ්‍යසාරමය පාන සමඟ ඖෂධ භාවිතා නොකළ යුතුය. වෛද්‍ය චන්දන ධර්මරත්න කළුබෝවිල ශික්ෂණ රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 07:47 AM පුංචි දරුවොත් බිලිගන්නා මොළයේ ගෙඩි පුංචි දරුවන්ගේ මොළයේත් ගෙඩි හටගන්නා බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වේවි. අපේ ශරීරයේ පිහිටා තිබෙන ඉන්ද්රියයන් අතරින් මොළය වඩා සංකීර්ණ වූ ක්‍රියාවලියක් ඉටුකරන ඉන්ද්‍රියයකි. මේ නිසා සිරුරේ මෙහෙයුම් පාලනය කරගැනීමට මොළයේ නිසි ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් එහි නීරෝගී ක්‍රියාකාරීත්වයට බාධා කරන මොළයේ අතිවන ගෙඩි ගැන දැන් දැන් නිතර අසන්නට ලැබේ. වැඩිහිටි අය අතර වඩාත් බහුලව පවතින මෙම තත්ත්වය සමහර අවස්ථාවලදි පුංචි දරුවන් අතරත් දැකිය හැකියි. මොළයේ ගෙඩි අවදානම ඉහළ ජීවිත අහිමි කරන්නට පවා හැකි බරපතළ සෞඛ්‍ය ගැටලුවකි. මොළයේ කිසියම් තැනක ඉතා කුඩා තිතක් මෙන් හටගන්නා ගැටිත්තක් පසුව ගෙඩියක් ලෙස ක්‍රම ක්‍රමයෙන් විශාල බවට පත් වෙනවා. ඒ අනුව රෝග තත්ත්වයද බරපතල තත්ත්වයට පත්වන අතර රෝග ලක්ෂණද පෙන්නුම් කිරීමට පටන් ගන්නවා. දරුවන් ඇති අම්මලා වඩාත් විමසිලිමත් විය යුත්තේ මුලින්ම පහළ වන රෝග ලක්ෂණ පිළිබඳවයි. මෙම රෝග ලක්ෂණ තීන්දු වන්නේ ගෙඩිය හටගන්නා ස්ථානය එහි ප්‍රමාණය සහ වර්ධනය වන වේගය මතයි. හිසරදය, එක්වරම හටගන්නා මෙහි කැක්කුම් ඇතිවන ස්වභාව වරින්වර වෙනස් වන නමුදු ක්‍රමයෙන් ඉහළ යයි. හේතු රහිත වමනය යාම සහ ඔක්කාරය. ඇසේ අපහසුතා, දසුන අඳුරුවීම, දෙගුණ වී පෙනීම, බාහිර අවට ඇති දේ නොපෙනී පටු වීම. අතපය නැතිවාක් ලෙස දැනීම: අත පය අක්‍රිය වීම. කන් ඇසීමේ අපහසුතා, සමබරතාව නැතිව වැටෙන්නට යාම. කතා කිරිමේ අපහසුතා. ගතිපැවතුම් හැසිරිම් වෙනස් වීම. හදිසි අපස්මාරය. ෆිට්එක හැදීම. යන මේවා අතරින් එකක් හෝ දුටු විට වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. සාමාන්‍යයෙන් පොදුවේ මෙම රෝගයේදී පළමුවෙන්ම ඇති වන්නේ අධික හිසරදය සහ වමනයයි. පුංචි දරුවා නිතර නිතර හිසරදයක් ගැන කියන්නේ නම්, නැතිනම් හේතුවකින් තොරව වමනය කරන්නේ නම් මේ පිළිබඳව අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්. මෙම හිසරදය සහ වමනය එක විට ඇති වන්නේ මොළයේ හටගෙන ඇති ගෙඩිය හේතුවෙන් සිදුවන පීඩනය හා තෙරපීම නිසයි. තවද මොළයට රැධිරය ගෙන යන රුධිර නාළ මෙසේ තෙරපී ඇදීමට ලක්වීමෙන් මෙම රෝග ලක්ෂණ දෙක හට ගනියි. සිරුරේ හටගත් ගෙඩියක් යනු සෛල වලින් සෑදුණු දෙයකි. මොළයේ යම් ස්ථානයක සෛලවල අධි වර්ධනයක් සිදුවුවහොත් එතැන ගෙඩියක් හට ගන්නට හැකිය. මෙම ගෙඩි මොළයේ ඕනෑම ස්ථානයක හට ගත හැකි නිසා ඉන් සිදුවිය හැකි ආබාධ විවිධ ස්වරූපයක් ගනියි. උදාහරණයක් හැටියට සුසුම්නා ශිර්ෂකයේ, මතකය පාලනය කරන ප්‍රදේශයේ, අහන දේ තේරුම් ගන්නා ස්ථානයේ, පිළිතුරු සපයන මොළය ප්‍රදේශයේ ආදී වශයෙන් විවිධ ස්ථානවල හටගත් ගෙඩි නිසා ඇති කරන බලපෑම එකිනෙකට වෙනස්වෙයි. ස්නායු ශිර්ෂකය ප්‍රදේශයේ ගෙඩියක් ඇති වුවහොත් ඇස, කන, දිව, බෙල්ල, මුහුණ ආදී කොටස් වල ක්‍රියාකාරීත්වය අඩපණව යයි. විශේෂයෙන්ම එවිට කට පැත්තකට ඇද වී හෝ විරූපී ස්වභාවයක් ඇති කරවයි. මතකය අඩු වෙයි. කෙනකු සමග දක්වන සන්නිවේදන සබඳතාව ඇණ හිටියි. ගොත ගැසීම හට ගනියි. මෙබඳු අවදානම් තත්ත්වයන් ගණනාවක් ඇතිවිය හැකියි. පුංචි ළමයකුගේ මොළයෙහි ගෙඩියක් හටගත් විට එය බරපතල තත්ත්වයට පත්වන තෙක් නොසිට ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා දරුවා විසින් පහළ කරන රෝග ලකුණු ක්ෂණිකව හඳුනාගත යුතුයි. මෙහිදී මවුපියන් කළ යුත්තේ දරැවා පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි. විශේෂයෙන්ම මොළයේ හටගන්නා ගෙඩි වලට ප්‍රතිකාර කිරීමේදී එම ගෙඩියේ ස්වරූපය වෛද්‍යවරැන් විසින් නිවැරුදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍යයයි. ඊට හේතුව වන්නේ අතැම් විටෙක මෙම ගෙඩිය පිළිකාවක් වීමටත් ඉඩකඩ තිබෙන හා සිරුරේ වෙනත් ස්ථානයක ඇති පිළිකාවක ප්‍රතිඵලයක් හැටියට මොළයේ ගෙඩි හට ගැනීමටද ඉඩ තිබෙන නිසයි. නිදසුනක් හැටියට පෙනහලු පිළිකා, වකුගඩු පිළිකා නිසා ඒවා මොළයට කරන බලපෑමෙන් ගෙඩි ඇතිවෙන්න පුළුවන්. මොළයේ ඇතිවන ගෙඩිවලට ප්‍රතිකාර කිරීමේදී අපි ඉහතින් සඳහන් කළ පරිදි එය නිවැරැදිව හඳුනා ගැනීම වැදගත් වන අතර තවත් වැදගත් කරුණක්ද බලපානවා. එනම් එම ගෙඩිය පිහිටා ඇති ස්ථානයයි. ඇතැම් ස්ථානය නිසා ප්‍රතිකාර කිරීම අසීරු වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට කුඩා මොළයේ ගෙඩි හටගැනීම දැක්විය හැකියි. http://www.deshaya.lk/ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 15 of 35 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner