You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 35 << < 1415161718 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 02:54 PM
වටින ලිපි පෙලත්
මේ කාල වල මොන ලෙඩ හැදෙයිද කියල කවුරුත් දන්නෙ නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Sep 2018 04:13 PM
අනේ දෙවියනේ
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Sep 2018 04:46 PM

අතේ ඇතිවන හිරි ගතිය බලාගෙන ඉන්න එපා...

https://i.imgsafe.org/3a/3aee82fa02.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 07:52 PM
මේ දේ හොදින් තේරුම්ගත්ත අපේ ගෙවල් ලග අයිය කෙනෙකුට අත් උනු ඉරණමක් හේතුවෙන්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Sep 2018 08:58 PM
මේ කාරණාව වසර දෙක තුනකට කලින් අපේ සයිට් එකේ කතා වුනා. මෞස් පෑඩ් එකක් භාවිතා නොකරන පරිඝනක නිතර භාවිතා කරන අයට මෙම ඉරණම අත් වීමේ වැඩි අවධානමක් ඇති බව දුටුවා. එදා පටන් වහාම මම මෙවන් මෞස් පෑඩ් එකක් භාවිතා කරනවා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Sep 2018 07:00 AM
Posted By maduranga001 on 08 Sep 2018 08:58 PM
මේ කාරණාව වසර දෙක තුනකට කලින් අපේ සයිට් එකේ කතා වුනා. මෞස් පෑඩ් එකක් භාවිතා නොකරන පරිඝනක නිතර භාවිතා කරන අයට මෙම ඉරණම අත් වීමේ වැඩි අවධානමක් ඇති බව දුටුවා. එදා පටන් වහාම මම මෙවන් මෞස් පෑඩ් එකක් භාවිතා කරනවා.


මගෙත්  මේ හිරිය   ආවා.. දැන් මමත්  පාවිච්චි කරන්නේ මේ වගේ මවුස් පෑඩ් එකක්
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:20 AM

anusප්‍රශ්නය - පසුගිය සතියේදී අවස්‌ථාවක අප ඔබ සමඟ සාකච්ඡා කළෙ Abcsess වෙත් විද්‍රදි නමැති ගුදගත රෝග තත්ත්වය ගැනයි. සතියක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ පවතින මේ රෝග තත්ත්වය Fistula‌ තත්ත්වයට පරිවර්තනය නොවීමට අප වගබලා ගත යුතු බව ඔබ පැහැදිලි කළා. මේ වගේ රෝගයක්‌ හටගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර - ආයුර්වේදයේ හැටියට මේ රෝගය හටගන්නේ ලේ අපිරිසිදු වීම නිසයි. එනම් රක්‌ත දූෂණය නිසයි. ලේ අපිරිසිදු වීමට එනම් දූෂ්‍ය වීමට ප්‍රධාන හේතුව තමයි ආහාර. ආහාරවල තිබෙන විවිධ දෝෂ සහ විෂ සහගත තත්ත්වයන් නිසා ලේ අපිරිසිදු වෙනවා. උදාහරණයක්‌ වශයෙන් ඉස්‌සො, දැල්ලෝ, බලමාළු, අච්චාරු වැනි දේවල් ශරීරයට ගත්තම රක්‌ත දූෂණය විය හැකිය. ඒවා අප හඳුන්වන්නේ දූෂ්‍ය ආහාර හැටියටයි. උෂ්ණ කියන එකේ තේරුම අධි ප්‍රොaටීන සාන්ද්‍රණයක්‌ මේ ආහාරවල ඇතුළත් වීමයි. උෂ්ණ ආහාර සමහරුන්ට ගැළපුණත් තව සමහරුන්ට හරියන්නෙ නැහැ. එමගින් ඔවුන්ගේ ලේ දූෂණය වෙනවා. මෙන්න මෙතැනදී අපි රක්‌ත ශෝධනය කියන ක්‍රියාවලියට යොමු වෙනවා. ඊට ප්‍රථම අපි රෝගීන්ට කියනවා කොළ, එළවළු වැඩිපුර ආහාරයට ගන්නා ලෙසත්, උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටින ලෙසත්. මල බද්ධය පවතින විටත් ශරීරය අභ්‍යන්තරය අපිරිසිදු වන බව කිව යුතුයි. ඒ කියන්නේ ශරීරයෙන් බැහැර කළ යුතු දේවල් ශරීරය තුළ එක්‌රැස්‌ වෙමින් තිබෙන විට විෂ සහිත තත්ත්වයක්‌ හටගන්නවා.

විද්‍රදියක්‌ හට ගැනීමට පාදක වන්නේ මෙන්න මේ කියන තත්ත්වයන් සමූහයයි. විද්‍රදි කියන ගෙඩි විශේෂය සිරුරේ බොහෝ තැන්වල හට ගන්නවා. අක්‌මාවෙත් හටගන්නවා. එහෙත් වඩාත්ම පීඩාකාරී වූ ප්‍රදේශය තමයි ගුදය ආශ්‍රිත ප්‍රදේශය. ආයුර්වේදයට පුළුවන් කිසිදු අතුරු ආබාධයක්‌ ඇති නොවන ලෙස මෙවැනි රෝග සුව කරන්නට.

ප්‍රශ්නය - රක්‌ත ශෝධනය කරන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර - ශාකසාර ආශ්‍රයෙන් නිපදවපු විවිධ ඖෂධ සහ කෂාය වර්ගවලින් තමයි රක්‌ත ශෝධනය හෙවත් රුධිරය පිරිසිදු කිරීම සිදු කරන්නෙ. කරපිංච කියන්නේ රක්‌ත ශෝධනය ඉතාම හොඳින් සිදු කරන ඖෂධයක්‌. මෙයින් කැඳ හදල බිව්වම රුධිරයේ තිබෙන කොලෙස්‌ටරෝල් විතරක්‌ නොවෙයි විෂ සහිත සෙසු අංශු ඉවත් වෙනවා.

ප්‍රශ්නය - විද්‍රදි සඳහා යොදා ගන්නා ඖෂධ ගැන විස්‌තරයක්‌ කරන්න...

anus1වෛද්‍ය පුෂ්පකුමාර - ඒක තීරණය කරන්නේ රෝගියාගේ විද්‍රදියේ ස්‌වභාවය අනුවයි. විද්‍රදිය මුල් අවස්‌ථාවේදී හඳුනා ගත් විට කරන ප්‍රතිකාරය නෙමෙයි එහි සැරව පිරී තිබෙන විට කරන්නෙ. එය Fistula තත්ත්වයට පරිවර්තනය වෙමින් තිබෙනවා නම් කරන්නට සිදුවන ඖෂධය කලින් කී අවස්‌ථා දෙකටම වඩා වෙනස්‌ වෙනවා. සැරව පිරුණු තත්ත්වයේ පවත්නා විද්‍රදියක්‌ තව දින දෙකකින් පුපුරුවා හල යුතු බව වෛද්‍යවරයාට සිතෙනවා නම් ඔහු පාවිච්චි කරන ඖෂධ වර්ග පෙර කී අවස්‌ථා තුනටම වඩා වෙනස්‌. මෙහිදී පාවිච්චි කරන ඖෂධ ගැන කතා කරනවා නම් දළුක්‌ කිරි යොදා ගැනීම සිදු වෙනවා. ක්‍ෂාර වර්ග යොදනවා. සමහර විට හුනු මී පැණි සමඟ මිශ්‍රකර නොපිපිරූ ගෙඩිය මත ගානවා. රතුලූනු එළඟිතෙල්වලින් අඹරලා උණු අළුපල්ලෙ තම්බලා අඹරලා ගානවා. වැල්පෙනෙල ජලයෙන් අඹරලා ගානවා.

ප්‍රශ්නය - විද්‍රදි වර්ග කීයක්‌ තිබෙනවද?

වෛද්‍ය පුෂ්පකුමාර - කිහිපයක්‌ම තිබෙනවා. ගුද විද්‍රදිවලදී බාහිර සහ අභ්‍යන්තර කියලා වර්ග දෙකක්‌ තිබෙනවා. අභ්‍යන්තර විද්‍රදිය මහත් වේදනා දෙන දෙයක්‌. රෝගියා කියන රෝග ලක්‍ෂණ අනුව ගුද අභ්‍යන්තරය පරීක්‍ෂා කරලා තමයි අභ්‍යන්තර විද්‍රදියක්‌ සොයා ගන්නේ.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:21 AM

neckප්‍රශ්නය - අද ඔබ අපට ඉදිරිපත් කරන සිද්ධි අධ්‍යයනය (Case study) කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අද මා ඔබට කියන්නේ මට හමු වූ සුවිශේෂි රෝගියකු ගැනයි. ඔහු මුලින්ම සේවය කළේ යුද හමුදාවේ. යුද්ධයේ කෲර බව දැකීමෙන් පස්‌සේ ඔහු තුළ මහත් කලකිරීමක්‌ ඇති වුණා. යුද ජයග්‍රහණයෙන් පස්‌සේ විශ්‍රාම ගිය ඔහු මහණ වුණා. ඔහු හමුදාවේ ඉන්නකොටත් කොන්දේ වේදනාවකින් පීඩා වින්දා. පස්‌සේ ඔහු ශ්‍රමණ ජිවිතයට ආවාම මේ කොන්දේ වේදනාව එකවරම මතු වූයේ නැහැ. එයට හේතුව වන්නට ඇත්තේ ශ්‍රමණ වේෂධාරියකු වීම නිසා ඔහු තුළ හට ගන්නා අප්‍රමාණ සතුට වෙන්නට පුළුවන්. ඊළඟට ඔහු භාවනා කරන්නට පටන් ගත්තා. පද්මාසන ලීලාවෙන් හිඳගෙන එකම ඉරියව්වකින් වැඩ කිරීම නිසා එම භික්‍ෂුවගේ කොන්ද නැවත රිදෙන්නට පටන් ගත්තා. මුලදී එය ප්‍රාර්ථනා බලයෙන් යටපත් කර ගැනීමට හැකිවුණත් භික්‍ෂුවගේ පිරිපුන් ස්‌ථානයක ඒ වන විටත් නොසිටීම නිසා උන්වහන්සේගේ කොන්දේ අමාරුව යළි මතුවුණා. ක්‍රමයෙන් මෙය වැඩි වුණා. අධික වේදනාව නිසා හරියාකාරව භාවනා කරගන්නත් බැහැ. පද්මාසන ලීලාවෙන් ඉඳ ගැනීම ක්‍රමයෙන් දුෂ්කර වීමට පටන් ගත් අතර ඉඳගත් පස අතපය දිග හැර නැඟිට ගැනීමට බැරි තත්ත්වයක්‌ මතුවුණා. අන්තිමට උන්වහන්සේගේ අත් පා පණ නැති තත්ත්වයකට පත්වුණා.

ප්‍රශ්නය - ඔබ ළඟට උන්වහන්සේ ආවේ කොයි කාලෙද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - හරියටම මාසයකට ඉස්‌සර තමයි මෙහෙ ආවේ. මීට කලින් මා සුව කළ ඇවිදගන්න බැරිව හිටපු කෙනෙක්‌ තමයි උන්වහන්සේව මා වෙත යොමු කළේ. උන්වහන්සේව මා ළඟට ගෙනාවෙ ඔසවාගෙන. ඇවිදගන්න බැහැ. අතපය හොල්ලන්න බැහැ. කතා කරන විටත් නුහුරක්‌ ඇති වීගෙන එන බව මට පෙනී ගියා.

ප්‍රශ්නය - උන්වහන්සේට සිදුවෙලා තිබුණේ කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - උන්වහන්සේගේ ජිවිතයේ එක්‌ තැනකදී කොඳු ඇට පෙළේ ග්‍රීව අස්‌ථි කොටසේ c1, c4, c7 යන අස්‌ථි දිරන්නට පටන් ගෙන තිබුණා.

neck1උන්වහන්සේ එයට අදාළ X කිරණ ඡායාරූප පිටපත් රැගෙන ආවද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - නැහැ. නමුත් ග්‍රීව අස්‌ථියේ ආබාධයක්‌ තිබෙන කෙනෙකුගේ හිස හරවන විදියේ වෙනස්‌කමක්‌ තිබෙනවා. ග්‍රීව අස්‌ථි පද්ධතියේ අස්‌ථි 6ක්‌ තිබෙනවා එම අස්‌ථිවල ආබාධයක්‌ තිබෙන කෙනකුගේ කොඳු ඇට පෙළේ ඉහළ මුල කොටසට අත තබලා බෙල්ල හරවන්න කීවාම ග්‍රීව අස්‌ථියේ කවර තැන් දිරා ගිහින් තිබෙනවද, නැත්නම් ආබාධයට ලක්‌වී තිබෙනවාද කියන කාරණය හොයා ගන්න අපට පුළුවන්. එය පාරම්පරික දැනුමක්‌. මේ රෝගියාගේ ග්‍රීවයේ c1, c4, c7 යන අස්‌ථි දිරා ගොස්‌ තිබෙන බව මා සොයා ගත්තෙ ඒ අනුවයි.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:23 AM

koduප්‍රශ්නය - පසුගිය දෙසතිය තුළ අප සාකච්ඡා කළේ නියුරෝපති හෙවත් පර්යන්ත ස්‌නායු රෝගය ගැනයි. මේ රෝගය නිසා ස්‌නායු හානි වීම බරපතළ ආබාධයක්‌ ද?

වෛද්‍ය අමිල බණ්‌ඩාර - දියවැඩියා නියුරෝපති යනුවෙන් රෝගයක්‌ තිබෙන අතර එය ඉතාම නරක සංකූලතා ඇති කිරීමට හේතුවිය හැකියි. ශරීරයේ තිබෙන ප්‍රධාන ස්‌නායු වර්ග සියල්ලම ඒ මගින් විනාශ වෙනවා. විශේෂයෙන්ම ශරීරයේ සංවේදනය දනවන ස්‌නායු ඒ මගින් විනාශ වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ස්‌නායු හානියට පත්වූ ප්‍රදේශය දැවෙන ගතියක්‌ ඇති වෙනවා. ඒ වගේම බරපතළ විදියට හිරිවැටෙන අවස්‌ථා තිබෙනවා. ඔබ දියවැඩියා රෝගියෙක්‌ නම් සහ ඔබේ ශරීරයේ ඇතැම් තැන් දැවිල්ලක්‌ හෝ දීර්ඝ වශයෙන් හිරි වැටී තිබෙනවා නම් ඔබ වහාම වෛද්‍ය උපදෙස්‌ ගත යුතුයි.

ප්‍රශ්නය - ස්‌නායු වේදනාව නැතිකර ගැනීමට සුදුසු ආයුර්වේද ඖෂධ තිබෙනවා ද?

වෛද්‍ය අමිල බණ්‌ඩාර - එවැනි වේදනා නාශක තෙල් වර්ග ඕනෑ තරම් තිබෙනවා. ඒ තෙල් උණුකර ශරීරයේ වේදනාව තිබෙන තැන්වල ආලේප කළ යුතුයි. දින 21 ක්‌ මෙය කළ හැකි නම් තමයි වඩාත් හොඳ ප්‍රතිඵල දෙන්නේ. මෙය ආයුර්වේදයේ හැඳින්වෙන්නේ තෛල අභ්‍යංගය හැටියටයි. සාමාන්‍යයෙන් බටහිර වෙදකමේදී මෙවැනි අධික වේදනාකාරී තත්ත්වයක්‌ සමනය කිරීම සඳහා NSAID (Nonsteroidal anti inflammatory drugs (ස්‌ටිරොයිඩ නොවන ප්‍රදාහ නාශක ඖෂධ) ලබා දෙනවා. එහෙමත් නැත්නම් ස්‌ටිරොයිඩ් වන ප්‍රදාහ නාශක ඖෂධ ලබා දෙනවා. Dexamethazone සහ prednisolone මේ ආකාරයේ ඖෂධ වර්ග දෙකක්‌. පෙර කී තෛල අභ්‍යංගය මේ සියල්ලටම වඩා බලවත්. පෙති වර්ග ගැනීමෙන් ශරීරයට සිදුවන හානිය තෙල් වර්ග ගෑමෙන් සිදු වන්නේ නැහැ. තෙල් ආලේපයට පෙර උණුසුම් බෙහෙත් පොට්‌ටනි මගින් ශරීරය තැවීම සිදු කරනවා. ආයුර්වේදය ස්‌වේද කර්මය ලෙස හඳුන් වන්නේ මේ තැවිල්ලයි.

kodu1ප්‍රශ්නය - මීට අමතරව කරන ප්‍රතිකාර මොනවාද?

වෛද්‍ය අමිල බණ්‌ඩාර - විටමින් වර්ග අඩංගු ආහාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනවා. ඒ අතර රෝගියාට සුදුසු ආහාර වර්ග සමූහයකුත් නියම කරනවා. රට මිරිස්‌ ලෙස හැඳින්වෙන මිරිස්‌ වර්ගය මේ රෝගය සඳහා ඉතාම සුදුසුයි.

ප්‍රශ්නය - මේ අතර භැමරදකටස්‌ නමැති රෝගයන් ගැනත් අපට දැන ගන්නට ලැබුණා. මෙය කුමක්‌ ද?

වෛද්‍ය අමිල බණ්‌ඩාර - ඒ ගැන ලබන සතියේ කතා කරමු.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:24 AM

thairoidප්‍රශ්නය - තයිරොයිඩ් පිළිකාව මාරාන්තිකද යන කාරණය ද ඇතුළුව ඒ ආශ්‍රිත තොරතුරු රාශියක්‌ ගැන පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. අප සාකච්ඡාව අවසන් කළේ වායු ගෙඩියක්‌ තුළ හෝ ආශ්‍රිතව හට ගන්නා පිළිකාවක රෝග ලක්‍ෂණ ගැනයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී සාකච්ඡා කළ යුතු වැදගත් කාරණයක්‌ තිබෙනවා. ඒ තමයි තයිරොයිඩ් පිළිකාවක්‌ ශරීරයට බලපාන්නේ කොයි විදියට ද කියන එක. ආහාර ජීර්ණය, හෘද ස්‌පන්දන වේගය, හෘදයේ උෂ්ණත්වය පවත්වා ගෙන යැම යන කාරණාවලට බලපාන හෝමෝන වර්ග නිෂ්පාදනය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගිනි. තයිරොයිඩ් පිළිකාවක්‌ හට ගත්තාම තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ අසාමාන්‍ය සෛල වර්ධනයක්‌ හට ගන්නවා. එවිට ගෙල ප්‍රදේශයේ සහ තයිරොයිඩ් ග්‍රන්ථිය මත අර්බුද හට ගන්නවා. ඒ සමගම හෝමෝන නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස්‌ වෙනවා.

ප්‍රශ්නය - තයිරොයිඩ් පිළිකාව සුවපත් කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වැඩි හරියක්‌ සුව කළ හැකියි. සෙසු ඒවා කළමනාකරණය කරගෙන ජීවත් විය හැකියි. සිද්ධාධි සුව තෛලය නමැති ඖෂධීය තෙල් වර්ගය පිළිකාව පවතින ප්‍රදේශවල ආලේප කිරීම සහ සුදුසු කසාය වර්ග පානයෙන් සුවය මෙන්ම කළමනාකරණය යන ඉලක්‌ක දෙකට ළඟා විය හැකිය. නිසි පරිදි ප්‍රතිකාර කළොත් තයිරොයිඩ් පිළිකාවලින් 97% ක්‌ ම සුවපත් කර ගන්නට පුළුවන්. දේශීය වේවා, ආයුර්වේද වේවා, බටහිර වේවා, අවශ්‍ය වන්නේ නිසි ප්‍රතිකාරයයි.

ප්‍රශ්නය - තයිරොයිඩ් පිළිකාවක්‌ ශරීරයේ වෙනත් තැන්වලට ගමන් කිරීමට කොතරම් කලක්‌ ගත වෙනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - තයිරොයිඩ් පිළිකාවක්‌ ශරීරයේ වෙනත් තැන්, විශේෂයෙන් ම පපුව හා ආශ්‍රිත ප්‍රදේශවලට ගමන් කරන්නේ වසා ගැටිති හරහා බව ඔබ දන්නවා. තයිරොයිඩ් පිළිකාව පැතිරෙන සෙසු කොටස්‌ ලෙස පෙණහලු, අක්‌මාව සහ අස්‌ථිත් හඳුනාගෙන තිබෙන බවත් ඔබ දන්නවා. එම පිළිකාව පැතිර යැමට නිශ්චිත කාලයක්‌ කියන්න බැහැ. සමහර විට දින 60 ක පමණ කාලයක්‌ තුළත් එය පැතිර යැම සිදුවිය හැකියි.

ප්‍රශ්නය - හතරවන අවස්‌ථාවේ තයිරොයිඩ් පිළිකා (Stage 4) යනුවෙන් වර්ගයක්‌ තිබෙන බව අප අසා තිබෙනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙයට කියන්නේ Anaplastic තයිරොයිඩ් පිළිකාව කියලයි. මෙය ඉතා ඉක්‌මනට විශාල වන අතර වෛද්‍යවරුන් විසින් හඳුනාගන්නා අවස්‌ථාව වන විට හුඟක්‌ම විශාල වී මෙය හඳුනාගන්නා මුල් අවස්‌ථාවේදී ම බොහෝ විට වසා ග්‍රන්ථිවලට පැතිර ගොස්‌ අවසානයි.

thairoid1ප්‍රශ්නය - බටහිර විද්‍යාත්මක ක්‍රමවලට අනුව, විකිරණ ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුත් මේ පිළිකා නැවත වැළඳීමේ හැකියාව තිබෙනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔව්. Papillary Carcinoma Thyroid පිළිකාව ලෙස හැඳින්වෙන පිළිකා වර්ගය වැළඳී තිබුණා නම් විකිරණ ප්‍රතිකාරවලින් පසුවත් නැවත හටගන්නවා.

ප්‍රශ්නය - Papillary Carcinoma පිළිකාවක්‌ හට ගන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සිරුරේ ඇතිවන ජානමය විෂමතා හේතුවෙන් තමයි මෙය හටගන්නේ. සමහර විට විකිරණවලට නිරාවරණය වීමෙනුත් සෛල විකෘතිතා හට ගෙන මෙවැනි පිළිකා ඇති වීමට පුළුවන්.

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:25 AM

skin* සමේ රෝග නිසා සමාජයේ හැසිරීමේදී බොහෝ දෙනා පීඩා විඳිනවා. මේ ගැන හැඳින්වීමක්‌ කළොත්?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සම රෝගී වන අවස්‌ථා විවිධයි. විවිධ හේතු නිසා ඇති වන ගැටලු මේ සඳහා ප්‍රධාන වෙනවා. මේ අතරින් ප්‍රධාන වන්නේ බාහිරින් පැමිණෙන ක්‍ෂුද්‍ර ජීවී ආසාදනයි. ඒ වගේම සිරුර අභ්‍යන්තරය අධික ලෙස උෂ්ණාධික වීමද සමේ රෝගවලට හේතු වෙනවා. සිරුරේ හට ගන්නා තවත් බොහෝ රෝගාබාධයන්වලදීත් ඒවායේ අතුරු රෝගයන් ලෙස සම රෝගී වීම සිදු වෙනවා.

* සමේ රෝග විවිධාකාරයි. මේ රෝග පැතිරීම ගැන සඳහන්a කළොත්?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සමේ රෝග ප්‍රධාන ලෙස කොටස්‌ දෙකකට වර්ග කළ හැකියි. ඒ බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙසයි. බෝවන රෝaග ස්‌පර්ශයත්, ලිංගික ක්‍රියාකාරකම් මගින් සහ අපිරිසිදුකම මගින් ඇති විය හැකියි. සමේ ඇති වන බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රධාන ක්‍රමය රක්‌තය දූෂණය වීම ලෙස හැඳින්විය හැකියි.

* මෙලෙස රක්‌තය දූෂණය වීම පිළිබඳ හැඳින්වීමක්‌ කළොත්?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

සිරුරේ පිත් දොaෂය අධික වීම නිසා එම අයගේ ශරීරයේ උෂ්ණත්වය අධික විය හැකියි. ඒ අනුව අධික උෂ්ණාධික බව නිසා සම පැසවීම සිදු වන අතර වා, සෙම් දොaෂවල බලපෑමක්‌ හමුවේ සම වියළීම, ඉරිතැලීම හෝ කැසීමේ තත්ත්වයක්‌ ඇති විය හැකිය.

* රක්‌තය දූෂණය වීමට බලපාන හේතු මොනවාද?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීම, බිලිං, ගොරකා, තක්‌කාලි ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාර වැඩිපුර ගැනීමෙන් සිරුරේ ඇස්‌ කොබීන් ඇසිඩ් ආදී ඇසිඩ් වර්ග බහුල වෙනවා. එවිට සිරුරේ උෂ්ණාධික බව වැඩිවීම සිදු වෙනවා. ඒ වගේම අධිකව නිදිවැරීම, මත්පැන් පානය, කෘත්‍රිම ආහාර වැඩිපුර ගැනීම හා ආහාර ජීර්ණ පද්ධතීන්ගේ අක්‍රමවත්භාවයන් නිසාද උෂ්ණාධික බව වැඩි විය හැකියි.

* සමේ හටගන්නා රෝග පිළිබඳ සඳහන් කළොත්a?

skin1වෛද්‍ය රන්පත රුවන් රත්නායක

ප්‍රධානම රෝගය පලු දැමීමයි. ඒවා සිරුර පුරාම පැතිරීමෙන් දැඩි පීඩා ඇති වෙනවා. කුඩා බිබිළි හට ගැනීම තව රෝගයක්‌. මේවාද කැසීම නිසා සම පුරා පැතිරී දියර ගලන තත්ත්වයටම පත්වීම සිදු වෙනවා. දෙපා පතුල කොටස්‌වල සම පුපුරා දියර ගැලීම, ඇඟිලිකරු ආශ්‍රිතව මේවා ඇරැඹීම සිදු වෙනවා. සමේ රෝගවල භයානකම රෝගය කුෂ්ට රෝගයි. කුෂ්ට රෝග ඉතා පීඩාකාරී සහ අවදානම් බව වැඩි රෝගයකි.

* මෙම රෝග සුවකිරීමට ආයුර්වේද ප්‍රතිකාරවලට හැකිද?

* වෛද්‍ය රන්පත රුවන් රත්නායක

ආයුර්වේදයේ මෙම රෝග සුව කිරීම සඳහා ඉතා ගුණදායක ඔසු වර්ග තිබෙනවා. නිවැරදි වෛද්‍යවරයකු කරා යොමු වී නිවැරදි ලෙස ප්‍රතිකාර කළොත් රෝගය සුව කර ගැනීමට හැකියාව පවතිනවා. වර්තමානයේ ඕනෑම රෝගයකට ඉතා පහසුවෙන් පාවිච්චිය කළ හැකි ලෙස ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කර තිබෙන නිසා රෝගීන්ට පහසුවෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවද පවතිනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:25 AM

earප්‍රශ්නය - අප ඔබ සමඟ සාකච්ඡා කළා කර්ණ රෝග 28 ක්‌ තිබෙන බව හා ඒවා අතුරින් සුලභවම පවතින රෝග ගැනයි. මේ යටතේ අප අවසන් වශයෙන් කතා කළා Ear Wax හෙවත් කළාඳුරු, එහෙමත් නැත්නම් කර්ණ මල ගැන. ඒ රෝග තත්ත්වයන්ට හේතු පාදක විය හැකි කාරණා ගැනත් අප පෙන්වා දුන්නා. මීට අමතරව කනට වැළඳෙන සෙසු රෝග මොනවද?

ආචාර්ය වෛද්‍ය ශ්‍රියානි පීරිස්‌ - සමහරුන්ගේ කන් නිතරම කසනවා. මෙහෙම දිගින් දිගටම කසන විට කනෙන් කිසියම් දියරයක්‌ ගලනවා. මෙය සිදුවන්නේ කන තුළ දිළීර තත්ත්වයක්‌ හට ගත් විටයි. මෙවැනි තත්ත්වයක්‌ තිබෙන විට කන තුළින් දුඟදක්‌ හමනවා. පරණ පාන් වතුරේÊපොඟවලා දවසක්‌ විතර තැබුවාම එන ගඳට මේ ගඳ සමානයි. විවිධ හේතු මත මේ දිලීර හටගන්නවා. සමහර විට ඔලුවේ හිස්‌ සොරි තිබුණාමත් කනේ පුස්‌ හටගන්නවා. ඒ හිස්‌සොරි කන ඇතුලට ගිහින් තැන්පත් වන නිසයි. ඒ වගේම දියවැඩියා රෝගීන්ටත් කනේ පුස්‌ වර්ග හට ගන්නවා. කෙනෙක්‌ කන කසන විට එය තුළට විවිධ දේවල් ඇතුළු කරනවා නම් ඒ මගින් අවට පරිසරයේ තිබෙන පුස්‌ වර්ග කන තුළට ගිහින් තැන්පත් වෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් කන ඇතුළට දමලා කන කසද්දී කනේ ඇතුල් ස්‌ථරය තුවාල වෙනවා. එතකොට ඒ තුවාල වූ තැන පුස්‌ හට ගන්නටත් පුළුවන්. ආයුර්වේදයෙ එනවා කර්ණ කණ්‌ඩු කියලා තත්ත්වයක්‌. කන තුළ හටගන්නා දිලීර තත්ත්වය තමයි මෙයින් හඳුන්වන්නේ. මේ දිලීර සුදු පාටට තියෙන්නත් පුළුවන්. කළු පාටට තියෙන්නත් පුළුවන්.

මේ අතර පිට කනේ බිත්තිවල හට ගන්නවා කුඩා තුවාල විශේෂයක්‌. අප මේවා හඳුන්වන්නේ කර්ණ විද්‍රධි කියලයි. මෙය ඉතාම වේදනා සහගත තත්ත්වයක්‌. මෙවැනි රෝග තත්ත්යක්‌ තුළ කන අල්ලන්නටවත් බැරිවන තරමට රිදෙනවා.

මෙහිදී තවත් වැදගත් දෙයක්‌ කිව යුතුයි. ඒ කනේ සැරව ගැලීම ගැනයි. මෙහි අවස්‌ථා දෙකක්‌ තිබෙනවා. පළමුවැන්න තමයි කන තුළ සැරව හට ගත්තත් පිටතට නොගැලීම. එයට හේතුව කන් බෙරය හිල්වුණොත් තමයි සැරව පිටතට ගලාගෙන එන්නේ. ඒ කියන්නේ ඇතුළෙන් පිටට සැරව ගැලීම. බාහිර කනේ මොනවා හරි ප්‍රශ්නයක්‌ වුණොත් සැරව පිටට ගලනවා. ඒ එක්‌කම තවත් වැදගත් දෙයක්‌ තමයි කුඩා දරුවන්ගේ දීර්ඝ කාලීන උගුරේ ආසාදන. උගුර සහ කන අතර සම්බන්ධයක්‌ තිබෙනව බව මා මීට පෙර සතියක කිව්වා.

එය හටගන්නේ යුස්‌ටේකීය නාලය හරහා. ඉතින් මේ යුස්‌ටේකීය නාලය හරහා මැද කනේ සෙම එකතු වෙනවා. ඊළඟට කල්ගත වෙද්දී එතැන ආසාදනයක්‌ ඇති වෙනවා. කර්ණ පටලය නොරාගෙන ඇවිත් පුපුරනවා. එවිට මැද කනේ සිට දියර පිටතට එනවා. මෙය ඉතා පරෙස්‌සමින් සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්‌. මැද කනේ සෙම එකතු වුණාමත් ලොකු වේදනාවක්‌ හට ගන්නවා. රෝගියාගේ කුස පිරුණ තත්ත්යක්‌ එනවා. ශ්‍රව්‍ය දුර්වල වෙනවා. මන්ද යත් යුස්‌ටේකීය නාලය අවහිර වීමයි.

ලබන සතියේදී බිහිරි භාවය ඇති වීමට හේතු

නොමිලේ විස්‌තර

011-5289248/077 7620948

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ear1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:26 AM

rumatoidප්‍රශ්නය - රූමැටොයිඩ් ආත්‍රයිටිස්‌ රෝගය ගැන නැවත මතක්‌ කරදීමක්‌ කරන්නට අප අද අදහස්‌ කරනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - ආමවාතය ලෙස ආයුර්වේදයේ හඳුන්වන මේ රෝගය, රෝගියා බෙලහීන කරන නිදන්ගත රෝගයක්‌. හැබැයි එසේ කියා මෙයට බිය විය යුතු නැහැ. ඒ වගේම බය නැහැ කියලා රෝගය අත්හැර දැමිය යුතුත් නැහැ. මෙය ශරීරයේ තියෙන සියලු ආකාරයේ පටකවලට බලපාන නමුත් ප්‍රධාන වශයෙන් බලපෑමක්‌ ඇති කරන්නේ සන්ධිවල තිබෙන ලසිකා පටලය නමැති කොටසටයි. මෙය සාමාන්‍යයෙන් හඳුනාගෙන තිsබෙන්නේ Autoimmune හෙවත් තමන් තුළ ඇති ප්‍රතිශක්‌තිකරණය තමන්ටම එරෙහිව නැගී සිටීම නිසා හට ගන්නා රෝගයක්‌ ලෙසයි. ආයුර්වේදයට අනුව ආත්‍රයිටිස්‌ රෝග තත්ත්වය කාණ්‌ඩ තුනකට වර්ග කෙරෙනවා. ආමවාත, සන්ධි වාත, සහ වාතරක්‌ත තමයි මේ වර්ග තුන. මේ තුන් වර්ගයටම පොදු වචනය තමයි 'වාත' කියන එක. ඉහත තුන් වර්ගයෙන් රූමටොයිඩ් ආත්‍රයිටිස්‌ රෝගයට සමාන වන්නේ ආමවාත කියන තත්ත්වයයි. සන්ධි වාත කියන තත්ත්වය බස්‌ටියෝආත්‍රයිටිස්‌ රෝගයට සමාන වනවා. වාතරක්‌ත කියන තත්ත්වය Gouty ආත්‍රයිටිස්‌ රෝගයට සමානයි.

ප්‍රශ්නය - ආමවාත හෙවත් රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකිද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේද අර්ථකථනයට අනුව ආමවාතය කියන්නේ සුවපත් කිරීම දුෂ්කර රෝගයක්‌. මෙය නිදන්ගත වන අතර රෝගය හට ගන්නා ප්‍රදේශය විකෘති කරනවා. මෙහි රෝග ලක්‍ෂණ තමයි එක්‌ සන්ධියක්‌ හෝ සන්ධි කිහිපයක්‌ ඉදිමීම. ඒ වගේම වේදනා දීම.

ශරීරයේ අග්නිය පහළ යැමත් ආමය හෙවත් විෂ ගතිය ඉහළ නැගීමත් නිසා මෙය සිදුවන බවයි කියන්නේ.

ප්‍රශ්නය - මේ රෝගය සුවකර ගැනීමට සුදුසු කසායක්‌ පසුගිය සතියේදී ඔබ මේ ලිපියෙන් පැහැදිලි කළා. ඔබ එබන්දක්‌ අදත් අපට කියනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - බෙහෙත් එඬරු මුල්, අරත්තන අල, බැබිලමුල්, සාරණ මුල්, නික මුල්, එලබටු, කටුවැල්බටු, පත්පාඩගම් යනාදිය කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 පතකට සිඳ සීනි/ මීපැණි දමා උදේ හවස කෝප්ප භාගය බැගින් දින 12 ක්‌ පානය කළ යුතුයි. මේ මගින් ශරීරයේ වේදනාව නැති වන අතර එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

rumatoid1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:27 AM

anshbagaප්‍රශ්නය - පසුගිය සතියේදී අප පක්‍ෂාඝාත රෝගයේ විද්‍යාත්මක පදනම ගැන කතා කළා. මේ සඳහා කරන ප්‍රතිකාරවල මූලික ස්‌වරූපය කුමක්‌ද?

වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - අංශභාගය වැළඳුන ශරීරය හෝ ශරීර කොටස උණුසුම් කිරීම, සම්බාහනය කිරීම, ස්‌නායු පණ ගැන්වීම සඳහා ව්‍යායාම සිදුකිරීම යනාදිය තමයි මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ.

ප්‍රශ්නය - ආයුර්වේදයට අනුව පක්‍ෂාඝාතයේ මුල මොකද්ද?

වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි -

මෙය වාතය මූලික කරගත් රෝගයක්‌. ඇතැම් විට වැරදි ලෙස ඖෂධ පරිහරණය කිරීමෙනුත් මේ රෝගය හටගන්නවා. ඇතැම් ඖෂධ වර්ග තිබෙනවා පේශි ස්‌නායුවල සන්ධි අවහිර කරන. එතකොට එතැනින් එහා සංඥා ගමන් කරන්නෙ නැහැ. එවිට අස්‌ථි පංCඳ්Cඳරයට සම්බන්ධ වී තිබෙන මාංශ පේශි පණ නැතිව යනවා.

මෙකී අප්‍රාණික බව නැති කරන්නටත්, ස්‌නායු සන්ධි අතර සංඥා ගමන් කිරීම යම් තත්ත්වයකට පමුණුවන්නටත් ආයුර්වේද ඖෂධවලට පුළුවන්. ඒ සඳහා විශේෂ වූ කසාය වර්ග සහ තෙල් වර්ග තිබෙනවා. අරිෂ්ටයක අඩංගු මධ්‍යසාර ප්‍රතිශතය නිසා එය වහාම ශරීරයට උරාගෙන රුධිරය මාර්ගයෙන් ස්‌නායු පද්ධතිය සහ පේශි අතර බෙදී යනවා. සමහර බටහිර ඖෂධ තිබෙනවා ශරීරයට උරාගත් පසු තාවකාලික අංශභාගය ඇති කරන. එවිට ශරීරයේ යම් යම් ස්‌ථානවල සංවේදීභාවය නැතිව යනවා. මෙවැනි රෝගීන්ට තාවකාලික වෙව්ලීම් හට ගන්නවා.

ප්‍රශ්නය - අංශභාග රෝගියකුගේ අත්පාවල සංවේදී බව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවද?

anshbaga1වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - ඒත් අංශභාග රෝග තත්ත්වයකදී රෝගියාට පාදවල සංවේදිතාව සම්පූර්ණයෙන්ම නැතිව යනවා. පාදයක්‌ පිලිස්‌සුවත් දැනෙන්නේ නැති තත්ත්වයක්‌ මතුවෙනවා.

ප්‍රශ්නය - අංශභාග රෝගියකු නැවත ඇවිද්දවන්න පුළුවන්ද?

වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - එය ඉතාම කෙටි කාලයක්‌ තුළ කළ හැක්‌කේ ආයුර්වේද ඖෂධවලින් විතරයි. අපේ ආයුර්වේදීය ක්‍රමයක්‌ තිබෙනවා. එක්‌ එක්‌ රෝගියාට ගැලපෙන විදියට ඖෂධ සාදා ගන්න පුළුවන්. ඒ අනුව A නමැති අංශභාග රෝගියාට දෙන බෙහෙත නෙමෙයි B නමැති අංශභාග රෝගියාට දෙන්නේ. ශරීරයේ එක්‌ පැත්තක්‌ පැන නැතිව රෝගියාට දෙන ඖෂධත් සම්පූර්ණ ශරීරයම පන නැති වූ රෝගීන්ට දෙන ඖෂධත් අතර විශාල වෙනස්‌කම් තිබෙනවා. කසාය වට්‌ටෝරුවේ පවා වෙනස්‌කම් සිදු කරනවා. සාමාන්‍යයෙන් මාස 6 ක්‌ විතර නොකඩවා ප්‍රතිකාර කළාම අංශභාගය සුවපත් කරන්නට පුළුවන්.

ප්‍රශ්නය - එසේ කරන්නට බැරි අවස්‌ථාත් තිබෙනවාද?

වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්‌ටිආරච්චි - සුව කරන්න බැරි අංශභාග රෝගියෙක්‌ මගෙ ජිවිත කාලය තුළ මට හමුq වී නැහැ.

ලබන සතියේ තව කොටසක්‌

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 07:28 AM

homiyoසන්ධි රෝග, බාල, තරුණ, මහළු වයස්‌ බේදයකින් තොරව දක්‌නට ලැබෙන තත්ත්වයක්‌ බවට පත්වී ඇත. වැඩි වශයෙන් වයස්‌ගත වීමත් සමඟම බොහෝ මවුවරුන්, පියවරුන් මේ තත්ත්වය නිසා පීඩා විඳිමින් සිටිනවා දක්‌නට ලැබෙනවා. විශේෂයෙන්ම කිවයුතුයි පාකින්සන් රෝගය, ඇදුම, හදවත් රෝග, වකුගඩු හා මුත්‍රාශ රෝග, ආමාශගත රෝග වැනි නොයෙකුත් රෝගී තත්ත්වයන් සමඟම සන්ධි රෝග වැළඳීමෙන් පාද ඇදගැසීමත්, වේදනාවත් නිසා ඔවුන් ගෙවන්නේ ඉතාම පීඩාකාරී ජීවිතයක්‌. මෙය වත්මන් සමාජයේ බහුලව දක්‌නට ලැබෙනවා.

වෛද්‍යතුමියනි කුමක්‌ද මේ සන්ධි රෝගය කියන්නේ?

හිසේ සිට දෙපතුල දක්‌වා සන්ධි ගණනාවකින් යුක්‌තව අස්‌ථි පද්ධතිය නිර්මාණය වී පවතිනවා. අස්‌ථියෙන් අනිත් අස්‌ථියට සම්බන්ධ කර නම්‍යශිලිතාවය හා ක්‍රියාකාරීත්වය ගෙනදෙන කාටිලේජ නමැති පටක ව්‍යqහය ඉතා වැදගත් ස්‌ථානයක්‌ ගන්නවා. ශරීරයේ කොතැනක හෝ සන්ධියක පටකවල වැඩි ඝර්ෂණයක්‌ යෙදීම, වයස අනුව ගෙවී යැම නිසාද, සිදුවන හදිසි අනතුරු නිසාද, දිරායාමත් නිසාද, විනාශ වූ හෝ තුවාල වූ ගෙවීයන පටක මත ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ක්‍රියාකර පිළිසකර කරදී මේ මුල් අවස්‌ථාව ප්‍රදාහක තත්ත්වය ලෙස හඳුන්වනවා. මෙහිදී එම ස්‌ථානයට දියර එකතු වී ඉදිමීම, රතුපාට වීම, එම ස්‌ථානයේ උෂ්ණත්වය වැඩි වීම හා වේදනාව ඇතිවීම මින් ඇති වෙනවා. මෙය අපි සන්ධි රෝගයක්‌ ලෙස හඳුන්වනවා. ආතරයිටිස්‌ කියන්නේ මේ තත්ත්වයයි.

ශරීරයේ ඕනෑම ස්‌ථානයක මෙය ඇතිවෙන්න පුළුවන්ද?

අස්‌ථි පද්ධතියේ අස්‌ථි 2 ක්‌ එකතුවන ඕනෑම ස්‌ථානයක ආතරයිටිස්‌ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මූලිකව ඇතිවන මෙම වෙනස්‌කම නිසා ඇතිවන වේදනාව මුල් කරගෙන වේදනාව පමණක්‌ නැති කර ගන්න උත්සාහය තුළ රෝගය පිළිබද හරි අවබෝධයක්‌ නොමැතිකම තුළ ඇතුළතින් මේ ව්‍යqහාත්මක වෙනස්‌වීම ක්‍රම ක්‍රමයෙන් ඇද ගැසීමකට ලක්‌වන්නේද රෝගය ඇතුලාන්තයෙන් වර්ධනය වී යැමත් සමඟය. ඒ සමඟ රසායනික සංයුතිවල වෙනස්‌කමද සිදුවී (ESR, Rh, facter) ඉහළයාම වේදනාව දරාගත නොහැකි තත්ත්වයට පත්වීමක්‌ වෙනවා. ශරීරයේ මේ තත්ත්වය ඇතිවන ස්‌ථානය අනුව ගෙවීයන ආකාරය, තත්ත්වය අනුව විවිධාකාර නම් රැසකින් හැඳින්වීම අපව රෝගයේ නමත් සමඟ බිය ගෙන දෙනවා. බෙල්ලේ ඇතිවීම (Cervical Spondylisis) කොන්දේ ඇතිවීම (Lumba Spondylosis), දිරායාම (osteoporosis) ලෙස විවිධාකාර නම් ගෙන දෙනවා. තත්ත්වය උත්සන්න වූ විට ස්‌නායු තෙරපීම් ගෙනදීම අවසානයේ ශල්‍යකර්ම දක්‌වා පුංචි රෝගය වර්ධනය වීම සිදු වන්නේ රෝගියාගේ නොදැනුවත්කම නිසයි.

හෝමියෝපති ප්‍රතිකාර සන්ධි රෝගවලට සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක්‌ වන්නේ කොහොමද?

කාරණා කිහිපයක්‌ තිබෙනවා. පළමු කාරණාව හෝමියෝපති ප්‍රතිකාර ලබා දෙන්නේ රෝගයට නොව රෝගියාටයි. උදාහරණයක්‌ ලෙස පාකින්සන් රෝගියෙක්‌ ගතහොත් ඔවුන් වෙව්ලනවා, ඇවිදින්න බැහැ, සමබරතාව නැති නිසා වැටෙන්න යනවා, ඒ වගේම වේදනාවයි, පාද ඇදගහල වේදනාවයි, ඉදිමිලා බෙල්ල හරවගන්නත් බැහැ. බලනකොට කාටිලේජ ගෙවිල, අස්‌ථි දිරාගෙන යනවා. ඒ වගේම විෂාදය, ගැස්‌ට්‍රයිටිස්‌ වැනි රෝග තත්ත්ව කිහිපයක්‌ ඇති අයට මෙම සෑම රෝගයකටම එකවර ප්‍රතිකාර ලබාදී රෝගියා සුවපත් කරවීම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ විශේෂත්වයක්‌ වෙනවා.

homiyo1රෝගය පෙන්වන රෝග ලක්‌ෂණය (අනතුර පෙන්වන සංඥාව ) එකවර නැතිකර දැමීමට යාම නිසා (එනම් රෝගය පාලනය කිරීමට වේදනා නාශක ලබා ගැනීමෙන්) අනතුර වර්ධනය වීම නොදැනුවත්වම සිදු වෙනවා. මෙසේ කාලයක්‌ යත්ම රෝගය ඖෂධ මගින් පාලනය නොවන තත්ත්වයට පත්වන්නේ තව තවත් අතුරු අබාධවලට ලක්‌වීමෙන් ජීවිතය පවා එපා වීමෙනි. එයින් ඔවුන්ගේ ජීවිත අන් අයටද බරක්‌ වෙනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මූලධර්මය "රෝගයට සමාන ප්‍රතිකාර තුළින් රෝගය සුවය" මේ අනුව රෝගියාගේ සියලුම කායික මෙන්ම මානසික රෝග ලක්‌ෂණද සැලකිල්ලට ගෙන, ලබා දෙන්නා වූ ඖෂධ මගින් පුද්ගලයාගේ රෝගයට හේතු වූ, වේදනාවට හේතු වූ, වෙව්ලීමට හේතු වූ හේතුව නැති කරනවා. එනම් අප රෝගියා පෙන්වන රෝග ලක්‌ෂණය නැති නොකර එය අනතුරු මාර්ගය ලෙස සලකා අනතුර වෙතට ගොස්‌ එය නැතිකර දමනවා. එනම් මෙහිදී සිදු කරන්නේ රෝගය පාලනය කිරීමක්‌ නොව රෝගයට හේතුව නැතිකර රෝගියාට සුවය සහනය ලබාදීමයි. එහිදී ශරීරයේ බෙල්ල, කොන්ද, ඇඟිලි පුරුක්‌, දණහිසේ කොතැනක හෝ වේවා ගෙවුණු පටක නැවත වර්ධනය වීම, දිරාගිය පටක නැවත වර්ධනය වීම, කාටිලේ- වර්ධනය වීම, ඉන් ස්‌නායු තෙරපීම නැතිව යාම, රෝගයේ වර්ධනයත් සමඟ ඇදගැසුණු ස්‌ථාන දණහිස්‌, ඇඟිලි නැවත යථා තත්ත්වයට පත්වීම, මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඇතුලාන්ත සුව වීමක්‌ පටන් ගැනීමක්‌ සමඟම වේදනාව නැත්තටම නැතිවී යනවා. ශරීර ඇතුලාන්ත ඉන්ද්‍රියන් සෛල අලුත්වීම පමණක්‌ නොව රසායනිකව වෙනස්‌ වූ සංයුතීන්. (ESR, Rheumatoid fracture, FBC) නිරෝගී මට්‌ටමකට ගෙන එම සිදු වෙනවා. මේ අනුව වාර්තා යහපත් වනවා. රෝගියාගේ තිබුණා වූ බොහෝ රෝගවලට සුවය යථාර්ථයෙන්ම අත්දකිනවා. ඔවුනොවුන්ගේ රෝගයන් සමග වියපත් වුණු පෙනුම තරුණ පෙනුමට ගෙන එනවා. කායික මානසික සුවය සමග දිර්ඝායුෂ ලබනවා.

(ලබන සතියේ තව කොටසක්&zwnj

නොමිලේ විස්‌තර සඳහා

011-2731695 හෝ 0718250716/17

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2018 06:46 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2018 06:47 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2018 06:48 AM
weda4වර්තමානයේ බොහෝ කාන්තාවන්ට මතුව ඇති ගැටලුවක්‌ වී ඇත්තේ තරබාරුවයි. එනිසා ඇතැම් කාන්තාවන් තුන්වේල හරිහැටි කන්නේ නැත. තවත් පිරිසක්‌ පලතුරු ධාන්‍ය වර්ග පමණක්‌ ආහාරයට ගනිති ඒ අතර ඇඟ හැඩ කර ගැනීම සඳහා ඇතැම් දෙනා ව්‍යායාම සඳහා යොමු වෙති.
 
 වෛද්‍යතුමනි, නාඩි වෛද්‍ය විද්‍යාව අනුව කාන්තාවකගේ ශරීරයේ බර අඩු කර ගැනීමට ඇති උපදෙස්‌ මොනවාද?
 
 ශරීරයේ බර අඩු කර ගැනීමට නෙමෙයි ශරීරය නිරෝගීව පවත්වාගෙන යැමට සෘෂි නාඩි වෛද්‍යවරු උපදෙස්‌ දී තිබෙනවා මොකද අද අපි කථා කරන්නේ තරබාරු කාන්තාවන් ගැන විතරයි. නමුත් එහි විරුද්ධ පැත්ත ගැන කථා කරන්නේ නැහැ. අද තරබාරු කාන්තාවන් වගේම අධික කෘශ (කෙට්‌ටු) කාන්තාවන්ද සිටිනවා. ඔවුන්ගේ ශරීරයේ උසට සරිලන බරක්‌ නැහැ. එය ඉතා භයානකයි. මොකද ඒ අයගේ ශරීර වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණය ලැබී නැහැ.
 
 මෙවැනි කාන්තාවන් ඉතා ඉක්‌මනින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා එනිසා අප අවධානය යොමු කළ යුත්තේ නිරෝගී සිරුරක්‌ පවත්වාගෙන යැම සඳහා ආහාරපාන ගන්නා ආකාරය පිළිබඳවයි.
 
 උපතින්ම සැම කාන්තාවකටම උරුමවූ රූපයක්‌ තිබෙනවා. ශරීර හැඩයක්‌ තියෙනවා. වර්ණයක්‌ තිබෙනවා. උසක්‌ තිබෙනවා. නමුත් උපතින් කිසිම ගැහැනු ළමයෙක්‌ තරබාරුව හෝ කෙසඟ බව රැගෙන එන්නේ නැහැ.
 
 එය ඇතිවන්නේ උපතින් පසුවයි. කාන්තාවකගේ ශරීරයේ පෝෂණය ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුත්තේ වයස අවුරුදු 08 දී සිටයි.
 
 නිරෝගී දැරියක්‌ යුවතියක්‌ වූ විට පුන් පියයුරු, පුළුල් උකුළ, දිගු වරලස, මුතුවන් දත් දෙපළ වර්ධනය කරගත යුතුයි.
 
 ඒ සඳහා පෝෂ්‍යදායි ආහාර පාන ගත යුතුයි.
 
 වෛද්‍යතුමනි, පෝෂ්‍යදායි ආහාරපාන ගත්තත් ඇතැම් යුවතියන් තරබාරුවට හෝ කෙසඟ බවට පත්වෙනවා නේද?
 
 ඔව්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ හෝමෝනවල පවතින අසමතුලිත බව. එවිට එම අසමතුලිත බවට ප්‍රතිකාර කරන්නේ නැතිව ආහාරපාන පාලනය කිරීම මගින් ශරීරයේ බර පාලනය කරන්න බැහැ.
 
 හෝමෝන අසමතුලිත යුවතියන්ගේ සිරුරේ බරෙහි වෙනසට අමතරව දැකිය හැකි රෝග ලක්‍ෂණ අතර බෙල්ල කළුවීම, මුහුණේ රෝමකූප වැවීම, අකලට කෙස්‌ ගැලවී යැම, දැක්‌විය හැකියි.
 
 වෛද්‍යතුමනි මෙවැනි යුවතියන්ට ඇති ප්‍රතිකාර මොනවාද?
 
 මේ සඳහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ වැල, වරකා, කටු අනෝදා වැනි පලතුරු වර්ග, හබරල, බුත්සරණ කිරි කොඬල වැනි අලවර්ග, කළුබාලවී පච්ච පෙරුමාල්, රත්සුවÄල්, කළුහීනැටි වැනි සහල් වර්ග නිතර ආහාරයට ගන්නා ලෙසයි.
 
 ඊට අමතරව දිනපතා පානය කළ හැකි ඖෂධයක්‌ සාදා ගන්නා අයුරු මෙසේය.
 
 කහට ගෙඩි යුෂ කෝප්ප 03 ක්‌. අමු නෙල්ලි යුෂ කෝප්ප 03 ක්‌. බුළු කුඩු තේ හැඳි 03 ක්‌, කුරුඳු කුඩු, තේ හැඳි 03 ක්‌, ගස්‌ ලබු ඇට කුඩු තේ හැඳි 03 ක්‌, කෝමාරිකා යුෂ කෝප්ප 03 ක්‌, අතින් කඩාගෙන ලී වංගෙඩියක දමා කොටා ලබාගත් යුෂ කෝප්ප 03 ක්‌, පොල්වතුර කෝප්ප 03 ක්‌, සුදුහඳුන් පිටි තේ හැඳි 03 ක්‌, අමුක්‌කරා පිටි තේ හැඳි 03 ක්‌, තිප්පිළි කුඩු තේ හැඳි 03 ක්‌ වෙනිවැල්ගැට කුඩු තේ හැඳි 03 ක්‌ ගෙන මේ සියල්ල එකට මිශ්‍ර කර මැටි මුට්‌ටියක දමා පිරිසිදු ජලය මිශ්‍රකර හොඳින් තම්බාගන්න. ඉන්පසු හොඳින් නිවුණු පසු උදේට පානය කරන්න.
 
 මෙය මාසයක්‌ පමණ පානය කරන විට හෝමෝන අසමතුලිත බව දුරුවී පවතින තරබාරුව, ඇතුළු සියලු රෝග දුරුවී සම පැහැපත්වී ප්‍රියමනාප යුවතියක්‌ බවට පත්වේවි.
 
 weda3වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය.
 මොරටුව අඟුලාන ලියන්වෙල සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2018 06:49 AM



ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2018 06:50 AM

weda1අද සමාජයේ කුඩා, තරුණ, මහලු බොහෝ පිරිසක්‌ පීඩා විඳින රෝගී තත්ත්aවයක්‌ ලෙස zහිසරදයZ කිව හැක. මෙය විවිධාකාර හේතු මත ඇතිවන රෝග තත්ත්වයන් රෝග ලක්‌ෂණයන් ලෙස හැඳින්විය හැක.
 
 මිග්‍රේන් හෙවත් ඉරුවාරදය ලෙස හඳුන්aවන හිසරදය කුමන රෝගී තත්ත්වයක්‌ද?
 
 දිගු කාලයක්‌ විඳවන හිසරදයක්‌ ලෙස ඉරුවාරදය හැඳින්විය හැක. ඉරුවාරදය හිරු උදාවත්ම සෑදෙන මෙම රෝගය හිරුගේ රශ්මිය වැඩි වෙනවාත් සමඟ ප්‍රබල වේ. හිරු බැසයත්ම සංසිඳී යැම සූර්යාවර්ථනය යන නමින්a හැඳින්වීමට හේතු පාදක වී ඇත. මෙය මොළයේ රුධිර නාළවල වෙනස්‌වීමක්‌ හා අනිසි උත්තේජනයක්‌ නිසා ඇතිවන්නක්‌ වනවා.
 
 මිග්‍රේන් හෙවත් ඉරුවාරදයට හේතු සාධක මොනවාද?
 
 ඉරුවාරදයන් වැනි හිසරදයන් ඇති වීමට හේතු සාධක නිතර රසායනික ද්‍රව්‍ය අධිකව ආහාරයට ගැනීම, තෙල් අධික, පිෂ්ඨය අධික ආහාරයට ගැනීම, තද හිරු එළියට නිරාවරණය වීම, මානසික ආතතිය ආදියය.
 
 මිග්‍රේන් නමැති හිසරදය හඳුනාගත හැක්‌කේ මොන ආකාරයෙන්ද?
 
 හිසේ පැත්තක හෝ දෙපසට ඇති වන වේදනාව ඇතුළතින් අනින්නාක්‌ ලෙස දැනෙන අධික වේදනාව, ආලෝකය දැරිය නොහැකි බව අන්ධකාරයට කැමැති බව, ශබ්ද ගන්ධයක්‌ දැනෙන විට වේදනාව වැඩිවීම, වමනය යැම හෝ ඔක්‌කාර ගතිය, නොසන්සුන් බව, කරකැවිල්ල, පෙනීමේ දුර්වලතා ආදියයි.
 
 මෙවන් ලක්‌ෂණ බොහෝ විට තරුණ අවධියේදී හා මැදිවියේ ඇති විය හැකියි. මෙම හිසරදය දවස්‌ හතරක්‌ මුළුල්ලේ පැවතිය හැක. සමහරුන්ට පමණක්‌ මෙය පැහැදිලිව නිරීක්‌ෂණය කරගත හැකි වෙයි. එනම් මූලික අවධිය මෙහිදී හිසරදය දින දෙක තුනකට පෙර මළබද්ධය, මානසික නොසන්සුන්තාවය, ගෙලේ ඇති වන තද බව, පිපාසය වැනි ලක්‌ෂණ ඇති වේ. තවද ස්‌නායු අනිසි ලෙස උත්තේජනය වීම නිසා ඇස්‌වල එළි යන්නාක්‌ මෙන් පෙනීම, බැලීමේ අපහසුතා ඇතිවීම, ඇස්‌ නැටීම, ශබ්ද ඇසීම ආදිය ඇති වෙයි.
 
 මෙහි පූර්ව අවධිය පැය 72 ක්‌ පමණ පවතින නමුත් එක්‌ එක්‌a පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්‌තිකරණය අනුව වෙනස්‌ වෙනවා. පසු අවධියට පැමුණුනහොත් වේදනාව දිගු කාලීනව පවතින අතර මේ අවස්‌ථාවන්හිදී ප්‍රබලව මානසික නොසන්සුන් බව, කැරකිල්ල, ශරීරයේ දුර්වල බව, එළිය බැලීමට නොහැකි වීම ප්‍රධාන ලෙස පැවතිය හැක. ඉරුවාරදය විශේෂයෙන්ම කාන්තාවන් තුළ බහුලව දක්‌නට ඇති බවද කිව යුතුය.
 
 මිග්‍රේන් තත්ත්වය පමණක්‌ම හිසරදයට ඉවහල් වන බව කිව නොහැක. තව බොහෝ හේතු සාධක මේ සඳහා ඇති විය හැක.
 
 වෙනත් හිසරදයන්ට හේතු සාධක මොනවාද?
 
 අද කාලයේ පාසල් ළමුන්ට, කාර්යාල වැඩ කරන උදවියට වත්මන් සමාජයේ බොහෝ දෙනෙක්‌ට හිසරදයට තව හේතුවක්‌ වන්නේ ගෙල ජනක හිසරදය හෙවත් (ජැරඩසජදටැබසජ යෑadaජයෑ) නමැති රෝගය විය හැකියි. බෙල්ලේ කොඳුඇට පෙළෙන් ආරම්භ වන සුෂුම්නා ස්‌නායු විශේෂයෙන් C1ල C2ල C3 යන සුෂුම්නා ස්‌නායු කපාල ස්‌නායු වන න්‍යෂ්ටියකට (ඔරසටැපසබ්ක බැරඩැ) සම්බන්ධව පවතින මේ සම්බන්ධතාවය ගෙලෙහි ඇතිවන සංකුලතාව නිසා හිසට බලපෑමක්‌ ගෙන දෙනවා. මෙහිදී ගලෙහි කශේරුකාවල හෝ කශේරුකා මට්‌ටම්වල තදවීමක්‌ නැතහොත් කශේරුකා අතර තෙරපීමක්‌ (ජැරඩසජ්ක dසිජ ඉමකටැ) හෝ දිරායැම නිසා (ජැරඩසජ්ක sචදබාහකදිසි) ඇති වන තත්ත්ව දැකිය හැකියි. එම නිසා බෙල්ලේ වේදනාව සමඟ හිසරදය වැඩිවීම, බෙල්ල සෙලවිය හැකි ප්‍රමාණය සීමා වීම, ගෙල අවට මාංශ පේශි තද වීම, එම මාංශ පේශි අතින් තද කරන විට හිසරදය අඩු වැඩි වීම වැනි ලක්‌ෂණ ඇති විය හැක. තවද එය වර්ධනය වුවහොත් රුධිරය අඩපණ වීම නිසා ද ස්‌නායු තෙරපීම නිසා ද ක්‌ලාන්ත ගතිය, සමතුලිතතාවය බිඳ වැටෙන්න යැම සිදුවිය හැක.
 
 මීට අමතරව හිසෙහි කෝඨර දාහය හෙවත් සයිනස්‌ සෙම ආශ්‍රිත ඇති වන ප්‍රදාහක තත්ත්ව (sසබමිසඑසි) නිසාද පොකුරු හිසරදය (ජකමිඑeර යෑadaජයෑ) ද, මානසික ආතතිය නිසා ඇති වන (ඔeබිසදබ යෑadaජයෑ) ද දැක්‌විය හැක. ඇස්‌වල පවතින දුර්වලතාවය නිසාද හිසරදය ඇති විය හැක.
 
 හිස කැක්‌කුම කුමන ආකාරයක හේතු සාධක ඇතිව ඇති වුණාද හිස කැක්‌කුමක්‌ වැළඳුන විට එහි ඇති ත්‍රීව්‍රතාව සහ කැක්‌aකුමෙහි දැඩි බව රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ය. නිදසුනක්‌ ලෙස හිසරදය හටගත් විට මුළු හිස්‌කබලම වේදනා දෙන්ට පුළුවන. නැතහොත් හිසෙහි එක පැත්තක කැක්‌කුම, ඇස්‌ දෙක වටේට කැක්‌කුම හෝ හිස්‌ කබල පිටුපස කැක්‌කුම වශයෙන් වේදනාව හටගැනීම, පුපුරන්නාක්‌ මෙන් වේදනාව, විදුලි කොටන්නාක්‌ මෙන් වේදනාව, මිටියකින් ගසන්නාක්‌ මෙන් වේදනාව, සතියකට වරක්‌ එන හිසරදය, මාස කිහිපයකට වරක්‌, සෑම වසරකම එක කාලයකදී හෝ දිනපතා වුවද සෑදෙන රෝග ලක්‌ෂණයන් අපට දැකිය හැකිය.
 
 පුද්ගලයාගෙන් පුද්ගලයාට හිසරදරයකදී වෙනස්‌ව දැකිය හැකි රෝග ලක්‌ෂණය හෝමියෝපති වෙදකමේ ඉතා වැදගත් වන අතර එම රෝග ලක්‌ෂණයට හෝමියෝපති මූලධර්මයට අනුව රෝගයට සමාන ප්‍රතිකාර තුළින් රෝගයේ සුවය එනම් zසමාන දෙයින් සමාන දේ සුවපත් වේZ යන මූලධර්මය අනුව සමාන ඖෂධ ගැනීම තුළින් ක්‍රම ක්‍රමයෙන් රෝග ලක්‌ෂණ පහව යන්නේ රෝග ලක්‌ෂණයේ එනම් වේදනාවට හේතු වූ හේතුව නැති කරමිනි. මේ අනුව හිසරදයට හේතු වූ කරුණු හිසෙහි ඇතුළාන්තයෙන්මද බෙල්ලෙහි ව්‍යqහාත්මක වෙනස්‌වීමද යථා තත්ත්වයට පත්වීම හිසරදය නිසා පීඩාවට පත් වූ රෝගියා ක්‍රම ක්‍රමයෙන් සුවය ලැබීම පූර්ණව අත්දකිනු ඇත. වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී යන්නේ කිසිම වේදනා නාශකයක්‌ නොමැතිවමය. මේ අතරින් පාවිච්චියට පහසු අතුරු ආබාධ නොමැති හෝමියෝපති ප්‍රතිකාර මගින් ඔබත් සුවය අත්දකින්aන.
weda2 

 වෛද්‍ය ගැටලු සඳහා විමසීම්
 0112731695 සහ 0718250716/17
 හෝමියෝපති වෛද්‍ය
 අනුෂා හේමකුමාර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 16 of 35 << < 1415161718 > >>