Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 17 of 35 << < 1516171819 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 10 Sep 2018 08:16 AM අනේ මන්දා හිසරදයට සදාකාලික බෙහෙත් තියන්වද කියලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Sep 2018 03:18 PM අපේ නිවෙසේ සිටින විසබීජ මාරයෝ ලිව්වේ චම්පිකා දීපානි රණසිංහ ලොවේ කොතැනක සිටිය ද සිතට සැනසීමක් ලැබෙන්නේ තම නිවහනට පැමිණි විටය. එය මහා මන්දිරයක් වුවත් දුගී පැලක් වුව ද වෙනසක් නැත. එහෙත් නිවහන අපිළිවෙළට ඇත්නම් එය සිතට අසහනයක් ගෙන දෙන කරුණකි. එපමණක් නොව නිවෙස අපිරිසුදු නම් නිවෙසේ සාමාජිකයන් රෝගී කරන ප්‍රධාන හේතු සාධකය වන්නේ ද අපේ රජ මැඳුර වන නිවහනමය. දුක, සැප, සතුට, සැනසුම බෙදා ගන්නා නිවහන විසබීජ ගනුදෙනු වන ස්ථානයක් වන බව බොහෝ දෙනෙක් අමතක කරති. නිවෙසින් බැහැරට යන පොඩි දරුවාගේ සිට වයෝවෘද්ධම තැනැත්තා දක්වාම සියලු දෙනා විවිධ වූ විසබීජ නිවහනට රැගෙන එයි. එලෙසම නොදැනුවත්ම එකිනෙකා හුවමාරු ද කර ගනී. විශේෂයෙන්ම සබන් ගා අත සේදීමේ යහපත් සෞඛ්‍ය පුරුද්ද නැත්නම් විසබීජ හුවමාරුවීම ද වැඩිය. මෑත කාලයේ වසංගතයක් මෙන් පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා උණට ඇති වූ බිය තවමත් බොහෝ දෙනකුගේ මතකයෙන් බැහැර වී නොමැත. මෑතකදී කළ අධ්‍යයනයකි හෙළි වී ඇත්තේ බොහෝ රටවල ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන කාලයේ නිවෙස්වල සියයට හැටක තැන්වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තිබී ඇත බවයි. * නිවෙසේ ප්‍රධාන දොරටුවේ අගුළ - සියයට 60 * රූපවාහිනී දුරස්ථ පාලකය - සියයට 60 * ශිතකරණය - සියයට 60 * පරිගණකය - සියයට 40 * දුරකථන රිසීවරය - සියයට 80 * ටොයිලට් හැඬලය - සියයට 40 * වැසිකිළි ආසනය - සියයට 42 මුළුතැන්ගෙයි සින්ක් එක - සියයට 45 ළමයින්ගේ සෙල්ලම් බඩු - සියයට 30 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සමහර මතු පිටවල පැය 48 කට වැඩි කාලයක් පවතී. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පමණක් නොව බැක්ටීරියා වෛරස රැසක්ම අප අවට ක්‍රියාකාරීය. භාණ්ඩ මතුපිට පමණක් නොව ඇඳුම්වල ද විසබීජ තැවරෙයි. වැඩි දෙනෙක් ඩෙනිම් කලිසම් නොසෝදා දින කිහිපයක්ම අඳියි. වැඩි කාලයක් අලංකාර ලෙස ඩෙනිම තබා ගැනීමට මෙසේ කළ ද එය විසබීජ ගබඩාවක් වීම වළක්වාලිය නොහැකියි. එනිසා සෝදන තුරු බැක්ටීරියා නාශක, සුවඳැති ඉසින කාණ්ඩයකින් එහි නැවුම් බව සුරකින්න. මුළුතැන්ගෙයි අත් පිස්නා ද බැක්ටීරියා පාරාදීසයන්ය. සෑම මිනිත්තු 40 කට වරක්ම ඊ කෝලි බැක්ටිරියාව දෙගුණ වෙයි. ඒ නිසා නිතර මුළුතැන්ගෙයි අත් පිස්නා පිරිසුදු කළ යුතු අතර ඒවා නටන ජලයේ මිනිත්තු 5 ක් පමණ පොඟවා සේදීම අත්‍යවශ්‍යයි. අප නිදා ගන්නා විට මිලියන ගණනක් සෛල ඇඳ රෙද්දට එකතුවේ. ගතේ දහදිය ද එමඟින් උරා ගනී. මේ පසුබිම දූවිලි මැක්කන්ට කදිම පෝෂණාගාරයකි. දූවිලි මැක්කන් නිසා ඇදුම, පීනස වැනි අසාත්මිකතා උත්සන්න වෙයි. ඒ නිසා සතියකට වරක් ඇඳ රෙදි අව්වට දාන්න. දිනපතා කොට්ට උර, ඇඳ රෙදි සෝදන්න. මෙට්ට ද ෂැම්පුවලින් තෙමූ රෙදි කැබැල්ලකින් පිරිසුදු කරන්න. මුදල් පසුම්බිය සන්නාහ සන්නද්ධ වන්නේ කාසි, මුදල් කොළවලින් පමණක් නොවෙයි. එය විසබීජවලින් මුදල්වලින් ද වඩා පොහොසත්. මලවල ඇති ඊ කෝලි වැනි බැක්ටීරියා පොදුවේ හුවමාරු වන ද්‍රව්‍යන්හී අධිකව ඇත. මුදල් තරම් අතින් අතට යන තවත් දෙයක් තිබෙනවාද? එනිසාම එවැනි විසබීජ ඒවායේ තැවරීමට ඇති ඉඩකඩ ද වැඩියි. මුදල්වල වගේම ක්‍රෙඩිට් කාඩ්පත්වල ද විසබීජ අඩුවක් නැතිව ඇත. මේ නිසා සතිපතා සේදිය යුතු භාණ්ඩ අතර මුදල් පසුම්බිය ද තිබේ. නිවෙසේ වැඩි වශයෙන්ම තිබිය හැකි විසබීජ වන්නේ ස්ටැෆිලොකොකස්, යීස්ට්, සැල්මොනෙල්ලා, ඊ-කෝලි, මළවල අඩංගු බැක්ටීරියායි. මේවා වැඩිපුරම රැඳී ඇති තැනක් වන්නේ මුළුතැන්ගෙය නිසා එය වඩාත් පිරිසුදුව තබා ගත යුතුය. කපන ලෑල්ල, ශිතකරණය, සින්ක් එක ඒ අතරින් ප්‍රධානය. එපමණක් නොව විදුලි ස්විච් ද මිනිස් ඇඟිලි තුඩු නිතර ස්පර්ශ වන තැනකි. ඒවා ද විසබීජ නාශකයකින් පිරිසුදු කළ යුතුය. රූපලාවණ්‍ය උපකරණ මල්ල, රුව හැඩකරනවා පමණක් නොව රුව වනසන පුංචි ගබඩාවක් ද වේ. ඒ රුව හැඩ කරන ද්‍රව්‍ය, මෙවලම් සහ අඩංගු බෑගය හෝ පෙට්ටිය පිරිසුදුව නොතිබුණොත් සම පමණක් නොව ඇස් ද ආසාදනය විය හැකියි. මාස හයකට වරක් රූපලාවණ්‍ය ද්‍රව්‍ය මාරු කරන ලෙස චර්ම රෝග වෛද්‍ය විශේෂඥයන් උපදෙස් දෙන්නේ ඒ නිසයි. එලෙසම රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා කර තැබීමට ද වග බලා ගත යුතුයි. ඒවා පිරිසුදු, වියළි තැනක කාමර උෂ්ණත්වයේ තබන්න. රූපය හැඩ කිරීමට ගන්නා බුරුසු වැනි දෑ සබන් ගා සතියකට වරක් පිරිසුදු කරන්න. අන්තර් ජාලයෙනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Sep 2018 03:19 PM උදරය මට්ටු කරන හෙළ ඔසු කොතරම් ව්‍යායාම කළත් ආහාර පාලනය කළත් අඩු නොවන උදරය බොහෝ කාන්තාවන්ට සිත් පීඩා ගෙන දීමට හේතු වේ. මන්ද ශරීරයේ මනා හැඩය නොමැතිවීම කැමැති විලාසිතාවක ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව පවා අහිමි කරන බැවිනි. කෙසේ වෙතත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව උදරය විශාලවීම යන්න රූපයට මෙන්ම ශරීර සෞඛ්‍යයට ද අහිතකර බලපෑමක් ඇති විය හැකියි. එබැවින් දින දින උදරය විශාල වීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විමසා බලා මුල් අවදියේම පිළියම් යෙදීම වැදගත් වේ. බොහෝ කාන්තාවන්ට ගර්භණී සමයේ ඇතිවන උදරය දරු ප්‍රසූතියෙන් පසුව කාලයක් ගත වුවද යථා තත්වයට පත්නොවීම සිදුවේ. මෙයට ප්‍රධාන වශයෙන් බලපාන කරුණු ලෙස උදරයේ මේදය තැන්පත් වීම හෝ උදර මාංස පේශීවල ශක්තිමත්බව අඩුවීම විය හැකියි. කෙසේ වුවද ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේදය උදරයේ ඉදිරිපස බිත්තිවල තැන්පත්වීම යන්න විශාල උදරයක් ඈතිවීමට බලපාන ප්‍රධානතම හේතුව ලෙස හැඳින්විය හැකියි. ව්‍යායාමයෙහි නො යෙදීම, දහවල නින්ද, සිසිල් ආහාර නිතර ගැනීම, අධික පැණි රස ආහාර නිතර ගැනීම, තෙල් අධික ආහාර නිතර ගැනීම වැනි හේතු මත ශරීරයේ මේදස් බහුල වී සෝතස් අහුරා සිටීමක් සිදුවිය හැකි අතර මේ හේතුවෙන් ක්‍රියාකාරී බලය පිරිහීයාමක් ද සිදුවී වෙනත් රෝග රැසකට මුලපිරීමක් ද සිදුවිය හැකි බව දේශීය වෛද්‍ය විද්‍යාව තුළ දක්වා ඇත. තවද මේතුළින් ශරීරයේ බර වැඩිවී උදරය ඉදිරියට නෙරා ඒම ඇතිවිය හැකිබව ද දක්වා ඇත. තම පරපුරේ ස්වභාවයෙන් ද මෙවැනි තත්ත්ව ඇතිවීම වෙනත් හේතු නොමැතිව වුවද සිදුවිය හැකියි. උදරයෙහි වාතය පිරීම, අම්ල පිත්තය, මාන්දම, උදර පිළිකා, සිරෝසිස් වැනි රෝගා බාධ, කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග අවස්ථාවල දී ද උදරය විශාල වීමක් සිදුවිය හැකියි. එබැවින් උදරය විශාල වීමේ හේතුව කුමක්දැයි හඳුනාගැනීම ප්‍රතිකාරයට පෙර වැදගත් වේ. නිසි මලමුත්‍ර පිටවීමක් ශරීරය තුළ සිදුනොවීම මෙවැනි තත්ත්ව ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපානු ඇත. ඒ සඳහා කෙඳී සහිත ආහාර ලබාගැනීම, කොළ කැඳ පානය කිරීම, ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම, අලුත් එලවළු, පලතුරු, කොළ වර්ග ආහාරයට ගැනීම, දේශීය පාන වර්ග සතියකට වරක් දෙවරක් හෝ භාවිතයට ගැනීම, ජලය හොඳීන් පානය කිරීම, උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීම වැනි ක්‍රියාපිළිවෙත් අනුගමනය කළ හැකියි. උදරයේ මාංස පේශී ශක්තිමත් කිරීමට ව්‍යායාම තුළින් හැකි වේ. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මෙම තත්ත්වයෙන් මිදීමට කෂාය, ගුලි, කල්ක ආදිය අභ්‍යන්තර වශයෙන් ද බාහිර වශයෙන් තෙල් වර්ග හා ආලේපන ද සුදුසු පරිදි යෙදීම සිදු කෙරේ. වෛද්‍ය උපදෙස් මත මේවා සිදුකිරීම ඉතා වැදගත් වේ. බහුලව පවතින අධිකව මේදය තැන්පත් වීම සඳහා පහත ප්‍රතිකාර සිදුකළ හැකියි. ප්‍රතිකාර *අරළු, බුළු, නෙල්ලි සමව ගෙන කුඩුකර තබා ගෙන තේ හැඳී ½ ක් නටන උණුවතුර කෝප්පයකට දමා විනාඩි 10 ක් වසා තබා පෙරා උදේ සවස බොන්න. * රසකිඳ තැම්බූ වතුර දිනපතා පානය කරන්න. * ගොරකා ග්‍රෑම් 100 ක් (තම්බාගන්න), කරපිංචා, සුදුලූනු, ඉඟුරු, කුරුඳු පොතු සමව ගෙන ග්‍රෑම් 100 ක් ගන්න. මේ සියල්ල හොඳින් අඹරා ගුලියක් සාදා තබා වරකට තේ හැඳී ½ ක් පමණ ගෙන කුඩා ගුළි සාදා උණු දිය සමඟ දිනකට දෙවරක් බොන්න. (අවශ්‍ය නම් ශීතකරණයේ තබා ගත හැකියි.) * වෙනිවැල්ගැට කුඩු, කහ කුඩු, අරළු කුඩු, ලොත්සුඹුළු කුඩු ඇල්දියෙන් අඹරා උදරයේ ආලේපකර පැය ½ ක් තබා සෝදා හරින්න. උපදෙස් දේශීය ආයුර්වේද වෛද්‍ය, වෛද්‍යාභිමානී , සමිතා ප්‍රභාෂිනී එදිරිවීර සෙත්පිරි වෙදගෙදර පෝරේ, අතුරුගිරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 11 Sep 2018 03:40 PM අන්න වටිනා කියන දෙයක් චාමර මේ අපි ගැනම හොයල ගෙනාව වගේ 0 UdariSuper Senior MemberPosts:5555 11 Sep 2018 04:52 PM Posted By sha733 on 11 Sep 2018 03:40 PM අන්න වටිනා කියන දෙයක් චාමර මේ අපි ගැනම හොයල ගෙනාව වගේ කම්මලිය වගේ දවල් වෙනකම් දොයියන්නෙ නැතුව උදෙන් ඇහැරිල ගේ වටේ දුවන්න 😂 0 sha733Super Senior MemberPosts:7332 11 Sep 2018 04:58 PM Posted By Udari on 11 Sep 2018 04:52 PM Posted By sha733 on 11 Sep 2018 03:40 PM අන්න වටිනා කියන දෙයක් චාමර මේ අපි ගැනම හොයල ගෙනාව වගේ කම්මලිය වගේ දවල් වෙනකම් දොයියන්නෙ නැතුව උදෙන් ඇහැරිල ගේ වටේ දුවන්න 😂 දුවන්න තියා ඇවිද ගන්න බැරි තරමට උදරය නෙරල 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2018 04:19 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Sep 2018 06:55 AM මොබයිල් කියන්නෙත් පිලිකාවක් තමා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 11:24 AM ඔවු ජංගම දුරකථනයම පිලිකාවක් තමයි. 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2018 07:35 PM ‘‘රෝග රැසකට ගුණ දෙන විශ්මිත පළතුර කජු‘‘ දිනකට කජු මද කිහිපයක් කෑවොත් ඔබ නිරෝගී වෙන්නේ මෙහෙමයි ලොකු කුඩා හැම දෙනාම වැඩි කැමැත්තක් දක්වන පළතුරක් ලෙස කජු හඳුන්වා දෙන්න පුළුවන්. මාංශමය ආහාරයක් වන කජු ව්‍යංජන ලෙස පිළියෙල කරගැනීමට මෙන්ම ආහාර රසකාරකයක් ලෙසද බොහෝ දෙනා යොදා ගන්නවා. අතුරුපසක් ලෙසද ආහාරයට ගත හැකි කජු වල රස වගේම එහි අඩංගු පෝෂණය ගුණය පිළිබඳවද අපි විමසා බැලුවා. B12 හැර අනෙකුත් සියලුම පෝෂ්‍ය පදාර්ථ කජුවල අඩංගු වන අතර මිනිස් සිරුරට අතිශයින් ම අවශ්‍ය වන සින්ක් සහ මැග්නීසියම් වැනි සංඝටක කජුවල අන්තරගත වනවා.එසේම කජුවල කොලෙස්ටරෝල් අන්තර්ගත නිසා, එය ආහාරයට ගැනීම නුසුදුසුයැයි සිතුනද කජුවලින් කොලෙස්ටරෝල් පාලනය වන බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් කජු කොලෙස්ටරෝල් ඇති රෝගීන්ටද ඉතා ගුණදායක වන බව සඳහන් වනවා. එසේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුවද කජු ඉතාමත් ගුණවත් පළතුරක් ලෙස හැඳින්වෙනවා. ලොව වැඩිම විටමින් ප්‍රමාණයක් අඩංගුව ඇති වස විසෙන් තොර පළතුරක් ලෙසින්ද කජු පුහුලන් සැළකෙනවා. නියසීන්, යකඩ, මැග්නීසියම්, කොපර්, තයමීන්, විටමින් බී, විටමින් බී6, කැල්සියම්, සෙලනියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක් සහ තවත් විටමින් වර්ග රාශියක් අන්තර්ගත වන කජු ශරීරයට අත්‍යාවශ්‍ය අංශු මාත්‍රමූල ද්‍රව්‍යයද, ඔමේගා 3, පැටී ඇසිඩ්, ඔමේගා 6, මේද අම්ලයද ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ ඇමයිනෝ අම්ල 20 අධික ප්‍රමාණයක්ද කජුවල අඩංගු වන අතර එය මළ බද්ධයට ඉතා ගුණදායක බවයි සඳහන් වන්නේ. මේ අතර ශුක්‍රාණු වර්ධනය සඳහාද කජුමද ඉතා ගුණදායක වන අතර අවුරුදු හැටට වැඩි වැඩිහිටියන් කජුමද ආහාරයට ගැනීමේදී කජුමද පහළොවකට අඩු ප්‍රමාණයක් ආහාරයට ගැනීම සිදුසු බවයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ. කෙසේ වෙතත් කජු සමඟ මස්, මාළු වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇතැම්විට හිසරදය, බඩ පිපුම, මත්ගතිය, උදර වේදනාව ආදිය ඇතිවිය හැකි අතර ඇතැම්විට මේ අවස්ථාවේදී රුධිර පීඩනයද තාවකාලිකව ඉහළ යාහැකි නිසා ඒ ගැන සැළකිළිමත් වීමද වැදගත් වනවා. - විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාරගේ ලිපියක් සහ පුවත්පත් වාර්තා ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 14 Sep 2018 09:09 AM මේ දවස් වල කජු කිව්වම මතක් වෙන්නෙම ලංකාවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් විසඳපු ඒ උත්තමයයි ....හී 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2018 03:43 PM කජු කන්න කිවුවට කොහෙ කන්න තියෙන කජ්ජක්ද 0 hasithadSuper Senior MemberPosts:5795 14 Sep 2018 10:16 PM මට නම් ඕන තරම් කජු තියෙනවා අපේ වත්තෙ.....ඕනෙද .... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 06:36 AM තීරණ ගන්න ළමුන්ට පුරුදු කරන්න සෑම කෙනකුටම ජීවිතය තුළ තීරණ ගැනීමට සිදුවෙනවා. විවාහය, අධ්‍යාපනය, රැකියාව මේ සියලු තැනකදීම අපි වැරදි හෝ හරි තීරණ ගනු ලබනවා. ඕනෑම පුද්ගලයකුට යම් දෙයක් ගැන තීරණ ගැනීමේදී වාසි සහ අවාසි යන දෙකටම මුහුණ දීමට සිදු වෙනවා. නූතන මනෝ විද්‍යාව අනුව තීරණ ගැනීමේ කුසලතා කුඩා කල සිටම තම දරුවාට පුරුදු කිරීමෙන් යම් දිනෙක ඔහුට සාර්ථක වැඩිහිටියකු ලෙස ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ගොඩ නැගෙන බව තහවුරු වී තිබෙනවා. අපි මෙහෙම හිතමු. ඔබ ගෙදර තීන්ත ආලේපයට සැරසෙනවා. ගාන පාට ගැන ඔබ අතර විවාදාත්මක මතයක් ගොඩනැගෙනවා. නමුත් මෙම සංවාදයට බොහෝ විට ඔබගේ පුංචි දරුවාගේ අදහස් විමසන්නේ නැහැ. තීරණ ගැනීමේ කුසලතා වර්ධනය කිරීමට ඔබට ඔබේ දරුවා ද මෙම සංවාදයේ කොටස්කරුවකු කර ගැනීමට පුළුවනි. මින් දරුවාගේ මනස සංවාදයට වගේම තීරණවලට එළඹීමට පුහුණු වේ. තීරණ ගැනීම මොළයේ විශේෂ කොටසක කාර්යයක් බව අද වනවිට සොයාගෙන ඇත. මොළයේ මෙම විශේෂ කොටස නම් පූර්ව මස්තිෂ්කයේ ඉදිරි පස පිහිටා තිබෙන ලලාට කණ්ඩිකාවයි. (Prefrouful cortex) ඔබගේ දකුණු අත හරියටම තම නලලේ දකුණු පසින් තබන්න. ලලාට කණ්ඩිකාව පිහිටා තිබෙනුයේ එම දකුණු නළල ඇතුළතය. මොළයේ මෙම කොටස අපගේ තීරණ ගැනීමේ මධ්‍යස්ථානයයි. මෙම කොටස මුහුකුරා ගොස් තීරණ සහ ප්‍රශ්න විසඳාලීමේ හැකියාව ගැටවර වියේ සිටින දරුවන්ට උරුම වනුයේ අවු.11ත් අවු.16ත් අතර කාල සීමාව තුළදීය. දරුවකු අවු.18 වනතෙක් ඔහු හෝ ඇයගේ තීරණ ගැනීමේ හැකියාව නිසි ලෙස වර්ධනය නොවී ඇති බව මෙයින් පැහැදිලිය. මෙම කාලය තුළ ගැටවර වියේ සිටින ඔබේ දරැවා සමඟ ඉතා කිට්ටු ඇසුරක් වගේම මිත්‍රශීලීව සංවාදශීලීව ගතකිරීමෙන් තීරණ ගැනීමේ කුසලතා පහසුවෙන් ඔහු තුළ වර්ධනය කළ හැකිය. අප සාමාන්‍යයෙන් තීරණ ගන්නා ආකාරය සහ ඒවායේ තිබෙන අඩුපාඩු විමසා බලමු. 1. හැඟීම්බර ලෙස තීරණ ගැනීම (Impulsive) සුසිල්ගේ කතාව සුසිල්ගේ වයස අවු.30යි. ඔහුගේ හොඳම මිතුරා නිමල්. මොවුන් දෙදෙනා කුඩා කල සිටම අඹ යාළුවන්. නිමල් විවාහ වුණේ අවු. 20දීය. විවාහ වී වසර දෙකක්වත් යාමට පෙර තම මිතුරා වන නිමල් හදිසි අනතුරකින් මියගියා. මෙහිදී නිමල්ගේ බිරිඳ මාස 12ක් වයස දරැවකු සමඟ තනි වුණා. මින් වඩාත් කම්පනයට සහ වේදනාවට පත්වූයේ සුසිල්. නිමල්ගේ බිරිඳ ගැන ඇතිවුණු දැඩි අනුකම්පාව සහ වේදනාව නිසා සුසිල් ඇයව විවාහ කරගත්තා. නමුත් පසුකලකදී සුසිල්ට අවබෝධ වුණේ නිමල්ගේ බිරිඳගේ ගතිගුණ කිසිසේත්ම ඔහුට නොගැලපෙන බවයි. දැඩි අනුකම්පාවෙන් තම නැති වූ මිතුරා ගැන සිතා ගත් මෙම තීරණය මෝඩ තීරණයක් ලෙස ඔහු නිතරම කල්පනා කළා. 2. තීරණ කල් දැමීම (Procrastination) කමල් සහ සුනිල් එකම ආයතනයක විධායක නිලධාරීන්. මේ අතර කමල්ට විදේශ රටක ශිෂ්‍යත්වයක් ලැබුණා. මේ ශිෂ්‍යත්වයට අනුව ජපානයේ වර්ෂයක කාලයක් ගෙවීමට තිබුණා. මේ කාලය තුළදී කමල් තම පෙම්වතිය සමඟ ඇති වූ ගැටලුවක් නිසා දැඩි මානසික පීඩනයක ද සිටියා. කමල් ශිෂ්‍යත්වයට නොගිය නිසා එම අවස්ථාව සුනිල්ට හිමි වුණා. දැන් මෙම සිදුවීමෙන් අවු.4ක් ගෙවී ගොස්ය. සුනිල් දැන් එම ආයතනයේ කමල් ද අභිබවා ගොස් ඉහළ නිලයක් දරනවා. අද කමල් එදා ශිෂ්‍යත්වයට රට නොගිය එක පිළිබඳව මහත් සේ කම්පා වෙනවා. 3. තමන් වෙනුවෙන් අනිත් අය තීරණ ගැනීම (Making Decision by others) නාමල් විධායක නිලධාරියෙක්. නාමල්ගේ සිහිනය වුණේ හොඳ රැකියාවක් සහ හොඳ විවාහයක් කරගැනීමයි. මාපියන්ගේ ද සිහිනය එයයි. නාමල් ද සියලු දේ කළේ මව්පියන්ගේ කැමැත්ත අනුවයි. නාමල්ගේ සහකාරිය ද තෝරා දුන්නේ මව්පියන්. ඇය ඉතා ධනවත් සහ වැදගත් යැයි පවසන පරම්පරාවකින් පැවත එන්නියකි. මෙම තෝරා ගැනීමේදී මව්පියන්ගේ කැමැත්තට විරැද්ධව වචනයක්වත් කීමට නාමල් බිය විය. වසර 4ක්වත් ගත වීමට ප්‍රථම නාමල්ට ඇයව එපා විය. නාමල්ට අනුව ඇය කිසිම හැඟීමක් නැති, ආත්මාර්ථකාමී බිරිඳකි. අදටත් ඔහු දුක් වනුයේ තමා වෙනුවෙන් තම මව්පියන් ගත් තීරණය පිළිබඳවයි. 4. තීරණයක් නොගැනීම (Not making a Decision) ලසන්තගේ කතාව ලසන්ත සහ ජානකී අවු. 4ක පෙම්වතුන්ය. දෙදෙනාම එකම පාසලේ එකම පන්තියේය. ලසන්ත උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබා අද රජයේ විධායක නිලධාරියෙකි. ලසන්තගේ තනතුර සහ සමාජ පරිසරය නිසා ඔහුගේ මව්පියෝ ජානකීට අකමැති වූහ. ලසන්ත ලෝක දෙකක අතරමං විය. ජානකීට විවාහ යෝජනා ගෙදරින් එන්නට පටන් ගැනුණි. ලසන්ත ජානකී පිළිබඳ අවසාන තීරණයකට නොපැමිණීම නිසා ඇය ගෙදරින් ගෙනා යෝජනාවකට කැමති වී විවාහ වූවාය. මින් වසර කීපයකට පසු ලසන්ත ද යෝජනාවකින් විවාහ විය. අද වනවිට වසර 10ක් ගෙවී ගොස්ය. තමා ආදරය කළ පෙම්වතිය වන ජානකී සමඟ විවාහ වීමට නොහැකි වීම ගැන දැඩි කම්පනයක් දුකටත් ඔහු පත්වී සිටී. තීරණ ගැනීම ඉතා වැදගත් කුසලතාවයක් බව ඉහත කතා ඇසුරෙන් පැහැදිලි වේ. නමුත් ඕනෑම කෙනකුට තීරණ ගැනීමේදී නොයෙකුත් අඩුපාඩු සිදුවිය හැකිය. මෙම කුසලතාවය නිසි ලෙස කුඩා කල සිට පුහුණු කිරීමෙන් තීරණ ගැනීම්වලදී අපට සිදුවිය හැකි හානි අවම කරගත හැකිය. ඒක පාක්ෂික තීරණ, හැඟීම්බර තීරණ, අනුන් සතුටු කිරීමට ගනු ලබන තීරණ, කලබලයට පත් වී ගනු ලබන තීරණ, තමන් වෙනුවෙන් තීරණ ගැනීමට තව කෙනකුට පැවරීම ආදියෙන් අපට නොදැනීම සියුම් ලෙස අපගේ ජීවිතයට නොයෙකුත් හානි සිදුවීමට පුළුවන. කාලාම සූත්‍රයේදී බුදුන් වහන්සේ තීරණ ගැනීමට අදාළ වූ මනස මෙහෙයවිය යුතු ආකාරය ඉතා හොඳින් පැහැදිලි කර දී ඇත. එනම් විවෘත මනසකින් ප්‍රශ්න දෙස බැලීමට හුරැ කර ගැනීමට නම් යම් ප්‍රශ්නයකදී කිසිවෙක් කීවට, පොතපතේ තිබුණට, පරම්පරාවෙන් ආ පමණින්, ඇසින් දුටු පමණින් හෝ බුදුන් කී පමණින්වත් යමක් විශ්වාස නොකර ප්‍රශ්නය දෙස විවෘතව බලා අවසාන තීරණයකට පැමිණෙන ලෙසයි. තීරණ ගැනීමේ එක් යාන්ත්‍රණයක් අපි විමසා බලමු. මෙය තීරණ ගැනීමේ ගස යැයි අපි සිතමු. සුපුන් A/L කරන දරැවකි. ඔහුට ආදර සම්බන්ධතාවයක් පටන් ගැනීමට සිත් පහළ විය. අධ්‍යාපනයට ද ඔහු දැඩි ආශාවක් වගේම කැමැත්තක් දැක්වීය. සුපුන්ට හොඳින් ඉගෙනගෙන ඉංජිනේරැවෙක් වීමට සිහිනයක් තිබුණි. ආදරයකට පැටලුණොත් එය ඔහුගේ අධ්‍යාපනයට කුමක් සිදු වේ යැයි සිතාගත නොහැකිව ඔහු ලෝක දෙකක අතරමං විය. අප ළඟට පැමිණි සුපුන්ට තීරණ ගැනීමේ වෘක්ෂයට ඔහුගේ ප්‍රශ්නය ඇතුළු කරගන්නා ආකාරය පැහැදිලි කර දුන්නේය. මීට අමතරව ප්‍රශ්නයේ වාසි සහ අවාසි දෙක මැන බලන ආකාරය ඔහුගේ මනසට ඇතුළු කළේය. ඔහු වාසි සහ අවාසි මෙසේ ලියා තිබුණි. වාසි මගේ හැම යාළුවෙකුටම Girl කෙනෙක් ඉන්නවා. Girl කෙනෙක් නැති එක ගැන මට හීනමානයක් ඇතිවෙනවා. Girl කෙනෙක් හිටියොත් මට ඒ අඩුපාඩුව මකාගන්න පුළුවන්. මට හිතෙනවා මගේ පාළුව එක්තරා ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. අවාසි මම ඇය සමඟ නිතරම කාලය ගතකරන්න පටන් ගත්තොත් විභාගය කර ගන්න බැරි වෙයි. මම හරිම හැඟීම්බරයි. පුංචි දේටත් හරියට දුක් වෙනවා. ඇය සමඟ ප්‍රශ්නයක් ඇති වුණොත් මගේ මනස වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් මගේ අධ්‍යාපනයත් වැටෙන්න පුළුවන්. මගේ ළඟ දැනට phone එකක් තියෙනවා. ඇයට නිතරම call කරන්න sms කරන්න හිතුණොත් මගේ කාලය නාස්ති වෙලා මම ඒකට ඇබ්බැහි වේවි. මෙම කරුණු ගැන හොඳින් අවධාරණය කර අවසාන තීරණය ගැනීමට ඔහුට සතියක් කල් දුන්නේය. සතියකට පසු ඔහුගේ තිරණය වූයේ A/L අවසන් වනතෙක් ආදර සම්බන්ධතාවයකට නොයන බවයි. කිසිම අපහසුවක් නැතුව කිසිම ගැටුමක් නැතිව සුපුන්ට ඔහුගේ තීරණයට එළඹීමට හැකි වුණි. ඔබේ දරුවාගේ මනස තීරණ ගැනීමට ක්‍රමක්‍රමයෙන් පුරුදු කිරීමෙන් බොහෝ ගැටලු අවුලකින් තොරව විසඳා ගැනීමට පුළුවනි. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 06:41 AM හිතූ මතයට ප්‍රතිජීවක ගත්තොත් හැදෙන අමුතු ලෙඩේ ප්‍රතිජීවක ලෙස හඳුන්වන්නේ බැක්ටීරියා, දිලීර සහ සමහර පරපෝෂිතයන් වර්ග සමඟ සටන් කර රෝග මැඩපවත්වන ඖෂධ වර්ගයන්ය. වෛරස් මුල්වී ඇතිකරනු ලබන රෝග මැඩපැවැත්වීමක් මෙම ප්‍රතිජීවක මගින් සිදුනොවේ. මේ නිසා ප්‍රතිජීවක නැත්නම් ඇන්ටිබයොටික් අපට හිතුමතේ ගත නොහැකිය. එය සැමවිටම මනා රෝග පරීක්ෂාවකින් පසු වෛද්‍යවරයකු වෙතින්ම ලබාගත යුතුය. ඒවා වැරදි ලෙස භාවිතය මගින් මාරාන්තික ප්‍රතිජීවක විරෝධයක් සිරුරේ හටගැන්වීමට හැකිය. ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව යනු කුමක්ද? බොහෝ ප්‍රතිජීවක භාවිතය සහ නුසුදුසු පරිදි ප්‍රතිජීවක භාවිතය නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ඇතිවේ. එය ඇතිවන්නේ අපගේ ශරීරයේ ඇති බැක්ටීරියා වෙනස්වීම්වලට භාජනය වීමත් ඒ නිසා ඒවාට එරෙහිව සටන් කිරීමට ප්‍රතිජීවකය සුදුසු තත්වයේ නොමැති වීමත් හේතුවෙනි. එකම ප්‍රතිජීවකය නිතර ගැනීම හෝ ප්‍රතිජීවක ගන්නා විට යම් බැක්ටීරියා ප්‍රමාණයක් නොමැරී ශරීරයේ ඉතිරිවීම නිසා (ප්‍රතිජීවක ඖෂධ නියම කරන ප්‍රමාණය නොගැනීම නිසා විය හැක) අනාගතයේදී මෙම බැක්ටීරියා ගුණනය වී ශක්තිමත් වී ප්‍රතිරෝධී බවට පත්විය හැක. ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ප්‍රශ්නයක් කරගත යුතුද? ඔබ ප්‍රතිජීවක ගන්නා විට එමගින් බැක්ටීරියා සම්පූර්ණයෙන් නොනැසී පැවතුණහොත් ඔබගේ රෝගය සුව නොවී පැවතිය හැක. එවිට සුවවීම වෙනුවට ඔබගේ රෝගය උත්සන්න වේ. ඔබට නැවත කීප වතාවක් වෛද්‍යවරයා හමුවීමට සිදුවේ. එම නිසා ඔබට නොයෙක් ඖෂධ ලබාගැනීමට හෝ ඊට වඩා ප්‍රබල ප්‍රතිජීවක එන්නත් මගින් ලබාදීමට රෝහල්ගත වීමට සිදුවේ. ඒ සමඟම ඔබගේ පවුලේ සාමාජිකයන් හා අන් අයට එම ප්‍රතිරෝධී බැක්ටීරියාවට නිරාවරණය වීමටද සිදුවේ. එවිට ඔවුන්ටද ප්‍රතිකාර කිරීමට පවා අපහසු රෝග ඇතිවේ. ඔබ අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ලබාගන්නා විට හෝ ඔබට වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක ප්‍රමාණය සියල්ලම නිසිලෙස ලබානොගත් විට ඔබට ප්‍රතිරෝධී බැක්ටීරියා මගින් ඇතිකරන රෝගයක් වැළඳීමේ ඉඩකඩ වැඩිවේ. ප්‍රතිජීවක අවශ්‍ය නොවන රෝග ද තිබේ. සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සා උණ (flu) සහ Mononucleosis ආදී වෛරස් ආසාදනයන්ය. එම නිසා වෛරස් ආසාදන සඳහා ප්‍රතිජීවක ලබාදෙන ලෙස ඉල්ලා නොසිටිය යුතු අතර ඔබගේ ශරීරය මගින් ආසාදනය මැඩපැවැත්වීම සඳහා සටන් කරන බැවින් රෝග ලක්ෂණ නැති කිරීමෙන් සුවපහසු බව ලබාගැනීමට උපදෙස් පැතිය යුතුය. ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව අඩුකිරීමට කළ හැකි දේ වෛද්‍ය උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කරන්න. ප්‍රතිජීවක පාවිච්ච්යට සිදුවන අවස්ථා අවම කරගත යුතුය. නියම කරන ප්‍රතිජීවක ප්‍රමාණය සම්පූර්ණයෙන් ගත යුතුයි. පසු අවස්ථාවක රෝගී වූ විට පාවිච්ච් කිරීමට බෙහෙත් ඉතුරැ කර ඒවා භාවිතයට නොගන්න. වෛද්‍ය උපදෙස් රහිතව හිතූ මතයේ කිසිවිටෙකත් නොගත යුතුය. ඔබට මාත්‍රාවක් හෝ දෙකක් මඟහැරුණු විටදී පවා යම් බැක්ටීරියා ප්‍රමාණයක් ශරීරයේ ඉතිරි වී නැවත ප්‍රතිජීවක භාවිත කරන විට එයට ප්‍රතිරෝධයක් දැක්විය හැකිය. වෛද්‍ය චන්දන ධර්මරත්න කළුබෝවිල ශික්ෂණ රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 06:41 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 06:48 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 06:48 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 06:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 06:56 AM මුත්‍රාගල් හැදීම වළක්වා ගන්න වකුගඩු හා මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝග තත්ත්වයන් ලෙස මුත්‍රා ගල් හැඳින්විය හැකිය. මෙය ආයුර්වේදයේ “මුත්‍රා අශ්වරී” ලෙස හැඳින්වේ. ආසියානු ජනගහණයෙන් 2.5% අතර ප්‍රතිශතයක් තම ජීවිත කාලය තුළ මුත්‍රා ගල් ඇතිවීමේ කර්ජනයට මුහුණ පාති. වැඩි වශයෙන්ම මෙම රෝගයට ලක්වනුයේ පිරිමි පාර්ශවයයි. අප විසින් ගනු ලබන ආහාර මුත්‍රා මාර්ගයේ හා වකුගඩුවල ගල් ඇතිවීමට එක් හේතුවක් වන බව සඳහන් කළ හැකිය. නිරන්තරයෙන්ම දක්නට ලැබෙන කැල්සියම් ගල් ඇතිවීමට හේතුව මුත්‍රාවල අධික කැල්සියම් ප්‍රමාණයක් තිබීමය. මෙහිදී කැල්සියම්වලින් පොහොසත් ආහාර ගැනීම සීමා කිරීමෙන් අස්ථිවල ශක්තිමත්භාවය පිළිබඳ ගැටලු ඇතිවිය හැක. එබැවින් ඉතා බහුලව පමණ ඉක්මවා කැල්සියම්වලින් පොහොසත් ආහාර ගැනීමෙන් වැළකීම පමණක් මෙහිදී ප්‍රමාණවත්ය. මෙහිදී සිරුරට ලැබෙන සෝඩියම් ප්‍රමාණය සීමා කිරීම කළ යුතුය. ආහාරයේ ලුණු ප්‍රමාණය වැඩිවීම නිශ්චිතවම ගල් ඇතිවීමට හේතුවකි. මුත්‍රා ගල්වලින් 80%ක්ම කැල්සියම් ඔක්සලේට් ගල් ලෙස හඳුනාගෙන ඇත. සිස්ටීන් ගල්ද යම් ප්‍රමාණයකින් දක්නට ලැබේ. හරක් මස්, ඌරු මස්, මාළු, කුකුල්මස් වැනි ඔක්ස්ලේට්වලින් පොහොසත් ආහාර සීමා කිරීම වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැක. මස් මාළු අධිකව ආහාරයට ගැනීමෙන් එහි පරිවෘත්තීය ක්‍රියාවලියේදී යූරික් අම්ලය නිෂ්පාදනය ඉහළ යන අතර එමඟින් ද මුත්‍රා ගල් ඇතිවීමේ අවදානම ඉහළ යයි. මීට අමතරව Chorus’s disease, Ulcerative, Colitis හා ඇතැම් ශල්‍යකර්ම නිසාත් කැල්සියම් ඔස්සලේට් ගල් ඇතිවීමේ අවදානමක් පවතී. ස්ථූල ශරීර සහිත අයට සහ පැරාතයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතාවයක් නිසා රුධිරයේ මෙන්ම මුත්‍රාවල කැල්සියම් සංයුතිය ඉහළ යාම සහ ඇතැම් ඖෂධ වර්ග මෙන්ම පවුලේ සමීප ඥාතියකුට මුත්‍රාගල් ඇතිවී තිබේ නම් එවැනි තත්ත්වයකට මුහුණ පෑමට වැඩි හැකියාවක් පවතී. මුත්‍රාගල් වකුගඩුව තුළ වකුගඩුවේ සිට මුත්‍රා ගෙන යන නාලයේ, මුත්‍රාශයේ මෙන්ම මුත්‍රාශයේ සිට මුත්‍රා බැහැර කරන නාලවලත් ඇති විය හැකිය. මීට අමතරව පිත්තාශය ආදී ආහාර මාර්ගය සම්බන්ධ ස්ථානවලත් ගල් ඇතිවිය හැක. මුත්‍රාගල් තත්ත්වය ඇති වීම රෝගියාට දැඩි වේදනාවක් ඇති විය හැක. එම ගල පවතින ස්ථානය, ප්‍රමාණය ආදී කරැණු මත වේදනාව වෙනස් වේ. මුත්‍රා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතිවීම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ රුධිරය පිටවීම, මුත්‍රා මාර්ගය අවහිර වීමෙන් මුත්‍රා පිටවීම අවහිර වීම, එවිට ආසාදන තත්ත්ව ඇතිවීම. වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිවේ. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ වෙනස් වේ. එය ගල පවතින ස්ථානය හා ප්‍රමාණය මත තීරණය වේ. මෙවැනි රෝග ලක්ෂණ ඇති වූවිට රැධිර පරීක්ෂා, එක්ස් කිරණ පරීක්ෂා සහ Ultra sound පරීක්ෂණ මගින් රෝග තීරණය කරගත හැකිය. රුධිර පරීක්ෂණ මඟින් යම්කිසි සැකයකට බඳුන් වූ විට X කිරණ පරීක්ෂණය මඟින් නිශ්චිතවම ගල් පවතින හා තිබෙන ස්ථානය පිළිබඳ හඳුනාගත හැකි වේ. X කිරණ පරීක්ෂණ මඟින් හඳුනාගත නොහැකි විට ස්කෑන් පරීක්ෂණ මඟින් හඳුනාගත හැකි වේ. ප්‍රතිකාර කිරීමේදී ගල පවතින ස්ථානය, එහි ප්‍රමාණය හා එමඟින් රෝගියාට පවතින අවදානමේ ප්‍රමාණය ආදිය පිළිබඳ වෛද්‍යවරයා නිශ්චිතවම අවබෝධ කරගත යුතුය. බටහිර වෛද්‍ය ක්‍රමයේදී කුඩා ප්‍රමාණයේ ගලක් නම් එය දියකර හැරීමක්, නැතහොත් ශල්‍යකර්මයක් ප්‍රතිකාර ලෙස භාවිත කෙරේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ඉතාමත් සරල ශල්‍යකර්මයක් අද වනවිට මේ සඳහා යොදා ගැනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතාමත් සාර්ථක ඖෂධ ප්‍රතිකාර මුත්‍රාශ්වරී සඳහා යොදා ගැනේ. මෙහිදී ඉහත දැක්වූ ආකාරයේ අවස්ථාවට අනුව ප්‍රතිකාර විධි තීරණය වේ. ප්‍රමාණය අනුව මුලින් ගල් දියවීමට ඖෂධ ලබාදී පසුව බැහැර කිරීමට ඖෂධ යොදයි. එවිට ශල්‍ය කර්මයකින් තොරව ඖෂධ ප්‍රතිකාර මඟින් මේ සඳහා ප්‍රතිකාර කළ හැකිය. මුත්‍රාගල් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය. දිනපතා ප්‍රමාණවත් තරමට ජලය පානය කළ යුතුය. දිනකට ලීටර් තුනක්වත් ජලය පානය කළ යුතුය. දහඩිය දමන විට, ඌෂ්ණ ප්‍රදේශවල සිටින විට, අව්වේ සිටින වේලාවට ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණයද ඉහළ යයි. ලුණු පරිභෝජනය අවම කළ යුතුය. විශේෂයෙන් මුත්‍රා ගල්වලින් පීඩා විඳින්නන් හා මීට පෙර එවැනි තත්ත්වයක් ඇති වූවන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. චීස්, ශීත කළ සැකසූ ආහාර, ටින් කළ ආහාර, බේකරි නිෂ්පාදන, අච්චාරු, ලුණු දෙහි ආදිය විශේෂයෙන් නුසුදුසු ආහාර ලෙස සැලකිය හැකියි. එළවළු හා පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගත යුතුය. මේවායේ පොටෑසියම්, මැග්නීසියම්, තන්තු, ප්‍රතිඔක්සිකාරක මඟින් ගල් ඇතිවීම අවම කරයි. මස් අනුභවයද සීමා කිරීම ද ඉතා වැදගත් වේ. ස්ථූලතාවය අවම කර ගැනීමට පියවර ගත යුතුය. කුමුදුනී ද සිල්වා ආයුර්වේද වෛද්‍ය B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය) සෙත්සුව ආයුර්වේද රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 17 of 35 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner