Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 18 of 35 << < 1617181920 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 06:59 AM සිරුරේ විස නසන සූදුරු ආයුර්වේදයට අනුව සූදුරු රසකාරකයක් මෙන්ම ඖෂධයක් ලෙසද හැඳින්විය හැක. වසර ගණනාවක පටන් ආහාර රසගැන්වීම සූදුරු විසින් කරනු ලැබේ. ආහාර පිසීමේදී රසය මෙන්ම අලුත් සුවඳක් ද එක් කරයි. පෝෂණය අතින් ඉතා ඉහළ ඖෂධයක් ලෙසින් හැඳින්වෙන සූදුරු ග්‍රෑම් සියයක බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක්ද, කෙඳි ග්‍රෑම් 10.5, මේදය 2 ග්‍රෑම් 22.27, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 44.24ක් අඩංගු වේ. ඊට අමතරව විටමින් බී සහ යකඩ බහුලව පවතී. විටමින් E, විටමින් K අඩංගු රසකාරකයක් ලෙසින් ද සූදුරු හැඳින්විය හැක. සූදුරැ බොහෝ රෝග සුවපත් කිරීමට උදව් දෙන ඖෂධයකි. විශේෂයෙන් ආහාර හොඳින් දිරවීමටත්, දිරවූ ආහාර ශරීරයට උරාගැනීමටත් සූදුරු උදව් වේ. නිරෝගී ආහාර ජීර්ණ පද්ධතියක් ඇති කිරීමට උදව් වෙන සූදුරු ආහාර ජීර්ණය සහ පරිවෘත්ත ක්‍රියාවලිය නිවැරදිව පවත්වාගෙන යාමට උපකාරි වේ. සමාජයේ බහුලව දක්නට ලැබෙන කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගවලට ද සූදුරු ඉතා ගුණදායක රසකාරකයකි. උදරය පුරවා දැමීම, ආහාර අරුචිය, බඩ පිපීම වැනි රෝග සඳහා ද සූරුදුවලින් ලබාදෙන්නේ ඉතා සැනසිලිදායක ප්‍රතිකාරයකි. සූදුරුවල පවතින අපූරු සුවඳ හේතුවෙන් ආහාර ගැනීමට රුචිකත්වයක් ද ඇති කරයි. අර්සස් රෝගයේ මූලික හේතුව වන මළබද්ධය නැති කර දැමීමට උදව් කෙරේ. අග්න්‍යාශ ක්‍රියාවලිය මනාව සිදුකිරීමට සමත් වේ. සූදුරුවල ප්‍රතිඔක්සිකාරක හොඳින් අඩංගු වේ. එසේම ආහාරමය කෙඳි ද ශරීරය අත්‍යවශ්‍ය තෙල් ප්‍රමාණයන්ද සූදුරුවල අන්තර්ගතව පවතී. මෙය පිළිකා වැළැක්වීමට ඉතා ගුණදායක රසකාරකයකි. විශේෂයෙන් ආමාශයේ සහ අක්මා පිළිකා තත්ත්වයක් සඳහා සූදුරු ඉතා ගුණදායක වේ. අක්මාවේ ඇති විෂ නැති කිරීමටද සූදුරැවලට ඇත්තේ ප්‍රබල ශක්තියකි. එපමණක්ම නොව සිරුරේ පවතින විෂ සූදුරැ මඟින් ඉවත් කෙරේ. එය පිටකරනු ලබන්නේ මළ, මුත්‍රා සහ දහඩිය මඟිනි. මෙහි විටමින් ඊ අඩංගු වන නිසා දිලීර නාශකයක් හා විෂබීජ නාශකයක් ලෙසින්ද උදව් කෙරේ. සමේ ඇතිවන කැසීම්, පතුල්වල දාඩිය දැමීම සඳහා ඉතා ගුණදායක වන අතර සූදුරැ තම්බා ගත් වතුර ස්නානයෙන් මේ තත්ත්වය මඟහරවා ගත හැකිය. සමට අවශ්‍ය කරනු ලබන බොහෝ ස්වාභාවික පෝෂණ ද්‍රාවණයක් සූදුරැවල පවතී. මේ නිසා හිසකෙස් ඝනකම් වීමට මෙන්ම තට්ටය ඇති වීම වැළැක්වීමටත් සූදුරු උපකාරී වේ. එමෙන්ම ඉස්හොරි වළක්වා ගැනීමට සූදුරු යොදා ගැනේ. මෙය ඉතා සාර්ථක ක්රමයකි. මීට අමතරව සූදුරු ඇදුම සහ පෙනහළු රෝගීන්ට ද ඉතා ගුණදායක වේ. කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහාත් සූදුරැ ආහාරයට එකතු කර ගනී. එමෙන්ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වා ගැනීමට සූදුරැවලට ඇත්තේ ප්‍රබල ශක්තියකි. එවැනි අය සූදුරු තම්බා බීම ඉතා ගුණදායක වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 07:25 AM ජීවිතය එපා කරන චිත්තාවේගය ලෙඩක හැටි සිය දිවි නසා ගැනීමට උත්සාහ දරන්නේ ඇයි? දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ පිළිතුරු සොයා ගැනීමට නොහැකිව ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳ යැයි සිතනා සිතුවිල්ල යම් දිනෙක ඔබට හොරෙන් ඔබේ සිතටත් ඇති වූවා විය හැකිය. ප්‍රශ්න හමුවේ සිය දිවි නසා ගැනීම එකම විසඳුම වෙන්නේ නම් මුළු ලෝකයම මේ වෙන විට සුසාන භූමියක් වෙනු නොඅනුමානය. කුමන හෝ කරුණක් මුල්කොටගෙන යම් පුද්ගලයෙකු තමන්ට හානි කර ගැනීමට හෝ ජීවිතයට හානි කිරීමට උත්සාහ දරන්නේ නම් එය සිය දිවි නසා ගැනීමක් ලෙස විස්තර කෙරේ. පුද්ගලයෙකු සියදිවිනසාගැනීමට පෙළඹෙන ප්‍රධානම කරුණු දෙකකි. ආවේග පාලනය කර ගැනීමට නොහැකි විය. චිත්තාවේගයන් මුදා හැරීමට නොහැකි වීම. විෂාදය, භින්නෝන්මාදය වැනි බරපතළ මානසික රෝගයන්ට ගොදුරු වීම. අවේග පාලනය කර ගැනීමට නොහැකිව සිය දිවි නසා ගැනීමට පෙළඹෙන වයස් කාණ්ඩයේ වයස අවුරුදු 15 - 29 අතර වයසේ පසුවන්නන් වැඩිපුර වාර්තා වේ. විෂාදය වැනි මානසික රෝගයක් හේතුවෙන් සිය දිවි නසා ගැනීමට වැඩිපුරම ගොදුරු වෙන බවට වාර්තා වෙන්නේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් වීම විශේෂත්වයකි. සිය දිවි නසා ගැනීමට පුද්ගලයා පෙළෙඹෙන හේතූන් තරුණ දැඩි ගැටුම්කාරී පරිසරයන්හි ජීවත් වීම. ආර්ථික ප්‍රශ්න (දුප්පත් කම, ණය බර) විභාග වලින් අසමත් වීම ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම පෞර්ෂත්ව දුර්වලතා ආදී කරුණු තරුණ වියේදී සිය දිව නසා ගැනීමට බලපානා හේතූන් ලෙසට හඳුනාෙගන ඇත. අන් අයට රිදවීමේ බලාපොරොත්තු වෙන් ද තරුණ පිරිස සිය දිවි නසා ගැනීමට පෙළඹෙන බව සොයා ගෙන තිබේ. වැඩිහිටි තම භූමිකාවන්ගෙන් මිදීම (උදාහරණයක් ලෙසට උපයන්නන් බවට පත් වූවන් යැපෙන්නන් බවට පත් වීම) ආර්ථික ප්‍රශ්න (දුප්පත් කම) විශ්‍රාම ගැනීම දරු මුණුබරන්ගේ ගැහැටවලට මුහුණ දීම හුදෙකලා වීම මානසික ආතතිය ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට ඇති බිය ආදී කරුණු මෙන්ම විෂාදය, භින්නෝන්මාදය වැනි බරපතළ මානසික රෝගී තත්ත්වයන් ද වැඩිහිටි වියේදී සිය දිවි නසා ගැනීමට බලපානා කරුණු වේ. සිය දිවි නසා ගැනීම වළක්වා ගැනීමට යථාර්ථයෙන් බැහැරව ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළං වීමෙන් වළකින්න. දෙමාපියන් සෑම විටම දරුවන්ට අධික බලාපොරොත්තු දීමෙන් වැළකීම කිසිම පුද්ගලයෙකුගේ වටිනාකමක් ජයග්‍රහණය මතම පදනම් නොවන අතර ජීවිතයේ යම් යම් අවස්ථාවලදී පරාජය වුවද එය අභියෝගයක් කොට තම දක්ෂතා හඳුනා ගෙන ඉදිරියට යාමට උත්සාහ දැරිය යුතුය. ක්ෂණිකව ඇති වන ගැටලු හමුවේ කඩා නොවැටී දරා ගැනීමේ ශක්තීන් ඇති කර ගන්න. මම කවදා හෝ ජය ගන්නවා. එම දිනය අද නොවිය හැකිය. පරාජය වෙන සෑම මොහොතක දීම එළෙසින්ම සිතන්න. ජීවිතයේ ඕනෑම මොහොතකදී ඕනෑම අයෙකු අතින් වරදක් සිදු විය හැකිය. වරදක් වීම ජීවිතයෙන්ම සමු ගැනීමක් කර ගත යුතු නැත. ජීවිතය යනු ප්‍රශ්න පත්රයකි. ජීවත් වීම යනු එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමය. විසඳා ගත නොහැකි යැයි සිතනා ගැටලුවක් ඇති වූ විට දැනුම් තේරුම් ඇති අයෙකු සමග ප්රශ්නය සාකච්ඡා කරන්න. හැකි නම් උපදේශකයෙකු මාර්ගයෙන් තමාගේ ජීවිතයට සැනසීමක් ලබා ගැනීමට උත්සාහ දරන්න. සියදිවි නිසා ගැනීමට කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන් වැඩි වීමට මූලිකම හේතුවක් වී ඇත්තේ පිරිමින් තමා මුහුණ දෙන ගැටලු කිසිවක්, කිසිම විටෙක අන්අය මග බෙදා හදා ගැනීමට උත්සාහ නොගැනීමය. එම නිසාම යම් ප්‍රශ්නයක් දරාගත නොහැකි කළ සිය දිවි නසා ගැනීමට පෙළඹේ. යම් පුද්ගලයෙකු නිතර කලකිරීමෙන් සිටීම, හැඬීම, සුසුම් හෙළීම, අන් අයෙෙගන් ඈත් වී සිටීම, ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, වෙනස් වීම් සමග මම දැන් ජීවත් වෙලා ඇති මැරෙන්න හිතෙනවා නිතර කියන්නේ නම් එය මානසික රෝගයක් නිසා කියනවා විය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. වසරකට අප රටේ සිය දිවි නසා ගැනීමෙන් වටිනා මිනිස් ජීවිත 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් මියැදේ. පොලිස් වාර්තාවන්ට අනුව ගෙවුණු වසරේ මෙරටින් වාර්තා වී ඇති සිය දිවි නසා ගැනීමේ සංඛ්‍යාව 3226 කි. කාන්තාවන්ට සාපේක්ෂව සිය දිවි නසා ගැනීම්වලට පිරිමි පාර්ශ්වය ගොදුරු වෙන බවද වෛද්‍ය වාර්තාවන් පෙන්වා දේ. 1995 වසරේදී ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රට ලෙසට ශ්‍රී ලංකාව පත්ව තිබූ නමුත් අද වන විට දැනුම්වත් කිරීම්, උපදේශන සේවාවන් සැපයීම දියුණු වීම් ආදී මගින් පැවැති අවාසනාවන්ත තත්ත්වයන් මඟහැර ගැනීමට හැකිව තිබේ. සටහන අසුන්තා එදිරිසූරිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 07:34 AM ලජ්ජා හිතෙන පෙතිගෝමරවලටත් බේත් දැන් ඕනැ පදං! තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිලීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ. මෙය නිවර්තන කලාපීය රටවල බහුලව ඇතිවන රෝග තත්ත්වයකි. මතක තබාගන්න, අළුහම් සඳහා ප්‍රතිකාර තිබේ. නිසි වෛද්‍ය උපදෙස් අඛණ්ඩව පිළිපැදීමෙන් මේ අසෝබන චර්ම රෝගයෙන් වැළකීමට හැකිය. මෙම දිලීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවීන් වර්ගයකි. ඒවා ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ, සහ පපුවෙහි වර්ධනය වේ. නමුත්, ඇතැම් අයගේ සමෙහි Malassezia furfur දිලීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අළුහම් නැමැති කුෂ්ඨය සාදයි. අළුහම් ඇතිවන්නේ මෙලෙස සමෙහි ස්වාභාවිකව පවතින දිලීරයක් මගින් ආසාදනය වීමෙන් බැවින්, බෝවන රෝගයක් ලෙස නොසැලකේ. නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ පිරිමි අය අතර බහුලව දක්නට ලැබේ. උණුසුම් සහ ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) වැඩි පරිසරවල වෙසෙන්නන් අතර අළුහම් බහුලව පවතී. අවදානම් සාධක අධික තෙල් සහිත සමක් උරැම වීම, පරිසරයේ උණුසුම වැඩිවීම, පරිසරයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාවය වැඩිවීම, ප්‍රතිශක්ති දුර්වල වීම, අධිකව දහඩිය දැමීම, පරම්පරාව තුළ අළුහම් ඇතිවීමට ප්‍රවණතාවයක් පැවතීම, ඌන පෝෂණය, ගර්භණීභාවය රෝග ලක්ෂණ එය බහුලව මුහුණ, ගෙල, පපුව, පිට, කිහිලි, බාහු, සහ පාදවල හටගනී. සමේ ආසාදනය වූ ස්ථාන පැහැදිලිව පෙනෙන, සමෙහි වර්ණය වෙනස් වූ ලප ලෙස දිස්වේ. එහි මතුපිට සියුම් පොතු පවතී. සමෙහි වර්ණය වෙනස්වීම වර්ණය වැඩිවීමක් (Hyper-pigmentation) හෝ වර්ණය අඩුවීමක් (Hypo-pigmentation) ලෙස දිස්වේ. අළුහම් රෝස, තද දුඹුරු හෝ සුදුමැලි වර්ණයක් ගනී. අළුහම් ඇතිවිට වැඩිපුර දහඩිය දැමීම සහ කැසීම ඇතිවිය හැක. ඒවා සෙමින් පැතිරේ, පොකුරැ වශයෙන් පවතී. පරිසර උෂ්ණත්වය අඩු වූ විට නැති වී යයි. එහෙත් නැවත ගිම්හාන සෘතුවේදී පැමිණේ. මෙය සමහරවිට පොතු කබර රෝගය සමඟ පටලවාගන්නා අයද නැතුවාම නොවේ. පරීක්ෂණ අළුහම් පවතින ස්ථානයක සමෙන් සූරාගන්නා ලද කොටස් පොටෑසියම් හයිඩ්රොක්සයිඩ්වලින් වර්ණගන්වා අන්වීක්ෂයෙන් පරීක්ෂා කළවිට Malassezia furfur දිලීරය හඳුනාගත හැක. ප්‍රතිකාර අළුහම් පවතින ස්ථානය, එහි ප්‍රමාණය හා එය පැතිරී ඇති වර්ග ප්‍රමාණය අනුව ප්‍රතිකාර වෙනස් වේ. ප්‍රති-දිලීර (Anti-fungal) ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම - මෙය ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය වේ. නමුත් මේවා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතම පමණි. නිදසුන් : කීටොකොනසෝල් හෝ සෙලීනියම් සල්ෆයිඩ් (Selenium – sulphide), ක්ලොට්‍රිමසෝල් (Clotrimazole), මිකොනසෝල් (Miconazole), කීටොකොනසෝල් (Ketoconazole) ක්ලෙන්සර් භාවිතය කීටොකොනසෝල් හෝ සෙලීනියම් සල්ෆයිඩ් (Selenium sulfide) ෂැම්පු ආලේප කිරීම. උග්‍ර ආසාදන ඇතිවිට මුඛයෙන් ගන්නා ප්‍රති-දිලීර ඖෂධ ලබාගත හැක. සාමාන්‍යයෙන් මෙය ඉතා කෙටි කාලයකට ලබා දේ. (ෆ්ලුකොනසෝල් (Fluconazole) සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් අනතුරැව සමෙහි වර්ණය යථා තත්ත්වයට පත්වීමට මාස කිහිපයක් වුවද ගතවිය හැක. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 07:59 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 08:02 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Sep 2018 08:03 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 15 Sep 2018 09:14 AM ඉස්සර කවියො කිව්වෙ පෙති ගෝමර තියෙන කෙල්ලො ලස්සනයි කියලනේ 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:31 AM පයේ ඇඟිල්ලක් හිරිවැටීම සහ සිරුරේ ලප හට ගැනීම පූර්ව පිළිකා ලක්ෂණයක් විය හැකියි ප්රශ්නය - මෙයට මාස කීපයකට පෙර අප පිළිකා රෝගය ගැන ඔබ සමඟ සාකච්ඡා කර ලිපි කිහිපයක් පළ කළා. ඒ අතර අපට දැන ගැනීමට ලැබී තිබෙනවා ඔබ පිළිකා රෝගය සම්බන්ධයෙන් අලුත් දත්ත කිහිපයක් සොයාගෙන තිබෙන බව. ඒ ගැන සාකච්ඡා කිරීමයි අපගේ අරමුණ. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා පිළිකාව සම්බන්ධයෙන් කළ පර්යේෂණ. ඒ පර්යේෂණ සඳහා අවශ්‍ය දත්ත ලබාගෙන තිබෙන්නේ අත්දැකීම් මගින්. ඉපැරැණි වෛද්‍යවරු තමන් හමුවට එන රෝගීන් පිළිබඳ රෝග නිශ්චය කළේ නාඩි බැලීමෙන් සහ ශරීරය පිටතින් පරීක්ෂා කිරීමෙනි. ඒ කාලයේ X රේ, බයොප්සි වැනි දේවල් නැති බව ඔබ දන්නවා. එහෙත් රෝග නිශ්චය නිසි ලෙස සිදු වුණා. මා පාරම්පරික වෛද්‍යවරියක් හැටියට අවුරුදු 30 ක පළපුරුද්දක් තිබෙන කෙනෙක්. ඒ කාලය තුළ මා පරීක්ෂා කළ පිළිකා රෝගීන් ඇසුරෙන් දැනගත් කරුණු කිහිපයක් කියන්නම්. කිසියම් කෙනෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ලේ හිටි ගමන් හිරිවැටෙනවා නම්, ඇදුම් කනවානම්, එහෙමත් නැත්නම් විදුලි සැරක් වැදෙනවා වැනි ගතියක් ඇති වෙනවා නම් එය පිළිකා සෛල වර්ධනයක මූලික ලක්ෂණ වෙන්නට පුළුවන්. මා ප්‍රතිකාර කළ පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයකින් ප්‍රශ්න කළ විට දැන ගන්නට ලැබුණා ඔවුන්ට මේ රෝග ලක්ෂණ තිබූ බව. මේ රෝග ලක්ෂණ නිතිපතා හට ගන්නෙ නැහැ. සමහර විට මෙය මාසයකට සැරයක් එන රෝග ලක්ෂණයක් විය හැකියි. එහෙමත් නැත්නම් තුන් මාසයකට සැරයක් ඇතිවනවා විය හැකියි. ඒ එක්කම තවත් රෝග ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි ශරීරයේ තැන තැන හිටි හැටියේම ඉන්නන් හා උපන් ලප හට ගැනීම. ආගන්තුක ගැටිති ඇති වීම. එය පිළිකා සෛල සිරුරේ තිබෙන බවට පෙර නිමිත්තක්. ඉහත සඳහන් රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය පරීක්ෂණයකට භාජන වීමයි. ප්රශ්නය - මොළයේ පිළිකාවල වර්ධනයක් පසුගිය කාලයේ ඇතිවුණාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී මොළයේ පිළිකාව සහ මොළයේ අර්බුද (Tumor) අතර වෙනස වටහා ගත යුතුයි. අර්බුදයක් හෙවත් ටියුමරයක් පිළිකාවක් තරම්ම බරපතළ නැහැ. මොළයේ පිළිකාවල වර්ධනයක් සිදුවුණාදැයි ඔබ අසන ප්‍රශ්නයට උත්තරය වන්නේ එසේ සිදුවෙලා නම් එයට හේතුව මානසික ආතතිය සහ පාරිසරික හේතු ඕනෑ තරම් අද අප අවට තිබෙන බවයි. ප්රශ්නය - මොළයේ පිළිකාවක රෝග ලක්ෂණ මොනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ප්‍රධානතම ලක්ෂණය තමයි හිසේ වේදනාව. මොළයේ පිළිකාව තිබෙන රෝගීන් 96% ක් කරන පැමිණිල්ල තමයි මේ හිසේ වේදනාව. මෙය හිසේ එක තැනක, එක විදියක එක වේදනාවක් නොව හිසේ විවිධ තැන්වල විවිධ විදියට එන වේදනාවක්. මේ වේදනාව එක්කම ඔක්කාරය සහ වමනය හට ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යටි බඩ රිදෙනවා. මෙවැනි රෝග ලක්ෂණවලදී ශාක සාර ඖෂධ 20 - 30 අතර ප්‍රමාණයක් අන්තර්ගත වන කසාය වර්ග අප නියම කරනවා. එසේම මහා හරි නමැති පාරම්පරික තෙල් වර්ගය හිසට දමා සම්බාහනය කරනවා. (වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි සමගින් සාකච්ඡා කර සකස් කළ ආත්රයිටිස් රෝගය පිළිබඳ ලිපි පෙළෙහි අවසන් කොටස ලබන 6 වැනි ඉරිදා මේ තීරුවෙහි පළවේ. මොළයේ පිළිකාව සම්බන්ධ ලිපි පෙළෙහි ඊළඟ කොටස් 13 වැනි ඉරිදා සිට පිළිවෙළින් පළවනු ඇත.) නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:32 AM සෞඛ්‍ය ගැටලුවලට ආයුර්වේද පිළියම් මට දියවැඩියාව : සීනි 400 ට නඟිනවා. ෆැටි ලිවර් සනීප කරන්න පුළුවන්ද? ප්රශ්නය - මා අවුරුදු 35 ක් වයස විවාහක පිරිමියෙක්. මට දරුවන් දෙදෙනකු සිටිනවා. මෙයට අවුරුදු පහකට පමණ පෙර මට දියවැඩියාව වැලඳුණා. ඉන් පසුව ක්‍රමයෙන් රුධිර සීනි ප්‍රමාණය 465 දක්වා වැඩි වුණා. මෙසේ රුධිර සීනි 400 ඉක්මවූ හැමවිටම පාහේ මට ක්ලාන්ත ගතියක් හැදී විසඥ වීමක් සිදු වෙනවා. රාත්‍රි කාලයේදී අධික ලෙස මුත්‍රා පහවීම, සිදු වෙනවා. අධික නිදිමතක් දැනෙනවා. මේ තත්ත්වය මත මගේ ලිංගික ජීවිතය පවා අවුල්වෙලා. මගේ බිරිඳ මගේ තත්ත්වය තේරුම් ගත් අතිශය ගුණයහපත් කාන්තාවක් වීම හිතට ලොකු සහනයක්. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - දියවැඩියාව කියන්නේ හඳුනාගත් වහාම ප්‍රතිකාර කර සුවපත් කළ හැකි රෝගයක්. හුඟ දෙනෙක් කරන්නේ මේ රෝගය හටගත් වහාම පෙති වර්ග පාවිච්චි කරන්නට පටන් ගන්නවා. එවිට ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිෂ්පාදනය කරන්නේ අග්න්‍යාසය කියන කොටසයි. මේ ඉන්ද්‍රියේ තිබෙන කුඩා සෛල මගින් තමයි ඉන්සියුලින් නිපදවන්නේ. ඔබට දියවැඩියාව හැදෙන්නේ මේ සෛල මිය ගියාම. දියවැඩියා රෝගියා සුවපත් කරන්න නම් කළ යුතු එකම දේ තමයි මෙසේ මියගිය සෛල යළි පණ ගැන්වීම. මෙය කරන්න ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැන්න තමයි ඖෂධ මගින් මේ සෛල අලුත්වැඩියා කිරීම. දෙවැන්න, මේ සෛල නැවත බද්ධ කිරීම. මේ දෙවැනි විසඳුම පිළිබඳ පර්යේෂණ දැනටත් බටහිර රටවල කරගෙන යනවා. ඒ කොහොම වුණත් දියවැඩියාව සුව කරන්න පුළුවන්. අපේ පාරම්පරික වෙදකම ඒ සඳහා විශේෂයෙන් පිළියෙළ කළ ඖෂධ තිබෙනවා. රෝගියා කළ යුතු පළමුවැනි දේ තමයි කට පරෙස්සම් කර ගැනීම. ඒ කියන්නේ ආහාර ගන්නා විට පාලනයක් ඇතිව වැඩ කිරීම. කාබෝහයිඩේ්‍රට් අනවශ්‍ය ප්‍රමාණවලින් ආහාරයට ගැනීම වහාම නැවැත්විය යුතුයි. කාබෝහයිඩේ්‍රට් ආමාශයට ගියාම සීනි බවට පත්වෙනවා. ඒ නිසා හැකි තරම් දුරට පිෂ්ඨ ධාතු ශරීරයට නොගත යුතුයි. කඩල, මුංඇට, කව්පි වගේ පිෂ්ටය ඉතාම සුළු වශයෙන් තිබෙන ආහාර ද්‍රව්‍ය තමයි සුදුසු. ඒ සමගම, වසර 200 ක් පැරණි වට්ටෝරුවකට අනුව මා හදන මධුමේහ නිවාරණය නමැති ඖෂධයක් තිබෙනවා. ඒ ඖෂධය සමග කසාය වර්ග 3 ක් මාස 6 ක් පාවිච්චි කළාම ශරීරයේ ඉන්සියුලින් නිපදවීම යථා තත්ත්වයට පත්වෙනවා. ප්රශ්නය - මම පනස් හැවිරිදි වියේ පසුවන පිරිමියෙක්. මට ෆැටි ලිවර් නමැති රෝගය තිබෙනවා. මේ නිසා මම විශාල දුකක් විඳිනවා. මම කාලයක් තිස්සේ ඌරුමස් සහ හරක්මස් ආහාරයට ගන්නවා. ෆ්‍රරයිඩ් රයිස් සහ ඩෙවල් කළ ආහාර ගන්නවා. මා පරික්ෂා කළ වෛද්‍යවරුන් කීවේ ෆැටි ලිවර් හට ගැනීමට ප්‍රධාන හේතුව එය බවයි. එය ඇත්තක්ද? මෙය සුවපත් කළ හැකිද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - Fatty Liver ලෙස හඳුන්වන්නේ hepatic Steatosis කියන රෝගයයි. අක්මාව තුළ විශාල වශයෙන් මේදය තැන්පත් වීම තමයි මෙහිදි සිදුවන්නේ. අක්මාව තුළ මේදය තැන්පත් වීම සිදුවන්නේ ස්වල්ප වශයෙන් නම් එය ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි මේදය තොග පිටින් තැන්පත් වුණොත් එය භයානකයි. ශරීරයේ තිබෙන විශාලතම ඉන්ද්රිය තමයි සම. ඊළඟට විශාල ඉන්ද්රියය අක්මාව. ෆැටි ලිවර් තත්ත්වය සමනය කර ගන්න නම් වෛද්‍යවරයාගේ පැත්තෙන් කළ යුතු දේ වගේම රෝගියාගේ පැත්තෙන් කළ යුතු දේවලුත් තියෙනවා. මුලින්ම රෝගියා බර අඩු කර ගත යුතුයි. ඔබේ ශරීරයේ තිබෙන triglyceride ප්‍රමාණය ආහාර මගින් හෝ ඖෂධ මගින් අඩු කර ගත යුතුයි. අරක්කු බියර් දිහා බලන්නවත් එපා. දියවැඩියා තත්ත්වයක් තිබෙනවා නම් එය පාලනය කර ගත යුතුයි. සමබල ආහාර ගතයුතු අතර ව්‍යායාම කළ යුතුයි. මා හදපු පාරම්පරික ඖෂධයක් තිබෙනවා චත්රංගි යන නමින්. මෙය තමයි ෆැටි ලිවර් තත්ත්වය සඳහා මා දන්නා හොඳම බෙහෙත. හරියට ප්‍රතිකාර කළොත් මාස 6 න් මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන්. නිතරම බඩ බුරුලට යනවා ලෙඩේ මොකක්ද? ප්රශ්නය - මට නිතරම බඩ බුරුලට යනවා. දරුවන් දෙදෙනකු සිටින තිස් හැවිරිදි මවක හැටියට මෙය මට ඉතාම ලොකු ප්‍රශ්නයක්. මෙයට හේතුව කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔබට ඇතිවිය හැකි ප්‍රශ්න දෙකක් තිබෙනවා. පළමුවැන්න තමයි ඉරිටබල් බවල් සින්ඩ්‍රම් කියන රෝග තත්ත්වයෙන් ඔබ පෙළීම. මේ රෝගය හැදුනාම ඔබේ ආමාශය තුළට ආහාර ගිය වහාම ඒවා ජීරණය නොවී ගුද මාර්ගයෙන් පිටවෙනවා. මෙය රෝගයකට වඩා ශාරීරික තත්ත්වයක් වන නමුත් සුව කළ හැකියි. ඊළඟ ප්රශ්නය තමයි අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස්. මේ මගින් බඩවැල් දිගේ ආමාශයට ගත් ආහාර කිසිදු දිරවීමකින් තොරව මළ වශයෙන් පිටවෙනවා. එම ආහාරවල තිබෙන කිසිදු පෝෂ්‍ය පදාර්ථයක් ඔබේ සිරුරට ඇතුළු වීම ඒමගින් නවතිනවා. එවිට ඔබ මන්දපෝෂණයෙන් පෙළෙන්නට පටන් ගන්නවා. ඔබ විසින් පැය 24 පුරා ගන්නා ආහාර ප්‍රමාණයේ බරත් එම ආහාර මළ වශයෙන් පිට කිරීමේදී එහි බරත් සංසන්දනය කළ විට ඔබේ ශරීරයට ආහාරවලින් කොතරම් ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන තිබෙනවද කියන තත්ත්වය හෙළි කර ගන්නට පුළුවන්. ගත් ආහාර සහ පිටකරන මළ ප්‍රමාණය අතර වැඩි වෙනසක් නැත්නම් එයින් කියෑවෙන්නේ ඔබ ඉතා ඉක්මනින් මන්දපෝෂණය කරා ගමන් කරන බවයි. මේ තත්ත්වය ඉතාම නරක දෙයක් විය හැකියි. දිගින් දිගටම මන්දපෝෂණ තත්ත්වයක් තිබුණොත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් පවා විනාශ වීමට ඉඩ තිබෙනවා. හැබැයි නිසි ඖෂධවලින් මේ රෝගය සුවපත් කළ හැකියි. හම කහපාටවෙලා හරිම ප්‍රශ්නයක් ප්රශ්නය - මා තිස් හැවිරිදි අවිවාහක තරුණියක්. මගේ ශරීර වර්ණය තළෙලු සහ දුඹුරු ගුරු වර්ණයක්. මෙයට වසර තුනකට පමණ පෙර සිට මගේ ශරීරයේ වර්ණය ක්‍රමයෙන් කහ පාටට හැරෙන්නට පටන් ගත්තා. අද වනවිට මගේ මුළු ඇඟම කහ උණ රෝගියකුගේ වර්ණයට සමානයි. මෙයට හේතුව කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙය චර්ම රෝගයක්ද නැත්නම් ඔබේ ශරීරයේ පිත ඕනෑවට වඩා කුපිත වීමෙන් හටගත් රෝගයක්ද කියා බැලිය යුතුයි. සමේ රෝගයක් නම් ඒ සඳහා සුදුසු ඖෂධ තිබෙනවා. පිත නිසා ඔබේ ශරීර වර්ණය වෙනස් වෙලා නම් නියපොතුත් ඇසුත් කහපාට විය යුතුයි. ඔබේ ලිපියේ එවැනි විස්තරයක් නැහැ. ඒ නිසා මෙයට කෙළින්ම උත්තරයක් දීම අපහසුයි. සුදුසු වෛද්‍යවරයකු වෙත යැම තමයි වඩාත් හොඳ. ඔබේ ගැටලු මේ ලිපිනයට එවන්න ආයුර්වේද සෞඛ්‍ය පිළියම් දිවයින ඉරිදා සංග්‍රහය නො: 223, බ්ලුමැන්ඩල් පාර කොළඹ 13. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:33 AM තිබහ නසමින් කොලෙස්ටරෝලූත් නසන පානීය ජලය මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා බොහෝ දෙනා සිටින්නේ දැඩි ලෙස දාහයෙන් පීඩාවට පත්වය. පවතින කාලගුණ තත්ත්වය හමුවේ අධික ලෙස සිරුරින් දහදිය පිටවීම නිසා වෙනදාට වඩා වැඩිපුර ජලය පානය කරන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. සාමාන්‍යයෙන් දිනකට පාවිච්චි කළයුතු ජලය ප්‍රමාණය ලෙස පවසන්නේ ලීටර් දෙකහමාරකි. (2 1/2 L) පවතින කාලගුණ තත්ත්වය හමුවේ ජලය ලීටර් හයක්වත් (6L) පානය කරන ලෙස වෛද්‍යවරු පවසති. මෙලෙස අප පානය කරන ජලය මීට වසර දහයකට පමණ පෙර ගනු ලැබුවේ වත්තේ කපාගත් ළිදෙනි. නමුත් වර්තමානයේ ඉතා ශීඝ්රලෙස නාගරීකරණය වීම නිසා ළිං වැසීගොස් නළ ජලය පෙරට එන්නට පටන්ගෙන ඇත. ජල පවාහන මණ්ඩලය මගින් ඉතා සීමා සහිත නිවාස ප්‍රමාණයකට සැපයූ නළ ජල පහසුකම් දැන් රට පුරා ලක්ෂ සංඛ්‍යාත නිවාස සංඛ්‍යාවකට සැපයීමට සිදුව ඇත. මෙලෙස පානීය ජල ඉල්ලූම ඉහළ යෑමත් සමග පානීය ජලය බෝතල් කර (Botteld Water) අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද ශ්‍රී ලංකාවේ බිහිවිය. ඒනිසා දැන් පානීය ජලය බෝතල් කර අලෙවි කිරීමේ ව්‍යාපාරය අතිසාර්ථකව රටපුරා ව්‍යාප්ත වී ඇත. පානීය ජලයද වර්ග කිහිපයක් ඇත. පානීය ජලය (Drinking water) භූගත ජලය (Mineral Water) දියඇල ජලය (Spring Water) ආදී ලෙසින් වර්ග කර තිබේ. පානීය ජලය පානීය ජලය (Drinking Water) යනු බීමට සුදුසු බව තහවුරු කළ ජලයයි. එනම් ජාතික ජල පවාහන මණ්ඩලය මගින් අනුමත කළ පානීය ජලයයි. ඒනිසා එම ජලය පිරිසිදු බෝතල්හි පුරවා අලෙවි කිරීම පානීය ජලය ලෙස සලකනු ලැබේ. ඒ සඳහා ජාතික ජල පවාහන මණ්ඩලය මගින් සපයන නළ ජලය වුව භාවිත කළ හැකිය. එසේ නැත්නම් පානයට සුදුසු ලෙස පිරිසිදු කර ඇති ජලය භාවිත කළ හැකිය. මෙහි බහුලව ඇත්තේ ක්ලෝරීන්ය. භූගත ජලය භූගත ජලය (Mineral Water) යනු ඛනිජ ද්‍රව්‍ය සහිත ජලයයි. මෙම ජලය ලබාගන්නේ උස් කඳු වැටි ආශ්රිත ප්‍රදේශ වලිනි. එම ප්‍රදේශවල ඛනිජ සම්පත් බහුලව ඇත. මෙම ජලයෙහි ක්ලෝරීන්, සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, යකඩ ආදී ඛනිජ ද්‍රව්‍ය අඩංගුය. භූගත ජලය ලීටරයක (1L) ඛනිජ ද්‍රව්‍ය මිලිග්‍රෑම් 250-500 (250-500mg) ඇත්නම් එය අඩු භූගත ජලය (Low Mineral Water) ලෙස හඳුන්වයි. ඛනිජ ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 500 :500mg) වැඩිනම් එය වැඩි භූගත ජලය (High Mineral water) ලෙස හඳුන්වයි. ජලය පානයෙන් සිරුරට ලැබෙන ප්‍රතිඵල සාමාන්‍යයෙන් අප ජලය පානය කරන අවස්ථා කිහිපයක් ඇත. ප්‍රධාන වශයෙන් පිපාසය නිවා ගැනීමටය. ඊට අමතරව ආහාර වේලක් ගත් පසු උදෑසන අවදිවූ විටදී එවැනි අවස්ථාවලදී අපි ජලය පානය කරන්නෙමු. ජලය පානය මගින් ශරීරයට ලැබෙන ප්‍රධාන ප්‍රතිඵලය වනුයේ සිරුරේ උෂ්ණත්වය පාලනයයි. ජලයේ ඇති ක්ලෝරීන් මගින් බැක්ටීරියා විනාශ කරයි. ආහාර ජීර්ණය කි‍්‍රයාවලිය පහසු කරයි. යකඩ මගින් රුධිරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම වැඩි කරයි. සෝඩියම් මගින් මස් පිඩු කි‍්‍රයාකාරීත්වය වර්ධනය කරයි. ජලය පානය මගින් එහි ඇති ඛනිජ ද්‍රව්‍ය වලින් ශරීරයේ නිරෝගී පැවැත්මට උපකාර වනු මෙන්ම ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් (LDL) නිෂ්පාදනය අඩුකර හිතකර කොලෙස්ටරෝල් (HDL) නිෂ්පාදනය වැඩිකිරීමට දායකත්වය සපයයි. දිය ඇලි ජලය උස් කඳු වැටි මතින් කඩා හැළෙන පිරිසිදු ජලය එම කඩා හැලෙන වේගය නිසා ඇතිවන පීඩනයත් සමඟ බෝතල් කර පානය සඳහා යොදා ගැනීම දිය ඇලි ජලය ලෙස හඳුන්වයි. මෙම ජලය පානීය ජලය සහ භූගත ජලය බෝතල් වලට වඩා මිල අධිකය. ඒනිසා දිය ඇලි ජලය බහුතරයක් පිරිස පානය කරන්නේ නැත. එම ජලය මිලිලීටර් පන්සියයක් (500ml) ලංකාවේ අලෙවි වන්නේ රුපියල් දෙසියකට ආසන්න මිලකටය. අප බහුලව භාවිත කරන පානීය ජලය මිලිලීටර් පන්සියයක් (500ml) බෝතලයක් රුපියල් 40 ත් 50 ත් අතර මිලකට මිලදී ගත හැකිය. භූගත ජලය මිලිලීටර් පන්සියයක (500ml) බෝතලයක් රුපියල් 60 ත් 70 ත් අතර මිල ගණන් අතර වෙළෙඳ පොළේ අලෙවි වේ. වතුරත් මිලදී ගෙන පානයට හුරුවීමට සිදුව ඇති නිසා අප බොහෝ දෙනා මිලදී ගත්තේ පානීය ජල බෝතල්ය. ඒනිසා වෙළෙඳ පොළේ වැඩිපුරම අලෙවි වන්නේත් පානීය ජල බෝතල්ය. - උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:34 AM කාන්තාවන්ට හැදෙන මුත්‍රා ආබාධ මඟහරවා ගන්නා හැටි ප්රශ්නය - කාන්තාවන්ට වැළඳීමට ඉඩ තිබෙන මුත්‍රා රෝග ගැන පසුගිය සතියේ අප කතා කළා. අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ රෝග මග හරවා ගන්නෙ කොහොමද කියලයි. වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ඔබ දන්නා පරිදි වෛද්‍යවරයෙක් නිතරම උපදෙස් දෙන්නේ රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයකින් ආරක්ෂා වීම සුදුසුයි කියන පදනමේ සිටයි. ඒ අනුව පහත සඳහන්, ඖෂධ නොවන ක්‍රමවේදයන් තුළින් මුත්‍රා රෝග වළක්වාගන්නට පුලුවන්. (ඖෂධ ගැන ඊළඟට කියා දෙන්නම්) 1. නිතරම ජලය පානය කරන්න. ඔබේ වකුගඩු නරක් වී නැත්නම්, හැමවිටම හැකි තරම් පිරිසිදු ජලය පානය කළ යුතුයි. ඉන්පසු එම ජලය මුත්‍රා වශයෙන් පහ වීමට පටන් ගත්තාම ඔබේ මුත්‍ර බොක්කේ තිබෙන බැක්ටීරියා ගසාගෙන යනවා. 2. විටමින් C බහුල ලෙස ශරීරයට ලබාගන්න පුලුවන්නම්, ඔබට මුත්‍රා ආසාදනවලින් ගැලවෙන්න පුලුවන්. C විටමින් ගන්න තරමට මුත්‍රා ආම්ලික වෙනවා. එවිට මුත්‍රා තුළ බැක්ටීරියා වර්ධනය වීම වළකිනවා. රතු සහ කොළ පැහැති මිරිස්, පාස්ලි, ගෝවා මල් යනාදි එළවළු වල යහමින් තිබෙනවා. ගස්ලබු, පේර, දොඩම්, දෙහි යනාදි පලතුරුවල යහමින් විටමින් C තිබෙනවා. අප මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කාරණයක් තමයි විටමින් C ඌණතාව නිසා තවත් රෝග රැසක් හැදෙන බව. පිළිකාව, ආදී චර්ම රෝග, බඩවැලේ රෝග සුව කරගන්නට නම් විටමින් C යහමින් අවශ්‍ය වෙනවා. 3. ඔබ තුළ මුත්‍රා රෝගයක් තිබෙන විට කළ යුත්තේ මධ්‍යසාර, කුළුබඩු බහුල ආහාර, නිකටින්, කාබන්a ඩයොක්සයිඩ් වායුව මිශ්‍ර කළ සිසිල් බීම, කෘත්‍රිම පැණිරස කාරක යනාදිය ඉතාම අගුණයි. මේ ද්‍රව්‍ය මුත්‍රා බොක්ක තුළට ගියාම එය තුවාල වීමට පටන් ගන්නවා. ඒ නිසා එම ද්‍රව්‍යවලින් වැළකී සිටීමට මතක තබාගත යුතුයි. 4. ඔබ මුත්‍රා පහකළ වහාම යළි ජලය පානය කළ යුතුයි. ඒ වගේම ගම් පළාත්වල තිබෙනවා වළස් මිදි කියලා පලතුරු වර්ගයක්. මෙය පමණක් යොදාගෙන සාදන ඖෂධයන් ආයුර්වේදයේ තිබෙනවා. එම ඖෂධයට පුළුවන් මුත්‍රා බොක්ක තුළ තිබෙන විෂ බීජ නැති කරන්නට. මුත්‍රා රෝගවලට ප්රත්යක්ෂ ඖෂධයක් වූ Ursolic අම්ලය වළස් මිදිවල යහමින් පවතිනවා. ලබන සතියට නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:34 AM කොඳු ඇට පෙළ ඇදවන හැටි ප්රශ්නය - කොඳු ඇට පෙළේ ආබාධ නිසා දිනෙන් දින විනාශයට පත්වන ළමා ජීවිත ප්‍රමාණය වැඩි බව අපට දැන ගන්නට ලැබුණා. මෙය ඇත්තක්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - එය සම්පූර්ණ ඇත්තක්. වර්තමාන පරපුරේ දරුවන් වැඩි දෙනකුගේ කොඳු ඇට පෙළ ඇදයි. එයට හේතු රැසක් තිබෙනවා. ප්‍රධානතම හේතුව තමයි ඒ දරුවන් නිසි හැඩයට ඉඳගන්නේ නැති එක. ඔවුන් පාසලේ ඉඳගන්නේ ඉදිරියට නැමීගෙන. එවිට කශේරුකාව ඉස්සරහට නැමෙනවා. ඔවුන් රූපවාහිනී බලන්නේ ඇලේට ඉඳගෙන. එතකොට කොඳුඇට පෙළ ටී අකුරේ හැඩයට යනකම් ඇද වෙනවා. මෙය දිගු හැර ගැනීම තමයි ඊළඟට එන ප්රශ්නය. කොඳුඇට පෙළ ඇදවීම ශරීරයට විය හැකි ලොකුම හානියක්. ප්රශ්නය - මේ සම්බන්ධයෙන් ඔබට අත්දැකීම් තිබෙනවද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මා අවුරුදු 20 කට වැඩි කාලයක් කොඳු ඇට පෙළේ ආබාධ සඳහා දේශීය ප්‍රතිකාර කරනවා. අපේ වෙද පරම්පරාව විශේෂීකරණය වෙලා තිබෙන්නේ කොඳු ඇට පෙළේ ආබාධ සම්බන්ධයෙන් බව ඔබ දන්නවා. මෙවැනි දරුවන් තුන්සියයකට වඩා මා සුවපත් කර තිබෙනවා. හැබැයි වැදගත් කාරණයක් කිව යුතුයි. එය තමයි මේ රෝගය වැළඳීමට ඉඩ නොදී දරුවන් පරෙස්සම් කර ගැනීම දෙමාපියන්ගේ වගකීම බව. මේ රටේ නූතන නාගරිකයේ සිටින දෙමාපියන්ගෙන් වැඩිදෙනා ගත කරන්නේ කාර්යබහුල ජීවිත. ඔවුන් වැඩිදෙනා ගෘහ සේවිකාවන්ට දරුවන් බාරදීලා රැකියාවලට යනවා. රටේ ආර්ථිකයේ තිබෙන අති විශාල වැය පක්ෂය ගැන සලකා බලන විට පෙනී යන කාරණයක් තමයි දෙමාපියන් රැකියාවලට යැම ඉතාම සාධාරණ බව. ඉතින් සේවිකාව මොකද කරන්නේ? ඇයටත් ගෙදර වැඩ තිබෙනවා. ඇය කරන්නේ දරුවා පුටුවක ඉන්දවලා රූපවාහිනිය දාලා දෙනවා. දරුවා උදේ ඉඳලා දහවල් වන තුරු රූපවාහිනිය බලනවා. ඊට පස්සේ ආහාර ගන්නවා. සමහර දරුවන් ආහාර ගන්නෙත් රූපවාහිනිය බලමින්. ඊට පස්සේ සවස දෙමාපියන් ගෙදර එන තුරුත් දරුවා පුටුවේ ඇලයකට ඉඳගෙන රූපවාහිනිය බලනවා. දෙමාපියන් ගෙදර ආවාම සේවිකාව කියනවා "බබා හරිම හොඳයි. කිසිම කරදරයක් නැහැ" කියලා. ඒත් දෙමාපියන් දන්නේ නැහැ බබාගේ කොන්ද හොඳ නැහැ කියලා. බබාට අවුරුදු 10 - 12 වන විට එයා කියනවා කොන්ද රිදෙනවා කියලා. දෙමාපියන් මුලදී දරුවාට වේදනා නාශක දෙනවා. ඊළඟට තෙල් හරි බාම් වර්ගයක් හරි ගාලා සම්බාහනය කරනවා. ඒත් හරියන්නේ නැති කොට රෝහලකට යනවා. එතැනදී කරන X කිරණ පරීක්ෂණයකින් හෙළිවන්නේ දරුවාගේ කොන්ද ඇද වෙලා කියන කාරණයයි. දෙමාපියන්ට පිස්සු හැදෙන්නේ අන්න එතකොට. ඊළඟට වෛද්‍යවරු කියනවා සැත්කමක් කරමු කියලා. දේශීය වෛද්‍යවරුන් වන අප කියනවා සැත්කම් නොකර සුවපත් කළ හැකි බව. සැත්කමක් කළොත් දරුවා අප්‍රමාණ වේදනාවක් විඳිනවා. හැබැයි අපට පුළුවන් සැත්කමක් නැතිව දරුවාගේ කොඳු ඇට පෙළ ආයෙත් හරිගස්සන්න. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:35 AM කරගැට-ගල් තැලුම් ගැලවී වැටෙන්නට මේ බෙහෙත් කරන්න ප්රශ්නය - පසුගිය සති දෙක තුළ පාදයේ හට ගන්නා ගල් තැලුම් ගැන ඔබ අප දැනුවත් කළා. එම ලිපි කියෑවීමෙන් පසු අපට ලැබුණු දුරකථන ඇමතුම් සහ විමසීම්වලින් පෙනී ගියේ ගල් තැලුම් සෑදුන දහස් සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටින බවයි. එයට කළ යුතු ප්‍රතිකාර ගැන අවබෝධයක් නැතිකමින් ඔවුන් විශාල දුකක් විඳින බව පෙනී ගියා. ආචාර්ය වෛද්‍ය ඒ ඒ. ඡේ. පුෂ්පකුමාර - එයට හේතුව පාද සෞඛ්‍යය ගැන ජනයාට අවබෝධයක් හෝ දැනුමක් නැති කමයි. පාද කියන්නේ අපේ ශරීරයේ තිබෙන වටිනාම කොටසක්. මහ පොළොව සමඟ කෙළින්ම ගනුදෙනු කරන මහ පොළොව සමඟ කෙළින්ම ගැටෙන සහ ස්පර්ශ වන ශරීරාංගය වන පාද සුරක්ෂිතව පවත්වාගෙන යැම සඳහා Foot care නමින් සෞඛ්යාරක්ෂක වැඩපිළිවෙළක් දියුණු රටවල තිබෙනවා. පාද සුරක්ෂිත කර ගැනීම කොතරම් වැදගත්ද යන්න ගැන අපේ ජනයාට දැනුම් දීමේ වැඩපිළිවෙළක් නැහැ. පාදයක හැදෙන සුළු තුවාලය පවා පාදය කපා ඉවත් කිරීම දක්වා දුරදිග යන අවස්ථා තිබෙනවා. ප්රශ්නය - ගල් තැලුම්වලින් වැළකී පාද සුරක්ෂිත කරගැනීමට ආයුර්වේද ක්‍රමවේද තිබෙනවාද? ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - නූතන ආයුර්වේදයේ මට්ටම් දෙකක් තිබෙනවා. සමහරු නවීන උපකරණ යොදාගෙන, නවීන තාක්ෂණය යොදාගෙන ආයුර්වේද ඖෂධ මගින් ප්‍රතිකාර කරනවා. තවත් සමහර වෛද්‍යවරු තනිකරම සාම්ප්‍රදායික විදියට ආයුර්වේද ප්‍රතිකාර කරනවා. මා මෙතැන් සිට සඳහන් කරන්නේ මේ ක්‍රම දෙකම එක් කරගත් ඉන්දියානු ආයුර්වේද සම්ප්රදාය යටතේ පාද සෞඛ්‍යය සුරකින ක්‍රම කිහිපයක්. 1. දෙහි යුෂ කියන්නේ පාදවලට ඉතාම ගුණවත් ආලේපයක්. දෙහි බෑවක් අරගෙන ගල් තැලුම මත ඇතිල්ලීම දිනපතාම සිදු කළාම සහනයක් දැනෙනවා. පා ඇඟිලිවල එන ඇතැම් කරගැටවල දෙහි ඇතිල්ලුවාම එම කරගැට ගැලවී යනවා. හැබැයි මේ ප්‍රතිකාරය ටික කලක් නොනවත්වාම කළ යුතුයි. 2. සෝඩියම් බයිකාබනේට් හෙවත් බේකිං සෝඩා මේස හැඳි 3 ක් උණු වතුර බේසමකට දමා කලවම් කර පාද එහි ඔබාගෙන විනාඩි 15 ක් සිටිය යුතුයි. ඊළඟට බේකිං සෝඩාවලින් තලපයක් සාදා එය ගල් තැලුම හෝ කරගැට මත තවරා රෙදි පටියකින් වෙලා පැය 12 ක් තැබිය යුතුයි. මෙසේ ටික කලක් යද්දී කරගැට ගැලවී යනවා. 3. පොල් විනාකිරිවල පෙඟවූ පුලුන් කැබැල්ලක් ගල් තැලුම හෝ ඉන්නා මත තබා රෙදි පටියකින් වෙලා පැය 4 ක් තැබූ විට ගල් තැලුම හෝ කරගැටය බුරුල් වීමට පටන් ගන්නවා. මේ ආකාරයෙන් දිනකට දෙවරක් සතියක් පුරා කළ විට ගල්තැලුම ඉවත් කිරීම පහසු වන අතර කරගැටය ගැලවී වැටෙනවා. 4. අන්නාසි ලෙල්ලක් කරගැටය මත තබා රෙදි පටියකින් වෙලා රැයක් පුරා තබන්න මෙසේ දින කිහිපයක් කළ විට කරගැටය ගැලවී වැටෙනවා. 5. තලන ලද සුදුලූනු බිකක් කරගැටය මත තබා බැඳ රැයක් තබන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාර කළ විට කරගැටය ගැලවී වැටෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:36 AM ආත්රයිටිස් දණහිසට වැළඳුණොත්... ප්රශ්නය - ආත්රයිටිස් කියන රෝගය ශරීරයේ කොතැනට වැළඳුණත් ලොකු වේදනාවක් හටගන්නවා. එහෙත් මෙය දණහිසට වැළඳුණාම තිබෙන වේදනාව ඉතාම දරුණුයි. ඒ අනුව දණහිසේ ආත්රයිටිස් තත්ත්වය Arthritis in the knee යන මාතෘකාව යටතේ සාකච්ඡා වෙනවා. වෛද්‍ය වසන්ත උදයජීව - දණහිසට වැළඳිය හැකි ආත්රයිටිස් වර්ග තුනක් තිබෙනවා. පළමුවැන්න තමයි ඔස්ටියෝ ආත්රයිටිස් (Osteoarthritis) රෝගය මෙහිදී සිදුවන්නේ දණහිසේ කාටිලේජය ක්‍රමානුකූලව වැහැරීමයි. ක්ෂය වීමයි. මෙය හටගන්නේ මැදිවියේදී. ඊළඟට රූමැටික ආත්රයිටිස් තත්ත්වයක් තුළදීත් දණහිසට හානි වෙනවා. මෙය ඕනෑම වයසකදී හට ගත හැකි ප්‍රදාහ තත්ත්වයක්. ඊළඟ අවස්ථාව තමයි කෙනෙකුගේ දණහිස තුවාල වූ පසු එය සුව වී එතැන ආත්රයිටිස් හට ගන්නා අවස්ථාව. මෙය Torn meniscus අවස්ථාවක් ලෙස හැඳින්වෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි ආත්රයිටිස් වර්ග දෙක තුනක්ම එකම අවස්ථාවේදීම හටගැනීමට ඉඩ තිබීම. ප්රශ්නය - මෙහිදී හටගන්නා වේදනාවේ ස්වරූපය කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - ඉතා සෙමින් වර්ධනය වී දරන්නට අපොහොසත් තත්ත්වයට පත් වෙනවා. මුලින්ම වේදනාව හටගන්නේ උදේ පාන්දර ඔබ ඇඳෙන් නැඟිටින විට. ඊළඟට ඔබ පඩි නඟින විට දණහිස වේදනා දෙනවා. අසුනක ඉඳගෙන ඉඳලා නැඟිටින විට දණහිස වේදනා දෙනවා. තවත් ටිකක් කල් යන විට අසුනක හිඳගන්න හදන විටත් වේදනාවක් ඇති වෙනවා. ප්රශ්නය - ඊළඟට මොකද වෙන්නේ. වෛද්‍ය වසන්ත උදයජීව - ඊළඟට දණහිස ඉදිමෙන්නට පටන් ගන්නවා. ඊළඟට ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා. මෙයට හේතුව දණහිස තුළ හටගන්නා දියරමය තත්ත්වයක් විය හැකියි. ඒ එක්කම දණහිස මතුපිට සම රතු පැහැයට හැරෙනවා. දණහිසට අත තැබුවම එතැන රස්නෙයි. මොකද එතැන ප්‍රදාහ තත්ත්වයක් තිබෙන නිසා. විශිෂ්ට ගුරුත්වය ඉහළ ගිහින්. මේ අතර කරන්ට් වදිනවා වගේ වේදනාත්මක තත්ත්වයක් හට ගන්නවා. මුලදී වේදනා නාශකවලින් පිළියමක් තිබුණත් පසුව ඒවාටවත් ඔරොත්තු දෙන්නෙ නැහැ. කාලයක් ගතවන විට දණහිසේ තිබෙන පේශීන් දුර්වල වීමට පටන් ගන්නවා. එවිට දණහිස් සන්ධියේ ව්යqහය සහ පිහිටීම අස්ථාවර වෙන්නට බලනවා. එවිට රෝගියා කොර ගහන්නට පටන් ගන්නවා. සමහර විට දණහිසේ සන්ධිය එහා මෙහා කිරීමට බැරි පරිදි අගුල් වැටෙනවා. මේ රෝග ලක්ෂණ විටින් විට එනවා. විටින් විට නැතිවෙනවා. ඒ එක්කම දණහිස් කර කර ගාන්නට පටන් ගන්නවා. එහෙම වෙන්නේ කාටිලේජ ගෙවී ගියාමයි. ඒ තත්ත්වය තුළ දණහිස් අස්ථි එකිනෙක ගැටෙනවා. මෙය හරිම වේදනාකාරී දෙයක්. නොමිලේ විස්තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:37 AM මොකද්ද මේ අල්සයිමර් රෝගය ප්රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමග කතා කළේ වාතශූල රෝගය ගැනයි. අද අපේ මාතෘකාව මොකද්ද? වෛද්‍ය අමිල බණ්ඩාර - අද අප සාකච්ඡා කරන්නේ අල්සයිමර් (Alzheimer) නමැති රෝග තත්ත්වය ගැනයි. මෙය ස්නායු රෝගයක්. නිදන්ගත ස්නායු රෝගයක් හැටියට සුළුවෙන් පටන් ගන්නා මෙය ක්‍රමයෙන් ඉතා දරුණු තත්ත්වයට පත්වෙනවා. ඩිමෙන්ෂියාව නමැති අමතක වීමේ රෝගය හැදුන අයගෙන් 60 - 70% ක ප්‍රමාණයක්ම අල්සයිමර් රෝගීන් බව මතක තබා ගත යුතුයි. ඒ අනුව පැහැදිලි වන කාරණය තමයි ඩිමෙන්ෂියාව පිටුපස ප්‍රබල සාධකයක් ලෙස අල්සයිමර් රෝගය තිබෙන බව. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවද? වෛද්‍ය අමිල බණ්ඩාර - කෙටි කාලීන මතකය දුර්වලවීම තමයි මූලික රෝග ලක්ෂණ. මෙයට අප ඉංග්‍රීසියෙන් කියන්නේ Short Term Memory Loss කියලයි. රෝගය වර්ධනය වන විට භාෂණය හෙවත් කතා කිරීමේ දුෂ්කරතා හට ගන්නවා. තමන්ගේ මවුබස පවා අමතක වී වචන පැටලීමට පටන් ගැනීමත්, තමන් පිළිබඳ තමන්ට අමතක වී හෝන්දු මාන්දු තත්ත්වයක් ඇතිවීමත් සිදුවෙනවා. ඒ එක්කම මානසික විචල්‍යතා නිරන්තරයෙන් හට ගන්නවා. කිසිදු අරමුණක් නැතිව වැඩ කිරීමටත්, තමන් ගැන තමන්ටම වුවමනාවක් නැති තත්ත්වයක් හට ගැනීමත් සිදුවෙනවා. දෛනික හැසිරීමේ අඩුපාඩු නිතරම හට ගන්නවා. මේ ආකාරයෙන් රෝගය වර්ධනය වීමට පටන් ගත්තාම රෝගියා තම පවුලේ කටයුතුවලින් ඉවත් වීමට බලනවා. ඒ එක්කම රෝගියා සමාජයෙනුත් ඈත් වෙනවා. රෝගය දුරදිග ගියාම ශරිරය අක්‍රියාකාරී වී රෝගියා මිය යනවා. රෝගය හරියටම හඳුනා ගැනීමෙන් පසු අවුරුදු තුනත් නවයත් අතර කාලය තුළ රෝගියා මිය යනවා. ප්රශ්නය - මේ රෝගය හටගන්නේ කොහොමද? වෛද්‍ය අමිල බණ්ඩාර - බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් මෙයට හේතුව කුමක්ද යන්න හඳුනාගෙන නැහැ. ඒත් ආයුර්වේද අර්ථකථනයට අනුව මෙය වාත රෝගයක්. බටහිර විද්‍යාවේ මතයට අනුව මෙය ජානගත ආබාධයක්. මෙයට ජාන වර්ග රැසක්ම සම්බන්ධයි. හිස තුවාල වීම, ආතතිය, අධික රුධිර පීඩනය යන සාධක මෙයට බලපාන බව සඳහන් වෙනවා. මොළයේ සෛල හා මේ රෝගය සම්බන්ධයි. මේ රෝගය හැදුනාම ඇතිවන දුර්වලතා අනුව සමහරු වැරදි අර්ථ නිරූපණ දෙනවා. එම වැරදි අර්ථ නිරූපණය තමයි රෝගියා මහලු වීගෙන එන නිසා මේ රෝගය හට ගන්නා බව. කොහොම වුණත් රෝගියාට ලබා දෙන කායික හා මානසික අභ්‍යාස මගිනුත් නිසි ඖෂධ මගිනුත් සහනයක් ලබා ගත හැකියි. ප්රශ්නය - මෙය ලොව පුරා පැතිර තිබෙන රෝගයක් ද? වෛද්‍ය අමිල බණ්ඩාර - අලිසයිමර් රෝගය හැදුනු තුන්කෝටියක් පමණ ලොවපුරා සිටින බව 2015 දී කරන ලද සමීක්ෂණ වාර්තාවලින් හෙළිවුණා. මෙය වැඩිපුර වැළඳී තිබුණේ අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ටයි. එම වසරේදී මේ රෝගයෙන් ලක්ෂ 20 ක් මියගියා. මේ රෝගය මුලින්ම සොයා ගත්තේ 1906 දී ජර්මන් ජාතික මනෝ වෛද්‍යවරයකු වූ Alois Alzheimer තමයි ඒ වෛද්‍යවරයා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:38 AM හෝමියෝපති වෙදකම හර්බල්ද? - පාකින්සන් සුව කරන්නේ රෝග ලක්ෂණ බලලා ප්රශ්නය - හෝමියෝපති වෙදකම ශාකසාර ප්‍රතිකාර ක්‍රමයක් ද? වෛද්‍ය අනුෂා හේමකුමාර - හෝමියෝපති වෛද්‍ය ක්‍රමය සඳහා ශාකසාර බහුලව පාවිච්චි කරනවා. එහෙත් මෙය කෙළින්ම ශාකසාර වෙදකමක් කියලා කියන්න බැහැ. මොකද හෝමියෝපති වෛද්‍ය ක්රමයේ මූලධර්මවලට අනුව ප්‍රතිකාර සඳහා වැඩිපුර පරිහරණය කරන්නේ ඛනිජ ද්‍රව්‍ය සහ විෂ මරණ ලද දුර්ලභ බෙහෙත් පැළ. ප්රශ්නය - ඒ කියන්නේ හෝමියෝපති ඖෂධ ක්‍රමය ආයුර්වේද වැනි ස්වභාව ඖෂධ ක්‍රමයක් හැටියට ගණන් ගන්නවද? වෛද්‍ය අනුෂා හේමකුමාර - ස්ථිර වශයෙන් ම මෙය ස්වභාවික ක්‍රමයක්. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මෙන් ඖෂධවල මූලික ස්වරූපය විශාල වශයෙන් වෙනස් කිරීමක් සිදුවෙනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළත් එවැනි වෙනස්වීම් තිබුණාට බටහිර වෛද්‍ය ක්රමයේ වෙනස්කම් තරම් තදට වෙනස්කම් කරන්නේ නැහැ. මා මේ ලිපි පෙළේ මුලින් සඳහන් කළ පරිදි හෝමියෝපති කියන්නේ මෙයට වසර දහස් ගණනකට පෙර හිපොක්රටිස් විසින් සොයා ගන්නා ලද ඇලොපති වෛද්‍ය ක්රමයේම දිගුවක්. නූතන බටහිර වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන්නේ හිපොක්‍රටිස්ගේ වෛද්‍ය ක්රමයේ පරිණාමනයක්. හිපොක්‍රටිස්ගේ ඇලොපති වෛද්‍ය ක්රමයේ ලක්ෂණ වැඩි හරියක් තිබෙන්නෙ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළයි. ප්රශ්නය - පසුගිය දිනවල අප පාකින්සන් රෝගය සුව කිරීම සඳහා හෝමියෝපති යොදා ගන්නා ආකාරය ගැන කතා කළා. වෛද්‍ය අනුෂා හේමකුමාර - හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළදී මුලින්ම සැලකිල්ලට ගන්නේ රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ ඔස්සේ තමයි රෝගයේ මුලට ගමන් ගන්නේ. මෙය අප හඳුන්වන්නේ සර්ව සම්පූර්ණ ප්‍රවේශයක් හැටියටයි. මෙයට ඉංග්‍රීසියෙන් කියනවා holistic approach කියලා අනෙක් වෛද්‍ය ක්රමවලදී පාකින්සන් රෝගියාට විශාල වශයෙන් ඖෂධ ලබා දෙනවා. එහෙත් හෝමියෝපති ප්‍රතිකාරය තුළ බෙහෙත් වර්ග ඉතාම ස්වල්පයක් විතරයි දෙන්නේ මෙසේ දෙන බෙහෙත් මගින් මුලින්ම කරන්නේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමයි. එවිට රෝගය ස්වභාවිකවම සුවපත් කරන්නට ප්‍රතිශක්තිකරණ පද්ධතියට පුළුවන්. ප්රශ්නය - හෝමියෝපති ප්‍රතිකාරයේදී රෝග සුවවීම ඉතා සෙමෙන් සිදුවන බවට පිළිගැනීමක් තිබෙනවා නේද? වෛද්‍ය අනුෂා හේමකුමාර - එය සම්පූර්ණ මුලාවක්. පාකින්සන් වැනි ස්නායු රෝගයකට ප්‍රතිකාර කරන විට වඩාත් ඉක්මනින් රෝගියා සුවපත් කරගත හැක්කේ හෝමියෝපති ප්රතිකාරවලින් විතරයි. ඒ වගේම වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ටත් කිසිදු අතුරු ආබාධයක් නැතිව හෝමියෝපති ප්රතිකාරවලින් ගුණය ලබා ගන්නට පුලුවන්. අනෙක රෝගියෙක් හෝමියෝපති වෛද්‍යවරයකු වෙත ගියාම රෝගියාගේ ඉතිහාසය වගේම ඔහුගේ පවුලේ අයගේ සෞඛ්‍ය ඉතිහාසය පිරික්සා බැලීමක් වෛද්‍යවරයා කරනවා. නොමිලේ විස්තර සඳහා 011-2731695 හෝ 0718250716/17 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:39 AM ලෙඩ නොහැදෙන්න කණ පරෙස්සම් කරගන්නේ මෙහෙමයි ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප ඔබ සමඟ කතා කළේ කර්ණ රෝග ගැනයි. කන මුල් කරගත් රෝග 28 ක් තිබෙන බව එහිදී ඔබ පැහැදිලි කළා. කනේ රෝගයක් ඇති කෙනෙකු පවතින ආකාරය කෙසේ විය යුතුද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - පුති කර්ණ කියන රෝග අවස්ථාව පවතින අය සවස් කාලයේදී ස්නානය කිරීමෙන් වැළකිය යුතුයි. එසේම රෝගියා ජලාශයක හෝ නාන බේසමක ගිලී ස්නානය නොකළ යුතුයි. එසේම වැඩි දෙනෙක් ගිලෙමින් ස්නානය කරන ජලාශවලින් ස්නානය නොකළ යුතුයි. එයට ප්‍රධාන හේතුවක් තමයි එවැනි ජලාශවල අනෙක් අයගේ සිරුරුවල තිබෙන විෂබීජ මිශ්‍ර වී තිබීම. ඒ විෂබීජ කර්ණ රෝගියාගේ කන්වලට ගිහින් ආසාදන ඇති කරන්නට ඉඩ තිබෙනවා. ඒ එක්කම මෙවැනි රෝගීන් නාන විට ඉයර් ප්ලග් දෙකක් කනේ ගසා ගත යුතුයි. ඉයර් ප්ලග් ඕනෑම ෆාමසියකින් ලබා ගන්න පුළුවන්. මේ සියල්ලටම අමතරව උගුර හා නාසය පිරිසිදුව තබා ගැනීම රෝගියාගේ වගකීමක් වෙනවා. ඊළඟ කාරණය දත් පිරිසිදුව තබාගැනීම. නරක් වූ දත් තිබෙනවා නම් කන් පැසවීම නිතරම සිදු වෙනවා. උගුර කන නාසය එක ඒකකයක්. මුඛය මේ ඒකකයට සම්බන්ධයි. ඒ අනුව මුඛය තුළ නරක් වූ දත් තිබෙන විට එම දත්වල තිබෙන විෂබීජ කන්වලට ගමන් කර ආසාදන ඇති කරනවා. පුරවපු නැති නරක් වූ දත් තිබෙනවා නම් ඒවාට ප්‍රතිකාර කළ යුතුයි. එක්කෝ ඒවා පිරවිය යුතුයි. නැත්නම් ගලවා දැමිය යුතුයි. විදුරුමස් දියවීම නිසා රුධිර වහනය පවතින අය වහාම ප්‍රතිකාර ගෙන එම රෝග තත්ත්වයන් සුවපත් කරගත හැකියි. නැත්නම් ඒ විෂබීජ කෙලින්ම කනට බලපානවා. ආසාදන හට ගන්නවා. ප්රශ්නය - වෙළෙඳපොළේ තිබෙන ඉයර්බඩ් කන කැසීම සඳහා යොදා ගැනීම සුදුසුද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අප ඉයර්බඩ් නිර්දේශ කරන්නේ නැහැ. මන්ද යත් ඉයර් බඩ් එක කොනේ ඇති පුළුන් ගුලිය කන ඇතුලේ සිරවීම හෝ එයින් පුළුන් කැබලි ගැලවී කන තුළ ඇලීම හෝ සිදුවිය හැකියි. එවිට එතැන ආසාදන හට ගන්නවා. කන කැසීමට අවශ්‍ය නම් පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පහන් තිරයක් අඹරා එමගින් කන කැසීම තමයි වඩාත් යෝග්‍ය. කොට්න් බඩ් මගින් කන පිරිසිදු කරන විට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි කන තුළ තිබෙන ආං හෙවත් කලාඳුරු තව තවත් කන තුළටම තල්ලු වීම. ප්රශ්නය - කන් හැන්දකින් කන් පිරිසිදු කිරීම සුදුසුද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - සෑම විටම සුදුසු නැහැ. සමහරු පුරුද්දක් වශයෙන් කන් හැන්ද කනට ඔබාගෙන කසනවා. කන් හැන්දක් පාවිච්චි කිරීමට පෙර ස්ථිර වශයෙන් ම උතුරන වතුරෙන් හෝ සර්ජිකල් ස්ප්‍රීතු දමා පිරිසිදු කරගත යුතුයි. එවිට තමයි එහි තිබෙන විෂබීජ විනාශ වෙන්නේ. නොමිලේ විස්තර 011-5289248/077 7620948 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:39 AM අංශභාගයට හොඳම තෙල මහා නාරායනයයි ප්රශ්නය - පක්ෂාගත හෙවත් අංශභාග රෝගය සුව කිරීම සඳහා සුදුසු වන්නේ කසාය, අරිෂ්ට, ආසව, ගුලි, කල්ක, චූර්ණ සහ තැවිලි පමණද? මේ සඳහා ශරීර සම්බාහනය ප්‍රතිකාරයක් වශයෙන් යොදා ගැනීමට බැරිද? වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි - ශරීරයේ මාංශ පේශි නිෂ්ක්‍රීය වීමෙන් අංශභාගය හටගන්නා බව මේ වන විට අප දන්නවා. එසේ මාංශ පේශි අක්‍රියාකාරී වන්නේ කවර හේතුවක් මත ද කියන කාරණයත් පසුගිය සතිවල අප සාකච්ඡා කළා. පර්යන්ත ස්නායු පද්ධතියේ කොටස් සහ මොළයත් සුෂුම්නාවත් සම්බන්ධ වන මධ්‍ය ස්නායු පද්ධතියත් එක්ව බෙදාහරින සංඥා මාංශ පේශීන් වෙත සම්ප්‍රේෂණය නොවීමෙන් අංශභාගය හට ගන්නා බව තමයි සැබෑ විද්‍යාත්මක නිර්වචනය. මෙසේ අඩපණ වන මාංශ පේශි නිරෝගිව තබා ගැනීම තමයි අංශභාගය සුවපත් කර ගැනීමේ මූලික පියවර. මෙයට ශරීර සම්බාහනය ඉතාම වැදගත් වෙනවා. ප්රශ්නය - මේ සම්බාහනය සඳහා සුදුසු තෛල වර්ග මොනවද? වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි - නාරායන තෛලය තමයි වඩාත් සුදුසු. මෙය වසර දහස් ගණනක් පැරණි වට්ටෝරුවක්. ආත්රයිටිස්, ස්නායු රෝග, සන්ධි ආබාධ පේශිවල හට ගන්නා වේදනාව යන රෝග තත්ත්වයන්වලදී මේ තෛලය මහත් ඵල ගෙන දෙනවා. වේදනා නාශක පෙති වෙනුවට කළ හැකි හොඳම දේ තමයි වේදනාව ගෙන දෙන තැන නාරායන තෛලය තවරා සම්බාහනය කිරීම. එපමණක් නොව නාරායන තෛලය මගින් සම්බාහනය කළ විට අස්ථි ශක්තිමත් වීමත් සිදුවෙනවා. මෙය අස්ථි අස්ථාවර වූ ආත්රයිටිස් රෝගීන්ට සහ ඔස්ටියෝ පොරෝසිස් රෝගීන්ට විශාල සහනයක්. නාරායන තෛලය සහ තවත් ඖෂධ වර්ග කිහිපයක් මිශ්‍ර කර සාදන ඖෂධයක් මගින් දරු සාඵල්‍යතාව ඇතිකර ගත හැකි බව ආයුර්වේදීය පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. ප්රශ්නය - නාරායන තෛලය සම්බාහන කාර්යය සඳහා සකසා ගන්නේ කොහොමද? වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි - මෙම තෙල් වර්ගය මද රස්නය සහිතව පරිහරණය කිරීම තමයි වඩා යෝග්‍ය. ප්රශ්නය - නාරායන තෛලය හැරුණු විට පක්ෂාගාත සම්බාහනය සඳහා සුදුසු වෙනත් ඖෂධ මොනවාද? වෛද්‍ය මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි - කර්පුරාදි තෛලයත් ඉතාම හොඳයි. කපුරු සහ තලතෙල් යොදාගෙන තමයි මෙය නිපදවන්නේ. අංශභාග රෝගියාගේ මාංශ පේශිවල තද ගතියක් ඇති වුණාම මදක් උණුසුම් කළ කර්පුරාදි තෛලය තවරා සම්භාහනය කළ යුතුයි. ඒ සමගම පිණ්ඩ තෛලයත් ඉතාම සුදුසුයි. අස්ථි සහ සන්ධිවල හට ගන්නා තද ගතිය (මෙය ඇතැම් අංශභාග රෝගීන් තුළ දැකිය හැකි ලක්ෂණයකි) ලිහිල් කිරීමට මේ තෛලය යොදා ගත හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2018 08:40 AM මළ බද්ධය සුවකළ ගත යුක්තේ ඇයි මළ බද්ධය ඇතිවීම සඳහා බලපාන හේතු මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මළ බද්ධය ඇතිවීම සඳහා හේතු කිහිපයක්ම බලපෑ හැකියි. ඒ අතරිනුත් වර්තමානයේ දක්නට ලැබෙන ගැස්ට්‍රයිටීස් සහ ජීර්ණ පද්ධතිය ආශ්රිත විවිධ දුර්වලතාද මේ සඳහා බලපෑම් ඇති කරනවා. ළමා අවධියේ පටන් සිරුරේ හට ගන්නා ඇතැම් ක්‍රියාකාරකම්ද මළ බද්ධය ඇතිවීමට හේතුවිය හැකියි. කුඩා කාලයේ දරුවන්ට විවිධ බලපෑම් කරමින් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර දරුවන්ට ලබාදීම තුළින් ජීර්ණ පද්ධතියේ විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි අතර පසුකාලීනව එම තත්ත්වයන් මළ බද්ධය ඇතිවීමට හේතු කාරක විය හැකියි. Ö මළබද්ධය ඇතිවීම සඳහා බලපාන ආහාර පිළිබඳ සඳහන් කළොත්. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- වර්තමානයේ බොහෝ පිරිසක් තම දෛනික කාර්ය බහුලත්වය නිසා බොහෝවිට කෙටි කෑම කෘත්‍රිම කෑම වර්ගවලට යොමුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් එදා අපේ ආහාර වේලේ තිබූ කෙඳි සහිත ආහාර එනම් අල වර්ග, එළවළු, පලා වර්ග බොහෝවිට අද වන විට අපේ ආහාර වේලෙන් හැලී ගොස් තිබෙනවා. ඒ වෙනුවට අද පිටි කෑම හා තෙල් කෑම එක්වී තිබෙනවා. මෙන්න මේ පිටි කෑම සහ තෙල් කෑම මළ බද්ධය ඇතිවීම සඳහා වැඩි බලපෑමක් ඇති කරනු ලබනවා. ඒ වගේ කෝපි සහ චොක්ලට් වැඩිපුර ආහාරයට ගැනීමත් මළ බද්ධයට අත වැනීමක් වෙනවා. Ö මළ බද්ධය වැළඳුණු අයෙකුට ඇතිවන රෝගලක්ෂණ මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- විශේෂයෙන්ම මළ පිටවීමේ අක්‍රමවත් බවක් ඇතිවීම සිදුවෙනවා. ඇතැම් අයට දින 3, 4, 5, 6 කට වරක් මළ පිටවීමේද සිදුවිය හැකියි. මීට අමතරව බඩපුරවා දැමීම, හිස කැක්කුම, නොරිස්සුම් ගතිය, මුඛයෙන් දුගඳක් පිටවීම, මුහුණ අව පැහැවීම, සම දුර්වර්ණවීම, තුනටිය හන්දිපත් වේදනාව ඇතිවීම ආදී ලක්ෂණයන් පෙන්විය හැකියි. මෙම රෝග ලක්ෂණයන් පිළිබඳ නිසි සැලකිල්ලක් නොදැක්වුවහොත් එම තත්ත්වයන් ක්‍රමයෙන් වැඩිවී මහා රෝග තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ අනුව අර්ශස්, අර්ශස් භගන්දරා රෝග තත්ත්ව කරාද මෙය ව්‍යාප්ත විය හැකියි. මළ බද්ධය සුවකළ Ö මළබද්ධය සුව කිරීම සඳහා ආයුර්වේද සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන ඕනෑම රෝගියකුට නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් තමන්ගේ රෝග නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතිනවා. මළබද්ධය සඳහාද ආයුර්වේදය සතුව විශේෂ ප්‍රතිකාර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට අප පළමුව විරේචන ප්‍රතිකාර අරඹන අතර ඒ අනුව ක්‍රමානුකූලව මළ පිට කිරීම ඇතිවෙනවා. මෙම විරේචන ඖෂධ රාත්‍රි ආහාරයෙන් පසු ලබාදෙන අතර ඒ අනුව උදැසනම නියමිත පරිදි මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වය ඇතිවෙනවා. මෙම මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු රෝගියාව තවත් යම් යම් රෝගාබාධ ඇතිව තිබෙනවා නම් ජීර්ණ පද්ධතියේ යම් යම් ආබාධ තත්ත්වයන් තිබේ නම් ඒවාද සුව වීම සඳහා ඖෂධ ලබාදීම සිදුවෙනවා. මෙලෙස නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් ඉතා ඉක්මනින් මේ මහා කරදරකාරී රෝගයෙන් මිඳීමට හැකියාව පවතිනවා. Ö ආයුර්වේද ඖෂධ සොයා ගැනීමේ සහ සකසා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා නේද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- එදා ආයුර්වේද වෛද්‍යවරු ප්‍රතිකාර නියම කිරීම පමණක් කළත් රෝගීන්ට වර්තමානයේ මෙම ඖෂධ වර්ග නිවැරදි තෝරා බේරා සොයා ගැනීමේ සහ නිවැරදි ලෙස සකසා ගැනීමේ අපහසුව නිසා දැන් එම ඖෂධ සැකසූ ඖෂධ ලෙස රෝගීන්ට ලබා දෙනවා. කුඩු වර්ග, ගුලි වර්ග, පෙති වර්ග, දියර වර්ග ලෙස අද මේ ඖෂධ සකස්කර දෙන නිසා රෝගීන්ට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාවද දැන් උදාවී තිබෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 16 Sep 2018 01:38 PM මේ දේ ගොඩක් දෙනෙක්ට තියෙන ලෙඩක් තමා 0 You are not authorized to post a reply. Page 18 of 35 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner