Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 19 of 35 << < 1718192021 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2018 06:37 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2018 06:37 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2018 06:38 AM දියවැඩියාව සමග මතුවන අතුරු ආබාධ වර්තමානයේ බහුලව දැකිය හැකි බෝනොවන රෝග අතර දියවැඩියාව හෙවත් මධුමේහයට ඇත්තේ ප්රමුඛ ස්ථානයකි. පුද්ගලයන් දස දෙනකුගෙන් තිදෙනකු පමණ දියවැඩියා රෝගයට ගොදුරුව සිටින බව හඳුනාගෙන ඇත. සෑම පුද්ගලයන් තිදෙනකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයට ගොදුරු වීමේ අවදානමේ සිටින බවද අනාවරණය වී ඇත. එමෙන්ම දියවැඩියාව යනු අතුරු ආබාධ ගණනාවක් ඇති කරමින් ජනතාවගේ එදිනෙදා සාමාන්‍ය ජීවන රටාව අඩපණ කරන රෝගයක් බවට ද පත්ව තිබේ. වෛද්‍යතුමනි, දියවැඩියා රෝගයේදී බහුලවම දැකිය හැකි අතුරු ආබාධ මොනවාද? වර්තමානයේ අපට හසුවන දියවැඩියා රෝගීන් අතරින් වැඩි දෙනකු මැසිවිලි නඟන්නේ අත් පා හිරි වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳවය. මේ අතරිනුත් බහුතරයකට ඔවුන් දෙපා බිම තබා ඇවිදිනවිට ඔවුන්ගේ යටිපතුල්වලට සංවේදනයන් නොදැනෙන බවත් පවසනවා. ඇතැම් අය පවසන්නේ ඔවුන් කොට්ටයක් මත ඇවිදිනවා මෙන් දැනෙනව යනුවෙනි. ඒ අතර තව පිරිසක් තම යටිපතුල්වල කිසියම් ද්‍රව්‍යයක් ඇලී පවතිනවාක් මෙන් දැනෙනවා යෑයිද ඇතැම් විට ජලය තැවරි ඇති බවක්a දැනෙනවා යෑයිද පවසනවා. එසේම මෙම තත්ත්වය පවතින බොහෝ දෙනෙකු තමන් පාවහන් පැළඳ සිටින බව නොදැනෙන බවද පවසයි. මීට අමතරව සමහරු රෝගීන්ට අධික ලෙස සන්ධි වේදනාවක් මතුව තිබේ. මෙම සන්ධි වේදනාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ කාලයන් හිදී ඇතිවන අවස්ථාද දක්නට ලැබේ. සමහර රෝගීන්ට දියවැඩියාව සමගම ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන්ද පවතීනම් මෙම වේදනාවන් දෙගුණ තෙගුණ වී ඉතා පීඩාකාරී තත්ත්වයන් හටගනී. වෛද්‍යතුමනි, මෙවැනි වේදනාවන්ට අමතරව දැකිය හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද? ඉහත කී රෝග ලක්ෂණයන්ට අමතරව බොහෝ දෙනකුට පවතින තත්ත්වයක් වන්නේ මළ පිටවීමේ අක්රමිකතාවන්ය. ඇතැම් කෙනෙකුට අධික ලෙස මළ බද්ධයද තවත් කෙනෙකුට අක්රමික ලෙස මළ බුරුල්ව විටින්විට පිටවීමද දක්නට ලැබේ. මේවාට අමතරව කැසීම්, පලු දැමීම් සමග සමේ ඇතිවන තුවාල විවිධ සෙම් රෝග, පීනස් රෝග, හිසේ කැක්කුම්, අර්ශස් වැනි තත්ත්වයන්, නින්ද නොයැම, අධික ලෙස කේන්තියැම, අධික ලෙස ඇස්වලින් කබ කඳුළු ගැලීම, මුඛයේ තුවාල හට ගැනීම, මුඛයෙන් දුර්ගන්ධයක් පිටවීම, බඩ පුරවාදැමීම සහ නිතර වාතය පිටවීම වැනි රෝග හා රෝග ලක්ෂණ ගණනාවක්ද විටින් විට මතුවී ඇති බවත් දක්නට ලැබේ. වෛද්‍යතුමනි, මෙවැනි රෝග සහ රෝග ලක්ෂණ සුවපත් කිරීමට ඇති දේශීය වෛද්‍ය ප්‍රතිකාර මොනවාද? මෙවැනි රෝග සහ රෝග ලක්ෂණයන් ඇතිවන්නේ මූලික වශයෙන් දියවැඩියාව කලක් පැවතීම නිසා වන බැවින් අපගේ දේශීය වෛද්‍ය ක්‍රම ශිල්ප තුළ මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ මූලික වශයෙන් දියවැඩියාවට කළ හැකි දේශීය ප්‍රතිකාර සිදු කරමින් ඒ අතරතුර පවතින අතුරු ආබාධයන් ගැන සැලකිලිමත් වෙමිනි. අපට හසුවන මෙවැනි රෝගීන් දැනටමත් දීර්ඝ කාලීනව දියවැඩියාවට විවිධ ප්‍රතිකාර ගන්නා අය වන අතර ඒ පිළිබඳවද නිසි විමර්ශනයකින් අනතුරුව එම ප්‍රතිකාර ගන්නා අතරතුරම වුවද අවශ්‍ය වන පරිදි අපගේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර යොදනවිට පවතින කැක්කුම් වේදනාවන් සහ අනෙකුත් රෝග සහ රෝග ලක්ෂණ ඉක්මනින් සුව කළහැකිය. පුද්ගලයන් දස දෙනකුගෙන් තිදෙනකු පමණ දියවැඩියා රෝගයට ගොදුරුව සිටින බව හඳුනාගෙන ඇත. සෑම පුද්ගලයන් තිදෙනකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයට ගොදුරු වීමේ අවදානමේ සිටින බවද අනාවරණය වී ඇත. සංස්කරණය - උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2018 06:39 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Sep 2018 06:41 AM උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු කටහඬ වෙනස් වීමට බලපාන හේතු කිහිපයක් ඇත. උගුරේ ආසාදනය, උගුරේ සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ස්නායු ආබාධ නිසා ස්වර තන්තු අකර්මණ්‍යවීම, උස් කටහඬින් වැඩි වේලාවක් කතා කිරීම නිසා ස්වර තන්තුවල ගෙඩි ඇතිවීම සහ බඩේ අම්ලගතිය උගුර දෙසට ගලාඒම නිසා ස්වර තන්තු ප්‍රදාහයක් ඇති වේ. පාන් පිටිවලින් සකස් කළ ආහාර සහ පිපෙන්නට තබා පිසූ ආහාර වන ආප්ප, තෝසේ ආදිය ගැනීමෙන් වළකින්න උගුරේ ඇතිවූ ආසාදනයක් නිසා කටහඬ වෙනස්වී තිබේ නම් එම ආසාදනය සුවවීමත් සමඟ කටහඬද යථා තත්ත්වයට පත්වේ "මගේ උගුර බැරැන්ඩි වෙලා" බොහෝ විට කටහෙŒ යම් වෙනසක් ඇතිවූ විට අපි පවසන්නෙමු. ඇත්තටම උගුර බැරැන්ඩි වෙලා කියා පවසන්නේ කුමන අවස්ථාවක් සඳහා ද කියා අපි විමසා බලමු. කටහඬ ඇතිවීම උගුර බැරැන්ඩිවීම හඳුනා ගැනීමට පෙර කටහඬ ඇති වන්නේ කෙසේ දැයි කියා හඳුනා ගනිමු. උගුරේ ඇති ස්වර තන්තුවල කම්පනය නිසා කටහඬ ඇති වේ. මෙම කම්පනය වන ස්වර තන්තු, දිව, තොල්, ග්‍රසනිකාව යන ඉන්ද්රියයන්ගේ උපකාරය මත ශබ්දයේ ගුණාත්මක බව වැඩිකර කටහඬ උපදවයි. සාමාන්‍ය නිරෝගී කටහඬ ලබා ගැනීමට නිරෝගී පෙණහලු, නිරෝගී ස්වර තන්තු සහ මනා ලෙස ක්‍රියාකාරී වන ස්නායු පද්ධතියක් තිබිය යුතුය. කටහඬ වෙනස්වීම කටහඬ වෙනස් වීමට බලපාන හේතු කිහිපයක් ඇත. උගුරේ ආසාදනය, උගුරේ සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ස්නායු ආබාධ නිසා ස්වර තන්තු අකර්මණ්‍යවීම, උස් කටහඬින් වැඩි වේලාවක් කතා කිරීම නිසා ස්වර තන්තුවල ගෙඩි ඇතිවීම සහ බඩේ අම්ලගතිය උගුර දෙසට ගලාඒම නිසා ස්වර තන්තු ප්‍රදාහයක් ඇති වේ. කටහඬ වෙනස්වීම සිදුවී එකදිගට සති දෙකකට වැඩි කාලයක් පැවතියහොත් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් උගුර පරීක්ෂා කරගත යුතුය. උගුරේ ඇතිවූ ආසාදනයක් නිසා කටහඬ වෙනස්වී තිබේ නම් එම ආසාදනය සුවවීමත් සමඟ කටහඬද යථා තත්ත්වයට පත්වේ. කටහඬ ඇතිකරන ස්වරාලය පරීක්ෂා කළ හැක්කේ උගුර, කන හා නාසය පිළිබඳ වෛද්‍යවරයකුට පමණි. උගුරේ පිළිකාවකදී කටහඬ වෙනස්වී පැවතීම කාලයක් පවතින විට බොහෝ දෙනා තුළ මතු වන්නේ උගුරේ පිළිකාවක් ඇතිවී දැයි කියා බියකි. උගුරේ පිළිකාවකදී කටහඬ වෙනස් වීමට අමතරව ශරීරයේ බර කෙටි කලකදී අඩුවී සිරුර කෙට්ටුවීම, ආහාර වේලක් ගැනීමට දිගු කාලයක් ගතවීම සහ ආහාර ගන්නා අතරතුරදී වතුර බීමට සිදුවීම, පසු කාලයකදී ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවීම, ආහාර පිට උගුරේ යැම නිතර සිදුවීම ආදියද මතු වේ. බඩේ අම්ල අධික වී උගුර දෙසට ඒම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අතර මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙයි. මෙවැනි පුද්ගලයන් අධිකව මිරිස්, තෙල් සහ ඇඹුල් සහිත ආහාර ගැනීම නොකළ යුතුය. සාමාන්‍ය ලෙස මිරිස් තුනපහ යෙදූ ආහාර වේලක් ගැනීම සුදුසුය. කුසගින්නේ සිටීම මෙන්ම අධික ලෙස කුස පුරවා ගැනීමද අගුණය. උදෑසන ආහාර වේල උදේ 7.00 ට පමණ ගැනීමටද, දිවා ආහාර වේල පස්වරු 1.00 ට පෙර ගැනීමද, රාත්‍රී ආහාර වේල රාත්‍රී 7.00 ට පෙර ගැනීමද අනිවාර්යයෙන් කළ යුතුය. උදෑසන අවදි වූ විට තේ වෙනුවට පිරිසිදු ජලය මිලිලීටර් 640 ක් පමණ පානය කර පැයකට පමණ පසු උදේ ආහාර වේල ගැනීම සුදුසුය. ආහාරයෙන් පසු අධිකව වතුර පානය කිරීම නොකළ යුතුය. වතුර ටිකක් බීමට පුරුදු වන්න. ආහාර වේල් දෙකක් අතරදී දියර වර්ග හැකි පමණ පානය කරන්න. අම්ල අධික පලතුරු වෙනුවට බෙලි, ආනමාළු සහ අලිගැටපේර වැනි පලතුරු ආහාරයට ගන්න. නින්දේදී හිස ශරීරයට වඩා උස් මට්ටමකින් පවතින සේ තබාගන්න. පාන් පිටිවලින් සකස් කළ ආහාර සහ පිපෙන්නට තබා පිසූ ආහාර වන ආප්ප, තෝසේ ආදිය ගැනීමෙන් වළකින්න. ආහාර ගැනීමෙන් පසු පැය දෙකක් පමණ යනතුරු හාන්සි වී සිටීමෙන් වළකින්න. කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රd ජයසූරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Sep 2018 07:02 AM මට නම් බැරන්ඩි වුනාම කතා කරගන්නවත් බැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 UdariSuper Senior MemberPosts:5555 17 Sep 2018 08:27 AM රෑට පින්නෙ එලියෙ හිටියමත් එනව 0 maduranga001Most Senior MemberPosts:14118 17 Sep 2018 12:30 PM ෆෑන් ඒසී වගේ ඒවාටත් මෙහෙම වෙනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 17 Sep 2018 03:04 PM මැයි පෙලපාලි එහෙම ගියාම. විශේෂ චාරිකා ගියාම (ටිකක් රත් උනොත්) එහෙමත් ඔහොම වෙනා 0 ImalkaVeteran MemberPosts:4533 17 Sep 2018 03:09 PM Posted By Udari on 17 Sep 2018 08:27 AM රෑට පින්නෙ එලියෙ හිටියමත් එනව රාත්‍රී ගමන් අඩු කරන්න,. එහෙම අමාරු නම් යනවිට කුඩයක් අරන් යන්න. උගුරේ බැරන්ඩිය ආයේ හැදෙන්නේ නැහැ සත්තයි 0 maduranga001Most Senior MemberPosts:14118 17 Sep 2018 04:27 PM වැඩිපුර උඩුබුරලන්න තියා ගත්තහමත් මෙහෙම වෙනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 17 Sep 2018 05:40 PM Posted By Imalka on 17 Sep 2018 03:09 PM Posted By Udari on 17 Sep 2018 08:27 AM රෑට පින්නෙ එලියෙ හිටියමත් එනව රාත්‍රී ගමන් අඩු කරන්න,. එහෙම අමාරු නම් යනවිට කුඩයක් අරන් යන්න. උගුරේ බැරන්ඩිය ආයේ හැදෙන්නේ නැහැ සත්තයි හා කොහොමද ඒක 😂😂 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2018 07:17 PM අසාමාන්‍ය ලෙස බෙල්ලේ කැක්කුම හටගන්නේ ඇයි? ”දවස් ගානක ඉදන් බෙල්ල කැක්කුමයි. ඒ මදිවට උරහිස් දෙකත් කැක්කුමයි. සමහර වේලාවට තද හිසේ කැක්කුමක් ඇතිවෙනවා. ඔළුව පිටිපස්ස, නළලට ටිකක් උඩින් වේදනාවක් දැනෙනවා. තව අත්වල ඇ`ගිලිත් හිරිවැටෙනවා. බෙල්ල එහාට මෙහාට හරවන්න බෑ. බෙල්ලට පහළින් කොඳු ඇට පෙළත් පිට දිහාට යනකල්ම රිදෙනවා.” මෙවැනිි රෝගී තත්වයන් වලින් ඔබත් පෙළෙනවාද? උදැසන අවදිවූ මොහොතේ සිට මෙවන් වේදනා කන්දරාවක් ඔබටත් ඇතිවෙනවාද? මේ වේදනා සියල්ලටම ඔබ පොදුවේ කියන්නේ බෙල්ල රිදෙනවා කියලයි. මේ බෙල්ලේ අමාරුකම බහුලව ඇතිවන්නේ මැදි වයසේ පුද්ගලයන්ටයි. ඒ හැරුණු විට පරිගණක ආශි‍්‍රතව කි‍්‍රයාකරන අයට වගේම අධ්‍යාපනය ලබන වයසේ දරුවන්ටත් (සරසවි දරුවන් ඇතුළුව) මේ බෙල්ලේ අමාරුකම් සුලභව ඇතිවෙන්න පු`එවන්. මැදි වයසේ අය වයසට යාමත් සම`ග කශේරුකා අවට ඇති ඉඩ ප්‍රමාණය මදිවීම නිසා මෙවන් තත්ත්වයක් ඇතිවෙන්න පු`එවන්. මෙහිදී ගෙල හරවන විට ඉතාම තියුණු වේදනාවක් ඇතිවිය හැකියි. ඒ වගේම අත්වල ඇ`ගිලිද කෙටි වේලාවකට හිරිවැටීමට ලක්විය හැකියි. ස්නායු ඇදීම මීට හේතුවයි. බොහෝ විට පාසල් දරුවන්ටත් බෙල්ලේ කැක්කුම් තත්ත්වය ඇතිවිය හැකියි. ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පොත් පත් පාඩම් කරන විට හා මේසයට වාඩිවී ලියන විට භාවිතා කරන වැරදි ඉරියව් විය හැකියි. පුටුවක දිගා වී වැරදි ඉරියව්වක හිස, කොන්ද හා ශරීරය තබාගෙන පොත් කියවීමවගේම හිසට කොට්ට දෙක තුනක් තබාගෙන සුව පහසු යැයි සිතෙන අසාමාන්‍ය ලෙස එබීමට ලක්වන (ප්‍රමිතියෙන් තොර) මෙට්ටයක නිදාගැනීම නිසාද බොහෝ අයට බෙල්ලේ අසාමාන්‍ය වේදනාවන් හටගත හැකියි. මෙවන් තත්ත්වයකදී බෙල්ලේ මාංශ පේශීවල ඇදීමෙන් ඇතිවන තෙරපීමක් ම`ගින් සාමාන්‍ය ව්‍යවහාරයේ උලූක්කුව ලෙස හඳුන්වන ස්වභාවයක් බෙල්ලේ ඇතිවිය හැකියි. බොහෝ දෙනෙකුට බෙල්ලේ කැක්කුම ඇතිවීමට බලපාන්නේ රූපවාහිනිය, ජංගම දුරකතන හෝ පරිගණක සම`ග ගතකරන කාලය දීර්ඝ වීම බවත් අමතක නොකළ යුතුයි. අද රිය අනතුරු හා හදිසි පහරදීම් වැනි අනතුරුත් සමාජයේ බහුලයි. එවන් අනතුරකින් පසු කාලයක් ගෙවීයාමෙන් අනතුරුව බෙල්ලේ වේදනාවන් ඇතිවෙන්න පු`එවන්. බෙල්ලේ පටක, පේශී මෙන්ම අස්ථි මෙවන් අනතුරු ම`ගින් සියුම් ආපදාවන්ට ලක්විය හැකියි. මෙවන් අවස්ථාවල බෙල්්ලේ අස්ථිවලට බරපතළ හානි සිදුවීමෙන් බෙල්ලේ අසාමාන්‍ය කැක්කුම් ඇතිවීමට පුළුවන්. ඊට අමතරව බෙල්ලේ පේශිවලට බලපාන යම් යම් රෝගී තත්ත්වයන් ක්ෂය රෝගය, මොළේ උණ වැනි තත්වයන් වලදීත් බෙල්ලේ කැක්කුම ඇත්විය හැකියි. බෙල්ලේ කැක්කුම ඇතිවිය හැකි සංකීර්ණ හේතු ස්නායු රෝග නිසා බෙල්ලේ කැක්කුම මෙන්ම හිස, දෙඅත්, පපුව, කොන්ද ආදී ප්‍රදේශ වේදනාවට පත්වෙනවා. උදෑසන අවදිවීමෙන් පසු මෙහිදී බෙල්ලේ හෝ උරහිස් දෙපස තදබල ලෙස වේදනාව හට ගන්නවා. කශේරුකාව ගෙවී යාම නිසයි මෙවැනි තත්ත්වයක් ඇති වන්නෙ. සමහර විට අත්වල ඇ`ගිලි හිරිවැටීමද සිදුවිය හැකියි. ස්නායු ඇදීයාමද මීට හේතුවක්. බර ඔසවන්නන්, පරිගණක කි‍්‍රයා කරන්නන්, දවසේ වැඩි කාලයක් රිය පදවන රියදුරන් ආදීන්ට මේ තත්ත්වය සුලබව පවතිනවා. බෙල්ලේ කශේරුකා ගෙවීම මීට හේතුවය. එසේම ගෙවුණු කශේරුකා එකට නැවීමද මීට බලපානවා. එක්ස් කිරණ පරීක්ෂාවකින් මීට විසඳුම් ලබාගැනීම සුදුසුයි. වඩාත් වේදනාකාරී ලෙස බෙල්ලේ කැක්කුම ඇති අය එක්ස් කිරණ පරීක්ෂාවකින් හා ඵඍෂ පරීක්ෂණයක් ස`දහා වෛද්‍යවරයා විසින් ඔබ යොමු කරවනු ඇත. රෝගියා යොමු කළයුත්තේ භී්ෂෘ කාණ්ඩයේ ඖෂධ ප්‍රතිකාර ස`දහාද නැත්නම් වෙනත් චිකිත්සක ප්‍රතිකාර ස`දහාද යන්න වෛද්‍යවරයා විසින් නිවැරදිව තීරණය කරාවි. ගෙවී යන කෂේරුකාවේ අසාමාන්‍යතාවක් බරපතල ලෙස පවතීනම් ශල්‍ය කර්මයක් ම`ගින් මෙම තත්ත්වය සුව කරගත හැකිය. ගෙලට කොළරයක් පැළඳීමද තවත් ප්‍රතිකාරයක්. මෙහිදී ගෙලෙහි අස්ථිවලට අවම ආතතියක් ඇතිවන ලෙස ඉතාම නිවැරදිව ගැලපෙන කොළරයක් පැළඳීම අත්‍යවශ්‍යයි. එහෙත් දිගු කාලයක් පුරා කොළර පැළඳීම තුළින් ගෙලෙහි අස්ථි දුර්වල වීමක් සිදුවිය හැකි බැවින් වෛද්‍යවරයා ඔබට සුදුසු ප්‍රතිකර්ම ස`දහා උපදෙස් ලබාදේවි. මීට අමතරව ගලනාලය ආශ්වාස ප්රාශ්වාස පද්ධතිය, පෙනහලූවල දෝෂ තත්ත්වයන් නිසාද බෙල්ලේ කැක්කුම ඇතිවිය හැකියි. දරුණු අනතුරු නිසාද පසුකාලයකදී බෙල්ලේ අසාමාන්‍ය වේදනාවක් හට ගන්න පුළුවන්. මේ සදහා බෙල්ල මෙන්ම ගල නාලය, ස්වාසනාලය හා පෙණහලූ ආදියද නිසි වෛද්‍ය පර්යේෂණයකට ලක්කළ යුතුය. සුසුම්නාව සම්බන්ධ ආබාධ නිසාද බෙල්ලේ දරුණු කැක්කුම් ඇතිවෙනවා. මේ ස`දහා සුදුසු වන සැත්කම් සදහා පූර්ණ පහසුකම් අප රට තුළ තිබෙනවා. බෙල්ලේ කැක්කුම සදහා නිවසේදී කළහැකි සාමාන්‍ය ප්‍රතිකාර කිහිපයක් x කැක්කුම ඇති වු මුල් දින දෙක තුන තුළ රෙදි කැබැල්ලක එතූ අයිස් කැට කීපයකින් ගෙල පෙදෙස හා උරහිස් තවන්න. x හතරවන දින හා පස්වන දිනවලත් ගෙලෙහි කැක්කුම අඩු නොවේනම් මද රස්නය ඇති උණු අළු පොටිටනියකින් තවන්න. නැත්නම් පොටිටනියක් සේ සකස් කළ රෙදි කැබලි එකතුවක් උණු ජලයේ පොඟවා තවන්න. x පැරසිටමෝල් වැනි සාමාන්‍ය වේදනා නාශකයක් නියමිත මාත්‍රාවෙන් පැය හයකට වරක් පාවිච්චි කරන්න. x ඉතා සරල ලෙස ඉහළට පහළට හා දෙපසට ගෙල හරවන සුළු ව්‍යායාම අසුනක වාඩි වී සිදු කරන්න. x බර එසවීම, කී‍්‍රඩා කිරීම, හිස පහතට දමාගෙන කරන කටයුතු ආදියෙන් දින කිහිපයකට වැළකී සිටින්න. x කොදු ඇට පෙළ පමණට වඩා ක්‍රියාකාරී වන දෛනික කටයුතු (සමහර විට රැකියා කටයුතු වලටද අදාළ විය හැකිය) වලින් දින 10ක පමණ කාලයක් ඉවත් වන්න. x තවත් කෙනෙකුගේ උපකාරය ඇතිව උණු වතුරින් පමණක් ස්නානය කරන්න. x නිදාගැනීමේදී හිස තැබීමට කොට්ටයක් භාවිතා නොකරන්න. යහනක නිදා ගන්නවානම් තද මෙට්ටයක කොට්ටයක් භාවිතා නොකර නිදාගන්න. කොට්ටයක් රහිතව බිම පැදුරක නිදාගැනීමද යහපත්ය. වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා x බෙල්ල අවට ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස ගෙඩි වැනි ස්වභාවයක් පවතීනම් x බෙල්ලේ කැක්කුම සම`ග ගිලීමේ අපහසුතා හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් x බෙල්ලේ කැක්කුම සම`ග අත් පා හිරිවැටීම සිදුවේ නම් x බෙල්ලේ කැක්කුම ඇතිවීමට හේතුව කිසියම් පහරදීමක් හෝ හදිසි අනතුරකට පසුව නම් x බෙල්ල නැවීම හැරවීම ඉතාම අපහසු තත්ත්වයකට පතවී නම් x උණත් සමග ඇතිවන හිසේ තද කැක්කුමක් ඇත්නම් x බෙල්ලේ කැක්කුම සමග වමනය යෑම අත දිගේ ඇතිවන කැක්කුම හුස්ම ගැනීමේ අපහසුව ඇති වේ නම් x සාමාන්‍ය ප්‍රතිකර්ම හා සාමාන්‍ය වේදනා නාශක වලින් දින 10-15 අතර ගණනකින් බෙල්ලේ කැක්කුම සුව නොවුණිනම් බෙල්ලේ කැක්කුම ඇතිවීම වළක්වා ගන්න සරල උපදෙස් x පරිගණක භාවිතා කිරිමේදී, ලිවීමේ කටයුතු හා පාඩම් කිරිමේදී නිවැරදි ඉරියව් භාවිතා කරන්න. x නිදියන මෙට්ටය තද එකක් විය යුතු අතර හිස තබන කොට්ටය ඉතාම සැහැල්ලූ එකක් විය යුතුය. x හිස තැබීමට කොට්ට දෙක තුනක් භාවිතා නොකරන්න. x බෙල්ලේ මාංශපේශි ශක්තිමත් කරන නිවැරදි ව්‍යායාම සිදුකරන්න. (නිසි උපදෙස් සහිතව) කෑගල්ල ශීක්ෂණ රෝහලේ කායික රෝග ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රුවන් ලාල් උදය බණ්ඩාර සටහන - රඔුක්කන කීර්ති එස් කුමාර ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2018 07:19 PM නාභිය අවට රිදීමකින් ඇරඹෙන ඇපෙන්ඩිසයිටිස් වෙලාව සවස තුනට පමණ ය. එදින එම රෝහලේ වාට්ටු අංක අට ශල්‍ය වාට්ටුවේ රෝගීන් ඇතුළත් කරන දිනයයි. උදෑසන සිට එක දිගට රෝගීන් ඇතුලත් කරමින් වෙහෙසට පත්ව දිවා ආහාරය සඳහා යාමට වාට්ටුවෙන් පිටතට විත් පඩිපෙළ බසිමින් සිටියෙමි. ‘‘අනේ දුවේ අටේ වාට්ටුවට යන්නේ කොහොමද?” එසේ අසමින් පඩිපෙළ නගිමින් ආවේ ආච්චි අම්මා කෙනෙකි. ඇය සත් හැවිරිදි වියේ පමණ සිටි කුඩා පිරිමි දරුවෙක් දෑතින් හරහට ඔසවා ගෙන සිටියේ අපහසුවෙන් බව පෙනිනි. ‘‘අටේ වාට්ටුවට නේද? එන්න අපි යමු” මම ආපිට හැරුනෙමි. රෝගියා ඇඳට දමා පරීක්ෂා කළෙමි. හොඳටම උණ ය. අඩ සිහියෙන් මෙන් මලානික ව තිබූ අඩවන් දෑසත් ඔරලෝසුවේ තත්පර කටුව මෙන් සියයට වඩා වේගයෙන් වැටුණු නාඩි වලිනුත් කියවුනේ ඔහු අසාධ්‍ය තත්වයක සිටින බව ය. උදරය කාඞ් බෝඞ් එකක් මෙන්ය. මෙය වෛද්‍ය විද්‍යාවේ හදිසි තත්වයක් ලෙස හඳුන්වන අවස්ථාවකි. ”මෙයාගෙ අම්ම රට ඉන්නෙ. මමයි බලා ගන්නෙ. අනේ අම්ම ළඟ නැති දරුව බේරල දෙන්න නෝනා බුදු බව අත් වෙයි. දවස් දෙක තුනකට කලින් හොඳට හිටිය. බඩ පොඞ්ඩක් රිදෙනව කිව්ව විතරයි. මම අත් බේත් ටිකක් කළා. බේතකට කියල පැනඩෝල් විතරයි දුන්නෙ. මටත් මේ හිටියට මහන්සි වෙන්න අමාරුයි දියවැඩියාව. ළමයා කෑම කෑවෙ නෑ. වමනෙත් ගියා”. ආච්චි අම්මා එක දිගට කියා ගෙන යයි. රෝගයට අදාළ නැති බොහෝ කරුණු අතරින් රෝග ඉතිහාසය තෝරා ගැනීමට සිදු වී ඇත. සේලයින් ප්‍රතිජීවක ඖෂධ ආරම්භ කර, සිහි නැති කොට, වාට්ටුවේ ශල්‍ය වෛද්‍යවරයා විසින් වහාම සිදු කළ ශල්‍ය කර්මයේදී දරුවාගේ උදර කුහරය විවෘත කළ විට දුටුවේ කුමක්ද? දරුණු ආසාදන තත්ත්වයකි. අභ්‍යන්තර අවයවයක් ඉදිමී පුපුරා ගොස් අතුනු බහන් අතර සැරව ගලා ගොස් තිබිණි. සේලයින් පයින්ට් ගණනාවකින් සෝදා, ඉදිමී පිපිරී තිබුණ අවයවය ඉවත් කොට වහාම නිසි ප්‍රතිකාර කළ පසු දරුවා සුව කර ගැනීමට හැකි විය. කුමක්ද මේ අභ්‍යන්තර අවයවය? එය නම් අදටත් මනුෂ්‍ය සිරුරේ අබිරහස් අවයවය වන උණ්ඩුක පුච්ඡයයි. මිනිස් සිරුරේ කුඩා බඩවැල අවසන මහබඩවැල ආරම්භ කෙරෙන ස්ථානයේ පිහිටි මෙය අපේ සුළැඟිල්ලක් තරම් ය. එක් එක් සිරුරු වල සුළු වශයෙන් ව්‍යුහමය වෙනස්කම් වලින් යුතුව පිහිටන බැවින් රෝග ලක්ෂණද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි ය. උණ්ඩුක පුච්ඡය ආසාදනයට ලක් වන්නේ හිටි හැටියේ ය. ඕනෑම ජනගහනයකින් සියයට හතකට පමණ වැළඳෙන ඇපෙන්ඩිසයිටිස්. වයස අවුරුදු දෙකට වැඩි ඕනෑම කෙනෙකුට සෑදීමට හැකියාව ඇතත් වයස අවුරුදු 10ත් 30ත් අතර අයට වැඩිපුර වැලඳීම ලොව පුරාම පවතින තත්ත්වයකි. රෝග ලක්ෂණ නම් මුලින්ම නාභිය අවට ඇති වන රිදීමකින් පසු එය ක්‍රමයෙන් උදරයේ දකුණු පසට වන්නට දැනෙන්නට පටන් ගනී. ආහාර අරුචිය, අප්පිරියාව, වමනය සහ මද උණ ඇති වේ. ඔබේ දරුවා හිටි හැටියේ මෙවන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් වෛද්‍යවරයකුට පෙන්වා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත් ය. බඩ රිදීමක් ඇති සෑම රෝගියකුම ඇඳකට දමා පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. එහිදී උදරයේ දකුණු පස පරීක්ෂාවේදී ඇපෙන්ඩිසයිටිස් යැයි සැක කළ හැකි සායනික පරීක්ෂණය සෑම වෛද්‍යවරයකුම සිදු කරනු ලබයි. එය McBurney sign නමින් හඳුන්වයි. වෙනත් රෝග මෙන් නොව ඇපෙන්-ඩිසයිටිස් රෝගයේදී නිවැරදිව රෝග ඉතිහාසය කරා අවධානය යොමු කිරීමත් රෝගියා නිසි ලෙස පරීක්ෂා කිරීමත් ඉතා වැදගත් ය. ඒ දෙකෙන් පමණක් බොහෝ විට රෝගය නිර්ණය කරගත හැකි වේ. සැකය තහවුරු කර ගැනීමට සුළු පරීක්ෂණ කිහිපයක් ප්‍රමාණවත් වේ. සිරුරේ ඕනෑම ආසාදන තත්ත්වයක දී ඇති වන රුධිරයේ සුදු ෙසෙල ප්‍රමාණය ඉහළ යයි. ඒ නිසා රසායනාගාර පරීක්ෂණ වශයෙන් රුධිර ගත ෙසෙල ප්‍රමාණය පරීක්ෂාව (FBC) අනිවාර්ය වෙයි. මෙවන් රෝග ලක්ෂණ මුත්‍රා ආසාදන වලදීද දැකිය හැකි හෙයින් මුත්‍රා ආසදනයක් නොමැති බවට ස්ථිර කර ගැනීමට සාමාන්‍ය මුත්‍රා පරීක්ෂණයක් (UFR) ද සිදු කරනු ලැබේ. මීට අමතරව උදරයේ ස්කෑන් පරීක්ෂාවක්ද සිදු කරන අවස්ථා වේ. විශේෂයෙන්ම රෝග ලක්ෂණ ඇති වී දින කිහිපයක් පසු වී තිබේ නම් ස්කෑන් පරීක්ෂාව අවශ්‍ය වන්නේ ආසාදනය වූ උණ්ඩුක පුච්ඡය වටා පටක එක් වී ගෙඩියක් වැනි යමක් (Appendiculer Mass) හට ගැනීමට ඇති බැවිනි. වැඩිහිටි වියේදී මෙම රෝග ලක්ෂණ ඇත්නම් පිළිකා රෝගය නොමැති බවට සහතික කර ගැනීමට තවත් පරීක්ෂණ වලට යොමු විය යුතු ය. නිසි රෝග විනිශ්චයකට එළඹුන පසු ප්‍රතිකාරය වන්නේ ඇපෙන්ඩිසෙක්ටමි (Appendisectomy) නම් ශල්‍ය කර්මයට බඳුන් කිරීමයි. අද වන විට එය අතුරු ආබාධ අඩුවෙන්ම ඇති ආරක්ෂිත ශල්‍ය කර්මයක් බවට පත්ව ඇත. උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද? එය තවමත් රහසකි. බඩවැල් වල තිබිය යුතු හිතකර බැක්ටීරියා වලට ගබඩාවක් ලෙස ක්‍රියා කිරීමත් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය සම්බන්ධව යම් ක්‍රියාවලියකට දායක වීමක් ඇති බවත් දැනට විශ්වාස කෙරේ. මෙය නොසලකා හැරිය හොත් මාරාන්තික තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති රෝගයක් බැවින් සියලූ දෙනාම මේ ගැන දැනුවත් වී රෝග ලක්ෂණ ඇති වූ විට නිසි ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්ය. වෛද්‍ය ලංකා සිරිවර්ධන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2018 07:20 PM නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින්න 'ව්‍යායාම' නූතන සමාජය තුළ ඉතාම සුලභව කතාබහට ලක්වන මාතෘකාවකි. බෝ නොවන රෝග රැසක් වළක්වා ගත හැකි ඔසුවක් සේ ක්‍රියාකාරී වන ව්‍යායාමවල යෙදීම වුවද කළ යුත්තේ කරුණු හරි හැටි දැනගෙනය. මන්ද ඔබ නුසුදුසු ව්‍යායාමවල යෙදීම නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටලු මවා දෙන්නක් විය හැකි බැවිනි. ව්‍යායාම යනු හිතුමතයට කළ යුතු දෙයක් නොවේ. විශේෂයෙන් විවිධ රෝගාබාධවලින් පෙළෙන හෘද රෝගීන්, සන්ධි රෝග වලට ගොදුරුවූවන් ව්‍යායාම සඳහා තම යෝග්‍යතාවය හඳුනා ගැනීමට වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුය. ව්‍යායාම සඳහා මිනිසුන් තුළ තිබෙන උනන්දුව, ඉල්ලීම නිසාම ව්‍යායාම මධ්‍යස්ථාන රැසක් බිහිව තිබෙන බව පෙනේ. නමුත් මේවායින් සීමිත සංඛ්‍යාවක හැර වෛද්‍ය උපදෙස් මත, මගපෙන්වන්නන් නොමැත. අවම තරමින් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙවැනි ව්‍යායාම ඇරඹීම වඩාත් උචිතය. නිසි ව්‍යායාම තුළින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ රැසකි. අස්ථි සහ පේශි ශක්තිමත් කිරීමට උදව්වෙයි. සන්ධිවල නම්‍යතාව වැඩිකරයි. ශරීර බර නියමිතව පවත්වාගෙන යාමට උපකාරි වෙයි. විශේෂයෙන්ම හැඩැති සිරුරක් උරුම කර ගැනීමට හේතුවෙයි. මානසික ආතතිය, අඩුකරමින් හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදීමට මනස ප්‍රබෝධමත් කරයි. හෘදයේ සේම පෙණහලුවල ක්‍රියාකාරිත්වයද හොඳින් පවත්වා ගෙන යාමට හේතුවෙයි. සිරුර තරබාරු වීමෙන් වළක්වා බෝ නොවන රෝග රැසකින්ද ඈත්ව සිටීමට මගපාදා දෙයි. එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්ද ව්‍යායාම බවට පත් කර ගැනීමට උත්සාහ කිරීම ඉතා හොඳ උපායකි. එසේම විනෝදාංශයක් ලෙසද ව්‍යායාම වල යෙදීමට උත්සාහ කරන්න. බයිසිකල් පැදීම, දිවීම, පිහිනීම වේගයෙන් ඇවිදීම ඉතා හොඳ ව්‍යායාම කීපයකි. නැටුම්, එල්ලේ, ක්‍රිකට්, කඳු නැඟීම වැනි ක්‍රීඩාවන් වලින්ද හොඳ ව්‍යායාම ශරීරයට ලැබේ. එසේම කාන්තා ඔබට ගේ දොර අතුපතුගෑම, මොප් කිරීම අතින් රෙදි සේදීම වැනි නිවසේ වැඩකටයුතු වල යෙදීමෙන්ද සිරුර හැඩකර ගත හැකිවා සේම සතුටින් ඒවායේ නිතරවීමෙන් සිරුරට ව්‍යායාමද ලැබේ. එදිනෙදා කාර්යයන් කර ගැනීමේදී හැකි සෑම විටම පයින් ගමන් කරන්න. නැතිනම් බයිසිකලයක් පැදගෙන යන්න. ගමනක් යන විට හෝ එනවිට, බස් නැවතුමක් දෙකක් කලින් බැස ඒ දුර ඇවිදීමට පුරුදුවන්න. විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතා කරන්න. සිරුරේ බර අඩුකර ගැනීමට සහ එහි හැඩය ආරක්ෂා කර ගැනීමට නම් පැයට කිලෝමීටර් 6.4ක හෝ පැයට සැතපුම් 4ක පමණ වේගයෙන් කඩිසරව ඇවිදීම කළ යුතුය. එම වේගයට එක් වරම ළඟා නොවී ක්‍රමක්‍රමයෙන් ටික ටික වේගය වැඩිකර ගැනීම වඩාත් යෝග්‍යවෙයි. ඔබ ඇවිදින වේගය ඔබටම ගණනය කරගත හැකිය. විනාඩියට පියවර ගණන වේගය කි.මී. පැයට වේගය සැතපුම් පැයට 70 3.2 2.0 90 4.0 2.5 105 4.8 3.0 120 5.6 3.5 140 6.4 4.0 දැන් තිබෙන නවතම ජංගම දුරකථනවලට ඇවිදීමේ පියවර ගණන සටහන් වන පහසුකම් සකසා ගත හැකිය. එසේම නවතම සොයා ගැනීම්වලට අනුව නිරෝගී දිවි පවෛතක් සඳහා දිනකට පියවර 10,000 (දාහදාහක්) ඇවිදීම අවශ්‍ය බවද කියැවෙයි. මේ ප්‍රමාණය ඔබට මුළු දවස පුරාම සිදුකරන ඇවිදීම් වලින් පියවා ගත හැකිය. ව්‍යායාමයක් ඇරඹිමට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමටත් ව්‍යායාම අවසන් වූ පසු ඇඟ සැහැල්ලු කරන ව්‍යායාමවල යෙදීමටත් අමතක නොකරන්න. ව්‍යායාම කරන අතරතුර සහ ව්‍යායාම වලින් පසු ජලය පානය කිරීමද වැදගත්වෙයි. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට අපගේ ස්තූතිය සටහන නිර්මලා කුමාරි සේනාරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2018 07:21 PM සිසු පරපුර ගිලගන්නා දියවැඩියා මාරයාගෙන් බේරෙන හැටි දියවැඩියාවෙන් ඔබේ ශරීරයට විය හැකි හානිය සහ එමගින් ඔබේ අනාගතයට විය හැකි තර්ජනය පිළිබඳව ඔබ දන්නවා ඇත. ළමුන් විශාල ප්‍රමාණයක් දියවැඩියා තර්ජනයට ගොදුරු වී ඇති බව අද ලොව පුරා වෛද්‍යවරුන්ගේ මතයයි. දැනට මිලියන 160 පමණ වන දියවැඩියා රෝගීන් ප්‍රමාණය වසර 2025 වන විට මිලියන 300 දක්වා ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර ඇත. තවද ඔවුන්ගේ 70 පමණ දැකිය හැක්කේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලය. වෛද්‍ය මතයට අනුව කුඩා දරුවන් බහුලව මෙම තත්ත්වයට ගොදුරු වනු දැකිය හැකි අතර මොවුන්ට වැලඳෙනුයේ වැඩිහිටි සමයේ ඇතිවන දියවැඩියාවයි. අද කුඩා දරුවන්ගේ ජීවන රටාවේ ඇති වී ඇති වෙනස්කම් නිසා ඔවුන් වයසින් මුහුකුරායත්ම දියවැඩියාවට ඉතා සීඝ්රයෙන් ගොදුරුවනු දක්නට ලැබේ. ආදි කාලයේ දියවැඩියාව පිළිබඳව අපට අසන්නට ලැබුණේ ඉතා කලාතුරකිනි. ඒ එකල අප ආච්චිලා සීයලා සතු වූ සරල දිවි පැවැත්ම නිසාය. තවත් ඔවුන්ගේ ආහාර වූයේ ගුණාත්මක බවින් පිරිපුන් රතුහාලේ බත්, අල වර්ග, එළවළු සහ පලතුරු වැනි දෑය. තාක්ෂණයේ දියුණූවත් සමගම මේ ආහාර පුරුදු සහ සරල දිවි පැවැත්මද අද බොහෝ දුරට වී ඇත. අද අපේ ආහාරයේ වැඩි වශයෙන් අඩංගු වන්නේ අධික මේදය, පැණි රස, ලුණු සහ සත්ව ප්‍රෝටීන්ය. තවද වංචනික වෙළඳ දැන්වීම් නිසා අද බොහෝමයක් කුඩා දරුවන් තම ආහාර පුරුදු වෙනස් කිරීමට පෙලඹී ඇත. අප සෑම දෙනාටම උසට හා වයසට අනුව තිබිය යුතු නියමිත බරක් තිබේ. මෙම තිබිය යුතු බර සහ අප එදිනෙදා කරන කටයුතු ප්‍රමාණය යන කරුණුවලට ගැලපෙන පරිදි අප දිනකට ගතයුතු ශක්ති ඉන්ධන ප්‍රමාණයක් ඇත. එම ශක්ති ඉන්ධන අප ලබාගන්නේ ආහාරවල අඩංගු ඉහත දක්වන ලද සංඝටක වලිනි. සාමාන්‍ය ශිෂ්‍යයෙකුගේ ෙදෙනික ශක්ති අවශ්‍යතාව කැලරි 1800-2000 පමණ වන අතර මෙය ඉහත සඳහන් ආකාරයට ඔහුගේ බර සහ ශාරීරික ක්‍රියාකාරකම් මත වෙනස් විය හැක. සාමාන්‍ය ආහාර වේලක කැලරි ව්‍යාප්තිය කාබොහයිඩේ්රට් 60-65 ප්‍රෝටීන් 15-20 මේදය 20-30 අධිපෝෂණය ඔබගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය. තවද ආහාර රටාවේ වන වෙනස්කම් දිනෙන් දින ඉහළ සහ දියවැඩියා රෝගීන්ගේ ප්‍රමාණයට ප්‍රධාන හේතුවකි. එදවස අප මුතුන් මිත්තන්ගේ ආහාරයේ මූලික සංඝටක වූයේ එළවළු, පළතුරු සහ ධාන්‍ය වර්ගයි. ඔවුන් සත්ව ආහාර අනුභව කළේ ඉතා අඩු සුළු වශයෙනි. තවද ඔවුන්ගේ ආහාරයේ මේදය සහ පැණිරස අන්තර්ගත වූයේ ඉතා අල්ප වශයෙනි. එළවළු, පළතුරු සහ ධාන්‍ය වර්ග, මේදය සහ සත්ව ප්‍රෝටීන් වලට වඩා අපගේ සෞඛ්‍යයට හිතකර වන්නෙ කෙසේදැයි අප දැන් සලකා බලමු. එළවළු වල අධික තන්තු ප්‍රමාණයක් අඩංගු වන අතර මේවා ආහාර ජීරණයේදී සීනි සහ මේදය අවශෝෂණය අඩු කිරීම මගින් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. තවද සත්ව ආහාර වල මෙන්ම ශාඛ ආහාර වලද ශරීර වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් අඩංගුය. බෝංචි, දඹල, සෝයා බෝංචි වැනි රනිල භෝගවල ශාඛ ප්‍රෝටීන බහුල බැවින් ඒවා නිතර ආහාරයට සුදුසුය. නමුත් සත්ව ප්‍රෝටීන ප්‍රණීත හෙයින් ඒවා වැඩි වශයෙන් භුක්ති විදීමට මිනිසා පෙලඹී ඇත. තවද ශාක ආහාර පමණක් ගන්නා පුද්ගලයින් සෞඛ්‍ය සම්පන්නව දිගු ජීවිත කාලයක් ගත කිරීම මගින්ද ශාඛ ආහාර සත්ව ආහාර වලට වඩා සෑම අතින්ම ගුණදායී බව පැහැදිලි වෙයි. අධික පැණිරසද, සෞඛ්‍යයට අහිතකරයි. ඒ නිසා දියවැඩියාව පමණක් නොව දත් රෝග, විදුරුමස් රෝග හා ඇතැම් සමේ රෝග පවා ඇතිවේ. තවද දියවැඩියා රෝගය ඇතිවීමට ප්‍රවණතාවයක් ඇති ඇයගේ මෙම රෝගය වැලඳීම ඉක්මන් කිරීමටද අධික පැණිරස හේතුකාරයක් වේ. යම් ප්‍රමාණයකට මේදය සිරුර අවශ්‍ය වුවද අධික මේදය ශරීරයට ඉතා අහිතකරය. මේදය සංතෘප්ත, අසංතෘප්ත හා කොලෙස්ටරෝල් ලෙස වර්ග කළ හැක. බටර්, චීස් වැනි සත්ව ආහාර වල ඇත්තේ සංතෘප්ත මේදයයි. පොල්තෙල්, සෝයා තෙල් වැනි ශාක ආහාර වල ඇත්තේ අසංතෘප්ත මේදයයි. මේ අසංතෘප්ත මේදය සංතෘප්ත මේදය මෙන් ශරීරයට එතරම් හානිදායක නොවේ. දියවැඩියාවෙන් වැළකීමට සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ලබා ගැනීම වැදගත්ය. ඒ අනුව, උදය ආහාරයට * බත්/ඉඳිආප්ප/පිට්ටු/ආප්ප (සහල් පිටි)/රතුහාල් හෝ ආටා පිටිවලින් සකසන ලද) * පොල් සම්බෝල * බිත්තරයක් * කිරි වීදුරුවක් - සීනි ඉතා ස්වල්පයක් සමග * පළතුරු උදය 10.00 කෙටි ආහාර වේලක් * බිස්කට් 2ක් සමග තේ ද ගැනීම යෝග්‍යය දහවල් ආහාරය සඳහා * බත් * එළවලු * පළා වර්ගයක් * අල වර්ගයක් * ධාන්‍ය වර්ගයක් * මස් හෝ මාළු * පළතුරුද සවස 3.00 කෙටි ආහාර වේලක් * බිස්කට් 2ක් සමග තේ ගැනීම සුදුසුය. එහෙත් රාත්‍රී ආහාරය හැකිතාක් සැහැල්ලු විය යුතුය. * බත් * එළවළු * මස් * පළතුරු ඊට සුදුසුවේ. ප්‍රධාන ආහාර වේල තුනේදී ඉතා අධික ආහාර ප්‍රමාණයක් ගැනීමද ඔබගේ සෞඛ්‍යයට හිතකර නොවේ. එහෙයින් උදෑසන 10.00 සහ සවස .3.00 ට අතුරු ආහාර වේල් 2ක් ගැනීම වැදගත්ය. පාන් ආහාරයට ගැනීම සෑම අතින්ම පහසු වුවද එය ඔබගේ සෞඛ්‍යයට බත් වේලක් කනවා මෙන් හිතිකර නොවේ. දියවැඩියා රෝගයෙන් වැළකී සිටීමට නොගතයුතු ආහාර ක්ෂණිකව සකසන ලද ආහාර වර්ග හැම්, බේකන්, සොසේජස් පැණි බිම චොකලට්, ටොෆි, දොදොල්, මස්කට් හා අයිස්ක්‍රීම වැනි පැණි රස ආහාර මේවා කලාතුරකින් ආහාරයට ගත්තාට කම්නැත. සුදුසු ආහාර ලබා ගන්නා අතර දියවැඩියා වැළකීමට ව්‍යායාම කිරීමද වැදගත්ය. සෑම පුද්ගලයකුටම ශාරීරික ව්‍යායාම අත්‍යවශය. ඔබ නියම අයුරින් ව්‍යායාමයේ යෙදේ නම් ඔබගේ හෘද ස්පන්දනය 70න් ඉහළ දැමීම යා යුතු අතර අධික ලෙස දහඩිය දැමිය යුතුය. ඇවිදීම, බයිසිකල් පැදීම, ටෙනිස්, පාපන්දු, රගර් වැනි ක්‍රීඩා මේ සඳහා නිදසුන්ය. අවම වශයෙන් දිනකට පැය 1/2බැගින් සතියකට 3-4 වතාවක් ව්‍යායාමයේ යෙදීම වැදගත්ය. ශරීරයේ බර පාලනය කරගැනීම දියවැඩියාවෙන් මිදීමේ ඊළඟ උපක්‍රමයයි. ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම හා ව්‍යායාම කිරීම පිළිබඳ කදිම සාධකයකි ඔබගේ ශරීරයේ බර. දියවැඩියාව හා මානසික ආතතිය අතර දැඩි සම්බන්ධතාවයක්වේ. අද පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝමයක් මානසික ආතතියෙන් පෙලේ. මානසික ආතතිය නිසා ශරීරය තුළ ඇතැම් හෝමෝන වර්ග නිකුත් කරයි. මේවා මගින් ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි කරන අතර එය ඔබේ රුධිරයේ සීනි මට්ටම සෘජුවම ඉහළ යනු ඇත. ආතතියේ ලක්ෂණ * පාඩම් කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වීම. * කෑම අරුචිය * නින්ද මදිකම * අධික හෘද ස්පන්ධනය * අධික ලෙස දහඩිය දැමීම ආතතිය අඩු කිරීමට නම් * ව්‍යායාමයේ යෙදීම * සංගීතය ශ්‍රවණය කිරීම * භාවනාව * යෝගී ව්‍යායාම * ආගමික කටයුතුවල යෙදීම වැනි දේහි නිරතවීම වැදගත්ය. අවසාන වශයෙන් ඔබගේ ශරීරයේ පිරිසිදු කම ගැන සලකා බලමු. හොඳ සෞඛ්‍ය පුරුදු යනු ඔබේ දත්, නිය, කෙස්, සම මනාසේ පිරිසිදුව තබා ගැනීම පමණක් නොව පිරිසිදු ආහාර අනුභවය, පිරිසිදු ජලය පානය වැනි දේද ඊට අයත්ය. තවද පිරිසිදු කම නිසා ඇතිවන මුඛ රෝග හේතුවෙන් හෘදයාබාධ සහ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බවට හේතු සාධක ඇත. මහාචාර්ය උපාලි ඉලංගසේකර සකස් කළේ - රංජිත් කුමාර චන්ද්‍රසේකර/ ප්‍රසාදිකා ජයවර්ධන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2018 07:24 PM නොමේරු ළදරුවෙක් රැකගන්නේ කොහොමද? දරුවකු බලාපොරොත්තුවන කාන්තාවකට ගැබ් ගැනීමක් දැන ගැනීම තරම් තවත් සතුටක් නැත. දරුවකු ප්‍රමාද වූ හෝ විවාහයෙන් පසු දරුවකු පතන කාන්තාවකට මෙය ඉමිහිරි අත්දැකීමකි. එහෙත් කෙතරම් දරු ගැබ රැක ගත්තද නොසිතූ ලෙස අඩු මාසෙන් හෝ නිසි බර නොමැතිව දරුවා බිහිවන අවස්ථා තිබේ. මෙසේ නොමේරූ දරු ප්‍රසූතියක් ඇතිවීමට හේතු බොහෝය. එහෙත් ඒ ගැන මවුවරු එතරම් නොදනිති. එනිසාම නොමේරූ දරු ප්‍රසූතිය යනු කුමක්ද? එසේ වන්නේ ඇයි? එයින් වැළකීමට කළ යුත්තේ කුමක්ද? යන කරුණු මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය. නොමේරූ දරු ප්‍රසූතිය යනු දරුවා බිහි විය යුතු කාලයට පෙර දරු උපත සිදුවීමයි. එනම් සති 37 - 42 ට පෙර දරු උපත සිදුවීමය. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සති 37 ට පෙර සති විසි ගණන් දක්වා හදිසියේ උපත ලබන දරුවන්ද ජීවත් කරවන අවස්ථා අද බොහෝවිට දක්නට ලැබේ. එහෙත් මෙවැනි උපත් එනම් සති 22 - 28 පසු සිදුවන උපත් නොමේරූ උපත් ලෙසට ගැනේ. දරු උපතක් මෙසේ නොමේරූ උපතක් ලෙස අඩු මාසෙන් බිහිවීමට හේතු කිහිපයකි. එම අවදානම් සාධක මෙසේය. වයස අවුරුදු 25 ට අඩු මවුවරු එක් දරුවකුට වඩා ගැබ්ගෙන තිබේ නම් මීට පෙර නොමේරූ දරු ප්‍රසූත සිදු වී ඇත්නම් වෝටර් බෑගයේ තරල ප්‍රමාණයට වඩා වැඩි වූ අය ගැබ්ගෙල දුර්වලතා ඇති වූ අය (cervical incompetnce) ඒ සඳහා ගැබ් ගෙල වටා මැහුමක් දමා ඇති අය අධි රුධිර පීඩනය හෝ පූර්ව ප්‍රසව රක්තපාතය ඇති අය ඉහත සඳහන් ගැටලූවලට මුහුණ දුන් කාන්තාවන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය. කලින් හඳුනාගන්න පුළුවන්ද? ගැබට සති 37 ක්් වීමට පෙර ගර්භයේ සංකෝචනයක් හා වේදනාවක් විනාඩි 10 - 15 කට වරක් ඇති වන්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම සමහර විට මෙම වේදනාව පැය 1 - 2 කාලයක් ඇතුළත ද ඇති වේ. එසේ වන්නේ නම් ඒ අඩු වයසින් දරුවා බිහිවීමේ පෙර නිමිති විය හැකිය. වහාම රෝහල් ගත විය යුතු වේ. මෙම ලක්ෂණ පහළ වන ඉහත සඳහන් අනතුරුදායක ලක්ෂණ පවතින අය වඩාත් සැලකිලිමත් විය යුතුය. රෝහල්ගත කළාට පසු දරු ප්‍රසූතියට නියමිත කාලයට පෙර උදර වේදනා සහිතව කාන්තාවක් රෝහල්ගත කළ පසු ගැබ රැුක ගැනීමට කරන පිළිවෙත් මෙසේය. ගර්භය සංකෝචනයවීම වළක්වන ඖෂධ වහාම ලබා දෙයි. මෙම ඖෂධ නොමේරූ ප්‍රසූතිය සිදුවීමට පෙර ලකුණු පහළ වූ මුලදීම ලබා දීම ඉතාම වැදගත් වේ. මව රෝහලකින් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කළ යුතු නම් පළමු රෝහලේදී මෙම ඖෂධ ලබා දිය යුතු වේ. එය ඉතාම වැදගත්ය. අඩු වයස් ප්‍රසූතියක් සිදුවේගෙන එන්නේ නම් දරුවාගේ ජීවිතය රැුක ගැනීම සඳහා පෙණහලූ ආරක්ෂා කර ගැනීමට ඖෂධ ලබා දෙයි. මෙමගින් නොමේරූ දරු උපතක් වුවත් දරුවාගේ පෙණහලූ කල් තබා මේරීමට පටන් ගනී. මෙය එවැනි ප්‍රසූතියකට ආසන්න වූ විට පැය 48 ක කාලයේදී නික්ෂේපණ හතරක් මගින් වහාම ලබා දිය යුතු වේ. ඉහත ඖෂධවලට අමතරව මවට ඇඳ විවේකය ලබා දීම ඉතාම වැදගත්ය. මවට අත්‍යවශ්‍ය ශාරීරික අවශ්‍යතාවලදී පවා ඇඳ විවේකය සහිතව ඇඳෙන් බැසීමට ඉඩ නොතබා විවේකය ලබා දිය යුතුවේ. මේ හැර රෝහලේදී එවැනි මවකට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. එසේ ලබා දෙන්නේ වෝටර් බෑගයේ තරලය පිටවීමට පටන් ගතහොත් පමණි. දරුවාගේ ජීවිතය රකින්න රෝහලෙන් විශේෂ සත්කාර ඉහත පිළිවෙත් සිදු කළත් දරුවා නොමේරූ දරුවකු ලෙසින් බිහි වුවහොත් ඉතාම ප්රවේසම්ව දරුවාගේ ජීවිතය රැුක ගැනීමට කටයුතු කළ යුතු වේ. ඒ මෙසේය. විෂබීජ ශරීර ගත වීමෙන් ආරක්ෂා කළ යුතු වේ. හේතුව මෙවැනි දරුවන්ට ඉතාම පහසුවෙන් විෂ බීජ ශරීර ගත වී මිය යා හැකි නිසාය. මේ හැර මෙවැනි දරුවන් ශ්වසන ආබාධවලට ගොදුරුව මිය යා හැකිය. නොමේරූ දරුවා යනු මවුකුස තවදුරටත් වර්ධනය වන දරුවෙකි. ඒ දරුවාට මවුකුස උණුසුම අවශ්‍යය. එසේ නොවුණහොත් මිය යා හැකිය. එනිසා මෙවැනි දරුවන්ට ශාරීරික උෂ්ණත්වය ඉතාම අවශ්‍යය. අඩු මස් දරුවාට මවු කිරි උරාබීම අපහසු වේ. මේ නිසා මෙවැනි දරුවන්ට නිසි ක්‍රමවේද අනුව මවගේ කිරි ලබා දිය යුතු වේ. අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය. ඉහත සඳහන් සියලූ ගැටලූවලට රෝහලෙන් විසඳුම් ලබා දුන්නත් මව තමාට නිසි ප්‍රසුති කාලයට පෙර දරුවා බිහිවීමට ලක්ෂණ පහළ වූ විගස රෝහල් ගත විය යුතුය. එවිට බොහෝවිට නොමේරූ උපතක් වුවද කල් තබා නිසි ප්‍රතිකාර ලැබීමෙන් දරුවාට ජීවත් වීමේ වාසනාව උදා වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 18 Sep 2018 08:50 PM හොඳින් හිතට ගත්ත, කොයි වෙලේ ඕන වෙයිද දන්නෑනි 0 sha733Super Senior MemberPosts:7332 19 Sep 2018 07:47 PM දැන සිටීම වැදගත් ස්තූතියි 0 chamaramindMost Senior MemberPosts:13471 20 Sep 2018 06:41 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 19 of 35 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner