Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 35 << < 1920212223 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 22 Sep 2018 04:54 PM හැමතැනම පිළිකා, මේ ටික නම් හරිම වටිනව, ස්තුතියි අය්ය 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 06:56 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 06:56 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 06:57 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:12 AM කාටිලේජ වර්ධනයට සුදුසු බෙහෙත් ප්රශ්නය - පසුගිය දෙසතිය තුළ අප කතා කළේ අස්ථි රෝග අතර ඉතා ප්‍රකට රෝගයක් වන කාටිලේජ දියවීම පිළිබඳවයි. ඒ සඳහා තිබෙන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප කතා කළා. වෛද්‍ය වසන්ත උදයජීව - සන්ධි රෝගවලට ප්‍රතිකාර කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ආයුර්වේදයේ සැමදාමත් තිබුණා. එයට හේතුව තමයි සන්ධි රෝග අතීතයේ පටන් මනුෂ්‍යයාට බලපෑ ප්‍රමුඛතම රෝගයක් වීම. මනුෂ්‍ය වර්ගයා මුල් කාලයේදී ආහාර සපයා ගත්තේ ඉතාම මහන්සියෙන් වැඩ කිරීමෙන්. මෙසේ වැඩ කරන විට ඔවුන්ට නිතරම සන්ධි ආබාධ ඇති වුණා. මේ නිසා අවුරුදු දහස් ගණනකට පෙර සිටම සන්ධි ආබාධ සඳහා ඖෂධ සොයා ගනු ලැබුවා. ප්රශ්නය - කාටිලේජ යළි වර්ධනය වීමට ඖෂධ සොයා ගැනීම සිදු වන්නේත් ඒ ආකාරයෙන්ද? වෛද්‍ය වසන්ත උදයජීව - අස්ථි ආබාධයකදී කාටිලේජ දියවීම ඉතා සුලබයි. ඒ නිසා කාටිලේජ දිය වීමට ඖෂධ සෙවීමත් ඉතාම පරණයි. කාටිලේජයක් දියවීම දවසකින් සිදුවන්නේ නැහැ. එය දිගුකාලීන වැඩක්. හැම වයසකම අයට මේ රෝගය හට ගන්නවා. ආයුර්වේද ප්‍රතිකාරයක් සිදු කරන්නෙ පියවර තුනකට. මුලින්ම කරන්නේ රෝගියාගේ වේදනාව කළමනාකරණය කිරීම. ඒ සඳහා කයිරෝසර ගුග්ගුලි පෙති, යෝගරාජ ගුග්ගුලි පෙති, ෂඩ්හරනම් චූර්ණ යනාදිය යොදා ගන්නවා. සච්චරාදි තෛලය සහ කොට්ටම් චුක්තාදි තෛලය ගානවා. ඊළඟ පියවර තමයි දියවුණු කාටිලේජය වටා තිබෙන මාංශ පේෂීන් ශක්තිමත් කිරීම. මේ සඳහා රහසිගත වට්ටෝරු අනුව සිඳින ලද තෙල් පරිහරණය කරනවා. ඒ එක්කම කල්කයක් වගේ දෙයක් මුඛ මාර්ගයෙක් රෝගියාගේ ශරීර ගතකරනවා. මේ කල්කයෙන් තමයි කාටිලේජ වර්ධනය නැවත වරක් සිදු වෙන්නේ. මේ ප්‍රතිකාර කරන විට රෝග මූලය සිඳී ගිහින් අවසන්. අවසන් පියවර තමයි රෝගය යළි පැන නැඟීමට හේතු විය හැකි කාරණා විනාශ කරන එක. ප්රශ්නය - නවීන වෛද්‍ය විද්‍යාව කියන පරිදි විනාශයට පත් වූ ගෙවී ගිය කාටිලේජයක් ප්‍රතිසංස්කරණය කරන්නට බැහැ... වෛද්‍ය වසන්ත උදයජීව - කාටිලේජයක තිබෙන ප්‍රධාන නව සංඝටකය තමයි කොලැජන්. මෙය ප්‍රොaටීනයක්. මේ ප්‍රොaටීනය හැදෙන්නේ විටමින් C වලින්. ඒ අනුව විටමින් C ලැබෙන දොඩම්, දෙළුම් වැනි පලතුරුවලින් කාටිලේජ වර්ධනය කරගන්න පුළුවන්. නිවුඩ්ඩ වැඩි සහල්වලිනුත් එයම කළ හැකියි. නොමිලේ විස්තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:13 AM අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න් සිදු කරන සිංහල බෙහෙතක්! ප්රශ්නය - දියවැඩියා රෝගය බෝ නොවන රෝගයක් වුවත්, ඉතා වේගයෙන් ජන සමාජය ඔස්සේ පැතිර යන බව දන්නවා. අප අද සිට මේ ලිපි පෙළ පටන් ගන්නේ දියවැඩියා රෝගය සුව කිරීම සඳහා ශාකසාර ඖෂධ යොදා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දියාවේ සිදු කෙරෙන පර්යේෂණ මාලාවක් සම්බන්ධයන් පාඨකයන් දැනුවත් කිරීමටයි. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නෙල්ලි, කරවිල, කුරුඳු, කෝමාරිකා යන ශාකවලින් පර්යේෂණ සිදු කරන බවත් එම පර්යේෂණ සාර්ථක වූ බවත් The Times of India නමැති පුවත්පත සඳහන් කරනවා. දියවැඩියාව කියන්නේ මොකද්ද? ශරීරයේ රුධිර සීනි ප්‍රතිශතය සාමාන්‍ය මට්ටම ඉක්මවා යැමයි. අප ගන්නා ආහාර ග්ලූකෝස් බවට පත් වී සෛලවලට ප්‍රවාහනය වීම සිදුවෙනවා. මේ ග්ලූකෝස් ශක්තිය බවට පත්වන අතර ඒ සඳහා පාදක වන්නේ Insulin නමැති ද්‍රව්‍යයයි. එහෙත් ඒ කාරණයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නැති වුණාම රුධිරයේ සීනි මට්ටම ඉහළ නගිනවා. මේ තත්ත්වය සමනය කිරීම සඳහා නෙල්ලි වලින් අපූරු ඖෂධයක් සාදා ගන්නට පුළුවන්. නෙල්ලි ගෙඩි 3 ක් තුනී තලපයක් වන පරිදි අඹරා ගත යුතුයි. ඉන් පසු රෙද්දකට මේ තලපය දමා තද කර ඉස්ම ලබා ගත යුතුයි. මේ නෙල්ලි ඉස්ම තේ හැඳි දෙකක් වතුර මිලි ලීටර් 200 කට දමා මිශ්‍රකර හැම උදැසනකම හිස්බඩ පානය කරනවා නම් රුධිර සීනි මට්ටම ඉදිරි පැය 24 තුළ පාලනය කර ගත හැකි බව සොයා ගෙන තිබෙනවා. මේ මිශ්‍රණය විටමින් C වලින් සමන්විතයි. ඒ නිසා ඔබේ අග්න්‍යාශය පරිස්සම් කර ගැනීමටත් පුළුවන්. නෙල්ලි යොදාගෙන දියවැඩියාව පාලනය කරන ක්‍රම ගණනාවක් අපේ පාරම්පරික වෛද්‍ය ක්රමයේ තිබෙනවා. නෙල්ලි ගසේ පස් පංගුවම බෙහෙතට ගන්නවා. ආයුර්වේදයට අනුව විග්රහ කරනවා නම්, නෙල්ලි මගින් ත්‍රිදොaෂ පාලනය සිදු වෙනවා. ආයුර්වේදයේ වගේම දේශීය වෙදකමෙත් තිබෙනවා රස වර්ග 6 ක්. එයින් 5 ක් ම නෙල්ලි ගෙඩියේ තිබෙනවා. මෙහි තිබෙන සිසිලකරන ගුණය නිසා පිත් දෝෂය පාලනය වී පිත අඩු වීම සිදුවෙනවා. එසේම මේ සිසිල්කරන ගුණය නිසා ශරීරයේ අග්න්‍යාශය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා වෙනවා. ශරීරයේ ගෙවී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට යොදා ගන්නා 'ච්යාවන්පුශ්' නමැති රසායනයේ ප්‍රධානතම අමුද්‍රව්‍යය තමයි නෙල්ලි. මේ රසායනය ගැන චරක සංහිතාවේ එනවා. අග්න්‍යාශය ප්‍රතිසංස්කරණය කරගත හැකි නම් එහි තිබෙන සෛල ක්‍රියාත්මක වී ඉන්සියුලින් නිපදවීම මාස 2න් අරඹනවා. නෙල්ලි පදනම් කරගත් අපේ පාරම්පරික ඖෂධවලට පුළුවන් නිදන්ගත තත්ත්වයට පත් නොවූ දියවැඩියාව සුවපත් කරන්නට. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:17 AM අතැගිලි හිරිවැටෙන අමුතුම රෝගය ප්රශ්නය - පසුගිය සතිවල අප ඔබ සමඟ සාකච්ඡා කළේ සයටිකා රෝගය ගැනයි. අන් කිසිදු මුද්‍රිත ප්‍රකාශයක් මගින් පැහැදිලි කර නොදුන් ආකාරයෙන් එම රෝගය ගැනත් එය සුව කරගන්නා ආකාරය ගැනත් අප ඔබට විස්තර කළා. අද අප ඔබෙන් විමසන්නට අදහස් කරන්නේ, Carpal tunnel syndrome කියන රෝග තත්ත්වය ගැනයි. වෛද්‍ය ආර්. කේ. වීරසේකර - දෙඅත් පාවිච්චි කර නිතර වැඩ කරන අයට බහුලව වැලඳෙන රෝගයක් ලෙස මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. කරණවෑමියන්. රියෑදුරන්, ගෘහණියන්, ලේඛකයන්, පරිගණකයෙන් ටයිප් කරන්නන් ඇතුළු අතේ මැණික් කටුවෙන් පහළ පරිහරණය කරන වැඩි දෙනකු ට මේ රෝගය හට ගන්නවා. මනුෂ්‍යයන් සහ ක්ෂීර පායි තිරිසන් සතුන්ගේ ඉදිරිපස ගාත්වල තිබෙන Median nerve නමැති ස්නායුව ආශ්‍රිතව තමයි මේ රෝගය හටගන්නේ. මෙම ස්නායුව උරහිස ආශ්රයෙන් පටන් ගන්නවා. ඉන්පසු අත දිගේ පහළට ගිහින් මැණික් කටුව හරහාත් ගමන් කරනවා. ඉන්පසු අත් හිරිවැටෙන්නට පටන් ගන්නවා. ඊළඟට කිසිවක් අල්ලන්ට බැරි වෙනවා. කරණවෑමියා කතුර ඇල්ලුවාට එය බිමට වැටෙනවා. රියෑදුරාට සුක්කානම හරිහැටි අහු වෙන්නේ නැහැ. ගෘහණියට ගෙදර වැඩ කරගන්නට බැරි වෙනවා. ඇඟිලි රිදෙනවා. හිරි වැටෙනවා. තද ගතියක් අත්වල හට ගන්නවා. ප්රශ්නය - මේ රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගත්තොත් මොනවද වෙන්නේ? වෛද්‍ය ආර්. කේ. වීරසේකර - ඉතාම නරක තත්ත්වයක් තමයි හටගන්නේ. Carpal ස්නායුව කියන කොටස අත්වල සෙසු ස්නායු සමග සම්බන්ධ වෙන්නේ නැත්නම් ඇඟිලි වැඩ කරන්නේ නැතිව යනවා. මෙතැනදී සුළු ස්නායු තදවීමත්, එයට ප්‍රතිකාර කළොත් වේදනාව නැති වෙනවා. ස්නායුවේ පීඩනය යථා තත්ත්වයට පත් වෙන්නනම් පුළුල් ප්‍රතිකාර කළ යුතුයි. ප්රශ්නය - තදවූ ස්නායුව සැත්කමක් මගින් විසුරුවා හරින්න බැරිද? වෛද්‍ය ආර්. කේ. වීරසේකර - මම සැත්කම් අනුමත කරන්නෙ නැහැ. සැත්කම් නොකර මේ රෝග ප්‍රතිකාර ගන්නා ක්‍රම ආයුර්වේදයේ තිබෙනවා. ප්රශ්නය - මේ රෝගයට කරන ප්‍රතිකාරවල පදනම කුමක්ද? වෛද්‍ය ආර්. කේ. වීරසේකර - ස්නායුවලට කරන ප්‍රතිකාර තමයි ප්රමුඛ ප්‍රතිකාර හැටියට සලකන්නේ. මෙහිදී තෙල් වර්ග ගෑම සහ තැවීම් සිදු කරනවා. කසාය නියම කරනවා. සමහර විට ඇඟිලිවල හිරිය නැති කිරීම සඳහා සම්බාහන ප්‍රතිකාර සිදු කරනවා. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:18 AM ඉරුවාරදයට මුල මොකක්ද ? ප්රශ්නය - උගුර කන නාසය හෙවත් ENT රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේදයේ තිබෙන බව පසුගිය සතියේ ඔබ අපට පැහැදිලි කළා. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ පීතෘවරයා වන සුශ්‍රැත ආචාර්යතුමා විග්රහ කරන පරිදි උගුර කන නාසය යන තැන් ආශ්‍රිතව අක්ෂි රෝග 76 ක්, මුඛ රෝග 65 ක් කර්ණ රෝග 23 ක් නිසා රෝග 31 ක් ම සහ ශිරෝ රෝග 11 ක් තිබෙන බව ඔබ සමඟ පවත්වන ලද සංවාදයේදී හෙළි වුණා. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ ඉරුවාරදය නමැති රෝග තත්ත්වය ගැනයි. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - සුශ්‍රැත ආචාර්යතුමාගේ අර්ථකථනය අනුව ශිරෝ රෝග11 ක් තිබෙනවානේ. ඉරුවාරදය කියන්නේ ඒ රෝග අතුරින් වැඩිම හිරිහැරයක් ඇති කරන රෝගයයි. මෙය ඉතා බහුලව පවතින රෝගයක්. මෙය වාත පිත්ත කප යන තුනම සම්බන්ධ වෙන අවස්ථාවක්. මේ තුනෙනුත් පිත්ත දොaෂය වැඩියෙන්ම මෙම රෝගය සමඟ සම්බන්ධ වෙනවා. ඉරුවාරදයට ආයුර්වේදයේ කියන නියම නම තමයි සූර්යාවර්තය කියන එක. නමේ විදියට අපි මෙය සංසන්දනය කරන්නේ කෝටරක ප්රදාහයටයි. සූර්යාවර්තය, ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තය කියන රෝගය හටගන්නේ ඉර නැගෙගෙන ඇවිත් මුදුන් වෙලා ක්රමයෙන්බැස යන ආකාරයටයි. මේ රෝගයට පිත සම්බන්ධයි කියන්නේ ඇයි?. පිතේ ස්වභාවයයි ඉරේ ස්වභාවයයි අතර තිබෙනවා සමාන ලක්ෂණ. පිතේ තිබෙනවා උෂ්ණ ගුණය සහ ශීත ගුණය. මේ අනුව ඉරුවාරද රෝගියාට උදේ කාලයේ තියෙන සෙම් ගතිය දවල් වනවිට අඩු වෙලා පිත් ගතිය ඉහළට එනවා. සවස් වන විට ක්‍රමයෙන් පිත් ගතිය අඩුවෙලා වාත ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තනයත් එක්ක මේ රෝගය ටිකෙන් ටික මතුවන බවයි. ඉර මුදුන් වන විට රෝග තත්ත්වය හොඳටම වැඩිවෙලා සවස් වන විට අඩුවෙලා යනවා. ප්රශ්නය - ඔබ කියන්නේ සූර්යෝදගමනයත් එක්ක මේ රෝග තත්ත්වය වැඩිවන ආකාරයයි. අපට පැහැදිලි කර දෙන්න පුළුවන් ද සූර්යයා ක්‍රමයෙන් නැගෙන විට ශරීරය තුළ හට ගන්නා ක්‍රියාවලිය කුමක්ද කියලා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපේ හිස් කබල සහ පිටත සම අතර හිස් අවකාශ කිහිපයක් තිබෙනවා. අප ඒවාට කියන්නේ කෝටරක කියලා. නවීන විද්‍යාවේදී කියනවා හිසේ සමබරතාව පවත්වාගෙන යන්නට මේ කෝටරක උපකාරී වෙනවා කියලා. මේ හිස් අවකාශය තුළ තිබෙනවා සෙම.... ප්රශ්නය - මේ හිස් අවකාශවලින් ශරීරයට තිබෙන ප්‍රයෝජනය කුමක්ද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපේ හිස්කබල සහ සම අතර කිසිදු හිස් අවකාශයක් නැතිව සම හිස්කබලටම ඇලිලා තිබෙනවා නම් අපට කතා කරගන්න පවා බැරි වෙනවා. හිස් කබලේ දෙදරීම් ඇති වෙනවා. ඒ වගේම මේ අවකාශ නිසා හිස් කබල සහ එහි සම ආශ්‍රිතව Ventilation (වාතය ගමන් කිරීම) නිසි ආකාරයට සිදු වෙනවා. අපේ හිසට තිබෙන එකම දොරටුව තමයි නාසය. කට කියන්නේ ගෙලින් පහළට තිබෙන විවරයක්. අනෙක කට හිස්කබල සමඟ සම්බන්ධ වන්නේත් නාසය හරහායි. ප්රශ්නය - ඒ අනුව ඔබ කියන්නේ නාසයෙන් මොළයට ප්‍රවේශ විය හැකි ගමන් මාර්ගයකුත් තිබෙනවාද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ඔව්! අප නශ්‍ය කර්මයක් එනම් නස්නයක් කරනවා කියලා හිතන්න. නශ්‍ය කර්මවලදී පැහැදිලිව කියනවා ශීර්ශයට තිබෙන ද්වාරය නාසය කියලා. අපි ඉරුවාරදය හැදුනාම නස්න කරනවා. නාසය තුළට තෙල් බින්දු කිහිපයක් හෝ කිසියම් ඖෂධීය සාරයක් දමනවා. එවිට එම වායුව නාසය ඔස්සේ අර කලින් කියාපු කෝටරක තුළට ගමන්කරලා එහි තිබෙන ආසාදිත තත්ත්වයන් නැති කරනවා. සෙම නිසා විවිධ ආසාදනයක් හට ගන්නට පුළුවන්. සමහර රෝගීන් අපට ඇවිත් කියනවා මට ඔලුව උස්සන්න බැහැ, එහෙමත් නැත්නම් පහත් කරන්න බැහැ බරයි කියලා. එතකොට අපි නාසයට උරන්න දුමක් දෙනවා. නාසය හරහා මේ ඖෂධීය දුම කෝටරකවලට ගමන් කරනවා. ඉන් පස්සේ ආසාදන නැති කරනවා. අනෙක මේ කෝටරක ඇතුලේ තිබෙනවා ශ්ලේශ්මල කලාපයන් හෙවත් Mucous Membrane එකක්. මෙහි තිබෙනවා පොඩි තෙත් ගතියක්. පිතේ බලපෑම වැඩිවුණාම මේ තෙත් කලාපය වියෑලෙනවා. එතකොට කෝටරක හරහා ගමන් කරන්න වාතයට බැරි වෙනවා. ඔලුව රිදෙන්න පටන් ගන්නේ එවිටයි. නොමිලේ විස්තර 011-5289248/077 7620948 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:19 AM සෙලුලයිටිස් සුව කරන්න පුළුවන්ද? ප්රශ්නය - Cellulitis කියන රෝගය නූතන සමාජය පුරා ඉතා නිහඬ ලෙස ව්‍යාප්ත වෙමින් පවත්නා රෝගයක්. බටහිර විද්‍යාවට අනුව මෙය මර්දනය කළ හැකි නමුත් නිට්ටාවට සුව කළ හැකි රෝගයක් නොවෙයි. අප අද සිට ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සෙලුලයිටිස් රෝගයේ ස්වභාවය සහ ආයුර්වේදය මගින් මෙය සුව කළ හැකිද යන කාරණා ගැනයි. ආයුර්වේදයෙන් මෙය සුව කළ හැකිද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ස්ථිර වශයෙන්ම මෙය සුව කළ හැකියි. හැබැයි ඉතා ඉවැසිල්ලෙන් සහ විනයානුකූලව ඖෂධ ගැනීම කළ යුතුයි. විනයානුකූලව කියන්නේ ආහාර සහ විහරණ ගැනයි. නිසි වෙලාවට නිසි මාත්‍රාවට නිසි කාලය තුළ ඖෂධ ගැනීම සහ කෑම බීමෙන් පරෙස්සම් වීම වැදගත්. ප්රශ්නය - මොකද්ද සෙලුලයිටිස් කියන්නේ? වෛද්‍ය පුෂ්පකුමාර - මේ පිළිබඳ ආයුර්වේද විග්‍රහය පසු ලිපියකට තබා බටහිර විද්‍යාත්මක නිර්වචනය කරන්නම්. මෙය අද බොහෝ දෙනා තුළ දැකිය හැකි ඉතා බරපතළ විය හැකි චර්ම ආසාදනයක්. සම මත මේ ආසාදනය ඇති කරන්නේ බැක්ටීරියාවක් මගින්. සම තුළට රිංගා ගන්නා මේ බැක්ටීරියාව සමට සහ එයට යටින් තිබෙන තෙල් තට්ටුව ආසාදනය කරනවා. මේ රෝගය පටන් ගන්නේ කුඩා පැල්ලමක් හැටියට. එය රතු පාටයි. ක්‍රමයෙන් මේ පැල්ලම විශාල වෙනවා. ඒ එක්කම එම චර්ම කොටස ඉදිමෙන්නට පටන් ගන්නවා. මෙවැනි පැල්ලමක් මතට ඇඟිල්ල තබා තද කර ආපසු ගත් විට සුදු පැහැති ගතියක් ඇති වී නැවතත් රතු පැහැයට හැරෙනවා. ආසාදනය වූ චර්ම ප්‍රදේශය ඉමහත් වේදනාවක් ගෙන දෙනවා. වසා ග්‍රන්ථි සමඟ සම්බන්ධකම් ඇති රුධිර නාළවලට මේ නිසා ඉමහත් පීඩාවක් ඇති වනවා. රෝගියාට විටින් විට උණ ගන්නවා. ඔහු ඉතාම විඩාපත් ස්වරූපයකින් කල් ගත කරනවා. සෙලුලයිටිස් රෝගය වැඩියෙන්ම හට ගන්නේ පාදවලයි. එහෙත් ශරීරයේ ඕනෑම තැනකට මෙය පැතිරෙන්න පුළුවන්. මෙයට වගකිවයුතු බැක්ටීරියා වර්ග දෙකක් ගැන සඳහන් වෙනවා. පළමුවන වර්ගය තමයි streptococci අනෙක Staphylococcus aureus බටහිර වෛද්‍ය ක්‍රමය තුළදී මේ රෝගයට නියම කරන්නේ cephalexin, amoxicillin, cloxacillin වැනි ප්‍රතිජීවක ඖෂධ. ලබන සතියේ තව විස්තර නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:20 AM අප්‍රාණික වූ ස්නායු පණ ගන්වන අශ්වගන්ධ අරිෂ්ටය ප්රශ්නය - පසුගිය සතියේදී අප අල්සයිමර් රෝගය ගැන මේ තීරුව ඔස්සේ කතා කළා. මෙයට ආයුර්වේදයේ පිළියම් තිබෙනවාද? වෛද්‍ය අමිල බණ්ඩාර - මා හිතන විදිහට අල්සයිමර් රෝගයට පිළියම් තිබෙන්නේ ආයුර්වේදයේ විතරයි. අල්සයිමර් රෝගය නිසා හටගන්නා සංකූලතා ප්‍රමාද කරන්නට වගේම සුවකරන්නටත් ආයුර්වේදයට පුළුවන්. ආයුර්වේදය යටතේ අල්සයිමර් රෝගය ගැනෙන්නේ වාත ව්‍යාධි නමැති රෝග කාණ්ඩයටයි. ශරීරයේ වාත දොaෂය අසමතුලිත වීමෙන් ස්නායු පද්ධතියට බලපෑමක් ඇතිවී අල්සයිමර් රෝගය හටගන්නා බව තමයි ආයුර්වේද නිර්වචනය වන්නේ. මේ රෝගයත් සමඟ බද්ධ වන ඊළඟ රෝගය තමයි ඩිමෙන්ෂියාව. එය මතකයට බලපාන රෝග තත්ත්වයක්. ප්රශ්නය - අල්සයිමර් රෝගය සමනය කිරීමට යොදා ගත හැකි ආයුර්වේද ඖෂධ මොනවාද? වෛද්‍ය අමිල බණ්ඩාර - අශ්වගන්ධ හෙවත් අමුක්කරා තමයි ප්‍රධානම ඖෂධය. ආයුර්වේදයේ එන රෝගී වූ ස්නායු පණගැන්වීමේ ප්‍රවණතාව ඖෂධය තමයි අශ්වගන්ද හෙවත් අමුක්කරා. මේ මගින් ස්නායු පණ ගන්වන අරිෂ්ට හදන්නට පුළුවන්. ඒ නිසාම මෙය වාජීකරණයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. කෙනකුට ලිංගික දුබලතා හට ගන්නේ ස්නායු අප්‍රාණික වීම නිසයි. අශ්වගන්ධ අරිෂ්ටය, අශ්වගන්ධ තෛලය යනාදිය මගින් ස්නායු ප්‍රාණවත් වූ විට ලිංගික හැකියාව වැඩි වෙනවා. ඒ එක්කම අධික විඩාව නිසා ශරීරය වේදනාවට ලක්ව තිබෙන විට අශ්වගන්ධ අරිෂ්ටය පානය කළාම එය කෙළින්ම ස්නායුවලට බලපාලා විඩාව නැති වෙනවා. අශ්වගන්ධ කියන්නේ Nightshade (Solanacege) නමැති විෂ සහිත ගෙඩි වර්ගයක් සහිත ශාක කුලයකට අයත් පැළයක්. මෙහි මුල ඖෂධ සෑදීම සඳහා බහුල වශයෙන් යොදා ගන්නවා. මෙය රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර එහි තිබෙන විෂ නැසීමේ ගුණය නිසා ඉතාම ප්‍රබල සහ සූක්ෂම ඖෂධයක් බවට පත්වෙලා තිබෙනවා. ශරීරයේ තිබෙන විෂකාරක දඩයම් කරන ඖෂධයක් හැටියට තමයි මෙය ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන්නේ. එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. මෙහි තිබෙනවා ක්ෂාරීය ඇලකලොයිඩ විශේෂයක්. මෙය මධ්‍ය ස්නායු පද්ධතියට කොඳුඇටවලට බලපානවා. ඖෂධ බවට පත් කෙරුණ අශ්වගන්ධය මිලිග්‍රෑම් 500 ක් දවසකට ශරීරයට ගන්නට පුළුවන් නම් දවස වඩාත් ප්‍රාණවත්ව ගතකළ හැකි බව විශ්වාස කරනවා. ඉන්දියානු වෛද්‍ය පර්යේෂණායතනය තුළ මීයන් යොදාගෙන කළ චිකිත්සක පරීක්ෂණවලදී පෙනී ගොස් තිබෙනවා අල්සයිමර් රෝගය මැඩ පවත්වන්නට අශ්වගන්ධය සහිත සංයෝගවලට පුළුවන් බව. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:25 AM අපස්මාරය සුව කරන හෝමියෝපති ප්‍රතිකාර ප්රශ්නය - හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය මගින් පාකින්සන් රෝගය සුව කරන ආකාරය ගැන පසුගිය දිනවල අප සාකච්ඡා කළා. අද සිට අප ලිවීමට බලාපොරොත්තු වන්නේ හෝමියෝපති ප්‍රතිකාර මගින් අපස්මාර රෝග සුව කරන ආකාරය ගැනයි. වෛද්‍ය අනූෂා හේමකුමාර - මෙහිදී අප අපස්මාරය හෙවත් Epilepsyයන රෝගය කුමක්ද යන්න විග්රහ කරගත යුතුයි. ඒ මෙහෙමයි. 1. අපස්මාර රෝගය ලොව සිවුවන තැනට ව්‍යාප්තව තිබෙන ස්නායු රෝගය ලෙස සැළකෙනවා. මෙය ගැහැනු පිරිමි භේදයකින් තොරව කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා හැමෝටම හැදෙනවා. 2. අපස්මාරය Seizure disorders යන රෝග කාණ්ඩයට අයත්. අප මීමැස්මෝරය ලෙස හඳුන්වන්නේ මෙම රෝගයටයි. 3. අපස්මාරය හටගන්නේ කිසිදු පූර්ව රෝග ලක්ෂණයක් නැතිව ක්ෂණිකවයි. මේ දැන් හොඳින් ඉන්න රෝගියාට ඊළඟ මොහොතේදී අපස්මාරය හටගන්නවා. 4. මෙය රෝගියාගෙන් රෝගියාට වෙනස් විදියට තමයි හටගන්නේ. ඒ කියන්නේ රෝග ලක්ෂණ සහ රෝගය හට ගැනීමේ ස්වභාවය රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා. 5. අපස්මාරය නිසා වෙනත් රෝග හට ගැනීමට පුළුවන්. ප්රශ්නය - මෙය ඉතා පැරණිම රෝගයක් නේද? වෛද්‍ය අනූෂා හේමකුමාර - හැම රෝගයක්ම පරණයි. දැනට අප වටා තිබෙන රෝගවලින් 99% ක් ම මෙයට වසර දහස් ගණනකට පෙර තිබුණා. අපස්මාරයත් එහෙමයි. හැබැයි මෙයට වසර දහස් ගණනකට පෙර තිබූ වෙනත් රෝගාබාධ ගැන වැඩිමනත් වාර්තා නොතිබුණාට අපස්මාරය ගැන ඊජිප්තුවේ පාරාවෝ රජවරුන් රජ කළ කාලයේ. සිටම වාර්තා තිබෙනවා. මෙයට වසර 5000 කට පෙර ජීවත් වූ ඊජිප්තු රජ කෙනකුට අපස්මාරය තිබූ හැටිත් ඔහු පිරමීඩ ගොඩනංවන වැඩබිම්වලට ගිහින් ඒවා පරීක්ෂා කිරීමේදී අධික අවු රස්නය නිසා ඔහු ට අපස්මාරය වැළඳුන හැටිත් එය දෙවියන් දැකීමක් හැටියට ඔහුගේ යටත් වැසියන් සැලකූ හැටිත් පිළිබඳ විස්තර තිබෙනවා. ප්රශ්නය - අපස්මාරය වැලඳෙන්නේ කොහොමද? වෛද්‍ය අනූෂා හේමකුමාර - ජානමය හේතුවක් තිබෙනවා. වෙනත් හේතු තිබෙන්නත් පුළුවන්. වෙනත් හේතු කියන්නේ අපස්මාරය නොවන හේතුවක් නිසා රෝගය හටගැනීමයි. උදාහරණයක් හැටියට මොළයේ ව්‍යාධිගත තත්ත්වයක් ඇති වුණාම අපස්මාරය හැදෙනවා. ආඝාතය, පිළිකා හෝ අර්බුද යනාදිය මොළයේ හැදුනාමත් අපස්මාරය හට ගන්නවා. මේ ආබාධවලට හේතුව මොළයට බලපාන පූර්ව ආසාදනයක් විය හැකියි. තරුණ අයට අපස්මාරය හැදෙන්නේ ජානමය හේතු, ........... හෙවත් සහජ හේතු යනාදිය නිසයි. වැඩිහිටියන්ට මෙය හැදෙන්නේ මොළයේ හටගන්නා පිළිකා, අර්බුද, ආසාදන තත්ත්වයන් යනාදිය නිසයි. විෂ ශරීර ගතවීම නිසාත් මේ රෝගය හටගන්නා අවස්ථා තිබෙනවා. නොමිලේ විස්තර සඳහා 011-2731695 හෝ 0718250716/17 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:32 AM ලෙඩ ගොඩකට මුල්වන ගැස්ට්‍රයිටීස් ප්රශ්නය - ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වන්නේ කොහොමද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අධික උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙන් ඇති වන උෂ්ණ ගතිය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා නිසි පරිදි ජීර්ණය නොවූ ආහාර කොටස් විෂක් ලෙස රුධිරයට එක්වීම සිදු වන අතර මෙන්න මේ ක්‍රියාවලි නිසා සිරුරේ ඇති වන රෝගයක් ලෙස ගැස්ට්‍රයිටීස් හඳුන්වා දිය හැකියි. ප්රශ්නය - ගැස්ට්‍රයිටීස් වලින් සිරුරට ඇති කරන බලපෑම් මොනවාද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආහාර ජීර්ණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා සිරුරේ සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම සිදුවීම ඇරඹේ. මෙම ක්‍රියාවලිය සිරුරේ ආම රසය වැඩි වීම තුළින් තව තවත් තීව්ර වීම සිදු වේ. ඒ අනුව මෙම ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා සිරුරේ සාන්ද්‍රව සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම නිසා විවිධ ආබාධ ඇති වීම ඇරඹේ. ඒ අනුව එම විෂ කොටස් වැඩි වීම තුළින් එම විෂ කොටස් තෝරා ගත් පද්ධති හා අවයව ආක්‍රමණය කළ විට ඒවායෙන් විවිධ රෝගාබාධ ඇති වීම සිදු වේ. ඒ අනුව එම විෂ මුත්‍රා පද්ධතිය ආක්‍රමණය කළේ නම් වකුගඩු, මුත්‍රා රෝග, සිරුරේ අධෝභාගය නම් මළ පිටවීම අක්‍රමවත් වීම අර්ශස් තත්ත්ව ලෙස ඒ ඒ පද්ධති ආශ්‍රිතව විවිධ රෝග ඇති විය හැකියි. ප්රශ්නය - මෙම රෝගය වැළඳුණු අයෙක් ඒ බව දැනගන්නේ කෙසේද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක -පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. ඒ අතරිනුත් බඩ පපුව දැවිල්ල, උගුරට ඒම, කැරකිල්ල, වමන ගතිය, ක්ලාන්තය, දහදිය දැමීම, ඇඟපත අමාරුව, හන්දි වේදනාව, හිස කැක්කුම, කොන්ද කැක්කුම, පපු පෙදෙසේ ඇති වන වේදනාව, උදරයේ හිස් බවක් දැනීම, අලස බව, අධිකව කේන්ති යැම, නිදිමත ගතිය, මළ පිට වීමේ අක්‍රමවත් බව ආදීයෙන් රෝග ලක්ෂණ දැනගත හැකියි. ප්රශ්නය - ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ රෝගය සුව කළ හැකිද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - නිසි ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගොස් ඔවුන් ලබාදෙන ඖෂධ නිවැරදි ලෙස පාවිච්චි කළොත් මේ රෝගය නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා සැකසූ සුදුසුම ප්‍රතිකාර විදි ආයුර්වේදය සතුව තිබෙනවා. නිවැරදි ලෙස රෝග ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීම තුළින් ගැස්ට්‍රයිටීස් සුව කර ඒ නිසාම ඇති වූ අනිකුත් රෝගාබාධයන්ද සුව කර ගත හැකියි. ෆ විශේෂයෙන්ම කිව යුත්තේ සිරුරේ ඇතිවන ආම රසය රක්ත ධාතුව හරහා කුමන හෝ ඉන්ද්රිය පද්ධතියකට ඇතුළු වූයේද එම පද්ධතිය ආශ්‍රිතව කුමක් හෝ රෝග ලක්ෂණයක් පහළ වීම සිදු වේ. ෆ මෙම රෝගීන් වැළකිය යුතු ආහාර හෝ වෙන යම් දේවල් තිබෙනවාද? ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ නියමිත පරිදි ආහාර වේල් නිසි පරිදි ගත යුතු වීමයි. අධික වේලාවක් කුසගින්නේ නොසිටිය යුතු අතර හැකි තරම් විෂ සහිත ආහාරවලින් (ක්ෂණික) වැළකිය යුතුයි. එළවළු, පළතුරු වැඩි වැඩියෙන් ආහාර සඳහා එකතු කරගත යුතු අතර මස් මාංශ වැඩිපුර ගැනීමෙන් ද වැළකිය යුතුයි. උෂ්ණාධික ආහාර වර්ගවලින් හැකි සැම විටම ඈත්ව සිටිය යුතු අතර දුම්පානය, මත්පැන් පානයද මෙම රෝගීන්ට බොහෝ අකැපය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:33 AM පක්ෂාඝාත රෝගියෙක් දැනගත යුතු දේ පක්ෂාඝාතයේදී එක් පසෙක අත හා පාදය බොහෝ විට අකර්මණ්‍ය වේ. එහෙත් මෙහිදී ඇතිවන ව්‍යාධිවේදීය තත්ත්වය එක් අතක් හෝ පාදයක් හෝ මුහුණේ පැත්තක් පණ නැතිවීමේදීද සිදුවේ. එකම ව්‍යාධිවේදීය තත්ත්වය වුවද හටගන්නා එය ස්ථානය අනුව රෝග ලක්ෂණ වෙනස් වේ. පක්ෂාඝාත හෝ අංශභාග රෝගියා ශාරීරික මෙන්ම මානසිකව ගිලන්ව සිටින මේ මොහොතේ රෝගියා කෙරෙහි පවුලේ අයගේ එනම් බිරිඳ/ ස්වාමි පුරුෂයා, දරුවන්, අසල්වාසී අයගේ අවධානය, ආදරය, කරුණාව ලැබිය යුතුවේ. ඔහු මානසිකව බිඳ වැටී ඇත්නම් උෙද්‍යාaගය ඇතිවන පරිදි කටයුතු කළ යුතුයි. රෝගියා පවා තමාට හැකි පමණ උනන්දුවෙන් සිය කටයුතු කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. මුහුණ සෝදා ගැනීම, මුව පිරිසිදුව තබා ගැනීම, හිස පීරා ගැනීම, කමිසයක් ඇඳ සිටින්නේ නම් බොත්තම් දමා ගැනීමට උත්සාහ දැරීම, ආධාරකයක් උපකාර කරගෙන පියවර කීපයක් ඇවිදීම වැනි සුළු ක්‍රියාකාරකම් වල යෙදිය යුතුයි. එහෙත් මේ සෑම දෙයකදීම තවත් අයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාකිරීම අවශ්‍ය වේ. ඊට හේතුව වන්නේ තනිව ක්‍රියාකිරීමට යැමේදී ඇදවැටීම් ආදියට ගොදුරු නොවිය යුතු වීමයි. රෝගියාගේ මළ, මුත්‍රා පිටවීම ආහාර අරුචිය පිළිබඳ මනා අවධානයකින් සිටිය යුතුයි. සමහර රෝගීන්ට කතා කිරීමේ අපහසුතාවය ඇති නිසා ඉහත කරුණු පිළිබඳ සිය අවශ්‍යතා හෝ හැඟීම් ප්‍රකාශ කළ නොහැකි බැවින් උපස්ථායක වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඖෂධ භාවිතය වෛද්‍ය උපදෙස් අනුව නොවරදවා කළ යුතුයි. එමෙන්ම සිරුරට දැනෙන පහසු අපහසුතා නොසඟවා රෝගී පුද්ගලයා විසින් ප්‍රකාශ කළ යුතුවේ. පක්ෂාඝාත රෝගියා ගෙයි අඳුරු කාමරයකට සිරකර තැබිය යුතු නොවේ. ඇතැම් පිරිස් රෝගියාගේ මළ මුත්‍රා නොදැනී පිටවීම නිසා රෝගියා ගෙයි කොණක අඳුරු කාමරයකට සීමා කරයි. මෙයින් රෝගියා මානසික අවපීඩනයකට පත්වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 07:34 AM කොඳුඇටවල ඇදය සුව කරන තුන් මාසයේ ප්‍රතිකාරය ප්රශ්නය - කොඳු ඇට පෙළ ඇද වූ කුඩා දරුවන් ගැනයි අප පසුගිය සතියේ කතා කළේ. වැරදි හැඩයට ඉඳගෙන දිගු වේලාවක් රූපවාහිනිය බැලීම, වැරදි හැඩයට ඉඳගෙන පන්ති කාමරයේ වැඩ කිරීම මෙයට හේතුවන බව අප සඳහන් කළා. කෙනෙකු පැත්තකට ඇලවෙලා හිඳ ගැනීම, දීර්ඝ කාලයක් කළොත් ඔහුගේ හෝ ඇයගේ කොඳු ඇට පෙළ, ඔහු හෝ ඇය හිඳ සිටි ඉරියව්වට අනුව ඇදවන බවයි මෙහිදී අප තේරුම් ගත යුත්තේ. වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය ඔස්ටියෝ ආත්රයිටිස් තත්ත්වයක් බවට පත්වන අවස්ථාත් තිබෙනවා. සාමාන්‍යයෙන් මෙය හට ගන්නේ අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩවල අයටයි. එහෙත් ඉන්දියානු ආයුර්වේද පර්යේෂණායතනයක් විසින් පසුගිය කාලයේදී කළ පර්යේෂණ අනුව පෙනී යනවා මේ විකෘතිතා අවුරුදු 50 දක්වා අයටත් හට ගන්නා බව. ප්රශ්නය - මෙය රෝගයක්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය රෝගයක් නොවෙයි විකෘතියක්. හැබැයි මේ විකෘතිය නිසා විවිධ රෝග හටගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් ස්නායු තෙරැපීමක් ඇති වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයකදී මතුවන අතුරුඵලය රෝගයක්. සමහර විට ඒ රෝග තත්ත්වය නිසා දෙඅත් සහ දෙපා පණනැති වීම වැනි උග්‍ර තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට එය රෝගයක්. මේ Disk යළි පුනරුත්ථාපනය කිරිමට මුල සිටම බෙහෙත් කිරීමට සිදු වෙනවා. ප්රශ්නය - මෙය සුව කර ගැනීමට සැත්කමක් කළොත් මොකද වෙන්නේ? වෛද්‍ය එම්. ඒ. මදනායක - පළමුවෙන් ම කිව යුතුව ඇත්තේ එය රෝගියාගේ සහ පවුලේ අයගේ කැමැත්ත මත පදනම් වී කළ යුතු දෙයක් බවයි. ප්‍රතිකාර විධිය තෝරා ගැනීම රෝගියාගේ නිදහස. එහෙත් දේශීය වෛද්‍යවරුන් වන අපි ඇඟ කපා රෝග සුව කළ යුතුය කියන කාරණය පිළිගන්නේ නැහැ. අප හැම විටම කියන්නේ ශරීරයට බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර කිරීම මගින් පමණක් ප්‍රශ්න විසදා ගන්න කියලයි. උදාහරණයක් හැටියට සැත්කමක අතුරුඵලය කුමක්ද කියලා බලමු. මෙහිදී ඇදවුණු කොඳුඇට පෙළ කෙළින් කරලා ක්ලිප් ගහනවා. හැබැයි මේ ක්ලිප් එක්ක දිගු කලක් ඉන්න රෝගියාට අමාරුයි. ඒ නිසා ඔහු ශරීරය චලනය කරන්න උත්සාහ කරනවා. එවිට ක්ලිප් ගැලවෙන්නට ඉඩ තිබෙනවා. ක්ලිප් ගැලවුණාම නැවත වරක් තුවාල පෑරෙනවා. එතකොට ක්ලිප් නැවත පිහිටුවීම සඳහා සැත්කමක් කළ යුතුයි. මේ විදියට දිගටම කරන්නට බැහැ. රෝගියා මේ මගින් අප්‍රමාණ දුකක් විඳිනවා. මෙයට කළ හැකි හොඳම පිළියම තමයි සැත්කමක් නොකර කොඳු ඇට පෙළ ශරීරයේ පිටතින් ස්පර්ශ කරමින් තද කරමින් ඇටවල ඇදය ඇරීම. මේ සඳහා යෝග්‍ය තෙල් වර්ග දේශීය වෙදකමේ තිබෙනවා. විශේෂ තැවිලි ක්‍රම තිබෙනවා. ඒ මගින් මාස 3 ක් වැනි කාලයක් තුළදී ඇදවුණු කොඳු ඇට පෙළ කෙළින් කර ගත හැකියි. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 23 Sep 2018 08:50 AM ස්තුතියි මේ විස්තර ගෙනාවට 0 chamaramindMost Senior MemberPosts:13471 23 Sep 2018 03:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 23 Sep 2018 04:10 PM මම හිතුවේ ඇඹරැල්ල පොත්ත ඇඹුල් නිසා ගැස්ට්‍රයිටීස් වැඩි වෙයි කියල 0 chamaramindMost Senior MemberPosts:13471 25 Sep 2018 07:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Sep 2018 07:53 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Sep 2018 07:53 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 21 of 35 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner