You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 35 << < 2122232425 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Sep 2018 07:01 AM

ඒඩ්ස් රෝගය ගැන මිත්‍යා මත ගොඩායි!

ඒඩ්ස් රෝගය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන්නේ ලිංගික සම්බන්ධතාවලදී ය (යෝනි තරල හා ශුක්‍ර තරල මඟින්) මීට අමතරව ආසාදිත රුධිරය තැවරුණු සිරින්ජ, ඉඳිකටු වැනි තියුණු උපකරණ නැවත භාවිතයේ දී, රුධිර පාරවිලයනයේ දී හෝ ආසාදිත මවකට දාව සිදුවන දරු උපතකදී එම දරුවාට ඒඩ්ස් රෝගය ශරීර ගත විය හැක. එමෙන්ම ආසාදිත මවකගේ මව් කිරිවලද මෙම වෛරසය පැවතිය හැකිය. 

මෙහිදී සිදුවන්නේ එම වෛරසය අඩංගු දේහ තරලයක් තවත් පුද්ගලයෙකුගේ ශ්ලේෂ්මල පටල සමඟ මිශ්‍ර වී, සමේ තුවාල වූ ස්ථානයකින් ඇතුල් වී හෝ සෘජුවම රුධිර ගත වීමෙන් එම පුද්ගලයා ආසාදිත තත්වයට පත් වීමයි.  රුධිරය, ශුක්‍රාණු තරලය, යෝනි මර්ග තරලය සහ මව් කිරිවල මෙම වෛරසය අන්තර්ගත වන නමුත් ඛේටය, කඳුලු, දහදියහි අන්තර්ගත නොවේ. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයෝද ඒඩ්ස් වැළඳීමේ අවදානමක පසුවෙති. අසාදිත පුද්ගලයකුගේ රුධිරය අඩංගු තියුණු උපකරණයක් මඟින් සිදුවන හදිසි අනතුරක දී වෛරසය ශරීර ගත විය හැක. තවද ආසාදිත රුධිරය ඇස්වලට ඉසීමෙන්ද මෙය සිදුවිය හැක. නමුත් නිසි පරිදි ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය සහ සැළකිළිමත් වීම මඟින් මෙම අනතුරැ පහසුවෙන් වළක්වා ගත හැක. 

අතට අතදීම, වැසිකිළි භාවිතය, පිඟන් කෝප්ප ආදිය හවුලේ භාවිතය වැනි එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු කිසිවකදී රෝගය වැළඳීමේ කිසිදු අවදානමක් නොමැත.  ආසාදිත රැධිරය මිශ්‍ර නොවූ ඛේටය, කඳුළු, දහදිය හෝ මළ මුත්‍රා මඟින් ද, මදුරුවන් වැනි රුධිරය උරා බොන කෘමීන් මඟින්ද, කිවිසුම් මඟින් වාතයෙන් ද ඒඩ්ස් රෝගය වැළදීමේ කිසිදු අවදානමක් නොමැත. තවද, සිප වැළඳ ගැනීමෙන් ඒඩ්ස් රෝගය බෝ නොවන අතර ආසාදිත පුද්ගලයාගේ මුඛයේ තුවාල පවතී නම් හෝ විදුරුමස් වලින් රැධිර වහනය වේ නම් පමණක් සිප ගැනීමේදී වෛරසය ආසාදනය විය හැකිය. 

නවීන විලාසිතාවන් අතර ප්‍රමුඛ ස්ථානයක පවතින පච්ච කෙටීම් වලදී රෝග ව්‍යාප්තිය සිදුවිය හැක. එහිදී භාවිතා කරන උපකරණ නැවත නැවතත් භාවිතයෙන් හෝ නිසි පරිදි ජීවානුහරණය නොකිරීමෙන් ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුට ශරීර ගත විය හැක. නිසි පරිදි ජීවානුහරණයෙන් හෝ සෑම අවස්ථාවකදීම අලුත් උපකරණ භාවිතයෙන් රෝග ව්‍යාප්තිය අවම කර ගත හැක. 

ආසාදිත පුද්ගලයෙක් මඟින් ඔබව පහුරු ගෑමකට ලක් වුවහොත් ඔබට රෝගය වැළඳේ ද?  

නැත. එහිදී ඔහුගේ රුධිරය මිශ්‍රවීමක් සිදු නොවන නිසා රෝගය ආසාදනයේ හැකියාවක් නොමැත.

ඒඩ්ස් රෝගියෙකු ආහාරයට ගන්නා ලද ආහාරයක ඉතිරිය අනුභවයෙන්ද රෝගය වැළඳීමේ අවකාශයක් නොමැත.  එම ආහාරයේ ආසාදිත රැධිරය යම් ප්‍රමාණයක් අඩංගු විය හැකි වුවද, ආහාර මාර්ගයේ දී ආමාශයික යුෂය මඟින්  වෛරසය විනාශ කිරීම සිදු වේ.
 
 ඒඩ්ස් මර්දන පුවත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Sep 2018 07:03 AM

වකුගඩු ගෙඩිගැහෙන අමුතුම රෝගය PKD

වකුගඩු යනු මිනිසා තුළ ඇති ඉතාමත් වැදගත්, සංකීර්ණ අවයව යුගලයකි. එහි ප්‍රධාන කාර්යය ලෙස රුධිරයේ ඇති මිනිස් දේහයට අහිතකර බහිස්‍රාවී ද්‍රව්‍ය ඉවත් කිරීම දැක්විය හැක. නමුත් වකුගඩු ආශ්‍රිතව ඇති වන විවිධ රෝගී තත්ත්වයන් නිසා බොහෝ ගැටලු පැන නගින අතර ඒවා මරණයට පවා හේතු විය හැක. බහුකෝෂ්ඨික වකුගඩු රෝගය හෙවත් Polycystic Kidney Disease (PKD) ද එවැනි වැදගත් නමුත් බහුල නොවන රෝගී තත්ත්වයකි. මෙය ජානගතව වැළඳෙන අතර සාමාන්‍යයෙන් පුද්ගලයන් දහසකින් එක් අයෙකු තුළ තිබිය හැකි බව නවතම සොයාගැනීම්වලින් තහවුරු වී තිබේ.

කළල අවධියේ සිට වකුගඩු තුළ ඇතිවන ඉතා කුඩා ප්‍රමාණයේ කෝෂ්ඨ, දේහ වර්ධනයත් සමග විශාල වීමට පටන් ගනී. ඉන්පසු එම කෝෂ්ඨ හේතුවෙන් වකුගඩු තුළ ඇති නිරෝගී පටක තෙරපීමකට හා ක්‍රමයෙන් විනාශ වීමකට ලක් වේ. ඒ හේතුවෙන් වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වේ. වකුගඩු සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලවීමකටද ලක්විය හැක.

මෙම රෝගයේ බලපෑම ඉස්මතු වීම බොහෝ දුරට වයස අවුරැදු පනහෙන් පමණ පසුව සිදුවේ. එම වයස් කාලයේදී වෙනත් රෝගී තත්ත්වයන් ද ඇතිවීමේ අවදානමක් තිබෙන බැවින් මෙම බහුකෝෂ්ඨික වකුගඩු රෝගය පිළිබඳව සැළකිලිමත් වීම ඉතා වැදගත්ය. යම් කිසි අයෙකු තුළ පහත රෝගී ලක්ෂණ පවතී නම් විශේෂ අවධානයක් යොමු කිරීම සුදුසුය. (එම ලක්ෂණ තිබූ පමණින් ඉහත රෝගය පවතී යැයි කිසිවිටෙකත් නිගමනය නොවේ.)

උදරය හා කොඳු නාරටිය දෙපස පවතින අධික වේදනාව, දිගු කලක් පවතින අධික රුධිර පීඩනය, මුත්‍රා සමඟ රැධිරය පිටවීම, මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදන. ඉහත කරුණුවලට අමතරව හදිසියේ වකුගඩු අක්‍රිය වීමද දැකිය හැක. එම තත්ත්වය පොදු රෝග ලක්ෂණ රාශියක් ලෙසින් විද්‍යාමාන වන අතර වකුගඩු අක්‍රියවීම ක්ෂණික මරණයට පවා හේතු වේ.

මෙවැනි රෝගින් අතර අක්මාවේ කුෂ්ඨ ඇතිවීමේ හා අක්මාව විශාල වීමේ ඉඩක්ද තිබෙන බව සඳහන්ය. රෝගය මූලිකව හඳුනාගැනීම අති ධ්වනි තරංග පරිලෝකනය මගින් හෙවත් Ultrasound Scanning මගින් සිදු කෙරේ. එසේම MRI Scanning හා CT Scanning ද උපයෝගී වේ.

බොහෝවිට උදරය ආශ්‍රිත වෙනත් රෝග සඳහා සිදු කරනු ලබන පරීක්ෂණවලදී මෙම රෝගය හඳුනාගැනීම බහුලව දැකිය හැක. මෙයට අමතරව, රෝගයට අදාළ ජාන විශ්ලේෂණයද රෝගය නිශ්චය කිරීමට ඉවහල් වේ. නමුත් එම ක්‍රමවේදය මිල අධිකය. රෝග කළමනාකරණය සැලකූ විට බහුකෝෂ්ඨික වකුගඩු රෝගින්ගේ රුධිර පීඩනය පාලනය අත්‍යවශ්‍ය වේ. ඒ අධික රුධිර පීඩනය  මුළු ශරීරයටම බලපාන නිසාය.

මෙම රෝගය ඖෂධ මගින් මුළුමනින්ම සුවකළ නොහැකි වුවද වෛද්‍ය උපදෙස් නිවැරදි ලෙස පිළිපැදීමෙන් සංකූලතා හා ගැටලු ඇතිවීම පාලනය කර ගත හැක. වකුගඩු බරපතළ ලෙස විනාශ වීමකට ලක් වුවහොත් රුධිර කාන්දු පෙරණයට ලක් කිරීමත් එයින් පසුද රෝගය දරුණු වුවහොත් වකුගඩු බද්ධ කිරීමකට යොමු කිරීමත් සිදු කළ යුතුය.

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Sep 2018 10:06 AM
අම්මෝ අදමයි ඒ ලෙඩ ඇහුවෙ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:15 AM

celiulaiticeප්‍රශ්නය - සෙලුලයිටිස්‌ නමැති චර්ම ආසාදන රෝගය පිළිබඳ බටහිර විද්‍යාත්මක අර්ථකථනයෙන් කොටසක්‌ අප පසුගිය සතියේදී විස්‌තර කළා.

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - ඒ සම්බන්ධයෙන් විස්‌තර කළ යුතු තවත් බොහෝ දේ තිබෙනවා. සෙලුලයිටිස්‌ හට ගැනීමට පාදක වන පසුබිම කුමක්‌ද කියා අප සොයා බලමු. කෘමියකු කළ සපා කෑමක්‌, මකුළුවකු විසින් දෂ්ඨ කරනු ලැබීමක්‌, ශරීරය මත හට ගන්නා දිය බුබුළු වැනි දේ පුපුරා යැම, සතුන් විසින් සපා කනු ලැබීම, විවිධ කැසීම් හට ගැනීම මගින් සම තුවාල වීම, ළඟකදී කරන ලද සැත්කමක සුව නොවූ තුවාලය, කකුල් පැලී යැම, දද, කුෂ්ට වැනි විවර ඔස්‌සේ ශරීරයට ඇතුළු වන්නට සෙලුලයිටිස්‌ විෂබීජයට පුළුවන්. එසේම පච්ච කෙටූ විට හට ගන්නා තුවාලය තුළින් මේ විෂබීජ ශරීරයට ගමන්කරනවා. පච්චයක්‌ කෙටුවාම එතැන හට ගන්නේ සිදුරු ලක්‍ෂ ගණනක්‌ සහිත තුවාලයක්‌. ඒ නිසා පච්ච තුවාල ගැන විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. ගර්භනීභාවය, ස්‌ථුලභාවය, දියවැඩියාව, පිළිස්‌සුම් තුවාල සහිත ශරීරවල මේ රෝගය පැතිර යැම ඉතා ඉක්‌මනින් සිදුවනවා.

වෛද්‍යවරයාට මේ රෝගය හඳුනා ගැනීමට මූලික වශයෙන් උපකාරී වන්නේ සම මත හට ගෙන තිබෙන රතු පැහැයෙන් සහ ආසාදනය මගින්. ඊළඟට රුධිර පරීක්‍ෂණයක්‌ සහ wound culture Test එකක්‌ සිදු කර රෝගය හඳුනා ගන්නවා. බැක්‌ටීරියාව වර්ධනය වන්නේ රතු පැහැ ගැන්වුණ සම යටින් බව නැවත වතාවක්‌ සඳහන් කළ යුතුයි. එසේ පැතිර යන බැක්‌ටීරියාව වසා ග්‍රන්ථීන් ඔස්‌සේ රුධිර සංසරණ පද්ධතියට එකතු වනවා. මේ සමඟම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයේ උණ රෝගයක්‌ හට ගන්නා අතර ශරීරය පුරා ඉදිමුම් හට ගනිමින්, දහදිය දමමින්, ඇඟ සීතල කරමින් වෙවුලන තත්ත්වයක්‌ ඇති වනවා.

සෙලුලයිටිස්‌ රෝගය ඇති කරන බැක්‌ටීරියාවට සාමාන්‍ය ජනවහරේදී කියන්නේ මිනීමස්‌ කන බැක්‌ටීරියාව කියලයි. එක්‌ අතකින් එය සත්‍යයක්‌ විය හැකියි. මන්ද යත් මේ බැක්‌ටීරියාව ශරීරය කා දමන්නට පටන් ගත් විට අස්‌ථි දක්‌වාම එය විනාශ කරනවා.

ප්‍රශ්නය - මේ රෝගය හට ගැනීමේ අවදානම තිබෙන්නේ කවර අයටද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - මහලු වියට පත් අයට සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල අයට මෙය වැළඳීමේ අවදානම ඉතා වැඩියි.

(ලබන සතියේ තව කොටසක්&zwnj

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

celiulaitice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:16 AM

kondaප්‍රශ්නය - පසුගිය සතියේ ඔබ අපට කිව්වේ තරුණ වියේ හටගත් අස්‌ථි පුපුරා යැමක්‌ නිසා කොඳු ඇට පෙළේ ඇට පුරුක්‌ දෙකක්‌ අතර තිබෙන Disk කොටස අප්‍රාණික වූ තරුණ රණවිරුවෙක්‌ සුව කළ ආකාරයයි.

වෛද්‍ය එම්. ඒ. මදනායක - අද මම ඔබට විස්‌තර කර දෙන්නම් වෙනස්‌ම අත්දැකීමක්‌. මෙයට මාස 2 කට පෙර මා හමුවෙන්නට ආවා තරුණයෙක්‌. සාමාන්‍යයෙන් මා ළඟට එන හැම රෝගියෙකුටම පාහේ රෝග ලක්‍ෂණ එකක්‌ හෝ දෙකක්‌ තිබෙනවා. ඒත් මේ තරුණයට නිමක්‌ නැති රෝග ලක්‍ෂණ තිබුණා. ඔහුගේ කොන්ද හිරි වැටෙනවා. ඊළඟට අධික වේදනාවක්‌ ඇති වෙනවා. ඒ එක්‌කම ක්‌ලාන්තය එනවා. අත් පා අධික වේදනා දෙනවා. එක වෙලාවකට අතක්‌ හෝ කකුලක්‌ නැත්නම් අත්දෙක හෝ කකුල් දෙක පණ නැති වෙනවා. කොන්ද නවන්න බැහැ. සමහර දවස්‌වලට ඔහුට වැසිකිළියටවත් යන්න බැහැ.

ප්‍රශ්නය - ඔහුගේ කොන්ද බිඳීමක්‌ හටගෙන තිබුණද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය කොන්දේ බිඳීමක්‌ නොවෙයි. කොඳු ඇට පෙළට සිදුÊවූ අනතුරක්‌ නිසා අස්‌ථි බිඳීමක්‌ නැතිව හටගත් දරුණු ආබාධයක්‌. මේ තරුණයා නව යෞවනයකුව සිටි කාලයේ දිනෙක උඩුබැලි අතට බිමට වැටුණා. එහිදී ඔහුගේ කොඳු ඇට පෙළේ මැද ඇටය මහ පොළොවෙන් උඩට ඉස්‌සී තිබූ බොරලු කැටයක ගැටුණා. එතැන තුවාල වී ලේ ආවේ නැතත් යම් ප්‍රමාණයකට ඉදිමුණා. ගෙදරදී ඔහු මේ බව කීවම ඔහුගේ මව කොන්දේ ඉදිමුණ තැන උණු ජල වාෂ්ප සහිත රෙදි කඩකින් තවා තිබෙනවා. ඉන් පසුව ඉදිමුම බැස ගිය අතර දරුවා නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. හැබැයි මාසයක්‌ විතර ගතවන විට කොඳු ඇට පෙළේ අනතුර සිදු වූ තැන කුඩා ගෙඩියක්‌ වගේ යමක්‌ ඉස්‌මතු වුණා. මෙය අතින් තද කරන විට අතට දැනුණේ රබර් ස්‌පොන්ඡ් කැබැල්ලක්‌ තද කරනවා වගේ. ඒ කියන්නේ හමට යටින් ජෙල් ගුලියක්‌ වගේ දෙයක්‌ එහා මෙහා දුවනවා දැනෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ. අර දරුවා වැටුණු වෙලාවේ කොඳු ඇටයක්‌ උඩ තැනකට ලේ එකතු වෙලා ඒක හම යටදීම කුණු ලේ බවට පත්වෙලා. ඔබ දන්නවා සිරුරේ යම් තැනක තැලීමක්‌ සිදු වෙලා එතැනින් ලේ පිටතට නොගියාම කුණු ලේ කැටියක්‌ ඉතිරි වන බව. ශරීරයේ එක තැනක මේ වගේ ලේ කැටියක්‌ තිබීම ප්‍රශ්නයක්‌ නොවුණත් කොඳු ඇට පුරුකක්‌ උඩ ඒ වගේ දෙයක්‌ ඇති වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්‌ බවට පත් වෙනවා. එවැනි විටෙක ලේ කැටිය සමඟ ස්‌පර්ශ වන අස්‌ථියේ කාටිලේජ වර්ධනය නවතිනවා. නැත්නම් කාටිලේජ වර්ධනය අඩු වෙනවා. ඊළඟට කොඳු ඇට පෙළ ආශ්‍රිතව ගමන් කරන ස්‌නායු තෙරැපෙන්නට පටන් ගන්නවා. ශරීරයේ කොඳු ඇට පෙළ ආශ්‍රිත සමත්, කොඳුඇට පෙළත් අතර දිගින් දිගට වර්ධනය වන ඉදිමුමක්‌ හට ගත්තොත් ඒ මගින් සුෂුම්නාව තෙරැපිලා, අර්බුදය තිබෙන තැනින් පහළට පණ නැති වෙනවා. මේ තෙරැපීම දිගටම තියෙන්නේ නැහැ. කොඳු ඇට පෙළේ ඉදිමුම ආසාදනය වුණාම තමයි තෙරැපීම හට ගන්නේ. එවිට පණ නැතිවන අත් හා කකුල් ආසාදනය බැහැලා ගියාම යළි වැඩ කරන්නට පටන් ගන්නවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

konda1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:17 AM

koduකොඳු ඇට පෙළ ස්‌නායු ගැන පැහැදිලි කළොත්

කොඳු ඇට පෙළ ඇසුරු කරමින් ග්‍රීවයේ සිට පාදාන්තය දක්‌වා ශරීර ක්‍රියාකාරීත්වයට මහෝපකාරීවන පර්යන්ත ස්‌නායු යුගල් 12 ක්‌ ගමන් කරනවා. මෙන්න මේ ස්‌නායූන්ට යම්කිසි බලපෑමක්‌ සිදුවන කල ඉන් ඇතිකරන බලපෑම සුළුපටු නැහැ. එමනිසා කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්‌නායු දොaෂ හා ආබාධ සුළුකොට තැකිය නොහැක.

මෙවැනි අවස්‌ථාවල ඇතිවන ලක්‍ෂණ මොනවාද?

පළමු කොටම වේදනාව ප්‍රකට කරනව. ඊට අමතරව ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වයට ඇතිකරන පීඩාව ප්‍රබලයි. ඊටත් අමතරව දැවිල්ල, හිරිය යන ලක්‍ෂණ ප්‍රකට කරන අතරම අදාළ ස්‌නායුවලට ඇති වූ බලපෑම මත ඉන් සංඥ සපයන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය පවා අඩපණ කරනු ලබනවා.

කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්‌නායු එසේ ආබාධයට ලක්‌වීමට බලපාන්නේ මොනවාද?

මීට හේතුවන කරුණු කාරණා බොහොමයක්‌ පවතිනවා. ඉන් කිහිපයක්‌ නම් කශේරුකා අස්‌ථීන්ගේ සිදුවන විකෘතිතා (භග්නවීම්, තැලීම් ආදී) එසේම කශේරුකා වඩාත් ලංවීම වඩාත් ඈත්වීම, කශේරුකාන්තර මඩල ලිස්‌සා යැම, එකිනෙක ගැටීම, පැති කුදය, (කශේරුකා පද්ධතිය ඇඹරීම) ආදිය දැක්‌විය හැක. මෙහිදී එම දොaෂ තත්ත්වය මත කශේරුකා අභ්‍යන්තරයෙන් විහිදී යන එම ස්‌නායු තෙරපීම, ගැටීම, ආදියට ලක්‌වෙනව. එකල්හි පීඩාව ඇතිකරනව. එම පීඩාව හේතූන්ට සාපේක්‍ෂව තිව්‍ර විය හැක.

ඔබ කියන ආකාරයට කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්‌නායු ආබාධ බොහෝ දරුණු උපද්‍රව ඇතිකරන බව පැහැදිලිය. ඉතින් මේ සඳහා ආයුර්වේදයේ හා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ පවතින ප්‍රතිකාර මොනවාද?

ඔව්, මේ සඳහන් කළා වූ අවස්‌ථාවන් සඳහා ස්‌ථිරසාර පිළියම් මෙම වෛද්‍ය ක්‍රමයේ පවතිනව. ඒවා ශල්‍ය කර්මයන්ගෙන් තොරව ශරීරයට කිසිදු පීඩාවක්‌ අතුරු ආබාධයක්‌ ඇති නොකර සියයට සියයක්‌ම සාර්ථක ප්‍රතිඵල ගෙනදෙන පිළියම් බව නිසැකවම කිව හැකියි.

වඩාත් වැදගත් වන්නේ හරිහැටි රෝගය විනිශ්චය කරගෙන කඩිනමින් ප්‍රතිකාර ඇරඹීම පමණයි. එවිට ඉක්‌මන් ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්.

ලබන සතියට

kodu1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:18 AM

asthiබෙල්ල ආශ්‍රිතව පවතින වේදනාව, වර්තමාන සමාජයේ තරුණ මහලු වයස්‌ භේදයකින් තොරව බහුලව දක්‌නට ලැබෙන රෝගී තත්ත්වයකි.

Ö වෛද්‍යතුමනි, බෙල්ල වේදනාවට කුමන අස්‌ථි ද බලපාන්නේ?

බෙල්ල කියන්නේ කශේරුකාවේ ඉහළම කොටසයි. කශේරුකා 7 කින් සැදුණු මෙය අස්‌ථි, පේශි, නහර, ස්‌නායුවල අපූරු නිර්මාණ කොටසකි. බෙල්ලෙහි කශේරුකා දෙකක්‌ අතර පිහිටා තිබෙන අන්තර් කශේරුකා මඩල හෙවත් කාටිලේජ දිරාපත් වීමක්‌ ගෙවී යැමක්‌, පැතලි වීමක්‌ නිසා ඇතිවන වෙනස ප්‍රදාහක තත්ත්වයක්‌ ලෙස හඳුන්වනවා. මෙය බෙල්ලෙහි ඇතිවන ඔස්‌ටියෝ ආතරයිටිස්‌ තත්ත්වයක්‌. මේ නිසා වේදනාව දැනෙන්න පුළුවන්. degenerative changes ලෙස X - ray වාර්තාවල සටහන් වෙනවා.

Ö මෙම බෙල්ල අස්‌ථි ඇති කරන වෙනස්‌කම් පැහැදිලි කරන්න.

හරියටම වේදනාව හටගත් හේතුව පිළිසකර නොවුණහොත් මෙම ගෙවී යැම නිසා කශේරුකා එකිනෙකට ගැටීම සිදුවෙන්න පුළුවන්. එවැනි තත්ත්වයකදී අස්‌ථී කැබලි කශේරුකා දාරවල සෑදීම නිසා ස්‌නායු තෙරපීම ඇතිවී වේදනාව අත දිගේ ඇති වෙන්න පුළුවන්.

මුල් තත්ත්වය දැන් ටිකක්‌ බරපතළ වෙලා. ගෙවී යන ස්‌ථාන තදවීමක්‌. දිරායාමක්‌, පටුවීමක්‌ නිසා ස්‌නායු තෙරපීමක්‌ වුවද ඇතිවිය හැකියි. එය Cervical Spondylosis ලෙස X-ray වාර්තාවලින් දැන ගන්න පුළුවන්.

හෝමෝන වෙනස්‌කම්. වයස නිසා පෝෂණය අඩුකම නිසාත්, අස්‌ථි දිරායාමත් වේදනාවට හේතු වෙනවා. එය අපි osteoporosis ලෙස හඳුන්වනවා. එය Dexa Scan එකෙන් අපට තහවුරු කරගන්න පුළුවන්.

අස්‌ථි 2 අතර කාටිලේ- ජෙල් වැනි කොටස ඉදිරියට නෙරා ඒම (disc bulge) කියනවා. එයත් වේදනාවට හේතුවක්‌. මෙය X-ray/MRI වාර්තාවල සටහන් වෙනවා. එම ජෙල් කොටස සුෂුම්නාව තෙරපුණොත් දැරිය නොහැකි අධික වේදනාවක්‌ බවට පත්වෙනවා. අපි කියනවා Cervical herniation කියලා මෙය MRI වල සටහන් වෙනවා.

වයස්‌ගත වන කොට අස්‌ථි එකිනෙක ගැටීමේදී වෙනස්‌වී සිදුවන අසාමාන්‍ය වර්ධනය නිසා ස්‌නායු මාර්ග පටු වී වේදනාව ඇති කරනවා මෙය Cervical Stenosis කියනවා. මේ තත්ත්වයත් X-ray/MRI වාර්තාවල සටහන් වෙනවා.

අස්‌ථි එකිනෙක ලිස්‌සා යැම නිසා වේදනාව ඇති කරනවා. බොහෝ අයට මෙවැනි අවස්‌ථාව වේදනාවට වඩා පිච්චෙනවා වගේ දැනෙන්නේ මෙය සටහන් වෙනවා Slip disc නැත්නම් spondyloliathesi කියලා. මෙය Grad 1, Grade II. Grad III, Grade IV ලෙස ශේ්‍රණිගත කරනවා. කියනවා. මේ තත්ත්වයත් ඞ-X-ray/MRI වාර්තාවල සටහන් වෙනවා.

අස්‌ථි අතර ඇතිවන වෙනස්‌කම් තව බොහෝමයක්‌ තියෙනවා. වේදනාව පමණක්‌ නැති කරන ඖෂධ අපි ගැනීම තුළින් මේ තත්ත්ව නොදැනුවත්ම වර්ධනය වී ශල්‍යකර්මවලට මුහුණ දෙන්න වෙනවා.

(බෙල්ල වේදනාව සුවවන ක්‍රමය ඉදිරි සතියේ කියවමු.)

නොමිලේ විස්‌තර සඳහා

011-2731695 හෝ 0718250716/17

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

asthi1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:19 AM

hem* බොහෝ පිරිසකගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක්‌ එල්ල කරන රෝගී තත්ත්වයක්‌ තමයි පීනස කියන්නේ. මේ රෝගයේ ලක්‍ෂණ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - දිනපතා බහුතර රෝගීන් පිරිසක්‌ මෙම රෝගය වැලඳුණු අය අප කරා පැමිණෙනවා. මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැක්‌කේ, නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේන්තිය සහ නිතර කිවිසුම් යැමයි. මීට අමතරව රෝග ලක්‍ෂණ තිබුණත් ඉහත රෝග ලක්‍ෂණ ප්‍රධාන ලෙස පෙන්වා දිය හැකියි.

* මෙම රෝග ලක්‍ෂණ විශේෂයෙන්ම රෝගියාට ඇතිවන විශේෂ කාලවේලාවක්‌ තිබෙනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - පීනස රෝගයේ විශේෂ ලක්‍ෂණයක්‌ තමයි අනෙක්‌ රෝගවල මෙන් මෙම රෝගයේ රෝග ලක්‍ෂණ නිතරම නොපෙන්වීම, ඒ අනුව මෙම රෝගීන්ට රෝග ලක්‍ෂණ පෙන්වනු ලබන්නේ වැඩිපුරම පරිසරයේ සිසිල් ගතිය වැඩිපුර තිබෙන අවස්‌ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදැසන කාලයේ මෙම ලක්‍ෂණ වැඩිපුරම ඇතිකරනු ලබනවා. කිවිසුම් යැම, සොටු දියර ගැලීම බහුලවම එම කාලයේදී සිදුවනු ලබනවා. තවද සවස්‌ කාලය හා රාත්‍රියේද මෙම රෝග ලක්‍ෂණ මතුවිය හැකියි. බොහෝ විට දිවා කාලයේදී ඔවුන්ට මෙම රෝග ලක්‍ෂණ කිසිවකින් පීඩාවක්‌ සිදුවන්නේ නැහැ. එයද මේ රෝගයේ විශේෂයක්‌ ලෙස හැඳින්විය හැකියි.

* පීනස රෝගීන්ට බලපාන තවත් රෝග තිබෙනවාද? ඒ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අප කරා පැමිණෙන මෙවැනි රෝගීන් පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ට වැලඳෙන තවත් රෝග රැසක්‌ම අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉන් කීපයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌, අර්ශස්‌ හා සමේ රෝග විශේෂයෙන්ම පෙන්වා දිය හැකියි.

බහුතර පීනස්‌ රෝගීන් පිරිසක්‌ ඉහත රෝගාබාධවලින්ද පීඩා විඳිනවා.

* ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය නිසි ලෙස සුවකර ගත හැකිද?

ලබන සතියට

hem1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:20 AM

pakshaආයුර්වේද මතානුකූලව පක්‍ෂාඝාත රෝගයෙහි විවිධ අවස්‌ථා පවතී. මෙම අවස්‌ථා විභේදනය වන්නේ රෝගියාගේ සිරුරේ පවතින දෝෂ තත්ත්වය හා එම දෝෂ රෝගයට සම්බන්ධ වන ස්‌වභාවය අනුවයි. එසේ දෝෂ සම්බන්ධ වීමේදී දෝෂයන්ගේ උල්භනත්වය හෙවත් අධික බව මූලික සාධකයක්‌ සේ ක්‍රියා කරයි.

පක්‍ෂාඝාතයේ අවස්‌ථා:-

1. ශුද්ධවාත පක්‍ෂාඝාතය

2. පිත්ත අනුබන්ධ පක්‍ෂාඝාතය

3. කඵ අනුබන්ධ පක්‍ෂාඝාතය

1. ශුද්ධ වාත අවස්‌ථාව - මෙම අවස්‌ථාවේදී ප්‍රබලව බල පවත්වන දෝෂය වාතය නිසා රෝගියා විෂයෙහි වෙව්ලීම් ගතිය, අත් පා වල තද ගතිය, පේශි තද ගතිය, හිරිය යන ලක්‍ෂණ බලපවත්වයි. මෙම රෝග අවස්‌ථාව පාලනය තරමක්‌ අපහසු අවස්‌ථාවකි. මෙම අවස්‌ථාව වාත ප්‍රකෘති අයෙකුට ඇතිවූයේ නම් රෝග තත්ත්වය වඩාත් ප්‍රබල වනු ඇත.

2. පිත්ත අනුබන්ධ අවස්‌ථාව - මෙහිදී රෝගියාට ඡ්වරය හෙවත් උණ ඇතිවේ. අධික හිසරදය, සිහිමඳ ගතිය ඇතිවේ. බොහෝ විට මොළයේ රුධිර නාලයක්‌ පිපිරීම නිසා පක්‍ෂාඝාතය ඇතිවූ විට මේ තත්ත්වය දැකිය හැක. රුධිර වහනය ප්‍රබල නම් ක්‍රම ක්‍රමයෙන් සිහිමඳ බව වැඩිවී සම්පූර්ණයෙන් සිහිය නැතිව යා හැක. මෙය රෝගියා රෝහල්ගත කර මුලින් පාලනය කළ යුතුවේ. රෝගියා සිහි මූර්ජාවෙන් පසුවන නිසා ඖෂධ මුඛය මාර්ගයෙන් යෙදීම අපහසු වේ. දේශීය වෛද්‍යවරු මේ අවස්‌ථාවේදී තීක්‍ෂණ ඖෂධ චූර්ණ නාසයට පිඹ සිහිය යළිත් ලබාගනියි. ඉන් අනතුරුව ඖෂධ යොදයි.

3. කඵ අනුබද්ධ අවස්‌ථාව

මෙම අවස්‌ථාවේදී කඵ දෝෂ ප්‍රබල වන නිසා අත් පා වල බර ගතිය, ඇඟේ බරගතිය, කම්මැලිබව, කෙළ වැගිරීම, අත් පා සීතල ගතිය, කැස්‌ස යනාදී ලක්‍ෂණ ඇතිවේ. මෙහිදී බොහෝවිට ලේ නාළයක ලේ කැටියක්‌ හිරවීමෙන් හටගන්නා පක්‍ෂාඝාත තත්ත්වයට සමාන ලක්‍ෂණ පහළ වේ.

ඉහත සඳහන් මෙම අවස්‌ථාවන්හිදී කෘතහස්‌ත දේශීය වෛද්‍යවරයා නිසි පරිදි ඖෂධ වර්ග, තැවිලි පොට්‌ටනි, රස ඖෂධ, නස්‌න වර්ග ආදිය යොදාගෙන ප්‍රතිකාර කරයි. කල් නොයවා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

ලබන සතියට

paksha1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:21 AM

entප්‍රශ්නය - අප දන්නා පරිදි ආයුර්වේදයේ තිබෙන ලොකුම ප්‍රශ්නයක්‌ තමයි විවිධ රෝගාබාධ හෝ ඖෂධ ගැන නවීන විද්‍යාත්මක පර්යේෂණ ඇති නොවීම.....

වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස්‌ - සම්පූර්ණ දුර්මතයක්‌ තමයි ඔබ දරන්නේ. නූතන ආයුර්වේදයේ රෝග නිශ්චය කටයුතු සඳහා සියලු ආකාරයේ නවීන උපකරණ යොදා ගන්නවා. ඔබට මා තවත් කාරණයක්‌ කියන්නම්. සාමාන්‍යයෙන් පිළිගැනීමක්‌ තිබෙනවා ඇතැම් ලෙඩ රෝගවලට ප්‍රතිකාර ආයුර්වේදයේ නැහැයිකියලා. මෙයත් සම්පූර්ණ මිථ්‍යාවක්‌. බටහිර වෛද්‍ය විද්‍යාවේ වගේම රෝග ශ්‍රේණිගත කිරීම, ශරීරයේ රෝග පවතින කලාප, ශ්‍රේණි පවා ආයුර්වේදයේ තිබෙනවා.

ප්‍රශ්නය - කන, නාසය, උගුර (ENT) පිළිබඳ ආයුර්වේද ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රාමාණික විද්වත් වෛද්‍යවරිය බවයි දැනට ඇති පිළිගැනීම. මොකද්ද මේ කන, නාසය, උගුර කියන අංශය?

වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස්‌ - මෙය එක්‌තරා ආකාරයක රෝග කලාප ශ්‍රේණිගත කිරීමක්‌. ආයුර්වේදයේ මෙය විග්‍රහ කෙරෙන්නේ කන, නාසය, උගුර යන කොටස්‌ තුනට සීමා නොවී වඩාත් පුළුල් ලෙසයි. එනම්. නාසා, කර්නා, අක්‍ෂි, ශිරෝ. මුඛ යනාදී වශයෙනුයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේදී මෙය Otorhinolaryngology ලෙස හඳුන්වනවා. මේ කලාපය සම්බන්ධයෙන් විශේෂීකරණය වූ වෛද්‍යවරුන්ට කියනවා ENT වෛද්‍යවරු කියලා. ආයුර්වේදයේ දී මේ කලාපය තුළ හට ගන්නා රෝග අර්ථකථනය කරන්නේ පහත සඳහන් විදියටයි.

1. නාසා රෝග - නාසය තුළ හට ගන්නා රෝග ගැනයි මෙයින් කියෑවෙන්නේ.

2. කර්ණා රෝග - මෙයින් හැඳින්වෙන්නේ කන තුළ හටගන්නා රෝග පිළිබඳවයි.

3. මුඛ රෝග - මුඛය තුළ සහ දත් ආශ්‍රිතව හටගන්නා සියලු රෝග මෙයින් ආවරණය වෙනවා.

4. ශීර්ෂ රෝග - හිස්‌ කබල සහ එය ආශ්‍රිතව හටගන්නා මිග්රේන් සහ සසිනොසයිටිස්‌ වැනි රෝග මේ කොටස මගින් ආවරණය වෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රධාන සම්ප්‍රදායයන් දෙකක්‌ මත ගොඩනැඟී ඇති වෛද්‍ය ක්‍රමයක්‌ එයින් ධන්වන්තරී සම්ප්‍රදාය අනුව...

ලබන සතියට

නොමිලේ විස්‌තර

011-5289248/077 7620948

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ent1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:22 AM

atharaiticeප්‍රශ්නය - පසුගිය සතිවල ඔබ ලබා දුන් ඖෂධ වට්‌ටෝරු සහ ආලේප පාඨකයන්ගේ ප්‍රශංසාවට ලක්‌ වුණා.

වෛද්‍ය වසන්ත උදයජීව - එවැනි තවත් කසාය වට්‌ටෝරුවක්‌ සහ ආලේපයක්‌ ඔබට ලබා දෙන්නම්. බැබිල මුල්, පාවට්‌ටා මුල්, මිදි මුල්, තොටිල පොතු, නෙල්ලි කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 කට සිඳ සීනි - මී පැණි දමා උදේ හවස පත (කෝප්ප) භාගය බැගින් දින 6 ක්‌ පානය කළ යුතුයි.

ඒ අතර වදකහ කුඩු සහ ඉඟුරු කුඩු සමව ගෙන දෙහි ඇඹුලින් අනා දිනකට 2 වරක්‌ සන්ධිවල ආලේප කළ යුතුයි. මෙය සතියක්‌ පමණ නොකඩවා කිරීම වැදගත්.

ප්‍රශ්නය - ඉහත සඳහන් කසායෙහි ක්‍රියාකාරීත්වය කෙසේද?

වෛද්‍ය වසන්ත උදයජීව - මෙය අත්දුටු ඉපැරැණි කසායක්‌. මේ මගින් මූලික වශයෙන් සිදු නොකරන්නේ ශරීරයේ කුපිත වූ වාත දෝෂය පාලනය කිරීමයි. මේ කසාය බොන අතර රෝගියා විසින් පහත සඳහන් පරිදි ආහාර විහරණ කළ යුතුයි.

ආහාර - උණුසුම් ආහාර, කුළුබඩු සහිත ආහාර නිතර ගත යුතුයි. දින තුනෙන් තුනට ශරීරයේ විස නසන ආහාර සහ පලා වර්ග අනුභව කළ යුතුයි. ඔබේ ශරීරයට ගැලපෙන ආහාර වර්ග තෝරා ගැනීම කළ යුත්තේ වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මතයි. මීට අමතව සුදුසු කාලයේදී විරේක කර ගත යුතුයි.

ආත්‍රයිටිස්‌ රෝගියාගේ ශරීරය මහානාරායන තෛලය දමා සම්භාහනය කිරීම ඉතා සුදුසු බව ආයුර්වේදයේ දැක්‌වෙනවා. මහා නාරායනය 1 කොටසක්‌ පිරිසිදු තල තෙල් එම ප්‍රමාණය හා සමානව ගෙන එකට මිශ්‍ර කර වේදනා ගෙන දෙන සන්ධිවල තවරා සම්භාහනය කළ යුතුයි. මේ සියලු කරුණු අතර උණුසුම් ජල වාශ්පයෙන් ස්‌නානය කිරිම ද ඉතා සුදුසු බව මතක තබා ගත යුතුයි.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

atharaitice1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 06:24 AM

pithaප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ අපට පැහැදිලි කළා පිත්තජ අර්ශස්‌ රෝගය හටගැනීමට හේතු ගැන. අද ඔබෙන් අප විමසන්නේ මේ පිත්තජ අර්ශස්‌ රෝගයේ රෝග ලක්‍ෂණ ගැනයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී රෝග ලක්‍ෂණ ලෙස අප හඳුන්වන්නේ අර්ශස්‌ ගෙඩිවල ලක්‍ෂණ සහ ස්‌වභාවයයි. පිත්තජ අර්ශස්‌ ගෙඩිය උඩ කොටස නිල් පැහැති තිතකින් යුක්‌තයි. සම්පූර්ණ අර්ශස්‌ ගෙඩි රතු පැහැතියි. එහෙමත් නැත්නම් පිතෙහි වර්ණය වන කහ පාටින් හෝ කලු පාටින් සමන්විතයි. ස්‌පර්ශ කළ විට මෘදු ගුණයකින් එය අතට අසුවනවා. මෙහි සැරව ඝනකම් නැති ජලය හා සමාන වන අතර ඉමහත් දුර්ගන්ධයක්‌ ගෙන දෙනවා. මේ අර්ශස්‌ ගෙඩියක බාහිර පෙනුම නිතරම ගිරවකුගේ දිවක්‌ මෙන් වකුටු ස්‌වරූපයක්‌ ගන්නවා. තවත් සමහර විට එය පීකුදු කැබැල්ලක්‌ වගෙයි. කූඩැල්ලකුගේ මුඛය හා සමාන පෙනුමක්‌ ඇති පිත්තජ අර්ශස්‌ ගෙඩිත් තිබෙනවා.

පිත්තජ අර්ශස්‌ හට ගත්තාම ගුද මාර්ගය පිළිස්‌සෙනවා වාගේ ස්‌වභාවයක්‌ ඇතිවෙනවා. සමහර විට උණ වැළඳී ඉතා ඉහළ තාප අගයක්‌ ඇති වනවා. ඉමහත් වූ පිපාසයක්‌ හට ගන්නා අතර ක්‌ලාන්ත ගතිය, ශාරීරික අපහසුතාව, සිහි මද ගතිය හෝ සම්පූර්ණයෙන් ම සිහි නැති වීමත් නිරවුල් මානසිකත්වයකින් කටයුතු කරන්නට බැරි තත්ත්වයකුත් ඇති වෙනවා. මෙවැනි අර්ශස්‌ රෝගියකු මළ පහ කරන විට ලොකු උණුසුමක්‌ දැනෙනවා. එම මළ ඉතා දියාරුයි. ඇතැම් විට නිල් හෝ කහ පැහැතියි. එහෙමත් නැතිනම් රතු පාටයි. පිත්තජ අර්ශස්‌ රෝගියාගේ සම, නියපොතු, ඇස්‌ යනාදිය කහ පැහැයක්‌ ගන්නවා. ඉතා විමසිල්ලෙන් පරීක්‍ෂා කළොත් එය කහ පාටට වඩා ලා කොළ වර්ණයක්‌ බව පෙනී යනවා.

ප්‍රශ්නය - ඊළඟ අර්ශස්‌ වර්ගය තමයි කපජ අර්ශස්‌. මෙය හඳුන්වා දෙන්න. මෙය හටගන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පැණිරස ආහාර පමණ ඉක්‌මවා ගැනීම, පමණ ඉක්‌මවා තෙල් කෑම ගැනීම, පමණ ඉක්‌මවා ශීත ආහාර ගැනීම. අධික ලුණු සහිත ආහාර, අධික ඇඹුල් සහිත ආහාර, බර ආහාර ගැනීම, දවල් නිදා ගැනීම ඉතා පහසු ලෙස සයනය කිරීම, ඉතා පහසු ලෙස කුෂන් යෙදූ පුටුවල නිදා ගැනීම, නැගෙනහිර දිශාවෙන් හමා එන සුළඟට නිතර නිරාවරණය වීම, ශීත පළාත්වල ජීවත් වීම, කිසිදුÊකරදරයක්‌ නැති මානසික මට්‌ටමක්‌ නිතර තිබීම මෙයට හේතු හැටියට දැක්‌වෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

pitha1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 03:04 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 03:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2018 03:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Sep 2018 08:50 PM
දැන් අවිවේකී ජීවන රටාවත් විශාදයට මුල
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2018 07:28 PM
ගොඩක් වටිනවා මල්ලි මේ වගේ දේවල් අරගෙන එනවට
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Oct 2018 04:25 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Oct 2018 04:25 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Oct 2018 04:26 AM

නිරෝගී ස්නායු පද්ධතියක්

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අප බොහොමයක් ලෙඩ රෝග ගැන තොරතුරු කට පාඩමින් කීමට තරම් දැනුමක් ඇති අයයි. එහෙත් සමහර රෝග ගැන නම් ඇත්තේ අඩු දැනුමක්. ස්නායු රෝග අයත් වන්නේ එම කාණ්ඩයටයි.

 

ක්ෂණිකව ඇති වන ක්ලාන්ත ගතියක්, හිටිහැටියේ ඇති වන පෙනීමේ දුර්වලතාවක් ගැන ඔබ එතරම් සැලකිල්ලක් නොදැක් වූ සිදුවීමක් විය හැකිය. එහෙත් එය ස්නායු රෝගයක පෙර නිමිත්තක්, පළමු අනතුරු ඇඟවීමක් වීමට පුළුවන..

ස්නායු රෝග බොහෝමයක් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි නමුත් කල් ඇතිව රෝගය හඳුනාගෙන සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු නොවීම නිසා රෝග සුව කළ නොහැකි තරමට දුර දිග යයි.අපේ ස්නායු පද්ධතිය සංකීර්ණ වාගේම ඒ හා සම්බන්ධ රෝග ද සියයකට වැඩි ගණනක් මේ වන විට හඳුනාගෙන ඇත. හිසරදය, අංශභාගය හෙවත් ආඝාතය (ස්ට්‍රෝක්), අපස්මාරය, (වලිප්පුව / මීමැස්මොරය), පාකින්සන් රෝගය, ඩිමෙන්ෂියා, මාංසපේෂි ක්‍රියාකාරිත්වය අඩපණ වීම ප්‍රධාන ස්නායු රෝග කිහිපයකි. සමහර ස්නායු රෝගවල ලක්ෂණ ක්‍රමයෙන් කාලයක් තිස්සේ වර්ධනය වන අතර තවත් සමහර රෝගවල ලක්ෂණ ක්ෂණිකවම ඇති වෙයි. කෙසේ රෝග ලක්ෂණ ඇති වුණත් හැකි ඉක්මනින් රෝගී පුද්ගලයා ස්නායු රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු වීම ඉතාම වැදගත්ය

 

සුලබ ස්නායු රෝග ලක්ෂණ

* වරින් වර මතුවන හෝ එක දිගටම පවතින හිසරදය

* හිසරදය සමඟින් වමනය, කරකැවිල්ල, ඔක්කාරය ඇති වීම

* හිසරදය ඇතිවීමට පෙර හෝ ක්ෂණිකවම ඇති වන පෙනීමේ දුර්වලතාවයක් (බොඳ වී පෙනීම, නොපෙනී යාම, නිලංකාර වීම, ඉරි පෙනීම)

* ක්ෂණික ක්ලාන්තය (ක්ෂණිකව ඇතිවන ඉතා කෙටිකාලීන සිහි නැතිවීම)

* අත පය හිරි වැටීම

* ඇවිදීමේදී අපහසුතාව සහ සිරුර සමබරව පවත්වාගෙන යාමට නොහැකි වීම

* ක්ෂණිකව ඇති වන කොන්දේ කැක්කුම

* චලනය කිරීමේ (සෙලවීමේ) දුෂ්කරතා

* අඩ වශයෙන් ඇස් පියවීම

* ක්ෂණිකව කන් නොඇසී යාම හෝ ශ්‍රවණ අපහසුතා

* ක්ෂණිකව දැනෙන ගඳ / සුවඳ ආඝ්‍රාණ අපහසුතාවයන් හෝ නොදැනී යාම

* ක්ෂණිකව හෝ ක්‍රමයෙන් ඇතිවන ගොතය හෝ වචන පැටලීම

* මුහුණේ එක් පැත්තක ක්ෂණිකව හට ගන්නා අධික වේදනාව

* සිරුරේ එක් පැත්තක අත් පා පණ නැති වීම

*ක්ෂණිකව ඇති වන ගිලිමේ අපහසුතාව

* කල්පනාව හෙවත් මතකය නැති වී යාම

* නින්ද හා සම්බන්ධ නොයෙකුත් අපහසුතාවයන්

* මුත්‍රා මාර්ගයේ හා ගුද මාර්ගයේ අපහසුතාවයන්

* මානසික අවපීඩනය (විෂාදය / ඩිප්‍රෙෂන්)

* මවා ගත් දේ දැකීම

මේ ලක්ෂණ සමහරක් ස්නායු නොවන රෝගවල ද ලක්ෂණ විය හැකි නිසා තමන්ට ඇත්තේ ස්නායු රෝගයක්ය කියා කලබල විය යුතු නැත. එහෙත් ප්‍රතිකාර පැතීම නම් ඉතා වැදගත්ය. වෙනත් රෝගවල අතුරු ආබාධයක් ලෙස ද ස්නායු රෝග ඇතිවීමට පුළුවන්. දියවැඩියාව, හෘද රෝග, මානසික රෝග වැනි කල් පවතින රෝග ද ස්නායු රෝගවලට හේතු වේ. හදිසි අනතුරුවලින් මොළයට සිදුවන ආබාධ ද ස්නායු රෝගවලට බලපායි. සාමාන්‍ය කායික රෝගයකට ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ලබාගත හැකි වුවත් ස්නායු රෝග සඳහා ප්‍රතිකාර ගැනීමේදී ඒ සඳහා පහසුකම් ඇති රෝහලක් තෝරා ගැනීම වැදගත්ය.

 පරීක්ෂණ

ස්නායු රෝග හඳුනා ගැනීමට ඊ. සී. ජී. පරීක්ෂණය, ඊ. එම්. ජී. පරීක්ෂණය. සී. ටී. ස්කෑන් පරීක්ෂණය, එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණය ආදී පරීක්ෂණ ගණනාවක්ම ආධාර වෙයි.

 * ස්නායු පද්ධතියට වින කරන වෙනත් රෝග

වෙනත් රෝග නිසා ද ස්නායු පද්ධතිය රෝගී වේ. අපේ ස්නායු පද්ධතියට දැඩි ආරක්ෂාවක් සැලසී තිබේ. හිස් කබල, ස්නායු රජ්ජුව අස්ථි, තරල, තුනී ආවරණ මඟින් ආරක්ෂා වී තිබෙනවා.

 

එහෙත් එපමණ ආරක්ෂාවක් තිබුණ ද අපේ ස්නායු පද්ධතියට ද හානි විය හැකිය.

* මෙනින්ජයිටිස්, ජැපනීස් එන්සෙෆලයිටිස්, පෝලියේ වැනි ආසාදන .

*තුවාල සිදුවීම, කාපල් ටනල් සින්ඩ්‍රෝම් වැනි කායික ගැටලු

කාපල් ටනල් සින්ඩ්‍රෝම් ඇති විට අත්වල හිරි වැටිමක්, ඉඳිකටු අනින්නාක් වැනි ස්වභාවයක්, දුබල බවක් දැනීම යන ලකුණු හට ගනී.

අත දිගේ දුවන ප්‍රධාන නහරයට ඇතිවන පීඩනය මේ කෙරෙහි බලපායි.

අකුරු ඇමිණීම (ටයිපිං) වැනි නිතර මැණික් කටුව වෙහෙසන ක්‍රියාවන් මේ කෙරෙහි බලපාන අතර. ප්‍රධානම හේතුව මැණික් කටුව පෙදෙස වැළමිටට වඩා පහළින් තබා ගැනීමයි. වැළමිටත්, මැණික් කටුවත් එකම රේඛාවක තිබිය යුතුයි. මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරිත්වය, තරබාරුව, රුමැටොයිඩ්, ආතරයිටිස්, දියවැඩියාව, ගැබිනි බව කාපල් ටනල් සින්ඩ්‍රෝම් ත්ත්ත්වයට බලපායි.

ඇල්ෂයිමර්, පාකින්සන් වැනි රෝග ද මේ කෙරෙහි හේතු වෙයි.

රුධිර නාලවල ගැටලු (ආඝාතය වැනි), හිසට සිදුවන බරපතළ තුවාල ද මීට වගකිව යුතුය.

 

 * ඇස් අන්ධ කරන සිවිකාච

අලුත්ම පර්යේෂණ මඟින් හෙළි වී ඇත්තේ නැවත නැවතත් භාවිත කළ හැකි සිවිකාච ඇස් අන්ධ කිරීමට හේතුවන ආසාදනවලට ගොදුරුවීම් ඉඩ වැඩි කරන බවයි. සෞඛ්‍ය ආරක්ෂිතව නැවත භාවිත කළ හැකි සිවිකාච යොදා නොගන්නන්ට මේ අවදානම ඉතා වැඩියි.

  නිරෝගීව තබා ගැනීමට

ස්නායු පද්ධතිය නිරෝගීව තබා ගැනීමට සුව නින්දක් දිනපතා ලබා ගත යුතුයි. නින්දේදී අපේ ස්නායු පද්ධතිය අලුත්වැඩියා වේ. ඔමෙගා 3 අඩංගු සමබල ආහාර ගැනීමත් වැදගත්ය. සැමන්, මැකරල්, හුරුල්ලා, බලයන්. කෙලවල්ලන් අපේ ස්නායු පද්ධතිය රැක ගැනිමේදී විශාල කාර්යභාරයක් සිදු කරනවා. ආතතිය ද ස්නායු පද්ධතියට බලපායි.

දිනපතා ව්‍යායාම කිරීම, වැඩ අතරේ විරාමයක් ගැනීම, භාවනා, යෝග මඟින් ස්නායු සුවපත්ව තබා ගැනීමට පුළුවන.

  

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධන

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 23 of 35 << < 2122232425 > >>