Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 24 of 35 << < 2223242526 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 02 Oct 2018 04:35 AM අහිතකර ආහාර පුරුදු සහ මිශ‍්‍ර ආහාරයේ වැදගත්කම ‘‘අපිට මාසයකට විතර නවාතැනක් හොයා ගන්න පුළුවන්ද?” පිටතට පැමිණි ගෙහිමියාගෙන් අපි විමසුවෙමු. ”කාමරයක් නම් දෙන්න පුළුවන්. ඒත් කෑම නම් දෙන්න විදියක් නෑ. පිටින් ගන්න ලෑස්ති කරල දෙන්නම්” කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පුහුණුවට සහභාගි වීමට, මාසයක කාලයකට ඒ අවටින් නවාතැනක් සොයමින්, ඒ වන විට කීප තැනකටම ගොස් විමසමින් සිටි මටත් මගේ යෙහෙළියටත් ඒ වදන් ඇසුණ විට දැනුනේ ලොකු සැනසුමකි. අපි පසුදින සිටම එහි නවාතැන් ගතිමු. එය පහසුකම් අඩු කුඩා කාමරයක් වුවත්, සතියේ දවස් පහ ගෙවා ගෙන අපේ වැඩ ටික කර ගැනීමට අපහසුවක් නොවීය. ගෙහිමයා, බිරිඳ, නව යොවුන් දියණියන් දෙදෙනෙක් සහ දස හැවිරිදි පුතෙක් ඒ පවුලේ සාමාජිකයින් විය. පළමු දිනයේ ක්ෂේත‍්‍ර චාරිකා, දේශන ආදියට ගොස් සවස හතරට පමණ එම නවාතැනට පැමිණියෙමු. එහි කෑම කාමරය අසලින් අපේ කාමරයට යන විට දුටුවේ මේසය මත පාන් රාත්තල් කිහිපයක් සහ මාගරීන් පැකට් එකක් තබා තිබුණ බවයි. අප සිතුවේ ඔවුන් ඒවා හවස තේ පානයට ගෙනැවිත් ඇති බවයි. අපේ රාත‍්‍රි ආහාරයට ළඟ ගෙදරකින් බත් පර්සල් දෙකක් ලබා දීමට ගෙහිමියා කටයුතු කොට තිබිණි. ”ඔවුන් කන දෙයකින් අපටත් ටිකක් දුන්නා නම් මොකද ” කියමින් අපි දෙදෙනා ඒ කෑම කෑවෙමු. එහෙත් කිසිවෙකු මුළුතැන් ගෙයි වැඩ කරන බවක් නොපෙනුණි. පසුව සාලයට ගිය මා දුටුවේ සාලයේ ටීපෝව මත පාන් පෙති ද මාගරීන් පැකට්ටුවද තබා ගෙන පවුලේ සියලූ දෙනා ඒ වටා වාඩි වී, වරින් වර ඒවා කමින් රූපවාහිනීය නරඹන බව ය. පසු දින ද අප පුහුණුවට ගොස් සවස පැමිණෙන විට මේසය මත පාන් සහ ඒ අසල අලූත් මාගරීන් පැකට්ටුවක් සහ පිහිය විය. එදින රාත‍්‍රියේ ද දුටුවේ සාලයේ පාන් සහ මාගරීන් කමින් රූපවාහිනිය නරඹන පවුලේ අය ය. අපට ආහාර දීමට බැරි වුණ හේතුව පැහැදිලිය. අප එහි නැවතී සිටි මාසය පුරාම සෑම දවසකම ඔවුන්ගේ රාත‍්‍රී ආහාරය එය විය. කොතරම් අහිතකර ආහාර රටාවක්ද? මෙය දුටු පළමු දින කීපයෙන් පසු අප දෙදෙන එහි ඇති අහිතකර භාවය ගෙහිමි කාන්තාවට විස්තර කර දුන්නද ඔවුන් ඒ ගැන තැකීමක් කළ බවක් නොපෙනුණි. එය ඔවුන්ට පුරුද්දකට ගොස් ඇති සේ ය. ‘‘ජන්මයට වඩා පුරුද්ද ලොකුයි”, ‘‘මිනිසා යනු පුරුදු ගුළියකි” ආදී වශයෙන් පුරුද්ද යන දේ අපේ ජීවිත වලට බොහෝ සම්බන්ධය. අප කුඩා කාලයේ සිට පුරුදු වන යම් රටාවක් ඇත. ආහාර පුරුදු ද එලෙසම ය. යම් පවුලක ජීවන රටාව දෙස විමසිල්ලෙන් බැලූවහොත් එහි සෑම ක‍්‍රියාකාරිත්වයකම පුරුදු රටාවක් ඇති බව පෙනී යයි. ඒවා හිතකර මෙන්ම අහිතකර පුරුදු ද විය හැකිය. නිරෝගීමත්භාවයට හිතකර ආහාර පුරුදු ඉතා වැදගත්ය. අපේ මුතුන් මිත්තන් විද්‍යාත්මකව දියුණු ආහාර සංස්කෘතියකින් සිටි බව අතීතයේ ඔවුන් භුක්ති විඳි ආහාර ගැන විමසා බලන විට පෙනී යයි. පැරසිටමෝල් පෙත්තක, සේලයින් ටිකක හෝ උපකාරයක් නොලබා තම නිවෙස තුළම දරුවන් දහයක් දොළහක් ප‍්‍රසූත කිරීමට තරම් එදා කාන්තාව ශක්තිමත්භාවයකින් සිටියා ය. අදත් ලොව මවිත කරන නිර්මාණ ගලින් කිරීමට, කුඹුරු යායවල් අස්වැද්දීමට, සාගර සේ විසල් වැව් අමුණු බැඳීමට තරම් පිරිමින් ශක්තිමත්ව සිටි බව ද අපි දනිමු. ඒ ඔවුන් සියලූ පදාර්ථ වලින් අනූන ආහාර වේලක් තමා විසින්ම සකසා ගත් නිසා ය. බොහෝ දෙනෙක් එකම ආහාර වර්ග කිහිපයක් එකම විදියට සකසා පරිභෝජනය කිරීමට පුරුදු වී සිටිති. අපි පහසුව තකා පවුලක සියලූ දෙනාටම එකම ආහාර පිසූවද වයස, කරන කාර්යයන් අනුව එක් එක්කෙනා හට අවශ්‍ය පදාර්ථ වෙනස්ය. ප‍්‍රමාණ වෙනස්ය. එක් එක් ආහාර වර්ග වලින් අපට ලැබෙන දේ එකිනෙකට වෙනස් ය. පිෂ්ඨය සහ තෙල් වලින් අපට එදිනෙදා කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලැබේ. ප්‍රෝටීන් වලින් ෙසෙල වර්ධනය සිදු වේ. ලවණ වර්ග වලට ද විශේෂිත වූ කාර්යයන් ඇත. රුධිරයේ ඔක්සිජන් ප‍්‍රවාහනයට අවශ්‍ය හිමොග්ලොබින් නිෂ්පාදනයට යකඩ අවශ්‍යය. සිරුරේ පරිවෘත්තීය ක‍්‍රියා, දරුවන්ගේ මොළය වැඞීම ආදී බොහෝ දේ සඳහා අයඩින් අවශ්‍යය. ෙසෙල බෙදීමේදී අත්‍යවශ්‍ය වන පෝලික් ඇසිඞ් ගර්භනී වන මුල් මාස කීපය ඇතුළත නොලැබුණහොත් ස්නායු නාලය හරි හැටි නොවැසේ ‘‘බෝ නොවන රෝග” ඉහළ ගොස් ඇතැයි මැසිවිලි නගන අපි එයට හේතුව අපේ වැරදි ආහාර රටාව බව නොසිතමු. ඔබ දැනට ආහාර ලෙස ගන්නේ මොනවාද? ළමයින්ට ආහාර ලෙස දෙන්නේ මොනවාද? අපි පසු විපරමක් කළ යුතු ය. සතියේ දින පහක අප ආහාරයට ගත් දේවල් ලියා තබන්න. ඒ දෙස විමසිල්ලෙන් බලන්න. ඔබ සතිය පුරා ආහාරයට නොගත් දේ මොනවාදැයි බලන්න. ඊළඟ සතියේ ඒ නොගත් එළවළු පලා වර්ග පිසීමට උත්සුක වන්න. පොළකින් හෝ වෙළඳපොළෙන් එළවළු පලතුරු ගන්නා විට එක සතියෙන් සතියට විවිධ දේ ගැනීමට මතක තබා ගන්න. එනම් එක් එක් ආහාර වර්ග වල ඇති පෝෂණ පදාර්ථ අනුපාත වෙනස් බැවිනි. ගොටුකොළ වල වැඩිපුර යකඩ අඩංගු අතර කතුරුමුරුංගා වල කැල්සියම් වැඩිපුර ඇත. මේ නිසා මිශ‍්‍ර පලා මැල්ලූම හෝ සලාදය පෝෂණීය ගුණයෙන් ඉහළ වේ. දරුවන්ට පලතුරු දෙන විට පලතුරු සලාදයක් ලෙස සකසා දෙන්න. කෑමට ප‍්‍රියතාවය වැඩි වනවා සේ ම ගුණය ද වැඩි වේ. එයට අලිගැටපේර නෙල්ලි, වෙරළු, ලොවි, ජම්බු ආදී සාමාන්‍යෙයෙන් පලතුරු සලාද වලට එක් නොකරන පලතුරු වර්ගද රසය නොවෙනස් වන සේ කුඩා පුමාණ වලින් හෝ දමා ගත හැකි ය. ආහාරය විවිධ වර්ග වලින් සරු වුණ තරමට පෝෂණ ගුණය ඉහළ යයි. දවසකට ග්?ම් 400ක පමණ ප‍්‍රමාණයක් එළවළු හා පළතුරු දෙකෙන්ම වර්ග පහකින් පමණ ආහාරයට ගැනීම වැදගත් බව පෝෂණවේදීන් පවසන්නේ හේතු ඇතිවය. එසේ වැඩි ප‍්‍රමාණයකින් ගත යුත්තේ එවිට වැඩි තන්තු පුමාණයක් සිරුරට ලැබෙන බැවිනි. කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට, සීනි අවශෝෂණය අඩු කර ගැනීමට. අන්ත‍්‍රයේ මනා ක‍්‍රියාකාරිත්වය නිසා මළ බද්ධය සුව කර ගැනීමට පමණක් නොව එයින් පිළිකා රෝග පවා අවම කරගැනීමටද පවා ‘තන්තු’ වැදගත් වේ. වසරේ සෑම දිනකම හිරු එළිය ඇති, නිසි කලට වැසි වැටෙන සරු පසකින් යුතු මහ පොළවක් ඇති රටක වෙසෙන අපේ ජනතාව පෝෂණ ඌණතාවයන්ගෙන් පෙළීම කනගාටුදායක තත්ත්වයකි. ජීවන වියදම වැඩි බව සැබෑ ය. එහෙත් අප නිසි ලෙස අවධානයක් යොමු කරනවා නම් සමබර ආහාර වේලක් අඩු මුදලකින් සකස් කර ගැනීම අපහසු නැත. වෛද්‍ය ලංකා සිරිවර්ධන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Oct 2018 04:37 AM තම රෝග නොසැලකුවොත් අංශභාගය වැළඳිය හැක අංශභාගය වැලඳුණු රෝගියෙකු සිටින නිවසක ජීවත්වන ඇත්තන් තරමට එම රෝගයේ ශෝචනීය බව අත්දකින තවත් අය නැති තරම්ය. තම පවුලේම සාමාජිකයෙකු කෙසේ වෙතත් ළඟම නෑයෙකු හෝ අංශභාග රෝගයෙන් පීඩා විඳින තරමට එය අද බහුල රෝගයක්ව තිබේ. හතළිස් දෙනෙකුට ඉඩපහසුකම් ඇති වැඩිහිටි වාට්ටුවක තුන්හතර දෙනෙකුම අංශභාග රෝගීන් යැයි පැවසුවහොත් මෙම රෝගයේ ඇති සුලබ බව දැනී ඔබටද යම් තිගැස්මක් හටගනු නිසැකය. ඔබගේ අතක හෝ කකුලක විශාල බරක් ගැට ගසා නැගිට ගන්න, හැරෙන්න, පෙරළෙන්න බැරි ආකාරයකට ඇඳකට කර ඇත්නම් එතැන් සිට ඔබට කරන්නට හැක්කේ කුමක්ද? නැවත නැගිට ගන්නේ කවදාද යන්න ඔබට සිහිනයක් විය හැකිය. මෙම තත්ත්වයට පත්වන සමහරුන් විනාඩි කිහිපයකින් නැවත යථා තත්ත්වයට පත් වුවද බහුතරයකට එය කල් පවතින රෝගී තත්ත්වයක් වනු ඇත. වසරින් වසර ජීවිතය ගෙවී යද්දී අපේ ජීවිතයට උරුමව තිබූ යම් යම් දේ අහිමි වී යෑම නවතාලිය හැකි නොවේ. වසර දහතුනක පාසල් ජීවිතයට සමුදී අලුත්ම ලෝකයකට පිවිසුනාට පසුව නැවත අපට පාසල් ජීවිතයට යා නොහැකිය. අවුරුදු හතළිහට ආසන්න වූ විටදී පුංචි අකුරු කියවා ගන්න බැරි තරමට ඇස් පෙනීම දුර්වල වීමත්, පනහට කිට්ටුවන විටදී කළු පැහැයෙන් පැවැති කෙස් ගස් සුදු වෙන්නට පටන් ගැනීමත් අපේ මේ මනුස්ස ජීවිතයේදී අපි මුහුණ දෙන ඉතාම සරල සංසිද්ධීන්ය. එහෙත් ඊට වඩා එහා ගිය බරපතළ ශාරීරික වෙනස්කම් ශරීරයට සාමාන්‍ය දෙයක් වුවද එම ශරීරයේ හිමිකරුවාට නම් එය දුක් කරදර ගොඩකි. අතක් හෝ කකුලක් පණ නැති වී යෑම එදා පටන්ම හඳුන්වන්නේ අංශභාගය ලෙසයි. අතීතයේ පටන් එසේ හඳුන්වන අංශභාග රෝගයට හේතුව මොළයේ නහරයක් සිරවීමක් හෝ පුපුරා යෑමක් ලෙස වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග පසු කාලයේදී සොයා ගැණින. එම තත්ත්වය නිශ්චිතවම හඳුනා ගන්නට හැකි වන්නේ මොළයේ සීටී ස්කෑන් පරීක්ෂණයකට පසුවයි. මොළයේ නහරයක් පුපුරා ගිය විටදී සීටී ස්කෑන් පරීක්ෂණයේදී සුදු පැහැති ගුලියක් එක්වරම පෙන්නුම් කරයි. නහරයක ලේ කැටියක් සිරවී ඇතිනම් එය ඒ මොහොතේදීම පෙන්නුම් කරන්නේ නැත. එහෙත් පැය කිහිපයකට පසුව නැවත සිදු කරන සීටී ස්කෑන් පරීක්ෂණයක එය කළු පැහැති පැල්ලමක් ආකාරයට දිස් වනු ඇත. ලේ නහරයක් පුපුරා ගොස් එකතු වූ ලේ විශාල ප්‍රමාණයක් ගුලියක් ආකාරයට එක්රැස් වී ඇත්නම් එය ක්ෂණික ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන්නට සිදු වේ. කුඩා ලේ ගුලියක් නම් සෙමින් සෙමින් එය ඉබේම උරා ගැනීම සිදුවේ. මෙවැනි තත්ත්වයකදී බෙහෙත් වලින් සැලසෙන සැලකිය යුතු යහපතක් නැත. ලේ නහරයක් සිරවී ඇත්නම් දෙවනුව කරන පරීක්ෂණයේදී හසුවෙන කළු පැහැති පැල්ම මගින් මොළයේ මියගිය යම් කොටසක් පෙන්නුම් කරයි. එම කළු පැහැති පැල්ලම මගින් සිර වූ නහරය විසින් මතෛක් කල් නඩත්තු කරන ලද මොළයේ යම් කොටසකට පෝෂණය නොලැබි යෑමෙන්, එම කොටස මිය යෑම පෙන්නුම් කෙරේ. එහි ප්‍රතිඵලය වන්නේ මොළයේ එම කොටස විසින් මතෛක් කල් රැකබලා ගත් ශරීර කොටස් ක්‍රියාවිරහිතව යෑමයි. එක්වරම හටගන්නා එවැනි ලේ කැටියක් දියකර හැරීමට සමත් ඖෂධ ප්‍රධාන රෝහල් තුළ රෝගීන් වෙනුවෙන් සූදානම්ව තිබේ. එබැවින් අතක් හෝ පයක් පණ නැති වූ විගසම සීටී ස්කෑන් පහසුකම් පවතින රෝහලකට රෝගියා රැගෙන යන්නට භාරකරුවන් වගබලා ගත යුතුවේ. මොළයට පෝෂණයක් නොමැතිව පැය හතරකට වඩා පැවැතිය නොහැකි නිසා ලේ කැටිය ඉවත් කිරීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු යටතේ ඉතාම ඉක්මනින් සිදුවිය යුතු දෙයකි. ලේ කැටිය දියකරන්නට පමාවන මොහොතක් පාසා මිය යන්නේ මළෙයේ කොටස්ය. එය නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වන්නේද නැත. එක් එක් අමාත්‍යාංශය යටතට පවරා ඇති නිශ්චිත කාර්යභාරයක් ඇති ආකාරයට මොළයේ එක් එක් කොටස විවිධ කාර්ය භාරයක් වෙන්කරගෙන සිටී. ඔබගේ ශරීරයේ දකුණු පැත්ත බලා ගත්තේ මොළයේ වම් පැත්තේ එක්තරා කොටසක් විසින්ය. මොළයේ වම් පැත්තේ නහරයක් අකර්මණ්‍ය වූ විට ශරීරයේ දකුණු පස එසැනින් අප්‍රාණික වේ. කතා කිරීමට, ලියන්නට අවශ්‍ය කරන සියලු වචන ගබඩා වී ඇත්තේ මොළයේ වම් පැත්තේ කුඩා ප්‍රදේශයක වන නිසා කතා කිරීමට හා යමක් තේරුම්කර දීමට මතෛක් භාවිතා කළ වචන සියල්ල මතකයෙන් ගිලිහී යෑම එයත් සමග සිදුවේ. එතැන් පටන් එම රෝගියා දන්නා හඳුනන කිසිවෙකු නැති රටක තනි වූ තත්ත්වයකට පත් වන්නේ රෝගියා පවසන කිසිවක් අන් අයට නොතේරීමත් අන් අය පවසන කිසිවක් රෝගියාට වටහා ගන්නට නොහැකි වීමත් නිසාය. මොළයේ පසුපසට වන්නට පිහිටා ඇති ස්ථාන කිහිපයක් මගින් අපට ඇසෙන, දැනෙන සහ පෙනෙන දේවල් පාලනය කිරීම සිදුවේ. එවැනි කොටස් වලින් එකකට හානි සිදු වූ විටදී අනෙක් පස හිරිවැටී ඇස් අන්ධකාර වී යයි. ඇස් දෙකේම වම් පැත්තේ හෝ ඇස් දෙකේම දකුණු පැත්තේ හරි අඩක් එවිට නොපෙනී යයි. මෙවැනි තත්ත්වයක් තුළ වෛද්‍ය ප්‍රතිකාර පතා අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යෑම නිෂ්ඵල බව ඔබට අවබෝධ විය යුතුවේ. මෙවැනි ශෝකජනක ඉරණමක් අත්වූ රෝගියෙකු රැකබලා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එය දිවා රෑ වෙහෙසෙමින් නිදිවරා බොහො ්කැප කිරීම් මැද කරන්නට පවුලේ උදවියට සිදුවේ. එහෙත් එවැනි රෝගියෙකු රැක බලා ගැනීම දැනුමක් හා අවබෝධයක් නැතිව කළ හැකි දෙයක්ද නොවේ. ඒ නිසාම රෝගියාට පීඩාවන් අවම වන ආකාරයට අංශභාග රෝගියෙකු රැකබලා ගන්නේ කෙසේදැයි ඔබව දැනුවත් කරන්නට අප අදහස් කළෙමු. සෙම සිරවීමෙන් රෝගියා රැක ගැනීම මෙවැනි තත්ත්වයකට පත් වූ රෝගියෙකු මුලදීම මුහුණ දෙන බරපතළම ගැටලුව වන්නේ ආහාර පාන ගිලීමේ අපහසුවයි. කොතරම් කුසගිනි, පිපාසා ඇති වුවද එය කියා ගන්නට නොහැකිව රෝගියා අසරණ වේ. කෙසේ හෝ කුසගින්නට හෝ පිපාසයට යමක් ලැබුණද එය ගිලගත නොහැකියි. ගිලින්නට උත්සාහ දරන විටදී දියර වර්ග පිට උගුරේ යාම සිදුවේ. එහෙත් එය ඉවත් කර ගන්නට කහින්නටවත් හැකියාවක් නැති වූ විට රෝගියා මොනතරම් නම් අසරණ වනවාද? එවිට හුස්ම හිරවුවද රෝගියාට කරන්නට හැකි දෙයක් නැත. කහින්නටවත්, එකතුවන සෙම බැහැර කරන්නටවත් අංශභාග රෝගියෙකුට නොහැකි නිසා උගුරේ එකතුවන සෙම, කෙළ සිරවීමෙන් රෝගියා ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව පවුලේ අයට සිතන්නට සිදුවේ. ඇඳේ වැතිර සිටියද රෝගියා පැත්තකට හරවා තබන්නට අවශ්‍යය. සියලු සත්කාර කළ යුතු වන්නේ රෝගියාගේ කට කෙළවර පහළට නෙරා සිටින ආකාරයටය. ඇඳ තුවාල වලින් රැක ගැනීමට රෝගියෙකු ඇඳ මත තැබිය යුතු වන්නේ අප්‍රාණික පැත්ත ඉහළට පවතින ආකාරයට ප්‍රාණවත් ප්‍රදේශය ඇඳට ස්පර්ශවය. එහෙත් එවිටද ඒ පැත්ත දිගින් දිගටම මෙට්ටයට තද වී තිබිම නිසා උකුල් ඇටය, තුනටිය වැනි තැන්වල ගැඹුරු තුවාල හටගත හැකිය. එසේ නොවන්නට පැය තුනකට වරක්වත් රෝගියාගේ ඉරියව් වෙනස් කරන්නට භාරකරුවන් අමතක නොකළ යුතුය. එසේ කළ නොහැකි නම් මෙවැනි එක්තැන් වූ රෝගීන් සඳහාම නිෂ්පාදනය කර ඇති වතුර මෙට්ටයක් හෝ සුළං මෙට්ටයක් ෆාමසියකින් මිලදී ගත හැකිය. ආහාර ඇතුළු කරන්නටත් මුත්‍රා පිටකරන්නටත් යොදන බට භාවිතයේදී රෝගියා රෝහල්ගතව සිටින කාලයේදී ආහාරපාන ඇතුළු කරන්නට බටයක් සහ මුත්‍රා බැහැර වන්නට බටයක් යොදනු ලබයි. ආහාරපාන සඳහා වූ බටය නාසය තුළින් බඩට ඇතුළු කරන අතර ඒ හරහා සුප්, කැඳ, බිත්තර, පිටිකිරි, පලතුරු යුෂ විටින්විට ලබාදිය හැකිය. එහෙත් මෙවැනි රෝගීන්ට කෙඳි ආහාර නොලැබි යා හැකි නිසා එළවළු, පලතුරු සියුම්ව බ්ලෙන්ඩ් කර ලබා දෙන්නටද පියවර ගත යුතුය. ආහාරයක රසක් දැනෙන්නට ආකාරයක් නැති නිසා ලුණු සීනි එතරම් අවශ්‍ය වන්නේ නැත. බැරිවීමකින් රෝගියා බටය ඉහළට ඇඳගෙන ඇත්නම් භාරකරුවා එය නැවත ඇතුළු කරන්නට උත්සාහ නොදැරිය යුතු අතර වෛද්‍යවරයා ලවා අලුත් බටයක් ඇතුළු කර ගන්නට සිදුවේ. එලෙස බටය ඉහළට ඇදී ඇති ආකාරයක් පෙනේ නම් තවදුරටත් ආහාරපාන ඇතුළු නොකිරීමට පරිස්සම් විය යුතු වන්නේ බටයේ පහළ කෙළවර පපුවේ යම් අනාරක්ෂිත තැනක රැඳී තිබිය හැකි නිසාය. මාසයක් පමණ ගත වන විටදී ගිලීමේ හැකියාව නැවත ලැබෙන නිසා ආහාර මාර්ගයට දැමූ බටය ඉවත් කළ හැකිය. එහෙත් මුත්‍රා මාර්ගයට යෙදූ බටය දිගු කාලයක් තබා ගන්නට සිදුවේ. රෝගියා සමග කතා කරන්න රෝගියාට කතා කරන්නට නොහැකි වුවත් ළඟම ඥාතීන් රෝගියා සමග දිගටම කතා කිරීම අවශ්‍යය. ඔහු එතෙක් ජීවත් වූ පරිසරයේ විශාල වෙනසක් සිදු කරන්නට උත්සාහ නොකරන්න. අලුත් පුද්ගලයන් හඳුන්වාදීම මගින් රෝගියා මානසිකව කඩා වැටීමකට ලක්විය හැකි නිසා එවැනි දේ මගහරවන්න. පණ නැති කොටස් නිතර චලනය කරවීම අප්‍රාණික අත් පා ඇඟිලි සන්ධි නවන්නේ දිගහරින්නේ නැතිව දිගු කාලයක් තිබෙන්නට හැරීමෙන් ඒවා නැවත එහාමෙහා කරන්නට බැරි ආකාරයට සවි විය හැකිය. එවැනි තත්ත්වයකට පත් වූ විටදී එම සන්ධි නැවත නැවීම හෝ දිගහැරීම දැඩි වේදනාකාරී වන නිසා මුල සිටම රෝගියාගේ භාරකරුවන් අප්‍රාණික කොටසේ අවයවයන්ට ව්‍යායාමයක් ලබාදීම කළ යුතු වේ. අංශභාගය වැලඳුන දියවැඩියා රෝගියෙකු සම්බන්ධයෙන් දියවැඩියා රෝගියෙකුගේ ශරීරයෙන් නිතර නිතර මුත්‍රා පිටවන නිසා දිය පිපාසයද දිගින් දිගටම හට ගනී. එවැනි දියවැඩියා රෝගියෙකුට අංශභාගය වැලඳී කතා කරන්නටද බැරි තත්ත්වයට පත් වී ඇති නම් කොතරම් පිපාසයක් දැනුණත් එය පවසන්නට හැකියාවක් නැත. තමන්ගේ අංශභාග රෝගියා දියවැඩියාවෙන්ද පෙළෙනවා නම් නිතර හට ගන්නා පිපාසය පිළිබඳවත් භාරකරුවන්ට කල්පනාකාරීව සිටින්නට සිදුවේ. කෘමි සතුන්ගෙන් වන ගැහැට රෝගියාගේ සිරුරේ වසන මදුරුවෙකු ඇතිවන තුරුම ලේ බි ඉවත්ව යන තුරු රෝගියාට කළ හැකි දෙයක් නැත. මෙවැනි රෝගීන්ට කුහුඹුවන්ගෙන්ද කොතෙකුත් ගැහැට සිදුවේ. සමහර රෝගීන්ගේ සිරුරේ කුහුඹුවන් කා දැමූ අඟල් දෙක තුනක පදාස දැකගත හැකිය. අංශභාගය වැලඳී රෝහලේ ඇඳකට වැටෙන රෝගියෙකුට කලින් එම ඇඳේ සිටි රෝගියෙකුට වැලඳී තිබූ පණු හොරි හෝ කසන සුළු චර්ම රෝග බෝවන අවස්ථා තිබේ. එවැනි කසන රෝගයක් හට ගත්තද මෙවැනි රෝගියෙකු තම සිරුර කසා ගන්නවත් නොහැකි ආකාරයට අසරණ වන බව භාරකරුවන් අමතක නොකළ යුතු වේ. රෝගියාගේ නින්ද අපට මෙන් දිවා රෑ වෙනසක් අංශභාග රෝගියෙකුට දැනෙන්නේ නැත. රාත්‍රිය කියා වෙනසක් නැති අතර අපට මෙන් රාත්‍රියට නින්ද යන්නේද නැත. එසේ වුවද නින්ද ලබාදීමට රෝගියාට නිදිපෙති නිතර ලබා දීම සුදුසු නොවන්නේ රෝගියා ඊටම ඇබ්බැහි විය හැකි නිසාය. නිය කැපීම සහ ඇඳුම් ඇන්දවීම අප්‍රාණික අත්පා වලද නිය වැවීම නතර වන්නේ නැත. ඒ බව මතකයේ තබා ගනිමින් නිය වැවී ඇත්නම් කපා දැමීමට භාරකරුවන් කටයුතු කළ යුතුවේ. එහිදීද පළපුරුදු අයෙකු විසින් ඉතා සීරුවට නිය කැපීම අවශ්‍ය වන්නේ නියපොත්තට යටින් ඇති සංවේදී සමට හානියක් නොවන ආකාරයටය. වෛද්‍යවරයකු වෙත රැගෙන යන්නට අවශ්‍ය වන රෝගියෙකුට ඇඳුම් අන්දවන්නට සිදුවන්නේද භාරකරුවන්ටය. මෙහිදී පිරිමි රෝගියෙකුට කලිසම අන්දවා සිප් එක දැමීම ඉතාමත් කල්පනාවෙන් හා සීරුවට කරන්නට භාරකරුවන් වගබලා ගත යුතුය. කලබලයෙන් කළිසම අන්දවා සිප් එක දමන්නට උත්සාහ කිරීමේදී රෝගියාගේ ලිංගේන්ද්‍රියේ සම සිප් එකට හසුවීම උසුලාගන්නට බැරි තරම් විශාල වේදනාවක් බව රෝගියාට කළිසම අන්දවන තැනැත්තාට බොහෝවිට දන්නේ නැත. මුත්‍රා බෑගය පිළිබඳව පරීක්ෂාකාරී වන්න මුත්‍රා මාර්ගයට බටයක් ඇතුළු කර ඇති විටදී මුත්‍රා බෑගය මුත්‍රාවලින් පිරී ඇතිදැයි විමසිල්ලෙන් සිටින්නට භාරකරුවන්ට සිදු වේ. බෑගය සම්පූර්ණයෙන්ම මුත්‍රා වලින් පිරී ගිය විටදී තවත් ඊට දියර එකතු වන්නට ඉඩක් නැතිව රෝගියාට මුත්‍රා සිරවීම සිදු වනු ඇත. බටය නිසා මුත්‍රා කාන්දු වීමේ හැකියාවක්ද නැති නිසා මෙවැනි විටෙක රෝගියාට සිදුවන අපහසුතාවය පිළිබඳව විමසිල්ලෙන් සිටින්නට සිදුවේ. වෙනත් රෝගයකට ගොදුරු වී මිය නොගිය පුද්ගලයෙකු වයස්ගත වීමත් සමග අවසන් කාලයේදී අංශභාග තත්ත්වයට පත්විය හැකිය. ඊට අමතරව පාලනය නොවූ දියවැඩියාව අධිරුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් හේතු කොටගෙනද යම් පුද්ගලයෙකු අංශභාග තත්ත්වයට පත්විය හැකිය. අධිරුධිර පීඩනයෙන් හෝ දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙකුට නිවසේ සිටම රුධිර පීඩනයත් සීනි මට්ටමත් මැණගත හැකි ස්වයංක්‍රීය උපරකණ දැන් පහසුවෙන් මිලදී ගත හැකිය. මෙතරම් දියුණු වෛද්‍ය විද්‍යාවක් සහ සූක්ෂම තාක්ෂණික උපකරණ පවතිද්දී ඉන් පලප්‍රයෝජන නොගෙන මිහිපිට ඇති සියලු දුක් කරදර විඳිමින් මැරි මැරී ජීවත් වන්නට සිදුවන අංශභාග රෝගියෙකු බවට පත්වනවාද යන තීරණය ඇත්තේද ඔබේ අතේමය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Oct 2018 04:39 AM දැන් දියවැඩියාවටත් ආයුර්වේදයේ ප‍්‍රතිකාර තියෙනවා මධුමේහය හෙවත් දියවැඩියාව සඳහා වන ආයුර්වේද ප්‍රතිකාර හා විහරණ විධි පිළිබඳ වන මේ ලිපිය මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය චූලා විජේරත්න හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියවේ. මධුමේහය හෙවත් දියවැඩියාව සඳහා වන ආයුර්වේද ප්‍රතිකාර හා විහරණ විධි පිළිබඳ වන මේ ලිපිය මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය චූලා විජේරත්න හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියවේ. ඉන්සියුලින් නැමැති ජීව පදාර්ථය මගින් ආහාරයෙන් අවශෝෂණය කරගන්නා ග්ලූකෝස් ෙසෙල තුළට ඇතුළත් කිරීම සිදු කෙරේ. දියවැඩියා රෝගයේදී සිදුවන්නේ ඉහතින් විස්තර කළ ඉන්සියුලින්වල ප‍්‍රමාණය අඩුවීම හේතුවෙන් එම කාර්යය සිදුනොවී රුධිරයේ ග්ලූකෝස් ඉතිරිවීමය. මේ නිසා රුධිරගත සීනි මට්ටම ඉහළ යයි. දියවැඩියා රෝගය හට ගැනීමට හේතුවන කාරණා කිහිපයකි. උදාසීන දිවිපෙවෙතක් ගත කිරීම, අධික කම්මැලි බව, ශාරීරික ව්‍යායාම අඩුබව අධික පැය ගණනක් දිනකට එක දිගට නිදාගැනීම, අධික ලෙස මී කිරි ආහාරයට ගැනීම, ගෘහ ආශි‍්‍රත සතුන්ගේ මස් හා එම මස්වලින් පිළියෙල කරන ලද සුප් නිතර නිතර පානය කිරීම (උදා හරක් මස්, ඌරු මස්, එළු මස්* ජලයේ වෙසෙන සතුන්ගේ මස් හා මස් සුප් අධිකව ආහාරයට ගැනීම (උදා - ඉස්සෝ, කකුලූවෝ, බෙල්ලන්, දැල්ලන්* යනාදිය වැඩිපුර ආහාරයට ගැනීම, අධිකව කිරි පානය කිරීම, අලූත් ධාන්‍ය හා ඒවායෙන් කරන ලද ආහාර හා සීනි අධිකව ආහාරයට ගැනීමද තෙල් බහුල ලෙස ආහාරයට ගැනීම මෙන්ම අධික මානසික ආතතිය ද දියවැඩියා රෝගයට හේතු වේ. මධුමේහ රෝගීන් අනුගමනය කළ යුතු විහරණ කිහිපයක්ද ආයුර්වේදයේ දක්වා ඇත. එනම් දිනපතා විනාඩි 30-40 ක් ව්‍යායාමවල යෙදීම, ඇවිදීම, යෝග ව්‍යායාමවල යෙදීම, මෘදු සංගීතයට සවන් දීම, මානසික ආතතියෙන් මිදීම සඳහා පිරිත් ඇසීම, භාවනා කිරීම, මාළු ටැංකි දෙස බලා සිටීම ආදී විහරණ අනුගමනය කිරීම වැදගත් වේ. දියවැඩියා රෝගී තත්ත්වය හේතුවෙන් රෝගීන් තුළ ඇතිවන සංකූලතාද කිහිපයකි. ඇස්වල ආබාධ අන්ධබව (ග්ලූකෝමාව), පාදවල හිරි වැටීම, පාද හිරිවැටීම හේතුවෙන් පාදවල දැනීම ඇති නොවීම හේතුවෙන් පාදවල තුවාල ඇතිවීම, පාදවල කැපීම, ඇඟිලි කරු කැපීම පාදවල දැවිල්ල ආදිය එ් අතර වේ. ඊට අමතරව වකුගඩු අකර්මණ්‍ය වීම, ලිංගික අප‍්‍රාණිකත්වය හා මතක ශක්තිය අඩුවීම වැනි සංකූලතා ද ඇතිවේ. දියවැඩියා රෝගියෙකුට තුවාලයක් සිදුවුවහොත් ඒ තුවාල සුව වීම ප‍්‍රමාද වෙයි. දියවැඩියා රෝගියෙකුගේ තුවාලයක් හටගත් අවස්ථාවලදී ශල්‍ය කර්ම සඳහා භාජනය නොකර ආයුර්වේද ඖෂධ මගින් පමණක් මෙම තුවාල සුවකර ගත හැක. ඒ සඳහා ඉතාමත්ම ඉහළ ගණයේ සාර්ථක ආයුර්වේද ප‍්‍රතිකාර ඇත. මෙහිදී රුධිරගත සීනි ප‍්‍රමාණය අඩුකර දියවැඩියාව නැමැති ප‍්‍රධාන රෝගයට ප‍්‍රතිකාර කරන අතර දියවැඩියාව හේතුවෙන් පාදවල හිරිවැටීම සිදුවන විටකදී ස්නායු උද්දීපනය කරන විශේෂ තෙල් වර්ග භාවිත කරයි. ඉතාම කුඩා වයසේදී පවා දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් දැකගත හැක. මෙම ළමා දියවැඩියාව ඇතිවීමට බොහෝවිට ප‍්‍රවේණිගත හේතු බලපායි. ළමා දියවැඩියාව සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේදී ප‍්‍රචලිත වන්නේ සුව කිරීමට අපහසු රෝග තත්ත්වයක් ලෙසය. එහෙත් ආයුර්වේද ප‍්‍රතිකාර තුළින් ළමා දියවැඩියාව පවා සුව වූ බවට සාක්ෂි ඇත. දියවැඩියා රෝගය පාලනයට හා ඉන් වැළකීමට නිවැරදි ආහාර රටාවකට යොමුවීමද වැදගත් වේ. ඒ සඳහා ශරීරයට ශක්තිය ලබා ගැනීමට ධාන්‍ය ආහාර අවශ්‍යම අංගයකි. සහල්, තිරිඟු, කුරක්කන්, මෙනේරි, තනහාල්, බාර්ලි වැනි ආහාර විවිධාකාරයෙන් පිළියෙල කර ආහාරයට ගත හැක. නිවුඞ්ඩ සහිත ධාන්‍ය ආහාරයට ගැනීම මගින් මධුමේහය රෝගය වඩා හොඳින් පාලනය වේ. සියලූම ධාන්‍ය අතරින් රතු නිවුඞ්ඩ සහිත තැම්බූ සහලේ බත ඉතා ගුණදායී වේ. උදෑසන ආහාරයට හීල් බත්, දියබත් සුනුසහල් ඉතා ගුණදායී වේ. දියවැඩියාවේදී කුරක්කන්වලින් පිසින ලද ආහාර ඉතා ගුණදායකය. කුරක්කන් ආහාර මගින් මධුමේහ රෝගියාගේ බලය වඩයි. තරබාරුව පාලනය කරයි. සීනි මට්ටම පාලනය කරන ජීව ධාතු (ඉන්සියුලින්* නිපදවීමට අත්‍යාවශ්‍ය ඛනිජ ලවණම අඩංගු වේ. ඒකාකාරී ලෙස ආහාර ලබාදීමෙන් රෝගීන්ට එම ආහාර එපාවීමක් සිදුවන හෙයින් විවිධාකාරයෙන් පිළියෙල කර ආහාර ලබාදීම වැදගත්වේ. මෙවන් රෝගීන්ට කුරක්කන්, කුරක්කන් තලප, කුරක්කන් පිට්ටු, කුරක්කන් ඉඳිආප්ප, කුරක්කන් පෑන් කේක් ආදී ලෙස විවිධාකාරයෙන් සකස් කර ආහාරයට ලබාදිය හැක. මුුංඇටද මධුමේහ රෝගියාට සුදුසු උදෑසන ආහාරයකි. පැළ කරගත් මුං ඇට ආහාරයට ගැනීම දියවැඩියා රෝගියාට ඉහළ පෝෂණයක් ලබාදෙයි. කව්පි කඩල වැනි ආහාරද දියවැඩියා රෝගීන්ට ගුණදායි වේ. දියවැඩියා රෝගීන් හැකිතාක් ස්වභාවික එළවළු වර්ග අමුවෙන් සලාද වශයෙන් ආහාරයට ගත යුතුය. මේ සඳහා ගොටු කොළ සලාද සහ යුෂ, කතුරුමුරුංගා සලාදය සහ යුෂ, පිපිඤ්ඤා සලාදය සහ යුෂ ඉතා වැදගත්වේ. සමහර එළවලූ වර්ග එක එල්ලේම දියවැඩියා රෝගීන්ගේ දියවැඩියාව මැඬ පවත්වන්නට උපකාරී වේ. ඒ සඳහා අමතක කළ නොහැකිම එළවළුවක් ලෙස කරවිල හඳුන්වා දිය හැක. මෙහි ශාක ඉන්සියුලින් අඩංගුය. රුධිරයේ මෙන්ම මුත‍්‍රා වලද සීනි පාලනය කරයි. අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් ගුණදායීි වේ. කරවිල සලාදයෙහි දියවැඩියාව පාලනයට උදව්වන ජීව ධාතු (ඉන්සියුලින්) ඛනිජ ලවණ අඩංගුය. දිනපතා ආහාරයට ගැනීමෙන් දියවැඩියා අතුරු උපද්‍රව වළක්වා ගත හැක. දියවැඩියා රෝගීන්ට සුදුලූනු, කරපිංචා, රතුලූනු වැනි ආහාර ද ඉතා ගුණදායී වේ. සීනි මඬින පලතුරු වර්ග කිහිපයක්ද ඇත . ඒ අතර කෙඳි බහුල පලතුරු වන වෙරළු, පේර, අත්තික්කා, දෙලූම්, අන්නාසි, කාමරංකා පැගිරි කුලයේ පලතුරු වන දෙහි, දොඩම්, නාරං, ජම්බෝල, ගස්ලබු, අන්නාසි, මාදං වැනි පලතුරු ඉතා ගුණදායකය. අපේ ආහාර කාණ්ඩ අතර පිෂ්ඨය අඩංගු ආහාර ප‍්‍රධාන ලෙසට ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් සංයුක්ත කාබෝහයිඩ්‍රේට හා සරල කාබෝහයිඩ්‍රේට ලෙසටය. මෙම සංයුක්ත කාබෝහයිඩ්‍රේටවලට නිව්ඩු සහලේ බත් කුරක්කන් තනහාල් පැරණි සහල් වර්ග එළවළු පලාවර්ග පලතුරු වැනි කෙඳි බහුල ආහාර අයත් වේ. මේවා ශරීරයට ගත් විගස එක්වරම සීනි බවට පත් නොවේ. ඒ සඳහා යම් කාලයක් ගතවේ. එහෙත් සරල කාබෝහයිඞ්ඩ්‍රේට ලෙසට හඳුන්වන සීනි ග්ලූකෝස්, චොකලට්, ටොෆි, හකුරු වැනි දේ ගත් විගසම සීනි බවට පත්වේ. දියවැඩියා රෝගියාගේ සීනි පාලනය කරන ඉන්සියුලින් මට්ටම අඩු නිසා මෙම තත්ත්වය සිරුරට හානිකර වේ. එම නිසා සරල සීනි අඩංගු ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. එනම් රුධිරයේ අධික සීනි මට්ටම එම මොහොතේ ඉන්ද්‍රීයවලට බලපා ඉන්ද්‍රිය ෙසෙලවලට හානි පමුණුවන බැවිනි. ශමන ප‍්‍රතිකාර ලෙස ඖෂධ කෂාය, ගුලි, කල්ක, චූර්ණ යොදාගන්නා අතර රුධිරගත සීනි මට්ටම අඩුකරන ඒකීය ද්‍රව්‍ය ලෙස නෙල්ලි කහ කොහොඹ, කොතල හිඹුටු ආදී ඖෂධ හැඳින්විය හැක. ආයුර්වේද ප‍්‍රතිකාර සිදුකිරීමට පෙර වෛද්‍යවරයා විසින් රෝගීන් කාණ්ඩ 3 ක් යටතේ හඳුනා ගත යුතුය. පළමුවන කාණ්ඩයේ රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම ආහාර පාලනයෙන් පමණක් පාලනය කළ හැක. දෙවන කාණ්ඩයේ රෝගීන් ආහාර හා ව්‍යායාම වලින් රුධිරගත සීනි ප‍්‍රමාණය අඩුකර ගත හැක. තුන්වන කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට ආහාර ඖෂධ හා ව්‍යායාම යන තුනම උපයෝගී කරගනිමින් රෝගය පාලනය කළ යුතුය. බොහෝ වේලාවට දියවැඩියා රෝගය සඳහා බොහෝ දුරට ගොදුරු වන්නේ බටහිර ආහාරපාන හා බටහිර ජීවන රටාවකට යොමු වූ පුද්ගලයන්ය. එම නිසා සාම්ප‍්‍රදායික ජීවන රටාවකට හා සාම්ප‍්‍රදායික ආහාර රටාවකට යොමුවීම මගින් දියවැඩියාව ඇතුළු බොහෝ රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ හැකියාව අඩුකරගත හැක. චමිලා අල්විස් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 02 Oct 2018 09:43 AM කට පරිස්සම් කර ගත්තොත් දියවැඩියාවෙන් ගැලවෙන්න පුළුවන් 0 chamaramindMost Senior MemberPosts:13471 02 Oct 2018 05:34 PM රාත්‍රියට කිරි බිව්වොත් වාසි ගොඩයි ලිව්වේ විදුමිණි දිසාකරුණා කිරි බොන්න බොහෝ දෙනෙක් කැමැතියි. හැබැයි කිරි බොන්න අකැමැති අයත් ඉන්නවා. ගොඩක් දෙනෙක් හිතන්නේ කිරි බිවිවහම ශරීරයේ කොලෙස්ටරෝල් තත්ත්වය නරක අතට හැරෙනවා කියලා. නමුත් දැන් මේ කියන්න යන දේ ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. රාත්‍රියේදී කිරි බීම මඟින් ශරීරයේ විවිධ විපර්යාසයන් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඔබ උදෑසනට පානය කරන කිරි වීදුරුවට වඩා රාත්‍රියෙහි නින්දට පෙර පානය කරන කිරි වීදුරුවෙහි පෝෂණය හොඳින්ම ශරීරයට අවශෝෂණය වෙනවා. හෘදයාබාධ වළක්වා ගත හැකියි හෘදයාබාධ වැලඳී ඇති රෝගීන් කිරි පානය කිරීමේදී තධඹ ටචබ ධප දධද ටචබ කිරි වර්ගයක් තෝරා ගත යුතුයි. එමඟින් මෙම රෝගීන්ගේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගත හැකියි. තව ද ප්‍රෝටීන් අධික ප්‍රමාණයක් අඩංගු වීමෙන් සිරුරේ අස්ථි පද්ධතියට අවශ්‍ය ශක්තිය මැනවින් ලබා දේ. සිරුරට අමතර ශක්තියක් පුද්ගලයකුට ඇතිවන කායික හා මානසික රෝග බොහොමයක් මඟ හරවා ගැනීම සඳහා සෑම රාත්‍රියකදීම නිදා ගැනීමට ප්‍රථමයෙන් කිරි වීදුරුවක් පානය කිරීම සුදුසු බව පර්යේෂණ මඟින් ද හෙළි වී තිබෙනවා. එසේ සිදු කිරීමෙන් පසුදින අවදිවන පුද්ගලයකුට ජවසම්පන්න ලෙස තම වැඩ කටයුතු සිදු කළ හැකියි. සුව නින්දක් සෑම දිනකම රාත්‍රි නින්දට යාමට ප්‍රථමයෙන් කිරි වීදුරුවක් පානය කිරීමට පුරුදු වන්නේ නම් මානසික ව්‍යාකූලතාවන්ගෙන් තොරව නිදා ගත හැකියි. එමඟින් මනසට රුධිරය සැපයීම ක්‍රමවත්ව සිදුවී සිරුරේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය හෝර්මෝන ක්‍රමවත්ව ස්‍රාවය වීම ද සිදු කරයි. මෙමඟින් උදරය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ බොහොමයක් අවම කරගත හැකියි. එමෙන්ම සමබර ආහාරවේලක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සිරුර අසීමිත ලෙස මහත් වීමද වළක්වා ගත හැකියි. සිරුරේ බර අඩුවෙයි රාත්‍රි නින්දට පෙර කිරි පානය කිරීමේදී මේදය රහිත කිරි වර්ගයක් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම එක කිරි වීදුරුවක් පමණක් රාත්‍රියේදී පානය කිරීමට ද මතක තබාගත යුතුයි. එක් වීදුරුවකට වඩා කිරි පානය කිරීමෙන් වෙනත් රෝගාබාධ ඇතිවීමට පුළුවන් බව විදෙස් වෛද්‍යවරුන් පවා පවසනවා. ආහාර ජීර්ණ පද්ධතියට හිතකරයි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා හේතුවෙන් උදරයේ ඇතිවන සංකූලතා අවම කිරීම සඳහා රාත්‍රී නින්දට යාමට ප්‍රථමයෙන් කිරි පානය කිරීම සුදුසු බව වෛද්‍යවරු සොයාගෙන තිබේ. දියවැඩියා රෝගීන්ට යහපත්ය දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වය හෝ වැඩිහිටි කාන්තාවන්ට වැලඳී ඇති දියවැඩියා තත්ත්වය වළක්වා ගැනීම සඳහා රාත්‍රී නින්දට පෙර කිරි පානය කිරීම සුදුසු වේ. මෙම දියවැඩියා රෝගීන් තම කිරි වීදුරුවට සීනි එකතු නොකිරීමට මතක තබාගත යුතුයි. රාත්‍රියට කිරි පානය කිරීමෙන් මෙතරම් ගුණ ගෙන දුන්නද ඇතැම් අයට අගුණ විය හැකියි. සෙම් රෝග, හතිය ඇති රෝගීන්ට කිරි රාත්‍රියට පානය කිරීම සුදුසු නොවේ. කිරි එකවර මිලි ලීටර් 500 කට වැඩි ප්‍රමාණයක් පානය කිරීමෙන් පාචනය, බඩ පිපුම, උදරාබාධ ඇතිවිය හැකියි. දිනක පානය කළ යුත්තේ කිරි මිලිලීටර් 200 ක් පමණයි. එනම් වීදුරුවක ප්‍රමාණයකි. අජීර්ණයක් ඇති වූ අවස්ථාවකදී කිරි පානය කිරීමෙන් රෝගී තත්ත්වය උග්‍ර විය හැකියි. එමෙන්ම තරබාරු අය කිරි පානය කරනවා නම් මේදය රහිත කිරි වර්ග පමණක් පානය කරන්න. නැතිනම් මේදය සහිත කිරි පානය කිරීමෙන් ඔබව තව තවත් තරබාරු කරයි. මේ කරුණු ගැන ද සිහි තබාගෙන රාත්‍රී ආහාර වේල වෙනුවට කිරි පානය කරන්න. උපදෙස් - පෝෂණවේදී රේණුකා ජයතිස්ස වෛද්‍ය පර්යේෂණායතනය බොරැල්ල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Oct 2018 06:05 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 ImalkaVeteran MemberPosts:4533 02 Oct 2018 06:37 PM Posted By chamaramind on 02 Oct 2018 05:34 PM රාත්‍රියට කිරි බිව්වොත් වාසි ගොඩයි ලිව්වේ විදුමිණි දිසාකරුණා කිරි බොන්න බොහෝ දෙනෙක් කැමැතියි. හැබැයි කිරි බොන්න අකැමැති අයත් ඉන්නවා. ගොඩක් දෙනෙක් හිතන්නේ කිරි බිවිවහම ශරීරයේ කොලෙස්ටරෝල් තත්ත්වය නරක අතට හැරෙනවා කියලා. නමුත් දැන් මේ කියන්න යන දේ ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. රාත්‍රියේදී කිරි බීම මඟින් ශරීරයේ විවිධ විපර්යාසයන් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඔබ උදෑසනට පානය කරන කිරි වීදුරුවට වඩා රාත්‍රියෙහි නින්දට පෙර පානය කරන කිරි වීදුරුවෙහි පෝෂණය හොඳින්ම ශරීරයට අවශෝෂණය වෙනවා. හෘදයාබාධ වළක්වා ගත හැකියි හෘදයාබාධ වැලඳී ඇති රෝගීන් කිරි පානය කිරීමේදී තධඹ ටචබ ධප දධද ටචබ කිරි වර්ගයක් තෝරා ගත යුතුයි. එමඟින් මෙම රෝගීන්ගේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගත හැකියි. තව ද ප්‍රෝටීන් අධික ප්‍රමාණයක් අඩංගු වීමෙන් සිරුරේ අස්ථි පද්ධතියට අවශ්‍ය ශක්තිය මැනවින් ලබා දේ. සිරුරට අමතර ශක්තියක් පුද්ගලයකුට ඇතිවන කායික හා මානසික රෝග බොහොමයක් මඟ හරවා ගැනීම සඳහා සෑම රාත්‍රියකදීම නිදා ගැනීමට ප්‍රථමයෙන් කිරි වීදුරුවක් පානය කිරීම සුදුසු බව පර්යේෂණ මඟින් ද හෙළි වී තිබෙනවා. එසේ සිදු කිරීමෙන් පසුදින අවදිවන පුද්ගලයකුට ජවසම්පන්න ලෙස තම වැඩ කටයුතු සිදු කළ හැකියි. සුව නින්දක් සෑම දිනකම රාත්‍රි නින්දට යාමට ප්‍රථමයෙන් කිරි වීදුරුවක් පානය කිරීමට පුරුදු වන්නේ නම් මානසික ව්‍යාකූලතාවන්ගෙන් තොරව නිදා ගත හැකියි. එමඟින් මනසට රුධිරය සැපයීම ක්‍රමවත්ව සිදුවී සිරුරේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය හෝර්මෝන ක්‍රමවත්ව ස්‍රාවය වීම ද සිදු කරයි. මෙමඟින් උදරය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ බොහොමයක් අවම කරගත හැකියි. එමෙන්ම සමබර ආහාරවේලක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සිරුර අසීමිත ලෙස මහත් වීමද වළක්වා ගත හැකියි. සිරුරේ බර අඩුවෙයි රාත්‍රි නින්දට පෙර කිරි පානය කිරීමේදී මේදය රහිත කිරි වර්ගයක් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම එක කිරි වීදුරුවක් පමණක් රාත්‍රියේදී පානය කිරීමට ද මතක තබාගත යුතුයි. එක් වීදුරුවකට වඩා කිරි පානය කිරීමෙන් වෙනත් රෝගාබාධ ඇතිවීමට පුළුවන් බව විදෙස් වෛද්‍යවරුන් පවා පවසනවා. ආහාර ජීර්ණ පද්ධතියට හිතකරයි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා හේතුවෙන් උදරයේ ඇතිවන සංකූලතා අවම කිරීම සඳහා රාත්‍රී නින්දට යාමට ප්‍රථමයෙන් කිරි පානය කිරීම සුදුසු බව වෛද්‍යවරු සොයාගෙන තිබේ. දියවැඩියා රෝගීන්ට යහපත්ය දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වය හෝ වැඩිහිටි කාන්තාවන්ට වැලඳී ඇති දියවැඩියා තත්ත්වය වළක්වා ගැනීම සඳහා රාත්‍රී නින්දට පෙර කිරි පානය කිරීම සුදුසු වේ. මෙම දියවැඩියා රෝගීන් තම කිරි වීදුරුවට සීනි එකතු නොකිරීමට මතක තබාගත යුතුයි. රාත්‍රියට කිරි පානය කිරීමෙන් මෙතරම් ගුණ ගෙන දුන්නද ඇතැම් අයට අගුණ විය හැකියි. සෙම් රෝග, හතිය ඇති රෝගීන්ට කිරි රාත්‍රියට පානය කිරීම සුදුසු නොවේ. කිරි එකවර මිලි ලීටර් 500 කට වැඩි ප්‍රමාණයක් පානය කිරීමෙන් පාචනය, බඩ පිපුම, උදරාබාධ ඇතිවිය හැකියි. දිනක පානය කළ යුත්තේ කිරි මිලිලීටර් 200 ක් පමණයි. එනම් වීදුරුවක ප්‍රමාණයකි. අජීර්ණයක් ඇති වූ අවස්ථාවකදී කිරි පානය කිරීමෙන් රෝගී තත්ත්වය උග්‍ර විය හැකියි. එමෙන්ම තරබාරු අය කිරි පානය කරනවා නම් මේදය රහිත කිරි වර්ග පමණක් පානය කරන්න. නැතිනම් මේදය සහිත කිරි පානය කිරීමෙන් ඔබව තව තවත් තරබාරු කරයි. මේ කරුණු ගැන ද සිහි තබාගෙන රාත්‍රී ආහාර වේල වෙනුවට කිරි පානය කරන්න. උපදෙස් - පෝෂණවේදී රේණුකා ජයතිස්ස වෛද්‍ය පර්යේෂණායතනය බොරැල්ල නිදහසේ කිරි බොන්න හොඳම වෙලාව වෙන්න ඇති... 0 indika76Most Senior MemberPosts:10449 02 Oct 2018 07:27 PM වෙනස දන්නව වගේ... 0 ImalkaVeteran MemberPosts:4533 02 Oct 2018 07:44 PM Posted By indika76 on 02 Oct 2018 07:27 PM වෙනස දන්නව වගේ... නැහැ බං අහලා තිබ්බට තහවුරු කරගන්න පුළුවන් ද කියලා මේ පොඩ්ඩක් බැලුවේ 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Oct 2018 11:35 AM කිරි බිව්ව කාලෙ ගියා බන් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 03 Oct 2018 11:45 AM Posted By chamaramind on 02 Oct 2018 05:34 PM රාත්‍රියට කිරි බිව්වොත් වාසි ගොඩයි ලිව්වේ විදුමිණි දිසාකරුණා කිරි බොන්න බොහෝ දෙනෙක් කැමැතියි. හැබැයි කිරි බොන්න අකැමැති අයත් ඉන්නවා. ගොඩක් දෙනෙක් හිතන්නේ කිරි බිවිවහම ශරීරයේ කොලෙස්ටරෝල් තත්ත්වය නරක අතට හැරෙනවා කියලා. නමුත් දැන් මේ කියන්න යන දේ ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. රාත්‍රියේදී කිරි බීම මඟින් ශරීරයේ විවිධ විපර්යාසයන් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඔබ උදෑසනට පානය කරන කිරි වීදුරුවට වඩා රාත්‍රියෙහි නින්දට පෙර පානය කරන කිරි වීදුරුවෙහි පෝෂණය හොඳින්ම ශරීරයට අවශෝෂණය වෙනවා. හෘදයාබාධ වළක්වා ගත හැකියි හෘදයාබාධ වැලඳී ඇති රෝගීන් කිරි පානය කිරීමේදී තධඹ ටචබ ධප දධද ටචබ කිරි වර්ගයක් තෝරා ගත යුතුයි. එමඟින් මෙම රෝගීන්ගේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගත හැකියි. තව ද ප්‍රෝටීන් අධික ප්‍රමාණයක් අඩංගු වීමෙන් සිරුරේ අස්ථි පද්ධතියට අවශ්‍ය ශක්තිය මැනවින් ලබා දේ. සිරුරට අමතර ශක්තියක් පුද්ගලයකුට ඇතිවන කායික හා මානසික රෝග බොහොමයක් මඟ හරවා ගැනීම සඳහා සෑම රාත්‍රියකදීම නිදා ගැනීමට ප්‍රථමයෙන් කිරි වීදුරුවක් පානය කිරීම සුදුසු බව පර්යේෂණ මඟින් ද හෙළි වී තිබෙනවා. එසේ සිදු කිරීමෙන් පසුදින අවදිවන පුද්ගලයකුට ජවසම්පන්න ලෙස තම වැඩ කටයුතු සිදු කළ හැකියි. සුව නින්දක් සෑම දිනකම රාත්‍රි නින්දට යාමට ප්‍රථමයෙන් කිරි වීදුරුවක් පානය කිරීමට පුරුදු වන්නේ නම් මානසික ව්‍යාකූලතාවන්ගෙන් තොරව නිදා ගත හැකියි. එමඟින් මනසට රුධිරය සැපයීම ක්‍රමවත්ව සිදුවී සිරුරේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය හෝර්මෝන ක්‍රමවත්ව ස්‍රාවය වීම ද සිදු කරයි. මෙමඟින් උදරය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ බොහොමයක් අවම කරගත හැකියි. එමෙන්ම සමබර ආහාරවේලක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සිරුර අසීමිත ලෙස මහත් වීමද වළක්වා ගත හැකියි. සිරුරේ බර අඩුවෙයි රාත්‍රි නින්දට පෙර කිරි පානය කිරීමේදී මේදය රහිත කිරි වර්ගයක් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම එක කිරි වීදුරුවක් පමණක් රාත්‍රියේදී පානය කිරීමට ද මතක තබාගත යුතුයි. එක් වීදුරුවකට වඩා කිරි පානය කිරීමෙන් වෙනත් රෝගාබාධ ඇතිවීමට පුළුවන් බව විදෙස් වෛද්‍යවරුන් පවා පවසනවා. ආහාර ජීර්ණ පද්ධතියට හිතකරයි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා හේතුවෙන් උදරයේ ඇතිවන සංකූලතා අවම කිරීම සඳහා රාත්‍රී නින්දට යාමට ප්‍රථමයෙන් කිරි පානය කිරීම සුදුසු බව වෛද්‍යවරු සොයාගෙන තිබේ. දියවැඩියා රෝගීන්ට යහපත්ය දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වය හෝ වැඩිහිටි කාන්තාවන්ට වැලඳී ඇති දියවැඩියා තත්ත්වය වළක්වා ගැනීම සඳහා රාත්‍රී නින්දට පෙර කිරි පානය කිරීම සුදුසු වේ. මෙම දියවැඩියා රෝගීන් තම කිරි වීදුරුවට සීනි එකතු නොකිරීමට මතක තබාගත යුතුයි. රාත්‍රියට කිරි පානය කිරීමෙන් මෙතරම් ගුණ ගෙන දුන්නද ඇතැම් අයට අගුණ විය හැකියි. සෙම් රෝග, හතිය ඇති රෝගීන්ට කිරි රාත්‍රියට පානය කිරීම සුදුසු නොවේ. කිරි එකවර මිලි ලීටර් 500 කට වැඩි ප්‍රමාණයක් පානය කිරීමෙන් පාචනය, බඩ පිපුම, උදරාබාධ ඇතිවිය හැකියි. දිනක පානය කළ යුත්තේ කිරි මිලිලීටර් 200 ක් පමණයි. එනම් වීදුරුවක ප්‍රමාණයකි. අජීර්ණයක් ඇති වූ අවස්ථාවකදී කිරි පානය කිරීමෙන් රෝගී තත්ත්වය උග්‍ර විය හැකියි. එමෙන්ම තරබාරු අය කිරි පානය කරනවා නම් මේදය රහිත කිරි වර්ග පමණක් පානය කරන්න. නැතිනම් මේදය සහිත කිරි පානය කිරීමෙන් ඔබව තව තවත් තරබාරු කරයි. මේ කරුණු ගැන ද සිහි තබාගෙන රාත්‍රී ආහාර වේල වෙනුවට කිරි පානය කරන්න. උපදෙස් - පෝෂණවේදී රේණුකා ජයතිස්ස වෛද්‍ය පර්යේෂණායතනය බොරැල්ල සුව නින්දක් නම් ලැබෙනවා අනිවා Business, you know, may bring money, But friendship hardly ever does. 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2018 05:24 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2018 05:24 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2018 05:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Oct 2018 05:28 PM වසා ගැටිති ඉදිමීම පිළිකා සංඥාවක්ද? ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 03 Oct 2018 06:24 PM හම්මේ ........තාම නම් මේ ලක්ෂණ නෑ 0 chamaramindMost Senior MemberPosts:13471 04 Oct 2018 03:44 PM පිළිකාව සුව කරන මඤ්ඤොක්කා අල පානය උපුටා ගැනීම -http://www.lankanews.website/how-to-make-cassava-for-heal-cancer/ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 04 Oct 2018 05:59 PM බොන්න නම් හරිම අමාරු ඇති, ඒත් සනීප වෙනව නම්.... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Oct 2018 05:46 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Oct 2018 06:39 AM හිසට ඩයි වැරදුණොත් වැඩ ගොඩයි වර්තමානයේදී බොහෝ දෙනා තම රූපය සුන්දර කරගැනීම සඳහා විවිධ ආලේපන වර්ග මුහුණට අලේපන කරති. මුහුණ සුන්දර කරගැනීමට පමණක් නොව ඇතැමුන් තම රූපය සුන්දර කරගැනීම සඳහා හිසකෙස් සඳහා ද විවිධ ක්‍රම යොදා ගනිති. හිසකෙස් කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, රිබෝන්ඩින් කිරීම වැනි විවිධ ක්‍රම මගින් බොහෝ විට සිදුවන්නේ හිසකෙස්වල නීරෝගි භාවයට හානී ඇතිවීමයි. විශේෂයෙන් විවිධ වර්ගයේ ඩයි හිසකෙස්වල ආලේප කිරීමෙන් තාවකාලික පැහැයක් ඇතිවුවත් සිදුවන්නේ ඉතා ඉක්මණින් හිසකෙස් දුර්වල වීමයි. හිසකෙස් සම්බන්ධව බොහෝ මැසිවිලි නඟන්නේ කාන්තා පාර්ශ්වයයි. මෙහිදී පිරිමි පාර්ශ්වය තම හිසකෙස්වල යම් ගැටලු තත්ත්වයක් ඇතිවේ නම් විශේෂයෙන් හිසකෙස් යාම, අකලට හිසකෙස් සුදුවීම වැනි සිදුවීම්වලදී බොහෝ විට කෙස් ඉතා කොටට කැපීම සිදුකරයි. බොහෝ කාන්තාවෝ තම සුදු කෙස් පෙන්වීම වැළක්වීමට ඩයි වර්ග හිසට යොදති. නමුත් මෙලෙස පාවිච්චි කරනු ලබන ඩයි වර්ග කොයිතරම් දුරකට හිසට ගැලපේද යන්න පිළිබඳව සොයාබැලීමද අවශ්‍යය. ඩයි කිරීම මගින් සිදුවන්නේ සුදු හෝ අවපැහැ ගැන්වුණ හිස කෙස්වල එම වර්ණය වෙනස් කිරීමයි. මේ සඳහා බොහෝ වර්ණ පැවැතියි ද බොහෝ දෙනා හිසකෙස් ඩයි කිරීම සඳහා යොදාගනු ලබන්නේ තද දුඹුරු පැහැති වර්ණකය සහ කළු පැහැති වර්ණකයයි. හිසට ගල්වනු ලබන මෙම ආලේපනයට එම වර්ණය ලැබෙණුයේ එයට එකතුවන ඔක්සිජන් මගිනි. හිසකෙස්වලට ගල්වනු ලබන සෑම ඩයි වර්ගයක්ම සියලුම දෙනාට ගැලපෙන්නේ නැත. ඇතැමුන්ට මෙම ඩයි වර්ග ගැල්වීමෙන් ආසාත්මිකතා ඇති විය හැක. මේ නිසා විවිධ රෝග අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. ඇතැම් විට මෙවැනි ඩයි වර්ග ගල්වා ඒවා ආසාත්මික වී මරණය පවා සිදුවීමට පුළුවනි. එවැනි සිදුවීම් අප රටේ සිදුවූ අවස්ථා ද ඇත. හිසකෙස්වලට ගල්වනු ලබන ඩයි වර්ග ආසාත්මික වී විවිධ රෝග ලක්ෂණ මතුවේ. හිසට ඩයි වර්ග ගල්වා සුළු මොහොතකින් හිස අධික ලෙස කැසීම, හිස මතුපිට ලප මතුවීම, නළල, කන්, හිස් කබල ආශ්‍රිත ප්‍රදේශය ඉතා ඉක්මණින් රතු පැහැවීම, හිස මත කුඩා රතු පැහැති බිබිලි මතුවී ඒවායින් දියර ගැලීම, හිසරදය, ඇස් ඉදිමීම, මුහුණ ඉදිමීම, ඇතැම් විට ක්ලාන්තය ඇතිවීම, හිස කැරකැවිල්ල වැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇතිවේ. මේ නිසා කුමන ඩයි වර්ගයක් හිසට ගැල්වීමට ප්‍රථම එය ආසාත්මිකතාවයන් ඇති වන්නේදැයි පිළිබඳව සොයාබැලිය යුතුය. ඔබට නිවසේදීම අත්හදා බැලිය හැක. හිසට ඩයි එක ගැල්වීමට පෙර කන් පිටුපස හෝ අත්ල පිටපැත්තේ සුළු ප්‍රමාණයක් ආලේප කර පැය විසි හතරක් පරීක්ෂාවෙන් සිටින්න. ඒ කාලය ඇතුළත ඉහත දැක්වූ රෝග ලක්ෂණ හෝ වෙනත් කිසිඳු වෙනසක් නොදැන්නේ නම් එය ඔබේ හිසට ගැල්වීමට සුදුසුවේ. ජීවිතේ මුල්ම වතාවට හිසට ඩයි ගල්වන කෙනෙක් නම් එම වර්ණය ගල්වා සති කිහිපයක් යනතුරු ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටීම ඉතා වැදගත් වේ. වර්තමානයේ වෙළෙඳ පොළේ විවිධ සමාගම්වල නිෂ්පාදනය කරන ලද බොහෝ ඩයි වර්ග ඇත. මෙම නිෂ්පාදනයක් වෙනස් වීමෙන් ද ඇතැමුන්ට ආසාත්මිකතා ඇතිවිය හැක. මේ නිසා ඔබ ඩයි වර්ගයක් මිලදී ගනිද්දී ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. ඩයි වර්ග නිෂ්පාදනය කරන ලද සමාගම, අනුමැතිය ලබා ඇති යන්න පිළිබඳව, කල්ඉකුත්වන දිනය ආදී කරැණු පිළිබඳවත් එම ඩයි වර්ගය ගල්වන ආකාරය පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න. මෙම වර්ණ ගල්වා සති කිහිපයක් හෝ ගතවෙද්දී හිසකෙස් හෝ හිස්කබල කැසීමක් සිදුවේ නම් නැවත එම වර්ගයේ ඩයි ආලේප කිරීමෙන් වැළකීම සුදුසුය. ඇතැමුන්ට මේවා ආසාත්මිකතා ඇතිවනු ලබන්නේ සති දෙකක් හෝ තුනක් ගතවෙද්දීය. මේ නිසා පළමු වතාවට හිසට වර්ණයක් ආලේප කරනා විට හිස් කබලේ වර්ණකය ආලේප නොවීමට වගබලා ගන්න. බොහෝ දෙනා සුදු හිසකෙස් කළු පැහැ ගැන්වීම සඳහා “හෙනා” සත්කාරය කරනු ලබයි. මේ සඳහා වෙළඳපොළේ විවිධ සමාගම් මගින් නිෂ්පාදිත වෙළෙඳ නාම යටතේ “හෙනා” පැකැට්ටු ද විකිණීමට ඇත. මේවා හිසට ආලේප කිරීමට පළමුව පෙර පරීක්ෂාව පෙර පරිදිම සිදුකරන්න. හිසට කොතෙකුත් වර්ණ ගැල්වුවද ඒ පිළිබඳව ඉතා පරීක්ෂාකාරී වන්න. අකලට හිසකෙස් සුදු පැහැ වීම වැළක්වීම සඳහා ආයුර්වේදයේ ඉතා සාර්ථක ක්‍රම ඇත. හිසකෙස් සුදු පැහැවීමට පෙර හිසකෙස් පිළිබඳව සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් අඩුම තරමේ සතියකට දින දෙකක්වත් හිසට ගැලපෙන ආයුර්වේද තෙලක් පාවිච්චි කරන්න. හිස් කබලට හොඳින් ආයුර්වේද තෙල එක්කර විනාඩි කිහිපයක් හොඳින් හිස සම්බාහනය කරන්න. මීට අමතරව හිස සේදීමෙන් අනතුරැව හිස තදවන්නට ගැට ගසන්න එපා. ඉතා පෝෂ්‍යදායි ආහාර අනුභවයෙන් ද ඔබේ හිසට පෝෂණයක් ලබාගත හැක. කුමුදුනී ද සිල්වා ආයුර්වේද වෛද්‍ය B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය) සෙත්සුව ආයුර්වේද රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 24 of 35 << < 2223242526 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner