Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 25 of 35 << < 2324252627 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 06 Oct 2018 06:41 AM දියවැඩියාවට හරිම ගුණ වට්ටක්කා කොළ බොහෝ අය වට්ටක්කා ආහාරයට ගනිද්දී එකතු කරගනු ලබන්නේ වට්ටක්කා ගෙඩිය පමණි. නමුත් වට්ටක්කාවල කොළ සහ දලුවලද ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතව පවතී. එමෙන්ම වට්ටක්කා දලු සහ කොළ මිශ්‍ර ආහාරයද ඉතා රසවත් වේ. රෝග රුසකට ලොකු ගුණයක් මෙමගින් ලැබේ. වට්ටක්කා කොළ කෝප්ප එකකින් ඔමේගා 6 මේද අම්ලය මිලිග්‍රෑම් 3.9, ප්‍රෝටීන් ග්‍රෑම් 1-2, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 0.9ක් සම්පූර්ණ මේදය ග්‍රෑම් 0.2ක්ද ලබාගත හැක. එමෙන්ම වට්ටක්කා කොළවල විටමින් ඒ වැඩි වශයෙන් අඩංගු වේ. ඊට අමතරව විටමින් සී යම් ප්‍රමාණයක්ද අන්තර්ගත වේ. වට්ටක්කා කොළ ආහාරයට ගැනීමෙන් පසුව ශරීරයට සීනි උරා ගැනීම අඩුය. මේ නිසා වට්ටක්කා කොළ දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. කොළවල පවතින කහට රස නිසා සීනි ප්‍රමාණය අඩු කරයි. විටමින් ඒ ඉතා යහමින් පවතින නිසා වට්ටක්කා කොළවල පිළිකා නාශක ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද ඇත. මෙහි කොලෙස්ටරෝල් සහ මද්‍යසාර අන්තර්ගත නැත. වට්ක්කා කොළවල ඇති විටමින් ඒ සංඝටකය නිසා ඇස් පෙනීම දියුණු කරයි. හිසකෙස් සහ නියවලට ඉතා ගුණදායක වේ. මෙහි කැල්සියම් හොඳින් ඇති නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග සඳහා වට්ටක්කා කොළ ඉතා සුදුසුය. ශරීරයේ ඇතිවිය හැකි කම්පන තත්ත්ව සහිත රෝගාබාධ පාලනය කරයි. රැධිර නාළ තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම අඩුකරයි. වන්ධ්‍යාභාවය තුරන් කර සරු බව ඇති කරයි. කුමන හෝ රෝගයකට ප්‍රතිකාර ගැනීම නිසා ඖෂධ මගින් හෝ වෙනත් ක්‍රම මගින් අක්මාවට ඇතිවන හානිය වට්ටක්කා කොළ මගින් අඩු කරයි. එහි බැක්ටීරියා නාශක ගුණයන්ද පවතී. සැලකිය යුතු ප්‍රමාණයක යකඩ අඩංගු නිසා රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. එමෙන්ම කිරිදෙන මව්වරැන්ට කිරි එරීමට උදව් කෙරේ. සැලකිය යුතු පෝෂණ ප්‍රමාණයක් අන්තර්ගතව ඇති නිසා ආහාර ජීර්ණය පහසු කරයි. නොයෙකුත් ආසාදන රෝග තත්ත්ව වළක්වන බැක්ටීරියා නාශක ගුණයක්ද පවතී. මුරුංගා කොළ රෝග රැසකටහොඳ බෙහෙතක් මුරුංගා මෙන්ම මුරුංගා කොළවලින්ද රෝග රැසකට ගුණයක් ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මුරුංගා කොළ ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් අඩංගු කොළ වර්ගයකි. මුරුංගා කොළ ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ලෙසින් විටමින් සී මිලිග්‍රෑම් 220ක්ද, කැල්සියම් මිලිග්‍රෑම් 440ක්ද පවතින අතර ඊට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන් අඩංගු වේ. ආයුර්වේදයේ බොහෝ රෝග රැසකට මුරැංගා කොළ යොදාගනී. මෙය දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක කොළ වර්ගයකි. අධි රුධිර පීඩනයට, පාචනය, කොළරාව වැනි රෝගවලටද මෙය වඩාත් සුදුසු ආහාරයක් ලෙස හැඳින්විය හැක. මුරුංගා කොළ ආහාරයට ගත්විට මුත්‍රා හොඳින් පිට වේ. සෙම නිසා ඇතිවන ශීර්ෂ රෝග සඳහාද, මෙය ගුණදායක වේ. මෙම කොළ අඹරා සම මතුපිට ආලේප කළ විට සමේ ඇති විෂබීජ ඉවත් කළ හැකිය. උණ, ශ්වසන ප්‍රදාහය, ශ්වසන මාර්ගය, ඇස, කන යන ස්ථානවල පවතින ආසාදන රෝග, විදුරු මස්වල රතුවීම, ඉදිමීම සහිත ඇතිවන රෝග සඳහා මුරැංගා කොළ ඉතා ගුණදායක වේ. ආහාර මාර්ගයේ ඇතිවන අනවශ්‍ය පණුවන් ඉවත් කරලීමට මුරුංගා කොළවල ඇත්තේ ප්‍රබල හැකියාවකි. අධික කැල්සියම් ප්‍රමාණයක් අන්තර්ගතව පවතින නිසා දරුවන් ලැබුණු පසුව කිරි එරීමටත් ආර්තවහරණයෙන් පසුව ඇතිවන අස්ථි දිරීම, අස්ථි දියවීම සඳහා ඉතා සුදුසු කොළ වර්ගයකි. මෙහි පවතින යකඩ ප්‍රමාණය හේතුවෙන් රක්තහීනතාවයටද ඉතා ගුණදායක වේ. පලාවර්ගවලින් වැඩිපුරම විටමින් සී ප්‍රමාණයක් අඩංගු වන්නේ මුරුංගා කොළවලය. විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර කුරුණෑගල ආයුර්වේද රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 06 Oct 2018 09:05 AM හ්ම් කොළ වර්ග අමාරුවෙන් හරි කෑවොත් ගොඩ 0 sha733Super Senior MemberPosts:7332 06 Oct 2018 05:57 PM වට්ටක්කා කොල සම්පූර්ණයෙන්ම කන්න නැතත් කවලම් මැල්ලුමට කොලයක් දෙකක් එක් කර ගන්නවා 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 05:48 AM දුම් උගුරයි ලෙඩ අහුරයි නොසිතූ විරූ ලෙඩ තොගයක් ඔබේ සිරුරේ මතුකරන්නට දුම්පානය සමත්. සැබවින්ම සිරැරේ සෑම අවයක්ම පාහේ ක්‍රමානුකූලව විනාශ කර දමන්නට මේ ඇබ්බැහියට හැකියි. කොටින්ම දුම්පානය කරන මවකගේ කුස තුළ ඇති කළලයටත් එහි බලපෑම දැඩිව දැනෙනවා. එංගලන්තයේ මිඩ්ල්ස්බර්ග් හි ජේම්ස් කුක් රෝහල් සරසවියේ සිදුකළ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂාවකට අනුව අරැම පුදුම දෙයක් වාර්තා වුණා. නිතර දුම්පානයේ යෙදෙන මවකගේ කුස තුළ වැඩෙන කළලයත් තමන්ගේ අතින් මුහුණ සහ නාසය වසාගන්නා දර්ශනයයි ඒ. දුම්පානයේ යෙදෙන මවුවරැන්ගේ දරු කළලවල මධ්‍ය ස්නායු පද්ධතියේ වැඩීමට බාධා ඇතිවන අතර අක්මාව ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රීයන් විනාශ වන බවත් ඔවුන් සොයාගෙන තියනවා. නිතර දුම්පානය කරන මෙන්ම අනියම් ලෙස දුමට ගොදුරැවන අයටත් ඇති විය හැකි රෝගාබාධ ගණනාවක් ගැන විස්තරයි මේ. 1. පෙනහළු පිළිකා පෙනහළු පිළිකා ඇතිවීමට බලපාන මූලික කරැණ වන්නේ දුම්පානයයි. මෙය ලංකාව තුළද බහුලව වාර්තාගත තත්ත්වයකි. 2. හදවත් රෝග හදවත් රෝග සෑදී සිදුවන මරණ පහකින් එකකට සෘජුවම දුම්පානය හා සම්බන්ධ බව වාර්තා වී තිබේ. 3. දියවැඩියාව දියවැඩියාවේ දෙවන අදියර ඇති කිරීමට දුම්පානය හේතුවන බව සනාථ වූ කරුණකි. 4. අක්මාවේ ඇතිවන පිළිකා අක්මාවේ පිළිකා ඇතිවීමේ අවදානම දුම්පානය නිසා ඉහළ යයි. 5. දුම්පානය නිසා ධමනි තුළ සිදුවන තැන්පත් වීම් නිසා රුධිර සංසරණයට බාධා ඇතිවන අතර එය අප්රාණීකත්වයට ප්‍රබල හේතුවකි. 6. බහිර් ගර්භාෂයීක ගැබ්ගැනීම් “Ectopic Pregnacy” ගර්භාෂයෙන් පිටත බොහෝවිට පැලෝපිය නාලයක වර්ධනය වන ගැබ මෙනමින් හඳුන්වන අතර මේ ආකාරයේ ගැබ් ගැනීම් 11% කට වාගේ දුම්පානය සෘජුව සම්බන්ධ වෙනවා. 7. ආතරයිටිස් දුම්පානය මගින් ආතරයිටිස් ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. 8. මහා බඩවැලේ ඇතිවන පිළිකාව දුම්පානය කරන්නන්ට විවිධ පිළිකා ඇතිවන අතර එයිනුත් ප්‍රබල පිළිකා අවදානමක් ලෙස මහා බඩවැලේ ඇතිවන පිළිකාව දක්වන්නට හැකිය. 9. අක්‍රිය දුම්පානය දුම්පානය කරන්නන් ඔවුනට සිදුකර ගනු ලබන හානියට අමතරව ඔවුන් අසල සිටින්නන් පවා අක්‍රිය දුම්පානයට ලක්කිරීම මගින් මරණය වෙත ළඟාකරනු ලබනවා. 10. ආයු කාලය වසර ගණනාවකින් අඩු වනවා දුම්පානයට ඇබ්බැහි වී සිටින්නන්ගේ ආයු කාලයෙන් වසර 10 ක් පමණ අඩුවනවා. 11. ආඝාතය දුම්පානය නිසා රුධිරය ඝනවීමෙන් රැධිරය කැටිගැසීම් ඇතිවීමත් ආඝාතය වැනි තත්ත්වයන් ඇති වනවා. 12. මුත්‍රාශයේ ඇතිවන පිළිකා මුත්‍රාශයේ පිළිකා ඇතිවීමටත් ප්‍රධාන ලෙස දුම්පානය බලපායි. 13. ගැබ්ගෙල පිළිකාව කාන්තාවන් දුම්පානය කිරීම නිසා ඔවුන්ගේ ගැබ්ගෙල පිළිකා අවදානමද ඉහළ යයි. 14. ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳවැටීම රෝග සමඟ සටන් කිරීමට ඇති ප්‍රතිදේහ සහ ශෛල අඩපණ කිරීම දුම්පානය නිසා සිදුවනවා. 15. උපතින්ම ඇතිවන තල්ල පැලීම “Cleft Palates” ගර්භනී සමයේදී මවක් දුම්පානය කිරීම මගින් උපත ලබන දරුවාගේ මෙම තත්ත්වය ඇතිවීම කෙරෙහි වැඩි අවදානමක් තිබෙනවා. 16. පිළිකා සඳහා ප්‍රතිකාර දුම්පානය කිරීම නිසා පිළිකා සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාරවල නිසි ක්‍රියාකාරීත්වය සිදු නොවෙයි. 17. ලෙඩරෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වනවා දුම්පානය නිසා බොහෝ ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වනවා. 18. පෙනුම දුම්පානය නිසා සම අකලට වියපත්වීම සහ නිය සහ දත් දුර්වර්ණ වීමද සිදු වනවා. 19. සුවදායක නින්ද දුම්පානය කිරීම නිසා සුවදායක නින්ද අහිමි වෙනවා. 20. අස්ථිවල සවිමත් භාවය නැති වනවා දුම්පානය කිරීම නිසා ඔස්ටියෝපොරෝසිස් සහ වෙනත් අස්ථි ආබාධ ඇතිවන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. 21. කන් ඇසීම අඩුවීම දුම්පානය කරන්නන්ගෙන් 70% පමණ මෙම සෞඛ්‍ය ගැටලුවෙන් පීඩා විඳිනවා. 22. දෑත් සහ දෙපා උණුසුම් වීම රුධිර සංසරණයට බාධා ඇතිවීම නිසා දෑත් සහ දෙපා උණුසුම් වනවා. 23. වැඩිවන කැෆේන් අවශ්‍යතාව දුම්පානය කරනා විට සාමාන්‍ය පරිදි ඇතිවන කැෆේන් අවශ්‍යතාවය දෙගුණ වනවා. 24. ගර්භනීභාවයට ඇතිවන බලපෑම ගර්භනී සමයේදී කාන්තාවක් දුම්පානය කිරීම මගින් විවිධ අතුරු ආබාධවලට මුහුණ දෙනවා. 25. ආම්ලිකතාවය වැඩිවීම දුම්පානය කිරීමෙන් ශරීරයේ ආම්ලිකතාවය වැඩිවී ශරීරයට අපහසුවක් ගෙන දෙනවා. 26. අඩුවෙන් ආහාර ගැනීම දුම්පානය නිසා ආහාර රුචිය අඩුවන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. 27. හිසකෙස් දුම්පානය නිසා අකලට තට්ටය පැදීම සහ හිසකෙස් සුදුවීම ඇතිවනවා. 28. තුවාල සුවවීමේ කාලය දුම්පානය නිසා සිරුරේ ඇතිවන තුවාල සුවවීම සඳහා වැඩි කාලයක් වැයවන බව වාර්තා ගතයි. 29. අත දරුවන්ට මරණය කැඳවීම පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය මගින් අතදරුවන්ගේ පෙනහළු, හදවත සහ මොළයට හානිවී මරණය පවා ඇතිවනවා. 30. ඔසප්වීම කාන්තාවන් විසින් දුම්පානය සිදු කිරීමේදී ඔසප් සමයේදී වැඩි වශයෙන් රුධිරය වහනය වීම සිදුවනවා. 31. ශුක්‍රානු වල බලය නැතිවීම දුම්පානය නිසා ශුක්රානුවල වේගය සහ ජිවමය හැකියාව නැති වනවා. 32 ඩිමෙන්ෂීයා දුම්පානය කිරීම නිසා අමතක වීමේ “Dementia” රෝගය ඇතිවීමේ හැකියාව ඉහළ යනවා. 33. ගැබ් ගැනීමට බාධක කාන්තාවන් දුම්පානය කිරීම නිසා ගැබ් ගැනීමේ හැකියාව අඩු වනවා. 34. “Alzheimer’s” රෝගය දුම්පානය නොකරන වැඩිහිටි පුද්ගලයින්ට වඩා දුම්පානය කරන වැඩිහිටි පුද්ගලයින්හට මෙම මානසික රෝගය ඇතිවීමේ අවදානම ඉහළයි. ස්වසන පද්ධතිය මුලික කරගත් රෝග අතරින් නිදන්ගත පෙනහළු රෝගය ප්රමුඛ බ්‍රොන්කයිටීස්, නියුමෝනියා තත්ත්ව ප්‍රමුඛය. නමුත් මාංශ පේශී දුර්වලවීම ස්නායු අස්ථී ඇතුළු සමස්ත ශරිරයම දුර්වල කරන රෝග සඳහා දුම්පානය හේතුවකි. මේ නිසාම දුම්පානය වහාම අත්හළ යුතු විෂම පුරුද්දකි. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:01 AM වෙස් පෙරැළෙන අමුතු රෝගය (Bipolar Disorder) 26 මානසික රෝග අතර ඉතා ප්‍රබල මානසික රෝග තිබෙනවා. භින්නෝන්මාදය සහ ද්විද්‍රැව රෝගය මෙවැනි රෝග දෙකකි. මෙම මානසික රෝග දෙක “ප්‍රබල” ලෙස හඳුන්වනුයේ ඒවා වැළඳීමෙන් මුළු ජීවිතයම උඩු යටිකුරැ වියහැකි නිසාය. මින් අදහස් වනුයේ මෙම රෝග සමඟ එදිනෙදා ජීවිතය අවුල් වීම, රැකියාව කරගෙන යාමට නොහැකි වීම, තම පවුල සමඟ නොයෙකුත් ඝට්ටනවලට පැටලීම, සැකය සහ ජීවිතය එපා වීම වැනි රෝග ලක්ෂණ සමඟ ජීවිතය අවුල් වීමයි. මෙවැනි මානසික රෝගී තත්ත්වයන් කල්තියාම හඳුනාගෙන නිසි ලෙස විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු විය යුතුයි. බොහෝ විට රෝගය ආරම්භ වන මුල් අවදියේ මෙවැනි රෝගීන් මනෝවෛද්යවරැන්ට යොමු නොවේ. ඊට ප්‍රධානම හේතුව සමහර රෝග ලක්ෂණ යම් භූත බලපෑමක් නිසා ඇතිවිය හැකි බවට ප්‍රජාවේ පවතින මිත්‍යා විශ්වාස නිසාය. අපි ද්විද්‍රැව රෝගය ගැන බලමු. ද්විද්‍රැව රෝගය අපූරු චමත්කාර ජනක රෝගයකි. මෙවැනි රෝගියකුගේ මනස යම් කාලයක් අධික සතුටින් පිරී පවතින අතර ඒ කාලයේ දී සතුට වැඩි නිසාම ජීවිතය අවුල් වන අතර තවත් කාලයක් අසාමාන්‍ය දුකකට මනස පත්වන අතර එහිදී අධික දුක නිසාම ජීවිතය අවුල් වී එදිනෙදා වැඩකටයුතු සියල්ලම අඩපණ වේ. සමහර විට අධික සතුට සහ අසාමාන්‍ය දුක යන මේ කාලපරිච්ඡේද දෙක අතර ඉතාමත්ම සාමාන්‍ය ලෙස ජීවිතය ගෙවී යන රෝගීන් ද ඇත. ප්‍රජාව තුළ 1%ක් පමණ මෙම රෝගීන් සිටින බවත් මින් 30%ක් හෝ 60%ක් වැනි ප්‍රමාණයක් නිසි ප්‍රතිකාරවලට යොමු නොවන බවත් සමීක්ෂණවලින් පෙනීගොස් ඇත. මෙවැනි රෝගියකු නිසි කලට හඳුනානොගැනීම සහ නිසි කලට ප්‍රතිකාරවලට යොමු නොවීම ඉතා භයානක දෙයකි. මීට ප්‍රධානම හේතුව නම් ද්විද්‍රැව රෝගීන්ගෙන් 1%ක් පමණ සියදිවි නසා ගැනීමට පෙළඹීමයි. ප්‍රජාව තුළ සිටින සාමාන්‍ය පුද්ගලයකු හා සසඳන විට ද්විද්‍රැව රෝගියකු ජීවිතය නැති කර ගැනීමට තිබෙන සම්භාවිතාවය හැට ගුණයකින් වැඩිය. ද්විද්‍රැව රෝගය ප්‍රධාන රෝග දෙකකට බෙදේ. 1. ද්විද්‍රැව රෝගය එක (Bipolar Disorder) මෙම රෝගී තත්ත්වයේදී ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක් ඇත. A. අධික සතුට හෝ අසාමාන්‍ය අභිමානය (Mania) B. අධික දුක හෝ අසාමාන්‍ය ලෙස කලකිරීමට පත්වීම (Depression) ද්විද්‍රැව එක රෝගී අවස්ථාවේදී අසාමාන්‍ය සතුට හෝ අභිමානය සමඟ රෝගී තත්ත්වය එළියට පිළිබිඹු වේ. අපි මෙහි ලක්ෂණ බලමු. • නින්ද අඩු වීම හෝ නින්ද නොයාම. (පැය දෙක තුනකට වඩා නින්ද නොමැත.) • අසාමාන්‍ය ශක්තිය. (නොනවත්වා දිගටම වැඩ කිරීම.) • අසාමාන්‍ය ලෙස කතා කිරීම. (කතාව වැඩියි. නමුත් එක මාතෘකාවක දිගට නොරුදේ. ක්ෂණිකව වෙන මාතෘකාවකට මාරැවේ.) • අවධානය බිඳීම. (එක වැඩක නොරුඳේ. තවත් වැඩකට ක්ෂණිකව ඇතුළු වේ.) • බොරැ ලොකුකම සහ කතාව. (මම එළිසබත් රුජිණගෙ දුව. මම ආවෙ ලංකාවෙ දුප්පත්කම නැති කරන්න.) • ක්ෂණයෙන් මනස වෙනස් වීම. (අසාමාන්‍ය සතුටක ඉඳ ක්ෂණයකින් ප්රචණ්ඩ වීම.) • අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කිරීම හෝ අසාමාන්‍ය ලිංගික ආශාව. • රැකියාව තුළ අවුල් ඇති කර ගැනීම, අනික් අයව විවේචනය සහ සමාජ සබඳතා බිඳ වැටීම. ද්විද්‍රැව රෝගය එක නැමති මෙම තත්ත්වයේදී මානසික අවපීඩන ලක්ෂණ සමහර විට ඇති විය හැකි අතර තවත් සමහර විටෙක අවපීඩන ලක්ෂණ නොමැතිව අධික සතුට සමඟ මෙම රෝගය මතුවේ. ද්විද්‍රැව රෝගය තුළදී ඇති වන මානසික අවපීඩනය බොහෝ විට හඳුනා නොගැනේ. මීට හේතුව මෙහිදී ඇතිවන අවපීඩනය සාමාන්‍යයෙන් පුද්ගලයකු තුළ දැඩි ආතතිය නිසා ඇතිවන අවපීඩනයයැයි හඳුනාගැනීමයි. ද්විද්‍රැව රෝගයේදී ඇතිවන අවපීඩනය සාමාන්‍ය අවපීඩනයෙන් වෙනස් වන ආකරය අපි බලමු. • වයස අවු. 20ත් 30ත් අතර වයසේදී අවපීඩන ලක්ෂණ ඇතිවීම. • දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන අවපීඩන ලක්ෂණ. • අවපීඩන ලක්ෂණ ක්ෂණිකව ඇති වේ. • නින්ද අඩු වීමට වඩා නින්ද වැඩි වේ. • බොහෝ විට පවුල් ඉතිහාසයක් තිබීම. 2. ද්විද්‍රැව රෝගය දෙක (Bipolar II Disorder) ද්විද්‍රැව රෝගය දෙක අසනීපයේ ද ප්‍රධාන ලක්ෂණ දෙකකි. මෙහි ප්‍රධානම ලක්ෂණය තදබල මානසික අවපීඩනයයි. මානසික අවපීඩන තත්ත්වයේදී එවැනි රෝගියකුට ජීවිතය එපාවීම, කළකිරීම, එදිනෙදා වැඩකටයුතුවලින් ඈත් වීම, සමහර විට නිතරම නිදා ගැනීම, තරහයාම වැනි ලක්ෂණ දක්නට ලැබේ. මෙහිදී ජීවිතය නැතිකර ගැනීමේ ප්‍රවණතාවය ද වැඩිය. මෙම රෝගයේ අනෙක් ලක්ෂණ නම් අසාමාන්‍ය අභිමානය හෝ සතුටයි. නමුත් “ද්විද්‍රැව රෝගය එක” නැමති තත්ත්වයේදී මෙන් සතුට වැඩිවී, ක්‍රියාකාරීත්වය වැඩි වී, නින්ද සහමුලින්ම නැතිවී, විකාර රූපී ස්වභාවයකට පැමිණෙන්නේ නැත. නමුත් ද්විද්‍රැව රෝගය දෙක නැමති මෙම අවස්ථාව හඳුනාගැනීමට අසාමාන්‍ය ජවය හෝ අභිමානය (Hypomania) නැමති තත්ත්වය තිබිය යුතු නැත. ද්විද්‍රැව රෝගය සහ සියදිවි නසාගැනීම. බොහෝ සමීක්ෂණවලින් පෙනී යන්නේ ද්විද්‍රැව රෝගීන් ලෙස හඳුනාගත් අයගෙන් 30%ක් පමණ යම් අවස්ථාවලදී ජීවිතය නැති කරගැනීමට උත්සාහ කරන බවයි. පහත සඳහන් ලක්ෂණවලින් අවධානම හඳුනාගත හැක. • “ජීවිතය වැඩක් නෑ. නැතිකර ගන්නවා.” යැයි කරන ප්‍රකාශ. • මෑතකදී නින්ද තදබල ලෙස ඇති වීම. • “වැඩක් නෑ... මේ ජීවිතේ කිසිම තේරුමක් නැති ජීවිතයක් මේක* වැනි ප්‍රකාශ නිතර පැවසීම. • ආශාවෙන් කළ වැඩකටයුතුවලට ඇති ආශාව නැතිවී යාම. • දිගටම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගැනීම. • මීට පෙර ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කිරීම. මෙවැනි ලක්ෂණ මේ රෝගියකු තුළ දක්නට ලැබේ නම් එය අඩුවෙන් තක්සේරැ නොකර ඉක්මනින් මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුය. ද්විද්‍රැව රෝගය සමඟ ඇබ්බැහි වන මත්පැන් සහ දුම්වැටි. ද්විද්‍රැව රෝගීන් ඉතා පහසුවෙන් මත්පැන්, මත්දුව්‍ය සහ දුම්වැටියට ඇබ්බැහි වේ. සමීක්ෂණවලින් පෙනී යන්නේ මෙම රෝගීන්ගෙන් 42෴ක් මත්පැන්වලට ද 20෴ ගංජා වලටද ඇබ්බැහි වියහැකි බවයි. සිගරට්වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව 60෴ සිට 80% දක්වා වේ. ධනංජයගේ කතාව:- ධනංජයගේ වයස අවු. 22යි. ඔහු අපට යොමු වනවිට තදබල ලෙස ගංජා සහ සිගරට්වලට ඇබ්බැහි වී සිටියේය. ඔහුගේ ඉතිහාසය පිරික්සීමේදී ධනංජය ළමා කාලයේදී ඉතා හොඳින් ඉගෙන ගත් දරුවෙකි. ඔහුගේ හැසිරීමේ වෙනස්කම් දක්නට ලැබී ඇත්තේ වයස අවු. 17දීය. ඒ වනවිට ඔහු ඉතා හොඳින් සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ හදාරමින් සිට ඇත. තම පියාට අනුව ධනංජයගේ හැසිරීමේ ලක්ෂණ ඒ වනවිට මෙසේ දක්නට ලැබී ඇත. වැඩිපුර කතාකිරීම, නින්ද අඩු වීම, අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කිරීම, තම යහළුවන් සමඟ එකතු වී දැඩි ලෙස ගංජා පානය කිරීම, පාසල් නොගොස් කට්ටි පනිමින් තැන් තැන්වල යමින් දවස් ගණන් ගෙදර නොපැමිණීම ආදියයි. ඔහුගේ පියා මෙසේ ද කීවේය. “මගෙ පුතා හරිම දක්ෂයි. පහේ ශිෂ්‍යත්වෙට ලකුණු 175ක් තිබුණා. O/L වලට A-7ක් තිබුණා. A/L කාලෙදි තමයි මේ ලෙස හැසිරීම වෙනස් වුණේ. අනේ අපි හිතුවේ නෑ මේක ලෙඩක් කියලා දරැවගෙ කේන්දරේ බැලුවා ලොකු අපලයක් තියනවා කියලා නක්ෂත්රකරු කීවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් නොකරපු දෙයක් නෑ. අපි මෝඩ වුණා. ලොකු Dr. කීවා මුලදීම ආවනම් මෙච්චර දුරට නාස්ති වෙන්නෙ නෑ කියලා.” මේ රෝගයට ඉතා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනවා. නිසි කලට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගයෙන් මිදී සමාජගතව කටයුතු කිරීමේ හැකියාව ලැබේ. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:12 AM ලැජ්ජාව නිසා මාරාන්තික වන ලෙඩේ ලැජ්ජාව නිසා බොහෝදෙනා කතා කරන්නට අකමැති රෝගයකි මේ. බොරු ලැජ්ජාව නිසාම කලින් හඳුනාගැනීමට ඇති අවස්ථාව වැළකී දැඩි අපහසුතාවන්ට ලක්ව මාරාන්තික බවට පත්වීමයි. මේ රෝගය ගුද පිළිකාවයි. අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස වන ගුද මාර්ගය ආහාරවල අපතේ යන ඉතිරි වන කොටස් මළපහ ලෙස ශරීරයෙන් ඉවත්කර දැමීම සිදු කරනවා. බඩවැල් අවසානයේ හමුවන ගුදය අඟලකින් හෝ අඟල් එකහමාරක දිගකින් යුක්ත වන අතර මේ කියන ගුදය තුළ ඇතිවන පිළිකාමය තත්ත්වය ගුද පිළිකාව ලෙස හඳුන්වනවා. ගුදයේ අභ්‍යන්තර බිත්ති මත පිහිටන “mucosa” යන නමින් හඳුන්වන සෛලවලයි මෙම පිළිකා තත්ත්වය ප්‍රථමයෙන් ඇති වන්නේ. ගුද පිළිකාවේ වර්ධනයක් පසුගිය කාලය තුළ වර්ධනය වී ඇති අතර වයස අවුරැදු 60 පමණ වනවිට ගුද පිළිකා අවදානමක් ඇති වන බව නවතම අධ්‍යයන විසින් සොයාගෙන තිබෙනවා. ගුද පිළිකාවේ පූර්ව රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් වන්න. 1. ගුදය කැසීම ගුදයේ මුඛය අවට විශේෂිත හේතුවකින් තොරව දිනපතා කසන සුළු ස්වභාවයක් ඇතිවනවා නම් මෙය ගුද පිළිකාව ඇතිකරන සෛල විකෘතිතාවයන් නිසා ඇතිවන පූර්ව රෝග ලක්ෂණයක් වන්නට ඉඩ ඇත. 2. ගුදයෙන් රුධිරය වහනය වීම ගුද මාර්යෙන් රැධිරය පිටවීම මළපහවල රුධිරය තැවරී පිටවීම මගින් සොයාගන්නට පුළුවන්. ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මළබද්ධයේ සිට උදර ආසාදන යන බොහෝ රෝග ගණනක් නිසා සිදු වුවත් මෙය කිසිවිටකත් නොසලකා හැරිය නොයුතු කරුණකි. මෙම රෝග ලක්ෂණය මගිනුත් ගුද පිළිකාවේ අවදානම කියාපාන නිසා ඔබත් මෙය අත්විඳිනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 3. ගුද මාර්ගය ඉදිමීම ගුද මාර්ගයේ ඇතිවන ඉදිමීමද ගුද පිළිකාවේ මුලික රෝග ලක්ෂණයකි. ඉදිමීම පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර ගත යුතු වනවා. මෙම තත්ත්වය වේදනාකාරී බවක් ගෙන නොදුන්නත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි සුදුසු වන්නේ. 4. අසාමාන්‍ය තරලයන් සෞඛ්‍යය සම්පන්න අයෙකුගේ ගුදයෙන් කිසියම් හෝ තරලයක් ශ්‍රාවය වීම ඉතා විරල වූ දෙයකි. ගුද මාර්ගයෙන් නිකුත් වන විවිධ තරලයන් මගිනුත් ගුද පිළිකාවේ ලක්ෂණ පෙන්නුම් කරන නිසා මේ පිළිබඳවත් නිසි අවධානයක් යොමු කළ යුතු වනවා. 5. අක්‍රමවත්ව මළපහ පිටවීම වැසිකිළි භාවිතා කළ පසුත් ඔබේ උදරයේ මළපහ තවමත් තිබෙන බවක් ඔබට දැනෙන අතර මළපහ කිරීමේදී පිටවන මළපහ වල හැඩය පටු ස්වභාවයක් ගන්නවා නම් එයත් ගුද පිළිකාවේ රෝග ලක්ෂණයක් වනවා. මෙම තත්වය ඇතිවන්නේ ගුද මාර්ගය තුළ ඇතිවන වායු ගෙඩි මගින් මළපහ සඳහා පිටවීමට ඇති ඉඩ ප්‍රමාණය ඇහිරීම නිසයි. මෙම රෝග ලක්ෂණ ඇතිවිට සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා වහා පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර ලැබීම වැදගත්. බාහිර පරීක්ෂාව මෙන්ම ස්කෑන් පරීක්ෂණ සහ ජෛව පඨක පරීක්ෂා මගින් මේ රෝගය නිශ්චිත ලෙසම හඳුනාගත හැකියි. - Web Md ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:14 AM කාන්තාවන්ගේ මුත්‍ර කාන්දුවට කැකිරි ඇටවලින් සහනය ප්රශ්නය - පසුගිය සතියේදී අප මේ ලිපිය අවසන් කළේ කාන්තාවන් තුළ හට ගන්නා මුත්‍රා කාන්දුවීම යන රෝග තත්ත්වය ගැන සාකච්ඡා කිරීමෙනුයි. මේ රෝග තත්ත්වය පාලනය කරන්නේ කොහොමද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ඉදිරිපස බර වෙමින්, නිතර බර එසවීමෙන් වැළකීම, ශරීරයේ ස්ථුලභාවය අඩුකර ගැනීම, මළ බද්ධය සුවකර ගැනීම, කෝපි පානයෙන් වැළකීම යන පිළිවෙත් අනුගමනය කළ හැකි නම් මුත්‍රා කාන්දුව පාලනය කරගත හැකියි. ප්රශ්නය - කාන්තාවකගේ මුත්‍ර කාන්දුව සිදුවීමට බලපාන විශේෂ හේතු තිබෙනවාද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ගර්භණී සමයේදී හටගන්නා වූ ශාරීරික වෙනස්කම් මගින් තමයි මුත්‍ර කාන්දුවන පරිදි මුත්‍රා බොක්කේ මාංශ පේශීන් හැඩ ගැහෙන්නේ. දරු ප්‍රසූතියේදීත් ආර්ථවහරණ සමයේදීත් මෙම තත්ත්වය ඇති වෙනවා. කාන්දුව හටගන්නේ මුත්‍රා හිස් කිරීමේ ක්ෂණික අවශ්‍යතාව මුත්‍රා බොක්කට දැනුන විටයි. එතැනදී මුත්‍රා බොක්ක සම්පූර්ණයෙන්ම පිරී තිබෙනවා වෙන්නටත් පුළුවන්. නැතිවා වෙන්නටත් පුළුවන්. ප්රශ්නය - මෙය මඟහරවා ගන්නේ කොහොමද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - නියම වෙලාවට මුත්‍ර පහ කිරීම සඳහා මුත්‍රා බොක්ක පුරුදු කරගත යුතුයි. ඒ සමඟම ශාකසාර ඖෂධ රැසක් තිබෙනවා මේ සඳහා පරිහරණය කළ යුතු. මෙය සැත්කමක් මගින් නිවැරැදි කළ හැකි බව නවීන විද්‍යාවේ සඳහන් වුවත් ආයුර්වේදය මගින් නිර්දේශ කරන්නේ. කැපීම්, කෙටීම් නැති ක්‍රමවේදයක්. ප්රශ්නය - මුත්‍ර කාන්දුව ප්රශ්නකාරී වන අවස්ථා මොනවද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මුත්‍රා කාන්දුවෙන් පසු ඔබේ යට ඇඳුම් රතු පැහැයෙන් හෝ තද දුඹුරු පැහැයෙන් අවර්ණ වී ඇත්නම් සහ මුත්‍රා කාන්දුව සිදුවන විට දැවිල්ලක් හට ගන්නවා නම් එය අවදානම් තත්ත්වයක් සේ සැලකිය හැකියි. ප්රශ්නය - මේ සඳහා නිර්දේශ කළ හැකි ආයුර්වේද ඖෂධ මොනවද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මුත්‍ර කාන්දුවට සහ නිතර මුත්‍ර පහවීමට ප්‍රතිකාර වශයෙන් සුදුසු ඖෂධ ගණනාවක් ආයුර්වේදයේ තිබෙනවා. ඉන් එකක් තමයි රෝස් කළ කැකිරි ඇට. රෝස් කළ කැකිරි ඇට අහුර බැගින් දිනපතා අනුභව කළොත් මේ රෝග තත්ත්වය මඟහැරෙනවා. සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:16 AM ගුද පිළිකාව හදුනාගනිමු ප්රශ්නය - ගුදවිද්රදියක් ලෙස සැක කරන අවස්ථාවක රෝග විනිශ්චය සිදුවිය යුත්තේ කොයි ආකාරයටද? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - බාහිර ගුදවිද්රදියක් නම් ඇසට පෙනෙනවා. එහෙත් අභ්‍යන්තර ගුදවිද්රදියක් නම් එහෙම නැහැ. බොහෝවිට අභ්‍යන්තර ගුද්‍රදියක් සහ අර්ශස් ගෙඩි පටලවා ගන්නා අවස්ථා එනවා. එවැනි විටක අර්ශස්වලට බෙහෙත් කරන්නට ගියොත් විශාල අවුලක් හට ගන්නවා. සමහර විට අර්ශස් ගෙඩියක, එහෙමත් නැත්නම් විද්රදියක පෙනුම තිබෙන ගුදගත පිළිකාවක් හටගන්න පුළුවන්. එය අර්ශස් ගෙඩියක් හැටියට හඳුනා ගත්තොත් මොකද වෙන්නේ? රෝග විනිශ්චය හරියට කරගත් විට ප්‍රතිකාර කිරීම එතරම් සංකීර්ණ කාරණයක් වෙන්නේ නැහැ. ගුද විද්‍රදිය සහ අර්ශස් රෝගය පටලවාගෙන අවුරුද්දක් ප්‍රතිකාර ලබාගත් රෝගියෙක් මට හමු වුණා. අර්ශස් රෝගය සඳහා දෙන ඇතැම් ආලේප වර්ග සහ ඖෂධ ගුද විද්රදියට සුදුසු නැහැ. විශේෂයෙන්ම මෙහිදී අප සැළකිල්ලට ගත යුතු කාරණයක් තිබෙනවා. ගුද විද්‍රදිය හෝ අර්ශස් ගෙඩි තිබෙන්නේ රෝගියාට පෙනෙන තැනක නොවෙයි. ප්රශ්නය - ගුද පිළිකාවක් කියන්නේ මොකක්ද? වෛද්‍ය පුෂ්පකුමාර - ආහාර ජීර්ණ පද්ධතියේ අවසන් කොන වන ගුද විවරයෙහි හටගන්නා පිළිකාවක් ලෙස ගුද පිළිකාව හැඳින්විය හැකියි. මෙය Malignant හෙවත් උග්‍ර එහෙමත් නැත්නම් මාරක පිළිකා තත්ත්වයක්. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද වෛද්‍ය පුෂ්පකුමාර - ගුදය තුළ වේදනාවක් හට ගැනීම, මළ පිට කිරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් හට ගැනීම, ගුදය ආශ්‍රිතව ගෙඩියක් හට ගැනීම, එය කැසීම හෝ එතැනින් ස්‍රාවයක් නිකුත් වීම හෝ එම කාරණා දෙකම සිදු වීම, ඇතැම් විට රුධිරය වහනය වීම යනාදිය මෙහි රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි. අර්ශස් රෝගය වැළඳුනාමත් ගුද පිළිකාවට ආවේණික සමහර ලක්ෂණ පහළ වෙනවා. උදාහරණයක් ලෙස මළ මාර්ගයෙන් රුධිරය පිටවීම දක්වන්නට පුළුවන්. මෙහිදි එම පිළිකාව, අර්ශස් රෝගය හැටියට වරදවා වටහාගෙන බෙහෙත් කළොත් මොකද වෙන්නේ? රෝගය බරපතළ වී රෝගියා විශාල අමාරුවකට පත්වීම නේද සිදුවන්නේ? ප්රශ්නය - මේ ලක්ෂණ සහිත ගුද පිළිකාවක් අර්ශස් රෝගයෙන් වෙන් කරගෙන ඔබ හඳුනා ගන්නේ කොහොමද? වෛද්‍ය පුෂ්පකුමාර - මේ සඳහා ගුදගත පරීක්ෂාවක්a කළ යුතුයි. ගුද ගත පිළිකාවක හැඩය අක්‍රමවත්, ඒ වගේම එය ස්පර්ශ කරන විට ඝන ස්වභාවයකින් තමයි හසුවන්නේ. හරියටම ගල් මලක් වගේ. ඒත් අර්ශස් ගෙඩි එහෙම නැහැ. ඒවා රවුම්. ඝන ස්වභාවයත් එහි නැහැ. ප්රශ්නය - එවිට ඔබ බයෝප්සි පරීක්ෂණයක් කරනවද? වෛද්‍ය පුෂ්පකුමාර - මූලික අවස්ථාවේදී නැහැ. එහෙත් අප තුළ කිසියම් සැකයක් හට ගන්නවා නම් බයෝප්සි පරීක්ෂණයක් කරනවා. ඊට අමතරව තවත් පරීක්ෂණ කිහිපයක් කළ යුතුයි. මෙහිදී වැදගත් වන කාණයක තමයි ගුදගත පිළිකාව හරිහැටි හඳුනා ගැනීම. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:18 AM තයිරොයිඩ් පිළිකාවේ සැබෑ ස්වභාවය මෙන්න ප්රශ්නය - තයිරොයිඩ් පිළිකාව මාරාන්තිකද යන කාරණය ද ඇතුළුව ඒ ආශ්රිත තොරතුරු රාශියක් ගැන පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. අප සාකච්ඡාව අවසන් කළේ වායු ගෙඩියක් තුළ හෝ ආශ්‍රිතව හට ගන්නා පිළිකාවක රෝග ලක්ෂණ ගැනයි. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී සාකච්ඡා කළ යුතු වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි තයිරොයිඩ් පිළිකාවක් ශරීරයට බලපාන්නේ කොයි විදියට ද කියන එක. ආහාර ජීර්ණය, හෘද ස්පන්දන වේගය, හෘදයේ උෂ්ණත්වය පවත්වා ගෙන යැම යන කාරණාවලට බලපාන හෝමෝන වර්ග නිෂ්පාදනය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගිනි. තයිරොයිඩ් පිළිකාවක් හට ගත්තාම තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ අසාමාන්‍ය සෛල වර්ධනයක් හට ගන්නවා. එවිට ගෙල ප්‍රදේශයේ සහ තයිරොයිඩ් ග්‍රන්ථිය මත අර්බුද හට ගන්නවා. ඒ සමගම හෝමෝන නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් වෙනවා. ප්රශ්නය - තයිරොයිඩ් පිළිකාව සුවපත් කළ හැකිද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වැඩි හරියක් සුව කළ හැකියි. සෙසු ඒවා කළමනාකරණය කරගෙන ජීවත් විය හැකියි. සිද්ධාධි සුව තෛලය නමැති ඖෂධීය තෙල් වර්ගය පිළිකාව පවතින ප්‍රදේශවල ආලේප කිරීම සහ සුදුසු කසාය වර්ග පානයෙන් සුවය මෙන්ම කළමනාකරණය යන ඉලක්ක දෙකට ළඟා විය හැකිය. නිසි පරිදි ප්‍රතිකාර කළොත් තයිරොයිඩ් පිළිකාවලින් 97% ක් ම සුවපත් කර ගන්නට පුළුවන්. දේශීය වේවා, ආයුර්වේද වේවා, බටහිර වේවා, අවශ්‍ය වන්නේ නිසි ප්‍රතිකාරයයි. ප්රශ්නය - තයිරොයිඩ් පිළිකාවක් ශරීරයේ වෙනත් තැන්වලට ගමන් කිරීමට කොතරම් කලක් ගත වෙනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - තයිරොයිඩ් පිළිකාවක් ශරීරයේ වෙනත් තැන්, විශේෂයෙන් ම පපුව හා ආශ්රිත ප්‍රදේශවලට ගමන් කරන්නේ වසා ගැටිති හරහා බව ඔබ දන්නවා. තයිරොයිඩ් පිළිකාව පැතිරෙන සෙසු කොටස් ලෙස පෙණහලු, අක්මාව සහ අස්ථිත් හඳුනාගෙන තිබෙන බවත් ඔබ දන්නවා. එම පිළිකාව පැතිර යැමට නිශ්චිත කාලයක් කියන්න බැහැ. සමහර විට දින 60 ක පමණ කාලයක් තුළත් එය පැතිර යැම සිදුවිය හැකියි. ප්රශ්නය - හතරවන අවස්ථාවේ තයිරොයිඩ් පිළිකා (Stage 4) යනුවෙන් වර්ගයක් තිබෙන බව අප අසා තිබෙනවා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙයට කියන්නේ Anaplastic තයිරොයිඩ් පිළිකාව කියලයි. මෙය ඉතා ඉක්මනට විශාල වන අතර වෛද්‍යවරුන් විසින් හඳුනාගන්නා අවස්ථාව වන විට හුඟක්ම විශාල වී මෙය හඳුනාගන්නා මුල් අවස්ථාවේදී ම බොහෝ විට වසා ග්රන්ථිවලට පැතිර ගොස් අවසානයි. ප්රශ්නය - බටහිර විද්‍යාත්මක ක්‍රමවලට අනුව, විකිරණ ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුත් මේ පිළිකා නැවත වැළඳීමේ හැකියාව තිබෙනවා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔව්. Papillary Carcinoma Thyroid පිළිකාව ලෙස හැඳින්වෙන පිළිකා වර්ගය වැළඳී තිබුණා නම් විකිරණ ප්රතිකාරවලින් පසුවත් නැවත හටගන්නවා. ප්රශ්නය - Papillary Carcinoma පිළිකාවක් හට ගන්නේ කොහොමද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සිරුරේ ඇතිවන ජානමය විෂමතා හේතුවෙන් තමයි මෙය හටගන්නේ. සමහර විට විකිරණවලට නිරාවරණය වීමෙනුත් සෛල විකෘතිතා හට ගෙන මෙවැනි පිළිකා ඇති වීමට පුළුවන්. සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:22 AM උකුල් ඇටය පුපුරලා දෙපා පණ නැති වුණත් සුව කරන්න පුළුවන් ප්රශ්නය - උකුල් ඇටය දිරා යැම නිසා කොඳු ඇට පෙළේ හටගත් ආබාධයකින් පීඩා විඳි 44 හැවිරිදි ග්‍රාම නිලධාරිනියක ගැන පසුගිය සතියේ අප කතා කළා... වෛද්‍ය එම්. ඒ. මදනායක - ඇය කොතරම් දුෂ්කර තත්ත්වයක හිටියා ද කියනවා නම් ඇය නිවසේ ඇවිද ගොස් තිබුණේ බිත්ති අල්ලමින්. ඇගේ නිවසේ හැම බිත්තයකම ඇගේ ඇඟිsලි පහරවල් තිබූ බව ඇය මට කිව්වා. ප්රශ්නය - උකුල් ඇටය පිපිරුවාම එය කොඳු ඇටවලට බලපාන්නේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳු ඇට සහ උකුල් ඇටය කියන්නේ එකට සම්බන්ධ ඒකක දෙකක්. කොටින්ම ඇගේ අස්ථි පඤ්ඤරයම එකිනෙකට සම්බන්ධයි. ගාත්රාවල තිබෙන නහර එකිනෙකට සම්බන්ධයි. මොළයේ සිට ගමන් කරන ස්නායු එකිනෙකට සම්බන්ධයි. දැන් අපි බලමු උකුල් අටය දිරුවාම කොන්දට මොකද වෙන්නෙ කියලා. උකුල් ඇටය දිරුවාම පළමුවෙන්ම සිදු වන්නේ ඒ තැන ආසාදනය වීමයි. එම ආසාදනය නිසා උකුල් ඇටයට සම්බන්ධ මාංශපේෂීන් ආසාදනය වෙනවා. ඒ එක්කම එය හා සම්බන්ධ නහර අප්‍රාණික වීමට පටන් ගන්නවා. ස්නායු මැරෙනවා, කාටිලේජ දියවෙනවා. ඒ තත්ත්වය ටිකෙන් ටික උඩු අතටත් යටි අතටත් පැතිරෙන්නට පටන් ගන්නවා. එතැනදී තමයි පාද අප්‍රාණික වන්නේ. පාදයේ උඩ කොටස උකුල් ඇටය සමඟ සම්බන්ධ වන තැනක් තිබෙනවා. එතැන ආසාදනය වුණාම තත්ත්වය බරපතළ වෙනවා. පාදය උකුල් ඇටයට සම්බන්ධ වන ගෝලාකාර කොටස ඉදිමී පාදය හොල්ලන්න බැරි තත්ත්වයක් පත්වෙනවා. ප්රශ්නය - එය කොන්දට පැතිරෙන්නෙ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මා කලිනුත් සඳහන් කළ පරිදි අස්ථි පඤ්ඤරය එකිනෙකට සම්බන්ධ ඒකකයන්. නහර, ස්නායු සියල්ල එකට සම්බන්ධයි. උකුල් ඇටයේ හටගෙන තිබෙන නරක තත්ත්වය ඉන් උඩ තිබෙන කොඳු ඇට පෙළට කෙළින්ම බලපානවා. එවිට සුෂුම්නාව පීඩාවට පත් වෙනවා. කොන්ද රිදෙනවා. තව ටික කලක් යන විට එම තත්ත්වය අත්වලටත් බලපානවා. අත් දෙක අප්‍රාණික වෙනවා. එහෙත් වාසනාවකට වගේ අර ග්‍රාම නිලධාරිනිය මා වෙත එන විට ඇගේ අත් දෙකට බලපෑමක් හටගෙන තිබුණේ නැහැ. ප්රශ්නය - ඉතින් ඔබ ඇයට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නවා. වෛද්‍ය එම්. ඒ. මදනායක - මම ඒ ප්‍රතිකාර පටන් ගන්නේ කසායවලින්. මොකද මට මුලින්ම අවශ්‍ය වුණේ ඇගේ සිරුර පුරා ඔඩුදුවාගෙන යන ආසාදනය නතර කරන්නට. එය නතර නොකළා නම් ඇගේ සිරුර අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම වනයක තත්ත්වයට පත්වෙනවා. කසාය දීම ටික දිනක් සිදුකරන විට ඇගේ අභ්‍යන්තරය සුවපත් වන බව අප අත්දැකීමෙන් දන්නවා. ඊළඟ ප්‍රතිකාරය සිදුකරන්නේ දුර්ලභ තෙල් වර්ග සහ තැවිලි යොදාගෙනයි. මේ අක්රියකාරී වූ ශරීර කොටස් උද්දීපනය කරන්නට මේ තැවිලිවලට පුළුවන්. අප ළඟ තිබෙන දුර්ලභ තෙල් වර්ග ශරීරයේ ස්වේත ග්‍රන්ථි හරහා ශරීරය ඇතුළට කි¹ බහිනවා. මේ විදියට කළ ප්රතිකාරවලින් මාසයකට අඩු කාලයක් තුළ රෝගී කාන්තාව කිසිදු ආධාරයක් නැතිව ඇවිදින්නට පටන් ගත්තා. අද වනවිට ඇය ඉතා නිරෝගීව තම කටයුතු කරගන්නවා. සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:24 AM ස්නායු තෙරපීම නිසා ඇතිවන වේදනා ඇතුළු සයටිකා sciatic රෝගය සුවකරන පුරාණ වෙද පරපුරේ විස්මිත වෙදකම් වෛද්‍යතුමනි, ඔබ සඳහන් කළ පරිදි කොඳු ඇට පෙළ ආශ්රිත යම් ආබාධයකට ලක් වූ විට එහි බලපෑම කොන්දට පමණක් සීමා වෙනවාද? නැහැ. කොන්දට දැඩි පීඩාවක් ගෙන දෙනවා සේම එම ස්නායු සංවේදන සපයන සෙසු ඉන්ද්‍රියන්වලට දැඩි සංකූලතා පමුණුවනවා. එය එම ස්නායු පීඩාවට ලක් වූ ආකාරය මත ර¹ පවතිනවා. තවදුරටත් එය පැහැදිලි කළොත්, උදාහරණයක් ලෙස සෘධෘසි නාඩිය (sciatic nerve) පීඩාවට පත් වූ විට කොන්දේ සිට පාදාන්තය දක්වා විහිදෙන දරුණු වේදනාව සඳහන් කළ හැකිය. මෙම තත්ත්වය එම පාදයේ සංවේදනය හා ක්‍රියාකාරිත්වය අඩාල කිරීමට තරම් උග්‍ර තත්ත්වයට ක්‍රමයෙන් පත් විය හැකිය. මෙහිදී ශ්රිකයේ පළමු චක්‍රකය කොඳු ඇට පෙළ 4-5 කඨි කශේරුකා යන ස්ථාන තුළදී සෘධෘසි නාඩිය (sciatic nerve) තෙරපීමට ලක්වීමේ වැඩි ප්රවනතාවයක් පවතිනවා. එහෙත් බහුවිධ සංකූලතා ප්‍රකට වන්නේ අදාළ පාර්ශ්වයේ පාදය ප්‍රධාන කොටස. ඒ ආකාරයටම විශ්වචිනම් අතට බලපාන ස්නායුගත රෝගාබාධයක්ද පවතී. විශ්වචි යනු කුමන රෝගී තත්ත්වයක්ද? මෙය යම් තරමකට පාදයට පීඩාකරන සෘධෘසි රෝගයට සමානව අතකට බලපාන උග්‍ර වේදනා හා ක්‍රියාකාරීත්වය අඩපණ කර දමන රෝගී තත්ත්වයකි. එනිසාම මෙයට බාහු සෘධෘසි යෑයිද නම් වෙනවා. මෙම අවස්ථාවේ සිද්ධවන්නේ අතට සංවේදන සපයන (radial nerve) හෝ (ulnar nerve) යන ස්නායු වරකට එකක් හෝ දෙකම පීඩාවට පත්කර අතෙහි උරහිසේ සිට කෙලවර දක්වා උග්‍ර වූ වේදනාව, හිරිය, ප්රකටව එම අතෙහි ක්‍රියාකාරිත්වය අකර්මන්‍යතාවයකට පත් කිරීමයි. මේ අවස්ථා සඳහා පිළියම් හා වළක්වා ගත හැකි ක්‍රම මොනවාදැයි සඳහන් කළ හැකිද? පිළියම් ලෙසට දක්වනවා නම් ප්‍රථම කොටම එම ස්නායුන්ට බාධක වූ අවහිරතාවයන් වළක්වා ගත යුතුය. එහිදී ඊට විශේෂ වූ හා ඒ තත්ත්වයට සාපේක්ෂව එම ප්‍රතිකර්ම සිදු කළ යුතු වෙනවා. මෙහිදී නිවැරදි රෝග විනිශ්චය වඩා වැදගත් වෙනවා. වළක්වා ගැනීමේ පිළියම් ලෙසට ගෙල, උරහිස, කඨි, ආදී වූ කශේරුකා මණ්ඩලයේ නම්‍යශීලිත්වය හා සමබරතාවය ගිලිහීයන කාර්යයන්ගෙන් වැළකී සිටීම ඉතා වැදගත් අතර, එසේම මූලික රෝග ලක්ෂණ පහල වූ කල්හි නිවැරදි ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් ඉතා කෙටි කලකින් මෙම රෝග අවස්ථාවන්ගෙන් මිදිය හැක. වෛද්‍යතුමනි, අවුරුදු 300 ක් පමණ පුරාණ වෙද පරපුරකින් පැවත එන ඔබේ පරම්පරාවටම ආවේනික ප්‍රතිකාර ක්‍රමවලට අමතරව ආයුර්වේදය තුළත් සාර්ථක ප්‍රතිකාර තියෙනවද? පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ හා ආයුර්වේදය තුළත් සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම අප පාරම්පරික වෙදකමෙන් මෙවැනි රෝග සඳහා සාර්ථක ඖෂධ මෙන්ම ප්‍රතිකාර තියෙනවා. උදා - කොඳු ඇට පෙළ අස්ථි දෙකක් අතර ස්නායුවක හිරවීමක් ඇති වූ අවස්ථාවක එම අස්ථි ලිහිල් කිරීම සඳහා සුවිශේෂ වූ පාරම්පරික තෛල වර්ග යොදාගෙන ස්නායුව නිදහසේ ක්‍රියාකිරීමට ඉඩසලසා දෙන අතර ලිහිල්කරා වූ අස්ථි නියමාකාරයට සැකසූ පසු නැවත තදකිරීමට විශේෂ පත්තු වර්ග ඇත. දීර්ඝ කාලීනව තෙරපීම නිසා දුර්වල වූ ස්නායු නැවත යථා තත්වයට පත්කිරීමට විශේෂ තෙල් වර්ග හා ඖෂධ වර්ග ඇත. ශරීරයට කිසිම හානියක් (ශල්‍යකර්ම) නොකර ඉතා සාර්ථකව රෝගාබාධය සුව කළ හැකිය. මෙම වෙදකම ඈත අතීතයේ සිට අපට ලැබුණු වටිනා දායාදයකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:30 AM බෙල්ලේ වේදනාවට හෝමියෝපති ප්‍රතිකාර වෛද්‍යතුමියනි, බෙල්ලේ වේදනාවට තුඩු දුන් අස්ථිගත හේතු නොමැතිව වෙනත් හේතු පවතිනවාද? ඔව්, ඊට අමතර හේතු ගත්තොත්, බෙල්ල අවට අස්ථි අතර බන්ධනී තදවීම, මාංශපේශි තදවීම නිසා උරහිස දක්වාම වේදනාව ගමන් කරනවා. බොහෝ අයගේ උරහිස අතේ උඩ බාහුව වේදනාකාරියි. එයටත් බෙල්ලේ සිට ඇතිවන වෙනස්වීම බලපානවා. මෙය එක් බාහුවකට හෝ දෙකටම වේදනාව ගෙනදෙන හේතුවක් වෙනවා. අපි ඉන්න ඉරියව්, වැඩ කරන ආකාරය බලපානවා. පරිගණක ආශ්‍රිතව සේවය කරන අය, මහත අය විශේෂයෙන් බොහෝ පීඩාවට පත්වෙනවා. ඒ වගේම රැකියාවේ ආතතියත් හේතු වෙනවා. එය දීර්ඝ කාලීනව තිබුණහොත් බෙල්ලේ කණ්ධරාබන්ධනී තදවීමට ලක්වී ටිකෙන් ටික අස්ථි වෙනස්වීම්ද සිදුවෙන්න පුළුවන්. හිසට රුධිරය ගෙනයන නාලවලට අවහිරතා ඇති වුවහොත් අධික හිසරදය පවා මේ නිසා ඇතිවෙන්න පුළුවන්. නොසිතූ අවස්ථාවල සිදුවන හදිසි අනතුරු නිසාත්, වයසට වඩා අධික තරබාරුව, ජානමය බලපෑම්. දුම් පානය, මත්පැන් පානයත් බෙල්ලේ වේදනාවට හේතු වෙනවා. වෛද්‍යතුමනි, බෙල්ලේ වේදනාවකදී පෙන්වන රෝග ලක්ෂණ පැහැදිලි කිරීමක් කරන්න. මෙසේ කුමන හෝ හේතුවන් මත බෙල්ල ආශ්‍රිතව ඒ ඇති කරන අස්ථි, පේශි, නහර, ස්නායු ගත වෙනසක් බාහිරට පෙන්වන ආකාරය රෝග ලක්ෂණයක් වෙනවා. එනම් බෙල්ල උඩ එන අධික වේදනාව අධික හිසරදය, අතේ උඩ බාහුවේ එන අධික වේදනාව, මෙය මැණික් කටු සන්ධිය මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල දක්වා එන වේදනාව වගේම හිරිවැටීම වෙන්න පුළුවන්, මෙය එක අතක පටන් අරන් අත් දෙකේම වුණත් වෙන්න පුළුවන්. බෙල්ල නිසි ලෙස චලනය කරන්න බැරිවීම. ඒ වගේම සබරතාව නැතිව වැටෙන්න යාම, ක්ලාන්ත ගතිය. මධ්‍යම රාත්‍රියට එන වේදනාව මෙසේ බොහෝ විට බෙල්ලේ ස්නායු තෙරපුමට ලක් වීමත් වෙනවා. තව බොහෝ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. වෛද්‍යතුමියනි හෝමියෝපති ප්‍රතිකාර මගින් බෙල්ලේ වේදනාව ඇති රෝගියකු සුව වන්නේ කොහොමද? මෙවැනි වෙනස් වීමක් පෙන්වන රෝග ලක්ෂණ සඳහා සුවය ගෙනදීමට හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාරවලදී ප්‍රධාන තැනක් ගන්නවා. අප වෛද්‍ය ක්රමයේ "සමාන දෙයින් සමාන දේ සුවපත් වේ" යන මූලධර්මයට අනුව රෝග ලක්ෂණයට සමාන වූ ඖෂධය දීම තුළ ද බෙල්ලෙහි අස්ථි, පේශි, නහර, ස්නායු ගතව වෙනස් වූ වෙනස ඒ කියන්නේ වේදනාව ඇති කළ හේතුව ඇතුලාන්තයෙන්ම ටිකෙන් ටික යථා තත්ත්වයට ගෙන ඒම සිදු කරනවා. අප ප්‍රතිකාර තුළින් ප්‍රතිශක්තිකරණය ගොඩනැඟ ම නිසා ගෙවීයන කාටිලේජ, අස්ථිපටක නැවත ගොඩනැඟීම, ස්නායු යථා තත්ත්වයට පත්වීම මේ තුළින් සිද්ධ වෙනවා. වේදනාව නැතිව යනවා. හෝමියෝපතිවල විශේෂම ලක්ෂණය නම් බෙල්ල පමණක් නොව කොන්ද, දණහිස්, ශරීරයේ කොතනක හෝ ඇතිවන මේ ව්යqහාත්මක වෙනස්කම් වගේම රසායනික වෙනස්වීම, ප්‍රතිශක්තිකරණය ගොඩනැඟීම තුළින් වෙනස් වූ සෑම ස්ථානයක්ම යථා තත්ත්වයට පත් කරනවා. මේ නිසා රෝග ලක්ෂණ නැතිවී යැම, රෝගියාට සුවය අත්දකින්න පුළුවන් වෙනවා වේදනා නාශකවලින් තොරව හේතුව නැති කරන සුවය ගෙන දෙන අතුරු ආබාධ නැති හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් ඔබත් සුවපත් වන්න. සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:31 AM රෝග රැසකට තුඩුදෙන කරදරකාරි දියවැඩියාව වර්තමාන සමාජයේ මිනිසාගේ කාර්යබහුලත්වය ආතතිය හා වැරදි ආහාර රටාවන් නිසා මිනිසා නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එමෙන්ම බෝ නොවන රෝග සේ සැලකෙන දියවැඩියාව හෙවත් මධුමේහය පිළිබඳ අද අප සාකච්ඡා කරනුයේ පෑලියගොඩ නුවර පාරේ රන්පත වෙද මැදුරේ අධිපති ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟය. " මොකක්ද මේ දියවැඩියාව රෝගය කියන්නේ. ඇයි සමාජයේ පිරිස් මෙතරම් මේ රෝගය සඳහා බියක් දක්වන්නේ. ඇත්තටම දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම සිරුරේ සීනි මට්ටම ඉහළ යැමයි. මෙම සීනි ප්‍රමාණය ඉහළ යැමත් සමගම ශරීරයට ඇති වන විවිධ සංකූලතා තමයි මෙම රෝග ලක්ෂණ ලෙස පෙන්වා දිය හැක්කේ. බොහෝ විට මෙම රෝගී තත්ත්වය ජාන ඇසුරින්ද ඇති විය හැකි අතර වැඩිම පිරිසක් මෙම රෝගයට ගොදුරු වන්නේ නිසි ලෙස තම දේහ පාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය යුතුමය. විශේෂයෙන් වර්තමානයේ බොහෝ පිරිසක් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ නිවැරදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම සහ ක්ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම තුළිනුයි. මෙම රෝගය වැළඳුණු විට එය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබන අතර මෙම රෝගී තත්ත්වය නිසැකවම මිනිසාගේ සිරුර තුළට කරනු ලබන හානිදායක තත්ත්වය නිසා බොහෝ දෙනා මෙම රෝගය නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නේ මෙහි ඇති දැඩි බරපතළ තත්ත්වය නිසාය. එම නිසා මෙම රෝගයේ සංකූලතාව හඳුනා ගැනීම සහ මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගැනීමද ඉතා වැදගත්ය. මෙන්න මේ රෝගය නිසා බොහෝ පිරිස් දියවැඩියාව රෝගයට ඉතාම බියක් දක්වයි. දියවැඩියාව සමඟම එන තවත් රෝගී තත්ත්වයක් තමයි අතපය හිරිවැටීම. ඇයි මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ, මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් ගොදුරු වන තවත් රෝගී තත්ත්වයක් තමයි ඔවුන්ගේ අතපය හිරිවැටීමේ රෝගී තත්ත්වය. මෙම රෝගීන් බහුතරය පවසන්නේ ඔවුන් ඇවිදින විට යටිපතුල් කොට්ට උඩ ඇවිදිනවා වැනි ආකාරයෙන් දැනෙන බවය. ඒ වගේම පාවහන් පැළැඳ සිටියත් ඒ බවක් ඔවුන්ට නොතේරෙන බවත් පවසනවා. මීට අමතරව දණහිස්, උරහිස් මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයක් ගැන රෝගීන් අප සමඟ නිතරම පවසනවා. සමහරුන්ට මෙම වේදනාකාරී බව උදෑසන කාලයේදී ඇතිවන අතර තවත් සමහරුන්ට මෙම වේදනාකාරී බව දිවා කාලයේදීත් තවත් සමරුන්ට රාත්‍රියේදීත් ඇතිවීමට හැකියාව පවතිනවා. යම් ලෙසකින් දියවැඩියා රෝගීන්ට මෙම අත්පා හිරිය සහ වේදනාව ඇතිවනවා නම් ඊට හේතු ලෙස අදාළ රෝගියාගේ ස්නායු පද්ධතියේ ක්රියාකාරීත්වයේ දුර්වලතාවන් නිසා මෙම තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව පවතිනවා. මන්ද දියවැඩියාව තත්ත්වය නිසා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණ තත්ත්වය නොලැබීම නිසා එම පද්ධතියේ ඇතිවන අඩුපාඩුකම් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකියි. දියවැඩියා රෝග ලක්ෂණවලින් පෙළෙන අයකුට ආතරයිටීස් රෝගය වැළඳුනොත් මෙම වේදනාවන් දෙගුණ තෙගුණ විය හැකිය. එම නිසා එම රෝගයට ප්‍රතිකාර ලබා දීමේදී නිසි විමසීමක් පරීක්ෂාවකින් පමණක් ප්‍රතිකාර කළ යුතු වෙනවා. "මෙම රෝග ලක්ෂණයන්ට අමතරව දියවැඩියා රෝගීන්ට බලපාන වෙනත් රෝග තිබෙනවාද? ඒවායේ රෝග ලක්ෂණ මොනවාද? විශේෂයෙන්ම මොවුන් අතර දැකිය හැකි තවත් රෝග ලක්ෂණයක් තමයි මළ බද්ධය ඇතිවීම, ඒවාගේම මළ බුරුලට යැම, මළ බද්ධය සමඟම සම මත ඇතිවන කැසීම් තත්ත්වය සහ පළු දැමීම වැනි දේද ඇතිවිය හැකියි. හිස කැක්කුමද රෝගීන්ට ඇතිවීමේ හැකියාවක් පවතිනවා. නින්ද නොයැම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක් පිටවීම, කේන්ති යැම, පීනස් රෝග උග්රවීම මුඛයේ තුවාල හටගැනීම ඇස්වලින් කඳුළු ගැලීම හා ඇස් වියළීම වැනි රෝගාබාධයන්ද ඇතිවිය හැකියි. දියවැඩියාව රෝගයට ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවයක් ලැබිය හැකිද? අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්රතිකාරවලින් මෙම රෝගය සුවකර ගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි පරීක්ෂාවකින් පසු වැළැඳී ඇත්තේ කුමන රෝගී තත්ත්වයක් දැයි නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ඉතාමත් කාර්යබහුල අයට පවා ඉතා පහසුවෙන් පාවිච්චි කළ හැකි ලෙස පර්යේෂණාත්මකව දියුණු ක්‍රමවලට සැකසූ ප්‍රතිකාර ක්‍රම අප සතුව පවතින නිසා ඕනෑම පුද්ගලයකුට අප කරා පැමිණ ඉතා පහසුවෙන් තම රෝග සුව කරගැනීමට හැකියාව තිබෙන බවද මෙහිදී කිව යුතුමයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:32 AM සයටිකාව කළමනාකරණය කරගෙන සුව කරගන්නේ මෙහෙමයි ප්රශ්නය - අද අප මාතෘකාව යම් තරමකින් වෙනස් කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව අප අද සිට පටන් ගන්නේ ආයුර්වේද ක්‍රමවේදයන් මගින් සයටිකා රෝගය කළමනා කරගන්නා ආකාරයයි. වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කෙනෙකුගේ ජීවිතයේ වඩාත්ම පලදායී කාලයේදී වැළඳිය හැකි එමෙන්ම බොහෝ විට වැළඳෙන නරකම රෝගයක් තමයි කොන්දේ අමාරුව. මේ කොන්දේ අමාරුවලින් 90% ක් ම කවර හෝ සයටිකා රෝග තත්ත්වයක් බව දැන් සොයාගෙන තිබෙනවා. නූතන ජීවිතවල තිබෙන කාර්ය බහුල බව, වෘත්තීය නිසා නිතරම වැරදි ඉරියව්වලට ඉඳගෙන සිටීමට සිදුවීම, ගමනා ගමනයේදී සහ ව්‍යායාම/ ක්‍රීඩා යනාදියේදී ශරීරයේ හට ගන්නා කම්පනය, ශරීරයේ බර වැඩිවීම, පරිගණක භාවිතයට පුරුදු වීම නිසා නිතර දෙවේලේ කොන්ද නමාගෙන සිටීම, මානසික ආතතිය, කොඳු ඇට පෙළ මත හට ගන්නා නොනිසි පීඩනය නිසා සයටිකාවත් කොන්දේ අමාරුවත් හට ගන්නවා. ආයුර්වේදයේ එන ග්රිධ්රසි නමැති රෝගයත්, බටහිර වෙදකමේ එන සයටිකාවන් යන දෙකම එක සමාන බව අප මෙයට පෙරත් සඳහන් කර තිබෙනවා. ආයුර්වේදයේ එන තානාන්ම්ජ ව්‍යාධි ලෙස හඳුන්වන රෝග 80 න් සයටිකාව ඉන් එකක්. එමෙන්ම එය වාතව්යාධියක් බවත් අප මේ වන විට දන්නවා. එනම් වාත දොaෂය කුපිත වීම මුල් කරගත් රෝගයක්. වාත ව්‍යාධි රෝගවලට වඩාත්ම සුදුසු ප්‍රතිකාරය ලෙස ආයුර්වේදයේ සඳහන් වන්නේ වස්ති චිකිත්සාවයි. ප්රශ්නය - මෙයට අමතර චිකිත්සා තිබෙනවාද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ශෝධන සහ සවන ප්‍රතිකාර මගින් සයටිකාව සුව කරන්නේ කොහොමද කියන කාරණය ගැන ඉන්දියානු ආයුර්වේද පර්යේෂකයන් පිරිසක් ඉන්දියාවේදී කළ පර්යේෂණ ගැන Reserch Gate නමැති web අඩවියේ පළ වී තිබෙනවා. මෙහිදී පළමු නියෑදිය ලෙස අරගෙන තිබෙන්නේ කොන්දේ අමාරුව. කොන්දේ උඩ සිට පාදයේ පහළට ඇදී යන වේදනාව, වම් පාදයේ පේෂීන්වල හට ගන්නා වේදනාව, ඇවිදින විට හට ගන්නා වේදනාව යන රෝග ලක්ෂණ සහිත පිරිමි රෝගියෙක්. එරන්ද්මුලා දී වස්තිය, පත්‍ර සින්ධ ස්වේද හෙවත් ඔෂධීය ශාක පත්‍ර ඇසුරින් සාදා ගන්නා පොට්ටනිවලින් තැවීම, මහර්ශනාදී ක්වාථය සහ සන්නිෂාද එරන්ද තෛලය මගින් කරන ප්‍රතිකාර යනාදිය මගින් මාසයක කාලයක් ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා. මෙහි ප්‍රතිඵලය ඉතා උසස් බව පෙනී ගොස් තිබෙනවා. (ලබන සතියේ රෝගියාගේ තත්ත්වය වේදනාවක් නැතිව ඇවිදිය හැකි තැනට වර්ධනය වූ හැටි) සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:33 AM පක්ෂාගාතය හෙවත් අංශභාග රෝගය ආයුර්වේදයේ වාත රෝග 80 ක් පිළිබඳ විස්තර දක්වා ඇත. එවකට සමාජය තුළ දක්නට ලැබුණු වාත රෝග මෙසේ සඳහන්ව ඇතත් රෝග සංඛ්‍යාව මීට වඩා වැඩිය. ආයුර්වේදයේ දැක්වෙන වාත රෝග නිසැකවම නව්‍ය වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන ස්නායු රෝග හා මනාව සැසැඳේ. ඇතැම් වාත රෝග ප්‍රබල වන අතර, ඇතැම් ඒවා මෘදු රෝග හෙවත් සුළු රෝග තත්ත්ව වේ. අංශභාග රෝගය ප්‍රබල වාත රෝගයකි. ආයුර්වේද මූලික පොත්වල පක්ෂාගාතය නමින් දක්වා ඇත. පක්ෂයක් හෙවත් සිරුරේ පැත්තක් ක්‍රියා විරහිත වීම නිසා පක්ෂාඝාතය යෑයි හැඳින්වේ. වම් පස අත හා පාදය හෝ දකුණු පස අත් පා අප්‍රාණික වීම මෙහි මූලික ලක්ෂණයයි. එහෙත් මෙහි යථාර්ථය අතේ හෝ කකුලේ රෝගයක් නොවේ. රෝගයේ මූලය ඇත්තේ මොළයේ ස්නායු සෛල මිය යැම යන කරුණ තුළය. මොළයේ සියුම් රුධිර නාලයක් පිපිරීම හෝ ඒවා තුළ ලේ කැටි සිරවීම ආදිය නිසා මොළයේ සෛල වලට රුධිර සැපයුම ඇනහිටීම හෝ නැතිව යැම නිසා ස්නායු සෛලය මියගිය විට එකී සෛල වලින් පටන්ගෙන අත් පා දක්වා විහිදෙන ස්නායු තන්තු මිය යයි. ස්නායු මිය ගිය විට අත් පා දෙක අක්‍රිය හෙවත් අප්‍රාණික තත්ත්වයට පත් වේ. මෙම තත්ත්වය එක් අංශයක හෝ දෙකක හෝ අත් පා හතරෙහිම වුවත් සිදුවිය හැක. එක් පැත්තක වූ විට හෙමිප්ලීජියා (Hemiplegia&zwnj යෑයි ද එක් අංශයක වූ විට Monoplegra යෑයි ද අත් පා හතරෙහිම වූ විට Quadriplegia යෑයි ද කියති. අංශ භාගය යන නාමය ඉහත කී Hemiplegia වට කියන ගැමි වදනයි. මෙය පුද්ගලයාගේ දෛනික ක්‍රියා අඩපණ කරයි. සිරුර හා මනස යන දෙකින්ම රෝගියා පීඩාවට පත්වන නිසා ප්‍රතිකාරයේදී සිරුරටත් මනසටත් ප්‍රතිකාර කළ යුතුය. ආයුර්වේදයේ දක්වා ඇති මස්තිෂ්කය ප්‍රතිකාර විධි මුල් මාස 3 ගත වීමට පෙර ඉතා වැදගත් වේ. මනස උද්යෝගිමත් කිරීමත්, පසු කාලීනව රසායන චිකිත්සා ක්‍රමත් යෙදීම වඩා උචිත වේ. නව පර්යේෂණ තුළින් සොයාගත් ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතී. ඒවා යෙදෙන්නේ විද්‍යාත්මක පදනමකිනි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:34 AM කනේ රෝග සුව කරන ඖෂධ වර්ග මොනවාද? ප්රශ්නය - කර්ණ රෝගවලට කරන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී කතා කළා. කන පිරිසිදු කිරීම සඳහා උපකරණ ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පමණක් බව අප මෙතෙක් උපකල්පනය කළත්, ආයුර්වේදය තුළත් එවැනි උපකරණ තිබෙන බව ඔබ සඳහන් කළා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස් - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවා. උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියි. ඉන් පස්සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක් කරනවා. ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්වීමයි. බටහිර වෙදකම් ඇන්ටි බයටික් ඖෂධවලින්, ඇන්ටි බයටික් ෙඩ්රාප්ස්වලින් කෙරෙන කාර්යය මේ ශාකසාර ඖෂධවලිනුත් ඒ විදියටම කෙරෙනවා. ප්රශ්නය - ඔබ ඔය කියන පොල්කටු අඟුරු සහිත උපකරණය කොයි වගේද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - එය කුඩා මුට්ටියක්. ඒ මුට්ටියේ තිබෙනවා දිග නලයක් සම්බන්ධ පියනක්. ඒ මුට්ටියට පොල්කටු ගිනි අඟුරු දමලා පෙර කී ඖෂධ දමලා පියන වහනවා. ඉන් පසු අර බටය කනට අල්ලනවා. එවිට ඖෂධීය දුව කන තුළට ගමන් කරනවා. එම දුමට කන ඇතුළත තිබෙන තුවාල වියෑලෙනවා. එසේ වන්නේ ප්‍රතිජීවක ඖෂධ නිසයි. ප්රශ්නය - මේ සඳහා යොදන ඖෂධ මොනවද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - වළඟසාල්, නිකකොල, ගුගුල්, වෙනිවැල්ගැට, සුවඳ කොට්ටන් යනාදී ඖෂධ කුඩු බවට පත් කරලා පාවිච්චි කරනවා. මේ සියල්ලම ප්‍රතිජීවක ඖෂධ. ආසාදන, ප්‍රදාහ තත්ත්වයක් නැසීමේ හැකියාව මේවාට තිබෙනවා. උදාහරණයක් ලෙස ගනිමු වළඟසහල්. මෙය නාසය ආශ්රිත රෝගයක් වන පීනසට ඉතා ගුණ දෙන ඖෂධයක්. නික කියන්නේ කෘමි නාශකයක්. ඒ වගේම ක්‍රිමි නාශකයක්. මෙය දද - කුෂ්ට, චර්ම රෝග, අක්මා රෝග. ප්ලීහාව, ඉදිමීම, රූමටික උණ, ඔක්කාරය, කොන්දෙ වේදනාව යන රෝග තත්ත්වයන් සමනය කරන්නට යොදා ගන්නවා. ගුගුල් කියන්නේ වසර 2500 කට වැඩි කලක් තිස්සේ ඉන්දියාවේ පරිහරණය කරලා අත්දුටු ඖෂධීය ශාකයක්. LDL නමැති හිතකර කොලෙස්ටරෝල් වර්ගය මර්දනය කිරීමටත් ගුගුල් යොදා ගන්නවා. වෙනිවැල්ගැට ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එය විශබීජ නාශකයක් වගේම පිටගැස්මට එරෙහිව සටන් කරන ප්‍රතිජීවක ඖෂධයක්. සුවඳ කොට්ටන්වලින් මොළය වර්ධනය වෙනවා. හෘද රෝග පාලනය වෙනවා. අස්ථි ශක්තිමත් කරනවා. ප්‍රතිශක්තිකරනය ඉහළ නංවනවා. මේ ඖෂධ මිශ්‍රකර කරන ධුපන ප්‍රතිකාරය ඉතාම සාර්ථකයි. ධූපන ප්‍රතිකාරය කියන්නේ උගුර, කන, නාසය ආශ්රිත රෝගවලට කරන ප්‍රතිකාර පන්තියකින් එකක් පමණයි. මෙයට අමතරව උගුර හෝදන්න ඖෂධීය ශාක සාරමය ජලය නිර්දේශ කරනවා. ඊට අමතරව කසාය දෙනවා. ඉහතින් අපි විස්තර කළේ කනේ රෝග ගැනයි. නාසයේ රෝගයක් හට ගත්තාම එයට සරිලන ධූපන ආයුර්වේදයේ එනවා. (ලබන සතියේ කනේ අමාරුව තිබෙනවිටෙක රෝගියා පැවතිය යුතු ආකාරය.) සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Oct 2018 06:35 AM රූමටොයිඩ් ආත්රයිටිස් රෝගයට බිය වියයුතු නැහැ ප්රශ්නය - රූමැටොයිඩ් ආත්රයිටිස් රෝගය ගැන නැවත මතක් කරදීමක් කරන්නට අප අද අදහස් කරනවා. වෛද්‍ය වසන්ත උදයජීව - ආමවාතය ලෙස ආයුර්වේදයේ හඳුන්වන මේ රෝගය, රෝගියා බෙලහීන කරන නිදන්ගත රෝගයක්. හැබැයි එසේ කියා මෙයට බිය විය යුතු නැහැ. ඒ වගේම බය නැහැ කියලා රෝගය අත්හැර දැමිය යුතුත් නැහැ. මෙය ශරීරයේ තියෙන සියලු ආකාරයේ පටකවලට බලපාන නමුත් ප්‍රධාන වශයෙන් බලපෑමක් ඇති කරන්නේ සන්ධිවල තිබෙන ලසිකා පටලය නමැති කොටසටයි. මෙය සාමාන්‍යයෙන් හඳුනාගෙන තිබෙන්නේ Autoimmune හෙවත් තමන් තුළ ඇති ප්‍රතිශක්තිකරණය තමන්ටම එරෙහිව නැගී සිටීම නිසා හට ගන්නා රෝගයක් ලෙසයි. ආයුර්වේදයට අනුව ආත්රයිටිස් රෝග තත්ත්වය කාණ්ඩ තුනකට වර්ග කෙරෙනවා. ආමවාත, සන්ධි වාත, සහ වාතරක්ත තමයි මේ වර්ග තුන. මේ තුන් වර්ගයටම පොදු වචනය තමයි 'වාත' කියන එක. ඉහත තුන් වර්ගයෙන් රූමටොයිඩ් ආත්රයිටිස් රෝගයට සමාන වන්නේ ආමවාත කියන තත්ත්වයයි. සන්ධි වාත කියන තත්ත්වය බස්ටියෝ ආත්රයිටිස් රෝගයට සමාන වනවා. වාතරක්ත කියන තත්ත්වය Gouty ආත්රයිටිස් රෝගයට සමානයි. ප්රශ්නය - ආමවාත හෙවත් රූමැටික ආත්රයිටිස් රෝගය සුව කළ හැකිද? වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේද අර්ථකථනයට අනුව ආමවාතය කියන්නේ සුවපත් කිරීම දුෂ්කර රෝගයක්. මෙය නිදන්ගත වන අතර රෝගය හට ගන්නා ප්‍රදේශය විකෘති කරනවා. මෙහි රෝග ලක්ෂණ තමයි එක් සන්ධියක් හෝ සන්ධි කිහිපයක් ඉදිමීම. ඒ වගේම වේදනා දීම. ශරීරයේ අග්නිය පහළ යැමත් ආමය හෙවත් විෂ ගතිය ඉහළ නැගීමත් නිසා මෙය සිදුවන බවයි කියන්නේ. ප්රශ්නය - මේ රෝගය සුවකර ගැනීමට සුදුසු කසායක් පසුගිය සතියේදී ඔබ මේ ලිපියෙන් පැහැදිලි කළා. ඔබ එබන්දක් අදත් අපට කියනවාද? වෛද්‍ය වසන්ත උදයජීව - බෙහෙත් එඬරු මුල්, අරත්තන අල, බැබිලමුල්, සාරණ මුල්, නික මුල්, එලබටු, කටුවැල්බටු, පත්පාඩගම් යනාදිය කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 පතකට සිඳ සීනි/ මීපැණි දමා උදේ හවස කෝප්ප භාගය බැගින් දින 12 ක් පානය කළ යුතුයි. මේ මගින් ශරීරයේ වේදනාව නැති වන අතර එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 07 Oct 2018 09:10 AM බයවෙන්න එපා කියල ලෙඩක් ගැන කාලෙකින් ඇහුනෙ 0 chamaramindMost Senior MemberPosts:13471 08 Oct 2018 06:36 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Oct 2018 06:37 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 25 of 35 << < 2324252627 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner