You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 27 of 35 << < 2526272829 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:38 AM

පුංචි කොත්තමල්ලි ඇටේ ඇති විස්මිත බලේ

මාලේවන දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කථිකාචාර්ය, දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනාරච්චි
  • සීනි කොලෙස්ට්‍රරෝල් නසයි
  • අක්මාව සුවපත් කරයි
  • වා පිත් සෙම තුනටම හොඳයි

වසරේ මේ දිනවලට හුරුපුරුදු මෝසම් වැස්සත්, හදිසියේ වෙනස්වූ වායුගෝලීය පීඩනයෙන් සක්‍රිය වූ අනෝරා වැස්සත් පසුගිය සතිය පුරා රටේ බොහෝ ප්‍රදේශ තෙතබරිත කළේය. වැස්ස ආශීර්වාදයක් වුවද ඒ සමඟ බැඳෙන අවදානම් ද බොහොමයකි. එය විශේෂයෙන් බලපාන්නේ අප ලබා ගන්නා ආහාර වලට ය; අපගේ සාමාන්‍ය හැසිරීම් වලට ය; එදිනෙදා ජන ජීවිතයට ය. එනිසා වැසි දිනවලදී අපගේ ආහාර වල සුරක්ෂිතභාවයත්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව පවත්වාගැනීමටත් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

දේශීය වෙදකමේදී සහ බටහිර වෙදකමේදී ලබාදෙන වෛද්‍ය උපදෙස් වලට අනුව නිරන්තරයෙන් මැල්ලුම් පලා කන්නට යැයි කියූවද, වැසි අධික සමයකින් පසු කාලයේදී නම් කීර, පලා මැල්ලුම් ආහාරයට ගැනීම අනුමත කළ නොහැකිය. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල විකිණීමට ඇති පලා වර්ග වගා කෙරෙන ප්‍රදේශ නොදන්නා නිසාත්, ගංවතුර හෝ පිටාර වතුරෙන් එ් කීරකොටු වැසී යන්නට ඉඩ ඇති නිසාත් විකුණන්නට ඇති කීර පලා වල විෂබීජ තැවරී තිබෙන්නට පුළුවන. මෙවැනි පලා වර්ග ආහාරයට ගැනීම නිසා අතීසාර තත්වයන් ඇතිවිය හැකිය.

වැසි සමයේදී ආහාරයට පලා වර්ග ලෙස තෝරාගත යුත්තේ තම ගෙවත්තේ වැවෙන පිරිසිදු පලාවර්ග පමණි. නැතහොත් පොළවෙන් ඉහළ මට්ටමේ වැවෙන කතුරුමුරුංගා කොළ වැනි පලා වර්ගයක් සුදුසු ය. ගෙවත්තේ පිරිසිදුවට වැවෙන ගොටුකොළ වැනි පොළොව මට්ටමේ වැවෙන පලා වර්ගයක් ආහාරය සඳහා තෝරා ගන්නේ නම් ලුණු, සහ දෙහි යුෂ මිශ්‍ර කළ මඳ උණුසුම් ජලයෙන් හොඳින් සෝදාගෙන භාවිතයට ගත යුතුය. හෝටලයකින් වැනි පිටස්තර ස්ථානයකින් ආහාර ගන්නේ නම් පලා වර්ග ඇතුළත් නොවන ආහාර තෝරා ගැනීම වඩා සුදුසු ය.

වැස්සේ තෙමීම නිසා ඇතිවන ශරීරයේ තුන්දොස් කිපීම් අතරින් ප්‍රධාන වන්නේ සෙම් කෝපයයි. ඒ නිසා ඇතිවන ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාවයි. සෙම් කෝපය නිසා ඇතිවන ඊළඟ රෝග ලක්ෂණය වන්නේ කැස්සයි. නිරන්තරව හේනේ කුඹුරේ වැඩ කළ අපේ ගැමියාට සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ යනු ආගන්තුක රෝගයන් නොවේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩාල වූ සැණෙන් වැළඳෙන මේ රෝග දෙකට ප්‍රතිකාර හැම ගැමි නිවෙසකම නොවැරදීම තිබිණි.

කොත්තමල්ලි යනු අප කොයි කවුරුත් හොඳින් හඳුනන ඖෂධයකි. ආහාර රසවත් කරන තුනපහ මිශ්‍රණයේ වැඩි ඉඩක් වෙන්වනනේ කොත්තමල්ලි සඳහා ය. ඒ නිසාම ඖෂධයක් ලෙස පමණක් නොව ආහාරයක් ලෙස ද කොත්තමල්ලි මුළුතැන්ගේ තුළ නිරන්තරව භාවිතයට ගැනිණි. වැසි වැටෙන්නට පටන්ගත් සැණින් කොත්තමල්ලී මිටක් සමඟ ගෙවත්තේ වවා තිබූ අමු ඉඟුරු කැබැල්ලක් තලා භාජනයකට දමා තම්බා ගැනීමත්, ඉන්පසුව සීනි සමඟ හෝ නැතිව පානය කිරීමත් අද ද ගැමි නිවෙස් වල සිදුකෙරෙන සුපුරුදු කටයුත්තකි.

ආහාර රස ගැන්වීම මෙන්ම සුවඳවත් කිරීම සඳහා යොදා ගැනෙන තුනපහ සඳහා ගැනෙන මූලික කුළුබඩු වර්ගයක් ලෙස ද කොත්තමල්ලි යොදා ගැනේ. මෙහි ඇති ජීර්ණ පද්ධතිය උත්තේජනය කිරීම මඟින් ආහාර දිරවීමට අනුබල දීමේ ගුණය වඩා ප්‍රයෝජනවත් ය. මෙහි ඇට හෝ කුඩු පමණක් නොව කොත්තමල්ලි කොළ ද ආහාර රසවත් කිරීම පිණිස බටහිර රටවල පවා යොදා ගැනෙයි.

මණ්‌ඩුකපර්ණී කුලයට අයත් කොත්තමල්ලි ඉන්දියාවේ සහ පකිස්‌ථානයේ සෑම ප්‍රදේශයන්හිම වැවෙනු ලැබේ. ධාන්‍යා, ධාන්‍යක, ආර්ද්‍රිකා, කුස්‌තුම්බුරු ආදී සංස්‌කෘත නාම වලින් හඳුන්වනු ලබන අතර කොත්තමල්ලි යනු ද්‍රවිඩ නාමයයි. සිංහල නම ‘කොතඹුරු’ වුවද බොහෝ දෙනා භාවිත කරන්නේ කොත්තමල්ලි යන නමයි. ඉංග්‍රීසියෙන් Coriander ලෙස හදුන්වන කොත්තමල්ලී ලංකාවේ යහමින් නොවැවෙන නමුදු අතීතයේ සිටම ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් ආනයනය කොට භාවිත කොට තිබේ. එසේම කොත්තමල්ලී ඖෂධයක්, සාම්ප්‍රදායික පානයක් ලෙස භාවිතයට ගැනීම ලොව බොහෝ රටවල ජනතාවගේ පුරුද්දකි.

විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී එහි ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුවද කොත්තමල්ලි බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයකි.කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු ය.

කොත්තමල්ලි වල කෂාය, තික්‌ත, කුළු, මධුර යන රස හතර ම පවතී. වීර්යයෙන් උෂ්ණය; විපාකයෙන් මධුරය; ගුණයෙන් ලඝු සහ ස්නිග්ධ ය. වැසි සමයත් සමඟ කොත්තමල්ලී සහ ඉඟුරු එකට තම්බා පානය කිරීමෙන් ශරීරයට ඇතිවන ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. පළමු වැන්න නම් වැස්සත් සමඟ වෙනස්වන පරිසර උෂ්ණත්වය නිසා ශරීරයේ උණුසුම රැක ගැනීමයි. ශරීරයේ උණුසුම නිසි පරිදි පවත්වාගැනීමෙන් ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීම දෙවැනි ගුණාංගයයි. මේ නිසා වැසි සමයක් නොවූවද නිරන්තරව වැළඳෙන සෙම් රෝග සහ උණ රෝග වළින් ආරක්ෂා වීමට ඉඟුරු කොත්තමල්ලී පානය වැදගත් වේ.

බොහෝ දෙනා සැහැල්ලුවෙන් සැලකුවද කොත්තමල්ලී සතුව සුවිශේෂ ගුණාංග ගණනාවක් ඇත. ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව ඇත. මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාර පරිපූරකය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි. සමහරවිට මාස 6-7ක කාලයක් ම කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පණ ගැටගසාගත් ළදරුවන් කෘතිම ළදරු ආහාර පරිපූරක නොවූ ඒ කාලයේ අපේ ගම්වල විසූහ. “කොත්තමල්ලි වතුරෙන් හැදුණු එකා” වැනි තවමත් අතරින් පතර ඇසෙන ගැමි කියමන් වලට පාදකවී ඇත්තේ මේ කරුණයි.

කොත්තමල්ලිවල පවතින උෂ්ණ වීර්යය නිසා ශරීරයේ වාත කෝපයෙන් හටගන්නා කැක්කුම් සහ වේදනා සමනය වේ. එසේම එහි ඇති මධුර රස හේතුවෙන් ශරීරයේ ඇතිවන පිත් කෝප සමනය කළ හැකිය. මේ අනුව කොත්තමල්ලී තම්බා බීමෙන් වුවද ශරීරයේ තුන්දොස් සමනය කළ හැකිය.

එසේම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීමටද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වැසි සමයේදී අපිරිසිදු වතුර පානයෙන් ඇතිවන මුත්‍රා ආසාදන වෙතොත් ඒවා සුවකිරිමට ද කොත්තමල්ලි තම්බා පානය කිරීම සුදුසු ය. ආහාරයේ වස විෂ උරාගන්නා අක්මාව යළි ප්‍රකෘතිමත් කිරිමට ද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වෙනත් බොහෝ ඖෂධීය ගුණ දෙන ශාක හෝ පත්‍ර වර්ග නිරන්තරව භාවිතය නොසුදුසු යැයි නිර්දේශ කළද කොත්තමල්ලී නිරන්තර භාවිතයෙන් ශරිරයට කිසිදු අගුණයක් ඇති නොවේ. වයස් භේදයකින් තොරව ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම කොත්තමල්ලී පානය නිර්දේශ කළ හැකිය.

වැසි සමයේ අපිරිසිදු ආහාර ගැනීම නිසා ඇතිවන අජිර්ණ, අතීසාර, පාචන අවස්ථා වලදී ඉරිවේරිය සහ කොත්තමල්ලි සම පමණ ගෙන තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. කොත්තමල්ලි ඇට, හොඳින් වියලූ හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට සම පමණ ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධති වල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ව පවත්වා ගත හැකිය. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද මෙය භාවිතයට ගත හැකිය. එදිනෙදා වැළඳෙන ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස ද මේ සංයෝගය යෝග්‍ය වේ.

අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනය සලසා ගත හැකිය. ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වල මේ වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකිය. වකුගඩුවල අපහසුතා, ඉදිමීම් ඇති විට කොත්තමල්ලි හා පත්පඩාගම්, බෙලිමුල් තම්බා බීමෙන් සහනය ලබාගන්නට පුළුවන. පැපොල රෝගය වැළඳුණු විටෙකදි පත්පාඩගම් සමඟ කොත්තමල්ලී තම්බා දෙන්නේ තුවාල වල වේදනාව අඩුකර ගැනීම පිණිස ය.

කොත්තමල්ලි ඇටයේ මෙන්ම කොළයේ ද බොහෝ ගුණ ඇත. කොළ පළාවක් ලෙස සකස් කර ආහාරට එක් කරගත හැකිය. ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. සුප් වර්ග පිළියෙල කරන විට භාවිත කිරීමෙන් ප්‍රශස්ත රසයක් මෙන්ම ඖෂධීය ගුණය ද නොඅඩුව ලැබේ.

කොත්තමල්ලි කොළ පමණක්‌ නොව මුළු පැළෑටිය ම ආහාරමය සහ ඖෂධිය වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිය. ආමාශ හිතකාරීය; කෑම රුචිය වඩවන අතර ශාරීරික බාහිර හා අභ්‍යන්තර ප්‍රදාහ වළකන, කොලෙස්ටරෝල් හෙවත් මේද වෘද්ධි, දියවැඩියා හෙවත් මධුමේහය පාලනය කිරීමට ද අජීර්ණ, මුඛ තුවාල, පාණ්‌ඩුව, අක්‍ෂි රෝග ආදියට ද මානසික සුවතාව වර්ධනය කරගැනීමට ද කොත්තමල්ලි කොළ ආහාරයට එකතු කරගත හැකිය.

ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙ කොත්තමල්ලි සිරුරේ අස්ථි නිරෝගී කරන අතර පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. ඩයරියා රෝග තත්ත්වය සුව කිරීමට ද කොත්තමල්ලි වලට හැකියාව ඇත. ඇස් රෝගවලින් දෑස් ආරක්ෂාකර ගැනීමට ද කොත්තමල්ලි භාවිතය ඔබට ප්‍රයෝජනවත් වේ. අධි රුධිර පීඩනය අඩු කිරීමට ද සරම්ප රෝගය වැළැක්වීමට ද කොත්තමල්ලි වලට පුළුවන. රසායන ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ශාක සාර මඟින්, අපගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළියම් යොදන්නට හැකිනම් එය දිගුකාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:44 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 06:34 AM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47020.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47021.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47022.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47023.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47024.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47025.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47026.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/47027.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2018 01:21 PM
මේ පිටුවනං ගොඩක් වටිනවා
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:22 PM

බිත්තර හරිම ගුණ සුපිරි ආහාරයක්

බිත්තර සුදුමදයේ සහ කහමදයේ වැඩි වශයෙන් ඛනිජලවණ, ප්‍රෝටීන්, විටමින් අඩංගු වේ. මෙහි කොලෙස්ටරෝල්වල දියවන විටමින් සහ අත්‍යාවශ්‍ය මේද අම්ලද පවතී. මේ අනුව බිත්තරයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ අතර විටමින් ඒ 6% කි. පොස්පරස් 9%ක්ද, සෙලනියම් 22%ක්ද, ෆේලේට් 5%ක්ද අඩංගු වේ. ඊට අමතරව සින්ක් සහ කොපර්ද බිත්තරවල අන්තර්ගතව පවතී.

මිනිසාගේ ශරීරයට අවශ්‍ය කරන සෑම පෝෂ්‍ය පදාර්ථයකින්ම ඉතා සුළු ප්‍රමාණයක් හෝ බිත්තරවල අඩංගුය. ඔමේගා 3 මේද අම්ලය ඉතා පෝෂ්‍යදායක වේ. බිත්තරවල කොලෙස්ටරෝල් අධිකව පවතී. එක් බිත්තරයක සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 212ක් පවතී. නමුත් මෙම කොලෙස්ටරෝල් අවශ්‍යයෙන්ම රුධිරගත කොලෙස්ටරෝල් වැඩි නොකරයි. අක්මාවේ කොලෙස්ටරෝල් අඩුකරයි.

මිනිසාගේ ශරීරයේ වැඩිම කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ අක්මාව මගිනි. බිත්තර වැඩිපුර අනුභව කිරීමෙන් අක්මාව මගින් නිපදවනු ලබන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවේ.

බිත්තර ආහාරයට ගනු ලබන පුද්ගලයන්ගෙන් 70%කගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණ වැඩි නොකරයි. 30%කගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ස්වල්ප ලෙස ඉහළ දමයි. නමුත් පරම්පරාවෙන් කොලෙස්ටරෝල් හටගන්නා අය බිත්තර ආහාරයට ගැනීම සීමාකළ යුතුය.

බිත්තරවල පවතින ලියුටින් සියැන්නීන් නම් ප්‍රබල ඔක්සිකාරකය හේතුවෙන් ඇස්වල සුද ඇතිවීම වළක්වයි.

ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන කෝලීන් බොහෝ ආහාරවල අඩංගු නැතත් බිත්තරවල කෝලීන් අඩංගු වේ. බිත්තරයක කෝලීන් මිලිග්‍රෑම් 100කටත් වඩා අඩංගු වේ.

බිත්තර ආහාරයට ගැනීමෙන් ඉතා ඉක්මනින් කුසගිනි නිවේ. මේ නිසා බිත්තර ආහාරයට ගත්විට අනෙක් ආහාර වැඩිපුර නොගැනීම හේතුවෙන් ශරීරයට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ. මේ නිසා දිනපතා බිත්තර ආහාරයට ගැනීමෙන් වැළකීම සුදුසුය.

මිනිසාට අවශ්‍ය කරන සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම සුළු වශයෙන් තිබීම නිසා බිත්තර ආහාරයට ගැනීමේ වරදක් නොමැත. විශේෂයෙන් හිසකෙස් සඳහා බිත්තර ඉතා ප්‍රයෝජනවත් වේ. කුඩා දරුවන්ට බිත්තර ලබාදීමද ඉතා සුදුසුය.

බිත්තරවල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ඇතුළත් ප්‍රෝටීන් අඩංගුය. බිත්තර සහ හෘදයාබාධ අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් නොපවතින බවද හෙළිවී ඇත. බිත්තර ලොව සුපිරි ආහාරවලින් විශේෂ තැනක් ගන්නා ආහාරයකි.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:25 PM

මානසික ලෙඩවලින් ගලවන චතුර්විධ සම්පත

නිරෝගීකම පිළිබඳ සැලකීමේදී කායික පමණක් නොව මානසික නිරෝගීකම පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. බොහෝ කායික රෝග සඳහා මානසික හේතුද බලපායි. කායික රෝග නිසාම මානසිකව රෝගී වන පුද්ගලයන් මෙන්ම මානසික ව්‍යාකූලතාවය, ආතතිය නිසා කායික රෝගවලට ගොදුරුවන පුද්ගලයන්ද බහුලව දක්නට ලැබේ. අනෙකුත් හේතු හැරෙන්නට රෝගීවීමට මානසික හේතු ප්‍රබලව බලපාන බව සැලකිය යුතුය. එබැවින් මානසික සුවය, නිරෝගී බව පවත්වාගැනීම රෝගවලින් වැළකීමේදී ඉතාමත් වැදගත් කාරණයකි.

බොහෝ අය රෝගවලින් වැළකීම සඳහා ආහාරපාන, ඇවතුම් පැවතුම් පිළිබඳව සැලකිලිමත් වුවද මානසික සෞඛ්‍ය රැකගැනීම සඳහා එතරම් සැලකිල්ලක් නොදක්වති. නමුත් රෝගවලින් ආරක්ෂා වීමේදී මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

වර්තමානයේදී තරගකාරී ජීවන රටාව තුළ පාසල් දරුවන්ගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් මානසික ආතතියෙන් පෙළීම සුලබ කරැණක් වී තිබේ. තරගකාරී අධ්‍යාපනය හා තරගකාරී ආර්ථිකය මෙයට ප්‍රධානම හේතුව ලෙස දැක්විය හැක. අධ්‍යාත්මිකව නිසි පරිදි සංවර්ධනයක් නොවීමද මානසික අවිවේකී බවට හේතු වේ. සපුරාගැනීමට අපහසු අරමුණු, බලාපොරොත්තු සපුරාගැනීම වෙනුවෙන් ජීවිත කාලයම අරගලයක යෙදෙන මිනිසා ඒවා සපුරාගැනීමට නොහැකි වූ විට මානසික කඩාවැටීමකට ලක්වේ. එබැවින් බොහෝ අවස්ථාවන්හිදී ජීවිතය විඳීමේ අවස්ථාව මඟහැරී යයි. සමබර මනසක් පවත්වාගැනීමට තම අධ්‍යාත්මික සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයකි.

නිරෝගී ජීවිතයකට කායික මෙන්ම මානසික සෞඛ්‍ය ද වැදගත් බව ආයුර්වේදයේ සඳහන්ය. ප්‍රසන්න මනසක් පැවතීම නිරෝගී බවට අත්‍යාවශ්‍ය සාධකයකි. කායික මානසික සමතුලිත බව, සමාජීය අධ්‍යාත්මික ප්‍රසන්නතාවය නිරෝගී පුද්ගලයන්ගේ ලක්ෂණ වේ. මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීමෙන් පුද්ගල හා සමාජයී්‍ය අන්‍යොන්‍ය සම්බන්ධතා යහපත්ව පවත්වාගැනීමට හැකිවේ.

මනස ඉතා සියුම් ක්‍රියාකාරීත්වයකින් යුතු හෙයින් ව්‍යාකූලතාවයට පත්වීම ඉතා පහසුවෙන් සිදුවිය හැක. එය අරමුණින් අරමුණට ගමන් කිරීම ඉතා සීඝ්‍රයෙන් සිදුවෙයි. සියලුම සන්නිවේදන අප ලබාගත යුත්තේ මනස ක්‍රියාත්මක වීම හරහාය. මනස ව්‍යාකූල තත්ත්වයට පත්වීම ඉතා පහසුවෙන් සිදුවිය හැකි අතර එමගින් පුද්ගල සෞඛ්‍ය බිඳවැටීම නොවැළැක්විය හැක්කකි.

ආයුර්වේදයට අනුව මනසේ ගුණ තුනක් පිළිබඳව දක්වයි. සත්ත්ව ගුණය, රජස් ගුණය හා තමස් ගුණය ලෙසින් ඒවා හැඳින්වේ. මිනිසා තුළ ඇතිවන යහපත් සිතුවිලි හා යහපත් ක්‍රියා සත්ත්ව ගුණය ලෙස හඳුන්වයි. එය වැඩිදියුණු කර ගැනීමට මානසික සෞඛ්‍ය වැඩිදියුණු කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

සහජ හේතු මෙන්ම බාහිර හේතුද මානසික සෞඛ්‍ය බිඳවැටීමට හේතුවිය හැක. මව්පියන්ගෙන් උරුමවන ශාරීරික හා මානසික රෝගාබාධ මෙන්ම වහා කිපෙනසුළු බව, උදාසීන බව ආදියද සහජයෙන්ම උරැම විය හැකි අතර, බාහිර හේතු ලෙස තමා ජීවත්වන පරිසරය, පුද්ගලයන්, රැකියා ස්ථානය, නිවෙස, පාසල යනාදිය අහිතකර අන්දමින් පැවතීම හේතුවිය හැක.

නිරන්තරයෙන් මානසික සමතුලිතතාවයට බාධා පැමිණීම හා මනස දුර්වලවීමෙන් මානසික රෝගී බවට පත්විය හැක. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. එපමණක්ම නොව, දීර්ඝකාලීන ආතතිය, කායික රෝගී තත්ත්වයක් ඇතිවීමටද හේතු වේ.
මෙවන් මානසික පීඩාවලින් බැහැරව නිරෝගී මනසක් ඇතිකරගැනීම සඳහා ආයුර්වේදයේ චතුර්විධ සම්පත් සඳහන් වේ. එනම්, ධර්ම, අර්ථ, කාම හා මෝක්ෂ ලෙසයි. යහපත් දිවිපැවැත්මක් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, යහපත් ලෙස ධනය ඉපයීම, යහපත් ලෙස පංචේන්ද්‍රිය පිනවීම හා අවසානයේ පුණ්‍යකර්මවල යෙදී සිත දමනය කරගනිමින් ලබන ලෝකෝත්තර සුවය ආදිය මෙයින් අදහස් වෙයි.

මානසික සෞඛ්‍ය රැකගැනීමට නම් ප්‍රථමයෙන් ආත්මාවබෝධය ඇතිකරගත යුතුය. තමාගේ වගකීම් ආදිය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුය. මානසික පීඩන ඇතිවිය හැකි කරැණු හැකි තරම් වළක්වාගත යුතුය.

ක්‍රමානුකූලව සැලසුමකට අනුව දිනචර්යාව සකස් කර ගනිමින් සැලසුම්සහගතව එදිනෙදා කටයුතු කිරීම.

ළඟාකරගත හැකි ඉලක්ක පමණක් ඇතිකරගැනීම.

තම ආදායමට සරිලන පරිදි වියදම සැලසුම්සහගතව යෙදවීම.

යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකරගැනීම, පෝෂ්‍යදායී ආහාර හා නිසි පරිදි ව්‍යායාම්වල යෙදීම මගින් ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම මානසික සෞඛ්‍ය රැකගැනීමට උපකාරී වේ.

නිතර නිතර ඇතිවන මානසික ගැටලු පිළිබඳව සමීපතම හිතවතකු සමඟ සාකච්ඡා කිරීම මගින් බොහෝවිට මනස සැහැල්ලු කරගත හැකිය. නිතර නිතර කල්පනා කිරීම, නින්ද අඩුබව, අවධානය අඩුවීම, නොසන්සුන් බව, කලකිරීම ආදී මානසික පීඩාවලින් නිතරම පීඩා විඳින්නකු නම් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගැනීම සුදුසුය. ආයුර්වේද තෛල, ඖෂධ හා විවිධ ක්‍රම මගින් මෙම බොහෝ රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැක.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:27 PM

ගංජා පිස්සුව

ලංකාවේ පොලිස් වාර්තා අනුව ගංජා හෙවත් මරුවානා (කැනබීස්) පාවිච්චිය වේගයෙන් ඉහළ යමින් පවතී. මීට ප්‍රධානම හේතුවක් වන්නේ ගංජා හෙවත් කැනබීස් ගැන තිබෙන මිත්‍යා විශ්වාසයි. අපි මේ මිත්‍යා විශ්වාස කිහිපයක් බලමු. ලිංගික ශක්තිය වැඩිකිරීම, කෑම රුචිය වැඩිවීම, ඇඟ ශක්තිමත් වීම හා පිරිමින්ගේ ක්ෂණික මෝචනයට හොඳ ප්‍රතිකාරයක් සේ සිතීම නිසා පුරාණයේ සිට ආයුර්වේද ඖෂධයක් ලෙස මේවා භාවිත කර තිබේ. නමුත් බොහෝ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ මේ සියල්ල මිත්‍යාවක් බවයි. සැබැවින්ම ගංජා තහනම් උත්තේජකයක් විදිහට වර්ග කර පවතී. ලංකාවේ මෙම ගංජා පැළෑටිය නොයෙකුත් ප්‍රදේශවල රහසිගතව වගාකරන අතර මෙම ගංජා අද ලංකාවට වැඩිපුර එන්නේ ඉන්දියාවෙනි. පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් හොරෙන් ගෙනෙන ලද මත්ද්‍රව්‍ය සමගින් ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙක් හා ඉන්දීය ජාතිකයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ වර්ෂයේ දී දැනටමත් ශ්‍රී ලාංකිකයන් 49 දෙනෙකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේදී හසුවී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ  ගංජා පැළෑටිය වැඩිපුරම වගාකරනුයේ අන්ද්‍රා සහ ඕදිෂාන් ප්‍රදේශවලයි. ඉන්දියාවේ නිපදවන ගංජාවලින් 80%ක් නිපදවන්නේ මේ ප්‍රදේශවලයි.

මරැවානා හෙවත් ගංජා පිළිබඳ බටහිර රටවල ආකල්ප මෙය ව්‍යාප්ත වීමට තවත් හේතුවකි. අමෙරිකාවේ ප්‍රාන්ත 23ක ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙස මෙය අනුමත කර තිබේ. අද වනවිට ගංජා ඖෂධයක් ලෙස නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට අමෙරිකාව මාන බලමින් සිටී. 1961 අන්තරාදායක ඖෂධ පිළිබඳ ලෝක සමුළුව ගංජා නැමැති මෙම මත්ද්‍රව්‍ය භයානක මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශ කරමින් විශාල විප්ලවයක් ඇතිකරනු ලැබීය. මෙම සමුළුවෙන් පසු ඉන්දියාවේ අවුරැදු 25කට ගංජා හෙවත් මරුවානා තහනම් ඖෂධයක් බවට ප්‍රකාශ කරන ලදී. නමුත් මෙම නීතිය අමෙරිකාවේ බලපෑම නිසා 1985 දී ලිහිල් කරනු ලැබීය. මෙම ලිහිල් කිරීම නිසා ඉන්දියාව තුළ ගංජා භාවිතය ඉහළ යාමක් පෙන්නුම් කෙරුණි.

මරැවානා හෙවත් ගංජාවලට ගොදුරුවුණු තරුණයකුගේ කතාව 

එදා බදාදා දිනයකි. ඇය රෝහල් සායනයට යොමුවෙලා තිබුණේ හමුදාවේ සිටින තම පුතා ගැන කතා කිරීමටය. ඇගේ මුහුණේ දුක, පීඩනය හා පරාජිත බව ගැබ්වෙලා තිබුණි. ඇය මෙසේ පැවසීය.

Dr, මම ආවේ මම ගැන කතා කරන්න නෙමෙයි. මගේ සැමියා නැතිවෙලා දැන් අවුරුදු 5කට වැඩියි. මට ඉන්නෙ එකම දරුවයි. ඔහු හමුදාවේ කපිතාන්වරයෙක්. ඔහු විවාහවෙලා අවුරුදු 5ක දරැවෙකුත් ඉන්නවා. පුතයි, ලේලියි අපි කවුරුත් ජීවත් වෙන්නෙ එකම ගෙදර. දැන් මාස 5ක් පමණ වෙනවා, පුතා පිළිවෙලකට රස්සාවට යන්නෙත් නෑ. නිතරම කාලය ගත කරන්නෙ පුදුම කම්මැලිකමකින්. නිතරම නිදාගන්නවා. සමහර වෙලාවලට තනියම හිනාවෙනවා. තනියම කතා කරන ස්වභාවයකුත් දකින්න ලැබෙනවා. කිසිම හේතුවක් නැතුව බිරිඳත් එක්ක රණ්ඩු වෙනවා. මොකක්හරි ලොකු ගැටලුවක් තියෙනවා. ඔහු කිසිම දෙයක් මට කියන්නෙ නෑ. මෙහෙම ගියොත් ඔහුගේ රස්සාවත් නැතිවෙලා යයි. මම ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න පුදුම උත්සාහයක් ගත්තෙ. ඔහු කියනවා මට පිස්සු නැහැ, අම්මට පිස්සු නම් ගිහින් බෙහෙත් ගන්න කියලා.

තම පුතා සායනයට ගෙන්වාගැනීමේ අපහසුව ඇය පැවසීය. ඔහුට සායනයට පැමිණෙන ලෙස අපි විශේෂ ලිපියක් මව මගින් ඔහුට ඉදිරිපත් කළෙමු. මෙලෙස පැමිණි මේ හමුදා නිලධාරියා ඔහුගේ කතාව අපට පැවසීය.

Dr.  මේක අම්මට කියන්න එපා. අම්මවත් මගේ බිරිඳවත් මේ ගැන දන්නෙ නැහැ. මම ගංජා බොනවා. දැන් මේ පුරුද්ද අවුරුදු 4කට වැඩියි. මේක අතහැරගන්න හරිම අමාරුයි. මට දැන් කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. ඇඟට මහ කම්මැලි මූසල ගතියක් දැනෙනවා. හැමදාම වගේ ගංජා බොන්න හිතෙනවා. නොබී හිටියොත් කිසිම වැඩක් කරන්න බැහැ. සමහර දවසට ඇඟපත රිදෙනවා. නින්ද යන්නෙත් නෑ. නිතරම හිතේ තියෙන්නෙ ඊළඟට ගංජා ගන්න වෙලාව ගැනයි.

වෛද්‍යවරයා :-

කොහොමද ඔබ මේකට යොමුවුණේ?

ඔව්. ඒකත් හරිම ලස්සන කතාවක්. මගේ යාළුවෝ හුඟදෙනෙක් කිව්වා කැනබිස් ගත්තම හුඟක් වෙලාවක් හොඳට ලිංගිකව එකතුවෙන්න පුළුවන් කියලා. අපේ යාළුවෝ හුඟක් දෙනා කැනබිස්වලට පුරුදු වුණේ මේ විශ්වාසයත් සමඟ. ඒත් අද මට තියෙන ප්‍රශ්නය sex නෙමෙයි. මට හිතෙනවා මගේ මුළු ජීවිතේම අවුල්වෙලා කියලා.

වෛද්‍යවරයා :-

ඔබේ මව කියනවා, ඔබ තනියම හිනාවෙනවා, කතා කරනවා කියලා. ඔබට කවුරුහරි කතා කරනවා වගේ, නැත්නම් කවුරැහරි පාලනය කරනවා වගේ යමක් දැනෙනවද?

ඔව්. මට එහෙම දැනෙනවා. සමහර වෙලාවට වටේ ඉන්න අය මට විරැද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා මට දැනෙනවා. මාව පාලනය කරනවා වගේ මට දැනෙනවා. තවත් වෙලාවකට කීපදෙනෙක් මගේ ගැන කතාවෙනවා වගේ මට ඇහෙනවා. ඒත් හැරිලා බැලුවම කවුරුවත් නෑ.

ලංකාවේ වාර්තාවන ආකාරයට ගංජාවලට ඇබ්බැහි වී සිටින්නේ ළමාවියේ සහ ගැටවර වියේ පසුවන අයයි. මෙම බොහෝ දෙනෙක් අවුරුදු 11ත් 16ත් අතර සිටින අයයි. මේ අය දරැණු ලෙස ගංජාවලට ඇබ්බැහි වෙන්නෙ අවුරුදු 16ත් 25ත් අතර කාලය තුළය. මෙම තත්ත්වය ඉතාම භයානක ප්‍රවණතාවයක් ලෙස හඳුනාගන්න පුළුවන. අවුරුදු 17ට ප්‍රථම ගංජා හෝ කැනබීස්වලට ඇබ්බැහිවන දරුවන්ගේ මොළයේ බුද්ධි වර්ධනය පාලනය කරන කොටසට හානිවන බව විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබීය. (Pre. Frontal cortex) ඒ වගේම මොළයේ මස්තිෂ්කයේ (Cortical gray matter) පරිමාව අඩුවන බවද සොයාගෙන ඇත. මීටත් වඩා භයානක දේ නම් හින්නෝන්මාදය (schizophrenia) නැමැති මානසික රෝගයටද ගොදුරුවීමයි.

ගංජාවලට පුරැදු වූ අයගෙන් 75%ක් පමණ දුම්වැටිවලටද ඇබ්බැහි වූ අය වෙති. මේ දෙකටම ඇබ්බැහි වූ විට මින් ගැලවීමද අපහසුය. මීට හේතුව මෙය නැවැත්වූ විට ඇතිවන ශාරීරික අපහසුතාවයයි.

කැනබීස් ලිංගික උත්තේජකයක් ලෙස ඇති ප්‍රචාරය මහත් මිත්‍යාවකි. මෙය සැබැවින්ම ලිංගික උත්තේජකයක් නොවේ. කැනබීස්වලින් මත්වූවකුට දැනෙන්නේ සැබෑ ලිංගික ආස්වාදයක් නොව ලිංගික කාර්යයේදී කාලය පිළිබඳ නොදැනීමයි. එමෙන්ම දිගටම කැනබීස් ගන්න පුද්ගලයෙකුගේ ශුක්‍රාණුවලට හානි සිදුවේ. එමගින් එම පුද්ගලයාට දරැවෙක් සෑදීමට ඇති ලිංගික ශක්තිය හීනවී යයි.

මරැවානා ඖෂධයක් ලෙස භාවිත කළ හැකිද?

මරුවානා ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. මෙහිදී වේදනානාශකයක් ලෙස කල් පවතින රෝගී තත්ත්වයන්වලදී (පිළිකා රෝගීන්, ස්නායු රෝගීන්) වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ භාවිත කළ හැකිය. මාංශපේෂීන්වල තද බව අඩුකොට ලිහිල් බව ඇතිකිරීමටද මරැවානා යොදාගන්නා අවස්ථා පවතී. පාකින්සන්ස් (Parkinson’s disease) නැමැති රෝගයේදී ඇතිවන වෙව්ලීම අවම කිරීමටද මරැවානා භාවිත කෙරේ. වෛද්‍යවරයකුගේ උපදේශයක් නොමැතිව මරැවානා භාවිත කිරීම ඉතා භයානක ප්‍රතිඵල ඇතිකරයි. විශේෂයෙන්ම ගැටවර වියේ හෝ තාරුණ්‍යයේ සිටින ඔබගේ ඉගෙනීම් හැකියාව සහ අවධානය බිඳවැටීම, මතකය, තීරණ ගැනීමේ හැකියාව අඩුවීම මෙම මත්ද්‍රව්‍ය නිසා ඇතිවේ. තව නොබෝ දිනෙකින් මරුවානා පෙති වශයෙන් වෙළෙඳපොළට පැමිණීමට පුළුවන. වෛද්‍යවරයකුගේ අනුමැතියකින් තොරව තවමත් තාරැණ්‍යයේ සිටින දරුවන් මෙය පාවිච්චි කිරීමට පුරුදු වුවහොත් ඉතා භයානක ප්‍රතිඵල ඇතිවිය හැකිය.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:30 PM

මොකක්ද මේ ඇස් රැකදෙන ස්නෙලන් පරීක්ෂාව?

ඇස් දෙකේ පෙනීම සඳහා ප්‍රතිකාර ගන්නට යන හැමවිටම සුවියක වශයෙන් ස්ථානයකට ගියවිටරසුලබව මුහුණදීමට සිදුවන පරීක්ෂණයක් ලෙස ‘ස්නෙලන් පරීක්ෂාව‘ හඳුන්වන්න පුළුවන්. මෙම වචනය ඇතැම්විට ඔබට හුරුපුරුදු නොවූවත් එක් එක් ප‍්‍රමාණයේ අකුරැ ඉලක්කම් ඇති කුඩා කාඩ්බෝඩ් පුවරුව කී සැණින් ඔබට පරීක්ෂණය කුමක්දැයි කියා එක්වරම සිහියට නැගෙනු ඇති. ඇස් දෙකේ පෙනීම සඳහා වූ පරීක්ෂණ අතුරින් සරලම පරීක්ෂණයක් ලෙස මෙය හඳුන්වන්න හැකියි. 

ස්නෙලන් පරීක්ෂණය යනු කුමක්ද?

ඇසෙහි පෙනීම හෙවත් දෘෂ්ටියෙහි පැහැදිලි බව මනින මෙම පරීක්ෂණය වගුවක් මගින් සිදුකෙරෙයි. වගුවේ එක් එක් ප‍්‍රමාණයේ අකුරැ පේළි පවතී. එම අකුරැ පේළි ඉදිරියෙන් ඒවා කියවිය යුතු දුර ප‍්‍රමාණද සඳහන් කර තිබේ. පරීක්ෂණයට කිසිදු සූදානමක් අවශ්‍ය නැත.

පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද?

වෛද්‍යවරයකු හෝ හෙදියක හෝ උපස්ථායකයකු විසින් පරීක්ෂණය සිදුකරයි. පරීක්ෂණය මගින් පුද්ගලයාගේ පෙනීම සම්බන්ධව (දෘෂ්ටිය ගැන) දළ මිම්මක් ලබාගනී.

මෙහිදී රෝගියාට එක් ඇසක් නිරාවරණය කරගෙන, අනෙක් ඇස තමාගේම අතින් හෝ කාඩ්බෝඩයකින් ආවරණය කරගෙන නිරාවරණය වුණු ඇසින් පුවරැවේ අකුරැ කියවන්නට සලස්වයි. සිටගෙන හෝ වාඩිවී පුවරැව කියවීමට පුළුවන.

දැනටමත් ඇස් කණ්ණාඩි පළඳින්නකු නම් පුවරුව කියවිය යුත්තේ කණ්ණාඩි පැළඳගෙනයි. වෛද්‍යවරයාට ඇසෙන සේ උස් හඬින් අකුරු කියවිය යුතුයි.

අකුරු කියවීමේ හැකියාවක් නැත්නම් ඒ සඳහා අකුරු වෙනුවට වෙනත් දෑ යෙදූ පුවරැ භාවිත කරයි. උදා: ක‍්‍රමයෙන් කුඩාවන සත්ත්ව රූප යෙදූ පුවරු සායනවල ඇත.

පරීක්ෂණයේ කිසිදු අතුරැ ආබාධයක් නැත. පරීක්ෂණයෙන් පසු කිසිවක් කළ යුතුද නැත. පරීක්ෂණ ප‍්‍රතිඵල ක්ෂණිකව දැනගත හැකියි. ඇස් දෙකෙන් මාරැවට මාරැවට පුවරැව කීමට ලැබෙන නිසා එක් එක් ඇසෙහි පෙනීම වෙන වෙනම කිව හැකිය.

ප්‍රතිඵල

සාමාන්‍ය පෙනීම ලෙස සලකන්නේ මීටර් 6/6 යි. එවැනි පෙනීමක් ඇති තැනැත්තාගේ දෙනෙත් නීරෝගීයි.

ඉහළ අගයෙන් අකුරු කියවිය යුතු නිශ්චිත දුර ප‍්‍රමාණය වන මීටර් 6 දැක්වෙන අතර පහළ අගයෙන් එම අකුරු රෝගියාට කියවිය හැකි දුර දැක්වෙයි. 
 
-Web MD

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:36 PM

පපුවේ අමාරුව තරම්ම දරුණු ලෙඩේ ඇදුම

මේ කාලයේ බහුල ලෙස අහන්නට ලැබෙන රෝගයක් තමා ඇදුම. වායු දූෂණය වගේම දුම්පානය බඳු වැරදි, හානිකර චර්යා රටා නිසා දැන් මේ රෝගය වැඩියෙන් වාර්තා වෙනවා. ඇදුම කියලා කියන්නේ ශ්වාස නාළ ඇකිලෙන, ඉදිමෙන සහ අනවශ්‍ය විදිහට ශ්ලේෂ්මල (සොටු) නිපදවෙන තත්ත්වයක්.

හුස්මගැනීමේ අපහසුතා, කැස්ස, පපුවේ රාං රූං ශබ්දය, හුස්ම කෙටිවීම රෝග ලක්ෂණ විදිහට දකින්න පුළුවන්. මේ රෝගය ඒ තරම් නොසලකා හැරිය හැකි තත්ත්වයේ සිට දවසේ එදිනෙදා වැඩවලට බාධා ඇතිවන බැරෑරැම් තත්ත්වය දක්වා පරාසයක විහිදෙනවා. මූලිකවම හඳුනාගත් පසු මෙය තමන්ගෙ ජීවිතයට බාධාවක් නොවෙන අන්දමට පාලනය කරගන්නට හැකියාව තියෙනවා. ඇදුම නිට්ටාවටම සුවකරන්න නම් අමාරැයි. රෝග ලක්ෂණ පාලනය කරන්න තමයි පුළුවන්. හේතුව තමයි කාලයත් එක්ක මේ රෝගය වෙනස්වෙන එක. නමුත් ඇදුමත් සමඟ පාලනයක් ඇතිව ජීවත්වෙලා ලොකු ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩා තරැ පවා දකින්නට පුළුවන්. රෝග ලක්ෂණ හොඳින් හඳුනාගත් වහාම වෛද්‍ය සහ චර්යා ප්‍රතිකාර ඇරුඹීමයි කළ යුතුවන්නේ. 

රෝග ලක්ෂණ! 

එක් එක් රෝගියාට අනුව මේ රෝග ලක්ෂණ වෙනස් වෙනවා.

කෙටි හුස්ම, හුස්ම ගැනීමේ අපහසුතා, පපුව හිරවෙන ගතිය, නින්දට බාධාවීම, කැස්ස, පපුවේ රාං රූං ශබ්දය

සමහර අයට විවිධ අවස්ථාවලදී රෝග ලක්ෂණ වැඩිවෙනවා දකින්න පුළුවන්.

මේ අය වෛද්‍යවරකු හමුවෙන්න ඕනේ කොයි වගේ අවස්ථාවකද?

ජීවිතයට වුවත් තර්ජනයක් එල්ලවෙන උග්‍ර ඇදුම අවස්ථාවකදී.

පපුවේ රාං රෑං ශබ්දය සහ කෙටි හුස්මගැනීම දරැණු අතට හැරැණොත්.

ඉක්මනින් සහනයක් ලැබෙන ඉන්හේලරයක් පාවිච්චි කළත් රෝග ලක්ෂණ අඩු නොවුණොත්.

ඉතා සුළු ශාරීරික ක්‍රියාකාරකමක් කළත් කෙටි හුස්මගන්න සිද්ධවෙනවා නම්.

ඇදුම ඇතිවීමට බලපාන මූලික කරුණු

මේ රෝගය හැදෙන්නේ පාරිසරික සහ ජානමය සාධකවල එකතුවකින්. ආසාත්මිකතා ඇතිවෙන්න මූලිකවෙන එක එක වර්ගයේ ද්‍රව්‍යවලට හෝ විවිධ අවස්ථාවලට නිරාවරණය වීම නිසා රෝග ලක්ෂණ පහළ වෙනවා. මේ රෝග හේතුන්ද  පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.

වාතයේ ඇති මල්වල පරාග, බීජාණු, දූවිලි අංශු, කැරපොතු අපද්‍රව්‍ය 

ශ්වසන පද්ධතියේ රෝග (හෙම්බිරිස්සාව)

ශාරීරික ක්‍රියාකාරකම්

සීතල වාතය, දුම් වර්ග

සමහර බෙහෙත් වර්ග

ප්‍රබල හැඟීම් සහ ආතතිය

අමාශයේ දැවිල්ල

අවදානම් සාධක

ඔබට, ඇදුම වැළඳීමට හේතුවන කාරණා මෙහෙමයි.

ඇදුම රෝගය ඇති ලේ ඥාතියෙක් සිටීම.

පීනස ආදී වෙනත් ආසාත්මිකතා තිබීම.

විවිධ වායූ දූෂකවලට නිතර නිරාවරණය වීමට සිදුවීම.

අධිබර සහිත අයෙකු වීම.

දුම්බීම හෝ නිතර දුමට නිරාවරණය වීම.

වගාකිරීමේදී, රූපලාවන්‍ය කටයුතුවලදී සහ කර්මාන්තවලදී භාවිතා වන රසායනික දුමාරවලට නිරාවරණය වීමට සිදුවීම යන කාරණා හේතුවෙන් ඇදුම හැදෙන්න තියෙන අවස්ථාව වැඩිවෙනවා.

සංකූලතා

නින්දට, එදිනෙදා වැඩවලට, පාසල් කටයුතුවලට බාධාවන රෝග ලක්ෂණ හටගනියි.

ශ්වාස නාළවල සිදුවන ස්ථිර හැකිලීම්.

ඇදුම උග්‍ර අතට හැරීම.

දීර්ඝ කාලයක් ඖෂධ භාවිත කිරීම නිසා ඇතිවන අතුරැ ආබාධ යනාදිය ඇදුම නිසා ඇතිවන අතුරැ ආබාධ හැටියට දක්වන්න පුළුවන්. 

නියමිත කාලයක් තුළ නිසි ප්‍රතිකාර ලබාගන්නවා නම් මේ කෙටි සහ දීර්ඝකාලීන සංකූලතා වළක්වාගන්න පුළුවන්.

රෝගය හඳුනාගැනීම

දැන් මේ සඳහා පරීක්ෂණ ප්‍රධාන රෝහල් හැම එකකදීම වාගේ සිදුකරගත හැකියි. හුස්මගන්නකොට පිටවෙන සහ ඇතුළුවෙන වාතය ආශ්‍රිත කරගෙන පෙනහළුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරලා අපිට පුළුවන් ඇදුම තත්ත්වය හඳුනාගන්න. ඒ සඳහා ප්‍රධාන පරීක්ෂා 2ක් දැක්විය හැකියි. 

1. Spirometry ක්‍රමය – ශ්වාස නාළ හැකිලී තිබෙන ප්‍රමාණය මනින පරීක්ෂණයක්.

2. Peak flow meter ක්‍රමය – හුස්මගන්න පුළුවන් ප්‍රමාණය පරීක්ෂා කරන්න මේ ක්‍රමය යොදාගන්නවා.

ශ්වාස නාළ හැකිළෙන එක වළක්වන්න බෙහෙත් ලබාදෙන්න පෙර හා පසුව මේ පරීක්ෂණ කරලා ඇදුම තත්ත්වය තහවුරැ කරගන්න පුළුවන්.

ප්‍රතිකාර කිරීම

ඇදුම තත්ත්වය වළක්වාගැනීම සහ දීර්ඝකාලීනව මැඩපැවැත්වීම තමයි බෙහෙත් ලබාදීමේ මූලිකම අරමුණ.

වයස, රෝග ලක්ෂණ සහ රෝගයේ හටගන්නා හේතු සාධක මත ලබාදෙන බෙහෙත් වර්ගය, ප්‍රමාණය රඳා පවතිනවා.

බෙහෙත් මගින් ප්‍රදාහ තත්ත්වය අඩුකරනවා වගේම හැකිලුණු ශ්වාස නාළිකා විවෘත කිරීමත් සිදුකරනවා.

ප්‍රධානම සාධකය ලෙස ජීවන රටාවේ වෙනස්කම් ඇතිකරගැනීම දැක්විය හැකියි.

මෙහිදී මූලිකම කාරණාව තමා රෝග මතුකරන හේතුසාධකවලට නිරාවරණය වීමෙන් වැළකී සිටීම.

1.  වායු සමීකරණ භාවිතය. 
2.  දූවිලිවලට නිරාවරණය නොවීම.
3.  නිතරම නිවස පිරිසුදු කිරීම.

එදිනෙදා සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම.

දිනපතා ව්‍යායාම් සිදුකිරීම.

උසට සරිලන නිසි බර පවත්වාගැනීම.

ආමාශයේ දැවිල්ල ඇතිවීම වළක්වාගැනීම.

දුම්පානය අත්හැරීම.  

මූලික අවස්ථාවේදීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම මෙහිදී අතිශය වැදගත් බව මතක තබාගත යුතුයි. විශේෂයෙන්ම මතක තබාගන්න, ඇදුම සඳහා කෙම්ක්‍රම, කෙටි විසඳුම්, අත්බේත් නෑ! 

 සුගත්

www.deshaya.lk

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:43 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2018 05:43 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Oct 2018 08:15 PM
පරිසර දූෂණය වෙලා නිසා ඒව ආස්වාස කරාම ඇදුම වැඩි වෙනෝ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2018 09:29 PM
ඇදුම දැන් කාටද නැත්තේ.....මේ දවස් වල එහෙම අයට ඕනෙම නෑ.
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
13 Oct 2018 10:29 PM
ගොඩක් ස්තුති මේ article 1කට .....හරිම වටිනවා ..................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2018 06:34 AM

mind1විශ්වවිද්‍යාල දෙකක ඉගෙන ගන්න දියණියක ගෙත් පුතකුගෙත් පියකු වීමට තරම් නිර්මල වාසනාවන්ත වුණේ ඇත්තට ම බිරියගෙ කැපවීම් හින්ද කියල යි ඔහු නිතර ම කල්පනා කරන්නෙ. ලොකු දෑවැද්දක් එක්ක නිර්මල, නීතා ගෙ අතිනත් අරන් අද වෙන කොට හවුරුදු විසි අටකට කිට්ටු යි. දුවයි පුතයි අතරෙ පරතරේ හවුරුදු දෙකකට පොඞ්ඩක් වැඩියි.

නිර්මල රජයේ ආයතනයක විධායක තත්ත්වයේ රැකියාවක් කරතත් බිරිය නීතා රස්සාවක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නෙ ඊට අවශ්‍ය සුදුසුකම් නැතිවම නෙවෙයි. ඕනැවටත් වැඩියෙන් සුදුසුකම් තියාගෙන.

නිර්මල ගෙ ගම දකුණු ලකේ අග නගරෙ. නීතා නං ගෙන්දගං පොළොවෙ උපන්නත් ඇගේ අම්මා තාත්තත් බෙන්තර ගෙඟන් එගොඩ. ඈ අම්ම තාත්තලගෙ ගම් පළාතට ගිහින් තියෙන්නෙ බොහොම කලාතුරකින් නිසා දෙමාපියන් ගෙ ගම් දෙකේ විස්තරයක් ඒ හැටියට කියන්න දන්නෙ නෑ. හැබැයි කවුරු හරි එක්ක වංහුං කතා කරන කොට නං කියන්නෙ මමත් ඉතින් බෙන්තර ගෙඟන් එහා පැත්තෙ තමා කියල යි.

කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිර්මල ළඟ දි දොහක ගමේ ගියේ පවුලේ ඥාතියකු ගෙ අවමඟුල් උත්සවේකට. එදා ඔහුට පුංචි කාලෙ, තරුණ කාලෙ, එකට හැදී වැඩුණු සෑහෙන නෑදෑ පිරිසක් වගේ ම, යාළු යෙහෙළි පිරිසකුත් මුලිච්චි වුණා. වෙනදට ගමේ ගියාට වඩා වැඩි සතුටක් සංතෝෂයක් එදා ඔහු තුළ ඇති වුණා. ඒකට ප‍්‍රධාන ම හේතුව වෙන මොකක්කත් නෙවෙයි, නිර්මල ගෙ පළමු පෙම්වතිය, ඔව් පළමු පෙම්වතිය වූ දයානි ගෙ රූපෙ හවුරුදු බෝ ගණනකට පසුව දකින්න ලැබීම ය කීවොත් ඇති වැරැද්දක් නෑ... ඒ රූපෙත් තමන් ගෙ රූපෙත් දැන් බොහෝ වෙනස්වී ඇතත් එසමයේ දැක්ක සුන්දර පෙනුම යම් තරමකට වෙනස්වෙලා ඇතත් ඇගේ බැල්මෙ හැසිරීමෙ වෙනසක් නැතැ යි නිර්මල ගෙ හිත කොඳුර කොඳුරා කීවෙ.

ඈ දැක්ක ගමන් නිර්මල ගෙ පංචස් කන්දය ම උණු වූවා වගේ හැඟීමක් දැනුණා. ඇගේ ඇස් දෙකේ එදා වගේ ම කාන්තිය බේරෙනවා වගෙයි ඔහුට හිත කීවෙ. නිර්මල තරබාරු ශරීරයකට අද වෙන විට උරුමය කීවත් ඇත්තට ම දයානි ගෙ නං බැරල් එකක් වගේ බෙල්ල යි කඳ යි බඩ යි අනෙක් බොහෝ ගෑනුන්ගෙ වගේ ආරා නෙරා නැති වගක් තමා නිර්මල දැක්කෙ.

දයානි දුටුව සැණින් ඉස්සෙල්ලා ම ඔහුට ඇතිවුණු හැඟීම් විස්තර කරන්න අමාරුයි. ඔහු හිතුවෙ තමා මහා නරුමයෙක් කියා. ඉස්කෝලෙ යන කාලෙ ඇති වුණු ආදර සම්බන්දෙට පොල්ල හරස් කළේ දයානි ගෙ අම්මා... ඒකට මුල් ම හේතුව නිර්මල ල ගෙ පවුල්වල උදවිය ඔවුන් ගෙ මේසෙකට පුටුවකට ගන්න බැරි ය කියන කාරණාව. මාපියන් නිර්මලට අකමැති ය කියා හරස් වුණාට මොකද ඔහු ත් එක්ක ඇරඹූ ඇසුර මොන විදිහකින්වත් කඩා දාන්න, බිඳ දාන්න, නතර කර දාන්න තරම් හිතක් තිබුණේ නෑ... දයානිට.

ඉස්සෙල්ලා නිර්මල බෝම බයාදු ලීලාවෙන් ඈ වෙත බැල්මක් හෙළුවා. දයානී ඔහු දිහා බැලූවෙ අසරණ බවක් පාමින්. හැදුණු වැඩුණු දියණියක හා පුතකු ඔහුට සිටින වග ඈ දැන හිටියා. ඒ තොරතුරු ඈ අහුල ගත්තෙ මිතුරු මිතුරියන් ගෙන්. ඒත් ඉතින් උස් මහත් වුණු දරුවන් දෙන්නකු ඉන්න තාත්තා කෙනෙක් වුණත් ඔහු දැක්කහම ඈ කෙසේ නම් ඉවත බලන්න ද? හවුරුදු විසි ගණනකට ඉස්සර තමන් හා අදරෙන් පෙමින් වෙළී මිමුණූ බොහෝ දේ මේ දැන් ඇගේ මතක පොතෙන් දිග හැරෙද්දී දෙයියනේ ඉතින්.....

ඇගේ හිතේ පෙරළි කරන අතීත සිද්ධි නිර්මල ගෙ ඇස් ඉදිරියෙ දිස්වෙන්න පටන් ගත්තෙ හීනෙකින්වත් නො හිතපු විදිහට. ඉතින් ඈ එක්ක වචනයක් දෙකක් හරි කතා කරන්න ඕනැ ය කියන අදහස ඔහුට හංගන් ඉන්න පුළුවන් වුණේ නෑ, ඔහු හෙමි හෙමින් තම ප‍්‍රථම පේ‍්‍රමය පුද කළ ඈ වෙත ඇදුණෙ කාන්දමක් වගේ.

ඔහු අභියස ඈ හුන්නේ බිම බලා ගෙන කකුලක මාපටැඟිල්ලකින් පොළොව හාර හාරා. ඔහු ගොතගසමින් ඇගේ නම කීවා. ඒත් ඒ හඬ කටින් පිටවුණේ නෑ වගෙයි. දෙතුන් පාරක් දයානි කියා කීවාට පසුවයි ඒ අකුරු තුන වාතලයට මුසු වුණේ.

mindඔහු ගේ ඇමතීම ඈට ඇහුණෙ කොහේදෝ සිට ඇසෙන්නා වූ ආමන්ත‍්‍රණයක් සෙයකින්. කඳුළු පිරුණු දෙනෙතින් දයානී ඔහු දිහා බැලූවෙ හවුරුදු බොහෝ ගණනකට පෙර බැලූ විදිහට ම. ඒ බැල්මත් එක්ක නිර්මල ගෙ පපුව හෝස් ගාල පත්තු වුණා. මුලින් සිරුර පුරා විදුලි සරක් දුවන්න වගෙ යි ඔහුට දැනුණෙ. සැණෙකින් ඒ විදුලි සර ගතත් සිතත් දවා හළු කරන්නා වගෙයි සිය සිරුර වෙළා පැතිරෙන විලාසයක් දැනෙත්ම නිර්මලට තමන් ඈට පිටුපා පලායෑම කිසි ලෙසකින් වත් සමාවක් ලද හැකි වරදක් නොවේදැ යි ඔහු තමන් වෙතම වරද පටවා ගනිමින් යළිත් ඈ වෙත නෙත් රැඳෙව්වා. ඒ බැල්මට ඔහුට හසුවූයේ ඉතා ඕනෑකමින් තමා දිහා බලා ඉන්න දයානිගෙ ඇස්. දෙන්නගෙ ඇස් දෙන්නට හොරෙන් මොනවදෝ කතා කරනව වගේ.

‘‘මට ආරංචි වුණා. ඒත් මං කොහොම ද ඔයාට මූණ දෙන්නෙ කියන ගැටලූව හින්ද යි මං නො ආවෙ.... ඒත් ඉතින් මොනවා කරන්න ද? වෙන්න තියෙන දේවල් තමා ඒ ඔක්කොම.’’ ඔහු ඈ දිහා බලා ගෙන ඒ වචන ටික පිට කළේ කඩින් කඩ. එදා වූ හමුව යළි පරණ සබඳතාවය අලූත් කර ගන්නට දෙන්නට ම ඕනෑ කරන වග දයානි ගෙ වචනවලින් ඔහු හොඳින් තේරුම් ගත්තා. දෙන්න ගෙ ජංගම දුරකතන අංක දෙන්න අතරෙ හුවමාරු වුණේ ඒ හින්ද වෙන්නැති. ඊට පස්සෙ නිර්මල කීප වංගියක් ගමේ ආවෙ කාට කාටත් හොර රහසින්.

තම පැරණි පෙම්වතිය අද වැන්දඹුවක් වී සිටීම ගැන නිර්මල දොස් පවර ගත්තෙ තමන්ට ම. ඇත්තට ම මං මොන ප‍්‍රශ්න තිබුණත් ඈ මා අත්හැරියෙ නෑ. ඇගේ ගෙදරින් කොච්චර ප‍්‍රශ්න ආවත් අපේ ඇසුර නවත්තන්න දයානි කොහොමටවත් කැමති වුණේ නෑ... මමයි අපේ ආශ‍්‍රය කඩා බිඳ දැම්මෙ. මම කසාද බඳින තුරු ඈ මා අපේක්ෂාවෙන් උන්නා. එහෙම තමාට ම දොස් නඟා ගත්තු නිර්මල දයානි ගෙ ඇසුර යළි වගා කර ගත්තා. දෙන්නට ම ඒ උවමනාව තිබුණු බව යි පෙනුණෙ.

කොහොම කොහොම හරි දෙන්නා ගාල්ලෙ විවිධ තැන්වල දි හමුවී ආදරෙන් පෙමින් වෙළී මාස කීපයක් තිස්සෙ දහ දොළොස් වතාවක් විතර පේ‍්‍රමාලාපයෙ යෙදුණ. දවසක් දයානිට නිර්මල යෝජනා කළේ ලිංගිකව එක්වෙමු කියා යි. සමහර විට ඇගේ ලිංගික අවශ්‍යතාවය ඔහු තේරුම් අරන් ද කියන්න දන්නෙ නෑ, ඈ සිය පළමු පෙම්වතා ගෙ ඒ යෝජනාවට අකමැත්තක් පෙන්නුවෙත් නෑ.

දෙන්නාට ම ඒ උවමනාව තදින් තිබුණා වගෙ යි හරියට. ඉතින් දෙන්නා පිය නැඟුවෙ ඉහළ මට්ටමේ සංචාරක හෝටලේකට. ඒ හෝටලේ කාමරයකට ගිය නිර්මලයි දයානියි උනුන් එකිනෙකා වැළඳගෙන පැයකට වැඩි කාලයක් ගෙවෙන්න ඇති.

ලිංගික ව එක්වීමේ අවශ්‍යතාවය දයානිට ඇති වග වටහා ගන්න නිර්මල මැනවින් තේරුම් ගත්තා. ඔහුගෙ ඕනැකමත් හොඳින් ඈට දැනුණා. ඔවුන් අනඟ රංගනයේ යෙදෙන්නට ලක ලෑස්ති වෙද්දි පුතත් දීග දෙන වයසෙ පසුවන දියණියත් නිර්මලගෙ හිතට කොහේදෝ සිට රිංගුවා. දරුවන් දෙන්නා ගේ මූණු ඔහු මනසේ සැරිසරන්නට වෙත් ම දයානි එක්ක පැවැත්වීමට සැරහුණු සම්භෝග අවශ්‍යතාවය ඔහුගෙන් පහවුණේ හිරු දැක්ක පිනි බිඳක් වගේ. සිය සිරුර මුළුමණින් ම පාහේ අප‍්‍රාණික වන වගක් නිර්මලට දැනෙන්න පටන් ගත්තා.

දයානිට ඔහු ගේ මේ හැසිරීම අදහා ගන්න බැරි තරම්. තමන් හා ලිංගික ඇසුරකට ඇරයුම් කළේ ඔහු යි. ඒත් ඕනෑම දේකට මූණ දෙන්න සූදානමින් ඒ කටයුත්තට සැරහුණු ඈට සිය පළමු පෙම්වතා ගේ හැසිරීමේ ක්ෂණික වෙනස්කම ඈට හිතා ගන්න බැරි කරම්. ඔහු ගේ ක‍්‍රියාශීලී බව පහවී හටගත්තු අප‍්‍රාණික භාවය ඈට කොහෙත් මහිතා ගන්න බැ.

‘‘ඇයි නිර්මල.... මොකද?’’ ඈ ඔහුගෙන් විමසුවේ විශ්මය දනවන වුවනින්. ඒ වුවනෙහි කිසියම් දුකක් කනගාටුවක් වගේ ම වේදනාවකුත් ගැබ්වෙලා.

නිර්මලට ඈ නැඟූ පැනයට පිළිතුරු නැහැ. තාමත් පුතණුවනුත් දියණියත් ඔහුගේ මනැසේ රැඳී සිටින්නෙ තාත්තා මැදිකර ගත්තු ගමන්... තාත්තගෙ මූණ දෙපැත්තෙන් කොල්ලයි කෙල්ලයි දෙකම්මුල් තද කරන්... ඊළඟට ඔහු ගේ ඉදිරිපිටට හිනා කටක් පුරෝ ගත්තු ගමන් එන බිරිය ගෙ පැහැපත් සුන්දර වත කමල දිස්වෙන්නෙ උතුරා යන සෙනෙහෙන් ආදරෙන් දිදුලමින් වගේ. ඇගේ වුවනෙන් ගිලිහෙන කාන්තිය ඔහු පත් කළේ අවුල් ජාලයකට.... ස්වකීය පළමු පෙම්වතා දිහා දයානි බලා ඉන්න අයුරු ඔහුට පේන්නෙ නැතිව වගේ. ඈ අනිමිසලෝචයෙන් එක දිගට විනාඩි ගණනාවක් බලා හිට දිගු හුස්මක් පිට කළා. ඇගේ ඒ හුස්මත් එක්ක ඔහුට සිදු වූයේ කුමක්දැ යි යන්න ඔහුතමාගෙන් ම ප‍්‍රශ්න කළා, සිය දරු දෙන්නත් බිරියත් මනැසේ කරක් ගහද්දී ඔහුට තව දුරටත් දයානී හා රැඳී සිටීමට නො හැකි ස්වභාවයක් දැනුණ. ඔහු සයනයෙන් මෑත් වී හිස සලමින් කීප විටක් කාමරයේ ඒ පැත්තට මේ පැත්තට සක්මනේ නිරත වන හැටි ඈ බලා සිටින්නේ ඇස් දෙක නළලෙ තියන්. ඈ කීප වංගියක් ම ඔහු ඇමතුවත් හේ කිසිවක් නො බිණ නාන කාමරයට රිංගා මූණකට දොවා ගෙන ලකලෑස්ති වී සමාවන්න දයානි සමාවන්න ය යි සෝබරව පවසා ඈත් කැටිව හෝටලෙන් නික්මුණේ වෙන කිසිවක් නො පවස. ඈ මොටර් රියෙන් බස්සවා ඔහු කොළඹ පැත්තට හැරී රිය පැදවූයේ හිතට නැෙඟන සිතිවිලි ගොන්නක් එක්ක පොර බද බදා.

ඒ හිතිවිලි අතර තමා තම දරු දෙන්නටත් බිරියටත් ද්‍රෝහී වූවා නෙවේද යන්නත් බිරියට මුසා බස් පවසා ආ ගමන ගැනත් සිහියට නංවා ගත්තා. ඒ දැඩි කලකිරීමකින් වගේ ම වේදනාවකින්. දැන් දැන් ඔහුට තමා කෙරෙහි ම ඇති වන්නේ කේන්තියක්. ගෙදර ආ ඔහු බිරිය විසින් පිළිගත්තේ බොහොම සෙනෙහෙයෙන්. ඈ ඔහු ඇමතුවේ බෝ දයාර්ද්‍රව. ඇගේ ඇමතීම ඔහුට ගෙන දුන්නේ තව තවත් වේදනාවක්, දුකක්. බිරියට මුහුණ දීමට නිර්මලට හැකියාවක් නැතිව වගේ. ඔහු කිසියම් ගැටලූවකට මැදිවී ඇතැ යි බිරිය වටහා ගත්තෙ සැමියාගේ හැසිරීම් කෙරෙහි ඈ සතු අත්දැකීම් අනන්ත අප‍්‍රමාණ නිසා.

එතැන් පටන් නිර්මලට වරින් වර මේ සිද්ධිය මතකයට නැෙඟන්න පටන් ගත්තෙ තමා කෙරෙහි ම ලොකු කලකිරීමක් එක්ක. එතකොට ඔහුට දරා ගන්න බැරි තරමේ කෝපයක් ඇති වෙනවා. කිසිවකු පෙන්නන්න බැහැ. දයානි ගේ හමුවෙන් හටගත් සිද්ධි එකින් එක මනසේ රඟ දෙනවා. අන්තිමට ඔහුට ඈ කෙරෙහි උපන්නෙත් කේන්තියක්. විටෙක ඒ කේන්තිය යටපත් වී ඈ කෙරෙහි අනුකම්පාවක් මුසු වූ හැඟීම් මාලාවක් නිර්මලගේ හිතේ පැළපදියම් වෙනවා. මාසයක් දෙකක් ගතවෙන විට නිර්මලට දරුවන් දෙන්නා හෝ බිරිය හෝ විතරක් නෙවෙයි කාර්යාලයේ සෙසු ලොකු පුංචි නිලධාරීන් පවා පේන්න බැරි තත්ත්වයක් ඇති වුණා. විටෙක දරුවන් දෙන්නා කෙරෙහි ඔහු තුළ පවතින ආදරය ස්නේහය වැඩිවෙද්දී දයානි කෙරෙහි කෝපයක් මතු වෙනවා. අම්මා තාත්තා නිසා තමාට දයානි අහිමි වූ බවත් ඒ හින්දා වෙනත් පුද්ගලයකු හා විවාහ වීමට ඈට සිද්ධවී කනවැන්දුන් කතක් වීමට සිද්ධ වෙච්චි බවත් සිහියට නැෙඟත්ම ඈ වෙත යළි කරුණාවේ දයාවේ හැඟීම් බුරුතු පිටින් මතුවෙනවා. ඒත් එක්කම බිරිය හිතට කඩා වදිනවා. ඇගේ නිවසේ සිට පාසල් යද්දී අක්ක නගෝ දෙන්නා තමා වෙනුවෙන් ඇති කර ගත්තු ගැටුම් හිතේ ඇඳෙන කොට නිර්මලට බිරිය කෙරෙහි ඇති වෙන්නෙ ලොකු ආදරයක්. බිරියගෙ ආදරයට ස්නේහයට ස්වාමි භක්තියට තමා ද්‍රෝහීවූවා නොවේද යන හැඟීම් ප‍්‍රබලව මතුවෙද්දි ඔහු මානසිකව විඳින පීඩාව දරා ගන්න බැරි තරම්. ඔහුට තමා කරන්නේ කියන්නේ කුමක්දැ යි යන්නවත් තේරුම් ගැනීමත් අපහසු වුණා. කායිකව මෙන්ම මානසිකව ද ඔහු නිතරම වින්දෙ ලොකු පීඩාවක්. එය දැන් දැන් ඔහුට දරා ගන්න හරිම අපහසුයි.

අන්තිමට මේ පීඩාවෙන් මිදෙන්න කිසිවකුට නො දැනෙන පරිද්දෙන් හුදකලාව ම ගොස් මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න ඔහු කල්පනා කළා . වෛද්‍යවරයා ඔහු කී කතාවට සාවධානව කන් දුන්නා. ඔහු විශාදයෙන් පෙළෙන බව ස්වකීය අත්දැකීම්වලින් වටහා ගත්තු මනෝ වෛද්‍ය විශේෂඥවරයා මාස ගණනාවකට සරිලන සේ ඖෂධ නියම කළේ මාසිකව පැමිණීමට ද උපදෙස් දෙමින්. මේ තත්ත්වයෙන් මිදී යළි ස්වකීය දෛනික වැඩ රාජකාරි නිසි රිසි සේ කරමින් සාර්ථකව විවා දිවිය නිර්මල ගත කරන්නෙ මනෝ වෛද්‍ය උපදෙස් ද අඩුවක් නැතිව පිළිපැද්ද හින්දා.

සුගතපාල මැන්දිස්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2018 06:36 AM

purasthiපුරස්‌ථිත ග්‍රන්ථිය ඉදිමෙන්නේ ඇයි?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - පිරිමියකු මහලු වියට පත්වන විට පුරස්‌ථිත ග්‍රන්ථිය ඉදිමීම සුලබ සහ සාමාන්‍ය තත්ත්වයක්‌. මෙය කෙතරම් සාමාන්‍යද යත් කෙනෙකු මහලු වන අතර හිසකෙස්‌ සුදු වීමත්, පුරස්‌ථිතය ඉදිමීමත් සිදුවන බවට කියමනක්‌ පවා තිබෙනවා. වයස අවුරුදු 60 ආසන්න වන පිරිමින්ගෙන් 50% කට මේ රෝගය තිබෙනවා. වයස 85 වන පිරිමින්ගෙන් 90% කට මෙය හටගන්නවා. පිරිමින්ගේ මුත්‍ර වහනය සිදු වන්නේ මුත්‍රා බොක්‌කේ සිට මුත්‍ර වාහිනිය ඔස්‌සේ. පුරස්‌ථිතය මැදින් තමයි මුත්‍රා වාහිනිය ගමන් කරන්නේ. පුරස්‌ථිතය ඉදිමෙන්නට පටන් ගත් විට ක්‍රමයෙන් මුත්‍රවාහිනිය තෙරපෙන්නට පටන් ගන්නවා. මේ නිසා මුත්‍ර වහනයට බාධා ඇතිවෙනවා.

පුරස්‌ථිතය ඉදිමෙන්නට පටන් ගත්තාම එහි සෛල ප්‍රමාණයෙන් ඉහළ යන්නට පටන් ගන්නවා. එතකොට නිsසි පරිදි මුත්‍රා පිටකර ගැනීමට බැරිව රෝගියා පීඩා විඳින අතර මුත්‍රා පිටකිරීම තටමමින් කිරීමට සිදුවෙනවා. වෙනදා රාත්‍රියට එක්‌ වරක්‌ පමණක්‌ මුත්‍රා කරන කෙනෙකුට දහ දොළොස්‌ වතාවක්‌ අවදි වෙමින් මුත්‍රා බැහැර කරන්නට සිදුවෙනවා. ඒ එක්‌කම මුත්‍රා බොක්‌කේ මාංශ පේෂි ඝනකම් වීමටත් දැඩි වීමටත් පටන් ගන්නවා. මේ සියලු කරුණු නිසා පුරස්‌ථිත ග්‍රන්ථිය ඉදිමුණ කෙනෙක්‌ මුත්‍රා කරන විට මුත්‍රා බොක්‌ක සම්පූර්ණයෙන් ම හිස්‌ වන්නේ නැහැ.

පුරස්‌ථිතය ඉදිමීමේ රෝග ලක්‍ෂණ පහත සඳහන් වෙනවා.

1. මුත්‍රා පිට කිරීමේදී මුත්‍රා ධාරාව ඉතා සෙමින් දුර්වල ලෙස ගලා යැම.

2. මුත්‍රා බොක්‌ක සම්පූර්ණයෙන් හිස්‌ නොවූ බවට දැනීමක්‌ සහ හැඟීමක්‌ හට ගැනීම.

3. මුත්‍රා පහ කිරීම පටන් ගැනීමට දුෂ්කර වීම.

4. නිතර නිතර මුත්‍රා පහ කිරීමට සිදුවීම.

5. මුත්‍ර පහ කිරීමේ හදිසි අවශ්‍යතා මතුවීම.

6. රාත්‍රි කාලයේදී නිතර නිතර අවදි වෙමින් මුත්‍ර පහ කිරීම.

7. මුත්‍ර පහ කිරීමෙන් විනාඩි කිහිපයකට පසු නැවතත් එම අවශ්‍යතාව හට ගැනීම.

purasthi1ප්‍රශ්නය - මෙහි අවදානමක්‌ තිබෙනවද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ස්‌ථිර වශයෙන් ම තිබෙනවා. මුත්‍රා බොක්‌ක තුළ මුත්‍ර එකතු වී දිගින් දිගටම තිබුණාම මුත්‍ර මාර්ගයේ ආසාදන ඇති විය හැකියි. ඉන් පසු මුත්‍රා බොක්‌කේ ගල් හට ගැනීමේ අවදානමක්‌ ඇති වෙනවා. මුත්‍ර සමඟ රුධිරය එකතු වීම සහ උග්‍ර මුත්‍ර අඩස්‌සියක්‌ ඇති විය හැකියි. මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය විය හැක්‌කේ මුත්‍ර බොක්‌ක සහ වකුගඩු හානියට පත් වීමයි.

ප්‍රශ්නය - පුරස්‌ථිත ග්‍රන්ථි ශරීරයට අත්‍යවශ්‍ය ද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - පිරිමියකුගේ ලිංගික ජීවිතයේ වැදගත්ම කාර්යභාරයක්‌ ඉටු කරන ඉJද්‍රියක්‌ ලෙස පුරස්‌ථිතය සලකන්නට පුළුවන්.

ශුක්‍ර නිෂ්පාදනය වීම වෘෂණ කෝෂ තුළ සිදුවන අතර එය පුරුෂ ලිංගයෙන් බැහැරට ගෙන යන ශුක්‍ර තරලය නිෂ්පාදනය කරන්නේ පුරස්‌ථික ග්‍රන්ථිය මගිනුයි. පිරිමියෙක්‌ ක්‍රමයෙන් වැඩිවියට පත්වන අතර අවස්‌ථා දෙකකදී පුරස්‌ථිත ග්‍රන්ථිය වර්ධනය වෙනවා. මුලින්ම නව යොවුන් වියේදී පුරස්‌ථිකය දෙගුණ වෙනවා. පසුව අවුරුදු 25 දී පමණ නැවත එය වර්ධනය වෙනවා. ඉන්දියානු ආයුර්වේදයේ එන හැටියට පුරස්‌ථිත ග්‍රන්ථිය ඉදිමීම සමනය කිරීම සඳහා වට්‌ටක්‌කා ඇට ඉතා හොඳ ඖෂධයක්‌. දිනකට දෙවරක්‌ කැරට්‌ යුෂ මිලි ලීටර් 500 බැගින් හෝ නිවිති යුෂ මි. ලී. 200 ක්‌ සහ කැරට්‌ යුෂ මි. ලී. 300 ක්‌ මිශ්‍රකර පානය කිරීමෙන් හෝ පුරස්‌ථිකය ඉදිමීම වළක්‌වා ගත හැකිය. වට්‌ටක්‌කා ඇට නම්, වියළා ග්‍රෑම් 90 ක්‌ පමණ කුඩුකර එළවළු සමඟ මිශ්‍ර කර අනුභව කළ යුතුයි.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2018 06:38 AM

katilageප්‍රශ්නය - වැහැරුණු, ඉරුණු හෝ ගෙවුණු කාටිලේජයක්‌ යළි අලුත්වැඩියා කළ හැකිද? පසුගිය සති කිහිපය තුළ අප කතා කළේ එම කාරණය ගැනයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ සෙසු ගෙවී යන පටක සතු අලුත්වැඩියාවට පත්වීමේ හැකියාව කාටිලේජ වලට නැහැ. ඒ වගේම කාටිලේජයකට තුවාලයක්‌ සිදුÊවුණාම එයට ප්‍රතිකාර නොකළොත් ඉතාම ඉක්‌මනින් මුළු කාටිලේජය පුරාම පැතිර යනවා. එහෙම නේද?

වෛද්‍ය වසන්ත උදයජීව - කාටිලේජයේ වැඩි හරිය නිර්මාණය වී තිබෙන්නේ කොලැජන් නමැති ප්‍රොaටීනයෙන්. යම් ක්‍රමවේදයක්‌ තිබෙනවා නම් කොලැජන් යළි වර්ධනය කරන්නට කාටිලේජය හරිගස්‌සන්නට පුළුවන්.

ප්‍රශ්නය - එවැනි කාටිලේජ වර්ධක තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය තුළ ඕනෑ තරම් තිබෙනවා. මෑකරල්, බෝංචි, මුංඇට වැනි රනිල භෝගවල ඕනෑ තරම් තිබෙනවා කාටිලේජ වර්ධක. ඊට අමතරව බිත්තර, සෝයා බෝංචි, කජු, රටකජු, ජෙලි වැනි ද්‍රව්‍යවලිනුත් කාටිලේජ වර්ධනය කර ගන්නට පුළුවන්. විටමින් C බහුලව තිබෙන පලතුරුවලට හැකියි, කාටිලේජ වර්ධනය වීමේ ක්‍රමවේදය ආරක්‍ෂා කරන්නට. දෙළුම්වලත් තිබෙනවා. කාටිලේජ වර්ධනය කරන විශේෂ ගුණයක්‌.

ප්‍රශ්නය - කාටිලේජ වැහැරීමත් සමඟම ඒවා දෙපස තිබෙන අස්‌ථි එකිනෙක ගැටෙන්නට පටන් ගන්නවා. මේ තත්ත්වය නැති කර ගන්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය සතුව තිබෙනවා සාම්ප්‍රදායික තෙල් වර්ග රැසක්‌. මේ තෙල් වලට පුළුවන් ලිහිස්‌සි තෙල් වශයෙන් ක්‍රියා කරමින් කාටිලේජ අතර ඝර්ෂණය වළක්‌වන්නට. ඒ අතර ආයුර්වේදය සහ දේශීය වෙදකම යන දෙකම සම්මිශ්‍රණය කර අප නිපදවපු විශේෂ තෙල් වර්ග කිsහිපයකුත් තිබෙනවා. ඒ එක්‌කම කාටිලේජ වර්ධනය කරන කසාය වර්ග කිහිපයක්‌ම ආයුර්වේදයේ එනවා. මහලු අයගේ කාටිලේජ වර්ධනය කිරීම දුෂ්කරයි. එහෙත් ඒවා පවා වර්ධනය කළ හැකි ඖෂධ ආයුර්වේදයේ තිබෙන බව අමතක නොකළ යුතුයි.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

katilage1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2018 06:39 AM

heartප්‍රශ්නය - හෘද රෝගීනට ගිතෙල් වලින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව අප ඔබ සමග වරක්‌ සාකච්ඡා කළා. එවැනි තවත් ඖෂධීය ශාක වර්ග තිබෙනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - -සුදුලූනු දොඩම්, නිවිති, සුපිරි වෙළඳසල්වල තිබෙන Broccoli බතල, නැවුම් පළතුරු, නැවුම් එළවළු, රතු ලූනු සහ ලොකු ලූනු, කොකෝවා සහ චොකලට්‌ හෘදයාබාධ නිවාරණයට ඉතාම සුදුසුයි.

ප්‍රශ්නය - ඒවා ඉතාම සුදුසු ආහාර ලෙස හඳුනාගෙන තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - Coronoary artery රෝගය කියල හෘද රෝගයක්‌ තිබෙනවා. මෙයට සිංහලෙන් කියන්නෙ කිරීට ධමනි රෝගය කියලයි. මෙහිදී හෘදයේ කිරීට ධමනිය අවහිර වෙනවා.

එවිට හෘදය තුළට ප්‍රමාණවත් තරම් රුධිරය සහ ඔක්‌සිජන් ගමන් කරන්නෙ නැහැ. ඊළඟට තිබෙනවා රුධිරයේ ස්‌පන්දන රිද්මය වෙනස්‌ වීමේ රෝගයක්‌. හෘදයේ ක්‍රියාවලිය අත්හිටුවීම, හෘද කපාට රෝගය, හෘද පේෂී රෝගය උපතේ සිටම හෘදය දුර්වල වීම යන රෝග තිබෙනවා. මේ රෝග සියල්ලටම වඩාත් හොඳ ප්‍රතිකාරය තමයි ඉහත සඳහන් කළ ශාක අතරින් සුදුලූනු.

ප්‍රශ්නය - සුදුලූනුවල තිබෙන සුවිශේෂ ගුණය විස්‌තර කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - Allium sativum ලෙස හැඳින්වෙන සුදුලූණු දියුණු ලෝකය විසින් හඳුන්වනු ලබන්නේ සුපිරි ආහාරයක්‌ ලෙසයි. නවීන විද්‍යාඥයන්ගේ පොදු මතයක්‌ තමයි ලොව වැඩිම ඖෂධීය ගුණය කහවලින් ලැබෙන බව. දෙවැනි තැන හිමිවන්නේ සුදුලූනුවලටයි. සුදුලූනු තරම් පර්යේෂණවලට ලක්‌වූ වෙනත් ශාකයක්‌ නැති තරම්. මේ මොහොතවන විට සුදුලූනු ගැන පර්යේෂණ 5100 ක්‌ පමණ යුරෝපීයයන් සිදුකර තිබෙනවා. ආඝාතය, පිළිකාව, ආසාදන ඇතුළු රෝග ගණනාවක්‌ සුව කරන්නට අවශ්‍ය ද්‍රව්‍ය සුදුලූනුවල තිබෙනවා. ඇමරිකාවේ ජාතික පිළිකා පර්යේෂණ ආයතනය පසුගිය දශක ගණනාව පුරාම පිළිකාව ගැන පර්යේෂණ කළා. පිළිකා රෝගීන් විසින් පරිභෝජනය කළ යුතු බවට ඔවුන් නිල වශයෙන් නිර්දේශ කළ එකම ආහාරය තමයි සුදුලූනු. හෘදයාබාධයක්‌ හට ගැනීමට රුධිර නාල අවහිර වීම ක්‍රම කිහිපයක්‌ මගින් සිදුවෙනවා. පළමුවෙන්ම නාලවල කොලෙස්‌ටරෝල් බැඳෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් කැල්සියම් බැඳෙන්න පුලුවන්. රුධිර කැටියක්‌ හිරවෙන්න පුලුවන්. මේ කොයි ක්‍රියාවේදිත් හදවත බේරාගන්න පුලුවන් ඖෂධ සුදුලූනු යොදාගෙන නිපදවන්න පුලුවන්. එය බටහිර විද්‍යාව පවා පිළිගන්නා සත්‍යයක්‌.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

heart1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2018 06:40 AM

earප්‍රශ්නයඃ- කනට වැළෙදන සෙසු රෝග මොනවාද?

ආචාර්ය වෛද්‍ය ශ්‍රියානි පීරිස්‌ - සමහරුන්ගේ කන් නිතරම කසනවා. මෙහෙම දිගින් දිගටම කසන විට කනෙන් කිසියම් දියරයක්‌ ගලනවා. මෙය සිදුවන්නේ කන තුළ දිළීර තත්ත්වයක්‌ හට ගත් විටයි. මෙවැනි තත්ත්වයක්‌ තිබෙන විට කන තුළින් දුඟදක්‌ හමනවා. පරණ පාන් වතුරේ පොඟවලා දවසක්‌ විතර තැබුවාම එන ගඳට මේ ගඳ සමානයි. විවිධ හේතු මත මේ දිලීර හටගන්නවා. සමහර විට ඔලුවේ හිස්‌ සොරි තිබුණාමත් කනේ පුස්‌ හටගන්නවා. ඒ හිස්‌සොරි කන ඇතුලට ගිහින් තැන්පත් වන නිසයි. ඒ වගේම දියවැඩියා රෝගීන්ටත් කනේ පුස්‌ වර්ග හට ගන්නවා. කෙනෙක්‌ කන කසන විට එය තුළට විවිධ දේවල් ඇතුළු කරනවා නම් ඒ මගින් අවට පරිසරයේ තිබෙන පුස්‌ වර්ග කන තුළට ගිහින් තැන්පත් වෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් කන ඇතුළට දමලා කන කසද්දී කනේ ඇතුල් ස්‌ථරය තුවාල වෙනවා. එතකොට ඒ තුවාල වූ තැන පුස්‌ හට ගන්නටත් පුළුවන්. ආයුර්වේදයෙ එනවා කර්ණ කණ්‌ඩු කියලා තත්ත්වයක්‌. කන තුළ හටගන්නා දිලීර තත්ත්වය තමයි මෙයින් හඳුන්වන්නේ. මේ දිලීර සුදු පාටට තියෙන්නත් පුළුවන්. කළු පාටට තියෙන්නත් පුළුවන්.

මේ අතර පිට කනේ බිත්තිවල හට ගන්නවා කුඩා තුවාල විශේෂයක්‌. අප මේවා හඳුන්වන්නේ කර්ණ විද්‍රධි කියලයි. මෙය ඉතාම වේදනා සහගත තත්ත්වයක්‌. මෙවැනි රෝග තත්ත්යක්‌ තුළ කන අල්ලන්නටවත් බැරිවන තරමට රිදෙනවා.

මෙහිදී තවත් වැදගත් දෙයක්‌ කිව යුතුයි. ඒ කනේ සැරව ගැලීම ගැනයි. මෙහි අවස්‌ථා දෙකක්‌ තිබෙනවා. පළමුවැන්න තමයි කන තුළ සැරව හට ගත්තත් පිටතට නොගැලීම. එයට හේතුව කන් බෙරය හිල්වුණොත් තමයි සැරව පිටතට ගලාගෙන එන්නේ. ඒ කියන්නේ ඇතුළෙන් පිටට සැරව ගැලීම. බාහිර කනේ මොනවා හරි ප්‍රශ්නයක්‌ වුණොත් සැරව පිටට ගලනවා. ඒ එක්‌කම තවත් වැදගත් දෙයක්‌ තමයි කුඩා දරුවන්ගේ දීර්ඝ කාලීන උගුරේ ආසාදන. උගුර සහ කන අතර සම්බන්ධයක්‌ තිබෙනව බව මා මීට පෙර සතියක කිව්වා. එය හටගන්නේ යුස්‌ටේකීය නාලය හරහා. ඉතින් මේ යුස්‌ටේකීය නාලය හරහා මැද කනේ සෙම එකතු වෙනවා. ඊළඟට කල්ගත වෙද්දී එතැන ආසාදනයක්‌ ඇති වෙනවා. කර්ණ පටලය නොරාගෙන ඇවිත් පුපුරනවා. එවිට මැද කනේ සිට දියර පිටතට එනවා. මෙය ඉතා පරෙස්‌සමින් සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්‌. මැද කනේ සෙම එකතු වුණාමත් ලොකු වේදනාවක්‌ හට ගන්නවා. රෝගියාගේ කුස පිරුණ තත්ත්යක්‌ එනවා. ශ්‍රව්‍ය දුර්වල වෙනවා. මන්ද යත් යුස්‌ටේකීය නාලය අවහිර වීමයි.

ලබන සතියේදී බිහිරි භාවය ඇති වීමට හේතු

ලබන සතියට

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ear1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2018 06:43 AM

handප්‍රශ්නය :- මෙයට තෙසතියකට පමණ පෙර අප ඔබ සමඟ සාකච්ඡා කළා Carpal Tunnel Syndrome කියන රෝග තත්ත්වය ගැන. මෙහිදී සිදුවන්නේ අතේ මැණික්‌ කටුව හරහා ගමන් කරන ස්‌නායු හිර වී අත හිරිවැටී පණ නැති වී යැමයි. මුලදී මහපට ඇඟිල්ල දබරැඟිල්ල සහ මැද ඇඟිල්ල යන තුනේ තුඩුවල හටගන්නා හිරියකින් මේ රෝගය පටන්ගන්නා බව අප පැහැදිලි කළා. ඊළඟට අත සම්පූර්ණයෙන්ම පණ නැතිව යනවා. මෙය අත් දෙකටම හැදෙනවාද?

වෛද්‍ය ආර් කේ. වීරසේකර :- ඔව්. ඒ විතරක්‌ නොවෙයි අත් දෙකම අකර්මන්‍ය වීමේ අවදානමකුත් එනවා. එය එක පැත්තක්‌. ඊළඟ කාරණය තමයි මෙය වැළඳෙන්නේ කාටද කියන එක. අත් දෙකම නිතරම පරිහරණය කරන හිසකෙස්‌ සැකසුම්කරුවන්ට, රියෑදුරන්ට, ගෘහණියට, පෙදෙරේරුවන්ට, කරණවෑමියන්ට මේ රෝගය බහුලව වැළඳීමේ ඉඩකඩ තිබෙනවා.

ප්‍රශ්නය :- මෙහි රෝග ලක්‍ෂණ දිගටම තිබෙනවාද?

වෛද්‍ය ආර්. කේ. වීරසේකර - මුලින්ම රෝග ලක්‍ෂණ හටගන්නේ රාත්‍රි කාලයේදී. එයට හේතුවන කාරණයක්‌ තිබෙනවා. දවස පුරාම දැතින් වැඩකරන කෙනකු විවේක ගන්නේ රාත්‍රි කාලයට. ඒ වනවිට අත්වල ස්‌නායු හොඳටම මහන්සි වෙලා. මෙන්න මේ වෙලාවට රෝග ලක්‍ෂණ පිටදාන්නට පටන් ගන්නවා. අත් හිරි වැටෙන බව රෝගියාට නියම විදියට දැනෙන්නේ එවිටයි. උදේ වනවිට ස්‌නායු ලිහිල් වෙනවා. ඒ පැය කිහිපයක්‌ වැඩ නොකර විවේකීව ස්‌නායු තබා ගන්නට හැකි වූ නිසයි. යළි උදේ සිට වැඩ කරන්න පටන් ගත්තාම ස්‌නායු වෙහෙස වෙනවා. සවස්‌ වනවිට රෝග ලක්‍ෂණ මතුවෙනවා. මෙය තමයි රෝග ලක්‍ෂණ පිළිබඳ චක්‍රය.

ප්‍රශ්නය :- දීර්ඝ වශයෙන් දෙඅත් පරිහරණය කිරීම හැරුණු විට වෙනත් කවර හේතු නිසා ද මේ රෝගය හටගන්නේ?

වෛද්‍ය ආර්. කේ. වීරසේකර :- ස්‌ථුලභාවය එක හේතුවක්‌. රුමැටික්‌ ආත්‍රයිටීස්‌ රෝගය ඊළඟ හේතුව. තයිරොයිඩ් ග්‍රන්ථියේ හටගන්නා සංකූලතා නිසාත් මෙය හටගන්නවා. ඇතැම් දියවැඩියා රෝගීන්ටත් මේ රෝගය ඇතිවෙනවා. පරිගණකයේ දිගු වෙලාවක්‌ සිටින සහ අධික ලෙස කම්පනය වන උපකරණ පාවිච්චි කරන අයටත් මෙය වැළඳෙන්නට පුළුවන්.

ප්‍රශ්නය :- මේ රෝගය නිශ්චය කරන්නේ කොහොමද?

වෛද්‍ය ආර්. කේ. වීරසේකර :- Electrodiagnostic පරීක්‍ෂණය කියන පරීක්‍ෂණය මගින් මේ රෝගය හඳුනාගන්නට බටහිර විද්‍යාවට පුළුවන්. ආයුර්වේදය මගින් මෙය හඳුනාගන්නේ නාඩි බැලීම ආශ්‍රයෙන්.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

hand1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 27 of 35 << < 2526272829 > >>